Category: සුපිරි News

  • ආරක්‍ෂිත දෝෂයක්: Zoom මෘදුකාංගය වහාම Update කරන්න

    ආරක්‍ෂිත දෝෂයක්: Zoom මෘදුකාංගය වහාම Update කරන්න

    COVID-19 වසංගතය නිසා මිලියන සංඛ්‍යාත සේවකයින්ට නිවසේ සිට සේවය කිරීමට සහ පාසල් සිසුන්ට අධ්‍යාපන නිවසේ සිට අධ්‍යාපන කටයුතුවල නියැලීමට සිදුවී ඇති අතර මේ සදහා Zoom නම් ටෙලි සම්මන්ත්‍රණ මෘදුකාංගයක් යොදාගැනීමට ලොව පුරා මෙන්ම ශ්‍රී ලාංකික බහුතර ජනතාවද කටයුතු කර ඇත.

    මෙම යෙදුමෙහි පවතින ආරක්ෂක දෝෂයක් උපකාරී කොටගෙන මෙම මෘදුකාංගය භාවිතා කරනන්ගේ පෞද්ගලිකත්ව දත්ත, පරිගණකයෙහි මුරපද සොරාගැනීමට හැකි බව සයිබර් ආරක්ෂක ප්‍රවීනයන් විසින් හදුනාගෙන ඇත.

    එම ආරක්‍ෂිත දෝෂයට පිළියම් යොදන ලද නවතම Zoom මෘදුකාංග සංස්කරණය එම සමාගමෙන් නිකුත්කොට ඇත. ශ්‍රී ලාංකික Zoom මෘදුකාංග පරිශීලකයන් නවතම Zoom යාවත්කාලීනය වහාම ලබාගන්නා ලෙස අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස දැනුම් දෙමු.

  • ජනපතිගෙන් විශේෂ දැනුම් දීමක්

    ජනපතිගෙන් විශේෂ දැනුම් දීමක්

    රටේ පවත්නා හදිසි තත්ත්වය හමුවේ විවිධ වෙබ් පිටු හා සමාජ මාධ්‍ය ඔස්සේ සිය ප්‍රකාශ ලෙස සකස් කළ අසත්‍ය පණිවිඩ හුවමාරු වන බව නිරීක්ෂණය වී ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සිය නිල වෙබ් පිටුවේ සටහනක් තබමින් සදහන් කර ඇත.

    එම සම්පූර්ණ සටහන පහත සදහන් වේ, 

    “මේ දිනවල රටේ පවත්නා හදිසි තත්ත්වය හමුවේ විවිධ වෙබ් පිටු හා සමාජ මාධ්‍ය ඔස්සේ මාගේ ප්‍රකාශ ලෙස සකස් කළ පණිවිඩ හුවමාරු වන බව නිරීක්ෂණය විය. මෙම නිසා විවිධ සාවද්‍ය ප්‍රකාශ ජනගත වීමට ඉඩ ඇති හෙයින් සියලුම නිවේදන හෝ ප්‍රකාශ මාගේ නිල වෙබ් පිටු සහ සමාජ මාධ්‍ය පිටු හරහා පමණක් ප්‍රකාශයට පත්කරන බව දැනුම් දෙමි.“

  • ශ්‍රී ලංකාවේ 04 වැනි කොරෝනා මරණයත් වාර්තා වෙයි

    ශ්‍රී ලංකාවේ 04 වැනි කොරෝනා මරණයත් වාර්තා වෙයි

    මෙරට නව කොරෝනා ආසාදිත සිවුවන පුද්ගලයාගේ මරණය අද (2) රාත‍්‍රියේ වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා විසින් තහවුරු කළ බව රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද රාත‍්‍රියේ නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වෙනවා.

    මියගොස් ඇත්තේ අයි.ඩි.එච් රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි 58 හැවිරිදි පුද්ගලයෙකු බවත් ඔහු නිව්මෝනියා තත්ත්වය උත්සන්න වීමෙන් මිය ගිය බවත් එම මාධ්‍ය නිවේදනයේ වැඩි දුරටත් සදහන් වේ.

  • ශ්‍රී ලංකාවේ Covid 19 ආසාදිතයින් 151ක් – ලෝකයේ 964,603ක් සහ මරණ 49,240ක්

    ශ්‍රී ලංකාවේ Covid 19 ආසාදිතයින් 151ක් – ලෝකයේ 964,603ක් සහ මරණ 49,240ක්


    අද දිනයේදී (2) කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු කළ රෝගීන් 5 දෙනකු හදුනා ගත් බව ද ඒ අනුව ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 151 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය කියයි.

    අද දිනය වන විට ලෝකය පුරා කොරෝනා අසාදිත පුද්ගලයින් ක් හදුනා ගෙන ඇති බවත් මරණ ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය වැඩි දුරටත් සදහන් කරයි.

  • කොරෝනා වෛරසය සහ ශ්‍රී ලංකාව: Covid -19 අවමංගල්‍ය කටයුතුවලට බලපාන ආකාරය

    කොරෝනා වෛරසය සහ ශ්‍රී ලංකාව: Covid -19 අවමංගල්‍ය කටයුතුවලට බලපාන ආකාරය

    කොරෝනාවෛරස් මරණ සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ යන පසුබිමක ඉන් මරණයට පත් වූවන්ගේ අවසන් කටයුතු සිදු කරන ආකාරය සාමාජයීය ගැටලුවක් දක්වා වර්ධනය වන ස්වභාවයක් දක්නට ලැබේ.

    එය ශ්‍රී ලංකාවට පමණක් නොව ඉතාලිය වැනි යුරෝපා රටවල ද සංවාදයට බඳුන්වන පොදු තත්ත්වයකි.

    කොවිඩ්-19 වසංගත රෝගයක් වන බැවින් රෝහල්ගත කෙරෙන රෝගීන් අසලට ඔවුන්ගේ ඥාතීන්ට යා නොහැක. ජීවත් වීමට වරම් නොලබන ඉන් සමහරෙකු මරු තුරුළට යන්නේ ඥාතීන්ට සමු දීමටවත් ඉඩක් නොතබාය.

    වෛරසය ආසාදනය වී මරණයට පත් පුද්ගලයන් වෙනුවෙන් අවමංගල්‍යය උත්සව නොපැවැත්වෙන පසුබිමක සොවින් බර ඥාතීන් එමගින් තවත් කම්පනයට පත් විය හැක. ඇතැම් විට එම කම්පනය ජීවිත කාලය පුරා ම පැවතිය හැක. ඒ අවසන් ගමන් යන සමීපතමයෙකුගේ දේහයට නිසි ගරුබුහුමන් දැක්වීම ඕනෑ ම ජන වර්ගයක අධ්‍යාත්මය හා බැඳී පවතින්නක් බැවිනි.

    සංස්කෘතික හා ආගමික චාරිත්‍රවලට සංවේදී වෙමින් මළ ගිය ඇත්තන් වෙනුවෙන් අවසන් ගෞරව දැක්වීමට ගත හැකි උපරිම පියවර ගන්නා අතරේ කොරෝනාවෛරසය වැනි වසංගත රෝගයක් පැතිර යාම වැළැක්වීම සඳහා ඉන් මරණයට පත් වූවන්ගේ මෘත දේහ පිළිබඳ අවසන් කටයුතු නිසි ප්‍රමිතියකට අනුව සිදු කිරීම සම්බන්ධයෙන් පොදු එකඟතාවකට පැමිණීමට ඇතැම් රටවල් කටයුතු කර තිබේ.

    එවැනි සෞඛ්‍යාරක්ෂිත පියවර හේතුවෙන් ලොව ඒ ඒ ප්‍රජාවන්ට අනන්‍ය වූ වසර සිය ගණනක්, ඇතැම් විට දහස් ගණනක් පුරා පැවත ආ අවමංගල්‍ය චාරිත්‍රවලට බලපෑමක් එල්ල වී ඇත. එම තත්ත්වය ඉදිරි සති කිහිපය හෝ ඇතැම් විට මාස ගණනක් දක්වා පැවතීමට ද ඉඩ ඇත.

    ශ්‍රී ලංකාව තුළ කොරෝනාවෛරසය ආසාදනය වී මරණයට පත් සංඛ්‍යාව තිදෙනෙකු දක්වා ඉහළ යත් ම අවමංගල්‍ය කටයුතු සිදු කරන ආකාරය සම්බන්ධයෙන් සංවාදයක් මතුව තිබේ. ඒ මීගමුවේදී මරණයට පත් දෙවෙනි රෝගියාගේ මෘත දේහය ඉස්ලාම් ආගමික චාරිත්‍රවලින් බැහැරව ආදාහනය කිරීමට පියවර ගැනීමත් සමගය.

    මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීම් ඒ සම්බන්ධයෙන් ඔහුගේ ෆේස්බුක් පිටුවේ තබන ලද සටහනක් සමාජ ජාල ඔස්සේ දැඩි කතාබහට ලක් විය. සිය ආගමික විශ්වාසයට අනුව යමින් එකී රෝගියාගේ දේහය භූමදානය කිරීමට අවසර ලබා නොදී ආදාහනය කිරීම සම්බන්ධයෙන් කනගාටුවට පත් වන බව එහි සඳහන් විණි.

    Rauff Hakeemon Monday

    It is unfortunate, regrettable and of course reprehensible that the Janaza of the Negombo Victim of the Covid 19 virus had been cremated without permitting the burial as is ordained in our faith. We tried our best in whatever manner possible in the given circumstances to get higher political and medical authorities to intervene to prevent the hurried cremation. Dr Suhail from B’coloa Teaching Hospital who is an office bearer of the GMOA along with Seyed Ali Zahir Moulana for…See more

    එකී සටහන විවේචනයට ලක් කරමින් අදහස් දක්වා තිබූ බහුතරයකගේ මතය වී තිබුණේ මේ මොහොතේ ආගමික විශ්වාසයන් පසෙක තබා පොදු ජනයාගේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියා කළ යුතු බවය.

    කොරෝනාවෛරසය පැතිර යාම සඳහා ඉස්ලාමීය අවමංගල්‍ය චාරිත්‍ර පමණක් නොව පිරිත් පැන් ඉසීම, දේව මෙහෙයන් සහ පූජා වැනි සියලු ම ආකාරයේ ආගමික වත්පිළිවෙත් නවතා දැමිය යුතු බවට ද ඒ අතර අදහස් ඉදිරිපත් වී තිබිණි.

    Facebook හි කාරිමඩිත්තේ කළ පළකිරීම: කරුණාකර දැන් ඔවුන්ට ඉඩ දී 
ඔ⁣බේ විජ්ජාවන් පසුව පෙන්න ගන්න.

    කෙසේ නමුත් කෝවිඩ්-19 ආසාදනය වැළැක්වීම සහ ඒ හා සම්බන්ධ රෝගීන්ගේ මෘත දේහ ආරක්‍ෂිත ලෙස කළමනාකරණය කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ලොව රටවල් 182 ක් සාමාජිකත්වය දරන ලෝක සෞඛ්‍ය සංවිධානය හඳුන්වා දී ඇති මාර්ගෝපදේශ අනුව ඉන් මරණයට පත් රෝගියෙකුගේ දේහය ආදාහනය හෝ භූමදානය යන දෙයාකාරයට ම සිදු කළ හැක.

    getty

    පහත දැක්වෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හඳුන්වා දී ඇති මාර්ගෝපදේශයි:

    මෘත දේහය සූදානම් කිරීමේදී:

    • මෘත ශරීරය සූදානම් කරන (උදා: දේහය සෝදන, හිසකෙස් සකසන, නිය කපන, හෝ රැවුල කපන) සෞඛ්‍ය සේවා හෝ මෘත ශරීරාගාර කාර්යමණ්ඩල සේවකයන් සම්මත පූර්වාරක්ෂක පියවර අනුගමනය කරමින් පෞද්ගලික ආරක්ෂණ උපකරණ (PPE: අත්වැසුම්, වරක් භාවිත කර ඉවත දමන ආරක්‍ෂිත ගවුම්, වෛද්‍ය මුහුණු ආවරණ, අක්ෂි ආවරණ) පැළඳිය යුතුය.
    • පවුලේ ඥාතීන්ට දේහය ස්පර්ශ නොකර එය දැක ගැනීමට පමණක් අවශ්‍ය නම් දෑත් පිරිසිදුව තබා ගැනීම ක්‍රමවේද ඇතුළු සම්මත පූර්වාරක්ෂක පියවර අනුගමනය කරමින් (සෑම විට ම) එසේ කළ හැක. දේශය ස්පර්ශ නොකරන ලෙස හෝ සිප නොගන්නා ලෙස ඥාතීන්ට පැහැදිලි ලෙස උපදෙස් ලබා දෙන්න.
    • අනවශ්‍ය ලෙස දේහය අතපත ගෑම වළකාලීම සඳහා එම්බාම් කිරීම නිර්දේශ නොකරයි.
    • අවුරුදු 60 ට වැඩි සහ ප්‍රතිශක්තිය අඩු පුද්ගලයන් දේහය අසල ගැවසීමෙන් වැළකී සිටිය යුතුය.

    දේහය පිළිබඳ අවසන් කටයුතු:

    භූමදානය හෝ ආදාහනය යන දෙයාකාරයට ම සිදු කළ හැක.

    • ඒ ඒ රට හෝ පළාත අනුව දේහය රැගෙන යන සහ සූදානම් කරන ආකාරය සම්බන්ධයෙන් දී ඇති නියෝග පිළිබඳ සහතික කර ගන්න.
    • චාරිත්‍ර අනුව දේහය භූමදානය සඳහා සූදානම් කිරීමෙන් පසු පවුලේ ඥාතීන්ට සහ හිතවතුන්ට එය දැක ගැනීමේ හැකියාවක් ඇත. ඔවුන් දේහය ස්පර්ශ කිරීමෙන් හෝ සිප ගැනීමෙන් වැළකී සිටිය යුතුය. දේහය දැක බලා ගැනීමෙන් පසු ඔවුන් සබන් සහ වතුර යොදා හොඳින් දෑත් පිරිසිදු කර ගත යුතුය.
    • දේහය මිහිදන් කිරීමේදී හෝ ආදාහනය කිරීමේදී එය තැන්පත් කිරීමේ කටයුතුවල යෙදෙන පුද්ගලයන් අත්වැසුම් පැළඳිය යුතු අතර අවසන් කටයුතු නිමවීමෙන් පසු ඒවා ඉවත් කර සබන් සහ වතුර යොදා හොඳින් දෑත් පිරිසිදු කර ගත යුතුය.

    මේ අතර ශ්‍රී ලංකාව තුළ කෝවිඩ් -19 ආසාදනය වී මරණයට පත්වන පුද්ගලයන්ගේ අවසන් කටයුතු සිදු කළ යුතු ආකාරය පිළිබඳ වසංගත රෝග විද්‍යා අංශය මාර්ගෝපදේශ හඳුන්වා දී ඇත (පිටු අංක 25).

    එකී මාර්ගෝපදේශ අනුව කෝවිඩ්-19 ආසාදිත රෝගියෙකුගේ දේහය ආදාහනය කළ යුතුය. ඒ අනුව:

    • අධිකරණ පරීක්ෂණයක් අවශ්‍ය නොවේ.
    • දේහය රැගෙන යාම සහ සූදානම් කිරීමේ කටයුතු අවම මට්ටමක පවත්වා ගත යුතුය.
    • රෝහල් ගොඩනැගිල්ලේ කලින් නියම කළ ස්ථානයකදී සමීප ඥාතියෙකුට/ ඥාතීන්ට දේහය දැක බලා ගත හැක.
    • එම්බාම් කිරීම/මරණ පරීක්ෂණ නොමැත. සිරුර නිවසට රැගෙන යා නොහැක.
    • සිරුරු බහාලීමට යොදා ගනු ලබන බෑගයක සිරුර තැන්පත් කර සීල් (මුද්‍රා) තැබිය යුතුය.
    • සීල් තැබීමෙන් පසු දේහය දැක බලා ගැනීමට හැකියාවක් නොමැත.
    • දේහය රැගෙන යාම සඳහා අවමංගල්‍ය සේවකයෙකු විසින් සීල් තැබූ බෑගය සහිත දේහය මිනී පෙට්ටියක තැන්පත් කළ යුතුය (මිනී පෙට්ටියත් සීල් තැබීම උචිතය).
    • දේහය පැය 24 ක් ඇතුළත ආදාහනය කළ යුතුය (පැය 12 ක් වඩාත් උචිතය).

    මේ විවාදය හමුවේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මාධ්‍ය වෙත පවසා තිබුණේ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ අනුගමනය කිරීමට ශ්‍රී ලංකාව බැඳී නොමැති බවය.

    ශ්‍රී ලංකාව අනුගමනය කළ යුතු පියවර දේශීය සෞඛ්‍ය සේවා විසින් තීරණය කර ගනු ලැබ යුතුව ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.

    Full Text by BBC Sandesaya

  • Covid 19 ගැන නොදන්නා කරුණු 09ක්

    Covid 19 ගැන නොදන්නා කරුණු 09ක්

    කොරෝනාවෛරසය…කල්ප කාලයක් සේ හැඟුණත් එය ලෝ වාසීන්ගේ කණට හසුවී ගතව ඇත්තේ මාස කිහිපයක් පමණි. ඒ පිළිබඳව පළමුව අසන්නට ලැබුණේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදීය.

    ලෝ වටා විද්‍යාඥයන් දැඩි පරිශ්‍රමයක් දරමින් සිටිය ද කොරෝනාවෛරසය පිළිබඳ තවමත් අප නොදන්නා දේ එමටය. ඊට පිළිතුරු සෙවීම සඳහා ලොව පුරා පරීක්ෂණ කෙරෙමින් පවතී.

    පහත දැක්වෙන්නේ ඒ සම්බන්ධයෙන් ලොව හමුවේ පවතින ප්‍රශ්නාර්ථ කිහිපයකි.

    ආසාදිතයන් සංඛ්‍යාව කොපමණ ද?

    එය වඩාත් මූලික ප්‍රශ්න අතරින් එකකි. එමෙන් ම වඩාත් වැදගත් ප්‍රශ්න අතරින් ද එකකි.

    ලොව පුරා ලක්ෂ ගණනකට කොවිඩ්-19 ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ. නමුත් එම සංඛ්‍යාව ආසාදිත මුළු පිරිසෙන් කොටසක් පමණි. එසේ ම වෛරසය ආසාදනය වී ඇතත් රෝග ලක්ෂණ මතුපිටට නොපෙනෙන රෝගීන් කොපමණ සිටී දැයි කිව නොහැකි බැවින් සංඛ්‍යා ලේඛන සම්බන්ධයෙන් තවදුරටත් පවතින්නේ ව්‍යාකූල තත්ත්වයකි.

    ප්‍රතිදේහ පරීක්ෂාවක් වැඩි දියුණු කිරීමෙන් කිසියම් අයෙකුට වෛරසය ආසාදනය වී ඇත්දැයි යන්න දැන ගැනීමට පර්යේෂකයන්ට ඉඩ ප්‍රස්ථාව හිමි වේ. කොරෝනාවෛරසය කෙතරම් දුරට සහ කෙතරම් පහසුවෙන් පැතිර යන්නේ ද යන්න වටහා ගත හැක්කේ එවිටය.

    සැබවින් ම එය කෙතරම් මාරාන්තික ද?

    කොපමණ ආසාදිතයන් සංඛ්‍යාවක් සිටී දැයි දැන ගන්නා තෙක් මරණ අනුපාතය නිශ්චිතව ම කිව නොහැක. වෛරසය ආසාදනය වන පිරිසෙන් 1% ක් පමණ මරණයට පත් වන බව මේ මොහොතේ ගණනය කර ඇත. නමුත් වෛරසය ආසාදනය වුවත් මතුපිටින් රෝග ලක්ෂණ දැකිය නොහැකි රෝගීන් විශාල වශයෙන් සිටින්නේ නම් මරණය අනුපාතය ඊට වඩා අඩු විය හැක.

    රෝග ලක්ෂණ පරාසය

    කොරෝනාවෛරසයේ ප්‍රධානතම රෝග ලක්ෂණ වන්නේ උණ සහ වියළි කැස්ස ය. ඒ සම්බන්ධයෙන් ඔබගේ අවධානය යොමු විය යුතුය.

    උගුරේ වේදනාව (Sore throat), හිසරදය සහ බඩයාම (Diarrhoea) වැනි රෝග ලක්ෂණ ද ඇතැම් රෝගීන්ගෙන් වාර්තා වී ඇත. එමෙන් ම සමහරක් රෝගීන් තුළ ගඳ සුවඳ නොදැනී යාමේ තත්ත්වයක් ද දැකිය හැකි බවට අනුමානයක් ද පවතී.

    නමුත් වඩාත් වැදගත් ප්‍රශ්නය නම් ඇතැම් රෝගීන් තුළ මෘදු සෙම්ප්‍රතිශ්‍යාව වැනි, එනම් නාසයෙන් සොටු දියර ගැලීම හෝ කිවිසුම් යාම වැනි රෝග ලක්ෂණ දැකිය හැකි දැයි යන්නය.

    එසේ විය හැකි බව අධ්‍යයන මගින් පෙන්නුම් කෙරෙන අතර වෛරසය ශරීරගතව ඇතත් ඒ බව නොදන්නා ඔවුන්ගෙන් අනෙක් අයට වෛරසය පැතිර යාමට ද ඉඩ ඇත.

    ළමුන්ගෙන් වෛරසය පැතිර යා හැකි ද?

    අනිවාර්යයෙන් ළමුන්ට කොරෝනාවෛරසය ආසාදනය විය හැක. කෙසේ නමුත් බොහෝ විට ඔවුන් තුළ මෘදු රෝග ලක්ෂණ වර්ධනය වන අතර සෙසු වයස් කාණ්ඩ හා සැසඳීමේදී සාපේක්ෂ වශයෙන් මරණ වාර්තා වන්නේ අඩුවෙනි.

    සාමාන්‍යයෙන් දරුවන් ඉහළ මට්ටමේ රෝග වාහකයන්ය. ඔවුන් තවත් බොහෝ දෙනෙකු සමග මිශ්‍ර වීම (බොහෝ විට ක්‍රීඩා කිරීමේදී) ඊට එක් හේතුවකි. නමුත් කොරෝනාවෛරසය ගත් කළ දරුවන් හරහා එය පැතිර යන්නේ කොපමණ දුරකට දැයි යන්න නිශ්චිතව ම පැහැදිලි නැත.

    කොරෝනාවෛරසය නිශ්චිතව ම පැමිණියේ කොතැනින් ද?

    වෛරසය චීනයේ වූහාන් පළාතෙන් මතු වූයේ 2019 අගදීය. එහි පිහිටි සත්ත්ව මස් අලෙවි කෙරෙන වෙළෙඳපොළකින් රෝගීන් රාශියක් වාර්තා විය.

    කොරෝනාවෛරසය නිල වශයෙන් හඳුන්වනු ලබන්නේ ‘Sars-CoV-2’ ලෙසය. එය හා වවුලන්ට ආසාදනය වන වෛරස් වර්ග අතර සමීප සම්බන්ධයක් දැකිය හැක. කෙසේ නමුත් වවුලන්ගෙන් වෙනත් සත්ත්ව විශේෂයකට ආසාදනය වී ඔවුන් හරහා මිනිසුන් වෙත වෛරසය පැමිණි බව විශ්වාස කරේ.

    තවමත් එම “පුරුක”හඳුනාගෙන නොමැති අතර එමගින් තවදුරටත් වෛරසය පැතිර යාමේ හැකියාවක් පවතී.

    උණුසුම් කාලගුණයෙන් බලපෑමක් සිදුවේ ද?

    ග්‍රීෂ්ම කාලයට වඩා, සීත කාලවලදී සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ රෝගී තත්ත්වයන් බහුලව දැකිය හැක. නමුත් උණුසුම් කාලගුණය මගින් කොරෝනාවෛරසය පැතිර යාම මැඩපැවැත්වෙනු ඇත්දැයි යන්න තවමත් තහවුරු වී නොමැත.

    කොරෝනාවෛරස් රෝගීන් සම්බන්ධයෙන් සෘතු වෙනස්වීම්වල බලපෑමක් වේ දැයි යන්න අපැහැදිලි බව බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ විද්‍යා උපදේශකයෝ අනතුරු අඟවති.

    යුරෝපා රටවල ග්‍රීෂ්ම සෘතුවේදී වෛරසය පැතිර යාමේ දැඩි පසුබෑමක් පෙන්නුම් කළහොත් යළි ශීත කාලයේ එහි තීව්‍ර වර්ධනයක් ඇති වීමේ අනතුරක් පවතී. සාමාන්‍යයෙන් ශීත කාලය වන විට සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ ආශ්‍රිත වෙනත් වෛරස්වලට ගොදුරු වූවන් ද රෝහල් වෙත ගලා එන බැවින් රෝගීන් විශාල සංඛ්‍යාවකට ප්‍රතිකාර කිරීමට සෞඛ්‍ය අංශවලට සිදු වනු ඇත.

    ඇතැම් පුද්ගලයන්ට බරපතළ රෝග ලක්ෂණ පහළ වන්නේ ඇයි?

    කොවිඩ්-19 අසාදනය වූ බොහෝ දෙනෙකු තුළ දැකිය හැක්කේ මෘදු රෝග ලක්ෂණය. කෙසේ වුවත් 20% ට පමණ වඩාත් බරපතල රෝග ලක්ෂණ වර්ධනය වේ. එසේ වීමට හේතුව කුමක් ද?

    පුද්ගලයෙකුගේ ප්‍රතිශක්ති මට්ටම ඊට එක් හේතුවක් වන අතර ජානවල බලපෑමක් ද තිබිය හැක. එම කරුණු සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගැනීම දැඩි සත්කාර වෙත තල්ලු වීම වළකා ගැනීම සඳහා මාර්ග සෙවීමේ ලා උපකාරී විය හැක.

    ප්‍රතිශක්තිය කොතරම් කාලයක් පවතී ද? දෙවරක් වෛරසය ආසාදනය විය හැකි ද?

    බොහෝ අනුමාන තිබුණ ද ඕනෑ ම ආකාරයක ප්‍රතිශක්තියක් කෙතරම් කල් පවතින්නේ ද යන්න පිළිබඳ සාක්ෂි පවතින්නේ අඩු වශයෙනි.

    යමෙකු සාර්ථවකව වෛරසය පරාජය කරන්නේ නම් ඔහු හෝ ඇය තුළ ප්‍රතිශක්තිකරණය වර්ධනය විය යුතුය. නමුත් වෛරසය එළියට පැමිණ ගතව ඇත්තේ සීමිත කාලයක් බැවින් දීර්ඝ කාලීන දත්තවල අඩුවක් පවතී.

    දෙවරක් ආසාදනය වී ඇති බවට පවතින කටකතා නිර්මාණය වනුයේ, වෛරසය ශරීරගතව නොමැති බවට ලබා දුන් වැරදි පර්යේෂණ නිගමන අනුව විය හැකිය.

    ප්‍රතිශක්තිය සම්බන්ධයෙන් පවතින ප්‍රශ්නය, දීර්ඝ කාලීනව කුමක් සිදුවේ දැයි යන්න පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම සඳහා අතිශය වැදගත්ය.

    වෛරසය වෙනස් වනවා ද?

    වෛරස් සෑම විට ම වෙනසකට භාජනය වේ. නමුත් ඒවායේ ජාන ස්වභාවයේ සිදුවන බොහෝ වෙනස්කම් මගින් සැලකිය යුතු වෙනසක් සිදු නොවේ.

    සාමාන්‍ය රීතියක් වශයෙන්, දීර්ඝ කාලයක් ගත වන විට භයානකත්වය අඩු වන පරිදි වෛරස්වල විකාශනය සිදු වේ. නමුත් ඒ පිළිබඳ සහතිකයක් දිය නොහැක.

    වෛරසය වෙනස් වීමකට භාජනය වුවහොත් ප්‍රතිශක්තිකරණ පද්ධතියට තවදුරටත් එය හඳුනා ගත නොහැකි වනු ඇත. එමෙන් ම ඊට සුවිශේෂී ලෙස සැකසූ එන්නතක් වේ නම් එය බල රහිත වනු ඇත. (උණ සහ සෙම්ප්‍රතිෂාව ආශ්‍රිත වෛරස් සම්බන්ධයෙන් දැකිය හැකි පරිදි).

    (බීබීසී සන්දේශය ඇසුරින් සම්පූර්ණයෙන් උපුටා ගත් වාර්තාවකි )

  • COVID -19 මැඩපැවැත්වීමට  විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් යෝජනා 07 ක්

    COVID -19 මැඩපැවැත්වීමට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් යෝජනා 07 ක්

    කොරෝනා වෛරසය මැඩපැවැත්වීම සදහා ගත යුතු ක්‍රමවේද, යෝජනා සහ අදහස් ඉදිරිපත් කිරීම සදහා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ඊයේ (01) දින සවස සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී මුණ ගැසුනි.

    මෙහිදී විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය මගින් ප්‍රධාන වශයෙන්ම යෝජනා 07 ක් සෞඛ්‍ය අමාත්‍යතුමිය වෙත ඉදිරිපත් කරන ලදි.

    එම ඉදිරිපත් කරන ලද යෝජනා පහත පරිදි වේ.

    01.කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව තිබෙන සියලු දෙනා COVID -19 රෝගීන් දැයි තහවුරු වන තෙක් ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් ප්‍රතිකාර සේවාවන් සිදු කිරීම.

    02. කොරෝනා වෛරසය පිළිබද සිදුකරන පර්යේෂණ සහ නිර්ණායක පුළුල් කිරීම.

    04.කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව සදහා ප්‍රතිකාර ගැනීමට රෝහල්වලට පැමිණෙන රෝගීන්  විශේෂිත වාට්ටුවල ප්‍රතිකාර ලබා දීම.

    05. COVID -19 ප්‍රතිකාර සේවාවන් සිදු කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩල සදහා ලබාදෙන පුද්ගල ආරක්ෂිත උපකරණ ඇගළුම් වැනි දෑ රෝහල්වලට නිසි ක්‍රමවේදයට ලබාදීම.

    06. කොරෝනා වෛරසය ආසාදිතයින්ට ප්‍රතිකාර කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලට ජිවිත රක්ෂණ ක්‍රමයක් සකස් කිරීම.

    07. සායනික ප්‍රතිකාර සිදු කිරීමේ දී විශේෂඥ උපදෙස් ලබාගැනීම

    මෙම යෝජනා අතුරින් කොරෝනා ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර සිදු කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඇගයීමක් ලෙස ජිවිත රක්ෂණ ක්‍රමයක් සකස් කරන යෝජනාව ඉතාම කාලෝචිත යෝජනාවක් බවටත්, එවැනි යෝජනාවක් ඉදිරිපත් කිරීම පිළිබදව එම සංගමයට සෞඛ්‍ය අමාත්‍යතුමිය ස්තූතිය පළ කරන ලදි. අනෙකුත් යෝජනා ද කාලෝචිත යෝජනා බැවින් ඒ පිළිබද විශේෂ අවධානය යොමු කර කටයුතු කරන බවත්, කොළඹ, කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්ක වල වෙනම කොරෝනා වෛරසය ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීමට රෝහල් ස්ථාපිත කිරීමට කටයුතු කරන බව අමාත්‍යතුමිය පැවැසීය.

    මනා කළමණාකාරීත්වයකින්, අනාගත දැක්මකින් තීන්දු තීරණ ගැනීම පිළිබදව විශේෂඥ වෛද්‍ය සංගමයේ වෛද්‍යවරු සෞඛ්‍ය අමාත්‍යතුමියට මෙහිදී විශේෂ ස්තූතියක් පළ කිරීම ද විශේෂත්වයක් විය.

    මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලලන්ත රණසිංහ මහතා, ලේකම් විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න මහතා ඇතුලු පිරිසක් සහභාගි වී සිටියේය.

  • ශ‍්‍රී ලංකාවේ 03වැනි Covid 19  මරණයත් වාර්තා වෙයි

    ශ‍්‍රී ලංකාවේ 03වැනි Covid 19 මරණයත් වාර්තා වෙයි

    ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 72 හැවිරිදි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත් වීමට ස්වල්ප වේලාවකට පෙර ඔහු කොරෝන වෛරසය ආසාදිතයෙකු බව තහවුරු කරගෙන ඇත.

    මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ මරදාන ප්‍රදේශයේ පදිංචි පිරිමි පුද්ගලයෙකි.

    මෙම පුද්ගලයා දියවැඩියාව, අධික රුධිරපීඩනය, දීර්ඝකාලීන වකුගඩු අඩපණ වීම ආදී රෝග තත්ත්වයන්ගෙන් පෙළී තිබෙන බවත් ඔහු රෝහල්ගත වී ඇත්තේ රෝගය උත්සන්න වී ඇති අවස්ථාවේදී බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සදහන් කළේය.

    ඊයේ (01* රාත්‍රියේ දී සිදුවූ මෙම මරණය ශ්‍රී ලංකාවේ තෙවන කෙරෝනා මරණය බව අනිල් ජාසිංහ මහතා පැවසීය.

    මෙම මරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාසිංහ මහතා කියා සිටියේ මෙම පුද්ගලයා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින විට කොරෝනා වෛරසය ආසාදිතයෙකු බවට තහවුරු කර ගෙන ඇත්තේ ද ඊයේ දිනයේම බවයි. ඒ බව තහවුරු වූ වහාම රෝගියා අයිඩී.එච් රෝහල වෙත මාරු කරන අවස්ථාවේ දී ඔහු මිය ගොස් ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ.

  • අදත් කොරෝනා ආසාදිතයන් තිදෙනකු හමුවෙයි

    අදත් කොරෝනා ආසාදිතයන් තිදෙනකු හමුවෙයි

    නව කොරෝනා වෛරසය අසාදිත තවත් පුද්ගලයින් තිදෙනකු අද (01) දින හමු වූ බව සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශය කියයි. ඒ සමඟ මේ වන විට ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 146 දක්වා වැඩි වී තිබේ. අද දින හමු වූ ආසාදිතයෝ කුරුණෑගල, යාපනය සහ මරදාන යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන්ය.

  • ශ්‍රී ලන්කන් ගුවන් සේවය සියලු ගුවන් ගමන් අත්හිටුවයි

    ශ්‍රී ලන්කන් ගුවන් සේවය සියලු ගුවන් ගමන් අත්හිටුවයි

    ලොව පුරා පනවා ඇති ගුවන් ගමන් සීමාවන් සැළකිල්ලට ගෙන මේ මස 8 වැනිදා සිට 21 වැනිදා දක්වා කාලය තුළ , ශ්‍රී ලන්කන් ගුවන් සේවය සිදු කරන සියලුම ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙන බව ශ්‍රී ලන්කන් ගුවන් සමාගම නිවේදනක් නිකුත් කරමින් සදහන් කළා.

    එහෙත් මෙම කාළය තුළ ලෝක තත්ත්වය යහපත් වුවහොත් වෙළෙඳපළ තත්වය සහ විවිධ බලධාරීන් විසින් පනවා ඇති ගුවන් ගමන් සීමාවන් සමාලෝචනය කර මෙවැනි සීමාවන් ඉවත් කරනු ලැබුවහොත් 21 දිනට පෙර කෙටි දැනුම්දීමකින් අනතුරුව සිය ගුවන් ගමන් මෙහෙයුම් නැවත  ආරම්භ කිරීමට ද  ශ්‍රී ලන්කන් ගුවන් සේවය සූදානමින් සිටින බව ද එම නිවේදනයේ සදහන් වෙනවා.

    එමෙන්ම ලෝක ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවා ජාලය මේ පසුබිම යටතේත් අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර අවශ්‍ය විටෙක ඒ සදහා විශේෂ ගුවන් ගමන් මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට ද ශ්‍රී ලන්කන් ගුවන් සේවයට සූදානමින් සිටින බවයි නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ.

    විවිධ රටවල සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීමට රජය විසින් යෝජනා කරනු ලැබුවහොත් ඒ සදහා ක්‍රියාත්මක වීමට ද ශ්‍රී ලන්කන් ගුවන් සේවය කැමැත්තෙන් සිටින බව ද එම නිවේදනයේ සදහන්.

    ප්‍රවේශ පත්‍ර නැවත වෙන් කරවා ගැනීමටෙ, නිකුත් කරවා ගැනීමට සහ මේ පිළිබඳව වැඩිදුර තොරතුරු පැහැදිලි කර ගැනීම සදහා www.srilankan.com වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ +94117771979 දුරකථන අංකය ඇමතීමෙන් හෝ ඔබගේ සංචාරක නියෝජිතයා අමතන ලෙසද ශ්‍රී ලන්කන් ගුවන් සේවය වැඩිදුරටත් දන්වා සිටිනවා.

  • සියලුම ඔසුසල් 2,3 සහ 6 වැනිදා විවෘත කළ යුතුයි – රජය නියෝග කරයි

    සියලුම ඔසුසල් 2,3 සහ 6 වැනිදා විවෘත කළ යුතුයි – රජය නියෝග කරයි

    ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් හෙට (2) අනිද්දා (3) සහ 6 වැනිදා (සදුදා) යන දින තුන තුළ දිවයිනේ සියලු ඔසුසල් විවෘතව තැබීමට රජය උපදෙස් ලබා දී ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසීය.

    අද (1) පැවැති මාධ්‍ය සාකච්ඡුාවකදී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා මේ බව ප‍්‍රකාශ කළේය.

    මෙම දින තුන තුළ ඔසුසල් විවෘත කර තැබීමට හෙතු පැහැදිලි කරමින් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේ මෙම දින තුන ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට විශ‍්‍රාම වැටුප් ලබා දෙන දින බැවින් ඔවුන්ට අවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සදහා රජය මෙම පියවර ගෙන ඇති බවයි.

    මෙම දින තුන තුළ එම පිරිසට ඔවුන්ගේ විශ‍්‍රාම හැදුනුම්පත ඇදිරීති බලපත‍්‍රයක් වශයෙන් සලකා එම කටයුතු සදහා සහය ලබා දෙන ලෙසට සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් දැනුවත් කර ඇති බවද ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සිය විශ‍්‍රාම වැටුප් ලබා ගැනීම වෙනුවෙන් අවශ්‍ය ප‍්‍රවාහන පහසුකම් යුද හමුදාව විසින් ලබා දෙන බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

  • Covid 19: සමාජ මාධ්‍ය අපයෝජකයින්ට නීතිය ක්‍රියාත්මක කරන්න – ITSSL රජයෙන් ඉල්ලයි

    Covid 19: සමාජ මාධ්‍ය අපයෝජකයින්ට නීතිය ක්‍රියාත්මක කරන්න – ITSSL රජයෙන් ඉල්ලයි

    ශ්‍රී ලංකාව මුහුණදී සිටින COVID-19 වයිරස ආපදා තත්වය යොදාගනිමින් යම් සංවිධානාත්මක කණ්ඩායම් ෆේස්බුක් වට්සැප් ඇතුළු අනෙකුත් සමාජ මාධ්‍ය වෙබ් අඩවි හරහා පදනම් විරහිත ප්‍රකාශ නිකුත් කිරීම, ජාතිවාදය ඇවිලෙනසුළු පුවත් සමාජගත කිරීම වැනි ක්‍රියාවන්හි නියැලී සිටින බවක් අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට නිරීක්ෂණය කිරීමට හැකිවී ඇත.

    සමාජ මාධ්‍ය වෙබ් අඩවි තුල සිදුවන මෙවැනි ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා  තොරතුරු තාක්ෂණ සංගමය නිරන්තර අවධානයෙන් පසුවන අතර විවිධ සංවිධානාත්මක කණ්ඩායම් විසින් මෙසේ සිදුකරගෙනු යනු ලබන අසත්‍ය පුවත් ප්‍රචාරණය හේතුවෙන් සමාජ මාධ්‍ය වෙබ් අඩවි පිලිබදව සාමාන්‍ය ජනයා තබා ඇති විශ්වසනීයත්වය නැතිවී යා හැකිය.

    රජය විසින් ගෙනයනු ලබන නිරෝධායන වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමට අන්තර්ජාලය තුල උත්සාහ දරන පිරිස් හදුනාගැනීමට රජයට සහ ආරක්ෂක අංශ වලට අවශ්‍ය සහයෝගය සහ මගපෙන්වීම් ලබාදීමට අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස සුදානම් බව දැනුම් දෙමු.

    තවද මේ වන විට අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය වෙත එක කල පුද්ගලයන් කිහිප දෙනෙකු අත්තඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට රජය කටයුතු කිරීම ප්‍රශංසනීය ක්‍රියාවක් බවද අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය වශයෙන් රජයට දැනුම් දෙමු.

  • අයි සහ නේත‍්‍රා නාළිකා අධ්‍යාපන නාළිකා බවට පත් කරයි

    අයි සහ නේත‍්‍රා නාළිකා අධ්‍යාපන නාළිකා බවට පත් කරයි

    පාසල් ආරම්භ කරන දින සිට සති දෙකක කාලයක් විශ්ව විද්‍යාල ප‍්‍රවේශය සදහා අයැදුම් කිරීමට කාලය ලබාදෙන බව උසස් අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා කියයි.

    අද (01) රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී උසස් අධ්‍යාලන අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.

    මහපොල ආධාර මුදල් ඊයේ දිනය වනවිට සරසවි සිසුන්ගේ ගිණුම්වලට බැර කර අවසන් කළ බව කී අමාත්‍යවරයා විශ්ව විද්‍යාල අධ්‍යාපන හා උසස් අධ්‍යාපනය ලබන සිසුන්ට විදුලි සංදේශ ආයතනවල අනුග‍්‍රහයෙන් ගාස්තු අයකිරීමකින් තොරව අන්තර්ජාලය ඔස්සේ දුරස්ථ අධ්‍යාපනය ලබා දීමට කටයුතු කරන බව ද පැවසීය.

    මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් අධ්‍යාපනය සදහාම වන රූපවාහිනී නාලිකාවක් ආරම්භ කරන තුරු රූපවාහිනි සංස්ථාවට අයත් ‘අයි’ නාලිකාව සහ ‘නේත‍්‍රා’ නාලිකාව අධ්‍යාපන නාලිකාවන් බවට පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇති බව ද ඒ අනුව මේ මස 20 වැනිදා සිට එම නාලිකාවන් දෙක පාසල් දරුවන් ගේ පාඩම් මාලා වෙනුවෙන් වෙන්වනු ඇති බව ද සදහන් කළේය.

    රජයේ පාසල්, ජාත්‍යන්තර පාසල්, පෙරපාසල් හා විශ්ව විද්‍යාල පද්ධතිය වෙනුවෙන් වූ අධ්‍යාපනික වැඩසටහන් පමණක් මෙම නාලිකාව ඔස්සේ ප‍්‍රචාරය වනු ඇතැයි කී උසස් අධ්‍යාපන ඇමැතිවරයා පවතින තත්ත්වය යටතේ ලක්ෂ 55ක් පමණ වන පාසල් හා විශ්ව විද්‍යාල දරුවන් ගේ අධ්‍යාපන ක‍්‍රියාකාරකම් කඩා නොවැටී ඉදිරියට ගෙන යාමට රූපවාහිනි නාලිකාවක් තිබීම ඉතා අත්‍යවශ්‍ය බවත් ඒ පිළිබඳව තමන් කැබිනට් මණ්ඩලයට ගෙන ආ යෝජනාවට අනුමැතිය ලැබීම සතුටට කරුණක් බවත් සදහන් කළේය.

  • උසස් පෙළ විභාගය කිසිසේත් කල් දමන්නේ නෑ – ඩලස්

    උසස් පෙළ විභාගය කිසිසේත් කල් දමන්නේ නෑ – ඩලස්

    උසස් පෙළ විභාගය කිසිසේත් කල් නොදමන බවත් එවැනි තීන්දුවක් රජය මේ වනතුරු රැගෙන නැති බවත් අධ්‍යාපන, ක‍්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අවධාරණය කරයි.

    අද (01* රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී අධ්‍යාලන අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.

    මෙහිදී අමාත්‍යවරයා කියා සිටියේ මෙවර උසස් පෙළ විභාගය කල් යන බවට ප‍්‍රධාන ධාරාවේ මාධ්‍ය ආයතන දෙකක් සහ සමාජ මාධ්‍ය විසින් ගෙන යන ප‍්‍රචාර සම්පූර්ණයෙන්ම සාවද්‍ය ඒවා වන බවයි.

    මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍යවරයා,

    ‘ පසුගිය වසරේදීත් උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි සිසුන් අවාසනාවන්ත අත්දැකීමකට මුහුණ දුන්නා. පසුගිය වසරේ අපේ‍්‍රල් 21 වැනිදා පාස්කු ඉරිදා සිදුවූ ප‍්‍රහාරය හේතුවෙන් උසස්පෙළ දරුවන්ට මාස තුනක් අහිමි වුණා. එයින් දරුවන් තුළ ඇතිවූ කම්පනය බරපතලයි.

    ඒ වගේම තමයි අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රතිඵල නිකුත් කිරීම ගැනත් සමාජය තුළ යම් කුතුහලයක් තිබෙනවා. සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රතිඵල නිකුත් කිරීම සදහා අවශ්‍යව තිබෙන්නේ ලකුණුවල නිරවද්‍යතාව පරික්ෂා කිරීම හා දත්ත ඇතුළත් කිරීම පමණයි. ඇදිරි නීතිය පවතින කාල සීමාවේ ද එම කටයුතු සිදුකරනවා. නිලධාරින් 35 දෙනෙකුට දින 14 කදී මෙම කටයුතු අවසන් කළ හැකියි. ඇදිරිනීතිය පවතින අවස්ථාවේම එම කටයුතු නිමා කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බැවින් ඒ සදහා වෙනම හෝටලයක් වෙන් කර ගෙන එහි සිට කටයුතු කරනවා. මේ කටයුතු අවසන් කර 30 වැනිදාට ප‍්‍රථම ප‍්‍රතිපල නිකුත් කිරීමට හැකියාව තිබෙනවා.

  • COVID-19 ආසාදිතයින් හදුනා ගැනීම සදහා PCR යන්ත්‍ර දෙකක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත බාර දෙයි

    COVID-19 ආසාදිතයින් හදුනා ගැනීම සදහා PCR යන්ත්‍ර දෙකක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත බාර දෙයි

    COVID-19 හෙවත් නව කොරෝනා වෛසරය ආසාදිත රෝගීන් හදුනා ගැනීම සදහා කෙරෙන PCR (Polymerase chain reaction)  පරීක්ෂණය සදහා යොදා ගන්නා යන්ත්‍ර දෙකක් අද දින (01) විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී බාරදෙනු ලැබීය.

    විදුලිබල අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයක් වන ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ ඉල්ලීම පරිදි අන්තර්ජාතික පරමාණුක බලශක්ති ඒජන්සිය විසින් මෙම නව උපකරණ ලබාදුන් අතර, මෙම උපකරණ පද්ධතියට අදාල සියලුම උපාංග ද ලබාදෙනු ලැබ ඇත. රුපියල් මිලියන 23 ක් වටිනා නව PCR පරීක්ෂණ යන්ත්‍ර දෙක පරීක්ෂණ සේවා අවශ්‍යතාවය සැළකිල්ලට ගෙන අදාල රෝහල් වෙත ලබාදිමට සෞඛ්‍ය අමාත්‍යාංශය සැළසුම් කොට ඇත.

    කොරෝනා ආසාදිත රෝගීන් හදුනාගැනීමේ කටයුතු කඩිනම් කිරිම මෙම පරිත්‍යාගයේ අරමුණ බව මෙම අවස්ථාවට සහභාගි වෙමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය. මෙහිදී සෞඛ්‍ය අමාත්‍යතුමිය කියා සිටියේ COVID-19 වෛරසයට අදාලව ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීමේ අදිටනින් අන්තර්ජාතික පරමාණුක බලශක්ති ඒ්ජන්සිය කළ මෙම පරිත්‍යාගයට සිය ස්තූතිය පුද කරන බවයි.  මෙම උපකරණ කඩිනමින් ස්ථාපිත කොට පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට කටයුතු කරන බව ද සෞඛ්‍ය අමාත්‍යවරිය පැවැසීය.

    මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය සහ ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ සභාපතිවරයා ඇතුලු පිරිසක් සහභාගි වී සිටියහ.

  • ගම්පහ සමෘද්ධි ප්‍රතිලාභීන්ගෙන් 91%කට රු 5000 ක පළමු වාරිකය ගෙවා අවසන්

    ගම්පහ සමෘද්ධි ප්‍රතිලාභීන්ගෙන් 91%කට රු 5000 ක පළමු වාරිකය ගෙවා අවසන්

    කෝවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් රජයේ තීරණය අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ සමෘද්ධි ප්‍රතිලාභීන්ගෙන් 91% කට රු 5000 ක පළමු වාරිකය ගෙවා අවසන් බව කාර්මික අපනයන , ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඇමතිවරයා පෙන්වා දෙන්නේ ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ සමෘද්ධි ප්‍රතිලාභීන් 1,27,443 සදහා රුපියල් 651,964,360ක මුදලක් ලබා දී ඇති බවයි.

    ගම්පහ දිස්ත්‍රික්කයේ සමෘද්ධි ප්‍රතිලාභීන් ගණන 1,38,777 කි. ඉන් වැඩිම සමෘද්ධි ප්‍රතිලාභීන් සංඛ්‍යාවක් ඉන්නේ දිවුලිපිට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේයි. එම සංඛ්‍යාව 15242 කි. සහන පියවර හා අරුණළු සහන ණය යෝජනා  ක්‍රමය යටතේ මෙම ණය ප්‍රධානය සිදු කෙරුනේ කෝවිඩ් 19 වසංගතය පාලනය කිරීම සදහා පත් කෙරුණු ජනාධිපති කාර්යය සාධක බලකායේදී ගනු ලැබූ තීරණයකට අනුවය.

    පසුගිය අගහරුවාදා (31) ගම්පහ දිස්ත්‍රික්කයේ සමෘද්ධි ප්‍රතිලාභීන්ගෙන් 91% කට රු 5000 ක මුදල ගෙවා අවසන් කල බව සමෘද්ධි අධ්‍යක්ෂක අශේන් පෙරේරා මහතා තමන්ට දැනුම් දුන් බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා කියා සිටි.

    මේ සදහා කැපූ වූ සමෘද්ධි සංවර්ධන නිළධාරීන්ට සිය ප්‍රසාදය පල කල ඇමති ප්‍රසන්න රණතුංග මහතා රට මුහුණ දී ඇති තත්ත්වය හමුවේ සෞඛ්‍ය, ආරක්ෂක , සමූපකාර, සමෘද්ධි, ග්‍රාම නිළධාරී දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශිය ලේකම් කාර්යාල වල නිළධාරීන් දැක්වූ දායකත්වය සුළු කොට තැකිය නොහැකි බවද කියා සිටී.

    කෝවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය පාලනය කිරීම සදහා රජය හැකි උපරිමයෙන් කටයුතු කරද්දී ඇතැමුන් පෞද්ගලික හා පටු දේශපාලන අරමුණ වෙනුවෙන් රජය විවේචනය කරන බව පෙන්වා දෙන රණතුංග මහතා මේ මොහොතේ සිදූවිය යුත්තේ රටක් ලෙස කොරෝනා වසංගතය පැතිර යාම වැලැක්වීමට එක්ව කටයුතු කිරීම බවද පෙන්වා දෙයි. ඒ සදහා ජනතාවගේ පූර්ණ සහාය අපේක්ෂා කරන බවද ඇමතිවරයා කියා සිටී.