Category: සුපිරි Sports

  • ලකුණු 339 එලවන්න යුවරාජ් එද්දී ප්‍රබලයන් රැසක් වාර්තාවකින් එලියට…

    ඉන්දීය ක්‍රීඩක යුවරාජ් සිං ICC අවසන් තරගයට එක්වෙමින් වාර්තාවක් පිහිටුවනු ලැබුවා.

    ඒ,ICC අවසන් තරග වැඩිම ගණනකට එක්වූ ක්‍රීඩකයා ලෙසයි.

    මීට පෙර මහේල, සංගක්කාර සහ  පොන්ටින් අවසන් තරග හයක්  තරග කර තිබුණා.

    මේ තරගයත් සමග යුවරාජ් සිං අවසන් තරග 7කට එක්ව තිබෙනවා.

    [rns_reactions]

  • ගෙදර යන සනා ගේ පුටුවේ වාඩිකරවන්න ගුරු ව සූදානම් කරයි.

    ශී‍්‍ර ලංකා කි‍්‍රකට් තේරිම් කමිටුවේ සභාපති ධුරය වත්මන් කණ්ඩායම් කළමණාකරු අසංක ගුරුසිංහට හිමිවනු ඇතැයි වාර්තා වනවා.

    සනත් ජයසූරිය ප‍්‍රමුඛ වත්මන් තේරිම් කමිටුවේ නිල කාලය මේ මස අවසන්වීමට නියමිතයි.

    ඔවුන්ගේ නිල කාලය තවදුරටත් දීර්ඝ නොකරනු ඇති බවද වැඩිදුරටත් වාර්තා වනවා.

    අසංක ගුරුසිංහ මේ වනවිට තේරීම් කමිටුවේ සාමාජිකයෙකු වශයෙන්ද කටයුතු කරනවා.

    ශී‍්‍ර ලංකා කි‍්‍රකට් තේරිම් කමිටුවේ සිදුවන මෙම වෙනස්කම් ඉදිරියේදී දැනුම් දෙනු ඇති බවයි වෙත වාර්තා වන්නේ.

    [rns_reactions]

  • ලංකාවේ මිනිසුන්ගේ දුක දැනුනේ නැති ඉන්දියාවේ මිනිසුන්ගේ දුක දැනුන සංගක්කාර (VIDEO)

    මෙය ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් නොව එක්සත් ජනරජයේ මිනිසුන් වෙනුවෙන් ඔහු සිදුකරනා ඉල්ලීමකි.අපි කුහකයන් නොවෙමු.සමස්ථ මිනිස් සමාජය වෙනුවෙන්ම එක්සත් රාජධානියේ මිනිසුන් වෙනුවෙන් ඔහු සිදුකරන සේවය අගය කරන්නෙමු.

    2015 දෙසැම්බර් චෙන්නායි ගංවතුවර වෙනුවෙන් සංගා මිලියන 6ක්ද මුරලි මිලියන 10ක්ද ප්‍රධානය කලේ ඉන්දියානු ජනතාවගේ හිත්වල වීරයන් වෙමිනි. නමුත් සංගක්කාරලා මුරලිලා වෙනුවෙන් ජයගෝෂා නැංවූ සංගක්කාරලා මෙවර තමන්ගේම තමන්ට් ආදරය කරනා ලක්ෂ සංඛ්‍යාත සහෝදර ශ්‍රී ලාංකිකයන් ගංවතුරෙන් අවතැන් වෙන විට උදව් කලා නම් ඉතා අගනේය.

    තමන් වෙනුවෙන් කෑමොර දුන් ප්‍රේක්ෂකයන් වෙනුවෙන් කඳුලු නො එන සංගලාට එංගලන්තයේ මෙන්ම ඉන්දියාවේ මිනිසුන් අඬද්දී කිරි එරෙයි. අපේ මිනිසුන් වෙනස් ජාතියක් වන්නේ ඒ නිසාය.

     

    [rns_reactions]

  • තිසරගේ බඩ ගැන එංගලන්ත පිටියේදී ප්‍රේක්ෂකයන් කී ආන්දෝලනාත්මක කතාව මෙන්න…

    ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කළමනාකරු අසංක ගුරුසිංහ පසුගිය බංග්ලාදේශය සමග තරගාවලිය අවසන් වීමෙන් පසුව පවසා සිටියේ කොච්චර හොඳ ක්‍රීඩකයෙක්‌ වුණත් පන්දු රැකීම දුර්වලනම් කණ්‌ඩායමට නොගන්නා බවයි.

    එහෙත් සති අන්ත පුවත්පතක අද (18) පළවූ සටහනක දැක්වෙන්නේ එය ක්‍රියාත්මක නොකළ බව පසුගිය චැම්පියන්ස් කුසලාන තරගාවලියේ දී පෙනී ගිය බවයි.

    කාඩිෆ් ක්‍රීඩාංගණයේ පකිස්‌තානය සමග පැවැති තරගයේදී තිසර පෙරේරාගේ උදරය ඉදිරියට නෙරා ඇති බව එහි සිටි ප්‍රේක්‍ෂකයෝ පවසා සිටියේ, “අර තිසරයගෙ බඩේ හැටි බලන්නකෝ. ඔහොම තියාගෙන ක්‍රිකට්‌ ගහන්න පුළුවන්ද. කවුද අප්පා මේ අයව සිලෙක්‌ට්‌ කරන්නෙ.” යනුවෙන් බවයි එම පුවත්පත් වාර්තාවේ දැක්වෙන්නේ.

    [rns_reactions]

  • සිම්බාබ්වේ තරඟාවලියේදී වසර 17කට පසුව ලංකාවෙන් වෙනසක්..

    චැම්පියන්ස් කුසලාන තරඟාවලියෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන පළමු තරඟාවලිය මෙම මස 30 වනදා සිම්බාබ්වේ කණ්ඩායම සමඟ එක්දින තරඟයෙන් ඇරඹේ.

    තරඟාවලියට එක්දින තරඟ 5ක් සහ එක ටෙස්ට් තරඟයක් ඇතුලත් වන අතර තරඟාවලියේ එක්දින තරඟ 5 පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ දී සහ හමබන්තොට ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීය.

    මෙම තරඟාවලියේ පළමු තරඟයසහ දෙවන තරඟය  ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතය.ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී අවසන් එක්දින තරඟය පැවත්වී මේ වන විට වසර 17 කට ආසන්නය.

    අවසන් වරට ගාල්ල ක්‍රීඩාංගනයේදී පැවති එක්දින තරඟයේදී ශ්‍රී ලංකාව තරඟ වැදී ඇත්තේ දකුණු අප්‍රිකාව සමඟිනි.අනෙක් විශේෂ කරුණ නම් තරඟාවලියේ එක්දින තරඟ සියල්ල කොළඹින් බැහැරව පැවැත්වෙන අතර එකම ටෙස්ට් තරඟය සීමිත ඕවර් තරඟ සඳහා නම් දරා ඇති ඛෙත්තාරා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

    Zimbabwe tour schedule

    June 30: 1st ODI, Galle

    July 2: 2nd ODI, Galle

    July 6: 3rd ODI, Hambantota

    July 8: 4th ODI, Hambantota

    July 10: 5th ODI, Hambantota

    July 14-18: Only Test, Colombo (RPS)

    [rns_reactions]

  • 2017 ලොව සුපිරි පිතිකරුවන් අතර ලංකාවෙන් 8ක්… ලැයිස්තුව මෙන්න…

    2017 වර්ෂයේ  ICC එක්දින ක්‍රිකට් පිටියේ දක්ෂතම පිතිකරුවන් ලයිස්තුව නම් කර තිබෙනවා.

    ඒ අතර ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් ක්‍රීඩකයින් අට දෙනෙකු ඇතුළත්.

    මේ අය අතරේ 26 – ඇන්ජලෝ මැතිව්ස් 27 – කුසල් මෙන්ඩිස් 45 – නිරෝශන් දික්වැල්ල 48දිනේශ් චන්දිමාල් 60 – ලහිරු තිරිමාන්න 69 – කුසල් ජනිත් 75 – උපුල් තරංග 91 – අසේල ගුණරත්න යන ක්‍රීඩකයින් ඇතුළත්.

     

    හොඳම පිතිකරු ලෙස ලැයිස්තුවේ පෙරමුණේ සිටන්නේ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලී.

    නවතම එක්දින පිතිකරුවන් වර්ගි කරන ලැයිස්තුවේ  අවුරුදු එක හමාරක් එක්දින තරගයක් ක්‍රිඩා නොකළ ළහිරු තිරිමාන්න සිටීම කා අතරත් කතා බහට ලක් වෙනවා.

    [rns_reactions]

  • ක්‍රීඩකයන්ගේ බඩ ගැන බලන්න කලින් ඇමතිවරුන්ගේ බඩ ගැන බැලුවොත් නරකද?

    ඇමති දයාසිරි පවසන ආකාරයට මෙතන ප්‍රශ්නය ඇත්තේ ක්‍රීඩකයන්ගේ උදරයේ පමණි. තරගයකට කණ්ඩායම තෝරන්නේ තේරීම් කමිටුව සහ ඇමතිවරයා එක්ව බව මේ ඇමතිවරයාට අමතක වී ඇත. ක්‍රීඩකයන් කරන කැපකිරීමෙන් 1% වත් මේ ඇමතිවරුන් කරනවාද යන්න විමසුවොත් ඇමති දයාසිරිට දෙන්න පිළිතුරක් නැත.

    නොමිලේ ලැබෙන පෙර්මිට් ආතල් එකේ ගමන් යන මේ ඇමතිලා හිතන්නේ ක්‍රිකට් ක්‍රීඩකයනුත් ඔවුන් වගේම සැප ගමනක් ආපු අය කියාය. ගරු ඇමතිතුමනි ඔබ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ බඩ ගැන බලන්නාට පෙර ඇමති මණ්ඩලයේ සිටින ඔබේ සහෝදර මැති ඇමතිවරුන්ගේ බඩ වැඩිවීමට හෙතුව සොයාබලන්න…

    අපි තරග පැරදුනා තමයි. එත් එහෙම කියා අපේ කොල්ලන්ව ඔය විදියට අවතක්සේරු කරන්නට ඉඩදිය නොහැක.

    [rns_reactions]

  • ඇමති කටමැත දොඩද්දී එංගලන්තයට ගිය ලංකාවේ අපේ ක්‍රීඩිකාවන්ට අඩු සැළකිලි !

    කාන්තා ක්‍රීකට් ලෝක කුසලාන‍යට තරග කිරීමට එංගලන්තයට ගිය ශ්‍රී ලංකා කාන්තා ක්‍රීකට් කණ්ඩායමට අඩු පහසුකම් වලින් යුත් හෝටල ලබා දුන් පුවතක් එංගලන්තයෙන් වාර්තා වනවා.

    තරගාවලියේ සත්කාරකත්වය එංගලන්තය දැරුවත් , ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය ආරම්භ වීමට දින දහයකට පෙර එංගලන්තයට ගොස් තිබෙන නිසා තරගාවලිය ආරම්භ වනතෙක් කණ්ඩායමේ නවාතැන් පහසුකම් හි වියදම් දරා  ගැනීමට සිදුව ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රීකට් ආයතනයටයි. තරගාවලිය පැවැත්වෙන කාලසීමාවේ හෝටල සදහා වියදම් ICC ය විසින් දරණු ඇත.

    වියදම් අඩු කර ගැනීම සදහා ශ්‍රී ලංකා ක්‍රීකට් ආයතනය නියෝජනය කරන බළධාරීන් කණ්ඩායමට අඩු පහසුකම් වලින් යුත් කාමර ලබා දී තිබෙන අතර එම කාමර කුඩා වීම නිසා කණ්ඩායමේ ක්‍රීඩීකාවන් එම කාමර ප්‍රතික්ෂේප කර ඇති අතර පසුව බලධාරීන් මැදිහත් වී කණ්ඩායමට තවත් අමතර කාමර තුනක් ලබා දීමෙන් පසුව තත්වය සමතයකට පත්ව ඇත.

    [rns_reactions]

     

  • එංගලන්තයේදී ක්‍රීඩා කළේ හරි ටීම් එකද?තිසරගේ උඩපන්දුව – මැතිව්ස්ගේ කමිසෙ තාම කරලියේ

    ශූරයන්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පාකිස්ථානයට එරෙහිව පැවැති තීරණාත්මක තරගයේදී තිසර පෙරේරා අතින් ගිලිහී ගිය පහසු උඩ පන්දුව බොහෝ දෙනකුගේ කතාබහට ලක්ව තිබුණි. ඒ පිළිබඳව විවිධ අදහස් පළවෙමින් තිබූ අතර ඉන් සමහරක් භයානකය.

    ශ්‍රී ලංකා පිල පළමු වටයෙන්ම ඉවත්වී මේ වන විට මව්බිමට පැමිණ තිබේ. ඒ හේතුවෙන් තිසර සහ සීකුගේ අතින් ගිලිහී ගිය උඩ පන්දු පිළිබඳව කතාකිරීම ඵල රහිතය.

    තරගයකදී පන්දු රකින්නකු අතින් උඩ පන්දුවක් ගිලිහී යෑම සාමාන්‍ය සිද්ධියකි. ගිලිහී යන උඩ පන්දුවට පිතිකරුගේ කීර්තිනාමය සහ තරගයේ ස්වභාවය අනුව බර තැබීමක් හිමිවේ. මෙය ද එවැනි තත්ත්වයකි. එම උඩපන්දුව රැකගත්තේ නම් තරගයේ වෙනසක් වේ යැයි බොහෝ දෙනා විශ්වාස කරති. බොහෝ විට එය එසේ වීමට ද ඉඩ තිබුණි. කෙසේ වුවද ශ්‍රී ලංකා කණ්ඩායම ආපසු පැවැති මාධ්‍ය හමුවේදී මාලිංග පැවැසුවේ උඩපන්දු අතහැරීමෙන් තරග පරාජය නොවන බවය. තමන් අතින්ද උඩ පන්දු ගිලිහී ගොස් තිබෙන බව පැවැසූ මාලිංග කණ්ඩායමක් වශයෙන් ශ්‍රී ලංකාව හොඳින් ක්‍රීඩා කළ බවද කීය.

    මෙම තරගය අවසන්වීමෙන් තිසර පෙරේරා විවේකාගාරයට පැමිණ දැඩි කණස්සල්ලට පත්ව සිටි බව වාර්තා වේ.

    ශ්‍රී ලංකා පිල මෙම තරගාවලියේදී සහභාගි වූ තරග තුනෙන් එකක් පමණක් ජය ලැබූ අතර ඉතිරි තරග දෙකම පරාජයට පත්විය. ශ්‍රී ලංකා ක‍්‍රිකට් අනාගතය පිළිබඳව කවුරුන් ෙහා් අවධානය යොමු කරන්නේ නම් පළමුවෙන්ම අවධානය යොමුවිය යුත්තේ මෙම තරගාවලියට සහභාගි වූ සංචිතය දෙසට සහ ක‍්‍රීඩකයන් තරගවලට යොදාගත් ආකාරය දෙසටය.

    තේරීම් කමිටුව මෙම සංචිතය ඉතාමත් අමාරුවෙන්ම තෝරාගත් බව සනත් ජයසූරිය මාධ්‍ය හමුවකදී පවසා තිබිණි. මෙවැනි සංචිතයක් තේරීම එතරම් අමාරු නැතැයි සමහරු කියති.

    මෙම සංචිතය ඇස ගැටුණු ඕනෑම කෙනෙකුට දැනෙන්නේ මෙය පැත්තක් බර සංචිතයක් බවයි. මෙම සංචිතයේ නිත්‍ය පිට දඟ පන්දු යවන්නෙක් හෝ නිත්‍ය පා දඟ පන්දු යවන්නෙක් සිටියේ නැත.

    එම සංචිතයට ඇතුළත්ව සිටි එකම දඟ පන්දු යවන්නා වන චයිනමන් පන්දු යවන ලක්‍ෂාන් සඳකැන්ට පුහුණු තරග පමණක් ලැබුණි. අවස්ථානුකූලව ඔහුව යොදා ගැනීමට පියවරක් ගත්තේ නැත.

    පාකිස්ථානයට එරෙහිව තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම සතුව දඟ පන්දු යවන්නකු යැයි කිවහැකි පන්දු යවන්නකු සිටියේ නම් මොහොමඩ් අමීර්ට පීඩනයක් යොමු කර දවාගැනීමේ අවස්ථාව තිබුණි. කෙසේ වෙතත් එහිදී එවැනි පීඩනයක් යොමු කළ හැකි දඟ පන්දු යවන්නෙක් සිටියේ නැත.

    දකුණතින් මඳ වේග පන්දු යවන්නකු වන අසේල ගුණරත්නට පිට දඟ පන්දු යවන්නාගේ කාර්යය බාර දී තිබූ අතර ඔහු ද ඕවර 5 ක් පමණක් යැවීමට යොදා ගත්තේය. පිට දඟ පන්දු යවන්නන් වන ධනුෂ්ක ගුණතිලක සහ ධනංජය ද සිල්වා ඕවරය බැගින් යවා තිබුණි.

    අතිරේක ක‍්‍රීඩකයන් ලෙස ධනුෂ්ක ගුණතිලක සහ ඩිල්රුවන් පෙරේරා තරගාවලිය ආරම්භයේ සිටම එංගලන්තයේ රැදී සිටියහ. පරිසරයට හුරුව සිටි ඩිල්රුවන් මඟ හරිමින් මැජික් පෙන්වීමට ධනංජය ද සිල්වා එක තරගයකට පමණක් සහභාගි කරවීමට එංගලන්තයට කැඳවා තිබිණි. ඒ පිළිබඳව විමසූ විට ශ්‍රී ලංකා පිලේ කළමනාකරු සහ තේරීම් කමිටු සාමාජික අසංක ගුරුසිංහ පැවසුවේ එංගලන්ත තණ තීරු වේග පන්දු යවන්නන්ට වඩාත් යෝග්‍ය වූ බැවින් සඳකැන්ට අවස්ථාවක් නොලැබුණු බවය. එසේම මැද පෙළ හොඳ පිතිකරුවකු අවශ්‍යව තිබූ බැවින් ඩිල්රුවන් සිටියදී ධනංජය ගෙන්වාගත් නමුත් ඔහු ලකුණු රැස් නොකළ බවත් කීය.

    මෙම තරගාවලිය අවසන් වන විට ද කණ්ඩායම් අභ්‍යන්තරයේ ගැටුම් නිර්මාණය වී තිබූ බව වාර්තා වේ. ඇන්ජලෝ මැතිව්ස් පන්දු නොයවන්නේ නම් තරගවලට සහභාගි නොකරන ලෙස ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ප‍්‍රධානියකු බලපෑම් කළ බවත් අසංක ගුරුසිංහගේ මැදිහත් වීමෙන් මැතිව්ස්ට ක‍්‍රීඩා කිරීමේ අවස්ථාව ලැබුණු බවත් දැනගන්නට තිබේ.

    මැතිව්ස් එයට පිළිතුරු දැක්වීමක් ලෙස ඉන්දියාවට එරෙහිව තරගය ජය ලැබීමෙන් පසුව කමිසයේ ඇති ඔහුගේ නම පෙන්වූ බවට කතාවත් පැතිර ගියේය.

    කෙසේ වෙතත් මැතිව්ස් පැවසුවේ එය කිසිවකු ඉලක්ක කරමින් පෙන්වීමක් නොවන බවත් සතුට වැඩිවීම නිසා කළ දෙයක් බවත්ය.

    [rns_reactions]

  • දිනෙන් දින පසුබාන ලංකාවේ ක්‍රිකට්, මෙතැනින් කොතැනටද?

    පාකිස්තානය හමුවේ ලද පරාජයෙන් අනතුරුව ශ්‍රී ලංකා පිල ශූරයන්ගේ කුසලාන තරගාවලියෙන් ඉවතට විසි වීම බො‍හෝ දෙනකුට තවමත් දරාගත නොහැකි වී ඇති බවක් පෙනෙන්නට ඇත. ‘අනේ අපොයි’ කියමින් සිදු වන සංවාද තවම අවසන්ව නැත. එහෙත් අපට නම් මේ පරාජය මහා දෙයක් නොවන්නේ ශ්‍රී ලංකා පිල මෑත කාලයේ ක්‍රීඩා කරමින් සිටි ආකාරය තුළ ප්‍රාතිහාර්යයක් අපේක්ෂා නොකළ බැවිනි. සැබැවින්ම ලෝක මට්ටමේ ක්‍රිකට් තරගාවලියකට පිවිසීමේදී ජයග්‍රහණය සම්බන්ධයෙන් මේ තරම් අඩු බලාපොරොත්තුවක් ශ්‍රී ලංකාවට තිබූ වෙනත් අවස්ථාවක් මෑත කාලයේ නොතිබුණ තරම්ය. ලොව හොඳම එක්දින කණ්ඩායම් අට අතර වූ මේ තරගාවලියේදී අප කාණ්ඩගතව සිටියේ ලොව හොඳම කණ්ඩායම් තුනක් සමඟිනි. පැහැදිලිවම, දකුණු අප්‍රිකාව, ඉන්දියාව හා පාකිස්තානය යන මේ කණ්ඩායම් තුනම අපට විශාල අභියෝගයක් විය. වසර මුලදී දකුණු අප්‍රිකාව හමුවේ, 5-0ක් ලෙස එක්දින තරගාවලිය පරාජයට පත් වූ අප මේ තරගාවලිය ඇරැඹීමට ‍පෙර ඉන්දියාව සමඟ අවසන් වරට ක්‍රීඩා කළ තරග 15න් 12කදීම පරාජයට පත්ව තිබිණි. පාකිස්තානය සමඟ ද තත්ත්වය වෙනස් නොවිණි. අවසන් වරට ශ්‍රී ලංකාවේ පැවැති තරගාවලියේදී ඔවුන් හමුවේ 3-2ක් ලෙස අපි තරගාවලිය පරාජයට පත් වීමු. එම පසුබිම තුළ ශූරයන්ගේ කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව වෙතින් “ප්‍රාතිහාර්යයක්” කිසිවකු හෝ අපේක්ෂා කළේ නැත.

    මේ අතර බේකන්හැම්හි පැවැති පුහුණු තරගයකදී ස්කොට්ලන්ත පිල හමුවේ පරාජයට පත් වීම, ශ්‍රී ලංකා පිල සම්බන්ධයෙන් තබා තිබු සුළු හෝ බලාපොරොත්තු දිය කර හැරුමට සමත් විය. එහෙත්, ප්‍රබල ඉන්දීය පිලට එරෙහිව ලද විශිෂ්ට ජයග්‍රහණය, යළි ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන් වෙත ඉදිරිය පිළිබඳ සුබවාදී බලාපොරොත්තු රැගෙන ආවේය. ඉන්දියාවට දුවන්න ගැසු අප ඉන්දියාව හමුවේ දරුණු පරාජයක් ලැබු පාකිස්තානයට එරෙහිව දිනුමක් ලබනු ඇතැයි ඔවුහු අනතුරුව ගණන් බලන්නට වූහ. එහෙත් ක්‍රිකට් ක්‍රීඩාවේ ඇති චමත්කාරත්වය හා අවිනිශ්චිත බව යළිදු වතාවක් පසක් කරමින් අවසානයේ අපි පාකිස්තානයට පරාජය වීමු.
    හැමදාමත් මෙන් මෙම තරගාවලියේදීත් ශ්‍රී ලංකා පිලේ දියාරු ක්‍රීඩා රටාවට බලපෑ ප්‍රධානම හේතු වූයේ අපගේ දක්ෂතාවන්හි නිරන්තර භාවයක් නොතිබීම ය යන්න, පැහැදිලිය. අතිශය තරගකාරී අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාව තුළ අත්වැරැදීම් සඳහා කිසිදු ඉඩක් නොමැත. එසේ නොවුණේනම් පාකිස්තානය සමඟ පැවැති තරගය පමණක් නොව දකුණු අප්‍රිකානු පිල සමඟ පැවැති පළමු තරගයද ජය ගැනීමේ හැකියාවක් අපට තිබිණි.

    දකුණු අප්‍රිකාව සමඟ පැවැති තරගයේදී සාර්ථක හඹා යෑමක නිරත වෙමින් පළමු පන්දුවාර 11 තුළ පන්දු වාරයකට ලකුණු 8කට වඩා අප ලබා තිබුණේ එක් කඩුල්ලක් පමණක් පූජා කරමිනි. වෙනදාට වේග පන්දු යවන්නන් හමුවේ අසරණ වන ශ්‍රී ලංකා පිතිකරුවන් එදා අසරණ වූයේ ඉම්රාන් තාහීර් ඉදිරියේය. අපගේ මැදපෙළ පිතිහරඹය පැහැදිලිවම දුර්වල එකක් වූ අතර පාකිස්තානය සමඟ වූ තරගයේදී ද ලකුණු 10කට වඩා අඩු ගණනක් තුළ මැදපෙළ පිතිකරුවෝ සිවු දෙනෙක් දැවී ගියහ. ජාත්‍යන්තර මට්ටමේදී සාර්ථකත්වයක් හිමි කරගැනීමට නම් මේ ගැටලුව ඉක්මනින් ශ්‍රී ලංකා පිල විසඳාගත යුතුය. සෑම ප්‍රබල කණ්ඩායමක් සතුවම විශේෂඥ පිතිකරණ පුහුණුකරුවකු සිටිනමුත් ශ්‍රී ලංකා කණ්ඩායම තුළ එවැන්නකු නොමැති වීම, විශ්වාස කළ නොහැකි තත්ත්වයකි. එබැවින් හොඳ විශේෂඥ පුහුණුකරුවකුගේ සහාය ග්‍රැහැම් ෆෝඩ් වෙත ලබා දුනහොත් එය ඔහුගේ රාජකාරිය පහසු කරනවාට අමතරව මීට වඩා දෙයක්ද අපේක්ෂා කළ හැකිය. වත්මන් ශ්‍රී ලංකා පිතිකරුවන් අතරින් ඕනෑම මොහොතක විශ්වාසය තැබිය හැකි බව පෙනෙන්නට ඇත්තේ ඇන්ජලෝ මැතිව්ස්, උපුල් තරංග හා කුසල් මෙන්ඩිස් කෙරෙහි පමණකි. තරුණ නිරෝෂන් දික්වැල්ල තමන්ගේ දිනයකදී ඕනෑම ශූර පන්දු යවන්නෙකුගේ අභිමානය කීතු කීතුවලට ඉරා දැමිය හැකි පිතිකරුවකු වුවත් අංග සම්පූර්ණ පිතිකරුවකු වීමට නම් මීට වඩා දහඩිය වැටෙන තෙක් ක්‍රීඩා කිරීමට ඔහු උත්සාහ කළ යුතුය.

    කඩුල්ල පසුපසින් යන සේ ගසන පහරවල් හා හරස් පහරවල් වෙනුවට කෙළින් පහර එල්ල කෙරුමට උනන්දුවක් දක්වන්නේනම් නිසැකවම ඔහුට අපේ අනාගත ක්‍රීඩාවේ විශාල ඉදිරි බලාපොරොත්තුවක් විය හැකිය. අනෙක් අතට දිගු ඉනිම ක්‍රීඩා කිරීමට අපගේ පිතිකරුවන් වග බලා ගැනීමද වැදගත්ය. එංගලන්ත සංචාරයට එක්වූ ශ්‍රී ලංකා පිතිකරුවන් පොදුවේ ගත් විට සීමිත පන්දුවාර තරගවලදී රැස් කර තිබුණේ ශතක විසිහතරක් පමණි. ඉන් 14ක්ම බැර වී තිබුණේ උපුල් තරංගගේ නම ඉදිරියෙනි. අන් සියලු පිතිකරුවන් රැස් කර තිබුණේ ශතක දහයක් පමණි. ලකුණු 50 ඒවා ඉලක්කම් තුනේ සීමාවටම ගෙන ඒමට අපේ පිතිකරුවන් කටයුතු කළහොත් අවසාන ප්‍රතිඵලය සුබවාදී එකක් කරනු ඇත.

    පිතිකරණයටත් වඩා එංගලන්තයේදී අප අසරණ කළේ දුර්වල පන්දු රැකීමය. වසර විස්සකට විසිපහකට පෙර ආසියාවේ හොඳම පන්දු රකින කණ්ඩායම ලෙස සැලකුණු ශ්‍රී ලංකා පිල ඒ අතින් මේ වන විට පසුවනුයේ පාකිස්තානයටත් පසුපසිනි. 2017 වසරේ පෙබරවාරි පළමුවැනිදා පැවැති ශ්‍රී ලංකා දකුණු අප්‍රිකානු දෙවන එක්දින තරගයේ සිට පසුගියදා පැවැති පාකිස්තාන තරගය තෙක් ශ්‍රී ලංකාව අන්තර්ජාතික තරග 15කට පමණ ක්‍රීඩා කර ඇත. එක්දින අන්තර්ජාතික තරග 8ක් ටෙස්ට් තරග 2ක් හා 20:20 තරග 5ක් ඊට ඇතුළත්ය. මෙම තරග 15 තුළදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් වෙතින් ගිලිහුණු මුළු උඩ පන්දු ගණන 33ක් පමණ වේ. “කැචස් වින් මැචස්” (උඩපන්දු තරග දිනවයි) ලෙස ප්‍රකට කියමනක් ඇති පසුබිමක උඩපන්දු අත්හැරීම තුළ සිදු වනුයේ තරග දිනීම නොව පැරදීමය. ජාතික කණ්ඩායම සමඟින් පන්දු රැකීමේ පුහුණුකරුවන් ලෙස නික් පෝතාස් හා නුවන් සෙනෙවිරත්න එංගලන්තයට මෙවර ගොස් සිටිමුත් ඔවුන්ගෙන් සිදු වන සේවාව පිළිබඳ මීට වඩා පසු විපරමක් බලධාරීන් සිදු කිරීම ප්‍රයෝජනවත්ය. මුලදී එංගලන්තය බලා යෑමට සූදානමින් සිටියේ පෝතාස් පමණක් වුවත් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගේ පෙරැත්තය හමුවේ සෙනෙවිරත්න ද එකළොස්වන පැයෙහි කණ්ඩායමට ඇතුළත් කරන ලදී. පුහුණුකරුවකු ලෙස පෝතාස්ගේ හැකියාව ප්‍රශ්න විරහිත මුත් සෙනෙවිරත්න එම මට්ටමේම සිටිනවා ද යන්න නම් ප්‍රශ්නාර්ථයකි. පන්දු රැකීමේ පුහුණුකරු වීමට අවශ්‍ය එකම සුදුසුකම තදින් පන්දුව විසි කිරීමට ඇති හැකියාව හෝ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගේ සිතැඟියාවන් ඉටු කිරීම පමණක් නොවේ. පන්දු රැකීම යනු ඊට එහා ගිය කලාවකි.

    පුහුණුකරුවන් රැසක් සිටියද රොෂාන් මහානාම, රුවන් කල්පගේ, උපුල් චන්දන යන නාමධාරී පන්දු රකින්නන් රැසක් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම තුළ අද ඒ මට්ටමට සමීප විය හැකි එකදු පන්දු රකින්නකු හෝ නොමැති වීම කනගාටුවට කරුණකි. පන්දු රැකීම යනු උඩපන්දු රැකීම පමණක් නොවේ. පිටියේ පන්දු රැකීම ද ඊට අයත්ය. සාමාන්‍යයෙන් ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, දකුණු අප්‍රිකානු කණ්ඩායම් ඒ හරහා පමණක් එක්දින තරගයකදී නතර කරගන්නා ලකුණු ගණන 30ක් 35ක් පමණ වේ. අවසාන ප්‍රතිඵලය තීරණය වීමේදී තීරණාත්මක වනුයේ එම පංගුවය. ඕනෑම දක්ෂ පන්දු යවන්නකු අතින් උඩ පන්දු ගිලිහී යෑම සිදුවිය හැකි මුත් එක දිගට නොනවත්වා එක දිගට එය සිදුවන්නේනම් එය සොයා බැලිය යුතු කාරණයකි. පාකිස්තානය සමඟ පැවැති තරගය පරාජයට පත් වීම විශේෂයෙන් දුර්වල පන්දු රැකීම වැඩි වැඩ කොටසක් ඉටුකළ බව කුහක නොවී අප පිළිගත යුතුය. පොදුවේ ගත් විට අපේ බොහෝ ක්‍රීඩකයන්ගේ ශරීර ක්‍රීඩාවට අවැසි මට්ටමේ සීමාව ඉක්ම ගොස් තිබේ. පෙර මෙන් ක්ෂණික ප්‍රතික්‍රියා දැක්වීම ඔවුන්ගෙන් දුරස් වෙමින් පවතී. කටුක වුවත් සත්‍ය එයයි.
    පන්දු රැකීම පමණක් නොව පන්දු යැවීම ද දුර්වල කර ඇත්තේ මේ ප්‍රමාණවත් නොවන ශාරීරික යෝග්‍යතාවයි. භෞතචිකිත්සකවරු, සම්භාහකවරු ගණනාවක් කණ්ඩායම් තුළ සිටියත්, ඔවුන් බොහෝ විට කටයුතු කරනුයේ ක්‍රීඩකයන්ට අවශ්‍ය සීමාව තුළ බව කියැවෙයි.

    නායකයා පන්දුව අතට දුන් පසු ඕනෑම මොහොතක කඩුලු දවාගත හැකියැයි විශ්වාස කළ හැකි, එකදු පන්දු යවන්නකු එක්දින ක්‍රීඩාව තුළ මේ මොහොතේ ශ්‍රී ලංකා කණ්ඩායම තුළ නොසිටි. ප්‍රතිවාදී පිතිකරුවන්ගේ නළල රැලි ගැන්විය හැකි පන්දු යවන්නන් කණ්ඩායම තුළ නොසිටීම නිසා ඉතා සැහැල්ලුවෙන් ඔවුන් ශ්‍රී ලංකාවට එරෙහිව පිතිහරඹයේ නිරත වන ආකාරය මෑත කාලයේදී දැකගත හැකි වූ පොදු අත්දැකීමක් විය. නිමාව දුටු තරගාවලියේදී පවා ප්‍රතිවාදී පිතිකරුවන් යම් ගරු සරුවක් දැක්වූයේ නම් ඒ ලසිත් මාලිංගට පමණි. එංගලන්තයේදී මාලිංග එක්දින කණ්ඩායමට එක් වූයේ මාස දාහතකට පමණ පසුවය. ඔහු ඊට පෙර අවසන් වරට එක්දින තරගයකට ක්‍රීඩා කර තිබුණේ 2015 වසරේ නොවැම්බර් හත්වැනිදාය.

    ශ්‍රී ලංකාව ජගත් ක්‍රිකට් ක්ෂේත්‍රයට දායාද කළ විශිෂ්ට පන්දු යවන්නකු වන මාලිංග තම ක්‍රීඩා දිවියේ අවසානයට ළඟා වෙමින් සිටින බවක් පෙනෙන්නට ඇත. ශාරීරික යෝග්‍යතාව අතින් පමණක් නොව ජවය අතින් ද පෙර මෙන් උද්යෝගයක් ඔහු වෙතින් දැකගත නොහැකිය. එක් අතකින් එය අපට සිහිපත් කරනුයේ බුදුන් වහන්සේ වදාළ අනිත්‍යයය. එදා “තනි අතින්” තරග දිනවූ මාලිංග අද කඩුල්ලක් දවා ගැනීමට දරන වෙහෙස අතිමහත්ය. 2015 ලෝක කුසලාන තරගාවලියෙන් පසු එක්දින තරග 10කට ක්‍රීඩා කර ඇති මාලිංග ඒවායෙහිදී දවාගෙන ඇත්තේ කඩුලු 11ක් පමණි. ඒ එක් කඩුල්ලකට ලකුණු 48ක සාමාන්‍යයක් සහිතවය.

    කඩුල්ලක් දවා ගැනීමට පන්දු ඕවර 8ක් පමණ යවන මාලිංග කෙනකු ගැන අප මීට පෙර අසා නැත. මේ තරගාවලියේදී පවා තරග තුන තුළදී මාලිංග දවා ගත්තේ කඩුලු 3ක් පමණි. ඒ පන්දුවාර 29කදී ලකුණු 179ක් ප්‍රතිවාදීන්ට ලබා දෙමිනි. ශාරීරික යෝග්‍යතාව සමඟ පොර බදමින් සිටිය ද තවමත් මාලිංග කණ්ඩායම තුළ සිටින හොඳම පන්දු යවන්නාය. සියයට සියයක්ම ඔහු තම කණ්ඩායම වෙනුවෙන් දායකත්වය ලබා දෙන ආකාරය එංගලන්තයේදී දක්නට ලැබිණි. එහෙත් තරගකාරී අන්තර්ජාතික ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා කිරීමට නම් එම උද්යෝගය හෝ අතීත වැඩ වාර්තා ප්‍රමාණවත් නොවේ. නුවන් ප්‍රදීප් ශ්‍රී ලංකාවේ මීළඟ වේග පන්දු යවන්නා වන බව මේ තරගාවලියේදී මනාව පෙන්නුම් කළේය.

    ඔහු තනිකරම පාහේ කඩුලු දවා ගන්නේ ස්වකීය දක්ෂතා මතිනි. එබැවින් ඔහුව පරිස්සමින් රැකබලා ගැනීම අනාගතය වෙනුවෙන් කරන පලදායි ආයෝජනයකි. මේ තරගාවලියේදී විශේෂඥ පන්දු යවන්නන් හතර දෙනකු සමඟ පමණක් තරග වැදීමට ශ්‍රී ලංකාව තීරණය කිරීම අවදානම් සහගත තීරණයක් ම විය. තත්ත්වය වඩාත් භයානක වූයේ එම පන්දු යවන්නන් සිවු දෙනාගෙන් ඇතැමකු පන්දු වාර දහයම යැවීමට තරම් හොඳ මට්ටමක නොසිටීමය. භාග පන්දු යවන්නන් සමඟ ශ්‍රී ලංකාව තරගාවලියට එක්වීම තුළ පන්දු වාර 15 හා 40 අතර සීමාවේදී අප බොහෝ විට අසරණ විය.

    එම සීමාව තුළදී පළමු තරග දෙක තුළදී එක් පන්දුවකට ලකුණකට වඩා අපේ පන්දු යවන්නන් ලබා දී තිබිණි.

    එවැනි ලිහිල් දුර්වල පන්දුකරණයක් දැකගත හැකි වූයේ ශ්‍රී ලංකා පන්දු යවන්නන් වෙතින් පමණි. පැය 48කට පෙර කණ්ඩායමට එක් වූ ධනංජය සිල්වා වෙනුවට ලක්ෂාන් සඳකැන් වැන්නකු පාකිස්තාන තරගයට යෙදෙව්වේනම් එය මීට වඩා ප්‍රතිඵලදායක වන්නට තිබිණි. දඟ පන්දුවට චිරප්‍රසිද්ධ ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය සමඟ තරගවලට එකදු විශේෂඥ දඟපන්දු යවන්නෙකු හෝ යොදා නොගැනීම පිළිබඳව බොහෝ විචාරකයන් විමතිය පළ කර තිබිණි. දැන් සියල්ල සිදුවී හමාරය. තවදුරටත් ශූරයන්ගේ කුසලාන තරගාවලිය ගැන කතා කිරීමෙන් පලක් නොවේ. එහෙත් ඉන් ලද අත්දැකීම්වලින් පාඩම් ඉගෙන ගැනීම අවැඩක් නොමැත. වළට වැටීම මොළයට ලාභයක් බවට අප පත්කර ගත යුතුය.

    ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ගණනාවක් එක ළඟ කාල පරාසයක කණ්ඩායමෙන් ඉවත් වීම තුළ එම තත්ත්වය කළමනාකරණය කර ගැනීමට ඇති අපහසුව තුළ මේ වන විට අපි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාව තුළ පසුපසට තල්ලු වී සිටිමු. අප පමණක් නොව ලෝකයේ රටවල් ගණනාවක් මෙවැනි දුෂ්කර තත්ත්වයන්ට මුහුණ දී ඇත. අනාගතය වෙනුවෙන් ආයෝජන සිදු කිරීමට දැන් කටයුතු කළ යුතු අතර අවදානම් සහගත තීරණයක් වුවද එය සිදු කළ යුතුව ඇත.

    ඒ වෙනුවෙන් වූ හොඳ අවස්ථාවක් සිම්බාබ්වේ පිල සමඟ ඉදිරියේ පැවැත්වෙන තරගාවලියේදී හිමිව තිබේ. තමන්ගේ මහගෙදරදී පැවැත්වෙන එම තරගාවලියේදී කකුල් කැඩුණු අශ්වයන් වෙනුවට අලුත් අශ්වයන් සමඟ ගමනක් යෑමට, ශ්‍රී ලංකා පිල අදිටන් කර ගත යුතුය. අවසාන වශයෙන් මෙය ද සඳහන් කළ යුතුය.

    ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්ෂේත්‍රය මේ වන විට පසුවන අවාසනාවන්ත තත්ත්වය විෂයයෙහි අපේ දේශීය ක්‍රිකට් ක්‍රීඩාවේ ඇතිව ඇති කඩා වැටීම ද ප්‍රබල හේතුවක් වී ඇත. ශ්‍රී ලංකාවේ දේශීය ක්‍රිකට් ක්‍රීඩාව තුළ පළමු පෙළ මට්ටමේ කණ්ඩායම් 23ක් දැකගත හැකි අතර ඒ නිසාම ඒ ගුණාත්මක තත්ත්වය හා තරගකාරිත්වය බරපතළ ලෙස බාල වී තිබේ.
    ඕස්ට්‍රේලියාවේ ප්‍රධානම දේශීය තරගාවලිය වන ෂෙෆීල්ඩ් ෂිල්ඩ් තරගාවලිය තුළ දැකගත හැක්කේ කණ්ඩායම් හයකි. නවසීලන්තයේ ප්ලන්කට් පලිහ තරගාවලිය තුළද ඇත්තේ කණ්ඩායම් හයක් පමණි. අසල්වැසි බංගලිදේශයේ ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන ජාතික ක්‍රිකට් ලීගයේ කොටස් දෙක තුළම ක්‍රීඩා කරනුයේ කණ්ඩායම් අටක් පමණකි. එනිසා එම තරගාවලි තුළ අතිශය ඉහළ තරගකාරිත්වයක් දැකගත හැකිය. මාධ්‍ය කේන්ද්‍රියව ද විශාල අවධානයක් ඒ කෙරෙහි යොමුව ඇත. එහෙත් අපගේ දේශීය ක්‍රිකට් මට්ටම පවතිනුයේ ඊට ගව්ගාණක් පසුපසිනි. දේශීය තලයේදී ක්‍රීඩක දීමනා හා ගාස්තු ගෙවීම් අතින් ද අප සිටිනුයේ සෑහෙන්න පසුපසිනි. දේශීය ක්‍රිකට් තරගයක් වෙනුවෙන් එංගලන්තය තුළ ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් 210,000ක් ක්‍රීඩකයකුට ගෙවන අතර ඕස්ට්‍රේලියාවේදී මේ අගය තරගයකට 150,000ක් වෙද්දී බංග්ලාදේශයේදී හා ඉන්දියාවේදී 90,000ක් හා 50,000ක් පමණ වේ. ක්‍රමවත් අලෙවිකරණ සැලැස්මක් තුළ එබඳු වෘත්තීය භාවයක් එම රටවල් තුළ දැකගත හැකි වූවත් ශ්‍රී ලංකාව තුළ පළමු පෙළ ක්‍රිකට් තරගයක් වෙනුවෙන් තවමත් ක්‍රීඩකයෙකුට ගෙවනුයේ 22500 කි. එබැවින් දේශීය ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රමිතිය, වෘත්තීය භාවය ඉහළ නැංවීම අනිවාර්යයෙන්ම සිදු විය යුත්තකි.

    එපමණක් නොවේ ලොව ඉහළ මට්ටමක පැවැති අපේ පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ තත්ත්වය ද බරපතළ ලෙස ඛාදනය වී ඇත. එකල එය හැඳින්වුණේ ශූර ක්‍රිකට් ක්‍රීඩකයන් බිහි කරන තවානක් ලෙසිනි. එදා අර්ජුනලා, මුරලිලා, පාසල් ක්‍රිකට් ක්‍රීඩාවට සමු දුන් වහාම අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාව හා අත්වැල් බැඳගත්ත ද අද එවැන්නන් හමු නොවන තරම්ය. අනාගතය දෙස බලමින් බලධාරීන් මෙම තත්ත්වය කෙරෙහි සුදුසු ආමන්ත්‍රණයක් දැන් සිදුකළ යුතුව ඇත. මේ වන විට ක්‍රිකට් ක්‍රීඩාව පරිණාමයට පත්වෙමින් තිබේ. 2020 වන විට අනිවාර්යයෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවේ සම්පූර්ණ හැඩතලය වෙනස් වනු ඇත. ක්‍රිකට් සැබෑ වෘත්තීය අවධියට ළඟා වෙමින් පවතී. එය පාපන්දු ටෙනිස් වැනි සෙසු ප්‍රධාන ක්‍රීඩා සමඟ ජනප්‍රියතාව වෙනුවෙන් තරග කරන දිනය වැඩි ඈතක නොවේ. අපට ඉදිරියට යෑමට සිදුව ඇත්තේ එබඳු පසුබිමකය.

    [rns_reactions]

  • බඩ නැතිකරන්න ක්‍රිකට් කණ්ඩායම යුධ හමුදා පුහුණුවට – දයාසිරිගෙන් අමුතු කතාවක්..

    ටී ෂර්ට් එකට උඩින් බඩ ඇවිල්ලා ලංකාවේ තරම් කැත මිනිස්සු ටිකක් මං නම් දැකලා නෑ. ක්‍රිකට් ක්‍රීඩාවේ ගත්තම බොහොම ටිකදෙනයි ශ්‍රී ලංකා ටීම් එකේ ශක්තිමත්ව ඉන්නේ.. යනුවෙන් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි මහතා පසුගියදා උත්සව අවස්ථාවකදී ප්‍රකාශ කලා.

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හමුදා කඳවුරකට යවා මාස 6ක් වත් ශාරීරික පුහුණුවකට යොමු කල යුතු බව අමාත්‍යවරයාගේ මතය බව ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළා

    https://www.youtube.com/watch?v=PogxxJ9fvyo

    [rns_reactions]

  • කවුද යකෝ මූ?ආපහු ප්‍රැක්ටිස් ගේන්න එපා.. එදා ජාතික ක්‍රීඩකයන් මාලිංගට සලපු විදිය මෙන්න…

    මාලිංගට අවුරුදු 16දී මාලිංග යැවූ පන්දු වලට බියවී ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් එදා කලදේ වසර ගණනකට පසු හෙළිවෙයි
    “කවුද යකෝ මූ…. ආයේ මේක ප්‍රැක්ටිස් වලට එක්කගෙන එන්න එපා”

    ලසිත් මාලිංග ක්‍රිකට් ක්‍රීඩාවේ පන්දු යවන්න අතර පෙරලියක් කරපු ක්‍රීඩකයෙක්.මාලිංග ගැන අයි සී සී චැම්පියන්ස් තරගාවලියත් සමග හැමෝම වගේ කතා කරන්න ගත්තා. ක්‍රිකට් ක්‍රීඩාවට යෝකර් පන්දු අරන් ආපු මේ අසහාය ක්‍රීඩකයා කොහමද ක්‍රීඩාවට යොමු වුනේ කියලා වැඩි දෙනෙක් දන්නේ නැහ නේද?

    ඒ කාලේ මාලිංගට අවුරුදු 16යි 1වෙනි පාර මෙයා බෝල් කරද්දී බැට් කලේ මම මටම ලැජ්ජයි බොලේ කොහෙන් එනවද කියලා හොයාගන්නවත් බැරි උනා මාලිංගව හොයා ගත්ත හැටි ගැන චම්පික රාමනායක කියන කතාව.

    https://www.facebook.com/iranga.fonseka/videos/1702179830084101/

     

    [rns_reactions]

  • ඉන්දියාව හොල්ලපු සචින් පළමුවෙන් පකිස්තානු ක්‍රීඩකයෙක් බවට හෙළිදරවුවක්…

    සචින් තෙන්ඩුල්කාර් කියලා කියන්නේ මුළු ඉන්දියාවම ආදරේ කරන ක්‍රීඩකයෙක්.ක්‍රිකට් දේවත්වයෙන් අදහන ඉන්දීය ක්‍රීඩා ලෝලින්ට සචින් කියන්නේ දෙවි කෙනෙක්.ටෙස්ට් සහ එක්දින තරඟවලදී වැඩිම ලකුණු ලබා ගැනීම ඇතුළු වාර්තාවන් රැසක්ම සචින්ගේ නම ඉදිරියේ ලියවී තිබෙනවා.ඔහු මුලින්ම ටෙස්ට් තරඟයකට ක්‍රීඩා කළේ පාකිස්තානයට එරෙහිව 1989 අවුරුද්දෙදි ජනවාරි 20 වෙනිදා.

      ඒත් ඔහු ඊට පෙර මුලින්ම පාකිස්තානු කණ්ඩායම නියෝජනය කළ බව ඔබ දන්නවාද?ඒ 1987 අවුරුද්දෙදි මුම්බායි වලදි.ඒ කාලයේදි පාකිස්තානු කණ්ඩායම ඉන්දියාවේ සංචාරයක නිරත වුනා.එහිදී ඇතැම් පාකිස්තානු ක්‍රීඩකයින් තරඟය අතරතුර විවේක ගැනීම සඳහා ඔවුන්ට වෙන්වෙලා තිබුනු හෝටලය වෙත ගියා.එම නිසා පාකිස්තානු කණ්ඩායමට ක්‍රීඩකයින් කිහිප දෙනකුගේ අවශ්‍යතාවය දැනුනා.එහිදී ඉම්රාන් ඛාන්ගේ ආදේශක ක්‍රීඩකයා ලෙස පන්දු රැකීමට පිටියට පිවිසියේ සචින් තෙන්ඩුල්කාර්.පන්දුවාර 40 කට සීමාවුනු මෙම තරඟය පැවැත්වුනේ ප්‍රදර්ශනාත්මක තරඟයක් ලෙසිනුයි.

    [rns_reactions]

     

  • 7 තිබුණු ලංකාවේ ක්‍රිකට් 8ට වැටේ – අවධානම තවදුරටත් වැඩිවෙයි

    ශූරයන්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසානයේ මේ වෙන කොට ළංවෙලා තියෙනවා.

    ඒ කිව්වේ අවසන් මහා තරගයට.

    අවසන් මහා තරගය ලබන 18 වැනිදා පැවැත්වෙන්න නියමිත වෙලා තියෙන මේ වෙලාවේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමේ කණ්ඩායම් ලැයිස්තුව අන්තර්ජාලයට එක්කරලා තියෙනවා.

    මේ වන විට පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් වල ජයග්‍රහණයත් යොදාගෙන වෙනස් වී ඇති මෙම ශ්‍රේණිගත කිරීමේ 8 වැනි ස්ථානයට දක්වා පහතට වැටිලා තියෙනවා.

    ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භයේදි ශ්‍රී ලංකා සිටියේ 7 වැනි ස්ථානයේ.

    එ්ත් මේ තරගාවලියේ ජය පරාජයන් එක්ක ලංකාවට 8 වැනි ස්ථානයට එන විට පකිස්ථානය 7 වැනි ස්ථානයට ඇවිත් තියෙනවා.

    ඒ විතරක් නෙමෙයි ඉන්දියාව තෙවැනි ස්ථානයේ සිට දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට ඇවිල්ලා.

    දෙවැනි ස්ථානයේ හිටපු ඕස්ට්‍රේලියාව තුන්වැනි තැනට වැටිලා.

    ඒ වගේම පස්වැනි ස්ථානයේ හිටපු එංගලන්තය මේ වන කොට සිව්වැනි තැනට ඇවිල්ලා තියෙනවා.

    නවසීලන්තය සිව්වැනි ස්ථානයේ සිට පස්වැනි ස්ථානය දක්වා පසුබැහැලා තියෙනවා.

    කොහොමවුනත් අවසානයේ කියන්න තියෙන්නේ 2019දී එංගලන්තයේදී පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක එල්ලේම සුදුසුකම් ලබාගැනීමට නම් 2017 සැප්තැම්බර් 30 වැනිදා වන විට ශ්‍රේණිගත කිරීම් අතරේ ඉහළින්ම සිටින කණ්ඩායම් 7ට අවස්ථාව හිමිවෙනවා.

     

    [rns_reactions]