Category: සුපිරි Politics
-

විග්නේශ්වරම්ගේ දෙමළ ජාතික සංසධය කෑලි 4කට කැඩේ
දෙමළ ජාතික සන්ධානයේ ජයග්‍රහණය වෙනුවෙන් කොක්අඩිචෝලෙයි ප්‍රදේශයේ පැවැති ජනහමුවකදීමඩකලපුව දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා ඉලංගෙයි තමිල් අරුසු පක්ෂයේ පට්ටිරප්පු කොට්ඨාස නායක පී.අරියනේන්ද්‍රන් මහතාඋතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා ගත් දෙමළ ජනතා සංසදය මේ වන විට කොටස් හතරකට කැඩී ගොස් ඇතැයි ප්‍රකාශ කර ඇත.එම ජන හමුවේදී ඔහු වැඩි දුරටත් අදහස් දක්වමින්, “උතුරු පළාතේ ඇතැම් දෙමළ නායකයින් මුලදී දෙමළ ජාතික සන්ධානය සමග සහයෝගයෙන් කටයුතු කළා. මේ වන විට ඔවුන්වෙන් වෙලා තනි තනිව මැතිවරණයට තරග කරනවා. උතුරේ පැවැති යුද්ධයෙන් පසු පැවැති සෑම මැතිවරණයක්ම ජයග්‍රහණය කර තිබෙන්නේ දෙමළ ජාතික සන්ධානයයි. උතුරේ ජනතාවගේ ගැළවුම්කරුව දෙමළ ජාතික සන්ධානය බව ජනතාව පිළිගෙන තිබෙනවා. ඒ අනුව මෙවර පළාත් පාලන මැතිවරණයෙන් ජයගන්නේද දෙමළ ජාතික සන්ධානයයි” කියා සිටියේය. -

වසර 151 ක පොලිස් ඉතිහාසයේ ප්‍රථම වරට පොලිස් තේමා ගීතය දෙමළ බසින්
මෙතෙක් කල් පොලිස් තේමා ගීතය සිංහලෙන් පමණක් ගැයුණු අතර වසර 151 ක ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ ප්‍රථම වරට පොලිස් තේමා ගීතය දෙමළ බසින් පරිවර්තනය කොට එම පරිවර්තනය නිල වශයෙන් පෙරේදා (20) වවුනියාවේදී පොලිස්පති පූජිත ජයසුන්දර මහතා වෙතට බාරදෙනු ලැබිණි.
මෙම පොලිස් ගීතයේ දමිළ නිර්මාපක කන්දප්පු ජයන්දන් මහතා එය ඇතුළත් සංයුක්ත තැටියක් ඊයේපෙරවරුවේ වවුනියාව පොලිස් සංකීර්ණ භූමියේදී පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙත මෙය පිළිගැන්වූ අතර,එදිනම මුලතිව් නව පොලිස් පරිපාලන ගොඩනැගිල්ල ඉදිකිරීම සදහා මුල්ගල තැබීමේ උත්සව අවස්ථාවේදී එය පළමු වරට වාදනය කෙරිණි.
මෙම අවස්ථාවට වන්නි දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු උතුරු පළාතේ උසස් පොලිස් නිලධාරීන් විශාල පිරිසක් සහභාගි වූහ.
-

මහින්දානන්ද කෝටි පහක් කාබාසිනියා කල කැරම් බෝඩ් නඩුව අලුත් වෙයි
අල්ලස් කොමිසම විසින් මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව පසුගිය සැප්තැම්බර් මස 08 වැනිදා ගොනු කර තිබූ පාසල් සහ ක්‍රීඩා සංගම් සඳහා බෙදාදීමට කැරම් සහ දාම්බෝඩ් දාහතරදහසක් ආනයනය කර, රජයට රුපියල් කෝටි 05කට අධික මුදලක් පාඩු කළ බවට නඩුව තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ඉල්ලා අස්කරගත් අතර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා හමුවේ එම සිද්ධියට අදාළවම අලුතින් නඩුවක් ගොනු කළේය.
මුල් නඩුවේ විත්තිකරුවෙකු ලෙස නම් කරනු ලැබ සිටි ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ගබඩා පාලකවරයකුව සිටි පහළ ගෙදර අජිත් නිශාන්ත ගුණසේකර නමැත්තා නව නඩුවේ සාක්ෂිකරුවෙකු ලෙසින් නම් කරමින් අල්ලස් කොමිසම විසින් අලුතින් නඩුව පවරන ලදී.
ඒ අනුව හිටපු අමාත්‍යවරයා රුපියල් ලක්ෂ 05ක පෞද්ගලික ඇපයක් මත මුදාහැරීමට අධිකරණය නියම කල අතර අලුතින් පත් කරන ලද නඩුවේ විත්තිකරුවන් වශයෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ කච්චිකඩුගේ නලින් රුවන්ජීව නමැත්තන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් නඩු පවරන ලදී.
සතොස හිටපු සභාපති නලින් ප්‍රනාන්දු මහතාට දුරකථනයෙන් කතා කොට තෝරාගත් පාසල් සහ ක්‍රීඩා සංගම්වලට කැරම් සහ දාම්බෝඩ් දහහතරදහසක් ආනයනය කිරීමට උපදෙස් ලබාදීම, ඒ අනුව අවස්ථා හතරකදී ඒවා ආනයනය කොට රුපියල් 53,113,975. 17ක් රජයට පාඩු කරන ලදැයි විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් නඩු පවරා තිබිණි.
වරායට ලැබුණු කැරම් සහ දාම්බෝඩ් සතොස මැකලම් ගබඩාවේ තැන්පත් කොට තිබූ අතර, එම භාණ්ඩ ක්‍රීඩා අමාත්‍යාංශයට ඉදිරිපත් නොකොට මාබිම පිහිටි පෞද්ගලික ගබඩාවක තැන්පත් කොට 2015 වර්ෂයේදී දේශපාලන කටයුතු සඳහා යොදාගත් බවද අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී ඇත.
මෙම සිද්ධියට අදාළව නඩු පවරා ඇතත්, තාක්‍ෂණික දෝෂයක් හේතුවෙන් එම නඩුව ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන්නැයි ඉල්ලා සිටි අල්ලස් කොමිසමේ නිලධාරීහු අලුතින් ගොනු කළ නඩුව කැඳවීම සඳහා දිනයක් නියම කරන්නැයි ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම පැමිණිල්ල ලබන මාර්තු මස 02 වැනිදා යළි කැඳවීමටද නියම කළේය.
-

බැඳුම්කර ජනාධිපති කොමිසම් වාර්තාවෙන් අගමැති රනිල් වරදකරුවකු වන හැටි මෙන්න (සාක්ෂි සහිතව සරල සිංහලෙන්)
හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා මුදල් ඇමතිව සිටි, අර්ජුන් මහේන්ද්‍රන් මහතා අධිපතිව සිටි සමයේ මහ බැංකුවේ සිදු වූ බැඳුම්කර කොල්ලයට තමන්ගේ කිසිම සම්බන්ධයත් නැති බවත් තමන් සුද්ධවන්තයෙක් බවත් කීමට අග්‍රාමාත්‍යවරයා දැඩි උත්සාහයක නිරතවන නමුත් එම වංචාසහගත බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති කොමිසම විසින් නිකුත් කළ වාර්තාවේ 26වන පරිච්ඡේදය පරීශීලනය කිරීමේදී, මෙම දූෂිත කොල්ලකාරී ගණුදෙනුව පිටුපස ඇති අග්‍රාමාත්‍යවරයාගේ සම්බන්ධතාවය මැනවින් හෙළිදරව් වේ.
බැඳුම්කර ජනාධිපති කොමිසම් වාර්තාව මඟින් ඉතාම පැහැදිලිව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එවක මහ බැංකු අධිපතිව සිටි අර්ජුන් මහේන්ද්‍රන් මහතාව පත්කිරීමේ සිට කුප්‍රකට මහ බැංකු බැඳුම්කර කොල්ලයන් සිදුකර ගැනීම දක්වා පෙර සැලසුම් කර, සිදුකරන ලද්දක් බවට සුපැහැදිලිව අනාවරණය වේ.
බැඳුම්කර ජනාධිපති කොමිසම් වාර්තාව මඟින් ඉතාම පැහැදිලිව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එවක මහ බැංකු අධිපතිව සිටි අර්ජුන් මහේන්ද්‍රන් මහතාව පත්කිරීමේ සිට කුප්‍රකට මහ බැංකු බැඳුම්කර කොල්ලයන් සිදුකර ගැනීම දක්වා පෙර සැලසුම් කර, සිදුකරන ලද්දක් බවට සුපැහැදිලිව අනාවරණය වේ.
මෙය බැඳුම්කර ජනාධිපති කොමිසම් වාර්තාවේ 26 වැනි පරිච්ජේදයේ පිටු අංක 848 සිට 855 දක්වා විශ්ලේෂණය කිරීමෙන් අවබෝධ කර ගත හැක.
1. මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත් කිරීම;
කොමිසමේ සොයාගැනීම්: අග්‍රාමාත්‍යවරයාගේ එකඟතාවය මත එතුමන් විසින් ජනාධිපතිවරයාට අර්ජුන මහේන්ද්‍රන් පත්කරලීමට නිර්දේශ කිරීම.
2. අර්ජුන මහේන්ද්‍රන්ගේ පුරවැසිභාවය පිළිබඳ ගැටලුව
කොමිසමේ සොයාගැනීම්: එවැනි විදේශීය පුරවැසිභාවයක් සහිත පුද්ගලයකු නිර්දේශ කරන ලද පුද්ගලයාගේ ප්‍රමුඛත්වයන්ට හෝ හොඳ නරක පිළිබඳ දැක්මට අනුව තීරණය වන්නක්.
3. මහ බැංකු අධිපතිවරයා ලන්සු තැබීමේ ක්‍රමවේදය වෙනස් කරලීම පිළිබඳ ගැටලුව
කොමිසමේ සොයාගැනීම් : අග්‍රාමාත්‍යවරයා උපදෙස් පමණක් ලබා දෙන ලදී. නමුත් මහ බැංකු අධිපතිවරයා එම ක්‍රමවේදය ඒකපාර්ශ්වීය ලෙස වෙනස් කරන ලදී.
4. අර්ජුන මහේන්ද්‍රන් සහ අර්ජුන ඇලෝසියස් අතර පවතින ඥාති සම්බන්ධය හේතුවෙන් ඇතිවන අභිලාෂයන්හි ගැටුම
කොමිසමේ සොයාගැනීම්: අග්‍රාමාත්‍යවරයා විසින් මහ බැංකු අධිපතිවරයා මත තබන ලද විශ්වාසය වැරදි වීම.
අග්‍රාමාත්‍යවරයා විසින් ඔහු මහ බැංකු අධිපතිවරයා වෙත තබන ලද විශ්වාසයේ ගෞරවය ආරක්ෂා කරනවාදැයි විමසා බැලීමට සක්‍රිය ලෙස දායක නොවීම පිළිබඳ කොමිසම කනගාටුව ප්‍රකාශ කරන ලදී.
5. පිටිපන කමිටුව පිළිබඳ ගැටලුව
කොමිසමේ සොයාගැනීම්: පිටිපන කමිටුව මෙම විෂය ක්ෂේත්‍රය පිළිබඳ ගනුදෙනු කිරීමට අවශ්‍ය තාක්ෂණික දැනුමෙන් තොරවීම. ආරම්භයේදීම අග්‍රාමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් තාක්ෂණික දැනුමින් සන්නද්ධ කමිටුවක් පත් කළ යුතුව තිබුණි.
6. අග්‍රාමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවේ දී සිදු කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන්: ‘‘මහේන්ද්‍රන් වෙන්දේසි ක්‍රියාවලියට මැදිහත්වීමක් නොවූ බව”
කොමිසමේ සොයාගැනීම්: සාක්ෂි ඊට විරුද්ධ කරුණක් ඔප්පු කර පෙන්වා තිබීම. අග්‍රාමාත්‍යතුමා විසින් මෙම ප්‍රකාශය වඩා හොඳ උපදෙස් ලබාගෙන කළ යුතුව තිබුණි. අර්ජුන මහේන්ද්‍රන් හා නියෝජ්‍ය අධිපතිවරයා වන සමරසිරි අග්‍රාමාත්‍යවරයාව නොමඟ යැවීම. මෙවැනි ප්‍රකාශයක් සිදු කර ලීමට පෙර මහ බැංකුව තුළ කුමක් සිදු වුනි දැයි ස්වාධීනව විමර්ශනය කළ යුතුව තිබුණි.
7. දූෂණ චෝදනාවක් පළමු වරට එල්ල වූවාට පසු ද අර්ජුන මහේන්ද්‍රන්ට තම ධුරයේ කටයුතු කිරීමට ඉඩ සැලසීම.
කොමිසමේ සොයාගැනීම්: මෙම කාලවකවානුව තුළ අර්ජුන මහේන්ද්‍රන්ගේ ක්‍රියාවන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට දක්ෂ, සුදුසු සහ දැනුවත්භාවයකින් යුක්ත කමිටුවක් පත් කළේ නම් තත්ත්වය මීට වෙනස් වනු ඇත. අර්ජුන මහේන්ද්‍රන් වැරදි කිසිවක් සොයා ගැනීමට නොහැකි වූයෙන් ඔහු මහ බැංකු අධිපති ධුරයෙන් ඉත් කරන තෙක් එහි සේවය කරන ලදී.
අග්‍රාමාත්‍යවරයාගේ භූමිකාව පිළිබඳ අවසන් නිර්දේශය:
අග්‍රාමාත්‍යවරයාගේ භූමිකාව පිළිබඳ නිර්දේශයක් නොමැත.මෙහි සංක්ෂිප්තය 26 වන පරිච්ඡේදයේ අග්‍රාමාත්‍යවරයාගේ භූමිකාව පිළිබඳ දීර්ඝ වශයෙන් කවරක් සාකච්ඡා වූවේදැයි ප්‍රකාශ නොකරයි.
1. විශ්ලේෂණය
අර්ජුන මහේන්ද්‍රන් ආණ්ඩුකාරවරයකු ලෙසින් සිතාමතාම තම පුද්ගලික වාසිය තකා හෝ තව පුද්ගලයෙකුගේ වාසිය තකා මහජන අරමුදල් හෝ ඔහුගේ භාරකාරත්වය යටතේ වූ අරමුදල් තම ධුරය භාවිතා කරමින් අවභාවිතයට ලක් කර ඇති බවට සාක්ෂි ඇති බව සනාථ වී ඇත.2. නිර්දේශය 17: අප කල්පනා කරන පරිදි 2015/2/27 දින පැවති බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව සිද්ධියේ දී අර්ජුන මහේන්ද්‍රන්ගේ මැදිහත් වීම එනම්, පර්පචුවල් ට්‍රෙෂරීස් සහ ටෙන්ඩර් මණ්ඩලය වෙත වෙන්දේසියේ මිලියන දහයක් පිළිගත යුතු බවට දුන් උපදෙස් හේතුවෙන් ඔහු මෙම පාඩුව සඳහා වගකිව යුතු බව අප විසින් නිශ්චය කරන ලදී.
3. නිර්දේශය 20 : 2016 මාර්තු 29 දින වූ බැඳුම්කර වෙන්දේසියේ දී නිත්‍ය භාරකරුවන් විසින් තොරතුරු ලබාගැනීම සහ භාවිතා කිරීම.
4. නිර්දේශය 21: නිත්‍ය භාරකරුවන් ඇතුළාන්තයේ තොරතුරු භාවිතා කරමින් ද්විතීය වෙළෙඳපොළෙහි වෙළෙඳාම හැසිරවීම හරහා නිත්‍ය භාරකරුවන් විශාල වශයෙන් ලාභ අත්පත් කොටගෙන ඇත.
5. නිර්දේශය 19 : ඉහත සඳහන් කරන ලද හැසිරීම් රටාවන් දූෂ්‍ය ක්‍රියාදාමයන් සඳහා හේතු සහගත වන්නේද යන වග පරීක්ෂණයකට බඳුන් කිරීමට බැඳුම්කර කොමිසමට නිර්දේශ කිරීම.
6. දූෂණයට එරෙහි වූ එක්සත් ජාතීන්ගේ සමුළුවෙහි ක්‍රියාපටිපාටීන් උල්ලංඝනය කිරීමේ නිර්වචනයට අනුව අග්‍රාමාත්‍යවරයාගේ වගකීම් කාර්යශූරව ඉටු කිරීමේ නොහැකියාව සිතාමතාම ඇති කිරීම. එනම්, මහබැංකු අධිපතිවරයාගේ ක්‍රියාපටිපාටීන් සහ නිලයෙහි බලය හෝ අනෙකුත් ශක්‍යතාවයන් පවතින නීතිවලට පරයා හැසිරවීම. එනම්, තමා වෙත හෝ තව පුද්ගල කොටසකට වාසි ලබාගැනීම පිණිස කටයුතු කිරීම.
7. කොමිසම දක්වන පරිදි අග්‍රාමාත්‍යවරයා විසින් එක් වරක් නොව අවස්ථා ද්විත්වයකදීම හිටපු මහ බැංකු අධිපතිවරයාගේ නීති විරෝධී ක්‍රියාකලාපය තම නිරීක්ෂණයෙන් බැහැර කොට ඇත.
හිටපු මහ බැංකු අධිපතිවරයා පත්කිරීම අගමැති එකඟත්වය මත සිදුවූවකි. පාර්ලිමේන්තුවේදී එක් අවස්ථාවකදී පමණක් නොව, අවස්ථා ත්‍රිත්වයකදීම අග්‍රාමාත්‍යවරයා විසින් හිටපු මහ බැංකු අධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටීම. (ප්‍රථමයෙන් ප්‍රකාශයක් නිකුත් කිරීම, කෝප් වාර්තාව 1 සහ කෝප් වාර්තාව 2) එලෙසම ගැටලුව යට ගැසීම සඳහා අනු කමිටුවක් පත් කිරීමට සිදු විය. ඒ අනුව අග්‍රාමාත්‍යවරයා විසින් හිටපු මහ බැංකු අධිපතිවරයාට සිය අශෝභන ක්‍රියාවේ නිරත වන්නට හැකි පරිදි පාර්ලිමේන්තුවත්, මහජනතාවත්, නොමඟ යැවීමට කටයුතු සිදු කොට ඇත.8. එලෙසින්ම අග්‍රාමාත්‍යවරයා විසින් ජනපති නියමය වූ හිටපු මහ බැංකු අධිපතිවරයා ධුරයෙන් ඉවත් කිරීමේ තීරණයට ද විරෝධය ප්‍රකාශ කළේය.
9. මේ අනුව විචක්ෂණ පුද්ගලයෙකුගේ මතය වනුයේ ද අග්‍රාමාත්‍යවරයා විසින් ස්වකීය නිලය සතු රාජකාරි මඟහරිමින්, තම හෝ අන්‍ය පුද්ගල ප්‍රයෝජනය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව යටත් අමාත්‍යවරයා ලෙස තම රාජකාරිය සිදු කිරීමට අපොහොසත් හෝ මඟහැරීම කර ඇති බවයි.
10. ශ්‍රී ලංකා නීතියට අනුව නෛතික වරදක් සිදු නොවී තිබුණ ද ජාත්‍යන්තර අල්ලස් හෝ දූෂණ විරෝධී සම්මුතිය යටතේ නීතිය කඩවීමක් සිදුවී ඇත.
11. එසේ නමුදු, මෙම ක්‍රියා කලාපය නිසාවෙන් අග්‍රාමාත්‍යවරයා හා මහජනතාව අතර පැවති සමාජ සම්මුතිය පලුදු වී ඇති අතරම මෙම යහපාලන සංකල්පයන් වන විනිවිදභාවය, වගකීම සහ වගවීම හා කාර්යක්ෂමතාව පලුදු කිරීමකි.
12. මේ සියල්ල හැරුණුකොට අග්‍රාමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුව නොමඟ යවා ඇත.
——————–මෙය 26 වැනි පරිච්ඡේදයේ අන්තර්ගතයි.———————-
රනිල් වික්‍රමසිංහ අගමැති සහ මහෙන්ද්‍රන් පවුල අතර ඇති දැඩි සම්බන්ධය ද, අගමැති විසින්, මහේන්ද්‍රන් එම තනතුරට පත් කිරීම ද, වැරදි පෙනි පෙනී ඔහු නිර්දෝශී බව පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කිරීම ද, දැනුමක් හෝ හැකියාවක් නැති කමිටු පත් කරමින්, කරුණු වසං කිරීමට තැත් කිරීම ද සැලකූ විට, අගමැතිතුමා, තමා නිර්දෝෂී සහ සිදු වූ ගනුදෙනුව ගැන කිසිත් නොදන්නා බව ප්‍රකාශ කිරීම අසත්‍ය බව පෙනී යයි.
—————————————————————————————————————සම්පුර්ණ “බැඳුම්කර ජනාධිපති කොමිසමේ” වාර්තාව පරිශීලනය සඳහා පිවිසීමට මේ මත ඔබන්න.
-

හොර අත්සන් ගැසූ පොහොට්ටු අපේක්ෂකයා රිමාන්ඩ්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ ජයග්‍රහණය වෙනුවෙන් පසුගිය 17 වැනි දින සවස 2.00 සිට රාත්‍රි 8.00 දක්වා වරල්ල පැලවත්ත ප්‍රදේශයේ පුද්ගලික ඉඩමක ඡන්ද ප්‍රචාරක රැස්වීමක් පැවැත්වීම සදහා ශබ්ද විකාශන බලපත්‍රය ලබා ගැනීම වෙනුවෙන් ඉඩමේ හිමිකරුගේ කැමැත්ත සදහන් කර ලිපියක් ජනවාරි මස 5 වැනිදා මොරවක පොලීසිය වෙත ඉදිරිපත් කර තිබුණු අතර නැවත පසු දිනක ඔහු මොරවක පොලීසිය වෙත පැමිණ අදාල ප්‍රචාරක රැස්වීම සමග සංගීත ප්‍රසංගයක්ද පැවැත්වීම සදහා සවස 2.00 සිට රාත්‍රි 10.00 වන තෙක් අවසරය ඉල්ලා තිබේ. සංගීත ප්‍රසංගයක් පැවැත්වීම සදහා ඉඩමේ හිමිකරුගෙන් අවසර ලිපියක් රැගෙන එන ලෙසට පොලීසිය දැනුම් දී තිබෙන අතර පසුගිය 12 වැනිදා ඔහු එම ලිපියද ඉදිරිපත් කර ඇති නමුත් අදාල ලිපි දෙකේ අත්සන් එකිනෙකට වෙනස් වීම හේතුවෙන් ඒ පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට මාතර කොට්ඨාස වංචා විමර්ශන ඒකකයට බාර කෙරිණි.
ඒ අනුව සිදු කළ විමර්ශනයේ දී ශබ්ද විකාශන බලපත්‍රය ලබා ගැනීම සදහා මොරවක පොලීසිය වෙත ලබා දුන් දෙවැනි ලිපියේ ඉඩමේ හිමිකරු ලෙස සැකකාර අපේක්ෂකයාම අත්සන යොදා ඇති බව හෙළිවී ඇති අතර ඉඩමේ හිමිකරු ද එය තම අත්සන නොවන බවට පොලීසිය වෙත ප්‍රකාශයක් ලබා දී තිබේ.
ඒ අනුව අත්සන හොරට යොදා කූට ලේඛනයක් සාදා එය සැබෑ ලේඛනයක් ලෙස ඉදිරිපත් කිරිමේ වරදට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් කොටපොළ ප්‍රාදේශීය සභාවට තරග කරන අපේක්ෂකයකු වන ඉන්දික කුමාර විජේසිංහ හෙට (22) දක්වා රිමාන්ඩ් කරන ලෙස මොරවක වැඩබලන මහේස්ත්‍රාත් අජිත් අබේසේකර මහතා නියෝග කළේය.
-

දනගැසූ විදුහල්පතිණිය මානසික වෛද්‍ය වරයෙක් වෙත ඉදිරිපත් කෙරේ…. බදුල්ල පොලීසියේ මහා කලබලයක්
පසුගිය දිනකදී ඌව මහ ඇමැති චාමර සම්පත් දසනායක මහතා විසින් ඔහුගේ නිවසට ගෙන්වා දණ ගැස්වූ බව කියන බදුල්ල ප්‍රදේශයේ දෙමළ විදුහලක විදුහල්පතිනියව අදාල සිද්ධිය සම්බන්ධයෙන් කටඋත්තර ලබාගැනීමට අදාළ විදුහල්පතිනිය බදුල්ල පොලිසියට කැඳවා ඇති අතර එහිදී ඇයට මානසික රෝගී තත්ත්වයක් ඇතැයි පවසමින් පොලිසිය ඇය මානසික වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කිරීමට උත්සාහ කිරීමේදී විදුහල්පතිනිය ඊට විරෝධය පෑම නිසා පොලිස් ස්ථානයේ මහා කලබලයක් හටගෙන ඇත.
-

ඌව මහ ඇමති චාමර, අධ්‍යාපන අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වෙයි
තමාට එල්ල වී ඇති බදුල්ල දෙමල මහා විද්‍යාලයේ විදුහල්පතිනිය තම නිල නිවසට කැදවා දණ ගැස්වූවා යයි කියන චෝදනාව සම්බන්දයෙන් සිදු කරන පරීක්‍ෂණය සඳහා සහයෝගය දැක්වීමක් ලෙස එම පරීක්‍ෂණය අවසන් වන තෙක් තමන් ඌව පළාතේ අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව ඌව පළාත් මහ ඇමති චාමර සම්පත් දසනායක මහතා ප්‍රකශ කර ඇත.
-

විදුහල්පතිණිය දණගැස්සූ මහඇමතිට වැඩ වරදින ලකුණු
නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ(20) පැවති මාධ්‍ය හමුවේදී පක්ෂයේ ජාතික සංවිධායකවරයා වන විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා කියා සිටියේ ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් මහතාගේ එම ක්‍රියාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් තරයේ හෙළා දකින බවත් චෝදනා එල්ලවෙන ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා සම්බන්ධයෙන් පක්ෂය පරීක්ෂණයක්ද සිදුකරන බව බවත්ය.
-

පොහොට්ටුවේ තවත් පෙති දෙකක් ගැලවී මෛත්‍රීගේ අතට
මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා මහරගම නගර සභාවට පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් වූ අපේක්ෂක මංජුල ජයශාන්ත පෙරේරා සහ අපේක්ෂිකා හීනටිගල මාදින්නාගේ රසිකා මහත්මිය ඊයේ (20) පෙරවරුවේ ජනාධිපතිවරයා හමුවී වංචාව, දූෂණය පිටුදකිමින් පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් සහ යහපත් රටක් ගොඩනැගීමට ජනාධිපති ගෙනයන වැඩපිළිවෙළට සිය උපරිම සහය ලබාදෙන බවත් ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී කටයුතු කරන බවත් සඳහන් කරමින් ජනපති සමඟ එක්වූ බව බව ජනපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
මෙම අවස්ථාවට බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවපි්‍රය මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටි අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මහරගම නගර සභාවට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්ගේ ඉදිරි වැඩපිළිවෙළ ඇතුළත් මැතිවරණ ප්‍රකාශය ද බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා විසින් මෙහිදී ජනාධිපති වෙත පිළිගැන්වීය.
-

ඇත්තටම මට හරිම දුකයි අපේ හිටපු ජනාධිපති මහින්ද මහත්තය ගැන… එස්බී ගෙන් හැඟුම්බර ප්‍රකාශයක් (Video)

මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හඟුරන්කෙත පැවති රැස්වීමට 500ක් වත් සෙනග නොසිටි බවත් ඉන් දැඩි සේ අපහසුතාවයට පත් මහින්ද රාජපක්ෂ මහතාට පැය දෙකක් මාදන්වල පංසලට වෙලා ඉඳල විනාඩි 5ක් රැස්වීම අමතල යන්න වුනු එකට තමාට ඉතා දැඩි දුකක් ඇතිවූ බව එස් බී දිසානායක මහතා ජන රැළියක් අමතමින් ඉතාමත් හැඟුම්බරව ප්‍රකාශ කර ඇත.එම වීඩියෝව පහතින්,
https://www.facebook.com/supirigossip1/videos/1564597286909205/
-

වසර 13 කට පසු සිංගප්පූරු රාජ්‍ය නායකයෙක් ලංකාවට
සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සෙයින් ලූන් මහතා 22 දා දිවයිනට ළගාවීමට නියමිත ඔහු 23දා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට නියමිතය. ජනපතිවරයාගේ ආරාධානාවක් මත අගමැතිවරයා ශ්‍රී ලංකාවේ නිල සංචාරයට එක්වෙන අතර ජනපතිවරයා හා පැවැත්වෙන සාකච්ඡාවලදී සිංගප්පූරුව හා ශ්‍රී ලංකාව අතර නිදහස් වෙළඳ ගිවිසුමක් අත්ස් කිරීමට නියමිතය.
ඉන් අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා අතර ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වෙයි. ඔහු නැවතත් 24 දා දිවයිනෙන් නික්ම යෑමට නියමිතියි.
මොසේ සිංගප්පූරු රාජ්‍ය නායකයෙක් ලංකාවට පැමිණෙන්නේ වසර 13කට පුසුව වීම විශේෂත්වයකි.
-

දූෂණ වංචා නඩු මාස 6ක් ඇතුලත අවසන් කරනවා
ඊයේ (19දා) එක්සත් ජාතික පක්‍ෂ මැතිවරණ ප්‍රචාරක රැළියක් අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ පවසන ලදී….
“බොහෝ දෙනා අපෙන් විමසන්නේ හොරුන්ට දඬුවම් කරන්නේ කවද්ද? හොරුන් අල්ලන්නේ කවද්ද? යන ප්‍රශ්නයයි. හොරුන් ඇල්ලීම එක් කාරණයක්. දඬුවම් කිරීම තවත් කාරණයක්. නඩු ගොනු කළත් එම නඩු විභාගයේදී තවත් මාස 3 ක් 4 ක් ඉදිරියට නඩු කල් යෑම දැන් සාමාන්‍ය දෙයක් බවට පත්වී තිබෙනවා. ඇතැම් විට එම නඩු මාස 6 කට අවුරුද්දක පමණ කල් යනවා. මේ ආකාරයට නඩුවක අවසාන තීන්දුව දීමට අඩුම වශයෙන් තවත් වසර 5 ක් පමණ ගත වෙනවා. අභියාචනාධිකරණයට ගිය පසු තවත් වසර 2 ක් පමණ ගත වෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයටත් ඉදිරිපත්වීමට සිදුවෙනවා.
නඩු විභාග කිරීමට වසර 5ක් ගත වෙනවා නම් සාක්ෂිකරුවන්ට සාක්‍ෂිත් අමතක වීමට පුළුවන්. එවගේම එම නඩු සම්බන්ධයෙන් රාජකාරී කටයුතු කරන පොලිස් නිලධාරීන් විශ්‍රාම ගන්නවා. අවසානයේ එම නඩුවලට තීන්දුවක් ලබාදීමට නොහැකි තත්ත්වක් ඇති වෙනවා.
ගොනු කරන නඩු සඳහා ඉක්මන් තීන්දුවක් ලබාදෙන්නේ නැත්නම් ඒ සඳහා වසර 5 ක් පමණ ගතවෙනවා නම් නඩු ගොනු කිරීමේ පලක් නැතැයි පොලිස් නිලධාරීන් අපට පැවසුවා. එම නඩුවලට අදාල සාක්‍ෂිකරුවන් මියයාමටත් ඉඩ තිබෙනවා. ඇතැමුන් ගම් බිම් හැර දමා යාමට ඉඩ හැකියි. එම නඩු සඳහා වගකීමක් ගත නොහැකියි. නඩු වහාම විභාගයට ගත යුතුයි. නැතිනම් නඩු විභාග නොකර සිටිය යුතුයි.
මේ සම්බන්ධයෙන් තලතා අතුකෝරල මැතිනිය සමඟ අප සාකච්ඡා කළා. එතුමිය සමඟ සාකච්ඡා කරමින් අප නව නීතියක් සකස් කළා. එම නීතියට අනුව නීතිපතිතුමාට සෘජුවම මහාධිකරණයට නඩුව යොමු කිරීමේ හැකියාව තිබෙනවා. එම නඩුව විභාග කරන්නේ එක් විනිශ්චයකරුවෙක් නෙවෙයි. ඒ සඳහා විනිශ්චයකරුවන් තිදෙනකු සිටිනවා. ඔවුන් තිදෙනා දිනෙන් දින නඩු විභාගයට ගත යුතුයි. මේ ආකාරයට කටයුතු කරනවා නම් මාස 3 ක් හෝ 6 ක් ලෙස නඩු කල්දැමිය නොහැකියි. මේ ක්‍රමයට අනුව මාස 6 ක් යාමට පෙර නඩු විභාග කර අවසන් තීන්දුවක් ලබාදීමට ඉදිරියේදී හැකියාව ලැබෙන බව මම කියන්න කැමතියි. මේ ක්‍රමය යටතේ අභියාචනාධිකරණ දෙකක් හරහා කටයුතු කරන්නට ලැබෙන්නේ නැහැ. නඩුව සෘජුවම යොමු කෙරෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයටයි. අඩුම වශයෙන් අවුරුද්දක් හෝ 2 ක් ගත වුවත් නඩුව ඉක්මනින් අවසන් විය යුතුයි.
නඩු විභාග සඳහා තීන්දුවක් ලැබෙන තුරු වසර 10 ක් පමණ බලා සිටීමට දැන් අවශ්‍ය වන්නේ නැහැ. දූෂිතයන් අල්ලාගැනීම පමණක් නොව ඔවුන්ට නඩු දැමීමෙන් පසුව ඉක්මනින්ම දඬුවම් දීමේ හැකියාවත් මේ අනුව ලැබෙනවා. ඉක්මනින් දූෂිතයින්ට දඬුවම් දීම සඳහා මෙතෙක් කල් තිබූ බාධකය තලතා අතුකෝරල ඇමතිතුමිය මේ ආකාරයට ඉවත් කළ බව පැවසිය යුතුයි.
හොරු ඇල්ලීම සහ නඩු පැවරීම සම්බන්ධයෙන් තවත් බාධක ගණනාවක් තිබෙනවා. නඩු භාන්ඩ වැඩිවන විට නඩු සංඛ්‍යාවත් වැඩි වෙනවා. මේ සඳහා වෙනම ඒකකයක් ඇති කළ යුතු බවට අජිත් පෙරේරා නියෝජ්‍ය අමාත්‍යතුමා යෝජනා කළා. තලතා අතුකෝරල අමාත්‍යතුමිය නීතිපතිතුමා සමඟ ඒ පිළිබඳව සාකච්ඡා කරමින් දැන් වෙනම ඒකකයක් පිහිටුවා තිබෙනවා. එම නීතිඥ කණ්ඩායම් හරහා නඩු ඉක්මනින් ඉවර කිරීමේ හැකියාව අපට ලැබෙනවා.”
-

අලුත් පක්ෂයක් හදාගෙන ආපහු හැරෙමු කියන්නේ ඒගොල්ලන්ට විරුද්දව දාන නඩු අයින් කර ගන්නයි
වැල්ලවායේදී පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන මැතිවරණ ප‍්‍රචාරක ජන රැළියක් අමතමින් මහ බැංකු බැදුම්කරවල බරපතලම වංචා දුෂණ සිදු වී ඇත්තේ 2008 අවුරුද්දේ සිට බව මහ බැංකු බැදුම්කර කොමිෂන් සභා වාර්තාවේ පැහැදිලිිවම ඇති බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කලේය.
ශ‍්‍රිලනිපයට විරුද්දව වෙනත් පක්‍ෂයක් හදාගෙන 2015ට කලින් සිටි තත්වයට ආපසු යමු යයි කියන්නේ මන්දැයි ජනාධිපතිවරයා එහිදී මෙසේ පැහැදිලි කලේය.”ආපසු හැරුණොත් බැංකු මංකොල්ලයේ වැරදිකාරයන්ට දඬුවම් දීල ඉවරයි. ආපහු හැරුනොත් හොරු අල්ලල ඉවරයි. ඒගොල්ලන්ට විරුද්දව දාන නඩු අයින් කර ගන්නයි ආපහු හැරෙමු කියල “
-

බැඳුම්කර වාර්තාවෙන් එ.ජා.ප යේ කිසිම මන්ත්‍රීවරයෙකුට ගැටලුවක් නෑ
ජනාධිපති කොමසම මගින් ලබාදුන් බැඳුම්කර වාර්තාවෙන් එ.ජා.ප යේ කිසිම මන්ත්‍රීවරයෙකුට ගැටලුවක් නොමැති බව හෙළි වී ඇතැයි හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා අද (19දා) අගරදගුරු මැල්කම් රංජිත් හිමියන් හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.
එහිදී “යම් අය වෙවුලන්න පටන් අරගෙන තිබෙනවා. චරිත ඝාතනය කළා කියලා එක්සත් ජාතික පක්ෂය විනාශ වෙන්නේ නෑ. සියලු දෙවිවරු අපිව ආරක්ෂා කරනවා. මෙහයුම රට සුද්ධ කිරීමටද? විධායකය අහෝසි කිරීමටද?” යනුවෙන් ඔහු විසින් වැඩි දුරටත් කියා සිටියේය.
-

ගම්මන්පිලට එරෙහිව ඇති වංචා නඩුවට සාක්ෂි කරුවන් 20ක් හා ලේඛන 14 ක්
පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිලට එරෙහිව පවරා ඇති ඕස්ට්‍රේලියානු ජාතික බ්‍රයන් ෂැඩික් නම් ව්‍යාපාරිකයෙකුට අයත් සමාගම් කොටස් ව්‍යාජ ලෙස සකස් කරන ලද ඇටෝර්නි බලපත්‍රයක් භාවිත කර විකුණා රුපියල් මිලියන 20ක මුදලක් වංචා කරන ලදැයි මූල්‍ය වංචා නඩුවට අදාළව සාක්ෂිකරුවන් 20 දෙනකු ඉදිරිපත් කරන බව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබේ.
බ්‍රයන් රොස් ෂැඩික් මහතා හා ජැනට් එලිසබෙත් ෂැඩික් මහත්මිය ඩිජිටල් නොමිනීස් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරුන් ලෙස සේවය කළ වකවානුවේ අත්සන් නොකළ බව දනිමින්ම හා ඔවුන් අත්සන් කළ බවට විශ්වාස කිරීමට කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව, ව්‍යාජ ලෙස සකස් කළ ඇටෝර්නි බලපත්‍රයක්, ප්‍රසිද්ධ ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා හට සත්‍ය ලේඛනයක් ලෙස ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා එක් නඩුවක් පවරා තිබූ අතර, වර්ෂ 2000 ජූලි මස 27 දින හෝ ඊට ආසන්න දිනයකදී, ඩිජිටල් නොමිනීස් සමාගම විසින් මිලදීගෙන තිබූ කොළඹ පෑන් ඒෂියා බැංකුව විසින් නිකුත් කරන ලද ව්‍යාපාර කොටස් ප්‍රසිද්ධ ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාට විකිණීමෙන් රුපියල් මිලියන 20ක මුදලක් වංචා කරන ලදැයි ද තවත් නඩුවක් නීතිපතිවරයා විසින් පවරා තිබුණු අතර මෙම නඩුව සනාථ කිරීමට සාක්ෂිකරුවන් 20ක් සහ ලේඛනයන් 14ක් ඉදිරිපත් කරන බව ද නීතිපති විසින් අධිකරණයට දැනුම් දී ඇත.
-

ගම්මන්පිළත්, විමල්ගේ පන්තියේ.. ගණන් බැහැ; මෙන්න බැඳුම්කරේ පිටු 1257 ම
පිවිතුරු හෙළ උරුමය නැමැති සංවිධානයක් නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ මහතා ඊයේ (18) යළිත් සුපුරුදු පරිදි අඥාන, සිඟිති කථාවක් සිදු කොට ඇන ගෙන ඇත. ඒ බැඳුම්කර ජනාධිපති කොමිසමේ වාර්තාවේ පිටු ගණන අඩු බව පවසමින් සිදු කළ බොරුව හෙළිදරව් වීමත් සමඟය.
බැඳුම්කර වාර්තාවේ පිටු 1257 ඇති බව ජනාධිපතිවරයා පැවසුව ද මේ වන විට ඇත්තේ පිටු 1154 ක් බවත් එහි පිටු 103 ක් අතුරුදන් වී ඇති බව ඊයේ(18) ගම්මන්පිළ මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසීය.
නමුත් මෙය සම්පූර්ණ අසත්‍යයක් බව මේ වන විට අනාවරණය වී තිබේ.
පරිච්ඡේද 34 කින් සමන්විත බැඳුම්කර ජනාධිපති කොමිසම් වාර්තාවේ පළමු කොටස පිටු 946 කින් යුක්ත වන අතර එහි උපග්‍රන්ථය පිටු 206 කින් සමන්විත වේ. එසේම ඇමුණුම පිටු 105 කි. ඒ අනුව මුළු බැඳුම්කර වාර්තාවේ මුළු පිටු ප්‍රමාණයේ එකතුව පිටු 1257 කි. ජනාධිපතිවරයා පසුගියදා බැඳුම්කර ජනාධිපති කොමිසමේ වාර්තාව ජනගත කරමින් මෙහි පිටු 1257 ක් ලෙස සඳහන් කරන ලද්දේ මෙම මුළු පිටු ප්‍රමාණයේම සංඛ්‍යාත්මක අගයවේ.
මෙහි හාස්‍යජනක කරුණ නම් උදය ගම්මන්පිළ උගත් නීතිඥ මහතෙකු ලෙස සමාජය ඉදිරියේ පෙනී සිටියද, ඔහු තම විෂය ගෝචර පොතක් හෝ වාර්තාවක් පරිශීලනයට නොදන්නා විමල්ගේ පන්තියේම තවකෙකු බවට මුළු මහත් රටක් ඉදිරියේ අනාවරණය කිරීමයි.
ගම්මන්පිළලා වැනි සුද්දන් පවා සුද්ද කළ හොරුන් මෙතෙක් බැඳුම්කර ජනාධිපති කොමිසමේ පිටු ගණන ගනන් කරමින් කවට කතා කියමින් ජනතාව මුලා කළද එහි අන්තර් ගත බැංකු කොල්ලය පිළිබඳ කිසිඳු කරුණක් මෙතෙක් ජනතාවට පවසා නැත. මෙය ප.ප.වි.ජ.කු.පා.ම. මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහුගේම ඉත්තෙකු වන උදය ගම්මන්පිළලා එක්සත් ජාතික පක්ෂයේ බළල් අත් ලෙස ක්‍රියාකරන බවට කදිම උදාහරණයකි.
[googlepdf url=”http://supirigossip.com/wp-content/uploads/2018/01/table-of-contents-1.pdf” width=”100%” height=”600″]
[googlepdf url=”http://s.readsrilanka.com/wp-content/uploads/2018/01/table-of-contents-2.pdf” width=”100%” height=”600″]
ඇමුණුම සහිත සම්පුර්ණ “බැඳුම්කර ජනාධිපති කොමිසමේ” වාර්තාව පරිශීලනය සඳහා පිවිසීමට මේ මත ඔබන්න.