Category: සුපිරි Walks

  • එයාර් බස් ගනුදෙනුව ගැන අහන්න ‘කෝප්’ සැරසෙයි

    එයාර් බස් ගනුදෙනුව ගැන අහන්න ‘කෝප්’ සැරසෙයි

    පසුගිය දිනවල වැඩි කතාබහට ලක්වු එයාර් බස් ගනුදෙනුව පිළිබද සාකච්ඡා කිරීම සදහා  ශ්‍රී ලංකන් ගුවන් සමාගම කෝප් කමිටුවට ලබන 19 වන දා කැදවන බව පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ (COPE) සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා අද පාර්ලිමේන්තු මාධ්‍ය මධ්‍යස්ථානයේදී පැවසීය.

    මීට අමතරව ලබන 18 වන දින විදේශ සේවා නියුක්ති කාර්යාංශය ද 20 වන දින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද  කෝප් කමිටුවට කැදවනු ඇත.විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය  පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමේදී කැදවීමට යෝජනාවී  තිබිණි.

    ශ්‍රි ලංකන් ගුවන් සමාගමේ නිලධාරීහු තමන් අලුතින් පත්වු නිලධාරි මඩුල්ලක් බැවින් මේ සම්බන්ධව අධ්‍යයනය කිරීමට කල් ඉල්ලා මෙම දිනය වෙනුවට වෙනත් ඉදිරි දිනයක් ලබා දෙන ලෙස ලිපියක් මගින් ඉල්ලීමක් කර තිබුණ ද කෝප් කමිටු සාමාජිකයන් විසින් එය ප්‍රතික්ෂේප කොට එදිනට (19) පැමිණෙන ලෙස දන්වා ඇති බව ද හදුන්නෙත්ති මහතා පැවසීය.

    මීට පෙර කෝප් කමිටුවේ  සාකච්ඡාවට බදුන්වු එයාර් බස් ගනුදෙනුව පිළිබද පසුගිය කාලයේ වැඩි කතා බහට ලක්වු බැවින් ශ්‍රි ලංකන් ගුවන් සමාගම ද කැදවා මේ පිළිබදව සාකච්ඡා කිරීමට  කමිටුව තීරණය කළ බවත් මෙම එයාර් බස් ගනුදෙනුවට අදාළව වාර්තා දෙකක් ද පාර්ලිමේන්තුවට මීට පෙර කෝප් කමිටුව මගින් ඉදිරිපත් කළ බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

  • පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදන ව්‍යවසායකයන්ට EDB අතහිත

    පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදන ව්‍යවසායකයන්ට EDB අතහිත

    පාවහන් සහ සම්භාණ්ඩ නිෂ්පාදකයන්ගේ සංගමය හා එක්ව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ව්‍යවසාය සංවර්ධන, කර්මාන්ත සහ සැපයුම් කළමණාකරණ අමාත්‍යාංශය, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය හා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය 12 වන වරටත් සංවිධානය කරනු ලැබූ පාවහන් සහ සම්භාණ්ඩ ප්‍රදර්ශනය පසුගිය 7, 8, 9 යන දිනවල දී කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍ර‍ණ ශාලාවේ දී පැවැත්විණි.

    ඒ සඳහා පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදන අංශයේ ව්‍යවසායකයන් ගණනාවක් සහභාගී වූ අතර නව අපනයන කරුවන් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන යටතේ සංවර්ධනය කිරීම සදහා තොරාගත්  ගත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් දස දෙනෙකු සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පහසුකම් සපයන ලදී.

    Eesha Products, Creative Patch Work and Fashion, Wilowi Shoes, Lily Shoes, Idea Shoes, N.S.H. Shoes, Galabadawatte Shoe Industry, Sadipa Shoe Mart, Jeewanthi Footwear, Chathurya Shoe Mart යන නිෂ්පාදන ආයතන ඒ සදහා සහභාගී වූහ.

    ප්‍ර‍දර්ශනය පැවැත්වුණු තෙදින පුරා අපනයන සංවර්ධන මණ්ඩලයේ පූර්ණ අනුග්‍ර‍හය යටතේ සිය නිෂ්පාදනයන් අලෙවි කිරීම සහ ප්‍ර‍දර්ශනයට ඉහත සඳහන් තෝරාගත් පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදකයන්ට අවකාශය සලසා තිබුණි. එහි දී රුපියල් මිලියන 2.2ක ආදායමක් ලබා ගන්නට ද, එක් නිෂ්පාදකයෙක් සඳහා එක්සත් රාජධානියේ අපනයන ඇණවුමක් සලසා ගන්නට ද හැකි විය. ශ්‍රී ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය(IDB) විසින් පැවැත් වූ පස්දින වැඩමුළුවට අපනයන සංවර්ධන මණ්ඩලයේ(EDB) අනුග්‍ර‍හය යටතේ සහභාගී වීමට ද මෙම ව්‍යවසායකයන්ට අවකාශ සැලසිණි.

    පුරා වසර11ක් පැවැති මෙම ප්‍රදර්ශනය මගින් දේශීය හා විදේශීයව ශ්‍රී ලංකා පාවහන් සහ සම්භාණ්ඩ කර්මාන්තය පිළිබඳ දැනුවත් කිරීම සඳහා අතිවිශාල දායකත්වයක් සපයන ලදී.  ප්‍රදර්ශන කුටි 230කින් සමන්විත වූ මෙවර ප්‍රදර්ශනය විශේෂ ඉන්දියානු සැපයුම්කරුවන්ගේ ප්‍රදර්ශනාගාරයකින් ද සමන්විත විය. දිවයිනේ ප්‍රමුඛ පෙලේ  පාවහන් සහ සම්භාණ්ඩ නිෂ්පාදකයන් සියලු දෙනා සහභාගී වන මෙම ප්‍රදර්ශනයේ දී ක්ෂෙත්‍රයේ  ප්‍රවර්ධනයට  ඉමහත් දායකත්වයක් සැපයූ ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ගේ පහසුව සඳහා අපනයන තත්වයේ පාවහන් සහ සම්භාණ්ඩ ඉතා පහසු මිලට ලබා ගැනීමට ද අවස්ථාව සලසා දෙන ලදි.

  • අමාත්‍යාංශයෙන් සිදුවන මහජන පීඩාවට විසඳීමට ප‍්‍රසන්න ගත් පියවර

    අමාත්‍යාංශයෙන් සිදුවන මහජන පීඩාවට විසඳීමට ප‍්‍රසන්න ගත් පියවර

    කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍යංශයට අයත් ආයතනවලට අදාළ පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශනය සදහා විශේෂ විමර්ශන ඒකකයක් ස්ථාපිත කෙරේ. ඒ සදහා කඩිනමින් පියවර ගන්නා ලෙස කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අමාත්‍යංශ ලේකම්වරියට අද (11) උපදෙස් දුන්නේය.

    කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍යංශය යටතට ආයතන 08 ක් ඇතුළත් වේ. ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම, ශ්‍රී ලංකන් ගුවන් සමාගම, සිවිල් ගුවන් සේවා අධිකාරිය, සංචාරක සංවර්ධන අධිකාරිය, සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, සංචාරක හෝටල් කළමණාකරණ පුහුණු ආයතනය හා ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශය, අපනයන සංවර්ධන මණ්ඩලය එම ආයතන වේ.  

    මෙම ආයතනවලට අයත් කාර්යවලදී හා මෙම ආයතනවලට සම්බන්ධ කටයුතු වල දී මහජනතාව පීඩාවට පත්වීම් සම්බන්ධයෙන් තමන්ට විවිධ පැමිණිලි ලැබී ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙයි. එමෙන් ම මෙම ආයතනවල අභ්‍යන්තර කටයුතු සමිබන්ධයෙන් ද තමන්ට විවිධ පැමිණිලි ලැබී ඇතැයි පෙන්වා දෙන ඇමතිවරයා මේ සම්බන්ධව විධිමත් පරීක්ෂණ පවත්වා ඒ පිළිබද කඩිනම් පියවර ගැනීමේ අවශ්‍යතාවයද පෙන්වා දුන්නේය.

    ගුවන් තොටුපළ තුල දී මගීන් මුහුණ දෙන ගැටළු, සංචාරකයන්ට සිදුවන අතවර හා ඒ සම්බන්ධ පැමිණිලි, ශ්‍රී ලංකන් ගුවන් යානා වල දී මගීන් මුහුණ දෙන ගැටළු, ආයෝජකයන් මුහුණ දෙන ගැටළු, නිදහස් වෙළද තලාප වල පවතින ගැටළු සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි පිළිබද විමර්ශනය කිරීම  මෙම ඒකකයට පැවරේ.

  • වත්මන් කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් පාසල් සඳහා නිර්දේශ

    වත්මන් කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් පාසල් සඳහා නිර්දේශ

    මේ දිනවල පවත්නා දැඩි හිරු රශ්මිය සහ ඒ හේතුවෙන් මතුව ඇති අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්ත්වය හමුවේ පාසල් මට්ටමින් ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධ ව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශය විසින් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත නිර්දේශ ලබා දී ඇත.

    පවත්නා අධික උෂ්ණත්වය හේතුවෙන් ආතතිය, මස් පිඩු පෙරලීම, සිහි මූර්ච්ඡාව, හෘද රෝග හා පෙනහලු රෝග වැනි නිදන්ගත රෝග උත්සන්න වීමක් දක්නට ලැබෙන බවත්, මෙවැනි සංකූලතා ඇතිවීමට ලක්වන අවදානම් කණ්ඩායමක් ලෙස ළමුන් හඳුනාගෙන ඇති බවත් එමඟින් පෙන්වා දී තිබේ.

    ඒ අනුව, ඉහත සංකූලතාවන්ගෙන් පාසල් දරුවන් ආරක්ෂා කරගැනීමට පහත ක්‍රියාමාර්ග ගැනීම යෝග්‍ය බව ද සෞඛ්‍ය කාර්යාංශය දන්වා සිටියි.

    නිතර නිතර ජලය පානය කිරීම, සීනි අධික බීම භාවිතයෙන් වැළකීම, එළිමහනේ සිටින විට ඔලුව වැසෙන සේ තොප්පි පැළඳීම, එළිමහනේ ගමන්කරන සෑමවිට ම කුඩයක් පාවිච්චි කිරීම, අනවශ්‍ය පරිදි එළිමහනේ ගැවසීම අවම කිරීම, ලා පැහැති සැහැල්ලු ඇඳුම් ඇඳීම, අධික රස්නය ඇතිවිට මුහුණේ සහ අත්වල වතුර ගෑම, දෛනික ව වඩාත්ම උෂ්ණත්වය වැඩි වන කාල පරාසය වන පෙ.ව. 11.00 හා ප.ව. 3.00, 3.30 තුළ එළිමහනේ අධික දහඩිය දමන ව්‍යායාම නොකිරීමට ද ඒ අනුව උපදෙස් ලබා දෙන ලෙස දැනුම් දී තිබේ.

    එමෙන් ම, පාසල තුළ බීමට ජලය ඇති පමණ සපයා තිබීම, හැකිනම් කඩදාසිවලින් සෑදූ අවානක් රැගෙන ඒමට උපදෙස් දීම, විශේෂයෙන් ම පාසල්වල ප්‍රථමාධාර කණ්ඩායම් මේ සම්බන්ධ ව දැනුවත් කර හා පුහුණු කර තිබීම, ළමුන් හා ගුරුවරුන් ද දැනුවත් කිරීම, සෞඛ්‍ය ගැටළු මූලික අවස්ථාවේ දී ම හඳුනාගනිමින් ප්‍රථමාධාර ලබාදීම හා ගැටළුසහගත අවස්ථාවල දී වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීම, ශරීරය වියළීම වළක්වා සිසිල් කරගැනීමට පන්ති මට්ටමෙන් ජල බඳුන් තැබීම, පන්ති කාමර සඳහා වාතාශ්‍රය හොඳින් ලැබීමට දොර ජනෙල් විවෘත ව තැබීම, රෝගී තත්ත්වයන් සහිත දරුවන් සුව වන තෙක් පාසලට නොඑවීමට දෙමාපියන් දැනුවත් කිරීම ට ද පාසල් මට්ටමින් පියවර ගත යුතුය.

  • වසංගත රෝග විද්‍යා ඒකකයෙන් ‘කොරෝනා ගැන සහතිකයක්’

    වසංගත රෝග විද්‍යා ඒකකයෙන් ‘කොරෝනා ගැන සහතිකයක්’

    ශ‍්‍රී ලංකාව තුළ නව කොරෝනාවෛරසය පැතිර යාම පාලනය කර ඇති බවත් මීට පෙර හමුවූ වෛරසය ආසාදිත චීන ජාතික කාන්තාව හැර වෙනත් කිසිදු ආසාදිතයෙකු මෙතෙක් හමුවී නොමැති බවත් වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර පවසනවා.

    මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් සමරවීර මහතා කියා සිටියේ කොරෝනා වෛරසය පැතිරීම පාලනයට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.

    නව කොරෝනා වෛරසය ආසාදිත තවත් පුද්ගලයින් ශ්‍රී ලංකාවෙන් හමුවී ඇති බවට පළ වී ඇති ‘අසත්‍ය ප්‍රකාශ පදනම් විරහිත’ ඔහු සදහන් කළා. දියතලාව රැඳවුම් මධ්‍යස්ථානයේ තත්ත්වය ගැන අදහස් දක්වමින් සමරවීර මහතා කියා සිටියේ මේ වන විට දියතලාව රැඳවුම් මධ්‍යස්ථානයේ පුද්ගලයින් 33 දෙනෙකු රැඳී සිටින අතර ඔවුන් සති දෙකක කාලයක් එහි රැඳී සිටිය යුතු බවයි. ඔවුන්ගේ සති දෙකක ලබන සෙනසුරාදා (15* සම්පූර්ණ වන බව කී සමරවීර මහතා ආරක්ෂක හමුදාවලට අනුයුක්ත වෛද්‍ය කාර්ය මණ්ඩලයක් යටතේ ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය දෛනිකව නිරීක්ෂණය කෙරෙන අතර ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය නිරන්තර අවධානයෙන් පසුවන බව ද සඳහන් කළේය. ‘අපි නිතර ඒ ගැන අවධානයෙන් ඉන්නේ. මේ වන තෙක් දියතලාවේ සිටින කිසි ම පුද්ගලයෙකුට රෝග ලක්ෂණ තියෙන බව වාර්තා වෙලා නැහැ. සති දෙකක් ගත වෙන තුරු අපි ඔවුන්ව නිරීක්ෂණය කරනවා’ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කළේය. ශ්‍රී ලංකාවේ සේවය කරන චීන ජාතිකයින් ඔවුන් සේවය කරන සහ නවාතැන් ගෙන සිටින ස්ථානවලදී ම නිරන්තරයෙන් නිරීක්ෂණයට ලක්වන බවත් ඒ සඳහා ප්‍රාදේශීය වෛද්‍ය පරීක්ෂකවරුන් යොදවා ඇති අතර රෝගීන් ඇත්නම් ඒ සම්බන්ධයෙන් කඩිනමින් දැනුම් දෙන ලෙසට උපදෙස් දී ඇතැයි ද වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂවරයා වැඩි දුරටත් ප‍්‍රකාශ කළේය.

  • සංචාරක හා ආයෝජන ප්‍රවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකාව හා ජර්මනිය අතර ඒකාබද්ධ වැඩපිළිවෙලක්

    සංචාරක හා ආයෝජන ප්‍රවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකාව හා ජර්මනිය අතර ඒකාබද්ධ වැඩපිළිවෙලක්

    මෙරට සංචාරක හා ආයෝජන ප්‍රවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකාව හා ජර්මනිය අතර ඒකාබද්ධ වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවේ. කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍යංශය හා මෙරට ජර්මානු තානාපති කාර්යාලය එක් ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.

    කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා සහ මෙරට ජර්මානු තානාපති ජෝර්න් රොහේඩ් (Jorn Rohde) මහතා අතර පසුගිය දා (10) පැවති සාකච්ඡාවක දී මෙම එකගතාවයට එළඹිණ.

    ජර්මනිය මෙරට සංචාරක හා ආයෝජන ක්ෂේත්‍රයන්ට වැඩි දායකත්වයක් දැක්වීමට කැමැත්තෙන් සිටින බවත් ඒ සදහා එරට සංචාරක නියෝජිත ආයතන හා ආයෝජකයන් සහ මෙරට බළධාරින් අතර ද්විපාර්ශවික සාකච්ඡා ඇරඹීමට සුදානම් බවත් ජර්මානු තානාපතිවරයා මෙහි දී කියා සිටියේ ය. ජර්මානු සංචාරකයන් මෙරට සුන්දර වෙරළ ආශ්‍රිත සංචාරයට මෙන්ම මෙරට සංස්කෘතික හා පුරාවිද්‍යා වටිනාකම් සහිත ස්ථාන නැරඹීමට ද වැඩි කැමැත්තක් දක්වයි. එමෙන් ම එරට ආයෝජකයන් ද මෙරට නව කර්මාන්තශාලා ඇරඹීමේ අපේක්ෂාවෙන් සිටින බව ද ජර්මානු තාතාපතිවරයා කීවේය.

    ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහි දී පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාව  සංචාරක මධ්‍යස්ථානයක් ලෙස ලොව පුරා ප්‍රචලිත කිරීමට අපේක්ෂා කරන බවයි. මේ සදහා ලොව පුරා සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. නවීන ඩිජිටල් තාක්ෂණය හා නව සන්නිවේදන ප්‍රවණතා හදුන ගනිමින් මෙම වැඩසටහන් ක්‍රියාත්මක කරන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහි දී අවධාරණය කළේය. මුලින්ම ජර්මනිය, ප්‍රංශය, රුසියාව, චීනය හා ඉන්දියාව වැනි රටවල් කේන්ද්‍ර කර ගනිමින් මෙම ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතය.

    සංචාරකයන් හා ආයෝජකයන් මෙරටට පැමිණීමේ දී ඔවුන් මුහුණ දෙන ගැටළු කීපයක් ද ජර්මානු තානාපතිවරයා මෙහි දී විෂයභාර ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ අවධානයට ලක් කළේය. 2025 වසර වන විට මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව මිලියන 07කට ඉහළ නංවා ගැනීමේ රජයේ ඉලක්කය සපුරාලීමට නම් සංචාරක කලාප ආශ්‍රිතව යටිතල පහසුකම් නංවාලීමට මෙන් ම සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු වීම ද සිදු විය යුතු බව පෙන්වා දුන් ඇමති ප්‍රසන්න රණතුංග මහතා තම රජය දැනටමත් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇතැයි කීවේය.

    මෙම සාකච්ඡාවට සංචාරක හා ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් මරීනා මොහොමඩ්, කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයේ ලේකම් මාපා පතිරණ , ආයෝජන  මණ්ඩලයේ සභාපති චම්පිකා මලල්ගොඩ, සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිමාලි ප්‍රනාන්දු යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට සහභාගී වූහ.

  • ‘වියළි කාලගුණය දරුවන්ට හානිකරයි – සෞඛ්‍ය අංශ

    ‘වියළි කාලගුණය දරුවන්ට හානිකරයි – සෞඛ්‍ය අංශ

    මේ දිනවල පවතින අධික රස්නය හේතුවෙන් දරුවන් විජලයට පත්විය හැකි බැවින් වෙනදාට වඩා ජලය පානය කිරීමට උපදෙස් දෙන ලෙස විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා දෙමාපියන්ගෙන් ඇතුළු වැඩිහිටියන්ගෙන් ඉල්ලීමක් කරයි.

    කොළඹ රිජ්වේ ආර්යා රෝහලේ සේවයේ නියුතු විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කරන්නේ විශේෂයෙන් මේ දිනවල පාසල්වල ක‍්‍රීඩා උත්සව පවත්වන බැවින් දරුවන් වැඩි වේලාවක් අව්වේ සිටීම විජලනයට හේතුවක් විය හැකි බවත් එමගින් ‘තාපකම්පන’ තත්ත්වයක් ඇති විය හැකි බවයි.

    ‘මේ තත්ත්වය සෑම වසරකම මේ කාලය තුළ සුලභව සිදුවන දෙයක්. මොකද සියලූම පාසල්වල මේ කාලයේ නිවාසාන්තර ක‍්‍රීඩා උත්සව තිබෙනවා. ළමුන් සිටිනේනේ එළියේ. ඔවුන් අධික ලෙස වෙහෙසෙනවා. ඒ නිසා දෙමාපියන් වගේම ගුරුවරුන් ද මේ ගැන දැඩි අවධානය යොමු කළ යුතුයි’

    මේ සඳහා වන විකල්පයක් ලෙස විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කරන්නේ වෙනත් දිනවල දරුවන් ස්නානය කිරීමට යොදවන කාලයට වඩා වැඩි කාලයක් ඒ සඳහා යෙදවිය යුතු බවයි.
    ‘මේ වියළි කාලගුණය සමග දුවිල්ලත් වැඩියෙන් තිබෙනවා. ඒ නිසා ඇදුම හො ශ්වසන අපහසුතා ඇති දරුවන් ගැන වැඩියෙන් සැලකිලිමත් විය යුතුයි. ඔවුන්ට මේ තත්ත්වය පැහැදිලිව ඔරොත්තු දෙන්නේ නැහැ’ යැයි ද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කළේය.

  • යෝජිත පිදුරුතලාගල රෙඩාර් ටෙන්ඩරයට ප‍්‍රංශ බලපෑම්: ඇමති නියෝගයෙන් පරීක්ෂණ

    යෝජිත පිදුරුතලාගල රෙඩාර් ටෙන්ඩරයට ප‍්‍රංශ බලපෑම්: ඇමති නියෝගයෙන් පරීක්ෂණ

    ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම මගින් පිදුරුතලාගල කදු මුදුනෙහි ස්ථාපිත කිරීමට යෝජිත රේඩාර් පද්ධතිය සදහා වන ටෙන්ඩරය සම්බන්ධයෙන් අමාත්‍යංශය වාර්තාවක් කැදවයි. කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි අමාත්‍යංශ ලේකම් එස්.එම්. මොහොමඩ් මහත්මිය විසින් මෙම වාර්තාව කැදවා තිබේ.

    මේ සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් සිදු කර සති 02 ක් තුළ මෙම වාර්තාව ලබා දෙන ලෙස අමාත්‍යංශ ලේකම්වරිය විසින් ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සභාපතිවරයාට ලිඛිතවම දැනුම් දී ඇත.

    පිදුරුතලාගල රේඩාර් පද්ධතිය ස්ථාපිත කිරීමේ ටෙන්ඩරයට ලංසු ඉදිරිපත් කර ඇති ප්‍රංශ සමාගමක නිළධාරින් දෙදෙනෙකු  මෙම ටෙන්ඩරය ලබා ගැනීමට විවිධ බලපෑම් සිදු කරන බවට ඇමති ප්‍රසන්න රණතුංග මහතා වෙත පැමිණිලි ලැබී තිබිණි.

    ප්‍රංශ සමාගමට අමතරව තවත් රටවල් 02 ක සමාගම් 02 ක් ටෙන්ඩර් ඉදිරිපත් කර ඇති බවත් එම ලංසු ප්‍රංශ සමාගමේ ලංසුවට වඩා අඩු බවත් අදාළ පැමිණිල්ලේ සදහන්ව තිබිණ.

  • විශ්වවිද්‍යාල පාඨමාලා යාවත්කාලීන කිරීමේදී ‘සුළු පිරිසකගේ විරෝධතා වැදගත් නෑ – ජනපති

    විශ්වවිද්‍යාල පාඨමාලා යාවත්කාලීන කිරීමේදී ‘සුළු පිරිසකගේ විරෝධතා වැදගත් නෑ – ජනපති

    විශ්ව විද්‍යාල පාඨමාලා රැකියා වෙළෙඳපොළට ගැළපෙන අයුරින් සකස් විය යුතුය. එහිදී දේශපාලන කණ්ඩායම් හෝ සුළු පිරිසකගෙන් එනවිරෝධතා සැලකිල්ලට ගත යුතු නැහැ. ජාතිය පාවා දීමට කිසිසේත් ඉඩ දෙන්න බැහැ. රට නිවැරදි මගට ගැනීමට සෘජුව ක්‍රියාත්මක වන්න – ජනාධිපති

    ”විශ්ව විද්‍යාල පාඨමාලා රැකියා වෙළෙඳපොළට ගැළපෙන අයුරින් සකස් විය යුතුය. එහිදී දේශපාලන කණ්ඩායම් හෝ සුළු පිරිසකගෙන් එනවිරෝධතා සැලකිල්ලට ගත යුතු නැහැ. ජාතිය පාවා දීමට කිසිසේත් ඉඩ දෙන්න බැහැ. රට නිවැරදි මගට ගැනීමට සෘජුව ක්‍රියාත්මක වන්න” ජනාධිපතිතුමා උපකුලපතිවරුන්ගෙන් ඉල්ලා සිටියේය.

    දේශීය හා විදේශීය රැකියා වෙළෙඳපොළට ගැළපෙන අයුරින් විශ්ව විද්‍යාල විෂය නිර්දේශ සංශෝධනයට කඩිනම් පියවර ගන්නැයි ජනාධිපතිතුමා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිලධාරීන් සහ උපකුලපතිවරු සමග අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී උපදෙස් දුන්නේ ය.

    උසස් බුද්ධියකින් යුත් නවීන තාක්ෂණය සමග පෙරට යා හැකි ශ්‍රම බලකායක් අපේ රටේ සිටිති. සරල ක්‍රම තුළින් රැකියා වෙළෙඳපොළට ගැළපෙන අයුරින් ඔවුන් හැඩ ගැස්වීමේ හැකියාව අප සතු  බව තමා තරයේ විශ්වාස කරන්නේ යැයි ජනාධිපතිතුමා සඳහන් කළේය.

    සංචාරක ව්‍යාපාරය, කෘෂිකර්මාන්ත හා වැවිලි සහ තාක්ෂණය මුල්කරගත් රැකියා උත්පාදනයෙන් රටට වේගවත් ආර්ථික වර්ධනයක් ලඟාකරගත හැකිය. වෛද්‍ය, ඉංජිනේරු, හෙද සහ  තොරතුරු තාක්ෂණය ඇතුළු ක්ෂේත්‍ර රැසක රැකියා විශාල ප්‍රමාණයක් ඇත.  ඊට සුදුසු පිරිසක් විශ්ව විද්‍යාල තුළින් බිහි නොවීම බරපතල ගැටලුවකැයි ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

    මේ සියල්ල සැලකිල්ලට ගනිමින් උසස් පෙළ සමත් වන දරුවන්ට තෘතීයික අධ්‍යාපනය ලබාදිය යුතුය. කලා උපාධි පාඨමාලා සමග තොරතුරු තාක්ෂණය හා අන්තර්ජාතික භාෂාවක් හැදෑරීමට සැලැස්වීමෙන් ඉදිරි තෙවසර තුළ කඩිනම් ප්‍රගතියක් අත්කරගත හැකි බව ද ජනාධිපතිතුමා පැවසීය.

    “පාසලේ සිට උපාධිය දක්වා සෑම දරුවෙකුටම නායකත්වය පිළිබද පරිචයක් සහ අභියෝග ජය ගැනීමේ හැකියාව ලබාදීම වැදගත්. ඒ සඳහා විශ්ව විද්‍යාල පාඨමාලා රැකියා වෙළෙඳපොළට ගැළපෙන අයුරින් සකස් විය යුතුය. එහිදී දේශපාලන කණ්ඩායම් හෝ සුළු පිරිසකගෙන් එනවිරෝධතා සැලකිල්ලට ගත යුතු නැහැ. ජාතිය පාවා දීමට කිසිසේත් ඉඩ දෙන්න බැහැ. රට නිවැරදි මගට ගැනීමට සෘජුව ක්‍රියාත්මක වන්න” ජනාධිපතිතුමා උපකුලපතිවරුන්ගෙන් ඉල්ලා සිටියේය.

    ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සැකසීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපති රාජපක්ෂ මැතිතුමා ඒ සඳහා අවශ්‍ය වුවහොත් ජනමත විමසුමකට හෝ යා යුතු බවත්, එවිට ආණ්ඩු හෝ ඇමතිවරු මාරු වන විට  ප්‍රතිපත්ති වෙනස් නොවනු ඇති බවත් පෙන්වා දුන්නේය.

    “පාඨමාලා අනුව සිසුන් බඳවා ගැනීමේ අයිතිය විශ්ව විද්‍යාලවලට තිබෙන්න ඕන. නව විශ්ව විද්‍යාල බිහි කිරීම සහ පවතින අඩු පාඩු විසඳීම විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ කාර්යයක්. නව පාඨාමාලා සදහා සිසුන් යොමු කිරීමේ මාර්ගෝපදේශනයට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව වැනි පරිශ්‍ර  යොදා ගන්න අධ්‍යාපන අමාත්‍යාංශයට පිළිවන්”. ජනාධිපතිතුමා පැවසීය.

    කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නීතිවේදී පාඨමාලාව හදාරන සිසුන්ට නීති විද්‍යාලය පනවා ඇති ඇතැම් රෙගුලාසි ඉවත් කරන්නැයි ජනාධිපතිතුමා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

    විශ්ව විද්‍යාලය ප්‍රතිපාදන කොමිෂන් සභාව විශ්ව විද්‍යාල පරිපාලනයට සීමා නොවී සමස්ත අධ්‍යාපන ක්‍රියාවලියට වගකියන සහ සොයා බලන ආයතනය බවට පත්වීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

    විශ්ව විද්‍යාල සදහා වෙන් කරන ප්‍රතිපාදන විශාල ගොඩනැගිලි ඉදිකිරීමට වැය කරනු වෙනුවට අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවෙන පර්යේෂණ සහ අධ්‍යයන මෙන්ම තාක්ෂණික මෙවලම් වෙනුවෙන් වැය කිරීමේ වැදගත්කම එතුමා පැහැදිළි කළේය.

    විශ්ව විද්‍යාල සිසුන්ගේ තොරතුරු තාක්ෂණ දැනුම වර්ධනය පිණිස මෙන්ම පර්යේෂණ කිරීම සදහා අධිවේගී අන්තර්ජාල පහසුකම් පුළුල් කරන්නැයි ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

    උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග, උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග යන මහත්වරු සහ සියලු විශ්ව විද්‍යාලවල කුලපතිවරු සහ උපකුලපතිවරු මේ අවස්ථාවට එක්ව සිටියහ.

  • සමාජ මාධ්‍යවල ‘වෛරී ප්‍රකාශන’ ඉහළට

    සමාජ මාධ්‍යවල ‘වෛරී ප්‍රකාශන’ ඉහළට

    සමාජ මාධ්‍ය වෙබ් අඩවි වල පරිශීලකයන් අතර සැලකිය යුතු ප්‍රමාණයක් ‘බුර්කාව’ සම්බන්ධ කරගනිමින් වෛරී ප්‍රකාශන හුවමාරු කරගැනීමේ ප්‍රවනතාවයක් ඇතිවී ඇත.

    මෙම අවස්තාව ප්‍රයෝජනයට අරගනිමින් යම් කණ්ඩායම් විසින් තම වාසිය උදෙසා ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණය ඉලක්ක කරමින් කටයුතු කරන බවක් සමාජ මාධ්‍ය අඩවි තුල විශේෂයෙන්ම ෆේස්බුක් වෙබ් අඩවිය තුල නිරීක්ෂණය කිරීමට අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට හැකිවිය.

    පටු දේශපාලන වාසි තකා ඉස්මතුවන මෙවැනි වෛරී ප්‍රකාශන හා අන්තර්ගතයන් සමාජ මාධ්‍ය අඩවි වල හුවමාරු කරගැනීමට යාමෙන් වලකින ලෙස අප සංගමය ශ්‍රී  ලාංකික සමාජ මාධ්‍ය පරිශීලකයන්ට දැනුම් දෙමු.

  • රන්ජන්ගේ ගිනි අවියෙන් ගිනි පත්තුවෙයි..! රන්ජන්ට බඩු බනිස් වන ලකුණු

    රන්ජන්ගේ ගිනි අවියෙන් ගිනි පත්තුවෙයි..! රන්ජන්ට බඩු බනිස් වන ලකුණු

    රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ නිවසේ තිබී හමුවූ බලපත්‍ර අලුත් නොකළ ගිනි අවිය සක්‍රීය ව භාවිතා කර ඇති බව රජයේ රස පරීක්ෂකවරයාට නිරීක්ෂණය වී ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසය අද (07) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ප්‍රකාශ කළේය.

    අදාල නඩුව කැඳවූ අවස්ථාවේදී කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුරටත් ප්‍රකාශ කළේ අදාල ගිනි අවිය භාවිත කර යම් අපරාධයක් සිදුකර ඇත්තේa ද යන්න විමර්ශනයක් කරන බවයි.

    ඔහු අද දහවල් 12ට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට රැගෙන ගියේය.

    ඒ මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට පත්වූ අවස්ථාවේදී බලපත්‍ර අලුත් නොකළ ගිනි අවිය සහ ජීව උණ්ඩ 118ට අදාල නීති කෘත්‍යය අද යළි කැදවූ අවස්ථාවට ඉදිරිපත් කිරීම සදහායි.

    කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට පැවසුවේ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 5 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බවයි.

    එමෙන්ම මන්ත්‍රීවරයාගේ ගිනි අවිය සහ ජීව උණ්ඩ 118 සම්බන්ධ රස පරික්ෂක වාර්තාව කොළඹ අපරාධ කොට්ඨාසයට ලැබී ඇති බව එහි නිලධාරීන් මෙහිදී ප්‍රකාශ කළා.

    කොළඹ අපරාධ කොට්ඨාශය පැවසුවේ, රස පරීක්ෂක වාර්තාවට අනුව, ගිනි අවිය සක්‍රීයව භාවිතා කර ඇති බවටත් ඉන් වෙඩි බෙහෙත් සුවඳ වහනය වූ බවටත් රස පරීක්ෂක වාර්තාවේ සඳහන් බවයි.

    ඒ අනුව අදාල ගිනි අවිය භාවිත කර යම් අපරාධයක් සිදුකර ඇත්තේ ද යන්න පිළිබඳ විමර්ශනයක් සිදුකරන බව එම නිලධාරීන් අධිකරණයට ප්‍රකාශ කළේය.

    ඔවුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ, අදාළ ගිනි අවිය සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තා කැඳවා ඇති නිසා ගිනි අවිය කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාර දෙන ලෙසයි.

    විත්තියේ නීතිඥ අෂාන් ප්‍රනාන්දු මහතා, කොළඹ අපරාධ කොට්ඨාසය භාරයේ තිබෙන සිය සේවා දායකයාගේ නිල ජංගම දුරකථනය සහ සිම් කාඩ් පත මුදා හැරීමට නියෝග කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

    එහිදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරින් පැවසුවේ සැකකරු දුරකථන සංවාද පටිගත කර ඇත්තේ මෙම දුරකථනය හරහා වන බැවින් විමර්ශන අවසන් වනතෙක් එය මුදාහැරීමට නොහැකි බවයි.

    තම සේවාදායකයා මහජන නියෝජිතයෙකු වන බැවින් ඔහුගේ සියලු දුරකථන දත්තයන් සහ දුරකථන සම්බන්ධතා පොලිස් භාරයේ ඇති දුරකතනයේ අඩංගු සිම් කාඩ් පතෙහි අන්තර්ගත වන බැවින් එම සිම් කාඩ්පත් අංකය ට සමාන සිම් පතක් ගැනීමට අවසර දෙන ලෙස රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා යළි අධිකරණයෙන් ඉල්ලීමක් කළා.

    ඒ පිළිබඳව නීතිපති උපදෙස් ගෙන අධිකරණයට දැනුම් දෙන්නැයි කොළඹ අපරාධ කොට්ඨාසයට නියම කළ නුගේගොඩ මහේස්ත්‍රාත් වසන්ත කුමාර මහතා නඩුව ලබන 12 වැනිදාට යළි කැදවීමට නියෝග කළේය.

    අනතුරුව බන්ධනාගාර නිලධාරීන් විසින් සැකකාර මන්ත්‍රීවරයාව අද දින පැවැති පාර්ලිමේන්තු සැසිවාරය සදහා පාර්ලිමේන්තු සංකීර්ණයට රැගෙන ආ අතර එහිදී ඔහු කෝප් කමිටු රැස්වීමට ද සහභාගි විය.

  • කට්ටිය සද්දෙට රඟන අස්සේ තිලංග සද්ද නැතිව වැඩකරන බුවෙක් වෙයි

    කට්ටිය සද්දෙට රඟන අස්සේ තිලංග සද්ද නැතිව වැඩකරන බුවෙක් වෙයි

    “වැඩ කරන රටක්” යන තේමාවෙන් යුතුව බලයට පැමිණි වත්මන් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජයේ මැති ඇමතිවරුන්ගෙන් ඇත්තටම වැඩ කරන ඇමතිවරුන් කීයෙන් කීදෙනෙක් සිටිවාදැ’යි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා .. එකට කඩා පැන සෙව්වාක් මෙන් සෙවිය යුතුයැ’යි අපි සිතමු. ජනාධිපතිවරයාට රට වෙනුවෙන් වැඩ කිරීමට අවශ්‍ය වුවද ඔහු පත් කළ, ඔහු අතින් පත්වීම පනස් ගානක ඇමති මණ්ඩලයෙන් කීයෙන් කීදෙනෙකුට එය අවශ්‍යදැ’යි ඔහුම සොයා බැලිය යුතු කාලය එළෙඹ ඇත. අගමැති මහින්ද සහ කැබිනට් අමාත්‍ය ඩලස් අලහප්පෙරුම හැරුනුකොට අනෙක් කිසිඳු කැබිනට් අමාත්‍යවරයෙකු තමා යටතේ ඇති බලතල, වගකීම් සහ ආයතනවල නිසි පරිදි රාජ්‍ය අමාත්‍යවරුන්ට බෙදා දීඉ නොමැත.

    එවැනි තත්වයක් තුළ රජයේම ඇමතිවරුන් කන්කෙදිරිගාමින් කල් මරද්දී, තාක්ෂණ සහ නවෝත්පාදන රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල පසුගිය සෙනසුරාදා තම ආයතන ප්‍රධානීන් සමඟ එක්ව සිය අමාත්‍යංශයේ වැඩ කටයුතු සිදුකළ ඇතිබවට තොරතුරු වාර්තාවේ.

    ජනාධිපතිවරයා අනුව යමින් වත්මන් රජයේ ඇමතිවරුන්ගෙන් අතලොස්සක් මෙසේ වැඩ කරද්දී බහුතරයක් සිදුකරන්නේ වැඩ වෙනුවට මඩ ගැසීමට තම කාලය විඩඟු කිරීම බව රජයේ සහ රජයට අනුබද්ධ පෞද්ගලික මාධ්‍යවල ප්‍රවෘත්ති විකාශයන් බලද්දී පෙනීයයි.

  • ආතල් ගන්න කලින් බඩු බනිස් වෙයි.. රන්ජගේ ඇපෙන් ගෝඨාගේ ආණ්ඩුවේ රෙදි ගැලවෙයි.. දැන් Voice Cut උස්සන් දඟලයි

    ආතල් ගන්න කලින් බඩු බනිස් වෙයි.. රන්ජගේ ඇපෙන් ගෝඨාගේ ආණ්ඩුවේ රෙදි ගැලවෙයි.. දැන් Voice Cut උස්සන් දඟලයි

    රට වැසියන්ගේ අතමිට සරු රටක්, විනය ගරුක රටක්, සුරක්ෂිත සංවර්ධිත දේශයක් හදන බවට වැල් බයිලා ගසමින් බලයට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ වන විට සිදුකරමින් සිටින්නේ තමාට එරෙහිව එදා දේශපාලන වේදිකාවේ සටන් කළ දේශපාලඥයින් සහ මාධ්‍යවේදීන් දඩයම් කිරීම බව මේ වන විට ගෝඨාට ඡන්දය දුන් සහ නොදුන් ජනතාවට ඔහුගේ ක්‍රියාකලාපය තුලින්ම ඔහු ඇස් පනා පිට ඔප්පු කරමින් සිටින බව පෙනීයයි.

    දේශපාලනිකව පළිගැනීමේ අභිලාෂයෙන් අවසන් කළ නඩු යළි කැඳවමින්, වැල කතා, බඩු කතා ඇති සීඩී පට සොයමින්, මාධ්‍ය හමුවක් කිරීමට අවශ්‍ය අයට ඉඩ පහසුකම් සැපයීම වරදක් බව පෙන්වමින් චෝදනා නැති කමට පිදුරු ගසෙත් එල්ලී අත් අඩංගුවට ගෙන නඩු දමන ගෝඨා ප්‍රමුඛ ආණ්ඩුවේ දඩයම් නාටකය මේ වන විට විකට නාටකයක් බවට පත්ව ඇත. එය සක්සුදක් සේ පැහැදිලි වූයේ කිසිඳු අල්ලස්, දූෂණ චෝදනාවක් අහලකවත් නැති රන්ජන් වැන්නෙකුට රජයෙන්ම ලබාදුන් නීත්‍යානුකූල ගිනි අවියේ බලපත්‍රය කල් ඉකුත් වී ඇතැයි පවසමින් සිදුකළ අත් අඩංගුවට ගැනීමත් සමඟය. කෙසේ වෙතත් අධිකරණයට ඉදිරිපත් කළ ඔහුට පැය 24ක් යන්නත් මත්තෙන් ඇප නියම විය.

    ජනාධිපතිවරණය පෙර වැඩ කරන විරුවා යැයි පැවසූ ගෝඨාභය මේ වන විට දඩයම් කරන විරුවෙකු බවට පත්වෙමින් සිටී. තමාට එරෙහි රටේ ප්‍රබලතම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අත් අඩංගුවට පත්වෙද්දී ජනාධිපතිවරයා වශයෙන් ඒවා ඔහුගේ අනුදැනුමකින් තොරව වූවා යැ’යි පවසමින් කෙසේ නම් අත්මිදෙන්නද..?

    ගෙවී ගිය දින 50 තුළ ගෝඨාගේ දඩයම් ආණ්ඩුව කිසිඳු සැලකිය යුතු සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ නොකළ අතර සිදුකළේ දේශපාලන දඩයම් වලින් මාධ්‍යවල ශීර්ෂපාඨ පිරවීම පමණක් වන අතර මේ වන විට එම නාටකවලට හඬපටද එක් කිරීමට පටන් ගෙන ඇත.

  • බැඳුම්කර හොරු හෙළිකරන වෝහාරික විගණන වාර්තාව රටට හෙලි කරන්න – හිටපු ඇමති රවී පාර්ලිමේන්තුවේ මංගල සැසියේදීම ඉල්ලයි (වීඩියෝ)

    බැඳුම්කර හොරු හෙළිකරන වෝහාරික විගණන වාර්තාව රටට හෙලි කරන්න – හිටපු ඇමති රවී පාර්ලිමේන්තුවේ මංගල සැසියේදීම ඉල්ලයි (වීඩියෝ)

    රට තුල සිදුව ඇති දූෂණ වංචා පිලිබඳව කෝප් කමිටුව විසින් සකස් කරන ලද වෝහාරික විගණන වාර්තාවෙහි ඇති තොරතුරු රටට හෙලි කරන ලෙස එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කලා. වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා මෙසේ පවසා සිටියා.

    “කෝප් කමිටුව විසින් නිකුත් කරන ලද වෝහාරික විගණන වාර්තවේ ඇති කරුණු හැකි ඉක්මනින් රටට හෙලිකරන්න ඕන. බැඳුම්කර සිද්ධිය සම්බන්දයෙන් චූදිතයන් කවුරුන්ද යන්න එමගින් දැනගන්න හැකියාවක් ලැබේවි. ඒ වගේම කෝප් කමිටු සභාපති ධූරයට ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා නැවත පත් කරන්න කියල මම ඉල්ලා සිටිනවා. ඔහු කෝප් කමිටුව තුල ස්වාධීනව පරීක්ෂණ කටයුතු මෙහෙයවන්න ඔහු විශාල දායකත්වයක් දැක්වූවා.

    පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා මේ අදහස් පලකලේ අද අට වන පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය අමතමිනි.

    https://www.facebook.com/NewsfirstSL/videos/1254332058101020/
  • මචං, Is this අම්පිටියේ සුමන.. OR අoපිටියේ සුමන!

    මචං, Is this අම්පිටියේ සුමන.. OR අoපිටියේ සුමන!

    පසුගිය කාලයේ මෙරට වේගයෙන් ව්‍යාප්ත වූ මැර භික්ෂු නිකායේ එක් පාර්ශ්වයක ප්‍රධානයෙක් වන අම්පිටියේ සුමන නම් හිමිනම විසින් වෙනත් ආගමක පුද්ගලයෙකුට පහර දෙමින් අඩන්තේට්ටම් කරන වීඩියෝවක් නිකුත් කර තිබේ. නීතිය අතට ගැනීමේ මැර භික්ෂු සම්ප්‍රදාය දැන් පටිගත කර සමාජ මාධ්‍ය හරහා බෙදා හැරීමට නිර්භීත වන තරමට ඉතිර පැතිර තිබේ. අප ජීවත් වන්නේ ලිඛිත ව්‍යවස්ථාවකින් සම්පාදනය කළ නීති ක්‍රියාත්මක කෙරෙන ශිෂ්ට සමාජයක දැ යි දෙවරක් සිතා බැලීමට සිදු වන තත්වයක් උද්ගත වී තිබේ. මේ පොළා පනිමින් තිබෙන්නේ පසුගිය කාලය පුරා කිසිදු නීතියකින්-රීතියකින් තොරව ඔජ වැඩූ සිංහල බෞද්ධ අන්තවාදයේ කූටප්‍රාප්තිය යි.

    ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති බවට පත්වන්නේ නම් ප්‍රචණ්ඩ බෞද්ධත්වය කරළිගත වනු ඇතැ යි සමහර දෙනා කළ ප්‍රකාශයන් ඉතා ඉක්මනින් සත්‍යය බවට පත් වෙන ලකුණු දකින්නට තිබේ. එහි අලුත් ම ලකුණ ලෙස අසන්නට ලැබෙන්නේ ගේට්ටු ඇණයේ සිට අභ්‍යවකාශ විද්‍යාව දක්වා ඕනෑ ම දෙයක් සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡාවක් තබා සිය අදහස පළ කරන ඉත්තෑකන්දේ සද්ධාතිස්ස නම් හිමිනමට සංස්කෘතික අධ්‍යක්ෂ ධුරයක් ලබා දීම යි. පසුගිය රාජපක්ෂ රජය සමයේ ද විමල් වීරවංශ අමාත්‍යවරයා යටතේ පැවැති නිවාස අමාත්‍යංශයේ වාහන අවභාවිතයක් සම්බන්ධයෙන් මෙකී හිමියන්ට චෝදනා එල්ල වූවා පමණක් නොව ඔහු නායකත්වය දුන් සංවිධානය ද ගිණිය හැක්කේ අන්තවාදී ආගමික සංවිධානයක් ලෙස ය.

    දරුවන්ගේ ලිංගික අධ්‍යාපනය සම්බන්ධයෙන් උක්ත ක්ෂේත්‍රයේ වෘත්තිකයන් ලියූ කෘතියක් මැදගොඩ අභයතිස්ස හිමිනමගේ දැඩි විවේචනයට බඳුන් වූ අතර ඒ මැදිහත් වීම පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සමාජ ජාල පරිශීලකයන් අතින් විවේචනයට ද ලක් විය. පුරවැසියන්ගේ ලෞකික ජීවිතයේ සකලාංශයන්ට ආගමික සංස්ථාවේ නොමනා මැදිහත්වීම් සම්බන්ධයෙන් අප මෙයට කලින් ද බහුල වශයෙන් ලියා තිබේ. ඕනෑම ආගමික සංස්ථාවක් රටෙහි මූලික නීතියට ගරු කරමින් පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය නොවන අයුරෙන් පැවතිය යුතු ය. කවරෙක් හෝ සිය ආගමික සංස්ථාවේ මූලික නියාමයන් පවා උල්ලංඝනය කරමින් හැසිරෙන්නේ නම් එය ආගමික වශයෙන් විසඳා ගැනීම ඔවුන්ට බාර දිය යුතු ය. එසේ ම කවර හෝ ආගමික සංස්ථාවකින් රටේ මූලික නීතිය උල්ලංඝනය වන්නේ නම්, ලංකාව ශිෂ්ට රටක් නම් සිදු විය යුත්තේ වෙනස් ආකාරයකින් සැලකීමකින් තොරව නීතිය ක්‍රියාත්මක කිරීමයි. එය මිනිසුන්ට තුච්ඡ ලෙස පහර දෙන මහණුන්ට සේ ම ආරක්ෂිත හිස්වැසුම් රහිතව යතුරු පැදි ධාවනය කරන පූජයකයන්ට ද එකසේ බලපැවැත්වෙන එකක් විය යුතු ය. කවර හෝ ආගමික සංස්ථාවකට තමන්ට අසාධාරණයක් වනනේ යැ යි හැඟෙන්නේ නම් බාහු බලය යෙදවිම නොව කළ යුත්තේ නීතියේ පිහිට පැතීම යි.

    පළමු නිදහස් උළෙලේ ද ද්විභාෂාවෙන් ගායනය වූ ජාතික ගීය මෙවර සිංහලෙන් පමණක් ගැයෙන බවක් අසන්නට තිබේ. ඒ අවුඅස්සේ අසන්නට දකින්නට ලැබෙන්නේ ද පෙර සඳහන් කළ ආකාරයේ සිදුවීම් ය. සිදුවීම් දිගින් දිගට ම සිදුවෙන්නේ මෙලෙස නම් ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධයෙන් ප්‍රතිපක්ෂයෙන් ඉදිරිපත් කළ පුරෝකථන ඉතා ඉක්මනින් යථාර්ථයක් වනු දකිත හැකි ය.

    සඳුන් ප්‍රියංකර විතානගේ

  • බුදු ස’ ඇති ඔය.. උදා වූ වසන්තේ සදාකල් රැඳේවා!!

    බුදු ස’ ඇති ඔය.. උදා වූ වසන්තේ සදාකල් රැඳේවා!!

    අමු ගොබ්බ වැඩ.බුදු ස’ ඇති ඔය..?

    සිස්ටම් හදන්නලු.
    එන අයට නම්බර් එකක් දෙන්නලු.
    වෙලාවක් දෙන්නලු. වෙලාව එනකම් ඒ මිනිස්සු කොලඹ ඇවිදල වටයක් ගහල එයිලු.
    හුම්…

    ස,

    ඇයි ඔයා ඔහොම? කෘතීම බුද්ධියෙන්, ඔඅරක්ල් ඩේටා බේස් එකෙන් රට කරනව කියල නේ ආවෙ.

    ඕක කරන්න ඕන ස මෙහෙමයි,

    හැම ප්‍රා.ලේ එකකම තියෙනවා රථවාහන අංශයක්.
    ආන්න ඒක දියුනු කරන්න.

    යාපනේ කන්දප්පන්,කරුපයියගෙ ඉදල දකුනෙ කිරින්දෙ අප්පුහාමිත්,උඩටට මැනිකෙල,නිලමෙල හැම එකාම ඔතනට එන්න ඕන වැඩක් කරගන්න ඕන උනාම.

    යාපනේ මිනිස්සු ඊට කලින් දවසෙ ඇවිල්ල කොලඹ කාමරයක් අරන් නැවතිල,පහුදා ඔය කාර්‍යාලයට එන්නෙ වැඩක් කරගන්න. උන් යුද්ධ ප්‍රකාශ නොකර හිටීද?

    හැම ප්‍රාලේ එකකම තියෙන රථවාහන අංශ network කරන්න. VPN එකක් හදල සේර්ම data ශනිකව HO එකේ තියෙන ස ඉගෙන ගත්ත oracle database එකක store වෙන විදියට system එක හදන්න.
    එතකොට මිනිස්සු ඔතනට ඇව්ල්ල රස්තියයාදු ගහන්නෙ නෑ. ප්‍රා.ලේ එකෙන් වැඩ ටික කරන් ගෙදර යන්න පුලුවන්.

    වියත් මගේ උන්ට බැරිනම් අපිට කියන්න. අපි වැඩේ කරල දෙන්නම්.
    මේ වගේ ගොබ්බ වැඩ කරන්න එපා. ස’ ට අවුලක් නැති උනාට වියත්අග ගැන ,ස ගේ පරිඝනක හැකියාව ගැන පාරම් බාබු අපේ පොහොට්ටු මිතුරන්ට අවුල්.
    -චතුර නිලංගගේ ෆේස්බුක් පිටුවෙන්-

    ඉස්මාට් ගව රන්ස් 🧠🧠🧠

    හාල් ගණන් ගියාම ගබඩාවලට නොයා මාකට් යනවා. ලයිසන් පරක්කුවට සිස්ටම් එක හදන්න කොමසාරිස්ට කතා නොකර ලයිසන් ඉෂු කරන කවුන්ටරේට කියනවා..!

    උදා වූ වසන්තේ සදාකල් රැඳේවා!!

    -සඳුන් ප්‍රියංකරගේ ෆේස්බුක් පිටුවෙන්-

    https://youtu.be/nRRBJomjl1Y?t=5