Category: සුපිරි Politics

  • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල මෙහෙයුම් කමිටු අතුරු වාර්තාව පිළිබඳව එජාප-ශ්‍රී ලනිප ‘බල’ සටනක්

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල මෙහෙයුම් කමිටු අතුරු වාර්තාව පිළිබඳව එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ප්‍රබල මත ගැටුම් ඇතිවීම නිසා එහි ඉදිරි කටයුතු අර්බුදකාරී තත්ත්වයකට පත්වීමට ඉඩ තිබෙන බව දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

    විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම, මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම ඇතුළු ප්‍රධාන කරුණු කිහිපයක් වෙනුවෙන් මේ මත ගැටුම් ඇතිව තිබේ.
    විධායක ජනාධිපති ධුරය අහෝසි කරමින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම එක්සත් ජාතික පක්ෂයේ කැමැත්ත බවත් ඒ සඳහා දෙමළ ජාතික සන්ධානයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ සහාය හිමිවන බවත් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෙක් ‘ඉරිදා මව්බිම’ ට පැවසීය.

    නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයකු සඳහන් කළේ විධායක ජනාධිපති ධුරය රටේ ජාතික ආරක්ෂාව, ඒකීයභාවය, භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් පවත්වාගෙන යා යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය බවයි. මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම කළ යුතු බවද එම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයා සඳහන් කළේය.
    එහෙත් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයා ප්‍රකාශ කරන ලද්දේ විධායක ජනාධිපති ධුරය අහෝසි නොකර මැතිවරණ ක්‍රමය සංශෝධනය කරනවා නම් ඒ සඳහා එක්සත් ජාතික පක්ෂය එකඟ නොවන බවයි.

    මීට අමතරව කරුණු කිහිපයක් සම්බන්ධයෙන්ද ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂ අතර මෙන්ම විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ අතරද යම් යම් මත ගැටුම් ඇති වී තිබේ

    [rns_reactions]

  • රවී ගමේ යයි

    පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවී කරුණානායක මහතා එක්සත් ජාතික පක්ෂයේ බිම් මට්ටමේ මහජන නියෝජිතයන් සිය ග‍්‍රහණයට ගැනීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවට තොරතුරු වාර්තාවේ.

    බිම් මට්ටමට ගොස් එම පක්ෂයේ ගම්මට්ටමේ නිලධාරීන් හමුවන රවී කරුණානායක මහතා පක්ෂයේ ඉදිරි ප්‍රතිව්‍යහ ගත ක්‍රියාවලිය හා පක්ෂයේ අනාගත දැක්ම පිළිබද ඔවුන් දැනුවත් කරන බවද කියැවේ.

    රවී කරුණානායක මහතා ඉදිරි පළාත් පාලන මැතිවරණයට පාක්ෂිකයන් තෝරා ගැනීම සඳහා වූ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ සාමාජිකයෙකුද ලෙස කටයුතු කරයි

  • මම අර්ජුන රණතුංග! එයා නිකංම දයාසිරිලු. තෙල් කලමනාකරණය කරගන්න බැරි අර්ජුනගෙන් පම්පොරියක්..

    ඛනිජ තෙල් ක්‍ෂේත‍්‍රයේ ඇති දුර්වලතා මගහරවාලීම සදහා භාවිත ක‍්‍රමවේද පිළිබද නැවත සලකා බලන බව අමාත්‍ය අර්ජුන රණතුංග පවසනවා. නිවැරදි දේ කර අමාත්‍ය ධුරය අතහැරීමට සිදුවුවද ඒ පිළිබද කම්පා නොවන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ. දයාසිරි යනු තමනට සමාන කල නොහැකි කෙනෙක් බවත් ඒ නිසා දයාසිරි කියන දේවල් වලට තමන් පිළිතුරු ලබානොදෙන බවද ඔහු වැඩිදුරටත් පැවසිය.

    [rns_reactions]

  • ජනපති මෛත්‍රී නියමයෙන් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සැලසුම් සහගත වැඩපිළිවෙලක්

    දරුවන්ගේ ආරක්ෂාව පිළිබ දැනුවත් කිරීම සහා ස්වේච්ඡාවෙන් සේවය කරන නීතිඥ කණ්ඩායම් පාසල්වලට යොමු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

    පොළොන්නරුව විලයාය මහා විද්‍යාලයේ පැවති උත්සවයකට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

    දරුවන් ආරක්ෂා කර ගැනීම දියුණු සමාජයේ වගකීමක් බවයි ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ.

    ඒ සඳහා අවශ්‍ය ආරක්ෂක පියවර ගැනීමට රජය සැලසුම් සහගත වැඩපිළිවෙලක් යොදවා ඇති බවයි මෙහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.

    https://www.facebook.com/maithripalas/posts/10155646842096327

    https://www.facebook.com/maithripalas/videos/10155646721141327/

    [rns_reactions]

  • මොලේ අවුල් වෙච්ච කු.පා.ම මහින්ද පා පැදියෙන් එද්දී පසුපසින් ආපු වාහන දිවුවේ වතුරෙන්ද?

    ඇතිවී තිබෙන පෙට්‍රල් අර්බුදයට විරෝධය පා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් පාර්ලිමේන්තු ගේට්ටුවේ සිට පරිශ්‍රය දක්වා ෆුට් සයිකල් වලින් පැමිණියා.

    පෙට්‍රල් නැති නිසා ඔවුන් මෙලෙස පැමිණි බව පැවසුවද ඔවුන් පිටුපසින් පරිවාර රථ විශාල ප්‍රමාණයක් පැමිණීම විශේෂත්වයක්..

    මේ වනවිට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා 2018 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සිටියි.

     

    [rns_reactions]

  • පොලීසිය භාවනා කරද්දි අපරාධකාරයො රහත් වෙනවා… ජනපති ඉදිරියේ සරත් පොලිස්පතිගෙ කලිසම ගලවයි…!

    රජයේ ඇතැම් ක්‍රියා කලාප සම්බන්ධයෙන් මහාචාර්ය සරත් විජේසූරිය මහතා අද විවේචනාත්මක ලෙස අදහස් පළ කළේ ය.

    මහාචාර්යවරයා එලෙස අදහස් පළ කළේ, පූජ්‍ය මාදුළුවාවේ සෝභිත මහ නා හිමියන්ගේ දෙවන ගුණසමරු උත්සවයේ විශේෂ දේශනයක් සිදුකරමිනි.

    ගුණ සමරු උත්සවය පැවැත්වුණේ, බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී ය.

    ජනවාරි 8 වෙනිදා පත්කල ආණ්ඩුවේ ශේෂ පත්‍රය දිහා බලන විට එය ඉතා නරක තත්ත්වය ඇති බැව් ප්‍රකාශ කල සාධාරණ සමාජයක් උදෙසා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති මහාචාර්ය සරත් විජේසුරිය මහතා, වර්තමාන පොලිස්පති පුජිත ජයසුන්දර මහතාගේ ක්‍රියාකලාපය ඉතා උපහාසාත්මකව විවේචනයට ලක් කලේ මෙරටේ සේනාධීනායක මෙන්ම විධායක ජනාධිපතිවරයා ඉදිරිපිට ය.

    මෙම උත්සවයට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා, කථානායක ඇතුළු මැති ඇමතිවරුන් රාශියක් සහභාගි වී සිටියේ ය.

    එමෙන්ම මෙහිදී පොලිස්පති දැඩි අපහසුතාවට පත්ව සිටි අයුරු මෙම විඩියෝව නැරඹීමෙන් දැකගත හැකිය.

    උපුටා ගැනීම – අපේ රට

    [rns_reactions]

  • සහන රැසක් රැගත් යහපාලන රජයේ තෙවන අය වැය අද පාර්ලිමේන්තුවට

    2018 වසර සඳහා වූ අය – වැය කතාව අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනවා. මුදල් අමාත්‍ය මංගල සමරවිර විසින් අද පස්වරුවේ අය – වැය කතාව ආරම්භ කිරීමට නියමිතයි.

    ඉකුත් දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු විසර්ජන පනත් කෙටුම්පතට අනුව ලබන වසර සඳහා රජයේ මුළු වියදම රුපියල් බිලියන 3982ක්.

    සියලු ප‍්‍රදානයන් ද සහිතව එම වසරේ රාජ්‍ය ආදායම රුපියල් බිලියන 2175ක් බවයි විසර්ජන පනත් කෙටුම්පතේ දැක්වෙන්නේ.

    ඒ අනුව බිලියන 1807ක් වූ අය – වැය හිඟය පියවා ගන්නා ආකාරය අද ඉදිරිපත් කෙරෙන අය – වැය වාර්තාවෙන් විස්තර කෙරෙන බව මුදල් රාජ්‍යවරයා පැවසුවා. අද ඉදිරිපත් කෙරෙන අය – වැයෙන් අධ්‍යාපනයට මුලික තැනක් ලබා දෙන බවද අමාත්‍යවරයා කියා සිටියේ.

    රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ආණ්ඩුව අය – වැයට පෙර ද ජනතාවට සහන රැසක් ලබා දී ඇති බවයි.

    ජංගම දුරකතන බදු අඩු කිරීම, ඖෂධ මිල අඩු කිරීම, වාහන මිල අඩු කිරීම හා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල අඩු කිරිම ඒ අතරින් කිහිපයක් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.  

    ඒ අනුව අය – වැය කතාවෙන් සිදු කෙරෙන්නේ පුද්ගල ආර්ථිකය ශක්තිමත් කිරීමට අවශ්‍ය වටපිටාව සකස් කිරීම බව ද සදහන් 

    [rns_reactions]

  • රටක් බලාසිටි තෙල් නැව පැමිණෙයි – ඉන්ධන බෙදා හරින වෙලාව කියයි

    පෙට‍්‍රල් මෙටි‍්‍රක් ටොන් හතලිස් දහසක් රැගෙන මෙරටට පැමිණි ‘නෙවස්කා ලේඩි’ නෞකාවේ ඉන්ධන බෙදා හැරීම අද (09) දහවල්‍ 2.00 පමණ වනවිට ආරම්භ කරන බව ඛනිජ තෙල් අමාත්‍යාංශය පවසනවා.

    එහි ලේකම් උපාලි මාරසිංහ කියාසිටියේ පවතින ඉන්ධන අර්බුදය නිමා කිරීම සඳහා කඩිනමින් කටයුතු කිරීමට සිය කාර්ය මණ්ඩල සූදානමින් පසුවන බවයි.

    ඉන්ධන සැපයුම සම්බන්ධයෙන් ඉදිරියේදී අර්බුදයක් ඇති නොවනු ඇතැයිද අමාත්‍යාංශ ලේකම්වරයා කියාසිටියා. ඔහු සඳහන් කළේ ඉන්දියාවෙන් ඇණවුම් කළ පෙට‍්‍රල් රැගත් තවත් නෞකාවක් අද (09) රාති‍්‍රයේ දිවයිනට පැමිණීමට නියමිත බවයි.

    පෙට‍්‍රල් හිඟය හේතුවෙන් දිවයින පුරා ජනතාව දින හයක් පමණ විවිධ ගැටළුවලට මුහුණ දුන්නා. කොළඹ මෙන්ම ග‍්‍රාමීය ප‍්‍රදේශවලද ඉන්ධන පිරවුම්හල් ආශි‍්‍රත දිගු පෝලිම් දක්නට ලැබුණා.

    රට තුළ ඇති වූ පෙට‍්‍රල් අර්බුදය සම්බන්ධයෙන් සොයා බලා ඊට වගකිවයුතු පිරිස්වලට එරෙහිව නීතිමය පියවර ගතයුතු බවයි ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීද අවධාරණය කෙරුණේ.

    [rns_reactions]

  • පිට රටිත් ගෙනත් හඬ කවලා පෙන්වන ටෙලි නාට්‍ය, චිත්‍රපටවලට ජනපති නියමයෙන් බදු වැඩිවෙයි..

    ලංකාවේ  ටෙලිනාට්‍ය සහ චිත්‍රපට බොහෝමයක් විදෙස් රටවලින් ආනයනය කර සිංහලෙන් හඬ කවා ප්‍රචාරය කරනු ලබනවා. මේ හේතුව නිසා ලංකාවේ බිහිවන අග්‍රගන්‍ය නිර්මාණ වලටද එතරම් ඉල්ලුමක් නොලැබීම කණගාටුවට කරුණක්. එසේම පාසල් යන වයසේ දරුවන් පවා ඇතැම් ටෙලි නාට්‍ය වලට ඇබ්බැහිවීම නිසා විවිධ ගැටළු වලට මුහුණ දුන් අවස්ථා අපේ සමාජයේ කතා බහට ලක්වුනා.

    මේ තත්වය අවම කරගැනීම සඳහා පිටරටින් ආනයනය කර හඬකවා විකාශය කරන ටෙලිනාට්‍ය චිත්‍රපට සහ වාණිජ වැඩසටහන් සඳහා මෙතෙක් අය කල රුපියල් 90,000 මුදල 150,000 දක්වා වැඩි කර තිබෙනවා. මෙලෙස මුදල් ප්‍රමාණය වැඩි කිරීමට හේතුව කලා ක්ෂ්‍රේත්‍රයේ පිරිසකගේ ඉල්ලී්මකට අනුව සිදු කල බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කලේ. මෙම පිරිස අතිගරු ජනාධිපතිතුමාගෙන්  මීට පෙර මේ පිළිබඳ ඉල්ලීමක් කර තිබෙනවා.

    නමුත් සිංහල දෙමළ ඉංග්‍රිසී භාෂාවෙන් නිෂ්පාදනය කරන චිත්‍රපට හා ටෙලිනාට්‍ය වල මුල් පිටපත හඬකවා නොමැතිනම් ඒ සඳහා මෙම ගාස්තුව අය නොකරන බවද සඳහන් වෙනවා. මින් පෙර තිබූ ගැසට් නිවේදන 03 ක් අවලංගු කරමින් මෙම නීතිය ඇතුලත් නව ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. ඒ අනුම මෙම නීතිය ඊයේ (7) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වෙනවා.

    [rns_reactions]

  • රටේම සෙනග එක්ක අපි ඉන්නවා මග බලන්.. තෙල් හිඟය නැවතත් බුකිය කළඹයි (PHOTOS)

    මේ දවස් වල ලංකාවම කතාවෙන්නේ තෙල් හිඟය ගැන.මේ නිසා බොහෝ රථ වාහන හිමියන් මෙන්ම සාමාන්‍ය ජනතාවද දැඩි අපහසුතාවට ලක්වෙලා තිබෙනවා.බාල තෙල් නැවක් ආපහු හරවලා යවපු නිසා මේ තත්වය ඇතිවුණා කියලයි ආණ්ඩුව නම් කියන්නේ.

    ඒත් එක් තෙල් නැවක් ප්‍රතික්ෂේප කළ පමණින් රටටම තෙල් නැතිවෙනවා නම් ඒක පිළිගන්න බැරි තත්වයක් කියලයි බොහෝ දෙනාගේ අදහස වෙලා තියෙන්නේ.රටටම බලපාපු මේ ප්‍රශ්ණය මුහුණු පොතෙත් ප්‍රධාන මාතෘකාව වෙලා.මේ ඒ ගැන මුහුණු පොතේ අය කියපු කතා ටිකක්..

     

     

  • අය වැයට කලින් අත්‍යාවශ්‍ය ආහාරවල මිල පහලට! මිල අඩුවන බඩු මෙන්න

    අත්‍යාවශ්‍ය ආහාර කිහිපයක මිල අද (08) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කෙරෙනවා. අදාල ගැසට් නිවේදනයට අනුව හාල්මැස්සන්, පරිප්පු, අරතාපල්, ලොකු ලූණු, කරවල ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ රැසක් ඒ අතර වනවා.

    පොල් තෙල් සහ ෆාම් ඔයිල්ද ඒ අතර වනවා. මුදල් අමාත්‍ය මංගල සමරවීර මේ බව පැවසුවේ මුදල් අමාත්‍යංශයේ දී අද (08) පැවැත්වෙන මාධ්‍ය හමුවකදීය.

     

      [rns_reactions]
  • මහ බැංකු විනාශයට වගකිවයුත්තෝ වග කියන්න ඕන! ජනපති යළි සිහිපත් කරයි

    ඇතමුන් විවේචන එල්ල කළද තමන් බැදුම්කර කොමිසම පත් කළේ වංචා දූෂණ පිටුදැකීම සදහා ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමට බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සදහන් කළේ බත්තරමුල්ල, අපේගම පරිශ‍්‍රයේ පැවති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ දෙවන ගුණ සමරුවට අද පෙරවරුවේ එක්වෙමින්.
     

    මහ බැංකු සිද්ධිය වෙනකොට ආණ්ඩුව හදල මාස 03යි. මහා විනාශයක් කළා. මේවට වගකිවයුත්තෝ වගකියන්න ඕන යැයිද තමන් ජනාධිපති ධුරයට පත්වූයේ  ඕනෑම මොහොතක එම ධුරයෙන් ඉවත්ව යාමට සූදානමින් බවද ජනාධිපතිවරයා මෙහිදී සදහන් කළා.

    පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්්ට සිදුකළ හැකි ඉහළම උපහාරය වන්නේ උන්වහන්සේගේ අපේක්‍ෂාව වූ සාධාරණ සාමාජයක් ගොඩනැගීමට සියළු දෙනා කැපවීම බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සදහන් කළේ. 

    [rns_reactions]

  • සයිටම් දෙසැම්බර් 31 වනතුරු පමණයි!

    මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය දෙසැම්බර් මස 31 වනදායින් පසු අවසන් කිරීමට පියවර ගන්නා බව ඒ පිළිබද සොයා බැලීමට පත් කළ කමිටුවේ සභාපති නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා පවසනවා. අමාත්‍යවරයා මේ බව සදහන් කළේ පාර්ලිමේන්තුවේදී අද (08) විශේෂ ප‍්‍රකාශයක් සිදුකරමින්.

    [rns_reactions]

  • “මගේ කෑලි ගලවනවා..ෂෙඩ්වල තෙල් බෙදන්නේ මමයි කියලා හිතලා..” – ජනපති කියයි

    මේ වනවිට මතුව ඇති පෙට්‍රල් ප්‍රශ්ණයෙන් තමන් හොඳටම බැණුම් අසන බව ජනාධිපති මෛත්‍රීපාල  සිරිසේන මහතා පවසනවා.

    පූජ්‍ය මාදුළුවාවේ  සෝභිත හිමියන්ගේ  දෙවැනි ගුණ සමරු උත්සවය අද (08) පෙරවරුවේ බත්තරමුල්ල, අපේගම පරිශ්‍රයේ පැවැත්වුණු අතර එය අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ ඇතැමුන් තමන්ගේ කෑලි ගලවන බවයි.

    තමන් ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන පුරවන බවට ඇතැමුන් සිතා සිටින බවයි ජනාධිපති මෛත්‍රීපාල  සිරිසේන මහතා එහිදී පෙන්වා දුන්නේ.

    ජනතාව එසේ සිතීම වරදක් නොමැති බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.

    පාර්ලිමේන්තු වටරවුමේ ඉදිකෙරෙන පූජ්‍ය මාදුළුවාවේ  සෝභිත හිමියන්ගේ   පිළිරුව සඳහා මුල්ගල් තැබීමද මෙහිදී සිදු වුණා.

    කෝට්ටේ ශ්‍රි කළ්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක ආචාර්ය පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර,  පෑලියගොඩ විද්‍යාලංකාරාධිපති ආචාර්ය පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති පූජ්‍ය ඛෙල්ලන්විල විමලරතන, පූජ්‍ය තීනියාවල පාලිත යන ස්වාමින් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නය ද, කථානායක කරු ජයසූරිය ඇතුළු  මැති ඇමතිවරුන් ද   සිිවිල් සංවිධාන නියෝජිතයින් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

    ජනාධිපතිවරයා මෙහිදී කළ ප්‍රකාශය පහතින් නැරඹිය හැකියි. 

    https://www.facebook.com/maithripalas/videos/10155641911996327/

    [rns_reactions]

  • රවී පාර්ලිමේන්තුවේදී බැදුම්කර කොමිසමේ නීතීඥයින් පතුරු හරී මෙන්න වීඩියෝව

    බැදුම්කර කොමිසම හමුවේ සාක්ෂි විමසන ඇතැම් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා සාවාද්‍ය සාක්ෂකරුවන් නිසා තමන්ගේ වරප්‍රසාද උල්ලංඝණය වී ඇතැයි අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා මේ අදහස් පල කලේය.

     

    https://www.facebook.com/FutureSriLanka1/videos/509880916044173/

  • මහපාරේ මාරාන්තික උපවාස කළා කියලා අධිකරණ තීන්දු වෙනස් කරන්න බෑ – මෙච්චරටම මේ අය මෝඩද?

    මාරාන්තික උපවාස සිදුකළද ලබාදුන් අධිකරණ තීන්දු වෙනස් කළ නොහැකි බව උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල පවසනවා.

    රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය සයිටම් ආයතනයට එරෙහිව ඊයේ (06) පස්වරුවේ සිට මාරාන්තික උපවාසයක් ආරම්භ කළා. ඒ, විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිටදීයි.

    රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය ආරම්භ කළ මෙම උපවාසය සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල අප වෙත අදහස් පළ කළා.

    එහිදී ඔහු පෙන්වා දුන්නේ “ජනාධිපතිතුමාගේ විසඳුම වෛද්‍යවරුත් පිළි අරගෙන තියෙනවා. විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුත් පිළි අරගෙන තියෙනවා. සයිටම් ළමයිනුත් පිළි අරගෙන තියෙනවා. ඉතින් මේකේ විසඳුමකට යන්න සියලු දෙනාගෙන සහයෝගය අවශ්‍යයි. මේ විසඳුම ඉදිරියට ක්‍රියාත්මක කරන්න අවස්ථාව දෙන්න ඕනේ. මේ ආයතනයේ පළවෙනි කණ්ඩායම පිට වුණේ අපේ රජය කාළේ. පස්සේ ඒ අය අධිකරණයට ගියා. අධිකරණයෙන් කිව්වා ඒ අයව පිළිගන්න කියලා.  දැන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරලා ඒක විභාග වෙනවා. ඉතින් උසාවි තීන්දුවට අපි හැමෝම හිස නමන්න ඕනේ.” යනුවෙනි.

    සයිටම් ගැටළුව විසඳීමට ජනාධිපතිවරයා විසින් පත්කිරීමට අපේක්‍ෂිත නව කමිටුවේ සංයුතියට දේශපාලනඥයින් ඇතුළත් නොවිය යුතු බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප‍්‍රකාශ කළේ.

    [rns_reactions]