Category: සුපිරි Walks

  • ඊලග පාර 1000ක් එක්ක සුපිරි පාටියක් දානවා.. ලැබෙන ප්‍රතිචාර ගැන Royal පාටියේ චන්දිමාල් කියපු කතාව මෙන්න…

    ඊලග පාර 1000ක් එක්ක සුපිරි පාටියක් දානවා.. ලැබෙන ප්‍රතිචාර ගැන Royal පාටියේ චන්දිමාල් කියපු කතාව මෙන්න…

    වසර 18 ක් උදේ රෑ නොමැතිව වසරට දින 300 ක් වත් වැඩකර හොයාගත් මුදල් වියදම් කල එක ගැන කාටත් ප්‍රශ්නයක් නොමැති බවත් ඒවාට උත්තර දෙන්න යන්නේ නැති බවත් ප්‍රවීන හා ධනවත් රුපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ ප්‍රථමවරට සාදයෙන් පසු පවසා තිබෙනවා.

    තමන් පින්දහම් කර සෙල්ෆි ගසා බත් මුලක් අහිංසකයකුට දී පොටෝ ගසා ෆේස්බුක් නොදමන බවත් එය දැන් දෙන ක්‍රමය නොවන බවත් ෆේස්බුක් එකට පෙන්න පින් කරන්නේ නැති බවත් ඔහු පවසනවා.

    මෙවර උපන්දින සාදයට 600 ක ප්‍රමාණයකට ආරධානා කල අතර ඊලග වර මීටත් වඩා ලොකුවට 1000 කට ආරාධනා කර සාදය පවත්වන බවයි චන්දිමාල් පවසන්නේ.

    සම්පුර්ණ කතාව පහත වීඩියෝවෙන් බලන්න

    Image may contain: 6 people, people smiling, people standingImage may contain: 3 people, people standingImage may contain: 5 people, people smiling, people dancing and indoorImage may contain: 4 people, people smiling, people on stage and indoorImage may contain: 7 peopleImage may contain: 6 people, people smiling, people on stage and shoesImage may contain: 6 people, people on stage, people dancing and people standingImage may contain: 2 people, people smiling, people standing and indoorImage may contain: 4 people, people smiling, people standingImage may contain: 7 people, people smiling, people standing and weddingImage may contain: 7 people, people smiling, people standingImage may contain: 1 person, on stageImage may contain: 1 person, standingImage may contain: 7 peopleImage may contain: 1 person, standing

  • Royal වෙන්න හෙළුවෙන් ගියපු පියුමි ගැන දාපු පොස්ට් එකක් දුරදිග ගිහින් විශ්ව-පියුමි බුකියේ ගැටෙයි…

    Royal වෙන්න හෙළුවෙන් ගියපු පියුමි ගැන දාපු පොස්ට් එකක් දුරදිග ගිහින් විශ්ව-පියුමි බුකියේ ගැටෙයි…

    රූපලාවන්‍ය, හැඩ ගැන්වීම, ඇඳුම් නිර්මාණය වෘත්තියේ ජනප්‍රියත්වයක් උසුලන චන්දිමාල් ජයසිංහ පසුගියදා උපන්දිනය සමරා තිබුණේ මුළු රටේම අවධානය ලබාගනිමින්.

    ඒකට හේතුවුණේ ජනප්‍රිය නළු නිළියන් 600 දෙනෙකු පමණ සහභාගීවෙමින් ලක්ෂ ගණන් වටිනා ත්‍යාගද පිරිනැමීම.

    මේකට සමාජයේ බොහෝ දෙනෙක් තම අප්‍රසාදය පලකර තිබුණේ දහසකුත් දුප්පත් මිනිසුන්, අසරණ මිනිසුන් සිටියදී කෝටි ගණනක් මුදල් නිකරුනේ වැයකිරීම නිසා.

    මේ ගැන අන්තර්ජාලය පුරාම විවිධ අදහස්ද හුවමාරු වෙමින් තිබුණා.

    ඒ වගේම මේ සාදයට පැමිණ සිටි රංගන ශිල්පීන්ගේ ඇඳුම් ගැනද බොහෝ දෙනෙක් විවේචන එල්ලකර තිබුණා.

    එම විලාසිතාවලට අපූරු මඩපහරක් එල්ල කරමින් සමාජ ජාල මාධ්‍ය ඔස්සේ නොයෙකුත් පොස්ට් පළවුනා.ඒ අනුව දෙරණ නිවේදක විශ්ව ලංකා තම ෆේස්බුක් ගිණුමට Share කර තිබු පොස්ට් එකකට මේ ආකාරයෙන් පියුමි හංසමාලි තම ෆේස්බුක් ගිණුමේ ප්‍රතිචාර දක්වලා තිබුනා

    මගෙයි teena ගෙයි ඇදුම් දෙක ගැන හොයන වෙලේ ටිකක්. ඔයාගේ ගමට ගිහින් බලන්න wife මොකද කරන්නෙ කොහෙද කා එක්කද ඉන්නෙ කියලා.අපෙ සල්ලි අපිට ඔනෙ විදිහට. අදින්නෙ පස්ස පැත්ත කසනවා නම් wife ට කියලා හොදට කසාගෙන එන්න අපි දෙන්නාගේ අදුම් ගැන ඔයා worry වෙන්න එපා.මොකද gym ගිහින් six pack හැදුවට පිරිමියෙක් වෙන්නෙ නැ.චිත්තයක් අදගෙන අපේ post fb එකේ share කරාම හැමොටම පිරිමි කම ගැන පෙනවා.මොකද oya six pack හදන්න ⁣බොන suplimente වලට ඔයාලාගේ පිරිමි පවුරැශත්වය එහෙම සැහෙන්න අඩු වෙනවා.කිසිදෙයක් කර ගන්න එහෙම බැ එක කර ගන්න බැරි වෙලාවට අපේ photos බලන්න බලලා share කරන්න.කියන්න තියන දෙයක් මුනට කියනවා hallo fb post දදා විරයො නොවි.

    එයට ප්‍රතිචාර දුන්න විශ්වගේ පිළිතුර පහතින්
    සල්ලි වලට ඇග විකුනන 3rd class ගෑනු. අද බොහොමයක් නිලියො දිහා මිනිස්සු බලන්නෙ ගනිකාවො දිහා බලනව වගෙ. ඒකට හේතුව තමයි මේ වගේ නූගත් ගෑනු. මුන්ව මේ කලාවෙන් එලියට ඇදල දාන්න ඕන. එදාට තමයි කලාවට හරියන්නෙ

  • නැහැ. මට කිසිම පසුතැවීමක්‌ නැහැ. මේ මගේ ජිවිතේ හැටි. උමාලි තිලකරත්න මාධ්‍යයට කියන කතාව මෙන්න..

    නැහැ. මට කිසිම පසුතැවීමක්‌ නැහැ. මේ මගේ ජිවිතේ හැටි. උමාලි තිලකරත්න මාධ්‍යයට කියන කතාව මෙන්න..

    මෙවර පැවැති දෙරණ සන්සිල්ක්‌ සිනමා සම්මාන උළෙලේදී උමාලි තිලකරත්න දෙවතාවක්‌ අගැයීමට ලක්‌වෙනවා. මේ නිසාම කාලයක්‌ නිහඬව හිටපු උමාලිගේ හඬ අවදි කරන්න අපි අදහස්‌ කළා.

    උමාලිට දෙරණ සන්සිල්ක්‌ සිනමා සම්මාන උළෙලේදී නැගී එන නිළියට හිමි සම්මානය මෙවර හිමිවුණා. මොකද හිතෙන්නේ ?

    සින මා ක්‍ෂේත්‍රයේ මට සම්මානයක්‌ ලැබුණ පළමු අවස්‌ථාව තමයි මේක. ඒක ජනතාවගේ සම්මානයක්‌වීම සුවිශේෂයි. මෙච්චර කාලයකට මට ජූරියකින් සම්මාන හිමිවෙලා තිබුණාට ජනතාව විසින් ලබාදෙන සම්මානයක්‌ හිමිවුණේ පළමු වතාවට.

    ඒත් එක්‌කම ඔබට හොඳම සහාය නිළියට හිමි සම්මානය ලැබෙනවා නේද?

    ඒක විශේෂ වෙන්නේ ආකාර දෙකක සම්මාන දෙකක්‌ හින්දා. ජූරියේ ඇහින් දැකලා ඔවුන්ගේ ඇගයීමට ලක්‌වෙන්න තරම් මම භාග්‍යවන්ත වුණා. හැබැයි ඒ සම්මාන දෙක ගැන පොඩි දෙයක්‌ කියන්න ඕනෑ.

    ඒ මොකක්‌ද?

    සම්මානයකට අපි රංගනයෙන් දායකවෙනකොට අපිට තනියෙන් රංගනය කියන කාර්ය සම්පූර්ණ කරන්න බැහැ. ඊට සියලුදෙනාගේ සහයෝගය ලැබිය යුතුයි. ඉතිං මට ඒ වෙනුවෙන් සියලුදෙනාගෙන්ම සහයෝගය ලැබෙනවා.

    එකම සම්මාන උළෙලේ දෙවතාවක්‌ ඇගයීමට ලක්‌වීම ගැන සතුටුද?

    ඔව්. ජනප්‍රිය තලයේ සම්මානයක්‌ සහ දක්‍ෂතාවයට හිමි සම්මානයක්‌ ලැබීම ගැන ආපහු හැරී බැලුවොත් රංගන කටයුතුවලදී මට ලැබුණ අවස්‌ථාවන් ගැන මම සතුටුවෙනවා.

    සම්මානය ලබාගෙන ඔබ කළ ප්‍රකාශය ගැන ගොඩක්‌ දෙනෙක්‌ කතාබහවෙනවා ?

    සම්මාන උළෙලට සහභාගිවුණේ සම්මාන බලාගෙන නෙමෙයි. ඒ වෙලාවේ මට අවංකව දැනුන දෙයක්‌ තමයි මට පුළුවන් විදිහට සභාවක්‌ ඉදිරියේ ඉදිරිපත් කළේ. ඒ ගැන මිනිස්‌සු කොයිවිදිහට කතාවෙනවාද කියන්න මම දන්නේ නැහැ. මට හැඟුණ දේ ඒ අවස්‌ථාවේ අවංකව ඉදිරිපත් කළා කියලයි මට හිතෙන්නේ.

    පසුගිය කාලයේ ලංකාවේ හිටියේ නැහැ නේද?

    අවුරුදු එකහමාරක වගේ කාලයක්‌ මම ලංකාවේ රැඳුණේ නැහැ. ඒ වුණාට මම දායකවුණ නිර්මාණ එළිදැක්‌වුණා. ඒවා නරඹලා මිනිස්‌සු මගේ රංගනය විඳලා තිබුණ හින්දා වෙන්න ඕනෑ මේ සම්මාන මට හිමිවුණේ.

    මෑත කාලයේ ඔබ හරි නිහඬ චරිතයක්‌. ඇයි ඒ ?

    සමාජය මාව දන්නේ රංගන ශිල්පිණියක්‌ හෝ කලා ශිල්පිණියක්‌ විදිහටනේ. ඉතිං මෑත කාලයේ කියන්නේ මේ අවුරුද්දේ අලුත් නිර්මාණවලට නම් සහභාගි වුණේ නැහැ. ගිය අවුරුද්ද පුරාවටම සම්මාන උළෙලවල සහ චිත්‍රපට හරහා මාව දකින්න ලැබුණා. ඊට අමතරව මට කාලය ඕනෑවුණා මගේ පියාගේ ව්‍යාපාර කටයුතු වෙනුවෙන්. රඟපෑම හරහා මම නිහඬ නෑ.

    පසුගිය දවස්‌වල වැඩිපුර නිර්මාණවලට දායකවුණේ නැහැ නේද?

    නැහැ.

    ආරාධනා ලැබුණේ නැතිද?

    ආරාධනා ලැබුණා. ඒවා සාකච්ඡා මට්‌ටමේ තියෙන්නේ. අනික මම ගිය වසරේ ව්‍යාපාර කටයුතු පිළිබඳ වැඩිදුර හැදෑරීමට විදෙස්‌ගතවෙලයි හිටියේ.

    නිළියක්‌ විදිහට සාර්ථකයි කියලා හිතනවාද?

    මම රංගනයට එන්නේ අහම්බයෙන්. එතැනදී මට තේරෙනවා මේ වෘත්තියට සාධාරණයක්‌ කරන්න ඕනෑ නම් ඒ ගැන පැහැදිලි අවබෝධයකින් කටයුතු කළ යුතුයි. ඒ වෙනුවෙන් හැදෑරීමක්‌ කළ යුතුයි කියලත්. ඒ හින්දා තමයි ජපානයේ අවුරුදු හතරහමාරක කාලයක්‌ ගත කරලා ඒ පිළිබඳව වැඩිදුර හැදෑරීමක්‌ සිදුකරන්නේ. ඒවායේ ප්‍රතිඵල දැන් ලැබෙමින් පවතිනවා.

    උමාලි ඇයි මේ මාධ්‍ය ඉදිරියට වැඩිපුර එන්නේ නැත්තේ ?

    මාධ්‍ය ඉස්‌සරහට නෙමෙයි රංගන ශිල්පිණියක්‌ විදිහට කැමරාවට ඉදිරියට තමයි යන්නේ.

    ගෙවී ගිය කාලය ගැන ආපහු හැරී බැලුවොත් ?

    ගෙවෙන හැම මොහොතක්‌ ගැනම සතුටින් හිතන්න ඕනෑ. ජීවිතය කියන්නේ වටිනා දෙයක්‌. මොහොතින් ඉපදීලා මොහොතකින් නැතිවෙන දෙයක්‌.

    ඒ ධර්මතාවය දකිමින් ජීවත්වෙද්දී ගෙවිච්ච දශක තුනක කාලයේ මම මුහුණ දුන්න අත්දැකීම් ජීවිතය කියන්නේ මොකක්‌ද කියලා පැහැදිලිව අවබෝධ කරගන්න හැම අත්දැකීමක්‌ම පිටිවහලක්‌ වුණා. ශක්‌තියක්‌ වුණා. හැමදෙයක්‌ ගැනම මම හිතන්නේ හරිම උපේක්‍ෂාවෙන් සහ සතුටකින්.

    ජීවිතයේ පසුතැවීම් තියෙනවාද?

    නැහැ. කිසිම පසුතැවීමක්‌ නැහැ.

    නිහඬවීම නිසා නිර්මාණ අඩුවෙන් ලැබෙන්නේ. ඒක අපරාධයක්‌ නේද?

    මම කොහොමත් හැමදාම පෙනී හිටපු කෙනෙක්‌ නෙමෙයි. කැමරාවක්‌ ඉදිරියට මාව මුලින්ම තෝරාගන්නේ උදයකාන්ත මහත්මයා. මේ අතරතුර විවේක කාල ඕනෑතරම් තිබුණා. නිහඬයි කියන්නේ මාධ්‍ය ඉදිරියට එන්නේ නැති නිසා වෙන්න ඇති.

     

       

  • මම රගපෑම නතර කළත්, එයා දිගටම මාව අල්ලගෙන සිප ගත්තා. ළගදි බැදපු උපේක්ෂා(පබා) සියල්ල හෙලිකරයි..

    මම රගපෑම නතර කළත්, එයා දිගටම මාව අල්ලගෙන සිප ගත්තා. ළගදි බැදපු උපේක්ෂා(පබා) සියල්ල හෙලිකරයි..

    මේක කවුරුත් නොදන්නා රහසක්, හැබැයි මේ රහස කවදා හරි හෙළි කරන්න ඕනෑ කියලා මගේ හිත කිව්වා. “රිද්ම” කාටවත් නොකී රහසක් තුළින් මේ ගැන හෙළි කරන්න ලැබුණු එකත් මට ලැබුණු වාසනාවක් කියලා හිතෙනවා.

    මෙන්න මේකයි රහස මටම ආවේණික වචන කීපයක් තුළින් මම මගේ හැගීම් ප්‍රකාශ කරන්න පුරුදු වෙලා ඉන්නවා. ඒ ගැන මම තවත් ටිකක් පැහැදිලි කරන්නම්. “බුදු අම්මෝ” “මගේ දෙයියෝ” “බුදු සන්තෝ” වගේ වචන අපි කොයි කවුරුත් පාවිච්චි කරනවනේ.

    අවස්ථා යෙදෙන හැටියට තමයි එක් එක් අය ඒ වචන පාවිච්චි කරන්නේ. මමත් මේ වචන පාවිච්චි කරනවා. හැබැයි ඒක අනිත් අයට වඩා ගොඩාක් වෙනස් ඒ කියන්නේ මගේ කේන්තිය පිට කරන උපරිම අවස්ථාවකදී තමයි මම මේ වචන පාවිච්චි කරන්නේ.

    ඕනැම කෙනෙකුට තමන් එක්ක ප්‍රශ්නයක් ඇති වුණාම මුලින්ම ඒ ගැන සුහදව සාකච්ජා කරනවානේ. ඒ විදියට ප්‍රශ්නය විසදා ගන්න බැරි නම් නේ සැරෙන් අදහස් හුවමාරුකරගන්නෙ. ඔය විදියට තදින් තරහ ගිය අවස්ථාවකදී උස් හඩින් අසභ්‍ය වචනත් යොදාගෙන “එකිනෙකා බැණ ගන්නා එකනේ කරන්නේ.” අන්න ඒ අවස්ථාවේදී තමයි මම අර මුලින් සදහන් කළ වචන පාවිච්චි කරන්නේ. කොටින්ම කියනවා නම් අසභය වචන නියෝජනය කරන්න මම යොදාගන්නේ “බුදු අම්මෝ” “බුදු දෙයියෝ” වගේ වචන, ඒ වචන වලින් කෙනෙක් මෙල්ල කරන්නේ කොහොමද කියලා පාඨක පිරිසට හිතෙන්න පුළුවන්. මම ඒ වචන ප්‍රකාශ කරන්නේත් කෝපය පිරුණු උස් හඩින්. ඒ හින්දමද දන්නේ නැහැ මගේ වචනවලට අනිත් පාර්ශ්වයත් නිශ්ශබ්ද වෙනවා.

    ඒ වගේ සිදුවීම් වලට මුහුණු පෑ අවස්ථා ඕනෑ තරම් මගේ ජීවිතයේ තියෙනවා. පෞද්ගලික ජීවිතයේදී වගේම, කලා ජීවිතයේදීත් ඔය වගේ අවස්ථාවලට මුහුණදීලා තියෙනවා. කලා ජීවිතයේදී දවසක හරි අපූරු සිදුවීමක් වුණා. එය සිදුවුණේ ටෙලි නාට්‍යයකද චිත්‍රපටයකද කියලා නම් කියන්න බැහැ. හැබැයි මේක සිදුවුණේ එක්තරා ප්‍රේම ජවනිකාවක් රූගත කරද්දී. සාමාන්‍යයෙන් ඒ වගේ අවස්ථාවල වැළද ගන්න සිප ගන්න පවා සිදුවෙනවා. ඒක සාමාන්‍ය දෙයක්නේ. ඒත් ඉතින් අධ්‍යක්ෂවරයා කට් කිව්වට පස්සේ ඉන් එහාට අපි කවුරුත් යන්නේ නැහැ. දැන් ඔන්න මේ නිර්මාණයෙත් අදාළ ප්‍රේම ජවනිකාව රූගත කෙරුණා. අදාළ නළුවා හා මම ඉතා සාර්ථකව ජවනිකාවට පෙනී සිටියා. අධ්‍යක්ෂකවරයා “කට්” කිව්ව හැටියේ මම රඟපෑම නතර කළා. ඒත් අදාළ නළුවාට ඒක අමතකයි. ඔහු දිගටම මාව අල්ලගෙන සිප ගන්නවා. ඒ වේලාවේ මට ටිකක් කේන්ති ගියා. “බුදු අම්මෝ මට නම් තවත් ලව් කරන්න බැරියෝ” කියලා මම මහා හයියෙන් කෑ ගැහුවා. එතකොට ඒ නළුවා වහාම මගේ මිදුනා. ඒ නළුවට වගේම එතැන හිටපු හැමෝටමත් ඒ වෙලාවේ මගේ වෙනස තේරුණා.

    ඔය වගේ අවස්ථා ගොඩක් තියෙනවා. ඒත් ඉතින් මගේ මේ වචන මාලාව කෝපය පිට කරන වදන් පෙළක් කියලා දන්නේ නැහැනේ අනිත් අය. ඒ නිසා ඒ වචනවලින් නොනවතින අයත් ඉන්නවා. ඒ වෙලාවට ඉන් එහා වචන පවිච්චි කරන්න පවා සිදුවනවා. ඒවා අසභ්‍ය වචන වෙන්නත් බැරි නැහැ.

    ඒ වගේ සිදුවීම් අතර ප්‍රබල එකක් තමයි මේ. එදත් මම එක්තරා නිර්මණයක රූගත කිරීම් වලට ගියා. එහි අධ්‍යක්ෂකවරයා මම ගරු කළ කෙනෙක්. ඒත් ඔහු අනවශ්‍ය විදියට මගේ සිරුර මතු කරන්න හදන බව මට වැටහුණා. සාරියක් ඇන්දත් බඩ පේන්න අදින්නමයි කියන්නේ. මට තේරුණා කතාවේ චරිතය අනුව එහෙම කරන්න අවශ්‍ය නැහැ කියලා. මේක හිතා මතා කරන දෙයක් බවත් මට තේරුණා. මේ කියන අධ්‍යක්ෂකවරයාට ඔය ගැන කීප වතාවක් හොදින් පැහැදිලි කරලා බැරි තැන මගේ සුපුරුදු වචන මාලාවට ආවා. “බුදු අම්මෝ බුදු දෙයියෝ මේ සීන් එකට මම මෙහෙම ඉන්න අවශ්‍ය නෑ…… මට ඒක බෑ” කියලා උස් හඩින් කියන්න පටන් ගත්තා. ඒත් ඔහු නවතින් පාටක් නෑ. එදත් මගේ සිරුර අනිසි විදියට මතු කරවන්න ඔහුට වුවමනා වුණා. පුරුදු වචන යොදලා මම ඊට විරුද්ධ වුණා.

    “ඩෙනිම් ඇදලා ඔක්කොම එළියේ දාගෙන එන්න පුළුවන්. කැමරාව ඉස්සරහ කකුලක් පෙනෙන කොට තමයි මෙච්චර අමාරු….”

    දර්ශන තලයේ හිටපු තිහප් හතළිහක් පමණ පිරිස ඉදිරියේ ඔහු කිව්වේ හැමෝටම ඇහෙන්නයි. ඒ වෙද්දී මගේ ඉවසීමේ සීමාවත් පැනලයි තිබුණේ. මමත් මහ හඩින් හොදම වචන කියලා ඔහුට උත්තර දුන්නා. හොද වෙලාවට ඔහු ඉංග්‍රීසි දන්නවා. ඒ හින්දා ප්‍රශ්නයක් වුණේ නැහැ. මොකද ඒ වෙලාවේ මම මහ හයියෙන් කෑ ගහලා සුද්ද සිංහල ටිකක් කිව්වේ ඉංග්‍රීසි භාෂාවෙන්.

       

     

  • එක්සත් ජාතීන්ගේ හිටපු නිත්‍ය නියෝජිත දයාන් ජයතිලක රුසියාවේ තානාපතිධුරයට…

    එක්සත් ජාතීන්ගේ හිටපු නිත්‍ය නියෝජිත දයාන් ජයතිලක රුසියාවේ තානාපතිධුරයට…

    රාජපක්ෂ පාලන සමයේ රාජ්‍යතන්ත්‍රීක සේවයේ කටයුතු කල ආචාර්ය දයාන් ජයතිලක මහතා රුසියාවේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇතැයි විදේශ අමාත්‍යංශ ආරංචිමාර්ග සඳහන් කරයි.

    ව්‍යවස්ථානුකුලව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව සිදුකෙරෙන මෙම පත්වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් අගමැතිවරයා දැනුවත් කර ඇතත් අගමැතිවරයා ගෙන් ඊට විරෝධයක් මතුවී නොමැති බවද ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

    රුසියාවේ හිටපු තානාපති වෛද්‍ය සමන් වීරසිංහ මහතා සිය සේවා කාලය නිමකර මෙරටට පැමිණීමෙන් පසු මාස කිහිපයක් ම එකී තනතුර පුරප්පාඩු වී තිබිණ.

    ආචාර්ය දයාන් ජයතිලක මහතා එක්‌සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ලෙස ද කලක් කටයුතු කළ අයෙකි.

  • උපන් දිනය දා රජ වෙන්න හැදු චන්දිමාල්ගේ උපන්දින සාදයේ ඔබ නොදුටු දසුන් මෙන්න…(Exclusive)

    උපන් දිනය දා රජ වෙන්න හැදු චන්දිමාල්ගේ උපන්දින සාදයේ ඔබ නොදුටු දසුන් මෙන්න…(Exclusive)

    රජ වෙන්න හැදු චන්දිමාල්ගේ උපන්දින සාදයේ ඔබ නොදුටු දසුන් මෙන්න…

  • ශ්‍රීලනිප අභිනව මහ ලේකම් ලෙස පත්වූ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස ගැන ඔබ නොදත් කතාව මෙන්න..

    ශ්‍රීලනිප අභිනව මහ ලේකම් ලෙස පත්වූ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස ගැන ඔබ නොදත් කතාව මෙන්න..

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි කටයුතු සඳහා නව නිලධාරී මණ්ඩලයක් පත්කර ඇති අතර නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව, විධායක සභාව සහ සමස්ත ලංකා කාරක සභාව, පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම නව වෙනස්කම් සිදුකර ඇත්තේ පක්ෂයේ ඉදිරි ගමන වෙනුවෙනි.පක්ෂ මහ ලේකම්තුමා ලෙස පත්කර තිබෙන්නේ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතාවයි.

    එතුමා විසින් පවත්වන ලද කතාවෙහි එතුමාට කියවුණු වචනයක් පසුපස යමින් තම තමන්ගේ බුද්ධි මට්ටම් නිරූපණය කරන පිරිසට දැන ගැනීමට, වත්මන් ජනාධිපතිතුමා විසින් මහ ලේකම් තනතුරට පත්කෙරුණ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතාගේ මෙම තනතුරට පවතින උචිතභාවය සඳහන් කළයුතුය..


    ජනසන්නිවේදන ශාස්ත්‍රවේදී (විශේෂ) උපාධිය ලබා ගන්නා පියදාස මහතා කථිකාචාර්යවරයෙකු ලෙස කැලණිය විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයට එක් වූයේ 1980 වර්ෂයේදීය. 1983දී ජනසන්නිවේදනය ශාස්ත්‍රපති උපාධිය හිමි කර ගන්නා ඒ මහතා 80 දශකයේ අග භාගයේදී සෝවියට් සමාජවාදී ආණ්ඩුවේ ශිෂ්‍යත්වයක් ලැබ සිය දර්ශන විශාරද උපාධිය සඳහා සෝවියට් රුසියාවට පිටත්ව යයි.

    රුසියාවේ මොස්කව් විශ්වවිද්‍යාලයෙන් දර්ශන විශාරද උපාධිය ලබා ගන්නා පියදාස මහතා මෙරටට පැමිණ 1994 පටන් මේ දක්වා මෙරට ජනමාධ්‍ය ප්‍රතිපත්ති සම්පාදන කාර්යය වෙනුවෙන් සැළකිය යුතු මෙහෙයක් ඉටු කරමින් සිටියි.

    යුනෙස්කෝ ජාතික මණ්ඩලයේ, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සහ පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකත්වය දරා ඇති මහාචාර්යවරයා මේ වන විට ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ ද අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකත්වය දරයි.

    80 දශකයේ අග භාගයේදී වසරේ හොඳම සිනමාකරුවාට හිමි OCIC සම්මානය හිමි කර ගත් පියදාස මහතා විසින් අධ්‍යක්ෂණය කළ කෙටි චිත්‍රපට හා වාර්තා චිත්‍රපට ප්‍රමාණය සංඛ්‍යාවෙන් විශාලය. පුවත්පත් කලාවේදියෙකු, තීරුලිපි රචකයෙකු, රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු, ගුවන්විදුලි වැඩසටහන් නිෂ්පාදකවරයෙකු ලෙස කටයුතු කර ඇති මහාචාර්යවරයා ශාස්ත්‍රීය සංග්‍රහයන් ගණනාවකට ලිපි සපයා ඇති අතර පර්යේෂණාත්මක කෘති ගණනාවක් ද රචනා කර ඇත.

    කලක් විශ්වවිද්‍යාලයීය කලා මණ්ඩලයේ සභාපතිරවයා ලෙස ද කටයුතු කළ මහාචාර්යවරයා විශ්වවිද්‍යාල වෘත්තියෙන් විශ්‍රම යන තුරු විශ්වවිද්‍යාලයීය සන්නිවේදන හා මාධ්‍ය ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙස ද කටයුතු ක‍රන ලදි.


    නිවටයින් ලෙස ඵල ඇති රුකකට ගල් ගසනා පිරිසට කිමට ඇත්තේ කලෙක සිට ලෝක ප්‍රජාව සමඟ උරණව ජාත්‍යන්තරයේ හොඳ හිත පළුඳු කොට ගෙන සිට නැවත එම තත්ත්වයෙන් යහපත් පසුබිමකට පැමිණෙමින් සිටින සංක්‍රාන්තික සමයක ශ්‍රී ලංකාවේ පාලන කටයුතු ගෙන යෑමට ජනාධිපතිතුමා මෙවැනි පක්ෂ මහලේකම්වරයෙක් පත් කිරීම ඉතා ඥාණාන්විත තීරණයක් ලෙස පැසසුමට ලක්කළ හැකි බවයි.

    ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන් මග අර්ථවත් කෙරුමට, රට තුළ පමණක් නොව ලෝකයේම මහා ප්‍රාඥයෙකු ලෙස ගෞරවයට පාත්‍රව සිටින බුද්ධිමත් පක්ෂ මහ ලේකම්වරයෙකු අවශ්‍ය අවධියක එතුමා ගත් තීරණය පක්ෂය වෙනුවෙන් පමණක් නොව සමස්ත රට වැසියන් වෙනුවෙන් ගත් පියවරක් බව කිව යුතුය.

  • ගෝටාගේ හොරකම් හෙළිකළ ඉක්බාල් අතාස්ට මරණ තර්ජන කළ හැටි හිටපු බුද්ධි අංශ නිලධාරීයෙක් කියයි..

    ගෝටාගේ හොරකම් හෙළිකළ ඉක්බාල් අතාස්ට මරණ තර්ජන කළ හැටි හිටපු බුද්ධි අංශ නිලධාරීයෙක් කියයි..

    බිය වු පසු මුත්‍ර පිටවනවා යැයි අසා තිබුනද සියැසින් දුටුවේ එදාය..!

    ගෝටාගේ මිග් හොරකම ප්‍රථමයෙන් හෙළිකළ ඉක්බාල් අතාස්ට මරණ තර්ජන කළ හැටි..! -තර්ජන කළ පුද්ගලයාම කියයි

    -හිටපු හමුදා බුද්ධි නිලධාරියෙකුගේ හෙළිදරව්ව-

    (ලංකා ඊ නිව්ස් ) 1965 ඡන්දයට වූ ණය ගෙවන්නට ඩී.ඒ. රාජපක්ෂ තම කාරය විකිණුවේය. වරෙක රාජපක්ෂ පරපුරේ පාරම්පරික නිවහන වූ මැදමුලන නිවස දේශපාලනය වෙනුවෙන් උකස් කළේය. මැදමූලනනිවස සින්න විණ. පිස්කල් තැන ඇවිත් රාජපක්ෂ පවුල නිවසින් එළියට ඇද දැමිණ. නිවසින් එළියට පැමිණි රාජපක්ෂ පවුලට නැවත උකස ගෙවා නිදහස් කර දුන්නේ ඩී.ඒ. ගේ හිතවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසකි. ඩී.ඒ. රාජපක්ෂ 1967 නොවැම්බර් හත්වෙනිදා දිවිසැරිය නිම කෙළේය. ඔහු මියගියේ දූ දරුවන් නව දෙනෙක් මැදමුලන නිවසේ තනි කරමිනි. ඩී.ඒ රාජපක්ෂගේ හදිසි අභාවයත් සමග මහින්දලා ගේ පවුල දුෂ්කර ආර්ථික අඩියකට වැටිනි. මහින්ද තමන් අවසානයට සමත්ව සිටි අපොස සා පෙල විභාගයේ ප්‍රථිපල වලින් විද්‍යොදයේ පුස්තකාල සහකාර‍ රැකියාවට ගියේ රු 201 ක වැ‍ටුපකට ය. එයද දේශපාලන හිතවත්කම් මත හදා ගත් රැකියාවකි.

    සිරිමාවෝ මැතිනිය මහින්දගේ තාත්තාගේ තුන් මාසයේ දානය දින මැදමූලන නිවසට පැමිණියා ය. රාජපක්ෂලාගේ ඉදිරි දේශපාලනය පිලිබඳව එහිදී සාකච්ඡා කෙරුනි. 70 මහ මැතිවරණය සඳහා පාර්ලිමේන්තුව විසුරුවා හැරුනු අතර බෙලිඅත්තෙන් මහින්දට තරඟ කිරීමට මැතිණිය අවස්ථාව සැලසුවා ය. මහින්ද ඡන්දෙට වියදම් කිරීම සඳහා විද්යෝදය විශ්ව විද්‍යාලයෙන් ආපදා ණයක් ගත්තේය. අවුරුද්දක වැටුප ආපදා ණය වශයෙන් ගත් මහින්ද බෙලිඅත්තේ ඡන්දෙට බැස්සේය. මැතිවරණයෙන් ජයග්‍රහණය කළ මහින්ද පාර්මේන්තුවට පත්විය. මේවා ගැන සඳහන් වන්නේ මහින්දගේ ‘කුරහන් සාටකයේ කතාව‘ පොතේ ය

    ගෝටා කෑවා නොව ලෙව කෑවා ය
    ————————–———
    මහින්ද සිය වෘත්තීය ජීවිතය ආරම්භ කෙළේ පහත් අඩියකිනි. එනම් පුස්තකාල සහකාර රස්සාවෙනි. ගෝටාබය කැඩෙට් නිලධාරියකු ලෙස හමුදාවට බැඳුනේ සුදුසුකම් නිසා නොව මැදමූලන නඩය මැතිනියගේ නිලධාරීන් හමුවේ කළ කං කෙඳිරිය නිසාය. ගෝටාබයට ද තිබුනේ යාන්තම් පාස් ඕලෙවල් පමණි. කැඩෙට් පාඨමාලාව පුරාවට ඔහු පෙන්වූ දුර්වල කුසලතාවය සහ අඩු ලකුණු ඊට සාක්ෂි ය . විසිර යාමෙන් අනතුරුව ගෝටා අනුයුක්ත කළේ ‘රජරට රයිපල්’ බලකාය වෙතය.

    යුද්ධයට බියේ ඇමෙරිකාවට පලා ගිය ගෝටාබයට එහිදී හිමිවූයේ ඉතා දිලිඳු ජීවන තත්වයකි, කෑවා නොව ලෙව කෑවා පමනි. ඩොලරයක් දෙකක් වන වයින් බෝතලයක් මිලදී ගත්තේ මාසයකට එකකි. ඇමෙරිකාවේ ගත කළ අවු 15 පුරාවට කිසිදු දිනක ලංකාවට නොපැමිණියේය. ලංකාවට දුරකථන ඇමතුමක් ගත්තේ නම් එයද ගත්තේ කන කැස්බෑවා අහස දකිනවා මෙනි. ඒ අන් කිසිවක් නිසා නොව මුදල් හිඟ කම නිසා ය.

    පසුව බිලියන ගණනින් කෑම ඇරඹුවාය
    ————————–———
    අයියා ජනාධිපති වී මල්ලී ගෝටාබය ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් වෙන්නට පෙර අවි ආයුධ මිලට ගැනීමේ තීන්දු තීරණ ගත්තේ හමුදාව විසිනි. අවි ගනුදෙනු විනිවිද භාවයකින් ක්‍රියාත්මක කිරීම උදෙසාම ගොඩ නැගූ විශේෂ ඒකක පවා හමුදාව තුල විය. රුසියානු, චීන, ලතින්, ඊශ්‍රායෙල් භාෂා සාක්ෂරතා ඇති ලාංකිකයන් අධිකාරි නිලයේ පිහිටුවා මෙම ඒකක වෙත අනුයුක්ත කොට තිබුනි. ගෝටාගේ කාලයට පෙර සිදුවූ දූෂණ මහා පරිමාන නොවීය . ඒවා ලක්ෂ ගණනේ සොරකම් විය, ඇතැම් ඒවා නාරි මාංශයට පමණක් සීමා විය. ගෝටාබය පැමිනි විගස අවි ගනු දෙනු සම්බන්ධ හමුදාවේ අභිමතය අහෝසි කෙළේය. භාෂා පරිවර්ථක නිලධාරීන්ගේ ගේ සේවය අවසන් කෙළේය. සියල්ල තම අභිමතය මත තීන්දු කළ ගෝටා බිලියන ගණනින් ගසා කෑම පටන් ගත්තේය.

    2006 වසරේදී මිග්යානා 4 ක් මිලදී ගැනීමට සහ තවත් යානා 3 ක් අලුත්වැඩියා කිරීම සඳහා යයි කියා ගෝටා ඩොලර් මිලියන 17.8 පමණ මුදලක් කඩින් කඩ මහා භාන්ඩාගාරයෙන් ලබගෙන ඇත. නමුත් මිග් යානා සැපයූ යුක්රේන් සමාගමට ගෙවා ඇත්තේ ඩොලර් මිලියන 7.2 කි.

    G ටු G නොහොත් රජයන් දෙකක් අතර සිදුවන ගනුදෙනුවක් ලෙස අඟවමින් කැබිනට් මණ්ඩලය සහ පාර්ලිමේන්තුව නොමග යැවූ ගෝටා මුදල් ගෙවීම කළේ ලන්ඩනයේ බෙලිමීසා හෝලිඩින්ස් නම් ඔවුන්ගේම ව්‍යාජ සමාගමකට ය. එවැනි සමාගමක් ලන්ඩනයෙන් අදවත් සොයා ගත නොහැකිය. ඒ අනුව ඩොලර් මිලියන දහයකට ආසන්න මුදලක් මිග් ගනු දෙනුවෙන් ගෝටා ගසා කෑවේය. අද වන විට ඒවා සාක්කි සහිතව හෙළි වී ඇති අතර ඇත්තේ නඩුව විභාග කිරීම පමණක් ය.

    ඉක්බාල් අතාස්ට මරණ තර්ජන කළ හැටි
    ————————–———
    හමුදාවක දෙවෙනියාගේ ඒකායන සිහිනය කොක්කෙන් බැරිනම් කෙක්කෙන් හෝ හමුදාපති බවට පත්වීම ය. හමුදාපතිට කෙළවීමට හැකි ලිපිගොනු දෙවැන්නා විසින් හොර රහසේ සන්ඩේ ටයිම්ස් පුවත් පතේ ආරක්ෂක කොළම ලියූ ඉක්බාල් අතාස්ට ලබාදීම එකල සාමාන්‍ය සිදුවීමක් විය. අතාස්ගේ ‘සිටුවේෂන් රිපොර්ට්’ කොළම නිසා මාරු වූ හමුදා පුටු වලට උදාහරණ එමටය. ගෝටාබයගේ මිග් ගනුදෙනුව සිදුවන විට ගුවන් හමුදාවේ දෙවැන්නා වූයේ හර්ෂ අබේවික්‍රමය. මොහු රනිල්ගේ අති ජාත මිත්‍රයෙකි. මේ අනුව මිග් හොරකමට අදාල ඔරිජිනල් ලිපි ගොනුව අතාස් අතට ගිය ආකාරය වටහා ගැනීම අපහසු නොවේ.

    ගෝටාබයගේ මිග් සොරකම අතාස් විසින් හෙලිදරව් කිරීමත් සමගම ගෝටාබය අන්ත අසරණ අඩියකට වැටුනි. ලංකාදීප පත්‍රයේ ඩබ්.ජී. ගුනරත්න අතාස්ගේ ඉංග්‍රීසි කථාව සිංහලෙන් ලියුවේය. ගෝටාගේ මිග් හොරකම ගමේ කඩ මංඩියේ පවා කථා බහට ලක් විය. ශ්‍රීපති සහ මංගල මිග් හොරකම පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කිරීමත් සමග ගෝටාගේ තත්වය තවත් අසරණ විය. අද ගෝටාගේ කුනු ලන්කට් සෝදන වීරවංශ ද එකල සිටියේ ඔහුට පස මිතුරු ජ.වි.පෙ සමගය. ගෝටාට තිබූ එකම පිහිට හෙන්දාගේ ජාතික බුද්ධි අංශය සහ සුදු වෑන් බලකාය පමණි.

    ඒ වන විටත් මාධ්‍යවේදීන් 14 ක් මරා තිබිණි
    ————————–———
    මොවුන් විසින් ඒ වන විටත් ටැමිල්නෙට් සිවරාම්, සුඩර් ඔලි සුගීතරාජන්, සත්දින මාධ්‍යවේදී සම්පත් ලක්මාල් ඇතුලු මාධ්‍යවේදීන් 14 දෙනෙකු ඝාතනය කොට තිබුණි, තව බොහෝ පිරිසකට දැල එලා තිබුනි. වික්ටර් අයිවන්ගේ නම පවා එම ලැයිස්තුව තුල විය. අතාස් නිහඬ කිරීමේ කොන්ත්‍රාත්තුව ලැබුනේ මේ ලියුම්කරුට ය. ඒ අනුව ලියුම්කරු සූදානම් ශරීරයෙන් සන්ඩේ ටයිම්ස් කාර්යාලය වෙත ගියේය. ලියුම්කරු අතාස් හඹා ගිය දින රාජපක්ෂලාගේ ඥාතියෙකු වූ ලොත‍රැයි මන්ඩලයේ සභාපති සරණ ගුනවර්ධන අතාස්ගේ නිවස ඉදිරිපිට අතාස්ට එරෙහිව උද්ඝෝෂණයක් සංවිධානය කෙළේය . ඒ අතාස් කොටි හිතවාදියෙකු යයි බැන වදිමිනි.

    සන්ඩේ ටයිම්ස් කාර්යාලයට ගිය ලියුම් කරු මුලින්ම හමුවූයේ අතාස්ගේ ලිපි සිංහලෙන් ලියන ඩබ්.ජී. ගුනරත්නය. මිග් ගනුදෙනුව හෙළිකිරීම හමුදාවේ චිත්ත ධෛර්ය හීන කිරීමට හේතු වන බවත් එය වහා නවතා දැමිය යුතු බවත් ලියුම්කරු ඩබ්.ජී. ගුනරත්න වෙත දන්වා සිටියේය.

    “මම මේ පත්තර කන්තොරුවේ සේවකයෙක් , ආයතනය කියන දේ මම කරන්ඩ එපෑයැ…” ඔහුගේ පිළිතුර විය.

    ඒ සමගම ඔහු දෙසට හැරවුනු ලියුම්කරුගේ බෑගය තුලින් ගිනි අවියක් කොක් කරන හඬ නිකුත්විය. ගතවූයේ නිමේෂයකි. ඩබ්.ජී. ගුනරත්න දහඩියෙන් නෑවී ගියේය. බිය වූ විට මිනිසුන්ට මූත්‍රා පිටවන ආසා තිබුන ද එය සියැසින් දුටුවේ සන්ඩේ ටයිම්ස් කාර්යාලයේදී ය. මිග් ගනුදෙනුව පිලිබඳව කිසිවෙකු ඉන් මතු අකුරක් නොලියන බව ඔහු දිවුරා ප්‍රකාශ කළේය. මීට පෙර රවිරාජ්ට ද මෙවැනි අනතුරු ඇඟවීමක් කළ බවත් එයට පි‍ටු පෑ ඔහුට අත්වූ ඉරණම සිහිපත් කළ ලියුම්කරු ටයිම්ස් කාර්යාලයෙන් පිටවී ගියේය.

    පැය කිහිපයක් ගතවෙත්ම මෙම සිද්ධිය හේතුවෙන් කොළඹ තානාපති කාර්යාල සසල වූයේය. ඒ සමගම මාධ්‍ය දඩයම පිලිබඳ බරපතල චෝදනා රජය වෙත එල්ල වූයේය. හීන්සීරුවේ ලංකාදිප කර්තෘ සිරි රණසිංහට බටර් සංග්‍රහයක් දුන් මහින්ද සිද්ධියට අදාල සී.සී.ටී.වී දර්ශන මකා දැමුවේය. මරණ තර්ජනයේ පරීක්ෂණ කටයුතු එතැනින් අවසන් විය. මෙම සිද්ධියෙන් පසු මිග් හොරකම පිලිබඳව අකුරක් සන්ඩේ ටයිම්ස් හෝ ලංකාදීප පුවත්පත් වල පල නොවිනි. නමුත් අතාස් නැවතූ තැන සිට ලසන්ත ලිවීම ආරම්භ කෙළේය.

    -හිටපු බුද්ධි අංශ නිලධාරී කීර්ති රත්නායක විසිනි-

  • උපන්දිනය දා රජෙක් වෙන්න හදපු චන්දිමාල්ගේ අන්තංපුරයට ආපු සරාගී නිළියන්ගේ සුපිරීම නැටිලි මෙන්න..

    උපන්දිනය දා රජෙක් වෙන්න හදපු චන්දිමාල්ගේ අන්තංපුරයට ආපු සරාගී නිළියන්ගේ සුපිරීම නැටිලි මෙන්න..

     

    අපි කවුරුත් උපන්දිනයට කේක් එකක් හදලා යාළුවෝ දෙතුන් දෙනෙකුට කියලා පොඩි පාර්ටියක් දාන එක සාමාන්‍ය දෙයක්.

    ඒත් අද උපන් දින සාදයත් රැල්ලක් වෙලා.. සමහරු කාලයක ඉඳන් ප්ලෑන් කරලා උපන් දිනය දවසේ සප්‍රයිස් පාර්ටි දෙනවා. තවත් සමහරු තමන්ගේ උපන්දිනය අසරණ මිනිස්සු වෙනුවෙන් කැපකරනවා.

    අපි මේ කියන්න යන්නේ ඊට හාත්පසින්ම වෙනස් අමුතුම උපන් දින සාදයක් ගැනයි.

    රූපලාවන්‍ය, හැඩ ගැන්වීම, ඇඳුම් නිර්මාණය වෘත්තියේ ජනප්‍රියත්වයක් උසුලන චන්දිමාල් ජයසිංහගේ උපන්දිනය ඊයේ දිනයේ යෙදී තිබුණා.

    මේ උපන් දිනය සාමාන්‍ය උපන්දින උත්සවයකට වඩා බොහෝ සෙයින් වෙනස් සාදයක් කියලයි අපිට දැනගන්නනම් ලැබුණේ.

    මෙම උපන් දින සාදය වෙනුවෙන් ඉතා විශාල මුදලක් වෙන් කර තිබූ බවයි වාර්තා වන්නේ.

    මෙවර ඔහුගේ උපන්දිනය සමරා තිබුණේ කොළඹ තරු පහේ හෝටලයක් වන ශ්‍රැන්ගිලා හෝටලයේයි.

    කොහොම වුණත් මේ සාදයට ශ්‍රී ලංකාවේ සිටින ජනප්‍රිය තරු සමග 600කට අධික ප්‍රමාණයක් පිරිවරා ගනිමින් පැවැත්වෙන බවටත් ඔහු මීට පෙර මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණා.

    මේ සඳහා සහභාගීවී සිටින නළු නිළියන්ද සිය ඇඳුම් මෝස්තරයන් වෙනුවෙන් විශාල වශයෙන් මුදල් වෙන් කර ඇති අතර සාමාන්‍ය සරල විලාසිතාවන්ට එහා ගිය රාජකීය සම්ප්‍රදායට අනුකූලව වූ ඇඳුම් මෝස්තරවලින් හැඩවී මොවුන් මේ සඳහා සහභාගී වී සිටියා.

    කෙසේවෙතත් බොහෝ දෙනා අතර මේ උපන්දින සාදය ගැනනම් ඇත්තේ එතරම් යහපත් ආකල්පයක් නොවේ.

    මොහුගේ මෙම උපන්දින සාදය වෙනුවෙන් වෙන් කළ මුදල් ආපදාවන්ට ලක් වී අසරණ වූවන් වෙනුවෙන් පරිත්‍යාග කළේ නම් ඉන් අසරණ තත්වයට පත්ව සිටින මිනිසුන් කෙතරම් සතුටට පත්වනු ඇත් දැයි යන්න බෙහෝ දෙනාගේ මතය වී තිබුණා.

    මෙම උපන් දින සාදයට පැමිණි සුපිරි තරු වෙනුවෙන් තරඟද සංවිධාන කර තිබූ බවත් ඒ වෙනුවෙන් ඉතා අධික මුදලක් වැය කරමින් ත්‍යාගද ලබාදුන් බවත් වාර්තා වුණා.

    මේ එහි ඡායාරූපයි….

     

               

     

     

      

             

  • 2020 ජය උදෙසා ශ්‍රීලනිප ගමන් මග වෙනස් කරන දවස හෙට..මහ ලේකම් ඇතුළු තනතුරු රැසක වෙනසක්..

    2020 ජය උදෙසා ශ්‍රීලනිප ගමන් මග වෙනස් කරන දවස හෙට..මහ ලේකම් ඇතුළු තනතුරු රැසක වෙනසක්..

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව නිලධාරී මණ්ඩලයක් පත් කර ගැනීම සඳහා විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් හෙට (03) පැවැත්වෙනවා.

    ඒ, පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්.

    එමෙන්ම මධ්‍යම කාරක සභාවට අමතරව සමස්ත ලංකා කාරක සභාව සහ විධායක සභාව ද හෙට රැස්වීමට නියමිතයි.

    පසුගිය 17 වන දා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අවසන් වරට රැස්වූ අතර, එහිදී තාවකාලික නිලධාරී මණ්ඩලයක් පත් කර පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු ආරම්භ කිරීමට තීරණය කෙරුණා.

    හෙට රැස්වන මධ්‍යම කාරක සභාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් නව නිලධාරී මණ්ඩලයක් පත් කර ඊට සභාවේ අනුමැතිය ලබා ගැනීමට නියමිත බවයි නිදහස් පක්ෂ භාණ්ඩාගාරික, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක කියා සිටියේ.

     

  • විමල් වීරවංශ අනාථ කරමින් රොජර් පක්ෂයෙන් ඉවත්වෙයි… රොජර් යන්න බලපෑ ඇත්තම හේතුව මෙන්න…

    විමල් වීරවංශ අනාථ කරමින් රොජර් පක්ෂයෙන් ඉවත්වෙයි… රොජර් යන්න බලපෑ ඇත්තම හේතුව මෙන්න…

    රොජර් සෙනවිරත්න පංචායුදය ගලවයි…. විමල් කරන්නේ රටට වංචාවක්..

    “මට ඕන උනේ මගේ ආදරනීය රටේ අහිංසක මිනිස්සුන්ට උදව් කරන්න , වැඩ කරන්න . ඔවුන් වෙනුවෙන් පෙනීහිටින්න, මට කට්ටිය මට උදව් කලානම් මේව මෙහෙම වෙන්නෙ නෑ .”

    ජාතික නිදහස් පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී රොජර් සෙනවිරත්න මහතා ජාතික නිදහස් පෙරමුණෙන් ඉල්ලා අස්වි තිබේ.ඉල්ලා අස්විමට අදාල ලිපිය ඔහු ජනිපෙ නයකයන්ට යොමුකර ඇති අතර

    “මට ඕන උනේ මගේ ආදරනීය රටේ අහිංසක මිනිස්සුන්ට උදව් කරන්න , වැඩ කරන්න . ඔවුන් වෙනුවෙන් පෙනීහිටින්න, මට කට්ටිය මට උදව් කලානම් මේව මෙහෙම වෙන්නෙ නෑ .” Facebook Comment වක් එක්කරමින් සදහන් කර තිබේ.

    බස්නාහිර පලාත්සභා මන්ත්‍රී රොජර් සෙනවිරත්න මහතාට රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ වාහන අවභාවිතය චොදනා ද එල්ල වි තිබේ.

    ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් ධුරය දැරූ ප්‍රියන්ජිත් විතාරණ ඒ සම්බන්ධයෙන් තැබු පොස්ටුව පහත දැක්වේ…

    රොජර් සෙනවිරත්න පංචායුදය ගලවයි,

    රොජර් සෙනවිරත්න යනු ලාංකීය කලා කෙත අස්වැද්දූ ප්‍රවීණ රංගන ශිල්පියෙකි.ඔහු කලාකාමි හදවත් තුළ නොමැකෙන සළකුණක් තැබූ ප්‍රතිබාපූර්ණ රංගන ශිල්පියෙකි.ඉතා සංවේදී මිනිසෙකු වීම ඔහුගේ මාදුටු සුවිශේෂි ලක්ෂණයෙකි.ඔහු මිනිසුන්ගේ දුක තමන්ගේ දුක බවට පත් කරගෙන හැඩූ මිනිසෙකි.ඒවාට උත්තර සෙවූ මිනිසෙකි.ඔහුගේ කදුළු ප්‍රශ්නයට මුහුණ දෙන තැනැත්තාගේ කදුළු තරම්ම ඝනකම විය.කලාවට අමතරව ඔහු දේශපාලන කලාවද තෝරාගත්තේ ඔහුගේ වාසනාවටද අවාසනාවටදැයි කීමට තවමත් ඉක්මන් වැඩිය.ඔහු දේශපාලනට අත් පොත් තැබුවේ ජවිපෙ වෙතිනි.මා හට ඔහු හමුවුනේ 2009 වසරේදීය.ඒ ජානීපෙ මුහුණ දුන් පළමු පලාත් සබා මැතිවරණයේදීය.මා එවිට ජානීපෙ දේශපාලන මණ්ඩල සබිකයෙකි.කෑගල්ල දිස්ත්‍රික් නායකයායි.එදා රොජර් සෙනවිරත්න සහෝදරයා අප පක්ෂයේ කොළඹ දිසාවේ අපේක්ෂකයායි.ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීමට ජානීපෙ එදා තෝරා ගත්තේ මාය.

    තලවතුගොඩ නගරයේ ආසන්න තැනක අපගේ මැතිවරණ මෙහෙයුම් මධ්‍යස්ථානය ස්ථාපිත විය.මා එහි පදිංචි විය.මැතිවරණ කාළය පුරාම ජවිපෙන් අපහට විවිධාකර තර්ජණ එල්ලවිය.අප ඒවාට මුහුණ දුන්නේ සාමූහිකවය.අපගේ කාර්‍යාළ ගිණිබත් කෙරිනි. අප ක්‍රියාකාරී සහෝදරවරුන්ට තැන තැන පහරදීම් සිදුවිය.එදා විමල්,අචල,දීපාල් වැනි සහෝදරවරුද අපගේ සමග හිටියේය. තවත් රටේ විවිධ දිසාවලින් පැමිනි සහෝදර සහෝදරියන් කලා කරුවන් විශාල පිරිසක් අප සමග සිටියේය.දවසේ මැතිවරණ කටයුතු නිමකිරීමෙන් පසු රොජර් සහෝදරයා සිය පුංචි පුතු සමග තලවතුගොඩ කාර්‍යාලයෙට පැමිනේ.මා නිදාගන්නා පැදුරු කඩමාල්ල මත හිදගෙන අප කතා කළේය.

    ගොඩක් දේ දේශපාලන ගැනයි.ඒ අතර කලාව ගැනත් ඔහු මට කීවේය.පුංචි පුතුට නිදිමත හැදෙන තුරු අප කතා කළේය.මතිවරණය අවසානයේ ඔහු චන්ද පනස්දහසකට වඩා ගනිමින් ජානීපෙ කොළඹ දිසාවේ පලාත් සබා මන්ත්‍රීවරයා බවට පත්විය.අද දක්වාම ඔහු අපරාජිතව සිය මන්ත්‍රීධූරය ආරක්ෂා කරගෙන ඇත.ඔහුට මන්ත්‍රීධූරය ලැබුණු ආසන්නයේම මාද ජානීපෙ ප්‍රධාන ලේකම්වරයා ලෙස පත්විය.

    රොජර් සෙනවිරත්න සහෝදරයා ජානීපෙන් ඉවත්වූ බවට වන ඉල්ලා අස්වීමේ ලිපිය ඔහුගේ facebook ගිණුම හරහා ප්‍රසිද්ධ කර ඇති බව මා දුටුවෙමි.ඔහු ඉල්ලා අස්වීමට බලපෑ හේතුව මා නිශ්ච්තව නොදනිමි.ඔහුගේ ඉල්ලා අස්වීම ගැන විශේෂ සතුටක් හෝ දුකක් මට ඇති නොවුනි.එහෙත් කවදා හෝ දිනක රොජර් සෙනවිරත්න සහෝදරයාට ජානීපෙන් ඉවත්වීමට සිදුවන බව මා දැන සිටියෙමි.මීට පෙර ඔහු අවස්ථා කීපයකදීම එම තීරණය ගෙන තිබිණි.නමුත් මා ප්‍රධාන ලේකම්වරයා ලෙස දැඩි පරිශ්‍රමයක් යොදා එය වළක්වා ගතිමි.ඊට ඇති හොදම සාක්ෂිය වන්නේ වීරවංශ මහතා හා රොජර් සහෝදරයායි. මෙවර එය වලක්වා ගැනීමට කිසිවෙකු සිට නැත.

    රොජර් සෙනවිරත්න යනු රට දන්න මිනිසෙකි. මිනිසුන් ආදරය කරන චරිතයකි.ඔහුගේ රසික රසිකාවන් ලක්ෂ ගනනක් සිටී.ඔහු වේදිකාව දික් විජය කළේ පිට පිටම හොදම නළුවා වීමේ රාජ්‍ය සම්මානය තුන්වරක් දිනාගනිමිනි.ඔහු ජානීපෙ හරහා හදුනාගත් අයෙක් නොවේ. එහෙත් ජානීපෙ ඔහුගෙන් හදුනාගත් අය බොහෝය.රටම එය දැනගෙන සිටියද අවාසනාවට ජානීපෙ නායකත්වය හා කොළඹ දිසා කමිටුව එය දැන නොසිටියේය.

    මා විස්වාස කරන ලෙස ජානීපෙ තුළ ඔහුට බාධාව වූයේ ඔහුගේ මේ ප්‍රතිබාව හා හැකියාවයි.ඔහුගේ රංගන දිවිය හා මුසුවුන දේශපාලන ජානිපෙට මහත් ආලෝකයක් විය.නමුත් ජානිපෙට එය කණාමැදිරි එළියකටත් වඩා පුංචි විය.ඔවුන් එය පොල්කටුවකින් වසා තැබිමට සිතුවේය. පොල්කටුවෙන් වැසීමට බැරි බැව දුටුවිට කොළඹ දිසාවේ තම දේශපාලන යැපෙන්නන් දැමා පොල්ලෙන් ගැසුවේය.රොජර් සෙනවිරත්න සහෝදරයා පොලු පහර කාගෙන මාධ්‍ය වෙත දිව ගියේ නැත.එදා ඔහු ආවේ මා සොයාගෙනය.ඒ ඔහුට සාමූහික වගකීම සම්බන්දව මනා වැටහීමක් රංගනය තුළින් ලැබී තිබූ නිසයි.කෙනෙකු එම වගකීම කඩ කළ විට ඊට එකට එක කිරීමට වඩා ගෞරවාන්විත ලෙස එය බේරා ගැනීමට අවශය හිකමීම ඔහු තුලවූ නිසයි.මෙවරද අනිවාර්‍ය් ලෙස ඔහුට පොල්ලෙන් ගසා ඇත. එහෙත් යෑමට තැනක් නැත.කීමට අයෙක් නැත.ඉල්ලා අස්වීම හැර ඔහුට වෙනත් විකල්පයක් නොමැතිව ගොස් ඇතිවාට සැකයක් නැත.ඔහුට සිදුවන කෙනෙහිලිකම් ගැන මා අවස්ථා ගනනාවක් රොජර් සහෝදරයා සමග පක්ෂ නායකත්වය හමුවී කතා කළෙමි.එහෙත් ඒවා ගගට කැපූ ඉනි මෙන් විය.මන්ද ඒවා පිටුපස හිටියේ වීරවංශ මහතා හා ඊළග පළාත් සබා අපේක්ෂකත්ව බලාපොරොත්තුවෙන් සිටි කීප දෙනෙකි. වීරවංශ මහතාට රොජර් සෙනවිරත්න නම් රංගන ශිල්පියා අවශය වූයේ තමා කතා කරන රැස්වීම්වල මුලසුනයේ තැබීමට පමණියි.ඔහුට වසර දහයක ජානීපෙ ඉතිහාසය තුළ කිසිදු වගකීමක් දුන්නේ නැත. ඔහු අකණ්ඩව බස්නාහිර පලාත් සබාව නියෝජනය කරන මන්ත්‍රීවරයා වුවද අලුතින් පත්වූ නවක මන්ත්‍රීවරුන්හට බස්නාහිර පලාත් ජානිපෙ මන්ත්‍රී කණ්ඩායමේ නායකත්වය දීමට වීරවංශ මහතා කාරුණික විය.එහෙත් රොජර් සෙනවිරත්න යන නම ඔහුට මදකටවත් මතකයට ආවේ නැත.මමත් වීරකුමාර දිසානායක සහොදරයාත් ජානීපෙ තුළ රොජර් වෙනුවෙන් අරගලයක් කළ බව ඔහුගේ හෘද සාක්ෂිය හොදින්ම දන්නවා ඇත.එහි ප්‍රතිපල නැතිවුවද ඔහුට කළ අසාධාරණයන්ට එරෙහිව පෙනී සිටිමට අපට කොන්දක් තිබීම ගැන අද මා සතුටු වෙමි.

    දැන් රොජර් සෙනවිරත්න සහොදරයාද වහාම ක්‍රියාත්මක වන පරිධි රෝ ඔතුකරුවෙකු කරනු ඇත.මෛත්‍රීගේ,රනිල්ගේ හෝ බැසිල්ගේ මුදලට පක්ෂය පාවාදුන් ද්‍රෝහියෙකු කරනු ඇත.කොළඹ දිස්ත්‍රික් මඩ බලකාය ඔහුට මඩ ගැසීමට මඩ සූදානම් කරමින් සිටිනවා ඇත.එහෙත් මා රොජර් සහෝදරයාගෙන් ඉල්ලා සිටින්නේ අපට අයත් දේශපාලන කදවුර දමා නොයන ලෙසයි.අපේ කදවුර අද දෙකඩවී තිබේ.දෙකඩ කිරීම කාගේ වරදක් වුවත් දෙකඩ වූ කදවුර එකතු කිරීම අප කාගේත් වගකීමකි.එය කළ නොහැකි වී ඇත්තේ තම බඩ වඩා ගැනීමට පමණක් හිතන ඉහත ආකාරයේ දේශපාලන හිගන්නන් නිසායි.

  • ටාසන් විදියට වැඩ දාන්න ගිහින් මඩ නාපු ලංකාවේ කොල්ලගේ පට්ට වීඩියෝව මෙන්න…

    ටාසන් විදියට වැඩ දාන්න ගිහින් මඩ නාපු ලංකාවේ කොල්ලගේ පට්ට වීඩියෝව මෙන්න…

    උඩින් උඩින් ගිහින් මඩ වලේ වැටුණු අපේ කොල්ලෙක්…

    https://www.facebook.com/cool.Lalanka/videos/889938461096690/

  • රටම හොය හොය බලන පාලමක් යට නුවර ජෝඩුවක් ප්‍රසිද්ධියේම ගත්ත ආතල් එක මෙන්න…

    රටම හොය හොය බලන පාලමක් යට නුවර ජෝඩුවක් ප්‍රසිද්ධියේම ගත්ත ආතල් එක මෙන්න…

    මල්ලියේ නංගියේ ප්‍රසිද්ධියේ කරන්න කලින් දෙපාරක් හිතපන්… හැගීම් නිසා අමාරුවේ වැටෙන්න එපා..

     

     

    https://www.facebook.com/Lakmal.Madusanka.007/videos/1656333901152101/

  • රටම කතාව‍ෙන ඇල‍ෝසියස්ග‍ෙන් මුදල් ගත්ත බැඳුම්කර හොරුන්ග‍ේ ලැයිස්තුව ම‍ෙන්න..

    රටම කතාව‍ෙන ඇල‍ෝසියස්ග‍ෙන් මුදල් ගත්ත බැඳුම්කර හොරුන්ග‍ේ ලැයිස්තුව ම‍ෙන්න..

    ඇල‍ෝසියස්ග‍ෙන් මුදල් ගත්ත බැඳුම්කර හොරු යනුව‍ෙන් සදහන් නාම ලේඛනයක් මේ වන විට අනතර් ජාලය තුල පලව ඇති අතර එම නම් අතර රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා නාමල් රාජපක්ෂ බිමල් විජිත සිට පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් ඇතුළු 118 කගේ නම් සදහන් වේ.

    රනිල් වික්‍රමසිංහ 
    රවී කරුණානායක

    නාමල් රාජපක්ෂ

    පවිත්‍රා වන්නිආරච්චි

     
    සුජීව සේරසිංහ 
    මලික් සමරවික්‍රම 
    හෙක්ටර් අප්පුහාමි 
    හර්ෂණ රාජකරුණා 
    අජිත් පි පෙරේරා.
    කාවින්ද ජයවර්ධන 

    හිරුණිකා ප්‍ර‍ේමචන්ද්‍ර
    තලතා අතුකෝරාල 

    රාජිත සේනාරත්න 
    නලින් බණ්ඩාර 
    චතුර සේනාරත්න 

    සරත් ෆොන්සේකා 
    දයාසිරි ජයසේකර 
    චන්දිම විරක්කොඩි 

    කාන්ති ක‍ොඩිකාර 
    සජිත් ප්‍රේමදාස 
    කභිර් හසීම් 
    රවුෆ් හකීම් 
    වජිර අබේවර්ධන 
    පි හැරිසන්

    අමාත්‍යංශ ලේකම් වරුන් 06

    ඇතුළු පළාත් සභා මන්ත්‍රී වරුන් 21ක් 

    ආන්දෝලනාත්මක බැඳුම්කර ගනුදෙනුව සම්බන්දයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පර්පචුවෙල් ට්‍රේෂරිස් සමාගමේ හිමිකරු වෙන අර්ජුන් ඇලෝෂියස් විසින් මුදල් ලබා දුන් දේශපාලකයන් පිලිබදව කතාබහක් ඇතිවී තිබෙන අතර තුර අග්‍රාමාත්‍ය කාර්යාලයේ සිටින, ප්‍රභල NGO ක්‍රියාකාරිකයකු වන දඹර අමිල හිමිද ඔහුගෙන් මුදල් ලබාගෙන ඇති බවට වාර්තා වෙනවා

  • බොන බීම වර්ගය අනුව වෙරි උනාම දාන ඩාන්ස් එක වෙනස් ව‍ෙන්න‍ේ ම‍ෙහ‍ෙමයි (විඩි‍ය‍ෝ)

    බොන බීම වර්ගය අනුව වෙරි උනාම දාන ඩාන්ස් එක වෙනස් ව‍ෙන්න‍ේ ම‍ෙහ‍ෙමයි (විඩි‍ය‍ෝ)

    බොන බීම වර්ගය අනුව වෙරි උනාම දාන ඩාන්ස් එක වෙනස් ව‍ෙන්න‍ේ ම‍ෙහ‍ෙමයි (විඩි‍ය‍ෝ)

    https://www.facebook.com/funlankasiri/videos/1301153566642672/

  • පළමු ලිංගික අත්දැකීමට කලින් ක‍ොල්ල‍ොන්ට හ‍ොර‍ෙන් කෙල්ලෝ කරන දේ ම‍ෙන්න..

    පළමු ලිංගික අත්දැකීමට කලින් ක‍ොල්ල‍ොන්ට හ‍ොර‍ෙන් කෙල්ලෝ කරන දේ ම‍ෙන්න..

    හැම කෙල්ලෙක්ම කරන මේ දේ ඇහුවොත් කොල්ලෝ පුදුම වෙයි.

    වැඩිහිටියන්ට පමණක් සුදුසු වීඩියෝව නැරඹීම සදහා පහතින් ඇති වීඩියෝ ව ප්ලේ කර පස්වන තත්පරය තෙක් රැදීසිටින්න.