Category: සුපිරි News

  • ගෝලීය බලපෑම්වලට මුහුණ දීමට ජනපතිගෙන් විශේෂ කමිටු 03 ක්

    ගෝලීය බලපෑම්වලට මුහුණ දීමට ජනපතිගෙන් විශේෂ කමිටු 03 ක්

    ඉරානයේදී සිදුවූ හමාස් සංවිධානයේ දේශපාලන නායකයාගේ ඝාතනයත් සමඟ ඉරානය ඇතුළු මැද පෙරදිග සහ ලෝකයේ ඇතිවිය හැකි තත්ත්වයන් හමුවේ ශ්‍රී ලංකාවට එල්ල විය හැකි ආරක්ෂක සහ ආර්ථික බලපෑම්වලට මුහුණදීමේ පූර්ව සූදානමක් ලෙස විශේෂ කමිටු 03ක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබේ.

    ඒ අනුව ජාතික ආරක්ෂාව පිළිබඳ විශේෂ කමිටුවක්, ආර්ථිකයට සිදුවන බලපෑම සම්බන්ධයෙන් සොයා බැලීමේ කමිටුවක් සහ එම කමිටු දෙකෙහි යෝජනා අධීක්ෂණය කිරීම සඳහා ඉහළ මට්ටමේ කමිටුවක් පත් කිරීමට ජනාධිපතිවරයා පියවරගෙන ඇත.

    ජාතික ආරක්ෂාව පිළිබඳ විශේෂ කමිටුව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක යන මහත්වරුන්ගේ සාමාජිකත්වයෙන් යුතුව පත් කර තිබේ.

    එසේම ආර්ථිකයට වන බලපෑම පිළිබඳ සොයා බැලීමේ කමිටුවේ සාමාජිකයන් ලෙස ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන හා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන යන මහත්වරුන් කටයුතු කරති.

    මෙම කමිටු දෙකෙහි යෝජනා අධීක්ෂණය කිරීම වෙනුවෙන් පත් කර ඇති ඉහළ මට්ටමේ කමිටුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක යන මහත්වරුන්ගෙන් සමන්විතය.

    අදාළ සිදුවීමත් සමඟ ඉරානය ඇතුළු මැද පෙරදිග සහ ලෝකයේ මතුවන තත්ත්වයන් හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට සහ ආර්ථිකයට යම් සෘජු හෝ වක්‍ර බලපෑමක් එල්ල විය හැකි නම් ඊට ගතයුතු පූර්වගාමී පියවර පිළිබඳ සොයා බලා ඉහළ මට්ටමේ කමිටුවට කරුණු වාර්තා කිරීම අනෙකුත් කමිටු දෙකට පැවරේ.

    ඉන්ධන සහ අනෙකුත් අත්‍යාවශ්‍ය පාරිභෝජන ද්‍රව්‍ය ලබා ගැනීමේදී යම් බාධාවක් මතුවිය හැකි නම් රටේ මහජනතාවට ඉන් බලපෑමක් ඇති නොවන අයුරින් කටයුතු කිරීමේ වගකීම ද ජනාධිපතිවරයා විසින් අදාළ කමිටු දෙක වෙත පවරා ඇත.

    එම කමිටු දෙක විසින් අදාළ වාර්තා ඉහළ පෙළේ කමිටුවට ලබා දිය යුතු අතර ඒ අනුව ගතයුතු කඩිනම් තීන්දු තීරණවලට එළැඹීමට නියමිතය.

  • කිරිපිටි මිල ගැන අලුත්ම කතාව

    කිරිපිටි මිල ගැන අලුත්ම කතාව

    ඉදිරි දින කිහිපය ඇතුළත කිරිපිටි මිල අඩු කිරීම සඳහා කිරිපිටි ආනයනකරුවන් සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු කරන බව වෙළඳ, වාණිජ සුරක්‍ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසයි.

    ඊයේ (30) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී අමාත්‍යවරයා මේ බව පැවසුවේය. ඒ අනුව, කිරිපිටි සඳහාත් යම් මිල අඩු කිරීමක් සිදු කළ හැකියි යන්න පිළිබඳව තමන් බලාපොරොත්තු වන බව සඳහන් කළ අමාත්‍යවරයා මිල ගණනය කිරීම් සිදු කිරීමට මේ වන විට පාරිභෝගික අධිකාරියට උපදෙස් ලබා දී තිබෙන බවත්, පාරිභෝගිකයාට අවශ්‍ය සහන ලබා දීම සඳහා අනයනයකරුවන් සමඟ සාකච්ඡා කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

  • පාන් මිල අඩු නොකරන බේකරි හිමියන් පිළිබඳ ‘සුපිරි තීරණයක්‘

    පාන් මිල අඩු නොකරන බේකරි හිමියන් පිළිබඳ ‘සුපිරි තීරණයක්‘

    පාන් මිල අඩු කිරීමට බේකරි නිෂ්පාදකයින්ට සතියක කාලයක් ලබා දීමට කටයුතු කරන බවත්, ඉන්පසුවත් මිල අඩු නොකරන්නේ නම් නීතිමය කටයුතු සිදු කිරීමට පියවර ගන්නා බවත් වෙළඳ, වාණිජ සුරක්‍ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා ඊයේ (30) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී පැවසීය.

    පසුගිය දා බේකරි නිෂ්පාදකයින් සමඟ පැවති සාකච්ඡාවේ දී පාන් මිල අඩු කිරීමට ඔවුන් එකඟ වීමත් සමඟ මේ බව විට රුපියල් 10.00 කින් පාන් මිල අඩු කිරීමට පියවර ගෙන තිබූ නමුත් ඇතැම් බේකරි හිමියන් විසින් පාන් මිල අඩු කිරීමට පියවර ගෙන නොමැති බවට වාර්තා වී ඇති බව සඳහන් කළ ඒ මහතා සතියක කාලයක් බේකරි හිමියන්ට සහ නිෂ්පාදකයින්ට ලබා දී තිබෙන අතර ඉන්පසු ද පාන් මිල අඩු කිරීමට කටයුතු නොකරන්නේ නම් නීතිමය තත්ත්වයකට යාමට සිදු වන බවත් දිගින් දිගටම රජයට මැදිහත් වීමට සිදු වන බවත් අවධාරණය කළේය.

    නිෂ්පාදකයින්ට සහන ලබා දී තිබෙන අවස්ථාවක එම සහනය පාරිභෝගිකයාට නොලැබෙන්නේ නම් පාරිභෝගික අධිකාරිය ඒ සඳහා මැදිහත් වන බවත් වෙළඳපොල තුළ පාන් ගෙඩියක තිබිය යුතු වන ග්‍රෑම් 450 බව ප්‍රමාණය අනිවාර්යෙන් තිබිය යුතු වන අතර එසේ නොකරන බේකරි නිෂ්පාදකයින් සහ බේකරි හිමියන්ව වැටලීම් කිරීමට පාරිභෝගික අධිකාරියට උපදෙස් ලබා දී තිබෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

  • ඉන්දියාවට එරෙහි තරඟාවලියේ නායකත්වයේ වෙනසක්

    ඉන්දියාවට එරෙහි තරඟාවලියේ නායකත්වයේ වෙනසක්

    2024 අගෝස්තු 2, 4 සහ 7 යන දිනවල කොළඹදී පැවැත්වීමට නියමිත ඉන්දියාවට එරෙහි තරඟ තුනකින් යුත් එක්දින තරඟාවලියේ  නායකයා ලෙස චරිත් අසලංක පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කර තිබේ. ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් තරඟාවලිය සඳහා තෝරාගත් 16 දෙනෙකුගෙන් යුත් සංචිතය අනුමත කර ඇත.

    ශ්‍රී ලංකා එක්දින සංචිතය:
    1. චරිත් අසලංක – නායක
    2. පැතුම් නිශ්ශංක
    3. අවිශ්ක ප්‍රනාන්දු
    4. කුසල් මෙන්ඩිස්
    5. සදීර සමරවික්‍රම
    6. කමිඳු මෙන්ඩිස්
    7. ජනිත් ලියනගේ
    8. නිශාන් මධුෂ්ක
    9. වනිඳු හසරංග
    10. ධුනිත් වෙල්ලගේ

    11. චාමික කරුණාරත්න
    12. මහේෂ් තීක්ෂණ
    13. අකිල ධනංජය
    14. ඩිල්ෂාන් මධුශංක
    15. මතීෂ පතිරණ
    16. අසිත ප්‍රනාන්දු

  • දරුවන්ට වැඩිම හානියක් කරන්නේ ‘පියා දියවැඩියා රෝගියෙක් වීම ද ? මව දියවැඩියා රෝගියෙක් වීම ද ?

    දරුවන්ට වැඩිම හානියක් කරන්නේ ‘පියා දියවැඩියා රෝගියෙක් වීම ද ? මව දියවැඩියා රෝගියෙක් වීම ද ?

    නවතම අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ තම මවට වඩා තම පියාට පළමු කාණ්ඩයේ දියවැඩියා (Type 1 diabetes) තත්ත්වයක් තිබේ නම් දරුවන්ට පළමු කාණ්ඩයේ දියවැඩියාව වැළඳීමේ සම්භාවිතාව දෙගුණයකට ආසන්න බවයි.

    මෙම අධ්‍යයන සොයා ගැනීම් Diabetologia සඟරාවේ ප්‍රකාශයට පත් කර ඇත. සොයා ගැනීම්වලින් පෙනී යන්නේ, ගර්භාශයේ දී පළමු වර්ගයේ දියවැඩියාවට නිරාවරණය වීමෙන් පීඩාවට පත් මව්වරුන් සිටින දරුවන්ට, බලපෑමට ලක් වූ පියවරුන් සමඟ සසඳන විට මෙම තත්වයට එරෙහිව දිගුකාලීන ආරක්ෂාවක් සපයන බවයි. පර්යේෂකයන් විශ්වාස කරන්නේ මෙම ආරක්ෂාව පිටුපස ඇති හේතු තේරුම් ගැනීමෙන් පළමු වර්ගයේ දියවැඩියාව වැළැක්වීම සඳහා නව ප්‍රතිකාර සඳහා මග පෑදිය හැකි බවයි.

    ‘’පළමු වර්ගයේ දියවැඩියාව ඇති පවුල් ඉතිහාසයක් සහිත පුද්ගලයින්ට ස්වයං ප්‍රතිශක්තිකරණ තත්ත්වය වර්ධනය වීමට 8-15 ගුණයකින් වැඩි ඉඩක් තිබෙනවා. කෙසේ වෙතත්, අධ්‍යයනයන් පෙන්වා දී ඇත්තේ බලපෑමට ලක් වූ ඥාතියා මවට වඩා පියා නම් අවදානම වැඩි බවයි. අපට මෙය වඩාත් තේරුම් ගැනීමට අවශ්‍ය වුණා ”එක්සත් රාජධානියේ කාඩිෆ් විශ්ව විද්‍යාලයේ ප්‍රධාන පර්යේෂක ආචාර්ය ලෝරි ඇලන් පැවසීය.

    මවගේ පළමු වර්ගයේ දියවැඩියාව (Maternal type 1 diabetes) මුල් අවධියේදී ළමුන් තුළ පළමු වර්ගයේ දියවැඩියාවට එරෙහිව යම් තරමක ආරක්ෂාවක් සපයන බව පෙර පර්යේෂණවලින් පෙන්වා දී ඇත. වයස අවුරුදු 0 ත් 88 ත් අතර හඳුනා ගත් පුද්ගලයන් 11,475ක් ඇතුළත් කරන ලද මෑත අධ්‍යයනයකින්, ඔවුන් එම තත්ත්වය ඇති මවකට සාපේක්ෂව 1 වර්ගයේ දියවැඩියාවෙන් පෙළෙන පියෙකුට ආසන්න වශයෙන් දෙගුණයක් (1.8 ගුණයකින් වැඩි) ඇති බව සොයා ගන්නා ලදී.

    “එක්ව ගත් විට, අපගේ සොයාගැනීම් යෝජනා කරන්නේ පළමු වර්ගයේ දියවැඩියා රෝගයෙන් පෙළෙන මවකට එදිරිව පියා සිටීම හා සම්බන්ධ සාපේක්ෂ ආරක්ෂාව වැඩිහිටි ජීවිතය දක්වා විහිදෙන දිගු කාලීන බලපෑමක් සිදුකරන බවයි” ඇලන් පැවසීය.

    මවකට වඩා පළමු වර්ගයේ දියවැඩියාව ඇති පියෙකු සිටීමේ සම්භාවිතාව, පුද්ගලයාගේ උපතට පෙර දෙමාපියන්ට රෝග විනිශ්චය ලැබුණහොත් වැඩි වේ.

    වෙනත් වචන වලින් කිවහොත්, තම පියාට පළමු වර්ගයේ දියවැඩියාව තිබේ නම් (ගර්භණී සමයේදී මවට මෙම තත්වය තිබේ නම්) දරුවෙකුට පළමු වර්ගයේ දියවැඩියාව වැළඳීමේ අවදානම අඩු බව පෙනේ. ගර්භාෂය තුළ පළමු වර්ගයේ දියවැඩියාවට නිරාවරණය වීම සම්බන්ධ විශේෂිත සාධක මොනවාද යන්න තේරුම් ගැනීමට වැඩිදුර පර්යේෂණ අවශ්‍ය වේ.

    එය අධි රුධිර ග්ලූකෝස් මට්ටම්වලට නිරාවරණය වීම, ඉන්සියුලින් ප්‍රතිකාර කිරීම, පළමු වර්ගයේ දියවැඩියාව හා සම්බන්ධ ප්‍රතිදේහ, නැතහොත් මේවායේ එකතුවක්ද ?, නැතහොත් 1 වර්ගයේ දියවැඩියාවේ වෙනත් අංශයකට නිරාවරණය වීමද?” පර්යේෂකයන් ප්‍රශ්න කළහ.

    Diabetologia ඇසුරිණි

    සකස් කළේ – මධූ වික්‍රමසිංහ

  • ළමා රෝග විශේෂඥ ‘වෛද්‍ය දීපාල් පෙරේරා‘ දෙමාපියන්ගෙන් කරන විශේෂ ඉල්ලීම

    ළමා රෝග විශේෂඥ ‘වෛද්‍ය දීපාල් පෙරේරා‘ දෙමාපියන්ගෙන් කරන විශේෂ ඉල්ලීම

    මේ දිනවල ළමුන් අතර ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ සහ ඉහළ ශ්වසන මාර්ගයේ වෛරස් උණ රෝග වැඩිවීමේ තත්ත්වයක් පවතින බැවින් ඒ සඳහා විශේෂ අවධානයෙන් කටයුතු කළ යුතු බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රොහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා අවධාරණය කරයි.

    සෙම පරීක්ෂණයක් සිදුකිරීමෙන් ඉන්ෆ්ලුවෙන්සා දැයි පරීක්ෂා කර බැලිය හැකි බවද හුස්ම ගැනීමේ අපහසුව සහ වමනය යාම දිගටම පවතී නම් ප්‍රති වෛරස් ලබාදීමක් සිදුකරන බවද අවධාරණය කළේය.

    මෙය වෛරස් ආසාදනයක් බැවින් ප්‍රතිජීවක අවශ්‍ය නොවන බවද දිගටම කැස්ස පවතී නම් ළමා හතිය ඇතිවිය හැකි බැවින් ඊට නිසි ප්‍රතිකාර ලබාදෙන ලෙසද පැවසුවේය. රෝග ලක්ෂණ ඇති අය මුඛ ආවරණ පැළඳීම සිදුකරන ලෙසද, රෝග ලක්ෂණ පවතින දරුවන් නිවෙස්වල තබා ගන්නා ලෙසද සඳහන් කළ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා රෝගය වැළඳුණු දරුවන්ට ස්වභාවික දියර ආහාර වැඩි වශයෙන් ලබාදී විවේකය ලබාදෙන ලෙසද පැරසිටමෝල් නියමිත මාත්‍රාව ලබාදෙන ලෙසද පැවසුවේය.

    මෙම වෛරස් රෝග වල රෝග ලක්ෂණ ලෙස උණ සමග හිසරදය, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, කිවිසුම් යෑම, ඇඟපත රිදීම දක්නට ලැබෙන බවද එවැනි රෝග ලක්ෂණ පන්ති වල සහ දිවා සුරැකුම් මධ්‍යස්ථාන වල හා නිවෙස්වල ඉක්මණින් පැතිරෙනවා නම් මෙය ඉහළ ශ්වසන මාර්ගයේ වෛරස් රෝගයක් හෝ ඉන්ෆ්ලුවෙන්සා විය හැකි බව වෛද්‍යවරයා අවධාරණය කළේය.

    පරීක්ෂා කිරීම්වලදී අප රටෙන් ඉන්ෆ්ලුවෙන්සා ඒ සහ බී යන 02ම පොසිටිව් වන අය දැකිය හැකි බවද මෙය සාමාන්‍යයෙන් ශීත රටවල ශීත කාලයට ඇතිවන රෝගයක් බවද පැවසූ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා, ඉන්ෆ්ලුවෙන්සා ඒ, බී, සී, ලෙස පවතින බවද වැඩිදුරටත් පැවසුවේය.

    අවුරුදු 02ට අඩු දරුවන්, අවුරුදු 65ට වැඩි වැඩිහිටියන්, නිදන්ගත ශ්වසන රෝග ඇති අය, ප්‍රතිශක්තීකරණය අඩු අය සහ ගර්භණී මාතාවන් ආදීන්ට මෙය තරමක් බරපතල විය හැකි බවද දින 03ක් හෝ 04කට වැඩියෙන් උණ පවතී නම් මේ දිනවල ඩෙංගු රෝගයත් පවතින නිසා රුධිර පරීක්ෂණයක් කරගැනීම සුදුසු බවද සඳහන් කළේය.

    ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා මේ බව සඳහන් කළේ අද (30) රජයේ නිල පුවත් වෙබ් අඩවියට අදහස් දක්වමිනි.

    source: nesw.lk

  • පොදු ස්ථානවල ඩෙංගු අවදානම ගැන අලුත්ම හෙළිදරව්ව

    පොදු ස්ථානවල ඩෙංගු අවදානම ගැන අලුත්ම හෙළිදරව්ව

    පසුගිය දිනවල සිදුකළ කීට විද්‍යා සමීක්ෂණ අනුව පොදු ස්ථානවල ඩෙංගු ව්‍යාප්තිය වැඩි වී තිබෙන බව ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි.

    නිවෙස්වල මදුරුවන් බෝ වන ස්ථානවලට සාපේක්ෂව රජයේ ගොඩනැගිලි, පාසල්, ටියුෂන් පන්ති, ආගමික සිද්ධස්ථාන හා ඉදිකිරීම් පරිශ්‍ර ආදී පොදු ස්ථානවල ඩෙංගු මදුරුවන් බෝ වීමේ අවදානම ඉහළ ගොස් ඇතැයි ද ඔහු වැඩි දුරටත් හෙළි කළේය.

    මෙම දිනවල ඇදහැලෙන වර්ෂාවත් සමග ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන වැඩිවී ඇතැයිද, මින් පෙර මාසවලට සාපේක්ෂව ඩෙංගු රෝගීන්ගේ සුළු වැඩිවීමක් අත්දකින බවද පැවසූ වෛද්‍ය සමරවීර බස්නාහිර පළාත, නුවර, ගාල්ල, රත්නපුර වැනි දිස්ත්‍රික්කවල මෙම ඩෙංගු ව්‍යාප්තියේ ඉහළ යාම දක්නට ලැබෙන බව පැවසුවේය.

    මෙම ඩෙංගු ව්‍යාප්තිය වැඩි වශයෙන් දක්නට ලැබෙන ඉහතින් සඳහන් කළ පොදු ස්ථාන වල හිමිකරුවන් මේ පිළිබඳ අවධානය යොමු කර අවම වශයෙන් සතියකට එක් දිනක් පැය කිහිපයක් මදුරුවන් බෝ වන ස්ථාන විනාශ කිරීමට යෙදවීමේ වැදගත්කම ද ඔහු පෙන්වා දුන්නේය.

  • එළඹෙන උත්සව සමයේ අඩුමිලට බිත්තර දෙන්න යයි

    එළඹෙන උත්සව සමයේ අඩුමිලට බිත්තර දෙන්න යයි

    එළඹෙන උත්සව කාල සීමාවන් තුළ පාරිභෝගික ජනතාවට දැරිය හැකි මිලකට බිත්තර සැපයීමේ අරමුණින් බිත්තර ආනයනය කිරිමට පියවර ගන්නා බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (30) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී ය.

    ඉදිරියේ පැමිණෙන උත්සව සමයට දේශීය වෙළඳපොලේ දරාගත නොහැකි බිත්තර මිල ඉහළ යාම වැළක්වීම මෙම තීරණය ගෙන තිබෙන බව අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දුන්නේය.

    ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව විසින් මේ වන විට බිත්තර මිලියන 224ක් 2024.03.18 අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි ආනයනය කර තිබේ.

    ඉන් 95% ක් ප්‍රමාණයක් ලංකා සතොස අලෙවි ජාලය හරහා බිත්තරයක් රුපියල් 37.00 ක දැරිය හැකි මිලකට පාරිභෝගික ජනතාව වෙත බෙදා හැර ඇති අතර බිත්තර ආනයනය කිරීමට ලබා දී ඇති කාල සීමාව 2024.04.30 දිනෙන් අවසන් වී තිබේ.

    ඒ අනුව, එළඹෙන රාමසාන් සහ නත්තල් උත්සව කාල සීමාවන් තුළ දී වෙළඳපොල බිත්තර මිල ස්ථායීකරණය කිරීමට සහ කේක් ඇතුළු බේකරි නිෂ්පාදන කර්මාන්තයට අවශ්‍ය බිත්තර සැපයීමට හැකිවනු පිණිස අවශ්‍ය බිත්තර තොග ආනයනය කිරීම සඳහා වෙළඳ, වාණිජ හා අහාර සුරක්‍ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ

  • ආසියානු කාන්තා ලෝක කුසලානයේ සුපිරි තරු 06ක්

    ආසියානු කාන්තා ලෝක කුසලානයේ සුපිරි තරු 06ක්

    ICC කාන්තා T20 ලෝක කුසලානය 2024 සඳහා තව ඉතිරිව ඇත්තේ මාස තුනකි. පසුගිය කාලය තුළ කාන්තා ක්‍රිකට් පිටියේ දක්ෂතා දැක්වූ සුපිරි තරු තවත් මාස කිහිපයකින් බංග්ලාදේශයේදී අපට යළි හමුවෙන තෙක් අපි පසුගිය දා නිමාවට පත් වූ කාන්තා ආසියානු කුසලානයේ ප්‍රේක්ෂකයන්ගේ සිත් ඇදගත් විශිෂ්ට දස්කම් කිහිපයක් දෙස බලමු.

    පසුගිය කාන්තා ආසියානු කුසලාන තරඟාවලියට කණ්ඩායම් 8ක් සහභාගී වූ අතර එහි අවසන් මහා තරඟයෙන් ඉන්දියාව කඩුළු 8කින් පරාජයට පත් කරමින් ශ්‍රී ලංකාව සිය පළමු ශූරතාව දිනා ගැනීමට සමත් විය. මෙම තරඟාවලියේදී කැපී පෙනෙන දස්කම් කිහිපයක් ප්‍රදර්ශනය කරන ලද අතර, ඔවුන් එළඹෙන ඔක්තෝම්බර් මාසයේදී බංග්ලාදේශයේ පැවැත්වෙන කාන්තා T20 ලෝක කුසලාන තරඟාවලියේදී ප්‍රධාන භූමිකාවක් ඉටු කරනු ඇත.

    දැන් අපි පසුගිය කාන්තා ආසියානු කුසලාන තරඟාවලියේදී වඩාත් අවධානය දිනාගත් ක්‍රීඩිකාවන් කිහිප දෙනකු දෙස අවධානය යොමු කරමු.

    චමරි අතපත්තු – ශ්‍රී ලංකා නායිකා

    තරඟ – 5, ලකුණු – 304, සාමාන්‍යය – 101.3, පන්දුවට පහරදීමේ වේගය – 146.85, 100s – 1, 50s – 2

    ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු තරඟාවලිය පුරා විශිෂ්ඨ සාර්ථකත්වයක් ලබාගත් අතර මැලේසියාවට එරෙහිව පැවති දෙවන තරඟයේදී පන්දු 69කින් ලකුණු 114ක් රැස් කළ අතර කණ්ඩායම් අදියරේදී තායිලන්තයට එරෙහිව තවත් ප්‍රබල පිතිකරණයක නිරත වූවාය. ඇය පිළිමළුන් පිටුදැකීමේ අදියර සඳහා සිය උපරිමය ලබාගත් අතර, පාකිස්තානයට එරෙහිව අවසන් පූර්ව තරගයේදී පන්දු 48කින් ලකුණු 63ක් සහ ඉන්දියාවට එරෙහිව අවසන් මහා තරගයේදී පන්දු 43කින් ලකුණු 61ක් ලබා ගත්තාය.

    ඇය තරග 17කදී ලකුණු 675ක් රැස්කරගෙන, සාමාන්‍ය 48.21ක් සහ ප්‍රහාරක වේග සාමාන්‍ය 134.19ක් රඳවා ගෙන සිටී.  2024දී කාන්තා විස්සයි20 තරගවල වැඩිම ලකුණු ලාභිනිය ඇය වේ. ඇය කාන්තා විස්සයි 20 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගයේදී ද දැවැන්ත බලපෑමක් කළ අතර එහිදී ලකුණු 226ක් ලබා ගනිමින් ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත් වූවාය. ඇය බංග්ලාදේශයේ පැවැත්වෙන T20 ලෝක කුසලානය සඳහා ක්‍රීඩා කිරීමට නියමිත බැවින් සියලු දෙනාගේ අවධානය ඇය වෙත යොමු වනු ඇත.

    ෂෆාලි වර්මා / Shafali Verma / ඉන්දීය පිලේ ආරම්භක පිතිකරු

    තරඟ – 5, ලකුණු – 200, සාමාන්‍යය – 50.0,  පන්දුවට පහරදීමේ වේගය – 140.84, 50s – 1

    ඉන්දීය පිලේ ආරම්භක පිතිකරු ෂෆාලි වර්මා අවසන් මහා තරගය වනතුරුම හොඳ තරගාවලියක් පවත්වා ලකුණු 40, 37, 81 සහ 26* ලෙසින් ලකුණු රැස් කළාය. ඇය 140ට වැඩි ප්‍රහාරක වේගයකින් ලකුණු 200ක් ලබා ගනිමින් ඉන්දියාවේ වැඩිම ලකුණු ලාභියා ලෙස තරගාවලිය නිමා කළාය.

    ෂෆාලිගේ ඉහළම ස්ථාවරත්වය අවසන් තරගය දක්වා ඉන්දීය පිලේ අපරාජිත ධාවනයේ තීරණාත්මක බව ඔප්පු විය. නේපාලයට එරෙහිව ඇයගේ හොඳම පිතිකරණය වාර්තා කළ අතර එහිදී ඇය පන්දු 48කදී හතරේ පහර 12ක් සහ එක් හයේ පහරක් සමඟින් ලකුණු 81ක් රැස් කළාය.

    විස්සයි 20 ලෝක කුසලානය එළඹෙන විට, ඉන්දියාව ඔවුන්ට විශිෂ්ට ආරම්භයක් ලබා දීම සඳහා ස්ථාවර, නමුත් ආක්‍රමණශීලී, ෂෆාලි වෙත යොමු වනු ඇත.

    දීප්ති ෂර්මා  / Deepti Sharma / ඉන්දියාව

    තරඟ – 5, කඩුලු – 10, සාමාන්‍යය – 10.0,  හොඳම – 3/13

    දීප්ති ෂර්මා 10.0 ක සාමාන්‍යයක් සහිතව කඩුලු 10ක් දවාගත් ප්‍රමුඛතම කඩුලු දවාගත් ක්‍රීඩිකාව ලෙස තරගාවලිය නිමා කළ අතර 5.0ක ආකර්ෂණීය වේගයකින් පන්දු යැවීය.

    ඇය පකිස්ථානයට එරෙහිව තරඟාවලියේ ආරම්භක තරඟයේදී ක්‍රීඩා කළ අතර, පන්දුවාර හතරකදී ලකුණු 20කට කඩුළු 03ක් දවා ගනිමින්  ‘තරඟයේ ක්‍රීඩිකාව සම්මානය / Player of the Match award‘ දිනා ගැනීමට සමත් වූවාය. ඇය එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව ලකුණු 23කට කඩුළු 02ක් දවා ගත් අතර මීළඟ තරගයේදී ද දිගටම බලපෑමක් කළාය. ඇයගේ හොඳම තරඟාවලිය නේපාලයට එරෙහිව වාර්තා කළ අතර ලකුණු 13කට කඩුළු 03ක් දවා ගනිමින් ඇය නේපාල කණ්ඩායම දුර්මුඛ කළාය.

    අවසන් මහා තරගයේදී ඇය  ශ්‍රී ලංකා නායිකා චමරී අතපත්තුගේ කඩුල්ල දවා ගත්තේ තරගය ඉන්දීය ග්‍රහණයෙන් ගිලිහී යමින් තිබියදීය. විස්සයි 20 කාන්තා ලෝක කුසලානය පැවැත්වෙන  බංග්ලාදේශයේ තණතිලි දඟ පන්දු යවන්නන්ට හිතකර වනු ඇතැයි අපේක්ෂා කරන අතර, දීප්ති ඉන්දියාවේ ප්‍රධාන චරිතයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    කවිෂා දිල්හාරි / Kavisha Dilhari

    තරඟ – 5, කඩුලු – 9, සාමාන්‍යය – 12.33, හොඳම – 2/4

    කවිෂා දිල්හාරි ආසියානු කුසලානයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ අතර අවසන් මහා තරගයේදී ඉන්දීය ආරම්භක පිතිකරුවන් දවාලීමට සමත් වූවාය. ඇය අවසන් මහා තරගයේදී අංක 4 සිට පිත්තෙන් ද ඉදිරියට පැමිණි අතර, ශ්‍රී ලංකාවට පළමු ශූරතාව දිනා ගැනීමට උපකාර කිරීම සඳහා ඉතා වැදගත් පන්දු 16කින් ලකුණු 30ක් ලබා ගත්තාය.

    දිල්හාරි තරග පහකදී කඩුලු 9ක් දවාලීමට සමත් වූවාය. ඇය පකිස්තානයට එරෙහිව අවසන් පූර්ව තරගයේදී ද 2/30 ක් දවාගත් අතර එයට සිද්‍රා අමීන් සහ නීඩා ඩාර්ගේ කඩුලු ද ඇතුළත් විය.

    පළමු තරගයේදී බංග්ලාදේශයට එරෙහිව එක් කඩුල්ලක් දවාගත් ඇය තරගාවලියේ අවසන් තරග හතරේදීම කඩුලු දෙක බැගින් දවා ගත්තාය. විස්සයි 20 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකාව ඉදිරියට යන විට ඇයගේ තුන් ඉරියව් භූමිකාව ඉතා වැදගත් වනු ඇත.

    මුර්ෂිදා ඛාතුන් / Murshida Khatun / බංග්ලාදේශ ආරම්භක පිතිකරු

    තරඟ – 3, ලකුණු – 134, සාමාන්‍යය – 44.66,  පන්දුවට පහරදීමේ වේගය – 108.94, 50 – 2

    තරඟ තුනකදී අර්ධ ශතක දෙකක් සමඟින්, බංග්ලාදේශ ආරම්භක පිතිකරු මුර්ෂිඩා ඛාටූන් තරඟාවලියේ පළමු තරඟය අහිමි වීමෙන් පසුව කණ්ඩායමට විශිෂ්ට එකතු කිරීමක් විය. 25 හැවිරිදි වමත් පිතිකාරිය තායිලන්තයට එරෙහිව පන්දු 55කදී ලකුණු 50ක් ලබා ගනිමින් කාන්තා ආසියානු කුසලානයේ දෙවැනි තරගයේ ජය වාර්තා කළාය.

    මීළඟ තරගයේදී මැලේසියාවට එරෙහිව ඇය පන්දු 59කදී ලකුණු 80ක් රැස්කරමින් කණ්ඩායමට ලකුණු 191/2ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමට උපකාර කළාය. බංගලාදේශය ඔක්තෝම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත T20 ලෝක කුසලානය සඳහා මුර්ෂිඩාගේ දක්ෂතාවය ඉතා වැදගත් වනු ඇත.

    සාදියා ඉක්බාල් / Sadia Iqbal / පාකිස්ථානය

    තරඟ – 4, කඩුලු – 8, සාමාන්‍යය – 8.37, හොඳම – 4/16

    සාඩියා ඉක්බාල් තරගාවලියේදී පාකිස්තානය වෙනුවෙන් ඇගේ හොඳම දස්කම් දැක්වූ අතර සාමාන්‍ය 8.37ක් සහ 4.72ක දීප්තිමත් වේගයක් සමඟ කඩුලු 8ක් දවා ගත්තාය. වමතින් දඟ පන්දු යවන්නිය ශ්‍රී ලංකාවට එරෙහිව පැවති ත්‍රාසජනක අවසන් පූර්ව තරගයේදී පාකිස්තානය නැවත තරගයට ඇද දමමින් ඇයගේ ඕවර හතරේදී ලකුණු  16කට කඩුළු 04ක් දවා ගත්තාය. කෙසේ වෙතත්, ඇයගේ උත්සාහය නොතකා පාකිස්තානය අවසන් පූර්ව තරගයේදී ශ්‍රී ලංකාව හමුවේ පරාජයට පත්වීමත් සමඟ තරගාවලියෙන් ඉවත් විය.

    ඉක්බාල් නේපාලයට (2/19) සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට (2/11) එරෙහිව ද විශිෂ්ට දස්කම් දැක්වීමට සමත් වූවාය. ඇයගේ වමත් දඟ සහ නව පන්දුව ලබා ගැනීමේ හැකියාව පාකිස්තානයට මේ වසරේ අගභාගයේදී බංග්ලාදේශයේ පැවැත්වෙන T20 ලෝක කුසලානයේදී වැදගත් වනු ඇත.

    https://www.icc-cricket.com ඇසුරිණි

    සටහන – මධූ වික්‍රමසිංහ
  • පොහොට්ටුවේ  සහාය කාටද ? – අද හවස ගත් ‘නිල තීන්දුව‘ මෙන්න

    පොහොට්ටුවේ සහාය කාටද ? – අද හවස ගත් ‘නිල තීන්දුව‘ මෙන්න

    ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය නොදී ඒ වෙනුවට තමන්ගේම අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මධ්‍යම කාරක සභාව අද (29) තීරණය කළ බව එහි ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පැවසීය.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂතයා පිළිබඳව පසුව තීරණය කරන බව පැවසූ නාමල් රාජපක්ෂ වැඩි දුරටත් පවසා සිටියේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දිය යුතු බවට පක්ෂයේ කිහිප දෙනකු යෝජනා කළ නමුත් පොහොට්ටු ලකුණ යටතේ අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතුය යන්න මධ්‍යම කාරක සභිකයින් අති බහුතරයකගේ අදහස වූ බවය.

    පක්ෂයේ තීන්දුවට පටහැනිව ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන වෙනත් ජනාධිපති අපේක්ෂකයෙකුට සහාය පළ කරන මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් දැඩි තීන්දුවක් ගන්නා බව ද නාමල් රාජපක්ෂ අවධාරණය කළේය.

     

  • තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම සඳහා අවසන් දිනය මෙන්න

    තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම සඳහා අවසන් දිනය මෙන්න

    තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වන සියලුම අයදුම්පත් අගෝස්තු 5 වැනි දින මධ්‍යම රාත්‍රිය වන විට අදාළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත ඉදිරිපත් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.

    නිවේදනයක් නිකුත් කරමින් කොමිෂන් සභාව පැහැදිලි කළේ තැපැල් ඡන්ද අයදුම්පත් අගෝස්තු 5 වැනිදා වන විට දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරින් වෙත සෘජුවම භාරදිය යුතු බවයි. මෙම කාලසීමාවෙන් පසුව ඉදිරිපත් කරන අයදුම්පත් සමාලෝචනයකින් තොරව ප්‍රතික්ෂේප කරන බව ද අදාළ නිවේදනයේ දැක්වේ.

    අයදුම්පත් භාරගනු ලබන්නේ නියමිත දිනට භෞතිකව ලැබුණහොත් පමණක් බව කොමිෂන් සභාව අවධාරණය කළේය. එම දිනයේ ඒවා පළ කිරීම පමණක් ප්‍රමාණවත් නොවේ.

    තැපැල් ඡන්ද දායකයින්ට උපකාර කිරීම සඳහා 2024 ඡන්ද හිමි නාමලේඛන අදාළ රජයේ කාර්යාලවල ප්‍රමුඛව ප්‍රදර්ශනය කළ යුතු බව කොමිෂන් සභාව නියෝග කර ඇත. මෙම ලැයිස්තු 2024 ජුලි 26 දින සිට සාමාන්‍ය කාර්යාල වේලාවන්හිදී සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ග්‍රාම නිලධාරී කාර්යාලවල මහජන නැරඹීම සඳහා ප්‍රවේශ විය හැකි බව ද අදාළ නිවේදනයේ දැක්වේ.

  • දුරකථනය සොරකම් කළාද ? : කළ යුතු නිවැරදිම දේවල් මෙන්න !

    දුරකථනය සොරකම් කළාද ? : කළ යුතු නිවැරදිම දේවල් මෙන්න !

    දුරකථනයක් සොරකම් කළ සොරෙකුට කළ හැකි පළමු දෙය නම් එය ලුහුබැඳීම වැළැක්වීම සඳහා ඔබේ දුරකථනය ක්‍රියා විරහිත කිරීමයි. කෙසේ වෙතත්, මෙම පොදු උපක්‍රමයෙන් ඔබගේ උපාංගය ආරක්ෂා කිරීමට ක්‍රමයක් තිබේ. ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ජංගම දුරකතනයේ සරල සැකසුම සක්‍රීය කිරීමෙන්, ඔබගේ දුරකථනය අගුළු හැරීමකින් තොරව ක්‍රියා විරහිත කළ නොහැකි බව ඔබට සහතික විය හැකිය.

    අප සැවොම නොදැනුවත්වම අපගේ ස්මාර්ට් ජංගම දුරකථනය සමග සම්බන්ධ වී සිටින අතර දුරකතනයක් නැතිවීම හෝ එයට හානි කිරීම අපගේ දින චර්යාව කඩාකප්පල් කර, සැලකිය යුතු අපහසුතාවයක් ඇති කළ හැකිය. අපගේ ස්මාර්ට් දුරකතනයේ සෑම දෙයක්ම පාහේ ඇති අතර එය සොරකම් කළහොත් (එය කරදරකාරී තත්වයක් බවට පත්වේ) පුද්ගලිකත්වය සහ දත්ත අවදානමේ වැටීමක් සිදුවිය හැකිය.

    සොරුන් බොහෝ විට දුරකථනය සොරකම් කළ වහාම එය ක්‍රියා විරහිත කර අයිතිකරු එය ලුහුබැඳීම වළක්වයි. නමුත් ඔබට ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් උපාංගයේ සරල සැකසුමකින් මෙය සිදුවීම වළක්වා ගත හැකිය.

    බලය අක්‍රිය කිරීමට අගුළු ඇරීම: ප්‍රබල ආරක්ෂක විශේෂාංගය / Unlock to power off: Powerful safety feature

    ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට්ෆෝන් විවිධ රහස්‍යතා සහ ආරක්‍ෂිත විශේෂාංග වලින් සමන්විත වන නමුත් බොහෝ පරිශීලකයින් ඒ බව නොදනී. සොරකම් කරන ලද ස්මාට් ජංගම දුරකතනයක් පළමුවෙන් අගුළු හැරීමකින් තොරව ක්‍රියා විරහිත වීම වැළැක්වීමට උපකාරී වන ‘Unlock to Power Off’ එවැනි විශේෂාංගයකි. මෙම විශේෂාංගය සක්‍රීය කිරීමෙන් ඔබගේ උපාංගය සොරකම් කළහොත්, සොරාට එය ක්‍රියා විරහිත කිරීමට නොහැකි වනු ඇති අතර, ඔබට එහි පිහිටීම නිරීක්ෂණය කිරීමට හැකි වනු ඇත.

    ‘Unlock to Power Off’ විශේෂාංගය සබල කරන්නේ කෙසේද?

    සැකසුම් විවෘත කරන්න / Open Settings: ඔබගේ දුරකථනයේ Settings app වෙත සංචාලනය කිරීමෙන් ආරම්භ කරන්න.

    පුද්ගලිකත්වය වෙත සංචාලනය කරන්න / Navigate to Privacy: පහළට අනුචලනය කර ‘පෞද්ගලිකත්වය / Privacy’ විකල්පය මත තට්ටු කරන්න.

    Unlock to Power Off තෝරන්න: රහස්‍යතා සැකසුම් තුළ ‘Unlock to Power Off’ විකල්පය සොයන්න.

    විශේෂාංගය සබල කරන්න / Enable the Feature: ඔබට විකල්පය සොයා ගත නො හැකි නම්, එය ඉක්මනින් සොයා ගැනීමට සැකසීම් තුළ සෙවුම් තීරුව භාවිතා කරන්න. සොයා ගත් පසු, විශේෂාංගය සබල කිරීමට ස්විචය ටොගල් / toggle the switch කරන්න.

    මෙම විශේෂාංගය සක්‍රීය කිරීමෙන්, සොරෙකුට ඔබගේ දුරකථනය පළමුවෙන් අගුළු හැරීමෙන් තොරව එය ක්‍රියා විරහිත කිරීමට නොහැකි වනු ඇත. ඔබට එය වඩාත් ඵලදායී ලෙස නිරීක්ෂණය කිරීමට හැකි වේ.

    ඔබගේ සොරකම් කළ දුරකථනය නිරීක්ෂණය කරන්නේ කෙසේද ?

    ඔබගේ දුරකථනය සොරකම් කර ක්‍රියාත්මකව පවතී නම්, ‘Google Find My Device’ වැනි සබැඳි සේවා භාවිතයෙන් ඔබට එය නිරීක්ෂණය කළ හැකිය.

    ඔබගේ ස්මාර්ට් ජංගම දුරකතනයේ Find My Device විශේෂාංගය සක්‍රිය බවත් එය අන්තර්ජාලයට සම්බන්ධ වී ඇති බවත් සහතික කර ගන්න.

    අවශ්‍ය නම් දුරස්ථව ඔබගේ උපාංගය ස්ථානගත කිරීමට, අගුළු දැමීමට හෝ මැකීමට මෙය ඔබට තවදුරටත් හැකියාව ලබාදේ.

    දුරකථන ආරක්ෂාව සඳහා අමතර උපදෙස්

    ‘මගේ උපාංගය සොයන්න / Find My Device’’ සබල කර තබා ගන්න. අමතර ආරක්ෂාව සඳහා Google හි Find My Device සබල කර ඇති බවට වග බලා ගන්න. මෙම විශේෂාංගය ඔබගේ ස්මාර්ට් ජංගම දුරකථනය සොයා ගැනීමට, එය දුරස්ථව අගුලු දැමීමට සහ අවශ්‍ය නම් දත්ත මකා දැමීමට උපකාරී වේ.

    ප්‍රබල මුරපදයක් භාවිත කරන්න / Use a Strong Password: අනවසර ප්‍රවේශය වැළැැක්වීමට ප්‍රබල මුරපදයක් හෝ ජෛවමිතික අගුලකින් (ඇඟිලි සලකුණු හෝ මුහුණු අගුළු හැරීම) ඔබේ උපාංගය ආරක්ෂා කරන්න.

    Regularly Backup Data: සොරකම් හෝ හානි වීම් වලදී ඔබගේ වැදගත් දත්ත ආරක්ෂා කිරීමට Regularly Backup Data උපකාරී වේ.

    ‘Unlock to Power Off’ විශේෂාංගය සක්‍රීය කිරීමෙන්, ඔබගේ ස්මාර්ට් ජංගම දුරකතනයේ ආරක්ෂාව වැඩි කිරීමට සහ එය සොරකම් කළහොත් එය නැවත ලබා ගැනීමේ අවස්ථාව වැඩි කිරීමට ඔබට හැකි වේ. මෙම සරල නමුත් ඵලදායි පියවර මගින් ඔබගේ පෞද්ගලිකත්වය සහ දත්ත ආරක්ෂා කර ගත හැකිය.

    සැකසුම – මධූ වික්‍රමසිංහ

  • විජේදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි

    විජේදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි

    තමා මෙවර ජනාධිපතිවරණයට තරඟ කරන හෙයින් අධිකරණ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ මීට සුළු මොහොතකට පෙර පැවති මාධ්‍ය හමුවකදීය.

  • Jurassic World: Chaos Theory S2 හි විස්මිත ට්‍රේලරය මෙන්න !

    Jurassic World: Chaos Theory S2 හි විස්මිත ට්‍රේලරය මෙන්න !

    මාධ්‍ය වාර්තාවලට අනුව, මෙවර පැරණි ඩයිනෝසර් විශේෂ පමණක් නොව, නව ඩයිනෝසෝරයන් ද දැකගත හැකි වනු ඇති අතර, ඔවුන්ගේ භයානක හා විශ්මයජනක හැකියාවන්ගෙන් සෑම කෙනෙකුම පුදුමයට පත් වනු ඇත.

    ‘Jurassic World: Chaos Theory’ හි 2 වන වාරයේ ට්‍රේලරය පසුගිය ඉරිදා San Diego Comic-Con හි සංදර්ශන මණ්ඩලය අතරතුර නිකුත් කර තිබෙනවා. මෙම සජීවිකරණ මාලාව ‘Jurassic World Camp’ කතා මාලාවෙහි අනුප්‍රාප්තිකයක් බව අපි ඔබට කියමු.

    ‘Jurassic World: Chaos Theory’ සීසන් 2 හි ට්‍රේලරය ඉතා දර්ශනීය මෙන්ම බිහිසුණු බව පෙනේ. මන්ද මෙම නව ට්‍රේලරය ඩයිනෝසෝරයන්ගේ නව සහ භයානක පරිච්ඡේදයක් පෙන්නුම් කරයි. එහි විශාල නෞකාවක බොහෝ ඩයිනෝසෝරයන්ගේ භීෂණය දක්නට ලැබේ. සාගර රළ මත පාවෙමින් පවතින යෝධ නෞකාවක දර්ශනයක් මෙන්ම තද සුළං සහිත කුණාටුවක් සහ වර්ෂාවක් ඇති වන දර්ශනය තරමක් බියකරු ලෙසින් පෙනෙන පරිදි ට්‍රේලරය ආරම්භ වේ.

    මෙයින් පසු, ඔහු මිතුරෙකු ඇති කර ගැනීමේ බලාපොරොත්තුවෙන් ඉදිරියට යන කුඩා ඩයිනෝසරයෙකු දුටු විට, හදිසියේම යෝධ ඩයිනෝසරයෙකු නැව මත දිස්වන අතර පසුව ඔහු කුඩා ඩයිනෝසෝරයා ආහාරයට ගනී. මෙයින් පසු ඔහු පිරිමි ළමයාට පහර දෙයි, මෙම දර්ශනය තරමක් භයානක ය. ට්‍රේලරය ඉදිරියට යද්දී, නැවේ සිටින මිනිසුන් මෙම භයානක ජීවීන්ගෙන් බේරීමට උත්සාහ කරන අයුරු දක්නට ලැබේ.

    මාධ්‍ය වාර්තාවලට අනුව, මෙම චිත්‍රපටයේ පැරණි විශේෂ පමණක් නොව, නව ඩයිනෝසෝරයන් ද දැකගත හැකි වනු ඇති අතර එමඟින් ඔවුන්ගේ භයානක හා විශ්මයජනක හැකියාවන්ගෙන් සෑම කෙනෙකුම පුදුමයට පත් වනු ඇත.

    Jurassic World: Chaos Theory Season 2 හි ට්‍රේලරය ප්‍රේක්ෂකයින් අතර විශාල උද්යෝගයක් ඇති කර ඇති අතර ඩයිනොසෝර වික්‍රමය තවමත් අවසන් වී නැති නමුත් එය ආරම්භ වී ඇති බව ඔප්පු කර ඇත.

    ස්ටීවන් ස්පීල්බර්ග්, කොලින් ට්‍රෙවෝරෝ සහ ෆ්‍රෑන්ක් මාෂල් විසින් නිර්මාණය කරන ලද DreamWorks ඇනිමේෂන් මාලාවේ හඬවල් Sean Giambrone, Darren Barnet, Raini Rodriguez, Kausar Mohammed සහ Kiersten Kelly විසින් සපයනු ලැබේ.

    ට්‍රේලරය නිකුතුවෙන් පසුව, 2024 ඔක්තෝබර් 17 වන දින Netflix හි ප්‍රවාහය වන මෙම වාරය නිකුත් කිරීම දෙස ප්‍රේක්ෂකයින් උනන්දුවෙන් බලා සිටිති.

    සටහන – මධූ වික්‍රමසිංහ

  • පොලිස්පති සම්බන්ධ ගැටලුව ගැන ජනපතිගේ සැලසුම

    පොලිස්පති සම්බන්ධ ගැටලුව ගැන ජනපතිගේ සැලසුම

    • ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 දිනට වඩා ඉදිරියට ගෙන යාමට කිසිසේත් සූදානම් නැහැ.
    • මැතිවරණ යනු ජනතා පරමාධිපත්‍යයයේ කොටසක් – එය උල්ලංඝනය වීමට ඉඩ දිය නොහැකියි.
    • රට තුළ නිදහස් හා ස්වාධීන මැතිවරණයක් පැවැත්වීමට මැතිවරණ කොමිසමට සහාය දීම සියලු දෙනාගේ පරම යුතුකමයි – ‘ජයගමු ශ්‍රී ලංකා’ කොළඹ දිස්ත්‍රික් විගමනික හරසර වැඩසටහනට එක්වෙමින් ජනපති පවසයි.

    කථානායකවරයා සහ අගවිනිසුරුවරයා සමඟ සාකච්ඡාකර පොලිස්පති පත් කිරීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව සතියක් තුළ නිරාකරණය කර ගැනීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

    ජනාධිපතිවරණය සැප්තැම්බර 21 දිනට වඩා ඉදිරියට ගෙන යාමට තමා කිසිසේත් සූදානම් නැති බවත්, සැප්තැම්බර් 21 වන දින ජනාධිපතිවරණය පැවැත්වීමට අවශ්‍ය කටයුතු සලසන බවත් පැවසු ජනාධිපතිවරයා මැතිවරණ යනු ජනතා පරමාධිපත්‍යයේ කොටසක් බවත් එය උල්ලංඝනය වීමට ඉඩ නොතබන බවත් පැවසීය.

    එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 106 වන වගන්තියට අනුව රට තුළ ස්වාධීන හා නිදහස් මැතිවරණයක් පැවැත්වීමේ බලතල මැතිවරණ කොමිසමට හිමි වන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් පූර්ණ සහාය ලබාදීම සියලුදෙනාගේ පරම යුතුකම බවද කියා සිටියේය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ හෝමාගම බස්නැවතුම් පොළ පරිශ්‍රයේදී ඊයේ (28) පැවති ‘ජයගමු ශ්‍රී ලංකා’ කොළඹ දිස්ත්‍රික් විගමනික හරසර වැඩසටහනට එක්වෙමිනි.

    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය,

    අද අප මෙතන සිටින්නේ විගමන ශ්‍රමිකයන් එවු මුදල්වලින් සහ 2022, 2023 යල කන්නය වගා කළ ගොවින් නිසා බව කිවයුතුයි. ඒ කණ්ඩායම් දෙක නොවන්නට අද අපට රටක් ලෙස මෙතරම් සාර්ථකව ඉදිරියට පැමිණීමට හැකියාව ලැබෙන්නේ නැහැ. අප මේ රට භාර ගනිද්දි රටේ තිබු තත්ත්වය අප සියලු දෙනා දන්නවා. අපි එක් පක්ෂයකට අයත් ආණ්ඩුවක් නොවෙයි. මම ජනාධිපතිවරයා ලෙස සියලුදෙනා එක් කර ගනිමින් අලුත් ආණ්ඩුවක් ගොඩනැඟුවා. ඒ නිසා මෙම ආණ්ඩුව අභියෝග භාර ගැනීමට ශක්තියක් තිබෙන ආණ්ඩුවක්. අපි ලෝකයේ රටවල සහ මූල්‍ය සංවිධානවල සහාය ඇතිව මේ රටේ ආර්ථිකය ස්ථාවර කර ගැනීම ආරම්භ කළා. එහිදී රටට ඩොලර් ලබා දුන් විගමණික ප්‍රජාව කිසිසේත් අමතක කරන්න බැහැ. ඒ වෙනුවෙන් ඔබට ස්තූතිවන්ත විය යුතුයි.

    මේ අයුරින් අපි රටේ ආර්ථිකය ඉදිරියට ගෙන ආවේ නැතිනම් අද ජනතාවට මෙවන් සහන හිමි වන්නේ නැහැ.

    විදේශගතව සිට නැවත මෙරටට පැමිණි ශ්‍රමිකයන්ට රැකියා ආරම්භ කිරීමට සහාය වීමට අපට යුතුකමක් තිබෙනවා. එදා ඔබ සිදු කළ සේවය නිසා තමයි අද රටේ ජනතාවට මෙවන් සහනයක් ලබාදීමට හැකිවී තිබෙන්නේ.

    දැන් අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මෙන්ම ණය දෙන රටවල් සහ බැඳුම්කර හිමියන් සමඟ සාකච්ඡා කර ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම නිසා අපට බංකොළොත්භාවයෙන් නිදහස් වීමට අවස්ථාව ලැබී තිබෙනවා. අප මෙම ගිවිසුම්වලට අත්සන් තැබීමත් සමඟ ජපන් රජයේ සහාය ඇතිව මෙරට ආරම්භ කර අතරමග නැවතුණ සෑම ව්‍යාපෘතියවක්ම නැවත ආරම්භ කරන බව ජපානය ප්‍රකාශ කළා.

    ඒ වගේම ත්‍රිකුණාමල වරාය සංවර්ධනය ඇතුළු විශාල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට මම ඉන්දියාවේ නරේන්ද්‍ර මෝදි අගමැතිතුමා සමඟ එකඟ වී තිබෙනවා. ඒ වගේම බලශක්ති ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. ඒ නිසා දැන් ජපානය සහ ඉන්දියාව සමඟ අප මෙම සංවර්ධන කටයුතු ආරම්භ කිරීමට සූදානම් වී සිටිනවා.

    ඒ වගේම මම චීනයෙන් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් ඉල්ලා තිබෙනවා ඔවුන්ගේ ව්‍යාපෘති නැවත ආරම්භ කරන ලෙස. මේ සමඟ මෙරට ඉදිරිකිරීම් අංශය විශාල දියුණුවක් ලබනවා.

    ඇතැම් අය හිතුවා අපට රටක් ලෙස නැවත හිස එසවීමට නොහැකි වනු ඇතියි කියලා. මැතිවරණයක් තියන්න බැරි වෙයි කියලා. ඒකාධිපතිවාදයට යයි කියලා. දැන් අපි මැතිවරණය පවත්වනවා. තවත් සමහර අය කිව්වා මම මැතිවරණය කල් දාන්න යනවා කියලා. නමුත් මැතිවරණය නියමිත වේලාවට පැවැත්වීම සඳහා මම පළමුවෙන්ම ගොස් ඇප මුදල් තැන්පත් කිරීම සිදු කළා.

    ඇතැම් අය මගෙන් අහනවා මෙම අර්බුදය නිසා මොකක් වෙයිද කියලා. පොලිස්පති පත් කළ ක්‍රමවේදය වැරදියි කියා පසුගිය සතියේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කර තිබුණා. එම ඉල්ලීම ඉදිරිපත් කර තිබුණේ අභියාචනා නඩුවක් ගොනු කිරීමටයි. සම්ප්‍රදාය අනුව අභියාචනාව ඉදිරිපත් කරන්න පුළුවන් කියලා කිව්වා. නමුත් ඒ සමඟම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළා පොලිස්පතිවරයා තනතුරෙන් ඉවත් කර වැඩ තහනම් කරනවා කියලා. ඒ ගැන කරුණු තිබුනේ නැහැ. නමුත් එය කියවූ විට තේරුම් යන්නේ පෙත්සමෙන් කරුණු ඉදිරිපත් කර තිබෙනවා, බැලු බැල්මට පෙත්සමක් තිබෙනවා කියලයි. බැලු බැල්මට තිබෙන පෙත්සම පදනම් කර ගනිමින් තමයි පොලිස්පත්වරයා පිළිබඳ තීන්දුව ලබා දී තිබෙන්නේ.

    ඉන් පසු දින විපක්ෂනායකවරයා එය පාර්ලිමේන්තුවේදී මතු කළා. එදා කථානායකවරයා සිටියේ නැහැ.

    කථානායකවරයා පැමිණි අවස්ථාවේදී අගමැතිතුමා එය ඒ අයුරින් මතු කළා. ව්‍යවස්ථාදායක සභාව පාර්ලිමේන්තුවට අයත් නිසා ව්‍යවස්ථාදායක සභාවේ අභ්‍යන්තර වැඩ කටයුතු පිළිබඳ අධිකරණයට විභාග කළ නොහැකි බවත්, ඒ අනුව මේ පත්වීම නිත්‍යානුකූල බවත් එහිදී කථානායකවරයා තීන්දුවක් ලබා දුන්නා

    ශ්‍රෙෂ්ඨාධිකරණය කියනවා මෙම පත්වීම නිත්‍යානුකූල නැහැ තහනම් කරන්න කියලා. අනිත් පැත්තෙන් පාර්ලිමේන්තුව ප්‍රකාශ කරනවා මෙය නිත්‍යානුකූලයි කියලා. මැතිවරණය පැවැත්වීම සඳහා සැප්තැම්බර් 21 දිනට දින ලබා දී තිබෙනවා. මෙය විශාල අවුලක් බවට පත්විය හැකියි.

    ඒ නිසා මම මේ පිළිබඳ අපේ මහානායක ස්වාමින් වහන්සේ සමඟ සාකච්ඡා කළා. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සමඟ සාකච්ඡා කළා. තවත් නායකයන් සමඟ සාකච්ඡා කළා. එම සියලුදෙනා කිව්වේ අප මේකට විසඳුමක් සෙවිය යුතුයි කියලා. එසේ නොවන්නට එයින් පීඩාවට පත්වන්නේ ජනතාවයි.

    මම මෙම ප්‍රශ්නය දෙස බලන්නේ වෙනත් ආකල්පයකින්. පොලිස්පතිතුමාගේ පත්වීමද, ව්‍යවස්ථාදායක සභාවේ රැස්වීම ද මම බලන්නේ නැහැ. මැතිවරණය කියන්නේ මහජන පරමාධිපත්‍යයයේ කොටසක් බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වන වගන්තියේ සඳහන් වෙනවා. එම ජනතා පරමාධිපත්‍ය අප ක්‍රියාත්මක කළ යුතුයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 106 වන වගන්තිය අනුව රටේ ස්වාධීන හා නිදහස් මැතිවරණයක් පැවැත්වීමේ බලතල මැතිවරණ කොමිසමට ලබා දී තිබෙනවා. රටේ නිදහස් සහ ස්වාධීන මැතිවරණයක් පැවැත්වීමේ කාලය ආරම්භ වූයේ ජූලි 17 වනදා සිටයි. මෙම නිදහස් සහ ස්වාධීන මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසමට සම්පූර්ණ සහාය ලබාදීම අප සියලු දෙනාගේ පරම යුතුකමයි.

    මනුෂ නානායක්කාර මැතිතුමා මැතිවරණ කොමසාරිස්වරයාගෙන් විමසුවා මෙම වේදිකාවේ මගේ ඡායාරූපයක් පළ කරන්න පුළුවන්ද කියලා. එය ඉවත් කරන්න කියලා කිව්වා. ඒක මට ප්‍රශ්නයක් නොවෙයි. මේව අපි මේ අයුරින් කථා කරන්න ඕන, වාද විවාද කරන්න ඕන. නමුත් අපි මේ අයුරින් කටයුතු කරන විට මැතිවරණ කොමසමෙන් මේ පිළිබඳ විමසීමට ශ්‍රෙෂ්ඨාධිකරණයට ද යුතුකමක් තිබුණා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 106 වන වගන්තිය යටතේ මැතිවරණ කොමිසමට පොලිස් නිලධාරින් ලබාගත හැක්කේ පොලිස්පතිවරයා මාර්ගයෙන් පමණයි. නියෝජ්‍ය පොලිස්පතිගෙන් නොවෙයි. මෙය පොලිස්පතිතුමාගෙන් ඉදිරිපත් විය යුතුයි. පොලිස්පතිවරයෙක් නැත්නම් එම නිලධාරින් ලබා ගන්නේ කොහොමද. අවශ්‍ය පොලිස් නිලධාරින් ප්‍රමාණය මේ සතියේ ඉල්ලන්න ඕන. පසුව ඉල්ලුවොත් එය කරන්න බැරි වෙනවා. එවිට මැතිවරණය පැවැත්වීමට නොහැකි වෙනවා. ඒ නිසා මෙය ඉතා වැදගත්.

    එබැවින් මැතිවරණ කොමිසමෙන් මෙය විමසීම ශ්‍රෙෂ්ඨාධිකරණයේ පළමු යුතුකම වුණා. පාර්ලිමේන්තුවේත් මූලික යුතුකම වුණේ මැතිවරණ කොමිසමෙන් මෙම කරුණු විමසා තීරණයක් ලබා දීමයි. එය සිදු නොකිරීම නිසා තමයි විශාල ගැටලුවක් මතු වී තිබෙන්නේ. මැතිවරණය කල් දානවට මම කැමති නැහැ. සැප්තැම්බර් 21 වනදා වඩා මැතිවරණය ඉදිරියට ගෙන යාමට මම කිසිසේත් සූදානම් නැහැ. කෙසේ හෝ මෙම මැතිවරණය පැවැත්වීමට මම තීරණය කළා. ඔබ කැමති ඕනෑම අයෙකුට ඡන්දය ලබා දෙන්න. එය ගැටලුවක් නොවෙයි. ඒ අයිතිය ඔබ සතුයි.

    දැන් අධිකරණයට යන එක අපි නවත්වමු. දැන් තිබෙන්නේ විසඳුමක් සෙවීමටයි. මෙම බිම් බෝම්බය පිපිරීමට දෙනවද, එය නිශ්ක්‍රීය කරනවද කියන තීරණය අප ගත යතුයි. මෙය පිපිරෙන්න දෙන්න බැහැ. මෙය කොටස් වශයෙන් ගලවා නිශ්ක්‍රීය කළ යුතුයි. ඒ සඳහා පාර්ලිමේන්තුව සහ ශ්‍රේෂ්ඨාධිකරණය කියන දෙකම ක්‍රියා කළ යුතුයි. ඒ නිසා කථානායකතුමයි, අගවිනිසුරුතුමයි දෙදෙනාම සාකච්ඡා කර මෙම ප්‍රශ්නය විසඳන ලෙස මම කියනවා.

    මම කථානායකවරයාට උදේ කතා කළා. එතුමා කිව්වා මම නීතිපතිතුමාට ලිපියක් යොමු කරලා තිබෙනවා, අගවිනිසුරුතුමා සමඟ කතා කරන්න මම සුදානම් කියලා. මම අගවිනිසුරුතුමාටත් දැනුම් දෙන්නම් මේ පිළිබඳ සාකච්ඡා කරන්න කියලා. අපි මෙම ප්‍රශ්නය මේ සතිය තුළ විසඳාගත යුතුයි.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 04 වන වගන්තිය යටතේ රටේ ආරක්ෂාව භාර ජනාධිපතිවරයාටයි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට විරුද්ධව ශ්‍රෙෂ්ඨාධිකරණය දඩුවම් කළේ රට ආරක්ෂා කළේ නැහැ කියලා. රට ආරක්ෂා කරන්න පොලිසිය අවශ්‍යයි. බුද්ධි අංශය, විශේෂ කාර්ය බලකාය ක්‍රියාත්මක විය යුතුයි. මේවා නැති වුණොත් මොකක්ද වෙන්නේ.

    මත්ද්‍රව්‍ය මර්දනය කිරීමට නව ව්‍යාපාරයක් මේ සතියේ ආරම්භ වීමට නියමිතව තිබෙනවා. එය ආරම්භ විය යුතුයි. ඒ නිසා කථානායකවරයා සහ අගවිනිසුරුවරයා සමඟ සාකච්ඡා කර කෙසේ හෝ මේ ප්‍රශ්නය විසඳා සැප්තැම්බර් 21 දින මැතිවරණ කොමිසමට මැතිවරණය පැවැත්වීමට හැකි අන්දමින් කටයුතු කරන බව මම ප්‍රකාශ කරනවා.

  • ඉන්ධන සහ විදුලි බිල සහනය යටිමඩි ගහන ‘බේකරිවලට‘ වැඩ වරදියි

    ඉන්ධන සහ විදුලි බිල සහනය යටිමඩි ගහන ‘බේකරිවලට‘ වැඩ වරදියි

    ග්‍රෑම් 450 පාන් ගෙඩියක් රුපියල් 130ක උපරිම සිල්ලර මිලකට අලෙවි නොකළහොත් ලබන සතියේ පාන් සඳහා පාලන මිලක් පනවන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය බේකරි හිමියන්ට ඊයේ (28) අනතුරු ඇඟවීය.

    පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැටලීම් සහ විශේෂ විමර්ශන අධ්‍යක්ෂ සංජය ඉරසිංහ මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ විදුලිය සහ ඉන්ධන සඳහා සහන ලබාදී ඇති අතර එහි ප්‍රතිලාභය පාන් රුපියල් 130ට අලෙවි කිරීමෙන් පාරිභෝගිකයන් වෙත ලබාදිය යුතු බවයි.

    “මිල අඩු කිරීමට පෙර පාන් ගෙඩියක සිල්ලර මිල රුපියල් 140ක් වුණා. මිල අඩු කිරීමෙන් පසු එය රුපියල් 130ක් විය යුතුයි. නමුත් සමහර ප්‍රදේශවල පාන් රුපියල් 150ට අලෙවි කරන අතර දැන් ඒවායේ මිල රුපියල් 140ක්ව තිබෙනවා. මෙය පිළිගත නොහැකි යි. ග්‍රෑම් 450කය පාන් ගෙඩියක සිල්ලර මිල රුපියල් 130 ක් විය යුතුයි‘‘

    එම නිසා රුපියල් 130ක උපරිම සිල්ලර මිලකට පාන් අලෙවි කරන ලෙස වෙළෙඳුන්ට සහ බේකරිවලට දැනුම් දීමට අධිකාරිය තීරණය කර ඇත.

    “අපි මේ සතිය ඇතුළත මිල ගණන් පරීක්ෂා කරනවා. මිල අඩු නොකළහොත් ලබන සතිය වන විට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් බේකරි සඳහා පාලන මිලක් පනවනවා. රුපියල් 130ක පාලන මිලක් පැනවීමෙන් පසු එම අගය කඩ කරන බේකරි හිමියන්ට සහ වෙළඳුන්ට රුපියල් 100,000 ක උපරිම දඩයක් සහ මහා පරිමාණ සමාගම් හෝ බේකරි සඳහා දඩ මුදල රුපියල් 500,000ක් ගෙවීමට සිදුවිය හැකියි‘

    ඉන්ධන සහ විදුලි මිල අඩු කිරීමේ ලාභය උපරිම කර ගැනීමට උත්සාහ නොකර එහි ප්‍රතිලාභ පාරිභෝගිකයින්ට ලබා දෙන ලෙස ඔහු බේකරි හිමියන්ගෙන් සහ වෙළඳුන්ගෙන් ඉල්ලා සිටියේය. එසේ නොමැති නම්, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් විමර්ශනයක් සිදු කර නිෂ්පාදන පිරිවැය සහ ලාභ ආන්තිකය සලකා බලා මිලක් ප්‍රකාශයට පත් කරන බව ඔහු අවධාරණය කළේය.