Category: සුපිරි News

  • රැජිනගේ ලොකුම රත්තරන් කාසිය හොරු උස්සලා

    ජර්මනියේ බර්ලින් කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා තිබු ඇමෙරිකානු ඩොලර් මිලියන 4ක් වටිනා, එලිසබත් රැජිනගේ උඩුකය රුව සහිත දඹ රන් කාසියක් සොරුන් කල්ලියක් සොරකම් කොට ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    කැනඩාවේ නිෂ්පාදිත මෙම කාසියෙහි මුද්‍රණය කර ඇති අගය ඩොලර් මිලියන 1ක් නමුත්, කිලෝ ග්‍රෑම් 100ක් බර කැරට් 24 සුපිරිසිදු රනින් තනා ඇති නිසා එය සත්‍ය වශයෙන්ම එම අගයට වඩා බෙහෙවින් වටිනා බව සඳහන් වෙයි.

    මෙම සොරකම 27දා අළුයම 3.30ට පමණ සිදුවී ඇති නමුත් සොරුන් විසින් ස්වයංක්‍රිය අනතුරු ඇඟවීම් පද්ධතිය අක්‍රිය කළ ආකාරය හෝ මීටර් බාගයක් පමණ දිගු කාසිය කෞතුකාගාරයෙන් පිටතට රැගෙන ගිය ආකාරය පිළිබඳව නිසි පැහැදිලිකිරීමක් මෙතෙක් සිදුකොට නොමැත.

    කාසිය තනි පුද්ගලයෙකුට එසවිය නොහැකි තරම් බරකින් යුක්ත වන අතර එරට පොලිසිය පවසන පරිදි සොරුන් ජනේලයකින් කෞතුකාගාරයට ඇතුළුවන්නට ඇත. ඒ සඳහා යොදාගත් ඉනිමග අසල පිහිටි දුම්රිය මාර්ගයක තිබී සොයාගෙන ඇත.

    ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිවරයා ජාත්‍යන්තර මාධ්‍ය වෙත කියා සිටියේ කාසිය වෙඩි නොවදින වීදුරුවකින් ආවරණය කර තිබු බව පමණකි. එම අවස්ථාවේ කෞතුකාගාරයේ සේවයේ නියුතු ආරක්ෂක නිළධාරීන් සහ අනතුරු ඇඟවීමේ පද්ධතිය පිලිබඳ අදහස් දැක්වීම ඔහු විසින් තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.

    මංකොල්ලකෑ කාසිය “big maple leaf” යන නමින් හඳුන්වනු ලබන අතර සෙන්ටිමීටර් 3ක ගනකමකින් සහ සෙන්ටිමීටර් 53ක විශ්කම්භයකින් යුතු වේ. එහි එක් පසෙක කැනේඩියානු ජනපදයේ ප්‍රධානියා වූ දෙවන එලිසබත් රැජිනගේ රුව සහ අනෙක් පස කැනඩාවේ ජාතික සංකේතය වන මේපල් කොලය මුද්‍රණය කර තිබේ.

    කෞතුකාගාරයේ කාසිය තබා තිබු කොටස තුල තවත් 540,000ක් පමණ කෞතුක භාණ්ඩ ප්‍රදර්ශනයට තබා තිබු නමුත් සොරුන් විසින් පැහැරගෙන ගොස් ඇත්තේ එම කාසිය පමණක් වීම විමතියට කරුණකි.

  • ඔබේ සැමියා පිළිබඳව අන් අයගෙන් වසන් කලයුතු කරුණු 7ක්..

    1) ඔහු බිය වන දේවල්

    සාමාන්‍යයෙන් කාන්තාවන් නම් තමන්ට භය හිතෙන දේවල් පිළිබඳ අන් අය සමග පැවසීමට මැලි කමක් නොදක්වයි. එහෙත් පිරිමින් එසේ නොවේ. පිරිමින් එය තමන්ගේ දුර්වලකමක් ලෙස සළකයි. ඔබේ සැමියා අකුණු ගැසීම, විශාල බල්ලන් හෝ මකුළුවන් ආදී මේ දේවල්වලට බියක් දක්වන්නේ නම් ඒ පිළිබඳ අන් අයට පැවසීම සුදුසු නැත. විශේෂයෙන්ම ඔහු මේ දේවල් ඔබට පවසන්නේ ඔබ පිළිබඳ විශ්වාසයෙනි. අන් අය සමග ඒවා පැවසීමෙන් ඔබ එම විශ්වාසය කඩ කරයි. දෙදෙනෙකු අතර විශ්වාසය බිඳී යාමට මෙය ප්‍රධාන හේතුවකි. එනිසා ඔබ අන් අය සමග සැමියා පිළිබඳ යමක් පැවසීමට පෙර එය ඔහුට කෙසේ බලපාන්නේ ද යන්න සිතා බලන්න.

    02) ඔබගේ සැමියාගේ බාහිර ස්වරූපය

    ඕපාදුප කියවමින් පුද්ගලයන්ව විහිලුවට ලක් කරමින් රසවත් දෑ හුවමාරු කරගැනීම කාන්තාවන්ගේ පුරුද්දක්. ඒත් ඔබේ සැමියාගේ සිරුරේ ප්‍රමාණය, බාහිර ස්වරූපය හා හැසිරීම ආදිය ගැන කියවීම නම් එතරම් නුවණට හුරු නැහැ. කාන්තාවන් ඔවුනගේ පෙනුම පිළිබඳ බොහෝ සැලකිලිමත් වෙනවා. ඉතින් හිතල බලන්න ඔබේ සැමියා යහළුවන්ට කීවොත් ඔබ මහත් වෙලා, එහෙම නැත්නම් ඔබ ගොඩක් වයසට ගිහිල්ල කියල ඔබ කැමති නැහැ නේද? එනිසා ඔබත් යහළුවන් සමග සැමියා පිළිබඳ කතාකරන විට ධනාත්මකව කථා කිරීමට පුරුදු වන්න.

    03) ඔහුගේ කරදරකාරී හැසිරීම්

    ඔබේ සමියාගේත් යම් කරදරකාරී පුරුදු තියනවද? සපත්තු, ඇඳුම් ගලවා තැන තැන දැමීම ඔබට රුස්සන්නේ නැතිද? මේ පුරුදු ඔහුට ආවේ ඔහුගේ පවුලේ අයගෙන් යැයි සිතමින් ඔබ ඔහුගේ පවුලේ අය සමගද කේන්තියෙන් ඇති. ඒත් මේ දේවල් යහළුවන් සමග කීවා කියල මේවා විසඳෙන්නේ නම් නැහැ. එයින් සිදු වන්නේ ඔබේ පවුලේ ප්‍රශ්න අනික් අයත් දැනගැනීම පමණයි. ඒ නිසා මේ දේවල් ගැන අනික් අය එක්ක කථා කරනකොට සීමාවක් තියාගෙන කතා කරන එක වඩා හොඳයි. ඔබේ සැමියා සමග කතා කිරීමටත් පෙර යහළුවන් සමග මේ දේවල් පැවසීම ඔහු උරණ වීමටද හේතුවකි. එනිසා මෙවැනි ප්‍රශ්න පළමුව සැමියා සමග කතා කිරීමටත් යහළුවන් සමග මේවා කථා කිරීමේදී සීමාවන් තබා ගනීමටත් ප්‍රවේසම් වන්න.


    04) ඔහුගේ අඩු ආදායම හෝ වැඩවල අසාර්ථක බව

    ඔබේ සැමියා රැකියාවේ එතරම් සාර්ථක නැති බව හෝ ලැබෙන ආදායම ප්‍රමාණවත් නැති බව හෝ ඔහුට උසස්වීම් නොලැබෙන බව හෝ ඔබේ යහළුවන් සමග පැවසීම ඔබේ සැමියාගේ පමණක් නොවේ ඔබේ මුළු පවුලේම ප්‍රතිරූපයට හානිදායක වේ. එනිසා මෙවැනි අවස්ථාවල ඔබ ඔහුගේ නොහැකියාව ගැන ප්‍රචාරය කිරීමට වඩා ඔහුට සහය වීම ඉතා වැදගත් වේ. සැමියා රැකියාවක් සොයනවා නම් එය ධනාත්මක ලෙස යහළුවන්ට පවසන්න. ඔහු නව අවස්ථාවන් කරා යෑම සඳහා නව රැකියාවක් සොයන බව පවසන්න. එයින් ඔහු ඔබ පිළිබඳව ද පැහැදෙන අතර ඔබේ බැඳීම ද ශක්තිමත් වේ.

    05) ඔහුගේ නොහැකියාවන්

    ඔබේ සැමියාත් නිවසේ අලුත්වැඩියාවක් කරද්දී වැඩේ දෙක කරනවද? එහෙම නැත්නම් තමන්ගෙ වැඩක්වත් හරියට කර ගන්නේ නැද්ද? ඒත් මේ දේවල් ඔබේ යහළුවන් දැනගත යුතු නැහැ. අපේ සමාජයේ තියන මතයක් තමයි පිරිමියෙක් වුනාම ඕනෑම දෙයක් කරන්න පුළුවන් වෙන්න ඕන කියන එක. ඒත් හිතල බලන්න ඒක ප්‍රායෝගික නැහැ නේද? හැම පිරිමියෙකුටම හැම දෙයක්ම කරන්න බෑ. ඔබේ සැමියාට යම් යම් දේ කරන්න බෑ කියල අනික් අයට කියන එකෙන් ඔබ ඔහුගේ පෞරුෂ්‍යත්වයට තවත් හනි කරනවා. ඒ වගේම ඔබ මේවා අන් අයට පැවසීමෙන් ප්‍රශ්න තවත් වැඩි වීම මිසක් ප්‍රශ්න අඩු වන්නේ නැහැ. මේ නිසා සැමියාගේ නොහැකියාවන් ගැන අන් අයට නොපැවසීමට වග බලා ගන්න.

    06) ඔබ, ඔබේ පවුල හා ඔබේ මිතුරන් පිළිබඳ ඔහු තුළ ඇති වැරදි අදහස්

    ඔබේ මිතුරන් පිළිබඳ සැමියාගේ ඇතැම් අදහස් ඔවුනට පැවසීම ඔවුන් ඔහුට අකමැති වීමට හේතුවක් වේ. එමෙන්ම මේ දේවල් ඔවුනට පැවසීමෙන් ඔවුන් ඔබ දෙදෙනා අතරට පැමිණ ගැටළු විසඳීමට උත්සහ දරයි. එයින් ඔබගේ ප්‍රශ්න තවත් වැඩි වේ. ඔබේ ඥාතියකු හෝ මිතුරකු පිළිබඳ සැමියා වැරදි අදහසක් දරන්නේ නම් ඔහු සමග කතා කොට එය නිවැරදි කරන්න. නිතරම ඔබේ සැමියාට ධනාත්මක චින්තනයක් ඇති බව සිතන්න. එවිට ඔබේ සැමියාත් ඔබේ යහලුවන් ඇතුළු සියලු දෙනාගේ ආදරයට පත් වන පුද්ගලයෙකු වේවි.

    07) පවුලේ සාමාජිකයන් සමග ඇති ආරවුල්

    ඔබේ පවුලේ කිසිවකු සමග සැමියා ආරවුලක් ඇති කරගෙනද? මෙවන් අවස්ථාවල ඔබට තරම් ඉක්මනට ඒවා විසඳා ගැනීමේ අවශ්‍යතාවයක් ඔහුට නැතිව ඇති. ඒත් ඔබේ යහළුවන් සමග මේවා පැවසීමෙන් ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැත. එයින් ඔවුන්ද ගැටලුවට මැදිහත් වී එය තවත් සංකීර්ණ වේ. එනිසා මෙවන් අවස්ථාවල යහළුවන්ව මෙයට ඈඳා නොගෙන සැමියාටම එය විසඳා ගැනීමට ඉඩ දෙන්න.ඔහුගේ ක්‍රියා පිළිවෙල ඔබට වඩා වෙනස් වුවද එයට ගරු කරන්න. එයින් ඔබගේ සම්බන්ධය ද තවත් ශක්තිමත් වේ.

  • ආණ්‌ඩුවට එරෙහිව අලුත් බෞද්ධ සංවිධානයක්‌! කවුරුන් වෙනුවෙන්ද..?

    පසුගිය කාලය පුරාවට දේශපාලන අවශ්‍යතා සඳහා විවිධ ජාතික සහ ආගමික සංවිධාන බිහි විය. ඒ අතර බොදු බල සේනා, සිංහලේ, සිංහල රාවය වැනි සංවිධාන ප්‍රධාන විය. එහෙත් හතු පිපෙන්නාක් මෙන් පැමිණි එම සියලු සංවිධානය කාලයත් සමඟ වියැකී ගියේය. මේ අළුත්ම ප්‍රවෘත්තියෙන් වාර්තාවන්නේ එසේ කාලයත් සමඟ සමතලා වූ එම සංවිධානය සියල්ල යළි එක් සංවිධානයක් ලෙස කරළියට පැමිණෙන බවයි.

    ජාතික බලවේග නියෝජනය කරමින් වෙන් වෙන්ව කටයුතු කරන සියලු බෞද්ධ ආගමික සංවිධාන එක්‌කර වත්මන් ආණ්‌ඩුවට එරෙහි එක්‌ ප්‍රබල බෞද්ධ සංවිධානයක්‌ ස්‌ථාපිත කිරීමට තීරණය කළ බව පැවිදි හඬ සංවිධානයේ සභාපති මුරුත්තෙට්‌ටුවේ ආනන්ද හිමියෝ ඊයේ නාරාහේන්පිට අභයාරාමයේ පැවැති මාධ්‍ය හමුවකදී (27 වැනිදා) පැවසූහ.

    මෙය බෞද්ධ සංවිධාන දහයක්‌ පහළොවක්‌ අතර සංවිධාන රැසක එකමුතුවක්‌ බවත් එය උත්සව සමයෙන් පසු එළිදක්‌වන බවත් පැවසූ උන්වහන්සේ මහානායක හිමිවරුන්ගේ ආශිර්වාදය ඇතිව මෙහි කටයුතු සිදුකරන බවත් භික්‍ෂුන් වහන්සේලා පන්දහසක්‌ පමණ එක්‌ ස්‌ථානයකට වැඩම කර තීන්දු රැසක්‌ ගන්නා බවත් කියා සිටියහ.

    වත්මන් රජයේ රටේ සම්පත් පුද්ගලික අංශයට ලබාදීම, බුද්ධි අංශ දඩයම් කිරීම, රටට එරෙහි ව්‍යවස්‌ථාව ආදියට එරෙහිව එක්‌ බලයක්‌ ගොඩනගන බවත් උන්වහන්සේ කීහ.

    මේ රටේ බෞද්ධ අබෞද්ධ සියලු දෙනා වෙනුවෙන් අපට ඇසීමට ඇත්තේ, අවසර..! ඇත්තටම මේ අලුත් Project එක කවුරුන් වෙනුවෙන් ද? ලොකු ගාණකින් ගොඩ යන එකක්ද..? කියාය.

  • ඇමතිවරුන්ට ඇත්තේ රථ ගායක් නොවේ නම් මෙන්න විසඳුමක්!

    ඇමතිවරුන්ට ඇත්තේ රථ ගායක් නොවේ නම් මෙන්න විසඳුමක්!

    ඔබ දන්නවාද? ඕනෑම රළු පාරක, කන්දක, මඩ ගොහොරුවක හෝ කැලයක ඉතාමත් සැප පහසුව ගමන් කළ හැකි එන්ජිත් ධාරිතාව 3000ක් පමණ වන ඩීසල් පෙට්‍රල් ඛාණ්ඩ දෙක යටතේම නිෂ්පාදනය කර ඇති ටොයෝටා ෆෝර්චූනර් නම් (SUV) මෙම රථය ශ්‍රී ලංකාවේ මුදලින් බදු සහිතව රු. කෝටි 1යි ලක්ෂ 50ත් 90ත් (15000000-19000000) අතර මිලකට ලබාගත හැකි බව?

    නමුත් ලංකාවේ ඇමතිවරුන්ට අවශ්‍ය වී ඇත්තේ සැප පහසුව පමණක්ම නොවන අතර තම ඇමතීත්වය හා බලය පෙන්වීමය. ඒ සඳහා කෝටි එකහාමාරකින් සෑහීමකට පත්වීමට ඔවුන්ට හැකියාවක් නැත. එබැවින් ඔවුන් සොයන්නේ ටොයෝටා නම් එහි මිල අධිකම ජීප් රථය වන ලෑන්ඩ්කෲෂර් VX V8 රථයයි. BMW නම් කෝටි 2කට පමණ ගත හැකි 5 Series රථය ඔවුන්ට ප්‍රමාණවත් නැත. ඔවුන්ට අවශ්‍ය වන්නේ කෝටි 4ක් පමණ වන BMW 7 Series රථයයි. Audi නම් කෝටි 4ක් පමණ වන Audi A8 රථයයි.

    කෝටි 4ක් ඇමතිවරයෙකුට වෙන් කර ඇති බැවින් අපරාදේ නිසා ඔන්න ඔහේ V8 එකක් ගන්නවා යැයි ඇමතියෙකු කියන්නේ නම් ඔහු තක්කඩියෙකි. එම ගණන වෙන්කරවා ගන්නේ ඔවුන් විසින්මය. එයද වෙන්කරවා ගන්නේ රථය කුමක්ද යන්න හා මිල කලින්ම තීරණය කර ඒ රථයට අදාළ මුදලයි.

    උපුටා ගැනීම අරුනළු සදාහරිතගේ ෆේස්බුක් පිටුව ඇසුරෙන් 

  • අරක්කු බොන්න දුන්නේ නැති නිසා උපවාසයක…

    අද සමාජයේ එක එක අය තම තමන්ට වෙන අසාධාරණ හේතුකොටගෙන නොයෙක් නොයෙක් ආකාරයේ උද්ගෝෂණය කරනවා.. නමුත් එම උපවාසය කෙතරම් සාධාරණද කියලා මේ ලිපිය කියවන ඔයාලම තමයි තීරණය කරන්න වෙන්නේ.

    කුරුවිට, එනසල්දොල ගම්මානයේ පුද්ගලයකු ලයිට් කණුවක් මතට නැග අද උපවාසයක් පවත්වා ඇත. උපවාසය පවත්වා  ඇත්තේ බිරිඳ තමාට මත්පැන් පානය කිරිමට ඉඩ නොදෙන නිසා බව ඔහු පවසනවා.

    මේ  පිළිබඳව පොලිසිය දැනගැනීමෙන් පසුව ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් පිරිසක් එම ස්ථානයට ගොස් ඔහුට කරුණු පහදා දි ඇති අතර එම පුද්ගලයාගේ බිරිඳද එම ස්ථානයට පැමිණ “ඕනතරමක් බීපන්“ යයි පවසා ඇත.

    පසුව බිමට බැස්ස පුද්ගලයා යම් මානසික රෝගයකින් පෙලෙන බවට පෙනියාමත් නිසා ඔහු රෝහල් ගතකිරිමට කටයුතුකර තිබේ.

  • අනුන්ට ඊර්ෂ්‍යා කරන කාන්තාවන් හට වටිනා කියන උපදෙස් 8ක්

    කා අතරත් ප්‍රසිද්ධ කියමනක් තියෙනවා. ඒතමයි “ගෑනුන්ට වැඩි වෙලාවක් එකට ඉන්න බෑ” කියලා. ඉතිං ඇයි මෙහෙම වෙලා තියෙන්නේ. මෙම කරුණු 8 පිළිබඳව නිවැරදිව අවබෝධයක් ගෙන යම් කිසි තැනක ඔබේ ජිවිතයේ අඩුපාඩුවක් ඇත්නම් එය  නිවැරදි කර ගන්න.

    1) ගොඩක් බුද්ධිමත් අය අදහස් පිලිබඳ සාකච්චා කරති, සාමාන්‍ය තරමින් බුද්ධිමත් අය අවස්ථා පිලිබඳ සාකච්ඡා කරති, මෝඩ අය මිනිසුන් පිලිබඳ සාකච්ඡා කරති.

    2) අනෙක් අයව වට්ටන්න උත්සහ කරන එකෙන් ඔබ ලෝකයට පෙන්වන්නේ ඔබ ඔබේ සාර්ථකත්වය ගැන සිතනවාට වඩා අනෙක් අයට රිදවීමට උත්සහ ගන්න බවයි.

    3) තමන්ගේ වටිනාකම දන්නා ගැහැනියක් කිසිදා තමාව අනෙකකා හා සංසන්දනය නොකරයි. ඇය නිතර ශක්තිමත්ව ආත්ම විශ්වාසයෙන් යුතුව කටයුතු කරයි.

    4) තවත් කෙනෙක්ව පහත හෙලීමෙන් ඔබ කිසිදාක උසස් තත්ත්වයට යන්නේ නැත. හැමෝටම වැදගත් වන කෙනෙකු වීමට උත්සහ ගන්න.

    5) සැබවින්ම සමාජ පන්තිය තීරණය වන්නේ ඔබ අවස්ථාවට, වෙලාවට අනුව කථා කිරීමටත් නිසි තැනදී කතාව නතර කිරීමටත් දැනගනීමෙනුයි.

    6) ඔබ ඉතා ප්‍රියමනාප දක්ෂ කෙනෙක් වෙන්න පුළුවන්. ඒත් ඔබ නපුරු නම් කවුරුත් ඔබව මතක තබා ගන්න එකක් නැහැ.

    7) ඔබට හැකි හැමවිටම අන් අයට කාරුණික වෙන්න.

    8) අනෙක් කාන්තාවන් යනු ඔබගේ තරඟකරුවන් නොවේ. ඔවුන්ට විරිද්ධව නොව ඔවුන් සමගම නැගී සිටින්න.

  • නව වෙනසක් සමගින් බි‍්‍රතාන්‍ය රැකියාවලින් සියයට 30ක් රොබෝවරුන්ට

    බි‍්‍රතාන්‍යයේ රැකියාවලින් සියයට 30ක ප‍්‍රමාණයක් වසර 2030 වනවිට රොබෝවරුන් සහ පරිගණක බුද්ධිය යොදා ගෙන ස්වයංකී‍්‍රයකරණය වනු ඇතැයි නවතම අධ්‍යයනයකින් අනාවරණ වී තිබෙන අතර එහි දැක්වෙන්නේ රැකියාවන්හි ස්වභාවය වෙනස් වුව ද රැකියා සම්පූර්ණයෙන්ම අහෝසි වීමක් සිදු නොවනු ඇති බවයි.

    නව තාක්ෂණය භාවිතයට පැමිණීමෙන් වඩාත් අවදානමකට ලක්ව ඇත්තේ නිෂ්පාදන සහ වෙළඳ ක්ෂේත‍්‍රය වන අතර මීට අමතරව තොග හා සිල්ලර වෙළඳාම, පරිපාලන හා සහයක සේවා මෙන්ම මූල්‍ය හා රක්ෂණ ක්ෂේත‍්‍රයේද රැකියා මෙහිදී අවධානමට ලක්වනු ඇති.

    මේ අයුරින්ම රැකියා ස්වයංක‍්‍රීයකරණය කිරීම හේතුවෙන් අමෙරිකාවේ සියයට 38ක්, ජර්මනියේ සියයට 35ක් සහ ජපානයේ සියයට 21ක් දැනටමත් අවදානමට ලක්ව ඇති බවද එහි සඳහන්.

  • වායු සමන තාක්ෂණයෙන් තේ දළු වියළන ක්‍රමවේදයක් කරලියට…..

    අධික උෂ්ණත්වය භාවිත කර තේ වියළීම වෙනුවට වායු සමීකරණ තාක්ෂණය යටතේ තේ දළු වියළීමේ අලූත් යන්ත‍්‍රයක් නිපදවීමට පාදුක්ක වටරැක නව නිර්මාණකරුවෙක් සමත්වී සිටී.

    මොරටුව විශ්ව විද්‍යාලයේ ජාතික තාක්ෂණික ඩිප්ලෝමාධාරියකු වන ඔහු නමින් සෙනරත් සමන්තිලක ය. දැනට සිදුකෙරන්නේ සෙල්සියස් අංශක 100 ත් 120 ත් අතර අධි උෂ්ණත්වයක් යටතේ තේ දළු වියළා ගැනීමය. එහිදී තේ දළුවල ඇති රසය, ගුණය මෙන්ම නියමිත වර්ණයද වෙනස් වෙන අතර මෙම නව වායු සමීකරණ තාක්ෂණය යටතේ නිපදවූ යන්ත‍්‍රයෙන් තේවල ඇති ගුණාංග නිසි පරිදි ආරක්ෂා කරගැනීමට හැකියාව ලැබේ.

    ලොව කිසිම නිෂ්පාදයකයකුට සොයාගැනීමට නොහැකිවූ මෙම තාක්ෂණය තමාට සොයාගැනීමට හැකිවූයේ වසර 10 ක් පමණ සිට තේ කර්මාන්තයේ නියැළීමත් ඒ හා බැඳුණු නව පර්යේෂණ සොයායෑම බවත් සෙනරත් පවසයි.

    ‘අපනයන බෝගයක් වන තේ වලින් අපට විශාල විදේශ විනිමයක් රටට ගෙන්න පුළුවන්. එහෙත් එහි නියමිත රසය සහ ගුණාංග නොමැති විට විදේශ වෙළෙඳපොළ එය ප‍්‍රතික්ෂේප කරන තත්ත්වයට පවා පත්වෙන්න පුළුවන්. දැනට සිදුකරන්නේ සෙල්සියස් අංශක 100 ත් 120 අතර ඉහළ උෂ්ණත්වය පරාසයකින් තේ දළු වියළා ගැනීමයි. එහිදී ස්වාභාවිකව නැවුම් ගුණාංගවල ගැබ් වෙලා තියෙන අතිශය සංවේදී සහ සංකීර්ණ රසායනික ලිනලෝල්, ජෙරනියල්, ෆීනයිල් වැනි සංයෝග විනාශයට පත්වෙනවා. මේ ස`දහා විසඳුමක් ලෙස වායු සමීකරණ තාක්ෂණය උපයෝගීකරගෙන තේවල සැඟවුණ රසය හා ගුණාංග එලෙසින්ම ආරක්ෂා කරගැනීමට හැකිවන යන්ත‍්‍රයක් නිපදවීමට මට හැකිවුණා‘

    ‘මෙම සුවිශේෂී යන්ත‍්‍රය ලංකාවේ නිෂ්පාදනය කළත්, බොහෝ තාක්ෂණික හා ඉලෙක්ට්‍රෝනික උපාංග විදේශ රටවලින් ගෙන්වා ගැනීමට සිදුවුණා. මෙම යන්ත‍්‍රයෙන් කෙරෙන්නේ ශීත සහ මද උණුසුම් වායු සම්මිශ‍්‍රණක් මගින් තේ ද`ඵවල ඇති ජලය ඉවත් කිරීම හෙවත් තේ දළු ‘විජලනය’ කිරීමයි. සෙල්සියස් අංශක 55 ට අඩු උෂ්ණත්වයක් යටතේ තේ දළු විජලනය කිරීම මෙම යන්ත‍්‍රයේ ඇති විශේෂත්වයි. මෙම යන්ත‍්‍රයෙන් පැයකට තේ දළු කිලෝ 25 ක් පමණ වියළා ගැනීමට හැකිවෙනවා. එමගින් තේවල ඇති රසය නොඅඩුව ලබාගන්න පුළුවන්. එය අප හඳුන්වන්නේ ‘වර්ජින් ටී’ ලෙසයි. පිළිකා නැසීම, දියවැඩියාව පාලනය, ආතතිය අඩුකිරීම, ප‍්‍රතිශක්තීකරණ පද්ධතියේ මනා ක‍්‍රියාකාරීත්වයට වගේම ආහාර රුචිය වැඩිකිරීමටත් මෙම වර්ජින් ටී ඉවහල් වෙනවා.’’

    ‘මෙවැනි උසස් තාක්ෂණයක් තුළින් අපේ තේ නිෂ්පාදනවල ගුණාත්මකභාවය වැඩිකිරීම මගින් ජාත්‍යන්තර වෙළෙඳපොළේ පවතින ආදායමට වඩා ඉහළ ආදායමක් ඉපැයීමට අපට හැකිවෙනවා. එමෙන්ම දැනට තේ දළු වියළීමට භාවිත කරන විශාල උදුන්වලට දර සපයාගැනීමට ඇති අපහසුතාවද ම`ග හැරෙනවා. දැව පිළිස්සීම තුළින් සිදුවන පාරිසරික විනාශයද අවම කරගැනීමට හැකිවෙනවා‘
    ‘මෙම නිර්මාණය අත්හදා බැලීමේදී තලවාකැලේ තේ පර්යේෂණ ආයතනය විශාල සහයෝගයක් ලබාදුන්නා. තායිවානය සහ ඉන්දියාව මේවන විට මෙවැනි යන්ත‍්‍රයක් නිපදවා දෙන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා. එමෙන්ම වායු සමීකරණ තාක්ෂණයෙන් සහ වායු සම්පීඩක තාක්ෂණයෙන් දැව පදම් කිරීමේ යන්ත‍්‍රයක් සහ නැවුම් පිරිසුදු පොල්තෙල් නිෂ්පාදනය කිරීම සඳහා යන්ත්‍රෝපකරණද මා නිර්මාණය කර තිබෙනවා. දැනටමත් මා නිර්මාණය කළ සමහර යන්ත්‍රෝපකරණ කර්මාන්තකරුවන් භාවිත කරනවා‘ යැයි සෙනරත් මහතා පැවැසීය.

  • ලොව මවිත කල ජර්මානුවන්ගේ විශාලතම කෘතීම සූර්යයා (video)

    ජර්මානු විද්‍යාඥයන් විසින් “ලොව විශාලතම කෘතීම සූර්යයා”නිපදවීමේ විශාල ව්‍යාපෘතියක් සිදු කරගෙන යන්නේ කාලගුණ හිතකර ඉන්ධන නිපදවීම සඳහායි.
    මෙම සුවිසල් සැකැස්මෙහි සිනමා රූපණය සඳහා යොදාගන්නා spotlights 149ක් ශක්තිය කුඩා පැනලයන් වෙත යොමුකරගැනීමට භාවිතා කරයි.
    මෙම අඟල් 8×8 spotlights මගින් උෂ්ණත්වය 3,000°C (5,432°F)දක්වා ගෙන යා හැකියි.
    මෙම පරීක්ෂකයන් කණ්ඩායමට ජලය එහි අංශුන් වලට විභේදනය කර මෙම නිපදවෙන ශක්තිය මගින් පිරිසිදු හයිඩ්‍රජන් ඉන්ධනය නිපදවීම සිදු කළ හැකියි.
    මෙම පරීක්ෂණය සඳහා පැය 4ක කාලයක් තුල විදුලිය සැපයීම අවශ්‍ය වන අතර එම සපයන විදුලිය ප්‍රමාණය මිනිසුන් 4 දෙනෙක් විසින් වසරක් පුරා භාවිතා කරන විදුලි ප්‍රමාණයට සමාන වේ.

    ලොව ව්ශාලතම කෘතීම සුර්යාගෙන් ලැබෙන ප්‍රයෝජන කවර ආකාරයද ?

     

    මෙය නිපදවීමේ එක් අරමුණක් වන්නේ ගුවන්යානා සඳහා කෘතිමව ඉන්ධන ලබාගැනීමට කාර්යක්ෂම ලෙස හයිඩ්‍රජන් නිපදවාගැනීමයි.
    හයිඩ්‍රජන් යනු විශ්වාසදායකව අනාගතයේදී ගුවන්යානා සඳහා යොදාගත හැකි ඉන්ධනයක් වන්නේ එමගින් ගෝලීය උණුසුමට දායක වන කිසිදු ද්‍රව්‍යක් පිට නොකරන බැවිනි. නමුත් හයිඩ්‍රජන් එහි ස්වභාවික ආකාරයෙන්ම නොපවතී.එම නිසා එය විශාල ශක්තින් උපයෝගී කරගනිමින් ජලය මගින් විභේදනය කල යුතුයි.

    ඔවුන් විශ්වාස කරන පරිදි අනාගතයේදී එලෙස යොදාගත හැකි පහසුම හා ලාභදායීම ශක්තිය වන්නේ සූර්යශක්තියයි.

    ඔවුන් විසින් කෙටි චාප සහිත ශේනොන් ලාම්පු විශාල ප්‍රමාණයක් (8×8 inch)spot එකක් මතට යොමු කෙරිණි.එය ඊට සමාන ප්‍රමානයක් මත පතිත වන සාමාන්‍ය සූර්ය කිරණ ප්‍රමාණය මෙන් 10000 ගුණයක් විශාල බව වැඩි දුරටත් ඔවුන් පවසයි.
    මෙම පද්ධතිය ක්‍රියාත්මක කාලයින් පසු ඔබ එම පරිශ්‍රයට ඇතුළු වුවහොත් ඔබව සම්පුර්ණයෙන්ම දැවී අළු වන බව නියතය.මෙපමණ ශක්තියක් යොදාගනිමින් සිදු කරන මෙම කර්තව්‍ය ඉතාමත් සාර්ථක බවත් එමගින් ලොවටම මහගු ආයෝජනයක් සිදු කෙරෙන බවත් ඔවුන් පවසයි. වීඩියෝව පහතින්….

  • ගලවා තිබු වට්ටක්කා වැලටත් රු.5000ක දඩයක් ගහලා..

    වට්ටකා වැලක කොළවලට එකතුවන වතුර නිසා ඩෙංගු බෝ වේයැයි කියා  රිදීගම පොලිසියේ පාරිසරික පොලිස්‌ ඒකකය මඟින් සිවිල් ආරක්‍ෂක කමිටු සාමාජිකයෙකු හට රුපියල් පන්දහසක දඩ මුදලක්‌ ගෙවන ලෙස නියම කොට ඇත.

    අදාල සිද්දිය මෙසේයි.

    ගිණිහිරිය පන්සලට නුදුරු ස්‌ථානයක සිල්ලර වෙළෙඳ සලක්‌ පවත්වාගෙන යන ඉහත කී සිවිල් ආරක්‍ෂක කමිටු සාමාජිකයා සහ ඔහුගේ බිරිඳ ගිණිහිරිය ග්‍රාම නිලධාරී වසමේ සිවිල් ආරක්‍ෂක කමිටුවේ සියලු සම්බන්ධීකරණ කටයුතු සිදුකරමින් සිට ඇත.

    එක්‌ දිනක්‌ රිදීගම පොලිසියේ පාරිසරික පොලිස්‌ ඒකකයේ නිලධාරීහු ප්‍රදේශයේ නිවාස පරීක්‍ෂාවේ යෙදෙන අතර අප කථානායකයාගේ වෙළෙඳ සලටද පැමිණ එහිදී සරුවට වැවී තිබූ වට්‌ටක්‌කා පරීක්‍ෂා කළ නිලධාරීන් මේ වැලේ කොළවලට වතුර පිරුණාම ඩෙංගු බෝ වෙන්න පුළුවන්. ඒ නිසා දඩ ගහන්න වෙනවා යෑයි පවසා ඇත.

    වැළ ගලවල තියෙන්නේ. අපේ කඩේ තමා සිවිල් ආරක්‍ෂක කමිටුවේ සියලු සම්බන්ධීකරණ කටයුතු ලියකියවිලි සකස්‌ කිරීම් සිද්ධ කරන්නේ අපි දෙන්නම සිවිල් ආරක්‍ෂක කමිටුවේ ඉන්නවා උදව් කරනවා.

    ආ එහෙමද? එහෙනම් දඩේ ඩබල් කරන්න ඕන. උසාවියට ගිහින් රුපියල් පන්දාහක්‌ ගෙවන්න වෙයි. සිවිල් ආරක්‍ෂක කමිටුවේ සාමාජික කියල සමාවක්‌ නෑ.

    අවශ්‍ය කටඋත්තර ලබා ගැනීමෙන් පසු උසාවියට පැමිණෙන ලෙස දිනයක්‌ ලබාදුන් නිලධාරීන් පිටව ගොස්‌ ඇත. පසුව රම්බඩගල්ල උසාවිය වෙත අදාල දිනයේ පෙනී හිටි වට්‌ටක්‌කා වැල අයිතිකරු රුපියල් පන්දහසක දඩ මුදල ගෙවා නිදහස්‌වී ඇත. පසුගියදා ගිණිහිරිය ග්‍රාම නිලධාරී නිමල් කරුණාතිලක මහතා විසින් කැඳවා තිබූ ගිණිහිරිය සිවිල් ආරක්‍ෂක කමිටු රැස්‌වීමේදී මෙම සිද්ධිය හෙළිදරව් විය.

  • කිරිඇල්ලගේ අසිකිත වැඩේ පත්තුවෙයි! ..චිකේයා…(video)

    ත්‍රස්තවාදීන්ට එරෙහිව රණවිරුවන් දිවිහිමියෙන් සටන් කරන මොහොතක “ඕනි ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන්” කියූ ලක්ෂ්මන් කිරිඇල්ල වත්මන් රජයේ ප්‍රබල ඇමතිවරයෙකි. එම ලක්ෂමන් කිරිඇල්ල ඇමතිවරයා පසුගියදා පාර්ලිමේන්තුවේදී සියල්ලන් ඉදිරියේ නොහොබිනා පහත් පෙළේ වැඩක් කරනු අයෙකුගේ කැමරාවක සටහන් ව ඇත.

    වචනයෙන් ලිවීමට පවා හිරිකැත උපද්දවන මෙම පහත් ක්‍රියාව කිරිඇල්ලගේ චරිතයේ යථාර්තය අවබෝධ කරගැනීමට ඉතා හොඳ නිදර්ශකයක් වනු ඇත.

    ඊයා කිරිඇල්ල චිකෙයා.

  • ලංකාවේ මිනිස්සු කල සුපිරි මෝඩ වැඩ 5ක්…මෙන්න

    අපි අතීතෙ කරපු දේවල් වර්තමානේදී කල්පනා කරලා බලනකොට සමහර දේවල් හරි මෝඩ වැඩ වගේ දැනෙනවා නේද? අපි අනාගතයේදීත් මේ වර්තමානේ කරපු වැඩ හරිම ගොන් පාට විදියට පෙනෙන්නට ගනීවි. මේ කියන්න යන්නෙත් ඒ කාලෙ හරි විදියට පෙනුන ඒත් දැන් අමුතු වැඩ වගේ පෙනෙන දේවල් කිහිපයක් ගැනයි.

    1. කාර් විකුණා ෆෝන් ගැනීම.

    Source - news.discovery.com

    Source – news.discovery.com

    මේක වෙන්නේ 90 දශකය මැද හෝ අගභාගයේ. මතකද ඉස්සරම ආවා ගඩොල් බාගේ කියලා හඳුන්වපු ෆෝන් එකක්. මම හිතන්නේ ඒ ෆෝන් එක නිපදෙව්වේ මොටෝරෝලා සමාගමෙන්. ඒකාලෙ තිබුන ජංගම දුරකථන ජාලයේ නම සෙල්ටෙල්. ඉස්සර ෆෝන් එකත් හැඳින්නුවේ සෙල්ටෙල් කියන නමින්ම තමා. මේ ෆෝන් එකක් මිලෙන් රුපියල් 100000 පැන්නා ඒ කාලෙ. ඉන්කමින් වලටත් සල්ලි ගෙවපු අපි මේ ෆෝන් අයිති කරගන්න පුදුම උත්සහයක් දුන්නෙ.

    ඒ කාලේ සාමාන්‍ය කොරොල්ලා කාර් එකකුත් විකුණුවේ රුපියල් 125000 කට විතර. ඉතින් සමහරු තමන්ගෙ කාර් එක විකුනලා ෆෝන් එකක් ගත්තු අවස්ථා ඒකාලේ සමාජයේ ඕන තරම් තිබුනා. මේකට ප්‍රධානතම හේතුව වුනේ ඒ කාලේ ෆෝන් එකක් අතේ තියෙනවා කියන්නේ එය ඔහුගේ / ඇයගේ සමාජ තත්ත්වය මනින හොඳ මෙවලමක් වීම.

    2. සල්ලි උනන පිරමිඩ් ක්‍රම.

    Source - wisdompills.com

    Source – wisdompills.com

    තවමත් මේ ක්‍රම ග්‍රාමීයපැති වල හොර රහසේ කෙරෙනවා. මේ වෙනකොට මහබැංකුවෙන් මෙවැනි දේවල් කරන එක තහනම් කරේ එක හේතුවක් නිසා – ඒ තමයි, මෙහි උපරිම ප්‍රතිලාභ ලැබෙන්නේ ජාලයේ උඩම ඉන්න කිහිප දෙනාට විතරක් වෙන එක. බොහෝ දෙනෙකුගෙන් මුදල් අරගෙන ඉහලම තලයේ ඉන්න කිහිපදෙනෙක් සතුටු කරන්නේ මොකටද?

    ඒ කාලේ ග්ලෝබල් මනී, ගෝල්ඩ් ක්වෙස්ට් වගේ එක එක නම් වලින් මේ ව්‍යාපාර පටන් ගත්තා. ඒවාට පුදුම විදියට මිනිස්සු ආයෝජනය කරන්න පටන් ගත්තා. මහා බැංකුවෙන් මේ දේවල් තහනම කරනකොට ඒ ව්‍යාපාර කරපු අය අතුරුදහන් උනේ අර අහිංසක ආයෝජකයින්ගේ සල්ලිත් අරගෙන.

    3. සක්විති සහ දඬුවම් මුදලාලි.

    Source - sl-unlimited.com, onlanka.com

    Source – sl-unlimited.com, onlanka.com

    මේ දෙන්නා ගාවම සල්ලි ආයෝජනය කරලා මහමග විතරක් ඉතුරු වෙච්චි මිනිස්සු ඕන තරම් ඉන්නවා. ඒ අතරේ ලංකාවේ නමගිය ධන කුවේරයින් නැත්තේත් නැහැ. සක්විතිගේ සහ දඬුවම් මුදලාලිගේ තියරිය හරි සරලයි. අධික පොලියක් දෙන බව කියලා අනුන් ලවා මුදල් ආයෝජනය කරගන්නවා. ඒ වගේම ඔවුන් පොලිය විදියට අලුතෙන් බැඳෙන අය ආයෝජනය කරන මුදල කලින් හිටපු කට්ටියට ගෙවනවා. මේ චක්‍රය මෙහෙමම තමයි. ව්‍යාපාරය ගෙන යන මිනිහ ආයෝජකයින්ගෙ සල්ලිවලින් යස අගේට ඉන්නව.

    හැබැයි එක තැනක හරි හිරවීමක් වුනොත් – ආයෝජකයින් බොහෝ දෙනෙක් එකවර ආයෝජනය කර මුදල් නැවත ඉල්ලීම – මේ චක්‍රය බිඳ වැටිලා මුළු ආයෝජකයින් සියල්ලටම මුදල් නැතිවෙනවා. මේ දෙදෙනාට උනෙත් අන්න ඒකයි.

    4. ඇන්ත්‍රැක්ස් වෛරසය හෙවත් පවුඩර් ලියුම.

    Source - crane.com, hu.wikipedia.org

    Source – crane.com, hu.wikipedia.org

    මේක ලංකාවට ආවේ අල්කයිඩා ත්‍රස්තයින් ඇමෙරිකාවේ වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එකට ප්‍රහාර එල්ල කරන්න කලින්. වෛරසය එන්නේ ලියුමක මාර්ගයෙන්ලු. විවෘත කරලා බැලුවම පවුඩර් වගේ දෙයක් අතේ ගෑවෙනවා නම් බොහෝ අවස්ථා වල වෛරසය ශරීර ගත වුනා කියලයි කියන්නේ.

    මේක අල්ල ගත්තු අපේ අයියලා, ඒ අයගේ තරහා කාරයින්ගේ ගෙදර වලට පවුඩර් දාපු ලියුම් කවර ඇරලා. ප්‍රවෘත්ති වලින් මේ ගැන අවධානයෙන් සිටින බොහෝදෙනා බයවෙලා රෝහල් ගත වූ බවට ඒකාලේ පත්තරවලත් වාර්තා පළවුනා.

    5. සිග්නල් / SR ෆ්රෙශ්මින්ට් වලිය.

    Source - youtube.com

    Source – youtube.com

    90 දශකයේ මුල හෝ 80 දශකය අග හරියේදී අපි දත් බෙහෙත් විදියට්ට පාවිච්චි කලේ සිග්නල් ටුත්පෙස්ට් එක තමයි. තවමත් දත්බෙහෙත් වෙළඳපොලෙන් වැඩි අගයක් අරගෙන තියෙන්නේ සිග්නල් වලින් තමයි. ටික කාලෙකට පස්සේ තව දත් බෙහෙතක් ආවා. එකේ නම SR. ඒ කාලේ ඇඩ් වලත් ගියේ “රතුයි සුදුයි දත් බෙහෙත් වලට වඩා කොළපාට දත් බෙහෙත් තමයි හොඳම” වගේ කතා. ඉතින් සමහරු සිග්නල් ගන්නකොට තවත් අය SR වලට හුරු උනා. එත් මේ කිසිම කෙනෙක් දන්නේ නැහැ මේ දෙකම නිපදවන්නේ එකම සමාගමකින් කියලා.

     

  • අම්මයි පුතයි බව නොදැන බුකියෙන් ගොඩනැගූ ආදර කතන්දරේ…

    ආදරයට වයස ප්‍රශ්නයක් නෑ කියලා ගොඩක් අය කියනවානේ. හැබැයි මේ කථාවනම් එහෙම වයස් පරතරය නිසාම ඇතිවූ ප්‍රශ්නයක් නෙවෙයි. මොනිකා කියන්නේ වයස අවුරුදු 37ක කාන්තාවක්. ඇයට දරුවන් 8 දෙනෙක් ඉන්නවා. ඉන් පළමුවැන්නා තමයි කැලිබ් කියන්නේ. මොනිකා ඇයව කුඩා කාලයේදීම හදාගන්න කියලා වෙනත් පිරිසකට භාරදෙනවා. ඔහුට මව් සෙනෙහස අහිමිවුණත් හැඩිදැඩි පුරුෂයෙක් විදියට ලෝකයට මුහුණ දෙන්න කැලිබ්ට පුලුවන් වෙනවා.

    නමුත් ඔහුගේ ජීවිතය වෙනස් වෙන්නේ වයස අවුරුදු 18දී, ඒ ෆේස්බුක් ගිණුම නිසා. ඔහුට එහිදී කාන්තාවක් මුණ ගැහෙනවා. දෙදෙනා මුළින්ම මිතුරන් වෙලා හිටියත් පස්සේ කාලයකදී ආදරයෙන් බැඳිලා ආදරවන්තයින් වෙන්නේ ඔවුන්ටත් නොදැනිම. කොහොම වුනත් මේ දෙන්නා කාගේ කවුද කියලා දෙදෙනා දන්නේ නැහැ, හැබැයි පස්සේ හොයලා බලද්දි තමයි තේරුම් අරන් තියෙන්නේ මේ ඉන්නේ තමන්ව හදාගත්ත අම්මා වගේම තමන්ගේ කුසින් බිහිවුණු පුතා කියලා.

    ඒත් ඔවුන්ගේ ආදර කතාව නතරවෙලා නැහැ. දෙදෙනා එකට ජීවත්වෙන්න තීරණය කරලා තියෙනවා. මව, පුතු සම්බන්ධයෙන් එහාට ගියපු මේ ඇසුර ගැන අවට හිටපු අයත් දැනගෙන තිබිලා. දවසක් ඒ දිහා බලාගෙන ඉන්න බැරිම තැන එක අසල්වාසියෙන් ඔවුන් ගැන පොලිසියට පැමිණිල්ලක් දානවා. මේ හේතුවෙන් මේ දෙන්නවා අත්අඩංගුවට පත් වෙනවා වගේම උසාවියෙන් ඔවුන්ට තීන්දුවක් විදියට ලබාදෙන්නේ එකට ජීවත් වෙන්න එපා කියලා.

     

    මොනිකාගේ ඉතිරි ළමුන් 7 දෙනොගෙන් කිහිපදෙනෙක්ම තමන්ගේ අයියා වුණු කැලිබ්ට කතාකරලා තියෙන්නේ තාත්තා කියලත් පස්සේ දැනගන්න ලැබුණා. කොහොම වුනත් උසාවියෙන් ලැබුනු තීන්දුවෙන් වසර එක හමාරක් විතර යනකම් ඔවුන් වෙනම ජීවත් වුණත් ආයෙත් ආදරේ නිසාම එකට එකතුවෙලා කියලා විදෙස් මාධ්‍ය වාර්තා කරලා තියෙනවා.

  • මහාමාන්‍ය ඩී.ඇස්. සේනානායක මහතා ජාතියෙන් සමු අරන් අදට අවුරුදු 65ක්…

    මහාමාන්‍ය ඩී.ඇස්. සේනානායක මහතා ( 1984 ඔක්තෝම්බර් 20 – 1952 මාර්තු 22 )

    ශ්‍රී ලංකාවේ ප්‍රථම අගමැතිතුමා ලෙස ගෞරවාදරයට පාත්‍ර වූ ඩී.ඇස්.සේනානායක මහතා 1884 වර්ෂයේ ඔක්තෝම්බර් 20 දා උපත ලැබීය.ඔහුගේ පියා දොන් ස්ටෙපර් සේනානායක මැතිතුමා වන අතර මව කැතරීන් එලිසබෙත් පෙරේරා මැතිනියයි. කොළඹ සාන්ත තෝමස් විද්‍යාලය ඩී.ඇස්.සේනානායක මහතා ඉගෙන ගත් පාසලයි. ඉන් පසු මිනින්දෝරු කාර්යාලයක රැකියාවක් කළ ඒ මහතා 1910 දී මොලී දුනුවිල මෙනෙවිය සමඟ විවාහ විය.දුනුවිල මෙනෙවිය සමඟ විවාහයෙන් සේනානායක මහතා පුතුන් දෙදෙනකුගේ පියකු බවට පත් විය.

    දේශපාලනයට මහත් උනන්දුවක් දැක්වූ ඩී.ඇස්.සේනානායක මහතා,ඇෆ්.ආර්. සේනානායක ආදී ඔහුගේ සොහොයුරන්ගේ දේශපාලන කටයුතු වලට හවුල් විය. එතුමා මුලින්ම දේශපාලනය ක්‍රියාකාරීව සහභාගී වූයේ 1912 දී ඉංශ්‍රිසින්ගේ මද්‍ය ව්‍යාපාරයට විරුද්ධව ආරම්භ වූ අමද්‍යප ව්‍යාපාරය රට පුරා ව්‍යාප්ත කිරීමට දායක වෙමින් සිංහල ජාතිය මත් විපතින් ගලවා ගැනීමට අඩිතාලම දැමීය. 1919 දී ඩී.ඇස්. සේනානායක මහතා ලංකා ජාතික සංගමයටද දායක විය. 1924 දී ඒ මහතා ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවේ මීගමු නියෝජිතයා වශයෙන් තේරී පත් විය.

    අනතුරුව 1931 දී ඩොනමෝර් ආණ්ඩු ක්‍රමය යටතේ පැවති මැතිවරණයෙන්ද ජය ලැබු මෙතුමා රට ස්වයංපෝෂිත කිරීමේ අරමුණින් 1934 දී මින්නේරිය ගොවි ජනපද ව්‍යාපාරය ආරම්භ කළේය. 1936 දී මන්ත්‍රීවරයකු වශයෙන් පත් වූ අතර සභානායක ධුරය මෙන්ම අමාත්‍ය මණ්ඩලයේ උප සභාපති ධුරයද ඔහුට හිමිවිය. බුදු දහම ආරක්ෂා කිරීමටද උත්සාහ ගත් මෙතුමා 1941 දී මහියංගන චෛත්‍යයද ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කළේය. 1943 දී ලංකා ජාතික සංගමයෙන් ඉල්ලා අස් වූ ඩී.ඇස්.සේනානායක මහතා 1946 දී තවත් සංවිධාන කිහිපයක එකතුවෙන් එක්සත් ජාතික පක්ෂය නමින් අළුත් දේශපාලන පක්ෂයක් පිහිටුවා ගත්තේය.

    අනතුරුව 1947 දී පැවැත්වූ මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත්වන්නට මෙතුමාට හැකිවිය. 1948 පෙබරවාරි මස 04 වැනිදා අප රටට නිදහසා ලබා ගැනීමේ කාර්තව්‍යෙයහි ද ප්‍රධාන කාර්යභාරයක් රටේ අගමැතිතුමා වශයෙන් මෙතුමා විසින් ඉටුකරන ලදී. නිදහස ලැබීමෙන් පසු දේශය නැවත නඟා සිටුවීම උදෙසා සේනානායක මහතා අතින් ඉටු වූ සේවය මහත් වැදගත්ය.ඒ අතරින් 1949 දී අනුරාධපුර නව නගරයක් කිරීමේ කටයුතු ආරම්භ කිරීම,මහියංගන මහා සෑයේ ප්‍රතිසංස්කර කටයුතු ඇරඹීම හා සේනානායක සමුද්‍රෙය් වැඩ ආරම්භ කිරීමද මේ අතරින් ප්‍රධානය.එසේම ලක්දිව කෘෂිකර්මන්තය නඟා සිටුවීම සඳහා ද මෙතුමා කැපවීමෙන් ක්‍රියා කළේය. සේනානායක මහතා සම්බන්ධයෙන් සිදු වූ තවත් වැදගත් සිදුවීමක් වන්නේ 1950 බ්‍රිතාන්‍යෙය් රජුගෙන් ‘මහාමාත්‍ය‘ යන ගරු නාමය ලැබීමයි.

    ලක්දිව ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වශයෙන් රටට විශාල සේවයක් ඉටුකරමින් දේශිය සංස්කෘතිය නඟා සිටුවාලීමට විශාල මෙහෙයක් කළ ඩී.ඇස්.සේනානායක මැතිතුමා 1952 වර්ෂයේ මාර්තු 22 වැනි දින ජාතියෙන් සදහටම සමුගත්තේය. ඒ අසු පිටින් වැටීම නිසා සිදු වූ හදිසි අනතුරක් හේතුවෙයි.

  • ලිපිය කියවා දැනුම වැඩි කරගන්න.. "ශ්‍රීමත් ආතර් සී ක්ලාක්" මහතා

    ආතර් සී ක්ලාක් උපත ලැබුවේ එංගලන්තයේ සමර්සෙට් මයින්හෙඩ් හිදීය. ද්විතියික අධ්‍යාපනයෙන් අනතුරුව ඔහු අධ්‍යාපන මණ්ඩලයේ විශ්‍රාම වැටුප් අංශයේ විගණක වරයකු ලෙස රැකියාව කලේය.
    දෙවන ලෝක යුද්ධය සමයේදී ඔහු රාජකීය ගුවන් හමුදාවේ රේඩාර් විශේෂඥවරයකු ලෙස කටයුතු කලේය. ක්ලාක් ඔහුගේ යුධකාල සේවයෙන් වැඩිපුර කාලයක් භූමි පාලක පිවිසුම (ground controlled approach) රේඩාර් විෂය සම්බන්ධ වකටයුතු කල බව ඔහුගේ ගලයිඩ් පාත් (Glide path) නම් ජීවිත කථා පොතේ ඇතුලත් වේ.
    යුද්ධයෙන් පසු අවධියේදී, ක්ලාක්, බ්‍රිතාන්‍යය ග්‍රහලෝක අතර සමිතියේ සභාපති ලෙස 1947 සිට 1950 දක්වා කටයුතු කලේය. ක්ලාක් භූස්ථාපිත (Geostationary) සැටලයිට් පිළිබද අදහස වර්ධනය කිරීමට කටයුතු කල අයගෙන් පුරෝගාමියෙකි. රොකට් හා අභ්‍යවකාශ තරණය පිළිබද පොත් පලකිරීමටද ඔහු උනන්දු වූයේය. හොද උදාරහණ ලෙස අභ්‍යවකාශයේ විමර්ශණය” (exploration of the space) හා අභ්‍යවකාශයේ පොරොන්දුව (The promise of the space) දැක්විය හැක.

    1953 දී ඔහු 22 හැවිරිදි මැරිලීන් මේජීල්ඩ් නම් ඇමරිකානු කාන්තාව සමග විවාහ විය.

    ගත් කතුවරයකු ලෙස ඔහු ලුප්හෝල” (1946), රෙස්කියු පාටි” (1946, මැයි මස), ද සෙන්ටිනල්” (1948), ද සිටි ඇන්ඩ් ද ස්ටාර්ස්”, චයිල්ඩ්හුඩ්ස් එන්ඩ්”, 2001″ කථා පෙල නම් පොත් පල‍කලේය. ක්ලාක් 1956 දී ලංකාවට පදිංචියට ගියේය. ඔහු ලංකාවේදී ද ෆවුන්ටන්ස් ඔෆ් පැරඩයිස්” නම් කෘතිය පලකලේය.
    ඔහුගේ ජීවිතයේ මුල් කාලයේදී ඔහුට සම්මතයෙන් පරිභාවිහරවු දේ පිළිබද ආශාවක් තිබී ඇත.

    1980 දී ක්ලාක් ඔහුගේ රූපවාහිනි වැඩසටහන් වන ආතර් සී ක්ලාක්ගේ අභිරහස් ලෝකය, ආතර් සී ක්ලාක් ගේ අත්භූත බල ලෝකය හා ආතර් සී ක්ලාක්ගේ අත්භූත විශ්වය ප්‍රසිද්ධ විය.
    1986 දී සයන්ස් ජික්ගේ “රයිටර්ස් ඔෆ් ඇමරිකා” ” මගින් ක්ලාක්ව ග්‍රෑන්ඩ් මාස්ටර්” ලෙස නම් කෙරිණ.
    1988 දී ක්ලාක් පසු පෝලි‍යෝ සහලක්ණෙය නම් රෝගයෙන් පීඩාවට පත්විය. එනිසා ඉන් අනතුරුව ඔහුට රෝද පුටුවක් භාවිතා කිරීමට සිදුවිය.

    1994 දී ඔහු විතව්‍රථ මොහින්” නම් මනඃකල්පිත විද්‍යා චිත්‍රපටයේ පෙනී සිටියේය. 2008 මාර්තු 19 දින ක්ලාක් ලංකාවේදී ශ්වසන අපහසුතාවකින් මිය ගියේය. ඔහුගේ සහෝදර ෆ්‍රේඩ් ක්ලාක් සහ බොහෝ පිරිසකගේ සහභාගීත්වයෙන් කොළඹදී සම්ප්‍රදායික ශ්‍රි ලාංකික ක්‍රමයට ඔහුගේ භූමදානය කරන ලදී.
  • සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ඩිල්ෂාන්ගෙන් සුපිරි වැඩක් (video)

    අගහිගකම් මැද ජිවිත ගෙවන බොහෝ ජනතාවක් ලංකාව තුල සිටිනවා. සමහරක් සත්‍ය ලෙසම අගහිගකමින් උපරිම පීඩනයකට පත්ව සිටින අතර තවත් සමහරක් අගහිගකම් පෙන්වා ජිවත් වීම තම ජීවනෝපාය ද කරගෙන තියෙනවා

    නමුත් එසේ පිඩනයට පත් ජනතාව හට ඇති අය හැකි පමණින් උදව් දීම කෙතරම් භාගයක්ද?

    මේ විදිහට නැතිබැරිකම් තියාගෙන මාතලේ අගලවත්ත ප්‍රදේශයේ පදිංචි නිර්මාලා පද්මකුමාරි මැණිකේ ජීවත් වුනේ පියාගේ පිහිටෙන්.ඒත් 2016 වසරේ නිර්මලාගේ පියා විදුලිසැර වැදීමකින් ජීවිතයෙන් සමුගත්තා.ඊට පස්සේ නිර්මලා තමන්ගේ දරුවන් දෙන්නත් එක්ක තනි වුණා. ඇගේ වැඩිමහල් දරුවාගේ වයස අවුරුදු 11ක් සහ අනෙක් දරුවාගේ වයස අවුරුදු 7තයි.

    අගහිගකම් මැද ජීවත් වුන නිර්මණාලට ඉදිරියට ජීවිතය ගැටගහගන්න ඕන නිසා තමන්ට තියෙන එකම වටිනාම වස්තුව වන ඉඩම බැංකුවකට උකස් තියන්න සිද්ධ වුණා. රුපියල් ලක්ෂ පහමාරක් වැනි මුදලකට තමයි ඉඩම උකස් තිබ්බේ.

    ඇගේ මේ දුක ගැන මාතලේ ප්‍රදේශයේ අප වාර්තාකරු වාර්තා කිරීමත් සමග නිර්මලාගේ උකස් කරපු ඉඩම බේරාගෙන දීමට හසිත විදානාරච්චි නමැති ව්‍යාපාරිකයෙකු ඉදිපත් වුණා.

    ඒ පුවතත් අප වාර්තාකරු වාර්තා කිරීමත් සමග ඊට සංවේදී වුන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ටී.එම්. ඩිල්ෂාන් නිර්මලාට නිවසක් තනා දීමට පොරොන්දු වුණා.

    එම පොරොන්දුව කියූ පරිදි ඉටු කරමින් රුපියල් ලක්ෂ 24කට අධික මුදලක් වැය කර ටී.එම්. ඩිල්ෂාන් මාතලේ ප්‍රදේශයේ පදිංචි නිර්මලාට සහ ඇගේ දරුදෙදෙනාට ඊයේ (19) දිනට යෙදී තිබුණු සුබ මොහොතින් නව නිවසේ යතුරු කැරැල්ල භාරදුන්නා.