Category: සුපිරි Sports

  • T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ගැන මතභේද

    T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ගැන මතභේද

    මෙම වසරේ ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී පැවැත්වීමට නියමිත විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ කාලසටහන කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ඉතා ඉහළ අවදානමකට ලක්ව ඇතැයි ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතන ප්‍රධානී කෙවින් රොබට්ස් Kevin Roberts මහතා පසුගිය සිකුරාදා වීඩියෝ දුරකථන සංවාදයකදී පැවසුවා.

    අන්තර්ජාතික ක්‍රිකට් සභාව පසුගිය බ්‍රහස්පතින්දා කළ ප්‍රකාශයකට පිළිතුරු වශයෙනුයි ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතන ප්‍රධානියා මේ බව පවසා සිටියේ.

    විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය ඔක්තෝබර් 18 සිට නොවැම්බර් 15 දක්වා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කරන බව ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුව පසුගිය සිකුරාදා ප්‍රකාශ කළ අතර ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සදහා ලබන ජුනි 10 වනදා අන්තර්ජාතික ක්‍රිකට් සමුළුව යළි රැස්වීමට නියමිතව තිබෙනවා.

    ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතන ප්‍රධානී කෙවින් රොබට්ස් මහතා මෙසේ ප්‍රකාශ කළා.

    “එය ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී පැවැත්විය හැකි යැයි අපි බලාපොරොත්තුවෙන් සිටියා. නමුත් එය සිදුවීමේ අපේක්ෂාව පිළිබඳව ඉතා ඉහළ අවදානමක් ඇති බව ඔබට පැවසිය යුතුයි. මෙම වසරේදී එය පැවැත්වෙන්නේ නැතිනම්, ඊළඟ වසරේ (2021) පෙබරවාරි-මාර්තු හෝ ඔක්තෝබර්-නොවැම්බර් යන කාලය තුළ පැවැත්වීමේ අවස්ථාව තිබෙනවා. වසර කිහිපයක් පුරා අන්තර්ජාතික තරගාවලි ඕස්ටේ්‍රලියාවේදී පැවැත්වීම සම්බන්ධයෙන් අනුමැතිය හිමිවී තියෙනවා. එබැවින් අන්තර්ජාතික ක්‍රිකට් සභාව සමඟ ගනුදෙනු කිරීම සම්බන්ධයෙන් සංකීර්ණතා රාශියක් තියෙනවා” යයිද කෙවින් රොබට්සන් මහතා වැඩි දුරටත් පැවසුවා.

  • කොවිඩ් වසංගතය හමුවේ පාපන්දු තරු බැස යද්දී ටෙනිස් තරු පායා එයි

    කොවිඩ් වසංගතය හමුවේ පාපන්දු තරු බැස යද්දී ටෙනිස් තරු පායා එයි

    සුපිරි ටෙනිස් තරුව රොජර් ෆෙඩරර් ලෝකයේ වැඩිම වැටුප් ලබන ක්‍රීඩකයා බවටත් නයෝමි ඔසාසා ලොව වැඩිම වැටුප් ලබන ක්‍රීඩිකාව බවටත් පත්ව ඇතැයි ලෝ ප්‍රකට ෆෝබස් සගරාවේ අලුත්ම කලාපය සදහන් කරයි.

    ෆොබස් Forbes සගරාව වාර්ෂිකව ලොව වැඩිම වැටුප් ආදායමක් ලබන ක්‍රීකඩ ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවක් ප්‍රකාශයට පත් කරන අතර එහි 2020 වාර්තාව ඊයේ (29) ප්‍රකාශය පත් විය.

    ඔබට මෙම Link එක ඔස්සේ අදාළ සම්පූර්ණ වාර්තාව කියවිය හැකිය –  annual Forbes list

    රොජර් ෆෙඩරර් එම වාර්තාවට හිමිකම් කියන්නේ සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ අභිබවා යමින් වීම ද විශේෂත්වයක් වන අතර පාපන්දු තරු අභිබවා ටෙනිස් තරුවක් ලොව වැඩිම වැටුපක් ලබන ක්‍රීඩකයා බවට පළමු වරට පත්වීම ද විශේෂත්වයකි.

    38 හැවිරිදි ෆෙඩරර් පසුගිය වසරේදී ඩොලර් මිලියන 86.2ක් උපයා ඇත.

    ෆෝබස් ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ (ඩොලර් මිලියන 85), තෙවැනි ස්ථානයට ලයනල් මෙසී (ඩොලර් මිලියන 84) සිවුවන ස්ථානයට පාපන්දු තරුවක් වන නෙයිමාර් (ඩොලර් මිලියන 77.5) හිමිකම් කියන අතර පස්වන ස්ථානය ඇමරිකානු පැසිපන්දු ක්‍රීඩක ලෙබ්‍රොන් ජේම්ස් (ඩොලර් මිලියන 71.5) විසින් දිනා ගෙන ඇත

    ඉහළම ආදායමක් උපයා ගත් ක්‍රීඩකයින් අතර මුල්පෙළ ස්ථාන තුනක් (2,3,4) පාපන්දු තරු විසින් දිනා ගෙන තිබිම විශේෂත්වයකි (එය සාමාන්‍යෙයන් සිදුවන දෙයකි)

    බොක්සර් ටයිසන් ෆියුරි 11 වන ස්ථානයේ (ඩොලර් මිලියන 46.2) වැඩිම ආදායමක් උපයන බ්‍රිතාන්‍ය ජාතිකයා බවට පත්ව ඇත.

    ෆෝමියුලා 1 ලෝක ශූර ලුවිස් හැමිල්ටන් ඩොලර් මිලියන 43.7 ක ඉපැයීම් සමඟ 13 වන ස්ථානයට පත්විය.

    ජපාන ටෙනිස් තරුව නයෝමී ඔසකා වැඩිම වැටුපත් ලබන ක්‍රීඩිකාව බවට පත්ව ඇති අතර ඇය පොදු ලැයිස්තුවේ 29 වැනි ස්ථානයේ පසුවේ.

    “කොරෝනා වසංගතය පාපන්දු තරු වන මෙසී සහ රොනාල්ඩෝ සඳහා වැටුප් කප්පාදු කර ඇති අතර එය ටෙනිස් ක්‍රීඩකයෙකුට පළමු වරට ලොව වැඩිම වැටුප් ලබන මලල ක්‍රීඩකයා ලෙස ශ්‍රේණිගත වීමට මග පෑදුවේය” යනුවෙන් ෆෝබ්ස් හි ජ්‍යෙෂ්ඨ කර්තෘ කර්ට් බේඩන්හවුසන් Kurt Badenhausen පැවසීය.

    BBC SPORT ඇසුරිණි – සකස් කළේ – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • ෂෙහාන් මධුශංකට සියළු ආකාරයේ ක්‍රිකට් තහනම්

    ෂෙහාන් මධුශංකට සියළු ආකාරයේ ක්‍රිකට් තහනම්

    නීති විරෝධී අයුරින් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටිමින් පොලිස් අත්අඩංගුවට පත් වුණු ක්‍රිකට් ක්‍රීඩක ෂෙහාන් මධුශංකව වහාම ක්‍රියාත්මක වන පරිදි සියළු ආකාරයේ ක්‍රිකට් තරගවලින් තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව (26 දා) තීරණය කරනු ලැබීය.

    අදාළ තහනම පැනවීමත් සමඟ ෂෙහාන්ට ජාත්‍යන්තර තරගයකට, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන කිසිදු තරගාවලියකට හෝ ක්‍රිකට් හා සම්බන්ධ කුමන අන්දමේ හෝ කටයුත්තකට සහභාගිවීමේ අවස්ථාව අහිමිවනු ඇත.

    මේ වන විටත් රිමාන්ඩ් භාරයේ පසුවන ෂෙහාන් මධුශංක තවත් පුද්ගලයකු සමඟ ඉකුත් සෙනසුරාදා දින කුලාපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට පත්වූයේ හෙරොයින් මිලිග්‍රෑම් 2.7 ක් ළඟා තබාගෙන සිටියදීය. ඒ අනුව ඔහුව ලබන ජුනි මස 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කුලියාපිටිය මහේස්ත්‍රාත්වරයා පියවර ගනු ලැබුවේ.

    මෙම තත්ත්වය මත ඔහුට එරෙහිව පූර්ණ විනය පරීක්ෂනයක් පැවැත්වීමට තීරණය කර තිබෙන අතර එම පරීක්ෂණය අවසන් වන තුරුම අත්හිටුවීමේ තීරණය බලපැවැත්වෙනු ඇත.

    විසිපස් හැවිරිදි වියේ පසුවන ෂෙහාන් මධුශංක ඉකුත් 2018 වසරේදී බංග්ලාදේශයට එරෙහිව එක්දින වරම් දිනා ගත් අතර මංගල තරගයේදීම කඩුලු ත්‍රිත්වයක් දවා ගැනීමට සමත්වූවේය. ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි-20 ජාත්‍යන්තර තරග 2 කට සහභාගිවී ඇති හෙතෙම කඩුලු 2 ක් දවා ගැනීමට සමත්ව සිටියි.

    ෂෙහාන් මධුශංකද සමඟ එක්දින තරග ඉතිහාසයේ මංගල තරගයකදී කඩුලු ත්‍රිත්ව ලබා ගත් ක්‍රීඩකයින් ලොව පසුවන්නේ සිව් දෙනෙකු පමණි. ඉන් දෙදෙනකුම ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩකයින් වන අතර අනෙක් ක්‍රීඩකයා වන්නේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග වේ.

  • 2021ක ටෝකියෝ ඔලිම්පික් උළෙලත් අවලංගු කිරීමේ අවදානමක් !

    2021ක ටෝකියෝ ඔලිම්පික් උළෙලත් අවලංගු කිරීමේ අවදානමක් !

    කොවිඩ්-19 ගෝලීය වසංගතය හේතුවෙන් පසුගිය දා 2021 වසර දක්වා කල් දැමූ ටෝකියෝ ඔලිම්පික් උළෙල එම වසරේ ද පැවැත්විය නොහැකි නම් අත්හැර දැමීමට සිදුවනු ඇතැයි ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ ප්‍රධානියා පවසා තිබේ.

    මෙමවසරේ ජූලි මාසයේදී ආරම්භ වීමට නියමිතව තිබූ ටෝකියෝ ඔලිම්පික් උළෙල 2021 දක්වා කල් දැමීමට ජපන් රජය සහ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව තීරණය කිරීම ලෝකයේම දැඩි අවධානය දිනාගත් සිදුවීමක් බවට පත්විය.

    මේ අතර ජපාන අගමැති ෂින්සෝ අබේ ඊයේ (20) පැවැති මාධ්‍ය හමුවකදී පවසා ඇත්තේ වෛරසයේ ව්‍යාප්තිය අඛණ්ඩව සිදුවන්නේ නම් 2021 දී Multi-sports event පැවැත්විය නොහැකි බවයි. ජපන් අගමැතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් අයිඕසී සභාපති තෝමස් බැච් Thomas Bach කියා සිටියේ ජපන් අගමැතිවරයාගේ ස්ථාවරය තමා තේරුම් ගත් බවයි.

    “ඉතා අවංකව, මට මේ පිළිබඳව යම් අවබෝධයක් තිබෙනවා. මන්දයත් ඔබට සංවිධාන කමිටුවක 3,000 ක් හෝ 5,000ක් අඛණ්ඩව සේවයේ යෙදවිය නොහැකි බව මට වටහා ගත හැකියි” බැච් බීබීසීයට පැවසීය.

    “ලබන වසරේදීත් ඔලිම්පික් නිසා ලොව පුරා සියලුම ප්‍රධාන සම්මේලනවල ක්‍රීඩා කාලසටහන වෙනස් කිරීමට ඔබට නොහැකියි. ඒ වගේම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද දීර්ඝ කාලයක් අවිනිශ්චිත තත්වයක සිටිය නොහැකයි.”

    තවදුරටත් ප්‍රමාද වුවහොත් බී සැලැස්මක් නොමැති බව අබේ පැහැදිලි කර ඇති බව බැච් පැවසීය.

    ඔලිම්පික් උළෙල පැවැත්වීම ප්‍රමාද වීම නිසා ජපානයට ඩොලර් බිලියන 6 ක ආදායමක් අහිමි වනු ඇතැයි ගණන් බලා තිබේ

    ඔලිම්පික් උළෙල පැවැත්වීම ප්‍රමාද වීම නිසා ජපානයට ඩොලර් බිලියන 6 ක ආදායමක් අහිමි වනු ඇතැයි ගණන් බලා ඇත.

    මේ අතර ඔලිම්පික් උළෙල කල් දැමීම ජාත්‍යන්තර ක්‍රීඩා දින දර්ශනය ද අවුල් ජාලයකට ඇද දැමූ අතර  බොහෝ සංවිධානවලට ඔලිම්පික් උළෙල සඳහා ඔවුන්ගේ ලෝක ශූරතා කල් දැමීමට සිදුවිය.

    ‘ලබන වසරේදී ඔලිම්පික් උළෙල සංවිධානය කිරීමේදී ඩොලර් මිලියන 800 ක් දක්වා පිරිවැයක් දැරීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව අපේක්ෂා කරන බව‘ බැච් පවසයි. 

    අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ දෘෂ්ටි කෝණයෙන් බලන කල, 2022 බීජිංහි ශීතඍතු ඔලිම්පික් උළෙල සහ පැරීසියේ 2024 ගිම්හාන ක්‍රීඩා සඳහා වැඩි කාලයක් ගතවනු ඇත.

    පසුගිය මාසයේ ටෝකියෝ ක්‍රීඩා ප්‍රධානී යොෂිරෝ මෝරි විසින් ද බැච්ගේ ප්‍රකාශයම ප්‍රතිරාවය කළ අතර ඔහු කියා සිටියේ තවත් ප්‍රමාදයක් සිදුවුවහොත් එය අවලංගු කළ යුතු බවයි.

    කොරෝනා වයිරසය ජපානයේ පුද්ගලයින් 17,100 කට වඩා ආසාදනය වී ඇති අතර එයින් 797 දෙනෙකු මියගොස් තිබේ.

    දෙවන ලෝක යුද්ධය හේතුවෙන් 1944 දී අවසන් වරට ඔලිම්පික් උළෙල අවලංගු කරන ලද නමුත් වසර 124 ක නූතන ඔලිම්පික් ඉතිහාසයේ මීට පෙර ප්‍රමාද වී නොමැත.

    අල් ජෂීරා වාර්තාවක් ඇසුරිණි – සකස් කළේ – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • අපේ රටේ දැනටමත් ‘ඕස්ට්‍රේලියාවටටත් වඩා’ ක්‍රිකට් ක්‍රීඩාංගණ තියෙනවා – අර්ජුන

    අපේ රටේ දැනටමත් ‘ඕස්ට්‍රේලියාවටටත් වඩා’ ක්‍රිකට් ක්‍රීඩාංගණ තියෙනවා – අර්ජුන

    අතිවිශාල මුදලක් වැය කර අලුතින් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ සෑදීමට වඩා එම මුදල් ක්‍රිකට් ක්‍රීඩාවේ සෑබෑ සංවර්ධනයට යොදවන්නැයි හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ අමෙරිකානු ඩොලර් මිලියන 40ක් වැය කරමින් හෝමාගම දියගම අලුතින් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් සාදන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන බලධාරින් කළ ප්‍රකාශයකට දැඩි ප්‍රතිචාරක් දක්වමිනි.

    ”අපේ රටේ ඇති වෙන්න ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ තියෙනවා. ඒවායින් ඓතිහාසික තරග රැසක් පැවැති අස්ගිරිය සහ මොරටුව වැනි ක්‍රීඩාංගණ අද අත්හැර තිබෙනවා. අප කළ යුත්තේ එැවැනි ක්‍රීඩාංගණ දියුණු කිරීමට සැලසුම් සකස් කිරීම මිසක් අලුතින් ජාත්‍යන්තර ක්‍රීඩාංගණ සැදීමට අතිවිශාල මුදලක් වැය කිරීම නෙමෙයි.‍ අපේ රටේ දැනටමත් ඕස්ට්‍රේලියාවටටත් වඩා ක්‍රිකට් ක්‍රීඩාංගණ ප්‍රමාණක් තියෙනවා. සමහර විට ඒ බව අපේ රටේ ක්‍රිකට් ලෝලීන් නොදන්නවා ඇති…” යි අර්ජුන රණතුංග පවසයි.

    මීට පෙර 2008 වසරේදී ද අර්ජුන රණතුංග මේ ලෙසම අති විශාල මුදලක් වැය කරමින් හම්බන්තොට ක්‍රිකට් ක්‍රීඩාංගණයක් සෑදීම විරුද්ධව සිය හඬ අවදි කළ අයෙකි. ඒ අවස්ථාවේදී ඔහු දරමින් සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරයයි. කෙසේනමුත් පසුව ඔහුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති තනතුරින් ඉවත් කළ අතර එම ඉවත් කෙරුණු ඒ  පිටුපස අති විශාල මුදලක් වැය කරමින් හම්බන්තොට ක්‍රිකට් ක්‍රීඩාංගණයක් සෑදීමට එරෙහිව කළ විවේචන හේතු වන්නට ඇතැයි සැලකේ. කෙසේනමුත් 2011 වසරේදී ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කර හම්බන්තොට ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදි කළ අතර එම ඉදිකිරීම්ද බලපාමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මූල්‍ය අර්බුදයකට ගොදුරු විය.

    “අපේ පාසල් ක්‍රිකට් ක්‍රීඩාව මීට වඩා දියුණු කළ යුතුයි. විශේෂයෙන්ම පාසල්වල ක්‍රීඩාංගණ දියුණු කිරීමට මෙන් ම පාසල් ක්‍රීඩකයින්ට අවශ්‍ය ක්‍රිකට් උපකරණ ලබා දීමට අපේ අවධානය යොමු විය යුතුයි. පිති තුනකින් පමණක් ක්‍රීඩා කරන පාසල් කණ්ඩායම් කොළඹ පවා තිබෙනවා. පිටත් පළාත්වලදී මේ තත්ත්වය තවත් බරපතලයි.  සනත් ජයසූරියලා මුත්තයියා මුරලිදරන්ලා ඉන්නේ පිට පළාත්වල. දේශපාලනඥයින් සතුටු කරමින් අලුතින් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ හදනවාට වඩා ඔවුන්ව හඳුනාගෙන ඔවුන්ගේ දක්ෂතා වර්ධනය කිරීමට අපි උදව් කළ යුතුයි…”යි ද අර්ජුන රණතුංග පැවසීය.

    ”ගණන් කරලා බලන්න සමහර ක්‍රීඩාංගණවල වසරකට තරග කීයද පැවැත්වෙන්නේ. පසුගිය වසර තුනේදී ම හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේ ක්‍රීඩා කළේ එකම තරගයක් විතරයි. ඒ වගේම පසුගිය වසර තුනේදීම දඹුල්ල ක්‍රීඩාංගණයේදී ජාත්‍යන්තර තරග පවත්වා නැහැ. අපට දැනටමත් තියෙන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණවල වසරකට එක තරගයක්වත් පවත්වා නැත්නම් තවත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ සෑදීමේ තියෙන ප්‍රයෝජනය මොකද්ද ? කිසිම ‍ප‍්‍රයෝජනයක් ‍නැහැ. මේවා කරන්නේ දේශපාලනඥයින් සතුටු කරන්න..

    ඒ වගේම මේ ක්‍රීඩාංගණය හදනවා කියලා ප්‍රකාශ කළ අවස්ථාව එවැන්නකට සුදුසු වෙලාවක් නෙමෙයි. අද නව කොරෝනා වෛරස වසංගතය නිසා ‍අපේ රටේ බොහෝ දෙනා පීඩාවට පත් වෙලා තියෙනවා. එදිනෙදා හම්බ කරගෙන ජීවත් වෙන අය දැඩි අසරණතාවයට පත් වෙලා තියෙනවා. මේ අපේ ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන ‍අපේ ම ක්‍රීඩා ලොලින්. පාරට ගියොත් අපිට බඩගින්නේ ඉන්න අය ඕනම තැනකින් හොයා ගන්න පුළුවන්. මිනිසුස් කෑම හොයා ගන්න දුක් විඳිනවා. ඒ අතරේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රිකට් ක්‍රීඩාංගණයක් හදන්න අමෙරිකානු ඩොලර් මිලියන 40ක් වැය කරන්න හදනවා. මේක‍ මෝඩ වැඩක්. මම ඇත්තට බලාපොරෝත්තු වෙනවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ මෝඩ වැඩේ නතර කරන්න අවධානය යොමු කරයි කියලා…..” යිද හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා පැවසීය.

  • ‘බන්දුලගේ ආසනේට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයක්’: සමාජ මාධ්‍ය කියන සුපිරි කතා

    ‘බන්දුලගේ ආසනේට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයක්’: සමාජ මාධ්‍ය කියන සුපිරි කතා

    ශ්‍රී ලංකාවේ විශාලතම අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉදිකිරීමට යෝජිත හෝමාගම, දියගමට ගොස් බලධාරීන් මැයි 17 වැනිදා ස්ථාන පරීක්ෂාවක් සිදු කිරීමත් සමගම ඒ පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුව තිබේ.

    රජය මුහුණදී ඇති දැඩි ආර්ථික අර්බුදය හමුවේ, හැකිනම් දිනක හෝ වැටුප පරිත්‍යාග කරන්නැයි ජනාධිපති ලේකම්වරයා රාජ්‍ය සේවකයන්ගෙන් ඉල්ලීමක් පවා සිදුකර ඇති පසුබිමක තවත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයක් ඉදි කිරීම සඳහා මුදල් යෙදවීම මේ මොහොතේ යෝග්‍ය නොවන බවට බොහෝ දෙනා අදහස් පළ කර තිබුණි.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන පරිදි යෝජිත ක්‍රීඩාංගනයේ ඉදිකිරීම් සඳහා වැය වෙතැයි අපේක්ෂා කරන මුදල ඩොලර් මිලියන 30-40ත් අතර අගයකි.

    එතරම් විශාල මුදලක් වැයකර තවත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයක් සැදීම මේ මොහොතේ ප්‍රමුඛ කාර්යයක් නොවන බවට පෙන්වීම සඳහා ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා මැයි 14 වන දින කළ බව කියන ප්‍රකාශයක් ද පදනම් කර ගෙන ඇත.

    ලංකා ගුරු සේවා සංගමය පවසන්නේ ජල පහසුකම් නැති පාසල් 582 ක් සහ සනීපාරක්ෂක පහසුකම් නොමැති පාසල් 800 කට වැඩි ප්‍රමාණයක් රටේ පවතින අතර ලක්ෂ 43 ක් වන පාසල් ළමුන්ගෙන් ලක්ෂ 12 කට මන්දපෝෂණය ඇති බව ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා පැවසූ බවය.

    එවන් තත්වයක් තුළ නව ජාත්‍යන්තර ක්‍රීඩාංගනයක් ඉදි කිරීම සඳහා මේ අවස්ථාවේ මුදල් ආයෝජනය යෝග්‍ය නොවන බවට ද ඇතැමුන් සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළ කර තිබේ.

    සමාජ මාධ්‍ය ජාල ප්‍රතිචාර

    මෙවැනි අදහස් පළ කරන්නේ මෙම සංවර්ධන ව්‍යාප්තිය ගැන නිසි අවබෝධයක් නොමැති අය බව සම කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන බීබීසී සිංහල සේවයට කියා සිටියේය.

    ඔහු පැවසු පරිදි නරඹන්නන් හැට දහසකට ආසන පහසුකම් සහිතව ඉදිකෙරෙන නව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ඉදිකිරීම් සඳහා අක්කර 26ක් වෙන් කර තිබේ.

    ”අපට තවත් ක්‍රීඩාංගනයක් අවශ්‍යද?”

    හිටපු ක්‍රිකට් නායකයෙකු වන මහේල ජයවර්ධන ද සිය Twitter ගිණුම හරහා මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා තිබුණි.

    මහේල ජයවර්ධනගේ ට්විටර් පණිවුඩය

    ”දැනට අප සතුව ඇති ක්‍රීඩාංගනවලවත් ප්‍රමාණවත් පරිදි ජාත්‍යන්තර හෝ දේශීය පළමු පෙළ ක්‍රිකට් තරග සෙල්ලම් කරන්නේ නෑ. අපට තවත් ක්‍රීඩාංගනයක් අවශ්‍යද?” ඔහු විමසා තිබුණි.

    හෝමාගම දියගම ප්‍රදේශයේ ඉදිවන ලංකාවේ විශාලතම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉදිකීරිමට යෝජිත භූමි ප්‍රදේශයේ ස්ථානීය පරික්ෂාව සඳහා අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සහ ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා ඇතුළු පිරිසක් සහභාගි වී තිබුණි.

    සමාජ මාධ්‍ය ජාල ප්‍රතිචාර
    සමාජ මාධ්‍ය ජාල ප්‍රතිචාර

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රතිචාරය

    “2024 සහ 2026 පැවැත්වෙන ICC ලෝක කුසලාන පන්දුවාර 50 සහ T20 මෙහෙ ගහන්න අපි බිඩ් එකක් දාලා තියෙනවා. ඒවා ලංකාවේ ගහනකොට අපිට ක්‍රීඩාංගන මදි,” යනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා බී.බී.සී සිංහල සේවයට කියා සිටියේය.

    “අනික ඛෙත්තාරාමය හදල තියෙන්නේ අසූ ගණන්වල. කොළඹ මැච් එකක් තියෙනකොට හැමදාම දහදාහක් විතර එළියේ ඉන්නවා ඉඩ නැතිව. අනිත් එක ආරක්ෂාව පැත්තෙන් අපිට අවශ්‍ය දේවල් කරන්න දියගම පුළුවන්. ඒවත් එක්ක තමයි අපි මේක හදන්න කල්පනා කළේ.”

    මේ ව්‍යාපෘතිය සඳහා රජයේ මුදල් භාවිත නොකරන අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ණය මුදලක් ලබා ගෙන නව ක්‍රීඩාංගනයේ වැඩ නිම කිරීමට සැළසුම් කර ඇතැයි ක්‍රිකට් සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

    සමාජ මාධ්‍ය ජාල ප්‍රතිචාර

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතුව ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාංගන තුනක් ඇත.

    ඒ පල්ලෙකැලේ, දඹුල්ල සහ සුරියවැව ක්‍රීඩාංගන වන අතර ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ ඛෙත්තාරාම ක්‍රීඩාංගනය පවතී.

    නව ක්‍රීඩාංගනය ඉදි කිරීමට යෝජිත භුමිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පවරා දීමට අවශ්‍ය කටයුතු මේ දිනවල සිදු කෙරේ.

    ”මහජනයාගේ බදු මුදල් සතයක්වත් වියදම් නොකර ආධාර, උපදෙස් හා අනුග්‍රහය යටතේ ලංකාවේ විශාලතම දිවා රාත්‍රී ක්‍රිකට් ක්‍රීඩාංගනය හදනවා එතන. ඛෙත්තාරාමය ප්‍රමාණවත් නෑ. එතන අක්කර 12යි. සීට් 20,000යි තියෙන්නේ. මේකේ පළමු අදියරේ සීට් 40,000යි. දෙවැනි අදියරේ සීට් 20,000යි. දකුණු අධිවේගී මාර්ගයේ ඉඳන් විනාඩි පහෙන් යන්න පුළුවන් විදියට හදන්නේ. මේ තැන තමයි දැනට කොළඹ තියෙන, අන්තර් ජාතික වශයෙන් ගැළපෙන ස්ථානය විදියට තෝරාගෙන තියෙන්නේ,” යනුවෙන් ආචාර්ය බන්දුල ගුණවර්ධන බීබීසී සිංහල සේවයට කියා සිටියේය.

    මෙම සම්පූර්ණ ලිපියම බී.බී.සී සන්දේශය වෙතින් උපුටා ගන්නා ලද්දකි. ශීර්ෂපාඨය පමණක් සංශෝධනය කර ඇත – ප්‍රධාන සංස්කාරක

  • මෙරට දැවැන්තම ක්‍රීඩාංගණය ඉදිකරන්න රජයෙන් ක්‍රිකට් ආයතනයට අක්කර 26 ක්

    මෙරට දැවැන්තම ක්‍රීඩාංගණය ඉදිකරන්න රජයෙන් ක්‍රිකට් ආයතනයට අක්කර 26 ක්

    වැඩි ප්‍රේක්ෂකයින් සංඛ්‍යෘවකට එකවර තරග නැරැඹීමේ පහසුකම උදා කරලමින් අංග සම්පූර්ණ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදි කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත අක්කර 26 ක භූමියක් හෝමාගම ප්‍රදේශයෙන්  ලබාදීමට වත්මන් ශ්‍රී ලංකා රජය විසින් පියවර ගෙන තිබේ. 

    හෝමාගම, දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණයට අයත් ඉඩමෙන් ලබා දී තිබෙන මෙම භූමියෙහි එකවර ප්‍රේක්ෂකයින් හතළිස්දහසකට (40,000) කට අධික පිරිසකට තරග නැරඹීමේ පහසුකම හිමිවනු ඇත. වැඩි ක්‍රීඩා ලෝලීන් සංඛ්‍යාවකට තරග නැරඹීමේ පහසුකම උදාකරදීමේ අරමුණින් කාලයක් තිස්සේම කොළඹට ආසන්නව සුදුසු ඉඩමක් ලබා ගැනීමට ඇති හැකියාව පිළිබඳව අවධානය යොමු කර සිටි අතර මෙම ඉඩම ලබා දීමත් සමඟ එකී ක්‍රීඩාංගණය ඉදි කිරීමේ හැකියාව ශ්‍රී ලංකා ලංකා ක්‍රිකට් ආයතනයට හිමිවනු ඇත.

    ඒ අනුව මෙම ක්‍රීඩාංගණය ඉදිකිරීම සඳහා කිසිදු අයුරකින් රජයේ මුදල් භාවිතා නොකරන අතර ව්‍යාපෘතිය සඳහා වූ මුදල් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ලබා ගනු ලබන ණය මුදලකින් ඉදි කිරීමට බලාපොරොත්තු වේ. ක්‍රිකට් ක්‍රීඩාවේ කෙටි ආකෘති සඳහා වැඩි වන ජනප්‍රියතාවය සැලකිල්ලට ගනිමිනි විශාල ජනකායකට පහසුවෙන් ප්‍රවේශ විය හැකි ස්ථානයනක් ලෙසින් මෙම දියගම භූමි භාගය සැලකිය හැකිය. 

    ප්‍රමාණවත් ආසන සංඛ්‍යාවකින් සමන්විතව අවම වශයෙන් ප්‍රේක්ෂකයින්  25,000 ත් 40,000 ත් අතර සංඛ්‍යාවකට තරග නැරඹිය හැකි අන්තර්ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩාංගණ පහක් හෝ රටක සතු වන්නේ නම් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීම කෙරෙහි උනන්දුවක් දැක්වීමට සාමාජික රටවලට අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් දැන් අවස්ථාව සලසා දී තිබේ. 

    වත්මන් තත්ත්වය අනුව මෙවැනි විශාල ප්‍රමාණයේ ක්‍රිකට් ක්‍රීඩාංගණයක් රටක් සතු වන්නේ නම් විශාල වශයෙන් විදේෂ මුදල් ගලා ඒමක් සිදුවන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විශ්වාසය පළ කර සිටියි. එමෙන්ම 2023 වසරේ සිට 2031 වසර දක්වා වූ කාල සීමාවේදී ලෝක කුසලාන තරග 2 ක් පැවැත්වීම කෙරෙහි අයි. සී. සී. ය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් සිදුකරන ලද විමසීමටද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යහපත් ප්‍රතිචාර ලබා දී තිබීමද මෙකී ක්‍රීඩාංගණය ඉදිකිරීමට ප්‍රධාන උත්තේජනයක් සපයන්නක් බවට පත්ව තිබේ.

    ඒ අනුව මෙම ව්‍යාපෘතියේ මූල්‍ය ශක්‍යතාව ඇතුළු සවිස්තරාත්මක වූ සියලුම පැතිකඩයන් පිළිබඳව අවධානය යොමු කරමින් මෙම ව්‍යාපෘතිය සඳහා ආයෝජනය කරන්නේ කෙසේද යන්න ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් තීරණය කරනු ඇත. මෙම ක්‍රීඩාංගණය ඉදිකිරීම පිළිබඳ වූ ව්‍යාපෘතිය පිළිබඳව දැනුවත් කිරීම වෙනුවෙන් ප්‍රකාශයට පත් කරන ලද මාධ්‍ය නිවේදනයේද මේ පිළිබඳව පැහැදිළිව සඳහන් කර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනාධිකාරිය, මෙම ව්‍යාපෘතිය ආරම්භ කළද ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් දැනට සිදුකරගෙන යනු ලබන සියළුම මෙහෙයුම් සහ සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා වෙන්කොට තිබෙන මුදල් ඒ අයුරින්ම ඒ අංශ වෙත ලබාදීමේ හැකියාවට කිසිදු බාධාවක් සිදු නොවන බවද විශේෂයෙන් සඳහන් කර සිටියි. 

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතු ප්‍රධානම ක්‍රීඩාංගණය වන්නේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය වන අතර එය 2006 වසරේදී සුගතදාස ක්‍රීඩා සංකීර්ණ අධිකාරියෙන් වසර 30 ක බද්දකට ලබාගෙන තිබෙන බවද එම මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර සිටින ක්‍රිකට් ආයතනය, එම ක්‍රීඩාංගණයේ සැලකිය යුතු තරග සංඛ්‍යාවක් පවත්වා තිබීම සාඩම්බරයට කරුණක් ලෙසින්ද සඳහන් කර තිබේ. එමෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවේ ගුණාත්මක භාවය ඉහළ තලයකට රැගෙන ඒම සඳහා භාවිතයට ගැනෙන ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානයද ස්ථාපනය කොට ඇත්තේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේය. 

    ආලෝක ධාරා මධ්‍යයේ තරග පැවැත්වීම සඳහා වූ පහසුකම සහිතව ඉදිකෙරෙන මෙම ක්‍රීඩාංගණය කොළඹ දෙවැනි මෙන්ම ශ්‍රී ලංකාවේ පස්වැනි දිවා රාත්‍රී තරග පැවැත්වීමට හැකි ක්‍රීඩාංගණය බවට පත්වනු ඇත. ආර්. ප්‍රේමදාස, රංගිරි දඹුල්ල, පල්ලකැලේ සහ සූරියවැව මහින්ද රාජපක්ෂ යන ක්‍රීඩාංගණ වර්තමාන දිවා රාත්‍රී තරග පැවැත්වීමේ පහසුකම් සහිත ක්‍රීඩාංගණ බවට පත්ව තිබේ. 

    Text copied by sl cricket

  • පාකිස්තාන එක්දින සහ T20 නායකත්වයට බාබර් අසාම්

    පාකිස්තාන එක්දින සහ T20 නායකත්වයට බාබර් අසාම්

    පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ එක්දින සහ T20 නායකත්වයට පිතිකරු බාබර් අසාම් පත් කළ බවත් 2020/2021 තරඟ කාලසීමාවේදී ඔහුගේ නායකත්වය යටතේ එක් දින කණ්ඩායම තරඟ කරන බවත් පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය අද (14) නිවේදනය කළා. පාකිස්ථාන ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය අසාර් අලීට හිමි වී ඇති අතර පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ගත් මේ තීන්දුව නිවැරදි බව පාකිස්තාන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිස්බා උල්හක් සදහන් කළා.

  • වෘත්තීයභාවය කියන්නේ ජානවලින් පැමිණිය යුතු දෙයක් – දිමුත් කරුණාරත්න

    වෘත්තීයභාවය කියන්නේ ජානවලින් පැමිණිය යුතු දෙයක් – දිමුත් කරුණාරත්න

    ලොව පුරා පැතිරෙමින් තිබෙන කොවිඩ් 19 වසංගතය හේතුවෙන් මාස 2 කට ආසන්න කාලයක් පුහුණුවීම්වල නිරත වීමේ හැකියාව නොමැති වුවත් යළිත් සිය සුපුරුදු දක්ෂතාවයන් වලට අවතීර්ණවීමේ හැකියාව වෘත්තීය ක්‍රීඩකයින්ට තිබිය යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න පවසයි.

    ‘ශ්‍රී ලංකා ක්‍රිකට්’ සමඟ සිදුකරන ලද විශේෂ සම්මුඛ සාකච්ඡාවකදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි ටෙස්ට් සහ එක්දින දෙඅංශයේ නායකයා එවැනි තත්ත්වයකට මුහුණදීම වෘත්තීය මට්ටමේ ක්‍රීඩකයකුට ජානගතව තිබිය යුතු බවද සඳහන් කර සිටියේය.

    “ක්‍රීඩාවේ නියැළෙද්දී ක්‍රීඩකයකුට හොඳ කාල වලදී වගේම නරක කාලවලදීත් කණ්ඩායමේ රැඳී සිටීමේ හැකියාව තිබිය යුතුයි. නමුත් කොවිඩ් 19 වැනි වසංගත වලදී ආකාර ගණනාවකින් ක්‍රීඩාව වෙනස් කරනවා කියන තැනයි මම ඉන්නේ. නමුත් ක්‍රීඩාවෙන් ඉහළට පැමිණීමේදී වෘත්තීයභාවය කියන්නේ ඔහුගේ ජානවලින් පැමිණිය යුතු දෙයක් කියලයි මම විශ්වාස කරන්නේ. විශේෂයෙන් ක්‍රිකට් ක්‍රීඩාවේදි” යැයි කරුණාරත්න පවසයි.

    රෝගී වසංගතය පවතින තත්ත්වය අනුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය විවෘත වන දිනයක් තවමත් නිශ්චිතව සඳහන් කළ නොහැකි වුවත් එළැඹෙන සැප්තැම්බර් මසදී පැවැත්වීමට නියමිතව තිබෙන විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල බලධාරීහු බලාපොරොත්තුවෙන් පසුවෙති. කෙසේ වෙතත් ඉදිරි ක්‍රිකට් කාල සටහන සඳහා සූදානම් වීම කෙරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් ඇතුළු කළමනාකාරීත්වයද පුහුණුවීම් ආරම්භ කිරීම කෙරෙහි අවධානය යොමු කර සිටිති.

    නියැළෙන කාර්යයෙහි සිය උපරිමය ලබා දීමට උත්සාහ දරන්නකු ලෙස පුහුණුකරු මිකී ආතර් ලොව පුරා ප්‍රසිද්ධියක් උසුලන පුහුණුකරුවෙකි. එහෙත් අදාළ සාකච්ඡාවේදී මිකී ආතර් පිළිබඳව අදහස් දක්වන ශ්‍රී ලංකා නායකයා මිකී ආතර් යනු එතරම්ම කලබලයක් නැති පුද්ගලයෙක් බව සඳහන් කර සිටියි. “ඔව්. මිකී කියන්නේ එතරම් කලබලයක් නැති පුද්ගලයෙක්”යැයි පවසන දිමුත්, “ඔහු ඔහුටම ආවේණික ක්‍රමයකට කණ්ඩායමකට වඩාත්ම අවශ්‍ය වන විශ්වාසය ක්‍රීඩකයින් තුළ ගොඩනැංවීමට සමත්වෙලා තියෙන කෙනෙක්. ඒ වගේම ඔහුගේ ජාත්‍යන්තර මට්ටමේ සැලසුම් සහ ක්‍රීඩකයින්ට සිදුකිරීමට නියමිත භූමිකාව කුමක්ද යන්න පිළිබඳව ඔහු නිතරම අවධානය යොමු කරන කෙනෙකි. කණ්ඩායමේ ක්‍රීඩකයින් වුණත් ක්‍රීඩා කරද්දී ඉතා උද්යෝගයකින් කටයුතු කරනවා”යි සඳහන් කර සිටියි.

    “ඇත්තටම මේ දේවල් නිසා නායකයකු වශයෙන් මගේ කාර්යයන් සියල්ල පහසු කරනවා. කොදෙව්වන්ට එරෙහිව පැවැති එක්දින තරගාවලියේ අපි ලද ජයග්‍රහණය ඊට හොඳම උදාහරණයක්”යිද දිමුත් අවධාරණය කරයි. 

    දිනේෂ් චන්දිමාල්ගෙන් පසු ශ්‍රී ලංකාවේ 17 වැනි ටෙස්ට් නායකයා බවට පත් වුණු දිමුත් නායකත්වය දරන ලද පළමු තරගාවලියේදීම දකුණු අප්‍රිකාව ඔවුන්ගේ නිජබිමේදී 2-0 ක් ලෙස පරාජය කිරීමට සමත්විය. මෙම තරගාවලි ජය සටහන් වූයේ ආසියානු කණ්ඩායමක් දකුණු අප්‍රිකානුවන්ව ඔවුන්ගේ මව්බිමේදී පරාජය කරන ලද පළමු අවස්ථාව ලෙසිනි. මෙය දිමුත්ගේ ක්‍රිකට් දිවියේ තවත් එක් සංදිස්ඨානයක් වූ බව මෙම සාකච්ඡාවේදී සඳහන් කර සිටියේය.

    “ඇත්තටම කාටද අමතක වෙන්නේ තමන් ටෙස්ට් වරම් දිනා ගත්ත දවස සහ පළවැනි ශතකය ලබා ගත් දිනය. ඒ වගේම තමයි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ එංගලන්තය පරාජය කරලා ලබපු ජයග්‍රහණය. ඒ වගේම මගේ නායකත්වය යටතේ දකුණු අප්‍රිකාව ඔවුන්ගේ රටේදීම පරාජයට පත් කිරීමට හැකි වීම මගේ ක්‍රිකට් දිවියේ ස්වර්ණමය අවස්ථාවක් විදියටයි මම සලකන්නේ”යි දිමුත් පවසයි. 

    නායකයකු ලෙස ඇති සැලසුම් පිළිබඳව අදහස් දැක්වීමේදී, “ශ්‍රේණිගත කිරීම්. ඇත්තටම නායකයකු විදියටත් ක්‍රීඩකයකු විදියටත් මගේ තියෙන එකම වචනය. මම හිතන්නේ ශ්‍රී ලංකාව සියළුම අංශයේ ශ්‍රේණිගත කිරීම්වලදී පළමු සිව්දෙනා අතරට පැමිණිය යුතුයි කියලා. ඒ වගේම ක්‍රීඩකයෙක් තමන්ගේ දවස හොඳින් ක්‍රීඩා කරනවා නම් ලෝක කුසලානය දිනන්න පුලුවන් කියන විශ්වාසය මට තියෙනවා”යි පවසයි.

    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල ශ්‍රේණිගත කිරීම්වලට අනුව දිමුත් කරුණාරත්නගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා ටෙස්ට් පිල එම පස්වැනි ස්ථානයේත්, එක්දින අංශයේ 8 වැනි ස්ථානයේත් පසුවෙති. ලසිත් මාලිංග විසින් නායකත්වය දරනු ලබන විස්සයි-20 තරග අංශයේ ශ්‍රී ලංකාව 7වැනි ස්ථානයේ රැඳී සිටින්නේය.

    නවසීලන්තයට එරෙහිව 2012 වසරේදී ටෙස්ට් වරම් දිනා ගන්නා දිමුත් 2015 වසර වන විට ටෙස්ට් පිලේ ස්ථාවර ආරම්භක පිතිකරුවාගේ ස්ථානය තම නම වෙනුවෙන් වෙන්කර ගන්නේය. සිය මංගල ඉනිමේදී ලකුණු නොලබා දැවී ගියද දෙවැනි ඉනිමේදී ලකුණු 60 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා පිල කඩුලු 10 ක ජයග්‍රහණයක් කරා රැගෙන යෑමට දායකත්වය ලබා දෙන්නේය.

    පළමු ඉනිමට වඩා පන්දුවට පහර දීමට අසීරු යැයි සැලකෙන දෙවැනි ඉනිමේදී පිතිකරුවකු ලෙස වැඩි සාර්ථකත්වයක් ලබා ගැනීමට දිමුත් සමත්වීම ඔහු තුළ ඇති දක්ෂාතාවයේ විශේෂත්වය වේ. මෙය ඔහුට කණ්ඩායම තුළ ස්ථාවරත්වයක් ගොඩ නඟා ගැනීම සඳහා වූ ප්‍රධානම මං පෙත් විවර කරන සිදුවීමක් බවට පත්විය. මෙම දක්ෂතාවය හේතුවෙන් බහුතරයක් විස්තර විචාරකයින් දිමුත්ව හඳුන්වනු ලබන්නේ දෙවැනි ඉනිමේ විශේෂඥ පිතිකරුවා ලෙසිනි. හිටපු නායක ටී. එම්. ඩිල්ෂාන්ගෙන් පසු එක් වසරක වැඩිම ශතක සංඛ්‍යාවක් ලද ශ්‍රී ලංකා පිතිකරුවන් අතර දෙවැනි ස්ථානයට පත්වන්නේ 2017 වසරේදී ශතක 3 ක් වාර්තා කර ගනිමිනි. ඔහුට ඉදිරියෙන් සිටින ඩිල්ෂාන් එක් වසරකදී ශතක 4 ක් ලබාගැනීමට සමත්ව සිටියි. 

  • ICC -2020 නවතම ශ්‍රේණිගත කිරීම්වලදී ‘ලංකාවට ඇපත් නෑ’

    ICC -2020 නවතම ශ්‍රේණිගත කිරීම්වලදී ‘ලංකාවට ඇපත් නෑ’

    ICC හෙවත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ලෝක ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් ඊයේ (04) ප්‍රකාශයට පත් කළා. ඒ අනුව ටේස්ට් කණ්ඩායම්, එක්දින කණ්ඩායම් සහ විස්සයි විස්ස කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වලට ඇතුළත් වෙනවා. ඒ අතර ක්‍රීකඩකිය්න ශ්‍රේණිගත කර තිබෙනවා.

    පහත ඒ සම්බන්ධ සියලු විස්තර පළ වෙනවා.

    ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්

    ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව පළමු තැන ඔස්ට්‍රේලියාවට හිමිව ඇති අතර දෙවැනි තැන නවසීලන්තයත් තෙවැනි ස්ථානය ඉන්දියාවටත් හිමිව තිබෙනවා. සිව්වැනි තැන එංගලන්තයට හිමිව ඇති අතර ලංකාව පසුවන්නේ පස්වන ස්ථානයේයි.

    එක් දින ශ්‍රේණිගත කිරීම්

    2020 එක්දින ශ්‍රේණිගත කිරීම් අනුව ප්‍රථම ස්ථානයේ ලෝක ශූර එංගලන්තය පසුවන අතර දෙවැනි ස්ථානය ඉන්දියාව ද තෙවැනි ස්ථානය ලෝක අනුශූර නවසීලන්තය විසින් ද දිනාගෙන තිබෙනවා. ශ්‍රී ලංකාව පසුවන්නේ 08 වැනි ස්ථානයේයි.

    T 20 ශ්‍රේණිගත කිරීම්

    විස්සයි විස්න ශ්‍රේණිගත කිරීම් අනුව පළමු ස්ථානයට හිමිකම් කියන්නේ ඔස්ට්‍රේලියාවයි. දෙවැනි තැන එංලගන්තය හා තෙවන ස්ථානය ඉන්දියාව ද සිවුවැනි තැන පාකිස්ථානය ද දිනාගෙන තිබෙනවා. ශ්‍රී ලංකාව පසුවන්නේ 07 වැනි ස්ථානයේයි.

    ටෙස්ට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්

    ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම් අනුව පළමු ස්ථානයේ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ස්ටීව් ස්මිත් පසුවන අතර දෙවැනි තැන ඉන්දියානු නායක චිරාත් කෝලි විසින් දිනාගෙන තිබෙනවා. කිසිදු ශ්‍රී ලංකික ක්‍රීඩකයෙක් හොදම ටෙස්ට් පිතිකරුවන් 10 දෙනා අතර නොවීම විශේෂත්වයක්.

    හොදම ටෙස්ට් පන්දු යවන්නන් අතර පළමු ස්ථානය දිනා ගැනීමට ද ඔස්ට්‍රේලියානු පන්දුවන්නෙකු වන Pat Cummins සමත් වී තිබෙනවා. දෙවැනි ස්ථානය ද ඔස්ට්‍රේලියානු පන්දු යවන්නකු විසින් දිනාගෙන ඇති අතර හොදම ටෙස්ට් පන්දු යවන්නන් 10 දෙනා අතරට ද මෙවර කිසිම ශ්‍රී ලංකික පන්දු යවන්නෙක් තේරී නැහැ.

    හොදම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමේ Jason Holder පත්ව ඇති අතර ඒ හොදම තුන් ඉරියව් ටෙස්ට් ක්‍රීඩකයින් 10 දෙනා අතර කිසිදු ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙක් නැහැ.

    එක්දින ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්

    එක්දින ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් අනුව හොදම එක්දින පිතිකරු ලෙස ඉන්දීය කණ්ඩායමේ චිරාත් කෝලී නම්කර තිබෙනවා. එහි දෙවැනි ස්ථානය ඉන්දීය කණ්ඩායමේම රෝහිත් ෂර්මා විසින් ද තෙවැනි ස්ථානය පාකිස්ථානු කණ්ඩායමේ බබාර් අසාම් විසින් ද දිනාගෙන තිබෙනවා. හොදම එක්දින පිතිකරුවන් 10 දෙනා අතර කිසිදු ශ්‍රී ලාංකික පිතිකරුවෙක් නොවීම විශේෂත්වයක්.

    හොදම එක්දින පන්දු යවන්නා ලෙස නවසීලන්ත කණ්ඩායමේ Trent Boult ද දෙවැනි ස්ථානයට ඉන්දීය කණ්ඩායමේ Jasprit Burmah ද නම්කර ඇති අතර හොදම එක්දින පන්දු යවන්න් 10 දෙනා අතරට ද කිසිම ශ්‍රී ලාංකික පන්දු යවන්නෙක් නම්කර නැහැ.

    හොදම තුන් ඉරියම් එක්දින ක්‍රීඩකයා ලෙස නම්කර ඇත්තේ ඇෆ්ගනිස්ථාන එක්දින කණ්ඩායමේ මොහොමඩ් නාබියි.

    T 20 ක්‍රීකඩ ශ්‍රේණිගත කිරීම්

    විස්සයි විස්ස ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් අනුව හොදම විස්සයි විස්ස පිතිකරු ලෙස පාකිස්ථාන විස්සයි විස්ස කණ්ඩායමේ බබාර් අසාම් ද හොදම විස්සයි විස්ස පන්දු යවන්නා ලෙස ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ රෂීඩ් ඛාන් ද නම්කර ඇති අතර හොදම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ මොහොමඩ් නාබි නම්කර තිබෙනවා.

    සටහන – තුෂාධවි – ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිල වෙබ් අඩවිය ඇසුරිණි.

  • දකුණු අප්‍රිකානු පිලේ ශ්‍රී ලංකා තරග සංචාරයත් කල් යයි

    දකුණු අප්‍රිකානු පිලේ ශ්‍රී ලංකා තරග සංචාරයත් කල් යයි

    වර්තමානය වන විට ගෝලීය වශයෙන් මුහුණ දී සිටින කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් ලබන ජුනි මස ආරම්භ වීමට නියමිතව තිබූ දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය දින කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

    දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන බලධාරීන් සිදුකරන ලද සාකච්ඡාවකින් අනතුරුව උක්ත තීරණයට දෙපාර්ශ්වයම එළැඹ සිටිති.

    මිනිස් ජීවිත දහස් ගාණක් බිළිගෙන තිබෙන කොරෝනා වෛරස් තත්ත්වයෙන් යථා තත්ත්වයට පත්වීමෙන් පසු මෙම තරගාවලිය නැවත පැවැත්වීම කෙරෙහි අදාළ සාකච්ඡාවේදී දෙපාර්ශ්වය එකඟතාවයකට එළැඹ සිටිති.

    මෙම තරග සංචාරය යටතේ ශ්‍රී ලංකාවට එරෙහිව දකුණු අප්‍රිකානු පිල එක්දින තරග 3 කට සහ විස්සයි-20 තරග 3 කට සහභාගිවීමට නියමිතව තිබිණ.

    By SL Cricket

  • ඉන්දිය ක්‍රිකට් තරුව K.L රාහුල් සහ බොලිවුඩ් තරුව ආතියා ෂෙට්ටි ‘අතේ මාට්ටු’

    ඉන්දිය ක්‍රිකට් තරුව K.L රාහුල් සහ බොලිවුඩ් තරුව ආතියා ෂෙට්ටි ‘අතේ මාට්ටු’

    ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක R.L Rahulගේ උපන් දිනය තිබුණේ ඊයේ (18). ඉන්දියාව වසා දමා තිබීම නිසා කිසිම උත්සවයක් තිබුණේ නැහැ. ඒ නිසා ලෝකයේ සෑම තැනම සිදුවන ආකාරයට සුභ පැතුම් සියල්ල සිදු වුණේ සමාජ මාධ්‍ය හරහා.

    රාහුල්ට සුභ පැතුම් එක් කළ අය අතර ක්‍රිකට් ක්‍රීඩකයින්, කීර්තිමත් දේශපාලනඥයින් හා ව්‍යාපාරිකයින් සිටියා. ඒ අතර සුපුරුදු ලෙස බොලිවුඩ් තරු, විශේෂයෙන් බොලිවුඩ් සුරූපිනියන් සිටියා.

    ඒ සියලු සුභ පැතුම් අතර විශේෂ සුභ පැතුමක් කෙරෙහි ඉන්දීය ඕපාදූපකරුවන්ගේ, කාරියන්ගේ අවධානය යොමු වුණා. ඒ ආතියා ෂෙට්ටි Athiya Shetty විසින් රාහුල්ට යොමු කළ ඉන්ස්ටග්‍රෑම් සුභ පැතුම. මේක දැකක් බොහෝ දෙනෙක් එහි කිසියම් විශේෂත්වයක්, රහස්‍යභාවයක් දුටුවා. ඒකට හේතුව වුණේ රාහුල් – ආතියා ගැන ඕපාදූප රැසක් පසුගිය කාලය පුරාම බොලිවුඩය පුරා පැතිර යාමයි.

    ඒත් ආතියා – රාහුල් ඒ ඕපාදූප ප්‍රතික්ෂේප කරලා තිබුණා. ‘අනේ අපි අතර එහෙම දෙයක් නෑ‘ කියලා ආතියා දිවුර දිවුරා කිව්වා.

    මේ තත්ත්වය තුළ තමයි ආතියගේ සුබ පැතුම් පෝස්ට් එක අලුත් ගින්නක් ඇවිලුවේ. ඒ නිසා ඉන්දිය වෙබ්කරුවෝ වගේම බොලිවුඩ් ඕපදූප පත්තර, වෙබ් ගත් කටටම කිව්වේ ‘නෑ මෙන්න ඇත්ත හෙළි වෙලා. ආදරේ හංගන්න බැහැ‘ කියලයි.

    ‘මේක රාහුල් – ආතියා සම්බන්ධය තහවුරු කරන නිල පොස්ට් එකක්‘ කියලා සුප්‍රකට වෙඩ් අඩවි කිහිපයක්ම කිව්වා.

    ආතිය ෂෙට්ටි රාහුල්

    ආතියා තමා සහ රාහුල් බොහෝ සතුටින් සිනාසෙමින් සිටින රොමැන්ටික් / ප්‍රේමනීය ඡායාරූපයක් තම සුභපැතුමට යොදා ගත්තාය. ඡායාරූපයට වඩා වැදගත් වු‍ණේ, ඕපාදූප සදහා හේතු වුණේ ඇයට ඡායාරූපයට ලබා දුන් ශීර්ෂපාඨයයි.

    athiyashetty's profile picture

    athiyashetty

    Happy birthday, my person @rahulkl.” (සුභ උපන්දිනයක්, මගේ පුද්ගලයා @ රාහුල් කේ.එල්)

    දැන් එය කෙතරම් හුරුබුහුටි ද?

    ආතියා ෂෙට්ටි – රාහුල් අතර ආදර සම්බන්ධයක් තිබෙන බවට වන කතාවක් ටැබ්ලොයිඩ් පත්තර සහ වෙඩ් අඩවි විසින් මේ වන විට තහවුරු කර තිබෙනවා.

    ආතියා – රාහුල් නිතර නිතර ඉන්ස්ටග්‍රෑම් මගින් හමු වෙන බවයි ඕපාදූප මාධ්‍ය කියන්නේ. ඒවා අතර හුවමාරු වන පෝස්ට් ආදරණීය ඒවා බවත් ඔවුන් කියනවා.

    කොතරම් ඕපදූප පැතිරුණත් ආතියා – රාහුල් ඒවා තහවුරු කළේ නැති අතර දිගින් දිගටම ඒවා ප්‍රතික්ෂේප කළේය. එහෙත් තව දුරටත් ආතියා – රාහුල් පෙම්පුවත හුදු ඕපාදූපයක් නොවන බව ඉන්දීය මාධ්‍යවල හැගීමයි.

    ‘ආතියා රාහුල්ගේ උපන් දිනේට යොමු කළ පෝස්ට් එක බැලීමෙන් ඒ බව තහවුරු වෙනවා. ආතියියාට ඇගේ ක්‍රිකට් ක්‍රීඩක-පෙම්වතාට දිය හැකි මිහිරි තෑග්ග මෙය බව අපට හැඟේ‘

    ආතිය ෂෙට්ටි රාහුල්

    Filmfare ඇසුරිණි – සකස් කළේ – තුෂාධවි

  • IPL දින නියමක් නැතිව කල් යයි

    IPL දින නියමක් නැතිව කල් යයි

    “නැවත දැනුම් දෙන තුරු” ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරඟාවලිය අත්හිටුවා ඇති බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කළේය. පසුගිය මාර්තු 29 වෙනිදා ආරම්භ වීමට නියමිතව තිබු ‘විස්සයි විස්ස’ තරඟාවලිය අත්හිටුවා ඇත්තේ කොරෝනාවෛරස් වසංගතය හේතු කොට ගෙනය.

    වසංගතය පාලනය කිරීමේ අරමුණින් ඉන්දියාව ‘ලොක්ඩවුන්’ කෙරුණු අතර එය මැයි මස 3 වෙනිදා දක්වා දීර්ඝ කර තිබේ.

    “අපේ ප්‍රමුඛත්වය ලැබෙන්නේ ජාතියේ සහ මේ මහඟු ක්‍රීඩාවට සම්බන්ධ සියලු දෙනාගේ සෞඛ්‍ය ආරක්ෂාවටයි.” ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පැවසීය.

    ඉන්දීය වැසියන් නිවෙස්වලට සීමා කිරීමෙන් (ලොක්ඩවුන්) අනතුරුව බලපැවැත්වෙන දැඩි නීති යටතේ විවෘතව තැබීමට අවසරය ලැබී ඇත්තේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අලෙවි කෙරෙන වෙළඳසැල් සහ ඖෂධ සැල් සඳහා පමණි.

    ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරඟාවලිය පැවැත්විය යුත්තේ ඒ සඳහා ආරක්‍ෂිත සහ සුදුසු අවස්ථාව පැමිණි විට පමණක්ය යන එකඟතාවයට සියලු පාර්ශව පැමිණ ඇතැයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

    එය නැවත පැවැත්වෙන දිනයක් පිළිබඳව යෝජනාවක් ඉදිරිපත් වී නොමැත.

    ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 2019 ශූරතාව හිමි කර ගත් මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට ජයග්‍රහණය ලබා දීම සදහා මූලිකත්වය ගත්තේ ලසිත් මාලිංගය.

    එක්දින සහ T20 ක්‍රිකට් ඉතිහාසයේ අඛණ්ඩව පන්දු 4කදී කඩුලු 4ක් දවා ගැනීමට සමත් වූ එක ම පන්දු යවන්නා ලසිත් මාලිංග වේ.

    මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය සඳහා එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයන් එකොළොස් දෙනෙකු ද සහභාගී වීමට නියමිතව තිබුණි. ක්‍රිකට් ලෝක කුසලානය හිමිකරගත් බෙන් ස්ටෝක්, ඕවන් මෝගන් සහ ජොස් බට්ලර් ද ඒ අතර විය.

    රාජස්ථාන් කණ්ඩායම විසින් පවුම් මිලියන 1.4කට බෙන් ස්ටෝක් මිල දී ගනු ලැබිණි. එමෙන්ම මෝගන්, බට්ලර් සහ ටොම් කුරන්ට දල වශයෙන් පවුම් 500,000ක් බැගින් වටිනා කොන්ත්‍රාත්තු හිමි විය.

    ආබාධයකට ගොදුරු වීම හේතුවෙන් ජෝෆ්රා ආචර්, රාජස්ථාන් කණ්ඩායමේ කොන්තරාත්තුවෙන් ඉවත් විය.

    දිල්ලි කැපිටල් කණ්ඩායම සමඟ අත්සන් තැබූ කොන්තරාත්තුවෙන් ක්‍රිස් වෝක්ස් ඉවත් වූයේ එංගලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන ජාත්‍යන්තර තරග සඳහා සහභාගී වීමට තීරණය කිරීම හේතුවෙනි.

    අතිශය උත්කර්ෂවත් වූ මෙම ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය ආරම්භ වුයේ 2008 වසරේදී ය. එවක පටන් සෑම වසරකම මාර්තු සහ ජුනි මාසය අතරතුර එය පැවැත්වුණි.

    2009 වසරේ පැවැත්වුණු IPL තරඟාවලිය දකුණු අප්‍රිකාවේ පැවැත්වූයේ ආරක්‍ෂිත හේතුන් මතය.

    ඉන්දීය මහ මැතිවරණය පැවැත්වීම හේතුවෙන් 2014 තරඟාවලියෙන් කොටසක් පමණක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වුණි.

    වර්තමානය වන විට ලොව ධනවත්ම, පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ලීගය බවට පත් වී ඇත්තේ ඉන්දීය ප්‍රීමියර් ලීග තරඟාවලිය වේ.

    Text by BBC Sandesaya

  • IPL දින නියමයක් නොමැතිව කල් යයි

    IPL දින නියමයක් නොමැතිව කල් යයි

    2020 ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගමාලාව (IPL) යළි දැනුම් දෙන තුරු අත්හිටුවීමට තීරණය කර ඇති බව ඉන්දීය මාධ්‍ය සදහන් කරනවා. කොරෝනා වෛරසය ඉන්දියාව තුළ වේගයෙන් ව්‍යාප්ත වීම ඊට හේතුව බව සදහන්.

    ඊයේ (අඟහරුවාදා) සවස ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති සෞරව් ගංගුලි, ලේකම් ජේ ෂා, භාණ්ඩාගාරික අරුන් ධුමාල්, අයිපීඑල් සභාපති බ්‍රිජේෂ් පටෙල් යන මහත්වරුන් සම්මන්ත්‍රණ ඇමතුමක් ලබා ගත් අතර ඒ අනුව මෙම තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය වී තිබෙනවා.

    එහෙත් ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලය මේ දක්වා මේ සම්බන්ධයෙන් නිල නිවේදනයක් නිකුත් කර නොමැති බවයි මාධ්‍ය වාර්තාවල සදහන් වන්නේ. ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ පාලක මණ්ඩලය රැස්වීමෙන් පසු විධිමත් නිවේදනයක් නිකුත් කිරීම සිදුවනු ඇති බවයි අපේක්ෂා කරන්නේ.

    ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගමාලාව (IPL) තරඟාවලිය මීට පෙර අපේ‍්‍රල් 15 වන දින දක්වා අත්හිටුවා තිබුණ  නමුත් ඉන්දියාවම වසා දැමු සීමාවන් මැයි 03වනදා දක්වා දීර්ඝ කිරීමට පියවර ගැනීමත් සමඟ IPL තරගාවලිය තවදුරටත් කල් දැමීම හැර වෙනත් විකල්පයක් නොමැති බවයි ඉන්දිය මාධ්‍ය සදහන් කරන්නේ.

  • ලැන්කෂයර් ප‍්‍රාන්ත ක්‍රිකට් සභාපති කොවිඩ් 19  ආසාදනයෙන් මරුට

    ලැන්කෂයර් ප‍්‍රාන්ත ක්‍රිකට් සභාපති කොවිඩ් 19 ආසාදනයෙන් මරුට

    එංගලන්තයේ ලැන්කෂෙයර් ප්‍රාන්ත ක්‍රිකට් සමාජයේ සභාපති ඩේවිඩ් හොඩ්කිස් Lancashire chairman David Hodgkiss මහතා (71) කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් පසුගියදා ජීවිතක්ෂයට පත් වුණා. වසර ගණනාවක් ලැන්කෂයර් ප්‍රාන්ත ක්‍රිකට් සමාජය සමඟ කටයුතු කළ හොඩ්කිස් මහතා එහිදී භාණ්ඩාගාරික සහ උප සභාපති ධුරයන්හි ද කටයුතු කර තිබෙනවා.

  • ‘සක්ෂි‘ ඉදිරිපත් නොවුණා නම් සුපිරි ක්‍රීඩක දෝනිගේ නම්ඹුව ඉවරයි

    ‘සක්ෂි‘ ඉදිරිපත් නොවුණා නම් සුපිරි ක්‍රීඩක දෝනිගේ නම්ඹුව ඉවරයි

    නිවැරදි මූලාශ‍්‍රමත පදනම් නොවී ‘හුදු’ තොරතුරු පමණක් මුදා හරින සමාජ මාධ්‍ය ඉන්දිය ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මෙහන්ද්‍ර සිං දෝනිව ඉලක්ක කරගෙන පසුගිය දිනවල ගෙන ගිය ප‍්‍රචාරය සාවද්‍ය පුවතක් බව මේ වන විට හෙළිව තිබෙනවා.

    නව කොවිඩ් වෛරසය මර්ධනය සඳහා පූනේ හි සමාජ සුබසාධන ආයතනයක් දියත් කළ වැඩසටහනක් වෙත සහාය දක්වමින් සුපිරි ඉන්දීය හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි පරිත්‍යාග කළ රුපියල් 100,000ක මුදල සම්බන්ධව සමාජ මාධ්‍ය මගින් ඔහුට දැඩි විවේචන එල්ල වුණා.

    ඉන්දිය සමාජ මාධ්‍ය වෙතින් පමණක් නොව ලොව පුරා සමාජ මාධ්‍ය වෙතින් දෝනිව දැඩිව විවේචනයට ලක් වුණේ ලෝකයේ ධනවත්ම ක්‍රිකට් ක්‍රීඩකයන් අතර ඉදිරියෙන්ම පසුවන දෝනි මේ වැනි සුළු මුදලක් පිරිනැමීම පිළිබඳවයි.

    ඊට හේතු වශයෙන් සමාජ මාධ්‍ය ඉදිරිපත් කළේ හිටපු ඉන්දීය සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් ඉන්දීය රුපියල් ලක්ෂ 50ක්, හිටපු ක්‍රීඩක හා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ වත්මන් සභාපති සෞරව් ගංගුලි ලක්ෂ 50ක් වටිනා සහල් පරිත්‍යාග කිරීමට පියවර ගෙන තිබීමයි.

    එහෙත් සුපුරුදු ලෙස මේ සම්බන්ධයෙන් පිළිතුරු දීමට දෝනි ඉදිරිපත් නොවුණත් බැරිම තැන ඔහුගේ බිරිද Sakshi Dhoni ට්වටර් පණිවුඩයක් නිකුත් කරමින් සමාජ මාධ්‍යය වෙත පවසා ඇත්තේ මෙවැනි සංවේදී අවස්ථාවක අසත්‍ය පුවත් ප්‍රචාරය නොකරන ලෙසයි.

    මේ ට්වීටර් පණිවුඩයෙන් ඇති වූ වාතාවරණය හමුවේ ඇය එහි සැබෑ සිදුවීම මාධ්‍යයට වාර්තා කර තිබුණා.

    එහිදී ඇය සදහන් කළේ අදාළ සමාජ සේවා ආයතනයේ ඉලක්කය වී ඇත්තේ ඉන්දීය රුපියල් මිලියන 12.5ක මුදලක් උපයා ගැනීම බවයි. ඔවුන්ගේ ඉලක්කය වූ රුපියල් මිලියන 12.5ක මුදල සම්පූර්ණ කිරිමට අවසානයේ දී ඉතිරිව ඇත්තේ රුපියල් ලක්ෂයක් පමණක් බැවින් එය පරිත්‍යාග කිරීමට දෝනි කටයුතු කළ බවයි ඇය වැඩි දුරටත් සදහන් කර ඇත්තේ.

    දෝනි ඉදිරියේදි මෙවැනි පරිත්‍යාග ගණනාවක් සිදු කිරීමට බලාපොරොත්තු වන බව ද ඇය සඳහන් කර තිබුණා.