Category: සුපිරි Walks

  • විපතට පත් ජනතාවට සියළු සහන ලබාදෙන්න… ඕනෑම දෙයක් ඉල්ලන්න. ජනපතිගෙන් නියෝග…

    විපතට පත් ජනතාවට සියළු සහන ලබාදෙන්න… ඕනෑම දෙයක් ඉල්ලන්න. ජනපතිගෙන් නියෝග…

    අයහපත් කාලගුණයෙන් විපතට පත් සියලු ජනතාවට කඩිනමින් සහන සැලසීමට පියවර ගන්නා ලෙස ජනාධිවරයා අදාළ අංශවලට උපදෙස් දෙයි.

    එහිදී මූල්‍ය ප්‍රතිපාදන ගැටලුවක් කර නොගන්නා ලෙසත් රජයෙන් ලබාදිය යුතු සියලු සහන පිළිබඳ සොයා බලමින් එම සියලු පහසුකම් ලබාදීමට කඩිනමින් කටයුතු කරන ලෙසත් ජනාධිපවරයා වැඩිදුරටත් අදාළ අංශවලට උපදෙස් දී තිබේ.

    දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ කටයුතු පිළිබඳ සොයා බැලූ ජනාධිපතිවරයා අදාළ දිස්ති‍්‍රක් ලේකම්වරුන් සහ ප‍්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් තොරතුරු විමසීමෙන් අනතුරුව මෙම උපදෙස් ලබා දෙනු ලැබීය.

    එමෙන්ම ජල ගැල්මෙන් විපතට පත් ජනතාව මුදා ගැනීම සඳහා ති‍්‍රවිධ හමුදාවේ සහය ලබා ගැනීමට ද උපදෙස් දී තිබෙන ජනාධිපතිවරයා ජනතාවට අවශ්‍ය සුබසාධන සේවාවන් අඛණ්ඩව කි‍්‍රයාත්මක කරන ලෙසට ද සියලූ පාර්ශ්වයන් දැනුවත් කර ඇත.

    මේ අතර ඊයේ දිනයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාද දුමින්ද දිසානායක මහතාට අපදාවට ලක්වී ඇති ජනතාවට සහන සැලසීම සදහා අවශ්‍ය කටයුතු කඩිනම්ව සිදුකරන ලෙස උපදෙස්දු න්නේය

    එමෙන්ම ජනාධිපතිවරයා අද දිනයේ ග්‍රාම ශක්ති වැඩසටහෙන් ඌව පළාත් වැඩසටහන සදහා බදුල්ල නගරයට ගොස් සිටියදී දුරකථනය ඔස්සේ දුමින්ද දිසානායක මහතාට ආපදා තත්වය පිළිබද කරුණු විමසා ඇත. අවශ්‍ය ඕනෑම පහසුකමක් ඉල්ලන ලෙසද එහිදී ජනාධිපතිවරයා විසින් දුමින්ද දිසානායක මහතාට දැනුම් දී ඇත.

  • ගංවතුර මැද්දේ ජීවමාන දෙවිවරු පිරිසක් ගැබිණි මව්වරුන් 09 දෙනෙකු බේරාගත් හැටි මෙන්න..!

    ගංවතුර මැද්දේ ජීවමාන දෙවිවරු පිරිසක් ගැබිණි මව්වරුන් 09 දෙනෙකු බේරාගත් හැටි මෙන්න..!

    මේ දින වල ශ්‍රී ලංකාවට බලපා ඇති අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට සහන සැළසීමේ නාවික හමුදාව මෙහෙයුම් දියත් කර තිබෙනවා.

    මේ වන විට නාවික හමුදා මැරීන් බලකායට අනුයුක්ත නාවික පුද්ගලයින් 94 කින් සමන්විත සහන කණ්ඩායමක් නවගමුව ප්‍රදේශය වෙත අනුයුක්ත කර ඇති අතර, නාවික හමුදා සහන කණ්ඩායම් මගින් පුද්ගලයින් 172 දෙනෙකු හට සිය සේවය ලබා දීමට නාවික හමුදා සහන කණ්ඩායම් සමත්ව ඇත. ඒ අතර කලවාන ප්‍රදේශයේ කොටුවී සිටි ගැබිණි මව්වරුන් 09 දෙනෙකුද සිටින බවයි වාර්තා වුණේ.

    එම මව්වරුන්ගෙන් 06 දෙනෙකු මේ වන විට ප්‍රතිකාර සඳහා කලවාන රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.
    එමෙන්ම, තව දුරටත් අයහපත් කාළගුණික තත්ත්වයද නොතකමින් නාවික හමුදාව විසින් සහන සැළසීමේ කටයුතු සිදු කරමින් පවතිනවා.

    අයහපත් කාළගුණික තත්ත්වයෙන් විපතට පත් ජනතාව ඉන් මුදවා ගැනීම සඳහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ උපදෙස් හා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ තොරතුරු මත නාවික හමුදාව මේ වන සහන සැළසීමේ කටයුතු සිදු කරමින් සිටිනවා.

    ඒ අනුව දකුණු, බස්නාහිර, සබරගමුව සහ වයඔ යන පළාත් සඳහා නාවික හමුදාව සහන සැළසීමේ කටයුතු සිදු කරමින් සිටින අතර මේ වන විට ඩිංගි යාත්‍රා 38 ක් සහිත නාවික සහන කණ්ඩායම් 38 ක් පසුගිය මැයි 20 වන දින සිට අදාල ස්ථාන වෙත අනුයුක්ත කිරීමට කටයුතු කර ඇති අතර, නාවික හමුදා මැරීන් බලකායට සහ නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ, මුදවා ගැනීමේ සහ සහන සැළසීමේ ඒකකයට (4RU) අනුයුක්ත නාවික පුද්ගලයින් මෙන්ම විශේෂ යාත්‍රා බලඝණයට සහ නාවික හමුදා කිමිදුම් අංශයට අනුයුක්ත නාවිකයින් සිය මෙහෙයුම් මේ වන විට ආරම්භ කො‍ට ඇති බවයි වාර්තාවන්නේ.

    එමෙන්ම ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ ස්ථාපිත කර ඇති ආපදා ප්‍රතිචාර මධ්‍යස්ථානය මගින් අද (මැයි 22) උදෑසන  ක්ෂණික අවශ්‍යතාවයකදී භාවිතයට ගතහැකි ලෙස ජංගම මුළුතැන් ‍ගෙවල්, ආහාර පිසීමේ උපකරණ, ආහාර උණුසුම් කිරීමේ උපකරණ, කූඩාරම්, වතුර පොම්ප සහ ජංගම වැසිකිලි ආදි උපකරණ රැගත් ට්‍රක් රථ කිහිපයක් රත්නපුර දිස්ත්‍රික්කය බලා පිටත් කර යැවිමට කටයුතු කර ඇති බවද පැවසෙනවා.

    තවද, දකුණු පළාතේ ගංවතුරින් අවතැන් වූ ජනතාවට සහන සැළසීම සඳහා සුදානමින් නාවික හමුදා සහන කණ්ඩායම් 11  ක් යොදවා ඇති අතර, බස්නාහිර පළාතේ ගංවතුරෙන් අවතැන් වූ ජනතාව එම ප්‍රදේශයෙන් ඉවත් කිරීම හා ඔවුන්ට සහන සැළසීමට සුදානමින් ආපදා සහන කණ්ඩායම් 10 ක්, සබරගමුව පළාතේ ගංවතුරෙන් අවතැන් වූ ජනතාව එම ප්‍රදේශයෙන් ඉවත් කිරීම හා ඔවුන්ට සහන සැළසීමට සුදානමින් ආපදා සහන කණ්ඩායම් 13 ක් සහ වයඹ පළාතේ සහන සැළසීම සඳහා සහන කණ්ඩායම් 04 ක් යොදවා තිබෙනවා.

    ඒ අනුව, ගාල්ල දිස්ත්‍රික්කයේ තවලම, නාගොඩ, උඩුගම, නෙළුව, වක්වැල්ල, බද්දේගම සහ නියගම යන ප්‍රදේශ, මාතර දිස්ත්‍රික්කයේ අකුරුස්ස සහ කොටපොල යන ප්‍රදේශ, කළුතර දිස්ත්‍රික්කයේ පරගොඩ, වලල්ලාවිට, පාලින්දනුවර, පෑලැන, ඉංගිරිය, දියකඩුව සහ බුලත්සිංහල යන ප්‍රදේශ, රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන, අයගම,ඇලපාත, කිරිල්ල, රත්නපුර සමන් දේවාලය සහ කූරුවිට යන ප්‍රදේශ, පුත්තලම දිස්ත්‍රික්කයේ බත්තුලු ඔය සහ පල්ලම යන ප්‍රදේශ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ බියගම ප්‍රදේශයේ සහන කණ්ඩායම් අනුයුක්ත කර ඇති බවත් එමෙන්ම, රට පුරා ආවරණය වන පරිදි නාවික විධානයන්හි මේ වන විට ගංවතුර තත්වයක් ඇතිවූ විටකදී ඒ සඳහා ක්ෂණිකව මුහුණ දීමට සහන කණ්ඩායම් යෙදවිමට නාවික හමුදාව කටයුතු යොදා ඇති බවද සඳහන්.

    තවද, ගාල්ල දිස්ත්‍රික්කයේ වක්වැල්ල, පිටබැද්දර හරහා රත්ගම දක්වා දිවෙන අතුරු මාර්ගයේ ගිංඟහ හරස් කොට ඉදි කර ඇති පාලම හරහා කුණු රොඩු එකතු විම හේතුවෙන් ජලය බැස යාම අවහිරවී ඒ ආශ්‍රිත ප්‍රදේශය ජලයෙන් යට වීමේ අවධානමකට ලක්ව තිබිණු අතර ජලය බැස යාම කඩිනම් කිරීම සඳහා නාවික හමුදා, විශේෂ යාත්‍රා බලඝණයට අනුයුක්ත සහන සැලසීමේ කණ්ඩායමක් එම ස්ථානය වෙත යෙදවීමට නාවික හමුදාව කටයුතු කොට තිබුණා.

    එමෙන්ම, කළුතර දිස්ත්‍රික්කයේ මතුගම, අවිත්තාව යන ප්‍රදේශයේ පාලමක් හරහා කුණු රොඩු එකතුවීම හේතුවෙන් ජලය බැස යාම අවහිරවී තිබූ අතර, ඒ සඳහා සහන කණ්ඩායමක් යොදවා ජලය බැස යාම කඩිනමින් කිරීමට නාවික හමුදාව කටයුතු කළ බවයි වැඩිදුරටත් වාර්තා වුනේ.

     

  • අතට හම්බවෙන ගාණ නිසා හැමෝගෙම සුරතලියක් වුනු අහිංසකාවියකගේ ඇත්ත කතාව මෙන්න…

    අතට හම්බවෙන ගාණ නිසා හැමෝගෙම සුරතලියක් වුනු අහිංසකාවියකගේ ඇත්ත කතාව මෙන්න…

    වැරදි පාරේ ගියොත් ජීවිතේ කවදාමහරි දවසක වරදිනවා.
    සමහර වැරදි අපිට කවදාවත් හදාගන්න බැරිවෙන්නත් පුළුවන්. ඒ වගේම ඒ වැරදවලින් නැතිවුණු ජීවිතේ ආයෙමත් ලබාගන්නත් බැරිවෙන්න පුළුවන්.
    මේ ජීවිතේ වැරදි පාරේ ගිහින් ජීවිතය වරද්දගත්තු තරුණියකගේ ජීවිත කතාවයි.

    “”තව දවස් පහයි.. ඊට පස්සේ මම ගෙදර යනවා.”
    ඇය එසේ කියන්නේ දෑසේ කඳුලක් පුරවාගෙන. අමායා හැඩකාරියක්. ඇගේ වයස අවුරුදු 25 යි.

    කොයි තරම් කාලයක් හිරේ හිටියද..?
    අවුරුදු 4 යි.. හිරගෙදර එන්නට හේතුව කියන්න මුලදී ඇය අකමැතිවූවාය.
    නමුදු අපි බොහෝ දේ කතා කළෙමු. ඇය ඇගේ කතාව කියන්නට එකඟ වූවාය.
    මම ඉගෙනගත්තේ ගමේ ඉස්කෝලේ. අපේ පවුලේ ඔක්කොම අටදෙනයි.
    අම්මා විවාහ වෙලා තියෙන්නේ අඩුවයසෙන්. මම පවුලේ හය වැනියා.
    අයියලා දෙන්නයි අනිත් ඔක්කොම ගැහැණු ළමයි.
    තාත්තයි අම්මයි හේන් වැඩ කරන්නේ. අපි පුංචි කාලේ ඉස්කෝලේ නිවාඩු දුන්නම හේනේ වැඩට යනවා. අපේ ලොකු අයියා වහ බීලා මැරුණා.

    ඒ මොකද..?
    ලොකු අයියා තමයි ඉස්සෙල්ලම විවාහ වුණේ. එයා පදිංචි වෙලා හිටියේ අපේ මහගෙදරට ටිකක් එහායින් ගෙයක් හදාගෙන.
    අයියා කුලී වැඩ කළේ. අයියලා දෙන්නා නිවුන්නු.
    කොහොමහරි ලොකු අයියා නැතිවෙලාවක පොඩි අයියා නෑනට කරදර කරලා තිබුණා.
    මුලින් මුලින් නෑනා අකමැති වුණත් පස්සේ එයා නිහඬවම හිටියා.
    ඒත් මාස ගාණකට පස්සේ ලොකු අයියට මේක දැනගන්න ලැබුණා.
    එයා පොඩි අයියයි නෑනයි එක්ක රණ්ඩු කළා.
    පොඩි අයියා ලැජ්ජාවට වහ බිව්වා. පොඩි අයියා මැරිලා සුමානෙකට විතර පස්සේ ලොකු අයියා වහබිව්වා.
    ඒත් එයාව බේරගන්න පුළුවන් වුණා. අයියා හොඳ වෙලාවට ගෙදර ආවට පස්සේ නෑනගෙන් අයින් වුණා.
    ඒදෙන්නා දික්කසාද වුණා. අම්මයි තාත්තයි තවමත් පොඩි අයියා මැරුණු දුකෙන් ඉන්නේ. ලොකු අයියට පොඩ්ඩක් කල්පනාව අඩුයි වගේ.
    ඉන් පස්සේ අපේ පවුලට තිබුණ හයිය නැතිවෙලා ගියා.
    අක්කලත් වැඩිදුර ඉගෙන ගත්තේ නැහැ. එයාලත් අඩුවයසින් විවාහ වුණා. අක්කලා දෙන්නා විවාහ වෙලා ගමෙන් පිට ගියා.
    නංගිලා දෙන්නයි අම්මයි තාත්තයි මමයි විතරයි ඉතිරි වුණේ.

    කීයට යනකම් ඉස්කෝලේ ඉගෙන ගත්තද..?
    මම සාමාන්‍යෙපළ දක්වා ඉගෙන ගත්තා. ඊට පස්සේ ඉගෙන ගන්න උනන්දු වුණේ නැහැ.

    ඊට පස්සේ මොකද වුණේ..?
    අම්මයි තාත්තයි හැමදාම හේනේ වැඩ. නංගිලා දෙන්නා ඉගෙන ගන්නවා. හේන් කළාට හුගක් සල්ලි හොයන්න බැහැනේ.
    මම හිතුවා මම රස්සාවකට යන්න ඕන කියලා. මම රස්සාවල් හෙව්වා.
    නමුත් ඉගෙනගෙන නැති නිසා ලොකු රස්සාවල්වලට යන්නත් බැහැ. ඒත් මම රස්සාවකට කොළඹ ආවා.

    ඒ කොහෙද..?
    පත්තරේ දැන්වීමක් තිබුණා. රූපලාවන්‍යාගාරයකට පුහුණුවෙන්න ළමයි ගන්නවා කියලා. මම ඒක දැක්කා.
    ගමේ අයියා කෙනෙක් ඒ කියන්නේ බාප්පගේ පුතා එක්ක මම කොළඹ ආවා. එදා එතැනට ගොඩක් ගෑණු ළමයි ඇවිත් හිටියා.
    මාව තේරුණා. පහුවදා ඉදන්ම එන්න කිව්වා.
    අපි හොඳ වෙලාවට ඇදුම් අරගෙන ආවේ. අලුතින් ආපු ගෑණු ළමයින්ට බෝඩිමක් ලැබුණා. මාත් හිටියේ ඒකේ. ගමෙන් ආව අපේ ඇදුම් ඒ ගොල්ලන්ට හොඳ වුණේ නැහැ. හැම වෙලාවෙම මැඩම් කිව්වේ ලස්සනට ඉන්න කියලා. අපිට ලස්සනට ඉන්න මැඩම් හොඳට වියදම් කළා.
    දවල් දවසේ සැලුන් එකේ වැඩ කරපු අපට නිල ඇඳුමක් ලැබුණා. ඒ ඇඳුම් ඇදන් ඉන්නවා දැක්කමනම් අම්මා මට බනිනවා. ගවුම තිබුණේ දණහිසෙන් උඩට. කර හොඳට කපලා. කොටින්ම කිව්වොත් බොහොම සුළු කොටසයි වැහිලා තිබුණේ.

    රූපලාවන්‍ය විතරමද කළේ..?
    මුලින් මුලින් අපිත් හිතුවේ රූපලාවන්‍ය විතරයි කියලා.
    ටික දවසක් ගියාට පස්සේ තමයි දැනගත්තේ රූපලාවන්‍යාගාරය පිටිපස්සේ මසාජ් ක්ලින්ක් එකකුත් තියනවා කියලා. ඒකේ වැඩ කරන්න හම්බවුණේ ලස්සන සුදු කෙල්ලන්ට.
    මමත් සුදු නිසා මටත් ඒකේ වැඩ කරන්න ලැබුණා.
    මං වැඩ කළේ කැමැත්තකින් නෙවෙයි. ඒත් සතියක් දෙකක් යද්දි මට ඒක හුරුවුණා. එක එක ජාතියේ පිරිමි එතැනට ආවා.
    ගොඩක්ම ආවේ අවුරුදු හතලිහ පැනපු අය. හිතට මහා අමුත්තක් දැනුනත් අතට හම්බවෙන ගාණ ගැන හිතලා මම රස්සාව කරගෙන ගියා.

    වෙන කරදර තිබුණේ නැද්ද..?
    ඇයි නැත්තේ..? අපේ මැඩම් වැඩිය කැමති ගැහැණු ළමයින්ට. අපිට එයා වෙනුවෙන් ඉන්නත් වුණා. එයාගේ මහත්තයත් අපිව එයාගේ කාමරයට ගෙන්න ගත්තා. මේ කිසිම දේකට මම මුලදි කැමතිවුණේ නැහැ. ඒත් අම්මා අංශභාග රෝගියෙක් වුණා.
    නංගිලා අම්මට අසනීපයි කියලා දන්නලා එව්වම මං හොඳටම ඇඩුවා.
    එදාම රෑ නෝනයි මහත්තයයි මාව ගමට එක්කගෙන ගියා.
    අම්මට බෙහෙත් ගන්න සල්ලි දුන්නා. මම දවස් පහක් විතර ගෙදර හිිටියා.
    අතේ සල්ලි ඉවරවෙනකොට මට ආයේ කොළඹ එන්න සිද්ධ වුණා..

    වෙන රස්සාවක් හෙව්වේ නැද්ද..?
    නැහැ.. මම ආයෙත් නෝනා ළඟටමයි ගියේ. මම හිතාගත්තා අපිට එතනින් තොර ලෝකයක් නැහැ කියලා.
    මම අම්මට බෙහෙත් කළේ ඒ ලැබුණු පඩියෙන්.
    නංගිලාට වියදම් කළේ එතැනින් ලැබුණු සල්ලිවලින්.

    ගෙදර අය දන්නවද කොහෙද රස්සාව කළේ කියලා..?
    කවුරුවත් දන්නේ නැහැ. හැමෝම දන්නේ මම කොළඹ ගාමන්ට් එකක රස්සාව කරනවා කියලා..

    හිරේ එන්න වුණේ ඇයි..?
    ඇත්තටම ඒක වුණේ මගේ වරදින්. මම කොල්ලෙක් එක්ක යාළුවුණා.
    එයාගේ නම සමන්ත. සමන්තලට සල්ලි තිබුණා. එයා අපේ නෝනා හම්බවෙන්නත් එනවා.
    සමන්ත ආව හුගක් දවස්වල මට තමයි එයාව බාර වෙන්නේ.
    එහෙම තමයි අපි යාළුවුණේ. සමන්ත කුඩු බිස්නස් කරන බව මම දැනගෙන හිටියේ නැහැ. සමන්ත මා එක්ක යාළුවුණේ එයාට මගෙන් වාසි ගන්න කියලා මම දැනගෙන හිටියේ නැහැ.
    සමහර දවස්වලට සමන්ත මැඩම්ට කියලා මාව එළියට එක්කගෙන යනවා. එයා එහෙම ගිය දවසට මාව චිත්‍රපටය්‍රක් බලන්න කෑමකට ඒක්ක යනවා.
    සමහර දවස්වල මම ඒයත් ඒක්ක ක්ලබ්වලටත් යනවා. දවසක් ඒයා මට බෑග් ඒකක් දුන්නා. බබී ඔයා මේක අර පාරේ එහා පැත්තේ ඉන්න කෙනාට දෙන්න කියලා. මට සමන්තව විශ්වාස නිසා මම ඒ බෑග් එක දුන්නා. එදා බෝඩිමට යද්දි සමන්ත මට රුපියල් විසිදාහක් දුන්නා. මම එයාගෙන් ඇහුවා ඇයි මේ තරම් සල්ලි දෙන්නේ කියලා. එයා මට කිව්වා ආදරේට කියලා. මම ඒක විශ්වාස කළා.
    කාලය ගෙවිලා ගියා. මගේ නංගිලා විශ්ව විද්‍යාලයට තේරුණා. ඒ ගොල්ලෝ හොඳට ඉගෙන ගත්තා. අම්මා මැරුණා. තාත්තා ගමේ හිටියේ. මම මගේ අක්කලව නංගිලව හැමෝම බැලුවා. ඒත් කවුරුත් මගෙන් ඇහුවේ නැහැ සල්ලි ලැබෙන විදිහ.
    දවසක් අපේ තැනට පොලිසියෙන් පැන්නා. එදා අපිට බේරෙන්න ක්‍රමයක් තිබුණෙම නැහැ. ඊට කළිනුත් පොලිසියෙන් පැන්නා. ඒ හැම පාරම නෝනා අපිව බේරගත්තා. අපිව අල්ලන්න ආව පොලිස්කාරයෙක් එක්ක මම රණ්ඩු වුණා. හේතු තමයි ඒ පොලිස්කාරයා අපි ඉන්න තැනට නිතර යන එන කෙනෙක්. ඒත් එයා එදා අපිට සමාවක් දුන්නේ නැහැ. ඒකට හේතුව එයා නෝනගෙන් ලොකු ගාණක් ඉල්ලලා. ඒක දෙන්න අකමැතිවුණු නිසා තමයි අපිව පොලිසියෙන් ඇල්ලුවේ.

    දැන් හිරෙන් නිදහස් වෙලා කොහෙද යන්නේ..?
    ගෙදර යනවා.. මම හිරේ හිටපු කාලේ නෝනයි මහත්තයයි දෙන්නම මාව බලන්න ආවා.
    ඒ ගොල්ලෝ මට කියන්නේ ආයෙත් එයාලා ගාවට එන්න කියලා. ඒත් ඒ කාලකන්ණි ජීවිතයට මම කැමති නැහැ. මම හිතාගත්තා ගෙදර යන්න.
    තාත්තා වයසයි.. නංගිලාට ඒ ගොල්ලන්ගේ කියලා ජීවිතයක් තියෙන්න ඕනේ. මම ඉතිරි කරගත්ත සල්ලි ටිකක් තියෙනවා. පුංචි කඩයක් පටන් ගත්තම ජීවත් වෙන්න පුළුවන්.. නංගිලා මාව අහකදාන එකක් නැහැ.

  • ළමයින් නැති කාන්තාවන්ට ළමයින් දීලා ලක්ෂ ගණන් උපයන කොල්ලන්ගේ කතාව මෙන්න….

    ළමයින් නැති කාන්තාවන්ට ළමයින් දීලා ලක්ෂ ගණන් උපයන කොල්ලන්ගේ කතාව මෙන්න….

    මේ වන විට ජිවිතේ ගොඩදාගන්න කීයක් හරි හොයාගන්න සමාජයේ මිනිස්සු විවිධ දේවල් කරනවා, විවිධ ව්‍යාපාර කරනවා.

    ඒ අස්සේ සල්ලි නිසා ඇතැම් අය සංස්කෘතියට නොගැලපෙන දේවලුත් කරනවා.

    අපිට එහෙම දෙයක් කරන කොල්ලෝ සෙට් එකක් ගැන කොළඹ ප්‍රදේශයෙන් අසන්නට ලැබුණා

    මෙම තරුණියන් සාමාන්‍ය ජිවිතයේ සිය රැකියාව කරන ගමන් මේ දේ කරගෙන යන්නේ පාට් ටයිම් විදියටයි. මෙයාල කියන්නේ මින් පෙර ලංකාවේ ඇය අහපු නැති ඇමුතුම වැඩක්. දොස්තරලා බෙහෙත් වලින් කරන වැඩක් මෙයාලත් කරන්නේ නමුත් පහත් විදිහටයි ඒ පිළිබඳව සම්පූර්ණ විස්තරාත්මක වීඩියෝව පහළින් නරඹන්න ඒ වගේම මිතුරන්ටත් බලන්න ශෙයාර් කරන්න

  • මිශ්‍ර පාසලකට ගිය ශෙරිල් ඩෙකර් 8 වසරේ වෙච්චි අමුතු දෙයක් ගැන අද කියන කතාව මෙන්න…

    මිශ්‍ර පාසලකට ගිය ශෙරිල් ඩෙකර් 8 වසරේ වෙච්චි අමුතු දෙයක් ගැන අද කියන කතාව මෙන්න…

    ෂෙරිල් ..“පාරා” සඳහා එක්වූයේ සෑහෙන කාලෙකට පස්සේ..
    මා අන්තිමට රඟපෑවේ “මීදුමින් එහා” ටෙලි නාට්‍යයේ. ඒ මීට වසර 3 කට කලිනුයි.  ඉන්පසු මා එක්වන්නේ “පාරා” ටෙලි නාට්‍යයට.

    ෂෙරිල් ටෙලි නාට්‍යය සඳහා එක්වන්නේ කලාතුරකින්.. ඇයි ඒ .. ?
    එක නාලිකාවක මම රඟ පෑ ටෙලි නාට්‍යයක් ඉවරවෙලා අනිත් නාලිකාවට හරවද්දිත් මමම ඉන්න ටෙලි නාට්‍යයක් යනවා දකින්න අකැමැති හින්දයි ඉඳහිට මතක හිටින නිර්මාණයකට විතරක් එක්වන්නේ.. මා රඟ පෑ හැම ටෙලි නාට්‍යක්ම ජනප්‍රිය වුණා. මේ දිනවල මගේ සම්පූර්ණ කාලය යොදලා තියෙන්නේ “පාරා” ටෙලි නාට්‍යයට. “පාරා” අවසන්වන තුරු වෙනත් ටෙලි නාට්‍යයක් බාරගන්නේ නෑ..

    පසුගිය වසර තුන තුළ වෙනත් ටෙලි නාට්‍යය සඳහා ආරාධනා ලැබුණේ නැද්ද  ..?
    ආරාධනා රැසක් ලැබුණා.. ඒත් හිතට හරියන විදියේ පිටපතක් ඒ අතර තිබුණේ නැහැ..

    “පාරා..” තෝරාගන්නට හේතුව..?
    “පාරා” ඇත්ත සිද්ධියක් පාදක කරගෙන හැදුනු එකක්ද කියලා මට හිතුණා. ඒ තරමටම  කතාව හිතට සමීප වුණා. ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂ ප්‍රභාත් අයියයි ( ප්‍රභාත් රෝෂන) නිමන්ති අක්කයි ( නිමන්ති ‍පෝරගේ ) හරිම හොඳයි. ඒ අයත් එක්ක වැඩ කරන එක හරිම පහසුයි.

    කොහොමද සාමාන්‍ය ජීවිතයේ තොරතුරු ..
    සාමාන්‍ය විදියට ගෙවිලා යනවා.. රුවන් (රුවන් හෙට්ටි ආරච්චි) එයාගේ සංගීත කටයුතු කරගෙන යනවා.. මම මගේ රංගන කටයුතු කරගෙන යනවා.. අපි දෙන්න අපි දෙන්නගේ වැඩවලට සහය දෙනවා.. රුවන් ප්‍රසංගවලට යද්දි මමත් අනිවාර්යයෙන්ම එයත් එක්ක යනවා.. ඒ වගේම මම ෂූටින් යද්දිත් රුවන් එනවා.. ගේ දොර කටයුතුත් බෙදා හදාගෙන කරනවා.

    උයන පිහන කටයුතුවලටත් රුවන් සහය දෙනවද  ..?
    ගෙදර අත් උදව්වට කෙනෙක් ඉන්නවා.. ඒත් මම ගෙදර ඉන්න දවසට උයන පිහන වැඩ කරන්නේ මම. රුවන් උයන්න එන්නේ නැහැ.. ඒත් ගෙදර දොර පිළිවෙළට තියාගන්න වැඩවලට නම් එයා මට වඩා දක්ෂයි.. මම ගේ පිළිවෙළට තියාගත්තේ නැත්නම් රුවන්ගෙන් බැණුම් අහන්න වෙනවා..ගේ දොර පිළිවෙළට තියාගන්න  වැඩ ටික නම් ගොඩක් වෙලාවට කෙරෙන්නේ රුවන් අතින් ..

    දෙන්නම විවේකී සුවයෙන් ඉන්න දවසට මොකද කරන්නේ ….
    මොකක් හරි කෑමක් හදනවා. හොඳ චිත්‍රපටයක් බලනවා.. ඒ වගේම ආගමික කටයුතු සඳහාත් කාලය වෙන්කරනවා..

    මොනවද ආගමික කටයුතු .. ?
    දෙන්නම එකතු වෙලා යාඥා කරනවා.. අපි දෙන්නම ආගමට ගොඩක් නැඹුරු දෙන්නෙක්. දෙවියන් වහන්සේ අපිට ගොඩක් දේවල් දීලා තියෙනවා. ඒ දෙවල් ආරක්ෂා වන්නේ වැඩි දියුණු වන්නේ දෙවියන් වහන්සේගේ ආශිර්වාදය අපිට තියෙන හින්දා.. එහෙම වෙන්නේ අපි ආගමානුකූලව ජීවත්වෙන හින්දා කියන එක අපි තදින්ම විශ්වාස කරනවා..

    රුවන්ගේ ගීත රූප රචනා බොහොමයක රඟපාන්නේ ෂෙරිල් සහ රුවන් .. දවසක ඔහුත් රංගනයට එක්වෙයිද .. ?
    මට ගී ගයන්න බැරි හින්දා මම රුවන් එක්ක සින්දු කියන්න යන්නේ නෑ.. ඒ වගේම තමයි රුවනුත් නිතරම කියන්නේ එයාට රඟපාන්න බෑ කියන එක. එයා රඟපාන්න එන එකක් නෑ ..

    දෙන්න අතර පුංචි පුංචි ගැටුම් ඇතිවන අවස්ථා ඇති  ..
    එහෙම අවස්ථා තියෙනවා. ඒත් වැඩි වෙලාවක් තරහවෙලා ඉන්න අපි දෙන්නටම බෑ..

    ෂෙරිල්ට ගොඩක් කේන්ති යනවා කියන්නේ ඇත්තද .. ?
    ඉස්සර මට ගොඩක් කේන්ති යන කෙනෙක් .. ඉස්කෝ‍ලේ යන කා‍ලේ පිරිමි ළමයි එක්කත් ගහගෙන තියෙනවා.. ඒත් දැන් මට ඉබේම වගේ ඉවසීම පුරුදුවෙලා. දැන් මට කේන්ති යන්නේ නෑ.. හැබැයි දැන් රුවන්ට නම් ඉස්සරට වඩා කේන්ති යනවා..

    ඉස්කෝ‍ලේ යන කා‍ලේ පිරිමි ළමයි එක්කත් ගහගෙන තියෙනවා කිව්වේ.. මතකද ඉන් එක අවස්ථාවක් .. ?
    මම ගියේ මිශ්‍ර පාසලකට.. මේ සිද්ධිය වුණේ මම 8 වසරේ ඉගෙන ගනිද්දි.. ඒ දවස්වල අපේ පන්තියේ කබඩ් එකක් තිබුණා . ඒකේ කැර‍පොත්තෝ පිරිලා ඉන්න හින්දා කවුරුවත් ඒ කබඩ් එක අරින්නේ නැහැ.. දවසක් පිරිමි ළමයෙක් මැරිච්ච කැර‍පොත්තෙක්ව මගේ ඇඟට දැම්මා.. මට ඒ වෙලාවේ හොඳටම කේන්ති ගියා.. මම ඒ ළමයට ගහලා එයාව අර කබඩ් එකට දාලා වැහුවා..

    ෂෙරිල් රුවන් කැදැල්ලට පුංචි අමුත්තෙක් එන්නේ කවදාද කියලා දැනගන්න ඔබලාගේ රසික පිරිස කැමති ඇති..
    අපි දෙන්නත් ආශාවෙන් බලාගෙන ඉන්නේ ඒ දවස එනකල් .. දෙවියන් වහන්සේ ඒ දවස තීරණය කරයි.

       

  • ඉන්දියන් ජාතිකයෝ නිතරම උතුරු පළාතට එන නිසා ශ්‍රී ලංකාවේ ගැබිණි මවුවරුන් අවදානමක…!

    ඉන්දියන් ජාතිකයෝ නිතරම උතුරු පළාතට එන නිසා ශ්‍රී ලංකාවේ ගැබිණි මවුවරුන් අවදානමක…!

    ඉන්දීය ජාතිකයන් ශ්‍රී ලංකාවේ උතුරු පළාතට පැමිණීම ඉහල ගොස් තිබෙන නිසා ශ්‍රී ලංකාව වසංගත රෝග අවදානමක පවතින බව වාර්තා වෙනවා. මේ බව හෙළිකර තිබෙන්නේ මුලතිව් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය එස්‌. විජිතරන් මුලතිව් රෝහලේදී සිදු කළ දේශනයකදීය.
     
    මැලේරියාව සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාවෙන් බැහැර වී ඇතත් ඉන්දීය ජාතිකයන් නිතරම උතුරු පළාතට පැමිණෙන නිසා විශේෂයෙන්ම ගර්භණී මවුවරුන් උණ රෝගය වැළඳුණු විට වඩාත් පරෙස්‌සම් විය යුතු බව එම දේශනයේදී වෛද්‍යවරයා හෙළිකර තිබේ.
     
    පවුල් සෞඛ්‍ය සේවිකාවන් පිරිසක්‌ අමතමින් දේශනයක්‌ කළ වෛද්‍යවරයා පවසා තිබෙන්නේ කෘෂිකාර්මික හා ධීවර කටයුතු සඳහා ඉන්දීය ජාතිකයන් නිතරම උතුරු පළාතට පැමිණෙන අතර ඔවුන්ගෙන් මැලේරියා රෝගය බෝවිය හැකි බවයි.
     
    මේ අවදානම පිළිබඳව ගර්භණී මවුවරුන් දැනුවත් කරන ලෙස පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගෙන් ඉල්ලීමක්‌ කොට ඇති වෛද්‍යවරයා මැලේරියා පරපෝෂිතයා ශ්‍රී ලංකාවෙන් තුරන් වී ඇතත් මැලේරියා රෝගය බෝකරන ඇනෝපිලස්‌ මදුරුවා තවමත් මේ රටින් සම්පූර්ණයෙන්ම වඳවී නොමැති බව ද ප්‍රකාශ කොට තිබේ.
     
    මේ තත්ත්වය මත ඉන්දියාවේ සිට මැලේරියා උණ රෝගය වැළඳුණු පුද්ගලයකු පැමිණියහොත් ඔහුගේ සිරුරේ සිට ප්ලැෂ්මෝඩියම් වෛවැක්‌ස්‌ නමැති මැලේරියා රෝගය බෝකරන පරපෝෂිතයා ඇනෝපීලස්‌ මදුරුවා හරහා වෙනත් අයකුගේ සිරුරට ඇතුළු විය හැකි බවද විජිතරන් වෛද්‍යවරයා පෙන්වා දෙයි.
     
    මේ පිළිබඳව මැලේරියා මර්දන ව්‍යාපාරයේ ප්‍රජා සෞඛ්‍ය කටයුතු පිළිබඳ විශේෂඥ වෛද්‍ය දේවනී රණවීර මාධ්‍යයට පවසා තිබුනේ මුලතිව් රෝහලේ වෛද්‍යවරයා කළ ප්‍රකාශය සත්‍ය බවයි.
     
     2012 වසරේ ඔක්‌තෝබර් මාසයේදී ශ්‍රී ලංකාවෙන් අවසාන මැලේරියා රෝගියා හමුවීමෙන් පසුව එම වසරේ නොවැම්බර් මාසයේ සිට ශ්‍රී ලංකාව මැලේරියා රෝගයෙන් තොර රටක්‌ බවට පත්වූ අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ඒ පිළිබඳව 2016 වසරේදී සහතිකයක්‌ ලබාදී ඇති බවද එම විශේෂඥ වෛද්‍යවරයා ප්‍රකාශ කළාය.
     
    නමුත් තවමත් ලෝකයේ රටවල් සියයක පමණ මැලේරියා රෝගය ඇති බවත්, ජනගහනය අනුව එය 40% ක පමණ ප්‍රතිශතයක්‌ බවත් ප්‍රකාශ කරන ඇය මැලේරියාව ඇති ඉන්දියාව, පකිස්‌තානය වැනි රටවලට ගොස්‌ ආපසු පැමිණෙන පුද්ගලයන් නිසාත් එම රටවල සිට පැමිණෙන පුද්ගලයන් නිසාත් ශ්‍රී ලංකාවට මැලේරියා රෝගය පැමිණිය හැකි බව සඳහන් කර තිබේ.

  • සෙරෙප්පු දෙකකින් සහ හම්පඩ ඩෙනිමකින් සැරසුනු ගෝඨා, කරුණා එක්ක ගැසු ගේම් මෙන්න…

    සෙරෙප්පු දෙකකින් සහ හම්පඩ ඩෙනිමකින් සැරසුනු ගෝඨා, කරුණා එක්ක ගැසු ගේම් මෙන්න…

    සෙරෙප්පු දෙකකින් සහ හම්පඩ ඩෙනිමකින් සැරසී අරලිය ගහ මැදුරේ කරක් ගැසූ ගෝඨා, කරුනාගේ පිරිවර සහ දෙවන පෙල සමග ගැසු ගේම් මෙන්න

    “මචං අපි ලඟ ලක්ෂ ගණන් සල්ලි නම් නෑ, හැබැයි ඉතින් අපි ඕනේ ගේමකට එන්නම්. කරුණා ඉන්නෙත් අපි ගාවා….., දෙමු හොඳ වැඩ සටහනක්“

    2005 ජනාධිපතිවරණ සමයයි. ස්ථානය අරලියගහ මන්දිරයයි. බැසිල්, චමල්, ඩලස් ඇතුලු චරිත බොහොමයක් අතිශය කාර්ය බහුල ය. ඔවුහු දිවා රෑ මහින්ද දිනවීම වෙනුවෙන් දර දිය අදිමින් සිටිති. මේ අතර එක් පුද්ගලයෙක් ඩෙනිම් කලිසමක් ඇඳ, ටී ෂර්ට් එකක් උඩින් දමා, රබර් සෙරෙප්පු යුවලක් පැලැඳ, අරලිය ගහ මන්දිරයේ එහා මෙහා ඇවිදින්නේය. ඔහු නෝට් පොතක් බලමින් සිය ජංගම දුරකථනයෙන් එක සීරුවට ඇමතුම් ගන්නේ ය. කිසිදා දැක නොතිබූ මේ පුද්ගලයා පිළිබඳව කුතුහලයක් රාජපක්ෂ පවුලේ බාලයා වන ‘චිචී ’ හෙවත් රෝහිත් රාපක්ෂට ඇති විය. ඔහු තම අයියා ‘යෝ’ හෙවත් යෝෂිත රාපක්ෂගෙන් මෙසේ ඇසීය.

    “කවුද යෝ මේ ඩයල් එක..?“

    ‘චිචී’ගේ කථාව එම පුද්ගලයාට ඇසුනද ඔහු එය නෑසුනා සේ ඉවතට ඇවිද යමින් දුරකථන ඇමැතුම් ගැනීමේ නිරත විය.

    “ඔය අපේ තව එක බාප්පා කෙනෙක්. මෑන් ඊයෙ පෙරේදා තමයි ඇමරිකාවේ ඉඳන් ඡන්ද වැඩ වලට ඇවිත් තියෙන්නේ.“ ‘යෝ’ තම මලනුවන්ට පැවසූවේය.

    “ආ මෑන්ද අපිට චොක්ලට් එවන ඇමරිකාවේ බාප්පා ?“

    “අපෝ මෙයා එවන චොක්ලට්, ටිකක් අප්සෙට් ඩයල් එකක්ලු…බලාගෙන“

    මලනුවන්ගේ කනට කොඳුරා අනතුරු ඇඟවූ යෝෂිත යන්න ගියේය.

    ‘ගෝටා බාප්පි’ රාජපක්ෂ පුතුන් මුල්වරට දැක්කේ ඒ ආකාරයෙනි. මන්ද යත් ඔහු ඇමරිකාවට ගිය පසු ඒ දක්වා වසර 15 ක් යන තුරු ලංකාවට පය තබා නොතිබූ බැවිනි. රාජපක්ෂ පුතුන්ට පමනක් නොව ශිරන්තිට, බැසිල්ට පමනක් නොව චමල්ටද ‘ගෝටා බාප්පි‘ අප්සෙට් ඩයල් එකකි. ලක් වාසීන් බොහොමයකට ද ගෝඨා පිලිබඳ ඇත්තේ ඒ සිතුවිල්ලම ය.

    ඇමෙරිකාවේ පදිංචියට ගිය බැසිල් මහින්දගේ දේශපාලනයට යලි හේත්තු වූයේ 2004 අග භාගයේදී ය. බැසිල් හීන්සීරුවේ මහින්ද යටතේ වූ මහා මාර්ග අමත්‍යංශයට රිංගා ගත්තේ ය. මග නැගුම ව්‍යාපෘතියේ තනි අතේ ඩීල් කරුවා වූයේ බැසිල්ය.

    2005 මැතිවරණයේ මහින්ද මුහුන දුන් ලොකුම අභියෝගය මුදල් හිඟ කමය. හෙල්පින් හම්බන්තොට සුනාමි සහන අරමුදලට පවා සුද්දය දුන්නේය. කොටි හිතවාදීන්ගෙන් පවා මැතිවරණයට මුදල් ගත්තේය. බැසිල්ගේ ව්‍යාපෘතිය වූ මග නැගුම හැදූ පාරවල් කෙසේ වෙතත් මහින්දගේ මැතිවරණ ව්‍යාපෘතියට නම් එහි මුදල් අත්වැලක් විය. මහින්දගේ 2005 ජනපති සටනේ පළමු වටයේ පෝස්ටර් ටික පවා අලවා ගත්තේ ජ.වි.පෙ ට පින්සිදු වන්නට ය.

    මහින්දගේ 2005 මැතිවරණ සටන වෙනුවෙන් ප්ලේන්ටියක් හෝ වැය කිරීමට ගෝටාබයට නොහැකි විය. සෙරෙප්පු දෙකකින් සහ හම්පඩ ඩෙනිමකින් සැරසී අරලිය ගහ මැදුරු මිදුලේ ඔබමොබ ඇවිදිමින් සිටි ගෝටාබය නිකමෙකු විය. කිසිවෙක් ඔහු සමග කථා කිරීමට හෝ නොගියේය. ඔහු එක දිගට හමුදාවේ පැරණි සගයින්ට කථා කරමින් මුදල් උපකාර ඉල්ලුවේය. යුද්ධයට බියේ පලා ගොස් හමුදාවේ උන් උන්නා ද මලා ද නොබැලූ ඔහුට කිසිවෙකුගෙන් වචනයෙන් හෝ උදව්වක් නොලැබින. සරත් ෆොන්සේකාට ද කතා කළ ගෝටා ඔහුගෙන්ද මුදල් ඉල්ලා තිබුනි. මුදල් නොමැති යයි කී විට හමුදා සාමාජිකයන්ගේ ගෙවල්වල ලිපින ලැයිස්තුවක් ඉල්ලා තිබුනි.

    ඉහල හමුදා නිලධාරීගේ බොහොමයක් නිල නිවාස පිහිටා තිබුනේ බෞද්ධාලෝක මාවතේ ය. ගෝටාබය මොවුන්ට දුරකථන ඇමතුම් දුන්නා පමනක් නොව උදව් ඉල්ලීමට ඔවුන් මුන ගැසීමට ද ගියේය. ‘දෙන්නම් කාසි‘ මිස ඉන් එහා යමක් ඉහල නිලධාරීන්ගෙන් ද නොලැබිනි. ගෝටාබය සමග කථා බහට හෝ සෙට් වූයේ ඉහල නිලධාරීන්ගේ පරිවාර කටයුතු සඳහා අනුයුක්ත කර සිටි මැද පෙලේ නිලධාරීන්ය. ඔවුන් ගෝටාබයට එකල ඇමතුවේ මචං කියාය.

    “මචං අපි ලඟ ලක්ෂ ගණන් සල්ලි නම් නෑ, හැබැයි ඉතින් අපි ඕනේ ගේමකට එන්නම්. කරුණා ඉන්නෙත් අපි ගාවා….., දෙමු හොඳ වැඩ සටහනක්“

    එකෙකු ගෝටා වෙත පැවසුවේය. මේ කථාව ඇසූ ගෝටාබයට පොඩි ගැම්මක් ආවේය. සිය සමකාලීන ජ්‍යෙෂ්ඨයන් තමන් පඩයකට ගණන් නොගන්නා තත්වයක් තුල ගෝටා සිටියේ එල්ලෙන්න වැල් නැතුවය . ‘සීනියෝරිටි ගැප්‘ එක අමතක කළ ගෝටා දෙවන පෙළේ උන් සමග පෑහුනේය.

    මේ අතර තීරණාත්මක මැතිවරණයකින් එල්ටීටීඊය උතුරේ ඡන්ද වර්ජනය කළ නිසා මහින්දට ජය අත්විය.

    මතු සම්බන්ධයි..

    කීර්ති රත්නායක විසිනි
    (ගෝටා, කරුනාගේ පිරිවර සහ දෙවන පෙල උන් සමග දුන් වැඩ සටහන් මීලගට)

  • දිනන්න බැරි මිනිමරු ලේකම් ගෝඨාගේ පුකට පයින් ගැසු මහාචාර්‍ය රොහාන්ගේ කතාව මෙන්න…

    දිනන්න බැරි මිනිමරු ලේකම් ගෝඨාගේ පුකට පයින් ගැසු මහාචාර්‍ය රොහාන්ගේ කතාව මෙන්න…

    කෙසේවෙතත් යුධ විරෝධියෙකු මෙන්ම ෆෙඩරල් වාදියෙකු වියත්මගට කැදවිමත් මහාචාර්‍ය චන්න ජයසුමන වැනි ගෝඨාවාදින් සමුළුව වර්ජනය කිරිමත් හරහ ගෝඨාබයර්ට ෂැන්ග්‍රිල්ලා මිලදී ගැනිමට එකි වුවද ගෝඨාවාදින් මිලදි ගැනිමට නොහැකි බව ගෝඨා සමුළුව අමතන අවස්ථාවේ පිටුපසින් සිටගත් lankaleaks දේශපාලන වාර්තාකරු ගත් ඡායාරූපය පහත දැක්වේ

    2020 ජනාධිපති සිහිනය දකිමින් සිටින බය ගෝඨාභයගේ මාර්කටින් කණ්ඩායමේ වියත්මග ඊයේ කොළඹ ෂැන්ග්‍රිල්ලා හෝටලයේදී පැවැති අතර එහි දේශණයක් සදහා මහාචාර්‍ය රොහාන් ගුණරත්න ගෙන්විම හේතුවෙන් අර්බුදයක් හටගෙන තිබේන බව lankaleaks දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

    කොළඹ ෂැන්ග්‍රිල්ලා හෝටලයේ පැවැති වියත්මග සංවිධානයේ ජාතික සමුළුවේ ප්‍රධාන ආරාධිතයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වු අතර ඔහු ඉදිරියේම යුධ සමයේදි මහින්දව දැඩි ලෙස විවේචනය කල කොටි හිතවාදියෙකු මෙන්ම ජාත්‍යන්තර කොටි ඩයස්පොරාව සමග සමීප සබඳතාවයන් පවත්වන උග්‍ර ෆෙඩරල්වාදියෙකු ගෙන්විම හේතුවෙන් මෙම අර්බුදය හටගෙන ඇත.

    උග්‍ර දෙමළ ඩයස්පොරාවේ ඉත්තෙකු වන මහාචාර්‍ය රොහාන් ගුණරත්න සම්බන්ධයෙන් ගෝඨාභය පිළේ කිහිප දෙනෙකුම රැස්විම අවසානයේ විමසා ඇති අතර එහිදි ගෝඨා සදහන් කර ඇත්තේ “ඡන්ද දිනන්න බෑ ඒ වගේ මිනිස්සු නැතුව ” යනුවෙනි.

    එදා මහින්ද රාජපක්ෂ,ගෝථාභය රාජපක්ෂ ඇතුළු හමුදාවේ ඉහළ නිළධාරින් මිනීමරු LTTE ය සමග යුද වැදී සිටින විට රොහාන් ගුණරත්න මහතා හිටියේ LTTE යට පක්ෂපාතී ස්ථාවරයකය.ඔහු එදා ප්‍රකාශ කළේ LTTE සංවිධාන යුදමය වශයෙන් පරාජය කළ නොහැකි සංවිධානයක් බවයි.ඔහු එම මතය ලොව පුරා තහවරු කිරීමට ප්‍රධාන ලෙස දායක වූ ජාත්‍යන්තර යුද විශ්ලේශකයෙකි.

    ගෝඨාභයගේ වියත් මගේ 2030 වසර දක්වා ශ්‍රි ලංකාවේ දේශපාලන හා ආරක්ෂක උපායන් සම්බන්ධව දේශනය පවත්වනු ලැබුවේ මහාචාර්‍ය රොහාන් ගුණරත්න වන අතර ඔහු ආරක්ෂක කටයුතු සම්බන්ධව විශේසඥයෙකි.එසේම දේශපාලන අපරාධ හා ත්‍රස්තවාදය සම්බන්ධ ජාත්‍යන්තර ගවේශකයෙකි.ඔහුගේ ගවේෂණ කටයුතු පසුගිය දශකයේ බටහිර ආක්‍රමණයන්ට ලක්වූ සියලු රටවල් පදනම් කරගෙන සිදුකර ඇත.ප්‍රසිද්ධ “the lost revelation”(අහිමි විප්ලවය) හා සුප්‍රසිද්ධ ” inside al qaeda global network of terror ” යන පොත් රචනා කළ අයෙකුද වේ.

    මේ අතර අප දේශපාලන වාර්තාකරු සදහන් කළේ 2020 ජනාධිපතිවරණය ජය ගැනිමට නම් දෙමළ සහ් මුස්ලිම් ඡන්ද අතිශය වැදගත් මෙන්ම තීරණාත්මකම ඡන්ද විම හේතුවෙන් දැන් තියාම ගෝඨාභය තමන් සම්බන්ධයෙන් සුළු ජන කොටස් අතර මතය වෙනස් කිරිම සදහා දැන් සිටම මෙහෙයුම දියත් කරමින් සිටින බවයි එහි එක් පියවරක් ලෙස මහාචාර්‍ය රොහාන් ගුණරත්න කැදවිම දැකිය හැකි බවද ඔහු පෙන්වා දෙනවා.

    කෙසේවෙතත් යුධ විරෝධියෙකු මෙන්ම ෆෙඩරල් වාදියෙකු වියත්මගට කැදවිමත් මහාචාර්‍ය චන්න ජයසුමන වැනි ගෝඨාවාදින් සමුළුව වර්ජනය කිරිමත් හරහ ගෝඨාබයර්ට ෂැන්ග්‍රිල්ලා මිලදී ගැනිමට එකි වුවද ගෝඨාවාදින් මිලදි ගැනිමට නොහැකි බව ගෝඨා සමුළුව අමතන අවස්ථාවේ පිටුපසින් සිටගත් lankaleaks දේශපාලන වාර්තාකරු ගත් ඡායාරූපය පහත දැක්වේ.

  • කොළඹට විදුලිය නෑ – හේතුව මෙන්න

    කොළඹට විදුලිය නෑ – හේතුව මෙන්න

    කොළඹ නගරය අවට ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි වී තිබෙනවා.

    බියගම-පන්නිපිටිය සම්ප්‍රේෂණ මාර්ගයේ දෝෂයක් හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බවයි පැවසෙන්නේ.

    ජයවර්ධනපුර, බත්තරමුල්ල, පන්නිපිටිය, දෙහිවල, ගල්කිස්ස සහ රත්මලාන ප්‍රදේශවලට මෙලෙස විදුලිය විසන්ධි වී ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.

  • ඉතාලියේ සුන්දරම තරුණිය වූ ලංකාවේ කෙල්ලගේ ඔබ නොදුටු සරාගී Photo සෙට් එක මෙන්න….

    ඉතාලියේ සුන්දරම තරුණිය වූ ලංකාවේ කෙල්ලගේ ඔබ නොදුටු සරාගී Photo සෙට් එක මෙන්න….

    අපේ රටේ තරුණ තරුණියන් ලොව කොහේ ගියත් කුමක් හෝ හපන්කමක් සිදුකරලා ශ්‍රී ලංකාවේ නම ලෝකේ පුරා ගෙනි යනු ලබනවා.

    කටකතාවට ශ්‍රී ලාංකිකයින් ගැන අපේ රටේ සමහරක් පුද්ගලයින් එසේ පැවසුවත්, මේ සිදුවීම නම් ඇත්තටම විශේෂ සිදුවීමක්.

    ඊට හේතුව ශ්‍රී ලංකාවේ සුරූපිනියක් ඉතාලියේදි සුන්දරම තරුණියවීමයි.

    ඉතාලියේ පාදුවා නගරයේ ජීවත්වන ශ්‍රී ලාංකික තරුණියක් එරට මිස් ඉතාලියා තරගාවලියට සමගාමීව පැවැති මිස් වෙනෙතෝ පළාත් තරගාවලියේ පළමු ස්ථානය දිනාගෙන තිබෙනවා.

    ඉතාලි ජාතික තරුණියන් 28දෙනෙකු අභිබවා මෙම කිරුළ හිමි කරගෙන ඇත්තේ පාදුවා නගරයේ තම මාපියන් සමග ජීවත් වන සෙව්මි තාරකා ප්‍රනාන්දු නමැති තරුණියයි.

    පසුගිය 11වැනිදා පාදුවා නගරයේ කම්පෝසම්පිරියෝ ප්‍රදේශයේ මෙම තරගය පවත්වා ඇති අතර, වෙනෙතෝ පළාත නියෝජනය කරමින් මිස් ඉතාලියා තරගයට මෙම ලාංකික තරුණිය සුදුසුකම් ලබා තිබෙනවා.

      

         

  • දෙදින නිල සංචාරයේදී ජනපති මෛත්‍රී ඉරානයත් සමග අත්සන් කළ ගිවිසුම් ගැන අැත්ත මෙන්න…

    දෙදින නිල සංචාරයේදී ජනපති මෛත්‍රී ඉරානයත් සමග අත්සන් කළ ගිවිසුම් ගැන අැත්ත මෙන්න…

    ඉරානය සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුම් 5කට ඊයේ අත්සන් තැබුණා.

    ඒ, ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ඉරාන ජනාධිපති හසාන් රවුහානි අතර පැවති ද්වි පාර්ශවික සාකච්ඡාවලින් අනතුරුවයි.

    ටෙහෙරාන් නුවර පිහිටි ජනාධිපති මන්දිරයේදි නායකයන් දෙදෙනා අතර නිල සාකච්ඡා පැවැත්වුණා.

    ඒ අනුව ශ්‍රී ලංකාවත් ඉරානයත් අතර මත්ද්‍රව්‍ය නිවාරණය හා මත්ද්‍රව්‍ය හුවමාරුව වැළැක්වීම, පර්යේෂණ හා ප්‍රමිති කටයුතු වැඩිදියුණු කිරීම, චිත්‍රපට හා රූපවාහිනී කර්මාන්තය ප්‍රගමනය සඳහා වන සංස්කෘතික මගපෙන්වීම, සංස්කෘතික හා අධ්‍යාපන හුවමාරුව මෙන්ම සෞඛ්‍ය, දේශීය වෛද්‍ය හා සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ ප්‍රගමනය යන කරුණුවලට අදාළවයි මෙම ගිවිසුම්වලට එළඹුණේ.

    ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ නායක දෙපළ අතර පැවති සාකච්ඡාවලදී ආර්ථික සහ වෙළඳ සබදතා නව මාර්ග ඔස්සේ ඉදිරියට ගෙන යාම පිළිබදව දීර්ඝ ලෙස සාකච්ඡා වූ බවයි.

    එමෙන්ම ඛනිජ තෙල්, තේ සහ සංචාරක ක්ෂේත්‍රයේ දැනට පවතින සහයෝගීතාව තවදුරටත් පුළුල් කර ගැනීමට ද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

  • ගව ඝාතනය නවතන්න පොහොට්ටුවයි එජාපයයි එකට එකතු වෙයි…  වැල්ලවායෙන් සුපිරි වැඩක්..!

    ගව ඝාතනය නවතන්න පොහොට්ටුවයි එජාපයයි එකට එකතු වෙයි… වැල්ලවායෙන් සුපිරි වැඩක්..!

    වසර පහකට අධික කාලයක් ගව මස් අලෙවි නොකළ වැල්ලවාය ප්‍රාදේශීය සභාවට අයත් ගව මස්කඩය 2018 වර්ෂය සඳහා ටෙන්ඩර් නොකිරීමට වැල්ලවාය ප්‍රාදේශීය සභා මාසික රැස්වීමේදී ඒකමතිකව තීරණය කර තිබේ. මේ බවට වැල්ලවාය ප්‍රාදේශීය සභාවේ සභාපති ආර්.ඩී. හරමානිස් මාධ්‍යයට පැවසුවේය.

    මේ මස්කඩය සඳහා 2013 වසරේ සිට 2016 වසර දක්වා ටෙන්ඩරයෙන් ලබාගත් ගැනුම්කරුවන් එහි මස් අලෙවියක් නොකර ප්‍රදේශයේ ගව ඝාතනයට තිත තබමින් වසා දමා තිබිණි. ඒ සඳහා වැල්ලවාය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රෝහණ වන්නිආරච්චි  හා ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාව මූලිකත්වය ගෙන තිබු අතර අතර ප්‍රදේශයේ විහාරාධිපති හිමිවරුන් හා විශාල පිරිසකගේ දායකත්වය ලැබිණි.

    ඒ අනුව නව සභාවේ දෙවැනි රැස්වීම් වාරයේදී මේ සම්බන්ධ නව සභාපති ආර්.ඩී. හරමානිස් මහතා සභාවට ඉදිරිපත් කළ අතර මේ මස් කඩය ටෙන්ඩර් නොකිරීම සම්බන්ධයෙන් වූ යෝජනා පොදුජන නිදහස් පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රි ජගත් හේමන්ත මහතා විසින් සභාවට ඉදිරිපත් කළ අතර එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රි සුනිල් ඩී. ආනන්ද මහතා හා ස්වාධීන මන්ත්‍රි යූ.එස්.පී. බණ්ඩාර යන සභිකයන් විසින් ස්ථිර කරන ලදී.

    මේ අනුව එලබෙන වසරේද වැල්ලවායේ ගව මස් කඩය වසා තැබෙනු ඇත.

  • කුසේ ඉන්න දරුවා බේරගන්න තම ජිවිතයම කැපකළ මතු බුදුවන අම්මා කෙනෙකුගේ අැත්ත කතාව…

    කුසේ ඉන්න දරුවා බේරගන්න තම ජිවිතයම කැපකළ මතු බුදුවන අම්මා කෙනෙකුගේ අැත්ත කතාව…

    ආදරණීය අම්මාවරුන් ගැන වැඩිපුර කතා කරන මේ කාලයේදී අපේ රටේ ඉන්න ජේෂඨ මාධ්‍යවේදියෙකු තම මෑණියන් ගැන තැබූ සංවේදී සටහනක් අපට හමු වුනා. අපේ රටේ ඉන්න ජේෂ්ඨ මාධ්‍යෙව්දියෙකු,නිවේදකයෙකු වගේම ශ්‍රී ලාංකීම මාධ්‍ය ක්ෂේස්ත්‍රය වෙනුවෙන් අමිල මෙහෙවරක් ඉටුකල ශ්‍රි නිමල් පද්ම කුමාර මහතා තම මෑණියන් ගැන තැබූ මේ සටහන වර්තමානයේ ජීවත් වන බොහෝ මව්වරුන්ට ආදර්ශයක් සපයනවා. ඒ නිසාම මේ කතාව අපි ඔබටත් කියන්න හිතුවා.

    ” මගේ අම්මා .. මගේ අම්මාගේ නම සෝමා වික්‍රමනායක. ඇය මියයන්නේ 1961 දී.. ඒ කියන්නේ මට යන්තම් වයස 6 පිරුනා පමණි . ඇය මහජන සෞඛ්‍ය සේවිකාවක , වින්නඹු සේවිකාවක නිසා ඇගේ ස්ථාන මාරු සමග අපටත් බොහෝ තැන් වලට පදිංචියට යාමට සිදුවී ඇත. එළෙස ඇය රදාවඩුන්න ගමේ සේවය කරද්දී මීරිගම රජයේ රෝහලේ දී මා උපදින්නේත්, හත්තිනිය ගමේ සේවය කරද්දී කොස්වාඩිය සරස්වතී මහා විද්‍යාලයට මා ‘අ’ යන්න කියන්නට යන්නේත් ඒ නිසාය. මගේ කුඩා කලදීම අම්මාගේ උණුසුම නැති වුනත්, තාත්තා මාවත්, අයියාවත් හදා වඩා ගන්නට නොහැකි නිසාම නිවසට කැන්දාගෙන ආ දෙවැනි විවාහයේ අම්මා , අවුරුදු 54 ක්ම මාගේ ‘ප්‍රජාපතී ගෝතමිය’ ම වීම නිසා අපට පාළුවක් නොදැනින.

    එහෙත් ජීවිතයේ සෑම වැදගත් මොහොතකම අම්මා සිහිව කදුළු සැළුනු ආකාරය අදටත් එසේමය. ඇගේ ත් මගේත් කතාන්දරයේ අනුවේදනීය ම අවස්ථාව පසු කලෙක තාත්තාත්, ඇගේ නංගිලා වූ පුංචි අම්මලාත් මට විස්තර කළේ කදුළු පිරුනු දෑස් ඇතිවය. මා ඇගේ කුසට පැමිණි කාලයේ ඇය අධික රුධිර පීඩනය හා අධික දියවැඩියා තත්වයෙන් පෙලී ඇති නිසා ඇගේ කුස මෝරන්නට, මෝරන්නට ඇය බරපතල ලෙස රෝගාතුර වී ඇත.

    ඇය ද සෞඛ්‍ය සේවිකාවක් වූ නිසා රෝහල් වෛද්‍යවරු ඇයගේ ජීවිත අවදානම ගැන සැළකිල්ලට යොමු කොට ඇගේ කුස මෝරන්නට පෙර කුසේ ඉන්නා දරුවා ඉවත් කළ යුතු බවට යෝජනා කර ඇත. ඇය බරපතල ලෙස රෝගාතුරව රෝහල් ගත කළ අවස්ථාවේ …. ” සෝමා ඔයා ඉන්නේ හරිම අවදානමක .. ඔයාගෙ ජීවිතය ගැනයි අපි මුලින්ම බලන්න ඕනෙ .. මේ දරුවා මෝරලා .. හම්බවෙන්න යන වෙලාව වෙනකොට ඔයාගෙ ජීවිතේ ගැන විස්වාස කරන්න බැරි වෙනවා. ඒක හන්දා මේ දරුවා දැන්මම අයින් කරන්නම වෙනවා…” බරපතල ලෙස රෝගීව ජීවිතය හෝ මරණය තෝරාගන්නට සිදුවූ මොහොතේ මගේ අම්මා පවසා ඇත්තේ අපූරු කතාවකි.

    ” ඩොක්ටර් …මේ බඩේ ඉන්න දරුවා .. හම්බවෙන්න පුළුවන් වෙනකල් මෝරලා නිරෝගීව හම්බවෙනව නං ඒ වෙලාවෙ මං මළත් කමක් නෑ .. එදාට මං මළත් මේ දරුවා ලෝකෙට බිහිවෙන්න ඕනෙ ..” මගේ අම්මා ඒ මතයේ ම සිටි නිසා මගේ උපත සිදුවූවත්, ඒ මොහොතේ ඇය ඉතා බරපතල ලෙස රෝගීව ජීවිත අවදානමේ සිටි බැවින් බිළිදු පුතා දකින්නට ද අවස්ථාවක් නොලැබ වෙනම දැඩි උපස්ථාන ලබමින් දින ගණනාවක් දරුවාගෙන් ඈත්ව තැබූ බැවින් මට මගේ අම්මාගෙන් ‘මව් කිරි’ බීමට අවස්ථාවක් ලැබී නැත. වාට්ටුවේ සිටි නර්ස් නෝනා කෙනෙක් දරුවන් ලැබ තම ඇදන් වල වැතිරී ඉන්නා වෙනත් අම්මලා කිහිප දෙනෙකුගේ ඇකයන් හි මාව තබා ඔවුනගේ ඉතිරි කිරි වලින් මගේ කුස පුරවා හිස්ව ඇති අපේ ඇදෙහි තොටිල්ලේ මා තැබූ බව පසු කලෙක තාත්තා කියනු අසා ඇත.

    මගේ අම්මා දොස්තර උපදෙස් මත එදා තම ගැබ හිස් කර ගත්තා නම් අද ශ්‍රී නිමල් පද්මකුමාර නම් වූ මිනිසා ලොවට නොඉපදෙනු ඇත. අධික රුධිර සීනි මට්ටම නිසා අම්මා මිය යන්නට වසර 2 කට පමණ කලින් දෑසම අන්ධ වූවා මට මතකය. වයස 4 දී පටන් ගෙදර බඩු මුට්ටු ඒ ඒ තැන් වල පිළිවෙලට තැබීමේ පුරුද්ද මට ඇති වුනේ දෑස අන්ධ වූ අම්මා තම මතකයෙන් බිත්ති අල්ලමින් ගොස් තමන්ට ඇවැසි දේ ගන්නට පුරුදුව සිටි නිසාය. බංකුවක වාඩි වී දකුණු කකුලෙන් කුස්සි පිහියේ මිට පොළොවට පා ගා ගෙන, ඇස් දෙක කෙලින් අතට බලාගෙන අළු කෙසෙල් ගෙඩියේ පොතු ලිව්වේත්, වැටකොළු කරළේ දාර ලිවුවේත් කෙසේදැයි අදටත් මට හිතා ගන්නට බැරිය.

    එහෙත් ඇය අප දෙදෙනා වෙනුවෙන් ඉව්වාය. කාලය ගෙවී ගොස් ඇයට අසාධ්‍යව මහවැව කිරිඅම්මාගේ නිවසින් ( අම්මාගේ මහ ගෙදර) හලාවත රෝහලට රැගෙන යන්නට සූදානම්ව ඉස්තෝප්පුවේ ඇදි පුටුවක වාඩි කරවා සිටි අම්මා දෑතම ඉදිරියට දිගු කොට ” කෝ .. මගෙ කොළු පැටවු දෙන්නා..” යැයි කියද්දී මාත්, අයියාත් ඇය වෙත යන්නට හදද්දී කිරි අම්මා අප දෙදෙනාව අතින් ඇද නවතා ඇය අසලට යන්නට නොදී රදවා ගත් සැටිත්, ඒ සැනින් තාත්තා කිරි අම්මාගෙන් අප දෙදෙනාව උදුරාගෙන අම්මාගේ දෑත් මැද්දට යැවූ සැටිත්, අම්මා දෑතින්ම අප දෙදෙනාව බදාගෙන ඔඩොක්කුවේ තබා තුරුළු කරගෙන සිප ගත් සැටිත් මට අද මෙන් මතකය.

    ඒ දෑසම නොපෙනුනු අම්මා අප දෙදෙනා තුරුළු කර ගත් අවසන් මොහොත යැයි අපට දැනුනේ තවත් අවුරුදු ගණනාවක් අප ලොකු මහත් වූවාට පසුවය. ඇයට යන්තම් වයස 36 ලබද්දීම මගේ අම්මා යන්නම ගියාය. ඇගේ දෑතින් දරුවන් සිය ගණනක් මෙලොට බිහි කර ඇති බවත්, හරහර හිරවී අම්මාත්, දරුවාත් මිය යන්නට ඔන්න මෙන්න තිබූ දරු උපත් රැසත් අම්මාගේ දෑතේ දක්ෂ කමින් නිරුපද්‍රිතව සිදු කළ ඇය අම්මලා හා දරුවන් විශාල පිරිසකයේ ජීවිත බේරා ගෙන ඇති බවත් මම දනිමි.

    එබැවින් ඇය යහපත් භවයක් ලබා සිටිය හැකිය. දෙව් ලොවක සිට තවමත් මා දෙස බලා සිටිනවා ද විය හැක. ” අනේ මගේ පොඩි පුතා … මං ජීවිතය එපා කියලා පරිස්සං කර ගත්තු පොඩි එකා … අද රටක්.. ලොවක් දන්නා ලොකු මිහිහෙක් වෙලා… ” යැයි සතුටු වනු ඇත. මගේ අම්මේ … ඉපිද ඉපිද යන මේ සසර ගමනින් අපි අයින් වෙමු අම්මේ.. නිවන දුර නැතුව ඇති .. ආයෙත් හමුවෙලා .. අම්මා මට කළ හැම දේකටම මගෙනුත් යමක් කර දෙන්නට මට ඉඩ දෙන්න අම්මේ .. අපි එක දවසක.. එකම තැනක නිවෙමු..”

  • රටම හැඩවු ශිෂ්‍යත්ව පන්ති ගිහින් ගෙදර එද්දී ජල රකුසාට බිලිවූ දියණියගේ කදුළු කතාව මෙන්න..

    රටම හැඩවු ශිෂ්‍යත්ව පන්ති ගිහින් ගෙදර එද්දී ජල රකුසාට බිලිවූ දියණියගේ කදුළු කතාව මෙන්න..

    ශිෂ්‍යත්ව පරීක්‍ෂණ විභාගයේ අතිරේක පන්තියකට සහභාගිවී ආපසු තම නිවස බලා යාමට පාරේ ගමන් කරමින් සිටි පාසල් ශිෂ්‍යාවක්‌ සහ ඇගේ මව අධික වර්ෂාවත් සමඟ ඇතිවූ සැඩ පහරකට හසුවීමෙන් පාසල් ශිෂ්‍යාව මියයාමේ අවාසනාවන්ත පුවතක් වාර්තා වෙනවා. ඒ එගොඩවෙල ප්‍රදේශයෙන්.

    පස්‌සර මැදවෙලගම එගොඩවෙල ප්‍රදේශයේට ඇද හැලුනු අධික වර්ෂාවත් සමඟ ඇතිවූ සැඩ පහරකට හසුවීමෙන් මෙලෙසින් පාසල් සිසුවිය මිය ගොස් තිබේ. පසුගිය 12 වැනිදා සවස 5.00 ට පමණ පාසල් සිසුවිය සහ ඇයගේ මව අමතර පන්ති නිමවී නැවතත් නිවස බලා එමින් සිටියදි මෙලෙසින් සැඩ පහරට හසුව තිබේ.

    මෙසේ මියගොස්‌ ඇත්තේ මැදවෙලගම මහා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි දිනිත් තත්සරණී නමැති 10 හැවිරිදි දැරියකි. පස්‌සර නගරයේ සිට 12දා සවස බස්‌ රථයකින් මැදවෙලගම දක්‌වා ගමන් කොට ඇති සිසුවිය සහ මව බසයෙන් බැස වර්ෂාව මැද්දේම එගොඩවෙලගම තම නිවස කරා යාමට පටන්ගෙන ඇත. ඔවුන් යන පාර වැටී ඇති දියකඳුරකින් එගොඩ වීමට උත්සාහ ගන්නා අවස්‌ථාවේදී එම දියකඳුරට ඉහළින් හදිසියේ ගලා ආ සැඩ පහරකට දෙදෙනාම හසුවී ගසාගෙන ගොස්‌ ඇත.

    එහිදී පාසල් ශිෂ්‍යාව මියගොස්‌ ඇත. ඇගේ මව බරපතළ තුවාල ලබා දිවි බේරාගෙන තිබේ. මියගිය ශිෂ්‍යාවගේ මෘත දේහය දැනට පස්‌සර දිසා රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කොට තිබේ. තුවාල ලැබූ මව  පස්‌සර දිසා රෝහලේ  ප්‍රතිකාර ලබන්නීය.