Category: සුපිරි News

  • සිංහ සමාජය මංගලගේ අස්වාභාවික ලිංගික ක්‍රියා සහ මුදල් වංඡා ගැන හෙළි කරයි

    සිංහ සමාජය මංගලගේ අස්වාභාවික ලිංගික ක්‍රියා සහ මුදල් වංඡා ගැන හෙළි කරයි

    මෙරට ප‍්‍රධාන පෙලේ මත්ද‍්‍රව්‍ය ජාවාරම්කරුවන් රොටරි-සිංහ ආදී ප‍්‍රසිද්ද සමාජ සේවා සංවිධානවල සභාපතිත්වය දරන්නේ යයි මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතා විසින් එල්ල කරන ලද චෝදනාවට සිංහ සමාජ සාමජිකයන් පිරිසක් විසින් මාධ්‍ය හමුවක් කැදවා ප‍්‍රතිචාර දක්වන ලදී.

    මුල්‍ය අපරාධ ගණනාවකට සම්බන්ධ වූ පුද්ගලයන්, අස්වාභාවික ලිංගික ක‍්‍රියා සම්බන්ධයෙන් සමාජයේ අපවාදයට ලක් වූ පුද්ගලයන්, කුරුදු පොලු හමුදාවල් යවා භීෂණයක් ඇති කර සමාජයේ පැවැත්මට තර්ජනයක් ඇති කල පුද්ගලයන් සිංහ සමාජයේ සාමාජිකයන් ලෙස බදවා නොගන්නා බව ජාත්‍යන්තර සිංහ සමාජයේ හිටපු කලාපීය සභාපති මහේෂ් කොටුවැල්ල මහතා සදහන් කරයි.

    එවන් පුද්ගලයෙක් විසින් කරන ලද ප‍්‍රකාශය සිංහ සමාය ලෙස පිලිකුලෙන් යුතුව ඒකමතිකව හෙලා දකින බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

     

  • බිරිඳට අමානුෂික ලෙස පහරදී රහස්‌ ප්‍රදේශයට මිරිස්‌ කුඩු දමා වැසිකිළියට ඇදගෙන ගොස්‌ මළ අපද්‍රව්‍ය මුහුණේ ඇතිල්ලූ සැමියාට  රුපියල් 5000 ක දඩයක්‌

    බිරිඳට අමානුෂික ලෙස පහරදී රහස්‌ ප්‍රදේශයට මිරිස්‌ කුඩු දමා වැසිකිළියට ඇදගෙන ගොස්‌ මළ අපද්‍රව්‍ය මුහුණේ ඇතිල්ලූ සැමියාට රුපියල් 5000 ක දඩයක්‌

    තම බිරිඳට අමානුෂික ලෙස පහරදී රහස්‌ ප්‍රදේශයට මිරිස්‌ කුඩු දමා වැසිකිළියට ඇදගෙන ගොස්‌ මළ අපද්‍රව්‍ය මුහුණේ ඇතිල්ලූ බවට සැමියාට එරෙහිව පවරා තිබූ නඩුවක වරදකරුවූ සැමියාට රුපියල් 5000 ක දඩයක්‌ හා බරපතළ වැඩ සහිත වසර දෙකක සිරදඬුවමක්‌ නියම කළ කළුතර මහාධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මිය එම සිරදඬුවම වසර දහයකට අත්හිටුවුවාය.

    මෙසේ දඬුවම් නියම වූයේ චන්න සුජීව වීරසිංහ නම්වූ අයටයි.

    2012 ජුනි මස 20 වැනි දින සිදුවූ මෙම සිද්ධියට අදාළව නීතිපතිවරයා විසින් මොහුට එරෙහිව නඩු පවරා තිබුණි.

    මෙහිදී රජයේ අධිනීතිඥ ෂර්ලි විඡේසූරිය මහතා පැමිණිල්ල මෙහෙයවූ අතර විත්තිකරු වෙනුවෙන් නීතිඥ කණිෂ්ක වන්නිආරච්චි මහතා ඇතුළු නීතිඥ කණ්‌ඩායමක්‌ පෙනී සිටියහ.

  • මත්ද්‍රව්‍ය ව්‍යාපාරයට සම්බන්ධයක් තියෙන පුද්ගලයින් එල්ලුම්ගහ ගේන එකට විරුද්ධයි

    මත්ද්‍රව්‍ය ව්‍යාපාරයට සම්බන්ධයක් තියෙන පුද්ගලයින් එල්ලුම්ගහ ගේන එකට විරුද්ධයි

    මත් උවදුරින් රට මුදා ගැනීම සඳහා මරණ දඬුවම ගෙන ඒමට සැරසෙන විට ඊට එරෙහි වන යුරෝපා සංගමය ඇතුළු කිසිවෙකුත් රට ගොදුරු කරගෙන ඇති මත් උවදුරට එරෙහිව කිසිම ක‍්‍රියාමාර්ගයක් ගෙන නැති බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ තරුණ පෙරමුණේ සභාපති, හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පැවසීය. 
    ඔවුන් කිසි දිනෙකත් මත් උවදුරින් විනාශ වන තරුණයන්ගේ මානව අයිතිවාසිකම් ගැන නොසිතීම කණගාටුවට කරුණක් බව කියා සිටි අතර වැඩි දුරටත් අදහස් දක්වමින්,
    ‘‘ මේ වන විට මත්ද්‍රව්‍ය උවදුරට අපේ තරුණ පරපුර සීඝ‍්‍රයෙන් ගොදුරු වී තිබෙනවා. මේ වන විට පාසල් අවට පවා විවිධ මත්ද්‍රව්‍ය අලෙවි කෙරෙනවා. මෙරටට මත්ද්‍රව්‍ය ගෙනඒම වැළැක්වීමට ගුවන් තොටුපල, වරාය තුළ කොතෙක් වැට කඩුළු යොදා තිබුණත් මත්ද්‍රව්‍ය පැමිණෙනවා. ජනාධිපතිවරයා මේ තත්ත්වය තේරුම් ගෙන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ලබාදීමේ තීරණයක් ගෙන තිබෙනවා. එයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ද හිමිවුණා. ඒ ක‍්‍රියාදාමයට නොගියොත් මේ රට විනාශ වෙනවා.
    දැන් එයට විරුද්ධව යුරෝපා සංගමය, මානව හිමිකම් කොමිසම ආදී අය නිවේදන නිකුත් කළත් ඔවුන් අපේ රටේ මත් ද්‍රව්‍ය ව්‍යාප්තිය නැවැත්වීම සඳහා ඔවුන් මොනවද කළේ. මොන උපදේශය ද ලබාදී තිබෙන්නේ. අපේ රටේ අහිංසක තරුණයන්ගේ ජීවිත විනාශ වෙමින් සිදුවන මානව හිමිකම් කඩවීම් ගැන ඔය මානව හිමිකම් සංවිධාන මොනවද කරල තියෙන්නේ.
    මේ රට අපි මත් උවදුරින් බේරාගත යුතුයි. බෙදුම්වාදී ත‍්‍රස්තවාදය හේතුවෙන් සිදුවුණාට වඩා වැඩි විනාශයක් මේ මත්ද්‍රව්‍ය හේතුවෙන් රටට සිදුවෙනවා. ඒ නිසා මෙය මැඩපැවැත්විය යුතුමයි. ඒ සඳහා ජනතාව දැනුම්වත් කර ආකල්පමය වෙනසක් ඇතිකර ක‍්‍රියාත්මක වෙන්න බැරිනම් දැඩි තීන්දු තීරණ ගෙන හෝ එය නැවැත්වීම රාජ්‍ය නායකයන්ගේ වගකීමක්. 
    ඒ නිසා ජනාධිපතිතුමා ඒ වෙනුවෙන් නොබියව කටයුතු කිරීම ගැන අප ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ රටට ආදරය කරන සියලූ පාර්ශවවල ගෞරවය එතුමාට හිමිවී තිබෙනවා.
    ඍජුව හෝ වක‍්‍රව හෝ මත්ද්‍රව්‍ය ව්‍යාපාරයට සම්බන්ධයක් තියෙන පුද්ගලයින් මෙම තීන්දුව විවේචනය කරමින් සිටීම ගැන අප කණගාටුව පළ කරනවා. ’’ යැයි කියා සිටියේය.
  • පොලීසියට හයිය පෙන්නන්න ගිය ප්‍රා.ස. සභාපති මාස තුනක් හිරේ

    පොලීසියට හයිය පෙන්නන්න ගිය ප්‍රා.ස. සභාපති මාස තුනක් හිරේ

    පොලිස්‌ නිලධාරියකුගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනාවට වරදකරු වූ ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති එම්. කේ. අමිල මහතාට ඇඹිලිපිටිය අධිකරණය මගින් මාස 3 ක සිරදඬුවම් නියම කර ඇත.
     
     අගතියට පත්වූ පොලිස්‌ නිලධාරියාට රුපියල් තිස්‌ දහසක වන්දි මුදලක්‌ ගෙවන ලෙසද අධිකරණය නියෝග කර තිබේ.

  • පුද්ගලික ආරක්ෂාවට පාතාලයෝ 5ක් තියාගෙන ඉන්න ඇමති කවුද ?

    පුද්ගලික ආරක්ෂාවට පාතාලයෝ 5ක් තියාගෙන ඉන්න ඇමති කවුද ?

    පාතාල සාමාජිකයන් පස්දෙනකු ඇමතිවරයකුගේ පෞද්ගලික ආරක්ෂකයන් ලෙස සේවයේ යෙදී සිටින බවටත් එම පාතාලයන් පස්දෙනා එම ඇමතිවරයා සමග සිටින ඡායාරූපද පාතාල මර්දන කටයුතුවල යෙදී සිටින පොලිස් කණ්ඩායම සතුව ඇති බවත් පොලිසිය සඳහන් කර ඇත.

    ඇමතිවරයාගේ ආරක්ෂක සේවයේ යෙදී සිටින බව කියන ප්‍රබල පාතාල නායකයකු පොලිසිය සමග ඇතිවූ ගැටුමකදී වෙඩි කා මිය ගිය බවද පොලීසිය සඳහන් කර තිබේ.

    මේ පස්දෙනා අතර පොලීසියේ රාජකාරි කරමින් සිටියදී පාතාලය සමග කිට්ටු සම්බන්ධයක් පැවැත්වීම නිසා වැඩ තහනමට ලක්වූ  පොලිස් කොස්තාපල්වරයකුද සිටින බවත් පැවසේ.

  • කතරගම ඇසළ පෙරහැරේ දෙවියන් වැඩම කරවන විට හා දේවාලය තුල ඡායාරූප/වීඩියෝ තහනම් – ප්‍රධාන කපු මහතා

    කතරගම ඇසළ පෙරහැරේ දෙවියන් වැඩම කරවන විට හා දේවාලය තුල ඡායාරූප/වීඩියෝ තහනම් – ප්‍රධාන කපු මහතා

    මෙවර කතරගම ඇසළ මංගල්‍යයේ සිට දෙවියන් වැඩම වන අවස්‌ථාව ඡායාරූප ගැනීමට හා වීඩියෝ ගත කිරීමට කිසිවෙකුට ඉඩ ලබානොදෙන බව රුහුණු මහා කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතා වන සොමිපාල ටී. රත්නායක මහතාකතරගම ඇසළ මංගල්‍යය වෙනුවෙන් කතරගම බස්‌නායක නිල මැඳුරේ පැවැති මාධ්‍ය සාකච්ඡාවට එක්‌වෙමින් පැවැසීය.

    ඒ මහතා මෙසේද පැවැසීය,

    අනාදිමත් කාලයක්‌ පුරාවට පවතින චාරිත්‍ර මෙන්ම සම්ප්‍රදායන් රැකගෙන එනු ලබන කතරගම ඇසළ මංගල්‍යය ලංකාවේ පැවැත්වෙන පැරණිම පෙරහැරක්‌. දුටුගැමුණු රජතුමාගේ නියමයෙන් චාරිත්‍ර විධි අකුරට ඉටුකරන පෙරහැරක්‌. ජනයාට නොපෙන්වන චාරිත්‍ර රැසක්‌ මෙහි තිබෙනවා. මෙම රහස්‌ පිළිබඳව සෙවීමට විවිධ අන්තවාදීන් නවීන කැමරා උපයෝගි කරගෙන මෙම පුදබිම වෙතද බැලුම් හෙළා තිබෙනවා. එබැවින් දේවාලය තුළත් දෙවියන් වැඩම වන අවස්‌ථාවේදීත් පමණක්‌ ඡායාරූප හා වීඩියෝගත නොකරන ලෙස සියලුම දෙනාට දන්වා සිටිනවා.

    මෙහිදී අදහස්‌ දැක්‌වූ රුහුණු මහා කතරගම දේවාලයේ වැඩබලන බස්‌නායක නිළමේ දිල්රුවන් රාජපක්‍ෂ මහතා පැවසුවේ කතරගම දේවාලයේ කපු මහතුන් විසින් පාරම්පරිකව දේවාලයේ චාරිත්‍ර ඉටුකරන බවත් ඔවුන්ගේ ඉල්ලීම් වලට ඇහුම්කන්දීම සිදුකරන බවත්ය. මෙයට අමතරව වාසනා හස්‌ති රාජයා දෙවියන් වැඩමවීමට සිටින එකම ඇතා වන බැවින් පෙරහැරේ ගමන් කරන විටදී සුවඳ විලවුන් මෙන්ම විවිධ ද්‍රව්‍ය ඉසීම නොකරන ලෙස ඉල්ලා සිටින බවද කීවේය. මේ වනවිට මෙම ද්‍රව්‍ය ඉසීම නිසා ඇතාගේ ඇස්‌ වලට හා සමට විවිධ ආබාධ ඇති වී ඇති බැවින් වෛද්‍ය උපදෙස්‌ මත මෙම ක්‍රියාවන් සිදුනොකරන ලෙස මහජනතාව දැනුවත් කරන බවද ඔහු කීවේය.

  • සිඟිති පුතුට මත් පැන් පොවන පියා සොයා ජාතික ළමාරක්ෂක අධිකාරිය රට පුරා මෙහෙයුම්

    සිඟිති පුතුට මත් පැන් පොවන පියා සොයා ජාතික ළමාරක්ෂක අධිකාරිය රට පුරා මෙහෙයුම්

    පසුගිය දිනවල විද්‍යුත් මාධ්‍ය සහ සමාජ ජාල මගින් ප්‍රචරය වූ වැඩිහිටියකු විසින් බාල වයස්කාර දරුවකුට මත්පැන් පොවනු ලබන වීඩියෝ දර්ශනය සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරිය මූලික විමර්ශනයක් ආරම්භ කර ඇත.

    පියා විසින් තම දරුවාට මත්පැන් පොවන්නේ යැයි අනුමාන කළ හැකි දර්ශන අඩංගු මෙම වීඩියෝව තවත් පාර්ශවයක් විසින් ෆේස්බුක් සමාජ ජාලයට නිකුත් කරනු ලදුව පසුව එය විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ද විශාල වශයෙන් ප්‍රචාරය වෙමින් තිබේ.

    මෙම සිදුවීම තම අධිකාරියට වාර්තා වීමෙන් පසුව ඊට අදාළ පුද්ගලයා සොයා මෙම විමර්ශනය ආරම්භ කළ බව ජාතික ළමාරක්ෂක අධිකාරියේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කියයි.

  • මත් රකුසාට එරෙහිව සටන් කරන ජනපතිට රටපුරා ජනතාව උපහාර පුදයි

    මත් රකුසාට එරෙහිව සටන් කරන ජනපතිට රටපුරා ජනතාව උපහාර පුදයි

    මත්කුඩු ජාවාරම්කරුවන්ට එරෙහිව මරණ දණ්ඩනය ලබා දීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කිරීමත් සමග ඇතැම් ප්‍රදේශ වල ඊට ප්‍රසාදය පළ කරමින් පෝස්ටර් අලවා තිබෙනවා .එම අලවා ඇති පෝස්ටර් සම්බන්ධයෙන් මේ වන විට වන විට ඇතැමුන් සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ විවිධ ප්‍රචාර පළ කරමින් තිබෙනවා.

    මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මධ්‍යස්ථ ජනතාව පවසන්නේ පසුගිය රජය සමඟ මත් කුඩු ව්‍යාපාරිකයන් සමග සමග ඇතැමුන්ට සබඳතා තිබූ නිසා වත්මන් ජනාධිපතිවරයා මෙන් ඔවුන්ට මරණ දණ්ඩනය ලබා දීමේ හැකියාවක් පැවති රජය ට නොතිබූ බවයි.ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මත්කුඩු ජාවාරම්කරුවන්ට මරණ දණ්ඩනය ලබා දීමට තීරණය කිරීමත් සමඟ ආගමික නායකයන් මෙන්ම සිවිල් සංවිධාන සහ ජනතා බලවේග ද සිය ප්‍රසාදය පළ කර තිබෙනවා .

    එවැනි තත්වයක් තුළ මෙවැනි ප්‍රකාශ කරමින් මෙවැනි ව්‍යාපාරික සඳහා අකුල් හෙළන පුද්ගලයන් පිළිබඳවද යළි සලකා බැලිය යුතු බවයි බොහෝ සංවිධාන පෙන්වා දෙන්නේ .

  • වෙඩි වැදුණු කිරිවෙහෙර හිමිගේ රෝහල් ගාස්තුවෙන් මිලියනයක් ගෙවයි

    වෙඩි වැදුණු කිරිවෙහෙර හිමිගේ රෝහල් ගාස්තුවෙන් මිලියනයක් ගෙවයි

    වෙඩි වැදීමකින් තුවාල ලබා කොළඹ පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබන කතරගම කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන්ගේ රෝහල් ගාස්තුවෙන් කොටසක් රජය විසින් පියවා ඇත.
    ජනාධිපති අරමුදල යටතේ රුපියල් මිලියනයක පමණ මුදලක් මෙලෙස ගෙවා ඇති බවයි වාර්තා වන අතර රෝහල් ගාස්තුවේ ඉතිරි කොටසද පියවන බවට ජනාධිපති කාර්යාලයෙන් දැනුම්දීමක් කර ඇතැයිද වාර්තා වේ.
  • ගෝටා පසුපස සිටින බලවේගය අතිශය භයානකයි.. ඔහු ප‍්‍රජාතන්ත‍්‍රවාදී අදහස් නැති හමුදා නිලධාරියෙක්..

    ගෝටා පසුපස සිටින බලවේගය අතිශය භයානකයි.. ඔහු ප‍්‍රජාතන්ත‍්‍රවාදී අදහස් නැති හමුදා නිලධාරියෙක්..

    ගෝටාභය රාජපක්‍ෂ මහතා පසුපස සිටින බලවේග දෙස බැලූ විට අතිශය භයානක බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

    එම පිරිස සූදානම් වන්නේ ඉතාම තද ජාතිකවාදී මිලිටරි ආණ්ඩුවක් හදා ගන්න යයිද මන්ත‍්‍රීවරයා සදහන් කරයි.

    ගෝටාභය රාජපක්‍ෂ මහතා දේපාලඥයෙකු නොවන බවත් ඔහුට සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී මතවාදයක්ද නැති බවත් පවසන මන්ත‍්‍රීවරයා ඔහු හුදෙක්ම හමුදා නිලධාරියෙක් පමණක් යයිද යැයි වැඩිදුරටත් කියා සිටී.

  • කෝටි පහක විදෙස්‌ මුදල් සිංගප්පූරුවට රැගෙන යද්දී රේගුව හසුවෙයි

    කෝටි පහක විදෙස්‌ මුදල් සිංගප්පූරුවට රැගෙන යද්දී රේගුව හසුවෙයි

    රුපියල් හාර කෝටි අසූ ලක්‌ෂයක්‌ (4,80,00,000) වටිනා විදේශ මුදල් තොගයක්‌ නීතිවිරෝධී ලෙස සිංගප්පූරුව බලා රැගෙන යැමට තැත් කළ ඉන්දීය ජාතික ගුවන් මගියකු සහ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනකු 13 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය .
     
     මෙහි ඉන්දීය ජාතික ගුවන් මගියා 40 හැවිරිදිය . අනෙක්‌ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනා, 40 හැවිරිදි කොළඹ ප්‍රදේශයේ සහ 45 හැවිරිදි කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
     
     මොවුන් 13 දින අලුයම 1.55 ට පමණ සිංගප්පූරුව බලා පිටත්ව යන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.-306 දරන ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ .
     
     ඔවුන් විසින් ඇමෙරිකානු ඩොලර් 52,950 ක්‌, යූරෝ 1,53,250 ක්‌ , සෞදි රියාල් 2,64,000 ක්‌ සහ කටාර් රියාල් 18,500 ක්‌ නීතිවිරෝධී ලෙස රැගෙන යමින් සිටියදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.
     
     රේගු අධිකාරි ඒ. එම්. ඡේම්ස්‌, සහකාර රේගු අධිකාරීවරුන් වන ටී. ඒ. ගුණසේකර, ඩී.රෙංගරාඡ් , එම්.එස්‌. මාසකෝරාල, එස්‌. සමරසේකර යන මහත්වරුන් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබිණි.
     
     ශ්‍රී ලංකා රේගුවේ අතිරේක අධ්‍යක්‌ෂ ජනරාල් රංජිත් ළමාහේවා මහතාගේ උපදෙස්‌ පරිදි, කටුනායක ගුවන් තොටුපළ රේගු අධ්‍යක්‌ෂ ඕ.එම්. ජාබීර් මහතාගේ අධීක්‌ෂණය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්‌ෂ ඕ.ඡේ.ඔබේසේකර මහතා ඇතුළු රේගු නිලධාරීන් පිරිසක්‌ මේ පිළිබඳව පරීක්‌ෂණ පවත්වති.

     

  • අලුගෝසු තණතුරට ගෝඨාභය හොඳයි

    අලුගෝසු තණතුරට ගෝඨාභය හොඳයි

    පුරප්පාඩු වී ඇති අලූගෝසු තනතුර බාර ගන්නා ලෙස හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලීමක් කරන බව නියෝජ්‍ය ඇමති දුනේෂ ගන්කන්ද මහතා පවසයි.

    ඔහු මෙම අදහස් පල කලේ රත්නපුරයේදී පැවති ජනහමුවක් අමතමිනි.

  • ඒකාබද්ධය දෙකඩ කරන්න කියා වෙල්ගමව ආණ්ඩුව බ්ලැක්මේල් කරනවා

    ඒකාබද්ධය දෙකඩ කරන්න කියා වෙල්ගමව ආණ්ඩුව බ්ලැක්මේල් කරනවා

    එක්බද්ද විපක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා ආණ්ඩුව විසින් බ්ලැක්මේල් කර ඇති බව මවුබිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය පවසයි.

    එම සංවිධානයේ කැදවුම්කරු අජිත් ප‍්‍රසන්න මහතා පෙන්වා දෙන්නේ වෙල්ගම මහතාට ඇති නඩු කිහිපයක් පෙන්වා මෙම බ්ලැක්මේල් කිරීම සිදු කර ඇති බවත් එමගින් ඔහු හරහා ඒකාබද්ද විපක්‍ෂයේ සියළු තොරතුරු ආණ්ඩුව විසින් ලබා ගන්නා බවත්ය.

    වෙල්ගම මහතා ගෝටාභය රාජපක්‍ෂ මහතා ජනධිපතිවරණවට එනවාට විරුද්ද වන්නේ පෙර හොරකම් නැවති කිරීමට නොහැකි නිසා බවද ඔහු පෙන්වා දෙයි.

    ලෝකයේ පලමු අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මෙන්ම, මහතීර් මොහොමඩ්, ලිකුවාන් යු ආදී නායකයින් බිම් මට්ටමේ දේශපාලනයක් සිදු නොකල බවත් එක්වරම නායකත්වයට පැමිණි බවත් ඔහු කියා සිටී.

    කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

  • ඇයි රථ වාහන වලට විතරක් … පාර්ලිමේන්තු මන්ත්‍රීලටත් දඩ …

    ඇයි රථ වාහන වලට විතරක් … පාර්ලිමේන්තු මන්ත්‍රීලටත් දඩ …

    රථ වාහන වැරදි 33 ක් සදහා ස්ථානීය දඩ වැඩි කිරිමට සමගාමීව පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගේ විනය ආරක්‍ෂා කිරීම සදහාද දඩ ක‍්‍රමයක් හදුනා දෙන්නැයි සිවිල් සංවිධාන කිහිපයක් කතානායකවරයාගෙන් ඒකාබද්ධ ඉල්ලීමක් කර ඇත.
    පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් සදහා දඩ නියම කිරීමට වැරදි 8 ක් ද ඒ සදහා නියම කළ යුතු දඩ මුදල්ද මෙහිදී යෝජනා කර ඇති අතර පාර්ලිමේන්තුව තුළ ප‍්‍රචණ්ඩකාරී ලෙස හැසිරීම හෝ පහරදීම සදහා රුපියල් 25,000 ක දඩයක්ද, පාර්ලිමේන්තුව තුළ අසභ්‍ය වචන ප‍්‍රකාශ කිරීම සදහා රුපියල් 20,000 ක දඩයක්ද යෝජිතයි. පාර්ලිමේන්තුව හෝ මහජනතාව නොමග යවන ප‍්‍රකාශ සිදුකිරීම සහ මූලික මිනිස් අයිතිවාසිකම් කඩවන ගැසට් නිවේදන නිකුත් කි්රීම වෙනුවෙන් රුපියල් 15,000 බැගින් දඩ නියම කිරීමටද මෙමගින් යෝජනා කර ඇත.
    තවද සාධාරණ හේතුවක් නොමැතිව පාර්ලිමේන්තු රැස්වීම් සදහා සහභාගි නොවීමට සහ පාර්ලිමේන්තු රැස්වීම් අතරතුර අවධානයෙන් නොසිටීමට රුපියල් 10,000 ක දඩයක් යෝජනා කර ඇත.
    සාක්‍ෂි නොමැතිව පාර්ලිමේන්තුව තුළදී කිසියම් පුද්ගලයෙකුට චෝදනා කිරීමටද රුපියල් දස දහසක දඩයක් යෝජනා කර ඇත.
    පාර්ලිමේන්තු සභා ගැබ තුළ නිදා ගැනීම වෙනුවෙන් රුපියල් 5,000 ක දඩයක් නියම කළ යුතු බවයි මෙම සිවිල් සංවිධාන එකමුතුව පවසයි.
  • දීර්ඝ කාලයක පටන් විදේශ රටවලින් ලැබෙන ලිපි හා පාර්සල් කඩා එහි ඇති දේ ගැනීමේ මහා ජාවාරමක් හෙළිවෙයි….

    දීර්ඝ කාලයක පටන් විදේශ රටවලින් ලැබෙන ලිපි හා පාර්සල් කඩා එහි ඇති දේ ගැනීමේ මහා ජාවාරමක් හෙළිවෙයි….

    මාස කිහිපයක සිට සඟවා  තිබු ලිපි දහස් ගණනක් අඩංගු තැපැල් මලු තොගයක් ගාල්ල ප්‍රධාන තැපැල් කාර්යාලයේ අධික්ෂණ නිලධාරින්ගේ කාමරයේ තිබී පසුගිය 11 දා සොයාගෙන තිබේ.
    දකුණු පළාත් නියෝජ්‍ය තැපැල් ජනරාල්වරිය සහ ගාල්ල ප්‍රාදේශිය තැපැල් අධිකාරිවරිය විසින් කළ සෝදිසිකිරීමකදී මෙම තැපැල් මලු තොගය සොයා ගෙන ඇති අතර එහිදි විදේශ රටවල සිටින පුද්ගලයින් විසින්  මෙරට සිටින ඥාතින්ට එවනලද ලිපි සහ පාර්සල් රැසක් කඩා තිබියදි සොයාගෙන ඇති අතර එයට අමතරව පසුගිය  මැතිවරණයේදි ගාල්ල දිස්ත්‍රික්කයේ ඇමතිවරුන් දෙදෙනෙකු විසින් ඡන්දදායකයින් වෙත යැවිමට බාරදෙන ලද ලිපි දහස් ගණනක් තිබී ඇත.
    දීර්ඝ කාලයක පටන් විදේශ රටවලින් ලැබෙන ලිපි කැඩිමේ මෙම ජාවාරම පවත්වාගෙන ගොස්  ඇති අතර ඒ සම්බන්ධයෙන් කරන ලද නිර්නාමික පෙත්සම් අනුව මෙම හදිසි වැටලිම කර තිබූ අතර මෙම කාමරයට වෙනත් බාහිර පුද්ගලයින්ට ඇතුලු විමට නොහැකි බවත් ඇතුලු විය හැක්කේ අධික්ෂණ නිලධාරිවරුන්ට පමක් බවත් වාර්තාවේ.
  • හමුදාවට තොරතුරු දෙන්න එපා …. උතුරු රාජ්‍ය නිළධාරීන්ට විග්නේෂ්වරම් කියයි

    හමුදාවට තොරතුරු දෙන්න එපා …. උතුරු රාජ්‍ය නිළධාරීන්ට විග්නේෂ්වරම් කියයි

    උතුරේ යුද හමුදාවට තමන්ගෙන් නොවිමසා කිසිදු තොරතුරක් ලබා නොදෙන්නැයි උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතා කිලිනොච්චි ආබාධිත වූවන් වෙනුවෙන් ඉදිවූ සංවර්ධන මධ්‍යස්ථානයක් විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් පැවසීය.

    එහිදී අදහස් දැක්වූ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය වරයා වැඩි දුරටත් මෙසේ පැවසීය.

    ‘මම කියන්න කැමතියි උතුරේ සියලුම රාජ්‍ය නිලධාරීන්ට යුද හමුදාව තොරතුරු ඉල්ලන්න ආවොත් දෙන්න එපා කියලා එහෙම ඇවි තොරතුරු ඉල්ලුවොත් ඔබතුමාල එයාලට කියන්න උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය වරයා දැනුම් දීල තියෙන්නේ කිසිම තොරතුරක් එතුමන්ගෙන් විමසීමක් කරන්නැතුව දෙන්න එපා කියල තියෙන්නෙ කියලා මගෙන අහලා අවශ්‍ය තොරතුරු දෙන්නම් කියලා එයාලට කියන්න 

    ඒ වගේම මේ පලාත මධ්‍යම රජයෙන් එක පලානයක් සිද්ද වෙනවා පලාත් සභාවෙන් තවත් පාලනයක් සිද්ද වෙනවා මේ දෙකටම අමතරව තුන්වනුව තවත් පාලනයක් විදිහට ආණ්ඩුකාරවරයාගේ පාලනයත් ඇවිල්ලා මේ සියලු පාලනයන්ගෙන් අපහසුතාවයට පත්වෙන්නේ අපේ ජනතාවයි මේ හේතු නිසා තමයි අපි මුල සිටම ෆෙඩරල් පාලනයක් ඉල්ලන්නේ මීට අමතරව ලංකාවේ පලාත් නවයෙම ස්වයං පාලනයකුත් අවශ්‍යයි කියලා ඉල්ලීමකුත් කරන්න ඔිනෑ.‘