ඒ අනුව කොලොන්නාව, මීතොටමුල්ල, වැල්ලම්පිටිය සහ සේදවත්ත යන ප‍්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටවනු ඇති. අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් ඊට හේතුවී තිබෙනවා.
Category: සුපිරි Walks
-

කොලොන්නාවට අද පස්වරුවේ සිට හෙට උදේ වෙනකම් ජල කප්පාදුවක්..
කොලොන්නාව, ඇතුළු ප‍්‍රදේශ කිහිපයකට අද (10) පස්වරුවේ පැය 10ක කාලයක් ජල සැපයුම අත්හිටුවනවා. ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පැවසුවේ අද පස්වරු 02 සිට මධ්‍යම රාති‍්‍ර 12 දක්වා මෙලෙස ජල සැපයුම් අත්හිටුවන බවයි. -

මලික් සමරවික්‍රමගේ රුපියල් කෝටි 35 ක බදු වංචාවේ සුළ මුල එළියට..! ඇත්ත කතාව මෙන්න…
මහින්ද රාජපක්ෂ පාලන සමයේදී එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයාව සිටි මලික් සමරවික්‍රම මහතා රුපියල් කෝටි 35 ක මහ පරිමාණ බදු වංචාවක් සිදු කර ඇති අතර ඊට අදාළව දේශීය අදායම් දෙපාර්තමේන්තුවට තමාට ගෙවීමට සිදු වූ රුපියල් ලක්ෂ ගණනක දඩ මුදලට ද වංචා සිදු කර ඇති බවට තොරතුරු හෙළිවෙමින් පවතියි.
සිය අදායම් වෙනුවෙන් ගෙවීමට නියමිත තිබූ රුපියල් කෝටි 35 ක බදු මුදල ගෙවීම පැහැර හැරීමට අදාළව දේශීය අදායම් බදු දෙපාර්තමේන්තුව පැනවූ දඩ මුදල පිය වෙන ආකාරයට අවස්ථා ගණනාවකදී එම දෙපාර්තමේන්තුවට චෙක් පත් විස්සකට අධික ප්‍රමාණයක් මලික් සමරවික්‍රම මහතා විසින් නිකුත් කරනු ලැබ තිබේ.
කෙසේ නමුත් දේශීය අදායම් බදු දෙපාර්තමේන්තුව එම චෙක් පත් ගිණුම් ගත කිරීමට පෙර මලික් සමරවික්‍රම මහතා කර තිබෙන්නේ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා අල්ලා ගෙන ඔහු මාර්ගයෙන් එම චෙක් පත් සියල්ල ලබා ගැනීමය.
මේ තත්ත්වයෙන් පැහැදිළි වන්නේ මලික් සමරවික්‍රම මහතා මහින්ද රාජපක්ෂලා සමග ඒ කාලයේ සම්බන්ධතා පවත් වමින් සහ ගනු දෙනු කරමින් රටට ජනතාවට කර ඇති මහ පරිමාණ බදු වංචා වගේම එක්සත් ජාතික පක්ෂයට කර ඇති දේශපාලන විනාශයේ තරම වන අතර එවකට එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයාව සිටි මලික් සමරවික්‍රම මහතා සිය රුපියල් කෝටි 35 ක බදු මුදල් වංචාවට අදාළව පැනවූ දඩ මුදල පිය වෙන ලෙස දේශීය අදායම් බදු දෙපාර්තමේන්තුව වෙත නිකුත් කර ගාමිණී සෙනරත් මහතා මාර්ගයෙන් යළි ලබා ගත් චෙක් පත්වලින් කිහිපයක් පහත දැක්වේ.
(සුමුදු පෙරේරා)

-

නොමග ගිය අන්තරේ සරසවි මැරයන් මඩින්න පොලිසියෙන් කදුළු ගෑස් සහ ජල ප්‍රහාර
මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ පරාජිත කල්ලියට පශ්චාත් භාගය දික්කරගෙන සිටින කුමාර ගුණරත්නම්ගේ පෙරටුගාමි පක්ෂයේ ශිෂ්‍ය සංවිධානය වන අන්තරය විසින් අධිකරන නියෝග නොසලකමින් මහජනයා අපහසුතාවයට පත්වන අයුරින් සංවිධානය කරනු ලැබු ජනතාව පිඩාවට පත් කරන විරෝධතාවයකට මිට සුළු මොහොතකට පෙර කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර අැත..
https://www.facebook.com/iusfsrilanka/videos/1427166644055231/
-

පරාජිත මහින්දගේ අණින් නොමග ගිය පෙරටුගාමි අන්තරේ සරසවි සිසුවෝ සයිටම් මහ පාරට..
කොළඹ කොටුව ආශ්‍රීතව පැවැත්වීමට නියමිතව තිබූ පෙළපාලි හෝ උද්ඝෝෂණ පැවැත්වීමට එරෙහිව සීමා පණවමින් නියෝගයක් නිකුත් කොට ඇතිබව පොලිස් මූලස්ථානය නිවේදනය කර තිබෙනවා. ඒ පොලිසිය විසින් අධිකරණය වෙත කරන ලද කරුණු දැක්වීමකට අනුවය.කෙසේ වෙතත් සයිටම් විරෝධි පාගමනක් හේතුවෙන් වෝඩ් පෙදෙස තාවකාලිකව වසා දමා ඇතැයි පොලිසිය පවසනවා. ටවුන් හෝල් ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් වාර්තා වනවා.
කොළඹ කොටුව ආශ්‍රීතව පැවැත්වීමට නියමිතව තිබූ පෙළපාලි හෝ උද්ඝෝෂණ පැවැත්වීම සම්බන්ධයෙන් පොලිසිය මාධ්‍යවෙත නිකුත් කර ඇති සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වෙනවා.
https://www.facebook.com/iusfsrilanka/videos/1427166644055231/
-

17වරක් දුෂණය වු දැරියකගේ කදුළු කතාව මෙන්න… වින්දිත දැරියගේ නමින් දුෂණ නඩු 17ක් අධිකරණයේ…
දාහත්වරක් දූෂණයට ලක්වූ බාලවයස්කාර දැරියක් පිළිබඳව පුවතක් ගාල්ල ප්‍රදේශයෙන් වාර්තා වනවා.
මෙම දැරිය දූෂණය කිරීම සම්බන්ධයෙන් මේ වනවිට අධිකරණ කිහිපයකම නඩු විභාග වෙමින් පවතින බවයි වාර්තා වන්නේ.
ඒ අනුව මොරවක මහෙස්‌ත්‍රාත් අධිකරණයේ නඩු දහයක්, මාතර මහෙස්‌ත්‍රාත් අධිකරණයේ නඩු පහක්, උඩුගම මහෙස්‌ත්‍රාත් අධිකරණයේ එක් නඩුවක් විභාග වෙමින් පැවතීම විශේෂත්වයක්.
කෙසේ වෙතත් දැරිය අවසන් වරට රැඳී සිටි ළමා නිවාසයෙන්ද ඇය පැනගොස් සිටියදීයි නැවත වරක් මෙලෙස දූෂණයට ලක්ව ඇත්තේ.
ළමානිවාසයෙන් පැනගිය දැරිය පැමිණ ඇත්තේ කොළඹ මෝදර ප්‍රදේශයටයි.
එහිදී තරුණයෙකු දැරිය කැඳවාගෙන ගොස් සිය නිවසේ තබාගෙන ඇයව දින කිහිපයක් තිස්සේ දූෂණය කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
අනතුරුව වෙනත් කාන්තාවක් විසින් ඇයට රැකියාවක් ලබාදී ඇති අතර එම සේවා ස්ථානයේ සිට දැරිය සිය මවට ඒ පිළිබඳව දැනුම්දී තිබෙනවා.
ඒ අනුව දැරියගේ මව පැමිණ නැවතත් දැරිය රැගෙන ගොස් ගාල්ල පොලිසිය වෙත භාර දී ඇති බවයි වාර්තා වන්නේ.
පසුව අදාළ දැරිය අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර ඇයට සුදුසු ළමා නිවාසයක් සොයාදෙන ලෙස අධිකරණය නියෝග කර ඇත්තේ.
එතෙක් එම දැරිය ගාල්ල ප්‍රදේශයේ ළමා නිවාසයක රඳවන ලෙසද අධිකරණය නියෝග කර තිබෙනවා.
ගාල්ල පොලිසියයි වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.
-

බොන්න වතුරත් නොදී පැය 10ක් බලෙන් වැඩ ගන්න ඇඟලුම් කම්හලක් ගැන අැත්ත කතාව මෙන්න….!
කිළිනොච්චියේ පවත්වාගෙන යන ඇඟලුම් කම්හලක පාලකයින් එම පළාතේ තරුණ තරුණියන්ගෙන් පැය දහයක කාලයක් එක දිගටම බලහත්කාරයෙන් සේවය ලබා ගන්නා බවට එහි සේවක සේවිකාවෝ කිළිනොච්චිය කරච්චි ප්‍රාදේශීය සභාවට පෙත්සමක් ඉදිරිපත් කොට තිබේ.
පැය දහයක සේවා කාලයකට එකඟ නොවන සේවක සේවිකාවන්ට රැකියාවෙන් ඉවත්ව යන ලෙසට බලපෑම් කරන බවද එම පෙත්සමේ සඳහන් වෙයි.
පැය දහයක කාලයක සේවය ලබා ගත්තද ඒ වෙනුවෙන් ලබා දෙන අතිකාල දීමනාව ආහාර හා තේ පැන් සඳහා ආපසු අයකරගන්නා බව පවසන සේවක සේවිකාවෝ මේ දිනවල කිළිනොච්චිය ඇතුළු උතුරු පළාතේ පවතින අධික රශ්මිය නිසා ඔවුන්ට එකදිගටම පැය දහයක කාලයක් සේවය කිරීම ඉතා අපහසු බවද පෙත්සමේ සඳහන් කොට තිබේ.
පැය දහයක සේවයක් ලබා ගන්නා නමුත් මෙම ඇඟලුම් කර්මාන්තශාලාවෙන් සේවක සේවිකාවන්ට පිරිසිදු පානීය ජලය සපයාදීම හා අනෙකුත් සුබසාධන සේවා පවත්වාගෙන යාම නතර කොට ඇති බවද පෙන්වා දෙන සේවක සේවිකාවෝ මේ පිළිබඳව වහාම පරීක්‌ෂණයක් පවත්වා තමන්ට සහනයක් සලසා දෙන මෙන් කරච්චි ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගෙන් ඉල්ලීමක් කොට තිබේ.
-

නිදන කාමරයේදී ලිංගිකව හැසිරෙන අතරතුරේ ඔහු නොනවත්වා මට පහර දුන්නා – දුඹුරු වහලිය සියල්ල හෙලිකරයි
කාන්තාවන්ට හිංසා කළ බවට චෝදනා එල්ල වූ ඇමෙරිකා එක්‌සත් ජනපදයේ නිව්යෝක් නීතිපති එරික් ෂෙනී ඩර්මන් සිය තනතුරින් ඉල්ලා අස් වී තිබේ.
“ද නිව්යෝකර්” සගරාව මගින් නීතිපතිවරයාට එරෙහිව චෝදනා හෙළි කර තිබිණි.
කාන්තාවන් සිව් දෙනකු මෙම චෝදනාව කළ අතර එයින් දෙදෙනකු නීතිපතිවරයාගේ හිටපු පෙම්වතියන්ය.
හැට තුන් හැවිරිදි නීතිපතිවරයාගේ පෙම්වතියන් දෙදෙනා පවසන්නේ ඔහු තමන්ට පහර දුන් බවය.
එහෙත් නීතිපතිවරයා පවසන්නේ පහර දීමක් සිදු නොවූ බවත්, ඔවුන් සමග ලිංගික සම්බන්ධතා පැවැත්වූයේ ඔවුන්ගේ කැමැත්ත මත බවයි.
මෙම හෙළිදරව් කිරීමෙන් පසු නිව්යෝක් ආණ්‌ඩුකාර ඇන්ඩෘ කුමෝ විසින් තනතුරින් ඉල්ලා අස්‌වන ලෙස නීතිපතිවරයාට දන්වන ලදී.
“කිසිවකු නීතියට උඩින් නැහැ. නිව්යෝක් නගරයේ ඉහළම නීති නිලධාරියාටත් එය එලෙසමයි” යනුවෙන් ආණ්‌ඩුකාරවරයා පවසා තිබේ.
නීතිපතිවරයාගේ එක් පෙම්වතියක් වන ටාන්යා සෙල්වරත්නම් ශ්‍රී ලාංකික තරුණියකි.
ඇය ගත්කතුවරියක, නිළියක මෙන්ම අධ්‍යක්‌ෂවරියක ද වන්නීය.
තමන් හැර ගියහොත් ඇය මරා දමන බවට නීතිපතිවරයා තර්ජනය කළ බව ද බොහෝ අවස්‌ථාවල තමන්ට පහර දුන් බව ද ටාන්යා සෙල්වරත්නම් පවසා තිබේ.
ඇය නිව්යොර්ක් පෝස්ට් වෙබ් අඩවියට සඳහන් කර ඇත්තේ මෙවැන්නක්.
“ඔහු මාව දුඹුරු වහලිය ලෙස හැඳින්වූවා. මාව ලිංගික වහලියක් ලෙස භාවිත කළා. නිදන කාමරයේ දී මට බොහෝ ලිංගික හිංසනවලට මුහුණ දෙන්නට සිදු වුණා. ලිංගිකව හැසිරෙන අතරතුරේ ඔහු නොනවත්වා මට පහර දුන්නා. එමෙන්ම ඔහු සහ තවත් පිරිමියෙකු සමග එකට ලිංගිකව හැසිරෙන්නටත් මට බල කළා.”
-

රාජපක්ෂ අණින් භාරත ඝාතනය කල මිනිමරු දුමින්ද අහිංසකයි කියමින් ගෙතු අභියාචනය අද දිනත් විභාගයට..
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතක දුමින්ද සිල්වා නිදොස් කරන්නැයි ඉල්ලමින් සුරංගනා කතා ගෙතු අභියාචනය අද ශ්‍රේෂ්ඨාධිකරණයේදි විභාගයට ගෙන ඇත..
කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි මානව හිතවාදි ජනතා නායක භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මැතිතුමාගේ මරණය සම්බන්දයෙන් මරණ දඩුවම නියමිවී සිටින කුඩු මුදලාලි කෙනෙක් සහ තම බිරිදගේ නැගණිය දුෂණය කල ස්ත්‍රි දුෂකයෙක් ලෙස විරුදාවලි ලත් දුමින්ද සිල්වාට එරෙහිව කොළඹ මහාධිකරණය ලබාදුන්නේ නීත්‍යනුකූල තීන්දුවක් නොවන බවට අභියෝග කරමින් ඉදිරිපත් කරන ලද පෙත්සම අද විබාගයට ගැණිනි.
ඒ අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප් මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේයි.
කෙසේ වෙතත් විත්ති පාර්ශවය පැවසුවේ නඩු විභාගයේදී ඉදිරිපත් වූ සාක්ෂි සාධාරණ සැකයකින් තොරව ඔප්පුවන්නේදැයි සොයා බැලීමකින් තොරව රජයේ නීතීඥවරුන්ගේ ප්‍රකාශ මත පමණක් පදනම් වෙමින් විනිසුරුවරිය සිය තීන්දුව ලබාදී ඇති බවයි.
එම නිසා නීතියට පටහැනිව දඩුවම් දෙමින් ලබා දුන් නඩු තීන්දුව අහෝසි කර සියලු චෝදනාවලින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද සිල්වා මහතා නිදොස් කොට නිදහස් කරන ලෙස ජනාධිපති නීතීඥ අනිල් සිල්වා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියා.
අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අභියාචනය අද යළිත් විභාගයට ගැනුණේ තුන්වන දිනටයි.
https://www.facebook.com/PrasannaSolanga/videos/635846826575360/
https://www.facebook.com/PrasannaSolanga/videos/551091828384194/
-

8 දෙනෙක් එක්ක වෙරළේදී මහා දවල් දැරියක් දූෂණය කරන වීඩියෝවක් අන්තර්ජාලයේ – Video
දවල් වේලාවකදී බාල වයස්කරුවන් අටදෙනකු විසින් ඇයගේ ඇඳුම් ඉරා දමමින් හිරිහැර කරමින් දූෂණය කරන වීඩියෝ පටයක් අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා.
මේ සිදුවීම වාර්තා වන්නේ ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ ජෙහනාබාද් ප්‍රදේශයෙන්.
මේ සිද්ධියට අදාළ පුද්ගලයින් සිනාසෙමින් මේ බාල වයස්කාරිය අපහසුතාවයට ලක් කරන අතර ඇය දැඩි අපහසුතාවයකට ලක් කරනවා.
මෙම වීඩියෝ පටය අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය වී පැය කිහිපයකින් මේ සිද්ධියට සම්බන්ධ 18 හැවිරිදි තරුණයා සහ බාල වයස්කරුවන් දෙදෙනෙකු අත්ඩංගුවට ගන්නට පොලිසිය සමත් වූ බව ද හින්දු පුවත්පත වාර්තා කර තිබෙනවා.
https://youtu.be/9i0aJSgRXzs
-

මේ *න්නයට හැමදාම සනීප නෑ – මහින්ද එක්ක සැප ගත්තු කාන්ති උපාලිව සමනලයෙක්ට සම කරලා…
අද උදෑසන උපාලි කොඩිකාරලාගේ ගෙදර මරු සිද්ධියක් වෙලා කියලා අපට ආරංචි උනා…
මැයි දිනයට ගාලු යන්න කොඩිකාරලාගේ ගෙදර ගියපු කට්ටියට අසනීපෙන් උන්න කොඩිකාර හමුවෙලා..
තමන්ගේ අසනීපය ගැන තම සමීපතමයන් වන ඔවුන්ට කියද්දී කේන්තියෙන් ගෙදරින් එලියට ආපු කාන්ති කොඩිකාර ” උබ තාම ලැස්ති නැද්ද *න්නයෝ? ” යනුවෙන් දෙනෝදාහක් ඉස්සරහ තම සැමියාට ජාතිය අමතා ඇත…
මේ අවස්ථාවේ සුවච කීකරු සුනඛ පෝතකයෙක් මෙන් හැසිරුණු උපාලි මට සනීප නැති හින්දනේ මේ ඔක්කොම යනුවෙන් පවසමින් එම ස්ථානයෙන් තම කාමරය බලා නික්ම ගොස් ඇති අතර එහිදී යලිත් බැන වැඩි ඇති කාන්ති “මේ *න්නයට හැමදාම සනීප නෑ.. මට මේක එපා වෙලා ඉන්නේ යනුවෙන් පවසා ඇත..
මෙම තොරතුරු අපට වාර්තා වන්නේ මේ වන විට එම නිවස තුලම සිටින සිටින අපගේ විශේෂ වාර්තාකරුවෙක්ගෙන් වන අතර මේ වදන් ඇසීමෙන් කලකිරීමට පත්වූ පිරිසක් නැවතත් නිවෙස් බලා පිටත් වූ බවද අපට වාර්තා වේ..
-

මගේ ළමයට පද හදන්න එපා.. මේ ඉන්නේ තාත්තා.. පියුමි හංසමාලි සැමියා ගැන ඇත්ත කියයි…
පියුමි හංසමාලී කියන්නේ කාලෙන් කාලෙට එක එක විදිහේ පුවත් මවන චරිතයක්.
පියුමි Facebook එකට දාන සමහර Photo නිසා ලොකු කතාබහක් ඇතිකරනවා.
මේ කියන්න යන්නෙත් ඒ විදිහට බුකිය පුරාම හුවමාරු වුණු හුඟදෙනෙක් අදහස් දක්වපු පියුමිගේ Facebook Post එකක් ගැන.
පියුමි තමන්ට දෝෂාරෝපන එල්ලකරන අයට මුහුණුපොත හරහා ලොකු කනේ පහරක් එල්ල කර තිබුණා. ඒ තමන්ට ගහන මඩ වලට ඇගේ පුතාව සම්බන්ධ කරගන්න එපා කියන ඉල්ලීමත් එක්ක.
“තාත්තයි පුතයි 😍🎉💃මා දරැ සෙනෙහස හොදට දන්නා ගැහැනියකි මා හට කව්රැන් මොනා පැවසුවත් මාව ලගින් ඇසුරැ කරන සියලු දෙනා මාගේ හැටි හොදා කාරවම දනිමි.ලොකයාට කැ ගසා කිමට අවශ්‍යය නැත මා ගැන.මා කිසි සෙත් දරැවාට පිය සෙනේහස අහිමි කරෙ නැත.මවු සෙනෙහස සැමදාම ඔහු ලගය.විටෙක පිය සෙනෙහසද මව් සෙනෙහසද දෙකම මා ඔහුට දුන්නෙය.මා මෙතෙක් දවසක් නිහඩ විය.සියලු දෙනාගෙම බැනුම් ඇසුවෙය නමුත් තව දුරටත් මා හට එහෙම සිටිමට නොහැක ලොකයා දැන ගත යුතුය.මෙ ඇත්ත plz පිංසිද්ද වෙයි.ඔනැම මඩක් මා හට ගසන්න දාරා ගැනිමෙ ශක්තිය මා හට ඇත. දරැවා සම්බන්ද නොකරන්න.😭මොකද දැනටමත් සියලු දෙනාට දැන ගන්න ඔනේ සියලු දෙ දැන ගැනිමට සලසවා ඇත.දැං කව්රැ කව්රැත් හිත් වලට කතා කරලා අහන්න බලන්න තමන් හරිද වැරදිද කියලා.වැරදි කරපු කිසිම කෙනෙක් නැතුව ඇති ඔක්කම පත්තිනි අම්මලා”

-

වැරදි කරලා ඉවරයි? මහාමාර්ග විනයට අලුතෙන්ම එන RFID ගැන ඇත්ත කතාව මෙන්න…
(VIDEO) වාහන හඳුනා ගැනීම මගින් නීතිය ක්‍රියාත්මක කිරීමට, මහා මාර්ග තදබදය ගැන තීරණ ගැනීමට හා එය කළමනාකරණය කිරීමට ආර්.එෆ්.අයි.ඩී. තාක්ෂණය ශ්‍රී ලංකාවේ මාර්ගයන්ට හඳුන්වාදීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.
වාහනයක ඉදිරිපස හා පසුපස වීදුරුවලට අලවන ස්ටීකරයට ආර්.එෆ්.අයි.ඩී. ටැග් ඇතුළත් කරන අතර පසුව එය කියැවීමේ උපකරණ මහා මාර්ගයේ සවිකරනු ලබයි ඒ අනුව එම කියැවීමේ මේ වන විට මාර්ගයන්හි සවි කිරීම ආරම්භ කර ඇත.
මෙම ආර්.එෆ්.අයි.ඩී. ටැග් ස්ටීකරය ඉදිරියේදී සැම වාහනයක් සදහාම ඇලවීමට නියමිත බවත් එමගින් ශ්‍රී ලංකා පොලිසියට හෝ වෙනත් රාජ්‍ය ආයතන සදහා වාහනය නවත්වන්නේ නැතිව එහි සියලුම තොරතුරු ලබා ගැනීමේ පහසුකම සැපයෙනු ඇත.
-

infosrilankanews වාරණයට එරෙහිව වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය සටන් බිමට…
ආචාර ධර්ම,පිළිතුරු දීමේ අයිතියට පයින් ගසා ආණ්ඩුව වෙබ් මර්දණයක…
ජාතිවාදය මුවාවෙන් සමාජ ජාලා හා වෙබ් අඩවි අවහිර කරමින් සිටි වර්තමාන යහපාලන ආණ්ඩුවේ හා එහි කුප්‍රකට නිලධාරින්ගේ නවතම දඩයම බවට infosrilankanews වෙබ්අඩවිය ලංකාව තුල වාරණය කිරිම පත් වී තිබේ.
දැනට දින කිහිපයක සිට ආණ්ඩුව පනවා ඇති මෙම නිර්ලජ්ජිත වාරණය අපි වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය ලෙස දැඩි පිළිකුලින් යුතුව හෙළාදකිමු.
infosrilankanews වෙබ් අඩවිය ලංකාව තුල වාරණය කිරිමට ලක්ව ඇති බව එම වෙබ් අඩවියේ කතෘ මණ්ඩලය මේ වනවිට පැහැදිළිවම තහවුරු කොට ගෙන ඇති අතරම එම වාරණය පිටුපස ආණ්ඩුවට සම්බන්ධ ප්‍රබල හස්තයක් සිටින බවද අනාවරණය කර ගෙන ඇත.
මෙහිදි අපගේ අවධානය වැඩි වශයෙන් යොමු විය යුත්තේ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ ආචාර ධර්ම පිළිගන්නා බවට infosrilankanews වෙබ්අඩවියේ පැහැදිලිව සදහන් කර තිබිමත් එම අඩවියේ කතෘ වගකිම දරන්නන් රටතුල සිටියදිත්,වෙබ් අඩවිය හරහා පිළිතුරු දීම සඳහා ඇති අයිතිය ද සනාථ කර තිබිය දී ඒ සියල්ලම නොසලකා හරිමින් මෙලෙස මාධ්‍ය මර්දනයේ හස්තය ක්‍රියාත්මක විමය.
එය ව්‍යංගයෙන් දක්වන්නේ යම් වෙබ් අඩවියක් හෝ සමාජ මාධ්‍යයක් තහනම් කිරීමට අවශ්‍ය නම් ආණ්ඩුව කිසිදු මාධ්‍ය ආචාර ධර්මයකට හෝ තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් තඹ දොයිතුවකට මායිම් නොකරන බව නොවේද?
මෑත කාලයේ මාධ්‍ය ඉදිරියේ ආණ්ඩුවේ ප්‍රධානින්ගේ සහ නිළධාරින්ගේ හැසිරීම් පැහැදිළිව මාධ්‍ය මර්දනය දෙසට වැටි ඇති ආණ්ඩුවේ ගමන් මග පෙන්වා දෙන අතරම ආණ්ඩුවේ දුෂණයන්ට එරෙහිව ජනතාවට තොරතුරු ඉදිරිපත් කිරිම හමුවේ විකල්ප ධාරාවේ වෙබ් අඩවි සියළු දූෂිතයන්ගේත්, මර්ධිතයන්ගේත් පොදු හතුරා බවට පත්වෙමින් තිබේන බව අප ට පැහැදිළි වෙමින් පවති.
රටතුල වෙබ් අඩවියක් අවහිර කිරිමේ බලයලත් ආයතන වන්නේ විදුලි සංදේශ නියාමන කොමිසම (TRC) සභාව වන අතර ඒය ජනාධිපතිවරයා යටතේ තිබෙන ආයතනයකි.
එහි සභාපතිවරයා වන්නේද ජනාධිපති ලේකම්වරයාය.
ඒ අනුව TRC හරහා යම් වෙබ් අඩවියක් අවහිර කිරිමට නම් ඒ සදහා ඉතා ඉහල පෙළේ පෙළඹවීම අවශ්‍ය බව අමුතුවෙන් සදහන් කල යුතු නැත.
මාධ්‍ය නිදහසින් ශ්‍රී ලංකාව ස්ථාන 10ක් ඉදිරියට යැයි වහසි බස් දොඩවමින් සිටින ආණ්ඩුව සිය නොහැකියාව වසා ගැනිම සදහා මර්දනයේ හස්තය මාධ්‍ය දෙසට දිගු කරමින් සිටින බවත් එය සමාජ ජාලා අවහිර කිරිමේ සිට ලංකා ඊ නිවුස්, ලංකා නිවුස් වෙබ් ඩොට් ටුඩේ හරහා infosrilankanews වෙබ් අඩවිය අවහිර කිරිම දක්වා ගමන් කර ඇති බව ඉතා පැහැදිළිය.
මෙවන් තත්ත්වයක් යටතේ යහපාලනය ස්වරූපයෙන් දියත් වන මෙම මර්දනයට එරෙහිව මාධ්‍ය නිදහස, තොරතුරු දැන ගැනිමේ අයිතියට ගරු කරන සියලුම දෙනා පෙළගැසීය යුතු බවත් අපි තරයේ අවධාරණය කර සිටිමු.
දුමිදු දිසානායක
කැඳවුම්කරු වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය
“සීමා,මායිම් නොමැති වර්තාකරණයේ සමාජ වගකිම් ව්‍යාපාරය”
සම්බණ්ධිකරණය -0778387976
-

අවුරුදු උත්සවේ කෙල්ලගේ අහවල් තැන තියලා කොල්ලෝ ඇපල් කාපු හැටි මෙන්න…
https://www.facebook.com/kuwaitWalaLankaweApi.lk/videos/1020384801464485/
-

අද මැදියම් රැයේ සිට කිරි පිටි කිලෝවක මිල ඉහළට යන හැටි මෙන්න…
කිරිපිටි කිලෝග්‍රෑම් 1 ක මිල රුපියල් 50 කින් හා ග්‍රෑම් 400 ක කිරි පිටි පැකට්ටුවක මිල රුපියල් 20 කින් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට අවසර දුන් බව පාරිභෝගික සේවා අධිකාරියේ අධ්‍යක්ෂක ජෙනරාල් ඩී. ජිවානන්දන් අප වෙත කියා සිටියා.


