Category: සුපිරි Walks

  • එළවළුත් ගණන් කාලේ කන බොන එක අමතක වෙන්නත් එක්ක රාජිත සමඟ අපි හැංඟි මුත්තන් සෙල්ලම් කරමු ද..?(ස්මාට් ගව රන්ස් වීඩියෝ)

    එළවළුත් ගණන් කාලේ කන බොන එක අමතක වෙන්නත් එක්ක රාජිත සමඟ අපි හැංඟි මුත්තන් සෙල්ලම් කරමු ද..?(ස්මාට් ගව රන්ස් වීඩියෝ)

    ඉතිහාසයේ පෙර නොවූ විරූ ලෙස හාල්, එළවළු ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර සහ භාණ්ඩ මිල අහස උසට නැඟ ඇති සමයක ජනතාවගේ මේ දිනවල මාධ්‍යවල ප්‍රධාන මාතෘකාව බවට පත්කර ඇත්තේ හිටපු සෞඛ්‍යය අමාත්‍ය රාජිත සේනාරත්න සෙවීමේ සහ අත් අඩංගුවට ගැනීම සඳහා වන නාටකයයි.

    දින දෙකක් පුරා රාජිතව සෙවූ ආරක්ෂක අංශවලට ඊයේ (26) රාත්‍රියේ යාන්තම් කොළඹ අර්ධ රාජ්‍ය රෝහලකදී රාජිතව සොයා ගැනීමට හැකිව තිබේ.

    පැවති රජය පසුගියද අප්‍රේල් 21වනදා සිදු වූ පාස්කු ප්‍රහාරය වළකා ගැනීමට අසමත් වුවත්, ප්‍රහාරය සිදුකළ කණ්ඩායම් පැය 12ක් යෑමටත් මත්තෙන් සොයා ගැනීමට සමත් වූහ.

  • තාත්තාගේ ඇප ඇපීල් එක පිට රිජෙට් වෙද්දී ලෝක-නාථ-අනාථ උපදේශක රාජිතගේම පුත් චතුරට මාධ්‍යවේදීන් කෝචොක් කරයි.. මල පැන්න පාර ඉඟිලයයි.. (වීඩියෝ)

    තාත්තාගේ ඇප ඇපීල් එක පිට රිජෙට් වෙද්දී ලෝක-නාථ-අනාථ උපදේශක රාජිතගේම පුත් චතුරට මාධ්‍යවේදීන් කෝචොක් කරයි.. මල පැන්න පාර ඉඟිලයයි.. (වීඩියෝ)

    ශ්‍රී ලංකා ඉතිහාසයේ එදා මෙදා තුර පහළ වූ දැවැන්ත නායකයින්ට උපදෙස් දුන්නා යැයි කියා ගන්නා ලෝක-නාථ-අනාථ උපදේශක රාජිත සේනාරත්නගේම පුත් චතුර සේනාරත්නගෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අසලදී ඊයේ(23) අපූරු ප්‍රශ්නයක් ඇසීය.

    එනම් ඔහුගේම පියා වන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ අපේක්ෂිත ඇප අයදුම්පත් ඔහුගේ නීතිඥයින්ගේ වරදින් ප්‍රතික්ෂේප වෙද්දී, එදා මෙදා තුරා රටේ විශාල නායකයින් ප්‍රමාණයකට උපදෙස් දුන්නා යැයි කියන චතුර සේනාරත්න තම පියාට හරියට පූර්ව ඇප අයදුම්පතක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය උපදේශ ලබානොදුන්නේ දැ’යි යන ප්‍රශ්නය මාධ්‍යවේදීයෙකු ඔහුගෙන් විමසා සිටියේය.

    ඉන් කිපුණු මන්ත‍්‍රීවරයා පිලිතුරු දීම පසෙකලා වාහනයේ නැගී ඉඟිල ගියේය.චතුර සේනාරත්න මහතා සමාජ ජාලවල නිරන්තරයෙන් උපහාසයට ලක්වන්නේ ලෝකය ආරම්බයේ පටන් සිදුව ඇති වැදගත් සංසිද්ධීන්වලට උපදෙස් දුන්නෙක් ලෙසයි.

  • System change, Smart governance දෙන්න ආ ගෝඨා අවසානයේ සතියක් ගානේ පොලේ ගාටයි… (Photos)

    System change, Smart governance දෙන්න ආ ගෝඨා අවසානයේ සතියක් ගානේ පොලේ ගාටයි… (Photos)

    System change, Smart governance තුළින් විප්ලවීය සංවර්ධිත රටක් කරන බවට පවසමින් බලයට පැමිණි වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට සතියක් ගානේ රට රටේ පොළවල් වල ඇවිදිමින් සිටින බව නම් පෙනීයයි.

    මේ අතර ඔහුව ජනාධිපති කිරීමට ඡන්දය දුන් කෝඩුකාර නව යොවුන් තරුණයින් පිරිසක් රට වටේ තාප්ප පුරා චිත්‍ර කතා අඳිමින් සිටිති.

    ගිය සතියේ (18th Dec) පොලේ ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා,

    මේ සතියේ (23rd Dec) පොලේ ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා,

  • කොහොමද.. වෙනස දැන් සැපද..? වතුර බිල අද ‌හෙට ඉහළට..! දැන් කාලත් ඉවර එකේ පුළුවන්නම් නාලා වරෙන්කෝ…

    කොහොමද.. වෙනස දැන් සැපද..? වතුර බිල අද ‌හෙට ඉහළට..! දැන් කාලත් ඉවර එකේ පුළුවන්නම් නාලා වරෙන්කෝ…

    ඉදිරි දින කිහිපය තුළ ජල ගාස්තු නියත වශයෙන්ම ඉහළ දැමීමට රාජපක්ෂ පවුල් ආණ්ඩුව සූදානමින් සිටින බවට වාර්තා ‌වේ.

    වසරක් පාසා ජල ගාස්තු ඉහළ නැංවිය යුතු වුවත් පසුගිය වසර 03ක් පුරා ජල ගාස්තු ඉහළ දමා ‌නොමැති බව ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාද පසුගිය සතියේ අනාවරණය කර සිටියේය.

    පසුගිය කාලය පුරාවටම රාජපක්ෂ පවුල් සමාගමේ ප්‍රධානියා වන මහින්ද රාජපක්ෂ මහතා වේදිකාවක් වේදිකාවක් ගානේ අඩියක් ගැසූවාක් මෙන් ඇසූයේ “කොහොමද..? වෙනස දැන් සැපද..? වෙනස දැන් සැපද..? කියාය.

    ජනාධිපතිවරණයේදී පවා හිටපු ජනපති, වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණ රැළිවලදී බයි ටෝකින් වලින්ම අසා සිටියේ, කොහොමද..? දැන් වෙනස සැපද..? ආහ්… දැන් රතු ලූණු කොහොමද..? බොම්බයි ලූණු එහෙම කෑවද..? බොම්බයි ලූණූ කීයද..? ආහ්… ලූණූ ගෙඩි කොහොමද..? හාල් කීයද..? වෙනස සැපද..? සැපයි නේ.. කියාය.

    එලෙස බයි ටෝකින් වලින් නක්කලය දමමින් පැමිණි මහින්ද රාජපක්ෂටම දින 50ක් ගත වීමටත් මත්තෙන් තමා ගැලරියට ගැසූ බයිලා අද තමාටම පාරා වලල්ලක් වී ඇත.

    https://www.facebook.com/1804654542891239/videos/452888552269341/
  • පාඨලී බලන්න ගිය SF කියූ මෙතෙක් නොඇසූ කතාව (වීඩියෝ)

    පාඨලී බලන්න ගිය SF කියූ මෙතෙක් නොඇසූ කතාව (වීඩියෝ)

    පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත්තේ දේශපාලන පළිගැනීමක් ලෙස බවත්, අදාළ අනතුර සිදුව ඇත්තේ ජීප් රථය පසුපස යතුරුපැදිය වැදීමෙන් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.

    ඔහු මේ බව කියා සිටියේ වැලිකඩ බන්ධනාගාරයට සුව දුක් බැලීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

    ඒ මොහොතේ යතුරුපැදිය පැමිණියේ පැයට කිලෝමීටර් 170 ක පමණ වේගයෙන් බවද, එම යතුරු පැදිය අධික එන්ජින් ධාරිතාවකින් යුතු යතුරු පැදියක් බවක් නීතිය ක‍්‍රියාත්මක කල යුත්තේ යතුරුපැදිය පැදවූ පුද්ගලයාට බවද ඔහු තව දුරටත් පැවසීය.

  • හාල් හදන්න අපිට නාඩු සහ සම්බා වී තොග වෙළෙඳපොළේ නැහැ – හාල් රජා හාල් මිලට හේතු කියයි

    හාල් හදන්න අපිට නාඩු සහ සම්බා වී තොග වෙළෙඳපොළේ නැහැ – හාල් රජා හාල් මිලට හේතු කියයි

    “අද වෙනකොට නාඩු සහල් සහ සම්බා සහල් හිඟයක්‌ පවතිනවා. මේ හිඟය පියවීම සඳහා සහල් යම් ප්‍රමාණයක්‌ පිටරටින් ගෙන්වනවා නම් මේකට විසඳුමක්‌ ලැබෙනවා” යෑයි අරලිය සමූහ ව්‍යාපාරයේ සභාපති ඩඩ්ලි සිරිසේන මහතා පැවසීය.

     ඒ මහතා එසේ පැවසුවේ කඩවත පැවති විශේෂ මාධ්‍ය හමුවකදීය.

     එහිදී තවදුරටත් කතා කළ ඒ මහතා මෙසේ ද කීය,

    “නිෂ්පාදනය කරන්න අපිට නාඩු සහ සම්බා වී තොග වෙළෙඳපොළේ නැති එක ප්‍රශ්නයක්‌. සීමිත ප්‍රමාණයක්‌ තමයි තියෙන්නේ. ළඟ එන උත්සව සමයේ මේ හිඟය පියවීම සඳහා සහල් යම් ප්‍රමාණයක්‌ රටින් ගෙන්වනවා නම් හොඳයි. දැන් මේ රටේ වී වෙළෙඳපොළට එන්න තව මාස දෙකක්‌ යනවා. නැත්නම් මේ තත්ත්වය දවසින් දවස දරුණු තත්ත්වයට හැරේවි කියන එක තමයි මගේ විශ්වාසය. පිටරටින් හාල් ගෙන්වන එක හොඳයි කියලා මම කියන්නේ නැහැ. නමුත් මේ තිබෙන තත්ත්වයට විසඳුමක්‌ ලෙස යම් සහල් ප්‍රමාණයක්‌ රටින් ගෙනාවොත් හොඳයි. ඒ වගේම මේ හැමදේම සීමාසහිතව දේශීය සහල් ගොවියා රැකගෙන කරනවා නම් හොඳයි.”

  • සෙල්ලකතරගම ගණදෙවි කෝවිල ජලයෙන් යටවෙයි..

    සෙල්ලකතරගම ගණදෙවි කෝවිල ජලයෙන් යටවෙයි..

    මේ දිනවල කතරගම ඇතුළු දකුණ හා ඌව පළාත්වලට මහ වැසි ලැබීම මත සෙල්ල කතරගම ගඟේ දේවාලය හෙවත් ගණදෙවි කෝවිල ජලයෙන් යටවී පවතියි. දින 04 ක්‌ පුරා දකුණු හා ඌව පළාත්වලට පවතින මහා වැසි මුල්කර ගෙන වෙහෙරගල ජලාශයේ ද වාන් දොරවල් විවෘත කර ඇත. මැණික්‌ ගඟේ ජලය විශාල ලෙස ගලා යමින් පවතියි.

    මෙම වැසි නිසා කතරගම නාගහවීදිය ගමට අයත් නිවාස කීපයක්‌ ජලයෙන් යටවී පවතින අතර කතරගම ප්‍රදේශයේ ඇති වැව් සියල්ල වාන් දමමින් පවතියි.

    පවතින නිවාඩුව මත විශාල බැතිමතුන් පිරිසක්‌ කතරගම පුදබිමට පැමිණෙන අතර රුහුණු මහා කතරගම දේවලය වැඳපුදා ගැනීමට පැමිණෙන බැතිමතුන්ට කිසිදු අවහිර බාධාවකින් තොරව කිරිවෙහෙර හා දේවාල වැඳපුදා ගැනීමට හැකි බව රුහුණු මහා කතරගම දේවලයේ බස්‌නායක නිලමේ දිල්රුවන් රාජපක්‍ෂ මහතා පැවසීය.

    සෙල්ලකතරගම ගණදෙවි දේවාලය මැණික්‌ ගඟ තුළ පිහිටා ඇති අතර සෑම වසරකදීම මැණික්‌ ගඟේ ජලය වැඩි වන විට මෙම ගණදෙවි දේවාලය ජලයෙන් යටවීම සිදු වේ.

    පවතින වැසි හේතුවෙන් මැණික්‌ ගඟේ ජලය වැඩිවෙමින් පවතින බැවින් මැණික්‌ ගගට බැසීමෙන් වළකින ලෙස කතරගම පොලිසිය පැමිණෙන බැතිමතුන් ගෙන් හා කතරගම ප්‍රදේශවාසීන් ගෙන් ඉල්ලා සිටිති.

  • රතුළුෑණු තොග මිල රු. 700 පනී; එළවළු මිලත් ‘අහස උසට’

    රතුළුෑණු තොග මිල රු. 700 පනී; එළවළු මිලත් ‘අහස උසට’

    මෑත ඉතිහාසයේ වාර්තා වූ ඉහළම මිල වාර්තා කරමින් රතු ළුෑණු කිලෝවක තොග මිල රුපියල් 700 ඉක්මවා ගොස් තිබෙන බව සීමාසහිත සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළෙඳපොළ සමිති සංවිධානයේ ජාතික සංවිධායක එච්.එම්. උපසේන මහතා සඳහන් කරනවා.

    ඔහු සඳහන් කරන්නේ රතු ළුෑණු තොග ලැබීම සියයට 90කට ආසන්න ප්‍රමාණයකින් පහත වැටීම නිසා මෙම තත්ත්වය උද්ගත වූ බවයි.

    මෙහිදී වැඩි දුරටත් කරුණු සඳහන් කළ උපසේන මහතා කියා සිටියේ පහතරට හා උඩරට එළවළු ලැබීම් ද සියයට 50කට ආසන්න ප‍්‍රමාණයකින් අඩු වී තිබෙන බවයි. මේ නිසා වට්ටක්කා සහ තක්කාලි හැර අනෙකුත් එළවළු මිල ඉහළ ගොස් තිබෙන බවද ඔහු සඳහන් කළා.

  • ගෙඹි වස්සා යළි පිම්මකට සැරසෙයි; ගොන් ගෙඹි වස්සා වැට පනින්න පෙර පක්ෂයෙන් පන්නා දමයි

    ගෙඹි වස්සා යළි පිම්මකට සැරසෙයි; ගොන් ගෙඹි වස්සා වැට පනින්න පෙර පක්ෂයෙන් පන්නා දමයි

    සේනානායක පරපුරේ ලේ වලට අහඹු ලෙස කවලම් වූ විකෘති ජානයකින් නිර්මාණය වූ වර්තමානයේ “ගෙඹි වස්සා” කුප්‍රකට වස්සන්ත සේනානායක යළි මුදලට වැට පැනීමට ප්‍රථම එක්සත් ජාතික පක්ෂයෙන් පන්නා දැමීමට එම පක්ෂයේ මහලේකම් අඛිල විරාජ් කාරියවසම් මහතා ඊයේ(30) නියෝග කළේය.

    කොතරම් හොඳ පෙළපතක වුවද ඇතැම් පුද්ගලයින් ජාතක වීමේදී විකෘති ජාන සෛල නිර්මාණය විම ඉඩකඩ පවතින අතර එසේ නිර්මාණය වී ඉහළ පෙළපත් වලින් මෙලොව බිහිවී එම පෙළපතම විනාශ කළ “ගෙඹි වස්සා” වැනි චරිත මෙරට පමණක් නොව පිටරටවලද සිටී.

    මේ වන විට මේ “ගොන් ගෙඹි වස්සා” පක්ෂයේ ඇතුලේම සිට පක්ෂයේ අපේක්ෂකයා පරාජයට පත්කිරීමට රාජපක්ෂලාගේ කුමන්ත්‍රණයට දායක වෙමින් සිටින අතර මේ හේතුවෙන් එජාපය මෙම “ගොන් ගෙඹි වස්සා” පක්ෂයෙන් සහ අමාත්‍ය ධුරයෙන් නෙරපා දැමීමට තීරණය කොට ඇත.

    එසේම මේ ගොන් වස්සා තමා සේනානායක පරපුරේ යැයි කීවද අප ඇත්තටම උගේ පියා සේනානායක කෙනෙක්දැයි දන්නේ නම් නැත.

  • තනි රෝදයෙන් යතුරුපැදිය ධාවනය කළාට දඩය 50,000ක්‌

    තනි රෝදයෙන් යතුරුපැදිය ධාවනය කළාට දඩය 50,000ක්‌

    අපරීක්‌ෂාකාරී ලෙස යතුරුපැදියක්‌ තනි රෝදයෙන් ධාවනය කිරීම සහ රියෑදුරු බලපත්‍රයක්‌ නොමැතිව රිය ධාවනය යන චෝදනා දෙකට වරදකරු වූ යතුරුපැදිකරුට රුපියල් 50000 ක දඩයක්‌ මිනුවන්ගොඩ මහෙස්‌ත්‍රාත් කේසර සී. ඒ. සමරදිවාකර මහතා නියම කළේය.

    දෙවළපොල, බලබෝව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන හෙට්‌ටිආරච්චිගේ සිනෙත් දීපන නමැති යතුරුපැදිකරුට මෙසේ දඩ නියම වූ අතර මිනුවන්ගොඩ පොලිසියේ රථ වාහන අංශයේ පො. කො. ප්‍රේමරත්න (73130) නිලධාරියා පැමිණිල්ල මෙහෙය විය.

  • ඇමති රාජිත යළි කට නිසා නසී (වීඩියෝ)

    ඇමති රාජිත යළි කට නිසා නසී (වීඩියෝ)

    ජනතා විමුක්ති පෙරමුණ ගෝඨභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් අධිකරණයට යන බවට රාජිත සේනාරත්න අමාත්‍යවරයා මාධ්‍යට කර තිබූ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව එම පක්ෂය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර ඇත.

    එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතාගේ අත්සනින් නිකුත් කර තිබූ සම්පූර්ණ නිවේදනය මෙසේ ය.

    “රාජිත සේනාරත්න ඇමතිවරයාගේ ප‍්‍රකාශය අසත්‍යයක්”

    ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ අධිකරණයට යාමේ සූදානමක් ඇති බව රාජිත සේනාරත්න ඇමතිවරයා අද (06) මාධ්‍යයට කරන ලද ප‍්‍රකාශය ජනතාව සම්පූර්ණයෙන්ම නොමග යැවීමට හිතාමතාම සැලසුම් සහගතව කරන ලද නිහීන උත්සාහයක් ය.

    එක්සත් ජාතික පක්ෂය මෙන් මැතිවරණ මගහැර ගොස් වෙනත් කවර හෝ උපක‍්‍රම පාවිච්චි කර ජනතාවගේ පරමාධිපත්‍ය බලය හෑල්ලු කිරීමට කිසිදු උත්සාහයක් ජනතා විමුක්ති පෙරමුණ නොකරන බව ජනතාවට ප‍්‍රත්‍යක්ෂ දෙයක්ය.

    රාජිත සේනාරත්න ඇමතිවරයාගේ එම ප‍්‍රකාශය තරයේ හෙළාදකින ජනතා විමුක්ති පෙරමුණ මෙවැනි බොරු මවාපෑම්වලින් මැතිවරණ ක‍්‍රියාවලිය පවත්වාගෙන නොයන බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ ඔහු හා සමාන්තර පිළ නියෝජනය කරන අනික් ඕනෑම අපේක්ෂකයෙකු මහජනතාවගේ ඡන්ද බලයෙන් පරාජය කිරීමට අවශ්‍ය කටයුතු ක‍්‍රියාත්මක කරමින් සිටින බව මේ රටේ ජනතාව හොඳාකාරවම දනියි.

    ඡන්ද දායකයන් ජනතා විමුක්ති පෙරමුණ ප‍්‍රමුඛ ජාතික ජන බලවේගය වටා ඒකරාශීවීම දරාගත නොහැකි පරාජිත මානසිකත්වයෙන් පෙළෙන රාජිත සේනාරත්න වැනි තව බොහෝ පිරිසක් ඉදිරියේදීත් මේ හා සමාන බොරු ප‍්‍රකාශයන් කරමින් ජනතාව නොමග යැවීමට උත්සාහ කරන බව පැහැදිලිය. ඒ සියලුදෙනාගේ නිහීන ප‍්‍රචාරයන්ට නොරැවටී ධෛර්යෙන් අපවටා ඒකරාශී වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටීමටද මෙය අවස්ථාවක් කර ගනිමු.

    ස්තූතියි,
    දේශපාලන මණ්ඩලය වෙනුවෙන්,
    විජිත හේරත්,
    ප්‍රචාරක ලේකම්,
    ජනතා විමුක්ති පෙරමුණ.

    https://www.youtube.com/watch?v=2XC6_db5kuU
  • සන්ධානයේ පිරිසක් සජිත්ගේ සහයට එක්වෙති..

    සන්ධානයේ පිරිසක් සජිත්ගේ සහයට එක්වෙති..

    එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපෙක්ෂක අමාත්‍යය සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරිම සදහා නාවලපිටිය ප්‍රදේශයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රබල සමාජිකයන් කිහිප දෙනෙකු එක්සත් ජාතික පක්ෂය සමග එක් වුණා.

    එක්සත් ජාතික පක්ෂයේ නාවලපිටිය ආසන බල මණ්ඩලය රැස්විම මහනුවර දිස්ත්‍රික් එජාප සංවිධායක , ව්‍යවසාය සංවර්ධන සහ කන්ද උඩරට උරුමයන් පිලිබද අමාත්‍යය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් නාවලපිටිය උත්සව ශාලාවක පැවැත්විණ.

    එම රැස්විමේදි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රබල සමාජිකයන් පිරිස එක්සත් ජාතික පක්ෂය සමග එක් විණ.

    එක්සත් ජාතික පක්ෂයේ ආසන බල මණ්ඩල රැස්විම නාවලපිටිය නගර සභාවේ සභාපති සසංක සම්පත් සංජිය මහතා විසින් සංවිධානය කර තිබුණි.

    මෙම ආසන බල මණ්ඩල රැස්විමේදි අමාත්‍යය ලක්ෂ්මන් කිරිඇල්ල , මහනුවර දිස්ත්‍රික් එජාප ප.මවරුන් වන මයන්ත දිසානායක , වේලු කුමාර් යන මහතුන්ද අදහස් දැක්විණ.

  • ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු මෙන්න..

    ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු මෙන්න..

    5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු අද ප්‍රකාශයට පත් කෙරිණ. ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, මහනුවර, මාතලේ, කෑගල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල සිංහල මාධ්‍ය කඩඉම් ලකුණු ලෙස සටහන් වන්නේ 159 කි.

    එම දිස්ත්‍රික්කවල දෙමළ මාධ්‍ය කඩඉම් ලකුණ 154 වේ.

    හම්බන්තොට දිස්ත්‍රික්කයේ 157 ක්, ලෙසත් රත්නපුර දිස්ත්‍රික්කයේ 156 ක් ලෙසත් කඩඉම් ලකුණු සීමාව නම් කර තිබේ.

    අනුරාධපුර, පොලොන්නරුව සහ බදුල්ල දිස්ත්‍රික්කවල කඩයිම් ලකුණ 155 කි.

    අම්පාර, ත්‍රිකුණාමලය, පුත්තලම සහ මොණරාගල දිස්ත්‍රික්කවල කඩඉම් ලකුණ 154 ක් බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය.

    නුවරඑළිය දිස්ත්‍රික්කයේ කඩඉම් ලකුණ 153 ක් වන අතර ලකුණු 147 වව්නියා සහ මුලතිව් දිස්ත්‍රික්කවල කඩඉම් ලකුණ වේ.

    අද දහවල් නිකුත් කෙරුණු 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකි ය.

  • ජනපති මෛත‍්‍රී ජනාධිපති ධුරයෙන් සමුගැනීම සනිටුහන් කරයි..

    ජනපති මෛත‍්‍රී ජනාධිපති ධුරයෙන් සමුගැනීම සනිටුහන් කරයි..

    නොවැම්බර් 16 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන අපේක්‍ෂකයන්ගේ ඇප තැන්පත් කිරීම අද දහවල් 12.00ට අවසන් විය.

    වර්තමාන ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයට තරග කිිරීම සදහා මෙවර ඇප තැන්පත් කිරීමක් සිදු කර නැත. එනිසා ඒ මහතාට මෙවර ජනාධිපතිවරණයට තරග කිරීමේ අවස්ථාව අහිමි වෙයි.

    ඒ අනුව මෛත‍්‍රිපාල සිරිසේන මහතා නොවැම්බර මස 17 වැනිදා සිය ධුර කාලය අවසන් කරනු ඇත්තේ නව ජනාධිපතිවරයාට රාජ්‍ය පාලනයට අවස්ථාව ලබා දෙමිනි.

    මේ අතර ශ‍්‍රීලනිප මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා කියා සිටියේ ශ‍්‍රීලනිපය මෙවර ජනාධිපතිවරණයට තරග නොකරන බවත් පක්‍ෂය සහාය දෙන්නේ කුමන අපේක්‍ෂකයාටදැයි හෙට දිනයේ ප‍්‍රකාශ කරන බවත්ය.

  • හේෂා අත්අඩංගුවටගැනීමට නියෝග

    හේෂා අත්අඩංගුවටගැනීමට නියෝග

    දේපළ සම්බන්ධ නඩුවකට අධිකරණයේ පෙනී නොසිටීම නිසා එක්සත් ජාතික පක්ෂ රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී හේෂා විතානගේ මහතා සබරගමුව පළාත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මගින් අත්අඩංගුවට ගෙන වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඇඹිලිපිටිය මහෙස්ත‍්‍රාත් කේ. පී. ආර්. එල්. විදානගමගේ මහත්මිය ඊයේ (30දා) නියෝග කළාය.

    තමාට අයත් ඇඹිලිපිටිය ප‍්‍රදේශයේ තිබෙන රුපියල් කෝටි දෙකක් පමණ වටිනා දේපළක් හේෂා විතානගේ මන්ත‍්‍රීවරයා විසින් සාවද්‍ය ලෙස පරිහරණය කරන බවට කොළඹ ප‍්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු වන ජේ. ඒ. අනුර මහේන්ද්‍ර නමැත්තා විසින් ඇඹිලිපිටිය පොලීසියට කළ පැමිණිල්ලක් මත මන්ත‍්‍රීවරයාට එරෙහිව මෙම නඩුව පවරා තිබේ. එම නඩුව සඳහා මන්ත‍්‍රීවරයා පසුගිය නඩු වාරයේ සහ නඩුව කැඳවූ ඊයේ දිනයේද අධිකරණය හමුවට පැමිණ සිටියේ නැත. මන්ත‍්‍රීවරයා වෙනුවෙන් නීතිඥ මණ්ඩලයක්ම පෙනී සිටි අතර පැමිණිල්ලේ අයිතිවාසිකම් වෙනුවෙන් නීතිඥ ශිරාශ් යූසුප් මහතා සහ නීතිඥ රසාංගා රන්මදු මහත්මිය පෙනී සිටියහ.

    මෙහිදී විත්තිකාර මන්ත‍්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට කරුණු දක්වමින් කියා ඇත්තේ විත්තිකරු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු බවත්, අද දිනයේ ඔහු වෙනුවෙන් ඔහුගේ මව හා පියා අධිකරණයට පැමිණ ඇති බවත්ය.

    කෙසේ වෙතත් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ශිරාස් යූසුෆ් මහතා කරුණු දක්වමින් අධිකරණයට කියා සිටියේ විත්තිකරු කිසිදු හේතුවක් නොදක්වා වාර දෙකකදීම අධිකරණය හමුවේ පෙනී නොසිටි බවත්, නීතිය හදන ආයතනයේ සිටින කෙනකු හැටියටත් මන්ත‍්‍රීවරයකු ලෙසත් නීතියට ගරු කළ යුතු බවයි. එමෙන්ම මේ අය නීතියට අවනත නොවී වෙනත් අයට ප‍්‍රසිද්ධ වේදිකාවේ ජම්පර් අන්දන්න කතා කිරීම පුදුම සහගත බවද පැමිණිල්ලේ නීතිඥවරයා අධිකරණය හමුවේ පැවසුවේය. මේ නිසා විත්තිකරුට එරෙහිව වරෙන්තුවක් නිකුත් කර ඔහු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට අදාළ නියෝගයක් නිකුත් කරන්නැයි පැමිණිල්ලේ නීතිඥ ශිරාස් යූසුෆ් මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

    ඒ අනුව පැමිණිල්ල විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ඇඹිලිපිටිය මහෙස්ත‍්‍රාත් කේ. පී. ආර්. එල්. විදානගමගේ මහත්මිය සැකකාර මන්ත‍්‍රීවරයා සබරගමුව පළාත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළාය.

  • ශ්‍රීලනිපයේ සහය ගෝඨාට අහිමිවන ලකුණු

    ශ්‍රීලනිපයේ සහය ගෝඨාට අහිමිවන ලකුණු

    ඉදිරි ජනාධිපතිවරණය සඳහා පොදුජන පෙරමුණ සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සන්ධානගත වන්නේ පොදු ලකුණකින් ජනාධිපතිවරණයට ඉදිරිපත්විය යුතු බවට වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යෝජනාවට එකඟවන්නේ නම් පමණක් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තියට දර්ශනයට හානිවන හෝ පාක්ෂිකයන්ට අනාගතයක් අහිමිවන කිසිදු වැඩපිළිවෙළකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එළැඹීමට සූදානම් නොමැති බව ජනාධිපතිවවරයා අවධාරණය කළේ ඊයේ(29) පස්වරුවේ පැවති කුරුණෑගල දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනය අමතමිනි.

    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉතිහාසයේ ද නොයෙක් අවස්ථාවල පසුබෑමට ලක්වුව ද පක්ෂය කිසිදා මිය නොගියේ එහි ජනතාවාදී වැඩපිළිවෙළ නිසා බවයි.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද දුර්වල වී ඇති බවට කවුරුන් කෙසේ කීව ද ඉදිරි ජනාධිපතිවරයා ලෙස පත්වීමට කුමන අපේක්ෂකයකුට වුව ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය අවශ්‍ය බව පැවසූ ජනාධිපතිතුමා ඊළග ජනාධිපතිවරයා පත් වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණය අනුව බව කිසිවකු අමතක නොකළ යුතු බව ද අවධාරණය කළේය.

    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් අවධාරණය කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉලක්කය වන්නේ අද තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ඉදිරියේ දී බලතල නැති ජනාධිපතිවරයෙක් පත් කර ගැනීමට වඩා බලතල ඇති ආණ්ඩුවක් පත් කර ගැනීම සඳහා 2020 දී පාර්ලිමේන්තුවේ බලය ඇල්ලීම බවයි.

    තනිව නොව පෙරමුණු ආණ්ඩුවක් තුළ එම ඉලක්කය ජය ගැනීමට සැලසුම්සහගතව කටයුතු කරන බව අවධාරණය කළ ජනාධිපතිතුමා දූෂිත ප්‍රභූ පංතියේ එකතුව විසින් විනාශ කර දමා තිබෙන මාතෘ භූමිය නව මගකට යොමු කරමින් දුෂණයෙන් වංචාවෙන් තොර ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් සමාජයක් සහ කිසිදු විදේශ බලවේගයකට ගැති නොවන රටක් ගොඩනැඟීමට නව ආණ්ඩුවෙන් කටයුතු කරන බව ද කියා සිටියේ ය.

    වත්මන් ආණ්ඩුව තුළ අද පවතින ගැටුම අග්‍රාමාත්‍යවරයා හා තමා අතර පවතින පුද්ගලික ගැටුමක් නොව දූෂණයට සහ වංචාවට විරුද්ධව තිබෙන ගැටුමක් මෙන්ම අන්ත දූෂිත නව ලිබරල්වාදී දේශපාලන ප්‍රතිපත්තියක් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ ජනතාවාදී දේශපාලන ප්‍රතිපත්තිය අතර තිබෙන ගැටුමක් බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ ය.

    අග්‍රාමාත්‍යවරයා එම ධූරයෙන් ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයට පත් කිරීමට තමා කටයුතු කළ ද, ඔවුන් භාරගත් කාර්යය නිසි ලෙස ඉටුකර ගැනීමට ඔවුන්ට නොහැකිවීම තමාගේ ගැටලුවක් නොවන බව ප්‍රකාශ කළ ජනාධිපතිතුමා අද මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක ධූරයේ කටයුතු කරන්නේ ද, පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ රැදී සිටින්නේ ද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයා කථානායකවරයා වෙත ලබාදී ඇති ලිපියෙන් බව ද සිහිපත් කර සිටියේය.

    අශිලාචාර දේශපාලන චෝදනාවකට ලක් නොවු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියේ දී පක්ෂයේ අනන්‍යතාවය, ගෞරවය සහ අභිමානය රැක ගනිමින් රටත් ජනතාවත් වෙනුවෙන් වූ සේවයට කැපවන බව ද ජනාධිපතිතුමා සම්මේලනය අමතමින් වැඩිදුරටත් අවධාරණය කළේය.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දීප ව්‍යාප්තව පවත්වන දිස්ත්‍රික් සමුළු මාලාවේ කුරුණෑගල දිස්ත්‍රික් සමුළුව පාක්ෂිකයන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් (29) පස්වරුවේ හෙට්ටිපොළ මහජන පොළ භූමියේ දී පැවැත්විණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා, මහ ලේකම් දයාසිරි ජයසේකර, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර, ජාතික සංවිධායක දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න යන මහත්වරුන් ද වයඹ පළාත් ආණ්ඩුකාර පේෂල ජයරත්න මහතා ඇතුළු ආණ්ඩුකාවරුන් ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෝ රැසක් මීට එක්ව සිටියහ.