රාජකාරියට පැමිණීමේදී සහ පිටව යාමේදී වේලාව සටහන් කිරීමට ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිත කිරීමේ යෝජනාවට විරෝධය දක්වමින් කොළඹ ජාතික රෝහලේ හෙද හෙදියෝ අද(11) සංකේත වර්ජනයක නිරත වීමට තීරණය කර ඇත.එයට කොළඹ ජාතික රෝහල, ඇස් රෝහල සහ කොළඹ දන්තායතනය යන ආයතනවලද හෙද හෙදියන් එක්වීමට නියමිත අතර රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සහ සමස්ත ලංකා හෙද සංගමයට අයත් හෙද හෙදියෝ එම සංකේත වර්ජනයට සහභාගී වන බවද සමස්ත ලංකා හෙද සංගමයේ ජාතික සංවිධායක එච්.එම්.එස්.බී.මැදිවත්ත පැවසීය.
Category: සුපිරි Walks
-

තම අදහස් නොවිමසමින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වෙනස් කළැයි ඡන්ද වර්ජනයේ
අරණායක ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට පරම්පරා ගණනාවක් අයත්ව සිටි තමන්ගේ අදහස් නොවිමසමින් මධ්‍යම පළාත් සභාවට අයත් අරණායක නාත්තාකන්ද ප‍්‍රදේශයේ පදිංචි පවුල් 57ක් ගඟඉහළ කෝරලයට අනුයුක්ත කිරීම හේතුකොට ගෙන තමන් මේ වනවිටත් දුෂ්කරතා රැසකට මුහුණපා සිටින බවත් මේ සම්බන්ධයෙන් අදාළ බලධාරීන් කොතෙකුත් දැනුවත් කළද ඒවාට ඇහුම්කන් නොදීම නිසා එයට විරෝධය පළ කරමින් ඉදිරි මැතිවරණය වර්ජනය කිරීමට තීරණය කර ඇත.
-

තැපැල් වර්ජනය නවතී… ඡන්දය අවසන්වූ වහාම ඉල්ලීම් ලබා දීමට ඇමතිගෙන් පොරොන්දුවක්
රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා සහ තැපැල් අමාත්‍යවරයා අතර පසුගිය දින දෙකේ පැවති සාකච්ඡාවලදි පැමිණි එකඟතාවන් මත සහ ඉදිරි මැතිවරණය සඳහා තැපැල් දෙපාර්තමේන්තුවේ වගකීම් ඉටුකිරීම සඳහාත් ඡන්දය අවසන්වූ වහාම තම ඉල්ලීම් ලබා දීමට ලබා දුන් පොරොන්දුත් සැලකිල්ලට ගනිමින් ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති සංගමය ඊයේ (10) මධ්‍ය රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ තැපැල් සේවක වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති සංගමයේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසීය.
යම් හෙයකින් ඉල්ලීම් ලබාදීම මගහැරීමට කටයුතු කළහොත් නැවත වර්ජන ක්‍රියාමාර්ගයට අවතීර්ණ වීමට සිදුවන බවද කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසීය. -

රැකියා ඇබෑර්තු පන්ලක්ෂයක්
මෙරට විවිධ ක්ෂේත්‍රයන්හි මේ වන විට ලක්ෂ 5 කට ආසන්න රැකියා ඇබෑර්තු සංඛ්‍යාවක් පවතින බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නවතම සමීක්ෂණයකින් හෙළිවී තිබේ.ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මුළු රටම ආවරණය වන පරිදි ප්‍රථම වරට මෙම ආයතනික සමීක්ෂණය කර ඇති අතර සේවයේ නියුතු පුද්ගලයන් සංඛ්‍යාව තුනකට වැඩි ව්‍යාපාර ආයතන 3500 ක නියැදියක් මේ සඳහා භාවිත කර ඇත.මේ වනවිට පෞද්ගලික අංශයේ රැකියාවල මිලියන 5 ට ආසන්න සේවක සංඛ්‍යාවක් සේවයේ නියුතුව සිටින බවත්, ඉකුත් වසරේ වැඩි පිරිසක් සේවයේ නියුතුව ඇත්තේ සේවා අංශය තුළ බවත් මෙම සමීක්ෂණයේදී හෙළිවූ බව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ. ජේ. සතරසිංහ මහතා ප්‍රකාශ කළේය.ඉහළම සේවක ඉල්ලුමක් පවතින්නේ මහන මැෂින් ක්‍රියාකරුවන් සඳහා වන අතර එම සංඛ්‍යාව 77189 ක් වේ. දෙවනුව ආරක්ෂක නියාමකයන් සඳහා (57008) ඉහළ ඉල්ලුමක් පවතින බවද ඉන් අනාවරණය වී ඇත. මෙවැනි රැකියා සඳහා ඉදිරිපත් කරන ඇබෑර්තු සංඛ්‍යාවට සරිලන පරිදි අයැදුම් කරන්නන් නොමැති වීමෙන් මෙම ඉල්ලුම වැඩිවී ඇති අතර ඒ නිසාම එවැනි රැකියා වැඩි සංඛ්‍යාවක් පුරප්පාඩු පවතින බව සතරසිංහ මහතා පැවැසීය. -

පොළොන්නරුවේ පොහොර හිඟය අවසන්
පොලොන්නරුවේ පැවැති පොහොර හිඟය නිමාවට පත්ව ඇති බවත් මේවන විට පොලොන්නරුවට පොහොර මිටි 2500–3000ක් පමණ (9) ලැබී ඇති බව සිමාසහිත ලංකා පොහොර සමාගමේ පොලොන්නරු දිස්ති‍්‍රක් අලෙවි නිළධාරි ජි.ජේ.ටී.කුමාර මහතා පැවසීය.
‘පොලොන්නරුව දිස්ති‍්‍රක්කයේ ගොවිජන සේවා මධ්‍යස්ථාන 12ක් තිබෙනවා. ඒ සෑම එකකම දැන් පොහොර තියෙනවා. ගල්අමුණ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ පමණක් හිඟයක් තියෙනවා. එම ස්ථානයටත් අද අපිට ලැබුණ පොහොර ලොරි හතරෙන් මුලින්ම අපි එම මධ්‍යස්ථානයට යවනවා. මේවන විට අවශ්‍ය පරිදි ගොවින්ට යුරියා පොහොර ලබා ගැනීමට හැකියාව තිබෙනවා’ යැයි ඔහු කීවේය.
පසුගිය දවස්වල පොහොර නැතුව පුදුම කට්ටක් කෑවේ. දවස් ගණන් පෝලිමේ ඉන්න වුණා. ඒ විතරක් නෙවෙයි ගන්න පුළුවන් වුණොත් පොහොර මිටි දෙකයි. අද පොහොර ආපු නිසා දැන් අක්කරයකට පොහොර මිටි 2ක් දෙනවා. කොටින්ම කියනවා නම් අවශ්‍ය තරම් පොහොර ගන්න තියෙනවා යැයි ගොවියෝ කියති.
-

රුධිරය පරිත්‍යාග කරන්න – ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය
ඩෙංගු සහ වෙනත් රෝග තත්ත්වයන් හේතුවෙන් සෑම වසරකදී ම ගබඩාගත රුධිර ප්‍රමාණය අඩුවන බැවින් රුධිරය පරිත්‍යාග කරන ලෙස ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
එම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කළේ සෑම වසරක ම ජනවාරි සිට අප්‍රේල් මාසය දක්වා කාලය තුළ රුධිරය පරිත්‍යාග කිරීම ද අවම වන බවයි. එම නිසා රුධිරය හිඟයක් ඇතිවිය හැකි බැවින් රුධිර පරිත්‍යාගශීලීන්ගෙන් කඩිනමින් රුධිරය පරිත්‍යාග කර ගැනීමට සිදුව ඇති බව අධ්‍යක්ෂවරයා සඳහන් කරයි.
එම නිසා නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයට හෝ ලඟම පිහිටි රෝහලේ රුධිර මධ්‍යස්ථානයට පැමිණ රුධිරය පරිත්‍යාග කරන ලෙස අධ්‍යක්ෂවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මේ පිළිබඳ වැඩිදුර විස්තර සඳහා වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා – 0777 586 596
-

සත්‍යයේ හඬ “රැස” ජනවාරි 8 සිට ඔබ අතට
අවිද්‍යාව, අශිෂ්ඨත්වය, මිත්‍යාව, ජාතිවාදය, ආගම්වාදය යනු පටු දෘෂ්ඨීන්ට එරෙහිව සැබෑ නවීන පුවත්පතක් ලෙස ලේක් හවුස් ආයතනයෙන් එළඹෙන බ්‍රහස්පතින්දා (11) දින සිට නිකුත් කිරීමට නියමිත නව දිනපතා ජාතික පුවත්පත ලෙස “රැස” හැඳින්විය හැක.එහිප්රධාන කතුවරයා – චාමර ලක්ෂාන් කුමාර මහතානියෝජ්‍ය කතුවරයා – කසුන් පුස්සෙවෙල මහතාවිශේෂාංග කතෘවරයා – රංජිත් කුමාර සමරකෝන් මහතාප්රවෘත්ති කතෘවරයා – ශාලික විමලසේන මහතාවශයෙන් සිටින අතරතිඹිරියාගම බණ්ඩාර, ජයසිරි ජයසේකර, රවීන්ද්‍ර විජේවර්ධන, නිලන්ත ගමගේ, මංජුල සමරසේකර, කසුන් ඉරුගල්බණ්ඩාර, පබදු සපුතන්ත්‍රි, ශිවන්ති ප්‍රනාන්දු ඇතුළු තරුණ මාධ්‍යවේදීන් කණ්ඩායමක් රැස ඔබ වෙත ගෙන ඒමට දායකත්වය දක්වයි.මෙම පුවත්පත් නව සන්නිවේදන තාක්ෂණයන් සමග අත්වැල් බැඳ ගන්නේ මධුක ප්‍රනාන්දු සහ විමුක්ති දුෂාන්තගේ සහයෙනි. මො.ල. සෙනෙවිරත්න ප්‍රමුඛ දක්ෂ තරුණ පිටු සැකසුම් ශිල්පීන් පිරිසක් ‘රැස’ නිර්මාණයෙහි ලා දායක වෙති. -

මන්නාරම මහ රෝහලට VOG කෙනෙක් ඉල්ලා ගැබිණි මවුවරුන් පාරට බසියි
මන්නාරම මහ රෝහලේ සේවය කළ ප‍්‍රසව හා නාරි ශෛල්‍ය විශේෂඥ්‍ය වෛද්‍යවරයා මාස පහකට ඉහතදී ස්ථානමාරුවී ගියද මෙතෙක් විශේෂඥ්‍ය වෛද්‍යවරයකු ලබාදීමට කටයුතු නොකර ඇති බැවින් ගැබිණි මව්වරුන් මුහුණ දෙන ගැටලුවලට විසදුම් ඉල්ලා ඊයේ (8) ගැබිණි මව්වරුන් පිරිසක් රෝහල ඉදිරිපිට මාර්ගයේ බිම වාඩිවි විරෝධතාවක නිරතවූහ.
විරෝධතාවයේ නිරත ගැබිණි මව්වරුන් පවසා සිටියේ ඇතැම් වෛද්‍යවරුන් මව්වරුන්ට උපදෙස් ලබාදෙන්නේ වවුනියාව හෝ යාපනය රෝහල් වෙත ගොස් විශේෂඥ්‍ය වෛද්‍යවරයාගේ පරීක්ෂා කිරීම් සිදුකරගෙන් එන ලෙසත්ය. එසේෙ කිලෝමීටර 60 හෝ 70 ක් තමන් බස්රථ වලින් යාපනය, වවුනියාව රෝහල් සඳහා පැමිණිය යුතු බවත් එය ගැබිණි මව්වරුන්ට දැඩි අපහසුතාවක් බවද විරෝධතාවයේ නිරතවූවන් සඳහන් කරති.
-

අද සිට කාලගුණය වෙනස් වේ… සීතල අඩුවේ… දිවයින පුරා වැසි
අද (9 ) සිට වියළි සහ ශීතල කාලගුණයේ වෙනසක් බලාපොරොත්තු වන බවත් ඒ අනුව ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ පැතුම් පැස්කුවල් මහතා පැවසීය.
මීට අමතරව උතුරුමැද සහ ඌව පළාතේ සහ මාතලේ, මඩකලපුව, අම්පාර සහ හම්බන්තොට දිස්ත‍්‍රික්කවලත් වැසි ඇතිවන අතර සෙසු පළාත්වලද පස්වරු 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ඔහු සඳහන් කළේය.බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වල උදය කාලයේ මිහිදුම් තත්ත්වයක් ද බලාපොරොත්තු විය හැකි බව ද මේ දිනවල දිවයිනේ ප‍්‍රදේශ රැසකට බලපා ඇති දැඩි ශීත කාලගුණ තත්ත්වයේ අඩුවක් ද අද සිට බලාපොරොත්තු වන බව ඔහු කියා සිටියේය.
-

ලෝකයේ ලබාළම ලේඛකයා ලංකාවේ අපේ පුතෙක් , ගිනස් වාර්තා පොතේ නමත් ලියවිලා .!
දස්කම් දක්වන අපූරු හැකියාවන්ගෙන් යුත් දරුවන් අප ශ්‍රී ලංකාවට අඩුවක් නැත. ඉතාමත් අඩු වයසින් එවැනි දස්කමක් කළ , ගිනස් වාර්තා පොතට පොතෙහි පවා සිය නම රැන්දු එවන් දරුවෙකු පිළිබදව වාර්තා වෙනවා. ඒ නම් පොතක් ලියා පළ කළ ලෝකයේ ළාබාලතම ලේඛකයා ලෙස ගිනස් පොතට එක් වූ තනුවක සේරසිංහ දරුවාය.
සිය දෙමව්පියන් සමග සීෂෙල්ස් හි පදිංචි මෙම ශ්‍රී ලාංකික දරුවා “Junk Food” නැමති ඉංගී්‍රසි ග්‍රන්ථය රචනා කරන විට ඔහුගේ වයස අවුරුදු 04 යි දින 356 කි.මෙම ග්‍රන්ථය රචනා කිරීමට ඔහුට ගතව ඇත්තේ දින 03 ක කාලයක් වීමද විශේෂත්වයකි.
තනුවක සේරසිංහ දරුවා සිය මවු පියන් සමග ඊයේ (05) ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු විය. දරුවාගේ දක්ෂතා අගය කළ ජනාධිපතිතුමා ඔහුට තිළිණයක් ද පිළිගැන්වූ අතර ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් සිය ආශිර්වාදය පළ කළේය.
එම අවස්තාවේ ඡායාරූප පහතින් ,


-

ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය මුසුවීම නිසා මීගමු කලපුව අනතුරේ…

ඒකල, කොටුගොඩ ආදී කාර්මික ප්‍රදේශ වලින් අත්තනගලු ඔයටත් ජා ඇල ටත් මුසුවන ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය සහ මීගමු කලපුවට සෘජුවම මුසුවන ඉලෙට්‍රෝනික අපද්‍රව්‍ය නිසා ඉදිරියේදී බරපතල පාරිසරික සහ සෞඛ්‍ය අර්බුද බහුලවීම සම්බන්ධයෙන් වගකිවයුත්තෙකු ගේ අවධානය මෙතෙක් යොමුව නැතැයි පරිසරවේදීහු පෙන්වා දෙති. කටුනායක කාර්මික කලාපයේ අපද්‍රව්‍යද සංවිධානාත්මක අයුරින් මීගමු කලපුවට බැහැර කිරීම පිළිබඳවද තොරතුරු වාර්තා වන අතර මෙම ගැටළුව පිළිබඳ රජයෙන කඩිනම් ක්‍රියාමාර්ගයක් ගනු ඇතැයි ඔවුන් අපේක්ෂා කරයි.
-

පෙර භවයේ ලංකාවේ සිටි බව කියන භූතාන් රජ පවුලේ සාමනේර හිමි….

බෞද්ධ සිද්ධස්ථාන වැදපුදා ගැනීමට ශ්‍රී ලංකාවට පැමිණීමට අවශ්‍ය බව පවසමින් නිරන්තරයෙන් ඇවිටිලි කළ වයස අවුරුදු දෙකේදී පැවිදි බිමටපත් භූතානයේ රැජිනගේ මුණුපුරු සාමනේර හිමියන් ඇතුළු දූතපිරිසක් නිලනොවන සංචාරයකට පැමිණ පසුගිය දා මිහින්තලය රජමහා විහාරය වැදපුදා ගත්හ.
සිව්වන වියේ පසුවන රැජිනියගේ මුණුපුරා වන සාමනේර හිමියන් වයස අවුරුදු දෙකේදී පැවිදි වී තිබෙන බවත් සාමනේර හිමියන්ට ශ්‍රී ලංකාවේ ශාසන ඉතිහාසය පිළිබඳ ඇති දැනීම සම්බන්ධයෙන් මහ රැජිණිය මෙන්ම තමන් වහන්සේද මවිතයට පත්වූ බවත් මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියයෝ පැවසූහ.
සාමනේර හිමියන්, භූතාන රැජිනිය සමඟ ඇගේ දියණිය වන සාමනේර හිමියන්ගේ මව සහ පැවිදි වී සිටින මුණුපුරා ගේ විහාරයේ නායක හිමිපාණන්, හා සාමනේර හිමියන්ගේ සහෝදරයා මෙන්ම ශ්‍රී ලංකාවේ භූතාන තානාපතිවරයා ඇතුළු දූත පිරිස පෙරේදා (31) මිහින්තලය පූජා භූමිය වැදපුදා ගැනීමට පැමිණ සිටියහ.
දැනට සිව්වන වියේ පසුවන සාමනේර හිමියන් වසර කිහිපයක සිට ශ්‍රී ලංකාවට පැමිණිය යුතුබවට ඇවිටිලිකරමින් හඬා වැටීම නිසා නිලනොවන අන්දමින් ශ්‍රී ලංකාවට පැමිණි බව රැජිනිය විහාරාධිපති ධම්මරතන හිමියන්ට පැවසුවාය.
සාමනේර හිමියන්ට ශ්‍රී ලංකාවේ ශාසනික ඉතිහාස සම්බන්ධයෙන් ඇති දැනීම පිළිබඳව මවිතයට පත්වූ විහාරාධිපති හිමියෝ මෙසේ කීය.

සාමනේර හිමියන් ලංකාවේ සෑම බෞද්ධ සිද්ධස්තානයක් පිළිබඳවම හොඳින් දන්නවා. කැලණිය විහාරයට වැඩම කළ අවස්ථාවේ එම විහාරයට බුදුන් වැඩිය බවත් පවසා තිබුණා. අනුරාධපුර ජය ශ්‍රී මහ බෝධීන්වහන්සේ වැදපුදා ගැනීමට ගිය අවස්ථාවෙත් ශ්‍රී මහ බෝධින්වහන්සේ බුදුන්ට බුදුවීමට පිටදුන් බෝධියේ ශාඛාවක් බව පවසා තිබුණා. රැජිනය හා ඇගේ දියණියත් සාමනේර හිමියන්ගේ මේ ප්‍රකාශයන්ට මවිතවී සිටියා.

උන්වහන්සේ මීටපෙර ලංකාවට වැඩමකර නෑ. උන්වහන්සේට මෙම දැනුම ලැබුණු ආකාරය පිළිබඳව මටත් හිතා ගන්න බැරුව හිටියේ. මිහින්තලයට වැඩම කිරීමෙන් පසුව මේ විහාරය මිහිඳු මාහිමිපාණන් ලංකාවට බුද්ධාගම රැගෙනා ආ ස්ථානය යනුවෙන් උන්වහන්සේ හඳුනාගත්තා. මිහින්තලා මහා සෑයේ බුදුන්වහන්සේගේ ඌරණ රෝම ධාතුව තැන්පත්කර තිබෙන බවත් පැවසුවා.
ඉන්පසුව ධාතුන් වහන්සේලා නැරඹීමට අවශ්‍ය බව පවසා ඒ පිළිබඳව විස්තර පැවසුවා.
මිහිදු හිමියන් ආදාහනය කිරීමට යොදාගත් දැවයන්හි අඟුරු පෙන්වූ අවස්ථාවේ ඒවා සඳුන් දැව බව උන්වහන්සේ පැවසුවා. ධාතු මන්දිරයට ගොස් සියළුම ගාථා හොඳින් සජ්ජායනා කරමින් වැදුම් පිදුම් කළා.

රැජිනිය ඇතුළු සියළුම දෙනා මවිතයට පත්වී සිටියේ. මාත් මවිතයට පත්වුණා; සාමනේර හිමියන්ගේ දැනුම පිළිබදව. රැජිනිය පවසනවා සාමනේර හිමියන් පෙර භවයන් වල ශ්‍රී ලංකාවේ හරි ඉන්දියාවේ හරි ඉපදිලා උසස් ආධ්‍යාත්මික ජීවිතයක් ගතකරන්න ඇති කියලා. බුදු දහම සම්බන්ධයෙන්ද සාමනේර හිමියන් බොහෝ දේවල් දන්නවා. උන්වහන්සේ ලංකාවට වැඩම කළ පසුව පෙර භවයන් මතකයට එන්න ඇති කියලා මාත් විශ්වාස කරනවා යනුවෙන් නායක හිමිපාණන් පැවසූහ.




–බුද්ධික මහේෂ් විජේසූරිය
-

හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභා භූමියේ සඳුන් ගස හොරු කපයි

හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභා භූමියේ තිබූ ඉතා වටිනා සුදු හඳුන් ගසක් ඊයේ (30) අළුයම සොරුන් කණ්ඩායමක් විසින් කපාගෙන ගොස් ඇතැයි හල්දුම්මුල්ල පොලීසිය කියයි.ප්‍රාදේශීය සභාවේ සිටි මුරකරුගේ මුහුණ වසා බැඳ දමා පැය 3ක පමණ කාලයකදී ගස මුලින්ම කපාගෙන කොටස් රැගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.
අවුරුදු 30කට වඩා පැරැණි සඳුන්ගස ඉතා හොඳින් වැඩීතිබූ බවත් මුල වට අඩි 04ක් පමණ වන බවත් සැකකරුවන් සොයා හල්දුම්මුල්ල පොලීසිය පුළුල් විමර්ශණයක් ආරම්භ කර ඇති බවත් පොලිසීය ප්‍රකාශ කරයි.
-

මේ සුපිරි ෆෙරාරි රථවල සැබෑ හිමිකරුවන් කවුරුන්ද..? (Exclusive)
මීට සති කිහිපයකට පෙර මෙරටට ගෙන්වන ලද සුපිරි මෝටර් රථ ගණයට වැටෙන ලැම්බෝගිනි රථයක් ගැන විශාල ගින්නක් ඇවිල ගිය අතර එය දැඩි ආන්දෝලනයට ලක් වූ මාතෘකාවක්ද විය.
ජෙහාන් හමීඩ් නැමැති තැනැත්තියක් විසින් ලංකාවට ගෙන්වන ලද එම ලැම්බෝගිනි රථයේ වටිනා කම මිලියන 110 ක් හෙවත් රුපියල් ලක්ෂ 1100 ක් බවට වාර්තා විය.
එහෙත් එම ලැම්බෝගිනියේ උණුසුම පහව යන්නට මත්තෙන් පසුගිය දින කිහිපයේදී තවත් ලොව සුපිරිතම මෝටර් රථ වර්ගයක් වන ෆෙරාරේ මෝටර් රථ 2 ක් ප්‍රොවිඩන්ස් ඔටෝ යටතේ ලංකාවට ගෙන්වන ලදී. එහි එක් මෝටර් රථයක හිමිකරුවකු වන්නේ ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ඇවෙන් රා සමුහයේ හිමිකරු දනේෂ් ද සිල්වාය. එය කහ පැහැති ෆෙරාරි ස්පයිඩර් වර්ගයේ රථයකි. මෙම රථයේ වටිනාකම රුපියල් කෝටි 10 ක් හෙවත් මිලියන 100 කි.
එසේම මීට දින කිහිපයකට ඉහතදී ගෙන්වන ලද අනෙක් ෆෙරාරි රථය ගෙන්වන ලද්දේ රිෂ්මි අමනුඩීන් නැමැති තැරැව්කරුවකු විසින් වන අතර එහි හිමිකරුවා ශ්‍රී ලංකාවේ සුප්‍රකට ස්වර්ණාභරණ ව්‍යාපාරිකයෙකු බව සඳහන්. එය රතු පැහැති ෆෙරාරි 488 GTB වර්ගයේ රථයක් වන අතර එහි වටිනාකම රුපියල් කෝටි 9 ක් පමණ වන බව සඳහන්.


මෙහි ඇති විශේෂත්වය නම් මෙම සුපිරි මෝටර් රථ ගෙන්වන ලද සියළු දෙනාම රාජපක්ෂවරුන් සමඟ ඉතා සමීප ඇසුරක් පවත්වාගෙන යන්නන් වීමයි. රිෂ්මි අමනුඩීන් නම් සුපිරි මෝටර් රථ තැරැව්කාර ව්‍යාපාරිකයාද රාජපක්ෂවරුන් සහ බුරියානි මුස්තාෆා සමඟ සමීප රහස් ඇසුරක් පවත්ගෙන යන අයෙකු බවට වාර්තාවේ.
මේ අතර අපගේ අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරන පරිදි ඉදිරි සතියේදී තවත් සුපිරි ෆෙරාරි මෝටර් රථයක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර එහි වටිනාකම මීට වඩා ඉහළ අගයක් ගනු ඇති බව සඳහන්. එම ෆෙරාරි රථය මීට පෙර කෝටි11ක ලැම්බෝගිනිය ගෙන්වන ලද ජෙහාන් හමීඩ්ට අයත් බාවේරියන් මෝටර්ස් යටතේ පැමිණීමට නියමිත බවට තොරතුරු වාර්තාවේ.

-

සෙල්ෆි පිස්සුව නිසා තවත් තරුණ ජීවිත දෙකක් නැතිවෙයි…
පුදුකුඩුඉරිප්පු ශිව නගර් ප්‍රදේශයේ පදිංචි රාසයියා සිවරාසන් හා තම්බයියා තවේන්ද්‍රන් යන පුදුකුඩුඉරිප්පු මධ්‍ය මහා විද්‍යාලයේ වානිජ හා ජීව විද්‍යා විශයන් ඉගෙනුම ලබන සිසුන් දෙදෙනා 2019 උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිට ඇත.
පෙරේදා(24) පස්වරුවේ තවත් සිසුන් 5දෙනෙකු සමග මොවුන් කල්අඩි ඔයේ දියනෑමට ගොස් ඇති අතර ඔය මැදට ගොස් සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය මෙම සිසුන් දෙදෙනා දියේ ගිලී ඇති අතර ඉන් පැයකට පමණ පසු ප්‍රදේශවාසීන්ගේ සහයෝගයෙන් වැලි ගොඩ දැමූ වලක සිරවී තිබියදී ඔවුන්ගේ මෘත දේහ සොයාගෙන ඇත.




-

මහේස්ත්‍රාත් තුමන්ට පාරෙ කුණුහරුපෙන් බැන්න 3 දෙනාට වැඩ වරදී…

අනුරාධපුර නගරයේ පෞද්ගලික ආයතනයක සේවය කරන පුද්ගලයන් තිදෙනෙේ හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් සර්වන රාජා මහතා ගමන් ගත් නිල රථය මරදන්කඩවල අසලදි හරස් කරමින් අසභ්‍ය සහ පරුෂ වචනයෙන් බැන වැදී ඇති අතර ඔවුන් තිදෙනා අද(25) අත්අඩංගුවට ගත් බව කැකිරාව පොලිසිය පවසයි. මොවුන් මාතලේ සහ ගලේවෙල පදිංචිකරුවෝ වෙති.
නොච්චියාගම ප්‍රෙද්ශයේ නිවසක පැවති අවමගුල් උත්සවයකට සහභාගිවි ආපසු හැටන් බලා යමින් සිටියදි මහේස්ත්‍රාත්වරයා මෙම සිද්ධියට මුහුණ දී තිබූ අතර කරමින් අසභ්‍ය වචනයෙන් බැණ වැදුණු බවට මහේස්ත්‍රාත්වරයාගේ ආරක්ෂක නිලධාරිවරයා එදින කැකිරාව පොලිසියට කළ පැමිණිල්ල මත කැකිරාව පොලිසිය විසින් මෙසේ පරික්ෂණයක් ආරම්භකොට සැකකරුවන් තිදෙනා අත් අඩංගුවට ගෙන තිබේ.
