Category: සුපිරි News

  • ශ්‍රී ලංකාව තුළ කොවිඩ් ශීඝ්‍රයෙන් පැතිරීම වළක්වා ගත හැකිද?

    ශ්‍රී ලංකාව තුළ කොවිඩ් ශීඝ්‍රයෙන් පැතිරීම වළක්වා ගත හැකිද?

    කොරෝනා වෛරසය ඉතාමත් ශීඝ්‍රයෙන් රට පුරා පැතිර යාමත් සමගම රජය විසින් නව පියවර කිහිපයක් ක්‍රියාත්මක කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

    තමන් ගමන් ගන්නා පොදු ප්‍රවාහන සේවා බස්රථ වල අංක සටහන් කර තබාගන්නැයි මේ අතර රජය හා සෞඛ්‍ය බලධාරීහු ජනතාවගෙන් ඉල්ලා සිටිති.

    පෑලියගොඩ මාළු වෙළෙඳපොලේ කොරෝනාවෛරස් ආසාදිතයින් පොදු ප්‍රවාහන සේවා රැසක ගමන් කර ඇති බවට තොරතුරු ලැබී ඇති බැවින් ඔවුන් ගමන් ගත් පොදු ප්‍රවාහන සේවා බස් රථ හඳුනාගෙන ඒවායේ අංක ප්‍රසිද්ධ කළ විට එම බස් රථවල ගමන් ගත් අනෙකුත් පුද්ගලයන් වහාම නිරෝධායනය වෙත යොමුවන ලෙස ඉල්ලා සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

    මගීන් ගේ පහසුව සඳහා එම අංකය ස්ථාන කිහිපයක පැහැදිලිව දක්වන ලෙස බස් හිමිකරුවන්ට ද දන්වා සිටි බවත් හෙතෙම පැවසීය.

    නිවසේ දී නිරෝධායනය

    මේ අතර නිවාස වල නිරෝධායනය වන පුද්ගලයන් වෙනමම කාමරයක සිටිය යුතු බවත් එම නිවසේ අනෙකුත් පුද්ගලයන් සමග දුරස්ථභාවය රැකගත යුතු අතර එම නිරෝධායනය වන ස්ථානවල තවත් විශේෂ පත්‍රිකාවක් ඇලවීමට ද පියවර ගැනෙනු ඇති බවත් ඔහු පැවසීය. එම ස්ථානයට කිසිවෙකු පැමිණීම හා පිටවීම තහනම් කර ඇති අතර නිරෝධායන නීති දැඩිව ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බවත් එම නිරෝධායන නීති කඩකරන්නන්ගේ නිශ්චල හා චංචල දේපල නිරෝධායන නීතිය යටතේ මුද්‍රා තැබීමට හෝ පොලිසිය භාරයට ගැනීමට සිදුවන බවත් ඔහු පැවසීය.

    කෙසේ වුවත්, බ්‍රිතාන්‍යයේ දී කෝවිඩ්-19 රෝගීන්ට ප්‍රතිකාර කළ වෛද්‍යවරියක වන වෛද්‍ය තුෂ් වික්‍රමනායක සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රකාශයක් කරමින්, නිරෝධායනය වන පුද්ගලයන්ගේ නිවෙස්වල පත්‍රිකා ඇලවීමෙන් වලකින මෙන් බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබුණි.

    මිලිටරිකරණයෙන් නොව සෞඛ්‍ය ප්‍රවර්ධනයෙන් සමාජය පුරා පැතිර යමින් පවතින රෝගය පාලනය කළ යුතු බවට ද වෛද්‍ය තුෂ් වික්‍රමනායක යෝජනා කරයි.

    අඟහරුවාදා දිනය තුළ කොරෝනාවෛරසය වැළඳීමෙන් තිදෙනෙකු මිය ගිය අතර මෙතෙක් වාර්තා වූ ලාබාලම පුද්ගලයා වන 19 හැවිරිදි කොළඹ පදිංචි තරුණයෙකු ද ඒ අතර සිටියේය. එය එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව ද විය.

    මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ පළමු ආසාදිතයා ඔක්තෝබර් 03 වෙනි දින හඳුනා ගැනීමෙන් පසුව මෙරට වාර්තාවන කොරෝනා ආසාදිත පුද්ගලයන්ගේ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කිරීමත් සමග සෞඛ්‍ය අංශ මහජනතාවට කොරෝනා මර්ධන සෞඛ්‍ය නිර්දේශයන් නිසි අයුරින් පිළිපදින ලෙස ඉල්ලා සිටී.

    කොළඹ ජාතික රෝහලේ ප්‍රධාන හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යානි ද සොයිසා පවසන්නේ පහත ක්‍රියාදාමයන් අනුගමනය කිරීමෙන් කොරෝනා රෝගය ආසාදනය වීමෙන් වැලකී සිටිය හැකි බවය.

    • නිතරම නිසි ප්‍රමිතියෙන් යුතු පිරිසිදු මුඛ ආවරණ පළඳින්න.
    • අසනීප පුද්ගලයන් වෛද්‍ය මුඛ ආවරණයකුත් හොඳ සෞඛ්‍ය සම්පන්න පුද්ගලයින් තුන් පොට යෙදූ රෙදි මුඛ ආවරණයක් භාවිත කළ යුතුය.
    • තුන්පොට යෙදූ මුඛ ආවරණයක් ගෙදරදී වුව ද සාදාගත හැකි අතර එයට කපු රෙද්දක් කට පෙදෙසටත් කෘතිමව වියන ලද රෙදි කැබැල්ලක් මැද්දටත් පිටතට සිටින පැත්තට පොලියෙස්ටර් මිශ්‍රිත කපු රෙදි කැබැල්ලක් යොදා ගන්න.

    පුෂ්පා රම්‍යානි ද සොයිසා පැවසුවේ ලා වර්ණයෙන් යුත් මුඛ ආවරණයක් පාවිච්චි කිරීම තුළින් එය කිළුටු වීම ඉතා පහසුවෙන් හඳුනාගත හැකි බවය. මුඛ ආවරණය දිනපතා හොඳින් සබන් යොදා සෝදා ගැනීමෙන් අනතුරුව විනාඩියක් පමණ හොඳින් රස්නේ ඇති වතුර වලින් හෝ 0.1% ක්ලෝරීන් අඩංගු වතුරෙන් සෝදා ගැනීමෙන් විෂබිජහරණය කර ගත යුතු බවත් ඇය සඳහන් කළාය.

    ප්‍රධාන හෙද නිලධාරිනිය තවදුරටත් පවසන්නේ:

    • සමාජ දුරස්ථභාවය හැමවිටම පවත්වා ගැනීම
    • නිවසේ නිරෝධායනය වන පුද්ගලයින් සිටී නම් ඔවුන්ට උපස්ථාන කිරීමට එක් නිරෝගී පුද්ගලයකු පමණක් යොමු කරන්න. අනෙක් අය දුරස්ථභාවය රැකගෙන නිසි සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රම පිළිපැදීම
    • සෑම විටම අත හොඳින් සබන් යොදා හෝ සනීපාරක්ෂක ද්‍රාවන යොදා පිරිසිදු කිරීම
    • නිතරම මුහුණ, කට හා නාසය ඇල්ලීමෙන් වැලකි සිටීම
    • සංචරණය අවම කිරීම
    • අත්‍යවශ්‍ය කටයුත්තකට හැර නිවසින් බැහැර නොයාම
    • අධික සෙනග ගැවසෙන තැන්වලට නොයාම
    • ප්‍රතිශක්තිය වැඩිකරගැනීම
    • සෞඛ්‍ය සම්පන්න සමබර ආහාර භාවිතය
    • වතුර පානය කිරීම – වැඩිහිටි පුද්ගලයෙකු නම් දිනකට වීදුරු 8ත් 10ත් අතර ප්‍රමාණයක්.
    • හොඳින් නිදා ගැනීම හා අධිකව තෙහෙට්ටු නොවී විවේකීව සිටීම.
    • හොඳින් ව්‍යායාම වල නිරත වීම.
    • මත්පැන්/දුම්වැටි භාවිත නොකිරීම.
    • අදහන ආගමානුකුලව සතුටින් සිටීම.

    වැනි ක්‍රියා අනුගමනය කිරීම තුළින් කොරෝන වෛරසය ශරීරගත වීම අවම කර ගත හැකි බවය.

    කාලීන අවශ්‍යතාව සලකා මෙම සම්පූර්ණ ලිපියම බී.බී.සී සන්දේශය වෙබ් අඩවියෙන් උපුටා ගෙන කිසිම සංස්කරණයකින් තොරව පළ කරන ලදි – ප්‍රධාන සංස්කාරක

  • මොරටුව – පානදුර – හෝමාගමට ඇඳිරිනීතිය: නව ආසාදිතයින් 457ක්

    මොරටුව – පානදුර – හෝමාගමට ඇඳිරිනීතිය: නව ආසාදිතයින් 457ක්

    මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ්-19 පොකුරෙන් අද (27) පස්වරු 21.45 වන විට තවත් ආසාදිතයන් 164 දෙනකු වාර්තා වූ බවත් ඒ සමග අද දින වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව (ප.ව 21.45 වන විට) 457ක් බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් පස්වරු 21.45ට නිකුත් කළ නිවේදනයක සදහන් වේ.

    නිරෝධාන මද්‍යස්ථානවල සිටින 8 දෙනෙක් සහ ආශ්‍රිතයින් 156 ක් එම ආසාදිතයන් අතර වන බවයි එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ.

    මෙම නව ආසාදිතයින් සමග මේ දක්වා වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 5396 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

    මොරටුව – පානදුර – හෝමාගම ‍පොලිස් බල ප්‍රදේශවලට නැවත දැනුම් දෙනතුරු ඇඳිරිනීතිය

    මේ අතර වහාම ක්‍රියාත්මක වන පරිදි මොරටුව, පානදුර සහ හෝමාගම පොලිස් බල ප්‍රදේශවලට නැවත දැනුම්දෙන තුරු නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇතැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වී‍මේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරනවා.

  • ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයිකල් ආර්. පොම්පියෝ දිවයිනට පැමිණෙයි

    ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයිකල් ආර්. පොම්පියෝ දිවයිනට පැමිණෙයි

    ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයිකල් ආර්. පොම්පියෝ මහතා නවදිල්ලි නුවර සිට විශේෂ ගුවන් යානයකින් අද රාත්‍රී 7.35 ට කටුනායක ගුවන් තොටුපළ වෙත ළගා වූ බව විදේශ සබදතා අමාත්‍යාංශය කියයි.

    ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා මෙරටට පැමිණිමට පෙර ඉන්දියාවේ නිල සංචාරයක නිරත වූ අතර එම සංචාරය අවසන් කරමිනුයි ඔහු කටුනායක ගුවන් තොටුපළ වෙත ළගා වුයේ.

    විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කළ  ආරාධනයකට අනුව දිවයිනට පැමිණෙන ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා 28 වැනිදා දක්වා  රැඳී සිටීනු ඇති බව සදහන්වේ.

    මෙම සංචාරය අතරතුරදී, පොම්පියෝ මහතා හෙට ( 28) දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  සමඟ නිලවශයෙන් සාකච්ඡා පවත්වනු ලබන බවත් දෙරට අතර නියැලී ඇති බහු ආංශික කටයුතුවලට අදාළ ක්ෂේත්‍ර කිහිපයක් පිළිබඳව මෙම සාකච්ඡාවලදී අවධානය යොමු කෙරෙනු ඇති බවත් විදේශ අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටී.

    ජනාධිපතිවරයා හමුවීමෙන් පසු ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා හෙට (28) පෙරවරුවේ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවී නිල සාකච්ඡා පවත්වන අතර ඉන්පසුව අමාත්‍යවරයා සහ ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පවත්වන බව ද විදේෂ සබදතා අමාත්‍යාංශය කියා සිටී.

    එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ ධූර කාලය තුළදී ශ්‍රී ලංකාවට පැමිණෙන එක්සත් ජනපදයේ ඉහළම මට්ටමේ සම්භාවනීය අමුත්තා රාජ්‍ය ලේකම් පොම්පියෝ මහතා වේ.

  • බ්‍රැන්ඩික්ස් Covid-19 පොකුර ගැන නීතිපති නියෝගයෙන් විමර්ශනයක්

    බ්‍රැන්ඩික්ස් Covid-19 පොකුර ගැන නීතිපති නියෝගයෙන් විමර්ශනයක්

    අපරාධ නඩු විධාන සංග්‍රහයේ 393 2වගන්තිය ප්‍රකාරව ගරු නීතිපතිතුමා වෙත පැවරී ඇති බලතල අනුව වහාම අපරාධ විමර්ශනයක් ආරම්භ ලෙසට උපදෙස් ලබාදුන්නා – රජයේ අධි නීතිඥ නිශාරා ජයරත්න

    ‘බ්‍රැන්ඩික්ස් කොවිඩ් -19 වසංගත පොකුර නිසා මිනිස් ජීවිතයට සිදුවී ඇති අන්තරාදායක තත්ත්වය සම්බන්ධයෙන් ගරු නීතිපතිතුමාගේ අවදානය යොමු වුණා. ඒ අනුව අද දින (27) නියෝජ්‍ය පොලිස්පති නීති කොට්ඨාසය අජිත් රෝහණ සමග ගරු නීතිපතිතුමා සම්මුඛ සාකච්ඡාවක් පවත්වා අදාළ උපදෙස් ද ලබාදීමක් සිදුකළා

    නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී, රජයේ අධි නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් සදහන් කළා.

    මෙහිදී වැඩි දුරටත් කරුණු දැක්වූ නිශාරා ජයරත්න මෙනෙවිය කියා සිටියේ බ්‍රැන්ඩික්ස් කොවිඩ් -19 වසංගත තත්ත්වය පැතිරයාමට එම ආයතනය පාලකයින්ගේ නියෝජිතයින්ගේ සෘජු නොසැලකිල්ල හෝ අපරික්ෂාකාරීත්වය හෝ රජයේ නිලධාරියෙකුගේ හෝ නිලධාරීන්ගේ නොසැලකිල්ල හෝ අපරික්ෂාකාරීත්වය කවර ආකාරයකින් දායක වී ඇත්තේ දැයි යන්න සම්බන්ධයෙන් අවධානයනය යොමුකළ යුතු බවට නීතිපතිවරයා විසින් නියෝජ්‍ය පොලිස්පතිවරයාට උපදෙස් ලබාදීමක් සිදුකළ බවයි.

    නිශාරා ජයරත්න මෙනෙවිය මෙසේද පැවසුවාය.

     ‘අපරාධ නඩු විධාන සංග්‍රහයේ 393 2වගන්තිය ප්‍රකාරව ගරු නීතිපතිතුමා වෙත පැවරී ඇති බලතල අනුව වහාම අපරාධ විමර්ශනයක් ආරම්භ ලෙසට උපදෙස් ලබාදුන්නා. දණ්ඩනීති සංග්‍රහයේ වරදවල් හෝ නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥාපනත යටතේ වරදවල්  අනාවරණය වන්නේද යන්න සොයා බලා වාර්තාකරන ලෙසටත් දැන්නුවා. එසේම ඉහත කාරණා විමර්ශනය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත පළපුරුදු විමර්ශන කාණ්ඩායමක් තෝරා පත්කරගන්නා ලෙසටත් ගරු නීතිපතිතුමා උපදෙස් ලබාදුන්නා. ඒ සම්බන්ධයෙන් මූලික ප්‍රගති වාර්තාවක් නොවැම්බර් මස 13 වන දිනට පෙර ගරු නීතිපතිතුමාට ලබා දෙන ලෙසට වැඩබලන පොලිස්පතිවරයාට ගරු නීතිපතිතුමා විසින් අද දින ලිඛිත උපදෙස් දීමක් සිදුකළා.“

  • Covid-19 Hot: තවත් මරණ 02ක් – මුළු මරණ සංඛ්‍යාව 19 දක්වා ඉහළට

    Covid-19 Hot: තවත් මරණ 02ක් – මුළු මරණ සංඛ්‍යාව 19 දක්වා ඉහළට

    අද දිනය (27) තුළ සිදු වූ දෙවැනි සහ තෙවැනි කොවිඩ් ආසාදිත මරණත් කොළඹ ජාතික රෝහලෙන් වාර්තා වෙනවා. මියගොස් ඇත්තේ, කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටි වයස අවුරුදු 87 ක කාන්තාවක් සහ වයස අවුරුදු 19 ක තරුණයෙක් බව කොළඹ ජාතික රෝහල් ආරංචි මාර්ග සදහන් කළේ.

    මියගිය කාන්තාව පාදයේ ආබාධ තත්ත්වයෙන් පසුවී ඇති අතර සතියක පමණ කාලයක් රෝගී වී සිට ඇති බවත් මියගිය 19 හැවිරිදි තරුණයා උපතින්ම ආබාධිත අයෙකු බවත් කොළඹ ජාතික රෝහල් ආරංචි මාර්ග සදහන් කළා.

    මේ මරණ දෙකත් සමග ලංකාවේ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 19 දක්වා ඉහළ යනවා. කෙසේ නමුත් මෙම මරණ දෙක වසංගත රෝග විද්‍යා අංශය විසින් නිල වශයෙන් තහවුරු කර නැහැ.

  • කොරෝනා බලපෑමට ලක් වූ ‘පුද්ගලික අංශයේ වැටුප්’ගෙවන්නේ මෙහෙමයි !

    කොරෝනා බලපෑමට ලක් වූ ‘පුද්ගලික අංශයේ වැටුප්’ගෙවන්නේ මෙහෙමයි !

    පෞද්ගලික අංශයේ ආයතනවල වැඩ නොමැතිකම හේතුවෙන් සේවකයින් නිවෙස්වල නැවැත්වීමේ අවශ්‍යතාවයක් මතුවෙලා තියෙනවා නම්, අවසානවරට ගෙවපු මූලික වැටුපෙන් සියයට 50ක් හෝ රුපියල් 14,500 කියන මුදලෙන් දෙකෙන් වැඩි එක නිවසේ රඳවා සිටින සේවකයින්ට ගෙවීමට‘

    පුද්ගලික අංශයේ සේවකයින්ට වැටුප් ගෙවීම සම්බන්ධයෙන් කාර්ය සාධක බලකාය තීරණය කර තිබෙන බව අද (27) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.

    මෙහිදී අමාත්‍යවරයා පැවසුවේ කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ඇතිවී ඇති අර්බුදය හමුවේ පුද්ගලික අංශයේ සේවකයින්ට වැටුප් ගෙවීම සම්බන්ධයෙන් කාර්ය සාධක බලකායක් පත්කර තිබෙන බවත් සේවා යෝජකයින්, සේවක වෘත්තීය සමිති, ජාතික කම්කරු උපදේශක සභාව, කම්කරු අමාත්‍යාංශය සහ කම්කරු දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් එය පත්කර ඇති බවත්ය.

    මෙහිදී එහිදී ගත් තීරණය පිළිබදව වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ අමාත්‍යවරයා,

    ‘ කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන්, පෞද්ගලික අංශයේ වැටුප් ගෙවීම් හමුවේ මතුවී ඇති අර්බුදය පිළිබඳ කාර්ය සාධක බලකායක් පත්කර තිබෙනවා. මේ කාර්ය සාධක බලකාය සදහා සේවා යෝජකයින්, සේවක වෘත්තීය සමිති, කම්කරු උපදේශක සභාව, කම්කරු අමාත්‍යාංශය සහ කම්කර් දෙපාර්තමේන්තුව සිය නියෝජනය ලබා දෙනවා.

    පසුගිය 2020 මැයි සිට සැප්තැම්බර් මාසය දක්වා පෞද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප් ගෙවීම සම්බන්ධයෙන්, කාර්ය සාධක බලකාය එකගතා කිහිපයක් ඇතිකර ගෙන තිබෙනවා. එහි, පළමු දෙය තමයි, කොවිඩ් – 19 වසංගත තත්ත්වය හේතුවෙන් වැඩ නවත්වන ලද ආයතනවල ඒ වන විට සේවය කරමින් සිටි සේවකයින්ගේ රැකියා අහිමි නොකර ඔවුන්ව පවත්වා ගෙන යෑම.

    දෙවැනි කාරණය, සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමේ අවශ්‍යතාවය මත සේවකයන්ගේ යම් ප්‍රතිශතයක් නම් සේවයට කැඳවන්නේ, ඒ සේවයට කැඳවන සේවකයින්ව සාමානුපාතිකව සේවයේ යෙදීමට සුදුසු ක්‍රමවේදයක් සකස් කරගැනීම.

    තෙවැනි කරුණ තමයි වැඩ නොමැතිකම සේවකයින් නිවෙස්වල නැවැත්වීමේ අවශ්‍යතාවයක් මතුවෙලා තියෙනවා නම්, අවසානවරට ගෙවපු මූලික වැටුපෙන් සියයට 50ක් හෝ රුපියල් 14,500 කියන මුදලෙන් දෙකෙන් වැඩි එක නිවසේ රඳවා සිටින සේවකයින්ට ගෙවීම. ඒ ගෙවන මුදලට අවශ්‍ය සේවක නියුක්ති භාරකාර අරමුදට හා සේවක අර්ථ සාධක අරමුදලට අවශ්‍ය ගෙවීම් සේවා යෝජකයන් විසින් සිදුකිරීම.

    කොවිඩ් වසංගතය මේ වන විටත් රටපුරා පැතිරෙමින් තිබෙන නිසා, 2020 දෙසැම්බර් දක්වාම මේ එකගතා ක්‍රියාත්මක කිරීමට කාර්ය සාධක බලකාව තීරණය කර තිබෙනවා‘ යැයි ද අමාත්‍යවරයා සදහන් කළේය.

  • 17 වැනි Covid-19 මරණය වාර්තාවෙයි

    17 වැනි Covid-19 මරණය වාර්තාවෙයි

    ශ්‍රී ලංකාවේ 17 වැනි කොවිඩ් ආසාදිත මරණය අද (27) ප.ව 1.30ට පමණ අයි.ඩී.එච්. රෝහලේදී සිදු වූ බව වසංගත රෝග විද්‍යා අංශය තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද ප.ව 01.35ට නිකුත් කළ නිවේදනයක සදහන් වේ. මෙසේ මිය ගොස් ඇත්තේ ජාඇළ ප්‍ර දේශයේ පදිංචි 41 වියැති පුද්ගලයෙක් බව ද එම වාර්තාවේ වැඩි දුරටත් සදහන් වේ.

  • Covid-19 Today Update: සම්පූර්ණ නිල වාර්තාව මෙන්න

    Covid-19 Today Update: සම්පූර්ණ නිල වාර්තාව මෙන්න

    අලුතින් හදුනාගෙන ඇතැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානය විසින් අද දින (27) පෙව. 05.30ට නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. එම නිල නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය.

  • උසස් පෙළ කඩයිම් ලකුණු නිකුත් වේ

    උසස් පෙළ කඩයිම් ලකුණු නිකුත් වේ

    2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ කඩයිම් ලකුණු මේ වන විට නිකුත් කර ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි. උසස් පෙළ කඩයිම් ලකුණු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ www.ugc.ac.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකිය.

  • Covid-19: ‘අධි අවදානම් කලාප’ ප්‍රකාශයට පත් කෙරේ

    Covid-19: ‘අධි අවදානම් කලාප’ ප්‍රකාශයට පත් කෙරේ

    කොවිඩ් ව්‍යාප්තිය සලකා බලා අධි අවදානම් කලාප 28 ක් ප්‍රකාශයට පත් කොට ඇතැයි, කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. ඒ දිස්ත්‍රික්ක තුනකට අදාලවයි. එම ප්‍රදේශ පහතින් දැක්වේ. 

    කොළඹ මහ නගර සභා බල ප්‍ර දේශය – නුගේගොඩ, බත්තරමුල්ල, කොලොන්නාව, කහතුඩුව, මොරටුව, කඩුවෙල.

    ගම්පහ දිස්ත්‍රික්කය, රාගම, මිනුවන්ගොඩ, වත්තල, දිවුලපිටිය, ජාඇල, ඒකල, කටාන, සීදුව, ගම්පහ, අත්තනගල්ල, වේයන්ගොඩ, කැළණිය, මහර, දොම්පේ, පූගොඩ, මීරිගම, බියගම, මීගමුව, කටුනායක

    කලුතර දිස්ත්‍රික්කයේ – මතුගම සහ වාද්දූව ද මෙම ලැයිස්තුවට අයත්.

  • ජනාධිපති කාර්යාල සේවා දැන් සන්නිවේදන මාධ්‍ය මගින්

    ජනාධිපති කාර්යාල සේවා දැන් සන්නිවේදන මාධ්‍ය මගින්

    දැන් උද්ගතව ඇති කොවිඩ් 19 ව්‍යාප්තිය හමුවේ සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් පරිදි දෛනික කාර්යාලීය සේවක සංඛ්‍යාව අවමය දක්වා සීමා කර තිබුණද ජනාධිපති කාර්යාලයෙන් මහජනතාවට සැපයෙන සේවා අඛණ්ඩව පවත්වාගෙන යනු ලැබේ.

    රෝගය පැතිරයාම පාලනය පිණිස පනවා තිබෙන සීමාවන් නිසා මහජනතාවට ජනාධිපති කාර්යාලයට පැමිණීමට ඇති අපහසුවද සැලකිල්ලට ගෙන දුරකථන, තැපෑල සහ විද්‍යුත් තැපෑල බඳු සන්නිවේදන මාර්ග ඔස්සේ ජනතා ඉල්ලීම් දැනුම් දීමටත්, ඉටු කිරීමටත් අවස්ථාව සලසා ඇත.

    ජනාධිපති කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශය, ඔම්බුඩ්ස්මන් කාර්යාලය සහ ජනාධිපති අරමුදල සමග පහත සඳහන් දුරකථන/ ෆැක්ස් අංක ඔස්සේ සම්බන්ධ වීමට පිළිවන.

    ජනාධිපති මහජන සම්බන්ධතා අංශය –    0114354550/ 0112354550
    Fax 011 2348855

    publicaffairs@presidentsoffice.lk

    ඔම්බුඩ්ස්මන් කාර්යාලය                   –    0112338073

    ombudsman@presidentsoffice.lk

    ජනාධිපති අරමුදල                           –    0112354354
    (දිගුව  4800/ 4814 / 4815 / 4818)
    Fax 011 233124 fundsecretary@presidentsoffice.lk

    ජනාධිපති මාධ්‍ය අංශය

  • PHI සංගමයෙනුත් දැඩි අනතුරු ඇගයීමක් !

    PHI සංගමයෙනුත් දැඩි අනතුරු ඇගයීමක් !

    ”අපිට මුලාශ්‍ර සොයාගත නොහැකි රෝගීන් කිහිප දෙනෙකුත් මෙ වෙද්දි වාර්තා වෙමින් තියෙනවා. ඒ නිසා මෙ තත්ත්වය ඉතාම භායානකයි. ඒ වගේම බස්නාහිර පළාතේ කොළඹ මහ නගර සභා සීමාවේ ඇතැම් ප්‍රදේශ මේ වෙද්දි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ඇතුළු සෞඛ්‍ය අංශයෙන් ගිලිහෙමින් පවතිනවා”

    Covid-19 ව්‍යාප්තියේ වත්මන් තත්ත්වය පැහැදිලි කිරීම සදහා අද (26) පැවැති මාධ්‍ය හමුවකදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මේ බව ප්‍රකාශ කළා.

    දිවුලපිටිය සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙදපොළ ආශ්‍රිත කොවිඩ් -19 රැල්ල ඉතා අවාසනාවන්ත තත්ත්වයකට පත්වෙමින් පවතින බවයි මෙහිදී උපුල් රෝහණ මහතා සදහන් කළේ.

    මෙහිදී වත්මන් කොවිඩ්-19 ව්‍යාප්තිය ගැන සිය ස්ථාවරය පැහැදිලි කළ උපුල් රෝහණ මහතා මෙසේද සදහන් කළා.

    ‘දිවුලපිටිය සහ මිනුවන්ගොඩ අශ්‍රිත කොවිඩ් 19 දෙවෙනි රැල්ල ලෙස සැලකෙන  වසංගත තත්ත්වය මේ වන විට ඉතාම අවාසනාවන්ත තත්ත්වයකට පත්වෙමින් තියෙනවා. පෑලියගොඩ ප්‍රදේශයෙන් වාර්තාවුණු අනුපොකුරේ රෝගීන් එක්ක මෙ පොකුරේ වාර්තාවුණු රෝගීන් දිවයින පුරාම විහිදී ඉන්නවා. එමෙන්ම ලංකාවේ අපිට මුලාශ්‍ර සොයාගත නොහැකි රෝගීන් කිහිපදෙනෙකුත් මෙ වෙද්දි වාර්තා වෙමින් තියෙනවා. ඒ නිසා මෙ තත්ත්වය ඉතාම භායානකයි. ඒ වගේම බස්නාහිර පළාතේ කොළඹ මහ නගර සභා සීමාවේ ඇතැම් ප්‍රදේශ මේ වෙද්දි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ඇතුළු සෞඛ්‍ය අංශයෙන් ගිලිහෙමින් පවතිනවා”

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මෙසේ ප්‍රකාශ කළත් වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද (26) පැවති කොවිඩ් ව්‍යාප්තිය පිළිබඳ ව දැනුවත් කිරීමේ මාධ්‍ය අවධාරණය කළේ කොවිඩ් සමාජගත වීමේ අවධානමක් මේ දක්වා නැති බවයි.

    සමාජගත වෙලා නැති නිසයි කියන්නේ සමාජගත වෙලා නැහැ කියලා, ගොඩක් අයට වුවමනාව ඇති මේක සමාජගත වෙලා කියලා කතන්දරේ අහගන්න. අපට වසංගත විද්‍යාත්මක සාධක නැතිනම් එහෙම දෙයක් කියන්න බෑ. අපිට එහෙම දෙයක් හංගලා වැඩකුත් නෑලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මේ රෝගයේ එක එක ලක්ෂණ හඳුන්වාදී ඇත්තේ ඒ අවස්ථාවේ දී මේ රෝගය වැළැක්වියුතු ආකාරය ගැන වෙනස්කමක් තියෙන නිසා. රෝගීන් පොකුරක් තිබෙන විට අපි කරන්නේ මේ ආසාදිතයින් හඹාගොස් රෝගය හඳුනාගැනීම සහ රෝග ව්‍යාප්තිය වැළැක්වීම. සමාජගත වුණාම ඊට වඩා වෙනස් ක්‍රමවේද අනුගමනය කරන්න වෙනවා. ඒ අවස්ථාවේ දී අපි දන්නේ නෑ රෝගීන් කොයි ප්‍රමාණයක් ඉන්නවාද කොහේ ඉන්නවාද කියලා. ඒ වගේ අවස්ථාවක දී අපට තියෙන්නේ රටේ තියෙන සම්පත් ප්‍රමාණය රෝගීන්ව පාලනය කිරීම සඳහා කලමනාකරණය කරන්න. ඉතින් ඒ අවස්ථා දෙක සම්පුර්ණයෙන් වෙනස් අවදි දෙකක්. දැන් මේ දක්වා අපිට හමුවන රෝගීන් සියලුදෙනා හමුවන්නේ මේ විදියට රෝගය හඹා ගිහිල්ලා අපි හඳුනාගන්නා ආශ්‍රිත රෝගීන් විදියට. එහෙම නැතුව බාහිර රෝගි අංශයට හෝ වෙනත් ප්‍රදේශවල අපි සිදුකරන අහඹු පරීකෂණවලින් අපිට රෝගීන් හමුවන්නේ නෑ. සමහර අවස්ථාවලදී අපිට රෝගීන් හමුවෙනවා OPD ඒකේදී නමුත් අපි බාහිර රෝගී අංශයෙදී අපි සොයාගන්නා ඒ රෝගීන්ගේ ඉතිහාසය ගතහොත් නැවත වතාවක් ඔවුන් මේ රෝගී පොකුරට සම්බන්ධයි. ඒ නිසා අපි තවමත් ඉන්නේ රෝගී පොකුරක. මම කලිනුත් කිව්වා වගේ මේ රෝගී පොකුර විශාලයි.

  • කොවිඩ් -19 ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් ගැන අලුත් සැලසුමක්

    කොවිඩ් -19 ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් ගැන අලුත් සැලසුමක්

    කොවිඩ් -19 ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් ඔවුන්ගේ නිවෙස් තුළ ම නිරෝධායනයට ලක් කිරීමට තීරණය කර තිබෙන බවත් එම වැඩපිළිවෙළ අද (26) දින සිට ක්‍රියාත්මක කරන බවත් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

  • ගොඩක් අයට වුවමනාව ඇති ‘මේක සමාජගත වෙලා’ කියලා අහගන්න

    ගොඩක් අයට වුවමනාව ඇති ‘මේක සමාජගත වෙලා’ කියලා අහගන්න

    සමාජ ව්‍යාප්තියක් අභියසට ලංකාව ඇවිත් තියෙනවා කිව්වොත් නිවැරදියි – වෛද්‍ය හරිත අලුත්ගේ

    “සමාජගත වෙලා නැති නිසයි කියන්නේ සමාජගත වෙලා නැහැ කියලා, ගොඩක් අයට වුවමනාව ඇති මේක සමාජගත වෙලා කියලා කතන්දරේ අහගන්න. අපට වසංගත විද්‍යාත්මක සාධක නැතිනම් එහෙම දෙයක් කියන්න බෑ. අපිට එහෙම දෙයක් හංගලා වැඩකුත් නෑ

    දැඩි ස්වරයෙන් ඉහත ප්‍රකාශය කළේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතායි.

    සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද (26) පැවති කොවිඩ් ව්‍යාප්තිය පිළිබඳ ව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවේදීයි සුදත් සමරවීර මහතා මේ බව අවධාරණය කළේ.

    මෙහිදී වත්මන් තත්ත්වය පිළිබදව වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා,

    ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මේ රෝගයේ එක එක ලක්ෂණ හඳුන්වාදී ඇත්තේ ඒ අවස්ථාවේ දී මේ රෝගය වැළැක්වියුතු ආකාරය ගැන වෙනස්කමක් තියෙන නිසා. රෝගීන් පොකුරක් තිබෙන විට අපි කරන්නේ මේ ආසාදිතයින් හඹාගොස් රෝගය හඳුනාගැනීම සහ රෝග ව්‍යාප්තිය වැළැක්වීම. සමාජගත වුණාම ඊට වඩා වෙනස් ක්‍රමවේද අනුගමනය කරන්න වෙනවා. ඒ අවස්ථාවේ දී අපි දන්නේ නෑ රෝගීන් කොයි ප්‍රමාණයක් ඉන්නවාද කොහේ ඉන්නවාද කියලා. ඒ වගේ අවස්ථාවක දී අපට තියෙන්නේ රටේ තියෙන සම්පත් ප්‍රමාණය රෝගීන්ව පාලනය කිරීම සඳහා කලමනාකරණය කරන්න. ඉතින් ඒ අවස්ථා දෙක සම්පුර්ණයෙන් වෙනස් අවදි දෙකක්. දැන් මේ දක්වා අපිට හමුවන රෝගීන් සියලුදෙනා හමුවන්නේ මේ විදියට රෝගය හඹා ගිහිල්ලා අපි හඳුනාගන්නා ආශ්‍රිත රෝගීන් විදියට. එහෙම නැතුව බාහිර රෝගි අංශයට හෝ වෙනත් ප්‍රදේශවල අපි සිදුකරන අහඹු පරීකෂණවලින් අපිට රෝගීන් හමුවන්නේ නෑ. සමහර අවස්ථාවලදී අපිට රෝගීන් හමුවෙනවා OPD ඒකේදී නමුත් අපි බාහිර රෝගී අංශයෙදී අපි සොයාගන්නා ඒ රෝගීන්ගේ ඉතිහාසය ගතහොත් නැවත වතාවක් ඔවුන් මේ රෝගී පොකුරට සම්බන්ධයි. ඒ නිසා අපි තවමත් ඉන්නේ රෝගී පොකුරක. මම කලිනුත් කිව්වා වගේ මේ රෝගී පොකුර විශාලයි.

    වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මෙසේ අවධාරණය කළත් අද (26) දින පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක, වෛද්‍ය හරිත අලුත්ගේ පැවසුවේ ඊට පටහැනි කතාවක්.

    “ඉතාම සංකීර්ණ තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ වගේම බරපතළ අවදානමක් රට තුළ නිර්මාණය වෙමින් පවතිනවා. වෙනත් වචනවලින් කිව්වොත් අපිට ඉතා පැහැදිලිව පේන්න තියෙන දේ තමයි සමාජ ව්‍යාප්තියක් කියන සාධක සැළකීමේ දී සමාජ ව්‍යාප්තියක් අභියසට ලංකාව ඇවිත් තියෙනවා කිව්වොත් නිවැරදි.

    ඊයේ දිනයේ දීත් ලංකාවේ රෝගීන් 300කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා. ඒ රෝගීන්ගෙන් අති බහුතරය සමාජය තුළින් තමයි වාර්තා වෙලා තියෙන්නේ. සමාජ ව්‍යාප්තියක් කරා ගියොත්, දැඩි සත්කාර ඒකකවල තදබදයක් ඇති වෙනවා. මරණ සංඛ්‍යාව අසාමාන්‍ය ලෙස ඉහළ යනවා. අපි මේ අරන් තියෙන ක්‍රියාමාර්ග නම් ගන්නේ, රෝගය ව්‍යාප්ත වීම පාලනය කිරීම සම්බන්ධයෙන් අපිට යම් භයානක තැනකට තමයි යන්න වෙන්නේ. අනිවාර්යයෙන්ම ඉදිරි මාස 2ක තුළ අසාමාන්‍ය ඉහළ මරණ ගානක් බලාපොරොත්තු වෙන්න වෙනවා රටක් විදියට අපි අද දවසේ හරි තීරණ ගත්තේ නැත්නම්.

    අවධානම් දිස්ත්‍රික්ක 5ක් අපි හඳුනාගෙන තියෙනවා. කොළඹ, ගම්පහ, කළුතර, ඊට අමතරව අපි ගත්තහම කෑගල්ල සහ කුරුණෑගල නමුත් තව දිස්ත්‍රික්ක කිහිපයක දැන් අවදානම් තත්ත්වයක් මතුවෙමින් තියෙනවා. අපි කියන්නේ ඒ තත්ත්වයක් පාලනය කිරීමට නම් මේ දිස්ත්‍රික්ක 5 තුළ දිස්ත්‍රික් මායිම් සම්බන්ධයෙන් යම් සීමා පැනවීමක් සිදුවිය යුතුයි කියලා අපි යෝජනා කරනවා. ජනාධිපති කාර්ය සාධක බලකායටත් අපි යෝජනා කරලා තියෙනවා. මේ තීරණ ප්‍රමාද වීම තුළ රටට භයානක ප්‍රතිඵල ලැබීමට නියමිතයි.“

  • Covid-19 Hot: රට සමාජ ව්‍යාප්තියක් අභියසය – කඩිනමින් නව ක්‍රමවේදයක් ඕනෑ – GMOA

    Covid-19 Hot: රට සමාජ ව්‍යාප්තියක් අභියසය – කඩිනමින් නව ක්‍රමවේදයක් ඕනෑ – GMOA

    සමාජ ව්‍යාප්තියක් කරා ගියොත්, දැඩි සත්කාර ඒකකවල තදබදයක් ඇති වෙනවා. මරණ සංඛ්‍යාව අසාමාන්‍ය ලෙස ඉහළ යනවා.

    කඩිනමින් නව ක්‍රමවේදයක් යටතේ Covid-19 වෛරස ව්‍යාප්තිය පාලනයට පියවර නොගතහොත් රට තුළ දැඩි අර්බුදකාරී තත්ත්වයක් ඇතිවිය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක, වෛද්‍ය හරිත අලුත්ගේ මහතා අද (26) පැවැති මාධ්‍ය හමුවකදී අවධාරණය කළේය.

    එහිදී අලුත්ගේ මහතා අවධාරණාත්මකව කියා සිටියේ ශ්‍රී ලංකාව සමාජ ව්‍යාප්තියක අභියසට පැමිණ ඇති බවයි.

    මෙහිදී වත්මන් තත්ත්වය ගැන වැඩි දුරටත් අදහස් දැක්වූ වෛද්‍ය අලුත්ගේ මහතා මෙසේද සදහන් කළේය.

    “ඉතාම සංකීර්ණ තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ වගේම බරපතළ අවදානමක් රට තුළ නිර්මාණය වෙමින් පවතිනවා. වෙනත් වචනවලින් කිව්වොත් අපිට ඉතා පැහැදිලිව පේන්න තියෙන දේ තමයි සමාජ ව්‍යාප්තියක් කියන සාධක සැළකීමේ දී සමාජ ව්‍යාප්තියක් අභියසට ලංකාව ඇවිත් තියෙනවා කිව්වොත් නිවැරදි.

    ඊයේ දිනයේ දීත් ලංකාවේ රෝගීන් 300කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා. ඒ රෝගීන්ගෙන් අති බහුතරය සමාජය තුළින් තමයි වාර්තා වෙලා තියෙන්නේ. සමාජ ව්‍යාප්තියක් කරා ගියොත්, දැඩි සත්කාර ඒකකවල තදබදයක් ඇති වෙනවා. මරණ සංඛ්‍යාව අසාමාන්‍ය ලෙස ඉහළ යනවා. අපි මේ අරන් තියෙන ක්‍රියාමාර්ග නම් ගන්නේ, රෝගය ව්‍යාප්ත වීම පාලනය කිරීම සම්බන්ධයෙන් අපිට යම් භයානක තැනකට තමයි යන්න වෙන්නේ. අනිවාර්යයෙන්ම ඉදිරි මාස 2ක තුළ අසාමාන්‍ය ඉහළ මරණ ගානක් බලාපොරොත්තු වෙන්න වෙනවා රටක් විදියට අපි අද දවසේ හරි තීරණ ගත්තේ නැත්නම්.

    අවධානම් දිස්ත්‍රික්ක 5ක් අපි හඳුනාගෙන තියෙනවා. කොළඹ, ගම්පහ, කළුතර, ඊට අමතරව අපි ගත්තහම කෑගල්ල සහ කුරුණෑගල නමුත් තව දිස්ත්‍රික්ක කිහිපයක දැන් අවදානම් තත්ත්වයක් මතුවෙමින් තියෙනවා. අපි කියන්නේ ඒ තත්ත්වයක් පාලනය කිරීමට නම් මේ දිස්ත්‍රික්ක 5 තුළ දිස්ත්‍රික් මායිම් සම්බන්ධයෙන් යම් සීමා පැනවීමක් සිදුවිය යුතුයි කියලා අපි යෝජනා කරනවා. ජනාධිපති කාර්ය සාධක බලකායටත් අපි යෝජනා කරලා තියෙනවා. මේ තීරණ ප්‍රමාද වීම තුළ රටට භයානක ප්‍රතිඵල ලැබීමට නියමිතයි.“

  • ඇමෙරිකානු රාජ්‍ය ලේකම්ගේ ශ්‍රී ලංකා සංචාරය: පළමු නිල සටහන මෙන්න !

    ඇමෙරිකානු රාජ්‍ය ලේකම්ගේ ශ්‍රී ලංකා සංචාරය: පළමු නිල සටහන මෙන්න !

    ‘ඉන්දියාව, ශ්‍රී ලංකාව, මාලදිවයින් හා ඉන්දුනීසියාව කරා යන සංචාරය සඳහා පිටත් වූයෙමි. ස්වාධීන, ශක්තිමත් සහ සමෘද්ධිමත් රටවල්වලින් සමන්විත නිදහස් හා විවෘත ඉන්දුශාන්තිකර කලාපයක් සඳහා අපගේ පොදු දැක්ම ප්‍රවර්ධනයට අපගේ හවුල්කරුවන් සමගින් සම්බන්ධවන්නට ලැබෙන අවස්ථාව පිළිබඳව ස්තුතිවන්ත වෙමි”

    ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා සිය  ආසියානු ශාන්තිකර කලාපීය සංචාරය ආරම්භ කරමින් සිය ට්විටර් ගිණුමෙහි තබන ලද සටහනෙහි සිංහල පරිවර්තනය ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය තානාපති කාර්යාලයීය නිල ෆේස්බුක් ගිණුමෙහි සටහන් කර ඇත.

    ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ප්‍රකාශයෙහි දමිළ පරිවර්තනයක් ද ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය විසින් පළ කර ඇත.

    ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා හෙට (27) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර 28 වැනි දින දක්වා ඔහු ලංකාවේ රැදී සිටී.