Category: සුපිරි Talks & Jokes

  • අවුරුදු 62කේ අත්තම්මාට අතවර කෙරූ 31 හැවිරිදි එක්දරු පියාට වැඩ වරදී

    අවුරුදු 62කේ අත්තම්මාට අතවර කෙරූ 31 හැවිරිදි එක්දරු පියාට වැඩ වරදී

    වයස අවු. 62ක කාන්තාවකට ලිංගික අතවර කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ අයකු 24 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මීගමු අතිරේක මහේස්ත්‍රාත් ආර්. ජී. එන්. කේ. රන්කොත්ගේ මහත්මිය නියෝග කළාය.

    රක්ෂිත බන්ධනාගාර ගත වූයේ උ.පිටිපන මීගමුව පදිංචි තිස් හැවිරිදි එක් දරු පියෙකි.

    පැමිණිලිකාරියගේ පුතුට බෝට්ටු පහක් ඇත. එම බෝට්ටුවල සේවය කරන ධීවර වෘත්තිකයෝ එම නිවසට යාම ඒම කරති. නිවසේ කිසිවකු නැති මොහොතක සැකකරු පැමිණ හදිසි ඇමතුමක් ගැනීමට ජංගම දුරකථනයක් පැමිණිලිකාරියගෙන් ඉල්ලා ඇත.

    පැමිණිලිකාරිය මුළුතැන් ගෙයි සිට නිවසේ කාමරයට ගිය මොහොතේ  සැකකරු පිටුපසින් පැමිණ ඇගේ සිරුර ස්පර්ශ කරමින් විවිධ අතවර කර තිබේ. ඇය කෑගසන විට සැකකරු ඇයගේ කටට අත දමා ශබ්දය පිටතට යාම නැවැත්වීමට උත්සහ කර ඇත. ඇය සැකකරුගේ අත මේ අවස්ථාවේ සපා ඔහුට තුවාලද සිදුව තිබේ. අසල්වැසියන් කාන්තාවගේ කෑගැසීමට පැමිණ සැකකරු අල්ලාගෙන ඇත.

    පැමිණිලිකාරියට සුළු සීරීම් සහිත තුවාල සිදුව තිබුණ බව ‍පොලීසිය අධිකරණයට වාර්තා කළේය.

  • ෆේස් බුක්හි ගැටුම්කාරි තත්ත්වයන්ට හේතුවන ප්‍රකාශ සහ ඡායාරූප ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කරයි

    ෆේස් බුක්හි ගැටුම්කාරි තත්ත්වයන්ට හේතුවන ප්‍රකාශ සහ ඡායාරූප ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කරයි

    ෆේස්බුක් සමාජ මාධ්‍ය වෙබ් අඩවිය භාවිතා කරන්නන් පළ කරන ගැටුම්කාරි තත්ත්වයන්ට හේතුවන ව්‍යාජ ප්‍රවෘත්ති ඉවත් කිරීමට එම සමාගම තීරණය කර තිබේ.
    ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක ඇති වූ ගැටලුකාරි තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් ෆේස්බුක් සමාගම මෙම පියවර ගෙන ඇති බව වාර්තා වේ.
    ඒ අනුව, ගැටුම්කාරි තත්ත්වයන්ට හේතුවන ප්‍රකාශ සහ ඡායාරූප ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කරන බව ද ෆේස්බුක් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි මාර්ක් සකර්බර්ග් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.
  • සිංහ සමාජය මංගලගේ අස්වාභාවික ලිංගික ක්‍රියා සහ මුදල් වංඡා ගැන හෙළි කරයි

    සිංහ සමාජය මංගලගේ අස්වාභාවික ලිංගික ක්‍රියා සහ මුදල් වංඡා ගැන හෙළි කරයි

    මෙරට ප‍්‍රධාන පෙලේ මත්ද‍්‍රව්‍ය ජාවාරම්කරුවන් රොටරි-සිංහ ආදී ප‍්‍රසිද්ද සමාජ සේවා සංවිධානවල සභාපතිත්වය දරන්නේ යයි මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතා විසින් එල්ල කරන ලද චෝදනාවට සිංහ සමාජ සාමජිකයන් පිරිසක් විසින් මාධ්‍ය හමුවක් කැදවා ප‍්‍රතිචාර දක්වන ලදී.

    මුල්‍ය අපරාධ ගණනාවකට සම්බන්ධ වූ පුද්ගලයන්, අස්වාභාවික ලිංගික ක‍්‍රියා සම්බන්ධයෙන් සමාජයේ අපවාදයට ලක් වූ පුද්ගලයන්, කුරුදු පොලු හමුදාවල් යවා භීෂණයක් ඇති කර සමාජයේ පැවැත්මට තර්ජනයක් ඇති කල පුද්ගලයන් සිංහ සමාජයේ සාමාජිකයන් ලෙස බදවා නොගන්නා බව ජාත්‍යන්තර සිංහ සමාජයේ හිටපු කලාපීය සභාපති මහේෂ් කොටුවැල්ල මහතා සදහන් කරයි.

    එවන් පුද්ගලයෙක් විසින් කරන ලද ප‍්‍රකාශය සිංහ සමාය ලෙස පිලිකුලෙන් යුතුව ඒකමතිකව හෙලා දකින බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

     

  • පාටියේදී ගුටි කෑ පියුමි හංසමාලී අමු තිත්ත කුණුහරුප වපුරයි..[Video]

    පාටියේදී ගුටි කෑ පියුමි හංසමාලී අමු තිත්ත කුණුහරුප වපුරයි..[Video]

    රාත‍්‍රි සාදයක් අතරතුරදී ප‍්‍රකට නිරුපන ශිල්පී පියුමි හංසමාලී සමග පැමිණි පිරිසක් සහ තවත් පිරිසක් අතර ගැටුමක් ඇතිව ඇති අතර එහිදී පියුමි හංසමාලි විසින් අමු කුණහරුපයෙන් බැණ වදිනු එහි සිටි කිසිවෙකු විසින් පටිගත කර අන්තර්ජාලයට මුදාහැර ඇත.

    https://www.facebook.com/100009990848857/videos/684168735259482/

  • ඇයි රථ වාහන වලට විතරක් … පාර්ලිමේන්තු මන්ත්‍රීලටත් දඩ …

    ඇයි රථ වාහන වලට විතරක් … පාර්ලිමේන්තු මන්ත්‍රීලටත් දඩ …

    රථ වාහන වැරදි 33 ක් සදහා ස්ථානීය දඩ වැඩි කිරිමට සමගාමීව පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගේ විනය ආරක්‍ෂා කිරීම සදහාද දඩ ක‍්‍රමයක් හදුනා දෙන්නැයි සිවිල් සංවිධාන කිහිපයක් කතානායකවරයාගෙන් ඒකාබද්ධ ඉල්ලීමක් කර ඇත.
    පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් සදහා දඩ නියම කිරීමට වැරදි 8 ක් ද ඒ සදහා නියම කළ යුතු දඩ මුදල්ද මෙහිදී යෝජනා කර ඇති අතර පාර්ලිමේන්තුව තුළ ප‍්‍රචණ්ඩකාරී ලෙස හැසිරීම හෝ පහරදීම සදහා රුපියල් 25,000 ක දඩයක්ද, පාර්ලිමේන්තුව තුළ අසභ්‍ය වචන ප‍්‍රකාශ කිරීම සදහා රුපියල් 20,000 ක දඩයක්ද යෝජිතයි. පාර්ලිමේන්තුව හෝ මහජනතාව නොමග යවන ප‍්‍රකාශ සිදුකිරීම සහ මූලික මිනිස් අයිතිවාසිකම් කඩවන ගැසට් නිවේදන නිකුත් කි්රීම වෙනුවෙන් රුපියල් 15,000 බැගින් දඩ නියම කිරීමටද මෙමගින් යෝජනා කර ඇත.
    තවද සාධාරණ හේතුවක් නොමැතිව පාර්ලිමේන්තු රැස්වීම් සදහා සහභාගි නොවීමට සහ පාර්ලිමේන්තු රැස්වීම් අතරතුර අවධානයෙන් නොසිටීමට රුපියල් 10,000 ක දඩයක් යෝජනා කර ඇත.
    සාක්‍ෂි නොමැතිව පාර්ලිමේන්තුව තුළදී කිසියම් පුද්ගලයෙකුට චෝදනා කිරීමටද රුපියල් දස දහසක දඩයක් යෝජනා කර ඇත.
    පාර්ලිමේන්තු සභා ගැබ තුළ නිදා ගැනීම වෙනුවෙන් රුපියල් 5,000 ක දඩයක් නියම කළ යුතු බවයි මෙම සිවිල් සංවිධාන එකමුතුව පවසයි.
  • ලොවක් කම්පා කරමින් මරා දැමු මහ මුහුදේ දැවැන්තයා (PHOTOS)

    ලොවක් කම්පා කරමින් මරා දැමු මහ මුහුදේ දැවැන්තයා (PHOTOS)

    තල්මසුන් දඩයමේ යෙදී සිටි අයිස්ලන්ත ධිවරයින් පිරිසක් විසින් වසර 50 කට පසුව මුල්වරට “නිල තල්මසෙක්” දඩයම් කර ඇති බව ඩේලි මේල් වෙබ් අඩවිය වාර්තා කර සිටිනවා. 
    ඉතා හොදින් වැඩුණු නිල් තල්මසෙක් වන මෙම සත්වයා දිගින් අඩි 102 ක් පමණ වුවා. සාගර විශ්ලේෂකයින් පවසන්නේ හොදින් වැඩුණු නිල් තල්මසෙක් දිගින් අඩි 108 ක් පමණ වන බවයි. 
    Hvalur 8 නම් අයිස්ලන්ත ධිවර නෞකාවක් විසින් මෙම නිල් තල්මසා දඩයම් කර තිබු අතර එය කොටස් කිරීමෙන් අනතුරුව ජපානයේ මත්ස්‍ය වෙළදපලට යවන බවයි ඔවුන් සදහන් කරන්නේ. 
    වඳ වේගන යන සත්ව කොට්ඨාෂයක් ලෙස නම්කර තිබෙන නිල් තල්මසුන් ගෙන් දැනට සාගරයේ ඉතිරිව සිටින්නේ 10000-25000 කට ආසන්න පිරිසක් බවයි සාගර විශ්ලේෂකයින් සදහන් කරන්නේ.
    තල්මසුන් දඩයම නීතිවිරෝධී ක්‍රියාවක් වුවත් ජපානය, අයිස්ලන්ත ධිවරයින් මේ දක්වාම වාර්ෂිකව තල්මසුන් දඩයමේ නිරතවනවා.
  • අලූගෝසු තනතුරට දෙදෙනෙකු බඳවා ගැනීමට නියමිතයි

    අලූගෝසු තනතුරට දෙදෙනෙකු බඳවා ගැනීමට නියමිතයි

    මරණ දඬුවම කි‍්‍රයාත්මක කරන්නේ නම් ඒ සඳහා අනුමත අලූගෝසු තනතුරට දෙදෙනෙකු බඳවා ගත යුතු බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසන අතර බන්ධනාගාර ආරංචි වල එම බඳවා ගැනීමට අවසර ඉල්ලා අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යංශයට ලිඛිතව දැන් වූ බව සඳහන් වේ.
    මරණ දඬුවම වැලිකඩ බන්ධනාගාරයේ කි‍්‍රයාත්මක කිරීමටයි සැලසුම් කර ඇති අතර මීට පෙර මරණ දඬුවම කි‍්‍රයාත්මක වූයේ බෝගම්බර බන්ධනාගාරයේ සහ වැලිකඩ බන්ධනාගාරයේ පමණි.
    එහෙත් බෝගම්බර බන්ධනාගාරය පල්ලේකැලේ ස්ථාපිත කිරීම හේතුවෙන් එහි මෙම දඬුවම කි‍්‍රයාත්මක කිරීමේ පහසුකම් නොමැති බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. 
    වැලිකඩ බන්ධනාගාරය සඳහා මීට පෙර අවස්ථා කිහිපයකදී අලුගෝසුවන් බඳවා ගැනීමට සම්මුඛ පරීක්ෂණ පැවැත්වු බවත් මෙවැනි  සම්මුඛ පරීක්ෂණවලින් තෝරා ගන්නා අලූගෝසුවන් කෙටි කලකින් එම ධුරය හැරයන බවත් බන්ධනාගාරයේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු සඳහන් කරන ලදී.
    අලූගෝසු තනතුරු සඳහා මින් පෙර අවස්ථාවකදී දෙදෙනෙකු බඳවා ගැනීම සිදු වූ අතර ඔවුන් පුහුණුව ලබමින් සිටි අතරතුර නිවාඩු ලබා සේවයට ප‍්‍රමාද වී වාර්තා කළැයි ඔවුන් සේවයෙන් නෙරපා ඇති බ‍ෙ වාර්තා වේ.
  • ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ වැඩබලන අධ්‍යක්‍ෂවරයාගේ ක‍්‍රියා කලාපයට විරෝධය

    ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ වැඩබලන අධ්‍යක්‍ෂවරයාගේ ක‍්‍රියා කලාපයට විරෝධය

    ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය තුළ අද (09) දිනයේ වැඩ වර්ජනයක් සිදු කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත.
    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික, වෛද්‍ය ප‍්‍රසාද් කොළඹගේ සඳහන් කළේ ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ වැඩබලන අධ්‍යක්‍ෂවරයාගේ ක‍්‍රියා කලාපයට විරෝධය පළ කරමින් මෙය ක්‍රියාත්මක බවයි. 
    ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ කටයුතු සිදු කරන්නේ වෛද්‍යවරුන් බවත් ඔවුන් වර්ජනයේ නිරත වන්නේ නම් එහි සියලු කටයුතු අඩපන විය හැකි බවත් ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය සඳහා නව අධ්‍යක්‍ෂවරයෙකු පත් කරන ලෙසත්, එසේ නොකළහොත් වැඩ වර්ජනය ඉදිරියේදී තවදුරටත් දැඩි කරන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් ප‍්‍රකාශ කරයි.
    ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ වැඩබල අධ්‍යක්‍ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පැවසුවේ තමන්ට එල්ල වන චෝදනා ප‍්‍රතික්ෂේප කරන බවයි. 
  • බස් , ත්‍රී රෝධ හා පාසල් වෑන් ගාස්තු ඉහලට

    බස් , ත්‍රී රෝධ හා පාසල් වෑන් ගාස්තු ඉහලට

    රජය විසින් ඉන්ධන මිල නැවත වැඩි කළ නිසා බස් ගාස්තු ඉහළ දැමීමට සියලු බස් සංගම් සමග සාකච්ඡා ආරම්භ කරන බව සමස්ත ලංකා පෞද්ගලික බස් සංගම් සම්මේලනයේ ප්‍රධාන ‍ලේකම් අංජන ප්‍රියංජිත් පවසයි.රජය විසින් නිතර නිතර ඉන්ධන මිල ගණන් මෙලෙස වැඩි කිරීම බස් කර්මාන්තකරුවා දැඩි අපහසුතාවට පත් වන බව හෙතෙම පවසයි.

    මේ අතර ත්‍රිරෝද රථ හිමියන් මෙවර වැඩි වූ පෙට්‍රල් මිලට සාපේක්ෂව ත්‍රිරෝද රථ ගාස්තු ඉහළ නොදමන බව සමස්ත    ත්‍රිරෝද රථ රියැදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සුදිල් ජයරුක් පවසයි. කෙසේ වෙතත් රජය පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 150 ඉක්ම වුවහොත් ත්‍රි රෝද රථවල දෙවන කිලෝමීටරය සඳහා අය කරන රුපියල් 40.00රුපියල් 5.00කින් වැඩි කරන බවද ඔහු කීය.

    පාසල් වෑන් රථ හිමියන් ගාස්තු වැඩි කිරීම පිළිබඳව තවමත් තීරණයක් ගෙන නැත.

  • කොටි වෙනුවෙන් විජේකලා නැවතත් පෙරට… මහත්තයා මැරුවෙ කොටි නෙමේලු

    කොටි වෙනුවෙන් විජේකලා නැවතත් පෙරට… මහත්තයා මැරුවෙ කොටි නෙමේලු

    එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීනි විජයකලා මහේෂ්වරන් මේ දිනවල ආන්දෝලනයට තුඩු දී තිබෙනා චරිතයක්. ඒ ඇය පසුගියදා සිදු කළ කොටි ත්‍රස්තවාදී සංවිධානය නැවතත් ඇති කළ යුතු බවට වන ප්‍රකාශයක් නිසා. කෙසේ වෙතත් මන්ත්‍රීවරිය විසින් සිදු කළ තවත් එවැනිම ප්‍රකාශයක් පිළිබදව වාර්තා වෙනවා. එනම් දේශපාලන සාකච්ඡාවකට එක්වන මන්ත්‍රීවරිය සිය සැමියා වන ත්‍යාගරාජා මහේෂ්වරන්ගේ මරණය පිළිබදව සිදු කරන ප්‍රකාශයකි.
    ත්‍යාගරාජා මහේෂ්වරන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කළ අතර 2008 වසරේ ජනවාරි පළමු වැනිදා කොටි ත්‍රස්තවාදීන් විසින් එල්ල කළ ප්‍රහාරයකින් ඔහු කොළඹදි මරණයට පත් වූවා. 
    මේ අතර දේශපාලන සංවාදයකට එක්වන විජයකලා මහෙෂ්වරන් මන්ත්‍රීවරිය පවසන්නේ සිය සැමියා ඝාතනය කළේ කොටි ත්‍රස්තවාදීන් යැයි කීම කටකතාවක් පමණක් වන බවයි. එම සංවාදයේදී වැඩි දුරටත් අදහස් දක්වන මන්ත්‍රීවරිය
    “කොටි සංවිධානය ඔහු ඝාතනය කළා යැයි කීම කටකතාවක්. පාර්ලිමේන්තුව තුලත්, ඉන් පිටතත් මහජනතාව වෙනුවෙන් ඔහු හඬ නැගූ නිසා කොටි සංවිධානය ඔහුව ඝාතනය කළ බව කියන කතාව බොරුවක්, කොටි සංවිධානය ඔහුව මරා දැම්මා නම් ඇයි පහුගිය ආණ්ඩුව ඉක්මණින්ම මේ ඝාතනය ගැන පරීක්ෂණය කරලා අවසන් කළේ. ඒක නීතිය ඉදිරියට ගෙනියන්න තිබුණා. නමුත් මේ ඝාතනය වහන්න උවමනාවක් තිබුනා කටහරි,
    දෙමළ ජනතාවට සිදුවුනු හිරිහැර ගැන ඔහු පාර්ලිමේන්තුවේදි දැඩිව ප්‍රශ්න කළා. ඒ තිබෙන වීඩියෝ සහ හැන්සාර්ඩ් වාර්තා වලින් ඔබලාට ඒ ගැන දැන ගන්න පුලුවන්. මහේෂ්වරන්ගේ මරණයට කොටි සංවිධානයේ කිසිම සම්බන්ධයක් නෑ, එයට හොදම උදාහරණය තමයි පසුගිය කාලයේදී පාර්ලිමෙන්තුවේ හිටපු මන්ත්‍රීවරුන් වන රවිරාජ්, ජෝශෆ් පරරාජසිංහම් යන අයත් කොටි සංවිධානය විසින් ඝාතනයට ලක් කළා කියලා කතාවක් ප්‍රචාරය වුනා,
    දැන් සිදු කරගෙන යන පරීක්ෂණ වලින් හෙළිවෙලා තියෙනවා රවිරාජ්ගේ මරණයට රජයට සම්බන්ධ පුද්ගලයන් සම්බන්ධයි කියලා, ඔවුන් අත්අඩංගුවට ගත්තා. ඒ වගේමයි මහේෂ්වරන්ටත්”
    මන්ත්‍රීවරිය ප්‍රකාශ කරන අන්දමට ඇයගේ සැමියා වන ත්‍යාගරාජා මහේෂ්වරන්ගේ ඝාතනයට කොටි සංවිධානය සම්බන්ධ නැත. 
    පසුගිය දින නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක, විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරියට දුරකතනයෙන් ඇමතු අවස්තාවේ නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් කොටි ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කළ ත්‍යාගරාජා මහේෂ්වරන් මන්ත්‍රීවරයා පිළිබදව ප්‍රශ්න කර සිටියා. එහිදි පෙරලා රංජන් රාමනායක නියෝජ්‍ය ඇමතිවරයාගෙන් ප්‍රශ්න කරන විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරිය ඇසුවේ ” රංජන් ඔයා ඒ වෙලාවේ එතන හිටියද?” යනුවෙන් වීම විශේෂත්වයකි.
  • ගණිකා සේවයේ යෙදුනාට ප්‍රසිද්ධියේ ලැබූ දඬුවම (PHOTOS)

    ගණිකා සේවයේ යෙදුනාට ප්‍රසිද්ධියේ ලැබූ දඬුවම (PHOTOS)

    ගණිකා සේවයේ යෙදුනු කාන්තාවන් දෙදෙනෙකුට සහ ගණිකාවන් ඇසුරු කරමින් සිටියදී අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයෙකුට ඉන්දුනිසියාවේ, අචේ ප්‍රාන්තයේදී ෂරියා නිතිය යටතේ වේවැල් පහර එල්ල කළ අයුරුයි මේ. 
    විදෙස් පුවත් වාර්තා කරන්නේ ඉන්දුනීසියාවේ ක්‍රියාත්මක වන  ෂරියා නිතිය යටතේ  මෙවැනි චෝදනා එල්ල වී වැරදිකරුවන් වන පුද්ගලයින්ට තරාතිරම නොබලා ප්‍රසිද්ධියේ දඬුවම් කරනු ලබන බවයි.
    ඉන්දුනීසියාවේ, අචේ ප්‍රාන්තයේදී මෙම දඬුවම ප්‍රසිද්ධියේ ක්‍රියාත්මක කරනු ලැබූ බව සඳහන්.
  • කාගෙවත් අතකොළු නොවී ආයිමත් ශ්‍රීලනිපයට එන්න….

    කාගෙවත් අතකොළු නොවී ආයිමත් ශ්‍රීලනිපයට එන්න….

    අද පෙරවරුවේ පැවති මාධ්‍යහමුවක් අමතමින් 16 කණ්ඩායමේ මන්ත්‍රිවරුන්ට නැවතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පැමිණෙන ලෙසට ආරාධනා කරන බව නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා  පවසයි.
     එක් එක් පුද්ගලයින්ගේ අතකොළු නොවි ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ උන්නතිය සහ වත්මන් ආණ්ඩුවේ ප්‍රගතිය සඳහා එක්ව කටයුතු කල යුතු බව නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පැවසීය. 
    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පක්ෂපාතිව කටයුතු කරන බවට එක් අවස්ථාවකදි ප්‍රකාශ කරමින් තවත් අවස්ථාවකදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩකටයුතු කරමින් 16 කන්ඩායමේ මන්ත්‍රීවරුන් දෙබිඩි පිලිවෙතක් අනුගමනය කරන බවද නියෝජ්‍ය අමාත්‍ය නිෂාන්ත මුතු හෙට්ටිගම මහතා එම අවස්ථාවේදි ප්‍රකාශ කර තිබේ.
  • හම්බන්තොට දිස්ත්‍රික් හිටපු පාර්ලීමේන්තු මන්ත්‍රී වී.කේ ඉන්දික අභාවප්‍රාප්ත වෙයි

    හම්බන්තොට දිස්ත්‍රික් හිටපු පාර්ලීමේන්තු මන්ත්‍රී වී.කේ ඉන්දික අභාවප්‍රාප්ත වෙයි

    හම්බන්තොට දිස්ත්‍රීක් හිටපු පාර්ලීමේන්තු මන්ත්‍රී වී.කේ ඉන්දික අභාවප්‍රාප්ත වී තිබෙනවා. කොළඹ පිහිටි හිටපු මන්ත්‍රීවරයාගේ නිවසේදී ඊයේ රාත්‍රීයේ (06) මන්ත්‍රීවරයා මෙලෙසින් මිය ගොස් තිබේ.
    මිය යන විට පනස් එක් වියේ පසුවූ හිටපු මන්ත්‍රීවරයා 1990 සිට 2009 වසර දක්වා දකුණු පළාත් සභාව නියෝජනය කල අතර ඉන්පසු පැවති මහ මැතිවරණයෙන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවටද තේරී පත්වන ලදී.
  • අපරාධ රැල්ලක්‌ රට තුළ ක්‍රියාත්මක වන බවට පුවත්පත්වල සටහන් වනවා… එහෙම රැල්ලක්‌ නැහැ

    අපරාධ රැල්ලක්‌ රට තුළ ක්‍රියාත්මක වන බවට පුවත්පත්වල සටහන් වනවා… එහෙම රැල්ලක්‌ නැහැ

    මත්ද්‍රව්‍ය ජාවාරම මැඬපැවැත්වීමට “ඊෂි කෑෂ්” ක්‍රමයට සිදුකරන මුදල් ගනුදෙනුවලට වැට බැඳීමට රජය කටයුතු ආරම්භ කර ඇතැයි රාජ්‍ය පරිපාලන, නීතිය හා සාමය පිළිබඳ ඇමැති රංජිත් මද්දුම බණ්‌ඩාර මහතා පැවසීය.

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් “ඊෂි කෑෂ්” හරහා වැඩිපුර ගනුදෙනු කරන බවට හෙළිකර ගැනීම නිසා එම ආයතන සමඟ මේවා මැඬපැවැත්වීමට විශේෂ වැඩසටහනක්‌ දියත් කර ඇතැයිද අමාත්‍යවරයා කියා සිටියේ ඊයේ (05 දා) රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවකට එක්‌වෙමිනි.

    වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ අමාත්‍යවරයා මෙසේද කීය. මේ දිනවල අපරාධ රැල්ලක්‌ රට තුළ ක්‍රියාත්මක වන බවට පුවත්පත්වල සටහන් වනවා. එහෙම රැල්ලක්‌ නැහැ. රජයක්‌ විදියට පාතාල ක්‍රියාකාරකම් මර්දනය කිරීමට උපරිම ක්‍රියාමාර්ග ගෙන ඉදිරියටත් එය ගෙනියනවා.

    2018 මුල් මාස පහ තුළ හෙරොයින් මත්ද්‍රව්‍ය සම්බන්ධ වැටලීම් 16630 ක්‌ සිදුකර සැකකරුවන් 16633 ක්‌ සමඟ හෙරොයින් කිලෝ 36 ක්‌, කේරළ ගංජා සම්බන්ධ වැටලීම් 24598 ක්‌ සිදුකර සැකකරුවන් 24581 ක්‌ සමඟ ගංජා කිලෝ 2721 ක්‌, කොකේන් සම්බන්ධ වැටලීම් 07 ක්‌ සිදුකර සැකකරුවන් 07 ක්‌ සමඟ කොකේන් කිලෝ 11 ක්‌, හෂීස්‌ සම්බන්ධ වැටලීම් 13 ක්‌ සිදුකර සැකකරුවන් 13 ක්‌ සමඟ හෂීස්‌ කිලෝ දෙකකට ආසන්න ප්‍රමාණයක්‌ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    එමෙන්ම මේ වසරේ ගෙවීගිය මාස කිහිපය තුළදී මාතර රන්බඩු සාප්පු මංකොල්ලයේ දී යාපනය මහාධිකරණ විනිසුරු ඉලන්ෙච්තිය මහතා ආරක්‌ෂා කර ගැනීමට යැමේදී සහ මාදම්පේ ප්‍රදේශයේ ගංවතුරෙන් පිරිසක්‌ බේරා ගැනීමට යැමේදී පොලිස්‌ නිලධාරීන් තිදෙනෙක්‌ මියගොස්‌ තිබෙනවා.

    ඒ වගේම පසුගිය රජය සමයේ සිදුවූ මනුෂ්‍ය ඝාතන සහ පහරදීම් සම්බන්ධයෙන් පොලිස්‌ විමර්ශන සිදු කරනවා. ඒ වගේම පසුගියදා ළමා කටයුතු රාජ්‍ය ඇමැති එල්.ටී.ටී.ඊ. සම්බන්ධ කර සිදුකළ ප්‍රකාශ සම්බන්ධයෙන් පොලිසියට ලැබුණු පැමිණිලි අනුව විමර්ශන කටයුතු සිදු කරනවා. මීට අමතරව චෝදනා එල්ලව තිබෙන අර්ජුන මහේන්ද්‍රන් සහ උදයංග වීරතුංග යන අය ලංකාවට ගෙන්වා ගැනීමටත් පොලිසිය කටයුතු කරමින් ඉන්නවා.

    නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය ඇමැති ශාන්ත බණ්‌ඩාර – පොලිසිය පාතාල මර්දනය කිරීමට කටයුතු කරනවා. පසුගිය රජය සමයේ දේශපාලනඥයන් පාතාලය පෝෂණය කළත් මේ රජයේ කිසිම දේශපාලනඥයෙක්‌ පාතාලයට සහායට කතා කරන්නේ නැහැ. පොලිසියට බලපෑම් කරන්නේ නැහැ. ඒ වගේම මාධ්‍යවලින් ඉල්ලා සිටිනවා පාතාල සාමාජිකයන් සම්බන්ධයෙන් ඔවුන්ගේ ඡායාරූප ප්‍රදර්ශනය කරන විට වීරයන් ලෙස හැඟවෙන ඡායාරූප පළකරන්න එපා.

    අපිට ඕන නම් දකුණේ ප්‍රබල දේශපාලනඥයන් පාතාල නායකයන් සමඟ සිටින වීඩියෝ වුණත් පෙන්වන්න පුළුවන්.

    මෙම මාධ්‍ය හමුව සඳහා නීතිය හා සාමය අමාත්‍යාංශ ලේකම් පද්මසිරි ජයමාන්න මහතාද සහභාගි වී සිටියහ.

  • අග්නිදිග සරසවි සිසුන්ට තවම සාධාරණයක් නෑ…

    අග්නිදිග සරසවි සිසුන්ට තවම සාධාරණයක් නෑ…

    අග්නිදිග සරසවියේ තාක්ෂණ පීඨයේ වසරක් තිස්සේ ඇති අර්බුදය සම්බන්ධයෙන් අද (07) එහි නිසි බලධාරිනිය මහාචාර්ය උමා කුමාරස්වාමි මහත්මිය සහ ශිෂ්‍ය නියෝජිතයන් අතර පැවැති සාකච්ඡා අසාර්ථක වූ බව එම විශ්ව විද්‍යාලයයේ ආරංචි මාර්ග කියයි.
     
    පන්ති තහනම් කළ සහ ශිෂ්‍ය භාවය අහෝසි කළ සිසුන්ට එරෙහි දඩුවම් ඉවත් කිරීම, පරිපාලන අර්බුදය නිසා මහ හැරුණු සෙමෙස්තර විභාග දෙක යළිත් වරක් පැවැත්වීම, විභාගවල පෙනී සිටිද්දී දිවුරුම් ප්‍රකාශ අනිවාර්ය  කර තිබීමේ නීතිය ඉවත් කිරීම ආදී ඉල්ලීම් හයක් ශිෂ්‍ය නියෝජිතයෝ අද (07)  නිසි බලධාරිනියට ඉදිරිපත් කළහ.
     
    සිසුන් විභාගවලට පෙනී සිටීම නම්   උද්ඝෝෂණවලට සහභාගී නොවන බවට මීට පෙර දිවුරුම් ප්‍රකාශ ඉල්ලා තිබිණි. එය අසාධාරණ තීන්දුවක් බැවින් එලෙස දිවුරුම් ප්‍රකාශ අවශ්‍ය නොවන බව නිසි බලධාරිනිය සිසුනට ප්‍රකාශ කළ බව ආරංචි මාර්ග සදහන් කරයි.
     
    විනය ක්‍රියාමාර්ග ගත් සිසුන් සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බවත්, පසුගිය වසරේ විභාග දෙක යළි පැවැත්වීම ගැන තීන්දුවක් නොලැබුණු බවත්, මේ වසරේ ජනවාරි සිට ඇති ගැටලුවලට පමණක් විසදුම් ලබා දීමට හැකි බව පාලනාධිකාරිය පැවසූ බවත් සිසුහු කියති.
     
    ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලයක මුලින්ම තාක්ෂණ පිඨයක් ආරම්භ වූයේ අග්නිදිග සරසවියේය. එසේ වුවත් පසුගිය අප්‍රේල් මාසයේ සිට පරිපාලනය සහ සිසුන් අතර ඇතිවූ ආරවුල්වලින් පසු අවස්ථා කිහිපයකදී පීඨය තාවකාලිකව වසා දැමිණි. සිසුන්ට විභාගවලට පෙනී සිටීමේ අවස්ථාව ඇහුරා අතැයි කියමින් තාක්ෂණ පීඨ සිසුහු පසුගිය වසරේ අගෝස්තු මාසයේ සිට අඛණ්ඩ පන්ති වර්ජනයක නිරතව සිටිති. 
     
    අග්නිදිග සරසවියේ හිටපු උපකුලපති මහාචාර්ය එම් එම් එම්  නජීම් මහතාගේ කාලය අවසන්වීමෙන් පසු එහි පරිපාලන අර්බුදය විසඳීම සඳහා උසස් අධ්‍යාපන ඇමැතිවරයා විසින් පසුගියදා නිසි බලධාරිනියක ලෙස මහාචාර්ය උමා කුමාරස්වාමි මහත්මිය පත් කරනු ලැබුවාය.
     
    මේ සම්බන්ධයෙන් විශ්ව විද්‍යාලයේ ලේඛකාධිකාරී එච් අබ්දුල් සත්තාර් මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා පැවසුවේ මාධ්‍යයට අදහස් දැක්විය නොහැකි බවයි.   අග්නිදිග සරසවියේ නිසි බලධාරිනිය මහාචාර්ය උමා කුමාරස්වාමි මහත්මිය සමඟ අද පැවැති සාකච්ඡා ගැන විමසීමට ඒ මහත්මිය සම්බන්ධ කර ගැනීමට කිහිප අවස්ථාවකම උත්සාහ කළත් එය අසාර්ථක විය.

  • මැණික් සහ ස්වර්ණාභරණ ක්ෂේත‍්‍රයේ ගැටලු ජනපතිගේ අවධානයට

    මැණික් සහ ස්වර්ණාභරණ ක්ෂේත‍්‍රයේ ගැටලු ජනපතිගේ අවධානයට

    මැණික් සහ ස්වර්ණාභරණ ක්ෂේත‍්‍රයේ මතුව ඇති ගැටලු පිළිබඳ සාකච්ජාවක් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
    කර්මාන්තකරුවන් සහ ව්‍යාපාරිකයින් මුහුණදී සිටින ගැටලු පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් ජනාධිපතිතුමා දැනුවත් කෙරිණි.
    රත‍්‍රන් සඳහා පැනවු සියයට 15ක ආනයන බද්ද සහ ස්වර්ණාභරණ කර්මාන්තය සඳහා එහි ඇති අහිතකර ප‍්‍රතිවිපාක පිළිබඳව ද අවධානය යොමු කෙරුණු අතර ඒ සඳහා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ යෝජනා කිහිපයක් ද ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කරනු ලැබීය.
    මැණික් ගැරීම සඳහා බලපත‍්‍ර නිකුත් කිරීමේදී රාජ්‍ය ආයතනවලින් නිර්දේශ ලබා ගැනීමේ ගැටලු සහ ප‍්‍රමාදයන් පිළිබඳව ද අවධානය යොමු විය.
    මැණික් ගැරීම සඳහා ඉඩම් නිදහස් කර ගැනීමේදී රාජ්‍ය ආයතන සහ වතු සමාගම් ආශි‍්‍රතව මතුවී ඇති ගැටලුකාරි වාතාවරණය පිළිබඳව ද සාකච්ජාවට ලක් විය.
    මෙම ගැටලු අතරින් දැනට විසඳුම් ලබාදිය හැකි ගැටලු සඳහා කඩිනමින් විසඳුම් ලබාදීමට නිලධාරින්ට උපදෙස් දුන් ජනාධිපතිතුමා අනෙකුත් ගැටලු පිළිබඳ සාකච්ජා කිරීමට අදාළ සියලු පාර්ශ්වයන්ගේ සහභාගිත්වයෙන් ජූලි 12 වනදා නැවත වරක් සාකච්ජාවක් කැඳවීමට ද උපදෙස් දුන්නේය.
    අමාත්‍ය දයා ගමගේ, පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඒ. ඒ. විජේතුංග, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක යන මහත්වරුන් ද මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති පේෂල බණ්ඩාර ජයරත්න මහතා ඇතුළු නිලධාරින් මෙම සාකච්ජාවට එක්ව සිටියහ