Category: සුපිරි Walks

  • මහනුවර ගිනි තියපු  මහසොහොන් බලකායේ කාර්යාලයෙන් සොයාගත් මාධ්‍ය හංගපු දේවල් මෙන්න..

    මහනුවර ගිනි තියපු මහසොහොන් බලකායේ කාර්යාලයෙන් සොයාගත් මාධ්‍ය හංගපු දේවල් මෙන්න..

    මහනුවර ප‍්‍රදේශයේ ඉකුත් මාර්තු 4 වැනි දා සිට  මේ දක්වා සිදු වු සියලූ ප‍්‍රචන්ඩ  කි‍්‍රයාවන්ට මුලිකව කි‍්‍රයා කළ  බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත සිටින මහසොන් බළකායේ  ප‍්‍රධානී බව කියන විදානපතිරණයේ අමිත් ජීවන් වීරසිංහ නැමැති සැකකරුට අයත් මහනුවර නත්තරංපොත කුණ්ඩසාලේ පිහිටි කාර්යාලය  (13) සෝදිසියට ලක් කළේය.

    එහි තිබී ජාතින් අතර අසමගිය, වෛරය ,ප‍්‍රචන්ඩත්වය ඇති කිරීම සඳහා බෙදාහැරීමට  සුදානමින් තිබු අත්පති‍්‍රකා පෝස්ටර්, බැනර් ඇතුලූ භාණ්ඩ රැසක් හා පෙට්ට‍්‍රල් බෝම්බ ලෙසට සැකකරන බෝතල් හතක් සොයාගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

    මෙම භාණ්ඩ වලට  අමතරව මොවුන් ප‍්‍රවෘත්ති සාක්ච්ඡා පැවැත්වීම සඳහා භාවිතා කිරීමට තිබු මහසොන් බළකාය වශයෙන් ලංඡනය සඳහන් මයික්‍රෝෆෝනයක්,  බැංකු පොත් රැසක්, මුදල් ලැබුණු රිසිට්පත්, වාහන බලපත‍්‍ර, ජාතීන් අතර අසමගිය, වෛරය ඇති වන ආකාරයේ  වැකි සඳහන් අත්පළඳනා, පරිගනක ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය (සී.පී.යු) ආදි භාණ්ඩ රැසක් තිබු බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේය.

    පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා මේ බව පැවසුවේ පොලිස් මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය.

    අත්අඩංගුවට ගෙන ඇති මෙම ප‍්‍රධාන සැකකරුගේ ප‍්‍රකාශ මත  ත‍්‍රස්තවාදී විමර්ශන දිසාවේ නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකර තිබිණි.

    මොවුන් සතුව ඇති ජංගම දුරකතන වලට මෙම කාලය තුළ ලැබුණු ඇමතුම් හා තබාගත් ඇමැතුම්  සම්බන්ධයෙන් ඇමතුම් ජාලය පිළිබඳ විශේෂ දැනුමක් ඇති නිලධාරීන්  යොදවා  පරීක්ෂා කරන බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.

    ප‍්‍රධාන සැකකරු ඇතුළු 10 දෙනෙක් ත‍්‍රස්තවාදී විමර්ශන දිසාව විසින්  අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවාගෙන තවදුරටත් ප‍්‍රශ්න කරමින් පසු බව බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

  • ලොව විශිෂ්ටතම භෞතික විද්‍යාඥයෙක් වන මහාචාර්ය ස්ටෙෆන් හෝකින් ජිවිතයෙන් සමුගනි..

    ලොව විශිෂ්ටතම භෞතික විද්‍යාඥයෙක් වන මහාචාර්ය ස්ටෙෆන් හෝකින් ජිවිතයෙන් සමුගනි..

    බ්‍රිතාන්‍ය ජාතික භෞතික විද්‍යාඥ ස්ටීවන් හෝකින් අභාවප්‍රාප්ත වූ බව මීට ටික වේලාවකට පෙර ඔහුගේ පවුල නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

    කළු කුහර හා සාපේක්ෂතාවාදය සම්බන්ධයෙන් සුවිශේෂී සොයාගැනීම් රැසක් කළ විද්‍යාඥ ස්ටීවන් හෝකින් මියයන විට 76 වියේ පසුවිය.

    කාලයේ ඉතිහාසය පිළිබඳ සංක්ෂිපත්යක් යනාදී ලෝ ප්‍රකට කෘති රැසක් රචනා කර ඇති ස්ටීවන් හෝකින් 21 වැනි සියවසේ ලොව විශිෂ්ඨතම මනසේ හිමිකරු ලෙසින් ද හැඳින්විනි.

    “අපේ ආදරණීය පියාණන්ගේ අභාවයෙන් අපි දැඩි කම්පාවටත් කනගාටුවටත් පත්ව සිටිමු” යැයි ස්ටීවන් හෝකින්ගේ දරුවන් වන ලුසි, රොබට් සහ ටිම් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

  • සංහිදියාව පෙරමුණට…අනුරාධපුරයේදී මහාසංඝරත්නයට පිණ්ඩපාත දානය මුස්ලිම් වැසියන්ගෙන්

    සංහිදියාව පෙරමුණට…අනුරාධපුරයේදී මහාසංඝරත්නයට පිණ්ඩපාත දානය මුස්ලිම් වැසියන්ගෙන්

    ජාතීන් අතර සමගිය වර්ධනය කරගනිමින් කටයුතු කිරීමේ පූර්වාදර්ශය අද අනුරාධපුරයේ දී දක්නට ලැබුණි.

    තායිලන්තයේ සිට මෙරටට වැඩම කළ භික්ෂුන් වහන්සේ හතලිස් පස් නමක් අද අනුරාධපුර පූජා භූමියට වැඩම කළහ.

    උන්වසන්සේලා බහුතරයක් මුස්ලිම් ජාතිකයින් වෙසෙන අනුරාධපුර, නීරාවිය ගම්මානය ආසන්නයෙන් වැඩම කරන විට ගම්වැසියන් මහා සංඝරත්නයට පිණ්ඩපාත දානය ලබා දුන්නේ සහජීවනය පිළිබඳ රටට සිහිපත් කරමිනි.

  • VPN පාවිච්චි කරපු අය අත්අඩංගුවට ගන්න පුළුවන්ද? –  නීතීඥ ප්‍රතිභා මහානාමහේවා කියන කතාව

    VPN පාවිච්චි කරපු අය අත්අඩංගුවට ගන්න පුළුවන්ද? – නීතීඥ ප්‍රතිභා මහානාමහේවා කියන කතාව

    Facebook, Viber, WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය රජය විසින් පසුගියදා තහනම් කිරීමත් සමග ඒවා භාවිත කරන පුද්ගලයින් VPN හරහා සමාජ මාධ්‍ය වෙත පිවිසීමට පුරුදු වී තිබේ.

    මේ පිළිබඳව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකදී අමාත්‍යවරයා පැවසුවේ VPN භාගත කර ගැනීම තහනම් බව ය.

    ඒ අනුව අප මේ පිළිබඳව ආචාර්ය නීතීඥ ප්‍රතිභා මහානාමහේවා මහතාගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ ශ්‍රී ලංකාවේ පවතින පරිගණක අපරාධ වැළැක්වීමේ පනත යටතේ විකල්ප ක්‍රම භාවිත කරමින් අන්තර්ජාලයට පිවිසෙන පුද්ගලයින් අත්අඩංගුවට ගත නොහැකි බව ය.

    එබැවින් VPN හරහා Facebook ඇතුළු සමාජ මාධ්‍යට පිවිසි පුද්ගලයින් කිසිසේත් අත්අඩංගුවට ගත නොහැකි බව නීතීඥ ප්‍රතිභා මහානාමහේවා මහතා වැඩි දුරට ත් සඳහන් කළේය.

  • ෆේස්බුක් සමාගමෙන් සියලු ශ්‍රී ලාංකීකයන්ට අවදානම් නිවේදනයක්.. ඇත්ත කතාව මෙන්න…

    ෆේස්බුක් සමාගමෙන් සියලු ශ්‍රී ලාංකීකයන්ට අවදානම් නිවේදනයක්.. ඇත්ත කතාව මෙන්න…

    ශ්‍රී ලංකාවේ ෆේස්බුක් සමාජ ජාලා තාවකාලිකව තහනම් කිරිම සම්බන්ධයෙන් ෆේස්බුක් සමාගම කරුණු දක්වා තිබෙනවා. එම සමාගම සහ ශ්‍රී ලංකා රජයේ පාර්ශ්වය අතර දීර්ඝ සාකච්ඡාවක් පැවති අතර එම සාකච්ඡාවේ දී යම් එකඟතාවයකට පැමිණ ඇති බවයි එම සමාගම පවසන්නේ.

    ජනතාව කුපිත කරන සහ වෛරය පතුරුවන තොරතුරු හුවමාරු කිරිම හා ප්‍රසිද්ධ කිරිම වැළැක්වීම සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කළ බව වාර්තා වනවා.

    එම කටයුත්ත සාර්ථක කර ගැනීම සඳහා ශ්‍රී ලංකා රජයේ සහ රාජ්‍ය නොවන සංවිධානවල සහාය අත්‍යව්‍යශ වන බවයි ෆේස්බුක් සමාගම පවසන්නේ.

    එම නිසා ඉදිරියේ දී ශ්‍රී ලංකා රජයේ මෙන්ම රාජ්‍ය නොවන සංවිධානවල සහාය ඇතිව  ජනතාව කුපිත කරන සහ වෛරය පතුරුවන තොරතුරු හුවමාරු කරන්නන්ට නීතිය ක්‍රියාත්මක කිරිමට කටයුතු කරන බවයි එම සමාගම පෙන්වා දෙන්නේ.

    ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු විසින් විවෘත කරනු ලබන ෆේස්බුක් ගිණුම් සම්බන්ධයෙන් වැඩි අවදානයක් යොමු කරන අතර ඔවුන් විසින් සිදුකරන සියළුම දත්ත හුවමාරුව මින් ඉදිරියට නිරික්ෂණයට ලක්කරන බවත් ශ්‍රී ලාංකීක ගිණුම් සම්බන්ධයෙන් දැඩි ප්‍රතිපත්තියතක් අනුගමනය කිරිමටත් ෆේස්බුක් සමාගම තීරණය කර තිබෙනවා.

    ජාතිවාදය මුල්කර ගෙන සිදුකරනු ලබන සියළුම ප්‍රචාර කටයුතු ඉවත් කිරිමට පියවර ගන්නා අතර එවැනි ගිණුම් සම්පූර්නයෙන් ෆේස්බුක් ජාලයෙන් ඉවත් කිරිමට කටයුතු කරන බවද ෆේස්බුක් සමාගම සඳහන් කර තිබෙනවා.

    ෆේස්බුක් ගිණුමක් ආරම්භ කිරිමේ දී ලබාදෙන දුරකථන අංක හිමියා එම ගිණුමට අදාළ සියළු ප්‍රචාර සහ හුවමාරු සම්බන්ධයෙන් වගකීය යුතු වන බවත් එම සමාගම සඳහන් කර තිබෙනවා.

    කිසියම් පුද්ගලයෙකුගේ ඡායා රූපයක් ගිණුමට ලබාදී ඇත්නම් එම ඡායා රූපය හිමි ගිණුමෙන් යම් අකටයුත්තක් සිදුවන්නේ  යැයි ෆේස්බුක් සමාගමට සැකයක් ඇති වුවහොත් ඒ සම්බන්ධයෙන් අදාළ ගිණුම වෙත පණිවුඩයක් මගින් දැනුම් දෙන අතර දින 3ක් ඇතුලත අදාළ ගිණුම් හිමියා ප්‍රතිචාර නොදක්වන්නේ නම් එම ගිණුම ප්‍රසිද්ධියට පත්කරනු ලැබෙනවා.

    ඉන් අනතුරුව දින 7ක් ඇතුලත ගිණුම ෆේස්බුක් ජාලයෙක් ස්ථීරවම ඉවත් කිරිමට පියවර ගන්නා බවයි ෆේස්බුක් සමාගම පෙන්වා දුන්නා.

    ව්‍යාජ ගිණුමක් මගින් යම් පුද්ගලයෙකු අකටයුත්තක නිරත වේ නම් ඔහුගේ දුරකථන අංකය මගින් සහ IP අංකය මගින් අදාළ ගිණුම භාවිත කරන පුද්ගලයා හඳුනාගැනීමේ හැකියාව පවතින බවත් තමන්ට හිමි නොමැති වෙනත් ආයතනයක හෝ පුද්ගලයෙකුගේ දුරකථන අංකයක් භාවිත කරමින් යම් පුද්ගලයෙකු අනවශ්‍ය කටයුත්තක නිරත වන්නේ නම් අදාළ IP හිමියා එය භාවිත කළ පුද්ගලයා හඳුනා නොගන්නේ නම් එම IP හිමියාට නීතියෙන් කටයුතු කරන බවත් ෆේස්බුක් සමාගම අවධාරණය කර තිබෙනවා.

    එම නිසා තමන්ගේ ජංගම දුරකථන අංක පරිහරණය කිරිමේ දී වඩාත් ප්‍රවේශම් වන ලෙසයි ෆේස්බුක් සමාගම සමස්ථ ෆේස්බුක් හිමියන්ගෙන් ඉල්ලා ඇත්තේ.

  • තෙල්දෙණිය ජාතිවාදී සිදුවීමේ අරමුණ සැලසුම අත් පත්‍රිකා පෝස්ටර් සියල්ල මුලස්ථානයෙන් එලියට..

    තෙල්දෙණිය ජාතිවාදී සිදුවීමේ අරමුණ සැලසුම අත් පත්‍රිකා පෝස්ටර් සියල්ල මුලස්ථානයෙන් එලියට..

    මහනුවර සිදුවූ කලහකාරී සිද්ධින් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ තවත් සැලසුම් හෙළි කර ගැනීමට පොලීසිය සමත්වී තිබෙනවා. සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශන සිදු කරනු ලබන්නේ ත‍්‍රස්තවාදී විමර්ශන දිසාව විසින්.

    සැකකරුවන් විසින් ලබාදුන් තොරතුරු අනුව මෙම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුගේ මහනුවර කුණ්ඩසාලේ ප්‍රදේශයේ පිහිටි කාර්යාලයක් පරික්ෂාවට ලක්කර තිබෙනවා.

    එහිදී ජාතීන් අතර වෛරය හා ක්‍රෝධය වපුරන ආකාරයෙන් මුදුණය කළ අත්පත්‍රිකා සහ පෝස්ටර් තොගයක් හමුවූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර කියා සිටියේ.

    ඔහු තවදුරටත් කියා සිටියේ මහනුවර සිද්ධිය මුල්කරගෙන පැමිණිලි 423ක් ලැබී ඇති බවයි. සෙසු ප්‍රදේශවලින් සිද්ධින් 22ක් වාර්තා වී ඇති බව ද ඔහු කියා සිටියා.

    පූජනීය ස්ථානවලට අලාභ හානි කිරිමේ සිද්ධින් දිවයින පුරා 24ක් සහ වාහනවල අලාභ කිරිමේ සිද්ධින් 65ක් වාර්තා වී ඇති බවත් ඔහු කියා සිටියා.

    ඉකුත් 4වනදා සිට 12වනදා දක්වා කාලය තුළ නිවාස හා වෙළඳසැල් වලට පහරදීමේ සිද්ධීන් 445කට අදාළව පැමිණිලි ලැබී තිබෙනවා. පූජනීය ස්ථාවලට පහරදීමේ සිද්ධීන් 23ක් වාර්තා වී ඇතැයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. සමස්ථයක් ලෙස අත්අඩංගුවට ගෙන ඇති මුළු සංඛ්‍යාව 280ක්.

     ඒ අතරට අසමගිය හා ප‍්‍රචණ්ඩත්වය ඇති කිරීම සඳහා කටයුතු කළ 10 දෙනෙකුද ඇතුළත් බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේ.

  • ෆේස්බුක් වාරණය අවසන් කරන දිනය ගැන ජනපති මෛත්‍රී ජපානයේ සිට කියපු කතාව මෙන්න..

    ෆේස්බුක් වාරණය අවසන් කරන දිනය ගැන ජනපති මෛත්‍රී ජපානයේ සිට කියපු කතාව මෙන්න..

    මහනුවර සහ අම්පාරේ ඇති වූ සිදුවීම්වලින් පසුව ෆේස්බුක් සමාජ ජාලය තාවකාලිකව තහනම් කිරීම ඉදිරි දින කිහිපයේදී ඉවත් කරන බවත්, සමාජ යහපත වෙනුවෙන් වන ප‍්‍රවාහයකට ඉඩ දුන්න ද සමාජය විනාශ කරන යම් දෙයක් වේ නම් එය පාලනය කිරීමට යම් ක‍්‍රමවේදයක් අවශ්‍ය බවත් ජනපති මෛත්‍රී පවසයි.

    ජපානයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ ජපානයේ වෙසෙන ශී‍්‍ර ලාංකිකයින් අතර හමුවක් අද (13) පස්වරුවේ ටෝකියෝ නුවර ඉම්පීරියල් හෝටලයේදී පැවැත්වුණු අතර එහිදී ජනාධිපතිතුමා මේ බව සදහන් කළේය.

    ජංගම දුරකථන, පරිගණකය, අන්තර් ජාලය, සමාජ මාධ්‍ය නිර්මාණය වූයේ මානව සමාජයේ යහපත සදහා බවත්, එයින් ලෝකයක දැනුම තමන්ට අත්කර ගත හැකි වුව ද අවාසනාවකට ශී‍්‍ර ලංකාවේ ඇතැම් දෙනා මෙම සම්පත් භාවිතා කරන්නේ රට විනාශ කිරීමට බව ද ජනාධිපතිතුමා මෙහිදී පැවසීය.

    එබැවින් මෙම සම්පත් නිසි ලෙස භාවිතා කිරීම පිළිබද නව වැඩපිළිවෙළක් ඉදිරි සති කිහිපය තුළ රටට හදුන්වාදීමට අපේක්ෂා කරන බව සදහන් කළ ජනාධිපතිතුමා, ඒ සදහා රජය මෙන්ම සියලූ පුරවැසියන් ද තම වගකීම් ඉටුකිරීමේ අවශ්‍යතාවය පෙන්වා දුන්නේය.

    ජාතික සමගිය නැති කිරීම, ජාතික ආරක්ෂාවට හානි කිරීම, පුද්ගලයන්ට කරන බරපතළ නින්දා කිරීම් වැනි දේ ඉවත් කර යහපත් සහ නිවැරදි දේ පමණක් හුවමාරු කෙරෙන මාධ්‍ය වැඩි වැඩියෙන් අවශ්‍ය බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

     

  • යකෝ පිස්තොලේ දෙන්නේ ධාතු මන්දිර රකින්නද? එම්.කේ කසුන් පොහොට්ටුවේ මැරයෝ ටික පෙරට..

    යකෝ පිස්තොලේ දෙන්නේ ධාතු මන්දිර රකින්නද? එම්.කේ කසුන් පොහොට්ටුවේ මැරයෝ ටික පෙරට..

    පසුගිය දා සමාජමාධ්‍ය තුලද මහත් ආන්දොලනයකට තුඩු දුන් පුවතක් උනු පෞද්ගලික බස් රථ රියදුරෙකුට පහරදීමේ සිද්ධියකට සම්බන්ධව අත්අඩංගුවට ගත් දකුණු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. කසුන් සහ ඔහුගේ බිරිඳ ලබන 27 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ ඔවුන් අද(13) කඩුවෙල මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

    බස් රථ රියදුරාට පහර දෙන අවස්ථාවේදී ඔවුන් සතුව තිබූ ගිනි අවියෙහි බලපත්‍රය ඉකුත් වී ඇති බවට ද හෙළිවී තිබෙනවා. පසුගිය සිකුරාදා බත්තරමුල්ල, කොස්වත්ත ප්‍රදේශයේදී අදාළ මන්ත්‍රීවරයා සහ ඔහුගේ බිරිඳ ගිනිඅවියක් ද අතැතිව බස් රථ රියදුරාට පහරදෙන ආකාරය පුද්ගලයෙකු ජංගම දුරකථනයකින් පටිගත කර තිබූ අතර ඔවුන් පසුගිය සෙනසුරාදා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද(13) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

    පළාත් සභා මන්ත්‍රී එම්.කේ. කසුන් මීට පෙර 2015 අගෝස්තු මාසයේ දිනයකදී බෙලිඅත්ත, දම්මුල්ල ප්‍රදේශයේදී දේශපාලන පක්ෂයක ආධාරකරුවන් පිරිසකට ගිනි අවි පෙන්වා බිය වද්දා පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප පිට නිදහස්ව සිටින අයෙක්.

    මේ අතර දකුණු පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී එම්.කේ කසුන්ට බරපතල හානියක් සිදුව ඇති බවත් ඔහුට බරපතල ආකාරයේ අසාධාරණයක් සිදුව ඇති බවත් දකුණු පළාත් සභාවේ මාසික රැස්විමේදි අද (13) කතා බහට ලක්වුන බවත් සදහන්.

    දකුණු පළාත් සභා මන්ත්‍රි අජිත් රාජපක්ෂ මෙහි දී පැවසුවේ තමාට නීතියෙන් හිමි පිස්තෝලය අතේ තියාගෙන කව් බෝයි වාගේ කටයුතු කරන්න හැකිද යන්නයි.

    එජාප දකුණු පළාත් සභා මන්ත්‍රි තෙන්න කෝන් නිලමේ, “මේ අපට නිල ගිනි අවියක් දී ඇත්තේ ධාතූ මන්දිරයක් ආකාරයට තියා ගන්නද? දෙවි වරුන්ටත් ආරක්ෂාවට පිරිස් ඉන්නවා. දිව්‍ය ලෝකයේත් සුරයෝ හා අසුරයෝ අතරද ගැටුම් ඇති වෙනවා. මේ අපගේ මන්ත්‍රි වරප්‍රසාද කඩ කරන්න එපා ලංකාවේම පළාත් සභාවේ මන්ත්‍රි වරුන්ට ආරක්ෂාව සපයා දෙන්න”.

  • රණතුංග පවුලටම අවමන් කරන දේශපාලු පොහොට්ටු ප්‍රසන්නගේ කෙරුවාව මෙන්න….

    රණතුංග පවුලටම අවමන් කරන දේශපාලු පොහොට්ටු ප්‍රසන්නගේ කෙරුවාව මෙන්න….

    බස්‌නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ප්‍රසන්න රණතුංග මහතා ඉල්ලා සිටි රුපියල් මිලියන 64 ක මුදලට අදාළ චෙක්‌පත් ඔහුගේ බිරිඳ ඇතුළු පිරිසට ලබාදුන්නේ කැමැත්තෙන් නෙමෙයි. නමුත් එල්ල වූ බලපෑම් අනුව එම චෙක්‌පත් ලබාදීමට තමාට සිදුවූයේ යෑයි ශ්‍රී ලංකා ටෙක්‌නොලජිස්‌ සමාගමේ විධායක අධ්‍යක්‌ෂ ක්‍රිස්‌ටියන් ගිහාඩ් මෙන්ඩිස්‌ නමැත්තා ඊයේ (12 දා) කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක මහතා ඇසූ පැනයකට පිළිතුරු දෙමින් ප්‍රකාශ කළේය.

    අකමැත්තෙන් එම මුදලට අදාළ චෙක්‌පත් ලබාදුන්නත් ඒ සම්බන්ධයෙන් පැමිණිලි නොකළේ ප්‍රබල දේශපාලනඥයකු වන ඔහු වැනි අයකු සමඟ ගැටුම් ඇතිකර ගැනීමෙන් සිය පවුලේ සාමාජිකයන්ට එල්ලවිය හැකි ජීවිත තර්ජන නිසා වන්නේ යෑයි ද සාක්‌ෂිකරු අධිකරණය ඇසූ පැනයකට පිළිතුරු දෙමින් ප්‍රකාශ කළේය.

    ව්‍යාපාරිකයකුට බලපෑම් කොට රුපියල් මිලියන 64 ක මුදලක්‌ ලබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ප්‍රධාන අමාත්‍ය ගම්පහ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග ඔහුගේ බිරිඳ මොරින් ස්‌ටෙලා රණතුංග හා ඇගේ ඥතියකු වන නරේෂ් කුමාර් පායිස්‌ නමැත්තාට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්‌ෂි විභාගය ඊයේ (12 දා) කොළඹ මහාධිකරණය හමුවේ ආරම්භ කෙරිණි. අධිකරණයේ නියෝගය පරිදි මහාධිකරණ භාෂණ පරිවර්තක ශිවන්ති රුහුණුහේවා මෙනවිය විසින් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ අධි චෝදනා කියවා දුන්නේය.

    ඊයේ අධිකරණය හමුවේ පෙනී සිටි විත්තිකරුවන් දෙදෙනා එම අධි චෝදනාවලට නිවැරදිකරුවන් බව ප්‍රකාශ කළ අතර තුන්වැනි විත්තිකාර නරේෂ් කුමාර් පායිස්‌ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සිය සේවාදායකයා වෙනුවෙන් නිවැරදිකරු බව ප්‍රකාශ කළේය. එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතාගේ මෙහෙයවීම යටතේ සාක්‌ෂි ලබාදුන් සාක්‌ෂිකරු මෙසේ ද ප්‍රකාශ කළේය.

    මගේ සමාගමේ අධ්‍යක්‌ෂවරියක්‌ ලෙස මගේ බිරිඳ කටයුතු කරනවා. අධි තාක්‌ෂණික උපකරණ සැපයීම, බැංකු කටයුතුවලට සී. සී. ටී. වී. සැපයීම කරනවා. මම මෙම ව්‍යාපාරය 1993 ඔක්‌තෝබර් මාසයේ ආරම්භ කළා. පිටකෝට්‌ටේ එහි කාර්යාලය තිබෙනවා. මම පදිංචි මොරටුවේ දැන් මගේ ආයතනය අසලම නිවසක්‌ හදාගෙන මම පදිංචිව සිටිනවා.

    මම මෙම නඩුවේ පළමු විත්තිකරු හා දෙවැනි විත්තිකරු හඳුනනවා. මෙම ඉඩම් ගනුදෙනුවට පෙර ගිහාන් සොයිසා යන මිතුරා මගින් මොවුන්ව හඳුනාගත්තා.

    නි. සො. ජ. – මොන ආකාරයේ ඉඩම් ගනුදෙනුවක්‌ ගැන ද ඔබ පළමු වැනි විත්තිකරු සමඟ ගනුදෙනු කළේ?

    සාක්‌ෂිකරු – මගේ රියෑදුරු ලෙස කටයුතු කළ අයගේ වුවමනාව මතයි මම මෙම ඉඩම් ගනුදෙනුවට සම්බන්ධ වුණේ. 28/9 මීතොටමුල්ල ප්‍රදේශයේ පිහිටි අක්‌කර දෙකයි දශම දෙකක්‌ විශාලයි එම ඉඩම. 2013.09.20 වැනිදා අජිත් පැස්‌කුවල් යන අයගෙන් එම ඉඩම මම මිලදී ගත්තා. ඔහු මගේ ආයතනයේ වසර 13 රියෑදුරු ලෙස කටයුතු කළා. පැස්‌කුවල්ගේ වාහනය මගේ ආයතනයේ කටයුතුවලට පාවිච්චි කළා. මම එම ඉඩම ටෝකියෝ සමාගමට 2015 අප්‍රේල්වල විකුණුවා. එම ඉඩමේ ඔප්පුව මට දැක්‌කොත් හඳුනාගන්න පුළුවන්. එම සමාගමේ නීතිඥවරුන් තමයි මේ ගැනුම්කර ඔප්පුව ලිව්වේ.

    පැස්‌කුවල්ගෙන් මම එම ඉඩම මිලදී ගත්තේ ඔහුගේ පුතෙක්‌ රෝගීව සිටියා, ඔහුට ඔස්‌ටේ්‍රලියාවේ ඉගෙනුම ලබන්න යන්න මුදල් ඕන වුණ නිසයි. ඔහු පදිංචිව සිටියේ නුගේගොඩ.

    මම එම ඉඩම මිලදී ගත්තේ අයිතිකරුවන් 21 දෙනෙක්‌ සිටියා. ඔවුන් සමඟ ඔහු ඇතිකර ගත්තු ගිවිසුම අනුවයි. ඒක ඔහුටම අයිති ඉඩමක්‌ නෙමෙයි. ඉඩමට ඇතුළුවන ප්‍රදේශයේ තවත් පවුල් 23 අනවසරෙන් පදිංචිවෙලා හිටියා. මම ඒක මිලදී ගත්තත් මට ඒකට ඇතුළුවෙන්න බැරිවුණා. අර අනවසර පදිංචිකරුවන් සිටි නිසා. ගිහාන් සොයිසා යන අය පොරොන්දු වී තිබුණා අර අනවසර පදිංචිකරුවන් අයින් කරන්න. හිටපු මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතාගේ නිවසේ පැවති සාකච්ඡාවකදී කොල්ලුපිටියේ ඔහුගේ නිල නිවසේ. අජිත් පැස්‌කුවල් කළ බලපෑම් හා ඉල්ලීම් නිසයි මම එම ඉඩම මිලදී ගත්තේ.

    මහ ඇමැතිතුමා සමඟ ගිහාන් සොයිසා ඇතිකරගත් ගිවිසුම අනුව එම ඉඩම මම මිලදී ගත්තා. එම වත්ත මිලදී ගන්න මාස හයකට පමණ පෙර තමයි එම සාකච්ඡාව ඇතිවුණේ.

    නි. සො. ජ. – ඔබ එම විත්තිකරුව කලින් දැනගෙන හිටියාද?

    සාක්‌ෂිකරු – නෑ, ස්‌වාමිනී එම සාකච්ඡාවට මම, අජිත් පැස්‌කුවල් හා ගිහාන් සොයිසා හිටියා.

    නි. සො. ජ – නරේෂ් පාරිස්‌ කියන්නේ කවුද?

    සාක්‌ෂිකරු – මේ නඩුවේ තුන්වැනි විත්තිකරු.

    නි. සො. ජ. – ඔබ තුන්වැනි විත්තිකරුව කලින් දැනගෙන හිටියාද?

    සාක්‌ෂිකරු – රේඩාර් උපකරණ වෙනුවට ලේසර් උපකරණ සැපයීමේ කටයුතු නිසයි මම සොයිසාව හඳුනාගත්තේ. ලංකා බැංකුවට, ජාතික ඉතිරි කිරීමේ බැංකුවට මම නව අධි තාක්‌ෂණ උපකරණ සැපයුවා. නරේෂ් පාරිස්‌ නමැත්තා ප්‍රසන්න රණතුංග මහතාගේ ළඟම ඥතියෙක්‌ බව පසුව දැනගත්තා.

    නි. සො. ජ. – ඔබ පළමුවරට එම ඉඩමේ අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීම ගැන සාකච්ඡා කළේ කවදාද?

    සාක්‌ෂිකරු – ප්‍රථමයෙන් අජිත් පැස්‌කුවල් තමයි ඒ ගැන කතා කළේ. ඔහුට පොරොන්දු වුණේ මහ ඇමැති උදව් නොකළ නිසා මට උදව් කරන්න කියලා අජිත් පැස්‌කුවල් කීවා. ගිහාන් සොයිසා එම අනවසර පදිංචිකරුවන් ඉවත් කරන්න පොරොන්දු වුණ බව ඔහු කීවා.

    ඉඩම මිලදීගත්තේ 2013/9/20, 2013/10/30 මට මහ ඇමැති කීවා සමුපකාර ගබඩාව හා කන්ටේනර් පර්යන්තය සඳහා පළාත් සභාවට එම ඉඩම ගන්න ඕන කියලා. අනවසර පදිංචිකරුවන් පදිංචිකරන්න පර්චස්‌ 40 මිලදීගෙන මගේ වියදමින් ගෙවල් 25 හදලා දෙන්න කියලත් ඔහු කීවා.

    හිටපු මහ ඇමැතිතුමාට තමයි ඉඩම් ගැන කටයුතු කරන්න බලය තිබ්බේ. මම ඉඩම මිලදී ගන්න පෙර ඔහු අනවසර පදිංචිකරුවන් ඉවත් කළා. එක අනවසර පදිංචිකරුවකුට මම රුපියල් 25,000 බැගින් ගෙව්වා. පාර සුද්ධ කරන්න ගිය විට තමයි මම දැනගත්තේ ඒක වගුරු බිමක්‌ කියලා.

    නි. සො. ජ. – පළමුවන විත්තිකරු කිව්ව පරිදි ඔබ එම පර්යන්තය හැදුවද?

    සාක්‌ෂිකරු – වැඩ පටන්ගනිද්දි තමයි මම දැනගත්තෙ ඒක වගුරු බිමක්‌ කියලා. ඒ වනවිට මම මිලියන 19 ක්‌ වැයකර තිබුණ නිසා මට අකමැත්තෙන් හෝ එම වත්ත මිලදී ගන්න සිදුවුණා. වගුරු බිම පුරවන්න ඉඩම් ගොඩ කිරීමේ කාර්යාලයෙන් අවසර ගන්න වුණා. 2014 මට එම අවසර ලැබුණා. හිතුවට වඩා ගැඹුරු නිසා ඒක පුරවන්න වසරක්‌ විතර ගියා. පර්චස්‌ එකක්‌ පිරවීමට රු. 5,000 ගෙවන්න වුණා රජයට. ඉඩම ගොඩකරන්න රු. මිලියන 90 ක්‌ විතර වැයවුණා. ණය අරගෙන තමයි මම එම කටයුතු කළේ. පළාත් සභාවෙන් මට දුන්න ලිපිය එනම් පළාත් සභාවෙන් එම ඉඩම රජය තක්‌සේරු මුදලට කුලී පදනම මත ඒක ගෙවන්න කිව්වා.

    2015 තමයි ඒක පුරවල ඉවර කරන්න පුළුවන් වුණේ. මම මූල්‍ය වශයෙන් අපහසුතාවට පත් වී තිබුණ නිසා මම එම ඉඩම විකිණීමට තීරණය කළා. ඒ ඉඩම මැද්දෙන් රේල් පාරක්‌ හදන්න පර්චස්‌ 80 වෙන්කළ බව දැනුම් දුන්නා.

    ඉඩම පිරවීම ගැන 14/1/16 වැනිදා මට දෙවැනි ලිපිය එව්වා. 14/1/14 නරේෂ් පාරිස්‌ මට කීවා අයියට වාසියක්‌ වෙන පොඩි ගැරන්ට්‌ එකක්‌ ඕන කියා. නරේෂ් පළමුවැනි විත්තිකරුගේ බිරිඳගේa ඥතියෙක්‌ බව මම එහිදී දැනගත්තේ.

    ඒක ඉදිරියට කරගෙන යන්න අවබෝධතා ගිවිසුමක්‌ හදමු කීවා.

    බන්දුල පෙරේරා කියන නීතිඥ මහතා ඒක හැදුවා. දෙවැනි ලිපිය ඇවිත් 2014/1/14 එම ගිවිසුම අත්සන් කළා. ශිවන්ති වනිගසේකර (2) පාර්ශ්වය. එම අවබෝධතා ගිවිසුම අත්සන් කරලා වසරකට පමණ පසුව මම එම ඉඩම විකුණන්න පියවර ගත්තා.

    අවබෝධතා ගිවිසුම අනුව විකිණීමේ බාධාවක්‌ තිබුණේ නෑ. එම ගිවිසුම තිබුණේ වසර පහක කාලයකට පළාත් සභාවට කුලී පදනම මත ලබාදීමටයි. ප්‍රසන්නගේ මිතුරකු වන ගුණරත්න යන අය ටෝකියෝ සමාගම සමඟ බ්‍රොaකර් වැඩේ කළා. සිමෙන්ති මිශ්‍ර කිරීමේ පර්යන්ත හදන්න තමයි ඒක ටෝකියෝ සමාගම ගන්න හැදුවේ. පළමු විත්තිකරු තමයි එම ඉඩම විකුණන්න බ්‍රොaකර්වරයකු ලෙස ඔහුගේ මිතුරකු යෙදෙව්වේ. පළමු වැනි විත්තිකරුට හා අජිත් පැස්‌කුවල් යන අයට මම කිව්වා කිසිම ආදායමක්‌ නැති නිසා ඒක විකුණන බව පොරොන්දු පරිදි ඉඩම ගොඩකිරීමට නොහැකි වීම හා ඉඩමේ වටිනාකම පිළිබඳව ඇතිවූ ගැටලු නිසා මම එම ඉඩම විකුණන බව පළමු වැනි විත්තිකාර ප්‍රසන්න රණතුංග මහතාට කීවා. රුපියල් මිලියන 204.8 කට එම ඉඩම ටෝකියෝ සිමෙන්ති සමාගමට විකුණන්න මම පොරොන්දු වුණා. එල්. ඕ. සී. ආයතනයෙන් හා කොමර්ෂල් ආයතනයෙන් මම ණය ලබාගෙන තිබුණ නිසා ටෝකියෝ සිමෙන්ති ආයතනය ලබාදුන් එම සම්පූර්ණ මුදලම එම සමාගම් දෙක ලබා ගත්තා. තැරැව්කරු ගුණරත්න යන අයට සම්පූර්ණ විකුණුම් මුදලින් සියයට තුනක්‌ ගෙවන්න ඕනෑ. ඉන් සියයට 50 ක මුදලක්‌ මුලින් ගෙව්වා. ඉතුරු සියයට 50 ට චෙක්‌පත් දුන්නා.

    ඉඩම විකුණුම් ගිවිසුම අත්සන් කරන විට නරේෂ් පාරිස්‌ නමැත්තා එහි සිටියා.

    නි.සො.ජ. – ඒක විකුණුවේ කොහේදිද?

    සාක්‍ෂිකරු – ටෝකියෝ සිමෙන්ති ආයතනයේදී.

    නි.සො.ජ. – ඔබ ඒ ගැන පළමුවැනි විත්තිකරුට දැනුම් දුන්නාද?

    සාක්‍ෂිකරු – මම ටෙලිෙµdaන් එකෙන් කීවේ නෑ. නමුත් නරේෂ් පාරිස්‌ එතන හිටියා ඔහු ඒ ගැන කියලා තියෙනවා.

    තුන්වැනි විත්තිකරු වන නරේෂ් පාරිස්‌ එම විකුණුම් ගිවිසුමේ සාක්‍ෂිකරුවකු ලෙසත් අත්සන් කළා.

    නි.සො.ජ. – ඔබ ඉඩම ටෝකියෝ සමාගමට විකුණුවාට පසු 15.4.7 වැනිදා විකුණුවාට පසු තුන්වැනි විත්තිකරු කතා කළාද?

    සාක්‍ෂිකරු – ඔව් ඔහු කීවා මාව හමුවෙන්න ඕනෑ කියලා. මට දුරකථනයෙන් කතා කරලා කීවා ඔහු රට යනවා කීවා. ප්‍රසන්න රණතුංග හමුවෙන්න කීවා. 10 වැනිදා චෙක්‌පතක්‌ අරගෙන මහ ඇමැති නිල නිවසේදී පළමු වැනි විත්තිකරුව හමුවන්න කියා නරේෂ් මට කීවා.

    නරේෂ් ලංකාවේ නැති දවස්‌වල මම ප්‍රසන්න රණතුංග මහතාට දුරකථනයෙන් කතාකර තිබෙනවා. ගුණරත්නගේ ගනුදෙනු අවසන් කරන්න කියා කීවා. නරේෂ් පාරිස්‌ගේ විදෙස්‌ ගමන් බලපත්‍ර ගාස්‌තු ගෙවන්නත් කියලා නරේෂ් මට කීවා. එම චෙක්‌පත්වලට මගේ බිරිඳත් අත්සන් කරන්න ඕන නිසා 2015.4.10 වැනිදා මගේ බිරිඳත් සමග මම එහි ගියා. හැටන් නැෂනල් බැංකුවේ මරදාන ශාඛාවේ චෙක්‌පත මම අරගෙන ගියා. මම ගියේ ගුණරත්නගේ කොමිෂන් එක ගෙවන්න. වත්තේ විකුණුම් මිලෙන් සියයට 31 ක්‌ ප්‍රසන්න රණතුංගගේ බිරිඳගේ නමට චෙක්‌පත් දෙන්න කීවා. 15.4.10 සවස 2.30 ට විතර අපි ප්‍රසන්න රණතුංග මුණගැසුණා. කෑම කන මේසෙට එන්න චෙක්‌ ලියන්න කියා මට ප්‍රසන්න රණතුංග කීවා.

    දැන් වත්තේ ගනුදෙනු ඉවරයි. දැන් ගනුදෙනු ඉවර කර ගනිමු කියා ප්‍රසන්න කීවා. වත්ත විකුණුවාම ඒ අයට මුදලක්‌ ගෙවන්න ඕන කියලා අපි අතර ඇතිකරගත් අවබෝධතා ගිවිසුමේ තිබුණේ නෑ. රුපියල් මිලියන 64 ක්‌ වටිනා චෙක්‌පත් 11 ක්‌ ඒ අයට දුන්නා. රුපියල් මිලියන 3 ක්‌ නරේෂ් පාරිස්‌ට මම අතින් දුන්නා.

    මේ ගනුදෙනුව කතා කළේ නරේෂ් පාරිස්‌. එහෙම කරලා තිබුණේ මහ ඇමැතිතුමාගේ උපදෙස්‌ පරිදි.

    නි.සො.ජ. – රුපියල් ලක්‍ෂ 640 ගැන මුලින්ම තමාට කීවේ කවුද?

    සාක්‍ෂිකරු – නරේෂ් පාරිස්‌ මම යන්න පෙර ප්‍රසන්න රණතුංගට ගනුදෙනු බේරන්න ඕනෑ කීවා. පළමුවැනි විත්තිකාර ප්‍රසන්න මට කීවා නරේෂ් කියන විදියට කරන්න කියලා ප්‍රසන්නගේ ආරක්‍ෂක නිලධාරීන් මගේ පිටුපස සිටියා. මම කීවා මේ වත්ත විකුණපු ආදායමෙන් කොමිෂන් දුන්නා කියා. මම කීවා සල්ලි නෑ පසුව දෙන්නම් කීවා මම කීවා ගිණුමේ සල්ලි නෑ කියලා. ඒකට කමක්‌ නෑ දැන් චෙක්‌පත් දෙන්න කියලා මට බලපෑම් කළා. නරේෂ් මට කීවා උඹ මගේ අයියා ගැන දන්නවනේ කියලා. ගුණරත්න මට කලින් බලපෑම් කළා.

    පළමුවැනි විත්තිකරු මට තර්ජන කර කීවා මට ඒවා අදාළ නෑ. මම කියන විධියට දැන් චෙක්‌ ලියන්න කියලා. බලපෑම් කළ නිසයි මම චෙක්‌පත් ලිව්වේ. එයා තමුන්ගේ රාජ්‍ය බලය පාවිච්චි කරලා මට බලපෑම් කළා. එයාගේ ආරක්‍ෂක නිලධාරීන් එතන හිටියා. මගෙත් මගේ භාර්යාවගෙත් ආරක්‍ෂාව වෙනුවෙන් මම එම චෙක්‌පත් ලීවා. එහෙම නොකළා නම් අපේ ජීවිතවලට තර්ජන එල්ල වෙන්න තිබුණා. එතනදිම නරේෂ් රුපියල් මිලියන 3 කුත් ප්‍රසන්න රණතුංග මිලියන 5 කුත් දුන්නා. එකම චෙක්‌පතින් එම චෙක්‌පත් 11 ම ලීවා. රුපියල් මිලියන පහේ චෙක්‌පත එදාම මාරු කරගෙන තිබුණා. ඒක මුදල් චෙක්‌පතක්‌.

    පළමු වැනි විත්තිකාර ප්‍රසන්න රණතුංගගේ උපදෙස්‌ මත තමයි තුන්වැනි විත්තිකාර නරේෂ් කටයුතු කළේ.

    අධිකරණය – කොයිම අවස්‌ථාවකදීවත් පළමු වැනි විත්තිකරු ඔබට කීවාද චෙක්‌පත අරගෙන එන්න කියලා.

    සාක්‍ෂිකරු – වාහන ගැන ගනුදෙනුවක්‌ තියෙනවා ඒ නිසා ඉඩම් විකිණීමේ ගනුදෙනු අවසන් කරන්න කියලා ප්‍රසන්න රණතුංග මට දුරකථනයෙන් කතා කරලා ඊට දින දෙකකට පමණ පෙරදී කීවා.

    උසාවිය – අවබෝධතා ගිවිසුම ගැන ඔබ කීවා. ඒ ගිවිසුමෙන් ඇතිකර ගත්තේ මොකක්‌ද?

    සාක්‍ෂිකරු – මගේ ඉඩම කුලී පදනම මත අරගෙන රුපියල් මිලියන 2.5 ක මුදලක්‌ පළාත් සභාවෙන් මාසිකව මට ගෙවනවා ඉන් සියයට 50 ක්‌ මටත් ඉතිරි සියයට 50 පළමු වැනි විත්තිකරු ඇතුළු පිරිසටත් ලැබෙන්න ඕනෑ කියලා තමයි එමගින් එකඟවෙලා තිබුණේ. ඒ ඉඩම විකුණන මුදලින් කිසිම කොටසක්‌ ඒ අයට දෙන්න ඕනෑ කියලා එම ගිවිසුමේ අඩංගු වුණේ නෑ.

    උසාවිය – එම අවබෝධතා ගිවිසුම අනුව එම ඉඩමේ යම් යම් කොටස්‌ එහි පාර්ශවකරුවන්ට අයිති බව පෙන්වා දී තිබෙනවා. ඔබ එය පිළිගන්නවාද?

    සාක්‍ෂිකරු – එහෙමයි. මම එදා දුන්න චෙක්‌පත් අතරින් රුපියල් මිලියන 5 ක චෙක්‌පත එදාම ප්‍රසන්න රණතුංගගේ ආරක්‍ෂක නිලධාරියකු විසින් මාරුකරගෙන තිබුණා.

    උසාවිය – ඔබ එම චෙක්‌පත් දුන්නේ කැමැත්තෙන්ද?

    සාක්‍ෂිකරු – නෑ මම ඒ ගෙවීම් කළේ කැමැත්තෙන් නෙමෙයි එල්ල වූ බලපෑම් නිසයි. මම එදා 2.30 ට විතර බැංකුවට කතා කරලා කීවා එම මුදල ගෙවන්න කියලා.

    අධිකරණය – ඔබ එම බලපෑම් ගැන පොලිසියට පැමිණිල්ලක්‌ කළාද?

    සාක්‍ෂිකරු – නෑ, තිබුණ බලපෑම් නිසා පැමිණිලි කරන්න එපා කියලා කට්‌ටිය කීවා. ඒ අයගේ හැසිරීම් ගැන මම දන්නවා ඒ නිසා පැමිණිලි කරන්න මම ගියෙත් නෑ. එහෙම පැමිණිලි කළා නම් මගේ පවුලේ අයගේ ජීවිත ගැන විශ්වාසයක්‌ තියන්න බැරිවෙනවා. සමහර චෙක්‌පත් ඉදිරි දින දාලා තමයි මම ලියුවේ. දින කිහිපයකට පසුව මම බැංකුවට දැනුම් දුන්නා ඉතිරි චෙක්‌පත්වලට මුදල් ගෙවන්න එපා කියලා. ප්‍රසන්න රණතුංගගේ ආරක්‍ෂක නිලධාරීන් සමහර දිනවල මගේ කාර්යාලය ඉදිරිපිටට ඇවිත් හිටගෙන සිටියා. පසුව මම නීතිඥවරයකු හමුවී ඒ ගැන කියලා එµa.සී.අයි.ඩී. එකට ඒ ගැන පැමිණිලි කළා.

    නි.සො.ජ. – පළමු වැනි විත්තිකරුට ඔබ දුරකථන ඇමතුම් දී තිබෙනවාද?

    සාක්‍ෂිකරු – ඔව්. ඔහුගේ කටහඬ මම අදුරනවා. ඔහු වැනි සමහර ප්‍රභූන් භාවිත කරන දුරකථන අංක ඇමතුම ලැබෙන්නාට නොපෙනෙන අයුරින් සකසා තිබෙන්නේ. පළමු වැනි විත්තිකරු මට කීවා එයාට මුදල් අවශ්‍යයි ඒ නිසා අගරු කරපු චෙක්‌පත්වලට මුදල් දාන්න කියලා. දේශපාලනඥයන් සමග හැප්පෙන්න යන එක සුදුසු නෑ කියලා හිතුන නිසා මම පුළුවන් තරම් උත්සාහ කළේ ඒ ගැන ගොඩින් බේරගන්නයි.

    ඔහු ලබාදුන් ඇමතුම අනුව ශ්‍රාවස්‌තියට ගියා. මමයි බිරිඳයි එහාට ගියේ. යාළුවෙක්‌ අපි සමග ගියත් ඔහුට එදා ඇතුළට යන්න දුන්නේ නෑ. ටැබ්, පොත් ගෙනියන්න දුන්නේ නෑ. නමුත් භාර්යාවගේ වෝක්‌මන් එකෙන් එදා කළ කතාබහ පටිගත කළා. සුදුසු මුදලක්‌ ගෙවන්න මම කල්ගත්තා. පසුව මගේ සාමාන්‍යාධිකාරි මේජර් විමල් මගින් චෙක්‌පත් 8-9 ඔහුට යෑව්වා.

    පළමු වැනි විත්තිකරු විසින් කරන ලද දැනුම්දීම අනුව ඊට පසු දවසක මම යළිත් ඔහුගේ නිල නිවසට ගියා. එවිට ප්‍රසන්න රණතුංග මට කීවා.

    කළු මල්ලි තමයි මීට පස්‌සේ තමුසෙත් එක්‌ක ගනුදෙනු කරන්නේ අගරු චෙක්‌පත් සියල්ලම හරියන්න පොරොන්දු නෝට්‌ටු ලියන්න කියලා මට පළමු වැනි විත්තිකරු කීවා. කළු මල්ලි කියන කෙනාට ඇමතුමක්‌ අරගෙන මට දුන්නා. එවිට ඔහු මට තර්ජනාත්මකව කතා කළා. මට ඕන වුණේ පළමු වන විත්තිකරු හා ඔහුගේ ආරක්‍ෂක නිලධාරීන් මගේ බිරිඳ හා දරුවන් ඉදිරියට පැමිණීම වළක්‌වන්නයි. ඒ නිසා මම ඔහු කිව්ව පරිදි පොරොන්දු නෝට්‌ටු පහක්‌ හෝ හයක්‌ අත්සන් කළා. සාක්‍ෂිකරු විධියට මගේ සාමාන්‍යාධිකාරි විමල් අත්සන් කළා.

    වැඩිදුර සාක්‍ෂි විභාගය ලබන 15 වැනිදා දක්‌වා කල් තැබිණි.

    ඒ. ඡේ. ඒ. අබේනායක

    උපුටාගැනීම-divaina.com

  • SLS සහතිකත් ලැබුණු ලුණු පැකට්ටුවෙන් ගෙම්බෙක් මතුවෙලා.. ඇත්ත කතාව මෙන්න..

    SLS සහතිකත් ලැබුණු ලුණු පැකට්ටුවෙන් ගෙම්බෙක් මතුවෙලා.. ඇත්ත කතාව මෙන්න..

    තමා පරිභෝජනය සඳහා වෙළෙඳසැලෙන් රැගෙන ආ ලුණු පැකට්ටුවේ මියගොස් වේළුණු ගෙම්බෙක් සිටි බව පොළොන්නරුව බැඳි වැව අායුර්වේද වෛද්‍යවරයෙකු වන කේ. ජී. රවින්දු කුමාර පවසනවා.

    මේ පිළිබඳව ඔහු දැක්වූ අදහස් සහ ඡායාරූප පහතින්…

    “මම පසුගිය දවසක ගේ ළඟ කඩෙන් ලුණු ඇතුළුව වෙනත්  කෑමට ගන්නා බඩු  ගෙදරට ගෙනාවා. අද උදේ ලුණු පැකට් එක කඩලා වෑංජනයට දාන්න හදකොට ලුණු පැකට් එක් ඇතුළේ ලොකු ලුණු කැටයක් තිබුණා. ඒක මම පොඩි කරනනකොට කළු පාට මොකක්දෝ තිබුණා. බලපුවාම ගෙම්බෙක්. මට හිතා ගන්න බැරි වුණා මොකක්ද මේ කියලා.  මම දන්න විදියට ගෙම්බෝ  විෂ සහිත අය ඉන්නවා. මේ ලුණු පැකට් එක අයිති සමාගම හම්බන්තොට ප‍්‍රදේශයේ එකක්. එම සමාගම විසින් රට පුරා මෙම ලුණු බෙදා හැර තිබෙනවා.

    කවුරු හරි කියනවා නම් අපි බොරුවක් කියනවා කියලා මේ ගෙම්බා පරීක්ෂා කර බලන්න පුළුවන් ලුණු පැකට් එකේ හිටියාද නැද්ද කියලා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් පරික්ෂා කිරීමෙන් පසු මිනිස් පරිභෝජනයට සුදුසු බව අනුමත කළ ලුණු පැකට් එකක් තමයි මේ. මේ ලුණු පැකට්  එකේ ශ්‍රී ලංකා ප‍්‍රමිති සහතිකය තිබෙන එකයි පුදුම වැඩේ. මම මේ සම්බන්ධයෙන් පාරිභොගික අධිකාරියටත් පැමිණිලි කළා. ජනතාව පරිභෝජනය කරන ආහාර පිළිබඳ සෞඛ්‍ය අංශ බලධාරීන් දැඩි කි‍්‍රයා මාර්ග ගත යුතුයි”

  • රට ගිනි තැබු මහනුවර ගැටුමට සම්බන්ධ මහින්දගේ මන්ත්‍රීන් දෙදෙනා ශ්‍රිලනිපයෙන් දොට්‌ට !

    රට ගිනි තැබු මහනුවර ගැටුමට සම්බන්ධ මහින්දගේ මන්ත්‍රීන් දෙදෙනා ශ්‍රිලනිපයෙන් දොට්‌ට !

    මහනුවර දිස්‌ත්‍රික්‌කයේ ඇතිවූ ජාතිවාදී ගැටුම්වලට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති ඒකාබද්ධ විපක්‌ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ මන්ත්‍රීන් දෙදෙනාගේ පක්‌ෂ සාමාජිකත්වය තහනම් කිරිමේ යෝජනාවක්‌ ඉදිරි ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කිරීමට නියමිත බව “දිවයින” පුවත්පත වාර්තා කරයි.

    සිංහල, දෙමළ, මුස්‌ලිම් සියලුම ජාතීන් නියෝජනය කරන ජාතික දේaශපාලන පක්‍ෂයක්‌ වන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට ජාතිවාදී ලේබලය ඇලවීමට කිසිවකුට ඉඩදිය නොහැකි බවද එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින්ගේ ස්ථාවරය වී ඇත.

    පොලිස්‌ පරීක්‍ෂණවලින් එම මන්ත්‍රීවරුන් දෙදෙනා වැරැදිකරුවන් බව ඔප්පු වුවහොත් ඔවුන්ට දැඩි දඬුවම් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් පිරිසක් ජනාධිපතිවරයා ගෙන් ඉල්ලීමක් කර තිබේ.

    මහනුවර ප්‍රචණ්ඩ ක්‍රියාවලට එම දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු සම්බන්ධ බව කැබිනට් ප්‍රකාශක ඇමති රාජිත සේනාරත්න මහතා අවධාරණය කර සිටියි. ඔහු එබව සඳහන් කලේ පසුගිය බදාදා පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි. 

    ජනාධිපතිගෙන් කමිටුවක් :

    මෙවැනි චෝදනා සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇති  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, මහනුවර ප්‍රදේශයේ පැතිර ගිය ආගමික පදනමකින් යුත් ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම පිණිස විශ්‍රාමික විනිශ්චයකාරවරුන් තිදෙනෙකුගෙන් සමන්විත ජනාධිපති පරීක්ෂණ කොමිසමක් පත් කිරීමට තීරණය කර ඇත.

    ප්‍රචණ්ඩ ක්‍රියාවලට තුඩු දුන්නේ කවර හේතූන් ද, දේපළවලට සිදු වූ හානිය සහ ප්‍රචණ්ඩ ක්‍රියා පිටුපස කිසියම් කුමන්ත්‍රණයක් පවතින්නේ දැයි යන්න මෙන්ම යළිත් වරක් මෙවැනි ගැටුමක් ඇතිවීම වළක්වන්නේ කෙසේ දැයි යන්න ද කොමිෂන් සභාව විසින් විමසා බලනු ඇති බවත් ඒ සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

  • රට ගිනි තියපු මිනිහට සුදුහුනු ගාන්න ආපු මහ සොහොන්ගේ බිරිදට නොපෙනුනු විඩියෝව යලි කරලියට.

    රට ගිනි තියපු මිනිහට සුදුහුනු ගාන්න ආපු මහ සොහොන්ගේ බිරිදට නොපෙනුනු විඩියෝව යලි කරලියට.

    පසුගියදා මහනුවර සිදුවූ ජාතිවාදී කලබල ඇති කිරීමට මූලිකවූ බව පවසමින් අත්අඩංගුවට පත්වූ මහසොහොන් බලකායේ ප්‍රධානී අමිත් වීරසිංහගේ බිරිය ජයංගනී සිතුම් කුමාරි ඊයේ තමන්ගේ සැමියා නිර්දෝෂී බව කියමින් මානව හිමිකම් පැමිණිල්ලක් ගොනු කර තිබේ.

    ‘මගෙ මහත්තය මහසොහොන් බලකායෙ අමිත් වීරසිංහ මේ වෙනකොට ත‍්‍රස්තවාදී විමර්ෂණ ඒකකයෙන් අත්අඩංගුවට අරගෙන තියෙනවා. කාටවත් හානියක් වෙන දේවල් එයා කවදාවත් කියලවත් කරලවත් නෑ. කඩවල් පල්ලි ගිනි තියන්න කියල සමාජය දැනුවත් කරල නෑ.

    අසත්‍ය තොරතුරු පතුරුවා හරිමින් ඒ පිළිබඳ ජාතිවාදී ආකල්ප සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය කළ බවට චෝදනා යටතේ ප්‍රධාන සැකකරු අමිත් වීරසිංහ  සහායක සුරේද සුරවීර ඇතුළුව සැකකරුවන් 10 දෙනකු පසුගිය 8 වනදා අලුයම ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරී කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත් බව පොලිසිය දැනුම් දී ඇති අතර ඔවුන් දින 14 ක කාලයක් සඳහා රැඳවුම් භාරයේ තබා ඇත.

  • ජීවිත බියෙන් දිව ආ මුස්ලිම් පවුල් පන්සලේ හංගාගෙන නවාතැන් දුන් ගොමගොඩ හාමුදුරුවෝ..

    ජීවිත බියෙන් දිව ආ මුස්ලිම් පවුල් පන්සලේ හංගාගෙන නවාතැන් දුන් ගොමගොඩ හාමුදුරුවෝ..

    මහනුවර ජාතිවාදී කලබලයක් මතුවෙමින් පැවති ඉකුත් 06 වැනිදා ගොමගොඩ පන්ස‍ලේ ඇතිවූ සංසිද්ධිය බෞද්ධ හිමි නමකගේ විශිෂ්ට හැසිරීමක් සම්බන්ධව රටට ආදර්ශයක් සැපයූවකි.

     “අනේ අපේ හාමුදුරුවනේ අපිව බේරගන්න අපේ මේ දරුවෝ එක්ක අපිට දුවන්න බෑ. හැංගෙන්න තැනක් නෑ. “ගොමගොඩ මුස්ලිම් පිරිසක් ඔවුනගේ දරු පැටව් සමග ගොමගොඩ පන්ස‍ලේ හාමුදුරුවෝ ළඟට ආවේ අඳුර පැතිර යමින් රැය ආරම්භ වූ මොහොතකය.

     පන්සලට පැමිණි මුස්ලිම් කාන්තාවන් අතර එක් කාන්තාවක් අත මාස දෙකක බිළිඳෙකු ද සිටිනු ගොමගොඩ පන්ස‍ලේ කහගල ධම්මානන්ද හිමියන් දුටුවේය. මේ පිරිස දැකීමෙන් උන්වහන්සේගේ හදවත සංවේදි විය. පන්සලට පැමිණි මුස්ලිම් දෙමළ පිරිමි ගැහැනු හා දරුවන් සියලු දෙනාම පන්සල ඇතුළට කැඳවා ගත් හාමුදුරුවෝ ඔවුන්ට නවාතැන් දුන්නේය.

    පන්ස‍ලේ තිබුණු කොට්ට පැදුරු සියල්ල පන්ස‍ලේ ගොඩනැගිල්‍ලේ ඇතුළත බිම දමා බියටත් කම්පනයටත් පත්ව සිටි පිරිස හිදුවා හාමුදුරුවෝ ඔවුන්ට බිස්කට් හා තේ වතුර සංග්‍රහයක්ද සූදානම් කළෝය.

    එසේ කළ ධම්මානන්ද හිමියෝ පණිවුඩ යවා ගමේ දායකයින් කීප දෙනෙකු කැඳවා ගත්තේය. අපේ ගමේ කිසිකෙනෙක් කලබලවලට හවුල් වෙන්න බෑ. මේ බලන්න මේ අහිංසකයෝ කිරි කැටි දරුවෝ එක්ක ගුලිවෙලා ගැහෙනවා. අපි කව්රුත් මනුෂ්‍යයෝ සිංහලයෝ මුස්ලිම් අයට ගහනවා කියලා

    මේ අය පන්සලට දුවගෙන ආවේ අපෙන් ඔවුන්ට කරදරයක් නැති බව විශ්වාසයෙනි. අපි ඔවුන් රැක බලා ගන්න ඕනේ ධම්මානන්ද හිමි පන්සලට පැමිණි දායකයින්ට කීහ. 

    කිරි කැටියන් තුරුල් කරගත් මුස්ලිම් කාන්තාවක් බයෙන් ගැහෙනු දැක ඔවුන්ගේ හදවත්ද සසල විය. ඔවුන්ද මේ අසරණභාවයට පත්ව සිටි පිරිසට ආහාර පිළියෙළ කර දෙන්නට ඉදිරිපත් වූහ. ඒ වන විටත් ධම්මානන්ද හිමි උන්වහන්සේට හැකි අයුරින් බිස්කට් විස්කෝතු සමග ඔවුන්ට තේ බොන්නට දී තිබුණි. බඩ ගින්නට වඩා ඔවුන්ට තිබුණේ ජීවිත ආරක්ෂාව පිළිබඳ බියකි. 

    දෙමසක් වයසැති බිළිඳකු අතැතිව සිටි ෆාතිමා අපට කීවේ මෙවන් කතාවකි. එදා අපි ගෙදර හවස කෑම උයමින් සිටියේ. අපි දැන ගෙන හිටියා දිගන නගරයේ කලබල තියෙනවා කියලා අපිත් බයේ තමයි හිටියේ. ඒ ගැන හිතමින් සිටියදී තමයි ත්‍රීවීලර් එකකින් කට්ටියක් කෑ ගහගෙන ගියේ.

     ඔවුන් කිව්ව දේ අපට පැහැදිලිව ඇහුණෙ නෑ. ඒ වුණාට මුස්ලිම් අය සිංහල කෙනෙක් මැරුවා කියල සිංහල අය මුස්ලිම් අයට ගහන්න එනවා කියලා අපිට ආරංචි වුණා. අපි බය වුණේ මේ පුංචි දරුවත් අරගෙන මටවත් අපේ ගෙදර අයටවත් යන්න තැනක් තිබුණෙනැති නිසයි මේ ගැන හිත හිත ඉන්න කොට තමයි ගමේ මුස්ලිම් අය හැමෝම පන්සලට යමු කියලා තීරණයක් ගත්තේ. අපේ හාමුදුරුවෝ කාටවත් කරදර කරන්නේ නෑ. උන්වහන්සේ ගැන අපිටත් විශ්වාසයක් තිබුණා. ඒ නිසා අපි උයන්න ගත්තුව එහෙම දාලා සමහර අයගේ ගෙවල්වල බාගෙට ඉදුණු බත් එක නිවා දාලා පන්සලට ආවා. හාමුදුරුවෝ අපිට ආරක්ෂාව දීලා කන්න බොන්න දීලා නිදා ගන්නත් ලෑස්ති කරලා දුන්නා යැයි ඇය කීවාය. 

    ධම්මානන්ද හිමියන් අපිට පැවසුවේ බුද්ධාගමේ උගන්වන්නේ මනුෂ්‍ය ගුණධර්ම ගැනයි. අපි බෞද්ධයෝ නම් ඒ ගුණධර්ම ආරක්ෂා කරගෙන ඒ අනුව කටයුතු කරන්න ඕනේ. මුස්ලිම් අය කීප දෙනෙක් පහර දීලා අපේ සිංහල මනුෂ්‍යයෙක් මැරුණා. අපි ඒක අනුමත කරන්නේ නෑ. සිංහල සිංහල අයත් මුස්ලිම් මුස්ලිම් අය අතරෙත් ඔය වැනි සිද්ධි වෙනවා. එහෙම වෙලාවට අපි මේ විදියට කලබල කර ගන්නවාද? ඇයි මේ ආරවුල් ජාතිවාදී ආරවුල් බවට පත් කරගන්නෙ ආරවුලට සම්බන්ධ වූ අයට පමණක් අපේ අය දඬුවම් දෙනවා නම් ඒක තරමක් හෝ සාධාරණයි කියල හිතන්න පුළුවන්. එහෙම නැතිව ගැටුමට කිසිම සම්බන්ධයක් නැති අයට පහර දීලා ඔවුන්ගේ දේපළවලට හානි කිරීම කව්රු කළත් වැරදියි. 

    මොන ජාතියට අයත් වුණත් අසරණ වෙලා අපේ ළඟට එන්නෙ අපි ගැන විශ්වාසයෙන්. ඒ නිසා අපිට අහක බලාගන්න බෑ. කිරි කැටියෝ තුරුල් කරගෙන ගැහෙමින් ජීවිත ආරක්ෂාව ඉල්ලාගෙන පන්සලට ආවා. මේ ප්‍රදේශයේ මුස්ලිම් ජනතාවට මට පුළුවන් විදියට පන්ස‍ලේ නවතින්න ඉඩකඩ දුන්නා. මට පුළුවන් විදියට කන්න බොන්නත් දුන්නා. මගේ දායකයිනුත් ඔවුන්ට කන්න ගෙනත් දෙන්නද කියලා මගෙන් ඇහුවා. ඒ විදියට අපේ ගමේ මගේ දායකයෝ සමගියෙන් කටයුතු කරනවා. මගේ දායකයෝ කව්රුත් ඔය කලබලවලට ගියේ නෑ. ධම්මානන්ද හිමියෝ අප සමග කීහ. 

    මුස්ලිම් තරුණයින්ගේ පහර දීමෙන් මියගිය අයගේ නිවසට යන පාරේ පිහිටි මුස්ලිම් පල්ලියට හා ඒ ප්‍රදේශයේ මුස්ලිම් දේපළවලට හානියක් නොවී රැක ගත්තේද අපේ බෞද්ධ හිමි නමකි. උන්වහන්සේ අම්බා‍ලේ පේරකැටිය විහාරයේ අධිපති කීණපැලැස්සේ උපාලි ඤාණිස්සර හිමියන්ය. මියගිය තැනැත්තාගේ ගමේ පන්සල පේරකැටිය විහාරයය. එහෙම අයද ගැටුම්වලට සම්බන්ධ වීම වළක්වා ගෙන ඇත්තේ උපාලි හිමියන්ය. රටක් ගිනි තියන්න ඇතැම්හු අවස්ථා සොයමින් සිටියදී ගිනි ගැනීම් වළක්වන්නට කටයුතු කළ මෙවැනි යථිවරයන්ද සිටි බව අපි සටහන් කරන්නේ ඔබට යමක් සිතන්නට ඉඩ ඉතිරි කරමිනි.

    සටහන – ජයසූරිය උඩුකුඹුර
    ඡායාරූප :ලක්මාල් වසන්ත

     

     

  • බුකි තහනම ඉවත් කරන්න ඩිජිටල් ඇමතිගෙන් කොන්දේසි. රටම හිනස්සන ගොං ජෝක් එක මෙන්න..

    බුකි තහනම ඉවත් කරන්න ඩිජිටල් ඇමතිගෙන් කොන්දේසි. රටම හිනස්සන ගොං ජෝක් එක මෙන්න..

    ශ්‍රී ලංකාවේ ෆේස්බුක් තහනම ඉවත් කිරීමට නම් ශ්‍රී ලංකා රජය ලබා දෙන කොන්දේසී වලට ෆේස්බුක් ආයතනය එකග විය යුතු බවට  විදුළි සංදේශන ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු පවසනවා.

    ජාතිවාදය සහ ජාතික ආරක්ෂාවට හානි වෙන  වෙබ් අඩවි භාවිතයෙන් ඉවත් කිරිම ඇතුලූ රජය විසින් ලබාදෙන කොන්දේසි සියල්ල ඉටුකිරිමට ෆේස්බුක් ආයතනය කටයුතු  කළ යුතු බවටයි ඇමතිවරයා වැඩි දුරටත් පවසන්නේ.

    එහිදි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ

    ” මේ සම්බන්ධයෙන් තීරණයක් ගන්න ෆේස් බුක් ආයතනය නිර්දේශය දෙනකං තමයි අපි බලන් ඉන්නේ. ජාතිවාදය  ඇතුලූ  කරුණු  සම්බන්ධයෙන්  වෙනස්කම්  කරන්න කියලා අපි දිගින් දිගටම ඉල්ලීම් කරලා තිබුණට එම ආයතනය ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් අරගෙන තිබුනේ නැහැ. 
     
    මෙම ගැටලූවේදී මේක තමයි අපිට තිබුන ලොකුම බාධකය.  නමුත් මේ අය දිගින් දිගටම මේ ගැන කිසිදු දෙයක් කරලා තිබුනේ නැහැ.  ඒ අය කියන්නේ සිංහල කියවන්න පුලූවන් අය ඒ අයට අඩුය කියලා.
     
    එදා දවසේ අපි මේ තීන්දුව ගත්තේ නැත්නම්  මේ ප‍්‍රශ්ණය විසදන්න ලැබෙන්නේ නැහැ. ෆේස්බුක් ආයතනය අපිට කියලා තියෙනවා මේ සම්බන්ධයෙන් කථා කරනවා කියලා. මේ සම්බන්ධයෙන් ෆේස්බුක් ආයතනයේ  තීන්දුව ලබාදෙනකන් අපි බලාගෙන ඉන්නේ. 

    ජාතිවාදය සහ ජාතික ආරක්ෂාවට හානි වෙන  බවට විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව හෝ සර්ට් ආයතනය හෝ දෙන  ඕනෑම වෙබ් අඩවියක් අයින් කරනවා කියන කොන්දේසිය  ඔවුන් අපිට ලබා ලබාදිය යුතුයි. ඒ වගේම සිංහල කියවන්න පුලූවන් වැඩි දායකත්වයක් ගන්න අය ෆේස්බුක් එකට ඇතුළත් කරගන්නවනම්  අපි මේ තහනම ඉවත් කරගන්නවා කියන එක තමයි අපේ ස්ථාවරය’’ ලෙසය. 

  • මහනුවර රියදුරාට පහරදීමේ සිද්ධිය ගැන මුල්වරට ඥාතියෙක් හෙලිකළ ඇත්ත කතාව මෙන්න

    මහනුවර රියදුරාට පහරදීමේ සිද්ධිය ගැන මුල්වරට ඥාතියෙක් හෙලිකළ ඇත්ත කතාව මෙන්න

    මහනුවර කලහාකරී සිද්ධියට මුල්වූ සිද්ධියක් වූ, රියදුරාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ ඥාතියෙකු තෙල්දෙණිය පොලිසියට ප‍්‍රකාශයක් ලබාදී තිබෙනවා.

    එම ප‍්‍රකාශයට අනුව පහරදීමට ලක් වූ කුමාරසිංහ නමැති පුද්ගලයා අලුයම 1.00 පමණ අදාළ ඥාතියා හමුවීමට පැමිණ තිබෙනවා.

    ඔහු මුණගැසී කුමාරසිංහ ප‍්‍රකාශ කර ඇත්තේ තමන්ට එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් පිරිසක් පහරදුන් බවයි. ඒ අවස්ථාවේ ඔහුගේ හිසෙහි තුවාලයක් දක්නට ලැබුණු බවද අදාළ ඥාතියා පොලිසියට පවසා තිබෙනවා.

    එහිදී තමන් කුමාරසිංහට පොලිසියට පැමිණිල්ලක් කරන ලෙස මෙන්ම රෝහල්ගත වන ලෙස උපදෙස් ලබාදුන්න ද ඔහු එය ප‍්‍රතික්ෂේප කළ බවයි එම ඥාතියා ප‍්‍රකාශ කළේ.

    පසුව කුමාරසිංහ තමන් පැදවූ ලොරි රථයේ සහයක සහ තවත් පුද්ගලයෙකු සමග පිටත්ව ගොස් ඇති අතර යළි අලූයම 2.00 පමණ දුරකතන ඇමතුමක් ලබාදී තමන්ට අසාධ්‍ය බව අදාළ ඥාතියාට ප‍්‍රකාශ කර තිබෙනවා. එහිදී තමන් කුමාරසිංහ සිටි ස්ථානයට ගිය බවද රෝහල්ගත කිරීමෙන් පසු ඔහු මියගිය බවද එම ඥාතියා පොලිසියට ලබාදුන් ප‍්‍රකාශයේ සඳහන්. 

    මේ අතර මියගිය කුමාරසිංහ නමැත්තාට කිසියම් පිරිසක් පහරදී තිබුණේ ඔහු සේවය කළ ඉන්ධන පිරවුම්හල ආසන්නයේදීමයි. එහෙත් ඔහු මුදා ගැනීම සඳහා ඉන්ධන පිරවුම්හලේ සිටි කිසිවෙකුත් කටයුතු කර නොමැති බවද නෙත් නිවුස් වෙත වාර්තා වුණා.  

  • බිරිද මදිවෙලා ගැහැණු 300 ක්( නිළියෝ 40ක්) එක්ක හිටපු කොළඹ කෝටිපති පුතාගේ කතාව මෙන්න

    බිරිද මදිවෙලා ගැහැණු 300 ක්( නිළියෝ 40ක්) එක්ක හිටපු කොළඹ කෝටිපති පුතාගේ කතාව මෙන්න

    ජීවිතය හදා ගැනීමට කොතරම් කලක් ගත උනත් ජීවිතය විනාස කරගැනීමට ගත වන්නේ එක තත්පරයක වැරදි සිතුවිල්ලක් පමනි.
    පැල්මඬුල්ල මිතුරු මිතුරෝ විශෝධන මධ්‍යස්‌ථානය කුඩු නිසා වැනසුණු ජීවිත මෙන්ම වැරදි පුරුදු නිසා විනාස උනු ජීවිත යහමගට ගැනීමට හරි මග පෙන්වන වෙද පන්සලකි. පන්සලේ ජීවකයාණෝ කුප්පියාවත්තේ බෝදානන්ද හාමුදුරුවෝය.
    උන්වහන්සේ කුඩු බී විනාශ වූ තරුණ ජීවිත සුවපත් කිරීමට බෙහෙත් ගුලි, කසාය, අරිෂ්ට ලබා නොදෙති. මානුෂීය, සදාචාරාත්මක, සංස්‌කෘතික සහ ආධ්‍යාත්මික සංවර්ධනයක්‌ තුළින් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූවන් විශෝධනය කිරීම, සෞඛ්‍ය සම්පන්න ජීවිත රටාවක්‌ සහ ආර්ථික ස්‌ථාවරත්වය තුළින් පුද්ගලයන් මත්ද්‍රව්‍ය සඳහා යොමුවීම වැළැක්‌වීම මිතුරු මිතුරෝ විශෝධන මධ්‍යස්‌ථානයේ වෙදකමය. මේ කැසිනෝ සූදුවේ අන්තයට ගොස්‌ විනාශයේ පතුලට වැටුණු ව්‍යාපාරික තරුණයකු කියු සත්‍ය කතාවකි.
    “කැසිනෝ ගහලා දිනලා හිටපු සේරම සල්ලි පරාද වුණා. ඉඩම් ගන්න කියලා තාත්තාගෙන් සල්ලි ඉල්ලගෙන ඒවත් පරාද වුණා.
    තාත්තාගේ ලාච්චුවෙන් සල්ලි ටික ටික ඇදගෙන ගිහින් සෙල්ලම් කළා. අම්මගෙන් සල්ලි ඉල්ලගත්තා. මගේ බැංකු පොත්වල තිබුණු සල්ලිත් ටික ටික ගත්තා.

    ඒත් දිනුමක්‌ නෑ පරාජයම විතරයි. තාත්තා මට අරගෙන දීලා තිබුණ කාර් එකත් විකුණලා කැසිනෝ ගැහුවා.
    ඒ සල්ලිත් පරාදයි. මගේ ඔළුව කරච්චල් වුණා. සති ගණන් ගෙදර යන්නේ නැතිව කොළඹ යාළුවන්ගේ ගෙවල්වල, හෝටල්වල නතර වෙලා කැසිනෝ ගැහුවා.
    ඒ වෙනකොට කොළඹ කැසිනෝ ක්‌ලබ් මට ගෙදර වගෙයි.

    හැම කැසිනෝ ක්‌ලබ් එකකම මට මෙම්බර් සිප් එක තිබුණා. මෙම්බර් සිප් එකක්‌ ඉෂූ කරන්නේ විශාල මුදලක්‌ පරාද වෙච්ච කෙනෙකුට තමයි. මෙම්බර් සිප් එකට හතරදෙනෙක්‌ අරගෙන යන්න පුළුවන්. ඒ යන හතරදෙනාටම කෑම, බීම සියල්ලම නොමිලේ.

    ඒ වෙනකොට කැසිනෝ ක්‌ලබ් අයිතිකාරයොත් මාව දැනගෙන හිටියා. ඒ දැනගෙන හිටියෙත් අපේ තාත්තාගේ නමින්. අපේ තාත්තා දකුණු පළාතට විතරක්‌ නෙමෙයි ලංකාවේම ව්‍යාපාරිකයන් අතර ප්‍රසිද්ධයි.
    අපේ තාත්තා හොඳට විනෝද වෙච්ච කෙනෙක්‌.

    ඒත් තාත්තා ඕවර් ගියේ නෑ.
    හැමදේම කළේ සීමා මායිම්වල ඉඳගෙන. ඒ වගේම තාත්තයි, මමයි හිටියෙත් යාළුවො වගෙයි.

    මම අවුට්‌ යනවා කියලා දැනගත්තට පස්‌සෙ තාත්තා මට නිතරම කිව්වේ ඔයාට ඩ්‍රින්ක් එකක්‌ දාන්න ඕන නම් අපි දෙන්නත් එක්‌ක සෙට්‌ වෙමු කියලයි. තාත්තා මත්පැන්වලට ලොල් නෑ.
    පාටිවලට ගිහාම අපි දෙන්නා එකට සෙට්‌ වෙලත් තියෙනවා.

    මම නයිට්‌ ක්‌ලබ් යනවා කියලත් තාත්තා දැනගෙන හිටියා. ඒත් කැසිනෝ යනවා කියලා දැනගෙන හිටියේ නෑ. දවස ගානේ මම බැංකු පොත්වලින් සල්ලි අදිනකොට ඒ බැංකුවලින් කතා කරලා තාත්තට කියලා තිබුණා.
    ‘ජයේ පුතා අවුට්‌ යනවා වගේ තේරෙනවා.

    දැම්ම කියලා හදාගත්තොත් හොඳයි’ තාත්තාගේ යාළුවො කිහිපදෙනෙක්‌ම එහෙම කියලත් තිබුණා. ඒ ආරංචිත් එක්‌ක තාත්තා ටිකක්‌ සැරෙන් මට කතා කරලා ‘අමාරුවෙන් ගොඩනඟාගත්ත ලෝකය විනාශ කර දාන්න එපා’ කියලා දොස්‌ කිව්වා. ඊට ටික දවසකට පස්‌සේ තාත්තා මට මංගල යෝජනාවක්‌ ගෙනත් ඉක්‌මනටම වෙඩින් එකත් ගත්තා.

    ඒත් මම හොයන සතුට, වින්දනය මගේ නෝනාට දෙන්න බැරි වුණා. මගේ නිශාචර ජීවිතයේ වෙනසක්‌ වුණේ නෑ. පෙරටත් වඩා වැඩි වුණා.

    අපේ කසාදයට වැඩි ආයුෂ තිබුණෙත් නෑ. කසාදය කැඩුණා කියලා මට දැනුනෙවත් නෑ. එතකොට මගේ ජීවිතය වෙලා තිබුණේ කැසිනෝ සහ ගෑනු.
    පවුලේ එකම පිරිමි දරුවා මමයි. මගේ අයාලේ යැම අපේ පවුලටම ලොකු බලපෑමක්‌ වුණා. තාත්තා ඒ ගැන ගොඩක්‌ හිතුවා. තාත්තා ව්‍යාපාර අතින් වගේම ශරීර සෞඛ්‍යය පැත්තෙනුත් වැටුණා. අන්තිමට තාත්තා හාට්‌ ඇටෑක්‌ එකකින් නැති වුණා. ඒ වෙනකොට මමත් නැත්තටම නැති වෙලා හිටියේ. කැසිනෝ යන්න තියා නයිට්‌ ක්‌ලබ් එකකටවත් යන්න සල්ලි තිබුණේ නෑ.

    අතේ සතේ නැති වුණහම රුපියලක්‌ දෙන්න බලු බල්ලෙක්‌ හිටියේ නෑ. තාත්තා නැති වුණා කියලා අම්මයි, මමයි ව්‍යාපාරවලට වැටෙන්න දුන්නේ නෑ. මම වගකීම කරට අරගෙන උනන්දුවෙන් ව්‍යාපාර බලාගත්තා. ඒ අතර සතියකට දවසක්‌ වගේ කැසිනෝ කල්බ් එකකට ගිහිල්ලා සෙල්ලම් කරලා ආතල් එකක්‌ අරගෙන ආවා. ඒත් වැඩිපුර සල්ලි ගෙනිච්ෙච් නෑ.
    ඔහොම යන අතරේ එක දවසක්‌ රුපියල් හැටදාහක්‌ ගෙනිහින් කැසිනෝ ගහලා ලක්‍ෂ විසිතුනක්‌ දිනුවා. ආයෙමත් මට හිතුණා වාසනා චක්‍රය ධනට කැරකෙනවා කියලා. ආයෙත් එක දිගට සෙල්ලම් කළා.

    අද පරාද නම් හෙට දිනුම්. ඔය විදිහට අවුරුද්දක්‌ දෙකක්‌ ගියා. රෑ කොහේ ගියත් එළිවෙනකොට මම ගෙදර ගිහින් ඔෆීස්‌ එකටත් ගියා.

    ව්‍යාපාර පැත්ත මම හොඳට බලා කියාගන්න නිසා රෑ ගමන්වලට අම්මත් වැඩිය සැර දැම්මේ නෑ. ජීවිතය බැලැන්ස්‌ එකේ ගෙවිලා ගියා.
    දවසක්‌ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක්‌ මට කතා කළා කැසිනෝ සෙල්ලම් කරන්න සිංගප්පූරු යන්න. එතකොට දිනලා මගේ අතෙත් හොඳට සල්ලි තිබුණා.

    මම ගමනට කැමති වෙලා මට හිතවත් නිළියො දෙන්නෙක්‌වත් ගමනට එකතු කරගත්තා. සතියක්‌ විතර අපි සිංගප්පූරුවේ හිටියා. මගේ ලක්‍ෂ ගාණක්‌ ඉවර වුණා. ඒ ඇවිල්ල පරාද ගාන හොයන්න දිගටම මම කැසිනෝ ගහන්න ගියා. දවස්‌ එකහමාරක්‌ එක දිගට කැසිනෝ සෙල්ලම් කළා.

    ඒ ටිප් එකට ලක්‍ෂ පහළොවක්‌ පරාද වුණා. එදා පටන් ගත්ත පරාජය දිගටම පරාද වුණා. මගේ ඔළුව කම්මලක්‌ වගේ වුණා. ව්‍යාපාර පැත්ත බැලුවේ නෑ. මම ඉන්න තැන්වලට ඇවිත් මාව බදාගෙන අම්මා අඬලා තියෙනවා.

    ඒත් අම්මා කියන්නේ මොනවද කියලා මට තේරුණේ නෑ. ඉඳලා හිටලා ගෙදර ගියත් සල්ලි ඉල්ලලා අම්මාත් එක්‌ක රණ්‌ඩු වුණා.

    අම්මාට හොරෙන් තාත්තාගේ දේපළ විකුණලා කැසිනෝ ගැහුවා. ඔය විදිහට තාත්තාගේ දේපළවලිනුත් බාගෙට, භාගයක්‌ මම නැති කළා.
    ‘උඹ මාවයි, කෙල්ලවත් මරා ගන්නවා. පින් සිද්ධ වෙයි පුතේ උඹ ගෙදර එන්න එපා’ බැරි තැන අම්මා මාව ගෙදරින් පැන්නුවා.
    කැසිනෝ යන්න සල්ලිත් නෑ. අපේ හෝටලයේ කාමරයකට වෙලා දවස මුළුල්ලේ බිව්වා.

    ගංජා බිව්වා. තනිකරම පිස්‌සෙක්‌ වුණා. ඒත් අම්මා නැති වෙලාවට හෝටලයේ මැනේජර්ට සත්තමක්‌ දාලා කීයක්‌ හරි කඩාගෙන සතියකට සැරයක්‌ වගෙ කැසිනෝ ගියා.

    ගෙනිච්ච සල්ලි පරාද වෙලා උදේට ගෙදර යන්න සල්ලි නෑ. ගාලු පාරේ යන බස්‌කාරයො සේරම වගේ මාව හොඳට දන්නවා. බස්‌ එකේ ආවා කියලා ඒ අය මගෙන් සල්ලි ගන්නේ නෑ.

    මම හිඟමනටම වැටුණා. සල්ලි ඉල්ලගෙන අම්මා එක්‌ක නිතරම රණ්‌ඩු වුණා. ඔය දේවල් ගැන ආරංචි වෙලා අපේ මාමා කෙනෙකුගේ පුතෙක්‌ මට කතා කරලා මේ පන්සලට අරගෙන ආවා.

    එයා මගදි තමයි මෙහෙම තැනකට යනවා කියලා කිව්වේ. අකැමැති නම් වාහනයෙන් බැහැලා යන්න කියලත් මට කිව්වා. පස්‌සේ අපි තේ බොන්න පැල්මඬුල්ලේ නතර කරලා. එතැනදී කල්පනා කර, කර එක දිගට මම සිගරට්‌ තුනක්‌ බිව්වා. අයියත් බලාගෙන හිටියා මොනවත් කිව්වේ නෑ.
    ‘මට නැති වෙන්න දෙයක්‌ නෑ ලැබෙන්න දේකුත් නෑ.

    අයියා කියන පන්සලට ගිහිල්ලා හරි නැවත ජීවිතය හදාගන්නවා’ කියලා හිතාගෙන මම කැමැත්තෙන්ම මෙතැනට ආවා.
    මේ පන්සලට එනකොට මට අවුරුදු විසිඅටට ලැබුවා විතරයි.

    ඒ වෙනකොට නයිට්‌ ක්‌ලබ්, කැසිනෝ යන්න පටන් අරගෙන අවුරුදු හයයි. ගෑනු තුන්සීයක්‌ එක්‌ක විතර ඉඳලා තියෙනවා.

    රටවල් හයකට ගිහිල්ලා තියෙනවා. එංගලන්තයට හැරෙන්න අනිත් හැම රටකටම ගියේ ගෑනු අරගෙන. ලංකාවේ නිළියො තිහ, හතළියක්‌ එක්‌ක විතර ඉඳලා තියෙනවා.

    කැසිනෝ ගහලා පරාද වෙච්ච මුදල කියන්න බෑ. නැත්තටම නැති වුණා. ගෙදර හිටියත් පාන්දර දෙක, තුන වෙනකම් නින්ද යන්නේ නැති ගානට නිශාචරයෙක්‌ වුණා.

    දැන් මම මෙතැනට ඇවිත් මාස හයකට වැඩියි. මම මෙතැනට එනකොට තනිකර පිස්‌සෙක්‌. දැන් ඒ පිස්‌සුව හොඳයි.
    මම ධනාත්මකව වෙනස්‌ වුණා. පහුගිය කාලේ කරපු දේවල් ගැන මතක්‌ වෙනකොට දැන් ලැඡ්ජ හිතෙනවා. ආයෙමත් මම ඒ පිස්‌සු ලෝකයට වැටෙන්නේ නෑ.

    නැවත මම ජීවිතය පටන් ගන්නවා. ඒත් මම නැති වෙච්ච දේවල් හොයන්න යන්නේ නෑ.

    එහෙම වුණොත් මම ආයෙත් නරකාදියට වැටෙනවා. මට තාත්තා වගේ ව්‍යාපාරිකයෙක්‌ වෙන්න බැරි වුණත් මගේ අම්මාගේ හිත සතුටු කරන තරමේ ව්‍යාපාරිකයෙක්‌ වෙන්න උත්සාහ කරනවා.

    ඒ මොනව කරන්නත් යාළු මිත්‍රයන්ගෙන් ඈත්වෙලා උපාධිය සම්පූර්ණ කරලා ටික කාලයකට රට ගිහිල්ලා ඉඳලා එන්න ඕනා. මම මොන දීපංකරයක ගියත් මේ පන්සලත් එක්‌ක තියෙන බැඳීම නැති කරගන්නේ නෑ. මෙතැන, මේ පවුල නිසා තමයි අද මම ජීවිතය තේරුම් අරගෙන ඉන්නේ.
    මම සමාජයට කියන්නේ නයිට්‌ ක්‌ලබ්, කැසිනෝ පැත්ත බලන්න එපා ඒව තියෙන්නෙ අපිව විනාශ කරන්න මිසක්‌, ඇති කරන්න නෙමෙයි. මිහිපිට මායා ලෝකය ඒවා තමයි.

    ඒ මායා ලෝකවල ඉන්න ගෑනුත් මාර දූතිකාවන්. උන්ගේ මායා දැලේ පැටලුණොත් රීරි මාංශම උරා බොනවා.

    අවුරුදු දාහත, දහඅටේ කොල්ලෙක්‌ ගියොත් ගියාමයි. ගොඩඒමක්‌ නෑ. විනාශය නියතයි. ඒ ගෑනුන්ගේ ජොබ් එක. දත් ගැලෙව්ව තරමට ඒ ගෑනුන්ගේ පොකට්‌ පිරෙනවා.

    ඒ මායා ලෝකයේ සරන අයට ඕක තේරෙන්නේ නෑ. මමත් හොඳටම රැවටිලා විනාශම වුණා.
    අනිත් එක යාළුවො වැඩි වෙනවා කියන්නේ විනාශයේ මුල. මාත් එක්‌ක කෑව, බිව්ව ආතල් ගත්ත කිසිම යාළුවෙක්‌ අද මම උන්නද මාළාද කියලා බලන්නේ නෑ. ඉඳලා හිටලා හරි මෙතැනට ඇවිත් මාව බලලා යන්නේ අම්මා විතරයි. මගේ අම්මා අදටත් මට ආදරෙයි.

    මට දුක මගේ ජීවිතය, සල්ලි, පවුල් ජීවිතය නැති වෙච්ච එක ගැන නෙමෙයි, මගේ තාත්තා නැති වෙච්ච එකයි. තාත්තා ප්‍රාර්ථනා කරපු පුතා වෙන්න බැරි වෙච්ච එක ගැනයි. තාත්තා මගේ දිහා බලාගෙන ලොකු සිහින මැව්වා.

    ඒත් ඒ සිහින බොඳ වෙලා හිත් වේදනාවෙන් තාත්තා නැති වෙලා ගියා. ඒ පාපය මම විඳගන්නවා. මම මෙතැනට ආවේ පෙර පිනකට.

    මේ වෙනකම් ඒ මායා ලෝකයේ හිටියා නම් බීලා බීලා ගෑනියකුගේ ඇඟ උඩ මැරිලා. මාව මෙතැනට ගෙනාපු අපේ අයියට පින්සිද්ධ වෙනවා.
    ජීවිතය බිඳුණු හැටි සහ දැන් පිරියම් කරගන්නා ආකාරය විධුර හොඳින් විස්‌තර කළේය. එහෙයින් ඒ කතාවට අටුවා ටීකා එකතු කිරීමට අවැසි නැත.

    අපේ ප්‍රාර්ථනාව විධුර අසීරුවෙන් අවබෝධ කරගත්ත සත්‍ය ලෝකයෙන් නැවත මායා ලෝකයට නොවැටී ජීවත්වනවා දැකීමයි.