පෙබරවාරි සහ මාර්තු මාස සඳහා එකතු කළ අගය මත බදු හෙවත් වැට් බදු ගෙවීම සඳහා සහන කාලයක් ලබා දෙයි. ඒ අනුව අප්‍රේල් 30 දක්වා සහන කාලයක් ලබා දී ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.


Sharing is caring!

පෙබරවාරි සහ මාර්තු මාස සඳහා එකතු කළ අගය මත බදු හෙවත් වැට් බදු ගෙවීම සඳහා සහන කාලයක් ලබා දෙයි. ඒ අනුව අප්‍රේල් 30 දක්වා සහන කාලයක් ලබා දී ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.


Sharing is caring!


සෞඛ්‍ය අමාත්‍යංශය විසින් දියවැඩියාව , අධික රුධිර පීඩනය, හදවත් රෝග, අධික කොලෙස්ටරෝල් ආදී බෝ නොවන රෝග සඳහා රජයේ සායන වලින් ප්‍රතිකාර ගන්නා රෝගීන් සඳහා විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.
රාජයේ රෝහල්වල වෛද්‍ය සායන නියමිත දින වලදී පැවැත්වෙන අතර එහිදී ඉදිරි මාස දෙකක් සඳහා ඖෂධ නිකුත් කරනු ලැබේ.
රෝගීන්ට ඇති අවදානම සලකා , වෛද්‍ය සායනයට ඔබ පැමිණීම නිර්දේශ නොකරන අතර නිරෝගී වගකිවයුතු පුද්ගලයෙකු අත, ඔබගේ සායන වාර්තාව (ක්ලිනික් පොත) එවා ඖෂධ ලබා ගත හැක.
යම් හේතුවකින් නියමිත සායන දිනයේ ඖෂධ ලබා ගැනීමට නොහැකි වුවහොත්, ඔනෑම සතියේ දිනකදී, රෝහලේ බාහිර රෝගී අංශයෙන් ඔබගේ නියමිත ඖෂධ ලබා ගත හැක.
සායනික වාර්තා සහ රෝග විනිශ්චය වාර්තා ඔබට ඇඳිරිනීති බලපත්‍රයක් ලෙස ඉදිරිපත් කළ හැකිවන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග එකකයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය වින්ද්‍යා කුමාරපේලි පවසයි.

දැන් අප අභිමුව ඇත්තේ කොරෝනාවලින් පසු මෙරටට ම අනන්‍ය වූ ආර්ථික-සමාජ සංවර්ධන ක්‍රමයක් සකසා ගෙන ස්වයංපෝෂිතව ලෝකය සමඟ සහයෝගීව සහ මිත්‍රශීලීව කටයුතු කිරීමේ මගක් සකසා ගැනීමය. එය පුද්ගලයාගෙන් සහ පවුලෙන් පටන් ගත යුතුය. බොහෝ දෑ කණපිට ගැසිය යුතුය.

කොරෝනා ඛේදවාචකය ට මුහුණ දී සිටින ලක්වාසී සහ ලෝක වාසී සියලු දෙනාම සුවපත් වේවා. ගෙදරින් එලියට යන්න එපා, කෙනෙකු ළඟ ඉන්න එපා, තම මුහුණ අල්ලන්න එපා, මට මගේ නොවන මගේම මුහුණක් ? මේ වනාහි මහා ලෝක බලවතුන් සියවස් දෙකයි තුන්කාලක් තිස්සේ වගාදිගාකරගත් අස්වැන්නය. අනෙකා තබා තමාට තම මුහුණ පවා අහිමිකොට ඇත.
ලෝකයට වැරදුණේ කොතැනද? අපට වැරදුනේ කොතනද? ව්‍යසනය විසින් පෙන්වා දෙන නිවැරදි යහ මග කුමක්ද? ඒ මග අප පිළිපැදීමට සුදානම් නම් එවැනි ගමනක මුල කුමක්ද? එවැනි ගමනක් සඳහා ඇති කරගත යුතු හෘදසාක්ෂිය කුමක්ද? යන කරුණු මැදි කරගෙන මෙවර ලිපිය ලියමි.
එසේම මේ මොහොතේ මෙරට රාජ්‍යය මැදිහත් වීම සිදුවන ආකාරය පිළිබඳව ද ප්‍රශංසා කරමි. එය ප්‍රශස්තය, විධිමත් ය. ජනතා සහය ද වඩවඩාත් වර්ධනීය මට්ටමක පැවතීම අගය කළ යුතුය.
කුඩා කළ අප අම්මාගෙන් අසා ඇති කිසිදා අමතක නොවන “පොල් අත්ත දහ අට දේසේ කැරකුනත් වැටෙන්නේ ගහ මුලට” යන උපමාව ක්‍ෂුද්‍ර මට්ටමේ දී පවුලටත් සාර්ව මට්ටමේ දී රටටත් මේ තරමටම ගැලපෙන බව මට පසක් වුණේ, රට අලුයම ලූ කෙළ පිඩක් සේ පිළිකුල් කරන රට හැරගොස් සිටින බොහෝ ජනයා මෙන්ම වීඅයිපී සහ වීවීඅයිපී දරුවෝ පවා විශේෂ ගුවන් යානා මගින් රැකවරණ පතා අපේ රටට සැපත් වූ පුවත් දකින විට ය.
පුදුමය කියන්නේ මේ දරුවෝ බලා සිටියේ පොල් අත්තක් සේ ඔහේ වැටෙන්නට නොවේ. මතු දිනක, හේ බා ගිය පොල් අතු වැනි මෙරට පීඩිත සහ ‘අනුවණ’ ජනයාගේ නගර ගම් නියංගම් මත හෙණයක් සේ පතිත වන්නටය. පතිත වී තම මා පිය උරුමයෙන් එන පාලක කරුමයෙන් ඒ ජනතාව පෙලන්නට ය. හැබැයි දැන් ඒ හැමෝට ම වැඩ වැරදී ගහ මුලටම වැටී ඇත. ඒ කොරෝනා නිසා ය.
මෙරට අධ්‍යාපන, සෞඛ්‍යය, සහ ප්‍රවාහනය යන තීරණාත්මක අමාත්‍යංශවල වයස අවුරුදු අසූ නවයකි. නමුත් මෙරට සාමාන්‍ය ජනයාගේ අධ්‍යාපනයට, සෞඛ්‍යයට, සහ ප්‍රවාහනයට අදාළ යටිතළ සහ සේවා පහසුකම් තවමත් නිසි ලෙස සහ ප්‍රශස්ත ලෙස සංවර්ධනය කොට නැත, පරිපූර්ණ කොට නැත.
මා මේ උත්සාහ කරන්නේ මේ මොහොතේ ඉහළ මට්ටමක පවතින රාජ්‍ය මැදිහත්වීම අවතක්සේරු කිරීමට නොව පාඩමක් කියා දීමට ය.
මෙරට ඉහළ රාජ්‍ය නිලධාරීන් ඇතුළු පාලකයින්ගෙන් සියයට අනුවකගේ පමණ දරුවන් අධ්‍යාපනය ලැබූයේ සහ ලබන්නේ විදේශීය අධ්‍යාපන ආයතනවල හෝ විදේශවල බවට පසු ගිය දිනවල ලංකාවට ආ වීවීඅයිපී සහ වීඅයිපී දරුවෝ උදාහරණ ය. ඉතින් මේ රටේ අධ්‍යාපනය අසූ නව අවුරුදු පාලකයින්ට ඇමතිකම් සහ නිලධාරීකම් නඩත්තු කරන පාලන කලාපයක් හෝ වැයික්කියක් මිස වඩා දියුණු ස්වදේශික මානුෂීය කලාපයක් කිරීමට අවැසි ජාතික හෘදසාක්ෂියක් ලැබීමට ඔවුන්ගේ යටිහිත සහ පවුල ඉඩ දෙන්නේ නැත.
ඉහළ පාලක-නිලධාරී-ව්‍යාපාරික පැලැන්තිය තම සෞඛ්‍ය පහසුකම් සලසා ගත්තේ සහ සලසා ගන්නේ ද මෙරට මිළ අධික වාණිජ රෝහල්වලින් හෝ විදේශවල ඇති මවුන්ට් එලිසබෙත් වර්ගයේ රෝහල්වලින් ය. ඉතින් එහෙව් අසූ නව අවුරුදු පාලකයින්ට මෙරට ප්‍රාථමික, ද්විතියික සහ තෘතියික සෞඛ්‍යයට අදාළ රෝහල් සහ අනෙකුත් අදාළ පහසුකම් දියුණු කිරීමට හිත දෙන ජාතික හෘදසාක්ෂියක් ඇති නොවීම ඔවුනගේ පැත්තෙන් බලන විට ඉතාම සාධාරණ ය.
මෙරට පාලකයින් ව්‍යාපාරිකයින් සහ බලවත් නිලධාරීන් අන් සියල්ලට ම වඩා ප්‍රවර්ධනය කලේ සහ කරන්නේ මහාචාර්ය සුමනසිරි ලියනගේ කියනාකාරයේ “ බොරු ෂෝක් පරිභෝජනවාදය” ය. මා දකින ආකාරයට ගෝලීයකරණය පසු පස්සේ යන ‘ලෝකයම යන දිහාවට සහ කියන දිහාවට ම අපිත් ගමනේ යා’ ආකාරයේ ආර්ථික-සමාජ ක්‍රමයක්ය.
ඇත්තටම අප වැනි රටවල ආර්ථික ක්‍රමයක් නැත. ඇත්තේ ගෝලීය ධනවාදයට ගැට ගැසූ ගැති ආර්ථික ක්‍රියාවලියක් සහ ගෝලීය වෙළඳපොලට ගැටගැසූ, ඊට ගැති, සතිපොලක් වැනි තැරව්කාර වෙළඳපොළ ක්‍රියාවලියක් ය. එවැනි පසුබිමක මෙරට ‘ශ්‍රී ලාංකික මහා ධනපතීන්’ ලෙස නම් දරා සිටින මුදලාලිවරු, බලවත් ‘රාජ්‍ය නිලධාරීන්’ සහ ‘ප්‍රජාතාන්ත්‍රීය පාලකයින්’ වනාහි අර ගෝලීය ආර්ථිකයේ සහ වෙළඳපොළේ තැරැව්කරුවන් ය, බ්‍රෝකර්ලා ය.
මේක මේ රටේ විතරක් නොව අප වැනි හැම රටකටම අදාළ තත්ත්වයක් ය. මේ තත්ත්වය, එනම් නිදහසේ සහ ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් පොදු ජනයා නො සලකා හැරීම ඇමරිකා එක්සත් ජනපදයටත් අදාළය. ලෝකයේ ස්වභාවික සම්පත්, තාක්ෂනය, මුල්‍ය වෙළඳපොළ, බහු ජනසංහාරක ආයුධ සහ තොරතුරු මාධ්‍ය මත අති දැවැන්ත ඒකාධිකාරයක් බලපවත්වන ඇමරිකා බලවතුන් ඒ කිසිවකින් පොදු මහ ජනයා ආවරණය කොට නැත. ඇමරිකාවේ කොරෝනා හැසිරීම ඊට අත ළඟ උදාහරණය ය.
ලෝකය ක්ෂණයකින් විනාශ කළ හැකි සුනුවිසුණු කළ හැකි අවිආයුධ ඇති, ඉතා ඉහළ යුධමය ධාරිතාවක් ඇති ලෝක බලවතුන්, කෙළ බිඳිත්තක රැඳුණු වයිරසයකට උත්තරයක් සොයාගත නොහැකිව ප්‍රමාණවත් සෞඛ්‍ය ධාරිතාවක් නොමැතිව ලතවෙන හැටි, බිය වන සැටි කියා දෙන්නේ ලෝකයේ ධන-බල පෙරේතයින් ලෝකයම දක්කාගෙන ගිය වැරදි ගමනක් පිලිබඳ පාඩමය.
ගෝලීයකරණය පිළිබඳව වූ සුබ සිහින ප්‍රශ්න කිරීමේ කාලය එළඹ ඇති බව මා ගියවර අවධාරණය කළ කරුණකි. ‘‘මේ ගෝලීයකරණය පොදු ජනයාගේ එකක් නොව එහි දී වන්නේ ධනේශ්වර ආර්ථිකය සහ වෙළඳපොළ ක්‍රමය ලෝකය පුරා දිවීමක්‘‘ ය කියා කියූ කියුබාවේ හිටපු විප්ලවීය නායක පිදෙල් කස්ත්‍රෝ ගේ අදහසත් ගෝලීයකරණය වන්නේ මානවහිතවාදීකම නොව ධනපති ක්‍රමයේ ධන-බල පෙරේතකම ය යනුවෙන් කියූ වන්දනා ශිවා ගේ අදහසත් එහි දී අවධාරණය කෙරිණි.
එසේම ‘‘ගෝලීයකරණයේ දී සිදුවන්නේ ස්වභාවික සම්පත්, තාක්ෂණය, මුල්‍ය වෙළඳපොළ, බහු ජනසංහාරක ආයුධ සහ තොරතුරු මාධ්‍ය මත බලවතුන් කීප දෙනෙකුගේ හෝ බලවත් කණ්ඩායම් කීපයකගේ ඒකාධිකාරී බලහත්කාරය ක්‍රියාත්මක වීමය‘‘ යනුවෙන් කියූ ඊජිප්තු-ප්‍රංශ ආර්ථික සහ දේශපාලන විද්‍යාඥයෙකු වූ සමීර් අමීන් ගේ අදහසද ඒ අතර විය.
කොරෝනා යනු ඒ ඒකාධිකාරය සඳහා වූ ධන-බලවතුන්ගේ තරඟය හෝ පොරකෑම නිසා එලියට වීසි වුණ පාලනය කිරීමට අසීරු භුමරංගයක් ය, කට්ටඬියාගෙන් මිදුන යකෙක් ය, යනුවෙන් මා කියූ අදහසට තවත් දෑ එකතු කළ යුතුමය.
1760 ගණවල සිට යුරෝ-කේන්ද්‍රීයව වර්ධනය වී ව්‍යාප්ත වූ කාර්මීකරණය, නාගරීකරණය, වෙළඳපොළකරණය, තොරතුරුකරණය සහිතව මේ වන විට ගොඩනැගී ඇති ඒකාධිකාරී සහචර ධනපති ක්‍රමය සහ එහි වෙළඳපොළ ක්‍රමය විසින් උත්කර්ෂයට නැංවූ සියල්ල බියෙන් සලිත වී අසරණ වී ඇති සැටි.
තවදුරටත් මෙවැනි ලෝක ක්‍රමයක් අවශ්‍ය ද? මගේ ගුරුවරයා වන මහාචාර්ය ජයදේව උයන්ගොඩ පවසන ආකාරයට ජනවාරියට පෙර ලෝකය හෝ ලෝක ක්‍රමය තව දුරටත් අවශ්‍ය ද?
ඒ ලෝක ක්‍රමය තුළ රැව් පිලි රැව් දුන් කාර්මික දියුණුව, සංවර්ධන රාමුව, විද්‍යාවේ දියුණුව, ගෝලීයකරණය, සෑම ක්ෂේත්‍රයකටම අදාළ වෙළඳපොළ නියාමනය, බොරු ෂෝක් පරිභෝජන චර්යාව, කේන්ද්‍රීය පරිභෝජනයේ ලෝකකරණය සහ වෙළඳපොළකරණය, ගෝලීය ආර්ථික ක්‍රමය සහ ගෝලීය වෙළඳපොළ ක්‍රමය, රාජ්‍ය හකුළුවා වෙළඳපොළ ප්‍රසාරණය කිරීම, ප්‍රජාවේ ලෝකකරණය, ඒ සියල්ලට සහය දෙන එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ලෝක සංවිධාන, සහ සහචර ධනේශ්වරයට ආයු වඩන, තර්ක තනන බුද්ධිමය ශ්‍රේණි සහිත පූර්ව ජනවාරි ලෝක ක්‍රමය මුළුමනින්ම ඇද වැටී ඇත. අතාර්කික වී ඇත.
සොබා දහම හමුවේ ‘ධනේශ්වර සොබා දහම’ පරාජය වී ඇත. එවැනි පසුබිමක පශ්චාත් ජනවාරි හෝ පශ්චාත් කොරෝනා ලෝක ක්‍රමය ජනවාරියට පෙර ලෝක ක්‍රමයෙන් සපුරා ම වෙනස් විය යුතු ම ය. නමුත් පූර්ව ජනවාරි (එනම් ජනවාරියට පෙර) ලෝක ක්‍රමයේ හාම්පුතුන්ට සහ ඔවුන්ගේ පරිධියේ තැරව්කරුවන්ට/කාරියන්ට මානව-සොබාදම් කේන්ද්‍රීය සහ ස්වයං පෝෂිත-ස්වදේශික කේන්ද්‍රීය නව ලෝක පර්යායක් ගොඩ නැගීමට අවැසි හෘදසාක්ෂියක්, වුවමනාවක්, දැනුමක් ඇත්තේම නැති තත්ත්වයක ඇතිවන හිඩැස පිරවිය හැක්කේ කාටද?
හිඩැස පුරවන්නට නොහැකි වුවහොත් අර පරණ ක්‍රමයම ඒ පරණ අය විසින් ම ප්‍රතිෂ්ඨාපනය කොට මානව වර්ගයා සහ සොබාදහම මීටත් වඩා මහා ව්‍යසනයකට ඇද ගෙන යනු නො අනුමානය.
ලෝකය, ගම් සංවිධානය නොකොට ඒවා සූරාකන නගර ශක්තිමත් කළේ නුතන නගර යනු විනාශයේ සංකේත බව නොදැනය. අප වැනි රටවල පාලක බලවතුන් ගෝලීය කේන්ද්‍රීය ආර්ථිකයේ සහ වෙළඳපොළේ තැරව්කරුවන් ම පමණක් ය. එනිසා එහි අනුහසින් තම සුඛ විහරණය සලසා ගත හැකිය යන අපේක්ෂාව කරණකොට ගෙන තම යටත් රටවල ජන සමාජයට අවැසි මුලික එනම් අත්‍යවශ්‍ය සේවා සහ යටිතළ පහසුකම් ප්‍රශස්ත මට්ටමින් නඩත්තු කිරීම තවමත් අතහැර දමා ඇත. යමක් කළේ නම් ඒ බලය අරමුණු කරගෙනම මිස මහා සමාජ හෘදසාක්ෂියකින් නොවේය.
මේ මොහොතේ රටේ ඇමතිවරු තම තමන්ගේ ඡන්ද බල ප්‍රදේශවල ‘ඡන්ද ප්‍රචාරක බඩුමලු’ බෙදීමෙන් ස්වකීය ජාතික වගකීම අමතක කොට ඇති හැටි නිරීක්ෂණය කරන්න. වසමකට ඍජුව 6 ක් සහ වක්‍රව 50 කට ආසන්න නිලධාරීන් ප්‍රමාණයක් සිටින 14021 ක් වන මෙරට ග්‍රාම වසම් ප්‍රමාණය නිසි ලෙස අභ්‍යන්තරිකව එකාබද්ධව සංවිධානය කොට නො තිබීමෙන් පෙනී යන්නේ අප අනුගමනය කරන ආර්ථික-දේශපාලන-සමාජ-සංවර්ධන ක්‍රමයේ සහ රාමුවේ වැරද්ද ය. බොරු ෂෝක් පරිභෝජනවාදය සහ ලෝකය සමඟ ඉදිරියට යෑම යන රැවටීම ඔස්සේ පොදු ජනයා මුලාවේ දමා ඇති ආකාරය ය.
1970 සිරිමාවෝ බණ්ඩාරනායකත් 2010 දී බැසිල් රාජපක්ෂත් ගම සංවිධානය කිරීමට ගත් උත්සාහය ලත් තැනම ලොප් විය. නිලධාරිවාදය බලවත් විය. ගම ස්වයංපෝෂිත නොකොට, සංවිධානය නොකොට දිස්ත්‍රික්ක සීමා හුදු පාලන උපක්‍රම සහ සීමා ලෙස යොදා ගැනීම තාර්කික නැත.
කොන්ෆියුසියස් රාමුවේ තර්කයකට ගියොත් ස්වයං පෝෂිත ක්‍රියාවලිය, පුද්ගලයා, පවුල, ගම, ප්‍රදේශය, දිස්ත්‍රික්කය, පළාත, රට සහ ලෝකය යන පියවර අනුගමනය කළ යුතුය.
අපේ පාලකයින් සහ බලවතුන් අනුගමනය කළේ ලෝකය පමණක් ය. නමුත් ඉන් ඔවුන් පමණක් හෝ රැකෙනු ඇත යන විශ්වාසය ‘පොල්වල්ල ගලේ ගැසුවා සේ’ සී සී කඩ විසිර ගොස් ඇත. දැන් අප අභිමුව ඇත්තේ කොරෝනාවලින් පසු මෙරටට ම අනන්‍ය වූ ආර්ථික-සමාජ සංවර්ධන ක්‍රමයක් සකසා ගෙන ස්වයංපෝෂිතව ලෝකය සමඟ සහයෝගීව සහ මිත්‍රශීලීව කටයුතු කිරීමේ මගක් සකසා ගැනීමය. එය පුද්ගලයාගෙන් සහ පවුලෙන් පටන් ගත යුතුය. බොහෝ දෑ කණපිට ගැසිය යුතුය. ඊට අවශ්‍ය කැඩපත දැනට කියුබානු ජනරජය ය. හැබැයි ඊට මඟ පෙන්වීම, නිකම්ම නිකම් පාර්ලිමේන්තුකාරයින්ට සහ කාරියන්ට කළ හැකිද යන්න මට නම් සැක සහිතය.
ජේෂ්ඨ කථිකාචාර්ය – ධම්ම දිසානායක

කොරෝනා නිසා භීතියටත් ඇඳිරි නීතිය නිසා අසරණ බවටත් පත්ව ඇති ජනතාව හේතුවෙන් ලාභය ගැන නොසිතා ඔවුන්ගේ මානසික ශක්තිය පවත්වාගෙන යාමට එකිනෙකා අතර සන්නිවේදන කටයුතු සමීප වීම සඳහා සහන ලබාදෙන ලෙස තමන් දුරකතන සසම්බන්ධතා සමාගම් වෙතින් ඉල්ලා සිටි බව හිටපු අමාත්‍ය රවී කරුණානායක පවසයි.
ඊයේ (26) මාධ්‍ය වෙත වීවීඩියෝවක් නිකුත්කරමින් ඔහු මේ බව සඳහන් කළ අතර එහිදී ටෙලිකොම් , මොබිටෙල් , හච්, ඩයලොග් යන සමාගම් වෙතින් අදාළ ඉල්ලීම සිදුකරන බවත් එහිදී ඩේටා සහ අන්තර් ජාල පහසුකම් නොමිලේ සහ දුරකතන ගාස්තු වෙනුවෙන් 75ක් පමණ ඉවත්කර සහනය ලබාදෙන ලෙසත් ඉල්ලීය.

එතෙර සිටින ශ්‍රී ලාංකිකයින්ගේ ප්‍රයෝජනය සඳහා ශ්‍රී ලංකාවේ විදේශ සබඳතා අමාත්‍යාංශය හා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) එක්ව නිර්මාණය කරන ලද ‘ශ්‍රී ලංකාව අමතන්න’ මාර්ගගත ද්වාරය අද දින (2020 මාර්තු 26) විදේශ සබඳතා අමාත්‍යාංශයේ දී දියත් කරන ලදී. මෙම වෙබ් සම්බන්ධකතාව, මෙම අමාත්‍යාංශයේ www.mfa.gov.lk වෙබ් අඩවිය මතම සලසා දී ඇති අතර, www.contactsrilanka.mfa.gov.lk හරහා ද මෙම වෙබ් අඩවියට පිවිසිය හැකිය.
COVID-19 පැතිර යෑමට එරෙහිව සටන් කිරීමට සහ කඩිනම්, වේගවත් හා කාර්යක්ෂම සේවා සැපයුමක් සඳහා ඩිජිටල් තාක්‍ෂණය උපයෝගී කර ගැනීම පිණිස රජයේ සියලුම පාර්ශ්වකරුවන්ගේ ප්‍රයත්නයන් සම්බන්ධීකරණය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කළ ඉල්ලීමට අනුව මෙම මාර්ගගත ද්වාරය පිහිටුවීම සිදු කෙරේ.
COVID19 පැතිර යාම වැනි හදිසි අවස්ථාවන්හි දී ශ්‍රී ලංකා රජයට ඔවුන් වෙත ළඟා වීමට සහ ආධාර සැපයීමට ඉඩ සලසන මෙම වේදිකාවේ, මූලික ක්‍රියාකාරී කොටසෙහි ස්වේච්ඡාවෙන් ලියාපදිංචි වන ලෙස විදේශයන්හි වෙසෙන සියලුම ශ්‍රී ලාංකිකයන්ට ආරාධනා කෙරේ. ඉක්මන් ක්‍රියාමාර්ග ගැනීම සඳහා අමාත්‍යාංශයට අවශ්‍ය තත්‍ය කාලීන දත්ත ලබා ගැනීමට මෙම වේදිකාව ඉඩ සලසයි. මෙම විවෘත ප්‍රවේශ වේදිකාව මඟින් එතෙර සිටින ශ්‍රී ලාංකිකයින්ට රජයේ පාර්ශ්වකරුවන් සමඟ අන්තර් ක්‍රියා කිරීමට පහසුකම් සැලසෙන අතර, විදේශ සබඳතා අමාත්‍යාංශයේ එක් කේන්ද්‍රීය ස්ථානයක් හරහා රජයේ සේවාවන්ට වැඩි ප්‍රවේශයක් ලබා දෙනු ඇත. මෙම ද්වාරය මඟින්, එතෙර සිටින ශ්‍රී ලාංකිකයන් විදේශවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල ජාලය සමඟ ද සම්බන්ධ කරනු ඇත.
දීර්ඝ කාලීනව, මෙම ද්වාරය පුළුල් කරනු ලබන අතර, එමඟින් නිල තොරතුරු ප්‍රභවයක් ලෙස කටයුතු කිරීම සහ රජය විසින් සපයනු ලබන පුළුල් පරාසයක ඩිජිටල් සේවාවන් ලබා ගැනීම සඳහා එතෙර සිටින ශ්‍රී ලාංකිකයන්ට පහසුකම් සැලසෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
එතෙර සිටින ශ්‍රී ලාංකිකයන්ගේ විමසීම්වලට ප්‍රතිචාර දැක්වීමට මෙන්ම, හදිසි අවස්ථාවල දී අදාළ පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා කර මාර්ගගත උපකාරක කවුළුවක් ලෙස කටයුතු කිරීම සඳහා ඇපකැපවූ නිලධාරීන් කණ්ඩායමක් දැනටමත් විදේශ සබඳතා අමාත්‍යාංශය විසින් පත් කර තිබේ. තමන් වෙසෙන රට අනුව ලියාපදිංචි වීම තුළින්, ජනතාව ඉවත් කර ගැනීම වැනි තීරණාත්මක ප්‍රතිචාර අවශ්‍ය අවස්ථාවන්හි දී ලැබෙන හදිසි ආධාර ඉල්ලීම් ගණන මත පදනම්ව, ස්ථිරසාර ප්‍රතිපත්තිමය තීරණ යෝජනා කිරීම සඳහා මෙම අමාත්‍යාංශයට ඉඩ සැලසෙනු ඇත.
මෙම පහසුකම් සැලසීම පහසු කිරීම සඳහා, නිතර අසනු ලබන ප්‍රශ්න (FAQs) ලැයිස්තුවක් ද මෙම ද්වාරයට ඇතුළත් වන අතර, එය පොදු විමසුම් සඳහා මාර්ගෝපදේශයක් වනු ඇත. ඕනෑම මාර්ගගත ගවේශකයක් හෝ අතුරු මුහුණතක් භාවිත කරමින් අන්තර්ජාලය හරහා මෙම පරිශීලක හිතකාමී වේදිකාවේ පහසුවෙන් සැරිසැරීමට හැකිවන අතර, විමසීමක් කිරීම හෝ උදවු උපකාර ඉල්ලා සිටීම සඳහා සියලුම ලියාපදිංචි පරිශීලකයින්ට ජංගම දුරකථනයක් මඟින් වුවද ඊට ප්‍රවේශ විය හැකිය.
එතෙර සිටින ශ්‍රී ලාංකිකයන්ගේ පෞද්ගලිකත්වය සහතික කිරීම සඳහා, මෙම ද්වාරය හරහා ලබා දෙනු ලබන දත්ත සුරක්ෂිත කර ඇති අතර, පරිශීලකයින්ගේ අවසරයකින් තොරව ඒවා වෙනත් පාර්ශවයන් වෙත ලබා නොදෙනු ඇත.
‘ශ්‍රී ලංකාව අමතන්න’ ද්වාරය හරහා එතෙර සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා පුළුල් මාර්ගගත සේවා වේදිකාවක් නිර්මාණය කිරීම පිණිස මෙම ද්වාරයෙහි විශේෂාංග අදියර වශයෙන් පුළුල් කිරීම සඳහා, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විදේශ සබඳතා අමාත්‍යාංශය සමඟ සමීපව කටයුතු කරනු ඇත.
මෙම ඒකාබද්ධ වේදිකාව මඟින්, එතෙර සිටින ශ්‍රී ලාංකිකයින් සඳහා දැනට පවත්නා සේවා සැපයීම ඉහළ තලයකට ඔසවා තබනු ඇතැයි විදේශ සබඳතා අමාත්‍යාංශය අපේක්ෂා කරයි. විදේශයන්හි වෙසෙන සියලුම ශ්‍රී ලාංකිකයින්ට, මෙම ද්වාරයෙන් ප්‍රතිලාභ ලබා ගන්නා ලෙස ආරාධනා කරනු ලැබේ.




ආයෝජන මණ්ඩලයට අයත් නිදහස් වෙළද කලාප වසා දැමීමට ගත් තීරණයට අනුව කටුනායක නිදහස් වෙළද කලාපයේ සේවය කළ ඇදිරි නීතිය සමග නේවාසිකාගාරවල සිරවී සිටි සේවක සේවිකාවෝ ගම් බිම් වලට පිටත් කර හැරීමට අද (27) පියවර ගැනිණි.
කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා ඇමැති ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි කටුනායක ආයෝජන මණ්ඩලය එම සේවක සේවිකාවන් නැවත නිවාසවලට පිටත් කර හැරීමට සියලු පහසුකම් සලසා තිබුණි.
සංඛ්‍යා ලේකණ අනුව කටුනායක ආයෝජන නිදහස් වෙළද කළාපයේ සේවක සේවිකාවන් සේවිකාවන් 1500ක පමණ ඇදිරි නීතිය නිසා නිවෙස් වලට යාමට නොහැකිව බෝඩිං වල රැදී සිටියහ. ඔවුන් යැවීම සඳහා බස් රථ 80ක්, ආහාර පාන සලසා තිබූ අතර සෑම සේවක සේවිකාවක්ම වෙනම වෛද්‍ය පරීක්ෂණයට ලක් කෙරිණි. කෙසේ වෙතත් නිවෙස් වලට යාම සදහා 5000 අධික ප්‍රමාණයක් කටුනායක ආයෝජන මණ්ඩල භූමියට පැමිණි සිටිය අතර ඔවුන් බහුතරය නිදහස් වෙළද කළාපයේ සේවක සේවිකාවෝ නොවිණි.
කටුනායක අවට ව්‍යාපාරික ස්ථාන වල ඉදිකිරීම් ස්ථාන වල සේවය කරන ඇතැමුන්ද නිවෙස් වලට යාමට පැමිණ සිටියහ. මේ නිස ඇතැමුන් පැමිණ සිටියේ සිය දෙමාපියන්ද කැටුවය. ඇතැම් අය රූපවාහිනි යන්ත්‍ර, හාල් මලු රැගෙන විත් තිබුණි. මේ නිසා ආයෝජන මණ්ඩලය මෙන්ම ආරක්ෂක අංශ සෞඛ්‍ය අංශ බරපතල දුෂ්කරතාවයකට පත්වුණි.
මේ බව ඇමති ප්‍රසන්න රණතුංග මහතාට දැනුම් දුන් පසු ඇමතිවරයා ප්‍රවාහන අමාත්‍යංශය හරහා ලංගම බස් රථ 150 කඩිනමින් ලබා දීමට කටයුතු කළේය. සෞඛ්‍ය අමාත්‍යංශය හරහා අවශ්‍ය තරම් සෞඛ්‍ය කණ්ඩායම් එවීමටද කටයුතු කෙරිණි. අනතුරුව පැමිණි සිටි සියළු දෙනා ඔවුන්ගේ ගම් බිම් වලට යැවීමට කටයුතු කෙරුණ අතර ආයෝජන මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂක ඩී.එන්. එම්. ලෝරන්ස් මහතා සදහන් කළේ පිටත්කර යවන සියළුම දෙනා අදාල නගර වල ආසන්නතම පොලිස් ස්ථාන වලට භාර දීමට කටයුතු කළ බවයි.
ඔවුන් මෙම නිවෙස් වලට යෑවීමේ වගකීම අදාල පොලිස් ස්ථාන වෙත පවරා තිබුණි. පිටව යන සිටළු දෙනා පූර්ණ සෞඛ්‍ය පරීක්ෂාවකට ලක්කෙරුණ අතර මීට පෙර සාමාන්‍ය උණ වැලදී තීබූ කිහිප දෙනෙකුට මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් අදාල උපදෙස් ලබා දුන්නේය.
ආයෝජන මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂක වරයා සදහන් කළේ නිවෙස් බලා පැයාමට පැමිණි බහුතරය නිදහස් වෙළධ කළාපයේ සේවක සේවිකාවෙන් නොවෙන බවයි. එහෙත් පැමිණි සියළු දෙනා නිවෙස් වලට යැවීමේ අරමුණින් යොදවා තිබූ පහසුකම් වැඩි කර ඔවුන් ගම් බිම් වලට පිටත් කර යැවූ බවද ඔහු සදහන් කළේය.

කොරෝනා වෛරසය රට තුළ මර්දනය කරන තෙක් තමා වෙසෙන ස්ථානයේ සුරක්ෂිතව සිටින ලෙස මව්බිමට පැමිණිමේ අපේක්ෂාවෙන් සිටින විදේශගත ශ්‍රි ලාංකිකයන්ගෙන් රජය ඉල්ලා සිටී.
කොරෝනා වෛරසය COVID-19 රට තුළ පැතිර යාම වැළැක්වීමට රජය පියවර රැසක් ගෙන ඇත. රට තුළට වෛරසය පැමිණීම සහ පැතිරයාම වැළැක්වීමේ පියවරක් ලෙස විදේශවලින් පැමිණීම සම්පූර්ණයෙන් නවතා තිබේ.
සෙසු රටවල ද මෙම පියවර අනුගමය කරමින් රට තුළ ගමනා ගමන කටයුතු මෙන්ම ගුවන් ගමන් ද අත්හිටුවා ඇත. විදේශගත සිසුන්, ව්‍යාපාරිකයන් සහ රැකියාවල නිරත පිරිස් මෙරටට පැමිණීමට කරන ඉල්ලීම් රට තුළ කොරෝනා වෛරසය මර්දනය කොට තත්ත්වය යහපත් අතට හැරීමෙන් පසු සලකා බලන බව රජය දැනුම් දෙයි.
මේ වන විට තමන් සිටින ස්ථානවලින් ගුවන් තොටුපොළවලට හෝ වෙනත් ස්ථාන වෙත ගමන් කිරීමෙන් ඔවුනට ද මේ රෝගය වැළඳීමේ අවදානමක් පවතී.
එබැවින් තමන් පිළිබඳ තොරතුරු අදාළ රටේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හෝ, කොන්සියුලර් ජනරාල් කර්යාලය හෝ සමග හුවමාරු කර ගනිමින් සුරක්ෂිතව සිටින ලෙස මවුබිමට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් විදේශ සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා ඉල්ලා සිටී.

කුසල් පෙරේරා
මේ වනවිටත් අලුත් සංකීර්ණ සමාජ හා ආර්ථික අවුල් බොහෝමයකට හේතුවී ඇති කෝවිඞ්-19 පාලනයේදී රටම වසා දැමීමේ ඇඳිරි නීතිය පැනවීමේ පිළිවෙත මගින් මෙයට මුහුණ දිය නොහැකි බැව් ඔප්පු වන්නකි. වසංගත පාලනය කර ගත යුත්තේ සමාජයක් ලෙස අත පය කඩා ගෙන නොවේ. එය පාලනය කරගත යුත්තේ අනවශ්‍ය තුවාල නොමැතිවය.
මෙතෙක් කෝවිඞ්-19 පිළිබඳව කෙරුණු පැහැදිලි කිරීම් අතුරින් මා ඇසූ ඉතාම වැදගත් හා විද්‍යාත්මක පැහැදිලි කිරීම කරනු ලැබූයේ ශ්‍රී ලාංකිකයෙකු වන ඇමෙරිකාවේ කැලිෆෝනියාවේ පදිංචි ජීව තාක්ෂණ විශේෂඥයෙකු වන ආචාර්ය සුමේද ජයසේන ය. “වක්‍රය සමතලා කිරීම” යැයි වන ඉතා ජනප්‍රිය යෙදුමෙන් ඇත්තට අදහස් කරනුයේ කුමක්දැයි ඔහු ඉතා මැනවින් පැහැදිලි කළේය.
මෙහි “වක්‍රය” යනුවෙන් කතා වන්නේ ප්‍රස්ථාරයක වක්‍රය සම්බන්ධයෙනි. එය වයිරසයක හැසිරීම පැහැදිලි කරන්නකි. එවැනි වක්‍රයක් කොටස් තුනකට බෙදෙන්නේය. ආරම්භක කොටස පළමු ආසාධිතයාගෙන් වයිරසයේ පැතිරීම සෙමින් පටන් ගන්නා හැටි පෙන්වන්නේය. මේ කාලය තුල පැතිරීම පාලනය කළ හැකි අතර, එවිට ප්‍රස්ථාරය ඉහළ නොගොසින් සමාන්තරව ගමන් ගන්නේය.
“වක්‍රය සමතලා කිරීම” යනුවෙන් හැඳින්වෙන්නේ එවැනි පාලනයකට ය. වයිරසයේ ව්‍යාප්තිය එළෙසින් පාලනය නොකෙරුනු විට දෙවැන්න ව්‍යාප්තී කොටසය. එය කාලයක් පුරා වයිරසය වේගයෙන් පැතිරීම පෙන්වන “වක්‍රය” නිර්මාණය කරන්නේය. තෙවැන්න පසු බැසීමේ, නැතිනම් නිමාවේ කොටස ය.
අවාසනාවකට ආචාර්ය ජයසේන මේ වනවිට ශ්‍රී ලංකාවේ තත්ත්වය මැන ඇත්තේ පළමු පාලන කොටසින් දෙවැනි ව්‍යාප්ති කොටසට පය ගසන තැනට පැමිණ ඇති ලෙසිනි. (ඔහුගේ විස්තරයේ විනාඩි 34.22 සිට 34.58 දක්වා මෙමගින් අසන්න – https://youtu.be/axStgDZYZ5Y)
එවැනි ඇඟවීමක් හමුවේ, මාර්තු 24 වන විට වූ සියයකට අධික ආසාධිත සංඛ්‍යාව තව වැඩිවීමේ ඉඩ ඇති හෙයින් අප වඩාත් ප්‍රවේසම් විය යුතුය. එළෙසින්ම, රට “පූර්ණ වශයෙන් වසා දැමීමකට” ජනාධිපති ඉතා පැහැදිලිව අකමැති වූවත් වෛද්‍යවරුන්ගේ සංගමය සහ කොළඹ මැද පංතිකයින් දැඩිව ඉල්ලා සිටි ඒ පූර්ණ වසා දැමීම, කෝවිඩි-19 පැතිරීම පාලනය කිරීමට අසමත් විය.
මාර්තු 20 වන දින සති අන්තයද ඇතුළත්ව රටටම පැනවූ ඇඳිරි නීතිය කොළඹ හැර යාමට විශාල සංඛ්‍යාවකට බල කළේය. ඔවුහු ආදායම් මාර්ග සොයා නගරයට පැමිණි දේශීය සංක්‍රමණිකයින් ලෙස අවිධිමත් ක්ෂේත්‍රයේ දෛනික ආදායම් මත නඩත්තු වූවන් වූහ. මාර්තු 11 වන දින ආසාධිත පළමු ශ්‍රී ලාංකිකයා පිළිබඳ වාර්තා සමග ඔවුන්ගේ ආදායම් හැකිලෙන්නට පටන් ගත් හෙයින් කොළඹ ජීවත්වීම ඔවුන්ට එතැන් සිට අතිශය දුෂ්කර විය.
රට පුරා පැනවූ ඇඳිරි නීතිය, ඇත්තෙන්ම ඔවුන් කොළඹින් පිටතට විසි කරනු ලැබුවකි. ඒ අතර නාගරික මැද පංතිය අසීමිතව බඩු මිලට ගැනීමේ උමතුවෙන් පෙළුනාහ. අත්‍යාවශ්‍ය භාණ්ඩ ගැනීමට පැමිණි හඬක් නොමැති සමාජයේ පහළ ස්ථර යළි අතරමං වූහ. එවැනි අවිනිශ්චිත, ප්‍රතිවිරෝධ සහිත තත්ත්වයන් සමග “වක්‍රය” සමතලා කළ නොහැකිය.
වයිරස් වසංගත පාලනය කළ හැකි ප්‍රජා සෞඛ්‍ය සේවාවන් ලංකාවේ පැවති යුගයක් තිබිණ. 1930 ආරම්භයේදී පැතිර ගිය මැලේරියා වසංගතය තුරන් කිරීම සමග රෝග වළකාලීමේදී එම ප්‍රජා සෞඛ්‍ය සේවා සතුවූ වැදගත්කම අවධාරණය කළ යුත්තකි. මැලේරියාවට අමතරව පැපොල, සරම්ප, බරවා, පෝලියෝව වැනි විශාල වශයෙන් පැතිරුණු රෝග අද අසන්නටවත් නැත්තේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) කාර්යාල සතු වූ මේ ප්‍රජා සෞඛ්‍ය සේවා බිම් මට්ටමේ ඉතා කාර්යක්ෂම, පුහුණු අතුරු සෞඛ්‍ය සේවාවන් වූ බැවිනි. ‘60 දසකයේ දෙවන භාගය වනතෙක් ඔවුන් හරහා දියත් කෙරුණු එන්නත් හා ප්‍රතිශක්තිකරණ ව්‍යාපාර ආසියාවේ ක්‍රියාත්මක කෙරුණු ඉතාම සාර්ථක ව්‍යාපෘති ලෙස අදටත් ලෝක සෞඛ්‍ය සංවිධානය ඔවුන්ගේ වාර්තාවල සටහන් තබති.
එය සහමුලින් කණපිට හැරවෙන්නට පටන් ගත්තේ අප විවෘත වෙළඳපල ආර්ථිකයට මාරුවීමත් සමග ය. අසික්කිත ලෙස විවෘත කෙරුණු වෙළඳපල ආර්ථිකයෙහි “පුරවැසියා” පාරිභෝගිකයෙකු බවට පත් කිරීමත් සමගම යෝධ ඖෂධ සමාගම් පුද්ගල සෞඛ්‍ය සඳහා විශාල අවධාරණයක් තබන්නට විය. ඒ සඳහා වෛද්‍යවරුන් සෞඛ්‍ය සේවාවේ ප්‍රධානම හා අනිවාර්ය සාධකය ලෙස අවධාරණය කෙරුණි. රටේ සෞඛ්‍ය තත්ත්වය ගණන් බැලීමේ නිර්ණායක පවා වෙනස් කෙරුණි.
රෝග වළකාලීමේ හැකියාව වෙනුවට රෝග සුව කිරීම වෙනුවෙන් “රෝගීන්, රෝහල් ඇඳන් සහ වෛද්‍යවරුන් සංඛ්‍යාව” ගණන් බලන්නට විය. එමගින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල සමග ක්ෂේත්‍රයෙහි පැවති ප්‍රජා සෞඛ්‍ය සේවා අත හැරුණි. දසක කිහිපයකට පසු එහි බරපතලකම දැකිය හැකි වන්නේ ඩෙංගු රෝගය මර්දනය කරගැනීමට තවමත් නොහැකිව තිබීමෙනි.
ලෝක සෞඛ්‍ය සංවිධානය 2017 ජුලි 19 වන දින නිකුත් කරනු ලබූ වාර්තාවෙහි අපගේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත උපුටා දක්වමින් කියා තිබුණේ 2017 ජනවරි 01 වන දින සිට ජුලි 07 දක්වා ඩෙංගු උණ රෝගීන් 80,732 ක් හා මරණ 215 ක් වාර්තා වූ බවය. එය 2010 සිට 2016 දක්වා කාල පරිච්ඡේදයෙහි සාමාන්‍ය හා ගත් කළ 4.3ක ගුණයකින් වැඩි වීමකි.
2020 ජනවාරි වන විටද මේ තත්ත්වයෙහි වෙනසක් නැත. මීට දින 06 ට පමණ පෙර මාර්තු 20 වන දින වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කළ තත්ත්ව වාර්තාවට අනුව 2018 වසරේ ඩෙංගු උණ රෝගීන් 51,659 ක් වාර්තාවී ඇති අතර, මේ වසරේ ජනවාරියේ සිට මෙතෙක් ඩෙංගු උණ රෝගීන් 17,868 කි. ඒ සංඛ්‍යාව දෙමසක් ඇතුළත ය.
මේ වසංගත මට්ටමේ ඩෙංගු පැතිරීම අවුරුදු 20 ට වැඩි කලෙක සිට තවමත් වළකා ගත නොහැකිව ඇත්තේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල සමග ප්‍රජා සෞඛ්‍ය සේවා අතහැර දමා ඇති හෙයිනි. දැන් අප කෝවිඞ්-19 වසංගතයට මුහුණ දෙන්නේ 2019 ඩෙංගු උණ මරණ 90 ක් වාර්තා වූ ඩෙංගු වසංගතයද නැවත ඉතා ආසන්නයේ ඉස්මතුවන මොහොතක ය.
මේ වනවිටත් අලුත් සංකීර්ණ සමාජ හා ආර්ථික අවුල් බොහෝමයකට හේතුවී ඇති කෝවිඞ්-19 පාලනයේදී රටම වසා දැමීමේ ඇඳිරි නීතිය පැනවීමේ පිළිවෙත මගින් මෙයට මුහුණ දිය නොහැකි බැව් ඔප්පු වන්නකි. වසංගත පාලනය කර ගත යුත්තේ සමාජයක් ලෙස අත පය කඩා ගෙන නොවේ. එය පාලනය කරගත යුත්තේ අනවශ්‍ය තුවාල නොමැතිවය. එබැවින් බිම් මට්ටමේ ප්‍රාදේශීය මහජන සෞඛ්‍ය සේවා ව්‍යුහයක් ප්‍රමාද වූවත් වහා ස්ථාපිත කළ යුතුව ඇත. ඒ සඳහා දැනට අඩාලව පැවතියත් අපගේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) කාර්යාල යළි සක්‍රීය මධ්‍යස්ථාන ලෙස ස්ථාපිත කර ගැනීම වඩාත්ම යහපත් විසඳුම වන්නේය. ඒවායේ ක්ෂේත්‍ර නිලධාරීන් නිලධාරිනියන් ප්‍රජා සෞඛ්‍ය සම්බන්ධයෙන් පුහුණුවක් ලැබූ පළපුරුද්දක්ද ඇති පිරිස් ය.
පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් හෙද පුහුණු පාසල්වල මාතෘ හා ළමා සෞඛ්‍ය පුහුණුවක් ලැබූවන් ය. ඔවුන්ට ඔවුන් සේවය කරන ප්‍රදේශයේ පවුල් හා සමීප සම්බන්ධයක් ඇත. මහජන සෞඛ්‍ය පරීක්ෂකයින් “ජාතික සෞඛ්‍ය විද්‍යා ආයතනයෙන්” (NIHS මහජන සෞඛ්‍ය ඩිප්ලෝමාවක් ලැබූවන් ය.
දැනට කෝවිඞ්-19 පාලනයේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකයින්ගේ සේවය ලබා ගන්නේ ස්වයං නිරෝධායනයට යටත් කෙරුණු පුද්ගලයින් පිළිබඳව සොයා බැලීමට කොළඹ බලධාරීන් විසින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) කාර්යාලයට දැන්වූ විට පමණි. එවැනි ප්‍රාථමික කාර්යන් සඳහා මෙවැනි පුහුණු පළපුරුදු ක්ෂේත්‍ර නිලධාරීන් සීමා කිරීම අපරාධයකි. ඔවුන් යොදා ගත යුත්තේ ප්‍රදේශයේ දෛනිකව කෝවිඞ්-19 වසංගතය නියාමනය කිරීමේ හා ප්‍රජාව දැනුවත් කිරීමේ කාර්යන් සඳහාය. ඉතාම සීමිත හෝ පොලිස් බලතල ප්‍රමාණයක් පවරා ඇති ග්‍රාම සේවා නිලධාරීන්ගේ සහායද ඔවුන්ට එකතු කළ හැකිය.
මේ වනවිට, රටපුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) කාර්යාල 350 ට වඩා ඇත. ඒ සියල්ල වෛද්‍යවරයෙකු හෝ වෛද්‍යවරියක යටතේ පරිපාලනය වන්නේය. එබැවින් රෝගියකුගේ කෝවිඞ්-19 වසංගතය පිළිබඳ පළමු පරීක්ෂණ කිරීම ඔවුන්ට පැවරිය හැකිය. එහෙත් ඒ සඳහා අවශ්‍ය සියලු පහසුකම් වහා ලබා දිය යුතු වන්නේය. MOH කාර්යාලවල සේවය කරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 2,700 ක් පමණ වේ. පවුල් සෞඛ්‍ය සේවා නිලදාරිනියන් 4,300 ක් පමණ ය. කෝවිඞ්-19 වසංගතය පාලනය කිරීමේදී මෙවැනි බිම් මට්ටමේ සම්පත් විශාල ප්‍රමාණයක් පැහැදිලි හා නිශ්චිත වගකීම් පැවරීමකින් තොරව අතහැර දමා තිබීම අපරාධයකි.
එබැවින් කෝවිඞ්-19 වසංගතය පාලනය කිරීම සඳහා මෙලෙස මම පියවර කිහිපයක් යෝජනා කරමි.
01. MOH කාර්යාල ප්‍රාදේශීය මට්ටමින් ප්‍රධාන මධ්‍යස්ථාන ලෙස ප්‍රකාශයට පත් කරමින් ඒවාට අවශ්‍ය පහසුකම් වහා සැපයිය යුතුය. එහි සේවයේ නියුතු සියල්ලන්ට කෝවිඞ්-19 වසංගතය පාලනය කිරීම පිළිබඳ දැනුවත් කිරීමේ දින 02 ක සැසි පැවැත් විය යුතු අතර, ඒ සඳහා දැනට නිවාඩු පිට ඉන්නා වෛද්‍ය පීඨ ඇදුරන්ගේ සහාය ලබාගත යුතුය. ග්‍රාම සේවා නිලධාරීන්ගේද සහාය ඇතිව ඔවුන්ගේ ප්‍රදේශයේ නිවෙස් වෙත බෙදා දිය යුතු දැනුවත් කිරීමේ පත්‍රිකාද ලබා දිය යුතුය.
02. සියලු MOH කාර්යාල වලට හදිසි ඇමතුම් සඳහා වෙන් කෙරුණු විශේෂ දුරකතන අංකයක් ලබා දිය යුතුය. එය කෝවිඞ්-19 පිළිබඳව හා ප්‍රදේශයේ පවතින තත්ත්වය පිළිබඳව ජනතාවට තොරතුරු ලබාගත හැකි ලෙස විවෘතව තැබිය යුතුය.
03. කෝවිඩි-19 සම්බන්ධයෙන් පළමු පරික්ෂණ කිරීමේ සියලු පහසුකම් සියලු MOH කාර්යාල වලට වහා ලබා දිය යුතුය. එම පරීක්ෂණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි හෝ නිලධාරිනිය විසින්ම කළ යුතුය.
04. ආසාධිත යැයි හෙළි වූ විගස එම පුද්ගලයා වහා ස්වයං නිරෝධායනයට යටත් කළ යුතු අතර එම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක හා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය විසින් එම පුද්ගලයා සහ නිවසේ සෙසු පුද්ගලයින් දෛනිකව නියාමනය කළ යුතුය. (අතීත සම්ප්‍රදායක් වූ පැපොල, සරම්ප වැනි රෝගියකු නිවසේ නිරෝධායනයට තබා ඉන්නා විට අසල්වැසියන්ගේ දැන ගැනීමට නිවසේ ප්‍රධාන දොරටුවෙහි අඹ කොළ හෝ කොහොඹ කොල එල්ලා තැබීම, නැවත හඳුන්වා දිය යුතුය)
05. දෛනිකව එකතු කරනු ලබන ප්‍රාදේශීය තොරතුරු හා දත්ත අප්‍රමාදව MOH කාර්යාල වලදී පරිඝණකගත කිරීමත් ඒවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ මධ්‍යගත තොරතුරු ගොන්න හා ජාලගත කිරීමත් අවශ්‍ය වේ. ඒ අනුව එම දත්ත හා තොරතුරු ජාතික මට්ටමින් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ වෙබ් අඩවිය හා සම්බන්ධ කළ යුතුය.
06. සියලු දිස්ත්‍රික්ක සඳහා කෝවිඞ්-19 පැතිරීම පාලනය කිරීමේ කමිටු පිහිටු විය යුතුය. ඒ සඳහා දිස්ත්‍රික් සෞඛ්‍ය අධිකාරී, විශේෂඥ වෛද්‍යවරුන්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සහ සියලු ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුලු විය යුතුය. සතියකට වරක් එම කමිටුව රැස් විය යුත්තේ දිස්ත්‍රික් ලේකම්ගේ ප්‍රධානත්වයෙනි.
07. දිස්ත්‍රික්කයේ සියලු MOH කාර්යාලවල දෛනික කටයුතු මෙම දිස්ත්‍රික් කමිටුව විසින් සම්බන්ධීකරණය කළ යුත්තේ දිස්ත්‍රික් සෞඛ්‍ය අධිකාරි හරහා ය.
08. දිස්ත්‍රික් මායිම්, අත්‍යාවශ්‍ය සේවාවන්හි සේවක සේවිකාවන්ට සහ ආහාර හා ඉන්ධන ප්‍රවාහනයට හැර සාමාන්‍ය ගමනා ගමනයට මසක කාලයකට වසා තැබිය යුතුය. දිස්ත්‍රික්කය තුල සාමාන්‍ය ආර්ථික හා වෙළඳ කටයුතු වෙනුවෙන් වෙළඳසල්, භාණ්ඩ එකතු කිරීමේ මධ්‍යස්ථාන, බැංකු සාමාන්‍ය අයුරු පවතත්වා ගත යුතුය. ඒ සමග සාමාන්‍ය ජනතාව කෝවිඞ්-19 පැතිරීම වළකා ගැනීමට අවශ්‍ය පියවර ගන්නේදැයි MOH කාර්යාල විසින් නිරීක්ෂණය කරමින් අවශ්‍ය අයුරින් නියාමන කාර්යන් පවත්වා ගත යුතුය.
09. දිස්ත්‍රික් ලේකම් විසින් කෝවිඞ්-19 වසංගතයට අදාල දිස්ත්‍රික්කයේ තොරතුරු හා විස්තර සති පතා සෑම සඳුදාවකම ඔහුගේ නිල දිස්ත්‍රික් වෙබ් අඩවියෙහි පළ කළ යුතුය.
10. පාසල්, අමතර පංති, අලුත් අවුරුදු උත්සව සහ දේශපාලන සංවිධාන කටයුතු වැනි ඉසව් මසක කාලයකට පූර්ණ ලෙස තහනම් කළ යුතුය.
මේ සමග අවධාරණය කළ යුත්තේ ත්‍රිවිධ හමුදාවන්ගේ සහාය ලබා ගැනීමේ අවශ්‍යතාවය ය. යටිතල පහසුකම් හා වෙනත් ඉදිකිරීම් කාර්යන්හි ඔවුන් පමණ කාර්යක්ෂම වෙනත් කිසිදු සංවිධානයක් නැත. දීර්ග කාලීන යුද්ධයකින් එවැනි කාර්යන් සඳහා ඔවුන් සතු කරගෙන තිබෙන්නාවූ තාක්ෂණික මෙවලම්, ශිල්පීය කුසලතා, පළපුරුද්ද, සංවිධාන හා කලමනාකරණ හැකියාව අද මේ රටේ වෙනත් කිසිවකුට මුදලට හෝ ගැනීම අපහසුය. එවගේම ඕනෑම අවස්ථාවකදී ඒ සම්පත් ඉතා කෙටි දැනුම් දීමකින් යොදා ගැනීමට ආණ්ඩුවට හැකිය. එබැවින් පහසුකම් වැඩි දියුණු කිරීමේදී ත්‍රිවිධ හමුදාවන් සූදානම්ව තබා ගැනීමටද ආණ්ඩුව පියවර ගත යුතුය.
මෙය ඉදිරිපත් කරනුයේ කෝවිඞ්-19 වසංගතය ඉතා වේගයෙන් සහ අවම අපහසුතා සමග පාලනය කරගත හැකි දළ සැළසුමක් වශයෙනි. එනිසා එය තව දුරටත් දියුණුකර ගැනීමේ සංවාදයක් ආරම්භ විය යුතු යැයි විශ්වාස කරන අතර, එය රජයේ ප්‍රතිපත්ති සකසන ඉහළ නිලධාරීන්ගේ සාකච්ඡා වලටද අදාල යැයි සිතමි.
කුසල් පෙරේරා

දැන් රට පුරා ක්‍රියාත්මක ඇඳිරි නීතිය අකුරටම පිළිපදින ලෙස රජය ජනතාවට දැනුම් දෙයි. ඇඳිරි නීතිය පනවා ඇත්තේ ඉතා බරපතල සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව ඇති කොරෝනා වෛරසය ව්‍යාප්තිය නතර කරනු පිණිසය.
ඇඳිරි නීති කාලය තුළ ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ වෙනත් භාණ්ඩ නිවසේ සිටම මිලදී ගත හැකි වන පරිදි නොකඩවා සැපයීමට, අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදාහැරීමේ කළමනාකරණය භාර කාර්ය සාධක බලකාය සියලු විධිවිධාන සලසා ඇත.
ඇඳිරි නීති කාලය තුළ කිසිවකු සිය අභිමතයට මාර්ගවලට පැමිණීම නොකළ යුතුය. කාර්ය සාධක බලකාය විසින් අවසර දී ඇති ඩිලිවරි වාහන පමණක් මාර්ග වල ධාවනය කිරීමට පිළිවන. අන් කිසිඳු වාහනයක් ඇඳිරි නීති බලපත්‍රයක් නොමැතිව ධාවනය නොකළ යුතුය.
දිවයිනේ සියලු දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන් තහනම් කර ඇත. විදේශීය සංචාරකයන් තැනින් තැනට ගෙනයාම මුළුමනින් තහනම් වෙයි. කුමන දිස්ත්‍රික්කයක වුවද ගොවිතැන් වැඩ, කුඩා තේ වතු ඇතුළු වැවිලි වගා වැඩ සහ ධීවර කර්මාන්තයට අවසර ඇත. ගුවන් තොටුපොළ සහ වරාය සේවා පවත්වාගනෙ යනු ලැබෙයි.
පොලීසිය සහ ත්‍රිවිධ හමුදාව ඇඳිරි නීති රෙගුලාසි තදින්ම ක්‍රියාත්මක කළ යුතුය.

රාජ්‍ය සේවකයින්ගේ අප්‍රේල් මස වැටුප ලබන 10 වැනිදාට පෙර ගෙවීමට සූදානම් වන බව වාර්තාවේ. මේ බව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ද සනාථ කර ඇති බවයි වාර්තා වන්නේ.

රජයේ හා පෞද්ගලික අංශයේ මාණ්ඩලික නොවන සේවකයන්ගේ වැටුපෙන් ණයවාරික අයකරගැනීම මැයි 30 දක්වා අත්හිටුවීමට රජයේ අනුමැතිය හිමි වූ බව සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (26) රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ ප‍්‍රවෘත්ති සාකච්ඡුාවේදී සදහන් කළේය.
ඒ අනුව බැංකු සහ මූල්‍ය ආයතනවලින් ලක්ෂ 10ට අඩු පෞද්ගිලික ණය ලබාගත් රජයේ හා පෞද්ගලික අංශයේ මාණ්ඩලික නොවන සේවකයන්ට මෙම සහනය හිමිවන බව අමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කළේය.
මෙහිදී අමාත්‍යවරයා කියා සිටියේ විදුලි බිල්පත්, වරිපනම් බදු, බැංකු චෙක්පත් වලංගු කාල සීමාව මැයි 30 වන දින දක්වා දීර්ඝ කිරීමට ද අනුමැතිය හිමි වූ බවයි.
මෙහිදී තවත් සහනයක් ගැන සදහන් කළ ඇමැතිවරයා ත්‍රිරෝද රථ, පාසල් වෑන් රථ, ලොරි රථ, ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය කරන කුඩා ප්‍රමාණයේ වාහන, බස් රථ, වෑන් රථ වැනි වාහන කල්බදු ක්‍රමය යටතේ ලබාගත් සියලු වාහන සඳහා ලීසිං වාරික හා පොලී ගෙවීම මාස 6ක කාලයකට අත්හිටුවීමට කැබිනට් අනුමැතිට හිමි වූ බව ද සදහන් කළේය.

අද (26) දින සවස් කාලයේදී කොරෝනා වෛරසය ආසාදිතයින් දෙදෙනකු වාර්තා වීමත් සමග ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් ගණන 106 දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය අමාත්‍යංශය අද සවස නිවේදනය කළේය.
ඊයේ (25) දිනයේදී කිසිදු ආසාදිතයකු වාර්තා නොවු අතර අද දින ද සවස 4.45 වන තුරුද කිසිදු ආසාදිතයකු වාර්තා නොවු බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළ අතර මේ වන විට මේ වන විට කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් 98 දෙනෙක් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින බවද අමාත්‍යංශය වැඩි දුරටත් සදහන් කළේය.

කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තිය වැළැක්වීමට රජය ගෙන යන වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට මාර්තු 30 වනදා සිට අප්‍රේල් 03වනදා දක්වා නිවසේ සිට වැඩකරන කාලයක් ලෙස ප්‍රකාශයට පත් කොට ඇත.
අත්‍යාවශ්‍ය සේවා ලෙස නම් කර ඇති ආයතන හැර සියලුම රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතන මේ යටතට ගැනේ.
මේ කාලසීමාව රජයේ නිවාඩු දින සේ නොසැළකේ. මහජන සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම රජයේ වගකීමයි. එහෙත් ජනතාව එක්රැස්වීම වළක්වා ස්වයං නිරෝධායනයට ඉඩ සැලසීම මෙහි අරමුණයි.
මාර්තු 20 සිට 27 දක්වා කාලය ද නිවසේ සිට වැඩකරන සතියක් ලෙස නම් කෙරිණ. එම ක්‍රියාදාමය අදාළ කාල සීමාව තුළද ඉදිරියට ගෙන යා යුතු බව රජය දන්වා සිටී.

දිවයින පුරා පිහිටි සියළුම නිදහස් වෙළද කලාප නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා උපදෙස් දෙයි. ඇදිරි නීතිය හේතුවෙන් තවමත් බෝඩිං වල රැදී සිටින එම නිදහස් වෙළද කළාප වල සේවක සේවිකාවන් හමුදාවේ සහ පොලිසියේ අධික්ෂණය යටතේ ඔවුන්ගේ ගම් බිම් වලට යැවීමේ වැඩ පිළිවෙලක් වහාම ක්‍රියාත්මක කරන ලෙස ඇමතිවරයා ආයෝජන මණ්ඩලයට අද (26) උපදෙස් දුන්නේය.
කටුනායක ආයෝජන මණ්ඩලයේදී ඇමති ප්‍රසන්න රණතුංග මහතා සහ ආයෝජන මණ්ඩල ප්‍රධානීන් හා කටුනායක කර්මාන්ත ශාලා හිමිකරුවන්ගේ නියෝජිතයන් අතර පැවැති විශේෂ සාකච්ඡාවේදී ඇමතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේය.
හෙට පෙරවරුවේ සිට පොලීසිය සහ හමුදාවේ මැදිහත් වීමෙන් අදාල සේවක සේවිකාවන්ට ප්‍රවාහන පහසුකම් සලසන ලෙස ද ඇමතිවරයා මෙහිදී උපදෙස් දුන්නේය. දැනට බෝඩිං වල රැදී සිටින සේවක සේවිකාවන්ට අද රාත්‍රී අහාරය ලබා දෙන ලෙසත් ඊට අමතරව හෙට ගම් බිම් බලා යන සේවක සේවිකාවන්ට උදෑසන හා දිවා අහාරය ලබා දීමටත් මෙහිදී තීරණය කෙරිනි. ඊට අමතරව සේවක සේවිකාවන් ගම් බිම් බලා පිටත් කර හැරීමට පෙර ඔවුන් විශේෂ සෞඛ්‍ය පරීක්ෂාවකට ලක් කිරීමටද තිරණය විය.
දිවයින පුරා ක්‍රියාත්මක නිදහස් වෙළද කළාප වලින් පිටස්තර ප්‍රදේශ වලින් පැමිණ එම කළාප ආශ්‍රිතව නවාතැන්ගෙන සේවය කරන සේවක සේවිකාවන් බහුලව සිටින්නේ කටුනායක, බියගම සහ වතුපිටිවල යන නිදහස් වෙළද කළාප තුලයි. කටුනායක නිදහස් වෙළද කළාපයේ බොහෝ කර්මාන්ත ශාලා මේ වන විට වසා දමා ඇතැයි ආයෝජන මණ්ඩලයේ නිදහස් වෙළද කලාප පිළිබද විධායක අධ්‍යක්ෂක එන්.කේ.ඩී ලෝරන්ස් මහතා මෙහිදි කියා සිටියේ.
නිදහස් වෙළද කළාප ආශ්‍රිතව සිටි සේවක සේවිකාවන් බහුතරයක් මේ වන විට නිවෙස් වලට ගොස් ඇති බවත් තවමත් නවා තැන් පොලවල් වල රැදී සිටින්නේ ඉතාමත් සුළු පිරිසක් බවත් අධ්‍යක්ෂකවරයා මෙහිදී කියා සිටියේය. ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී අණාවරණය කලේ සංඛ්‍යාව සුළු වුවවත් ඔවුන් වහා නිවෙස් වලට යැවීමට කටයුකු කල යුතු බවයි.
අත්‍යවශ්‍ය සෞඛ්‍ය උපකරණ සකස් කරණ ආයතන කිහිපයක් වෙළද කළාප තුල ඇති බවත් ඉතා සුළු පිරිසක් සහභාගී කරගෙන එම කර්මාන්ත ශාලා පවත්වාගෙන යාමට සිදුව ඇති බවත් අධ්‍යක්ෂවරයා ඇමතිවරයාට පෙන්වා දුන්නේය. එවැනි අත්‍යවශ්‍ය කර්මානත ශාලා ඇත්නම් ඒවායේ සේවයේ නිරත සේවක සේවිකාවන්ගේ සෞඛ්‍ය තත්ව ආහාර පාන සහ ආරක්ෂාව සම්බන්ධයෙන් අදාල සමාගම් වගකීම දැරිය යුතු බව ඇමතිවරයාගේ අදහස විය. ඒ මොහොතේම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දුරකථනයෙන් ඇමතූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවතින තත්ත්වය පැහැදිලි කරල අතර තවමත් නවාතැන් පොල වල රැදී සිටින සේවක සේවිකාවන් ඔවුන්ගේ ගම් බිම් බලා යැවීම සදහා ආරක්ෂක අංශවල සහය ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය. ඊට ජනාධිපති වරයාගේ එකගත්වය පල විය.
ප්‍රදේශයේ පොලිසිය මගින් සේවක සේවිකාවන්ට ගම් බිම් බලා යාමට අදාල බස්රථ පිටත්වන වේලාවන් නිවේදනය කරන ලෙසත් ඒ අනුව ආරක්ෂා කාරී ලෙස ඔවුන් ගම්බිම් වලට පිටත් කර හරින ලෙසත් ඇමති වරයා මෙහිදී වැඩිදුරටත් ආයෝජන මණ්ඩල ප්‍රධානීන්ට උපදෙස් දුන්නේය. දැනට කටුනායක නිදහස් වෙළ කළාපය ආශ්‍රිතව රැදී සිටින මෙම සේවක සේවිකාවන්ට අවශ්‍ය පහසුකම් සැලසීම සදහා එම වෙළද කළාපයේ කර්මාන්ත හිමියන් රුපියල් ලක්ෂ 5ක මුදලක් ඒ මොහොතේදීම පරිත්‍යාග කළේය.
සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දුන් ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කලේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව මෙම පියවර ගත් බවයි. කටුනායක නිදහස් වෙළද කළාපයේ සේවක සේවිකාවන් 20000ක් පමණ නවාතැන් පොල වල සිරවී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ කල ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍ය වේදීන් මෙහිදී ඇමතිවරයාගෙන් ප්‍රශ්න කලේය.
ඊට ප්‍රතිඡාර දැක්වූ ඇමතිවරයා සදහන් කළේ එපමණ සංඛ්‍යාවක් කටුනායක රැදී සිටියේනම් නගරයේ ඇදිරි නීතිය ක්‍රියාත්මක කිරීමට අසීරුවනු ඇතැයි කීවේය. ආයෝජන මණ්ඩල නිළධාරීන්ගේ සංඛ්‍යා ලේකණ අනුව එලෙස රැදී සිටින සංඛ්‍යාව සුළු පිරිසක් වන බවත් ඔවුන්ට හෙට ගම් බිම් බලා යාමට සියළු පහසුකම් සලසන බවත් ඇමති ප්‍රසන්න රණතුංග මහතා කියා සිටියේය.

ඇදිරි නීතිය පවතින කාලය අතර තුර නිවෙස් වලට අත්‍යවශ්‍ය භාණ්ඩ නිසි ප්‍රමිතියෙන් හා නිසි මිලට අලෙවි කරන්නේ දැයි රජය අවධානයෙන් සිටින බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ සෑම ප්‍රාදේශිය ලේකම්වරයෙකුටම ඊට අදාල උපදෙස් මේ වන විට ලබා දී ඇති බවයි.
ඇදිරි නීතිය පවතින කාලය තුල අත්‍යවශ්‍ය භාණ්ඩ නිවෙස්වලටම යැවීම මේ වන විට දිවයින පුරා ක්‍රියාත්මකයි. සමූපකාර, සතොස, ප්‍රාදේශිය ලේකම් කාර්යාල මගින් මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතරම පෞද්ගලික අංශයේ වෙළද සැල් පවත්වාගෙන යනු ලබන ආයතනද ඊට එක්ව තිබේ. ඊට අමතරව මාලු , එළවළු ව්‍යාපාරිකයන්ද මේ සදහා දායක වී ඇත.
ඇදිර නීතිය ක්‍රියාත්මක වුවද සමෘද්ධි ප්‍රතිලාභීන්ට අත්‍යවශ්‍ය බඩු මල්ලක් ලබා දීම මේ වන විටත් ගම්පහ දිස්ත්‍රික්කය පුරා ආරම්භ කර තිබේ. ඊට අමතරව ග්‍රාම සේවා වසම් මට්ටමින් හදුනාගත් අඩු ආදායම් ලාභී පුද්ගලයන්ටද නොමිලේ අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා දීමේ වැඩ සටහනක් ක්‍රියාත්මකයි. රජයේ හා පෞද්ගලික අංශයේ දායකත්වයෙන් එය ක්‍රියාත්මක වේ. ජනතාවට අවශ්‍ය ඖෂධ ලාබ ගැනීම සදහා වෙලද සැල් විවෘත්තව පවතියි.
මීට අමතරව කඩින් කඩ ඇදිරි නීතිය ඉවත් කෙරෙන ප්‍රදේශ වල තදබදයකින් තොරව ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට හැකි වන පරිදි ක්‍රමවේදයක් සැකසීම කෙරෙහිද රජයේ අවධානය යොමුව තිබේ. ඇදිරි නීතිය ඉවත් කළ විට අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සදහා නගරවලට හා වෙළද සැල් වලට රොක් වන ජනතාව අවම කිරීමේ අරමුණින් අත්‍යවශ්‍ය භාණ්ඩ ඇදිරි නීති කාලය තුල නිවස් වලට යැවීමේ වැඩ සටහන ආරම්භ කල බව රණතුංග මහතා පෙන්වා දෙයි.
කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය පැතිර යාම පාලනය කිරීම සදහා ජනතාව ඒක රාශී වීම නතර කළ යුතු බවත් රටේම ජනතාව නිවෙස්වලම ස්වයං නිරෝධානයකට ලක් කිරීම සදහා ඇදිරි නීතිය පනවන බවත් පෙන්වා දෙන ඇමති ප්‍රසන්න රණතුංග මහතා ජනතා සහාය ලැබෙන්නේ නම් මෙම වසංගතය පැතිරීම පාලනය කිරීමට හැකි බවද පෙන්වා දෙයි.
මේ නිසා සෞඛ්‍ය අංශ වල හා ආරක්ෂක අංශ වල උපදෙස් නිසි ලෙස පිළිපදින ලෙසත් මේ මොහොතේ පක්ෂ පාට බේද නොසලකා රජයට සහාය පල කරන ලෙසත් රණතුංග මහතා සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ශ්‍රී ලංකා මහ බැංකුව, වාණිජ බැංකු, රක්ෂණ සේවා සහ මහ භාණ්ඩාගාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අත්‍යාවශ්‍ය සේවා ගණයට ඇතුළත් කර තිබේ. සෞඛ්‍ය, ආරක්ෂක, පොලිස්, භාණ්ඩ බෙදාහැරීම්, රේගු කටයුතු, විදුලිය, ජලය සහ ඉන්ධන සැපයීම, සෙසු අත්‍යාවශ්‍ය සේවාවන් වේ.
එබැවින්, ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ ද ජනතාවගේ මූලික අවශ්‍යතා සපුරාලනු පිණිස අවම සේවක සංඛ්‍යාවක් සහිතව ශ්‍රී ලංකා මහ බැංකුව, සමස්ත බැංකු හා රක්ෂණ ආයතන හා ඒවායේ ශාඛා සේම මහ භාණ්ඩාගාරය ද විවෘතව තබන මෙන් ජනාධිපති ලේකම් ආචාර්ය පි.බී ජයසුන්දර මහතා මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතාට අද ලිඛිතව දැනුම් දුන්නේය.
ජනාධිපතිතුමා, ජනාධිපති ලේකම්, ප්‍රධාන කාර්යය මණ්ඩලය හා ජනාධිපති කාර්යාලය සෑම දිනකම සේවා අවශ්‍යතා සඳහා පූර්ණ කාලීනව ක්‍රියාත්මක බවද ආචාර්ය ජයසුන්දර මහතා සිය ලිපියෙන් කියා සිටී.