Category: සුපිරි News

  • ලසන්ත ඝාතනය පිටුපස රාජ්‍ය ත්‍රස්තවාදීන් කණ්ඩායමක්!

    සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ, ප්‍රවීණ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර ඇත්තේ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, මේජර් ජෙනරාල් කපිල හෙන්ද්‍රවිතාරණ යටතේ ක්‍රියාත්මක වූ විශේෂ කණ්ඩායමක් විසින් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (20) අධිකරණයට දැනුම් දී තිබේ.

    මෙම විශේෂ කණ්ඩායම විසින් ලසන්ත වික්‍රමතුංග ඝාතනය මෙන්ම මාධ්‍යවේදීන් වන උපාලි තෙන්නකෝන්, කීත් නොයාර් යන අයට පහරදීම ආදියද සිදුකර ඇති බවත්, එවක මධ්‍යවේදීන්ට සිදුකළ පහරදීම් ඇතුළු හිරිහැර බොහොමයක් එකිනෙකට සම්බන්ධ බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දක්වමින් පෙන්වා දී ඇත.

    මේජර් ජෙනරාල් හෙන්දාවිතාරණ යටතේ ක්‍රියාත්මක වූ මෙම කණ්ඩායම විසින් ජංගම දුරකථන සිම් කාඩ් පත් 5ක් භාවිතා කර ඇති බවත්, මෙම සිදුවීම් හා සම්බන්ධ සියලු ඇමතුම් ලබාගෙන ඇත්තේ එම සිම් කාඩ් යෙදූ දුරකථනවලින් බවත් සඳහන්ය.

    මෙම සිද්ධියට අදාළව හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාගෙන්ද ප්‍රකාශයක් ලබාගත් බවත්, එවක කොළඹ හා තදාසන්න ප්‍රදේශ බාරව සිටියේ මේවන විට විශ්‍රාමික සුවයෙන් පසුවන මේජර් ජෙනරාල් අජිත් පෙරේරා බවත්, ඔහු නිසි ලෙස රාජකාරි නොකළ බවත් ෆොන්සේකා මහතා ලබාදුන් ප්‍රකාශයේ සඳහන් වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම්දී ඇත.

    කෙසේ වෙතත් ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන දැනට ඇප ලබා සිටින බුද්ධි අංශ නිලධාරියාට සෑම මසකම අවසන් ඉරිදා පෙ.ව 9.00-12.00 දක්වා වන කාලය තුළ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහායිම් විසින් නියෝග කර තිබේ.

    අධිකරණ නියෝග මත ලසන්ත වික්‍රමතුංග මහතාගේ මෘත දේහය ගොඩ ගෙන වෙනම වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් පරීක්ෂා කර ඇති බවත්, එම වෛද්‍ය වාර්තාව මේ වන අධිකරණයට ලැබී ඇති බවත්, එම වාර්තාව අනුව මෙම මරණය විශේෂිත වු උල් ආයුධයකින් පහරදීමෙන් හිසට ඇති වු දැඩි තුවාලයක් හේතුවෙන් සිදුවු මරණයක් බව තහවුරු වී ඇති බවත්, වෙඩි තැබීමක් සිදුව නැති බවත් අධිකරණය හමුවේ කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙන්වා දී තිබේ.

    මෙම නඩුව නැවත ජූනි මස 19 වන දා විභාගයට ගැනීමට නියමිතයි.

  • මුදල් විශුද්ධිකරණ පනත යටතේ මහින්දානන්දට අධිචෝදනා

    මහින්දානන්ද අලුත්ගමගේ මහතා සම්බන්දයෙන් කොළඹ මහාධිකරණය අධිචෝදනා ගොනු කර තිබෙනවා.

    නීතිපති ජයන්ත ජයසුරිය මහතා සඳහන් කලේ උපයා ගත නොහැකි රුපියල් ලක්ෂ 270ක් යොදා කොළඹ ප්‍රදේශයෙන් දේපලක් මිලදී ගැනීම සම්බන්දයෙන් එක් අධිචෝදනා පත්‍රයක් ගොනු කල බවයි. මුදල් විශුද්ධිකරණ පනත යටතේ එම අධිචෝදනා පත්‍රය ගොනු කල බව ඔහු සඳහන් කර තිබෙනවා.

    මිට අමතරව ශ්‍රීලංකා නිදහස්  කම්කරු කොන්ග්‍රසයට අයත් රුපියල් ලක්ෂ 39ක් පිළිබඳව විස්වාසය කඩ කිරීමේ සිද්දියක් සම්බන්දව ද මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව අධිචෝදනා ගොනු කර තිබෙනවා.

    කොළඹ මහාධිකරණ මගින් ගොනු කල මෙම අධි චෝදනා ඉදිරි දින වලදී විභාගයට ගැනීමට නියමිතයි.

    මහින්දානන්ද අලුත්ගමගේ මහතා පිළිබඳව අමුතුවෙන් කිවයුතු නැත. වරෙක ඔහුගේ බිරිද ඔහුට විරුද්ධව දැමු දික්කසාද නඩුවේ වත ගොත  පිළිබඳව  මුළු රටම දන්නා ප්‍රසිද්ධ කරුණකි. රුපියල් 1200ක පඩියකට රස්සාවට ගිය  එතුමා පිට රටවල  ගෙවල් මිලදී ගන්නා තරමට අධි පෝසතෙකු වුයේ ධන ලක්ෂ්මි වාලම්පුරියක් වත්  ලග තබා ගැනීමෙන්ද ?

  • කොරියාවේ පිහිටි අරුම පුදුම පාක් එක..(18+ අයට පමණයි)

    දකුණු කොරියාවේ සංචාරය කරන ඔබට ඉතාමත් ලස්සන උද්‍යානයක් නරබන පුළුවන්.. එය නමින් ජෙජු ලව් ලෑන්ඩ්. පිහිටලා තියෙන්නේ ජේජු සිටි එකේ ඉඳන් කිලෝමීටර් දෙකක් විතර වයඹ දිශාවෙන්. සිටි එකේ ඉඳන් එනවානම් බස් එකේ විනාඩි 20 න් වගේ මෙතන. ටැක්සියක ආවත් මහා ගාණක් යන්නේ නෑ. උපරිම රුපියල් වලින් 800ක් යයි. මේක කොරියාවේ විතරක් නෙවේ මේ අවට රටවල් වලත් ප්‍රසිද්ධයි.

    ඇතුල්වීම අවුරුදු 18 න් ඉහල අයට විතරයි. කවුන්ටරේ අයට තේරුණොත් 18 ට අඩුයි කියලා, හැඳුනුම්පත චෙක් කරනවා. ටිකට් එකක් රුපියල් වලින් නම් 900 ක් වගේ.

    මෙහි විශේෂය නම් බලන බලන හැම  තැන්වල තියෙන්නේ නිරුවත් කාන්තා පිරිමි මූර්ති. ඒ මදිවට ශිෂ්ණ සහ යෝනි ත් අඹලා. පාරවල් පෙන්නන බෝර්ඩ් හදල තියෙන්නෙත් ශිෂ්ණ සහ වෘෂණ කෝෂ විදිහට.

    ඉතිං හොදට සිරි නරබලා ඒ නිරුවත් මුර්ති සමග  පොටෝ එහෙමත් ගහලා රිසි සේ විනෝද වෙන්නයි මේ උද්‍යානය නිමවා තිබෙන්නේ.. පොටෝ ගැහුවට ඉතිං කාටවත් ඒවා පෙන්වන්න පුළුවන් වෙයිද කියලනම් අපි දන්නේ නෑ..

    බලන්නකෝ මේ ෆොටෝ ටික 

    අපේ රටෙත් මෙහෙම එකක් හැදුවොත් මොනවා වෙයිද ඉතිං 

     

  • ජනපති මෛත්‍රි ජයගනිද්දි පා.ම මහින්ද පරාජය වෙයි – කොල්ලකෑ සෝමාලියා නෙෘකාව මුදාගනි

    සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග‍්‍රහණයට ගෙන තිබූ ඒරීස් 13 නෞකාව සහ එහි කාර්ය මණ්ඩලය මුදාහැර තිබෙන බව අපට වාර්තා වේ. නෞකාවේ කාර්ය මණ්ඩල නිලධාරී දිලීප නිශාන් රණවීර සදහන් කළේ තමන් ඇතුළු කණ්ඩායම නිරුපද්‍රිතව මුදාගැනීමට ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය ගත් උත්සාහ සම්බන්ධයෙන් ස්තුතිවන්ත වන බවයි.

    මේ අතර මුහුදු කොල්ලකරුවන් සහ සෝමාලියානු ආරක්‍ෂක අංශ අතර ඊයේ පස්වරුවේ අවස්ථා කිහිපයකදී වෙඩි හුවමාරු සිදුවු අතර නෞකාව වෙත වෙඩි ප‍්‍රහාර එල්ල කිරීමෙන් වළකින්නැයි ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාද සෝමාලියානු රජය හරහා එරට ආරක්‍ෂක අංශ වෙත දැනුම්දීමක් සිදුකර තිබුණා.

    ජනාධිපතිවරයාගේ දැනුම්දීමෙන් පසු සෝමාලියානු ආරක්‍ෂක අංශ තමන් රැදී සිටි නෞකාව වෙත වෙඩි ප‍්‍රහාර එල්ල කිරීම නතර කළ බවයි කාර්ය මණ්ඩල නිලධාරී දිලීප නිශාන් රණවීර සදහන් කළේ. මේ අතර තම පාලන කාලයේ මෙවැනි සිදුවිම් වලදි කිසිවක් නොකර ප්‍රරසාරම් දොඩමින් සිටිමින් අවසානයේ මාධ්‍ය මගින් එකල විපක්ෂයට එහි චෝදනාවද යොමුකල මහින්ද රාජපක්ෂගේ දේශපාලණ පරාජයක් ලෙස මෙම සිදුවිම දැක්විය හැකි බව දේශපාලණ විශ්ලේෂකයෝ පවසයි..

  • පියුමි හංසමාලිගේ මැරයන් පහරදුන් අවස්ථාවේ cctv දර්ශන මෙන්න(video)

    රාජ්‍ය ආයතනයක ප්‍ර‍ධානියකු පැවැත්වූ සාදයකට සහභාගී වූ මාධ්‍ය ආයතන කිහිපයක සාමාජිකයින් පිරිසකට පියුමි හංසමාලි සමග සිටි තරුණයින් පිරිසක් පහරදී තිබෙනවා. කිරිබත්ගොඩ පිහිටි හෝටලයක ඊයේ (15) රාත්‍රී පැවති සාදයක් අවසානයේ මෙම පහරදීම සිදුවූ බවයි පහරකෑමට ලක්වූවකු අප සමග පැවසුවේ.

    එහි cctv දර්ශණ මේ වනවිට මාධ්‍යට මුදා හැර  තිබෙනවා . පහරදුන් පුද්ගලයන් මේ වනවිට හදුනාගෙන ඇති අතර ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට නියමිතයි…

  • සෙංකෝලය නිමවූ නිර්මාණකරු අඩ සියවසකට පසු තම නිර්මාණය ස්පර්ශකරයි…

    ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය දශක 07 සම්පූර්ණ වීමට ඇත්තේ තවත් මාස කිහිපයකි.
    පාර්ලිමේන්තු ඉතිහාසයේ නම රැන්දූ පුද්ගල චරිත විශාල ප්‍රමාණයක් මෙන්ම පාර්ලිමේන්තු ක්‍රමයේ අභිමානය සංකේතවත් කළ සුවිශේෂ නිර්මාණ කිහිපයක් ද වෙති. ඒ අතර, පාර්ලිමේන්තුවේ බලය සංකේතවත් කරනුයේ සෙන්කෝලයයි.
    1972 ජනරජ ව්‍යවස්ථාවට පෙර උත්තර මන්‍ත්‍රී මණ්ඩලය (සෙනෙට් සභාව) සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ලෙස ද්වී මණ්ඩල ක්‍රමයක් ක්‍රියාත්මක වූ පාර්ලිමේන්තුවේ සෙනෙට් සභා සෙංකෝලය වර්තමානයේ භාවිතයට නොගැනුනද මේ ඓතිහාසික සංකේතය පාර්ලිමේන්තුවේ සුවිශේෂ කෞතුක භාණ්ඩයක් ලෙස ඉතා සුරක්ෂිතව තැන්පත් කර ඇත.
    1949 දී බ්‍රිතාන්‍ය රජය විසින් පරිත්‍යාගයක් ලෙස ලබා දුන් එදා නියෝජිත මන්ත්‍රී මණ්ඩල සැසිවාරවලදී භාවිතා කළ සෙන්කෝලය වත්මන් පාර්ලිමේන්තුවේ භාවිතා වන අතර, ශ්‍රී ලංකාවේ කලාකරුවන් විසින් නිර්මිත එකම සෙන්කෝලය සෙනෙට් සභා සෙන්කෝලයයි. 1956 දී තමන්ට ලබා දුන් සැලැස්ම අනුව අගල් 52 කින් දිගින් යුතුව ඇත් දලයකට කැරට් 20 රන් පවුම් 45 කින් හා රිදී රාත්තල් 3 ½ කින් කැටයම් දමා පච්චවඩම්, නිල් මැණික් සහ නවවරම් මාණික්‍යයන් ඔබ්බවා නිර්මාණය කරන ලද්දේ එවකට සුප්‍රසිද්ධ විශිෂ්ඨ රන්කරුවෙකු ලෙස ප්‍රසිද්ධියක් ඉසිලූ රඹුක්කන දොඹේමඩ ගම්මානයේ පදිංචි ඇස්වෙද නයිදෙලාගේ පියතිලක මහතා විසිනි. මෙම විශිෂ්ඨ කලාකරුවා අද 88 වියැතිය. අඩ සියවසකටත් පෙර නිමවා භාර දුන් මෙම අතිශය සම්භාවනීය සංකේතය අසලටවත් සමීප වීමට එදා මෙදා තුර ඔහුට වරම් හිමි නොවීය. දෑත, දෙපය හොදින් වාරු තිබුණු සමයේ තමා විසින් කළ නිර්මාණය ස්වකීය දරු මුණුබුරන් කැටුව විත් යළි ස්පර්ශ කර බැලීමට දැඩි කැමැත්තක් ඔහු තුළ ඇති බව දැනගත් කථානායක කරු ජයසූරිය මහතා අද (2017-03-16) පෙරවරුවෙහි ඔහු පාර්ලිමේන්තුවට කැඳවා එම අවස්ථාව සැලැස්වූයේ විශේෂ භෝජන සංග්‍රහයක් සහ තුඩු පඬුරුද පිරිනමමිනි.
    මෙම සෙන්කෝලයේ උඩ කොටස පෙති අටකින් සමන්විත පත්මයක් මත පිහිටි උල් හැඩයට ඇති පච්චපඩියම් මාණික්‍යයකින් සෑදු ඔටුන්නකින් ගෝලය පුන්කලසක හැඩරුවින් සමන්විත වේ. ගෝලය වටා ඇති රැලිවලින් අනුරාධපුරයේ සඳකඩ පහණ මූර්තිමත් කෙරේ. එයට පහළින් ලංකාවේ රක්ත හා නීල මාණික්‍යයන් ඔබ්බවා තිබේ. සෞරග්‍රහ මණ්ඩලයේ නව ග්‍රහයන් පිළිබිඹු වන සේ පහත කවයෙහි නවරත්න මාණික්‍යයන් සවි කර ඇත. සෙන්කෝලය කොටස් 45 කට ගැලවිය හැකි පරිදි එක් රහස් ඇණයකින් සවි කර ඇති බවත් එම රහස් ඇණය ගැන දන්නේ තමා පමණක් බවත් පියතිලක මහතා පවසයි. එහි මුළු බර රාත්තල් හතර හමාරක් වන අතර, එහි යෂ්ටිය වටේට එවකට සෙනෙට් සභාවේ ලාංජනයෙහි “සංතින්ද්‍රියෝච නිපකෝච” යන පාලි පාඨය සඳහන්ව තිබූ බව ඔහු පැවසීය.
    ජපානයේ මිසාකා කුමරියට, ඉන්දීය හිටපු අගමැති ශ්‍රී නේරුතුමාට, එවකට ලංකාවට පැමිණි පාකිස්තානයේ රාජ්‍ය නායකයෙකුට පවා පියතිලක මහතා විසින් නිර්මාණය කළ භාණ්ඩ රජය විසින් තිළිණ කර තිබේ.

     

  • තමාගේ මැරයන් යොදා පියුමි හංසමාලි ඩෙගා නටයි…

    රාජ්‍ය ආයතනයක ප්‍ර‍ධානියකු පැවැත්වූ සාදයකට සහභාගී වූ මාධ්‍ය ආයතන කිහිපයක සාමාජිකයින් පිරිසකට පියුමි හංසමාලි සමග සිටි තරුණයින් පිරිසක් පහරදී තිබෙනවා. කිරිබත්ගොඩ පිහිටි හෝටලයක ඊයේ (15) රාත්‍රී පැවති සාදයක් අවසානයේ මෙම පහරදීම සිදුවූ බවයි පහරකෑමට ලක්වූවකු අප සමග පැවසුවේ.

    පියුමි හංසමාලී හා ඇය සමග සිටි පිරිස මෙම සාදයට සහභාගීවූවන් නොවන අතර පහර කෑමට ලක්වූ පිරිස කිරිබත්ගොඩ පොලිසියේ පැමිණිල්ලක් සටහන්කර තිබෙනවා. පහරකෑමට ලක්වූ එක් තැනැත්තකු රෝහල්ගතකර තිබෙනවා.

     

  • හැකි උපරිම සතුටකින් ජීවිතය ගෙවන්න මේ ක්‍රම 30ට මුදල් පරිහරණය කරන්න

    එදිනෙදා ජීවිතයේදී වැඩිහිටියන් වශයෙන්  අප කවුරුත් මුදල් උපයයන අතර  උපයන මුදල් පරිහරණය කර තම  ජීවිතය පුළුවන් උපරිම සතුටකින් පවත්වාගෙන යාමට ඉතා වෙහෙසක් දරයි. ඔබ උපයන මුදලෙන් ජිවිතයේ උපරිම සතුටක් විදිනවාද? එසේත් නැතිනම් අනවශ්‍ය වියදම් කරමින් තමන්ගේ සතුට සිමා කර ගන්නවාද?.. 

    කෙටි වෙලාවක් ගෙන මෙම  කරුණු 30 සිහිබුද්ධියෙන් කියවන්න 

    1. උපයන මූදලට වඩා වියදම් නොකරන්න. ඒ සඳහා සූදුසූම දෙය වන්නේ වියදම් ලැයිස්තුවක් සකස් කර ගැනීම හා එයට අනූව සියලූ‍ දේ කිරීමය.

    2. තේරුම් නැති දේ මිළදී නොගන්න. ඒ සඳහා යම් දෙයක් මිළදි ගැනීමට අවශ්‍ය වූ විටදී කිහිප වරක්ම සිතා බලන්න.

    3. දකින දකින දේ මිළදී ගැනීමේ පූරුද්දක් වෙයි නම් මිළදී ගැනීම් ලැයිස්තුවකට අනූව කටයූතු කරන්න. ˜‍සේල්˜‍ යැයි සඳහන් ස්ථානයන්ට යෑමෙන් වළකින්න.

    4. මිළ අධික දේ වෙනූවට එයට සමාන වූ විකල්ප භාණ්ඩ මිළදී ගෙන එහි ගුණාත්මක බව හා මූදල් ඉතිරිය අධ්‍යනය කරන්න.

    5. පිටතින් ආහාර ගැනීම හැකි තරමින්ම අඩූ කර පවූලේ සැමට ආහාර නිවසේදීම සකස් කරන්න.

    6. කඩපිළට හෝ කඩ මණ්ඩියට යද්දී කුසගිනි සහිතව නොයන්න. එවිට අනවශ්‍ය රසකැවිලි සඳහා මූදල් වැය වේ.

    7. ගෘහනියක නම් හැකි තරමින් නිවසේම රැඳී සිටීමට උත්සාහ කරන්න. එවිට අනවශ්‍ය වියදම් මඟ හැරේ. සාප්පූ සවාරි යෑම සීමා කරන්න. සැමවිටම අනවශ්‍ය ලෙසින් මූදල් වැය වන්නේ නිවසින් පිටතට ගිය විටදීය.

    8. සැමවිටම රැකියාවක් තෝරා ගනිද්දි වැටූප වැඩිම ස්ථානය තෝරාගන්න.

    9. ක්‍රෙඩිටි කාඩ් භාවිතය හැකි තරමින් සීමා කරන්න. ඒ සමගම මාසික බිල්පත් සම්පූර්ණයෙන්ම ගෙවන්න. හැකිතරමින් ක්‍රෙඩිටි කාඩ්වල මූදල් ගෙවා නිමා කරන්න. නොමැතිනම් ඔබට අනවශ්‍ය ලෙසින් පොලිය ගෙවීමට සිදු වේ.

    10. සැමවිටම මූදල් වියදම් කිරීමට පෙර සැලසූමක් සකස් කරගන්න. ඒ තුළින් යම් ප්‍රමාණයක් ඉතිරි කළ හැකි මාර්ග අධ්‍යයනය කරන්න.

    11. අවම වශයෙන් මසකට රුපියල් 1000 ක්වත් ඉතිරි කිරීමට සැලසූමක් යොදන්න. ඒ සඳහා උපයෝගි කරගත හැකි මාර්ගය වන්නේ නිතර භාවිත නොකරන ගිණූමක යම් මූදලක් තැන්පත් කිරීමය.

    12. මේ සඳහා ඔබ මඳක් දුරින් පිහිටි බැංකුවක අලූ‍ත් ගිණූූමක් අරඹා එයින් නිකුත් කරන ්ඔඵ හෝ ක්‍රෙඩිටි කාඩ් මිළදී නොගන්න. එවිට පහසූවෙන් මූදල් ගැනීමට නොහැකි වීමෙන් මූදල් ඉතිරි වේ.

    තවද නිශ්චිත දිනයකදී වැටූපෙන් සියයට පහක් හෝ ඉතිරි කිරීමට උත්සාහයක් දරන්න. එම මූදල් නිශ්චිත දිනයකදී බැංකුවට බැර කළ යූතු වීමෙන් එය අනිවාර්යෙන්ම සිදු වේ.

    13. වැඩිපූර මූදල් ළඟ තබා නොගන්න. අවශ්‍ය මූදල් පමණක් බැංකුවෙන් ලබා ගන්න.

    14. මූදල් යළි ලැබීමට හැකි ආයෝජනයකට මූදල් යොදවන්න. එය සූළු ව්‍යාපාරයක් හෝ ස්වයං රැකියාවක් වූවද කම් නැත.

    15. මිතුරන් හා නෑයින්ගේ සමග තරග කිරීමට නොයන්න. මිතුරන් හා නෑයින් ජීවන විලාසිතා සමග ඔබේ ජීවිතය සසඳා නොබලන්න.

    16. මූදල් ඇති විටදී මූදල් කළ හැකි යම් යම් සහතික පත් මිළදී ගන්න. එවිට පොලියත් සමගම එය නිශ්චිත කාලයකින් පසූව මූදල් කළ හැකි වේ.

    17. ජංගම දුරකතන බිල හැකි තරම් අවම කරගන්න. සැමවිටම කාර්ය බහූල නොවන වේලාවන්හිදි පමණක් නිවසේ දුරකතනය භාවිත කරන්න.

    18. තමාගේම මෝටර් රියෙන් හෝ පාසල් වෑන් රථවලින් දරුවන්ව පාසල් යැවීම වෙනූවට ඔවූන් බස් රථ හා දුම්රියෙන් යෑම පූරුදු කර වාර ප්‍රවේශ පත්‍රයක් ලබා දෙන්න. එවිට විශාල මූදල් ඉතිිරියකි.

    19. පූවත්පත් සඟරා මිළදී ගැනීම සීමා කරන්න. සැමවිටම නිවසේ අය එයින් ප්‍රයෝජනයක් ලබන්නේදෑයි විමසා බැලීම වටී. උදාහරණයක් ලෙසින් ඇතැම් නිවෙස්වලට පූරුද්දක් ලෙසින් ඉරිදා ඉංගී්‍රසි පූවත්පත් මිළදි ගත්තද එය කිසිවෙකු නොකියවයි.

    20. යම් යම් මිළදී ගැනීම්වලින් ඔබට ලැඛෙන මාරු කාසි වෙනම භාවිතයකට රැස් කරන්න. සෑම මසකට වරක් එම මූදලට තවත් මූදලක් එක් කර එය බැංකුවක තැන්පත් කරන්න. ඒ සඳහා ග්‍රාමීය බැංකුවක් වඩාත් සූදුසූ වේ.

    21. කඩපිළට යද්දී බෑගයක් ගෙන යන්න. එවිට අලූ‍තින් බෑග් මිලදී ගැනීමට සිදු නොවේ.

    22. ගෘහනියක් ලෙසින් ඔබේ පාවිච්චියට මෝටර් රථයක් මිළදී ගන්නේ නම් ඒ සඳහා ඉන්ධන අඩූවෙන් වැය වන වාහනයක් තෝරාගන්න.

    23. වේගයෙන් රිය පැදවීම අනවශ්‍ය ලෙසින් තිරිංග තද කිරීම හා අනවශ්‍ය ගමන්බිමන් වලින් වළකින්න. සැලකිය යූතු මූදලක් ඉන් ඔබට ඉතිරි වේ.

    24. මෝටර් රියෙන් යම් ගමනක් යෑමට පෙර එය සැලසූම් කරන්න. ගමන් කළයූතු මාර්ගය එම ගමනේදී ඉටූ කළ හැකි දේ ඒ සඳහා ගත වන කාලය කල්තියා සැලසූම් කිරීමෙන් සියලූ‍ කටයූතු මඟ හැරීමකින් තොරව ඉටූ කර ගත හැකි වේ. එමගින් ඉන්ධන සඳහා වැය වන මූදල් ඉතිරි කර ගැනීමට හැකිවේ.

    25. මිළ අධික භාණ්ඩයක් මිළදී ගැනීමට පෙර ඒ පිළිබඳව දන්නා අයගෙන් විමසා බලන්න. එවිට ඉතා කදිම වර්ගයක් අඩූ මූදලකට ගැනීමට හැකි වේ.

    26. සූබ පැතුම් පත් මිළදී නොගෙන ඒවා නිවසේ සකස් කර ගන්න. දරුවන්ගේ ඇඳුම් සාරි ආදිය ද එසේ සකස් කර ගැනීමෙන් මූදල් ඉතිරිය සේම වැඩි අලංකාරයක්ද ලැබීමට හැකි වේ.

    27. විදුලි පරිභෝජනය සීමා කිරීම නිවසකට බොහෝ මූදල් ඉතිරි කර දෙන්නකි. නිවසේ විදුලි පහන් නිවා දෑමීමෙන් එක්වර ඇඳුම් මැදීමෙන් දිනකට එක්වරක් පමණක් ජල ටැංකිය පිරවීමෙන් හොටි ප්ලේටි භාවිත නොකිරීමෙන් ඔබට විදුලිබිල ඛෙහෙවින්ම අවම කරගත හැකිය. නිබඳවම විදුලි පහන් දල්වන ස්ථානයන්ට කතඛ බල්බ් යොදන්න. එමගින් ඔබට විදුලි බිල 10 ඃ 20 % ප්‍රමාණයකින් ඉතිරි කර ගත හැකිය.

    28. නිවසේ සැමට එකවර තේ පිළියෙල කරන්න.

    29. නිතරම ඉවසීමෙන් කටයූතු කරන්න. මූදල් වැය කිරීමට පෙර එය අධ්‍යනය කරන්න.

    30. ආහාර ද්‍රව්‍ය, මූදල් හැකි තරමින් අවම කිරීමට උත්සාහ කරන්න.

  • මෙගා පොලිස් ඇමති චම්පිකගේ රථවාහන සැලැස්ම ගැන මහේල ප්‍රශ්න කරයි

    මෙගා පොලිස් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසා තිබුණේ නව රථවාහන සැලැස්ම අත්හදාබැලීම සාර්ථක බවයි.

    කෙසේ නමුත් මේ පිළිබඳව ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන ඔහුගේ ට්විටර් ගිණුමේද සඳහනක් යොදමින් පවසා තිබුණේ බස් රථ සඳහා වෙනම මංතීරුවක් වෙන්කිරීමේ අරමුණ වන්නේ කුමක්දැයි ප්‍රශ්න කරමින්.

  • ටියුෂන් පන්තියේ ඩාන්ස් දාලා දුන් සුපිරි ආතල් එක(video)

     

    උපකාරක පංතියක අවසන් දිනයේදී එම පන්තියේ  ගුරුවරයා නොවන පන්තියේ   කළමනාකරු  “අමුතු” නර්තනයක් ඉදිරිපත් කර බවට දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා.

    එම වීඩියෝව ඔබට පහතින් නැරඹිය හැක.

     

     

  • ආච්චිගෙයි සීයගෙයි සුපිරි ඩාන්ස් එක

    වසට ගියත් සතුටෙන් සන්තෝසයෙන් ඉන්නවා කියන්නේ මෙන්න මේකටයි…

  • සමයං මරා පැන ගිය රියේ අංගොඩ ලොක්‌කාගේ ඇඟිලි සටහන්!

    ‘රණාලේ සමයං’ ඇතුළු පුද්ගලයන් හත් දෙනකු සාහසික අන්දමින් වෙඩිතබා ඝාතනය කිරීමේ සැලසුම මෙහෙය වූ බව කියන අංගොඩ ලොක්‌කා නමැති පාතාල නායකයාගේ ඇඟිලි සලකුණු ප්‍රහාරයෙන් පසු සන්නද්ධ පිරිස පලා ගිය වෑන් රථයේ සටහන්ව තිබියදී පොලිසිය විසින් සොයාගෙන ඇත. ඒ අනුව අංගොඩ ලොක්‌කා පෞද්ගලිකවම මෙම ප්‍රහාරයට පැමිණ එය මෙහෙයවා ඇති බවට සාක්‍ෂි ලැබී ඇතැයි පොලිසිය පවසයි.

    උතුරු කළුතරදී බන්ධනාගාර බස්‌ රථයට ප්‍රහාර එල්ල කළ පාතාල පිරිස පලා ගිය වෑන් රථය ඉංගිරිය ප්‍රදේශයේ අතහැර දමා ගොස්‌ තිබියදී පොලිසිය පසුව සොයා ගත්තේය. එම වෑන් රථයේ තිබී සැකකටයුතු ඇඟිලි සලකුණු 27 ක්‌ තිබිණි.

    අංගොඩ ලොක්‌කාගේ ඇඟිලි සටහන් පොලිස්‌ අපරාධ වාර්තා කොට්‌ඨාසය සතුව තිබූ අතර වෑන් රථයෙන් සොයාගත් ඇඟිලි සටහන් අංගොඩ ලොක්‌කාගේ බවට තහවුරු විය.

    මෙම ප්‍රහාරය එල්ල කළ අංගොඩ ලොක්‌කා ඇතුළු පාතාල කල්ලිය මේ වනතුරුත් අත්අඩංගුවට ගැනීමට පොලිසියට නොහැකි වී ඇත.

    මොවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස්‌ කණ්‌ඩායම් 07 ක්‌ යොදවා ඇති අතර ප්‍රදේශ ගණනාවක්‌ පීරමින් මොවුන් සෙවීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කෙරේ.

  • පිරිමින්ට වඩා ගැහැණුගේ මොළේ වැඩිලු; පර්යේෂණයකින් හෙළිවෙයි

    කාන්තාවන් සහ පිරිමින් අතරින් බුද්ධිමත් බවින් ඉහළින් සිටින්නේ කාන්තාවන් බව ඔහායෝ විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යා පර්යේෂණ අංශයේ පර්යේෂකයෝ පවසති. ඔවුන් එසේ පවසන්නේ වයස අවුරුදු හයේ සිට 56 දක්වා වයස් කාණ්ඩවල කාන්තා සහ පිරිමි තිස් දහසක් යොදා ගෙන වසර තුනක් තුළ සිදු කරන ලද පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස ය.

    මතක තබා ගැනීමේ හැකියාව, කටපාඩම් කිරීමේ හැකියාව, ධාරණ හැකියාව, නිර්මාණ ශීලී හැකියාව, තර්කන හැකියාව අතින් කාන්තාවන් පිරිමින්ට වඩා පියවර කීපයක් ඉදිරියෙන් සිටින බව මෙම පරියේෂණයේ දී තහවුරු වී තිබේ.

    ඊට අමතරව නැතිවූ යමක් පහසුවෙන් සොයා ගැනීමේ හැකියාව, සංවේදී බව, පිරිසිදුකම, ඕනෑම කාර්යයක් පිළිවෙලට කිරීමේ හැකියාව, ආතතිය පීඩනය වැනි තත්වයන් දරා ගැනීමේ හැකියාව, පරිගණකය පහසුවෙන් හැසිරවීමේ හැකියාව, විශාල පිරිසක් පහසුවෙන් පාලනය කිරීමේ හැකියාව ආදිය අතින් ද කාන්තාවන් පිරිමින්ට වඩා ඉදිරියෙන් සිටින බව මෙම පර්යේෂණයේ දී හෙලි වී තිබේ. මෙම සියළු අංශ ඔස්සේ සළකා බැලූ විට කාන්තාවන් පිරිමියන්ට වඩා සියයට 18 කින් පමණ ඉදිරියෙන් සිටින බව ද වාර්තා වේ.

    නමුත් කාලය වැය කරමින් සිදු කළ යුතු කාර්යයන්, උදාහරණ ලෙස පරිපථ සහ මෝටර් රථ ශිල්පය වැනි විෂයන්වලදී මෙන්ම ගණිතය, ඉංජිනේරු ශිල්පය වැනි විෂයන්වලදී ද පිරිමින් කාන්තාවන් අභිබවා ගොස් තිබේ. නමුත් එය සියයට තුනක් පමණ වන මට්ටමකිනි. ඒ අනුව කාන්තා සහ පිරිමි බුද්ධි මට්ටම් සසදා බැලීමේ දී සමස්ත වශයෙන් කාන්තාවන්ගේ බුද්ධිමත් බව පිරිමින්ගේ බුද්ධිමත් බව මෙන් සියයට 28 කින් පමණ ඉහළ අගයක් ගන්නා බව ද මෙම පර්යේෂණලින් හෙලි වී තිබේ.

  • හිරේ ගිය විමල් එළියෙ ඉදන් උපන් දිනය සැමරූ හැටි

    ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ 47 වැනි උපන් දිනය අද (07)ට යෙදී ඇත.පසුගිය රජයේ අමාත්‍යවරයෙකුව සිටියදී රජයේ වාහන අවභාවිතාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඒ මහතා රක්ෂිත බන්ධනාගාරගත කර අදට දින 55කි. ඒ මහතාගේ උපන්දිනය වෙනුවෙන් ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා පක්ෂ සාමාජිකයින් බෝධි පූජා පින්කම් ඇතුළු ආගමික වැඩසටහන් රැසක් රට පුරා සංවිධානය කර ඇත.









    උපුටා ගැනීම – ලක්බිම