Category: සුපිරි Walks

  • ලංකාවේ 99% ක් දෙනා නොදන්නා කාන්තාවන් සුරන්තයේදී දිය විදීම ගැන අැත්ත මෙන්න…

    ලංකාවේ 99% ක් දෙනා නොදන්නා කාන්තාවන් සුරන්තයේදී දිය විදීම ගැන අැත්ත මෙන්න…

    අද මා සාකච්ඡා කිරීමට යන්නේ බොහෝ වැදගත් කාරණාවකි.

    ඔබ බොහෝ දෙනකු කාන්තාවන්ගේ සුරාන්තය පිළිබද යම් කිසි දැනුමක් ඇතැයි සිතමි.

    දැනුමක් ලැබීමට අවශ්‍යනම් අපේ පරණ පොස්ටු බලන්න.

    කෙටියෙන් පැවසුවහොත් කාන්තාවක් සුරාන්තයට පත් වන ක්‍රම කිහිපයක් ඇත.

    පියයුරු උත්තේජනය, භගමනිය උත්තේජනය, යෝනි මාර්ගික උත්තේජනය.

    මෙහිදී යෝනි මාර්ගික උත්තේජනය විශේෂ තැනක් ගනුයේ කාන්තාවකට ඇයට ලැබිය හැකි උපරිම තෘප්තිය මෙමගින් ලබා ගත හැකි වීමත් , විශේෂ සිදුවීමක් වන දිය විදීමේ සංසිද්ධියද ඇති විය හැකි බැවිනි.

    මෙය 1940 දී පමණ ග්‍රා‍ෆෙන්බග් නම් නාරි වෛද්‍ය විද්‍යාඥයකු විසින් සොයා ගන්නා ලද ජී ස්ථානය හෙවත් පාරමෞත්‍ර ග්‍රන්තයේ ක්‍රියාකාරිත්වය නිසා සිදුවන්නක් විය හැකි බවද බොහෝ දෙනා පවසති.

    බොහෝ කාන්තාවන් තම ජීවිතයේදී සුරාන්තයට පත්වී ඇති නමුදු දිය විදුමක අත්දැකීම ලබාගෙන නොමැති බව සංඛ්‍යාත්මක දත්ත මගින් පෙන්වා දෙයි.

    නමුත් මේ අතරින් 5% පමණ කාන්තාවන් ප්‍රමාණයක් තම සහජ හැකියාව මත කිසිදු අත්දැකීමක් නැතිව තම පළමු ලිංගික ක්‍රියාවේදීම දිය විදුම සිදුවේ.

    මෙම දිය විදුම සිදුවනුයේ පුරුෂයාගේ ශුක්‍ර පිටවීමට හා අදාළවම සංසිද්ධියකි.

    පුරුෂයාගේද ශුක්‍ර පිටවීම මෞත්‍ර මාර්ගයෙන් සිදුවන අතර කාන්තාවකගේද දිය විදුම ද මෞත්‍ර මාර්ගයෙන් සිදුවේ.

    කාන්තාවකගේ මෙම දියෙහි අන්තර්ගතය විශ්ලේෂනය කළ විද්‍යාඥයන් එය පුරස්ථිති ග්‍රන්ථියේ ද්‍රවයන් හා සමාන බවක් පෙන්වන බවත් මෙහි කිසිසේත් ම මුත්‍ර අඩංගු නොවන බවත් සොයාගෙන ඇත.

    මෙම දිය විදුම සිදුවීමට ඇති ප්‍රධානම බාධාව නම් කාන්තාවගේ මානසික සහ කායික තත්වයයි.

    තමා සහ තම සහකරු පිළිබද මනා විශ්වාසයක් සහිතව සිටීම වැදගත් වන අතර තමා අතින් සිදු වන සියලු දෙයහි සම්පූර්ණ වගකීම හා ආකල්ප වලට අන්‍යෝන්‍ය විශ්වාසය සහිත නම් මේ දිය විදුම සිදුකිරීම අපහසු සංසිද්ධියක් නොවනු ඇත.

    තවත් වැදගත් කාරණාවක් නම් කාන්තාවන් සුරාන්තය සහ දිය විදුම සිදුවන විට දැනෙන ස්වභාවය බොහෝ දුරට මුත්‍ර පිටවන්නා සේ දැනීමයි.

    මෙම කාරණාව නිසාම සමහර කාන්තාවන් සුරාන්තයට ළගා වීමට පවා බයක් දක්වන බව මාගේ මතයයි.

    මෙම මානසික බාධාව ඉවත් කර දමා දිය විදුම ඔබගේ දිවියේ විශේෂ දවසක ඔබගේ සහකරුට ලබා දීමෙන් ඔබගේ ආදරය මෙන්ම ලිංගික ජීවිතයද නව මගකට යොමු කරගත හැකි වනු ඇත.

    එබැවින් කාන්තාවන් සුරාන්තයේදි දිය විදීම මායාවක් නොවන බවත් බොහෝ දෙනාට මෙම සංසිද්ධීය ළගා කරගැනීම සදහා කාලය මෙන්ම පළපුරුද්ද සහ තවත් බාහිර කාරණා අවශ්‍ය බවත් මෙයින් සදහන් කරනු කැමැත්තෙමි.

  • යාලුවෙලා ඉන්න කෙල්ල Sex වලට කැමතිද? අහන්න අවශ්‍ය නෑ.. නහයෙන් දැනගන්නේ මෙහෙමයි..

    යාලුවෙලා ඉන්න කෙල්ල Sex වලට කැමතිද? අහන්න අවශ්‍ය නෑ.. නහයෙන් දැනගන්නේ මෙහෙමයි..

    පොදුවේ ස්ත්‍රියගේ විවිධ අංග ලක්ෂණ සලකා බලන විට නාසයට ප්‍රධාන ස්ථානයක් හිමි වේ. නාසයෙන් ඒ ස්ත්‍රියගේ අනාගතය, වර්තමානය පවා හෙළි කරගත හැකිය. කෙනකුට හාදු දීම, සිප ගැනීම ආදී දේ සඳහා මුල් කරගන්න නාසය ස්ත්‍රියකගේ පිහිටීම අනුව ඇයගේ ගති ලක්ෂණ මැනවින් පෙන්වයි.

    සිහින්ව දිගැටි නාසයක් පිහිටි ස්ත්‍රිය – පංච කල්‍යාණියක් බඳු, රුව ඇත්තියකි. ඇය බොහෝ කලබල නොවන නිහතමානී තැනැත්තියක් වේ.

    නාසය කොට වී ඇහි බැම නාසය හා බැඳී ඇති ස්ත්‍රීන් – බොහෝ කලහාකාරි වේ. කණ්ඩායමක පෙරමුණ ගෙන ක්‍රියාකරයි.

    නාස් පුඩු මැද උල්ව පිහිටා ඇත්නම් – බොහෝ රහස් සඟවා ගනී. කිසිවක් හෙළි නොකරයි. කතා බහ අඩුය.

    නාස් ඇටය, මැද ඉස්සී පිහිටයි නම් – බොහෝ කපටිකම් කරන්නියකි. කිසිවක් නොමැති කෙනකු සේ ජීවත් වේ.

    ඉහළින් නාසය වක්‍ර සහිතයි නම් – බොහෝ ආශාවන් පසුපස ලුහුබඳී. මායාකාරියකි.

    නාස් පුඩු ගනව විශාලව පිහිටා ඇත්නම් – කිසිම දෙයකින් සෑහීමට පත් නොවේ. ලැබුණ දෙයද අගය නොකරයි.

    උඩුතොල දක්වා නාසය මැදින් ඉස්සුණු දාර සහිතව පිහිටි ස්ත්‍රීන්- ඥානවන්තයි. කථිකත්වයක් ඇත. එමෙන්ම සිහි නුවණින් කටයුතු කරයි.

    කතා කරන විට, නාසය නටවයි නම්- බොහෝ රාගාධික තැනැත්තියකි. එමෙන්ම සිත් ඇද ගැනීමට උත්සාහ දරයි.

    නාස්පුඩු අඟ දෙකොනෙ වළ ගැසී ඇත්නම් – නිතරම තමා ගැන වර්ණනා කරයි.

    නාසයේ සිදුරු වටා හම කළු නම් – කිසිම උපදෙසක් පිළිනොපදී. තම අභිමතයට කටයුතු කරයි. ඇය විවාහ වුවද අනියම් බැඳීම් ඇතිකර ගනී.

  • ක්‍රිකට් සභාපති ධුරයේ අාන්දෝලනාත්මක පෙරළියක් කරලියට.. හිටපු නායක අර්ජුන යළි සටනට…

    ක්‍රිකට් සභාපති ධුරයේ අාන්දෝලනාත්මක පෙරළියක් කරලියට.. හිටපු නායක අර්ජුන යළි සටනට…

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරය මැයි අටවැනිදායින් පසුව සිදු වන දේශපාලන පෙරළියත් සමඟ හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංගට හිමි වනු ඇතැයි වාර්තා‍ වේ.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනට තිලංග සුමතිපාල සභාපති ධුරයට පත් වූයේ 2016 ජනවාරී 03 වැනිදාය. ඒ වන විට පැවැති ක්‍රීඩා රෙගුලාසි ප්‍රකාරව කිසියම් ජාතික ක්‍රීඩා සංගමයකට පත් වන නිලධාරී මණ්ඩලයේ ධුරකාලය වසර 2ක් වේ.
    ඒ අනුව තිලංග සුමතිපාල මහතා ඇතුළු නිලධාරී මණ්ඩලයේ ධුර කාලය 2018 ජනවාරි 03වැනිදායින් අවසන් වේ. ඒමත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නව නිලධාරී මණ්ඩලයක් පත් කර ගැනීම මාර්තු 31වැනිදාට පෙර මහා සභා රැස්වීමක් කැඳවා සිදු කළ යුතුවේ.

    කෙසේනමුත් දයාසිරි ජයසේකර ක්‍රීඩා අමාත්‍යවරයා ගැසට් කළ නව ක්‍රීඩා රෙගුලාසි ප්‍රකාරව සෑම ජාතික ක්‍රීඩා සංගමයක්ම නිලවරණ ජුනි පළමුවැනිදාට පෙර පැවැත්විය යුතුය.

    එම ක්‍රීඩා රෙගුලාසි අනුව නිලධාරී මණ්ඩලයේ ධුරකාලය වසර දෙකේ සිට 4දක්වා වැඩි කර තිබේ. පසුගිය ජනවාරියේ රැස්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් විශේෂ මහා සභා රැස්වීමේදී ගත් තීරණ අනුව පැරණි ක්‍රීඩා නීතිය නොව අලුත් ක්‍රීඩා නීතිය පිළිගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව ඇත. එසේ අලුත් නීතිය පිළිගතහොත් ජුනි පළමුවැනිදාට පෙර නිලවරණය පැවැත්වීමේ අවශ්‍යතාවක් නැත. තවත් වසර දෙකක් තිලංග සුමතිපාල මහතා සහ විධායක කමිටුවට ස්වකීය ධුරවල කටයුතු කිරීමේ අවස්ථාව උදාවනු ඇත.

    ඒ අනුව මැයි 20වැනිදා පැවැත්වීමට නියමිත ක්‍රිකට් නිලවරණය කල්දැමීමේ සූදානමක් පවතින බව වාර්තා‍ වේ. එසේ වුවහොත් නීති උ‍පදෙස් මත ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවා හැර අතුරු කමිටුවක් පත්කළ යුතු බවට ජාතික ආණ්ඩුවේ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පක්ෂ නායකත්වයට යෝජනා කර තිබේ. එසේ පත්කෙරන අතුරු කමිටුවේ සභාපති ධුරය භාර ගන්නැයි අමාත්‍ය අර්ජුන රණතුංගට ආරාධනා කර තිබේ.

    මේ ආරාධනාව සිදු කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ ඉහළම දේශපාලන නායකයා හරහා හිටපු ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයින් රැසක් විසිනි. මේ සම්බන්ධයෙන් අර්ජුන රණතුංග සහ එම ඉහළ දේශපාලනඥ නායකයා අතර විශේෂ සාකච්ඡාවක් පැවැති බවද වාර්තාවේ. විශේෂයෙන්ම මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරය දරන තිලංග සුමතිපාල මහතා පසුගියදා විශ්වාස භංගයට පක්ෂව කටයුතු කිරීමත් සමඟ ඔහු දේශපාලනික වශයෙන් හුදකලා වෙමින් සිටීමත් ඔහුගේ කාලයේදී ක්‍රිකට් ක්‍රීඩාවේ දැඩි පසුබෑමත් හේතුවෙන් ඔහුට තවදුරටත් ක්‍රිකට් සභාපති ධුරය දැරීමට අවස්ථාව ලබා නොදීමට රජයේ ඉහළම දේශපාලනඥයින් දෙදෙනා තීන්දු කර තිබේ. නිලවරණයක් කැදවුවහොත් එක්සත්ජාතික පක්ෂයේ පූර්ණ සහාය අමාත්‍ය අර්ජුන රණතුංගට ලබා දීමට තීරණය කර ඇත.

  • 16  පෙම්වතියගේ පහස විඳි 23 හැවිරිදි පෙම්වතා තම මිතුරාටත් පෙම්වතියගේ පහස විදින්න දීලා…

    16 පෙම්වතියගේ පහස විඳි 23 හැවිරිදි පෙම්වතා තම මිතුරාටත් පෙම්වතියගේ පහස විදින්න දීලා…

    මොණරාගල ප්‍රසිද්ධ පාසලක ඉගෙණුම ලබන ශිෂ්‍යාවක රවටාගෙන ඇය දූෂණය කළ බව කියන තරුණයින් දෙදෙනෙකු මොණරාගල පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

    වයස අවුරුදු දහසයයි මාස හතරක් වන මෙම දැරිය කලක පටන් කිහිප වරක් මෙම තරුණයින් දෙදෙනා අතින් දූෂණයට ලක්ව තිබේ.

    අත්අඩංගුවට පත්ව ඇති තරුණයින් දෙදෙනා වයස අවුරුදු විසි එක හා විසි තුන වියේ පසුවන පටබැද්දේගම ප්‍රදේශයේ පදිංචි කරුවන් දෙදෙනෙක් බව සඳහන්ය.

    මෙයින් එක් තරුණයෙක් ඇයගේ පෙම්වතා වන බවත්, ඔහු සමඟ මෙම දැරිය කලක සිට දෙමාපියන් නොමැති අවස්ථාවල ඇයගේ නිවස තුළ දී ලිංගික සබඳතා පවත්වා ඇති බවත් මේ වන විට හෙලි වී ඇත.

    පසුව පෙම්වතා විසින් ඇයව අතහරින බවට තර්ජනය කර එසේ නොකිරීමට නම් තම මිතුරා සමඟ අඹුසැමියන් ලෙස හැසිරෙන ලෙස බල කර ඇත.

    ඒ අනුව අවස්ථා ගණනාවක දී මොවුන් දෙදෙනා විසින් මෙම දැරිය දුෂණය කර තිබේ.

    නිතර නිතර මෙම නිවසට යන එන තරුණයින් දෙදෙනා ගැන සැක සිතූ අසල්වැසියන් දැරිය ගේ දෙමාපියන්ට මේ පිළිබඳව දැණුම්දීමෙන් පසු ඔවුන් විමසීමේ දී දැරිය සියලු තොරතුරු හෙලිකර ඇත.

    ඒ අනුව දෙමාපියන් විසින් පොලීසියට කළ පැමිණිල්ලකට අනුව තරුණයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙම දැරියගේ පෙම්වතා බව කියන පුද්ගලයා ටින්කරින් බාස් කෙනෙකු වන අතර විසි තුන් හැවිරිදි පුද්ගලයා කුඩා හෝටලයක කෝකියෙකු ලෙස සේවය කරන අයෙක් බවට හඳුනාගෙන තිබේ.

    අපයෝජනයට ලක්වූ දැරියද පටබැද්දේගම ප්‍රදේශයේම පදිංචිකාරියකි.

    සැකකරුවන් 07 දින මහේස්ත්‍රාත් වරයා හමුවට පැමිණවීමට නියමිතව තිබේ.

  • ඉන්නවද? පනිනවද? කරන දේ ගැන අහන්න ජනපති හමුවන්න ලංඩන් ගියපු ලොක්කෝ ටික මෙන්න..

    ඉන්නවද? පනිනවද? කරන දේ ගැන අහන්න ජනපති හමුවන්න ලංඩන් ගියපු ලොක්කෝ ටික මෙන්න..

    ආණ්ඩුවෙන් ඉවත් වූ නිදහස් පක්ෂයේ 16දෙනාගේ කණ්ඩායමේ සාමාජිකයින් කිහිපදෙනෙකු ජනාධිපතිවරයා මුණ ගැසීමට සූදානම් වනවා. ඒ, ලන්ඩන් නුවර පැවැත්වෙන රාජ්‍ය නායක සමුළුව අතරතුරයි.
    හිටපු අමාත්‍යවරුන් පිරිසක් ලන්ඩන් බලා ගොස් ජනාධිපතිවරයා යළි දිවයිනට පැමිණීමට පෙර මෙම සාකච්ඡාව පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.
    පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව නිමවා ජනාධිපතිවරයා යළි දිවයිනට පැමිණීමට නියමිතව ඇත්තේ ලබන 22 වනදායි.

    ජනාධිපතිවරයා මෙරටට පැමිණීමෙන් පසු ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවද රැස්වන බවට දැනටමත් වාර්තා පළ වී අවසන්. ආණ්ඩුවෙන් ඉවත් වූ 16දෙනාගේ කණ්ඩායම පවසන්නේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ද ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවටයි. ඊට අදාළ යෝජනාවක් ඉකුත් දා පැවැති නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට ද ඉදිරිපත්ව තිබුණා. ඒ පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට නියමිතව ඇත්තේ මෙම මධ්‍යම කාරක සභා රැස්වීමේදීයි.
     
    මේ අතර සම්මුතිවාදී රජයේ මීළඟ කැබිනට් සංශෝධනය ලබන 23වනදායින් පසුව සිදුවනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා. එහිදී පූර්ණ කැබිනට් සංශෝධනයක් සිදුවනු ඇති බවටයි දැනටමත් ප‍්‍රකාශ වී ඇත්තෙ.

  • සල්ලි පස්සේ දුවන අම්මා රට තාත්තා වැඩ අතරේ 21 අයියා එකකුස උපන් 18 නංගිව දුෂණය කරලා..

    සල්ලි පස්සේ දුවන අම්මා රට තාත්තා වැඩ අතරේ 21 අයියා එකකුස උපන් 18 නංගිව දුෂණය කරලා..

    වයස අවුරුදු 18 ක් වන තම නැගණියව දුෂණය කළ බව කියන තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සාලියගම පොලීසිය කියයි.

    අත්අඩංගුවට ගෙන ඇති සැකකරු 21 වැනි වියේ පසුවන අයෙකි.

    අතවරයට ලක්ව ඇත්තේ 18 හැවිරිදි දැරියක වන අතර ඇය ප්‍රදේශ‍යේ පාසලක 13 වන වසර පන්තියේ ඉගෙනුම ලබමින් සිටියි.

    දැරිවියගේ මව රැකියාවක් සදහා විදේශ ගත වී සිටින බැවින් ඇය තම පියා බාරයේ සිට ඇති අතර ‍පසුගිය ජනවාරි මාසයේ දිනක පියා නිවසේ නොමැති අවස්ථාවක සැකකාර සහෝදරයා විසින් තම නැගණියව දුෂණය කර ඇති බව දැනට කරන ලද විමර්ශන වලදී හෙළිවී ඇත.

    පසුගිය දිනක සේවා කාලය අවසන් වී නිවසට පැමිණි තම මවට දැරිය මේ බව පවසා ඇති අතර පසුව ඇය විසින් සාලියගම පොලීසියට කරන ලද පැමිණිල්ලකටඅනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

    එම අතවරය සම්බන්ධයෙන් කිසිවෙකුටත් නොපවසිමට ඔහු තර්ජනය කර තිබේ එසේ කළහොත් තම දුරකතනයේ ඇති ජායාරුප පිට කරන බව පවසා තිබේ.

  • පත්තරේට ලිපිය ලියා දින 03න් ටෙලි නාට්‍ය නිළියක් කැලණි ගගේදී මිය ගිය හැටි(PHOTOS)

    පත්තරේට ලිපිය ලියා දින 03න් ටෙලි නාට්‍ය නිළියක් කැලණි ගගේදී මිය ගිය හැටි(PHOTOS)

    කැලණි ගඟේ දිය නෑමට ගොස් අවුරුදු 27ක එක් දරු මවක් ජිවිතක්ෂයට පත් වි ඇති බව ගිනිගත්හේන පොලිසිය පවසනවා.

    මහනුවර උගුරැස්ස ප්‍රදේශයේ පදිංචි තුෂානි ද සිල්වා නැමති ටෙලි නාට්‍ය සහය නිළියක් මෙසේ මිය ගොස් ඇති බව අනාවරණය වී තිබෙනවා.

    පවුලේ සමාජිකයන් සමඟ කිතුල්ගල ප්‍රදේශයේ සංචාරයකට පැමිණ ඇති මෙම කාන්තාව ගිනිගත්හේන කළුගල යටිබේරිය ප්‍රදේශයේදි කැලණි ගඟේ අද(17) පස්වරු 1.30 පමණ දිය නාමින් සිටියදි සැඩ පහරකට හසු වී ගසා ගෙන ගොස් ඇති බව ගිනිගත්හේන පොලීසිය පවසයි.

    පවුලේ සමාජිකයන් හා ප්‍රදේශවාසින් එක්ව සැඩ පහරට හසු වි ගසා ගෙන ගිය කාන්තාව සොයා සිදු කළ මෙහෙයුමකින් පසුව එම කාන්තාවගේ සිරුර දිය නෑම සිදු කළ ස්ථානයට මදක් දුරින් කැලණි ගඟේම තිබි සොයා ගෙන ඇති අතර එම සිරුර කිතුල්ගල තැලිගම රෝහලේ වෙත යොමු කර තිබෙනවා.

    ජිවිතක්ෂයට පත් කාන්තාව දියනැම සිදු කළ ස්ථානය දිය නැම අවධානම් බව සඳහන් කරමින් දැන්විම් පුවරු පවා සවි කර ඇති බව ගිනිගත්හේන පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක සරත් සමරවික්‍රම මහතා කියා සිටියේ.

    දිය නැමට කැලණි ගඟට බැස ඇති මෙම කාන්තාව කැලණි ගඟේ මැදට ගිය බවත් , ගඟ මැදට නොයන ලෙස පවුලේ සමාජිකයින් ඇයට කෑ ගසා කි බව ද ඇගේ ඥාතියකු කියා සිටියේය.

    මෙම විනෝද චාරිකාව සඳහා මිය ගිය කාන්තාවගේ මව සහ පියාද එක් වි ඇති අතර විනෝද චාරිකාව ගැන මව සහ පියා අතර මත භේදයක් ද හට ගෙන තිබු බව ගිනිගත්හේන පොලිසිය පවසනවා.

    මෙම අනතුර පිළිබඳව ගිනිගත්හේන පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වනවා…

  • 20 ගැන කථා කරන්න ජනපති මෛත්‍රී, රනිල්, කුපාම මහින්ද සම්බන්ධන් හමුවන්න ජවිපෙ සූදානම්…

    20 ගැන කථා කරන්න ජනපති මෛත්‍රී, රනිල්, කුපාම මහින්ද සම්බන්ධන් හමුවන්න ජවිපෙ සූදානම්…

    පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන විසිවැනි ව්‍යවස්‌ථා සංශෝධනය සම්බන්ධව ජනාධිපති, අගමැති, හිටපු ජනාධිපති සහ පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා කිරීමට ජනතා විමුක්‌ති පෙරමුණ කටයුතු කරන බව එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ඊයේ (17 දා) ප්‍රකාශ කළේය.

    විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාවක්‌ විසිවැනි ව්‍යවස්‌ථා සංශෝධනය ලෙස ජනතා විමුක්‌ති පෙරමුණ විසින් මැයි 08 වැනිදායින් අරඹන නව පාර්ලිමේන්තු සැසියේදී සභාවට ඉදිරිපත් කරන බව විජිත හේරත් කීවේය.

    මෙම සංශෝධනය හෙට (19 දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබුණද ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු සැසිය කල් තැබූ නිසා එය මැයි මස දක්‌වා ප්‍රමාද වන බවද විජිත හේරත්කීවේය.

    මෙම සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පසුව ඊට සහාය ලබා ගැනීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ, විපක්‍ෂ නායක ආර්. සම්බන්ධන් සහ පාර්ලිමේන්තුවේ සියලු පක්‍ෂ නායකයන් හා මන්ත්‍රීවරුන් සමග ජනතා විමුක්‌ති පෙරමුණ සාකච්ඡා පවත්වන බවද විජිත හේරත්  කීවේය.

  • මහින්ද ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය ජාතිවාදය මතින් නැගිටින්න තවත් දේශපාලණ රංගනයක….

    මහින්ද ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය ජාතිවාදය මතින් නැගිටින්න තවත් දේශපාලණ රංගනයක….

    කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මංත්‍රී මහින්ද රාජපක්ෂ පෙරටු කොට ගෙන විවිද අවස්ථාවන්වල ‘නරුම’ රංගයන් ඉදිරිපත් කරන ‘ඒකාබඩ්ඩ විපස්සය’ තවත් රංගනයට සැරසෙන බව මාධ්‍ය වාර්තා කරමින් සිටියි.

    එය නම්, වත්මන් පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ආර්. සම්බන්ධන් මහතාට එරෙහිව විශ්වාසයභංගයක් ගෙන ඒමයි. 

    අගමැතිට එරෙහි විශ්වාසභංගය භංග වූ වහාම

    රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගයක් ගෙන ආ ‘ඒකාබඩ්ඩ විපස්සය’ එයින් පැරදී ගියේ පසුගිය අප්‍රේල් 4වනදාය. අගමැතිවරයා හෝ යහපාලනය පිළිබදව වන තත්ත්වය පිළිබද සතුටුදායක තත්ත්වයක ලියුම්කරු නොපවතිනමුත් ‘‘ඒකාබඩ්ඩ විපස්සය’ මෙවැනි නාටකයන් රග දක්වන්නේ ඇයි යන්න පොදු පුරවැසියාට නොතේරෙන්නේ නැත.

    ඉන් එකක් නම් රාජපක්ෂලා ප්‍රමුඛ නඩයට එරෙහි මේ වන විට එල්ලවී ඇති දූෂණ චෝදනාවලින් කිසියම් දුරකට හෝ කල් මැරීමක්, එසේත් නැතිනම් ඒවාට ඇති වලංගුබාවය දුර්වල කිරීමක් ප්‍රමුඛය. ඒත් සමගම විශ්වාසභංගය පැවති අවස්ථාවේ සිරිසේන ජනාධිපතිවරයාගේ පක්ෂයේ හෙවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය පිළිබද ජනාධිපතිවරයා උපුටා දක්වමින් නියෝජ්‍ය කතානායක පාර්ලිමේන්තු මංත්‍රී තිලංග සුමතිපාල මහතාගේ කටින් පැනපු සත්‍ය සැගවීමට උත්සහ කළ කතාව යළි ඇසීමට යෝජනා කරමි. එසේම විශ්වාසභංගය පිළිබද පැවති විවාදයේදී, පාර්ලිමේන්තු මංත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතාගේ හරබර කතාවත් යළි ඇසීම වැදගත් යැයි හැගෙන්නේ ජනාධිපතිවරයා, ඒකාබද්ධ විපක්ෂය සහ ජාතික ගැටලුව මෙන්ම සිංහල නොවන ජනයා මුහුණ දෙමින් සිටින ප්‍රශ්ණයේ තවත් මානයක් තේරුම් ගැනීමට එය පාලමක් යෝජනා කරන බැවිනි.

    සම්බන්ධන් සහ 2015 ජනවාරි 8

    දෙමළ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය තුළ ආර්. සම්බන්ධන් යනු පුළුල් දේශපාලන දැක්මක් ඇති පිළිගත් දේශපාලනඥයකි. එසේම ආර්. සම්බන්ධන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ධූරයට පත්කර ගැනීමට හැකි වීම ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට ඊටත් වඩා වටිනාකමක් එක් කළ සළකුණක් විය.

    ඒ මක්නිසාද? ඒ අන් කිසිවක් නිසා නොව, ලංකාවේ කේන්ද්‍රීය ගැටලුවක් වන ‘ජාතික ගැටලුව’ සදහා දේශපාලන විසදුමක් සියලු දෙනා එක්ව සොයාගැනීම සදහා පළමුව බිදී ගිය විශ්වාසය යළි තහවරු කිරීම ප්‍රමුඛ කරුණක් වන නිසාය. එය සරලව කිවහොත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ ප්‍රධාන භුමිකාවකට දෙමළ ජාතිකයෙක් පත්කර ගැනීම එතෙක් පීඩාවට පත්කර සිටි දෙමළ ජනයාට බලාපොරොත්තුවක් ඇති කරන්නක් වීමය.(නමුත් එය තවමත් ප්‍රායෝගික වූවාද නැතිද යන්න වෙනම විමසිය යුතු කරුණකි)

    ප්‍රධානම කරුණ පාර්ලිමේන්තුවේ ප්‍රධාන භුමිකාවන්,‘සිංහල බෞද්ධ’ අධිපති ධාරාව පමණක් නියෝජනය කරමින් සිටි වකවානුවන සම්බන්ධන් විපක්ෂනායක කරගැනීමට හැකිවීම ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් සුභදායක ලකුණක් එක් කළේය. එය අනෙක් පැත්තෙන් ‘මේ රට සිංහලයන්ගේ පමණයි’ යන ගෝත්‍රික මතවාදයන් උස්සගන කෑ මොර දෙන කහ සිවුරුකාරයන්ට ප්‍රජාතන්ත්‍රවාදීව දෙනු ලැබූ පිළිතුරකි.

    අනෙක් පසින් සිංහල නොවන ජනයාට ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද නව බලාපොරොත්තු ඇති කරන ලද්දකි.

    නමුත්, ‘ඒකාබඩ්ඩ විපස්සය’ සහ එහි සිටින ජාතිවාදීන් එදා සිට කුරුමානම් ඇල්ලුවේ මේ ප්‍රජාතන්ත්‍රවාදී පියවර විනාශ කිරීම සදහාය. නමුත් වසර 3කත් යන තුරු විවිද උප්පරවැට්ටි දැමුවාට එය විනාශ කිරීමට පුලුවන් කමක් ලැබුණේ නැති වුවත් 2015 ජනවාරියේ ‘යහපාලනයට’ ඡන්දය දුන් දෙමළ, මුස්ලිම් ඇතුලු ජනතාවගේ මූලික අපේක්ෂාවන් බොහෝමයක් ඉටු කිරීමට යහපාලනය සමත් වූයේ නැත. එයින් දැන් ඕනෑවටත් වඩා සතුටු වන්නේ අන් කිසිවෙක් නොව, රාජපක්ෂලා ප්‍රමුඛ නඩය ය.

    නමුත් දැන් එක් විශ්වාසභංගයක් පරාද වුවත් තවත් විශ්වාසභංගයක් ගෙන එමින් එය යළි උරගා බැලීමට මේ නරුම දේශපාපලකයන් උනන්දු වනු පෙනේ. මෙය එක් පැත්තකින් ‘නරුම’ ඒකාබඩ්ඩ විපස්සයේ ඩීල් දේශපාලනයට මෙන්ම කොක්කෙන් හෝ කෙක්කෙන් ආණ්ඩු බලය ලබා ගන්නට කැස කවන රාජපක්ෂලාට අනියමින් මෙන්ම විටක සෘජුවම ආශිර්වාදයකි. නමුත් මේ අශිර්වාදය අනාගත ලංකාවට නම් ඛේදවාකචයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.

    යළිත් හැරවිය නොහැකි ලෙස පසුපසට?

    කිසියම් අන්දමකින් ආර්.සම්බන්ධන් විපක්ෂනායකවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ආවොත් එය මේ වසර 3 තුළ යම් හෝ ප්‍රගතිශීලි දේවල් කුඩා ප්‍රමාණයක් හෝ දිනා සිටියත් වැඩක් වන්නේ නැත.

    යුද්ධය සමයේ අතුරුදහන් වූවන් ඉල්ලා උපවාස කරන දෙමාපියන්ට තවමත් යුක්තිය ඉටුවී නැති, මිනිසුන්ගේ ඉඩම්වලින් තවමත් හමුදාව ඉවත්ව නැති, උතුර හමුදකරනයෙන් මුදවාලන්නනට වන උතුරේ මිනිසුන්ගේ ඉල්ලීමට තවමත් යුක්තිය ඉටු වී නැති, උතුරේ සිදුකල ජනමාධ්‍ය මර්දනයට වගකිව යුත්තන් තවමත් නීතිය හමුවට පැමිණවීමට නොහැකි තත්ත්වයක් තුළ දෙමළ ජනයා සිටින්නේ බලාපොරොත්තු සුන්වූ තත්ත්වයක බව අමුතුවෙන් ලියා තැබිය යුතු නැත. වෙඩි හඩ නොඇසුනාට තවමත් ඔවුන් සිටින්නේ පීඩාකාරී තත්ත්වයකින් බව නාගදීපෙ යන උපාසක උපාසිකාවන්ට පෙනෙන්නේ නැති වුවත් යථාර්ථය නම් ඔවුන් සිටින්නේ පීඩාවකිනි.

    ‘යහපාලන ආණ්ඩුව පත් වුනාම අපි සතුටු උනා. අපිට මොනව හරි හොදක් වෙයි කියලා, ඒත් අද අපිට උනේ අපේ මැරුණ අය සිහිකරන කොට ඔවුන් උසාවි ගිහින් ඒවා කරන්න එපා කියලා අධිකරණ නියෝග ගන්නවා. අපිට දුකයි’ 2017 මැයි මස 18වනදා මුල්ලිවෛක්කාල්වල මරා දැමූ මිනිසුන් සිහිකිරීම වලක්වමින් මුලතිව් පොලීසිය අධිකරණ නියෝගයක් ගත් අවස්ථාවේ එහි සිටි තරුණයෙක් කීවේ එළෙසිනි. තවත් උදාහරන ඕනෑ තර්ම් තිබේ.

    දැන් පාර්ලිමේන්තුවේ සිටින ඔවුන්ගේ ප්‍රධාන නියෝජිතයාට එරෙහිව, දකුණේ මංත්‍රීවරු විශ්වාසභංගයක් ඉදිරිපත් කළහොත් ඔවුන් සිතන දෙය කුමක් විය හැකිද? උතුරේ මිනිසාට විශ්වාසයේ දෑත් දිගු කර ගන්නට බැරිව සිටින දකුණේ මිනිසා මෙසේ කරන විට මේ දකුණේ මෙම ‘නරුම තක්කඩියන්ට’ උතුරේ දෙමළාගේ සිතිවිලි වැදගත් වන්නේ නැති බව හුස්ම ගන්නා මිනිසුන් නොදන්නේ නොවේ.

    එහෙත් දැන්වත් මේ පොළොව සුවපත් කළ යුතුය. යුද උන්මත්තකයින් සහ ජාතිවාදීන් ගිණිතැබූ මේ පොළොව දැන්වත් සුවපත් කළ යුතුය. මේ පොළොවේ මිනිසුන් සුවපත් කල යුතුය. ඔවුන්ට නිදහසේ ඉන්නට පරිසරය සකස් කළ යුතුය. අවම තරමින් ඔවුන්ට ඔවුන් වෙන්නට ඉඩ දිය යුතුය.

    එබැවින් එවැනි නරුම නාටකයන් උපන්ගෙයිම විනාශ කිරීම පුරවැසියන්ගේ මෙන්ම පාර්ලිමේන්තුව තුළ ජාතිවාදයට විරුද්ධ ඉතිරි වී ඇති පාර්ලිමේන්තු මංත්‍රීවරුන්ගේ වගකීමක් වන්නේය.

    තවද ජනවාරි 8 වෙනසට උර දුන් සිවිල් සංවිධාන වල ද ප්‍රමුඛ වගකීමක් වන්නේ එවන් තත්ත්වයකට පත්වීම වැලැක්වීමට හැකි සෑම පියවරක්ම ගැනීමය.

  • පොහොට්ටුව ජයගත් මොරවැව ප්‍රාදේශීය සභාවේ මුල් පුටුව ශ්‍රීලනිපයෙන් පත්වූ හිමි නමකට..

    පොහොට්ටුව ජයගත් මොරවැව ප්‍රාදේශීය සභාවේ මුල් පුටුව ශ්‍රීලනිපයෙන් පත්වූ හිමි නමකට..

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වැඩි මන්ත්‍රී ධුර සංඛ්‍යාවක් හිමි වූ මොරවැව ප්‍රාදේශීය සභාවේ බලය එක්සත් ජාතික පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය සමත් විය.

    සභාපති ධුරයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් ඩබ්.ආර්. ජගත් කුමාර මහතාත් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පොල්හේන්ගොඩ උපරතන හිමිත්  අතර පැවති ඡන්ද විමසීමේදී  ජන්ද හතක් ලබා ගත් ජගත් කුමාර  මහතා පරදවා ඡන්ද නවයක් ලබාගත් උපරතන හිමියෝ ජයග්‍රහණය කළහ.

    උපරතන හිමිගේ ජයග්‍රහණය වෙනුවෙන්  ඉලංගෙයි තමිල්අරසු කච්චි  මන්ත්‍රී ටී.රාජමනි මහතාද  සිය ඡන්දය ලබාදීම විශේෂත්වයකි. උපසභාපති ධුරයට එක්සත් ජාතික පක්ෂයේ  සාලිය  රත්නායක  මහතා හා පොදුජන පෙරමුණින්  සම්පත් සිරිසේන මහතා අතර පැවැති ඡන්දයේදී සාලිය රත්නායක මහතා ජය ගත්තේය.

    මෙම ඡන්ද විමසීම  පළාත් පාලන කොමසාරිස් එම්.වයි.සලිම් මහතාගේ ප්‍රධානත්වයෙන්  පැවැත්වුණි. මොරවැව ප්‍රාදේශීය සභාවේ  සභික ධුර සංඛ්‍යාව 16කි.

    ඉන් හතක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමි අතර එක්සත් ජාතික පක්ෂයට හා එක්සත් ජනතා නිදහස් සන්ධානයට හතර බැගින් සභික ධුර අටක්ද  ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයට එක් සභික ධුරයක්ද හිමි වී තිබේ.

  • කවුද කියන්නේ මම විරුද්ධයි කියලා???… මම ජනපති මෛත්‍රීට පක්ෂයි.. කුපාම මහින්ද කියයි…

    කවුද කියන්නේ මම විරුද්ධයි කියලා???… මම ජනපති මෛත්‍රීට පක්ෂයි.. කුපාම මහින්ද කියයි…

    මෙවර ලෝක කම්කරු දින සැමරුම මැයි මස 7වනදාට යොදාගැනීමට ජනපති මෛත්‍රී ප්‍රමුඛ ආණ්ඩුව ගත් තීරණයේ වරදක් නොමැති බව කුපාම මහින්ද රාජපක්ෂ පවසනවා. පොළොන්නරුව දියබෙදුම ශ්‍රි ඥානෝද්‍යාරාම විහාරස්ථානයේ (16) පෙරවරුවේ පැවති හිසතෙල් ගෑමේ උත්සවයකට එක්වීමෙන්  පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.
  • ඇත්තටම හිරු අවුරුදු කුමරා මුස්ලිම් ද???? සමාජ ජාල ඇවිලුණු කතාවේ ඇත්ත පැත්ත මෙන්න

    ඇත්තටම හිරු අවුරුදු කුමරා මුස්ලිම් ද???? සමාජ ජාල ඇවිලුණු කතාවේ ඇත්ත පැත්ත මෙන්න

    නම- මොහොමඩ් සුනෙර්දීන් ගම – ගෝනිගොඩ
    පාසල – මහනුවර කිංස්වුඩ් විද්‍යාලය( 2010 Batch)

    පියා – මුස්ලිම්මව- බෞද්ධ

    දැන් පදිංචිය – රාජගිරිය

    සුනෙර්දීන් අදහන්නෙ ක්‍රිස්තියානි ආගම .
    රාජගිරිය Bethany පල්ලියේ යාතිකා කණ්ඩායමේ ඔහු සාමාජිකයෙක්..

    සිංහල කියලා බෙදන්නත් බැරි
    මුස්ලිම් කියලා බෙදන්නත් බැරි
    ක්‍රිස්තියානි කියලා බෙදන්නත් බැරි
    සුනෙර්දීන්ව අපි බෙදුවේ ඔහුගෙ නම මොහොමඩ් නිසා..

    ඒකත් හරි මුළාවක් තමයි .. 😌
    ඒකත් මාරයි Mohomed Sunerdeen

    අවුරුදු කුමාරයා අන්‍ය ජන වර්ගිකයෙකු වීම සමහරෙක්ට ගැටළුවක් වී ඇති අතර එය කතා බහට ලක් කරන්නට තරම් මහා ගැටළුවක් නොවන බව තවත් සමහරෙකුගේ අදහසයි.

    ඉතිහාසය පුරාම මේ සිදුවීම කතාබහට ලක් නොවූ බවත් කතා බහට ලක් කරන්නට වුවමනාවක් නොතිබූ බවත් සිහිපත් කළ යුතුමය.

    බොනිපස් පෙරේරා – රවීන්ද්‍ර රන්දෙණිය වීම , වසන්තා ඩොරීන් පීටර්සන් – වසන්ති චතුරානි වීම , ඇල්බට් පෙරේරා – අමරදේව වීම හෝ ඔගස්ටා පුෂ්පරාණි – අසංකා මොණරවිල බවට පත් වීම හරහා මෙවැනි ගැටළුවක් නිරූපණය නොවන අතර ඒවා අයත් වන්නේ සිනමා හා කලානුරූපී අවශ්‍යතා කැටගරියට ය.

    නමුත් ඩේසි රාසම්මා ඩැනියල්ස් – රුක්මණී දේවි ම වීම , නෙයි සීතා බංසජායා – G S B රාණි ම වීම , එම්. එම්. හනීෆා – ශෂී විජේන්ද්‍ර ම වීම , ග්‍රේස් ස්කෝමත් – අචලා අලස් ම වීම සහ රොෂාන් මාසිලාමනී – රොෂාන් රණවන ම වීම හරහා විඥ්ඥාන කේන්ද්‍රීය අවශ්‍යතාවක් ඉටු කෙරෙන අතර එය සිනමා හා කලානුරූපී අවශ්‍යතාවයෙන් සපුරා වෙනස් වේ. නමුත් එ කිසිවක් මතුපිටට නොපෙනේ.

    පසුගිය වසර කීපය තුළ ලාංකේය සමාජය තුළ ගිහි ප්‍රජාව අවුළුවන චීවරධාරීන් දෙස ඇස් කන් අවදියෙන් තබා සිටියේ නම් එදා විඥ්ඥාන කේන්ද්‍රීය අවශ්‍යතාවය අද අයිතිවාසිකමක් ලෙස දක්නා මෙවැනි භික්ෂූන්ගේ අනතුරුදායක බව ඔබට වැටහෙනු ඇත.

    අපට කටපාඩම් කරන බුදු බණට අනුව “නච්ච ගීත වාදිත විසූකදස්සන මාලාගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූසනට්ඨානා වේරමණී ” යනුවෙන් ශික්ෂාපදයක් ඇති අතර නැටීම් – ගී ගැයීම් – බෙර ආදී වැයීම් ද විහිළු දසුන් දැකීමෙන්ද වැළකෙන්නට පවසන්නේ ගිහියන්ට පමණක් විය හැකිය. චීවරය ලා සිටින භික්ෂූන් වහන්සේලාට අවුරුදු කුමරාගේ පෙර සමේ සිට අවුරුදු කුමරියගේ කන්‍යා පටලය දක්වාම පරීක්ෂා කරන්නට අවසර ඇතුවා විය හැකිය. එය අපට ප්‍රශ්නයක් නොවේ.

    නමුත් ඔබගේ දරුවාට දහම් පාසලේ උගන්නන්නේ මෙලෙස ගිහි – පැවිදි සීමාව සීමාව ඉක්මවන චීවරධාරියා විය හැකිය. ඔබට බෝධි පූජා පවත්වා ආශිර්වාද කරන්නේ මෙලෙස මිනිසුන් ට වෛරී අදහස් පතුරන චීවරධාරියා විය හැකිය. ඔබට පිරිත් නූල් බැඳ සෙත් වඩන්නේ ජාති – කුල – මල භේද පිළිකෙව් කළ දහමක නියෝජිතයා ලෙසින් පෙනී සිටිමින් ජාතිවාදය පතුරන මේ චීවරධාරියා විය හැකිය.

    අවුරුදු කුමාරයාගේ සරම අස්සේ සිටින අන්‍ය ජන වර්ගිකයාට වඩා ජාතිවාදී භික්ෂූන්ගේ චීවරය අස්සේ සිටින සැඟවුණු අමුත්තා භයානකය.

    – සහන් කසීර වික්‍රමසිංහ –

  • වෙනදා තරම් කොහා ආපු නැති එරබදු මල් පිපුනේ නැති මේ අවුරුද්දේ වෙනසට හේතුව මෙන්න…

    වෙනදා තරම් කොහා ආපු නැති එරබදු මල් පිපුනේ නැති මේ අවුරුද්දේ වෙනසට හේතුව මෙන්න…

    අවුරුදු ළඟ ළඟම බව පෙන්වමින් පිපෙන එරබදු මෙන්ම, ඒ පණිවුඩය ගෙනෙමින් නාද කරන කොහා ද, දැන් කොහේදෝ ගිහින්.

    ඒ කතාවද ඇත්තක්ද ?

    මේ පිළිබඳව සොයා බැලීමට අප තීරණය කළෙමු.

    අලුත් අවුරුදු සමයේ මල් හට ගන්නා එරබදු ශාකය මේ වනවිට වඳ වී යෑමේ තර්ජනයකට ලක්ව ඇති බව පරිසරවේදින් පෙන්වා දෙන්නේය.

    පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන මහතා පැවසුවේ එරබදු ශාකය වඳ වීමට ප්‍රධාන හේතුවක් වන්නේ බොහෝ දෙනෙකු එය වගා කිරීමට යොමු නොවීම බව ය.

    නාගරීකරණයත් සමග වැටවල් වෙනුවට තාප්ප බිහිවීම නිසා කටු සහිත එරබදු ශාකය ඉවත් වූ බව ත්, පසුගිය දශකය තුළ ඇති වූ ගැටිති රෝගය හා පිටි මකුණා ද එරබදු වැනසී යාමට හේතු වූ බව ත් ඔහු පවසයි.

    පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන මහතා

    “ලංකාවේ එරබදු විශේෂ 2න් අවුරුදු කාලෙට මල් පිපෙන්නේ රෙස්ටිනා ඉන්ඩිකා කියන විශේෂය මීට අමතරව අක්කර බදු කියන දුර්ලභ එරබදු විශේෂය ඒකේ මල් පිපෙන්නේ මම අධ්‍යයනය කරලා තියෙන විදියට පෙබරවාරි මාර්තු මාසයේ ඒක නිසා අප්‍රේල් මාසය මුල් කරගෙන මල් පිපෙන අපේ එරබදු ශාකය මේ වනවිට සොයාගැනීමට නොහැකි තරම් දුර්ලභ ශාකයක් වෙලා වගා කරපු එරබදු ගහක් ඇරුණු කොට කිසිම තැනක ස්වභාවික එරබදු ගහක් අපිට දක්නට ලැබුණේ නැ මේ කාලේ වැවිලා තියෙනවා එරබදු මල විදියට අපි මේ දවස්ටිකේම දකින්නේ පිටරටකින් ගෙනල්ල වගා කරලා තියෙන වෙනත් විශේෂයක් ඒක අපේ එරබදු නෙමේ. අපේ එරබදු ශාකය කියන්නේ සංකේතාත්මක ශාකකට වඩා අවශේෂාත්මකව ඖෂධීය හා ආහාරමය වැදගත් කමක් තිබ්බ ශාකයක්”

    එරබදු ශාකය ආරක්ෂා කර ගැනිම සඳහා අනුගමනය කළ හැකි පියවර මොනවාදැයි අප ජගත් ගුණවර්ධන මහතාගෙන් විමසුවේය.

    “මේ ශාකය වවා ගත්තොත් ඒකට ලොකු ඉඩක් යන්නෑ. වර්ධන විලාසය බැලුවම කුඩා ඉඩක වවන්න පුළුවන්. ඒ නිසා මේක ගෘහ අලංකාර පිණිස වවන වගාවල් ලෙසත් කරන්න පුළුවන්. මේ කොළ ඉස්සර කාලයේ පණු අමාරුව සදහා ව්‍යංජනයක් විදියට භාවිත කළා. ඊට අමතරව රසවත් ආහාරයක් විදියට ගන්න පුළුවන් ඒ වගේම එරබදු ශාකයේ අනෙකුත් කොටස් වල ඖෂධීය වටිනාකමකුත් තියෙනවා. මේක බීජ වලින් විතරක් නෙමේ අතුවලිනුත් ඉතාම ඉක්මනින් ප්‍රචාරණය වනවා. ඒ වගේම නිසරු පසෙත් හැදෙන්න හැකියාව තියෙනවා ඒ නිසා අලෝකය තියෙන කුඩා ඉඩක වුවත් මේක ගහක් විදියට වගා කරගන්න පුළුවන්”

    එරබදු මලින් සංකේත වු අලුත් අවුරුදු පරිසය කොහාගේ නාදයෙන් තවත් විසිතුරු වේ.

    බොහෝ දෙනෙකු පවසන්නේ දැන් දැන් කොහා ද පෙනෙන්නට නොමැති බව ය.

    පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන මහතා

    “මේ අවුරුදු කාලේ කොහාගේ නාදය ඇහුන්නැත්තේ කොහාගේ අඩුවීමක් නිසා හෝ වෙනත් සිද්ධියක් නිසා නෙමේ. කපුටාගේ ප්‍රජනන කාලය සමග කොහාගේ ප්‍රජනන කාලය සමපාත වීම අලුත් අවුරුද්දට සමපාත නොවීම නිසා. කොහාගේ ප්‍රජනන සය හැම අවුරුද්දකදීම අපි දකිනවා කපුටාගේ ප්‍රජනන සමයත් එක්ක එකට බද්ධ වෙලා තියෙනවා. මේ අවුරුද්දේ තිබුණු විශේෂත්වය තමයි කොහාගේ නාදය සහ කපුටාගේ පළමු වර කූඩු සෑදීම කියන කාරණා 2 ම සිද්ධ වුණේ මාර්තු මස අවසාන කාලයේ. පළමුවර කපුටන්ගේ කූඩු සෑදීම අඩු වශයෙන් සිද්ධ වෙච්ච නිසා සහ ඊළග පාර කපුටන් විශාල ප්‍රමාණයක් කූඩු හදන නිසා අප්‍රේල් මාසේ මුල ඇහුණු කොහාගේ නාදයට වඩා කීප ගුණයක් වැඩියෙන්. මැයි මාසයේ මුල කාලයේදි අහන්න ලැබෙයි. මේ හා සමානවම කොහාගේ නාදය වෙසක් කාලයේදී ඇහුණා 2015 වසරේ”

  • 21 සියවසේ කට්ටිය හදට යද්දී තවමත් බලන්ගොඩ ගල්ලෙනක ජීවත්වෙන පවුලක සංවේදී කතාව..!

    21 සියවසේ කට්ටිය හදට යද්දී තවමත් බලන්ගොඩ ගල්ලෙනක ජීවත්වෙන පවුලක සංවේදී කතාව..!

    ගල් ලෙන්වල ජීවත් වුනු මිනිසුන් ගැන කතා කරද්දි අපේ සිහියට එන්නෙ ආදි මානවයින්. මීට ශත වර්ෂ ගණනාවකට පෙර බළන්ගොඩ කල්තොට කූරගල, පනාන අළුගල් ලෙන, ලුණුගල් ලෙන, පරගහමඩිත්ත ගල් ලෙන, දියවින්නේ උඩුපියන් ගල් ලෙන, කිරි මකුළු ගොල්ලේ යකුන්ගේ විමන ආදී ප්‍රදේශවල ඔවුන් ජීවත් වුන බවට සාක්ෂි තිබෙනවා.

    දඩයම සහ ගොවිතැන තම ජීවනෝපාය කරගත් ඔවුන්ට ගල්ලෙනක වාසය කරමින් තම ජීවිතට ගැට ගසා ගැනීම එතරම් අරුමයක් වුනේ නැහැ.

    නමුත් වත්මන් දියුණු සමාජයේ දරුවන් දෙදෙනෙකු සමඟ පවුලක් ගල්ලෙනක ජීවත් වෙනවා කිවුවොත් ඔබ පුදුමයට පත්වේවි. නමුත් සත්‍ය කතාව එයයි. බළන්ගොඩ මානවයන්ගෙන් පැවැත එන පිරිසක් තවමත් ගල් ලෙන්වල ජීවත් වෙනවා. ප්‍රශ්න ගොඩක් මැද බළන්ගොඩ එගොඩ වලේබොඩ ප්‍රදේශයේ ගල් ලෙනක  ජීවත් වෙන මේ පවුලේ ගෘහ මූලිකයා  පී.කේ. විජිත නන්දසිරි පසුගියදා තමන්ට විඳින්න වෙලා තියෙන දුක් ගැහැට ගැන මේ විදියට කියලා තිබුණා.

    2015 වසරේ මාගේ නිවෙසට ගසක් කඩාවැටුණා. ඒ නිවෙස කටුමැටි එකක්. ඊට පස්සේ මට යන්න එන්න තැනක් නැති වුණා. මේ පිළිබඳව බළන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයටත් රත්නපුර දිස්ත්‍රික්කයේ මැති ඇමැතිවරුන්ටත් දැනුම් දුන්නා. ඊට අමතරව ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාටත් දැනුම් දුන්නා. මට ඉන්න තැනක් නැති නිසා අපිට අයිති හවුල් කුඹුරක ගල් ලෙනක් තිබෙනවා. එදා සිට දරුවො දෙන්නයි බිරියයි මමයි ජීවත් වෙන්නේ එම ගල් ලෙනේ හදාගත් තාවකාලික මඩුවකයි.

    කොහොම වුණත් අපි කලින් පදිංචි වෙලා හිටිය ඉඩම නාය යෑමට ඉඩ ඇති බවට හඳුනාගෙන අවදානම් කලාපයක් ලෙස නම් කර තිබෙනවා. අපට යන්න වෙන තැනක් නැහැ. බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මට වෙන තැනකින් ඉඩම් කොටසක් ලබා දෙන්න කියලා. දරුවන් දෙදෙනාම පාසල් යනවා. ඔවුන් මැද්දේකන්ද පාසලට යන්නේ. දරුවන්ට පාඩම් කරන්න විදියක් නැහැ. වැස්ස වෙලාවට තෙමෙනවා. මම කුලී වැඩ කරලා තමයි ජීවත් වෙන්නේ. ඊට අමතරව තේ අක්කර කාලක් පමණ තියෙනවා. ඒකෙ ආදායම මදි දරුවෝ දෙන්නාගේ අධ්‍යාපන කටයුතු කරන්න.

    අනතුරුව මෙම ගල් ලෙනේ ජීවත් වන ඔහුගේ බිරිඳ  පුෂ්පා දමයන්ති කියලා තිබුනෙ මේ වගේ කතාවක්.

    අපි මේ ගල් ලේනේ ජීවත් වුණාට ඉන්නෙ හරිම පරිස්සමින්. හිටපු ගමන් සත්තු සර්පයෝ එනවා. බලධාරීන්ගෙන් අප ඉල්ලා සිටින්නේ මේ පිළිබඳ සොයා බලා අපට ඉඩම් කොටසක් ලබාදී නිවෙසක් හදන්න උදවු කරන්න කියලා. දරුවෝ දෙදෙනාත් ඉගෙනගන්න බොහොම ආසයි.

    කොහොම වුනත් මේ ගැන බළන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආපදා සහන සේවා නිලධාරි උපුල් ශාන්ත අනුරසිරි යන අයගෙන් කල විමසීමකදි ‘‘මොවුන් පදිංචි වෙලා සිටි නිවෙසට 2015 වසරේ ගසක් කඩා වැටී හානි සිදු වෙලා තිබුණාු බවත්, ඒ අනුව ආපදා කළමනාකරණ අමාත්‍යාංශය හා රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මැදිහත් වී නිවෙස තනා ගැනීමට රුපියල් පනස් දහසක (50,000) පමණ මුදලක් ලබා දුන් බවත් ප්‍රකාශ කරද්දි  බළන්ගොඩ ප්‍රාදේශීය ලේකම්වරයා කියලා තිබුනෙ මේ වගේ කතාවක්.

    මේ පිරිස ජීවත් වන ප්‍රදේශය අවදානම් කලාපයක් ලෙස හඳුනාගෙන ඇති බවත් ඔවුන් කලින් ජීවත් වූ නිවෙසට ඉහළින් විශාල ගලක් ඇති අතර එය පෙරැළී යම් අනතුරක් සිදු වීමට ඉඩ ඇති බවයි. කෙසේ වෙතත් මේ ප්‍රදේශය ස්ථීර ලෙසම නාය යන්නේද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයට තම කාර්යාලය මඟින් ලිඛිතව දන්වා ඇති බවයි. තවමත් ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය මඟින් මේ ප්‍රදේශයේ තත්ත්වය පිළිබඳව වාර්තාව තම කාර්යාලයට ලැබී නැහැ. 

    (මව්බිම පුවත්පත ඇසුරෙන්)