Category: සුපිරි Walks

  • වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමව්පිය හමුවේදී ‘පෙරටුගාමීන්ට’ පා පහර දෙමින් පන්නා දමයි – VIDEO

    වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමව්පිය හමුවේදී ‘පෙරටුගාමීන්ට’ පා පහර දෙමින් පන්නා දමයි – VIDEO

    පසුගියදා රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමව්පිය සංගමයට නව නිලධාරි මණ්ඩලයක් පත් කරගැනීමට කටයුතු කර තිබේ. එහිදී එතෙක් රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමව්පිය සංගමයේ සභාපති ධුරය හෙබවූ වෛද්‍ය හේමන්ත ද සිල්වා මහතා ඉන් ඉවත් කර ඇත.

    සයිටම් අහෝසි කිරීමේ සටන අවස්ථාවේ වෛද්‍ය හේමන්ත ද සිල්වා මහතා අනුගමනය කළ ක්‍රියාමාර්ග හේතුවෙන් දිගින් දිගටම සයිටම් සටන ඇදි ඇදී ගිය බවත් එය විසඳුමක් කරා ගමන්කරනවා වෙනුවට පටු දේශපාන න්‍යාපත්‍රයක් මත ඔහු කටයුතු කළ බවත් එහිදී දෙමව්පියන්ගෙ දැඩි දෝෂදර්ෂනයටද ලක් වී තිබේ.

    නව නිලධාරී මණ්ඩලය පත් කරගැනීමෙන් පසු එම නිලධාරී මණ්ඩලය විසින් රත්නපුර දිස්ත්‍රික්කයේ දෙමාපිය හමුවක් කැඳවා ඇති අතර එම අවස්ථාවටද තමන්ව නැවත රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමයේ සභාපති ලෙස පත්කරන ලෙස ඉල්ලමින් වෛද්‍ය හේමන්ත ද සිල්වා මහතා පැමිණ තිබේ.

    කෙසේ නමුත් එහිදී ඔහුගේ පැමිණීම සම්බන්ධයෙන් උරණ වූ දෙමව්පියන් ඔහුව දැඩි සේ දෝෂදර්ශනයට ලක් කර තිබේ. ඔහු පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ න්‍යාපත්‍රයට අනුව දෙමාපිය සංගමය මෙහෙයවමින් සයිටම් විරෝධී සටන විනාශ කර දැමූ බවට දෙමවුපියන් සෘජුවම ඔහුට ප්‍රකාශ කර තිබේ.

    එදින රත්නපුර දිස්ත්‍රික් දෙමාපියන් කැඳවනු ලැබූවේ සයිටම් ප්‍රශ්නය අවසන්ව නැති බැවිනුත් වෛද්‍ය සිසුන්ගේ මහ පොළ ශිෂ්‍යත්වය කපාදැමීමට එරෙහිව ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටත්ය.

    වෛද්‍ය හේමන්ත ද සිල්වා මහතා මෙම අවස්ථාවට සහභාගී වී එදින සාකච්ඡා කඩාකපල් කරන බව පවසමින් වහාම ඉන් පිටව යන ලෙස දන්වා තිබේ.

    එහිදී දෙමව්පියන් විසින් වෛද්‍ය හේමන්ත ද සිල්වා මහතාට බැනවදින වීඩියෝපටයක්ද අප වෙත ලැබි ඇත.

  • ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම්වරයාට පහරදුන් මන්ත්‍රි සනත් නිශාන්ත සහ සොහොයුරා ඇතුලට…

    ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම්වරයාට පහරදුන් මන්ත්‍රි සනත් නිශාන්ත සහ සොහොයුරා ඇතුලට…

    පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සනත් නිශාන්ත පෙරේරා සහ ඔහුගේ සොහොයුරු ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත පෙරේරා යන දෙදෙනාව මැයි මස 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හලාවත මහාධිකරණ විනිසුරුවරයා අද (19) නියෝග කළා.

    ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම්වරයාට පහර දීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයාට සහ ඔහුගේ සහෝදරයාට එරෙහිව හලාවත මහාධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතින අතර එම නඩුවේදී ඇප ලබා දීමේදී සෑම සතියකම ඉරිදා හලාවත පොලීසියට පැමිණ අත්සන් කළ යුතු බවට කොන්දේසියක් පනවා තිබුණා.

    2017අගෝස්තු මාසයේ සිට පොලීසියට පැමිණ අත්සන් නොකිරීම ඔවුන් දෙදෙනාට එල්ල වූ චෝදනාවයි.

  • ශ්‍රීලනිප හා සන්ධාන පළාත් පාලන නියෝජිත හමුවේදී ජනපති මෛත්‍රිගෙන් අමුතු කතාවක් කරලියට…

    ශ්‍රීලනිප හා සන්ධාන පළාත් පාලන නියෝජිත හමුවේදී ජනපති මෛත්‍රිගෙන් අමුතු කතාවක් කරලියට…

    ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ මෙවර පැවති පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නියෝජිතයින් අතර හමුවක් (18) පෙරවරුවේ කොටුව ජනාධිපති මන්දිරයේ පැවත්විණි.

    ජනාධිපතිතුමා ඇතුඑ පක්ෂ නායකයින් ඉදිරියේ පළාත් පාලන නියෝජිතයින් විසින් පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් සදහා අවංකව සහ කැපවීමෙන් කටයුතු කරන බවට වන පක්ෂයේ ප්‍රතිඥාව ද මෙහිදී ලබා දුන්හ.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර, ෆයිිසර් මුස්තාෆා, දුමින්ද දිසානායක යන අමාත්‍යවරු ද මෙහිදී අදහස් දැක්වූහ.

    ආණ්ඩුකාරවරුන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් මැති ඇමතිවරු, පළාත් ප්‍රධාන අමාත්‍යවරු, දිස්ත්‍රික් හා ආසන සංවිධායකවරු ඇතුඑ මහජන නියෝජිතයින් විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

  • මයෝපති රෝගය නිසා ඔත්පලව සිටියද අධ්‍යාපනයෙන් ජීවිතය ජයගන්න වෙරදරන චාමිනිගේ කතාව මෙන්න..

    මයෝපති රෝගය නිසා ඔත්පලව සිටියද අධ්‍යාපනයෙන් ජීවිතය ජයගන්න වෙරදරන චාමිනිගේ කතාව මෙන්න..

    Chamini Rathgamage පලවෙනි වතාවට මට කතා කලේ බුකියේ මම ලියන සටහන් බලලා. ඇයට මයෝපති රෝග තත්ත්වය නිසා ඇවිද යාමේ හැකියාව අහිමි වූ තරුණියක්. 1993 වසරේ ජූලි මාසේ 10 වැනිදා උපත ලබන ඇය කුඩා කාලේ ඉදන්ම ඇවිද ගියේ යම් යම් අපහසුතා සහිතව. අවුරුදු 12 වෙද්දි ඈ රෝද පුටුවට වැටෙනවා. ආයේ ඇවිද්දවන්න බැරිවෙයි. වෛද්‍යවරු කිව්වේ එහෙම. 

    පාසල් අධ්‍යාපනය විටින් විට මඟහැරුනත් චාමිණි රත්ගම දේවපතිරාජයේ දී දක්ෂතා දක්වපු සිසුවියක්. දෑවුරුද්දක් තමන්ට වඩා බාල තමන්ගේ සොහොයුරියගේ උදව්වත්, පාසලේ අනෙකුත් සිසු සිසුවියන්ගේ උදව්වත්, ගුරුවරුන්ගේ ආශීර්වාදයත් මැද ඈ සාමාන්‍ය පෙල විභාගයට මුහුණ දෙන්නේ 2011 අවුරුද්දේ. “නංගි ඉස්කෝලේ ගේට්ටුව ගාව ඉදන් මාව වඩාගෙන පන්තියට ගියේ. හැමෝම උදව් කලා සර්. මම සාමාන්‍ය පෙල විභාගයට A සාමාර්ථ 09 ක් එක්ක පාස් වුණා. නංගිටත් A 9 ක් තිබුණා. මුළු පාසලේම එහෙම දක්ෂතාවක් පෙන්නුවේ ඒ අවුරුද්දේ අපි දෙන්නා විතරයි.”


    චාමිනී එතැන් සිට සිය මුළු ධෛර්යම යොදවන්නේ වෛද්‍යවරියක් වීමටය. උපකාරක පන්තිවල ලෑලි බංකුවේ වාඩි වී සිට නිවසට පැමිණි පසු මුළු ගතම රිදුම් දුන්නද ඈ අත්හලේ නැත. අම්මාගේ තෙල් සාත්තුවෙන් ගතේ වේදනා නිවාගත් ඈ කෙසේ හෝ උසස් පෙළට මුහුණ දුන්නාය. ඈ 2015 වසරේ දී උසස් පෙල ප්‍රතිඵල ලෙස A සාමාර්ථයක් හා C සාමාර්ථ දෙකක් සමගින් සමත් වන්නීය. වෛද්‍ය විද්‍යාලයට පිවිසීමට එය ප්‍රමාණවත් නොවූවත් ආයුර්වේදය හැදෑරීමට ඈ සුදුසුකම් ලබන්නීය.

    කොළඹ සරසවිය‍ට අනුබද්ධිත දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයට චාමිණී ප්‍රවේශ වන්නේ දහසක් බලාපොරොත්තු ඇතිවය. නමුත් ඇගේ වචනවලට අනුව සිහින දෙදරා යන්නට පටන් ගන්නේ එතැන් සිටය.“මුල ඉදලම ගොඩක් දෙනෙක්ට මාව කරදරයක් වුණා. සීනියර්ස්ලා දවසක් අපිව කැන්ටිමේ රදවගෙන දේශන ශාලාවට එන්න මිනිත්තු කීපයක් පමා වුණා කියලා මා ඇතුළු ලමයි කණ්ඩායමක් දේශන ශාලාවෙන් එලියට තල්ලු කලා. සීනියර්ස්ලා ඇවිල්ලා කෑ ගැහුවා මේ ළමයවවත් ඇතුලට ගන්න කියලා. නමුත් ඒ තීරණය ගත්ත මැඩම් කිව්වේ මෙයාට විශේෂයක් කරන්න බෑ කියලා. පාලනාධිකාරිය වුණත් මා දිහා බැලුවේ උඹ කොහොම ඕවා කරගන්න ද කියනවා වගේ හැගීමකින්. මාස 03 ක් යද්දි ඩිරෙක්ටර් කතා කරලා කෙලින්ම තාත්තට කියලා තිබුණා මෙයාව අරගෙන යන්න, මෙයාට පහසුකම් දෙන්න අපිට බෑ කියලා. මම අසනීප වුණු වෙලාවක විභාගේ පටන් ගත්තා. තාත්තා ඇවිත් ඉල්ලුවා විභාග දවස් ටිකේවත් අම්මව පොඩ්ඩක් හොස්ටල් එකේ තියන්න ඉඩ දෙන්න කියලා. ඒත් එයාලා කිව්වෙම මට විශේෂයක් කරන්න බෑ කියලා. මම විභාගෙට අමාරුවෙන් වාඩි වුණා. ඒ රාගම ඉදන් මගේ ඥාතියෙක්ගේ නිවසේ ඉදන් ඇවිල්ලා. එක දවසට ත්‍රීවීල් එකට යන්න එන්න රුපියල් 2000 ක්. ලිව්වේ එක පේපර් එකයි. ඒකටත් A මයිනස් පාස් එකක් තිබ්බා.ඒත් මට එපා වුණා සර්. එපා උනා නෙවෙයි එපා කලා. සමහර ලෙක්චරස්ලා පන්තිය මැද්දේ මාව ඉලක්ක කරගෙන කතා කිව්වා. සමහරු හිතාගෙන ඉන්නේ හැමෝටම මේවා කරන්න පුළුවන් කියලා. බලමුකෝ කරගන්න හැටි කියලා. මට ඉන්න පුළුවන් ද සර්. මම දමලා ගහලා එන්න ආවා.”

    විල්මා රුඩොල්ෆ් 1960 වසරේ ඔලිම්පික් තරගාවලියේ මීටර් 100 ඇතුළුව ධාවන ඉසව් තුනක රන් පදක්කම්ලාභිනියයි. නමුත් ඈ උපත ලබන්නේ පෝලියෝ රෝගියෙකු ලෙසිනි. පාසලේ දී ඇයට හමුවන එඩ්වඩ් එස්.ටෙම්පල් නම් ගුරුවරයා විල්මාගේ දෙපා සමග නොව ධෛර්ය සමග ගනුදෙනු කිරීමේ ප්‍රතිඵලය ඈ තත්. 11 කින් මීටර් 100 තරගය අවසන් කල ලොව පලමු ක්‍රීඩිකාව බවට පත්වීමය. කරුමයට මේ ඇමරිකාව නොවේ. ඊටත් වඩා කරුමය නම්, ඒ සිදුවීමෙන් පසුව පවා ඇමරිකාව වසර 60 ක් පසුකර ඇතත්, ශ්‍රී ලංකාවේ අපි ගල් යුගයේ ජීවත් වීමය. චාමිනීලාගේ විශේෂ අවශ්‍යතා සහිත බව කරදරයක් වන්නේ එනිසා නොවේද?

    “මම මානව හිමිකම් කොමිෂන් සභාවට ලිව්වා සර්. ඒගොල්ල කැම්පස් එකේ අයව කැදෙව්වා. බලධාරීන් එතැනදිත් කියන්න උත්සාහ කලා මට මේ කෝස් එක කරන්න අමාරුයි කියලා. ආබාධිත මම කොහොමද එග්සෑම් පාස් වෙන්නේ කියලා එතැනදි ඔවුන් තර්ක කලා. ඒත් මානව හිමිකම් කොමිෂන් සභාවේ තර්කය වුණේ සරසවි ප්‍රවේශයට කලින් සියලු වෛද්‍ය වාර්තා පරීක්ෂා කර බලලා නේද මාව ඇතුලත් කර ගත්තේ කියන එක. මං වගේ අයට පහසුකම් කැම්පස් ඇතුලේ නැති නම් ඒක මගේ ප්‍රශ්නයක් නෙවෙයි කැම්පස් එකේ ප්‍රශ්නයක් කියලයි කොමිෂන් එක කිව්වේ. මං වගේ ලමයි කැම්පස් යන්න එපා ද සර්? අපි ආබාධිතයි කියලා මැරෙන්ඩ ද? අඩුම තරමේ මං ගැන මේ මතුවෙච්ච තත්ත්වයෙන් වත්, අනාගතේ මං වගේ දරුවෙක්ට කැම්පස් එකක් ඇතුලේ මං මුහුණ දුන්න සිදුවීම් ඇති නොවී තියෙන්න ඕනේ. සර් එක්ක මං මේ ටික කිව්වේ ඒකයි.”

    නැවතත් ආයුර්වේද ආයතනයේ උපාධිය හැදෑරීම චාමිනී ප්‍රතික්ෂේප කරන්නීය. ඇය කියන්නේ තමන්ට ඒ පරිසරයේ නැවත ගොස් ඉගෙනීම කල නොහැකි බවය. එබැවින් ඇය රුහුණු විශ්ව විද්‍යාලයේ වෙනත් පාඨමාලාවක් හැදෑරීමට ඉල්ලා ඇත. කොමිසම පසුගිය සතියේ දන්වා ඇත්තේ ඇයගේ ඉල්ලීම ඉටුවනු ඇති බවය. ඇගේ පාඨමාලාව රුහුණේ දැන් ආරම්භ වී ඇතත් ඇයට තවමත් කැදවීමක් නැත. විශේෂ අවශ්‍යතා ඇති චාමිනීට විශේෂ වේගයකින් සාධාරණය ඉටුවිය යුතු බව මගේ හැගීමය.

    ඈ සිටියේ ඇද වැටුනු තැනකය. ඒ පිලිබද නැවත නැවතත් ස්මරණය කිරීමෙන් වැලකී ඵලදායී යමක නිරත වන ලෙස මා ඇගෙන් ඉල්ලීමක් කලෙමි. දැන් ඈ ලියන්නට පටන් ගෙන තිබේ. පලමු ලියවිල්ල ඈ මට පසුගිය දිනෙක එව්වාය. මා ඇගෙන් හොද ලියන්නියකගේ ලකුණු දකිමි. ජීවිතය බදුනක් බැවින් නිරන්තරයෙන් පුරවන්නැයි මා ඉල්ලීමක් කලෙමි. හිස් කිරීමට ඇතැමුන්ට අවශ්‍ය වූ දේ තමන්ගේ දිරියෙන් පිරවීමට ඈ තව තවත් උත්සාහ කරනු ඇත. ඈ බ්ලොග් ලිවීම ආරම්භ කර තිබේ. https://believeinyourselfcr.wordpress.com/ලින්ක් එකෙන් එයට යන්නැයි ද ඇය දිරිමත් කරන්නැයි ද ඉල්ලමි. මට චාමිණී දිනෙක වේදිකාවක් මත හිදිමින් මිනිසුන් දිරිමත් කරන අයුරු දැකීමට අවශ්‍යය. ඇය වැන්නියන් සිටිය යුත්තේ එවැනි වේදිකාවන් වල බව මම තරයේ විශ්වාස කරමි.

    උපුටා ගැනීම Motivation.lk

  • ” මහසොහොන් බළකායේ කාර්යාලයේ තිබුනේ මොනවද?” අමිත්ගේ අංගනාව කියන කතාව මෙන්න .!

    ” මහසොහොන් බළකායේ කාර්යාලයේ තිබුනේ මොනවද?” අමිත්ගේ අංගනාව කියන කතාව මෙන්න .!

    මහසොහොන් බළකාය සංවිධානයේ නිර්මාතෘ අමිත් වීරසිංහ ඇතුළු 10 දෙනා පසුගියදා නැවතත් (17 වැනිදා) රක්‌ෂිත බන්ධනාගාරගත කිරීම සම්බන්ධයෙන් අමිත් වීරසිංහගේ බිරිඳ මාධ්‍යයට අදහස් දක්වා සිටියා. 

    එහිදි ඇය කියා සිටියේ , 

    “මගේ මහත්තයා බෝධිසත්වයෙක්… මහත්තයා හරි ආදරෙයි මුස්ලිම් අයට.. කවදාවත් මුස්ලිම් අයට මගේ මහත්තයා වෛර කලේ නෑ..  කාර්යාලයේ තිබිලා පොලිසිය හොයාගත්තේ භුමිතෙල් බෝතල් ටිකකුයි ‍ඇද රෙදි ටිකකුයි විතරයි. මෙන්න මේවාට තමයි පොලිසිය පෙට්‍රල් බෝම්බ හොයා ගත්තා කියලා මහලොකු ප්‍රචාරයක්‌ ඇරියේ දැන් මගේ මහත්තයා රිමාන්ඩ් කළා. “

    මේ බොරුව ගැනත් මම පොලිසියට එරෙහිව මානවහිමිකම් සභාවේ පැමිණිලි කළා. ඉදිරියේදී මම නීතිඥවරුන් හරහා මේ පොලිසියේ බොරුව ගැන අධිකරණයට දැනුම් දෙන්න කටයුතු කරනවා. 

    මගේ මහත්තයා සිංහල මුස්‌ලිම් මිනිස්‌සු අවුලවන කිසි දෙයක්‌ කරලා නැහැ. සමාජ මෙහෙවරක නිරතවෙලා හිටපු කෙනෙක්‌ තමයි මගේ මහත්තයා” යනුවෙනි.

  • හිස පමණක් හමු වූ කොස් මල්ලීගේ සිරුරේ කඳ කොටස අද ගොඩ ගනී

    හිස පමණක් හමු වූ කොස් මල්ලීගේ සිරුරේ කඳ කොටස අද ගොඩ ගනී

    කොළඹ 12, කෙසෙල්වත්ත, අබ්දුල් හමීඩ් වීදිය ප්‍රදේශයේ තිබී හිස කොටස හමු වූ පාතාල සාමාජික කොස් මල්ලීගේ කඳ කොටස අගුණකොළපැලැස්ස මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ අද (19) ගොඩ ගැනිමට නියමිතයි.

    ඔහුගේ කඳ කොටස අගුණුකොළපැලැස්ස, මුරවැඩිහේන, ගෝඨාභයගම ප්‍රදේශයේ වෙල් යායක වළ දමා ඇති බවට ඊයේ (18) අනාවරණය කර ගනු ලැබී ය.

    කෙසෙල්වත්ත අබ්දුල් හමීඩ් වීදිය ප්‍රදේශයේ තිබී ශාන්ත කුමාර හෙවත් කොස් මල්ලී නැමති පාතාල කල්ලි සාමාජිකයාගේ හිස සොයාගනු ලැබුවේ පසුගිය 07 වැනි දා උදෑසන ය.

    මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් 05 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ.

    ඔවුන්ගෙන් ලද තොරතුරුවලට අනුව අගුණකොලපැලැස්ස, ගෝඨාභයගම ප්‍රදේශයේ වළ දමා ඇති කොස් මල්ලිගේ කඳ කොටස සොයා ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් පිරිසක් ඊයේ (18) පෙරවරුවේ එම ප්‍රදේශයට ගොස් තිබිණ.

    මීට දින කිහිපයකට පෙර පාතාල කල්ලි නායකයෙකුවන මාකඳුරේ මධුෂ්ගේ සමීපතමයෙකුවන මොහොමඩ් රිස්ඛාන් නමැත්තා වෙඩි තබා ඝාතනය කර තිබූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ඝාතනයට ලක් වූ කොස් මල්ලී නැමැත්තා, පාතාල කල්ලි නායකයෙකු වූ සමයංගේ ගෝලයෙකු ද වේ.

  • අම්මගේ අවමගුලට ආපු මරණ දඩුවම නියමවු තාත්තා එක්ක බන්ධනාගාර බස් එකට නැගපු දුවගේ කතාව

    අම්මගේ අවමගුලට ආපු මරණ දඩුවම නියමවු තාත්තා එක්ක බන්ධනාගාර බස් එකට නැගපු දුවගේ කතාව

    ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වූ පුද්ගලයෙක් තම මිය ගිය බිරිඳගේ අවමංගල උත්සවය සඳහා රැගෙන ආ අවස්ථාවේ ඔහුගේ දියණිය ද බන්ධනාගාර බස් රථයට ගොඩ වූ සංවේදී පුවතක් කිලිනොච්චිය ප්‍රදේශයෙන් වාර්තා වේ.

    2008 වසරේ දී අත්අඩංගුවට පත් ව ජීවිතාන්තය දක්වා බන්ධනාගාර ගත කරන ලද පුද්ගලයෙකු මියගිය සිය බිරිඳගේ අවසන් කටයුතු සඳහා ඊයේ (18) එලෙස රැගෙනවිත් තිබේ.

    කෙසේ වෙතත් අවසන් කටයුතු සිදු කිරීමෙන් අනතුරුව මියගිය කාන්තාවගේ ස්වාමියා නැවත බන්ධනාගාර රථයට ගොඩවන අවස්ථාවේ දී ඔහුගේ දියණිය ද එම රථයට ගොඩ වී ඇත.

    මියගිය කාන්තාවට සහ බන්ධනාගාරව සිටින පුද්ගලයාට දරුවන් දෙදෙනෙක් සිටින අතර මේ වනවිට දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඥාතීන් ඉදිරිපත් ව සිටින බව වාර්තා වේ.

  • ජනිපෙ විමල්ව සහ ජයන්තව දුටු තැන අල්ලනු… අධිකරණයෙන් වරෙන්තු

    ජනිපෙ විමල්ව සහ ජයන්තව දුටු තැන අල්ලනු… අධිකරණයෙන් වරෙන්තු

    අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ සහ ජයන්ත සමරවීර යනඅයට අද(19) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් බණ්ඩාර රණසිංහ විසින් වරෙන්තු නිකුත් කර තිබේ.

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් අල් හුසේන් කුමරුගේ පැමිණීම මුල් කොට 2016 පෙබරවාරි හයවන දින මහජන පීඩාවක් ඇතිවන පරිදි උද්ඝෝෂණයක් පැවැත්වීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ අද පැවැති නඩුවකට එම සැකකරුවන් අධිකරණය හමුවේ පෙනී නොසිටීම ඊට හේතුවී ඇත.

  • පොඩිනෝනා මහත්මියගේ අන්නාසි කොටුවෙන් මෙරෙයියන් 100කට වැඩි අන්නාසි ගෙඩියක්

    පොඩිනෝනා මහත්මියගේ අන්නාසි කොටුවෙන් මෙරෙයියන් 100කට වැඩි අන්නාසි ගෙඩියක්

    ස්‌වයං රැකියාවක්‌ ලෙස අන්නාසි වවන  පනාදණ්‌ඩ, කඩේවත්ත ඊ.ඩබ්ලිව්. පොඩිනෝනා මහත්මියගේ අන්නාසි කොටුවේ මොරෙයියන් 100 කට අධික සංඛ්‍යාවක්‌ සහිත විශාල අන්නාසි ගෙඩියක්‌ හැදී තිබුනේ මෙහෙමයි.  

    p19 1

     

  • වහාම ක්‍රියාත්මක වන පරිදි මුස්ලිම් පල්ලිවල ශබ්ද විකාශන තහනම්.. පල්ලි 700ක් වසා දමයි..

    වහාම ක්‍රියාත්මක වන පරිදි මුස්ලිම් පල්ලිවල ශබ්ද විකාශන තහනම්.. පල්ලි 700ක් වසා දමයි..

    රුවන්ඩාවේ පිහිටි මුස්ලිම් පල්ලි 700ක් වසා දැමීමට එරට රජය තීරණය කර තිබෙනවා.

    මෙම පල්ලි වසා දමා තිබෙන්නේ එරට ශබ්ද දුෂණ වැලැක්වීමේ නීතියට පටහැනිව ක්‍රියාත්මක වීම හේතුවෙන්.

    ශබ්ද විකාශය යන්ත්‍ර යොදාගනිමින් දිනකට පස්වරක් මුස්ලිම් පල්ලි තුළ පැවැත්වෙන යාඥාවලින් ඒ අවට ජනතාවට බාධාවක් එල්ලවන බව පවසමින් කිගාලි අගනුවර මුස්ලිම් පල්ලිවල ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතයද එරට රජය විසින් තහනම් කර තිබෙනවා.

    රුවන්ඩාවේ ජනගහනයෙන් 56.9% ක් රෝමානු කතෝලිකයන් වන අතර මුස්ලිම් ජනතාව ජිවත් වන්නේ 4.65% කි.

  • පුත්තලමේ 22 හැවිරිදි සැමියා 16 හැවිරිදි ගැබිණි බිරිඳව පුටුවක බැඳ ගිනි තබා මරා දමලා…

    පුත්තලමේ 22 හැවිරිදි සැමියා 16 හැවිරිදි ගැබිණි බිරිඳව පුටුවක බැඳ ගිනි තබා මරා දමලා…

    තමීම් ෆාතිම් ශ(ර්)මිලා නැමති දැරියක් සිය සැමියා විසින් පුටුවක බැඳ ගිනි තබා මරා දැමූ පුවතක් මේ වන විට සමාජජාල අඩවි තුළ සීඝ්‍රයෙන් හුවමාරු වෙමින් තිබේ

    පසුගිය සිකුරාදා දිනයේදී ඇයව මරා දමා තිබෙන බව එම පුවතෙහි දැක්වෙයි.

    ඉන් පරපතල ලැබූ ශ(ර්)මිලා පසුව රෝහල් ගත කර තිබෙන බවත් (17) රාත්‍රියේ ඇය මියගිය බවත් එහි දැක්වෙයි.

    මිය යන විට ඇයට මාස7ක දරුවෙකු සිට ඇති අතර සිව්මස් හැවිරිදි ගැබිණියකද වී සිට ඇත.

    සැමියාගේ අඩත්තේට්ම දරා ගැනීමට නොහැකි තැන ඇය පොලීසිය මෙන්ම පල්ලිය වෙතද ගොස් ඇති බවත්, එම අවස්ථා දෙකෙහිදීම ඔවුන් ස්වාමි පුරුෂයා වෙත මෙම දැරිය භාරදී ඇති බවත් එම පුවතෙහි දැක්වෙයි.

    මේ ෆේස්බුක්හි හුවමාරු වන එම සටහන හා ඡායාරූපයයි පහලින්.

    තමීම් ෆාර්තිමා ශ(ර්)මිලා ඊයේ රෑ මිය ගියා.

    අවුරුදු 16 දී කනෙන් ඇදගන ගිහින් පුත්තලමේ, මුන්තාල් වල නාලන්තලුව කොඩි පල්ලි මුස්ලිම් පල්ලියෙදි තව භාර්යාවන් දෙන්නෙක් හිටපු, අවුරුදු 22ක් වයස මොහොමඩ් ඉම්රාන් කියන පුද්ගලයගෙ තුන් වන භාර්යාව වශයෙන් බලෙන් විවාහ කර දුන්නා.

    අවුරුදු 18ක් වෙනකොට මාස හතක දරුවෙක් අතේ හිටපු.

    මාස හතරක දරුවෙක් බඩේ හිටපු අහින්සක ශ(ර්)මිලා.

    මේ කාලකන්නි ස්වාමි පුරුෂයා ගිය සිකුරාද ( 15) පුටුවකට තියල බැදලා ලාම්පු තෙල් දාලා ගිනි තිබ්බා.

    දවස් දෙකක් හොස්පිට්ල් එකේ දුක් වින්ද ශ(ර්)මිලා 20 රෑ මේ කාලකන්නි ලෝකෙ දාල ගියා.

    දරන්නම බැරි දේ තමයි.

    “”මාව මරන්න දෙන්න එපා…….”” කියාගෙන පොලීසියට ආපු ශ(ර්)මිලා.

    පොලීසියෙන් ඒ මිනීමරු ස්වාමිපුරුශයාටම කතා කරල ආපහු බාර දීපු එක.

    දරන්නම බැරි දේ තමයි.

    “”අනේ මාව මරයි….මාව දික්කසාද කරල දෙන්න…..”” කියල අඬාගෙන පල්ලියට ඇවිත් ඉල්ලපු ශ(ර්)මිලාව.

    පල්ලියෙන් ඒ මිනීමරු ස්වාමි පුරුෂයාටම කතා කරල ආපහු බාර දීපු එක.

    දරන්නම බැරි දේ තමයි.

    මේ කාලකන්නි සමාජය.

    මහ ලොකු පුරවැසි සන්විධාන කාවවත් අහිංසක ශ(ර්)මිලාගෙ තනියට හිටියෙ නෑ.

     

    උපුටා ගැනීම –  www.TheTruth.lk වෙබ් අඩවියෙන් 

  • ඊයේ බොරැල්ලේ ප්‍රබල ව්‍යාපාරිකයක නිවසක පොහොට්ටු – ශ්‍රීලනිප විශේෂ සාකච්ඡාවක්…..

    ඊයේ බොරැල්ලේ ප්‍රබල ව්‍යාපාරිකයක නිවසක පොහොට්ටු – ශ්‍රීලනිප විශේෂ සාකච්ඡාවක්…..

    ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ හා ඒකාබද්ධ විපක්‍ෂයේ මන්තී‍්‍රවරුන් පිරිසක් බොරැල්ලේ ප‍්‍රබල ව්‍යාපාරිකයෙකුගේ නිවසක සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

    මෙම සාකච්ඡාවට ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරමින් බැසිල් රාජපක්‍ෂ, පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන මහින්දානන්ද අලූත්ගමගේ, වාසුදේව නානායක්කාර, ඩලස් අලහප්පෙරුම සහ නාමල් රාජපක්‍ෂ ද සහභාගි වී ඇති බවයි වාර්තා වන්නේ.

    ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරමින් මෙම සාකච්ඡාවට අනුර පි‍්‍රයදර්ශන යාපා, සුසිල් පේ‍්‍රමජයන්ත් අමාත්‍යවරු සහ රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා ද එක්ව සිටියා.

    දෙපාර්ශ්වය අතර මෙහිදී අග‍්‍රාමාත්‍යවරයාට එරෙහිව ගෙනඑන විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.

    එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන සියලූ මන්තී‍්‍රවරුන් අදාළ විශ්වාසභංග යෝජනාවට අත්සන් තැබිය යුතු බවටයි මෙහිදී සාකච්ඡා වී ඇත්තේ.

    ජාතික ආණ්ඩුව නියෝජනය කරන ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ මන්තී‍්‍ර කණ්ඩායම අග‍්‍රාමාත්‍යවරයා සමග කටයුතු කිරීමට අකමැති බව පවසමින් ජනාධිපතිවරයා වෙත ලිපියක් භාරදීමටද මෙහිදී එකගතාවකට පැමිණ තිබෙනවා. 

    අග‍්‍රාමාත්‍යවරයාට එරෙහිව ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මන්තී‍්‍රවරුන් තීරණයක් ගන්නේ නම් ඒ පිළිබදව ජනාධිපතිවරයාගෙන් විමසිය යුතු බවයි මහින්ද සමරසිංහ සහ සරත් අමුණුගම යන අමාත්‍යවරුන් මීට පෙර ප‍්‍රකාශ කර තිබුණේ.

  • සාර්ථක විදෙස් සංචාරය නිමවා ලංකාවට පැමිණි ජනපති මුලින්ම කරපු දේ මෙන්න….

    සාර්ථක විදෙස් සංචාරය නිමවා ලංකාවට පැමිණි ජනපති මුලින්ම කරපු දේ මෙන්න….

    මහනුවර ඇති වූ නොසන්සුන්තාවත් සමග ඉකුත් 06 වැනිදා පැන වූ හදිසි නීතිය යළි අවලංගු කර තිබෙනවා. 

    ඒ, රටේ ආරක්ෂක තත්ත්වය යහපත්වීම හේතුවෙන්.

    හදිසි අවස්ථා රෙගුලාසි යළි අවලංගු කිරීමේ ගැසට් නිවේදනයට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් අත්සන් තැබූ බවයි ජනාධිපති ලේකම් කාර්යාලයේ ප‍්‍රකාශකයෙකු කියාසිටියේ.

    හදිසි නීති රෙගුලාසි අවලංගු කිරීම සඳහා වන ගැසට් නිවේදනයට අදාළ සියලූ කටයුතු ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු විසින් සූදානම් කර තිබුණා.

    ජපාන නිල සංචාරය නිමවා ඊයේ (17) රාති‍්‍රයේ දිවයිනට පැමිණීමෙන් පසු ජනාධිපතිවරයා මෙම ගැසට් නිවේදනයට අත්සන් තැබුවා. 

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස සිය ජපාන සංචාරය නිමා කරමින් ඊයේ (17) දින රාත්‍රී 11.30 ට පමණ හොංකොං සිට පැමිණි කැතේ ෆැසිපික් ගුවන් සේවයේ C.X. – 611 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

  • කෝටි ගානක කාර් එකක් ඇලට යන්න පදවපු ප්‍රභූ පුතා කවුද..?

    කෝටි ගානක කාර් එකක් ඇලට යන්න පදවපු ප්‍රභූ පුතා කවුද..?

    තලවතුගොඩ ප්‍රදේශයේදී අද අළුයම 5 ට පමණ වේගය පාළනය කරගත නොහැකිව BMW මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ ඇල මාර්ගයකට ගොස් තිබෙනවා.

    මෙම අනතුරින් කිසිවෙකුටත් අනතුරක් සිදුවී නැහැ. 

    මේ රථයේ හිමිකාරිත්වය දහම් සිරිසේන මහතාගේ බවට විශාල ආන්දෝලනාත්මක රාවයක් පැතිර යන අතර එය වත්තල ඉරේෂ් මෝටර්ස් හී අධිපතිගේ පුත්‍රයා වන Onesha Mendisගේ මෝටර් රථය බවටද තවත් රාවයක් පැතිරෙමින් ඇත… 

    කෙසේවෙතත් දහම් සිරිසේන මහතා විදේශගතව සිටින බව ඔහුගේ නිල ෆේස් බුක් අඩවියේ සදහන් කර ඇත. ඔහු අද සවස 6.00 ට පමණ හොංකොං වලට ඇතුල්වුණු බව සඳහන් කර ඇති නමුත්, ඔහු හොංකොං වලට ඇතුල් වුණේ කුමක් සඳහාද යන්න එහි සඳහන් කර නොමැත.  


     

     

     

     

     

     

     

     

  • බංගලියන්ගේ කුප්ප වැඩ වලින් රට උණුසුම් වෙද්දී තරඟයෙන් පසු බුකිය උණුසුම් උනේ මෙහෙමයි…!

    බංගලියන්ගේ කුප්ප වැඩ වලින් රට උණුසුම් වෙද්දී තරඟයෙන් පසු බුකිය උණුසුම් උනේ මෙහෙමයි…!

    ලංකාව හා බංග්ලාදේශය අතර ඊයේ (16) පැවති තරඟයෙන් ශ්‍රී ලංකාව පරාජය වීමත්  සමඟ  මුහුණු පොත  උණුසුම් වුනේ මෙලෙසින්.

     

  • බංගලියෝ තරගය පුරාවට සහ තරගයෙන් පසු විදුරු කුඩුකරමින් කල සියලු කුජිත වැඩවල වීඩියෝ මෙන්න..

    බංගලියෝ තරගය පුරාවට සහ තරගයෙන් පසු විදුරු කුඩුකරමින් කල සියලු කුජිත වැඩවල වීඩියෝ මෙන්න..

    නිදහස් කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර අද (16) පැවැති තරගයේ ජය හිමිකර ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.

    ඒ පන්දුවාර 19 යි පන්දු 05ක් අවසානයේ කඩුලු 08ක් බිඳවැටී තිබියදී ජයග්‍රාහි ලකුණු 160ක් ලබා ගනිමින්.

    බංග්ලාදේශයට තරගය ජය ගැනීම සඳහා අවසන් පන්දුවාරයේදී ලකුණු 12ක් අවශ්‍යව තිබුණා.

    කෙසේ වෙතත් ඒ මොහොතේ කඩුලු දෙකක් බිඳ වැටීම හමුවේ බංග්ලාදේශ ක්‍රීඩකයින් දැඩි පීඩනයකට මැදිව සිටියා.

    තරගයේ අවසන් පන්දුවාරයේ යැවූ පන්දු දෙකක් සම්බන්ධයෙන් බංග්ලාදේශ පිතිකරුවන් පිටිය මැද යම් ප්‍රශ්නකාරී තත්ත්වයකට නතුව සිටින ආකාරයද දක්නට ලැබුණා.

    කෙසේවෙතත් පසුව යළි තරගය ක්‍රියාත්මක වූ අතර දැවැන්ත හයේ පාරකින් තරගය ජය ගැනීමට බංග්ලාදේශය සමත් වුණා.

    ඒ අනුව නිදහස් කුසලාන අවසන් මහා තරගයට බංග්ලාදේශ කණ්ඩායම සුදුසුකම් ලැබුවා.

    https://www.facebook.com/supirigossip1/videos/1623228037712796/

     

    https://www.facebook.com/apearata/videos/1613541382086990/

    ආවේගශීලී වූ ජයග්‍රාහී බංග්ලාදේශ ක්‍රීඩකයන් තම විවේකාගාරයේ වීදුරු බිඳ දමමින් කලහකාරී ලෙස ජයග්‍රහණය සැමරු අයුරු….

    https://www.facebook.com/NewsfirstSL/videos/1878011705592412/