Category: සුපිරි Politics

  • මානසික රෝගයකින් පීඩා විදින මහින්ද රගපාන කෙටි චිත්‍රපට මාලාවක් තොරතුරු එලියට (VIDEO)

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අපූරු කෙටි චිත්‍රපට රඟ දක්වන බව පුරවැසි සංවිධාන එකමුතුව පවසනවා.

    එහි කැඳවුම්කරු සමීර පෙරේරා කියා සිටියේ එවැනි කෙටි චිත්‍රපටයක් හිටපු ජනාධිපතිවරයා විසින් පසුගියදා පාර්ලිමේන්තුව අසල දී රඟ දැක්වූ බවයි.

    කොළඹ දී ඊයේ පැවති මාධ්‍ය හමුවක දී ඔහු මෙම අදහස් පල කළා.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ එදා යුද පිටියේ තුවක්කු රැගෙන ආ කරුණා අම්මාන් සහ පිල්ලෙයාන් අද දේශප්‍රේමින් වී ඇති අතර රටේ ජනතාව දේශද්‍රෝහින් වී ඇති බවයි.

    [rns_reactions]
  • අර්ජුන් ඇලෝෂියස්ව මම දන්නෙත් නෑ. කතා කළෙත් නෑ.. මම බබා..අජිත් පී පෙරෙරා බුකියට කියයි

    මහා බැංකු මූල්‍ය වංචාව පිළිබදව පරීක්ෂණ සිදු කරන බැඳුම්කර කොමිසම ඊයේ දිනට (16) රැස්වූ අවස්තාවේ හෙළිදරවූ වූ කරුණු කිහිපයක් කතාබහට ලක්ව තිබෙනවා. එනම් ආන්දෝලනාත්මක පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් සමග , දූෂණ වංචා පිළිබද පරීක්ෂණ කිරීමට පිහිටුවා ඇති පාර්ලීමේන්තු කෝප් කමිටුවේ සාමාජිකයින් පස් දෙනෙකුම දුරකතන සංවාද පවත්වා තිබෙන බවයි.

    කෝප් කමිටු සමාජිකයන් වන අමාත්‍ය දයාසිරි ජයසේකර, රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ, නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මෙන්ම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන හෙක්ටර් අප්පුහාමි සහ හර්ෂණ රාජකරුණා වන පාර්ලීමේන්තු මන්ත්‍රීවරුන් පස් දෙනා මෙලෙසට අර්ජුන් ඇලෝෂියස් සමග දුරකතන සංවාද පවත්වා තිබුනා.

    ඔවුන් සහ ඇලෝසියස් අතර මෙම දුරකථන සංවාද ඇති වී තිබුණේ මතභේදාත්මක බැඳුම්කර ගනුදෙනුව පිලිබඳ විමර්ශනය කරන සමයේ බවද බැදුම්කර කොමිසමේදී හෙළිදරවු වී තිබුනා.

    කෝප් කමිටුව විසින් බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ විමර්ශන කරන අතරතුර අර්ජුන් ඇලෝසියස් සහ අමාත්‍ය දයාසිරි ජයසේකර අතර ඇති වී තිබෙන දුරකතන සංචාද ගණන දෙකක්. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හෙක්ටර් අප්පුහාමි සහ අර්ජුන් ඇලෝසියස් දුරකතනයෙන් සම්බන්ධ වී ඇති අවස්ථා ගණන 23ක්.

    රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ හා අර්ජුන් ඇලෝසියස් අතර සිදුව ඇතැයි කියන දුරකතන සංවාද ගණන 62ක්. නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා හා අර්ජුන් ඇලෝසියස් අවස්ථා 02ක දී දුරකතනයෙන් සම්බන්ධ වී තිබෙනවා. තවත් කෝප් කමිටු සාමාජිකයෙකු වන එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂණ රාජකරුණා අර්ජුන් ඇලෝසියස් සමග අවස්ථා 23ක දී දුරකතනයෙන් සම්බන්ධ වී ඇති බවයි අදාළ වාර්තාවෙන් ප‍්‍රකාශ කෙරුණේ.

    කෙසේ වෙතත් බැඳුම්කර කොමිසමට , දුරකථන සන්නිවේදන සමාගම් හරහා තොරතුරු ලබාගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම වාර්තාව ඉදිරිපත් කිරීමෙන් පසු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරෙරා සිය ෆේස්බුක් ගිණුමේ අපූරු සටහනක් තබා තිබෙනවා.

    එනම් ” අර්ජුන ඇලෝසියස් මා කිසිසේත්ම නොහදුනන තැනත්තෙකි.කිසිදිනෙක හමුවි නැත . කතා කර නැත. කොමිසමෙහි සාක්ෂි විස්තර ලබුනපසු වැඩිදුර පිලිතුරැ⁣” ලෙසය.

    නියෝජ්‍ය අමාත්‍යවරයා මේ පිළිබදව තැබු සටහන පහතින්,

     

    [rns_reactions]

  • ඡන්දය කල්දාන්නෙ පොහොට්ටුවයි… ෆොන්සේකා ආයෙත් නා ගනී (Video)

    ඡන්දෙ පහුවෙන්න පහු වෙන්න අවාසි වෙන්නේ යූ ඇන් පි යට බවත් එසේ ඡන්දය පහුකරන්නට පොහොට්ටුව උත්සාහ කරන බවත් ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා කැලණිය පිලපිටිය ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් පවසන ලදී…

    එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.

    “මැතිවරණ සම්බන්ධයෙන් පෙත්සම ඉදිරිපත් කරලා තියෙන්නේ අර පොහොට්ටුවේ කට්ටියනේ.දැන් ඒගොල්ලෝ තමයි රජයට දෝශාරෝපණය කර කර හිටියේ මැතිවරණය කල් දානවා අරවා මේවා කිය කිය.දැන් තියන්න ඔක්කොම ලෑස්තිවෙලා තියෙනකොට පේනවනේ කවුද බය වෙලා තියෙන්නේ කියලා. බය වෙච්ච අය තමයි මේ වෙලාවේ පෙත්සම් ගහන්නේ.ජනාධිපතිතුමා පොරොන්දුවක් දීලා තියෙනවා මේ මැතිවරණය මේ කාලේ ඇතුලෙදි පවත්වනවා කියලා. ඒක කල්දාන්න කිසිම හේතුවක් නෑ කියන එක එතුමා පිිලිඅරන් තියෙනවා. මුලු රජයම එක ස්ථාවරයක ඉන්නවා. අපිට පාඩුයි. අපි අපි කැමති නෑ. මේක කල් දාන්න.ඔක්කොම තියන්න තිබ්බෙ 2015 ජනවාරි 8 දිනපුවාම එක දිගට මැතිවරණ ටික තියන්න තිබ්බේ.මේවා කල් යන්න යන්න රජයටයි පාඩු.පහුවෙන්න පහුවෙන්න අපිට අවාසියි.මොකද අපේ තියෙන ජයග්‍රාහී මානසිකත්වය මේ රටේ ජනතාවට හිටපු ගමන් අමතක වෙලා යනවා.ඉතිහාසය අමතක වෙනවා. එහෙම ගතියක් තියෙනවානේ.”

     

  • චීවරධා‍රී මැදගොඩ අභයතිස්සට තමන්ව මෙලොවට වැදු අම්මාට වඩා පරාජිත මහින්ද ලොකුවෙයි..(Exclusive)

     නොවැම්බර් මස 18වැනි දිනට යෙදෙන මහින්ද රාජපක්ෂගේ 73 වන ජන්ම දිනය සිහිපත් කරමින් ආශිර්වාද පතා පැපිලියාන සුනේත්‍රාදේවි පිරිවෙනේදී බෝධිපූජා පිංකමක් පැවැත්වුනු අතර මෙහි විශේෂත්වය වන්නේ මෙය සංවිධානය කළ මැදගොඩ අභයතිස්ස චීවරධාරියගේ මෑණියන් මෙම බෝධිපුජාව ආරම්භ කිරිමට සුළු මොහොතකට පෙර මෙලොව හැර යාමය.

    පසුගියදා ජනපති මෛත්‍රි හමුවීමෙන් පළුදු වු හිත හදන්නට දායක සභාවේ විරෝධතාවයද නොතකා සංවිධානය කල මේ බෝධි පුජාව ඇරඹනවාත් සමග සිදුවු මේ සිදුවීම පැවසීමට පැමිණි සාමණේර නමකට මැදගොඩ අභයතිස්ස නම් වු චීවරධාරීයා පවසා ඇත්තේ මෙවැන්නකි…

    අම්මා නෙමෙයි මොකා මලත් මම මේක නවත්තන්නේ නෑ… ඔයා ඒක බලාගන්න. මම මේක ඉවරවෙලා එන්නම්.

    එම අවස්ථාවේ කැමරා කාචයේ සටහන් වු විශේෂ අවස්ථා මෙසේය..

    සාමණේර නම එම සිදුවීම පැවසු මොහොත….

    [rns_reactions]

  • මංගල බියර් අඩු කලේ සමලිංගකයින් පිනවන්නද ?

    ලංකාව තුල සමලිංගික විවාහ නීතිගත කිරීම සඳහා විශාල උත්සාහයක් මේ වන විට පවතින බව නොරහසකි.ඒ සඳහා දේශිය මැති ඇමැති වරු රාශියක් උත්සාහ කරනු පසුගිය දින වල පෙනෙන්නට තිබූ අතර මංගල සමරවීර ඇමති වරයා එහි මූලිකත්වය ගෙන කටයුතු කරන ලදී…

    පෙර ආණ්ඩු සමයවල් ලංකාව තුල වල සමලිංගක සේවනය ඉතා හොර රහසේ සිදු වූ අතර දැන් වන විට එය නොයෙක් සමලිංගික සමාජයන් නිර්මාණය කරගෙන ලංකාව පුරා පැතිර යන වෛරසයකි.මේ වන විට වෙනම සමලිංගික සාද , අවුරුදු උත්සව , අවුරුදු කුමාරි හා Miss Sri lanka(LGBT) තෝරන තරම් පැතිර ඇත.ඔවුන් සුපිරි හෝටල් වල මෙම සාද පවත්වන අතර අපේ පාර්ලිමේන්තුවේ මෛත්‍රී වරුන් පිරිසක්ද මෙම සාද වලට හොර රහසේම සහභාගී වන බවට ආරංචි ලැබී ඇත.

    හොර රහසේ සුපිරි හෝටල් වල පවත්වන මෙම සාද වලට අරක්කු විස්කි බ්‍රැන්ඩි ජින් ඇතිපදම් සපයන අතර වැඩි වශයෙන්ම මෙම සමලිංගිකයින් බීමට කැමැත්තක් දක්වන්නේ බියර්ය… එබැවින් මෙම සංමලිංගික සමාජයන් පවත්වාගෙන යන්නඋන් හට ඔවුන්ට NGO වලින් ලැබෙන මුදලෙන් වැඩි කොටසක් බියර් සඳහා වැයවේ…

    සමලිංගික පනත මෙරට ස්ථාපිත කිරීමට වැඩි පුරම වලි කන ඇමති මංගල විදේශ හා මුදල් ඇමති වීම ඔවුනට මහත් ඵල මහත් ආනිසන්ස ගෙනදෙන්නක් බව මෙවර අයවැයෙන් බියර් අසීමාන්තිකවම අඩුවීමෙන් සක්සුදක් සේ පැහැදිලිය….

     

     

  • අපේ සමහර දරුවන් හිතනවා ජීවිතේ තියෙන්නේ ජංගම දුරකතනය ඇතුළේ කියලා – ජනපති මෛත්‍රි

    අද සමහර දරුවන් සිතනවා තමාගේ ජීවිතය තියෙන්නේ ජංගම දුරකතනය ඇතුළේ කියලා. තමන්ගේ ජීවිතය තියෙන්නේ ජංගම දුරකතනය ඇතුළේ කියා සිතන සමහර දරුවන් තමන්ගේ අම්මට තාත්තට වඩා ජංගම දුරකතනයට ආදරේ කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මහනුවර දී පැවැසීය.
    මහනුවර පුෂ්පදාන විදුහලේ ත්‍යාග ප්‍රදානෝත්සවයට සහභාගි වෙමින් ජනාධිපතිවරයා මෙසේද සඳහන් කළේය.

    මසකට අවම වශයෙන් පාසල් 4කවත් උත්සවවලට මම සහභාගි වෙනවා. මගේ දිනපොත අනුව මම වැඩි දින ගණනක් සහ කාලයක් වෙන් කරගෙන තියෙන්නේ පාසල් සඳහායි. පාසල්වල උත්සවවලට යන්න මගේ විශේෂ කැමැත්තක් තිබෙනවා. එහිදී දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නඟාසිටුවීම සඳහා රජයක් ලෙස කරන මෙහෙවර කොතෙක් දුරට සාර්ථකද, අඩුපාඩුකම් මොනවාද, ඒවා නිවැරැදි කර ගැනීමට ඇති යෝජනා මොනවාද යන්න පිළිබඳව මට සොයා බැලීමට හැකි වෙනවා. පාසල්වල අප දකින යහපත් පැත්ත මෙන්ම දුෂ්කරතාවන් පිළිබඳවත් ඒ මඟින් මට දැගන්න හැකියාව ලැබෙනවා.

    මම දැන් දින කිහිපයකට පෙර කොළඹ අලුත් නිවාස යෝජනා ක්‍රමයක් විවෘත කරන්න ගියා. එහි නිවාස 450ක් පමණ තිබුණා. ඒ නිවාස හිමි වුණේ කොළඹ දුගී පැල්පත්වල වෙසෙන ජනතාවටයි. මම එහි මවුපියන් සමඟ මෙන්ම දරුවන් සමඟත් කතා කළා. මම එහි සිටි දරුවන්ගෙන් හා මවුපියන්ගෙන් විමසා සිටියා මේ දරුවන් පාසල් යන්නේ නැත්තේ ඇයි කියලා. පසුව උත්සව සභාවට පැමිණි නිලධාරීන් කීවා මේ ළමයින්ට පමණක් නොව පාසලක් නැති ළමයි බොහෝමයක් කොළඹ ඉන්නවා කියලා. කොළඹ නගරයේ ජනප්‍රිය පාසල් සඳහා කීර්තියක් තිබෙනවා. දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජීවත්වන වැඩිම ලකුණු ගන්නා දරුවන් කොළඹ පාසල්වලට ඇතුළත් වෙනවා. නමුත් කොළඹ ප්‍රදේශයේ පාසලක් නැති දරුවන් දහස් ගණනක් සිටිනවා. කොළඹ පාසල්වල අධ්‍යාපනය ලබන දරුවන්ගෙන් 60%ක් කොළඹ ප්‍රදේශයේ ජීවත් වන දරුවන් නෙවෙයි. අධ්‍යාපනය සඳහා පවතින තරගකාරීත්වය තුළ ඇතිවී ඇති මේ අවාසනාවන්ත තත්ත්වය මගේ ජීවිතයේ වසර 50ක දේශපාලන ඉතිහාසය තුළ මම දැනගෙන හිටියේ නැහැ. මම ඒ බව දැනගත්තේ එදා බව මම අවංකවම කියන්න ඕනේ. මම ඒ වෙලාවේ අධ්‍යාපන නිලධාරීන්ගෙන් විමසා සිටියා මේ ගැන කටයුතු නොකළේ ඇයි කියලා. ඔවුන් කීවා උතුරු කොළඹට, මැද කොළඹට අලුතින් පාසල් ඉදිකරන්න මීට පෙර පැවැති ආණ්ඩු කාලවලදිත් මේ ආණ්ඩුවෙනුත් ඉල්ලා තිබුණත් තවම ඒ සඳහා සූදානමක් නැහැ කියලා.

    මම අද කොළඹ සිට නුවරට එනවිට අද පත්තර බලමින් ආවේ. එක පත්තරේක මුල් පිටුවේ තිබූ කොටසක් මම අරගෙන ආවා. ඒ පත්තරේ මුල් පිටුවේ තියෙනවා දවස් තුනට අලුත බැඳපු යුවළක්, පාසල් දියණියක්, කපුවෙක්, වෙන්නප්පුවේ තුනක්, අතුරුගිරියේ කෝටිපතියෙක් ඇතුළු අට දෙනෙක් එල්ලී මිය යයි කියලා. එතැන අලුත බැඳපු යුවළ ගැන කියෙව්වේ නැහැ. පාසල් දියණියක් කියන එක කියෙව්වා. දරුවගේ වයස අවුරුදු 10යි. මේ මරණ සියල්ලම සියදිවි නසා ගැනීම්. අලුත බැඳපු යුවළ දින හයකින් හතකින් සියදිවි නසාගෙන. එයට හේතුව තවත් විවාහයක් කරගත් අයෙක් නැවත විවාහ වීම. මේ පාසල් දරුවාගේ වයස අවුරුදු 10යි. පත්තරේ තියෙනවා සියදිවි නසා ගත්තේ මේ දරුවා පාසලේ තවත් දරුවෙක් ළඟ තිබුණු ජංගම දුරකතනයක් සොරකම් කළ නිසා පන්ති භාර ගුරුතුමිය ටෙලිෆෝන් හොරා කීවා. ඉන් දරුවා ලැජ්ජාවට පත් වුණා. පාසලේ අනිත් ළමයි මේ ළමයට ටෙලිෆෝන් හොරා කියන නිසා පාසල් යන්න බැහැ කීවා. අවසානයේ මේ දරුවා සියදිවි නසාගෙන තිබෙනවා. වැඩිහිටියන් සැලකිලිමත් විය යුතුයි මෙවැනි කාරණාවලදී.

    [rns_reactions]

  • නාමල්-සුජීව ගැටුමෙන් මැතිසබය රත්වෙයි – කුරක්කන් සාටකේ නෙමෙයි ඕකෙන් දාගන්නවා බෙල්ලේ වැල

    මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන්, ඔහුගේ බෑනා වන පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ අයිතිකරු අර්ජුන් ඇලෝසියස්‌, හිටපු මුදල් ඇමැති රවි කරුණානායක, පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන ඇතුළු කොමිසම හමුවේ නම් සඳහන් වූ පුද්ගලයන් කීප දෙනකු අතර හුවමාරු වූ දුරකථන පණිවුඩ අදාළ තොරතුරු රැසක්‌ ඇතුළත් කොට සකස්‌ කරන ලද වාර්තාවක්‌ රහස්‌ පොලිසිය විසින් ඊයේ (16 දා) බැඳුම්කර කොමිසමට ඉදිරිපත් කළේය.
     
    දුරකථන පණිවුඩ හුවමාරු කරගත් පුද්ගලයන්ගේ නම් දුරකථන අංක ගතවූ කාලසීමාව ඇතුළත් කොට එම වාර්තාව සකස්‌ කළේ රහස්‌ පොලිස්‌ අධ්‍යක්‌ෂවරයාට බැඳුම්කර ජනාධිපති කොමිසමෙන් ලැබුණු නියෝගයක්‌ උඩ බව ද මෙහිදී සඳහන් විය.

    කෙසේ වෙතත් පාර්ලිමේන්තුව ඊයේ සවස් කාලයේ දැඩි ලෙස උණුසුම් වූයේ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා සහ ඒකාබද්ධ විපක්ෂයේ නාමල් රාජපක්ෂ, කාංචන විජේසේකර මන්ත්‍රිවරුන් සමඟ ඇති වූ උණුසුම් කතාබහ හේතුවෙනි.

    අර්ජුන් ඇලෝසියස්ට 47 වතාවක් සුජීව සේනසිංහ මහතා දුරකතන ඇමතුම් ලබාදී ඇති බව බැඳුම්කර කොමිසමේදී හෙළි වී තිබෙන බව කාංචන විජේසේකර මහතා පැවැසුවේය.

    ඊට ප්‍රතිචාර දක්වමින් සුජීව සේනසිංහ රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ කාංචන විජේසේකර මහතාගේ පියා මහින්ද විජේසේකර මහතා අක්‍රමිකතා රැසක් සිදු කර තිබෙන බවයි.

    ‘‘..මල්ලි ඔයාගේ තාත්තා ගැහුව ගැහිල්ලා මම කතා කරන්නේ නෑ ඒ ගැහිල්ලෙන් තමා අද ඔයා ගෙවල් අරන් ඉන්නේ අපේ ආදායම් ගැන අපි ඉදිරිපත් කරලා තියෙන්නේ..‘‘

    මෙහිදී නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාද මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීය.

    ..ෂැංග්‍රිලා අපි බද්දට දුන්නේ. ඔබතුමාලා වගේ සින්නකර දුනනේ නෑ. සින්නකර දුන්නා විතරක් නෙමෙයි ක්‍රිෂ් එකෙන් ඔබතුමා කීයක් ගත්තද? මිලියන 400 දාගත්තේ නැද්ද?නීති විද්‍යාලයේ එක්සෑම් පාස් වුනේ කොහොමද හොරකම් කරා විතරක් නෙමෙයි විභාගත් හොරකම් කරලා විභාගෙට ඉඳගත්තේ ඒසී කාමරේක ලැජ්ජා නැද්ද නීතීඥවරයෙක් වෙන්න.එන්න පුලුවන්ම් ගන්න අධිකරණ තුනක් දානවා..සිවිල් නාඩු විධාන සංග්‍රාහයේ ඕනම වාක්‍ය දෙකක් කියනවා.. ඩේසි ආච්චිට ඉන්න දෙන්නේ නෑ ලැජ්ජා නැති තුට්ටු දෙකේ උන් කුරක්කන් සාටකේ නෙමෙයි ඕකෙන් දාගන්නවා බෙල්ලේ වැල.පට්ටහොරු වෙලා කතා කරන්නේ නැතුව…‘‘ යනුවෙන් ඊට පිළිතුරු දුන් සුජීව සේනසිංහ අමාත්‍යවරයා පැවසීය.

    වීඩියෝව පහතින් නරඹන්න.

     

    [rns_reactions]

     

  • ප්‍රභාකරන් යලි ඉපදේ.. උතුරු පළාත් අධ්‍යාපන ඇමති ජාතික කොඩිය එසවීම ප්‍රතික්ෂේප කරයි…(Video)

    උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය සර්වේස්වරම් අද වව්නියාව ඉරට්ටෙපෙරියකුලම් පැරකුම් මහ විද්‍යාලයේ පැවති උත්සවයකදී ජාතික කොඩිය එසවීම ප්‍රතික්ෂේප කොට ඇති අතර මෙහිදී උත්සවය සංවිධානය කල මංවිධායක මණ්ඩලය දැඩි අපහසුතාවයකට පත්ව ඇත.
    රටේ ජාතික කොඩිය එසවීම ප්‍රතික්ෂේප කරන මොහු වන් අය මේ ඉල්ලන්නේ ප්‍රභාකරන්ගේ නම් ඒ කෘර ත්‍රස්තවාදියාගේ දෙමල ඊලම නොවේද? එකම රටේ ජාතික ධජය පිළිගන්න බැරි මොවුන් මෙම රටෙන් පිටුවහල් කරන්න වටිනවා නේද?

  • රනිල්ට වැඩ වරදින ලකුණු… බැඳුම්කර කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට හදිසි දැනුම්දීමක්

    බැඳුම්කර ගනුදෙනු පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට අද (16) එම කොමිසම දැනුම් දී තිබෙනවා. 

    ලබන සදුදා කොමිසම හමුවේ පෙනී සිටින ලෙසයි අග්‍රාමාත්‍යවරයාට දැනුම් දී ඇත්තේ.

    [rns_reactions]

  • ඇමතිවරු හා ඇලෝසියස්ගේ දුරකථන සාකච්ඡා එළියට

    කෝප් කමිටු සාමාජිකයින් පස් දෙනෙකු පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් සමග දුරකථන සබඳතා පවත්වා ඇතැයි බැඳුම්කර කොමිසමේදී අද (16) අනාවරණ වුණා. 

    අමාත්‍ය දයාසිරි ජයසේකර, රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ, නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මෙන්ම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන හෙක්ටර් අප්පුහාමි සහ හර්ෂණ රාජකරුණා එම පස්දෙනා වනවා.

    ඔවුන් සහ ඇලෝසියස් අතර මෙම දුරකථන සංවාද ඇති වී තිබුණේ මතභේදාත්මක බැඳුම්කර ගනුදෙනුව පිලිබඳ විමර්ශනය කරන සමයේදී බවද වැඩිදුරටත් හෙළි වුණා. 

    ඊට අදාළ ලේඛනයක් නීතිපති දෙපාර්තමේන්තුව විසින් කොමිසමට අද ඉදිරිපත් කරනු ලැබුවා. 

    [rns_reactions]

  • මීතොටමුල්ල නායයාමෙන් විපතට පත් පාසල් දරුවන්ට ශිෂ්‍යත්ව

    මීතොටමුල්ල නාය යාමෙන් විපතට පත් පාසල් දරුවන් සඳහා ශිෂ්‍යත්ව ප‍්‍රදානය කිරීමේ “මෙත්සරණ ශිෂ්‍යත්ව” වැඩසටහන ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (16) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

    “දරුවන් සුරකිමු” ජාතික වැඩසටහනට අත්වැලක් සපයමින් නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශ්‍ය, ජාතික ඉතිරිකිරිමේ බැංකුව සහ AIA ලංකා රක්ෂණ සමාගමේ අනුග‍්‍රහයෙන් මෙම ශිෂ්‍යත්ව වැඩසටහන කි‍්‍රයාත්මක කෙරේ.

    වයස අවුරුදු 18 ට අඩු දරුවන් වෙනුවෙන් රුපියල් විසි පන්දහසක් බැගින් වූ ශිෂ්‍යත්ව 107 ක් මෙහිදී පිරිනැමුණු අතර, එය සංකේතවත් කරමින් ජනාධිපතිතුමා අතින් ශිෂ්‍යත්ව 10 ක් ප‍්‍රදානය කෙරිණි.

    කේසර චමිදු හේවාසිංහ දරුවා විසින් රචිත “සත්සරගේත් දම්සරගේත් අලුත් අවුරුදු ගමන” නම් වූ ග‍්‍රන්ථය ද මෙහිදී එම දරුවා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

    මේ අවස්ථාවට නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම්, රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ, අමාත්‍යාංශ ලේකම් සරත් චන්ද්‍රසිරි විතාන යන මහත්ම මහත්මින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    [rns_reactions]

  • අයවැය දෙවැනිවර කියවීම ඡන්ද විමසීම අදයි

    2018 වසර සඳහා වන අයවැය පිළිබඳ ,දෙවනවර කියවීමේ ඡන්ද විමසීම අද (16) පස්වරු 5.00 ට සිදුකෙරේ.

    වත්මන් යහපාලන ආණ්ඩු‍වේ තෙවන අයවැය මුදල් ඇමති මංගල සමරවීර මහතා විසින් පසුගිය (09) වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කළේය.

    2018 වසර සඳහා වන අයවැය 09 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුව පසු දින සිට එනම් 10 -16 දක්වා අයවැය ‍පිළිබඳ දෙවනවර කියවීමේ විවාදය පැවැත්විණ.අයවැය දෙවනවර කියවීමෙන් පසුව අද (16) පස්වරු 5.00 ට ඡන්ද විමසිම සිදුකිරීමට නියමිතය.

    2018 වසර සඳහා වන අයවැය පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදය හෙවත් අයවැය තෙවන වර කියවිම හෙට (17) සිට ආරම්භ වේ.

    ‍අයවැය තෙවනවර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය 17 වැනිදා සිට දෙසැම්බර් 09 වැනිදා දක්වා පෙරවරු 09.30 සිට රාත්‍රී 07.30 දක්වා පැවැත්වේ.මෙහිදි ඒ ඒ අමාත්‍යාංශ වල වැය ශීර්ෂ පිළිබදව විවාද කෙරෙන අතර කාරක සභා අවස්ථාවේ ඡන්ද විමසීම දෙසැම්බර් 09 වැනිදා පස්වරුවේ සිදුකිරිමට නියමිය.

    2018 වසර සඳහා වන සමස්ත වියදම ඇතුළත් විසර්ජන පනත් කෙටුම්පත පසුගිය ඔක්තොම්බර් 09 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

    කාරක සභා අවස්ථාවේ විවාදය ආරම්භ වන හෙට (17) දිනයේදී ජනාධිපති, අගමැති, උපරිමාධිකරණවල විනිශ්චයකාරවරු,අමාත්‍ය මණ්ඩල කාර්යාල,රාජ්‍ය සේවා කොමිෂන් සභාව ඇතුළු කොමිෂන් සභා පාර්ලිමේන්තුව, පාර්ලිමේන්තුවේ සභානායක කා‍ර්යාලය,ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලය, විපක්ෂනායක කා‍ර්යාලය ඇතුළු වැය ශීර්ෂ 27ක් පිළිබඳ විවාදය පැවැත්වෙයි.

    [rns_reactions]

  • එජාපයට පැන්න ප්‍රබලයෝ පිරිසක් යළි පනින්න සැරසෙති

    පසුගිය මහමැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සිට දේශපාලන පිහිට පතා එක්සත් ජාතික පක්ෂය සමඟ සම්බන්ධවී ‘අලියා’ ලකුණින් තරඟ වැඳුණු පිරිසක් යළි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පැනීමේ සූදානමක් පවතින බවට දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ.

    ඒ අනුව එක්සත් ජාතික පෙරමුණේ ප්‍රබලයින් සිව් දෙනෙකු ලඟදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නායකත්වය දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වීමට සූදානමක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

    ඒ අනුව එක්සත් ජාතික පෙරමුණේ කටයුතු කරන රාජිත සේනාරත්න, අර්ජුන රණතුංග යන ඇමැතිවරුත් එජාපයේ මහරගම සංවිධායක, හිටපු ඇමැති විජේදාස රාජපක්ෂ මහතා ශ්‍රීලනිපයට එක්වීමට කැමැත්ත පළකර ඇති බවත් තවත් එජාපයේ ප්‍රබලයෙකු ස්ථීර ප්‍රකාශයක් සිදු කර නොමැති බවත් වාර්තා වේ.

    රාජිත සේනාරත්න, අර්ජුන රණතුංග අමාත්‍යවරුන් සහ විජේදාස රාජපක්ෂ හිටපු අමාත්‍යවරයාද මේ සම්බන්ධව ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර ඇති අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්භවයක් ඇති තවත් එක් මන්ත්‍රීවරයකු ජනාධිපතිවරයා එක්වීමට එකඟතාවය පල කර ඇත.

    මේ අනුව ඉදිරි දිනවලදී ප්‍රබල දේශපාලන පිල්මාරුවක් සිදුවන බව එම ආරංචි මාර්ග පවසයි.

    [rns_reactions]

  • එජාප සහ ජවිපෙ සාමාජිකයින් පිරිසක් ශ්‍රීලනිපයට

    ජනතා විමුක්ති පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දිමුතු අබේකෝන් මහතා ඇතුළු මහනුවර මහ නගර සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ සහ එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ (15) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක් විය.

    මහනුවර ජනාධිපති මන්දිරයේදී මෙම හමුව සිදුවූ අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රට වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළට සිය උපරිම සහය පළ කරන බව ඔවුහු ප්‍රකාශ කළහ.

    මධ්‍යම පළාත් අමාත්‍ය තිළිණ බණ්ඩාර තෙන්නකෝන් මහතා සමග පැමිණ මෙම පිරිස ජනාධිපතිතුමා හමුවූ අතර, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

    [rns_reactions]

  • පුංචි ඡන්දයට එරෙහි පෙත්සමේ තීන්දුව 22දා

    පළාත් පාලන මැතිවරණය සඳහා ඡන්ද කොට්ඨාශ සීමා නිර්ණය කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් ගොනු කර ඇති පෙත්සම් අභියාචනාධිකරණයේදී අද කැඳවනු ලැබුවා. අදාළ ගැසට් පත‍්‍රය සඳහා පෙත්සම්කරුවන් ඉල්ලා ඇති අතුරු තහනම් නියෝගය පිළිබඳ සිය තීන්දුව ලබන 22 වැනිදා ප‍්‍රකාශයට පත්කරන බවයි අභියාචනාධිකරණය එහිදී කියාසිටියේ. 

    අභියාචනාධිකරණයේ ති‍්‍රපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබුවා.

    එහිදී මැදහත්කාර පාර්ශ්ව ලෙස එක්සත් ජාතික් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, පොදුජන පෙරමුණ සහ පැෆරල් සංවිධානය පෙත්සම්වලට විරෝධය පළකළ බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පවසන්නේ. අදාළ පාර්ශ්ව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් පැවසුවේ මෙම පෙත්සම් මගින් පළාත් පාලන මැතිවරණය අනවශ්‍ය ලෙස කල් දැමීමට පෙත්සම්කරුවන් උත්සහ කරන බවයි. ඒ හේතුවෙන් ජනතාවගේ සර්ව ජන ඡන්ද බලය උල්ලංගනය විය හැකි බව ද ඔවුන් පෙන්වා දුන්නා. මීට අමතරව නීතිපතිවරයා ද මෙම පෙත්සම සම්බන්ධයෙන් මූලික විරෝධතා ගොනු කළ බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පවසන්නේ. 

    ප‍්‍රශ්නගත ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ මෙම වසරේ පෙබරවාරි මස 17 වැනිදායි. මේ වනවිට ඊට මාස 9ක් පමණ ගතවී ඇතැයි ද ඒ අනුව ගැසට් නිවේදනයට එරෙහිව පෙත්සමක් ගොනු කළ හැකි කාලය ඉක්මවා ඇතැයි ද නීතිපතිවරයා ගොනු කළ විරෝධතාවේ දැක්වුණා. මෙම පෙත්සම මැතිවරණයක් සම්බන්ධයෙන් එකක් බැවින් එය විමසීමට බලය ඇත්තේ අභියාචනාධිකරණයට නොව ශ්‍රේෂ්ඨාධිකරණයට බව නීතිපතිවරයා ගොනු කළ විරෝධතාවල සඳහන්. 

    [rns_reactions]

     

  • පුංචි ඡන්දයට ශ්‍රීලනිපය එන “ඡන්ද සළකුණ” ගැන මහ ලේකම් කියන කතාව

    එළඹෙන පළාත් පාලන මැතිවරණයට තරග කරන්නේ කුමන ලාංඡනයකින්දැයි තවමත් තීරණය කර නැතැයි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා. සන්ධානගත වන පක්ෂ සමග ඒ පිළිබඳ තවදුරටත් සාකච්ඡා කරන බවයි එහි මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක පැවසුවේ. 

    ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් කිහිපදෙනකු ළඟදීම ඒකාබද්ධ විපක්ෂයට එක්වන බවට කෙරෙන ප‍්‍රකාශ සම්බන්ධයෙන් ද මෙහිදී ප‍්‍රශ්න කෙරුණා. තැනැත්තකු ජනප‍්‍රිය වූ පමණින් ඔහුට මැතිවරණයක් ජයගත නොහැකි බව ද අමාත්‍ය දුමින්ද දිසානායක කියාසිටියා.

    [rns_reactions]