Category: සුපිරි Walks
-

ගාල්ලේ උද්‍යානයක ජෝඩුව පෙම්සුව විදිද්දී කොල්ලගේ යතුරුපැදියට විදලා… ඇත්ත කතාව මෙන්න….
යතුරුපැදියෙන් පැමිණ එය ගාල්ල ධර්මපාල උද්‍යානය ඉදිරිපිට නතරකොට තම පෙම්වතිය සමග එම උද්‍යානයේ පෙම්සුව විඳිමින් සිටියදී පෙම්වතාගේ යතුරුපැදිය සොරකම් කරගෙන ගොස් ඇති බව ගාල්ල පොලිසිය පවසනවා.
පෙම්වතා මොරටුව ජර්මන් ටෙක් ආයතනයේ පාඨමාලාවක් හදාරමින් සිටින සිසුවෙක්. ඔහු තමාට අයත් යතුරුපැදියෙන් ගාල්ල ධර්මපාල උද්‍යානයේ පළමු ගේට්‌ටුව අසල යතුරුපැදිය නතරකොට එහි හැඬලය ලොග්කොට තම පෙම්වතිය සමග ධර්මපාල උද්‍යානයට ගොස් තිබෙනවා. ධර්මපාල උද්‍යානයේ සිට දහවල් 12.40 ට පමණ ගෙදර යැම සඳහා පැමිණ බලන විට යතුරුපැදිය එහි තිබී නැත.
මෙම යතුරුපැදිය කිසිවකු විසින් සොරකම් කරගෙන ඇති බව පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වනවා. මෙම යතුරුපැදිය 2016 වර්ෂයේදී මිලදීගෙන ඇති බවත් එහි වටිනාකම රුපියල් දෙලක්‍ෂ හැටපන්දහසක් පමණ වන බවත් පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වනවා. ගාල්ල පොලිසිය පරීක්‍ෂණ පවත්වනවා.
-

ගෙදරින් තරහාවෙලා කොළඹ ආපු රූමත් නිවුන් දැරියන් දෙදෙනා දුෂණය කළ කාමාතුරයා Imo හරහා මාට්ටු…
මවුපියන් සමඟ අමනාප වී නාවලපිටියේ සිට කොළඹට පැමිණි රූමත් නිවුන් දැරියන් දෙදෙනා දූෂණය කොට වසරක් පුරා සොයා ගැනීමට නොහැකිව සිටි ප්‍රධාන සැකකරුට ඉමෝ තාක්ෂණයෙන් විශ්වවිද්‍යාල ශිෂ්‍යාවන් ලෙස ආදරය කළ පොලිස් කාන්තාවන් දෙදෙනකු ඔහු පේරාදෙණිය ප්‍රදේශයට ගෙන්වා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ මාතර වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවන් දෙදෙනකු ලෙස පෙනී සිටි පොලිස් කාන්තාවන් වූ නාවලපිටිය පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති උ.පො. පරීක්ෂිකා ශ්‍යාමලී, කාන්තා පොලිස් කොස්තාපල් සමන්මලී (3660) යන දෙදෙනා ඉමෝ තාක්ෂණය ඔස්සේ මෙම සැකකරුට ආලය පෙන්නා මෙසේ උපායශීලීව පේරාදෙණිය විශ්වවිද්‍යාලය අසල ගලහ මංසන්ධියට ගෙන්වා ගෙන තිබෙනවා.
අදාළ උපායට අනුව ළමා හා කාන්තා අංශයේ ස්ථානාධිපතිනිය පළමුව ඔහුට ආදරය කරන තරුණිය සේ පෙනී සිට ඇති අතර ඇගේ විශ්වවිද්‍යාල යෙහෙළිය ලෙස පෙනී සිටි සමන්මලීද සිය යෙහෙළියට හොරා මොහුට ආදරය කරන බවත් දක්වා තිබෙනවා.
කාන්තාවන්ට ලොල්ව මෙම සැකකරු එක ගමනින් ගොදුරු දෙකක් ගැනීමේ අරමුණින් මහනුවරට පැමිණ තිබෙනවා.
නාවලපිටිය වෙරළුගස්හින්න ප්‍රදේශයේ පදිංචිකාරියන් වූ 15 හැවිරිදි වියේ පසු වූ නිවුන් දැරියන් දෙදෙනා නිවෙසේ අය සමඟ අමනාප වී කිසිවකුට නොදන්වා හොර රහසේ කොළඹට පැමිණ ඇති අතර ඔවුන් දෙදෙනා පිටකොටුව බස් නැවතුම්පොළේ සිටියදී මෙම සැකකරු ත්‍රිරෝද රථයකින් පැමිණ මෙම දැරියන් දෙදෙනාට රැකියාවන් දෙන බව පවසා ලියගම ප්‍රදේශයට රැගෙන ගොස් බෝඩිම් කාමරයක තබාගෙන දූෂණයට ලක් කර ඇත.
මේ අතර දැරියන් දෙදෙනා අතුරුදන් බවට නාවලපිටිය පොලිසියට ලැබුණු පැමිණිලි මත පසුව ඔවුන් කොළඹ ප්‍රදේශයේ සිටියදී සොයා ගෙන උසාවි මාර්ගයෙන් පරිවාස ගත කරන ලදී.
මෙම සැකකරු පිළිබඳව දැරියන් නිසි තොරතුරක් නොදන්නා බව හෙළිවීම මත ලැබී තබූ සාමාන්‍ය තොරතුරු අනුව ඔහු සොයා පරීක්ෂණ සිදුකර තිබෙනවා.
ඒ අතර ඉමෝ ඇමැතුම්වල ඔහු සිටින බව දැන මෙසේ ඔහු සමඟ මෙම පොලිස් කාන්තාවන් ආදර වදන් තෙපළා තිබෙනවා.
සැකකරු ලියගම ඇඟලුම් කම්හලක සේවය කරන්නකු බව හෙළි වී ඇත. ඔහු ඊයේ (13දා) දින නාවලපිටිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබුණා.
-

අන්තවාදී නීති විරෝධි රූපවාහිනී සේවා ගැන තොරතුරු ඇතුලත් NMWJ විසින් TRCයට ලියු ලිපිය මෙන්න….
ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන නීති විරෝධි කේබල් රූපවාහිනී සේවාවන් ගැන වහාම පරීක්ෂණ අරඹන්නැයි වෙබ් මාධ්‍යවේදීන් ජාතික ව්‍යාපාරය ශ‍්‍රී ලංකා විදුලි සංදේශ හා නියාමන කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටී.
මෙම ඉල්ලීම කරමින් එම සංවිධානය විසින් ශ‍්‍රී ලංකා විදුලි සංදේශ හා නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත අද(13) ලිපියක් බාර දුන්නේය.එම ලිපිය පහතින්.
සභාපති,
ශ‍්‍රී ලංකා විදුලි සංදේශන හා නියාමන කොමිෂන් සභාව,
276, ඇල්විටිගල මාවත,
කොළඹ 08.
2018. 06. 13මහත්මයාණෙනි,
ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන නීති විරෝධි කේබල් රූපවාහිනී සේවාවන් ගැන වහාම පරීක්ෂණ අරඹනු !
පසුගිය කාලය පුරාම උතුරු නැගෙනහිර ඇතුලූ රට පුරා ඉතා සංවිධානාත්මකව හා තීව‍්‍ර ලෙස ක‍්‍රියාත්මක වන ලියාපදිංච් නොකල නීතිවිරෝධී කේබල් රූපවාහිනී සේවාවන් පිළිබඳව වෙබ් අඩවි කිහිපයක් විසින් හෙලිදරවු කොට ඇත. එම අනාවරණයන් තුළින් ව්‍යාපාරිකයන්, දේශපාලඥයින් ඇතුලූ කිහිප දෙනෙකු නීති විරෝධි කේබල් සේවාවන් වලට සම්බන්ධ බවත් මෙම වෙබ් අඩවි විසින් අනාවරණය කරනු ලැබීය. ඒ අනුව මේ වන විට අපට ලැබී ඇති තොරතුරු මගින් තහවුරු වන්නේ ජාතික ආරක්ෂාවටත් ජාතීන් අතර සහජීවනයට හා ආගමික සංහිදියාවට මෙම නීති විරෝධි කේබල් සේවාවන් හරහා දැඩි බලපෑම් ඇතිවන බවයි.
මෙවැනි බලපෑම් ඇති වීමට ප‍්‍රධාන හේතුව වන්නේ මෙවැනි නීති විරෝධී නාලිකා විසින් විකාශනය කරන ලබන වැඩසටහන්වල අන්තර්ගතය නියාමනය කිරීමට මාර්ගයක් ඔබගේ කොමිෂන් සභාවට නොහැකි වීම නිසා එම රූපවාහිනී නාලිකා ඔවුනට අවශ්‍ය වැඩසටහන් රිසි සේ විකාශය කිරීමයි.
එසේ තිබියදී වෙබ් අඩවි තහනම් කිරීමට කඩිනම් තීරණ ගන්නා ආණ්ඩුව විසින් මෙම නීති විරෝධී කේබල් සේවාවන් තහනම් කිරීමට නොගැනීම පිළිබඳව බරපතල සැකයක් රට තුළ හටගෙන තිබේ. ඒ අනුව දැනට ලංකාව පුරා ලියාපදිංචි නොකළ අනවසර කේබල් රූපවාහිනි සේවාවන් පවත්වාගෙන යන ආයතන, ඒවායේ ලිපිනයන්, හා දුරකථන අංක ඇතුලත් ලේඛණයක් මේ සමගම ඔබ වෙත ලබා දීමට ද අපි කටයුතු කරමු.
මෙවැනි වතාවරණයක් යටතේ වෙබ් මාධ්‍යවේදීන් ජාතික ව්‍යාපාරය වගකිව යුතු පාර්ශව විසින් ඉල්ලා සිටින්නේ වහාම ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන නීති විරෝධී කේබල් රූපවාහිනී නාලිකා සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් සිදු කර නීතිය ක‍්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙසයි.
ස්තූතියි!
මෙයට,
චතුරංග ද අල්විස්
සභාපති
වෙබ් මාධ්‍යවේදීන් ජාතික ව්‍යාපාරය -

නිතී විරෝධී කේබල් ටීවී ජාවාරමින් TRCලොක්කන්ට ලක්ෂ 01 සිට 25 දක්වා මාසික කප්පම්!
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම් සභාවේ ඇතැම් නිලධාරීන් උතුරේ සහ කඳුකරයේ ක්‍රියාත්මක නීතිවිරෝධී මෙන්ම ජාතික ආරක්ෂාවට තර්ජනයක් වූ කේබල් රූපවාහිනී සේවාවලින් අතිදැවැන්ත කප්පම් මුදලක් මාසිකව ලබාගනිමින් රජයට හිමිවිය යුතු රුපියල් බිලියන ගණනක බදු මුදල් අහිමිකරමින් සිටින බව වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය ඊයේ(11) මාධ්‍ය හමුවක් කැඳවමින් අනාවරණය කර සිටියේය.
වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරයේ සභාපති චතුරංග ද අල්විස් පවසා සිටියේ එම අනවසර කේබල් රූපවාහිනි තහනම් කිරීමට TRC කටයුතු නොකරන්නේ එම නාලිකා වලින් ඔවුන් රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ 25 දක්වා කප්පම් ලබා ගැනීම නිසා බවයි.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ,
“පසුගිය මැයි 28 වෙනිදා යාපනයේ දි කලෙයි කතයි පුවත්පතේ මාධ්‍යවේදි සෙල්වරාසා රාජෙන්ද්‍රන්ට පහර දීම හා ඒ පහර දුන් කණ්ඩායම අත්තඩංගුවට ගැනීම පිළිබඳව අපි අපේ බලවත් විරෝධය පල කළා. සෙල්වරාසා රාජේන්ද්‍රන් තම පුවත්පතේ පුවත් පත් රැගෙන යතුරු පැදියේ යමින් සිටියදි යතුරු පැදිවලින් පැමිණි 10 දෙනෙකුගේ පමණ කණ්ඩායමක් ඉතාම තියුණු ආයුධ වලින් පහර දුන්නා. ඔහු තවමත් යාපනය මහ රෝහලේ ප්‍රතිකාර ලබනවා. ඔහුගේ වම් අතට දැඩි ලෙස හානි සිදු වෙලා සිදුවෙලා තියනවා. තවමත් මේ සම්බන්ධයෙන් කිසිවෙක් අත්තඩංගුවට ගත්තේ නෑ. අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා මේ සම්බන්ධයෙන් වහාම විධිමත් පරීක්ෂණයක් පවත්වා මේ කණ්ඩායම් හදුනා ගන්න කියලා. ඒ වගේම අපි කණගාටු වෙනවා දකුණේ නාලිකා ගැන. මොකද අපි දැක්කේ නෑ දකුණේ කිසිම විද්‍යුත් හා මුද්‍රිත නාලිකා මේ සෙල්වරාසා රාජේන්ද්‍රන්ට පහර දීම සම්බන්ධයෙන් වාර්තා කරනවා. ඒ වගේම ඇතැම් වෙබ් අඩවි ඔහු පත්තර බෙදෙන කෙනෙක් ලෙස හදුන්වා තිබුණා. උතුරේ සියළුම මාධ්‍ය සංවිධාන, උතුරේ දේශපාලකයෝ, උතුරේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මේ සම්බන්ධයෙන් විරෝධතා දැක්වූවා දවස් ගණනාවක්. දකුණේ මේ පුවත සම්පූර්ණයෙන්ම වාරණය කරලා තිබුණා. ඒක තමයි මෙතන තියන වැදගත්ම කාරණය. අපි බොහෝම පැහැදිළිව කියනවා මේ වාරණය කිරීම පිටුපස්සේ ඒකාධිපති වියරුව ක්‍රියාත්මක වෙලා තිබුණා. ”
“ඒ වගේම අපි දැක්කා මේ ආණ්ඩුව පත්වෙලා වසර තුනක් ගෙවිලා ඉවර වෙනකොට මේ ආණ්ඩුව මාධ්‍යයට එරෙහිව ඉතා භයානක ලෙස තමන්ගේ හස්තය ක්‍රියාත්මක කරලා තියෙනවා. එදා අගමැතිවරයා විශ්වාසභංගය දිනපු වෙලාවේ සිරස මාධ්‍ය ආයතනය ඉස්සරහා රතිඤ්ඤා පත්තු කරනකොට අපි කිව්වා මේ රතිඤ්ඤා දිහා බලන්න එපා ඒක පිටිපස්සේ තියන භයානක හස්තය දිහා බලන්න කියලා. එදා රතිඤ්ඤා පත්තු කරලා පටන් ගත්ත මාධ්‍ය වියරුව ඉවර වුණේ ටී එන් එල් එකට අත තියලා. TNL සම්බන්ධයෙන් TRC අනුගමනය කළේ අත්තනෝමතික ක්‍රියාවලියක් කියලා අපි බය නැතුව කියනවා. මේ තහනමට දවස් කිහිපයකට පෙර TNL සේවය ජනාධිපතිවරයා ප්‍රකාශ කොට තිබු එහෙත් ජනාධිපතිවරයාට අමතකව ගිය සිදුවීම් ටිකක් මතක් කර දුන්නා. එහි ප්‍රතිඵලය තමයි TNL පොල්ගහවෙල විකාශනාගාරයට සිල් තැබීම. අපි පැහැදිළිව කියනවා මේක TNL එකට විතරක් තිබ්බ අතක් නෙමෙයි. මේක හෙට දවසේ අනිත් නාලිකා වලටත් තියනවා. ඒ හරහා ආණ්ඩුව පොඩි සිග්නල් එකක් දෙනවා. දැක්කා නේද අපිට බනින්න එපා, අපිව විවේචනය කරන්න එපා. අපිට මඩ ගහන්න එපා. එහෙම කලොත් මෙහෙම වෙයි කියලා.”
“ඒ වගේම මේ වන කොට TRC බරපතළ විදියට මේ රටේ ජාතික ආරක්ෂාව අනතුරේ දාලා තියනවා. ලංකා උතුරු නැගෙනහිර සහ කදුකරයේ සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වෙනවා අනවසර කේබල් ටී. වි සේවා. TRC යටතේ ලියාපදිංචි වෙච්ච නාලිකා අරගෙන බැලුවාම කේබල් ටී වී ලෙස ක්‍රියාත්මක වෙන්න පුළුවන් නාලිකා 4ක් විතරයි තියෙන්නේ. ඒත් අවසානාවට යාපනය දිස්ත්‍රික්කයේ පමණක් කේබල් ටී වී ආයතන 18 ක් තියනවා. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ 4ක් හා අම්පාර දිස්ත්‍රික්කයේ 2ක්, හැටන් ඇතුළු මධ්‍යම කඳුකරයේ ක්‍රියාත්මක වෙනවා 13ක්. මේ කිසිම නා නාලිකාවක් සම්බන්ධයෙන් TRCයට නියාමනයක් නෑ. මොකද ඒවා ලියා පදිංචි වෙලා නෑ. මේ නිසා රටට අහිමි වන බදු මුදල වාර්ෂිකව රුපියල් 2000කට වැඩියි. එහෙම තිබියදි කොහොමද මෙහෙම කේබල් ටිවි පවත්වා ගෙනයන්නේ. බොහෝම පැහැදිළියි ඔවුන් TRC නිලධාරින්ට කප්පම් ගෙවනවා. ඔවුන් ලක්ෂයේ සිට ලක්ෂ 25 දක්වා කප්පම් ගෙවනවා.”
ඇමතිවරුන් සහ ඇමති පුත්තුන්ගෙන් මාධ්‍යයට ඇති බලපෑම්
“හිරු නාලිකාවේ විකාශය කළා පාලිත රංගේ බණ්ඩාර රාජ්‍ය අමාත්‍යවරයාගේ පුත්‍රයාගේ ඒ රිය අනතුර. ඒක ප්‍රචාරය කරපු වෙලාවේ ඉඳලා ජනතාවගේ සල්ලිවලින් මාධ්‍ය හමු කැඳවලා, එක පිට පිට දෙකක් කැඳවලා තිබුණා. ඔහු හිරු නාළිකාවට කියලා දෙනවා කොහොමද මේ නිව්ස් ගහන්න ඕනේ කියලා. ඒකෙ තියෙනවා තර්ජනයක්. අපි දැක්කා ඔහු කියනවා මහින්ද රාජපක්ෂ මහත්තයගේ කාලේ අතුරුදහන් කරපුවා , මරපුවා අපිත් කළා නම් ඕවා ඔක්කොම හරි.එහෙම නිකන් පොඩි එකක් දානවා. මගේ පුතා කරපු වැරැද්ද හොයන්න එපා. මොකද අපි දන්නවා හිරු නාලිකාව කවුරුහරි කියපු නිසා මේ ඔවුන් ඒක විකාශය කළේ නැහැ. ඔවුන් ගාව රූපරාමු තියෙනවා. ඒ ගෙදර නිවැසියන්ගේ කතාව ඔවුන් ගාව තියෙනවා. සාක්ෂි තියෙනවා. පොලීසියට දුන්නු වාර්තා තියෙනවා. ඒ සියල්ල පදනම් කරගෙන. වොඩ්කා වතුර කරපු රංගේ බණ්ඩාර ඇමතිවරයා කියනවා නාළිකාවට ඔයාලා මේක ගහන විදිය වැරදියි.”
“ඔය කතාව මෙහම හදලා ගන්න. ඇත්තටම ලැජ්ජා වෙන්න ඕනේ. අද උදෑසන මේ මාධ්‍ය හමුවට එන්න කලින් උදේ ටී.වී දැම්මම ලංකාවේ ජාතික නාළිකාවක, අර උදේ පත්තර කියන මල්ලිලා දෙන්නෙක් පත්තරේ කියන අතරේ ගන්නවා දුරකතනයෙන් සජීවීව පාලිත රංගෙ බණ්ඩාර අමාත්‍යවරයාට. දැන් අමාත්‍යවරයා කතා කරනවා දැන් විනාඩි 03ක විතර කාලයක්. ඔහු කතා කළාට පස්සේ අර මාධ්‍යවේදීන් දෙදෙනා කියනවා බොහොම ස්තූතියි රාජ්‍ය ඇමතිතුමනි මේ සත්‍ය පහදා දුන්නාට. දැන් හරි මරයි ණේ. මේ රටේ ඇමතිවරු, උන්ගේ පුතාලා වැරදි කළාම එයාලට පුළුවන් සත්‍යය පහදන්න. ඒකද මේ රටේ නීතිය? ඒකද පිළිගන්න ඕනේ. පාලිත රංගෙ බණ්ඩාර මහත්තයා පොලිස් කාරයෝ දන්නවා කොහොමද සාක්කි හදන්නේ. මේ යමින් තියෙන්නේ ඒ ගමන. ඒ නිසා මොකද කරන්නේ ඇත්ත කතා කරන නාලිකා වලට එරෙහිව තර්ජනය කරමින් ඉන්නවා. මාධ්‍ය නාලිකා වලට තර්ජනය කරන්න ඉඩ දෙන්න එපා. ඒක හැමෝගෙම වගකීම.”යැයිද ඔවුන් වැඩිදුරටත් පැවසීය.
https://www.facebook.com/nmwj.org/videos/1336825709781659/
-

විදුහල්පති නි.විදුහල්පතිනිය එක්ක පාසල් කාර්යාලයේ අමුතු හැසිරීමක යෙදුණු දුටු සිසුවා පාසලින් ඉවතට…..
විදුහල්පතිවරයෙකු සහ නියෝජ්‍ය විදුහල්පතිනියක පාසල් කාර්යාලය තුළ අමුතු ආකාරයකව සිටිනවා දුටු සිසුවකුට විවිධ බොරු චෝදනා ඉදිරිපත් කර පාසලින් නෙරපීමේ සිද්ධියක් ගම්පහ කලාපයට අයත් පාසලකින් වාර්තාවේ.
තමා හුණු කූරක් ගෙන එන්නට විදුහල්පති කාමරයට ගිය අවස්ථාවේ විදුහල්පති හා නි.විදුහල්පතිනිය අසභ්‍ය ආකාරයේ හැසිරීමක යෙදෙමින් සිටිනු දුටු බවත් පසුව ඒ බව මිතුරන්ටද පැවසූ බවත් මෙම සිසුවා පවසයි.
මෙම සිද්ධියෙන් පසු ඒ ගැන විමසා විදුහල්පතිවරයා බැණ වැදුණු බවත් දිනක් කොණ්ඩය වැඩියැයි කියමින් නියෝජ්‍ය විදුහල්පතිනිය අමානුෂික පහරදීමකට ලක් කළ බවත් සිසුවා පවසා ඇත.එදින මෙම සිසුවාගේ මව කැඳවා කිසිදු වැදගත් හේතුවක් නොදක්වා විදුහල්පති බලතල භාවිත කර සිසුවාව පාසලෙන් ඉවත් කර තිබේ.
පාසලේ මුලසිටම ඉගෙන ගෙන ඉගෙනීමට මෙන්ම බාහිර ක්‍රීඩා කටයුතුවලින්ද ජයග්‍රහණ අත්කරගෙන කැපී පෙනෙන සිසුවෙකු ලෙස නමක් දිනූ මොහුව අසාධාරණ ලෙස නෙරපා දැමීම ගැන කලාප අධ්‍යාපන කාර්යාලයට පැමිණිලි කිරීමට සිසුවාගේ දෙමාපියන් ඉන් පසුව කටයුතු කර ඇතත් කිසියම් දේශපාලන බලපෑමක් මත එම ගැටලුව විමර්ශනය නොකර හරින බවත් වාර්තාවේ.
අසභ්‍ය හැසිරීම් සිද්ධියෙන් පසු දිනපතා විදුහල්පති සහ නියෝජ්‍ය විදුහල්පතිනිය විවිධ වැරදි කියමින් තමාට හිරිහැර කළ බවත්, දිනක් කොණ්ඩය වැඩියැයි කියමින් නියෝජ්‍ය විදුහල්පතිනිය පහර දෙද්දී තමා අත දිගුකර එම පහරදීම්වලින් බේරීමට උත්සාහ කළ අවස්ථාවේ බේරාගත්තේ වෙනත් ගුරුවරයකු බවත් වැඩිදුර විස්තර කර ඇත.
සිසුවාගේ කොණ්ඩ කැපීමේ සිද්ධියේදී විදුහල්පති කාර්යාලයට පොලිසියේ දෙදෙනකු සහ තම මව ද කැඳවා තිබුණු බවත් තමා විදුහල්පතිනියට පහර දීමට උත්සාහ කළ බව දක්වමින් බරපතල වරදකට පැටලූ බවත් සිසුවා කරන පැමිණිල්ලේ දැක්වේ.
ඉත්පසු සිසුවා පාසලෙන් ඉවත් කර ඇති අතර ඔහු තමාට වූ අසාධාරණය ගැන කලාප අධ්‍යාපන කාර්යාලයට සහ පළාත් අධ්‍යාපනය කාර්යාලයට පැමිණිලි කර කිහිප අවස්ථාවක් මේ සම්බන්ධයෙන් ඇවිටිලි කළ පසුව අවසානයේ කලාපයේ වෙනත් පාසලක් ලැබී තිබුණත් විදුහල්පතිවරයාට එරෙහිව කිසිවක් සිදුව නැති අතර සිසුවා දැඩි මානසික පීඩාවට පත්වී ඇතැයි වාර්තාවේ දේශපාලන බලපෑමක් නිසා විදුහල්පතිවරයාට එරෙහි කටයුතු යටගසා ඇතැයි පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ආරංචි වාර්තා කර තිබේ.
-

250ට පඳුරු අස්සේ ක්ලාස් ආපු පොඩි කපල් රූම් යන අනුරාධපුර පූජා නගරයේ අමුතු පාක් එක මෙන්න..
මිනිසුන්ගේ වෙහෙස මහන්සිය නිවාගන්නට රට පුරා බොහෝ ස්ථාන වල විවිධ උද්‍යාන ඉදිකර තිබෙනවා. කොළඹ අවට ඉන්න අයනම් බොහෝ වෙලාවට නිවාඩු පාඩුවෙ විහාරමහාදේවි උද්‍යානට ගිහිල්ලා කාලය ගත කරන්න පුරුදු වෙලා ඉන්නවා. ඒ වගේම රටේ විවිධ ප්‍රදේශ වල මේ විදියට නිර්මාණය කරල තියෙන උද්‍යාන වලට පුංචි දරුවන්ගෙ ඉඳලා වැඩිමහළු පුද්ගලයන් දක්වාම යන්න පුරුදු වෙලා තියෙනවා.
කොහොම වුනත් මේ විදියෙ උද්‍යානවල සිදුවෙන ඇතැම් සිදුවීම් නිසා පුංචි දරුවන් පවා එම උද්‍යාන වලට රැගෙන යන දෙමාපියන් විශාල ලෙස අපහසුතාවයට පත්වෙනවා. පසුගිය දිනක අනුරාධපුර ප්‍රදේශයේ උද්‍යානයක සිදුවන අමුතු විදියේ පුවතක් මුද්‍රත මාධ්‍යයක සඳහන් කර තිබුනේ මෙලෙසින්.
පසුගිය දිනක සිරිමා බෝධිය වඳින්න ගොස් එන අතරමඟදී මේ අමුතු උද්‍යානයේ සිරි නරඹන්නට මට ද සිතිණි. මම උද්‍යානයේ විසල් දොරටුව අසලට ගියෙමි. දොරටුපල්ලාගේ විමසුම් ඇස මගේ දෙපතුළේ සිට හිස්‌මුදුනට යනතෙක් දිව ගියේය.
දෙන්නෙක් ඉන්නවද…? දොරටු පල්ලාගෙන් මට පැනයකි.
‘නෑ… මම විතරයි…’
‘එහෙම නම් බෑ. පාක් එකට ඇතුළු වෙන්න දෙන්නෙක් ඉන්න ඕනෑ…’ බකුසු මුහුණ තවමත් මා දෙසට තියුණු බැල්මකය.
පසුව මම ගමන් සගයා ද කැටුව ගොස් උද්‍යානයට ඇතුළුවීමට දොරටු පල්ලාගෙන් අවසර පත්‍රයක් ඉල්ලා සිටියෙමි.
‘ටිකට් එකක් දෙසිය පනහයි…’ නොරිස්‌සුම් ස්‌වරයෙන් ඔහු අපට වචනවලින් දමා ගැසූ ගානය.
ටිකට්‌පත් දෙකක් මිලට ගෙන අපි විසල් දොරටුවෙන් පහළට පියගැට පෙළ බැස්‌සෙමු. පියගැට පෙළ අවසානය කොන්ක්‍රීට් ගල් ඇල්ලූ මංතීරුව ලඳු කැලෑ දෙබෑ කරමින් ඈතට විහිදේ. අවට සොබාසිරිය විඳිමින් අපි සෙමෙන් ඉදිරියට පිය මැන්නෙමු.
මඟ දෙපස කැලෑ රොදවල් අතරින් මතු වන සියොතුන්ගේ ගී නාදය හදවත් ඒකාත්මික කරන සංගීතයක් බඳුය. මල්වතුඔය දෙසින් හමන සිසිල් සුළඟ සියොළඟම කිතිකවමින් ගහකොළවල වැදී බිඳී යයි. ඉලුක් පඳුරු, බට පඳුරු සහ විවිධාකාර ශාකවලින් පිරුණු උද්‍යානය ද හරිත පැහැයෙන් දිළිණි. එහෙත් මේ උද්‍යානයේ මල් පඳුරු ඇස නොගැටෙන තරම්ය.
එමෙන්ම මඟ දෙපස ඇති ඒ කැලෑ පඳුරු හරි අපූරුවට කූඩාරම් සේ සකස් කර, සෙවණ යට බංකු සකස් කර ඇති අයුරු ද පෙනේ. කැලෑ රොදවල් අතරින් ඇස ගැටෙන ඒ එකදු බංකුවක්‌වත් හිස් නැත. සියලු බංකු පෙම්වතුන්ගෙන් පිරී ගොස්‌ය. තව, තවත් අපි ඉදිරියට පියවර මැන්නෙමු.
අතරමඟ මුණගැසෙන බොහෝ දෙනා බෑග් මලු කරේ එල්ලාගත් තරුණ ජෝඩුය. විවිධ ටිකට් පොත් අතින් ගත් තරුණයන් දෙතුන්දෙනෙක් ඇස නොගැටෙන්න එළිපිට ගමන් කරන පිරිමි දෙදෙනෙක් සිටියා නම් ඒ අප දෙදෙනා පමණි. කැලෑ පඳුරු අතර සැඟ වී පෙම්වතුන්ගේ අනඟ රැඟුම් නරඹමින් කාලකණ්‌ණි වින්දනයක් ලබන පිරිමි බාග මේ උද්‍යානයේ ඕනෑතරම්ය. එහෙත් මේ මොහොත් එවැනි පිරිමි පරාණ අපගේ දෙනෙත්හි නොගැටිණි. ඇස ගැටෙන සෑම කැලෑ රොදකම ආදරයෙන් වෙලුණු පෙම්වතුන් පමණි.
මේ නම් පෙම්වතුන්ගේ රාජධානියකි. මේ ප්‍රේම පාරාදීසයේ පෙම් සුව විඳින ප්‍රේමනීය දෙනෙත් සමඟ නිමේෂයකටවත් අපගේ දෙනෙත් නොගැටිණි. සොර සතුරෙක් පැමිණ ඔවුන්ගේ බඩු භාණ්‌ඩ සොරාගෙන ගියද ඔවුන්ට නිච්චියක් නැති ගානය. ඔවුහු එතරම්ම ප්‍රේමාලිංගනයෙන් උමතුවට පත්ව සිටිති. ඇඳුම්, පැළඳුම් පොත්පත් සියල්ල විසිරි තිබියදී ඔවුන්ගේ ශරීර කූඩු පමණක් එක මිටට ප්‍රේමයෙන් බැඳී තිබිණි.
”අද සෙනසුරාදා නේ. ගොඩක්‌ම ඉන්නේ පන්ති එන ළමයි. දෙමවුපියෝ පොළොව තඩි ගහලා මේ ළමයින්ව ටියුෂන් එවනවා. ළමයි පඳුරු අස්‌සේ රිංගනවා…” අපගේ ගමන් සගයා පහත් ස්‌වරයෙන් සුසුමක් පිට කළේය.
ඔහුගේ කතාව සැබෑය. පෙම්වතුන්ට තුරුලු වී සිටින මේ දැරිවියන්ගේ මවුවරු මේ විගඩම් දුටුවහොත් මාතෘත්වයේ සප්ත මහා ගංගා එක් මුව දොරකින් මුහුදට ගලන්නාක් සේ ළය පැළී යන වේදනාවෙන් ඉකිබිඳිණු නියතය. දිගු හීන කතාන්දර කෙටි අකුණු පහර මත මියෑදෙන බව පෙම්වතුන්ට තුරුලු වී සිටින විසේකාර ගැටිස්‌සියන්ට නොතේරේ. තේරුම් යන විට ඔවුන්ගේ වටිනා වස්‌තූන් නැති වී හමාරය.
”පේනව නේද… පඳුරක් යටට ගියාට පස්‌සෙ ඉන්නේ කොහේද කියලා දන්නේ නෑ. පඳුරු අයින්වල වැටිලා තියෙන ඉටි බෑග්වලින් ඒ බව හොඳින් පැහැදිළි වෙනවා නේ… මේ පාක් එක හවස පහ වෙනකම් ඕපන්. පාක් එකේ ගෙට්‌ටුව වැහුවට පස්‌සෙත් ජෝඩු එහෙං මෙහෙං රිංගනවා. ඇඳිරි වැටෙනකොට රිංගන්නේ වැඩ ඇරිලා යන තාත්තලා, අම්මලා. සමහර අමාරුකාරයො ටවුන් එකේ ඩීල් වෙන උන් දක්‌කගෙන එනවා… ගමන් සගයාගේ මුවට අගුළු වැටිණි. ඔහුගේ දෙනෙත් කැලෑව පීරගෙන පඳුරකට වහං වෙච්ච බංකුව මතට දිව යන අයුරු මම දුටිමි.
”දැක්‌කද අතන ඉන්න කපල් එක. ගෑනි කලටියක්. කොල්ලට දහඅටකවත් පෙනුම නෑ. මුන් දෙන්න මෙතැනට ඇවිත් ඉන්නේ පෙම්බස් දොඩන්න නෙමෙයි නේ. මේ විදිහේ කපල් ඕනතරම් මේ කැලේ පඳුරුවල ඇති. මෙතැන අඩු මුදලකින් වැඩි වැඩක් කර ගන්න පුළුවන් තැනක්. සමහර කපල් කෙළින්ම එන්නේ රූම් එකකදි කරන වැඩේ කරගන්න. මෙතැනදී ආතල් එකක් ගන්න අතර එහා පැත්තේ බංකුවේ කපල් එක කරන දේවලුත් බලන්න පුළුවන්.
කොල්ලෙක් කෙල්ලෙක්‌ව මේ වගේ තැනකට ගේන්නේ ලව් කරන්න නෙමෙයි, ලිංගික අවශ්‍යතා ඉටුකරගන්න. කෙල්ලෙකුට, කොල්ලෙකුට ගිහිල්ලා කතා කර, කර ඉන්න ඕන තරම් මේ ටවුමේ තැන් තියෙනවා. සම්පූර්ණයෙන්ම කොල්ලට වරද පටවන්නත් බෑ. එන කෙල්ලොත් දැනගන්න ඕනෑ. සමහර කොල්ලො අපිත් එක්‌ක කියනවා කෙල්ලො කතා කරන්නේම ….. පාක් එකට යන්න කියලා. සෙනසුරාදා, ඉරිදා උදේ පාන්දරට පාක් එකට රිංගුවට පස්‌සෙ යන්නේ ඇඳිරි වැටෙනකොට.
කෑම, බීම අරගෙන එන්නේ. ඔය ගමේ, ගොඩේ කෙල්ලො මෙතැන ඇත්ත කතාව දන්නෙ නෑ. උන් හිතන්නේ පඳුරක් ඇතුළට ගියාට පස්‌සේ ලෝකයෙන්ම වහං වුණා කියලා. කොල්ලට තුරුලු වෙලා ඇඟ රත්වෙනකොට කෙල්ල දන්නේම නැතිව ඇඳගෙන ඉන්න ඇඳුම් හැළෙනවා. ඒවා බලලා ආතල් ගන්න බැල්මට්‌ලා ගඟ අයින දිගේ මඩ කාගෙන පාක් එකට බඩ ගානවා…”
”මෑතකදී මරු සිද්ධියක් වුණා. මල්වතුඔය එහා ඉවුරේ ගම්මානයේ ගෙදරක වැඩකට මේසන් බාස් කෙනෙක් ඇවිත්. මිනිහා වැඩ කරලා දවාලට කාලා මුත්‍රා කරන්න කියලා ගඟ පහළට ගිහිල්ලා. පැයක් විතර ගිහිල්ලත් මිනිහා ආවේ නැතිලු. මේ දවස්‌වල ඔයෙත් වතුර අඩුයි, කිඹුල්ලුත් වැඩිපුර ගැවසෙන නිසා ගෙදර මිනිස්‌සු කලබල වෙලා බාස්‌ව හොයන්න අරගෙන. බාස්‌ගේ ගෝලයයි, ගෙදර මිනිස්‌සුයි ගිනි පත්තුවෙලා බාස්‌ව හොයලා. ඒත් හොයාගන්න බැරි වෙලා. ඒ වෙනකොට ගමේ අහල,
පහල ගෙවල්වල උදවියත් බාස්‌ව හොයන්න එකතු වෙලා. ගං ඉවුර පීර, පීර බාස්‌ව හොයන අතරේ කෙනෙක් නිකමට වගේ ගස් උඩ විපරම් කරලා. බැලින්නම් බාස් උස ගහක අත්තක් උඩට වෙලා පාක් එකේ ඉන්න පෙම්වතුන්ගේ රැඟුම් බලමින් ස්‌වයං වින්දනයක යෙදෙනවා දැකලා. පස්‌සේ ගම්වැසියො එකතු වෙලා බාස්‌ට හොඳට ගහලා ගමෙනුත් එළවා දාලා. බාස්‌ට ගහපු අය අතරත් මල්වතුඔය තරණය කරලා පාක් එකේ පඳුරු අස්‌සේ රිංගගෙන ආතල් ගන්න උන් ඉඳලා තියෙනවා. ඒත් බාස් කරපු වරද ඉදිරියේ උන් සුදනෝ…”
”ටවුන් එකේ සමහර කොල්ලො තුන්හතර දෙනා එකතු වෙලා පාරෙන් පැනලා ඇවිත් කපල්වලට ටිකට්‌පොත් විකුණනවා. උන් එන්නේ ගංජා ගහලා, නැති නම් කුඩු ගහලා. අහිසංක කොල්ලන්ව, කෙල්ලන්ව බය කරලා ටිකට් විකුණනවා. කොල්ලව බය කරලා කෙල්ලව අත, පත ගාන අවස්‌ථාත් තියෙනවා. ඒ වෙලාවට කොල්ලා අසරණයි. ඔය අතර ‘අපි පොලිසියෙන්… සීඅයිඩී එකෙන්…’ කියලා කපල්වලින් කප්පම් ගන්න පිරිසකුත් ඉන්නවා.
මේ මෑතකදි කොල්ලො සෙට් එකක් ආතල් එකට පොලිසියෙන් කියලා ගිහිල්ලා අයිඩින්ටි කාඩ් එකතු කරලා ඒ විස්‌තර මත කෙල්ලටයි, කොල්ලටයි කියලා ලියුම් දෙකක් ලියවගෙන දිනයක් කියලා අම්මා, තාත්තා එක්‌ක පොලිසියට වරෙල්ලා නැති නම් මේ විස්‌තර මත නඩු දානවා කියලා බය කරලා තිබුණා. සමහර පොඩි කෙල්ලො ලියුම් ලියනකොට ඇඟිලි වේව්ලලා. ඒ කියපු දිනයට අම්මලා එක්‌ක පොලිසියට ඇවිත් තිබුණා කෙල්ලොත් ඉඳලා තිබුණා…”
”මෙතැන වෙන භයානකම සිද්ධිය තමයි, සමහර කොල්ලො සෙට් මේ පඳුරු අස්‌සේ රහස් කැමරා ගහලා තියෙනවා. තව සමහර කොල්ලො හැංගිලා ෆෝන් වලින් වීඩියෝ කරනවා. එහෙම වීඩියෝ කරන සමහර උන් සීන් තුන, හතර එකතු කරලා සීඩී ගහලා විකුණනවා. නැති නම් නිල් වෙබ්සයිට්‌වලට විකුණනවා. මදාවි කාලකණ්‌ණි කොල්ලො පඳුරු අස්‌සේ හිටිය කෙල්ලව මීට් වෙලා වීඩියෝ එක පෙන්නලා බය කරනවා. කෙල්ලට ගෙදරට කියන්නත් බෑ. කොල්ලට කිව්වත් වැඩක් නෑ.
අන්තිමේ කෙල්ල අර කොල්ලො කියන දේවල්වලට කැමැති වෙනවා. අර කොල්ලො වීඩියෝ එක පෙන්න, පෙන්න කෙල්ලව නටවනවා. ඒ කෙල්ල හරහා උන්ගේ ලිංගික අවශ්‍යතා ඉටු කරගන්නවා. එක දවසක් නෙමෙයි සති ගණන්, මාස ගණන් කෙල්ලව තැන්, තැන්වලට ගෙනියනවා. ඊට පස්‌සේ සමහර කොල්ලො ඒ කෙල්ලව තව අයටත් විකුණනවා. කෙල්ලගේ ජීවිතේම ඉවරයි.
පහුගිය කාලේ ඒ වගේ සිද්ධි කිහිපයක්‌ම ලීක් වුණා. පොලිසියටත් ගියා. මාධ්‍යයෙත් පළ වුණා. අන්තිමේ ඒ කෙල්ලන්ගේ අධ්‍යාපනයත් ඉවරයි. යාළු කොල්ලත් නෑ. ගෑනියෙක් වෙලා ගෙදරට කොටු වෙනවා. දෙමවුපියො ගමේ නෝන්ජල් කොල්ලෙක් හොයලා බන්දලා දානවා. සමහර කෙල්ලො මොකක්‌හරි ජොබ් එකක් හොයාගෙන යනවා. ඇති වෙන්න දේකුත් නෑ, නැති වෙන්න දේකුත් නෑ කියලා හිතලා හොඳට මඟුල් නටනවා.
මේ උද්‍යානයට ඇවිල්ලා එහෙම වෙච්ච අසරණ කෙල්ලො ඕන තරම් මේ අනුරාධපුරේ ඉන්නවා. සමහර කොල්ලො කෙල්ලව හොඳට ආරක්‍ෂා කරනවා. ප්‍රශ්නයක් ආවත් දාලා යන්නේ නෑ. ගොඩක්‌ම කොල්ලො එහෙම නෑ. ඕන වැඩ ටික කරගෙන සීරුවට මාරු වෙනවා. මේක මහා අසභ්‍ය උද්‍යානයක්. උද්‍යානය වටේට තියෙන්නෙ පන්සල් තුනක්. මේක ශාසනයටත් කරන අගෞරවයක්. අනිවාර්යයෙන්ම මේක නතර කරන්න ඕනෑ…” අපගේ ගමන් සගයා විස්‌තරාත්මකව කතාව පැහැදිළි කරමින් සිටියේය.
අනුරාධපුර මහ නගර සභාවට අයත් භූමි භාගයක කරගෙන යන අසභ්‍ය ගුබ්බෑයම ගැන තව බොහෝ දේ ඔහු අපට කියන්නට ලෑස්‌තිය. එහෙත් පෙම්වතුන්ගේ අනඟ රැඟුම් මැද කාලය ගත වනවා අපට නොතේරිණි. ඒ වන විටත් කිලෝ මීටර් එකහමාරකට වැඩි දුරක් අපි ඇවිදගෙන ගොස් සිටියෙමු. මල්වතු ඔයට මායිම් වූ බිම් තීරුව අක්‌කර පහකට වැඩිය. උද්‍යානයේ පිටුපස කෙළවරේ දොරටුවක් තිබේ. එහෙත් දැන් එම දොරටුව විවෘත නොවේ. අපි ආපසු හැරුණෙමු. මළ හිරු බැස ගොස්‌ය. නවසඳ මෝදු වීමට හෝරාවකට අඩු කාලයකි. අපි ඒ උමතු ලෝකයෙන් සැබෑ ලෝකයට පැමිණියෙමු.
අනුරාධපුරය යනු බෞද්ධ බැතිමතුන්ගේ වන්දනාවට පාත්‍ර වූ අති උතුම් සිරිමා බෝධීන් වහන්සේ වැඩ සිටින පූජා භූමිය පිහිටි නගරයකි. දෙස්, විදෙස් බෞද්ධ, අබෞද්ධ බැතිමතුන් නිතර සංචාරය කරන නගරයකි. එමෙන්ම උතුරුමැද පළාතේ ප්‍රධාන නගරයයි. එහෙයින් අනුරාධපුරයට එන මිනිසුන්ට විනෝදවීමට සහ නිදහසේ කාලය ගත කිරීමට මල් සුවඳින් පිරුණු හරිත උද්‍යාන නිර්මාණය කිරීමේ වරදක් නැත.
අනුරාධපුර මුළු නගරයම හරිත උයනක් ලෙස අලංකරණය විය යුතු බව සැබෑය. එහෙත් එම උද්‍යාන විනයානුකූලව නිර්මාණය විය යුතුය. දෙමවුපියන්ට තම දරුවන් සමඟ පැමිණ විනෝද විය හැකි පිරිසිදු ස්‌ථාන විය යුතුය. එසේ නොමැතිව කාම ගින්නෙන් දැවෙන පෙම්වතුන්ට සහ සලෙලුන්ට පහත් ලිංගික අවශ්‍යතා ඉටුකරගැනීමට ඇවැසි එළිමහන් රති පිටියක් නොවිය යුතුය.
සිරිමා බෝධිය පෙනෙන දුරින්, ශුද්ධ භූමිය අපවිත්‍ර කරන අනුරාධපුර ‘එළිමහන් රති පිටිය’ ආරක්‍ෂාවට රටේ මුලසුන හොබවන ප්‍රබල දේශපාලනඥයන් සීරුවෙන් සිටින බව සැබෑය. එහෙත් මේ උද්‍යානය තුළ සිදු වන අවලම් වැඩ නතර විය යුතුය. මේ සම්බන්ධයෙන් ඊටත් වඩා ඉහළ බලධාරීන් ක්‍රියාත්මක වන තෙක් අපි බලා සිටිමු.
-

ෆුල් කොත්තු 4යි, ෆ්‍රයිඩ් රයිස් 07යි, බිත්තර 15, වඩේ 30 එක පාරට ගිලින, රටම දන්න කලවානේ හාදයා මෙන්න..
රෑට බත් කාලා ෆුල් කොත්තු 4ක් කන්න ඕනෑ…
බිත්තර 15ක ඔම්ලට් එකක් කන එක ටොයිස් වැඩක්…
එකපාරක් ඔට්ටු දාලා ෆ්‍රයිඩ් රයිස් 7ම කාලා තව දෙකක් කෑවා..
එක රෝල් එකක් කන්න ගිහින් රෝල්ස් 80ක් වඩේ 20ක් කාලා ෆෝන් එක උගසට තිබ්බා…
හවසට බිත්තර ආප්ප 15ක් කන දවසුත් තිබෙනවා…
තනිවම හෝටලයකින් ණයට ආහාරයට ගත් කෑම වර්ගවල මාස එකහමාරක බිල රුපියල් හැත්තෑදහසට ආසන්න වීම හේතුවෙන් බැංකු ණයක් ගෙන මුදල් ගෙවූ අපූරු පුද්ගලයකු පිළිබඳව පසුගිය 05 වැනිදා ලංකාදීප “දෙයියෝ සාක්කි”හි වාර්තා කෙරුණි. ඒ අපූරු පුද්ගලයා පිළිබඳ තවත් විස්තර විමසමින් අපට සිව් දෙසින් පාඨකයන් විශාල පිරිසකගෙන් දුරකථන ඇමතුම් ලැබිණි. ඒ අනුව “දේශය” පුවත්පත වෙනුවෙන් ඔහු සොයා ඔහු රැකියා කරන ස්ථානය වෙත මා ගියේ ඔහු සමඟ කතාබහ කිරීමටය.
අප එහි යනවිටත් ඔහු උදෑසන ආහාරය ලබා ගැනීම සඳහා හෝටලයකට පිටත්ව ගොස් සිටි හෙයින් ටික වේලාවක් බලා සිටීමට සිදු විය. ඔහු පමා වීම හේතුවෙන් දුරකථනයෙන් සම්බන්ධ කරගත් අවස්ථාවේදී ඔහු පැවසුවේ “මල්ලි සියල්ලටම වඩා කෑම ප්‍රථම” බවය.
ඔහුගේ නම සහ ඇතැම් තොරතුරු හෙළි නොකරන්නේ ඔහුගේ ඉල්ලීම නිසාය. මේ ඔහුත් සමඟ සිදු කළ කථාබහේ තොරතුරුය. නගරයට ආසන්න ස්ථානයක රැකියාවක නිරත වන ඔහු තවම යොවුන් වියේ පසුවන අවිවාහකයෙකි.
කොහොමද ජීවිතේ?
හොඳින් කාලා බීලා ඉන්නවා. පොඩ්ඩක් ඉන්න තම්බපු කොස් ඇට පිඟානක් තියෙනවා. කන ගමන් කථා කරමු. හැබැයි ඔයාලට දෙන්න නම් මදි.
කොහොමද මෙහෙම කෑම කන්නේ?
මම පොඩි කාලේ ඉඳන් වැඩිපුර කෑම කනවා. මට බඩගින්න දැනෙන හැම වේලාවේම කනවා. ඉස්කෝලේ යන කාලේ උදේට කාලා තවත් බත් එකක් උදේට කන්න අරගෙන යනවා. දවල්ට කන්නත් බත් දෙකක් අරන් යනවා. ආයේ ඉස්කෝලේ ඇරිලා ඇවිල්ලත් කනවා. ඒ බත් කන්නේ මම තනිවමයි.
දැන් කොහොමද තත්ත්වේ?
උදේට ගෙදරින් බත් එකක් කාලා එනවා. තව දෙකක් ඔතාගෙන එනවා. වැඩට එන ගමන් මම හැමදාම කන හෝටලයෙන් ඉඳි ආප්ප 80ක්, කිරි මාළු එකක්, බිත්තර දෙකක් කාලා ටී එකක් බොනවා. ආයේ දහයමාර එකොළහ වෙනකොට උදේට ගෙනාපු බත් එකයි දවල්ට ගෙනාපු බත් එකයි කනවා. දොලහා වෙනකොට ආයේ හෝටලයට ගිහින් බත් පිඟන් පහක් හයක් කනවා. ආයේ තේ බොන්න කෑම ගේනවා. හවසට බිත්තර ආප්ප පහළවක් ප්ලේන් ආප්ප නම් ගොඩක් කනවා. ටී එකකුත් බොනවා. හවසට ගෙදර කෑම තිබුණත් කොත්තු ෆුල් හතරක් අරන් යනවා.
කිහිපදෙනෙක් කන කෑම තනියම කනකොට හෝටලේ මුදලාලි මොකුත් කියන්නේ නැද්ද?
ඉස්සෙල්ලා එහෙම වුණා. පස්සේ මම මුදලාලිට කිව්වා මම කන කෑමවලට සල්ලි ගන්න කියලා. සාමාන්‍යයෙන් හතර දෙනකුගේ බිලක් මට වැටෙනවා. ඒක නිසා මුදලාලිට ප්‍රශ්නයක් නැහැ. වැඩිපුර කන වෙලාවට මම හෝටල් දෙකකින් කනවා. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ.
ඒ වුණත් කොහොමද ඔහොම කෑම කන්නේ?
මම මත්පැන්, දුම්වැටි බොන්නේ නැහැ. නිකම් ඉන්නෙත් නැහැ. හොඳට වැඩ කරනවා. ඒ වගේම මට බඩගින්නත් දැනෙනවා. ඒක මට සාමාන්‍යයි.
කෑමවලට ලොකු මුදලක් ගියාම පඩියක් නැතිව ඇතිනේ?
ඇත්තටම මට පඩිය මදි. ඒත් මම සේවය කරන තැනට එන අය ඒ සේවයේ හැටියට මට සන්තෝසම් මුදල් දෙනවා. සමහරැ අරක්කු ගේනවා. මම අරක්කු එපා කියනවා. ඒ වෙනුවට සල්ලි දුන්නොත් බාර ගන්නවා. ඒවායින් කනවා. කන්නේ නැතුව මුදල් හොයලා මොකටද? අපි සියල්ල කරන්නේ කන්නනේ.
ඔබ ඔට්ටු දාලා කෑවා කියලත් ආරංචියි.
ඔව්. කිහිප වතාවක් ඔට්ටුවලට කෑවා. එක පාරක් මම ගැන අහලා මුදලාලි කෙනෙක් ඔට්ටු ඇල්ලුවා. මට ෆුල් ෆ්‍රයිඩ් රයිස් හතක් කන්න බෑ කියලා. ඔහු හිතුවේ මට කන්න බැරි වෙයි කියලා. රයිස් හත පිඟන් හතකට දාලා තිබුණේ. මම රයිස් හත කාලා මගේ ගානේ තව රයිස් දෙකක් කෑවා. කාලා ඔට්ටු මුදල මම ගත්තා. මුදලාලි කිව්වා ආයේ මාත් එක්ක ඔට්ටු අල්ලන්න බැහැ කියලා. ආයේ මුදලාලි කෙනෙක් මයිලෝ 15ක් බොන්න බැහැ කියලා ඔට්ටු ඇල්ලුවා. මම විසි පහක් බිව්වා. ඔට්ටුනම් ගොඩක් අල්ලලා තියෙනවා.
ඔහොම කන්න ගිහින් අමාරුවේ වැටිලා එහෙම නැද්ද?
තියෙනවා. එක පාරක් මම ගියා සංගීතයක් බලන්න. එතන හිටපු මල්ලි කෙනෙක් මට තේ බොන්න එන්න කිව්වා. මම රෝල්ස් එකක් කාලා තව එකක් කන්නද ඇහුවා. ඒ පාර මල්ලි කිව්වා අයියාට ඇති තරම් කන්න කියලා. මම හිතුවේ මම ගැන දැනගෙන සල්ලි තියාගෙන කියනවා කියලා. මම රෝල්ස් 80ක් වඩේ 20ක් කෑවා. අන්තිමට සල්ලි නැතිව ඒ මල්ලිගේ ෆෝන් එකත් කඩේට උගස් කරන්න වුණා. තව පාරක් මම ගැන නොදන්න හෝටලේකට පස් දෙනෙක් එක්ක කන්න ගියා. මම පස්දෙනාට කෑම ගෙනාපු බත් බේසමට ඔක්කොම වෑංජන දාගෙන කන්න පටන් ගත්තා. මුදලාලි හිතුවේ අපි බයිට් කරන්න හදනවා කියලා. පස්සේ ඇඟට ආවා. යාළුවෝ මම ගැන කියලා ඒ කෑමවලට වෙනම ගෙව්වා.
මඟුල් ගෙවල්, දානේ ගෙවල්වලට ගියාම කොහොමද ඔහොම කන්නේ?
මම අඳුරන්නේ නැති තැන්වල යන්නේ නැහැ. මගේ යාළුවන්ගේ ගෙවල්වල විතරයි යන්නේ. මට වෙනම තැනක කෑම දෙනවා. කිරි හට්ටි හතරක් පහක්, පැණි බෝතල් දෙකක් මට වෙනම තියෙනවා.
ගෙදර කෑම බීම කොහොමද?
ගෙදර කේක් හැදුවොත් මට වෙනම කේක් හදනවා. මම තනිවම කෑම හදාගන්නවා. බිත්තර පහළවක ඔම්ලට් එකක්නම් අනිවාර්යයෙන්ම කනවා. මස් හැදුවොත් මට වෙනම කිලෝ දෙකක්, තුනක් හදනවා. මට බත් වෙනම උයනවා. ඒ නිසා ගෙදර මට ගැටලුවක් නැහැ.
කෑම කාලම ඔබ ණය වුණා කියලා ආරංචියි..
ඒ එක හෝටලයකට ණය මට දෙන්න වුණා. මම බැලන්ස් එකේ ණය අරන් යන්නේ. එක මාසයක් පොඩ්ඩක් අවුල් වුණා. පස්සේ මගේ යාළුවෝ දෙන්නෙක් ඇප වෙලා ලක්ෂයක බැංකු ණයක් අරන් හැත්තෑදාහක් ගෙව්වා. ඉතුරු තිස්දාහේ හොඳට කෑවා.
ඔබට ලෙඩ රෝග එහෙම හැදිලා නැද්ද මෙහෙම කනකොට?
මම රෝහල්වල ඉඳලම නැහැ. වෛද්‍යවරු කියන්නේ මම මහන්සි වෙන හින්දා අවුලක් නැහැ කියලා. මට තියෙන්නේ නිරෝගී ශරීරයක්ලු.
අවසාන වශයෙන් මොනවද කියන්නේ?
හොඳට කාලා බීලා වැඩ කරලා හොඳින් ඉන්නවා. ලොකු බලාපොරොත්තු නැහැ. මැරෙනකම් කාලා, බීලා ඉන්නවා. ඊට වඩා බලපොරොත්තු මට නැහැ.
ඔබ මේ කතාව දිගටම කියවාගෙන යද්දී මොහු ගැන මැවෙනු ඇත්තේ යෝධයකුගේ චිත්‍රයකි. ඔබ විශ්වාස නොකළ ද මොහු යෝධයකු සේ කෑම කා වැඩ කළ ද සාමාන්‍ය ශරීරයක් ඇති පුද්ගලයෙකි. අඩි පහක් පමණ උසැති සාමාන්‍ය ශරීරයක් ඇති පුද්ගලයෙකි. ඔහු නගරයට ආසන්න රජයට අයත් ස්ථානයක සේවය කරන සාමාන්‍ය වැටුපක් ලබන පුද්ගලයකු වීමද විශේෂත්වයකි. එහෙත් ඔහු කරන වැඩනම් ආසාමාන්‍යය. ඔහුගේ වයස අවුරුදු 33ක් වේ.
අප මේ පුද්ගලයා පිළිබඳව ඔහු නිතර ආහාර ලබා ගන්නා හෝටල් කළමනාකරුගෙන් විස්තර ඇසුවෙමු.
මේ පුද්ගලයා මුලින්ම කඩේට ආවාම මම පුදුම වුණා. පස්සේ මම ඔහුත් එක්ක කතා කරලා ඔහු කන කෑමවලට මුදලක් නියම කර ගන්න එකඟතාවයකට ආවා. සාමාන්‍යයෙන් හතර පස්දෙනකුගේ කෑම තනිවම එයා කනවා. එක පාරක් ඇරෙන්න සල්ලි හරියට ගෙවලා තිබෙනවා. ඒ නිසා අපිට ප්‍රශ්නයක් නැහැ. එයා එනකොටම අපි කෑම ලෑස්ති කරනවා. මස්, මාළු, බිත්තර තුනම කනවා. බිත්තර 15ක් කාපු අවස්ථාත් තියෙනවා.
සල්ලි හරියට දෙන නිසා අපට නම් ගැටලුවක් නැහැ. ඇතැම් වේලාවට කඩයට එන පාරිභෝගිකයන් පවා පුදුම වෙනවා. දැන් එයා අපේ හොඳ පාරිභෝගිකයෙක්. -

කර්නල් රන්නප්‍රිය මාරුවෙලා යන දවසේ එල්ටීටීඊ හිටපු සාමාජිකයන් අඩපු හැටි මෙන්න (Photos)
අද කර්නල් රන්නප්‍රිය බන්දු විශ්වමඩු වලින් මාරුවෙලා අබේපුස්ස කදවුරට යන දවස.මේ ඉන්නේ එල්ටීටීඊ සංවිධානයේ හිටපු උදවිය. සිවිල් ආරක්ෂක බලකායට බදවාගත්ත පුනරුත්ථාපනය වූ උදවිය. ඒ විතරක් නොවෙයි, ගමේ මිනිස්සු.ආරක්ෂක හමුදාවල උතුරේ මිනිස්සු හදවතින්ම ආදරය කරන, තමන්ට ආදරය කරන මිනිස්සු, කාකි ඇදුම් කදුළුවලින් තෙත් වෙනකල් අඩන නිලධාරීන් ද සිටිති.ඒ බව බොහෝ දෙනා නොදන්න නිසාත්, රටම දැනගත යුතු නිසාත් දඹුල්ලේ කාංචන එවපු මේ ඡායාරූප ටික මෙහි ඇතුලත් කළා.මොන විලේ පිපුනත් මානෙල් සුවදමය!– කීර්ති තෙන්නකෝන් -

රොෂාන් පිලපිටිය එක්ක ගෙවන අලුත් ජිවීතේ ගැන රිද්මා කියපු අමුතු කතාව මෙන්න….
කොහොමද ජීවිතේ…? සුන්දරව ගෙවීගන යනවද..?
ඔව්.. ඉතාමත් සුන්දරව ගෙවීගන යනවා.
රොෂාන් පිලපිටිය කියන්නේ දක්ෂ ප්‍රවීන රංගන ශිල්පියෙක්.. ඔහුගේ අත ගත්ත රිද්මා පිලපිටිය කියන්නේ කවුද..?
මම සාමාන්‍ය විදිහට හැදුනු ලංකාවේ තරුණියක්..
ඒ වගේමයි ආදරණීය දියණියක්.. දැන් ආදරණීය භාර්යාවක්.. ඉස්සරහට තව දේවල් වෙනවා කියන්න පුළුවන්.. මම හරිම සරලයි.. පොලවේ පය ගහලා ඉන්න කෙනෙක්. හැමෝම එක්ක ආදරෙන් සතුටෙන් හිනාවෙලා ඉන්න කෙනෙක් තමයි රිද්මා පිලපිටිය කියන්නේ.
කතාවක් පැතිරෙනවා දැන් ඔබත් රඟපෑම වගේම නිෂ්පාදන කටයුතුවලටත් සම්බන්ධ වෙලා කියලා.. මොකක්ද මේ කතාව..
ඔයාලට ලැබුණු ඒ ආරංචිය හරියටම හරි…
ඇයි එක පාරම රඟපෑම තෝරගත්තේ..?
එක පාරම නෙවෙයි.. මම ඉස්කෝලේ යන කාලේ ඉදන් හැම පැත්තම ඉගෙන ගත්තා.
භාහිර කටයුතු අධ්‍යාපන කටයුතු බැලන්ස් කරගෙන කළා..
මගේ ආසාව තිබ්බෙනම් ලෝයර් කෙනෙක් වෙන්න.. මම උසස් පෙල කළේ වානිජ අංශයෙන්.. මම ප්‍රයිවට් ලෝ කරන්න බලාපොරොත්තු වෙනවා.
විවිධ කටයුතුවලට මට කතා කළා.. විෂුවල්වලට වගේ..
මහා ලොකු කැමැත්තක් තිබුණේ නෑ. මම රොෂාන් අයියව මැරි කළාට පස්සේ ගොඩක් ආරාධනා ලැබුණා..
නාට්‍යවලට කතා කළා. මම ඒ එක්කම රංගන පාඨමාලාවක් හැදෑරුවා. රොෂාන් අයියා කිව්වා ඉගෙනගන තියෙන එක හොදයි..
ගොඩක් ආරාධනා ලැබුණා.. හොද නිර්මාණ බලලා ස්ක්‍රිප්ට් එක බලලා හොදයිනම් ආසා කරන චරිතයක් තියෙනවානම් කරන්න කියලා රොෂාන් අයියා නිදහස දුන්නා.. කලින් ගොඩක් ආරාධනා ලැබුණ හින්දා හොද දෙයක් ඒ අතර තිබුණොත් මිස් වෙයි කියලත් හිතුනා. කොහොම හරි අන්තිමට රංගනය වගේම නිෂ්පාදන වැඩත් කරන්න පටන් ගත්තා.
රොෂාන් එක පාරම කැමැත්ත දුන්නද..?
එයාගේ අකමැත්තක් නෑ.. මට එයා කැමැති දෙයක් කරන්න නිදහස දීලා තියෙනවා.
හැබැයි එයා කියනවා යුතු දේ කිරීම මිස අයුතු දේ කිරීම නෙවෙයි නිදහස කියන්නේ කියලා.
එයා නීති දාන්නේ නෑ.. මම කවුද කියලා එයා දන්නවා.. මොකද එයා ඉන්නවා මට යෝධ හෙවනැල්ලක් වගේ.
මේ ක්ෂේත්‍රෙය්දී රොෂාන් කියන්නේ ප්‍රවීණයෙක්.. මම ආධුනිකයෙක්.. එයා පොඩි කාලෙ ඉදන් රගපෑවා.. ඒ වගේ කෙනෙක් යටතේ ඉන්න එක බයක් නෑ..
මේ ක්ෂේත්‍රය තෝරගන්න හුඟක් අයට හොඳ නමක් ඇති කරගන්නනම් අමාරුයි නේද..?
ඒක මෙහෙමයි… හැම ක්ෂේත්‍රයකම හොද නරක තියෙනවා.. නමුත් කලා ක්ෂේත්‍රය ප්‍රසිද්ධ වැඩියිනේ… වැරදි දේවල් කරන එක හයිලයිට් වෙනවා වැඩියි.
හැම වෘත්තියකම අඩුලුහුඩුකම් තියෙනවා. කොහේ හිටියත් මොන දේ කළත් හරි දේ තෝරගන්න ඕනේ.. හරි වැරැද්ද අපි දැනගන ජීවත්වුණාම හරි..
හිතනවද ඉදිරියේදී හොඳ නමක් තියාගෙන සම්මානයක් ලබාගන්න තැනට යන්න පුළුවන් වෙයි කියලා..?
මෙහෙමයි සම්මාන කියන දේ ගැන මම හිතන්නේ නෑ.. හොද නිර්මාණයක් කළොත් සම්මානයෙක් ලැබෙයිද කියලා දන්නේ නෑ..එහෙම බලාපොරොත්තුවක් නෑ.. නමුත් මම ආස සාමාන්‍ය විදිහට ඉන්න.. අපි කරන නිර්මාණය සාර්ථකයිනම් ඒ දේට දවසක නිසි වටිනාකමක් ලැබේවි..




-

බ්‍රිතාන්‍ය මහකොමසාරිස්ට ලිපි යවන වෙබ් සංගමයක චෝදනා වලට ශිරාල් ලක්තිලක දීපු පිළිතුර මෙන්න..
වෙබ් සංගමයේ අවධානය පිනිසයි!!!!!!!
සඳරැවන් සේනාධිර වෙනුවෙන් පෙනිසිටින වෙබ් සංවිධානයක් බ්රිතාන්ය මහකොමසාරිස්වරයාට ලිපියක් යොමුකරමින් සිටින්නේ සඳරැවන් බ්රිතාන්ය රජය මගින් අත්අඩංගුවට ගෙන ශ්රිලංකාවට පිටුවහල් කිරිමට ඉල්ලා ඇතිබවත් එයට තමන් විරැද්දවන බවයි.
මිට අදාල ප්රවුර්තියක් ඉරිදා ටයිම්ස් පුවත් පතේ පලවි තිබුනද එය දැවැන්ත කෙප්පයකි. අදාල පාර්ශවයන් හමුවිම සැබැවක් මුත් කිසිදා මෙම පුද්ගලයාගේ අත්අඩංගුවට ගැනිමක් හෝ රටින්පිටුවහල් කිරිමක් ගැන කිසිදු යෝජනාවක් හෝ සිදුනොවුන බව වගකිමකින් යුතුව ප්රකාෂ කරමි.
කෙසේ නමුත් මෙම වෙබ් සංගමය තමන් නොදන්නා බොහෝ කරැනු පිලිබඳව සත්යවාදි ලෙස දක්වන කරැනු අසත්ය බව කියා සිටිමි.
මාගේ මතය සඳරැවන් රට පැනිම සඳහා තමන් ගේම ආයතනයට මිගමුවේ සිට ක්රියාතමකවු මැර කන්ඩායමක් ලවා ගිනි තියා ගත් බවයි.
අදාල ගිනි තැබිමට අදාල පොලිස් පරික්ෂනයේ දි ඒ වෙනවිට මාගේ රාජගිරිය කාර්යාලයේ රැඳිසිටි බෙනට් රැපසිංහ ඇතුලු ලංකා ඊ නිවුස් කාර්ය මන්ඩලය වෙනුවෙන් පෙනි සිටියේ මම,මෛත්‍රි ඇතුලු නිතිඤ කන්ඩායමකි.
අසරනව,භිතියට පත්ව සිටි ඊ නිවුස් කාරය මන්ඩලයට කිසිදු රැකවරනයක් හෝ හව්හරනයක් නැතිව සිටි අවස්තාවක මාහට පුද්ගලිකව මුහුනදිය හැකිව තිබු අනතුරු නොතකා මගේ කාර්යලය තුලම නවාතැන් ගනිමින් වෙබ් අඩවිය පවත්වා ගැනිමට පහසුකම් සලසාදෙන ලදි.
මෙම තත්වය සඳරැවන් ගේ සරනාගත භාවය ලබාගැනිමට ඇති හැකියාවට බලපැමක් එල්ල කල හැකි බැවින් සඳරැවන් ඊ නිවුස් වෙබ් අඩවිය ලංකාව තුල ක්රියාත්මක විම වැරයොදා වැලැක්විමට කටයුතු කලේය. බෙනට් රුුපසිංහ සහ තවත් මාධ්යවේදියකු කඩුවෙල අධිකරනය මගින් රිමාන්ඩ් කිරිමත් සමගම ඊ නිවුස් ලංකාවේ ක්රියාත්මක විම නැවතුනේය.
එසේම දැනගත යුතු තවත් කරැනක් පවති. එනම් සඳරැවන් එංගලන්තයේ සරනාගත බාවය ලබා ගන්නේ අමරිකාවේ සිට පැමිනි පසුවය. ඔහුට විශේෂ වරප්රසාද කට්ටලයක් ඇම්නස්ටි ඉන්ටනැශනල් මැදිහත්විමෙන් ලබාදුන්නේය. එම වරප්රසාද ඔහුට,භාර්යාවට,දරැවන්ට හා නිවසට අදාලව වුයේය. දැනට අප අතර නැති එවකට ඇම්නස්ටි හි සේවය කල ප්රසන්න රත්නායක මා සමග මෙකි විශේෂ වරප්රසාද පැකේජය ලබා ගැනිමට විෂේශ උත්සාහයක් ගත්තේය. ඒ සඳහා මා හොඳින් අඳුනන ඇම්නස්ටි හි අධ්යක්ෂක වරයකු අමතන්නට සිදුවුයේය. එදා තවත් එක් වෙබ් ජනමාධ්යවේදියකු වු සඳරැවන්ට ලැබුනේ ලොතරැයියකි.
මා දන්නා තරමට ප්රගිත් එක්නැලිගොඩ කිසිදා ලංකා ඊනිව්ස් හි වෙබ් කාටුන් ශිල්පියා ලෙස කටයුතු කලේ නැත. ඔහු එම කාර්යාලයට ආවගියේය. සඳරැවන් ඔහුට සැලකුතරම දන්නේ එදා එම කාර්යාලයට ආගිය අය පමනකි. අවසානයේදි ප්රගිත් හා ලංකා ඊනිව්ස් අතර කිසිදු සම්බන්දයක් නැතයි කිවේ එදාය.
https://www.facebook.com/shiral.lakthilaka.7/posts/10212652815940735
-

අසභ්‍ය වචන දාලා එඩිට් කරළා – විවාහයක මනමාලිය ඔසවා ගෙන සිටි වෙනස් කළ මේ පුවරුවට ඔබත් රැවටුනාද ?
ෆේස්බුක් සමාජජාලා වෙබ් අඩවියේ පසුගිය දිනවල පැතිරුණු එක්තරා ඡායාපයක් පසුගිය දිනවල කතාබහට ලක්වුනා. විවාහයක මනමාලියක විසින් ඔසවා ගෙන සිටින පුවරුවක් රැගත් ඡායාරූපයක් මෙලෙසින් ෆේස්බුක් සමාජජාලයේ හුවමාරු වෙමින් තිබුනා.
කෙසේ වෙතත් මේ පිළිබදව සොයා බැලු අප වෙත අනාවරනය වූයේ එම ඡායාරූපය අසභ්‍ය අර්ථයක් දනවන සේ කවුරුන් හෝ සංස්කරණය කළ ඡායාරූපයක් වන බවය. මෙහි සැබෑ ඡායාරූපය සංස්කරණය කළ කිසිවෙකු විසින් මෙය සමාජජාලා වෙබ් අඩවි වලට එක්කර තිබුනා.
එලෙසින් හුවමාරූ වූ ව්‍යාජ ඡායාරූපය පහතින්,

සෑබෑ පුවරූවේ ඡායාරූප,



-

ඉස්ලාම් බැතිමතුන් වෙනුවෙන් විශේෂ ඉෆ්තාර් උත්සවයක් ජනාධිපති මන්දිරයේදී (PHOTOS)
ඉස්ලාම් බැතිමතුන් වෙනුවෙන් පවත්වන ලද විශේෂ ඉෆ්තාර් උත්සවයක් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (07) පස්වරුවේ ජනාධිපති මන්දිරයේදී පැවැත්විණි.
ඉස්ලාම් ආගමික නායකයින් මෙන්ම ඉස්ලාම් බැතිමතුන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටී අතර රටේ සාමය, සමගිය මෙන්ම ජාතික සංහිදියාව වෙනුවෙන් ආශිර්වාද පළ කිරීම ද මෙහිදී සිදු කෙරිණි.
මෙම උත්සව සභාව ඇමතු ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ප්‍රකාශ කළේ ජාතින් අතර සංහිදියාව සහ සහජීවනය ගොඩනැගීමට ගෙන යන වැඩපිළිවෙළේ සුවිශේෂි අවස්ථාවක් ලෙස මෙම අවස්ථාව පෙන්වා දිය හැකි බවයි.
ස්ථීර සාර සාමය, සියලූ ජන කොටස් අතර ඇතිවන අන්‍යොන්‍ය විශ්වාසය සමග ගොඩනැගෙන සංහිදියාව සහ සහජීවනය රටේ ජනතාවගේ මෙන්ම වත්මන් රජයේ ද අපේක්ෂාව බව පැවසූ ජනාධිපතිතුමා ඒ වෙනුවෙන් කළයුතු සියලූ කැපකිරීම් රජයක් ලෙස සිදුකරන බව ද අවධාරණය කළේය.
ජාතික සංහිදියාව වෙනුවෙන් රජය ගෙන ඇති ක්‍රියාමාර්ග මෙහිදී ඉස්ලාමීය ආගමික නායකයින්ගේ ඇගයීමට ලක්විය.
අල්කුරානයේ සිංහල භාෂා කෘතියේ පළමු පිටපත ද මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.
අමාත්‍යවරුන් වන ෆයිසර් මුස්තාෆා, රවුෆ් හකීම්, රිෂාඩ් බදුර්දීන්, අබ්දුල් හලීම්, රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි ඇතුළු මැති ඇමැතිවරුන් ද, විදේශීය තානාපතිවරුන් ඇතුථ සම්භාවනීය ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
-

2.50ට විකිණෙන ගණිකාවන්ව නිලි වෘත්තියෙන් පන්නන්න ඕනේ.. විශ්වගෙන් පියුමි හංසමාලිට කණේ පහරක්…
විශ්ව ලංකා කියන්නේ ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ රංගන ශිල්පියෙක්… ඒ වගේම තමයි කවුරුත් ආදරය කරන නිවේදකයෙක්.
ඉතින් මේ දිනවල විශ්ව ගැන අලුත් කතාබහක් ඇතිවෙලා තියෙනවා.
ඒ විශ්ව දාපු Fb Post එකකට පියුමි හංසමාලි යොමු කළ සටහනක් නිසායි.
කෙසේවෙතත් මේ ගැටුම මේ වෙද්දි ගොඩක් දෙනෙක් අතරට ගිහින්.
ඒ නිසා අපි මේ කතාව ගැන අහන්න විශ්ව ලංකා සම්බන්ධ කරගත්තා.
ඔහු කිව්වේ මෙවන් කතාවක්.
මම ඒක කිසිම කෙනෙක් ඉලක්ක කරගෙන දාපු post එකක් නෙවෙයි. ඒක fb එකේ share වුණා. මම එහෙමම ඒක share කළා. හැබැයි කෙනෙක් ඒක අදාළ නැති විදියට තොප්පිය දාගෙන තියෙනවා. නමුත් මට ඒක අදාළ නැති නිසා මම ඒක ගණන් ගත්තේ නැහැ. ඒත් මගේ බිරිඳට යම් චෝදනාවක් කරලා තිබ්බා. මගේ බිරිඳ කවුද කියන්න මේ ලංකාවේ ඉන්න සියලු දෙනා දන්නවා. මාත් එක්ක වැඩ කරන අයත් එයාව දන්නවා. අද මම යම් තැනක ඉන්නවානම් ඒ ඉන්නෙත් මගේ බිරිඳට පිං සිද්ධ වෙන්න. මම ඒක ඕන තැනක කියනවා. මගේ බිරිඳට විවිධ දේවල් කිව්ව එක තමයි මට ගොඩක්ම ඉවසගන්න බැරිව ගියේ. ඒ හින්දා තමයි මම fb එකේ දැම්මේ “අපේ රටේ නිළියෝ දිහා හැමෝම බලන්නේ අද ගණිකාවෝ දිහා බලනවා වගේ. ඒකට හේතුව තමයි මේ වගේ 3rd class අය… මේ අය මේ කලාවෙන් එලවලා දාන්න ඕන” කියලා.
හැබැයි ඉතින් මම මේක මෙහෙම දැම්මේ පොදුවේ. මේ වෙද්දි අදාළ අය ඒ තොප්පිය දාගෙන තියෙනවා. නැවතත් මට මේ ගැන කියන්න තියෙන්නේ මම කිසිම දෙයක් කාවවත් ඉලක්ක කරගෙන කිව්වේ නෑ.
කොහොමවුනත් මම දැනුත් මම කිව්ව මතයේ ඉන්නවා. අපේ රටේ කලාවට අගෞරවයක් එකතු කරන්න යන මේ වගේ නූගත් , සමාජය විසින් කොන් කරපු, සමාජය විසින් අයින් කරලා දාලා තියෙන මේ වගේ නිළිකම විකුණගෙන කන ගෑණූ පයින් ගහලා එළවලා දාන්න ඕන. ඒ මතයේ මම දැනුත් ඉන්නවා.
ඒවගේම තමයි අපේ රටේ දේශපාලඥයා කියන චරිතය සම්පූර්ණයෙන්ම මේ වෙද්දි ප්‍රතික්ෂේප වෙලා තියෙන චරිතයක්. ඉතින් එහෙම දේශපාලඥයෝ ගාව දෙකට තුනට නැවෙන කලාකරුවෝ ඉන්නවා. ඒ අයත් මේකෙන් එළවන්න ඕන. එතකොට තමයි අපේ රටේ කලාවට ගරුත්වයක් හැදෙන්නේ. මේක ඇත්තටම ගෞරවනීය විෂයක්. මිනිස්සු ගොඩක් ආදරෙයි මේ කලාවට. හැබැයි කලාකරුවන්ම විසින් මේ ගෞරවනීයත්වය නැති කරගෙන තියෙනවා.
ඉතින් කලාව වෙනුවෙන් කලාව ගොඩගන්න ඒ වෙනුවෙන් පෙනී සිටින්න ඕනම වෙලාවක මං බය නෑ. ඒකට හේතුව ලංකාවේ සියලුම සහෝදර සහෝදරියෝ, ප්‍රේක්ෂකයෝ මේ වෙලාවේ මගෙත් එක්ක එකට හිටගෙන ඉන්නවා. ඒ හින්දා මං කිසිකෙනෙකුට බය නෑ. ඒ ශක්තිය මට තියෙනවා.ඒ නිසා ඇත්තටම මට කියන්න තියෙන්නේ මේ වගේ දෙයක් වෙනුවෙන් කාලය වෙන් කරන එකත් වැඩක් නෑ කියලා.
-

ඇලෝසියස්ගෙන් ලක්‍ෂ තිහක් ගත් බව අධිකරණයේදී හෙලිවූ සූජීවගේ ජංගිය ගැලවුණු හැටි මෙන්න…..
පර්පෙච්චුවල් ට‍්‍රෂරීස් හිමිකරු අර්ජුන් මහේන්ද්‍රන් විසින් රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතාට රුපියල් මිලියන 30ක මුදලක් චෙක්පත් මගින් ලබා දී ඇති බව නීතිපතිවරයා විසින් අධිකරණයට කරුණු දක්වා ඇත.
මෙම මුදල ගෙවා ඇත්තේ ඇලෝසියස්ගේ හිමිකාරීත්වය යටතේ ඇති ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගම මගිනි.
රාජ්‍ය අමාත්‍යවරයාගේ ආරක්ෂක නිලධාරීන් විසින් මෙම චෙක්පත් මුදල් බවට මාරු කරගෙන ඇති බවද නීතිපති දෙපාර්තමේන්තුව තහවුරු කරගෙන ඇත.
ඹිලියනය බැගින් වූ චෙක්පත් තුනක් මෙසේ මාරු කරගෙන තිබේ.
-

TNL මාධ්‍ය ජාලයේ අයිතින් උදෙසා වෙබ් මාධ්‍යවේදින්ගේ ජාතික ව්‍යාපාරය සටනට… මාධ්‍ය නිවේදනය මෙන්න…
ටී.එන්.එල් රූපවාහිනි නාලිකාවේ පොල්ගහවෙල විකාශනාගාරය TRC හෙවත් විදුලි සංදේශන නියාමන කොමිසම් සභාව විසින් අත්හිටුවීමට ගත් තීරණයට හේතුව කුමක් වුවත් ඒම මාධ්‍ය ආයතනයේ ජනමාධ්‍ය අයිතින් වෙනුවෙන් තම සංවිධානය සටන් වදින බව වෙබ් මාධ්‍යවේදින්ගේ ජාතික ව්‍යාපාරය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී..
එම නිවේදනයි පහතින්,
TNL රූපවාහිනි නාලිකාවට එරෙහි අසාධාරණ තහනම ඉවත්කරනු!
TNL රූපවාහිනී ආයතනයට අයත් පොල්ගහවෙල විකාශන මධ්‍යස්ථානය විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ (TRC) නිලධාරින් විසින් අත්තනෝමතික ලෙස සීල් තබා එම සම්ප්‍රේෂණ උපකරන ගලවා ඉවත් කරගෙන යෑම සම්බන්ධයෙන් වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය සිය දැඩි විරෝධය පලකර සිටිමු.
ටි.එන්. එල් රූපවාහිනි සේවය විසින් TRCවෙත ගෙවිය යුතු ගාස්තු නිසි පරිදි ගෙවා තිබියදිත් කිසිදු දැනුම් දිමකින් තොරව ටි.එන්. එල් රූපවාහිනි සේවයේ පොල්ගහවෙල සම්ප්‍රේෂණාගාරයට ගිය TRC නිළධාරින් විකාශනය අත්හිටුවා එම උපකරණ ගලවාගෙන ගොස් ඇති අතර ඒ සදහා අධිකරණ නියෝගයක්ද ලබාගෙන තිබේ.
අප මේ සම්බන්ධයෙන් ටි.එන්. එල් (TNL) රූපවාහිනි සේවයේ සභාපති ශාන් වික්‍රමසිංහ මහතාගෙන්ද විමසිමේදී ඔහු තහවුරු කරමින් කියා සිටියේ තම නාලිකාව TRCවෙත සියලු ගෙවිම් කර ඇති බවයි. ඒ සියල්ලටත් වඩා විකාශනය අත් හිටුවීමේ ක්‍රියාමාර්ගයක් ගැනීමට පෙර අදාළ ආයතනය ඒ පිළිබඳව දැනුවත් කිරිමේ වගකීමක් සහ යුතුකමක් මෙරටේ මාධ්‍ය පාලනයට පත් කර ඇති රජයේ වගකිව යුතු ආයතනය වන TRC සතු විය යුතු බව අපි අමුතුවෙන් කිව යුතු නෙවේ.
TRC හෙවත් විදුලි සංදේශන නියාමන කොමිෂන් සභා පනතේ විධිවිධාන අනුව එම කොමිෂන් සභාව සaජුවම ජනාධිපතිවරයා යටතේ පවතින අතර ජනාධිපති ලේකම්වරයා එම සභාවේ ලේකම්වරයා ලෙස කටයුතු කරයි. එවන් තත්ත්වයක් තුළ පසුගිය දිනකිහිපය තුල TNL නාලිකාවේ ප්‍රවෘත්ති විකාශයන් හිදි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් සිදුකරන ප්‍රකාශයන්හි විශ්වසනීයභාවය පිළිබඳව විවේචනාත්මක පුවත් කිහිපයක් ප්‍රචාරය වීමත් එම නාලිකාවේ සම්ප්‍රේෂණයට TRC හරහා බලපෑම් එල්ල විමත් අතර සමීප සබඳතාවයක් ඇති බව බැලු බැල්මටම පෙනී යන බව මෙහිදි සඳහන් කරමු.
පසුගිය කාලසිමාව පුරාම මාධ්‍යයට විවිධ අකාරයේ බලපෑම් එල්ල වු අතර කප්පම්,විවිධ් වරප්‍රසාද ලබාදිමෙන් මාධ්‍ය තමන්ට රිසී සේ පාලනය කිරිමට උත්සහ කිරීම, ආණ්ඩුවට හිසරදයක් බවට පත්ව ඇති ඇත්ත කියන වෙබ් සහ සමාජ ජාලා තහනම් කිරිමට කටයුතු කිරීම, සිරස නාලිකාව ඉදිරිපිට රතිඤ්ඤා දල්වා එහි සේවකයන් භීතියට පත්කිරිම, යාපනයේ මාධ්‍යවේදී සෙල්වරාසා රාජේන්ද්‍රන්ට පහරදිම වැනි නිර්ලජ්ජිත ක්‍රියාවන් පෙළක්ම දක්නට ලැබුණි. එම ක්‍රියාවලියේ වර්ධනාත්මක ප්‍රවේශයක් පෙන්වා දෙමින් TNLනාලිකාවේ සම්ප්‍රේෂණයට බාධාකිරිම මේ රටේ මාධ්‍යයේ අනාගතය එතරම් සුභවාදි නොවන බව සාක්ෂාත් කිරීමට හොඳම නිදර්ශනය සපයනු ලබයි.
කෙටි කාලයක් තුලදි දිගින් දිගටම සිදු වූ මේ සියළු මර්දනකාරි ක්‍රියාවන් පිටුපස සැඟවුණු තර්ජනයක් මාධ්‍යයට එල්ල කරන බව පැහැදිළි වන අතරම මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතන ඉලක්කකර එල්ල වන ප්‍රහාරයන් පසුපස සැබැවටම ඇත්තේ කාගේ හෝ බසකට අවනත නොවන්නේ නම් ඔවුන්ද මර්දනය කිරීමට පසුබට නොවන බවට වන පණිවිඩය නොවේද? ඒ හරහා මාධ්‍යය රූකඩ බවට පත් කොට ගනිමින් වන්දිභට්ට ප්‍රශස්ති ගායනට පමණක් යොදා ගැනීමට දරන මේ වෑයම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පැවැත්මට කිසිසේත්ම සුභවාදී නොවේ.
ඒ නිසා මේ රටේ මාධ්‍යවේදීන්ට හා මාධ්‍ය ආයතන වලට එරෙහිව ක්‍රියාත්මක වන මේ සaජු හා වක්‍ර මර්දනය අවසන් කිරීමට කටයුතු කොට රටේ මාධ්‍ය නිදහස ඇති කිරීමට වහාම ක්‍රියාත්මක වන ලෙස අපි ඒ වෙනුවෙන් වගකියන නිලධාරින්ට හා ආයතන වලට තරයේ බල කර සිටිමු.
කැදවුම්කරු
දුමිදු දිසානායක
වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය -ශ්‍රි ලංකා
இணையத்தள ஊடகவியலாளர்களின் தேசிய இயக்கம் – இலங்கை
National Moment of WEB Journalist- Sri Lanka
















