Category: සුපිරි Walks

  • පසුගිය මාස තුනේ ‘ගෝඨාගේ’ ශේෂපත‍්‍රය මෙන්න

    පසුගිය මාස තුනේ ‘ගෝඨාගේ’ ශේෂපත‍්‍රය මෙන්න

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධූරයේ වැඩ ආරම්භ කර 2020-02-25 වන දිනට දින 100ක් සපිරේ. ගත වූ කාලයේ දී “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට ප්‍රමුඛත්වය දෙමින් ජනතා අපේක්ෂා ඉටුකිරිමට ගත් තීන්දු තීරණ සහ ක්‍රියාමාර්ග මෙලෙස සාරාංශගත කෙරිණ.

    අධ්‍යාපනය සහ අනාගත දරු පරපුර වෙනුවෙන්

    • පාසල් දහසක් ජාතික පාසල් ලෙස සංවර්ධනය කිරීම
    • උසස් පෙළ සමත් සියලු සිසුන්ට සරසවි වරම් සහතික කිරීම අධ්‍යාපනයෙන් පිරිපුන් පරපුරක් රටට දායාද කිරීමේ අමුණින් ගත් වැදගත් තීන්දුවකි.
    • උසස් අධ්‍යාපනය සඳහා සුදුසුකම් නොලබන තරුණ තරුණියන් වෘත්තීය පුහුණුව සමග ඉංග්‍රීසි භාෂාව හා තොරතුරු තාක්ෂණය මුසු කරගත් සුහුරු තාක්ෂණවේදීන් බවට පත්කිරීමේ කඩිනම් වැඩපිළිවළෙක් දියත් කර තිබේ.
    • වයස අවුරුදු 20 වන විට උපාධිලාභී තරුණ තරුණියන් රුකියා සදහා සූදානම් කිරීමේ වැඩපිළිවෙළක් හදුන්වාදීම.
    • ඉතා දිළිඳු පවුල්වල කිසිදු සුදුසුකමක් නොලත් තරුණ තරුණියන්ට කාර්ය සාධන බලකායක් යටතේ රැකියා ලක්ෂයක් බිහිකරමින් ආර්ථික වශයෙන් නගා සිටුවීමේ වැඩපිළිවෙළ ජනවාරි 15 වනදා සිට ක්‍රියාවට නැංවීම.
    • ඉදිරි කාලසීමාව තුළ හෙද පාඨාමාලා හදාරන අය සහ ගුරු පුහුණුව ලබන අය උපාධි අවස්ථා දක්වා රැගෙන යාමට සැලසුම් සකස් කෙරෙමින් පවතී.
    • අධ්‍යාපනය පිළිබඳ කාර්ය සාධන බලකායක් පිහිටුවා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා සැලසුම් සහගතව හා විනිවිද භාවයකින් යුතුව සිදු කිරීමට පියවර ගෙන තිබේ.
    • ජාතික ආරක්ෂක විද්‍යායතනයක් ස්ථාපනය කොට ජාතික ආරක්ෂාව පිළිබඳ ඉහළ මට්ටමේ පාඨමාලා සකස් කිරීමට කෙටුම්පත් සකසා ඇත.
    • රැකියා අපේක්ෂිත සියලු උපාධිධාරින් ජාතික ආර්ථිකයට ඝෘජුව දායක කර ගැනීමේ වැඩපිළිවෙළ ආරම්භ කරමින් රැකියා විරහිත උපාධිධාරින්/ ඩිප්ලෝමාධාරින් රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන ආරම්භ කිරීම
    • රැකියා විරහිත උපාධිධාරින් සේවා නියුක්ත කිරීමේ ව්‍යාපෘතිය යටතේ අයැඳුම් කළ හැකි වයස් සීමාව අවුරුදු 45 දක්වා ඉහළ නැංවිමට පියවර ගැනීම

    රාජ්‍ය සේවය වෙනුවෙන්

    • රාජ්‍ය ආයතනවලට ප්‍රධානීන් පත් කිරීමේ දී විශේෂ විද්වත් කණ්ඩායමකින් යුත් කමිටුවේ නිර්දේශ ලබා ගැනීම.
    • රාජ්‍ය ආයතනවල ජනාධිපතිවරයාගේ හා විෂය භාර අමාත්‍යවරුන්ගේ ඡායාරූප ප්‍රදර්ශනය වෙනුවට රාජ්‍ය ලාංඡනය ප්‍රදර්ශනය කිරීම.
    • රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ වැටුප් සංශෝධනය, ලක්ෂ 20ක් වූ ටෙලිකොම් සභාපති වැටුප ලක්ෂ දෙක හමාරක් දක්වා අඩු කිරිම.
    • රාජ්‍ය ආයතන ප්‍රසම්පාදන ක්‍රියාවලිය පූර්ණ විනිවිදභාවයෙන් සිදු කිරීමට උපදෙස් දිම.
    • රාජ්‍ය ආයතනවල අනවශ්‍ය සියලු උත්සව නතර කිරීමට උපදෙස් දීම.
    • සේවයට බඳවා ගැනීමේ දි සියලුම දිස්ත්‍රික්ක සමව ආවරණය වන පරිදි සුදුස්සන් තෝරා පත්වීම් ලබාදිමට සැලසුම් කිරීම රාජ්‍ය සේවය වෙනුවෙන් ගත් වැදගත් තීන්දු තීරණ අතර වේ.
    • සියලු රාජ්‍ය ආයතන ලාබ ලබන සහ කාර්යක්ෂමතාවයෙන් ඉහළ ආයතන බවට පත්කිරීමේ වැඩපිළිවෙළ සකස් කිරීම‍
    • ලාභ අපේක්ෂා නොකරන ආයතන ජනතාවට සතුටුවිය හැකි හොද මහජන සේවාවක් සපයන ආයතන බවට පත්කිරීමේ වැඩපිළිවෙළ සැකසිම.
    • කාර්යක්ෂම ජනතා සේවයක් උදෙසා සියලු රාජ්‍ය ආයතන එකම දත්ත ජාලයකට යොමු කිරීම
    • 1919 රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය වහාම යාවත්කාලීන කිරීම

    අපේකම් සුරැකුණ ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් කරා

    • ආර්ථික පුනරුදය සදහා සංචාරක කර්මාන්තයේ වේගවත් ප්‍රවර්ධනයකට සැලසුම් (2025 වන විට ඇමරිකන් ඩොලර් මිලියන 10ක වාර්ෂික ආදායමක් ඉලක්ක කර ගනී)
    • රුපියල් මිලියන 300 නොඉක්මවන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර විසින් ලබාගෙන ඇති ණය ආපසු අය කර ගැනීමේ දී ඇපයට තබා ඇති දේපළ වෙන්දේසිය වහාම අත්හිටුවන ලෙස උපදෙස් දීම.
    • සරුංගල්, පහන් කූඩු වැනි නිෂ්පාදන පිටරටින් ආනයනය පාලනය කිරීමට නීති සැකසීම.
    • රාජ්‍ය ආයෝජන, ජාතික සංවර්ධන සැලසුම්, ප්‍රසම්පාදන ව්‍යාපෘති විශ්ලේෂණ සහ කලමනාකරණ අංශ කාර්යක්ෂම කිරීමට ජාතික ප්‍රතිපත්ති හා ක්‍රමසම්පාදන කාර්යාංශයක් පිහිටුවීම.
    • කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධනය සඳහා ගරු ජනාධිපතිතුමාගේ සහභාගීත්වයෙන්  අන්තර් අමාත්‍යාංශ කාර්ය සාධන බලකායක් ස්ථාපනය කිරීම.
    • දේශීය කර්මාන්ත සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ  අමුද්‍රව්‍ය මිල පාලනය ඉලක්ක කර ගනිමින් වැලි පස් හා මැටි ප්‍රවාහනය සඳහා වූ බලපත්‍ර ක්‍රමය අහෝසි කිරිම.
    • සාම්ප්‍රදායික සුළු කර්මාන්ත ක්ෂේත්‍රයේ නිරත කර්මාන්තකරුවන්ට අමුද්‍රව්‍ය ලබා ගැනීමේ දී සිදුවු අපහසුතා වැලැක්විමට අදාළ සංශෝධන හඳුන්වා දීම.
    • මසකට රුපියල් මිලියන 21ක කුලියක් ගෙවූ කෘෂිකර්ම අමාත්‍යාංශය  පෞද්ගලික ගොඩනැගිල්ලෙන් ඉවත් කොට ගොවිජන මන්දිරයට රැගෙන යාම.
    • තිරිඟු පිටි ඒකාධිකාරය නිසා පීඩාවට පත් ජනතාවට සහනයක් ලෙස සෙසු ආනයනකරුවන්ට ද තිරිඟු පිටි ගෙන්වීමට ඉඩ ප්‍රස්ථාව සැලසීම
    • කෘෂිකර්ම, ව්‍යාපාර හෝ නිවාස ඉදිකර ගැනීම සදහා තිස් අවුරුදු බදු පදනම මත ඉඩම් කැබලි ලක්ෂයක් ලබාදීම
    • ගම්මිරිස්, කුරුඳු ඇතුළු සුළු අපනයන භෝග ආනයනය නතර කිරිම.
    • මහ කන්නයේ වී කිලෝවකට රුපියල් 50ක අවම සහතික මිලක් නියම කිරීම
    • ප්‍රමිතිය අසම්පුර්ණ වී කිලෝවකට රුපියල් 44ක්.
    • වැසී ගිය කුඩා වී මෝල් හිමියන් බලගැන්වීමට පියවර ගැනීම
    • දරිද්‍රතාව තුරන් කිරීම සහ ජීවනෝපාය සංවර්ධනය සඳහා කාර්ය සාධක බලකායක් පිහිටුවිමට පියවර ගැනිම

    රටට සහ ජනතාවට හිතැති රාජ්‍ය පාලනයක් වෙනුවෙන් ද ජනපති ලබාදුන් ආදර්ශයන් බොහෝය.

    • කලින් පැවති ආණ්ඩු විවේචනය නොකර නව රජයේ වැඩපිළිවෙළ කාර්යක්ෂම ඉදිරියට ගෙන යාම.
    • රාජ්‍ය මාධ්‍ය ස්වාධීන ආයතන බවට පත් කිරීම.
    • ජනාධිපති කාර්ය මණ්ඩලය හා පරිවාර රථ සීමා කිරිම සහ ජනාධිපති නිල නිවස ලෙස තමන්ගේ පදිංචි නිවසම තෝරා ගැනීම.
    • භාරකාර ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය 16කට සීමා කරමින් අනාගත ආණ්ඩුවේ ඇමති මණ්ඩලය සීමා කරන බවට ජනතාවට දෙන පොරොන්දුව.
    • මහජන මුදලින් සංවර්ධනය කෙරෙන මාර්ග සඳහා දේශපාලනඥයන්ගේ රුව සහිත නාම පුවරු වෙනුවට මාර්ගයේ නම සහිතව රාජ්‍ය ලාංඡනය ප්‍රදර්ශනය කිරිමට උපදෙස් දීම.
    • තම ධූර කාලය තුළ පාර්ලිමේන්තු සැසිවාර ආරම්භ කිරීමේදී සිදුවන මුදල් නාස්තිය වළක්වාලමින් හමුදා උත්තමාචාර වැනි දේ අවලංගු කිරිම

    පොදු ජන යහපත වෙනුවෙන් වැදගත් තීන්දු තීරණ රැසකට එලැඹ තිබේ.

    • පළමු වතාවට නිවසක් මිලදී ගැනිමේ දී සහන පොළියක් සහිත දිගුකාලීන ණය ප්‍රදානය
    • අනුකූලතා සහතිකය (COC) එක් දිනකදී නිකුත් කිරීම
    • නිවාස හෝ සුළු ව්‍යාපාර ඉදිකිරීමේදි නිසි පරිදි සම්පූර්ණ කර ඇති සැලසුම් එක් දිනකදී අනුමත කිරීම
    • නිවසක් නොමැති දුගී පවුලක් තෝරාගෙන එක් ග්‍රාමසේවා වසමකට එක් නිවස බැගින්  නිවාස 14,000ක් ඉදිකර දීමේ වැඩසටහන ඇරඹීම.
    •  ග්‍රාමීය යටිතල පහසුකම් නැංවීමට ග්‍රාමීය මාර්ග කි.මි ලක්ෂයක් සංවර්ධනය කිරීම
    • ග්‍රාමීය ජනතාව වෙනුවෙන් පානීය ජල සම්බන්ධතා එක් ලක්ෂ පනස්දහසක් 
    • දුරකථන ගාස්තු මත අය කර තිබු බද්ද 25% කින් පහත දැමීම.
    • 15% වැට් බද්ද 8% දක්වා පහත හෙළීම.
    • ආපදා අවස්ථාවල සහන සැලසීමට බාධා වන චක්‍රලේඛණ සංශෝධනය කිරීමට උපදෙස්
    • රක්ෂිතවල වාසය කරන පිරිස් සුදුසු ස්ථානවල පදිංචි කිරීමට පියවර ගැනීම
    • සැහැල්ලු වාහන සඳහා රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ දී අක්ෂි පරීක්ෂාව පමණක් සිදු කිරීම
    • දිවයින පුරා කුඩා නගර අලංකාරවත් ලෙස නවීකරණය කොට සංවර්ධනය කිරීමට පියවර ගැනීම
    • ජනවාරි 01 දා සිට මාධ්‍යවල ප්‍රචාරය වන ගීත සඳහා අදාළ ගායක ගායිකාවන්ට කතෘභාග ගෙවීම ආරම්භ කිරීම
    • පාතාලය හා මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායට බලය දීම.
    • ඉන්දියාව, චීනය සේම ලෝකයේ බලවත් රාජ්‍යයන්ට අප කෙරෙහි විශ්වාසය තබා අපගේ අනන්‍යතාවට ගරු කරමින් ආයෝජන කිරීමට ආරාධනා කිරීම.
    • පළාත් නවයේ ආරක්ෂාව සම්බන්ධ විශේෂ වගකීම හමුදාවට භාර කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීම.
    • පරිසර පවිත්‍රතාව පොලීසියේ සහ සෙසු කණ්ඩායම්වල අවධානයට ලක් කිරීම සඳහා වන ක්ෂණික වැඩපිළිවෙළ.
    • මාර්තු 01 වනදා සිට වතුකම්කරුවෙකුගේ දෛනික අවම වැටුප රු 1000ක් කිරීම
    • අඩු අදායම්ලාභී ජනතාවට අඩු මිලට අත්‍යාවශ්‍ය ආහාර සැපයීමේ ජාතික වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවිම
    • අඩු අදායම්ලාභීන් වෙනුවෙන් ආහාර මිලදී ගැනීමට විශේෂ ඉලෙක්ට්‍රෝනික කාඩිපතක් නිකුත් කිරීම
    • දිළිදු හා අඩු ආදායම්ලාභීන් ලෙස හඳුනාගනු ලබන පුද්ගලයන්ට ඉඩම් අමාත්‍යාංශය, ඉඩම් ප්‍රතිස්සංකරණ කොමිසන් සභාව සහ බිම් සවිය සමග සම්බන්ධිකරණය කර කෘෂිකර්ම සංවර්ධන සහ නිවාස හා ව්‍යාපාර වෙනුවෙන් තිස් අවුරුදු බදු පදනම් යටතේ ඉඩම් කැබලි ලක්ෂයක් ලබාදීම
    • රටින් පිටවීමේ දී සහ මෙරටට පැමිණිමේදී කිසිදු ගුවන් මගියෙකු අපහසුතාවයකට හෝ ප්‍රමාදයකට ලක් නොවන ආකාරයෙන් ගුවන්තොටුපොළ කටයුතු විධිමත් කිරීමට පියවර ගැනීම.
    • මෙරට සියලු ඉඩම් ඒකක කඩිනමින් මිණුම් කර අවසන් කිරීමට අදාළ අංශවලට උපදෙස් දීම
    • මධ්‍යම සහ සෙසු අධිවේගී මාර්ග කඩිනමින් ඉදිකිරීමට උපදෙස් ලබාදීම
    • රත්නපුර අධිවේගයට ප්‍රමුඛතාව
    • කොළඹ මාර්ග තදබදයට ඉක්මන් පිළියම්
    • ගාලුපාරට සමාන්තර මුහුදු බඩ මග පානදුර දක්වා
    • පොදු ප්‍රවාහනය නැංවිමට සැලසුම්
    • ඉදිකිරීම් දේශීය ඉංජිනේරුවන්ගේ මූලිකත්වයෙන්

    ස්වාධීන ආර්ථික ප්‍රතිපත්තියක් කරා  

    • සියලු දිස්ත්‍රික්කයන්හි ඇති ආයෝජන අවස්ථා හදුනාගෙන ඒ සඳහා අවසර දීම රජය මගින් සිදුකර විදෙස් ආයෝජකයන් ආකර්ශනය කර ගැනීමේ වැඩපිළිවෙළක් සැකසිම.
    • එම්සීසී ගිවිසුම පිළිබඳ සවිස්තරාත්මක අධ්‍යයනයක්  සිදුකොට නිර්දේශ ඉදිරිපත් කිරීමට විද්වත් කමිටුවක් පත් කිරීම.
    • රටට එරෙහිව ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධාන දහසකට අධික සංඛ්‍යාවක් නියාමනයට පියවර ගැනීම.
    • පසුගිය රජය මගහැර තිබූ දැවැන්ත ආයෝජන අවස්ථා නැවත රටට ලබා ගැනීමට කටයුතු කිරීම

    සැමට පොදු නීතියක් වෙනුවෙන්

    • ඕනෑම තරාතිරමක පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමේ දී පුද්ගල කීර්ති නාමයට හා සමාජ තත්ත්වයට බලපෑමක් නොවන පරිදි  සුපරික්ෂාකාරීව හා නීතියට අනුකූලව ක්‍රියා කිරීමට වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දීම.

    උද්ගත වූ හදිසි අවස්ථාවලට කඩිනම් විසදුම්

    • කොරෝනා වෛරසය පැතිර යමින් තිබු චීනයේ වෙසෙන සියලු සිසුන් ගෙන්වා ගැනීමට කඩිනම් පියවර ගැනීම සහ ශ්‍රී ලාංකීය ජනතාව ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ගතයුතු කඩිනම් ක්‍රියාමාර්ගයන්ට එළැඹීම.
    • වුහාන් නගරයේ සිටි සිසුන් සිය රට ගෙන්වා ගත් සිව්වන රාජ්‍යය බවට ශ්‍රී ලංකාව පත් කරමින් ජාත්‍යන්තරව රටට පිළිගැනීමක් ලබාදීම.

    විශේෂ සිදුවිම්

    • උද්ඝෝෂණයක් අතරට පැමිණි මෙරට පළමු සහ එකම පාලකයා ලෙස ඩෙංගු මර්දන උද්ඝෝෂණකරුවන්ට හමුවට ගොස් ඔවුන්ගේ ගැටලු සොයා බැලීම.

    වැලිකඩ බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් සිරකරුවන්ගේ තොරතුරු සොයා බැලීම සහ ඔවුන්ගේ ගැටලු පිළිබද සොයා බැලීමට කමිටුවක් පත් කිරීම.

    Twitter
    Facebook
  • පොහොට්ටුවට ළංවෙන පෙරේතයින් – කුම්භාණ්ඩයින් එළවන රස්සාව ප‍්‍රසන්නට

    පොහොට්ටුවට ළංවෙන පෙරේතයින් – කුම්භාණ්ඩයින් එළවන රස්සාව ප‍්‍රසන්නට

    මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා නිසා අපිට ලොකු හානියක් වුණා. 386,000 ක් මනාප ගත්ත මාව පක්ෂයේ සංවිධායකකමෙන් ඉවත් කළා. මහින්ද මහත්තයාගේ මිනිස්සුන්ට එළව එළව ගැහුවා. ඡන්දයෙන් පැරදුණු  අයව ජාතික ලැයිස්තු මන්ත්‍රීකම් දීලා පාර්ලිමේන්තු යැව්වා.

    මේ පොහොට්ටුවට කුම්භාණ්ඩයෝ හා පෙරේතයෝ ලංවෙන වේලාවක් බවත් මෙම කුම්භාණ්ඩයෝ හා පෙරේතයන් කිට්ටු කර ගත්තොත් ජනතාව පොහොට්ටුවෙන් ඈත් විය හැකි බවත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙයි.

    පොහොට්ටුවේ නායකයන්ට කිට්ටු         වීමට එන පෙරේතයන් හා කුම්භාණ්ඩයන්ට එරෙහි වීම නිසා තමන් ව දොරටු පාලකයෙකු ලෙස කාටුන් චිත්‍ර ශීල්පීන් අදින බව පෙන්වා දුන් රණතුංග මහතා පොහොට්ටුව හා එහි නායකයන්ව රැකගැනීම සදහා දොරටු පාලකයෙකු වීමට වුවද තමන් සුදානම් බව ද කීවේය.

    මිනුවන්ගොඩ මැතිවරණ බල ප්‍රදේශයේ උපාධිධාරින් ඉදිරි දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා ඊයේ (23) පැවති රැස්‍වීමක දී රණතුංග මහතා  මේ බව සදහන් කළේය. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ උපාධිධාරින් සංගමයේ මිනුවන්ගොඩ ශාඛාව රැස්වීම සංවිධානය කර තිබුණි.

    මෙහි දී වැඩි දුරටත් අදහස් දැක් වූ ප්‍රසන්න රණතුංග ඇමතිවරයා මෙසේ ද කීවේ ය.

    ‘සජිත් ඇතුළු දේශ ද්‍රෝහී නඩය පරීපූරක ඇස්තමේන්තුව පරද්දන්න උත්සාහ කළේ උපාධිධාරීන්ට රැකියා ලබා දෙන එක නවත්තන්න, අ.පො.ස (සා/පෙ) දක්වා ඉගෙන ගත්ත ලක්ෂයකට රස්සා දෙන එක නවත්තන්න. අපි මේ පරිපූරකය දැමීමේ 2019 වර්ෂයේ සිදු කර තිබු වැඩ වලට අදාළව මුදල් ගෙවන්නයි. පසුගිය ආණ්ඩුව මේ රටේ පොහොර ආනයනකරුවන්ට ඉදි කිරීම් සමාගම් වලට කෝටි ගණන් පොලු තියලා. මේ නිසා මේ සමාගම්වල සේවකයන්ට පඩි ගෙවා ගන්න බැරි තරමට ම වැටිලා. මේ පඩි ටික ගෙවලා ජනතාවට සහන සලසන්නයි අපි උත්සාහ කළේ. හැබැයි සජිත්ලා ඒකට බය වුණා. සජිත්ලා මොන උප්පරවැට්ටි දැම්මත් අපි අපේ ගමන යනවා. ඒ නිසා උපාධිධාරින්ට පත්වීම් ලබා දෙන වැඩපිළිවෙල කිසිසේත් නතර වෙන්නේ නෑ.

    මේක පොදුජන අරගලයේ අවසන් සටන. මේක පොහොට්ටුවට, පොහාට්ටුවේ නායකයන්ට කුම්භාණ්ඩයෝ, පෙරේතයෝ ලං වෙන වෙලාව. නායකයන් ව තනි කරන්න හොද නැති වෙලාවක් මේක. මොකද කුම්භාණ්ඩයෝ, පෙරේතයෝ ලං වුණොත් ජනතාව අපෙන් ඈත් වෙනවා. මං පසුගිය දවසක එහෙම ආපු කුම්භාණ්ඩයෝ, පෙරේතයෝ ගැන කිවුවාම කාටුන් චිත්‍ර ශීල්පීන් මගේ බඩ එහෙම දාලා මාව දොරටුපාලකයෙකු වගේ ඇදලා තිබුණා. මාව පොහොට්ටුවේ දොරටු පාලකයා වගේ ඇන්දාට මං ඒ චිත්‍ර ශීල්පීන්ට ස්තූතිවන්ත වෙනවා. මොකද ජනතාව වෙනුවෙනුයි මම ඒ දොරටුපාලකකම කරන්නේ.

    මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා නිසා අපිට ලොකු හානියක් වුණා. 386,000 ක් මනාප ගත්ත මාව පක්ෂයේ සංවිධායකකමෙන් ඉවත් කළා. මහින්ද මහත්තයාගේ මිනිස්සුන්ට එළව එළව ගැහුවා. ඡන්දයෙන් පැරදුණු  අයව ජාතික ලැයිස්තු මන්ත්‍රීකම් දීලා පාර්ලිමේන්තු යැව්වා. කලාකාරයන්ට ගහපු, ගුරුවරු දණ ගස්වපු අයට ඡන්දය ඉල්ලන්න දුන්නේ මෛත්‍රී. රණවිරුවෝ හිරේ දැම්මේ, ස්වාමීන් වහන්සේලා හිරේ දැම්මේ, මහා බැංකුව මංකොල්ල කෑවේ පසුගිය ආණ්ඩුවෙන්. පාස්කු ප්‍රහාරයට වග කියන්න ඕනේ පහුගිය ආණ්ඩුව.

    එහෙම කරපු ආණ්ඩුවේ එක නායකයෙක් ඔය  මෛත්‍රීපාල සිරිසේන. ඒ වගකීමෙන් මිදෙන්න ඔහුට බෑ. අපි අහිංසක ශ්‍රී ලංකාකාරයෝ අපි එක්ක එකතු වෙනවාට විරුද්ධ නෑ. ඒත් මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා එකතු කර ගැනීම ගැන අපිට ප්‍රසාදයක් නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නම එවපු නිසා එකතු කර ගත්ත බව මහින්ද මහත්තයත් කිව්වා. කොහොම වුණත් ජනාතාව ඉදිරි මැතිවරණයේ දී මේ වගේ අය ගැන තීන්දුවක් ගනිවි යැ‘යි අපි හිතනවා. ’

    මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති කුමාර අරංගල්ල, උප සභාපති සුජීව සම්පත්, මිනුවන්ගොඩ නගර සභාවේ සභාපති නීල් ජයසේකර යන මහත්වරුන් ද මෙහිදී කථා ක‍ළේය.

  • මත්තල හා රත්මලාන ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කිරීමට යයි

    මත්තල හා රත්මලාන ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කිරීමට යයි

    මත්තල හා රත්මලාන ගුවන්තොටුපළවල ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කිරීම සදහා නව යෝජනාවලියක් සැකසේ. මෙම නව යෝජනාවලිය කැබිනට් මණ්ඩල අනුමැතිය සදහා ඉදිරිපත් කර ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

    මත්තල හා රත්මලාන ගුවන් තොටුපළවලට ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කිරීම සම්බන්ධයෙන් ගුවන් තොටුපළ බළධාරීහු පසුගිය කාලය තුළ සාකච්ඡා කීපයක් ම පවත්වා තිබේ. එහි දී එම ගුවන් සමාගම් ඉදිරිපත් කළ කරුණු ද සැලකිල්ලට ගනිමින් නව යොජනාවලිය සැකසුණු බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. මත්තල හා රත්මලාන ගුවන් තොටුපළ සංවර්ධනයේ දී ප්‍රධාන උපාය මාර්ගික අංශ 04 ක් රජය හදුනාගෙන තිබේ. කලාපීය හා ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් සදහා ප්‍රවර්ධනය, ගුවන් යානා නඩත්තු සේවාවන් සදහා ප්‍රවර්ධනය, තාක්ෂණික නැවතුම් හා සේවා ප්‍රවර්ධනය , භාණ්ඩ ප්‍රවාහන මෙහෙයුම් ප්‍රවර්ධනය මත්තල ගුවන් තොටුපළ සම්බන්ධයෙන් රජය හදුනාගෙන ඇති උපාය මාර්ගික අංශ 04 යි.

    ජාත්‍යන්තර ව්‍යාපාරික ජෙට් යානා සදහා පහසුකම් සැපයීම, දේශීය සිවිල් හා වාණිජ මෙහෙයුම් දියුණු කිරීම, කලාපයේ ගුවන් සේවා පුහුණු මධ්‍යස්ථානයක් ඇරඹීම, කලාපීය ගුවන් තොටුපළ මෙහෙයුම් සිදු කිරීම රත්මලාන ගුවන් තොටුපළ සංවර්ධනය සදහා හදුනාගෙන ඇති ක්ෂේත්‍ර වේ.

    මත්තල හා රත්මලාන ගුවන් තොටුපළ ආගමන බද්ද ලිහිල් කිරීම, මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළින් සංක්‍රමණික සේවකයන්ට විදේශ සේවා නියුක්ති කාර්යාංශ ගාස්තු සදහා වට්ටම් ලබා දීම, බිම් මෙහෙවර සේවා සදහා වට්ටම් අනුපාතයක් ලබා දීම, මත්තල හා රත්මලාන ගුවන් තොටුපළවල සහනදායී ඉන්ධන මිල ගණන් පිරිනැමීම ගුවන් සමාගම්වලට මෙම ගුවන් තොටුපළ දෙකෙහි ගුවන් යානා ගොඩ බෑමේ හා නතර කර තැබීම වෙනුවෙන් සහන සැලසීම යන යෝජනා ක්‍රියාත්මක කිරීමට ඒ අනුව රජයේ අවධානය යොමුව තිබේ.

    යෝජනාවලිය සැකසුණේ මත්තල හා රත්මලාන ගුවන් තොටුපළ වෙත ජාත්‍යන්තර ගුවන් සමාගම් ආකර්ෂණය කර ගැනීමේ අරමුණ ඇතිවයි. කැබිනට් අනුමැතිය ලැබුණු වහා ම මෙම යෝජනාවලිය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවත් ඉතා කඩිනමින් මත්තල හා රත්මලාන ගුවන් තොටුපළ වල ජාත්‍යන්තර ගුවන් ගමන් ඇරඹීමට අපේක්ෂා කරන බවත් අමති ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් සදහන් කරයි.

  • ගැටඹේ  සිරි විමල හිමියන්ට ‘ජනපති ගෝඨාගේ’ ගමන ගැන සැකලු

    ගැටඹේ සිරි විමල හිමියන්ට ‘ජනපති ගෝඨාගේ’ ගමන ගැන සැකලු

    ගෝඨාභය ජනපතිතුමන්ගේ චින්තනය නිවැරදි වුවත් මෙහි ගමන් මග සිතන තරම් සරල නැතැයි ගැඨඹේ රාජෝපවනාරාම විහාරාධිපති කැප්පටියාගොඩ සිරි විමල හිමියෝ පවසති. මාධ්‍ය වෙත යොමු කළ ලිපියක උන් වහන්සේ සදහන් කරන්නේ තොවිලයක් කොට යකුන් එළවා ගත හැකි වුවද රට, දැය වැනසූ රට සූරා කන දේශපාළුවන් පළවා සෞභාග්‍යයේ දැක්මට ඉඩ නොදෙනු ඇති බවට ජනතාව තුළ කුකුසක් පවතින බවයි.

    ගැඨඹේ රාජෝපවනාරාම විහාරාධිපති කැප්පටියාගොඩ සිරි විමල හිමියන්ගේ ලිපිය පහත පළ වේ…

    “ශ‍්‍රී ලංකාව පුරා පසුගිය වකවානුවේ සිදුවු  සිංහල බෞද්ධ විරෝධි ද්‍රෝහි ක‍්‍රියාකාරකම් අතර ජාතින් වඳ කිරීම, සංස්කෘතික විනාශය, පුරා වස්තු ඩෝසර් කිරීම හා අකා මකා දැමීම, බුදු පිළිම කඩා බිඳ දැමීම, මහා සංඝරත්නය හා රණවිරුවන්  හිරේ විලංගුවේ දැමීම, අපහාස උපහාස කිරීම,  වන සම්පත විනාශ කිරීම, ජාතික සම්පත් විදේශයන්ට විකිණීම, රටේ  ඉතිහාසය වසන්කිරීම වැනි අන්තවාදීන්ගේ ක‍්‍රියා කළාපයන් හමුවේ බහුතර ජන කොටස බලවත් සේ කම්පනයට පත් වූහ. එය විසින්ම රටට, දැයට හිතකර පාලකයෙකු පිළිබඳ සිහිනය සැබෑ කර ගැනීමට ලැබීම ම මෙරට දේශපේ‍්‍රමීන් ලද අති මහත් ජයග‍්‍රහණයකි.

    ඉතිහාසයේ ආරම්භක අවධියේ සිටි පෙර රජ දරුවන් අතර පැවති සම්ප‍්‍රදාය වූයේ මෙරට රාජ්‍යත්වයේ උරුමයට බෝසත්වරයෙකුට හැර අන් අයෙකුට හිමි කම් නොමැත්තේය යන්නයි. මෙසේ සටහන් තැබීමෙන් පෙනී යන්නේ මෙරට සිංහල බෞද්ධ රටක් බව ඓතිහාසික පිළිගැනීම බවයි.

    වර්තමානයේ  මේ රටේ ජනාධිපති  ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් විසින් මේ බව තහවුරු කරන ලද්දේ අනුරපුර රුවන් වැලි සෑය අභියස  දුටු ගැමුණු නරපතිඳුන් ඉදිරියේ බුදු දහම සුරක්ෂා කරන බවට සිදු කළ සපථ කිරීමෙනි.

    පසුගිය වකවානුවේ යහපාලනයේ වස මුසු වීමෙන් පණ අදිමින් පැවති සිංහල බෞද්ධ ජන සමාජයට යලි ඔක්සිජන් ලැබීමෙන්  නිරුද්ධ වීමට ආසන්නව පැවති ජාතියක් ගලවා ගැනීමේ සැනසුම් සුසුම් හෙළීමට හැකි වී ඇත්තේය.

    අතිගරු ජනාධිපතිතුමන්ගේ  සෞභාග්‍යයේ දැක්ම රටට සෙතක් සලසනු ඇතැයි බොහෝ අයගේ අපේක්ෂාවයි. ඔවුනට අහිමි වී ගිය උරුමයන් යළි ලබා ගැණිමේ බලාපොරොත්තු අති විශාලය. එමෙන්ම පැමිණිය හැකි අනාගත උවදුරු වළකාගත හැකි වෙතැයි ද ජනතාව සිතූහ.

    ගෝඨාභය ජනපතිතුමන්ගේ චින්තනය නිවැරදිය. ගමන් මගේ ඉලක්කය  පැහැදිලිය ගැටළු සඳහා විසඳුම් ලබා දීමට සැදී පැහැදී ඇත්තේය. එහෙත් මෙහි ගමන් මග සිතන තරම් සරල නැත.

    හේතුව ජරා ජීර්ණ දේශපාලනය යළි හොල්මන් කරමින් පැවතමයි. මහජන අපේක්ෂා ඉටු කරමින් රට සිංගප්පූරුවක් කළ හැකි සදාචාරාත්මක දේශපාලන දැක්මකට තවත් නම් ඉඩක් නැත්තේය. තොවිලයක් කොට යකුන් එළවා ගත හැකි වුවද රට, දැය වැනසූ රට සූරා කන දේශපාළුවන් පළවා සෞභාග්‍යයේ දැක්මට ඉඩ නොදෙනු ඇත යනු මහජනතාව තුළ පවතින කුකුසකි.

    බල ලෝභීන් විසින් අන්තවාදි සුළුතරය නොමනා ලෙස පෝෂණය කොට අල්ලස් ලබා තරවීමෙන් බහුතරයට වන විපත වටහා ගත නොහැක්කේ මෙම උමතු බල කාමය නිසාවෙනි.

    යළි කිසිදා උදා නොවන යුගයක් උදෙසා සටන් කොට අවසන් අපේක්ෂාව ජය ගැනීමේ යුගය උදා වී තිබුණද  එය කලි යුගයක ආරම්භය දැයි සැක සිතෙයි. බලයට පත්ව මාස 2 ගත වූවා පමණි. ජාතිය ඇමතූ අතිගරු ජනපතිතුමන්ගේ සෑම කථාවකින්ම අභිමාවත් දේශයක් නිර්මාණය කිරීමට ඇරයුම් ලැබී ඇත්තේය.

     එහෙත් කකුලෙන් අදින බලවතුන් ඉදිරියේ  පයින්ගසා නැගී සිටීමට නම් අදීන බලයක් ලබා දිය යුත්තේමය. එම අදීනත්වය කරා ගමන්කිරීමට ස්වකීයයන් විසින්ම ගමනට හරස් කපන බව ජනතාවට පෙනී යෑම තුල ඉදිරි මහ මැතිවරණයේ දී ජනතා ප‍්‍රතිචාර දුබල විය හැකි බව තේරුම් ගැනීමට තරම්  මොළයක් ඇතැමුන්ට නැති බව පෙනී යයි.

    කඩු කිණිසි සොයා නිරායුධ කරනවා වෙනුවට නින්ද ගම් ලැබේ නම් සිංහලයාගේ බෞද්ධයාගේ අනාගත ඉරණම කෙසේ විය හැකිද ?

    විනාශ කරමින් පැවති බෞද්ධ සිද්ධස්ථාන එලෙසමය. දහනම වන ව්‍යවස්ථා සංශෝධනයෙන් බල රහිත කළ ජනපතිට යළි ශක්තිය නෙලෙැබෙන්නේ නම් අප සියල්ලන්ගේම අපේක්ෂා භංග වනු නියතය. රටක් ජාතියක් සාසනයක් ගැන කවර කථාද?

  • කොරෝනා නිසා ‘චීනය යාළුවා – මාළුවා’ හදුනා ගත්තලු

    කොරෝනා නිසා ‘චීනය යාළුවා – මාළුවා’ හදුනා ගත්තලු

    කෝවිඩ් 19 වසංගතයට එරෙහිව චීනය සටන් කරන විට ශ්‍රී ලංකාව වැනි සැබෑ මිතුරු රටවල් චීනය සමග සිටින විට ඇතැම් රටවල් පළා ගිය බවත් ඇතැම් රටවල් චීනය පාගා දැමීමට උත්සාහ කළ බවත් ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙංග් ෂියුආන් Cheng Xueyuan මහතා පවසයි.

    වසංගතයට එරෙහිව චීනය සිදුකරනු ලබන සටනේදී ශ්‍රී ලංකාවෙන් ලැබූ දායකත්වය අගය කරමින් “ආදරණීය මගේ ශ්‍රී ලංකා මිත්‍රයින්ට ස්තූතියි” යනුවෙන් ලිපියක් ලියමින් ඔහු මේ බව සඳහන් කරයි.

    එම ලිපිය සම්පූර්ණයෙන්ම මෙසේය,

    ”COVID-19 වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා මගේ මව් රට දරන සෑම උත්සාහයක්ම දරන විට ශ්‍රී ලාංකික ජනතාව චීනය කෙරෙහි දක්වන වඩාත් සුහද සහයෝගීතාවය හා අවංක මිත්‍රත්වය පසුගිය දින කිිහිපයේදී මට අත්විදීමට අවස්ථාව ලැබුණි.

    සැතපුම් දහස් ගණනක් දුරින් සිටියසවිවිධ තරාතිරම්වල, ජනවාර්ගික කණ්ඩායම්වල සහ  විවිධ ආගමික විශ්වාසයන්ගෙන් යුත් මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකික මිතුරන් ශ්‍රී ලාංකික ආකාරයෙන් චිනයට සහයෝගය ලබාදුන්නා. මාමෙන්ම සමස්ත චීන ජනතාවම වසංගතයට එරෙහිව සටන් වදින අවස්ථාව ශ්‍රී ලංකාවෙන් ලැබුණ සහාය පැරණි කියමනක්ව වන  “මිතුදම් දුරස්තභාවය ළංකරයි” යන කියමන සත්‍යයක් කළා.

    සිනහ මුසු මුහුණු සෑම විටම මට ධෛර්යය හා ආදරය ගෙන දුන්නා.  වසංගත රෝගයෙන් පසු සෑම දිනකම පාහේ තානාපති කාර්යාලයට මෙම සුන්දර දිවයිනෙන් සියලු ආකාරයේ සහයෝගය ලැබුණි. වසංගතයට එරෙහිව සටන් කිරීමේදී චීනයට දක්වන සහයෝගය ප්‍රදර්ශනය කිරීම සඳහා බොහෝ සිවිල් සමාජයන් ස්වේච්ඡාවෙන් තානාපති කාර්යාලය ඉදිරිපිට රැස් වී අපගේ ජාතික ධජ දෙක හා දැන්වීම් ඔසවාගෙන තම සහාය චීනයට ලබාදුන්නා.

    “චීනය නැගී සිටින්න” යැයි වචන දෙක කීමට උඩරට සිටි වයසක යුවළක් පැය හයක ගමනකින් පසුව කොළඹට පැමිණ සිටියා. කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ තරුණියන් 43 දෙනෙකු චීනයේ ජනාධිපති ආර්යාවට සමූහ ලිපියක් හා චීනයට සහාය පළකරමින් ඇඳ තිබූ සිතුවම්ද යොමුකර තිබුණා. මෙම චිත්‍ර පසුපස කථාව වන්නේ අවංක හා මිත්‍රශීලී තරුණ හදවත්ය. ඔවුන් චීන-ශ්‍රී ලංකා මිත්‍රත්වයේ අනාගතයයි.

    වසංගතයට එරෙහිව සැතපුම් දහස් ගණනක් එහා සිට සටන් වදින චීන ජාතිකයන් වෙනුවෙන් බෝධි පූජා පැවැත්වීමට, යාඥා කිරීමට, අල්ලාහ් දෙවියන් යැදීමට ශ්‍රී ලංකාවේ සියලුම ජනතාව ජාතිය ආගම පසෙකලා කටයුුතු කළා. එය අසාමාන්‍ය කරුණක් ලෙස මම දකිනවා.

    අති පූජනීය මල්වතු සහ අස්ගිරිය මහා නායකහිමිවරුන් මෙන්ම කොළඹ අඟරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ද චීනය වෙනුවෙන් තමන් වහන්සේලාගේ සහයෝගය පළ කළා. උන්වහන්සේලා  වෛරසය පරාජය කිරීම වෙනුවෙන් චීනයට විශේෂ ආශිර්වාදයක් ලබා දුන්හ. එමෙන්ම ශ්‍රී පොන්නම්බලවනේශ්වරම් කෝවිලේ හා දෙවටගහ පල්ලියේදී විශේෂ ආගමික වැඩසටහන් සංවිධානය කර තිබුණි.

    විවිධ දේශපාලන පක්ෂවල ජ්‍යෙෂ්ඨයින් නායකයින් ලබාදුන් සහයෝගීතාවය අපව දිරිමත් කළා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිලෝන් තේ තොගයක් චීනයට පරිත්‍යාග කළ අතර එය වූහාන්  රෝගීන්ට සහ වෛද්‍යවරුන්ට විශේෂ සහනයක් වූයේය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වසංගතයට එරෙහිව සටන් කරන චීන ජනතාව වෙනුවෙන් විශේෂ පිරිත් පිංකමක් සංවිධානය කර තිබුණි.  කථානායක කරු ජයසූරිය මහතා සිය පෞද්ගලික මුදල් පරිත්‍යාග කළේය.

    හිටපු අග්‍රාමාත්‍ය මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා වසංගතයෙන් ජය ගැනීම සඳහා ගත පියවර මෙන්ම දෙරටේ සහයෝගිතාව ගැන කිහිප වතාවක්ම සාකච්ඡා කළේය.  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චීන තානාපති කාර්යාලයට හා චීනය කෙරෙහි දක්වන සැලකිල්ල සහ සහයෝගය නිසැකවම පෙන්වා දුන්නේය. තවත් බොහෝ පාර්ශවයන් ලිපි මගින් හෝ දුරකථන ඇමතුම් මගින් සිය සහයෝගය ප්‍රකාශ කළේය.

    මම විශේෂයෙන්ම මෙහිදී සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ගැන කිරීමට කැමැත්තෙමි. මාධ්‍ය සාකච්ඡා කිහිපයක්ම පවත්වමින් ඇත්ත වශයෙන්ම සිදුවෙමින් පවතින්නේ කුමක්ද යන්න පිළිබඳව මෙන්ම වසංගතය පාලනය කිරීමට චීනයට ඇති හැකියාව පිළිබඳව ඇගේ විශ්වාසය පෙන්නුම් කළා.

    එල්ටීටීඊයට එරෙහිව සටන් කරද්දීත් සුනාමි ව්‍යවසනයෙන් අනතුරුවත් චීනය ශ්‍රී ලංකාවට ලබාදුන් සහයෝගය අමතක නොකරන බව මට සෑම අවස්ථාවකදීම කථාකරන ශ්‍රී ලාංකිකයන් පවසනවා.

    චීනයේ නව චන්ද්‍ර වර්ෂය ආරම්භයේදී ඇතිවූ COVID-19 සටනට එරෙහිව චීනයට ශ්‍රී ලංකාව ලබාදුන්  සහයෝගයද කිසිදින අමතක නොකරනු ඇත. වසංගත විරෝධී සටනේදී, අපගේ සැබෑ මිතුරන් කවුරුන්දැයි අපි හඳුනා ගත්තා. තවත් පිරිසක් මෙම අවස්ථාවේදී අපව මග හැර ගියා. චීනය මුහුණ දුන් මේ අපහසු අවස්ථායේදී අපව තවත් පහතට දැමීමට උත්සාහ කළ පිරිසක්ද සිටියා.

    අපි සත්‍ය මිත්‍රත්වය අගය කරන අතර සාගරවලට කිසි විටෙකත් චීනය සහ ශ්‍රී ලංකාව වෙන් කළ නොහැකි බව විශ්වාස කරන්නෙමි. ජනාධිපති ෂී ජින් පිංගේ දැඩි නායකත්වය යටතේ සහ සියලු උත්සාහයෙන් හා සාමූහික වෑයමක් දරමින් චීන ජනතාව වසංගතයට එරෙහි මෙම සටන ඉතා ඉක්මණින් ජය ගනු ඇතැයි මට විශ්වාසයි.

    ජාතියේ සෑම තැනකම අපගේ මිත්‍රත්වය සහ ඔබේ සිනහ මුසු මුහුණ අපි සැමවිටම සිහිපත් කරන්නෙමු. මගේ හැඟීම් ඇත්ත වශයෙන්ම වචනවලින් ඔබ්බට ගොස් තිබේ. “මගේ ආදරණීය ශ්‍රී ලංකා මිතුරන්ට ස්තූතියි!”

  • යාපනය ගුවන් තොටුපළ දියුණු කිරීමේ ගිවිසුමට කැබිනට් අනුමැතිය

    යාපනය ගුවන් තොටුපළ දියුණු කිරීමේ ගිවිසුමට කැබිනට් අනුමැතිය

    යාපනය පළාලි ගුවන් තොටුපල වැඩි දියුණු කිරීම සදහා ඉන්දියාව සමග අවබෝධතා ගිවිසුම කඩිනමින් අත්සන් කිරීමට අපේක්ෂා කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීමට කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

    යාපනය පළාලි ගුවන් තොටුපල සංවර්ධනය කිරීම සදහා ඉන්දියානු රජය ශ්‍රී ලංකා රුපියල් මිලියන 300 ක ආධාරයක් ලබා දීමට එකග වී තිබේ. මෙම මුදලින් සැහැල්ලු ගමන් මළු හැසිරවීමේ පද්ධතිය, පිටත්වීමේ පාලන පද්ධතිය, ජල සම්පාදන, අප ජල ප්‍රවාහන පද්ධතිය හා ඝණ අපද්‍රව්‍ය අපවහන පද්ධතිය සැකසීමට අපේක්ෂිතයි.

    මේ වන විට යාපනය පළාලි ගුවන් තොටුපලේ තාවකාලික ගුවන් ගමන් පාලන කුළුණක් ඉදිකර තිබේ. ගුවන් ධාවන පථ ආලෝකකරණ පද්ධතිය ද සැකසීම සදහා මේ වන විට ප්‍රසම්පාදන කටයුතු සිදු කෙරෙමින් පවතී. යාපනය පළාලි ගුවන් තොටුපළේ සකස් කර ඇති මගී පර්යන්ත පහසුකම් සීමිතය. මෙහි වාණිජ ගුවන් යානා හා ජාත්‍යන්තර මගීන් හැසිරවීමේ දී වැඩි පහසුකම් අවශ්‍ය වෙනු ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙයි.

    මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම සදහා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් සංචාරක හා ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම්වරයාට බලය පැවරෙන අතර ඉන්දියානු රජය විසින් ලබා දෙන රුපියල් මිලියන 300 ක ප්‍රදානය භාවිතා කිරීමට ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමට බලය පැවරේ.

    යාපනය පළාලි ගුවන්තොටුපළ ජාත්‍යන්තර ගුවන් තොටුපළක් ලෙස සංවර්ධනය කිරීම රජයේ අපේක්ෂාවයි. එය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රට හදන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ ද සදහන් වේ. මේ නිසා මෙම සංවර්දන කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙයි.

  • දකුණු කොරියාවේ COVID-19:තොරතුරු දැන ගන්න දුරකථන අංක මෙන්න

    දකුණු කොරියාවේ COVID-19:තොරතුරු දැන ගන්න දුරකථන අංක මෙන්න

    විශේෂයෙන්ම ඩේගු නගරයේ COVID-19 කොරෝනා වෛරස ආසාදන සංඛ්‍යාව මෑතක දී ඉහළ යාමෙන් අනතුරුව, දකුණු කොරියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා දරන ප්‍රයත්න පිළිබඳව සෝල් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ එක්ව විදේශ සබඳතා අමාත්‍යාංශය සමීප ලෙස අධීක්ෂණය හා සම්බන්ධීකරණය කරමින් සිටී.

    සෝල් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසන අන්දමට, මේ වන විට කිසිදු ශ්‍රී ලාංකිකයෙකු මෙම වෛරස ආසාදනයට ගොදුරු වී නොමැත. සංක්‍රමණික කම්කරුවන් මෙන්ම සිසුන් ද ඇතුළුව ශ්‍රී ලාංකිකයන් 20,000 කට අධික පිරිසක් එරටේ වෙසෙති. ඩේගු නගරයෙහි වෙසෙන 915 ක් පමණ වෙතැයි ඇස්තමේන්තු කර ඇති ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව කෙරෙහි මෙම තානාපති කාර්යාලය විශේෂ අවධානයක් යොමු කරයි.

    තානාපති කාර්යාලය විසින් ක්‍රියාත්මක කරනු ලබන ඍජු දුරකථන දැනට පැය 24 පුරාම ක්‍රියාත්මක වන අතර, ශ්‍රී ලාංකික ප්‍රජාවේ අවශ්‍යතාවයන්ට ප්‍රතිචාර දැක්වීම සඳහා උපකාරක කවුළුවක් ද ක්‍රියාත්මක වේ. මේ සඳහා සමාජ මාධ්‍ය කණ්ඩායම් දෙකක් පිහිටුවා ඇති අතර, මෙම දූත මණ්ඩලය ශ්‍රී ලාංකික විහාරස්ථාන, ප්‍රජා නායකයින් සහ අදාළ අනෙකුත් සියලු දෙනා සමඟ සම්බන්ධ වී සිටී.

    ඍජු දුරකථන:

    තානාපති කාර්යාලයේ පොදු දුරකථන:

    (0082) -2-735-2966, (0082) -2-735-2967, (0082) -2-794-2968

    සසංගා නිකපිටිය, පළමු ලේකම් – (0082) -10-7222-1352

    සෙනරත් යාපා, උපදේශක (රැකියා හා සුභසාධන) – (0082) -10-3389-2227

    නිලන්ති පැලවත්තගේ, දෙවැනි ලේකම් – (0082) -10-4084-0855

    සමන්තා සේනායක, තෙවැනි ලේකම් (රැකියා හා සුභසාධන) – (0082) -10-7499-2966

  • ඊනියා සුචරිතවාදීන්ගේ රෙදි ගැළවූ අධිකරණ තීන්දුවක්

    ඊනියා සුචරිතවාදීන්ගේ රෙදි ගැළවූ අධිකරණ තීන්දුවක්

    ශ‍්‍රී ලංකාවේ දැනට පවතින නීතිය අනුව ගණිකා වෘත්තියේ යෙදීමත් යම් ස්ත්‍රියක් ගණිකා වෘත්තියේ යෙදෙමින් තමා විසින්ම යම් ආදායමක් උපයා ගැනීමත් වරදක් නොවන බව පසුගිය දා කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නඩු තීන්දුවකින් ප්‍රකාශ කර තිබෙනවා.

    මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා මෙම තීන්දුව ප‍්‍රකාශයට පත් කළ 2015 වර්ෂයේ දිනයකදී කොල්ලුපිටිය ප්‍රදේශයේ ගණිකා නිවාසයක් පවත්වාගෙන ගියේ යැයි සැකපිට කොල්ලුපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකාරියන් තිදෙනකුට එරෙහි නඩු විභාග කොට සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින්.

    අයාල ආඥා පනත 1841 වර්ෂයේදී හදුන්වා දී ඇති අතර එය අවසාන වශයෙන් සංශෝධනය වී ඇත්තේ 1947දී බවද එම සංශෝධනයේ ද ගණිකා වෘත්තියේ යෙදීම වරදක් ලෙස කිසිදු ස්ථානයක හඳුන්වා දී නැති බවද තීන්දුවේ දැක්වෙනවා.

    ගණිකා නිවාසයක රැඳී සිටිමින් ගණිකා වෘත්තියෙන් ලැබෙන ඉපැයීම් වලින් සම්පූර්ණයෙන් හෝ කොටසක් වශයෙන් නම් ජීවිකාව පවත්වාගෙන යාම පිණිස රැදී සිටීමෙන් 1841 අංක 04, 1947 අංක 20, 1978 අංක 02 දරන පනත්වලින් සංශෝධිත පාදඩ ආඥා පනතේ 09 (අ) වන වගන්තිය උල්ලංඝනය කිරීමෙන් දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකර ඇතැයි කොල්ලුපිටිය පොලීසිය මෙම සිද්ධියට අදාළව තායිලන්ත කාන්තාවන් හය දෙනකු සහ මෙරට සැකකරුවන් තිදෙනකු සම්බන්ධයෙන් අධිකරණයට වාර්තා කර තිබුණා.

    මෙහිදි තායිලන්ත කාන්තාවන් හය දෙනා එම චෝදනාවට වරද පිළිගෙන තිබූ අතර අනෙක් සැකකරුවන් තිදෙනා එම චෝදනාවට තමන් නිවැරදිකරුවන් කියා සිටීම නිසා නඩු විභාගයක් පැවැත්වුණා.

    මෙම නඩුවේ තුන්වැනි සැකකාරිය ගණිකා වෘත්තියේ යෙදීම සම්බන්ධයෙන් වරද කියාදී කොල්ලුපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

    මෙම නඩු විභාගය ඉකුත් 2016 ඔක්තෝම්බර් මස 06 වැනිදා ආරම්භ වූ අතර චුදිත කාන්තාව වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ සංජීව ගමගේ මහතා ලිඛිත දේශන ඉදිරිපත් කරමින් ඉල්ලා සිටියේ ශ්‍රී ලංකාවේ පවතින නීතියට අනුව මෙම චූදිත සම්බන්ධ නඩුව ඉදිරියට පවත්වාගෙන යා නොහැකි බැවින් ඇය නිදොස් කොට නිදහස් කරන ලෙසයි.

    මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් නඩුවේ තුන්වැනි චූදිත කාන්තාව නිදොස් කොට නිදහස් කළ අධිකරණය ගණිකා වෘත්තිය ශ්‍රී ලංකාව තුළ වරදක් නොවන බවට 1923 ජුලි මස 27 වැනිදා ප්‍රකාශයට පත් කරන ලද SAIB0 V. CHELLAM නඩු තීන්දුවේ ප්‍රකාශ කර ඇති බවත්, එම නඩු තීන්දුවෙන් පසුව යම් පනත් මගින් හෝ ගණිකා වෘත්තියේ යෙදීම වරදක් ලෙස දක්වා නොමැති බවත් තීන්දුවේ සදහන් තිබෙනවා.

  • ජවිපෙට එරෙහිව  අමූලික බොරුවලට ‘ටිල්වින් දුන්’ පිළිතුර

    ජවිපෙට එරෙහිව අමූලික බොරුවලට ‘ටිල්වින් දුන්’ පිළිතුර

    අද මේ මාධ්‍ය සාකච්ඡාව විශේෂයෙන් පවත්වන්නේ වර්තමාන අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයා නිකුත් කළ නිවේදනයකින් ජනතා විමුක්ති පෙරමුණත් සම්බන්ධ කරගෙන අමූලික බොරු කරුණු දැක්වීමක් පිළිබඳව අපේ පැත්තෙන් නිවැරදි තොරතුරු එළිකරන්න.

    2015 පැවති ආණ්ඩුව ජිනීවා මානව හිමිකම් කොමිසමට ඇමෙරිකා එක්සත් ජනපදයත් එක්ක සම අනුග‍්‍රහයෙන් ඉදිරිපත් කළ යෝජනාවට ජනතා විමුක්ති පෙරමුණත් සහයෝගය දක්වන ලද බවට අමූලික බොරුවක් ප‍්‍රචාරය කර තිබුණා. මෙම අසත්‍ය ප‍්‍රකාශය අපි තරයේ ප‍්‍රතික්ෂේප කරන අතර, මෙබඳු බොරු නිර්මාණය කර ප‍්‍රචාරය කිරීම පිළිබඳ දැඩි විරෝධය පළ කරනවා.

    වර්තමාන හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාට ආමෙරිකාවට ඇතුල්වීම තහනම් කිරීම පදනම් කරගෙන ඒ තත්වය මතු වුණේ 2015 මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කළ යෝජනාව නිසා බවත් ඊට එක්සත් ජාතික පක්ෂය සමග ජනතා විමුක්ති පෙරමුණත්, ද්‍රවිඩ ජාතික සන්ධානයත් සහයෝගය දුන් බවටත්, වගකිම් විරහිත ප‍්‍රකාශකර තිබෙනවා. අනික් අය සම්බන්ධයෙන් අපිට වගකීමක් දරන්න බැහැ. ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳව ඔහු ඒ ඉදිරිපත් කර තිබෙන අදහස් සියල්ලම සාවද්‍ය තොරතුරු. එනිසා අපේ විරෝධය පළ කරන ගමන්, මේ වගකිම් විරහිත ප‍්‍රකාශය හෙළා දකිනවා.

    අවුරුදු 5කට කළින් ඉතිහාසය මහින්ද රාජපක්ෂ මහත්තයාට අමතක වෙලා නැතිව ඇති කියලා අපි හිතනවා. මතක තියෙද්දී තක්කඩිකමක් කරනවා කියලයි අපි හිතන්නේ. 2015 සැප්තැම්බර් මාසයේ මානව හිමිකම් කොමිසම ජිනීවාවල රැුස්වුණු වෙලාවේ ඇමෙරිකා එක්සත් ජනපදය තමන්ගේ යෝජනාවක් ලංකාවේ එවකට තිබුණු හවුල් ආණ්ඩුවේ සම දායකත්වයෙන් ඉදිරිපත් කළා. ජනතා විමුක්ති පෙරමුණ ඒ ආණ්ඩුවේ කොටස් කාරයෙක් නොවෙයි. අනෙක් පැත්තෙන් ඒ සම දායකත්වය දක්වන්න ආණ්ඩුව ඉදිරිපත් වීම ගැන අපේ විරෝධය පළ කළා. ඒ සම්බන්ධයෙන් පැවැත්වූ ප‍්‍රවෘත්ති සාකච්ඡුාවලදී අපි දැක්වූ අදහස් ඔබේ මාධ්‍ය ආයතනවල සුරක්ෂිතව ඇති කියලා හිතනවා.

    මුලින්ම 2015 සැප්තැම්බර් 22 මේ සම්බන්ධයෙන් පළවැනි මාධ්‍ය හමුව පවත්වමින් ආණ්ඩුව ගන්නා මෙම කි‍්‍රයාමාර්ගයේ බරපතළ වැරැුද්ද පිළිබඳව පැහැදිලි කළා. අනාගතයේ බරපතළ අනතුරු ගණනාවක් ඒ නිසා නිර්මාණය කෙරෙන බව රටට කිව්වා. ඊට පස්සේ 2015 ඔක්තෝබර් මාසයේ 04 වැනිදා දෙවැනි මාධ්‍ය හමුවක් පවත්වමින් මේ තත්වය නැවත අවධාරණය කළා. ඊටත් අමතරව මේ කරුණු පිළිබඳව දීර්ඝ ලෙස පැහැදිලි කරමින් 2015 ඔක්තෝබර් 13 වැනිදා කොළඹ මහජන පුස්තකාල ශ‍්‍රවනාගාරයේදී ”ජිනීවා ඊයේ අද සහ හෙට” කියලත් දේශනයක් පැවැත්වූවා. ඊට අමතරව පාර්ලිමේන්තුවෙත් කතා කරලා තියෙනවා. මේ සියලූ අවස්ථාවලදී ඉතා පුළුල් ලෙස අපේ ස්ථාවරය පැහැදිලි කරමින් රට හමුවේ කරුණු හෙළිකළා.

    මේ වෙලාවේ අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයා වගකීම් විරහිතව එවකට පැවති ආණ්ඩුව සම දායකත්වයෙන් ඉදිරිපත් කළ ජිනීවා යෝජනාවට ජනතා විමුක්ති පෙරමුණ සහිත ආණ්ඩුවක් ලෙස නම්කර, ඒ යොජනාව අනුමත කළා කීම මහින්ද රාජපක්ෂ මහත්තයාගේ තනතුරට, වයසට අනුව කටයුතු කිරීම ගැන නැවත හෙළා දකිනවා. යුද්ධය අවසන් වන විට තිබුණු මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවටත් ඊට පස්සේ බලයට පත්වුණු හවුල් ආණ්ඩුවටත් අපේ ස්ථාවරය පැහැදිලි කරමින් බලකර සිටියේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ලංකාවට විරුද්ධව නිර්මාණය කෙරෙන අහිතකර යෝජනාවලින් ගැලවීමේ මාර්ග ගැනයි. ලංකාව තුළ මානව හිමිකම් රැුකීම, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කිරීම, වගේම යුද්ධයෙන් පීඩාවට පත්වුණු අයට ඇහුම්කන් දීලා, ඔවුන්ට සහන දීලා, යුද්ධයෙන් සිදුවුණු තුවාල සුවපත්කරන්න වහාම කි‍්‍රයාත්මක විය යුතු බවයි. මානව හිමිකම් කඩවීම් ගැන චෝදනා තිබෙනවා නම්, ලංකාව තුළ පරීක්ෂණ පවත්වලා ලංකාවේ නීතියට අනුව කටයුතු කරනවා මිස, අපේ රටේ අභ්‍යන්තර ප‍්‍රශ්නවලට විදේශ බලවේගයන්ගේ මැදිහත්වීම වළක්වන ලෙසයි, අපි ආණ්ඩුවට බල කළේ.

    ඒ නිසා ඔය කිසිම ගිවිසුමකට, යෝජනාවකට අත්සන් කරන්න අපි සම්බන්ධ වෙලා නැහැ. දෙමුහුන් උසාවි හදන්න ඉඩ නොදිය යුතු බව අපි අවධාරණය කළා. ඇමෙරිකාව ඇතුළු අධිරාජ්‍යවාදී බලවේග මේ රට තුළ අභ්‍යන්තර ප‍්‍රශ්නවලට අත පෙවීමට සියලූ මාර්ග පක්ෂයක් ලෙස අධ්‍යයන කර, එය වළක්වා ගන්න ඕනෑ කරන බලපෑම් පැවති ආණ්ඩුවලට අපි දිගටම සිදුකළා. මහින්ද රාජපක්ෂ මහත්තයා සහ ඔහු වටේ ඉන්නා අයට යළිදු සිහිපත් කිරීමක් සඳහා අතීතය සිහිපත්කර විය යුතුයි. 2015 සැප්තැම්බර් මාසයේ ජිනීවා මානව හිමිකම් කොමිසමට ඇමෙරිකාව එක්ක සම අනුග‍්‍රාහකත්වයෙන් යෝජනා ඉදිරිපත් කළ, ආණ්ඩුවේ සංයුතිය මොකක්ද? මහින්ද රාජපක්ෂ මහත්තයා සිහිබුද්ධියෙන් ඉන්න වෙලාවක කල්පනා කරලා බලන්න, කියලා අපි අවධාරණය කරනවා. එවකට ජනාධිපතිවරයා කවුද? මෛතී‍්‍රපාල සිරිසේන මහත්තයා. අගමැති රනිල් වික‍්‍රමසිංහ මහත්තයා. එදා හිටි ඇමති මණ්ඩලයේ විශාල පිරිසක් අද මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක ඉන්නවා.

    ජනාධිපතිවරයා හැටියට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ආමන්ත‍්‍රණය කරන්න නිව්යෝර්ක් නුවරට මෛතී‍්‍රපාල මහත්තයා ගිහින් ආවා. ඒ එනකොට අද මහින්ද රාජපක්ෂ මහත්තයාත් එක්ක ඉන්න ඇමතිවරු එදා කටුනායකට ගිහින් පිළිගත්තේ ”රට බේරා ගත්තු නායකයා” කියලා. ඒ ජනාධිපති දැන් කොහේද ඉන්නේ ? මහින්ද රාජපක්ෂ මහත්තයලා අලූතින් හදාගත්තු පක්ෂයේ සභාපති වෙලා ඉන්නවා. මහින්ද මහත්තයා නායකයා, දෙවැනියා හැටියට ඒ කියන්නේ සභාපති හැටියට මෛතී‍්‍රපාල මහත්තයා ඉන්නවා. ඒ වගේම ඒ යූ.එන්.පී. ශී‍්‍ර ලංකා ආණ්ඩුවේ හිටිය දැන් මේ වෙලාවේ මහින්ද රාජපක්ෂ මහත්තයා වටේ ඉන්න නිමල් සිරිපාල සිල්වා මහත්තයලා, එස්.බී. දිසානායක මහත්තයලා, දුමින්ද දිසානායක මහත්තයලා, මහින්ද අමරවීර මහත්තයලා, ඩිලාන් පෙරේරා මහත්තයලා, දයාසිරි ජයසේකර මහත්තයලා, ඇතුළු මුළු නඩයම ඒ ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරු. ඒගොල්ලෝ තමයි මේ යෝජනාව අනුමත කළේ.

    මේ හැමෝම දැන් ඉන්නේ රාජපක්ෂ මහත්තයා අලූතින් අටවා ගත්තු සන්ධානයේ. එදා ඒ අය කළේ පාවාදීමක් නම්, ඒ අයට තමන්ගේ අලූත් සන්ධානයේ තනතුරු දී ගෙන, ඒ යෝජනාවට කිසිම සම්බන්ධයක් නැති ජනතා විමුක්ති පෙරමුණට චෝදනා කරන එක අතිශය බරපතළ කාරණයක්. මේක දේශපාලන තක්කඩිකමක්. අපේ රටට විදේශ මැදිහත්වීම සඳහා පාර කපන පළවෙනි පියවර ගත්තේ මහින්ද රාජපක්ෂ මහත්තයලා බව ඒ අයටත්, ඒ අය වෙනුවෙන් ලියන කියන මහත්තුරුන්ට සිහිපත් කරලා දෙන්න ඕනෑ. 2009 යුද්ධය අවසන් වන විටම එවකට එක්සත් ජාතීන්ගේ මහා ලේකම්ව සිටි බෑන්කී මූන්ට ලංකාවට එන්න කියලා ආරාධනා කළේ මහින්ද රාජපක්ෂ මහත්තයා. ඒ අනුව මහා ලේකම්වරයා ලංකාවට ආවා. ඒ මැයි මාසයේ 22 එතුමත් එක්ක මහින්ද රාජපක්ෂ මහත්තයා ඒකාබද්ධ ප‍්‍රකාශයකට අත්සන් කළා. ඒකාබද්ධ ප‍්‍රකාශයෙන් ආරාධනා කළා, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ එවකට සිටි නවනීදන් පිල්ලේ සභාපතිවරියට ලංකාවට එන්න කියලා.

    ලංකාවේ මානව හිමිකම් රකින බවටත්, යුද්ධය අවසාන සමයේ කරුණු සොයා බලන බවටත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කරන බවටත්, ඇතුළු කොන්දේසි ගණනාවකට ඒකාබද්ධ ප‍්‍රකාශයෙන් එකඟ වුණා. නමුත් බෑංකී මූන්ට පොරොන්දු වූ කිසිවක් ඒ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් ඉටුකළේ නැහැ. මේ නිසා පොරොන්දු ඉටු නොකිරීම ගැන සොයන්න දරුස්මාන් කමිටුව පත්කළා. දරුස්මාන් කමිටුවෙන් ලංකාවට හානිකර වාර්තාවක් නිකුත් කළා. මෙවැනි වාර්තාවක් නිකුත් කරන්න ඉඩ හැදුවේ මහින්ද රාජපක්ෂ මහත්තයලා. ඒ නිසා මේ ගොල්ලෝ දිගින් දිගටම එක්සත් ජාතීන්ගේ මහා ලේකම්වරයාට අත්සන් කරදුන් කොන්දේසි කඩකළා. මේ තත්වය ඇමෙරිකාව ඇතුළු අධිරාජ්‍යවාදීන් වගේම එක්සත් ජාතීන්ගේ සංවිධානයත් ලංකාවට විරුද්ධව පාවිච්චි කළා. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවෙන් පස්සේ බලයට පත්වුණු හවුල් ආණ්ඩුවත් ඒ තත්වය දිගටම පවත්වාගෙන ගියා. යුද්ධයෙන් ඇතිවුණු තුවාල සුවකරන්න හවුල් ආණ්ඩුවත් මැදිහත් නොවී එක්සත් ජනපදයට සහ අධිරාජ්‍යවාදී ආයතනවලට මේ රටට ඇඟිල් ගහන්න අවස්ථාව දිගටම ලබාදුන්නා. මේ නිසා දිගින් දිගටම එන විදේශ ඇඟිලි ගැහීම්වලට මහින්ද රාජපක්ෂ මහත්තයලාගේ ආණ්ඩුව පාර කපා දුන්නා.

    මේ සමස්ත ඉතිහාසය වළදාලා දැන් හදිසියේ ජනතා විමුක්ති පෙරමුණට චෝදනා ඉදිරිපත් කරන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ සිහිය අවුල්වෙලා නොවෙයි. වෙන දේශපාලන උප්පරවැට්ටියකට. ශවේන්ද්‍ර සිල්වා මහත්තයාට එක්සත් ජනපදයට ඇතුල්වීම තහනම් කිරීමට විරෝධය පළ කරමින්, සම අනුග‍්‍රාහකත්වයෙන් ඉදිරිපත් කළ යෝජනාවෙන් ඉවත් වුණාට මේ යෝජනාව අවලංගු වන්නේ නැහැ. මේ වෙනකොටත් එක්සත් ජනපදය මානව හිමිකම් කොමිසමෙන් අයින්වෙලා. මහින්ද මහත්තයලා මෙහෙන් සම අනුග‍්‍රාහකත්වයෙන් අයින් වෙන බව නිවේදනය කළාට, යෝජනාව අහෝසි වන්නේ නැහැ. මහින්ද මහත්තයාගෙන් අපි අහන්නේ අපි අභියෝග කරන්නේ මේ යෝජනාව ඉවත් කර ගන්නා කි‍්‍රයාමාර්ග රටට හෙළිකරන්න කියලයි. ඒ වගේම එක්සත් ජනපදයට විරෝධය පළ කරන්න මේ නිවේදන නිකුත් කරනවා වෙනුවට ගෝඨාභය රාජපක්ෂ මහත්තයලාගේ පවුලේ අයට එක්සත් ජනපදයේ තියෙන පුරවැසිකම් අත්හරින්න කියලා අභියෝග කරනවා. බැසිල් රාජපක්ෂ මහත්තයාට සහ පවුලේ අයට එක්සත් ජනපදයේ තිබෙන පුරවැසිකම් අත්හරින්න කියලා අභියෝග කරනවා. එක්සත් ජනපදයට රිදෙන වැඩ ඒවානේ. ජනාධිපති පවුලේ කට්ටියගේ එක්සත් ජනපද පුරවැසිකම් අත්හරින්නේ නැහැ. ඒගොල්ලන්ගේ පක්ෂයේ ලේකම් බැසිල් රාජපක්ෂ මහත්තයාගේ ඇමෙරිකානු පුරවැසිකම් අත්හරින්නේ නැහැ. ඒ පුරවැසිකම් ආරක්ෂාකර ගනිමින් මෙහේ ජනතාවට එක එක ජාතියේ කතා කියලා බොරු වීරයෝ වෙන්න උත්සාහ කරමින් ඉන්නවා.

    එහෙම නැත්නම් මහින්ද මහත්තයා ලෑස්තිද ඔය විරෝධය පළ කරළා, එක්සත් ජනපදය සමග අත්සන් කළ ‘ඇක්සා’ ගිවිසුම ඉරාදාන්න. 2007 මාර්තු මාසයේ ලංකාවට අහිතකර ඇක්සා ගිවිසුමක් අත්සන් කළේ එවකට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, ගෝඨාභය රාජපක්ෂ මහත්තයායි, ලංකාවේ හිටි ඇමෙරිකානු තානාපති රොබට් ඕ බ්ලේක් මහත්තයායි. එක්සත් ජාතික පක්ෂය වසර 10කට පස්සේ ඒ ගිවිසුම දීර්ඝ කළා. එක්සත් ජනපදය මේ කලාපයේ සිදුකරන යුධමය මැදිහත්විම්වලදී අපේ රටේ භූමිය සහ පහසුකම් සලසන්න බැඳිලා ඉන්නේ ඇක්සා ගිවිසුම නිසයි. එහෙම නම් ඒ ගිවිසුම ඉරාදාන්න. අනික් පැත්තෙන් ඡුන්දය කාලේ ලොකුවට කෑ ගහපු ඵක්‍ක්‍ ගිවිසුම අත්සන් නොකරන බවට ප‍්‍රකාශ කරන ලෙසත් අපි කියනවා. එහෙම කියන්නෙත් නැහැ. ඒක අත්සන් කරන්න හොරගල් අහුල අහුල ඉන්නවා. රට පාවාදීපු අලූත් පාවා දීමේ ගිවිසුම් අත්සන් කරන්න පෙරුම් පුරමින් ඉන්න ගමන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා කිරීම තක්කඩි දේශපාලන කි‍්‍රයාවක්.

    ආණ්ඩුව මේ කරමින් යන්නේ ඉදිරි මහා මැතිවරණයට අලූතින් තුරුම්බුවක් සෙවීම. ජනාධිපතිවරණය කාලේ කියූ බේගල් දැන් අතේ පත්තුවෙලා තියෙන්නේ. ජනාධිපතිවරණයට කලින් දැවැන්ත මුස්ලිම් විරෝධයක් නිර්මාණය කළා. නමුත් දැන් මද්‍රාසා පාසල් ලියාපදිංචි කරන්න, ශරියා විශ්විවිද්‍යාල පවත්වාගෙන යන්න කටයුතු කරමින් ඉන්නවා. සායින්දුමරුදුවලට වෙනම නගර සභාවක් දෙන්න ගැසට් කරලා ආයෙ ඒක තාවකාලිකව ඉවත් කරනවා. වතුකම්කරුවන්ට රුපියල් 1000/ක වැටුපක් දෙනවා කිව්වාට ඒකත් කි‍්‍රයාත්මක කරන්නේ නැහැ. ජනතාවට සහන දෙන්න බැරිවෙලා. ජනාධිපතිවරණය කාලේ දීපු පොරොන්දු ඔක්කොම කඩකර ඇති නිසා, ශවේන්ද්‍ර සිල්වා මහත්තයාගේ සිදුවීම මුල්කරගෙන මාර්තු මාසයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම රැුස්වෙන වෙලාවේ පරණ සිද්ධියක් මතුකරලා බොරු දේශපේ‍්‍රමයක් අවුස්සාගෙන මැතිවරණයට යන්න සැලසුම් කරමින් ඉන්නවා. මහින්ද රාජපක්ෂ මහත්තයලා දේශපේ‍්‍රමී කතා කිය කියා ඡුන්ද කීයක් දිනුවාද? විදුලි පුටුවක් ගැන කියලා ඡුන්ද කීයක් දිනුවාද? සහරාන්ගේ පාස්කු ප‍්‍රහාරය වගේම ඵක්‍ක්‍ ගිවිසුමත් මේ පාර නෑනේ. ඒ නිසා හොයන අලූත් තුරුම්බුව විදිහට ජනතා විමුක්ති පෙරමුණට අවලාද නගනවා. ඒ වෙනුවෙන් ඒ ගොල්ලෝ සැලසුම් කරලා තිබෙන්නේ ජේ.වී.පි. , යූ.එන්.පි., ටී.එන්.ඒ. එක පිලක් වශයෙන් ජනතාවට හුවා දක්වන්නයි. ඒ ගොල්ලෝ රට රකින දේශපේ‍්‍රමීන් හැටියටත් ජනතා විමුක්ති පෙරමුණ යූ.එන්.පී. ගොඩට දාලා දේශද්‍රෝහීන් කරන්නත් සැලසුම් කරලා. අපි ඉතා පැහැදිලිව කියන්නේ එක්සත් ජාතික පක්ෂයත් එක්ක වෙන ඕන කෙනෙක් එකට වැඩ කරන්න. නමුත් අපි ඒ ගොඩට දාන්න ලෑස්තිවෙන්න එපා කියලයි. ජනතා විමුක්ති පෙරමුණ කවදාවත් එක්සත් ජාතික පක්ෂය ගොඬේ ඉඳලත් නැහැ, ඉන්නෙත් නැහැ. අපිට වෙන දේශපාලන ගමනක් තිබෙනවා.

    හැබැයි එක්සත් ජාතික පක්ෂයත් එක්ක හිටපු, අවුරුදු 5ක් තිස්සේ රට පාලනය කරපු, ජනාධිපතිකම් කරපු අය තමන්ගේ ගොඩට අරගෙන ඊට කිසිම සම්බන්ධයක් නැති අපිව, ඒ පැත්තට ප‍්‍රහාර එල්ල කරන්නේ ඊළඟ මහා මැතිවරණය ඉලක්ක කරගෙන. මැතිවරණය දිනන්න තුරුම්බු සොයා ගන්නයි. ජනතා විමුක්ති පෙරමුණ සමග ජාතික ජන බලවේගය ඉදිරියට එමින් තිබෙනවා. සහන අහිමි වුණු, වැටුප් කප්පාදු වුණු, විශ‍්‍රාම වැටුප කප්පාදුවට ලක්වුණු, සේවක අර්ථ සාධක අරමුදල බේරාගන්න එක්වුණු, වැඩකරන පන්තියේ ජනතාව අපි වටා එක්වෙමින් සිටිනවා. ජනතාව මේ ඒකරාශී වීම වට්ටන්න ජනමාධ්‍යයත් එකතු කරගත්තු ප‍්‍රචාරයක් ජනතා විමුක්ති පෙරමුණට විරුද්ධව, ආරම්භ කර තිබෙනවා. ඇත්තටම රටට ද්‍රෝහී වුණු කණ්ඩායම් හවුලක් විදිහට එකතු වෙලා ඊනියා දේශපේ‍්‍රමී විදිහට ප‍්‍රචාරයන් සිදුකරනවා. ඉතිහාසය ඒගොල්ලන්ට අමතක වුණාට අපට අමතක නැහැ. ඡුන්දයට වාසි ගන්න බලාගෙන මහින්ද මහත්තයා නිකුත් කර තිබෙන මේ නිවේදනයේ අඩංගු කරුණු අපි හෙළාදකින බව නැවතත් කියනවා. එක්සත් ජනපදයට ගැතිවී පුරවැසිකම් ලබාගෙන මේ රට තුළ බොරු දේශපේ‍්‍රමය පතුරුවන බංකොලොත් මතවාදයට නොරැුවටෙන ලෙස අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

    මෛතී‍්‍රපාල සිරිසේන මහත්තයා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්වෙලා ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණු වෙලාවේ අපහාස කළ පිරිස වගේම ඒ අපහාස කිරීමේදී අත්පුඩි ගහපු කට්ටියකුත් ඉන්නවා. මේ හැමදෙනාටම ඒ බව අමතක වෙලා මෛතී‍්‍රපාල මහත්තයා ජනාධිපති වුණාම මහින්ද රාජපක්ෂ මහත්තයලාගේ පවුලේ අයට විවිධ අපහාස උපහාස කළ අයත් ඒවා අනුමතකරමින් අත්පුඩි ගහපු පිරිසකුත් හිටියා. අලූත් පක්ෂයක් හැදුවොත් එහෙම මහ පාරේ ඇවිද්දවනවා කියපු අයත් ඒකට අත්පුඩි ගහපු අයත් මේ ඔක්කොමලා දැන් විලිලැජ්ජා නැතිව එකට එකතු වී ඉන්නවා. අපේ රටේ ලැජ්ජාව නැත්තේ මහින්ද මහත්තයාටයි, මෛතී‍්‍රපාල සිරිසේන මහත්තයාට විතරක් නොවේ. ඒ අත්පුඩි ගහපු අයටත් මේ දේශපාලන සංස්කෘතිය විසින් ලැජ්ජාව නැතිකරලා තියෙන්නේ. අපේ රටේ විනාශ කළ දේශපාලන සංස්කෘතිය ආපහු ගොඩනගන්න වගකීමක් ජනතාවට තිබෙනවා. වැරැද්දක් කළාම කවුරු කළත් වැරැද්දක් බව කියන, හොඳ වැඩක් කළාම කවුරු කළත් හොඳයි කියන සංස්කෘතියක් බිහි කළේ නැත්නම් මේ නාඩගම්, විගඩම් දිගටම කරගෙන යාවි. තමන්ගේ බැරිකම් අනුන්ට අවලාද නැගීමෙන්, මඩ ගැසීමෙන් වසන්කරගන්න උත්සාහ කරාවි.

    අපි ජනතාවට අවධාරණය කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ කිසිදවසක මේ රටේ ස්වෛරීත්වයට, ස්වාධීනත්වයට එරෙහිව අබමල් රොණක හානියක් කර නැති බවයි. අපි ජීවිත පරිත්‍යාගයෙන් මේ රට වෙනුවෙන් කි‍්‍රයාකර තිබෙනවා. හැම ජන කොටසකටම අයිතිවාසිකම් ලබාදී මානව හිමිකම් සුරැුකිය යුතුයි කියන ස්ථාවරයේත් අපි ඉන්නවා. හැමෝටම සාධාරණය ඉෂ්ට වෙන්න ඕනෑ. ඒ සියල්ල වෙනුවෙන් පෙනී සිටින අතරම, රටට එරෙහිව එන ඕනෑම බලවේගයකට විරුද්ධව කොන්දේසි විරහිතව කි‍්‍රයාකරනවා. අපි ජනතාවට කියන්නේ මේ රටට හානිකර ගිවිසුම් අත්සන් කළ මේ රටේ සම්පත් කොල්ලකෑමට සහ විකුණා දැමීමට කි‍්‍රයාකළ අය නඟන සාහසික, නින්දිත අවලාද ප‍්‍රතික්ෂේප කරමින් සත්‍යය වෙනුවෙන් පෙළ ගැසෙන්න කියලයි.

    මාධ්‍යවේදින් නැගූ ප‍්‍රශ්නවලට විජිත හේරත් සහෝදරයා පිළිතුරු දෙමින්…
    ආණ්ඩුව බලයට පත්වුණු ගමන් බදු අඩුකරන බව කීවා. මේ නිසා අපේක්ෂිත ආදායම බිලිය 484ක් අහිමිවෙලා කියලත් කිව්වා. සල්ලි තියෙන නිසා බදු අඩුකරන බව කියලා, දැන් සල්ලි නෑ කියන්නේ දෙබිඩි බවක්. ඡුන්දය බලාගෙන වියදම් කරන්න සල්ලි හොයාගන්න අතුරු සම්මත ගිණුම් ඉදිරිපත්කර, ආයෙත් හකුළා ගත්තා. ඇත්තටම මේ ගිණුම් අනුමත කරගන්න ඕන කමක් ආණ්ඩුවට තිබුණු බවක් පෙණුනේ නැහැ.

    පසුගිය ජනාධිපතිවරණයට දවස් දෙක තුනකට කලින් මහින්ද රාජපක්ෂ මහත්තයයි, බැසිල් රාජපක්ෂ මහත්තයයි, සායින්දමරුදු ප‍්‍රදේශයට ගිහිල්ලා රැුස්වීමකදී ප‍්‍රසිද්ධියේ පොරොන්දු වුණේ, ජනතාව එක්ක අවබෝධතා ගිවිසුමක් අත්සන් කළේ, ජනාධිපතිවරණයෙන් පස්සේ පළවෙනියාටම සායින්දමරුදු නගර සභාව ප‍්‍රකාශයට පත්කරනවා කියලයි. ඒ ජනතාවගේ ඡුන්ද ටික ගන්න ඒ ප‍්‍රකාශය කරලා මෙහෙට ඇවිල්ලා ජාතිවාදය ඇවිස්සුවා. අද ගැසට් එකකින් සායින්දමරුදු නගර සභාව ප‍්‍රකාශයට පත්කරලාම මතුවූ විරෝධයන් එක්ක තාවකාලිකව ඒ ගැසට් එක අත්හිටුවා තිබෙනවා. මේකේ යටි අරමුණ ඡුන්ද සඳහා ජනතාව රවට්ටමින් ජාතිවාදී ලෙස කටයුතු කරන එක.

  • එජාපය ජනපතිවරණ ඉලක්ක කර ගනිමින් කළ සංර්ධනය ගැන හෙළිදරව්වක්

    එජාපය ජනපතිවරණ ඉලක්ක කර ගනිමින් කළ සංර්ධනය ගැන හෙළිදරව්වක්

    අකාර්යක්ෂම මූල්‍ය පාලනය හේතුවෙන් පසුගිය පාලන සමය තුළ ගෙවා ගත නොහැකි වූ ඉදිකිරීම් ඇතුළු ක්ෂේත්‍ර රැසකට අදාළ වියදම් පියවීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවට එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ විපක්ෂය විරෝධය පළ කිරීම කණගාටුවට කරුණක් බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

    එක්සත් ජාතික පක්ෂය දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණෙන් පළ කළ විරෝධතාව හේතුවෙන් විවිධ ඉදිකිරීම්වල නිතරවූ කොන්ත්‍රාත්කරුවන්ට සහ ඔවුන් යටතේ සේවය කරන කම්කරුවන් ඇතුළු සියලු පාර්ශ්වය වෙත ගෙවීම් කිරීම තව දුරටත් ප්‍රමාද වන බව හෙතෙම සඳහන් කරයි.

    එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව මගින් ම තෝරාගනු ලැබූ කොන්ත්‍රාන්කරුවන් මෙසේ අසරණභාවයට පත් කිරීම හුදෙක්ම දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණෙන් සිදු කළ එකක් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. සේමසිංහ මහතා මේ බව කියා සිටියේ (20) මුදල් අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවක දී ය.

    පැවැති ආණ්ඩුව මගින් ඉදිරිපත් කරන ලද අතුරු සම්මත ගිණුමක් මගින් දැනට රජයේ වියදම් වෙනුවෙන් මුදල් වෙන් කෙරේ. ඒ අනුව 2020 ජනවාරි මස 01 වැනි දා සිට අප්‍රේල් මස 31 වැනිදා දක්වා රජයේ වියදම් වෙනුවෙන් අතුරු සම්මත ගිණුම මගින් වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 757කි.

    අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ තීරණය අනුව 2019 වසරේ දී විවිධ පාර්ශ්වයන්ට ගෙවිය යුතුව තිබූ මුදල් පියවීමට තීරණය කෙරිණි. ඒ එළඹෙන සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් හෝ ඔවුන්ට සිය සේවකයන් වෙනුවෙන් මුදල් ලබා දීමට හැකි වන අයුරිනි.

    පසුගිය ආණ්ඩුව විසින් 2019 වසරේ විවිධ ව්‍යාපෘති සඳහා රුපියල් බිලියන 156 මුදලක් නොගෙවා තිබූ අතර තවත් රුපියල් බිලියන 211ක මුදලක් ප්‍රතිපාදන නොමැතිව වැය කර තිබිණි. මෙහි සමස්ත එකතුව වන රුපියල් බිලියන 367කි. පසුගිය රජය මගින් සම්මත කර ගත් අතුරු සම්මත ගිණුම මගින් මේ සඳහා මුදල් වෙන් කර නොතිබූ අතර ඒ වෙනුවෙන් තවත් රුපියල් බිලියන 367ක මුදලක් ලබා ගැනීම සඳහා අතුරු සම්මත ගිණුම සංශෝධනය කිරීම සඳහා වූ යෝජනාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. කෙසේ වෙතත් විපක්ෂයේ විරෝධය හමුවේ අදාළ යෝජනාව ඉවත් කර ගැනීමට ආණ්ඩුවට සිදු විය.

    සෞඛ්‍ය ඖෂධ හා සැපයුම් වෙනුවෙන් රු මිලියන 25,696ක්, ජ්‍යෙෂ්ඨ පුරවැසි පොලී සහනාධාර වෙනුවෙන් රු  මිලියන 45,856ක්, පොහොර සහනාධාරය වෙනුවෙන් සැපයුම්කරුවන්ට රු මිලියන 23,950ක්, ත්‍රිවිධ හමුදා සේවාවන්ට සහ භාණ්ඩාගාරය මත  යැපෙන ආයතනවල නොගෙවූ බිල්පත් වෙනුවෙන් රු මිලියල 5,490ක්, මහා මාර්ග ඉදිකිරීම්කරුවන් වෙනුවෙන් රු මිලියන 18,449ක්, නගර සංවර්ධන ඉදිකිරීම්කරුවන් වෙනුවෙන් රු මිලියන 6,862ක්, පාසල් සංවර්ධන ඉදිකිරීම්කරුවන් වෙනුවෙන් 2,824ක්, ගම්පෙරළිය, උතුර පළාත් සංවර්ධන, නැවත පදිංචිකිරීම් සැපයුම්කරුවන්ට රු මිලියන 3,126ක්, පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල නොපියවූ මුදල් රුපියල් මිලියන 3,895ක්, ජල සම්පාදන, උසස් අධ්‍යාපන ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 1,990ක් සහ වාරිමාර්ග, ග්‍රාමීය සංවර්ධන යටතේ ඉදිකිරීම්කරුවන්ට රුපියල් මිලියන 6,558ක්ආදී වශයෙන් ගෙවීම නියමිතව තිබේ.

    රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසන්නේ මෙම ගෙවීම් වෙනුනේ අතුරු සම්මත ගිණුම මගින් මුදල් ප්‍රතිපාදන වෙන් කිරීමට එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ විපක්ෂ ඉඩ ලබා නොදුන්න ද මීළග අයවැය මගින් අදාළ මුදල් වෙන් කරන බවයි.

    රට තුළ කිසිදු මූල්‍ය අර්බුදයක් නොමැති බව පෙන්වා දුන් අමාත්‍යවරයා මේ සියලු ගෙවීම් සිදු කිරීමට ඇත්තේ 2019 වසර සඳහා බව අවධාරණය කළේ ය. නිසි ආදායම්, වියදම් හෝ ණය කළමනාකරණයක් නොමැති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව තමන් විසින් ම කළ වරද නිවැරැදි කර ගැනීමට උත්සහ නොකිරීමට කණගාටුවට කරුණක් බව අමාත්‍යවරයා පැවැසීය.

    පසුගිය ජනාධිපතිවරණය ආසන්නයේ කඩිමුඩියේ මුල්ගල් තබමින්, විවෘත කළ ව්‍යාපෘතිවල සැබෑ තත්ත්වය දැන් ජනතාවට අවබෝධ වෙමින් පවතින බව පෙන්වා දුන් අමාත්‍යවරයා කියා සිටියේ එම සංවර්ධන ව්‍යාපෘතිවලින් රටට කිසිදු යහපතක් සිදු නොවන බවයි.

    ඉදිරි මහ මැතිවරණයේ දී ජනතාව මෙම පිරිසට නිසි ප්‍රතිචාරය දක්වනු ඇති බව ද සේමසිංහ අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ ය.

  • පාරිභෝගිකයින් ගසා කන ‘ඩෙටා මාෆියාවට’ TRC අනුබල දෙනවා ?

    පාරිභෝගිකයින් ගසා කන ‘ඩෙටා මාෆියාවට’ TRC අනුබල දෙනවා ?

    ශ්‍රී ලංකාවට ඩිජිටල් ලෝකය ජයගන්නට තිබෙනා ප්‍රධාන බාදාවක් ලෙස යම් අන්තර්ජාල සේවා සපයන සමාගම් විසින් සිදුකරගෙනු යනු ලබන ඩේටා මාෆියාව හේතුවී ඇති බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට සිදුකල අධ්‍යනයකදී හෙළිදරව් වී ඇත.

    බොහෝ ශ්‍රී ලාංකික අන්තර්ජාල පරිශීලකයින් ප්‍රමාණයක් මේ පිලිබදව මැසිවිලි නැගුවත් ඒ සම්බන්ධයෙන් කිසිදු තැකීමක් නොකිරීමට එම අන්තර්ජාල සේවා සපයන ආයතන මෙන්ම විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවද කටයුතු කරන බවක් දැකගත හැකිය.

    විශේෂයෙන්ම යම් අන්තර්ජාල සේවා සපයන සමාගම් තම පාරිභෝගිකයන්ට ලබාදීමට ගිවිසුමකින් බැදීසිටින අන්තර්ජාල වේගයෙන් හරි අඩකට වැඩි (50% ත් 70%) අතර අන්තර්ජාල වේග ප්‍රමාණයක් වත් ලබාදීමට අපොහොසත්වී ඇත. යම් අන්තර්ජාල සේවා සපයන සමාගම් රාත්‍රී 12න් පසුව ලබාදෙන දත්ත (Night Time Data) සදහා දෙනු ලබන අන්තර්ජාල වේගය මන්දගාමී සිදුකිරීමක් සිදුකරන බවක්ද අනාවරණය වී ඇත.

    මේ සම්බන්ධයෙන් කඩිනමින් සොයා බලා අන්තර්ජාල පාරිභෝගිකයන්ගේ සුභසිද්ධිය මෙන්ම ශ්‍රී ලංකාවේ ඉදිරි ඩිජිටල් අනාගතයේ සුරක්ෂිතතාවය රැකගැනීමට පලදායි ලෙස අන්තර්ජාල සේවා සපයන සමාගම් නියාමනය කර කටයුතු කරන ලෙස අදාළ බලධාරීන්ට අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස දැනුම් දෙමු.

  • ජීවිතය වෙනස් කරන සබඳතාවය දැන් ඓතිහාසික අනුරාධපුරයටත්..

    ජීවිතය වෙනස් කරන සබඳතාවය දැන් ඓතිහාසික අනුරාධපුරයටත්..

    අන්තර්ජාල වෙළඳ දැන්වීම් ප්‍රචාරණ සහ ප්‍රවර්ධනය කිරීමේ ව්‍යාපාරයට නවමු අත්දැකීමක් එක්කරමින් පුරා වසර 5කට අධික කාලයක් පාරිභෝගිකයින් 50,000කට අධික පිරිසක් සමඟින් ගනුදෙනු කරමින් විශ්වාසය දිනා ගත් ICAN Holdings සමාගම යටතේ ඇති ICAN Advertising සමාගමේ වෙළඳ සන්නාමය වන “Bannercuts” අද(20) සිය තුන්වන ශාඛ්‍යාව ඓතිහාසික අනුරාධපුර නගරයේදී උත්සවශ්‍රීයෙන් විවෘත කරන ලදී.

    මේ යටතේ අද සිට අනුරාධපුර ප්‍රදේශයේ මහා පරිමාණ ව්‍යාපාරිකයාගේ සිට කුඩා පරිමාණයේ ස්වයං රැකියාවක නියුතු ව්‍යාපාරිකයාටත්, යම් භාණ්ඩයක් හෝ සේවාවක් අලෙවි කරන පුද්ගලයාටත් තම ව්‍යාපාරය සම්බන්ධයෙන් ඉතා පුළුල් ප්‍රචාරයක් ඉතා සුළු මුදලකින් ලබාගැනීමේ හැකියාව ඔවුන්ට හිමිවේ. ඊට අමතරව ප්‍රචාරණය වන දැන්වීම් නරඹා එම වටිනා කාලයට නොදැවෙනි අමතර ආදායමක්ද ඉපයීම් අවස්ථාව “bannercuts.com” සමඟ සම්බන්ධ වන ගනුදෙනුකරුවන්ට හිමිවේ. ඒ අනුව අනුරාධපුර “Banner cuts” ශාඛ්‍යාව මඟින්
    වෙළද දැන්වීම් ලබා දීම, ආයතනය හා ලියාපදිංචි වීම, තාක්ෂණික සහය ලබා ගැනීමට ඇති හැකියාව මෙන්ම සියළුම පාරිභෝගික සේවා සැපයීම සිදු කෙරේ.

    “බැනර්කට්ස්” අනුරාධපුර ශාඛ්‍යාව විවෘත කිරීමේ මෙම අවස්ථාවට ICAN හෝල්ඩින්ස් සමාගමේ සභාපති සෝමලාල් ජයසිංහ මහතා ඇතුළු එම සමාගමේ විධායක නිලධාරීන් සමඟ නව ගනුදෙනුකාර භවතුන් විශාල ප්‍රමාණයක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

  • වෝහාරික විගණන වාර්තාව: ජනපති බෝලය මහ බංකුවට පාස් කරයි

    වෝහාරික විගණන වාර්තාව: ජනපති බෝලය මහ බංකුවට පාස් කරයි

    වෝහාරික විගණන වාර්තාව මහබැංකුව විසින් සකස් කළ හෙයින් ඒ සම්බන්ධයෙන් තමන්ට නඩු පැවැරීමට හැකියාවක් නොමැති බවත් නඩු පැවැරීමට හැකියාව ඇත්තේ ශ්‍රී ලංකා මහබැංකුවට බවත් ජනපති ලේකම්වරයා තමාට ලිපියක් මගින් දැනුම් දුන් බව කෝප් සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසුවා.

    අද (20) පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කළේ එම ලිපිය තමන් හැන්සාඩ් ගතකරන බවයි. කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස තමන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යොමු කළ ලිපියකට පිළිතුරු ලිපියක් ජනපති ලේකම්වරයා විසින් යොමුකරමින් මේ බව සඳහන් කළ බවයි කෝප් සභාපතිවරයා කියා සිටියේ.

    එසේම ජනපතිවරයාගේ ලිපිය අනුව මහබැංකුව කෝප් කමිටුවට කැඳවා අදාළ වාර්තාව සම්බන්ධයෙන් නඩු පැවැරීමට අවස්ථාවක් ලැබී ඇති බවත් ඒ අනුව ඉදිරියේදී අදාළ පියවර ගන්නා බවත් ඔහු පැවැසුවා.

  • මෛත‍්‍රීගේ ‘පඹ සභාපතිකමටත්’ ඇමති ප‍්‍රසන්න දෙහි කපයි

    මෛත‍්‍රීගේ ‘පඹ සභාපතිකමටත්’ ඇමති ප‍්‍රසන්න දෙහි කපයි

    සිය පෞද්ගලික ස්ථාවරය එලෙසම බවත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා එකතු කර ගැනීමට තමන් තවමත් විරුද්ධ බවත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සන්ධානගත වීම ගැටළුවක් නැතත් මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාව එම සන්ධානයේ නාමික තනතුරකට හෝ පත් කිරීම පිළිබද ව එකග විය නොහැකි බව ද රණතුංග මහතා පෙන්වා දෙයි.

    ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානයේ සභාපතිධූරය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබා දීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් රණතුංග මහතා මේ බව සදහන් කළේය.

    මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක් වු රණතුංග මහතා මෙසේ ද කීවේය.

    ‘ශ්‍රි ලංකා නිදහස් පක්ෂය හා පොහොට්ටුව අතර සන්ධානයක් බිහිවීම පිළිබද ව මම මුල ඉදලම කියපු දේ තමයි මොන සන්ධානය හැදුවත් අපි ඉල්ලන්නේ පොහොට්ටුවෙන් බව. මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා මේ සන්ධානයේ සම නායකයා බවට පත් කිරීමට මම විරුද්ධ බව කිව්වා. මම තවමත් කියන්නේ අපිට ශ්‍රිලනිපය සමග සන්ධාන අවශ්‍ය නෑ. අපිට තනිවම පොහොට්ටුවෙන් දිනන්න පුළුවන් කියලයි. ඒ වගේම මෛත්‍රීපාල සිරිසේන මහතා එකතු කර ගන්නවාට මම ඇතුළු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ බහුතරයක් කැමති නැති බවත් මම කිව්වා. මම දරපු ස්ථාවරයේ කිසිදු වෙනසක් නෑ. මම තවමත් කියන්නේ අපට තනිව ඉල්ලලා දිනන්න තිබුණා. ඒ වගේ ම මෛත්‍රී සම්බන්ධ කර නොගත යුතු ව තිබුණා.

    මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාත් අද මේ රට තිබෙන තත්ත්වයට වගකිව යුතුයි. එදා මහින්ද මහත්තයට විරුද්ධව ආප්ප කාලා පැනලා ගිය මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතික පක්ෂය සමග එකතු වෙලා රටට කරපු විනාශයට කිසිසේත් සමාව දෙන්න පෞද්ගලිකවම මට බෑ. මේ සන්ධානයේ සභාපතිධූරය කිසිම බලයක් නැති නිකම්ම නිකම් තනතුරක් වුණත් ඒකට මෛත්‍රීපාල හිටපු ජනාධිපතිතුමාව පත් කළාට මා නම් විරුද්ධයි. මා විතරක් නෙමේ මේ රටට ආදරය කරන බහුතරයක් විරුද්ධයි. පහුගිය ජනාධිපතිවරණයේ දී මහින්ද මහත්තයා වෙනුවෙන් ඡන්දය දුන්න මිනිස්සු බහුතරය විරුද්ධයි. මට වගේම රටේ බහුතරයකටත් මෙමත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා තවමත් ශත පහකටවත් විශ්වාස නෑ. 

    මම මගේ විරෝධය මහින්ද මහත්තයටත්, බැසිල් මහත්තයටත් කිව්වා. මම කියන්නේ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට පොහොට්ටුව ලකුණින් තරග කරන්න ඉඩ දිය යුතු නෑ. එහෙම එනවාට අපේ පාක්ෂිකයෝ කැමති නෑ. හැබැයි මම මේක දකින්නේ දිට්ඨධම්ම වේදනීය කර්මය ඵලදීමක් විදිහටයි. එදා පක්ෂයක් පිහිටෙව්වොත් පාරක් පාරක් ගාණේ ඇවිද්දවනවා කියපු මෛත්‍රීපාල ජනාධිපතිතුමාට අද ඒ පක්ෂයේ ප්‍රධානත්වයෙන් පිහිටවපු සන්ධානයේ සභාපතිකම ගන්න වෙලා තියෙනවා. ඔහුට එහෙම වුණ එක ගැන මට තියෙන්නේ සතුටක්. නමුත් ඔහුව එකතු කරගෙන මැතිවරණයට යාම පිළිබද ව මම එදත්, අදත්, හෙටත් විරුද්ධයි. ’

  • ශ‍්‍රී ලංකාවේ සිසුන් ‘ඇත්තටම’ පාසල් යන දින ගණන දැන ගන්න කැමතිද ?

    ශ‍්‍රී ලංකාවේ සිසුන් ‘ඇත්තටම’ පාසල් යන දින ගණන දැන ගන්න කැමතිද ?

    වසරේ දින 365 ඇතුළත සති අන්තයන් හැරුණු විට පාසල් පැවැත්වෙන දින ගණන 200ක් බවත්, එම දිනයන්හි ද පාසල් පැවැත්වෙන්නේ දිනකට පැය හය බැගින් වන නිසා සම්පූර්ණ වසර පුරා දරුවන් පාසල තුළ ගත කරන නිල කාලය පැය 1200ක් පමණක් බවත් ඒ අනුව සලකා බලනවිට එය දින පනහක් පමණක් බවත් අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

    ලෝකයේ වෙනත් රටවලට සාපේක්ෂ ව එය ඉතා අඩු කාලයක් බව ද සඳහන් කරන අමාත්‍යවරයා, එසේ තිබිය දීත් ප්‍රාථමික ශ්‍රේණිවල සිට ම දරුවන්ගේ දැනුම විභාග මතින් පරීක්ෂා කිරීමට තවමත් අප යොමුව සිටීම වෙනස් විය යුතු තත්ත්වයක් බවත්, පින්ලන්තය වැනි ලෝකයේ අධ්‍යාපනය අතින් දියුණු රටවල ප්‍රාථමික පන්තිවල දී දරුවන්ගේ දැනුම මැන බලන්නේ ක්‍රියාකාරකම් හරහා බව ද පෙන්වා දුන්නේ ය.

    අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, පසුගිය දා මාතර දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී ජනතාව වෙත නිවාස ලබාදීම සඳහා මුල්ගල තැබීමේ උත්සව අවස්ථාවකට එක්වෙමිනි.

    රටේ සියලු රැකියා විරහිත උපාධිධාරීන් වෙත රැකියා ලබාදීම අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ ද ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ද සුවිශේෂ අභිප්‍රායක් වූ බවත්, විශේෂයෙන් ම පසුගිය ආණ්ඩු සමයේ මෙන් පාට, පක්ෂ, දේශපාලන හිතවත්කම්, ආදී භේද නොසලකා සියල්ලන්ට රැකියා ලබාදෙන බවත්, ඔවුන් අතරින් ඉංග්‍රීසි, ගණිතය, විදේශ භාෂා, සෞන්දර්ය, විද්‍යාව, තාක්ෂණය, ආදී විෂයයන්ගෙන් උපාධි ලැබූ සියලු උපාධිධාරීන් වෙත ගුරු පත්වීම් ලබාදීමට කටයුතු කරන බවත්, ඒ අනුව ඉදිරියේ දී මෙරට පාසල් පද්ධතියි තුළ දැනට පවත්නා ගුරු හිඟය තුරන් කළ හැකිවනු ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

  • ගෝඨා තවත් ඡන්ද පොරොන්දුවක් ඉටුකරයි

    ගෝඨා තවත් ඡන්ද පොරොන්දුවක් ඉටුකරයි

    අමෙරිකානු එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව සම අනුග්‍රහය යටතේ ජීනිවා මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කළ 30/1,40/1 යෝජනාවලින් ශ්‍රී ලංකාව ඉවත් වීමට කැබිනට් අනුමැතිය ලැබුණු බව සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවා.

    රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (20) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ගුණවර්ධන මහතා මේ බව පැවසුවා.

    විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වූ බවයි බන්දුල ගුණවර්ධන ඇමතිවරයා සදහන් කළේය.

    ඒ අනුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කළ 30/ 1 හා 40/ 1 යන යෝජනාවලින් ශ‍්‍රී ලංකා රජය ඉවත් වීමට නියමිතයි.