දෙවෙනි ඉනිම කියන්නේ අපි ගොඩක් ආසාවෙන් බලන ලස්සන ටෙලිනාට්‍යක්. ඉතින් මේ දිනවල එම ටෙලිනාට්‍යෙය් දෙව්මිගේ අම්මාගේ චරිතයට පණ පොවන අන්ජලිගේ ඡායාරූප පෙළක් අන්තර්ජාලය පුරා හැමෝගෙම අවධානයට ලක් වෙලා තියෙනවා.
එම ඡායාරූප සියල්ලම පහතින්












දෙවෙනි ඉනිම කියන්නේ අපි ගොඩක් ආසාවෙන් බලන ලස්සන ටෙලිනාට්‍යක්. ඉතින් මේ දිනවල එම ටෙලිනාට්‍යෙය් දෙව්මිගේ අම්මාගේ චරිතයට පණ පොවන අන්ජලිගේ ඡායාරූප පෙළක් අන්තර්ජාලය පුරා හැමෝගෙම අවධානයට ලක් වෙලා තියෙනවා.
එම ඡායාරූප සියල්ලම පහතින්












https://www.facebook.com/maithripalas/videos/10156062672311327/

https://www.facebook.com/maithripalas/videos/10156062481341327/

මේ දිනවල මුහුණු පොතේ ඉතා වැඩි වේගයෙන් ප්‍රචාරණය වන විශේෂ පොස්ටුවක් අපට දක්නට ලැබුණු අතර එයින් දැක්වෙන්නේ අවුරුදු දිනවල සප්පායම් වීම සදහා පොලිස් නිලධාරින් දෙදෙනෙක් ගොතටුව ප්‍රදේශයේ බාර් එකක පෝලිමේ සිටින අයුරුය…
එම පොස්ටුව පහලින්..


සිංහල හිංදු අලුත් අවුරුද්ද උදාවෙන්න තවත් ඉතිරිවෙලා තියෙන්නෙ දවසකටත් වඩා අඩු කාලයක්. අලුත් අවුරුද්ද උදා වෙද්දි කිරි ඉතිරවීම අතීතයේ සිටම පැවත එන සම්ප්‍රධායික චාරිත්‍රයක්.නමුත් වර්තමානයේ මෙම චාරිත්‍රය සම්බන්ධයෙන් විවිධ අය විවිධ මත පළ කරන ආකාරයක් දැකගන්න පුළුවන්. විශේෂයෙන් කිරි ඉතිරවීමට යොදා ගන්නා කිරි වර්ගය සම්බන්ධයෙන් අතීතයේ පටන් පැවත එන මත සමහර පුද්ගලයන් බැහැර කරමින් සිටින බවක් පෙනෙන්නට තිබෙනවා.
ඒ අනුව අතීතයේ පටන් කිරි ඉතිරවීමට යොදාගත් එළකිරි ප්‍රතික්ෂේප කරමින් පොල්කිරි යොදා එම කාර්යය සිදු කිරීම සුබදායක යැයි පිළිගන්නා පිරිසක්ද අප සමාජයේ ඉන්නවා. කෙසේ නමුත් පැරණි සිරිත්වලට අනුව මේ සඳහා සුදුසුම එළකිරි බව පුරාතන සෘෂිවරුන් පවා අනුමත කර ඇති බව ඉතිහාසයේ සඳහන් වෙනවා.
සුබ නැකතකට සුබ දිශාවක් බලා එළකිරි ඉතිරවීමෙන් වා පිත් සෙම් සහ ත්‍රිදෝෂයන්ගෙන් හට ගන්නා අට අනූවක් ව්‍යාධිද දෙසියතිහක් අන්තරායන්ද යක්ෂ, ප්‍රේත, පිසාච හා වස්දොස් දුරුකරවීමටත් අනවින පලවා හැරීමටත් මහඟු බලයක් ලැබෙන බව පිළිගන්නවා. එසේම ලෞකික සෞභාග්‍යයේ සහ සමෘද්ධියේ සංකේතයක් බව වෛදික ධර්ම ශාස්ත්‍ර ග්‍රන්ථවල පැහැදිලිවම සඳහන් වෙන කරුණක්.
එය එසේ වුවද පහතරට ධීවර ජනතාවත් තෙලිඟු (අහිකුණ්ඨික) ගෝත්‍රිකයන් හා ආදිවාසීන් මංගල සම්මත කටයුතු වලදී එළකිරි වෙනුවට පොල්කිරි යොදා ගන්නා අවස්ථා තිබෙනවා.මේ සඳහා ප්‍රධානතම හේතු සාධකය වී ඇත්තේ ඔවුනට ගවයන් ඇති කිරීමට තිබූ අපහසුතා නිසා එළකිරි සොයා ගැනීම දුෂ්කර වූ නිසා බවයි පැවසෙන්නේ.
සුබ කටයුතු සඳහා කිරි ඉතිරවීමට එළකිරි යොදා නොගැනීම සම්බන්ධයෙන් මත පළකරන්නෝ එළකිරිවල ලේ මිශ්‍රිත යැයි මිථ්‍යා මතයක් ගෙනහැර පානවා. එහෙත් එය කිසිසේත් පිළිගත හැකි මතයක් නොවේ. එළකිරිවල පවතින විෂබිජනාශක ගුණයන් අදෘෂමාන දෝෂනාශක බලයන් හේතුවෙන් සියලු දොස් දුරුවන බවත් ලක්ෂ්මි දේවියගේ බැල්ම ලැබි සෞභාග්‍ය උදාවන බවත් අතීතයේ සිටම පැවත ආ පිළිගැනීමයි.
විෂ්ණු පුරාණය නම් පැරණි භාරතීය ග්‍රන්ථයේ සඳහන් වන විෂ්ණු දෙවිඳුන් විසින් මන්දරගිරි නම් පර්වතයෙන් කිරි මුහුද කැළඹීමේ දී රත්නයන් දාහතරක් මතුවෙයි. ඉන් ප්‍රමුඛතම රත්නය වනුයේ ලෞකික සශ්‍රීකත්වයේ, සෞභාග්‍යයේ සංකේතය වන ලක්ෂ්මියයි. ඒ අනුව මෙම කිරි ඉතිරවීම තුළ විෂ්ණු විසින් කිරිමුහුද කැළඹවීමේ සිද්ධිය ද සංකේතය වන බවද පැවසෙනවා.
ඒ වගේ බොහෝදෙනා කිරි ඉතිරවීමේ කටයුත්තට එතරම් සැළකිල්ලක් නොදක්වමින් සිදුකරන අකාරයක් දැකගන්නට ලැබෙනවා. කෙසේ නමුත් කිරි ඉතිරවීමෙන් සැබෑ ප්‍රයෝජන ගත යුතුනම් එය නිවැරදි ආකාරයටම සිදු කල යුතු වනවා.
එළකිරි ඉතිරවීමට නැවුම් එළකිරි සොයාගත නොහැකි විටදී වෙළෙඳපළෙන් මිලදී ගත හැකි කල්කිරි යොදා ගැනීමේ හැකියාවක්ද පවතිනවා. එම කිරි හත් වරක් පෙරා නැවුම් මැටි මුට්ටියකට දැමීම වඩා සුදුසු ක්‍රමයයි. ඉතිරවීමට පෙර කිරි මුට්ටියට අමුකහ පෙත්තක් හෝ දෙකක් දැමීමද සාමාන්‍ය සිරිතක් වනවා.
කිරි උතුරුවන ළිප බැඳීම සඳහා ගඩොල් කැට තුනක් යොදා ගතයුතු අතර කිසිවිටකත් කළු ගල්, සිමෙන්ති ගල් හෝ කෘතීම ගල් භාවිතය නුසුදුසු වනවා. වර්තමානයේ සමහරුන් යොදා ගන්නා ආකාරයට ගෑස් උඳුන් හෝ විදුලි උඳුන්ද ඒ සඳහා සුදුසු වන්නේ නැහැ. වර්තමානයේදී අපට සොයා ගැනීමට අපහසු වූවත් අතීතයේදී කිරි ඉතිරවීමේදී ඒ සඳහා රත් හඳුන්, සුදු හඳුන්, දේවදාර, අගිල්, සුවඳ කොට්ටං, පැඟිරි වැනි දර වර්ග යොදාගෙන ඇති බව සඳහන්.
එසේම කිරි මුට්ටිය ළිප තබා ගිනි ඇවිළවීමට කිසිවිට කටින් පිඹීම නොකළ යුතු අතර පවන් සැලීමෙන් ගිනි අවුලුවාලීම කල යුතු වනවා. කිරි ඉතිරී යාමට පෙර ළිප නිවී යාම නුසුදුසු බැවින් කිරි ඉතිරෙන තෙක් ගින්දර පවත්වා ගැනීමටද කටයුතු කලයුතු වනවා. ඒ සඳහා සඳහා කපුරු පෙති හෝ භූමිතෙල්වල පෙඟවූ දර යොදා ගනිමින් ගින්න දැල්වා ගන්න පුළුවන්.
කිරි උතුරුවන කාර්යයේ නියැළෙන පුද්ගලයා ගැනද මෙහිදී අවධානය යොමුවනවා. ඔහු සංවර සුදු වස්ත්‍රයකින් සැරසීම වඩා සුදුසු බවයි සඳහන් වන්නේ.මේ සඳහා එක්වන පිරිස කිළිකුණුවලින් වැළකී සිටිය යුතු බවද බොහෝ දෙනෙක් නොදන්නා රහසක්.

ක්‍රි.ව. 2018 අප්‍රේල් මස 14වෙනි සෙනසුරාදා පෙ:ව: 8.13ට වෘෂභ ලග්නය උදාව පවතින මොහොතට උදාවන අලුත් අවුරුද්දේ ඒ මොහොතට පවතින ග්‍රහ යෙදුම ඒ ඒ ලග්නයට බලපාන අයුරු කෙසේද වන වග මතූ සඳහන් පරිදි වේ.
වෘෂභ, මකර ලග්න හිමියන්ට මෙන්ම තමාගේ උපන් නැකත ලෙස කැති, රෙහෙණ, මුවසිරිස යන නැකතකින් ඉපදී ඇති අයත් මෙම පහත සඳහන් ප්‍රතිඵල කෙරේ වැඩි අවධානයක් යොමුකරන්න. එබැවින් ඒ අය මෙම වසර පුරාවටම අවුල් වියවුල් සමාදානයෙන් විසඳා ගැනීමට යොමුවන්න. සොහොයුරන් නිසා පාඩු හානි සිදුවේ. සතුරෝ බොහෝය. එහෙත් තැනට සුදුසු අයුරින් කටයුතූ කළහොත් ඔවුහු පැරදෙති. වා පිත් කිපීමෙන් හට ගන්නා රෝගයන්ට නිතර නිතර ලක් වේ. මුදල් හානි හා මංකොල්ලකරුවන් නිසා පාඩු සිදු වේ. ලේඛිත ගිවිසුම් මත පමණක් මිස හුදු අන්‍යොන්‍ය විශ්වාසය මත ණය නොදිය යුතුය. මංකොල්ල හා වංචා කෙරෙන් ප්‍රවේසම් වන්න.
අවදානම් කටයුතු කෙරෙහි යොමු නොවන්න. අන්‍යයන් ඔබ සමග සහයෝගී නොවී කෝපයෙන් හා නොරිස්සීමෙන් ඔබට එරෙහිව කටයුතු කිරීම නිසා ඔබට හා ඔබගේ කටයුතුවලට එය විනාශකාරී ලෙස බලපානු ඇත. වෙහෙසී උනන්දුවෙන් කටයුතු කරමින් ඒවාට මුහුණ දීමෙන් සාර්ථකත්වය ළඟා කර ගත හැක. උත්සාහය මනාව යොදා ශක්තිය හා විපරම් සහගත උපාය මෙම වසර තුළ ඔබට තිබිය යුතු වේ. අනතුරුවලට ඉඩකඩ සහිත වසරකි. රිය පැදවීමෙහිදී ආරක්ෂාකාරී වන්න.
කායික, චෛතසික ඉස්පාසුවක් ඇති නොවේ. බොරු කේලාම්වලට අසුවේ. අප්‍රසිද්ධියට පැමිණ අඳුරට තල්ලූ වී යයි. ඇතැම් අයට ජීවත්වීම ඉතා දුක් සහිතව විය හැකියි. දියුණුව සඳහා ගන්නා උත්සාහයන් ව්‍යවර්ථ වන බැවින් කුමකින් කුමක් වේ දැයි කුමන තත්ත්වයකට වැටෙන්ට සිදුවේදැයි බයෙන් සැකෙන් වාසය කරන්ට සිදුවේ. ණය ගනුදෙනු ඇතහොත් ඒවා නොලැබේ. තම ආරක්ෂාව නැතිවී යයි. තමාගේ වටිනාකම් අඩුවෙයි. වෙළෙඳ ව්‍යාපාරිකයන්ට අලූත් අයබදුවලට අසුවීම නිසා තම ආදායම් පක්ෂය පහළ බසී.
එසේම කලක සිට කරගෙන ආ කටයුතු වැඩපිළිවෙළ හෙල්ලුම් කයි. පරණ වැරැදි මතුවී අවුත් ලොකු ද~ුවම් විඳීමට සිදුවේ. සුළු ද~ුවමක් ඇති වුවත් එය තම තත්ත්වයට සහ ආදායමට පහරවදිනසුළුවෙයි. මරණයක් නිසා කරදරයක් මතුවේ.
සතුරු පීඩාවකින් භය ඇති විය හැකියි. අධික වියදම් ඇතිවෙත්. සිත්තැවුල්, කරදර, කණගාටු බලාපොරොත්තු කඩවීම් ඇතිවන වසරක් බැවින් පෙර සූදානමකින් උපක‍්‍රමශීලී ඥානයෙන් කටයුතූ කරන්න. උණ, තුවාල, ලේ හිඟවීම, ලේ විෂවීම, ලේ ගැලීම, මාරක භය, හදිසි අනතුරු, කැඩුමි බිඳුමි වැනි තුවාල, විදුලියෙන් ගින්දරින් වන හදිසි ආපදා, ආයුධවලින් තුවාල අනතුරු ආදීය ඇති කරයි. බඩේ උෂ්ණයෙන් උදරාබාධයක් සෑදීමටද ඉඩ තිබේ. මහන්සිය වෙහෙස ඇති නිෂ්ප්‍රයෝජන ගමන් යාමට සිදුවේ. ආරවුල්වලට අසුවිය හැකියි.
එසේම මේ කාලය අවාසනාවන්ත වේ. නරක ආරංචි ලැබේ. තමා ගැන හොඳ යැයි කියා තිබුණ ආරංචිය, ප්‍රසිද්ධිය නැති වී යයි. පදිංචියද වෙනස්වීමට හෝ ඒ පිළිබඳ කරදරයක් මතුවීමටද ඉඩ තිබේ. භාර්යාවට හෝ ස්වාමි පුරුෂයාටද නැතහොත් දූ දරුවන්ට හෝ අසනීපාදී කරදර, හදිසි අනතුරු ඇති කළ හැකියි. ඔවුන්ට අපලදායක කාලයකි. ශ්‍රී බලය ශක්තිය අඩුවේ. උනන්දුව නැති වේ. මේ කාලය තුළ අවාසනාවන්ත අසතුටුදායක සිද්ධියක් ඇති වේ. ධන හානියකටද ඉඩ තිබේ. උත්සාහයන් ව්‍යවර්ථ වේ. කරගෙන ආ කටයුතු වැඩපිළිවෙළ වෙනස් වේ. ණයවීමටද සිදුවේ. ඉතා ප්‍රවේශම් විය යුතු වසරකි. එබැවින් ඔබ හොඳින් සැලසුම්සහගතව උපක‍්‍රමශීලීව උනන්දුවෙන් ඉතා ප්‍රවේශමෙන් කටයුතූ කරමින් ඒවාට මුහුණ දීමෙන් අභියෝග මැඩගෙන කිසියම් සාර්ථකත්වයක් ලබාගතහැකි බැව් අවබෝධයට ගන්න. එසේම ඔබ තුළ උත්සාහය විපරම්සහගත උපායය මෙම වසර පුරාවට මැනවින් තිබිය යුතූයි.
මේෂ – මිථුන – කටක – සිංහ – තුලා – ධනු – කුම්භ – මීන- ලග්න හිමි ඔබට අලූත් අවුරුද්ද සුබදායි ලෙස ගතවේ. මිල මුදල් ලාභ ලැබේ. සාමාන්‍යයෙන් වාසනාවන්ත ප්‍රීතිදායක වසරක් බවට පත්වේ. දියුණුවත් ලාභ ප්‍රයෝජනත් ඇති වේ. අනපේක්ෂිත අයුරින් ලාභ ලැබේ. ඇතැම් විට අනුන්ගෙන් තරමක ලාභයක් හෝ ලැඛෙන්ට හේතුයි. ස්ත්‍රීන්ට. පුරුෂයන් සමගත් පුරුෂයන්ට, ස්ත්‍රීන් සමගත් ප්‍රීතිමත් සමාගම් පවත්වන්නට ඉඩ ලැබේ. ආලය බැඳීම් සඵල වේ. විරුද්ධ ලිංගිකයින් සමග කරන සියලූ කටයුතු ද ගනුදෙනුද සඵල වේ.
වෙළෙඳ ව්‍යාපාරවලින් ලාභ ලැබේ. දුරස්ව සිටි ඥාති මිත්‍රයන් තමා හමුවීමට එයි. නැතහොත් ඔවුන් හමුවීමට තමාට ද යාමට සිදු වේ. ප්‍රීතිදායක උත්සව පැවැත්වීමට හෝ ඒවා බැලීමට යාමට ඉඩ ලැබේ. යම් යම් අලංකාර ද්‍රව්‍ය ලැබේ. ශ්‍රීලංකාරයට අවශ්‍ය දේ මිලට ගැනීමට මෙන්ම තෑගි වශයෙන් ද ලැබේ. දූ දරු ප්‍රීතිය ඇති වේ. ගෙදර දොර වාසනාව ඇති වේ. සතුටෙන් කාලය ගෙවී යයි. තෑගි ලැඛෙන්නටද ඉඩ තිබේ.
විශේෂයෙන් තරුණ තරු‚යන්ට සම වයසේ අයගෙන් තෑගි ලැඛෙනවා ඇත. උසස් අයගෙන් සහ රජයෙන්ද යහපතක් මිස කරදරයක් ඇති නොවේ. ගෞරව සැලකිලි ලැඛෙන වසරකි. අවිවාහකයින්ට විවාහ සැපත ලැඛෙනවා ඇත. පවුලේ දියුණුවක් අභිවෘද්ධියක් ගෙන දෙන වසරක් බවද කිවයුතූයිි.
මේෂ-: ඔබට මෙම වසර තුළ තම පෙර පින පෑදෙන විශේෂ යමක් සිදුවේ.
මේෂ ලග්නය හිමි ඔබගේ ලග්නාධිපති කුජ හා ලග්න නැකත් අධිපතීන් බලයෙන් සිටින මොහොතේ උදා වන නව වසර ඔබට වැඩි වශයෙන් සුභඵලදායි වන්නේය. සමස්ථයක් වශයෙන් ගත්කළ 2018 ඔක්තෝබර් තෙක් ඔබට සිතැඟි පරිදි කාර්යයන් ඉටු වී තනතුරු නිලතළ වරප්‍රසාද හිමි වී ජයග්‍රාහි පසුබිමක් ජීවන ගමන කෙරෙන් සැක සෙන්නේය. ශ්‍රී ශක්තිය වර්ධනය වන සිතට හා කයට සැප ගෙනෙන භාෂා හා කලා ශිල්පාදීය ගැන ලොකු ආශාවක් දක්වන ප්‍රධානීන්ගේ ගෞරවාදරයට පාත්‍රවන හා දේශපාලන වාසි සැලසෙන අවුරුද්දක් බවටත් පත්වේ.
මෙම කාලය තෙක් තම ඉගෙනීම් කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට හැකිවන්නේය. සිතේ සහනයෙන් ක්‍රියාශීලීත්වයෙන් පොතේ පතේ කටයුතු කරගෙන යාමටත් එමෙන්ම හැකිවනු ඇත. එනිසා අධ්‍යාපන කටයුතුවල ප්‍රගතිය උදෙසා අලූත් දේ ඇරඹීමට මෙම වසර උචිත වන්නේය.
ආර්ථීකයේ වැඩි දියුණුවට කටයුතු සිදුවේ. ලාභ අපේකෂාවෙන් කරන ඉපැයීම් හා ගනුදෙනුවලින් වාසි ප්‍රයෝජන අත්පත් වන්නේය. ආදායමෙහි වැඩි දියුණුවක් සැලසෙන අතර අයකර ගැනීමට ඇති මිල මුදල් පවා ලැඛෙනු ඇත. 2018 ඔක්තෝබර්වලින් පසු මේවා කෙරෙන් යම් යම් ගැටලූ ප්‍රශ්න පැනනගී.
ඔබේ රැකීරක්ෂා වෙළෙඳ ව්‍යාපාරාදී කටයුතුවලට බල පෑ සුළු සුළු අවහිර බාධාවන් මුල් මාස 6 තුළ පහව යයි. ඇතැම්විට මතුවන අවහිර බාධා අභියෝග මැඩගෙන අපේක්ෂිත ඉලක්ක කරා ගමන් කිරීමටත් වාතාවරණය සැකසෙනු ඇත. විශේෂයෙන් මෙම වසරේ ආරම්භයේ සිටම මෙන් පවතින තත්ත්වයට වඩා රැකියාවේ හා ව්‍යාපාරික කටයුතු කෙරෙන් ප්‍රගතියක් සැලසෙන්නේය. රාජකාරි ස්ථානය තුළ ආත්ම ගෞරවය ආරක්ෂාකරගෙන අන්‍යයන්ගෙන් පරෙස්සම් වී කටයුතු කිරීමටත් හැකියාව ලැබේ.
විවාහකාරක හා මංගල භාවාධිපතිද වූ සිකුරු සුබදාායී ලෙස පිහිටා ඇති නිසා ඔබගේ ආදර සබඳතා හා විවාහ කටයුතුවලට මතුව තිබූ ප්‍රශ්නකාරී ගති හා බාධාවන් පහව ගොස් සාමය සතුට ගොඩනැෙගේ. සාර්ථක විවාහ යෝජනා හා ප්‍රේම සම්බන්ධතා දැනහැඳිනුම් වැනි දැ ගොඩනැගේ. ඔබට වැඩි වශයෙන් ද විරුද්ධ ලිංගික ඇසුර ලැඛෙන වසරකි. එසේම දැන හැඳිනුම් ප්‍රේම සබඳතා පහසුවෙන් ඇතිවන වසරක්්ද වේ. ප්‍රේම හා විවාහ දිවියට සම්බන්ධ කියන කරන දේ සාර්ථක වෙයි.
වෘෂභ-: ඔබේ දැනුමට කුසලතාවයට නිසි තැනක් ලැබේ. අනතූරු පීඩාවලින් ආරක්ෂාවන්න.
වෘෂභ ලග්නය හිමි ඔබගේ ලග්නාධිපති ශ=ක‍්‍ර හා ලග්න නැකත් අධිපතින් තරමක් දුර්වලව අවුරුදු උදා මොහොතේ දී සිටීම අභියෝග මධ්‍යයේ කටයුතූ කිරීමට සිදුවන්නකි. තමාගේ අත්‍යවශ්‍ය්‍ය වැඩවලට විවිධ අවහිර බාධක යෙදේ, කරදර, පාඩු, නින්දා ඇතිවීමට ඉඩ තිබේ. පදිංචි ස්ථාන වෙනස්විය හැකියි. නොයෙක් ක‍්‍රමවලින් සිත් කරදර කණගාටු ඇතිවන සැටියක් පෙන්නුම් කරන බැවින් කරන කියන දේ වගකීමෙන් කරන්න. මෙම වසරේ මැයි, ජුනි, ජූලි මාසවල ඔබ සැලසුම් කරන වැඩ කටයුතු අපේක්ෂිත අයුරින් සාර්ථක කරගැනීමට හැකියාව ලැබේ. එය ඔබ ප්‍රයෝජනවත් වැඩවල වැඩි වශයෙන් නිරතවෙන මාස කිහිපයකි. එම කාලය ශ=භඵලදායි වේ.
ඔබට මෙම වසර තුළ ඉගෙනීමේ කටයුතු සැලසුම් කළ පරිදි කරගෙන යාමට හැකිවන්නේ ඒ වෙනුවෙන් ඛෙහෙවින් කැපවීමක් කළහොත් පම‚. එහිදී අවබෝධ ඥානය ධාරණ ශක්තිය මැනවින් ගොඩනැෙගේ,
ඔබට මෙම වසර තුළදී තම අවශ්‍යතා සපුරා ගැනීම උදෙසා මිල මුදල් ලැබුණත්, වියදම් පසද ඒ අයුරින්ම ගෙන දේ. එම නිසා අනවශ්‍ය වියදම් ඇතිවන වැඩවල නිරත නොවන්න, නැතහොත් හදිසි මූල්‍ය අවශ්‍යතා සපුරා ගැනීමට ණය ගනුදෙනුවලද පැටලීමට වුවත් සිදුවේ.
විශේෂයෙන් මෙම වසරේ මුල් මාස 4 තුළ රැකියාවේ හා ව්‍යාපාරික කටයුතු කෙරෙන් ප්‍රගතියක් සැලසෙන්නේය. රාජකාරි ස්ථානය තුළ ආත්ම ගෞරවය ආරක්ෂාකරගෙන අන්‍යයන්ගෙන් පරෙස්සම් වී කටයුතු කිරීමටත් මෙහිදී පිළිවන්කම ලැබේ. කෙසේ නමුත් කාර්ය කටයුතූ කෙරේ ඔබ වඩාත් මෙම වසර තුළ සැලකිිමත් වන්න.
ඔබට මෙම වසර තුළ ආදර සබඳතා හා විවාහ කටයුතු කෙරෙන් ද යහපත් නොවන නිසා මීට අදාළ කටයුතුවලදී හොඳින් සොයා බලා තීරණ ගන්න. මෙම වසර පුරාවට ආදර සබඳතා හා විවාහ කටයුතු කෙරෙන් සිත් තැවුල් මතු වන දෑ වුවත් සිදුවේ. එම නිසා යම් යම් අය ඇසුරු කිරීම්වලදි කල්පනාකාරී වන්න. කෙසේ නමුත් හැඟිම්වලට වහල් නොවිය යුතු වසරකි.
මිතුන-: මෙම වසර තුළ ඔබ කරන කියන අරඹන බොහෝ කටයුතූ සාර්ථක වේ. ප්‍රේමය සහ විවාහ දිවිය අර්බුදයට ලක්නොකර ගන්න
මිථුන ලග්නය හිමි ඔබගේ ලග්නාධිපති බුද හා නැකත් අධිපතින් සුබදායක අයුරින් සිටී. එබැවින් මෙය ඔබගේ අනාගත අභිවෘද්ධියට හේතු වන කාර්යයන්හි ප්‍රගතියක් පෙන්නුම් කරයි. ආත්ම විශ්වාසයෙන් වැඩ කටයුතුවල නිරත වුවහොත් ජයග්‍රහණ රැසක් ලබාගත හැකි වන්නේය. තමා අපේක්ෂිත ඉලක්ක කරා ගමන් කිරීමට හැකියාව ලැබේ.
ගත වූ වසරට වඩා මෙම වසර ඉගෙනීම් කටයුතුවලට යහපත් වන්නේය. පොදුවේ ඔබ මෙම නව වසර තුළ අනවශ්‍ය ලෙස කාලය නාස්ති නොකර ගනිමින් සිය අධ්‍යාපනික කටයුතු කර ගනී. අධ්‍යාපනික කටයුතු වල ප්‍රගතියට පසුබිම සැකසේ.
තම ආර්ථීක කටයුතු වැඩිදියුණු කර ගැනීම උදෙසා ඔබ මෙම වසර තුළ ඛෙහෙවින් ඇප කැප වී කටයුතු කරන ස්වභාවයක් පෙන්නුම් කරයි. එසේම ඔබට මෙම වසර තුළ ක‍්‍රමයෙන් ආදායම් තත්ත්වය වර්ධනය කර ගැනීමට හා දේපළ බලය වැඩි දියුණු කර ගැනීමටත් අවස්ථාව උදා වේ. තැන්පත් ධනයට ද යමක් එකතු කර ගත හැක.
ඔබගේ රැකියා හා ව්‍යාපාරික කටයුතු සම්බන්ධයෙන් ගත වූ වසරට වඩා යහපත් වෙනසක් මෙම වසරේදි පෙන්නුම් කරයි. නියුතු රැකියාවේ හා ස්වයං හෝ හවුල් ව්‍යාපාරාදියේ ඉදිරි ගමනක් ඇතිවේ. රාජකාරියට හෝ ව්‍යාපාරයට අදාළ විදේශ ගමනක් යෙදීමේ ඉඩ ප්‍රස්ථා යෙදේ. අමතර වගකීම් මෙන්ම යම් යම් වරප්‍රසාද ආයතන තුළින් ඔබ වෙත පිරිනමනු ලැබේ. ඔබගේ ප්‍රසිද්ධිය හා ස්ථාවරය වැඩිවන කටයුතු රැසක්ද රාජකාරී ස්ථානය තුළින් ගෙන දෙනු ඇත.
විශේෂයෙන් ඔබ මෙම අවුරුද්ද තුළ ආදර සබඳතා හා විවාහ කටයුතුවලදී සැලකිල්ලෙන් විමසිල්ලෙන් කටයුතු කරන්න. ඔබගේ ප්‍රේමවන්තයා, ප්‍රේමවන්තිය මෙන්ම සැමියා බිරිඳ අතර සැකයේ බීජය හටගැනීම නිසා දෙදෙනා අතර අමනාපකම් ඇතිවීමේ ප්‍රවණතාවක්ද ඇත. විශේෂයෙන් ජූලි පසුවන තෙක් කාලය තුළ මේවා කෙරෙන් වඩාත් අවධානයෙන් කටයුතු කරන්න.
කටක-: ආර්ථීක රැකියා ආදියට පැනනැගින අර්බුද අභියෝග ජයගෙන ස්ථාවරය ගොඩනගා ගනී.
ඔබේ ලග්නාධිපති හා යෝගකාරකයින් ශ=භදායි ලෙස හැසිරෙන නව වසර ඔබට යහපතට කටයුතු සිදුවේ. උත්සාහයන්හි ප්‍රතිඵල ලැඛෙන අතර අභියෝග ජයගැනීමේ හැකියාව පවතී. එසේම මෙහි දී ඔබගේ අරමුණු සැලසුම් බොහෝ දුරට ඉටුකර ගැනීමට අවස්ථාව සැලසෙන්නේය. එහෙත් කලබලයට නොසොයා නොබලා දෛනික කටයුතුවල නිරත නොවන්න. සතුරු බාධක යෙදුණත් ඒවා මැඩගෙන කටයුතු කළ හැක.
ඔබට මෙම වසර තුළ උනන්දුවෙන් කැපවීමෙන් අධ්‍යාපන කටයුතුවල නිරත විය හැක. ගත වූ වසරට වඩා අධ්‍යාපනික කටයුතු නිරවුල් මනසින් යුක්තව කරගෙන යාමට හැකියාව ලැබේ. එසේම පාසල් හා වෘත්තීය අධ්‍යාපනික විෂයන් හා පාඨමාලාවන්හි දැනුම වැඩිදියුණු කරගැනීමටත් හැකිවන්නේය. අධ්‍යාපනයට අදාළ තරගකාරී කටයුතුවලින් ජයග්‍රහණ අත් වේ.
මෙම වසරේ දී ඔබගේ අපේක්ෂිත මූල්‍ය සැලසුම් ඉටුවන්නේ නමුදු අනවශ්‍ය වියදම් ද යෙදේ. ලාභ බලාපොරොත්තුවෙන් වියදම් කරන දෙයින් ලාභ ලැබේ. මුල් මාස 6 තුළ බලාපොරොත්තු වන ආර්ථීක සහන ඔබට හිමි වනු ඇත. එහෙත් ගනුදෙනුවලදි හා මුදල් පරිහරණයේ දී කල්පනාකාරි වන්න. අවසන් මාස හයේදී ගනුදෙනු හා වියදම් සම්බන්ධ ප්‍රශ්නකාරී තත්ත්ව ඇතිවිය හැකි බැවින් ඒ කෙරේ සැලකිල්ලෙන් විමසිල්ලෙන් ක‍්‍රියා කරන්න.
ඔබේ රැකීරක්ෂා රාජකාරියට පීඩාකාරී තත්ත්වයක් මෙම වසර තුළ ඇති නොවේ. ඔබගේ රැකියා ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් යහපත් වෙනසක් මෙම වසර තුළදී පෙන්නුම් කරයි. කෙසේ නමුත් නව වසරේ දී ඔබගේ රැකියා හා ව්‍යාපාරයන්ට අදාළ අභියෝග ජය ගැනීමට හැකිවන්නේය. විදෙස් රැකියාවලට බලපෑ අවහිරතා බාධාවන් පහව යයි. උද්යෝගයෙන් රැකියා හා ව්‍යාපාරයන්හි නිරත වීමටත් හැකිවේ.
මෙම වසරේ මුල් මාස හතර තුළ ආදර සබඳතා හා දැන හැඳිනුම් වැනි දෑ කෙරෙන් අයහපත් වන අතර, අවසන් මාස අටේදී මේවා කෙරෙන් බලාපොරොත්තූ සහගත බවක් ඇතිවේ. විශේෂයෙන් එම කාලය තුළ ඔබට නුසුදුසු හා නොගැළපෙන සබඳතා ගොඩනැගීමට ඉඩ ඇති බැවින් එවැනි දේට නතු නොවන්න. බොහෝ දුරට විරුද්ධ ලිංගිකයන් ආශ්‍රය කරන්නට යෑමෙන් තම හොඳ නමට කැලැල් සිදුවන දෑ ඇතිවන නිසා එවායින් ද එහි දී ඔබ ආරක්ෂා වන්න.
සිංහ-: දෙස් – විදෙස් රැකියා බලාපොරොත්තූ සාර්ථක කරගෙන නිවැරැදි ගමන් මගක් ස්ථාපිත වෙයි.
සිංහ ලග්නයෙන් උපන් ඔබට අලූත් අවුරුද්ද අභියෝග මැඩගෙන ඉදිරිය කරා ගමන් කිරීමට පසුබිම සකසන අවුරුද්දක්වේ. අවහිර බාධා මැඩගෙන තම අරමුණු සැලසුම් ඉටුකර ගැනීමට ද මෙහිදී හැකි වන්නේය. සමස්තයක් වශයෙන් වසර පුරාවටම මෙන් ශ=භ ඵල වැඩි වශයෙන් ගෙන දෙන බවක් පෙන්නුම් කරයි. මෙතෙක් කලක් නොවිසිඳී පවතින මූලික ප්‍රශ්න විසදෙන සාර්ථක පෙර නිමිති පහළ වන්නේ අළුත් අවුරුද්ද උදාවී මාස දෙකක් ගතවීමත් සමගමය.
ඉගෙනීම් කටයුතුවල ප්‍රගතියක් ඉදිරියට යාමක් පෙන්නුම් කරයි. නව වසරේ අවසන් මාස හය තුළ ධාරණ ශක්තිය හා ඥාණ ශක්තිය වර්ධනය වේ. එසේම තරග විභාගාදියෙනුත් ජයග්‍රහණ අත්කර ගැනිමටත් පිළිවන්කම ලැබේ. ඉගෙනීම් කටයුතු අවහිර බාධාවකින් තොරව හා උනන්දුවෙන් උද්යෝගයෙන් යුතුව කරගෙන යා හැක.
පසුගිය වසරේදී පසුබැස හා අඩපණව තිබූ ධනෝපායන මාර්ගයන්හි ක‍්‍රමවත් වර්ධනයක් මැයි මාසය ආරම්භයත් සමග ගොඩනැගේ. යම් යම් මුදල් හා ද්‍රව්‍ය ලාභයන් ද මෙහි දී හිමි වන තැනට කටයුතු පිළියෙළ වේ. ණය ගනුදෙනුවකින්ද නිදහස් වීමටත් අවස්ථාව සැලසේ. පොදුවේ ඔබට ගතවූ වසරට වඩා මෙම වසරේදී ආර්ථීක වශයෙන් අගහිඟතා ඇති නොවනු ඇත,
ඔබට මෙම වසර පුරාවට රාජකාරිය තෘප්තිමත් භාවයෙන් කරගෙන යා හැක. පසුගිය කාලයේ ආයතනය තුළ තමාට විරුද්ධව යොමු වූ චෝදනා අපවාද අහෝසි වී යයි. එමෙන්ම රැුකියා ව්‍යාපාරාදියට එල්ලව පැවැති බාහිර කරදර බාධාවන් ද ක‍්‍රමයෙන් ඉවත්ව යනු ඇත. ඔබගේ රැකී රක්ෂා වෙළෙඳ ව්‍යාපාරාදියේ දියුණුවක් ඇතිවන අතර ඒවාට බලපෑ විරුද්ධවාදීකම් ද පහව යනු ඇත.
මෙම අවුරුද්දේ අවසන් මාස හයෙන් පසු ආදර සබඳතාවන්ට හා විවාහ යෝජනාදියට ශ=භදායී වාතාවරණයක් ගොඩනැගේ. සුදුසු වයසේ නම් විවාහ යෝජනා ගෙන එනු ලැබේ. විරුද්ධ ලිංගිකයින් සමග නව සබඳතාවන් ද ගොඩනැෙඟ්. එසේම දැන හැඳිනුම් ප්‍රේම සබඳතා පහසුවෙන් ඇතිවන වසරක්ද වේ. එසේම ප්‍රේමය හා විවාහ දිවියට සම්බන්ධ කියන කරන දේ සාර්ථක වෙයි.
කන්‍යා-: ආරම්භ කරන කටයුතුවලින් ලාභද වැඩි දියුණුවද ඇති වේ. ගෙදර දොර සාමයට බාධා ගෙනදෙයි.
කන්‍යා ලග්නය හිමි ඔබගේ ලග්නාධිපති බුද හා ලග්න නැකත් අධිපතීන් ශ=භා ශ=භ මිශ්‍ර බලයෙන් සිටින මොහොතේ උදාා වන අලූත් අවුරුද්ද ඔබගේ අත්‍යවශ්‍ය කාර්්‍ය කටයුතු කෙරෙන් ද ශ=භා ශ=භ මිශ්‍ර බවක් ඇති කරයි. බාධා මධ්‍යයේ නමුදු තරමක් දුරට අරමුණු සැලසුම් සාර්ථක කර ගත හැක. අනපේක්ෂිත කරදරද සිතේ සමාදානය නැතිවීමද මේ අවුරුද්දේ ඇති වන ප්‍රතිඵලයකි. භාර්යාවගෙන් හෝ ස්වාමියාගෙන් වරින් වර ඈත් වී සිටීමටත් සිදු වේ. කරන කියන සෑම කටයුත්තෙන්ම සැකයට කරුණු ඇති වේ. වළලූකර හා දණහිස් ඉදිමුම් රෝගවලටත් නිරන්තර ලක්වේ.
ඉගෙනීම් කටයුතුවලට අවහිර බාධාවන් ඇති නොකරයි. එහෙත් පොතපතට ඇති උනන්දුව යොමුවීම අඩුවකින් තොරව පවත්වාගෙන යන්න. විනෝදයට එතරම් යොමුනොවන්න. කෙසේ නමුදු වසර පුරාවටම මෙන් අලූත් අලූත් දේ ඉගෙන ගැනීමට දැන ගැනීමට ඉඩ ලැබේ. අධ්‍යාපනික ආයතන කෙරෙන් මතූව තිබූ කළකිරීම් සහගත දෑ පහවයයි. ඔබ වැඩි වශයෙන් ඉගෙනීමට යොමුවන ඊට කැමැත්ත ඇති යහළු යෙහෙළියන් ආශ්‍රය කරන්නට මෙම වසර තූළ ඥාණාන්විත වන්න.
ඔබට මෙම වසර තුළ අපේක්ෂිත මිල මුදල් ලාභ ලැබුණත් වියදම් ද ඒ අයුරින්ම ගෙන දේ. කෙසේ නමුත් වසර පුරාවට මිල මුදල් ලාබ ලැබේ. ආදායම වැඩි වේ. පඩි වැඩි වේ. එහෙත් ගමන් බිමන්වලට අමතර මුදල් වැය වේ. කල්පනාවෙන් සැලසුම්සහගතව ඉපැයීම් මාර්ගවල නිරත වන්න. උපයන දේ නිසි කළමනාකරණයකින් පරිහරණය කිරීම අසීරුවේ.
ඔබේ රැකීරක්ෂා වෙළෙඳ ව්‍යාපාරාදී කටයුතුවලට යම් යම් අවහිර බාධාවන් මතු කළත් එම සියලූ අවහිර බාධා අභියෝග මැඩගෙන අපේක්ෂිත ඉලක්ක කරා ගමන් කිරීමටත් වාතාවරණය සැකසෙන්නේය. විශේෂයෙන් මෙම අවුරුද්දේ මුල් මාස හය පවතින තත්ත්වයට වඩා රැකියාවේ හා ව්‍යාපාරික කටයුතු කෙරෙන් ප්‍රගතියක් සැලසෙන්නේය. රාජකාරි ස්ථානය තුළ ආත්ම ගෞරවය ආරක්ෂාකරගෙන අන්‍යයන්ගෙන් පරෙස්සම් වී කටයුතු කිරීමටත් හැකියාව ලැබේ. එය උසස් නිලධාරීන් තමා සමග වැඩිපුර කුළුපග වන කාලයකි.
මෙම වසර තුළ තමන් අදහස් කළ අන්දමට සැලසුම් කළ ආදර කටයුතු හෝ විවාහ කටයුතු සිදුනොවීම නිසා සිතේ සහනය සතුට පහව යයි. කෙසේ වෙතත් මෙම වසර පුරාවටම මෙන් ආදර සබඳතා හා විවාහ කටයුතුවලට යම් යම් ප්‍රශ්නකාරී ගති මතු වන නිසා තමා ඇසුරු කරන විරුද්ධ ලිංගිකයාට දෙන පොරොන්දු කෙරේ සැලකිලිමත් වන්න. විරුද්ධවාදීකම් හා ප්‍රශ්නකාරී දෑ වුව මේවාට බලපානු ඇත. අපවාද චෝදනාවලට ලක්වන දෙයින් ද ඔබ මෙම වසර තුළ වලකින්න.
තුලා-: උනන්දුවේ උත්සාහයේ ප්‍රතිඵල අත්වුවත්, සිතට වද දෙන ප්‍රශ්නයන් වැඩි වසරකි.
ඔබගේ ග්‍රහ ගමන ශ=භව යෙදී ඇති මොහොතක උදා වන අලූත් අවුරුද්ද ඔබට අවහිර බාධා මැඩගෙන තම කාර්්‍යය කටයුතු කරගෙන යාමට හැකි වේ. තම බුද්ධිය මෙහෙයවා කරන කටයුතු, නිර්මාණශීලී කටයුතු සැලසුම් සහගතවීම නිසා බොහෝ විට ඉතාමත් ක‍්‍රමානුකුල අන්දමට නිමා කරගත හැකි වන්නේය. එබැවින් මෙම අවුරුද්ද තුළ ඔබගේ අරමුණු සැලසුම් බොහෝ දුරට ඉටුකර ගැනීමට අවස්ථාව සැලසෙන්නේය. එහෙත් කලබලයට නොසොයා නොබලා දෛනික කටයුතුවල නිරත නොවන්න. එසේ වුවහොත් වැඩපිළිවෙල අවුල්සහගත වේ. සතුරු බාධක යෙදුණත් ඒවා මැඩගෙන කටයුතු කළ හැක.
ඔබට මෙම වසර පුරාවටම සියලූම අධ්‍යාපනික කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට හැකි වනු ඇත. ඒ සඳහා සහය ලැබිය යුත්තන්ගේ සහය ද මැනවින් ලැඛෙනු ඇත. විශේෂයෙන් ඔබගේ අධ්‍යාපන කේෂත්‍රයේ දියුණුවට අමතර වැඩ කොටසක් සැකසෙන වසරකි.
ධනකාරක හා ධන අය භාවාධිපතින් බලයෙන් යුක්ත බැවින් ඔබගේ ඉපැයීම් මාර්ග ශක්තිමත් කර ගැනීමට අවශ්‍ය සහය නිසි ලෙස ලැබේ. එසේම මෙය ඉපැයීම් මාර්ග ශක්තිමත් කර ගැනීමට ඔබ යම් යම් ක්‍රියාදාමයන්හි නිරත වන සැටියක් ද පෙන්නුම් කරන අවුරුද්දක් බවටත් මෙම අවුරුද්ද පත්වේ. ආයෝජනයකට අවශ්‍ය වූ මූල්‍ය සම්පතක් කෙසේ හෝ උපයා සපයා ගත හැක.
මෙය ඔබේ රැකී රක්ෂා වෙළෙඳ ව්‍යාපාරා දී කටයුතුවල කාර්යක්ෂමතා සිදුවන වසරකි. ආයතන තුළ ඔබට තනතුරු නිලතල හෝ යම් යම් වරප්‍රසාද හිමි වුවත් ඒවායේදී යම් යම් සතුරු කුමන්ත්‍රණ එල්ලවීමේ ඉඩක්ද ඇත. පොදුවේ ඔබට මෙම වසර තුළ ස්වයං හා හවුල් ව්‍යාපාරාදී කටයුතුවල දියුණුවද ඇති වේ. මෙම අවුරුද්දේ මුල් මාස 5 තුළ රැකියා හා ව්‍යාපාරික කටයුතුවල ගැටලූ ප්‍රශ්න ඇති නොවන ලෙසට කටයුතු කරන්න. හවුල් කරුවකු හෝ එකට වැඩකරන හිතවතකු අමනාපවීමෙන් ඉඩක් පවතින නිසා අවධානයෙන් පසුවන්න.
ඔබට මෙම වසර තුළ ආදර සබඳතා හා විවාහ කටයුතු කෙරෙන් අයහපත් නොවුණත් මීට අදාළ කටයුතුවලදී හොඳින් සොයාබලා තීරණ ගන්න. මෙම වසරේ අවසන් මාස හය තුළ ආදර සබඳතා හා විවාහ කටයුතු කෙරෙන් බලපෑ බාධක ඉවත්ව ගොස් මීට අදාළ බලාපොරොත්තු ඉටුකර ගැනීමට පසුබිම සැකසේ. මුල් මාස හය ඔබ ක‍්‍රමවත්ව හා සැලසුම් සහගතව යුග දිවියේ හා ප්‍රේම දිවියේ කාර්යය කටයුතුවල නිරතවන්න. එමෙන්ම ඔබ ආදර සබඳතා හා විවාහ කටයුතුවල දී ඛෙහෙවින් ඥානාන්විත විය යුතුය. තම ආදරවන්තයා, වන්තිය බිරිඳ ස්වාමියා අතර පවතින සම්බන්ධය බැඳීම් වැඩි දියුණුකර ගැනීමට ශක්තිමත් කරගැනීමට විවිධ උපක‍්‍රම හා ක‍්‍රියාමාර්ග ගැනීමට සිදුවන වසරකි.
වෘශ්චික-: පෙර පින පෑදෙන දේ සිදුවුවත්, විරුද්ධකාරයන් නිසා හරියාකාර වැඩකටයුතු කළ නොහැක. මනස තිගැස්සෙන දෑ නිතර ඇතිකරයි.
ඔබගේ ලග්නයට අනුව ග්‍රහ බලය ශ=භා ශ=භ මිශ්‍ර අයුරින් ක්‍රියාත්මක වන නිසා අලූත් අවුරුද්ද ශ=භ ඵල මෙන්ම අශ=භ ඵල ද මිශ්‍රව ගෙන දෙන්නේය. අගෝස්තූ තෙක් බාධක යෙදේ. එතෙක් කාලය තම අරමුණු සැලසුම් ඉෂ්ට සිද්ධ කර ගැනීමට යාමේ දී විවිධ අවහිර බාධාවන් මතුකරයි. පොදුවේ බලන කල ක්‍රි.ව: 2018 ජුනි සිට දෙසැම්බර් අතර කාලය තුළ යම් යම් අවහිර බාධා මධ්‍යයේ නමුදු තම කාර්යය කටයුතුවල සතුටු විය හැකි ප්‍රගතියක් ගෙනදෙන්නේය.
විද්‍යස්ථානාධිපති තරමක් දුර්වලව හැසිරෙන නිසා ඔබ මෙම අවුරුද්ද තුළ උනන්දුවෙන් කැපවීමෙන් සියලූ අධ්‍යාපනික කටයුතුවල නිරත වීම කළයුතු වේ. විටෙක දක්ෂතා පෙන් වූ විෂයන් කෙරෙන් උදාසීන ගති මතුකරයි. අධ්‍යාපන කටයුතු උදෙසා විදෙස් ගතවීමට සිත්දෙන අතර වෘත්තීය පාඨමාලා වෙනසකට ද කටයුතු පිළියෙළ වේ. සැප්තැම්බර්වලින් පසු විශේෂයෙන් උසස් අධ්‍යාපන කටයුතු හා වෘත්තීය පාඨමාලාවල ප්‍රගතියක් ඇති වේ.
ඔබට මෙම වසර තුළ අපේක්ෂිත මිල මුදල් ලාභ ලැබුණත් වියදම් ද ඒ අයුරින්ම ගෙන දේ. ණය ගනුදෙනු බලාපොරොත්තු කල් යයි. ගමන් බිමන් වලට අමතර මුදල් වැයවේ. කල්පනාවෙන් සැලසුම්සහගතව ඉපැයීම් මාර්ගවල නිරත වන්න. පොදුවේ ලැඛෙන මුදල් ඉතිරිකර ගැනීමට අපහසු වන වසරකි. අනාගත ලාභ බලාපොරොත්තුවෙන් මුදල් වියදම් කර යම් යම් වැඩ කටයුතු කිරීමට සැප්තැම්බර්වලට පෙර සුදුසු නොවේ.
ඔබට තම රැකී රක්ෂා, වෙළෙඳ ව්‍යාපාරාදී කටයුතුවල උනන්දුවෙන් නිරතවීමට වාතාවරණය සැකසෙන්නේ නමුදු රැකියා හා ව්‍යාපාරික කටයුතු කෙරෙන් ද විවිධ ප්‍රශ්නකාරී දෑ හටගනී. ආයතන තුළ සෙසු සේවකයින් හෝ කොටස්කරුවන් හා පාරිභෝගිකයින්ගෙන් බොරු චෝදනා හා අපවාද අසන්නට සිදුවේ. කරන කියන වැඩ කටයුතු වලට අවුල් වියවුල් මතුවේ. විටෙක රැකියා ව්‍යාපාරාදිය කෙරෙන් නඩු හබවලට හෝ සතුරු වියවුල්වලටද පැටලෙන්ට සිදුවේ. ඒවා කෙරේ කල්පනාකාරී වන්න.
ස්ත්‍රීන් පුරුෂයන් හා ආශ්‍රයට යාම නිසාද පුරුෂයන් ස්ත්‍රීන් හා ආශ්‍රය නිසා ද සිත් කලකිරීම් ආරවුල් කලකෝලාහල පවා ඇති වේ. ගෙදර දොර පවුලේ ද අවුල් වියවුල් අසමගිකම් හටගන්නා දෑ සිදුවේ. සමහරවිට තම භාර්යාවට හෝ ස්වාමියාට අසනීප පෙන්නුම් කරයි. ප්‍රේම දිවිය සහ විවාහ දිවිය කෙරෙන් චෝදනා නින්දා අපහාස ලැඛෙන්ට ඉඩ තිඛෙන බැවින් අවුරුද්ද පුරාවටම ඉතා කල්පනාකාරීව ක්‍රියා කළ යුතුයි.
ධනු-: ඔබ හිත කය දෙකම එක සේ වෙහෙසා ක්‍රියා කරන වසරකි. රැකියාව ගැන උසස් දැනුමක් ලැබේ.
ධනු ලග්නයෙන් උපන් ඔබට ගත වූ අවුරුද්දට වඩා අලුත් අවුරුද්ද වැඩි වශයෙන් සුභ ඵලදාායී වසරක් බවට පත්වේ. තම වැඩ කටයුතු වලට අවශ්‍ය අයගේ අධාර උපකාර මැනවින් ලැඛෙන අතර අරමුණු සැලසුම් සාර්ථක වේ. එසේම මෙය ඔබ මනා කළමනාකරණයකින් යුතුව කටයුතු කරන වසරක් ද වේ. නව වසර තුළ ඔබේ කටයුතු නිසියාකාරව කරගැනීමේ ඥාන ශක්තිය පහළ වෙයි. යහපතට කටයුතු සිදුවේ. උත්සාහයන්හි ප්‍රතිඵල ලැඛෙන අතර අභියෝග ජයගැනීමේ හැකියාව පවතී. වචන පාවිච්චියේදී හිතවතුන් සමග මත ගැටුම් ඇති නොකර ගන්න.
මෙම වසර තුළ ඉගෙනීම් කටයුතු අවහිර බාධාවකින් තොරව, උනන්දුවෙන් උද්යෝගයෙන් යුතුව කරගෙන යා හැක. සතුටුවිය හැකි අධ්‍යාපන ජයග්‍රහණයක් ද ඔබට මෙම වසර තුළ හිමි කර ගත හැක. විශේෂයෙන් සැප්තැම්බර තෙක් ධාරණ ශක්තිය හා ඥාණ ශක්තිය වර්ධනය වේ. එසේම තරග විභාගාදීයෙනුත් ජයග්‍රහණ අත්කර ගැනීමටත් පිළිවන්කම ලැබේ.
ඔබගේ ආර්ථීකයේ වැඩි දියුණුවට කටයුතු සිදුවේ. ලාභ අපේක්ෂාවෙන් කරන ඉපැයීම් හා ගනුදෙනුවලින් වාසි ප්‍රයෝජන අත්පත් වන්නේය. නැති වූ වස්තුව හෝ නැතිව ගිය රැකී රක්ෂා තනතුරු නැවත ලැබේ. දේපළ ඉඩකඩම්වලින් ආදායම් ලැබේ. අලුත් තත්ත්වයකට හෝ අලුත් තැනකට පත් වේ. රැුකියාවේ තම බලය වැඩි වේ. කරන කියන නිරත රැකියා ව්‍යාපාරාදී කටයුතුවලින් දියුණුවත් ලාභත් ලැඛෙන වසරකි. ගෞරව සැලකිලිද වැඩි වේ. වෙළහෙළඳාම් ව්‍යාපාරවලින්ද පසුගිය කාලයට වඩා ලාභ ලැඛෙනවා ඇත.
ජීවනෝපාය සඳහා කරනු ලබන කටයුතුවලින් සාර්ථක පල ලැබේ. දැන උගත්කමට, හැකියාවට කුසලතාවට සරිලන පරිදි නව රැකියා අවස්ථාවක් ඔබට මෙම වසර තුළ හිමි වනු ඇත. ව්‍යාපාරාදීයෙන් ද සාර්ථකත්වයක් ගොඩනැෙගේ. පොදුවේ විරැකියාවට පිළියම් ලැඛෙන වසරකි. සමස්ථයක් වශයෙන් ගත් කළ රැකියා හා ව්‍යාපාරික කටයුතු කෙරෙන් පැවති බාධා අවහිර පහව ගොස් තෘප්තිමත් බව ඇති වේ.
මෙම වසරේ ඔක්තෝබර් තෙක් ඔබගේ රැකී රක්ෂා ව්‍යාපාරික කටයුතු දියුණුවන අතර රැකියා විරහිත වුවන්ට රැකී රක්ෂා ලබාගැනීමටත් හැකිවන බැවින් ඒ ගැන උනන්දුවීම වඩාත් යෙහෙකි.
මෙම අවුරුද්ද තුළ ඔබව පහසුවෙන් විරුද්ධ ලිංගිකයන්ගේ ආකර්ෂණයට ලක් වේ. එසේම ප්‍රේම සබඳතා හා විවාහ දිවිය කෙරෙන් පැවති ගැටලූ නිරාකරණය වනු ඇත. සාර්ථක විවාහ තීන්දු තීරණ ගැනීමටත් ඉඩකඩ සැලසේ. කල් ගත වූ විවාහ ගිවිසුම් ස්ථීර තහවුරු වන්නේය. ප්‍රේම දිවියේ හා යුග දිවියේ නවෝදයක් සාර්ථකභාවයක් ඇති කරන අවුරුද්දක් ද වනු ඇත. නව වසරේ මුල් මාස 6 වැඩි වශයෙන් සුබ පල ඇතිකරයි.
මකර-: තැන්පත් ධනය වියදම් වෙයි. කරන කියන කටයුතුවලට සෑම අතින්ම කරදර බාධා ඇතිවේ.
ඔබට මෙම උදාවන අලූත් අවුරුද්ද ශ=භ ඵල මෙන්ම අශ=භ ඵල ද මිශ්‍රව ගෙනදෙනු ඇත. ඔබගේ ලග්නාධිපති හා යෝගකාරක ග්‍රහයින්ගේ ගමන එතරම් බලවත් නොවන හෙයින් ඔබට මෙම අවුරුද්ද ශ=භාශ=භ මිශ්‍ර ඵල ගෙන දෙන සැටියක් පෙන්නුම් කරයි. ඇසුරු කරන අය නිසා ගැටලූ ඇති වේ. ඉවසීමෙන් දුරදිග බලා කාර්යය කටයුතු කිරීමෙන් දියුණුවට කටයුතු පිළියෙල වේ. ප්‍රමුඛථාවයනට මුල් තැන දී කටයුතු කරන්න.
මෙම වසරේ අවසන්් මාස තුන තුළ ඉගෙනීම් කටයුතුවල ප්‍රගතියක් ඉදිරියට යාමක් පෙන්නුම් කරයි. වසරේ මුල්් මාස නවය තුළ පොතට පතට ඇති උනන්දුව අඩු වී යන නිසා උනන්දුවෙන් කටයුතු කරන්න. සමස්තයක් වශයෙන් ගත් කල අධ්‍යාපන කටයුතුවලින් අපේක්ෂිත අරමුණු ඉටුකර ගැනීම සඳහා කැපවීමෙන් කටයුතු කිරීමට සිදුවේ. අවසන් මාස තූනේ දී එසේම තරග විභාගාදීයෙනුත් ජයග්‍රහණ අත්කර ගැනිමටත් පිළිවන් කම ලැබේ.
පසුගිය කාලයේ පසුබැස හා අඩපණව තිබූ ධනෝපායන මාර්ගයන්හි ක‍්‍රමවත් වර්ධනයක් මෙම අගෝස්තූ මාසයෙන් පසු ගොඩනැගේ. යම් යම් මුදල් හා ද්‍රව්‍යමය ලාභයන් ද එහිදි හිමිවන තැනට කටයුතු පිළියෙල වේ. ණය ගනුදෙනුවකින්ද නිදහස් වීමටත් අවස්ථාව සැලසේ. අගෝස්තු තෙක් ගනුදෙනු වලදී පරිස්සම් වන්න. වසර පුරාවටම මිල මුදල් අතමිට ගැවසුණත් මුල්‍යමය ලාභ හිමිවුණත් වසර අවසන් වන විට කිසිදු ඉතිරි කිරීමක් සිදු නොවී තිබේ.
පොදුවේ මෙම වසර තුළ ඔබගේ වෘත්තීය හා වෙළෙඳ ව්‍යාපාරාදී කටයුතුවලට විවිධ බාධක අවහිර පැන නැඟ=ණත් තම ආත්ම ශක්තියේ බලය හේතු කොට ගෙන ඒවා මැඩගෙන ඉදිරියට යා හැක. විශේෂයෙන් රැකියා ව්‍යාපාරාදී කටයුතු ඔබට මෙම වසර තුළදී කරගෙන යාමට සිදු වන්නේ බාධා ප්‍රමාද හා විරුද්ධවාදීකම් මධ්‍යයේය. ඒ කෙරෙන් සැලකිල්ලෙන් විමසිල්ලෙන් කටයුතු කරන්න. මෙම වසරේ සැප්තැම්බර්වලින් පසු ඔබගේ රැකී රක්ෂා ව්‍යාපාරික කටයුතු දියුණුවන අතර රැකියා විරහිතවූවන්ට රැකී රක්ෂා ලබා ගැනීමටත් හැකිවන බැවින් ඒ ගැන උනන්දුවීම වඩාත් යෙහෙකි. සෙසු මාස වලදී මේ කෙරෙන් ප්‍රශ්න හා ගැටලූ ද මතුකරයි.
ආදර සබඳතාවන්ට හා විවාහ යෝජනාදියට ශ=භදායී වාතාවරණයක් ගොඩනැඟ=ණත්, තමා ඇසුරු කරන තැනැත්තාට හෝ තැනැත්තියට සම්බන්ධව සැකසංකා මතු විමෙන් සමගිය සමාදානයට අහිතකර දෑ සිදුවේ. ඔබගේ විවාහ දිවියේ හා ප්‍රේම දිවියේ කටයුතුවලට බලපාන රහස් කුමන්ත්‍රණ කෙරේ අවධානයෙන් පසුවන්න. විවාහ දිවියේ හා ප්‍රේම දිවියේ කටයුතු කෙරෙන් යහපත් වාතාවරණයක් ගොඩනැගෙන්නේ 2018 – සැප්තැම්බර්වලින් පසුව වේ.
කුම්භ-: ලාභ ප්‍රයෝජන ලැබේ. සමාජයෙහි උසස් තත්ත්වයට පත් වේ.
අලූත් අවුරුද්ද ඔබට බොහෝ කටයුතූ කෙරෙන් ශ=භ ඵල ගෙනදෙන අතර තමන්ගේ පරිපාලන නායකත්වය යටතේ පවතින හැම දෙයකම ප්‍රතිසංස්කරණයක් වැඩි දියුණුවක් ඇතිවෙයි. සමාජ සම්බන්ධකම්, සැලකිය යුතු පිරිස් ඇසුරට අවස්ථාව සැලසේ. 2018 වසරේ ජූලි තෙක් දිගින් දිගට යන කරදර සිත් තැවුල් අලාභහානි මතු වේ. නිෂ්ඵල ලෙස නොයෙක් ක‍්‍රමවලින් මිල මුදල් වියදම් වී යයි. ඇස්වල දත්වල පතුල්වල ආබාධ හෝ ඇසුරුකරන්නන් සමග අමනාප ගති අසමගිකම් මතු වේ.
ඉගෙනීම් කටයුතුවල ප්‍රගතියක් ගොඩනැගෙනු ඇත. වෘත්තීය හා පාසල් මෙන්ම උසස් අධ්‍යාපන කටයුතුවල සාර්ථකත්වයක් බලා සතුටු විය හැකිවන අතර උසස් අධ්‍යාපන කාර්යයකටද සිත යොමුවේ. ඉගෙනීමේ යෙදී සිටින ශිෂ්‍යයන්ට නම් මෙම කාලයේදී අලූත් පාඨමාලා විෂයන් සඳහා උසස් අධ්‍යාපනයකට බැඬෙන්නට සිදුවේ.
මෙම වසර තුළ අඩපණව පැවති ඔබගේ ඉපැයීම් මාර්ග ශක්තිමත් කරගත හැකි වන්නේය. අමතර ආදායම් මාර්ගයක්ද සලසා ගැනීමට අවස්ථාව උදාවේ. පොදුවේ අතට මිල මුදල් ලැඛෙන වැඩපිළිවෙළක් සැකසෙන අතර බොහෝ දුරට ප්‍රධාන මූල්‍ය අවශ්‍යතා රැසක් ඉටුකර ගැනීමට ද ඉඩ ප්‍රස්ථා සැලසේ. මුල් මාස හතරේදී අනවශ්‍ය වියදම් වලින් මිදී කටයුතු කරන්න.
ගත වූ වසරට වඩා මෙම වසර තුළ උනන්දුවෙන් උද්යෝගයෙන් රැකියා හා ව්‍යාපාරික කටයුතුවල නිරත වීමට හැකියාව ලැබේ. රැකියාව කෙරේ උනන්දුව වැඩිවීම නිසා රාජකාරිය ගැන උසස් දැනුමක් ලැබීමටත් හැකි වන්නේය. කරගෙන එන කටයුතු මෙන්ම අමුතුවෙන් ආරම්භ කරන කටයුතු ද පහළ වැටීමක් ඒවාට බාධා සිදුවීමත් ඒවායින් පාඩු අලාභහානි සිදුවීමක් වේ. කෙසේ නමුතු මෙම අවුරුද්දේදී විරැකියාවට පිළියමක් තාවකාලික වශයෙන් හෝ ලැබේ.
මෙම වසර පුරාවටම මෙන් ඔබගේ ආදර සබඳතා හා විවාහයට අදාළ කටයුතු කෙරෙන් සිතට සතුට දනවන දෑ සිදුවේ. මීට අදාළ බලාපොරොත්තු හා සැලසුම් ඉටුකර ගැනීමටත් හැකිවනු ඇත. විශේෂයෙන් මෙම වසර තුළ ඔබගේ යුගදිවියේ හා ප්‍රේම දිවියේ කටයුතු සම්බන්ධයෙන් නවෝදයක් ඇතිවේ. එසේම මංගල යෝජනා ස්ථීර තහවුරු වෙයි. ඒ එසේ වුවත් මෙම වසරේ අවසන් මාස 6 තුළ ආදර සබඳතා හා විවාහ කටයුතු කෙරෙන් ඇති කරන යම් යම් ප්‍රශ්නකාරී දෑ කෙරේ සැලකිල්ලෙන් විමසිල්ලෙන් පසුවන්න.
මීන-: හදිසි මුදල් ලාභ හිමි වුවත්, කීර්තිය, ප්‍රසංසාව නැති වේ. නොයෙක් කරදරවලටත් පැටලෙයි.
මීන ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති මෙන්ම ලග්න නැකත් අධිපතින් දැඩි පීඩාවකින් තොරව වසර තුළ ගමන් කරන නිසා කරදර බාධක විද දරාගෙන අභියෝග මැඩගෙන ඉදිරිය කරා ගමන් කරත හැක. දුරදිග බලා තීරණ ගැනීමටත්, අනාගතය සම්බන්ධ පැහැදිලි සැලසුමකින් යුතුව කටයුතු කරගෙන යෑමටත් අවස්ථාව සැලසේ. තමාට බලපාන බාධා ගෙනදෙන අවහිර බාධා මැඩගෙන තම අරමුණු සැලසුම් ඉටුකර ගැනීමට හැකි වන්නේය.
ඔබට මෙම වසරේ දී අධ්‍යාපනික පාඨමාලා හා අධ්‍යාපන ආයතනයන්ට සම්බන්ධව බල පෑ ප්‍රශ්න විසඳා ගැනීමට සිදුවේ. මෙම වසරේ මුල් මාස හය තුළ ඉගෙනීම් කටයුතුවල ප්‍රගතියක් ඉදිරියට යාමක් පෙන්නුම් නොකරයි. එසේම මුල් මාස හය තුළ පොත පතට ඇති උනන්දුව අඩු වී යන නිසා උනන්දුවෙන් කටයුතු කරන්න.
පසුගිය කාලයේ පසුබැස හා අඩපණව තිබූ ධනෝපායන මාර්ගයන්හි ක‍්‍රමවත් වර්ධනයක් මෙම අගෝස්තූ මාසයෙන් පසු ගොඩනැෙගේ. යම් යම් මුදල් හා ද්‍රව්‍ය ලාභයන්ද මෙහිදී හිමි වන තැනට කටයුතු පිළියෙල වේ. අගෝස්තු පසුවන තෙක් ගනුදෙනු හා විකිŒම් මිලයට ගැනීම් වැනි කටයුතුවලදී පරිස්සම් වන්න. පොදුවේ ඔබට ගතවූ වසරට වඩා මෙම වසරේදී ආර්ථීක වශයෙන් අග හිඟතා ඇති නොවනු ඇත.
රැුකියා ව්‍යාපාරාදීයට එල්ලව පැවති බාහිර කරදර බාධාවන් ද ක‍්‍රමයෙන් ඉවත්ව යනු ඇත. විරැකියාවට පිළියමක් තාවකාලික වශයෙන් හෝ ලැබේ. පොදුවේ මෙම වසරේ අවසන් මාස 6 තුළ මෙම සුබ පල ගෙනදෙනු ඇත. ඒ එසේ වුවත් උසස්වීමට බාධාවන ආකාර නොයෙක් අවහිරකම් මතු වේ. ස්වයං හා හවුල් ව්‍යාපාරික කටයුතුවලටද ඉඩකඩම්වල කටයුතුවලටද කරදර පාඩු සහ අවහිරකම් ඇති වේ. මෙම අවුරුද්දේදී රැකියා ව්‍යාපාරයකට බල පෑ ප්‍රධාන බාධාවක් ද ඉවත්ව යයි. එමගින් තනතූරු උසස්වීමක් ද ගෙනදේ.
ආදර සබඳතාවන්ට හා විවාහ යෝජනාදියට ශ=භදායී වාතාවරණයක් ගොඩනැඟ=ණත්, තමා ඇසුරු කරන තැනැත්තාට හෝ තැනැත්තියට සම්බන්ධව සැකසංකා මතු වීමෙන් සමගිය සමාදානයට අහිතකර දෑ සිදුවේ. සුදුසු වයසේ නම් විවාහ යෝජනා ගෙන එනු ලැබේ. පොදුවේ මෙම අවුරුද්දේදී ඔබ නොසොයා නොබලා හදිසියේ ගන්නා තීන්දු තීරණ නිසා විවාහ දිවියේ හා ප්‍රේම දිවියේ ගැටලූ ප්‍රශ්න මතුවීමටත් ඉඩ තිඛෙන නිසා හැඟීම්වලට වහල් නොවී කටයුතු කරන්න. ශ=භාශ=භ මිශ්‍ර බවක් මේවා කෙරෙන් ඇතිවන්නේය

ඇය කළුවෙයි
කියා….
බය ලූ….
අප ගුවනේ
ලොක්කාට….!
මට ලැබුණේ
අණක්
ඇල්ලන්නට….
නන කුඩයක්…
වී ඇයගේ
පසුපසට….
ආවේ මමත්
හමුදාවට ගුවන්
ජය ගන්නට
අහස් කුස….
වෙනුවෙන්
මේ
පුංචි රට….
සිතුවේ නැත….
වේවි කියා
කුඩ අල්ලන්න
මේ විදියට
සක්කර
වට්ටම්වලට….
නොසිතනු
දොසක්…..
අණ නැත්නම්
මම කවදා
අල්ලාවිද….
නුඹට නොඇල්ලූ….
වැහි කුඩ
මේ ගෑනුන්ට!

පසුගිය දා ගුවන් හමුදාව විසින් එම මුලස්ථානයේ අවුරුදු පොලක් සංවිධානය කර තිබුනා. මේ සදහා ගුවන් හමුදාවේ ඉහල නිලධාරීන් රැසක් සහභාගී වුනු අතර ඔවුන්ගේ බිරින්දෑවරුත් මේ සදහා ආරාධනා ලැබ තිබුනා.නමුත් මේ වන විට සමාජ ජාල වල මෙහි එක ජායාරුපයක් ගොඩ දෙනෙක්ගේ දැඩි අප්‍රසාදයට ලක්ව තිබේ.විශේෂයෙන් සමාජ ජාල මාධ්‍ය ඔස්සේ නම් ගොඩ දෙනෙක් නොයෙකුත් විවේචන එල්ල කර සිටියා.
මේ පිලිබදව සමාජ ජාල පරිශීලකයෙක් දැමු අපුරු හාස්‍ය ජනක සටහනක් ඇතුළු නොයෙක් දෙනා දැක් වූ අදහස් සහ ජායාරූප පහතින් නරඹන්න
ගුවන් හමුදා සෙබලා තමන්ගේ කාරුණික බව පෙන්වන මේ ඡායාරූපයට අපහාස නොකරන්න.
ගුවන් හමුදා අවුරුදු පොළට පැමිණි දෑසම අන්ධ අසරණ කාන්තාවකට මේ කුඩය අල්ලා පිහිට වන්නේ සෙබළෙකි. ඇය හදුනා නොගත් චර්මරෝගයකින්ද පෙලෙන අතර එම රෝගය නිසා ඇගේ සුමට සමට උණුසුම සිසිළස හෝ කිසිදු සංවේදිතාවක් නොදැනේ. ඒ අසංවේදී අසරණ කාන්තාව ගිණි අව්වෙන් මුදාගැනීමට වෘත්තීය සෙබලෙක් දිවි නොතකා කල කැපවීම අගයමු. නමෝ නමෝ තායේ. ( කියල හිතනකොටම නින්දෙන් ඇහැරුණා.) ඔව්..හමුදාවන් වලත් නිළදාරී පැලැන්තිය එක්තරා පන්තියක්.එන්ගලන්තේ රාජකීයන්ටත් වඩා ඇතැම් තැන්හි ඔවුන්ට ගෑවුන හත්මුතු පරම්පරාම සුවසේ ඉන්නා බැව් පෙන්නේ නෑ. ඒක පන්තිවල බිත්තිවලින්ම වැහිලා.මීට කලින් අර යූරෝපයේ ගායකයා සිංදුකියන ත්‍රිල් එකට බ්‍රෙසියර් එක ගලවලා වීසී කරපු දෝණීත් ඒ පන්තියේම තමා.











මේ ලිපිය ලියන අපි කට්ටිය ජාතිවාදී නොවුනට සිංහල ජාතියට ආදරය කරන අය නිසාවෙන් පිටකොටුවට ඇදුම් ගන්න ගිහින් හෙවුවා සිංහල කඩයක් ඇදුම් ටික ගන්න..
හොයන කොට හොයන කොට හම්බුනා සුපිරි ස්පොට් එකක්.. ඇඩ්රස් එක 123/12, 2 වන හරස් වීදිය.. මුළු කොටුවේම තියෙන එකම සිංහල නිමි ඇදුම් කඩේ එක තමයි..
.
දැම්මා පොඩි චැට් එකක් කඩේ මුදලාලි එක්ක…
මෙන්න මුදලාලි කියපුවා එයාගේ වචනයෙන්ම…
මහත්තයෝ ඔයා දන්නව ද අපෙන් කිසිම මුස්ලිම් හෝ දෙමල කව්රුත් ඇදුම් ගනේ නැ. මම එකේ වරදක් කියන්නේ නෑ.. එක එයාලගේ හැටි.. එත් කොටුවෙන්ම මම තමයි ඇදුම් අඩුවටම විකුණන්නේ. හැබැයි සමහර සිංහල අය කඩේ හොයාගෙන එනව.
සමහර සිංහල අය ගොඩාක් සතුටු වෙනව.
ඒත් රට ජාතිය ගැන පොඩ්ඩක් වත් හිතන්නෙ නැති අය ඒ කඩවලට යනව. ඒ විතරක් නෙමෙයි වැඩි ගනන් වලට ගන්නව. අපිට ඒ දිහා බලල හිනාවෙනව හැරෙන්න වෙන කරන්න දෙයක් නැ.
ඒ නිසා පොඩ්ඩක් හරි හිතන්න, මම මේලෝකේ මේ වීදයට ඉන්නෙ මගේ ජාතිය නිසා. ජාතිය වෙනුවෙන් ලොකු දේවල් කරන්න බැරි මම මට පුළුවන් විදියට සිංහල කඩ වලින් විතරක් බඩු ගන්නව කියල ගන්න. එදාට ඔයත් ලොකු ජාතිකයෙක්. ජාතයට නයක් නැතිව මැරෙන්න පුළුවන්.
හැම දේම අසුබවාදීව හිතන්න එපා. අපි සිංහල කියන්නෙ අපි ඔක්කොම නැදැයො. ඒ ගැන හිතන්න. තව කෙනෙකු දැනුවත් කරන්න. ඒක ලොකු පිනක්.
ඔයත් එන්න මගේ කඩේට. මුස්ලිම්, දෙමල අතරේ සිංහල මමත් ඉන්නව ජාතිය වෙනුවෙන් මුහුණ දෙන්න. මට බිස්නස් අඩුයි. ඒත් මම අත අරින්නෙ නැ. මට පුළුවන් විදියට අන්තිම හුස්ම යනකන් මම මගේ ජාතිය වෙනුවෙන් මේ කඩය කරනව.
මම රෝහණ. 0094 112 338 774 / 077 12 51 396
මම ඉල්ලන උදව්ව එන්න මගේ කඩේටත්, ඇවිත් රු 125/= ඉදන් ඇදුම් තියෙනව. ඔයාලට පුළුවන් විදියට පුළුවන් දෙයක් ගන්න.
තැපැලෙන් ඳ ගෙවල ගන්න ඇදුම් එවනව.
එන්න මගේ කඩේට. නදී පැෂන්. 123/12, 2 වන හරස් විදිය, පිටකොටුව.
0112 338 774 / 077 0 200 371


ශලනි තාරකා යනු නව පරපුරේ දක්ෂතා පරිපුර්ණ නිලියක් වුවත් පසුගිය සමයේ සියදිවි නසාගත් නළු දසුන් නිසා ඇයට සමාජයෙන් දැඩි දෝෂාරෝපණ එල්ලවිය. කෙසේවෙතත් තම නිල මුහුනුපොතේ දසුන් පිලිබදව ප්‍රේක්ෂකයන් තබනා සටහන් වලට කිසිදු හික්මීමකින් තොරව කෝපයෙන් දැඩි පිළිතුරු ලබාදීමට ශලනි කටයුතු කිරීම මේ දිනවල දැඩි කතාබහට ලක්වී ඇත.
මේ එවැනි පිළිතුරු කිහිපයක්…





මෝටර් රථ පනතට අනුව රියෑදුරු බලපත්‍රයක් ලබා ගැනීමේදී මෙතෙක් ක්‍රියාත්මක කර තිබෙන ලිඛිත පරීක්‌ෂණය වෙනුවට ලබන මස (මැයි) 01 වැනිදා සිට පරිගණකයකින් ලබාදෙන ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු සැපයීමේ ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා පැවසීය.
මෙහිදී පරිගණකයෙන් ලබාදෙන ප්‍රශ්න පත්‍රයට නිවැරදි පිළිතුරු පරිගණකය ආධාරයෙන්ම සැපයිය යුතු වේ. පැයක් ඇතුළත පිළිතුරු සැපයූ අයෑදුම්කරුට එම අවස්‌ථාවේම ප්‍රතිඵල වාර්තාවක් පරිගණකයෙන් නිකුත් කරන බව එම දෙපාර්තමේන්තුවේ පෙරේදා (09දා) පැවැති මාධ්‍ය හමුවකදී කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියේය.
මේ වනවිට වැඩ කරන දින පහ ඇතුළත එක් දිනකදී අයෑදුම්කරුවන් 600 ක් පමණ ලිත පරීක්‌ෂණයට ඉදිරිපත් වන බවත් එය පරිගණක ඇසුරින් සිදු කිරීමේදී දිනකට 1000 කට පමණ සේවාවන් සැපයීමට අපේක්‌ෂා කර ඇති බවත් හෙතෙම කීය. නව ක්‍රමය අනුව අපේක්‌ෂකයාට හැකි වේලාවක (වැඩ කරන) පැමිණ පිළිතුර ලබාදීමට හැකි වේ.
ලිඛිත පරීක්‌ෂණයට යොදා ගන්නා ප්‍රශ්න පත්‍ර 4 ම ඇතුළත් ප්‍රශ්න පත්‍ර පරිගණකයට පිළිතුරු සැපයීමට සඳහා මේ වනවිට අඩංගු කර තිබෙන බවත් නව ප්‍රශ්න පත්‍රයක් හඳුන්වා දීමට රියෑදුරු පාසල් සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් හෙතෙම කීය.
මෙහි ප්‍රථම පියවර වේරහැර මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයේ ආරම්භ කර දෙවැනි පියවර ලෙස දිවයින පුරා පිහිටා ඇති ඔන් ලයින් සේවාව සහිත කුරුණෑගල, ගම්පහ, හම්බන්තොට, අනුරාධපුර ඇතුළු කාර්යාල 08 තුළ මෙය ආරම්භ කරන බවද ඒ මහතා පැවසීය. මෙම ව්‍යාපෘතිය 2020 වනවිට මුළු දිවයිනම ආවරණය කරමින් ක්‍රියාත්මක කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අපේක්‌ෂා කරයි.

අපේ රටේ ප්‍රධාන වනෝද්‍යාන දෙකක සහ අභය භූමියකට Google Map හරන අලුත් නම් තුනක් ඇතුලත් කර තිබෙනවා. ඒ අනුව විල්පත්තුව අභය භූමිය Lord Shrirama Swami Wilpattu National Wildlife Park ලෙසත්, අංගමැඩිල්ල ජාතික වනෝද්‍යානය Shri Virashrwa Angammedilla National Park ලෙසත්, හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය Shri Vibhishan Horton Plains National Park ලෙසත් නම් කර තිබෙනවා.
කෙසේ වෙතත් මෙලෙස Google Map හි පෙර තිබූ නම් වෙනුවට අලුත් නම් එකතු කිරීමේ අරමුණ කුමක්ද සහ එය කාගේ උවමනාවකට සිදුකල දෙයක්ද යන්න මෙතෙක් පැහැදිලි වී නැහැ. කෙසේ නමුත් මෙය කිසියම් පාර්ෂවයක් විසින් Google සමාගමෙන් කල ඉල්ලීමකට අනුව මෙම උද්‍යාන සඳහා අලුත් නම් ඇතුලත් කර ඇති බවට ඇතමුන් මත පල කරනවා.
1938 පෙබරවාරි 25 වන දින ආරම්භ කල විල්පත්තු අභය භූමියට එහි ඇති විල්ලු නිසා විල්පත්තුව යන නම ලැබී ඇති බවයි ඉතිහාසයේ සඳහන් වන්නේ. විල්පත්තු අභය භූමිය තුල විශාල විල්ලු 27ක් සමඟ විල්ලු 40 ක් ඇති බව සඳහන් වෙනවා. කෙසේ වෙතත් වසර ගණනාවක් තිස්සේ පැවත ආ විල්පත්තුව යන නාමය Lord Shrirama Swami Wilpattu ලෙස වෙනස් කලේ ඇයිද යන්න සොයා බැලීම වගකිව යුත්තන්ගේ අවධානයට ලක්විය යුතු වනවා.
එසේම මින්නේරිය-ගිරිතලේ වනෝද්‍යානයේ කොටසක්ව පැවැති අංගමැඬිල්ල උද්‍යානයද 2006 ජුනි මස 06 වැනි දා සිට ජාතික වනෝද්‍යානයක් ලෙස නම්කර තිබෙනවා. කෙසේ නමුත් වර්තමාන ගූගල් සිතියමෙහි එම නම Shri Virashrwa Angammedilla ලෙස වෙනස් කර තිබෙනවා.
1969 වසරේදී ස්වභාවික වනාන්තරයක් ලෙස නම් කරන ලද හෝර්ටන් තැන්නටද එම නම ලැබී ඇත්තේ මෙරට ආණ්ඩුකාරවරයෙකු වූ ශ්‍රීමත් හෝර්ටන් ආණ්ඩුකරවරයාගේ සංචාරයකින් පසුව බවයි ඉතිහාසයේ සඳහන් වන්නේ. පුරා විද්‍යාත්මක මෙන්ම ජෛව විවිධත්ව වටිනාකමක්ද ඇති හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයද ගූගල් සිතියමට අනුව Vibhishan Horton Plains National Park ලෙස වෙනස් කර තිබෙනවා.
![]()
![]()
![]()

අපේ රටේ කාන්තාවන් ගොඩක් රට රැකියාවට යන්නෙ ඉක්මනින් දියුණු වෙන්න, තමන්ගෙ දරුවන්ට උගන්නන්න මේ වගේ බලාපොරොත්තු ගොන්නක් හිතේ තියාගෙන. නමුත් සෞදි අරාබිය ඇතුළු මැද පෙරදිග රටවල් වල ගෘහ සේවයට යන අපේ කාන්තාවන් මුහුණ දෙන අත්දැකීම්නම් ඒ තරම් සුන්දර නැහැ. බොහෝ කලක් තිස්සේ අරාබි රටවල් වලට යන අපේ කාන්තාවන් මුහුණ දුන් විවිධ දුක් කරදර ගැන අපි ඕනෑ තරම් අසා තිබෙනවා.
එවන් වූ තවත් සංවේදී කතාවක් පසුගියදා අපිට අසන්නට ලැබුනා. ගලේවෙල පත්කොළගොල්ල ගමේ පිදිංචි ඩී.එම්. ලසඳා මැණිකේ නමැති 48 හැවිරිදි කාන්තාවක් මුහුණ දුන් අවාසනාවන්ත අත්දැකීම් සමූහය ඇය කියන්නේ මේ වගේ කතාවක්.
”සැමියා මගෙන් වෙන් වෙලා ජීවත් වෙන්නේ. මට දුවයි පුතයි ඉන්නේ. දුව විවාහ වෙලා ඉන්නේ ගලේවෙල පත්කොළගොල්ල තරුණයකු සමඟයි. පුතාට අධ්‍යාපනයට මුදල් සෙවීමට 2016 ඔක්තෝබර් මාසයේ මම අතරමැදියකු මාර්ගයෙන් කොළඹ පුංචි බොරැල්ල ප්‍රදේශයේ පිහිටි රැකියා ඒජන්සියක් හරහා සෞදි අරාබියේ ගෘහ සේවයේ රැකියාවකට ගියා.
එසේ ගොස් පසුගිය 2018 මාර්තු 26 වැනි දින ආපසු ලංකාවට එන තුරු මම ජීවිත ආශාව අත්ඇරලයි සිටියේ. රැකියා ඒජන්සිය මට පොරොන්දු වූයේ රියාල් 1125ක වැටුපක් දීමටයි. නමුත් ලැබුණේ රියාල් 1000යි. ගෙදරට එවන්නට හැකි වුණේ මාස 04ක වැටුප් පමණයි. නිවාස 04ක සේවය කළා. එහිදී සතුන් බලා ගැනීමට සිදුවුණා. බදාම ඇනුවා. බ්ලොක් ගල් ඉස්සුවා. විටින් විට නිවාසවල සේවයට එක්කන් ගියා. ඒජන්සි 22ක පමණ නිකරුණේ කාලය ගත කරන්නට සිදුවුණා. විටින් විට ඒජන්සි ප්‍රධානියාගේ අමානුෂික පහරදීම්වලට ලක්වුණා. මට පහරදීම් කළේ තාරික් නමැති පුද්ගලයායි.
මම රට යෑමට පෙර ලබාගත් රුපියල් ලක්‍ෂ එක හමාරක් ආපසු දුන්නේ නැත්නම් බෙල්ල කපා මරා දමන බවට තර්ජනය කළා. මාසා කියන කාන්තාව මට පොල්ලෙන් අමානුෂික ලෙස පහර දුන්නා. මම සේවය කළ එක් නිවාසයක අයිතිකාරියගේ අවුරුදු 18ක් පමණ තරුණයෙක් මට අතවර කරන්නට උත්සාහ කළා කියා පැනලා ගොස් ඒජන්සියට ගියා.
එහිදී මම ඒජන්සියට කරුණු පැහැදිලි කළත් ප්‍රතිඵලයක් ලැබුණේ නෑ. පොලිසියටත් ගියා. අවසානයේදී මම එම රටේ නොයකුත් කාර්යාලවලට ගොස් මට වූ අතවර ගැන පැමිණිලි කළා. ඊට පසුව මගේ දුව ලංකාවේ ඒජන්සියට පස් පාරක් විතර ගියා. මාව ආපසු ගෙන්වා දෙන ලෙස ඉල්ලා සිටියා. ඒ සඳහා ඒජන්සිකරු ලක්‍ෂ ගණනක මුදලක් ඇයගෙන් ඉල්ලා තිබෙනවා. අවසානයේදී විදේශ රැකියා නියුක්ති කාර්යාංශයට දැන්වූ විට මාව ගෙන්වා දීමට රුපියල් ලක්‍ෂ 04ක් ඉල්ලනවා කිය දුව මට දැන්වූවා.
මේ සියලු දුක් විඳ දරාගෙන සිටින විට එක දිනක් ඒජන්සියේ අයිතිකරු ‘වැටුප් ලබා ගත්තා, පහර දුන්නේ නෑ’ ආදී කරුණු සඳහන් කළ ලිපියකට මගෙන් බලෙන් අස්සන් ගත්තා. අවසානයේදී දින 27ක් නිවෙසක කළ සේවය සඳහා ලැබුණු වැටුපෙන් ටිකට් එකක් හදාගෙන ලංකාවට ආවා.
මෙම පහරදීම් නිසා මගේ කොන්ද, බෙල්ල, අතපය ආදිය ඉදිමෙන්න පටන් ගත්තා. මට දැන් හරියට වැඩක්පළක් කරගන්නට බෑ. ඇටකෝටු අස්සේ කැක්කුමක් තියෙනවා. මේ විධියට නොවිඳිනා දුක් විඳින ලංකාවේ කාන්තාවන් තුන් හාරසීයක් පමණ ඒ රටේ දුක් විඳිනවා. ඔවුන් අතර ගැබිනි කාන්තාවන් හා මානසික ආබාධ ඇති කාන්තාවන්ද සිටිනවා. මෙවැනි තැනැත්තියන් විදෙස් ගත කිරීම ගැන අදාළ ඒජන්සි වග කිව යුතුයි. ඇතැම් කාන්තාවන් ලිංගික අතවරවලට පවා ලක් වෙනවා.
මගේ පුතා මෙවර උසස් පෙළ විභාගය ඉහළින් සමත්වී සිටීම නිසා ඔහුගේ අධ්‍යාපනයට මේ වෙලාවේ මුදල් අවශ්‍ය වී තිබෙනවා. ඒ නිසා දැන් මට අවශ්‍ය වී ඇත්තේ වසරක පමණ හිඟ වැටුප් ලබා ගැනීමටයි. ඒ සඳහා කටුනායක ගුවන්තොටුපළහි පිහිටි විදෙස් රැකියා නියුක්ති කාර්යාංශයේ සහන පියසට පසුගිය මාර්තු 26 වැනි දින පැමිණිල්ලක්ද කළා. එම මුදල හා වන්දි මුදලත් ලබා ගැනීමට උපකාර කරන මෙන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. මේ රටේ කාන්තාවන්ට මම දෙන එකම අවවාදය කුලී වැඩක් කරලා හරි ජීවත් වෙන්න. ගෘහ සේවය සඳහා මැදපෙරදිග නොයන්න කියලායි.”

දවස් 43ක් තුරාවට ක්‍රියාත්මක විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල වැඩ වර්ජන ක්‍රියා මාර්ගය නිසාවෙන් මේ වනවිට රට පුරා සරසවි වල දැඩි අර්බුධකාරී තත්වයක් නිර්මාණය වී ඇත. සරසවි තුල මහපොළ ගෙවීම නවක සිසුන් බදවා ගැනීම පවා මේ වැඩ වර්ජන ක්‍රියාවලිය නිසා ඇනහිට ඇති අතර අමාත්‍යවරයා සමග පවතී සාකච්චා පවා බිදවටිමෙන් 150,000 පමණ සිසුන් අපහසුතාවයට පත්ව ඇත.
මේ පිලිබදව අදහස් දක්වමින් අන්තරේ කැදවුම්කරු වන ලහිරු පැවසුවේ දින 43ක් තිස්සේ පවතින මෙම ගැටලුව නිසාවෙන් සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවත් විභාග කල්යාම අවසන් වසර පරීක්ෂණ කල්යාම පමණක් නොව මහපොළ නොලැබීම නිසා ඔවුනට තම නවාතන්පොලවල් වල කුලිය ගෙවාගැනීමේ අර්බුධයක්ද නිර්මාණය වී ඇති බවයි..
රට ආපස්සට යද්දී රටේ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා රාජ්‍ය අමාත්‍යවරයා යන දෙදෙනාම ගොළුවන් බිහිරන් සේ සිටීම තුලින් ඔවුන් බලාපොරොත්තු වන්නේ රටේ අධ්‍යාපන ක්‍රමය බිදහෙලිමද යන්න ජනතාව ප්‍රශ්න කර සිටියි..

පුතෙකුගේ ලෝකයේ තාත්තා වීරයකු වන්නා සේම දියණියකගේ ලෝකයට ඒ තාත්තා රජෙකි. එය හැම දියණියකටම පොදු වූ හැඟීමකි, සිතුවිල්ලකි. සමාධි සිටියේත් එවන් හැඟීමෙනි. ඈ ද පිය රජුගේ ලෝකයේ කිරුළ දරා බොහෝ ආඩම්බරෙන් සතුටෙන් සිටි දැරියක් වූවාය. එදවස තාත්තා ළඟ දැවටෙමින් ඔහුගේ ලොවට ඈ දුන් බලාපොරොත්තුවලින් ඒ තාත්තා ඔහුගේ ලොව සුන්දර කරමින් සිටියේය. ඒත් හදිසියේම ඒ තාත්තාගේ ලෝකයේ සමාධි හිස රන්දා සිටි කිරුළ ලිහී වැටුණේය. ඒ කිරුළේ කෑලි යළි එක්කාසු කර කිරුළක් හෝ කිරුළ දැරූ ලොව යළි තනන්නට බැරි ලෙස සමාධිගේත් තාත්තාගේත් ලෝකය සදාකාලිකව වෙන් කරමිනි.
සමාධි අමන්දා තවමත් පහළොස් හැවිරිදි දැරියකි.ඇගේ එකම බාල සොයුරා සදෙව් ආනන්දයි. අම්මා හලාවත පොලිසියේ කොස්තාපල්වරියක් වන ප‍්‍රියංගිකා කුමුදුනිය. සමාධිගේ තාත්තා පොලිස් සැරයන්වරයකු වූ සරත් හේමචන්ද්‍රයි.
සමාධිට වයස අවුරුදු පහක් පමණ වෙද්දි ප‍්‍රියංගිකා පොලිස් සේවයට නොයා නැවතුණේ එවකට සදෙව් ඉපදෙන්නට සිටි නිසාමත් නොව සමාධිගේ රැුකවරණයට සිටි ඇගේ ආච්චි අම්මා අසනීපව ගමේ ගිය නිසාය. එවක් පටන් ප‍්‍රියංගිකාට රැුකියාවට ගිය කාලයට වඩා සැලකිල්ලක්, කාලයක් සමාධි වෙනුවෙන් වැය කරන්නට පුළුවන් විය. සමාධි කුඩා කාලයේ බම්බලපිටියේ සාන්ත පාවුළු බාලිකා විද්‍යාලයට ගොස් 4 පන්තියේ සිට හලාවත පල්ලම නන්දිමිත‍්‍ර මහා විද්‍යාලයට යන්නට ගත්තාය. කුඩා කල පටන් ඇයට සහජයෙන්ම ඉගෙනීමේ හැකියාවක් තිබුණේය. ඈ හැම විටකම පන්තියේ පස්වැනියා වූවාය. ගණිතය විෂයට දක්ෂ වූ ඇයට යමක් ඇසූ පමණින් එය මතක සිටින විශේෂතාවක් ද විය.
”මම ලොකු වෙලා… විභාගෙ පාස්වෙලා ටීචර් කෙනෙක් වෙනවා..”
සමාධි පොඩි කාලේ නිතර කීවේ ඒ කතාවයි. පොඩි වයස ගෙවී 10 පන්තියට ආවත් සමාධිගේ මේ අදහස වෙනස් වූයේ නැත.
”මම ඉතින් කවදහරි ටීචර් කෙනෙක්නෙ වෙන්නෙ..”
මෑතකාලයේත් ඈ ඒ නොවෙනස්වූ අනාගත බලාපොරොත්තුව ගැන කීවාය.
”දුව ගුරුවරියක් වුණාට කමක් නෑ. ගුරුකම ගෑනු ළමයකුට හොඳටම ගැළපෙනවා. හැබැයි ඉතින් හොඳට විභාගෙ පාස්වෙන්න ඕන මොන රස්සාව ගන්නත් ”
සමාධිගේ අනාගත බලාපොරොත්තුව ගැන තාත්තා සරත් හේමචන්ද්‍රගේ අදහස වුණේ ඒකය. දියණිය ගුරුවරියක වනවාට ඔහු සතුටු වුණේය. ඒ වගේම සාමාන්‍ය පෙළ විභාගයෙන් ඇයගෙන් හොඳම ප‍්‍රතිඵලත් ඔහු බලාපොරොත්තු වුණේය. ඒත් දරුවන් ළඟ සිට ඔවුන්ගේ ඉගෙනීමට උදව්කරන්නට තරම් වාසනාවක් සැරයන් සරත් හේමචන්ද්‍රට තිබුණේ නැත. 2003 වසරේ කොළඹින් උතුරු නැගෙනහිර පොලිස් රාජකාරී සඳහා ගිය සැරයන් හේමචන්ද්‍ර 2017 වනතුරු සිටියේත් උතුරු නැගෙනහිර සේවයේය. නිවාඩුවට දින කීපයක් ගෙදර රැුඳී සිට යන ඔහු ඉන්පසු ගෙවෙන දිනවල දී දුරකථනයෙන් දියණිය සේම පුතුද උනන්දු කළේය. විශේෂයෙන් දියණියව උනන්දු කළේ ඇය ඒ වසරේ දෙසැම්බරයේ සාමාන්‍ය පෙළ විභාගයට ලියන නිසාය. සමාධි ඒ වෙනකොටත් බොහෝ මහන්සියෙන් විභාගයට සූදානම් වෙමින් සිටියාය. මහ පාන්දර වෙනකලූත් පාඩම් කළ ඇය යළි පාන්දර හතර හමාරට පහට නැගිට්ටාය. විෂයන් සියල්ලටම කෙසේ හෝ සමාධිව පන්ති යවන්නට සරත් හා ප‍්‍රියංගිකා සැරසුණත් සමාධි තෝරා ගත්තේ විෂයන් තුනක් සඳහා පන්ති පමණි.
”අනෙක් විෂයන් මට අමාරු නෑනෙ.. ටිකක් හරි අමාරු මේ විෂයන් තුන..”
කවුරුත් බලාපොරොත්තුවන්නා සේ සමාධිට ඒ අනෙක් විෂයන්ට පන්ති නොයා ”ඒ” සාමාර්ථ ගත හැකි බවට විශ්වාසයක් විය. ඇගේ දක්ෂතා හඳුනන කවුරුත් සමාධිගෙන් බලාපොරොත්තු වූයේ ”ඒ” නවයකි. මාසෙන් මාසය දෙසැම්බර් විභාගයට ළංවෙමින් තිබුණි. සමාධිත් ඒ සඳහා දැනුමින් සන්නද්ධ වෙමින් සිටියාය.
2017 අගෝස්තු නිවාඩුවට පෙර පාසලේ වාර විභාගය පැවැත්වෙමින් තිබුණේය. විෂයන් තුන, හතරකට ලියා ලකුණු ද ලැබෙමින් තිබුණි. ඒ හොඳ ලකුණු ගැන සමාධි අම්මා සමග මෙන්ම දුරකථනයෙන් තාත්තා සමග ද කතා කළාය.
ආසාවෙන් සමාධි ඒ විභාග ප‍්‍රතිඵල කතාකරද්දි මේ කාලයේ සැරයන් සරත් හේමචන්ද්‍ර රාජකාරි කරමින් සිටියේ යාපනේ පොලිසියට අනුයුක්තව යාපනේ මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලංචේලියන් මහතාට ආරක්ෂාව සපයමිනි. එදා 23 වැනිදා ද යාපනේ උසාවි ගොස් එමින් සිටි මහාධිකරණ විනිසුරුවරයාගේ නිල රථයට ආරක්ෂාව සලසමින් 24330 යතුරු පැදියෙන් සැරයන් හේමචන්ද්‍ර ඔහු සමග යමින් සිටියේය. ඒ වන විට යාපනය නල්ලූර් හන්දියේදී කලහකාරී ලෙස හැසිරෙමින් සිටි පිරිසක් දැක සැරයන් හේමචන්ද්‍ර බයිසිකලයෙන් බැස ඔවුන් අතරට ගොස් තිබුණේ මහාධිකරණ විනිසුරුවරයාගේ වාහනයට යන්නට මාර්ගයේ ඉඩහසර සලසා දෙන්නටය. ඒත් නොසිතූ ලෙස එහි සිටි චණ්ඩියකු වූ සෙල්වරාසා සැරයන් සරත් හේමචන්ද්‍රගේ පිස්තෝලය උදුරාගෙන තිබූ අතර එහි උණ්ඩයක් සැරයන්වරයාගේ ළය පසාරුකොට ගෙන ගියේ සැරයන් හේමචන්ද්‍ර බිම හෙළමිනි. ඊළඟ වෙඩි උණ්ඩය විනිසුරුවරයා ඉලක්කකොට ගෙන ආවෙන් ඔහු බේරාගන්නට අනෙක් පොලිස් නිලධාරියා ඉදිරියට පැන තිබූ අතර ඒ වෙඩි ප‍්‍රහාරයෙන් විනිසුරුවරයා බේරුණත් ඉදිරියට පැන්න පොලිස් නිලධාරියාගේ අතට වෙඩිවැදුණේය. තාත්තාගේ සිහිනයට පණ දෙන්නට පාඩම් පොත් සමග සිටි සමාධි දියණියට එදා 2017 වසරේ ජුනි 23 වැනිදා අසන්නට ලැබුණේ ඒ සිහින සියල්ල දැවී හළු වී ගිය පණිවිඩයකි. ඒ ඇගේ ආදරණීය තාත්තා ජීවිතය හැරගොස් සිටින ආරංචියයි.
එතැන් සිට සමාධිගේ ජීවිතය, සිත, සිතුවිලි කණපිට පෙරළුණා සේ විය. ඒ ගැන කියන්නේ සමාධිගෙ අම්මා ප‍්‍රියංගිකාය.
මහත්තයා නැතිවුණ එක එදා වගේම අදටත් හීනයක් වගේ. එදා මහත්තයා නැතිවෙනකොට දුවට විභාගෙට තිබුණෙ හරියටම මාස හයක්. තාත්තා නැතිවුණත් එක්ක දුව හරියට වෙනස් ළමයෙක් වුණා. පළවෙනිම දේ එයා නිශ්ශබ්ද ළමයෙක් වුණා. ඊළඟට එයාට ඉගෙනගන්න තිබ්බ ඕනකම නැතිවුණා. ඉස්කෝලෙ යන්න කම්මැලි කළා. පන්ති යන්න බෑ කිව්වා. පාඩම් කරන්න පොතක් අතින් ඇල්ලූවේ නෑ.. දුව නොකියා ඇෙඟව්වා තාත්තා නැතුව එයාට විභාගෙ පාස්වෙලා වැඩක් නෑ කියලා වගේ කතාවක්. මං එයාට වටහලා දෙන්න උත්සාහ කළා තාත්තා කොහෙ හරි ඉඳලා බලාගෙන ඇති… එයාට පේන්න කොහොම හරි තාත්තගෙ බලාපොරොත්තුව ඉෂ්ට කරමු කියලා.
ඒත් එක්කම හයිකෝට් සර් දරුවො දෙන්නගෙ අනාගතේ බාර ගත්තැයින් පස්සේ හයිකෝට් සර්රුත් දුවට තේරුම් කරලා දුන්නා. දුව ඉස්කෝලෙ ගියා. වැඩි උවමනාවක් උනන්දුවක් නැතුව ඉස්කෝලෙ යන දුවගෙ මහා ලොකු වෙනසක් එයාගෙ ටීචර්ලට තේරුණේ නෑ. මොකද උපන් දක්ෂකමක් එයාට තිබ්බ නිසා. මම ඉස්සර විදිහට දුවව පාඩම් කරන්න උනන්දු කෙරෙව්වා. දුව එක්ක මම නැගිටලා එයා පාඩම් කරනකල් මම ඒ ළඟට වෙලා අවදියෙන් හිටියා. මම දිගටම එහෙම දුව පිටිපස්සෙන් ඉන්නකොට එයා ටිකක් විතර උනන්දු වුණා. ඕනකමකින් නෙවේ ඒත් පාඩම් කළා. පන්ති යන්න නම් බෑම කිව්වා. ඉස්සර බස් එකේ පන්ති ගියේ.. පස්සෙ හයිකෝට් සර් රුත් කියලා පන්ති දවස්වලට දුවව ත‍්‍රීවිල් එකෙන් පන්ති එක්ක ගියා. ඒ පන්ති තුනම දුවට හම්බවුණේ නොමිලේ. පන්ති තිබ්බ තැන ඉසුරු සර්රුයි, දුවලට උගන්නපු හේමන්ත,අඛිල,ජීවන් සර්ලයි දුවට නිතරම කිව්වෙ ” ඔයාට ”් නවයක් ගන්න පුළුවන්.
කොහොමහරි ් නවයක් ගන්න කියලා” .දුව සර්ලා කියන දේ ඇහුවා. නොපෙන්නුවාට, නොකිව්වට තාත්තා නැතිවෙච්ච එක එයාට ලොකු කම්පනයක් වෙලා තිබ්බා. තාත්තාගෙ නැතිවීම ගැන එයා ඊටපස්සෙ කවදාවත් කතා කළේ නෑ. අපි කතාකරනවට කැමති වුණෙත් නෑ. හයිකෝට් සර් යාපනේ ඉඳලා ගෙදර යන්නෙ කවද්ද ඒ හැම දවසකම ඇවිත් දරුවො බලලා කතා කරලා යනවා. දරුවන්ට වියහියදම් කරනවා.ඒ සර් කියන දේත් දුව ඇහුවා.
දෙසැම්බර් විභාගෙට මං දුවව යැව්වෙ ත‍්‍රීවීල් එකේ. විභාගෙට ලියලා ඇවිල්ලත් එයා පුරුදු නිශ්ශබ්දතාවයෙන් ගෙදර හිටියා. ඒ වෙනකොට මමත් ගෙදර නෑනෙ. මහත්තයා නැතිවුණාට පස්සෙ මට ආයෙත් මගෙ රස්සාව ලැබුණා හලාවත පොලිසියට.
විභාග ප‍්‍රතිඵල එනවා කිව්වම නම් දුව ටිකක් කලබල බවක් පෙන්නුවා. එනවා කිව්ව, දවසෙ මුළු ?ම නැගිටලා හිටියෙ. ඊට පහුවදා එයාගෙ ප‍්‍රතිඵල, ් හයක්, ඊ දෙකක් සහ ක් එකක් විදිහට තියෙනවා දැක්කම එයා එක දෙයයි විභාග ප‍්‍රතිඵල ගැන මාත් එක්ක කිව්වේ..” තාත්තා හිටියානම් මට ්, නවයක්ම ගන්න තිබුණා අම්මේ.” කියලා. ඒක දුවට විතරක් නෙවේ මටත් හිතුණ දෙයක්. ඒත් මට සතුටුයි.. තාත්තා ගැන මහ දුකක් හිතේ තියාගෙන හරි මගෙ දුව මේ තරමට පාස් වුණාට. ඇත්තම කිව්වොත් තාත්තාත් නැතුව ඉගෙනීමට කිසි උනන්දුවක් තිබ්බෙ නැති දුව මේ තරම් පාස්වෙයි කියලා මං හිතුවෙ නෑ. එයා උසස් පෙළ වානිජ අංශයෙන් කරනවා. මේ වෙනකොටනම් ¥ ගුරුවරියක් වෙන අදහස අතහැරලා අනාගත බලාපොරොත්තුව වෙනස් කරගෙන ඉන්නේ…
ප‍්‍රියංගිකා දියණියගේ විභාගෙ ප‍්‍රතිඵල කිව්වේ සතුට හා දුක සමව පිරි හැඟීමෙනි. සිය පියාගේ ජීවිතය නරුම මිනිසුන් පිරිසක් උදුරා ගනිද්දී නැතිවුණ පියාගේ ජීවිතය වෙනුවෙන් නිහඬව දුක්වූ සමාධි මනසින් වැටී සිටියදී වුවත් විභාගය ජය ගත්තාය. ඇය කියන්නේ ඒ අම්මාට පින්සිදුවන්නට බවයි.
”තාත්තගෙ ලොකු ආසාවක් තිබ්බා මම හොඳටම විභාගෙ පාස්වෙනවා දකින්න. ඒත් මගේ විභාග ප‍්‍රතිඵල දකින්න තාත්තා නෑ කියලා මං දන්න කොට මට හිතුණා මං ඇයි ඉගෙන ගන්නෙ කියලා. මං පාස් වුණත් ප‍්‍රතිඵල දකින්න තාත්තා නෑනෙ කියලා හිතුණා. ඉතින් එතකොට මට ඉගෙනගන්න බෑ කියලමයි මට හිතුණේ. ඒත් අම්මයි හයිකෝට් සර්රුයි මට කිව්වා කොහොමහරි විභාගෙ පාස්වෙන්න කියලා. ඉසුරු සර්රුයි, හේමන්ත සර්රුයි, අකිල සර්රුයි, ජීවන් සර්රුයි කිව්වෙත් කොහොමහරි ් නවයක් ගන්න කියලා. ඒත් මට ගන්න පුළුවන් වුණේ හයයි. ඒත් මං දන්නවා තාත්තා හිටියානම් මට ් නවයක්ම ගන්න තිබුණා. වාණිජ අංශයෙන් උසස්පෙළ කරලා ගණකාධිකාරිවරියක් වෙන එකයි මගේ බලාපොරොත්තුව..”
පියා වෙනුවෙන් උපන් සොව තාමත් හිතේ රන්දාගෙන දුක්වන සමාධිගේ පොඩි හිතට එදා එක්වූයේ දරන්නට බැරි අත්දැකීමකි. කෙනෙකුගේ ජීවිතය උදුරාගන්නට පෙර ඒ ජීවිතය නැතිව ගිය කල්හී ජීවත්වන්නවුන් විඳවන විඳවීම නරුම මිනීමරුවන් වටහාගන්නා කාලයක් එනතුරු මේ අත්දැකීම මේ ලංකාවේ සමාධි වන් තවත් දියණිවරුන් විඳිනු ඇත.
