Category: සුපිරි Walks

  • දුම්රිය වර්ජනය තව දුරටත්

    දුම්රිය වර්ජනය තව දුරටත්

    දුම්රිය සේවකයින් විසින් ඊයේ (23) මධ්‍යම රාත්‍රීයෙන්  ආරම්භ කරන ලද මෙම  තිරිංග දෝෂ සහිත චීන මැදිරි  වලින්  යුත් දුම්රිය ධාවනය කිරිමෙන්  වැළකී  සිටිමේ වෘත්තිය ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක කරන බව ලෙකොමොටිව් ඔපරේටින් ඉංජිනියර්ස් රියදුරු සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පවසයි. 

    සෙසු දුම්රියෙන් සාමාන්‍ය පරිදි ධාවනය වන අතර මේ හේතුවෙන් යාල්දේවි  දුම්රිය ඇතුළු දුම්රිය 8 ක් අද (21) උදේ වරුවේ අවලංගු කළ බවත් ගැටලුවට විසඳුමක් ලබාදීම සඳහා  දුම්රිය සාමාන්‍යාධිකාරි මහානාම අබේවික්‍රම මහතා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇති බවත් දුම්රියේ ආරංචි මාර්ග වල සඳහන් වේ.

  • වික්‍ටර්ට නැවතත් පිය වරම් – හෂිනි රත්නායක ගැබ් ගනියි ?

    වික්‍ටර්ට නැවතත් පිය වරම් – හෂිනි රත්නායක ගැබ් ගනියි ?

    වික්ටර් රත්නායක ප්‍රවීණ ගායන ශිල්පියා පිළිබදව පසුගිය දිනවල කතාබහට ලක්වූයේ වික්ටර් රත්නායකගේ දෙවන විවාහය නිසයි. වික්ටර් රත්නායක තමන්ට වඩා වයසින් ඉතා ලබාල හෂිනි අමේන්ද්‍රාගේ අත ගැනීම සමාජයේ පුවත් මවන සිදුවීමක් බවට පත්වුණා.

    කෙසේ වෙතත් නැවතත් වික්ටර් – හෂිනි යුවළ පිළිබදව කතාබහක් ඇති වූයේ , තංගල්ල ප්‍රදේශයේ රජයේ බැංකුවක සිදුවූ ස්වර්ණාභරණ හොරකමක් සම්බන්ධයෙන් හෂිනි රත්නායක පොලිස් අත්අඩංගුවට පත්වීමත් සමගයි. සිදුවීම සම්බන්ධයෙන් හෂිනි රත්නායක අධිකරණයට ඉදිරිපත් කර තිබෙන අතර , ඇය තවමත් පසු වන්නේ රක්ෂිත බන්ධනාගාර ගතවයි.

    මේ අතර හෂිනි – වික්ටර් යුවළ පිළිබදව තවත් අපූරු කතා පුවතක් පැතිර යනවා. එනම් වික්ටර් රත්නායකට නැවතත් පිය වරම් ලබා දෙමින් හෂිනි රත්නායක ගැබ් ගෙන තිබෙන බවටයි. මින්පෙර හෂිනි රත්නායක පවසා තිබුණේ තමන් සහ සිය සැමියාට දරුවෙකු පිළිබද බලාපොරොත්තු තිබෙන බවයි.

    මෙම නිසාම හෂිනි රත්නායක ගැබ් ගෙන තිබෙන බවට පැතිරෙන කතා පුවත සත්‍ය විය හැකි බවට සමාජජාලා වලද අදහස් පළව තිබුණා, හෂිනි රත්නායක අධිකරණයේ සිට බන්ධනාගාරයට රැගෙන යන අවස්තාවේ ඡායාරූප වලින් මේ බව පැහැදිලි වන බවත් සමාජජාලා වල අදහස් පළව තිබුණා. 

    කෙසේ වෙතත් මෙම පුවතේ සත්‍ය අසත්‍යතාවය තවමත් තහවුරුව නැහැ. හෂිනි රත්නායක බන්ධනාගාරයට රැගෙන යන අවස්තාවේ ඡායාරූප පහතින් ,




  • ඉල්ලුම්කරුවන් 3000 දැනටමත් ඔන්ලයින් මගින් ද්විත්ව පුරවැසිබව ඉල්ලලා….

    ඉල්ලුම්කරුවන් 3000 දැනටමත් ඔන්ලයින් මගින් ද්විත්ව පුරවැසිබව ඉල්ලලා….

    ද්විත්ව පුරවැසි භාවය ලබාගැනීම සඳහා මේ වසරේ අයදුම්පත් 3000 ක් පමණ ලැබි ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා.

    ඔවුන්ට ද්විත්ව පුරවැසි භාවය ලබාදීම සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගෙන ඇති බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පුරවැසි පාලන අංශය කියා සිටියේ.

    මේ සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පුරවැසි නියෝජ්‍ය පාලක ඒ.එල්.වී.අයි ලියනරත්න කියා සිටියේ ද්විත්ව පුරවැසි භාවය ලබාදීමේ කටයුතු කලක් අත්හිටුවා තිබුණ ද එය 2015 වසරෙන් පසු අඛණ්ඩව සිදු කරන බවයි.

    වයස අවුරුදු 16 සිට 60 දක්වා වූ පුද්ගලයන් ගුවන් බලපත්‍ර ලබාගැනීමේ දී සහ ද්විත්ව පුරවැසි භාවය ලබා ගැනිමේ දී ඇඟිලි සලකුණු සටහන් කර ගන්නා බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

    එමෙන්ම විදේශ රටක සිටින ශ්‍රී ලාංකීකයන්ට මෙරට පුරවැසි අයදුම්පත් අන්තර්ජාලය මගින් ඉදිරිපත් කළ හැකි අතර විදේශ ගමන් බලපත්‍රය සඳහා ද අන්තර්ජාලය මගින් අයදුම්කළ හැකි බවයි ආගමන විගමන දෙපාර්තමේන්තු සඳහන් කරන්නේ.

  • භූමිතෙල් තොග අලෙවිය සීමා කෙරේ

    භූමිතෙල් තොග අලෙවිය සීමා කෙරේ

    ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති දම්මික රණතුංග මහතාගේ අත්සනින් යුතුව සියලුම සි‍පෙට්කෝ බෙදුම්කරුවන් වෙත අංක 987 යටතේ චක්‍රලේඛයක් නිකුත් කර ඇත.භුමිතෙල් අවභාවිතය නතර කිරීමට මෙම තීරණය ගෙන ඇති අතර ඉදිරියේදී හදිසි වැටලීම්ද ක්‍රියාමක  බව අමාත්‍යාංශය කියයි.

    අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනය

    “ලංකා භූමිතෙල් සහ කාර්මික භූමිතෙල් ලෙස භූමිතෙල් වර්ග දෙකක් වෙළඳපොළේ විකිණීමට ඇත. මෙයින් ලංකා භූමිතෙල් යනු සාමාන්‍ය පරිභෝජනය සඳහා රජයේ සහනාධාරය යටතේ අඩු ආදායම් ලාභී ජනතාවට සහ ධීවර ප්‍රජාව ඉලක්ක කර අලෙවි කෙරෙන භූමිතෙල්ය.

    එම භූමිතෙල් රතු පැහැයෙන් යුක්තය. කර්මාන්ත ශාලා සහ තොග වශයෙන් භාවිත කිරීමට යොදා ගන්නා භුමිතෙල් කාර්මික භූමිතෙල් නමින් හැඳින්වේ. කාර්මික භූමිතෙල් අවර්ණය.

    මෙහිදී අඩු ආදායම් ලබන ශ්‍රී ලංකාවාසී ජනතාවට සහ ධීවර ප්‍රජාවට ආර්ථික සහනයක් ලබා දීමේ අරමුණ ඇතිව ලංකා භූමිතෙල් අලෙවි කරනුයේ එක් ලීටරයකින් රුපියල් 30ක පාඩුවක් සංස්ථාව ලබමිනි.

    2015 වර්ෂයේ ලංකා භූමිතෙල් අලෙවිය හා 2017 වර්ෂයේ පසුගිය මාසවල ලංකා භූමිතෙල් අලෙවිය සංසන්දනය කරන විට මෙරට ලංකා භූමිතෙල් පරිභෝජනය වැඩි වී ඇතැයිද අනාවරණය වී තිබේ. ඊට ප්‍රධාන වශයෙන්ම හේතු වී ඇත්තේ ඇතැම් ‍පිරවුම්පොළවල බෙදුම්කරුවන් අධික ලාභ ලැබීමේ පරමාර්ථයෙන් ලංකා භූමිතෙල් වැඩි වශයෙන් ව්‍යාපාරික හා කර්මාන්ත ශාලාවලට නිකුත් කිරීමට පෙළඹීමත් බස්රථවලට සහ බවුසර් රථවලට භූමිතෙල් යෙදීම මෙන්ම ඩීසල්වලට භූමිතෙල් කලවම් කර විකිණීමත් නිසාය.

    එහෙත් එවැනි ක්‍රියා නීතිවිරෝධීබව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අවධාරණය කරයි. එබැවින් එවැනි වරදක් සිදු කළහොත් බෙදුම්කාරධුරත්වධුරය අහෝසි කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා සිය චක්‍රලේඛයෙන් සියලුම සිපෙට්‍කෝ බෙදුම්කරුවන් වෙත දන්වා දන්වා සිටී.

    දිවයිනේ අඩු ආදායම් ලබන ජනතාවට හා ධීවර ප්‍රජාවට සහන සැලසීමේ පරමාර්ථයෙන් සහන මිලකට අලෙවි කරනු ලබන ලංකා භූමිතෙල් ඔවුනට පමණක් නිකුත් කිරීමට සියලුම බෙදුම්කරුවන් වගබලා ගත යුතුය. ව්‍යාපාරික කටයුතුවලට සහ කර්මාන්තශාලාවලට කාර්මික භූමිතෙල් පමණක් නිකුත් කළ යුතුය. පෙට්‍රල් සහ ඩීසල් වාහනවලට ලංකා භූමිතෙල් අලෙවි කිරීද නීතිවිරෝධි ක්‍රියාවකි. අධික ලාභ ලබා ගැනීමේ අරමුණින් ඩීසල්වලට භූමිතෙල් කලවම්  කළහොත් එම වරද සිදු කරන පිරවුම්හල්ද තහනම් කෙරේ”

  • වාහන සිහිනය දකින ඔබේ අවධානය පිණිසයි

    වාහන සිහිනය දකින ඔබේ අවධානය පිණිසයි

    ඔබත් වාහනයක් ගැනීමේ සිහිනයකින් පසුවෙනවාද?

    එහෙනම් මෙන්න මේ පහත දක්වන වාහන sale වලින් වාහන ගැනිමේදීපරිස්සම් වෙන්න.

    කොහුවල දුටුගැමුණු විදියේ A A Auto mart,

    VTL Auto mobile රාගම,

    සෙවන හෝල්ඩින්ග්ස් නුගේගොඩ.

    මෙම වාහන සේල් වල ඔවුන්තවත් අතැරමැදියන් සමග සම්බන්ධ වි කූඨ ලෙස මුදල් වංචාවන් සිදු කරයි.
    අතැරමැදියා ( බ්‍රොකර් ) ලෙසකටයතු කරන්නේඅංක225/3A , සොමාලංකාරමාවත, මාගම්මන ,හෝමාගමපදිංචි විජයමුණි ගයනි ශ්‍යාමලි ද සිල්වාID NO-786483085V /DL NO-A 018641578නැමැති කාන්තාව වන අතර ඇය සෙල් එකේ ඇතිවාහනය සාමාන්‍ය මිලට වඩා ලකෂ 3-4 අඩු මුදලකටලබාදෙන බව පවසා ගනු දෙනුකරු හට සියලුම Document පෙන්වාවාහනයේ වටිනාකම සේල් හිමිකාරයාගේ බැංකු ගිනුමටදැමු පසු වාහනය ලබාගත හැකි බව පවසයි මුදල් ගිනුමට දමා ගනී.

    Image may contain: 1 person

    වාහනය ගැනිමට ගිය විට සෙල් අයිතිකරු පවසන්⁣නෙ අර කාන්තාවවිසින් එම වාහනය අනවශ්‍ය බව
    පවසා මුදල් රැගෙන ගිය බවය.මේ ආකාරයට දැනට මේම කාන්තාව හා සේල් හිමිකරුවන් එකතු වි රුපියල් ලකෂ 600 කට අධික මුදලක් මෙලෙස වංචා කර ඇත.

    මේ සම්බන්ධයෙන් කොළඹ මිරිහාන පොලිසියේ විශේෂවංචා හා දුෂණ විමර්ශන එකකය
    මගින් පැමිණිලි 10 විභාග වේමින් පවතින අතර ⁣මොවුන්ගේ දේශපාලන බලවත් කම් නිසා මොවුන් නිතියෙන් කට්ටි පනිමින් සිටී.

    2018-01-17 වන දින මේම කාන්තාවපොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.නමුත් සෙල් හිමිකරුවන් තවමනිදැල්ලේ සිටී.අංහිසක මිනිසුන්ගේ මුදල් කූඨ ලෙස වංචා කරන මේවැනි අපරාධකරුවන්නිතිය රැහැනට හසුකර ගැනිමටබලධාරින්ගේ ඇස් කන් යොමු වේවා…

    වාහන සිහිනය සෑබැ කර ගැනිමට සිටින ඔබ.
    මේවැනි වංචාකාරයින්ට හසු නොවිමට වග බලාගන්න..
    මේම Post එක දමන්නේ මගේද
    රු ලකෂ 25 මුදලක් මෙලෙස අහිමි වු බැවින්
    තවත් කෙනෙක් මේ උගුලෙන් බේරා ගැනිම සදහායි………

    මල්ෂි කොඩිකාර සිය මුහුණු පොතට එක්කර තිබූ ඇයට විඳින්න වුන අපහසුතාවය පිළිබඳව හා අන් අය එම අපහසුතාවයෙන් ගලවාගැනීම සඳහා වූ මෙම පොස්ටුව සුපිරි ගොසිප් අපි මෙසේ පල කරමු.

     

  • පොලීසියෙන් ගුටි දුන්නැයි කියා ලංකාවෙම විදුලි සේවකයෝ වර්ජනයක

    පොලීසියෙන් ගුටි දුන්නැයි කියා ලංකාවෙම විදුලි සේවකයෝ වර්ජනයක

    ඊයේ(17) විදුලි බල මණඩල මූලස්ථානය ඉදිරිපිට දී  වැටුප් විෂමතා  ඉවත් කිරීම ඇතුලූ ඉල්ලීම් කිහපයක් මුල් කරගනිමින් පැවති විරෝධය අතරේ විදුලි සේවකයන්ට පොලීසිය කළ පහර දීමට විරෝධය පළ කර අද(18) සිට දීප ව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වන බව ලංකා විදුලි බල මණ්ඩලයේ  ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා පැවසීය.

    ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති ඩබ්. බී ගනේගල මහතා ඔහුගේ  නිල කාමරයේ හිර කර තබා ගනිමින් විරොධතාවය පළ කළ විරෝධතාකරුවන් ඉවත් කිරීමට පොලිසිය පියවර ගෙන තිබිණි.   ඒ අවස්ථාවේදී එහි පැමිණි පොලිස් නිළධාරීන් පිරිසක් තමන්ට පහර දුන් බවට විදුලි බල මණ්ඩල සේවකයෝ චෝදනා එල්ල කළහ.

  • දඹුල්ලේ  තිත්තවැල්ගොල්ල ප්‍රාථමික විදුහලේ එක වසරට ඇතුළත් වු දරුවන්ට පාසල් දිවියේ පළමු දිනම මඩුවක ඉගෙන ගන්න වෙයි

    දඹුල්ලේ  තිත්තවැල්ගොල්ල ප්‍රාථමික විදුහලේ එක වසරට ඇතුළත් වු දරුවන්ට පාසල් දිවියේ පළමු දිනම මඩුවක ඉගෙන ගන්න වෙයි

    පළමු වසරේ  සිට පස්වැනි  ශ්‍රේණිය දක්වා  පන්ති පැවැත්වෙන වසර  1000 පමණ පැරණි දඹුල්ල තිත්තවැල්ගොල්ල ප්‍රාථමික විදුහලේ  ඇති ගොඩනැගිලි 2 ප්‍රමාණවත්  නොවීම සහ අබලන්  වීම නිසා   පාසලට  ඇතුළු වු  2018 පළමු  වසරේ දරුවන්ට  මව්පියන් විසින් ඉදිකළ තාවකාලික මඩුවකට  සිට පන්ති පැවැත්වීම සිදුව ඇත.

    මෙම දරුවන්ගේ  මව්පියන් හඬා වැටෙමින්  කියා සිටියේ  දහසක්  බලාපොරොත්තු පොදි බැඳගෙන මඩුවකට දරුවන් ඇතුළත් කිරිමට  ලැබීම පිළිබඳව කණගාටුවන බවයි. තාවකාලිකව මඩුවේ  දුවිලි කෘමි සතුන් සිටින බවද ඔවුහු පෙන්වා දුන්හ. 

    1 වසරේ සිට  පස්වැනි වසර  දක්වා  ළමුන්  සියයක්  පමණ ඉගෙන ගන්නා  මෙම පාසලේ ගුරු හිඟයක් නැතත්  ගොඩනැගිලි හිඟය නිසා  මේ තත්ත්වය උදා වී  තිබේ. මෙදින අලුත් ඇඳුම් ඇඳගෙන ජිවිතේ  පළමුවැනි  දින පාසලට  පැමිණි  දරුවන්ට  තාවකාලිකව මඩුවක සිටිමට සිදුවීම සිසු දරු දැරියන්ට නොතේරුණ ද මව්පියන්ට  එය වේදනාකාරි සිද්ධියක්  බව අමුතුවෙන් කිව යුතු නැත.

    මේ පිළිබඳව විදුහල්පති ඩී.මැණිකේ මහත්මියගෙන් විමසු විට  ඇය කීවේ  මීට පෙර පළමු ශ්‍රේණියේ  පන්ති පැවැත්වුයේ  විද්‍යාලයේ පැරණිම ගොඩනැගිල්ලේ පිහිටි සිසු දරු දැරියන් රංගන ඉදිරිපත්  කරන උස් වේදිකාවේ  ස්ථානයක බවයි. එම ස්ථානයේ පන්ති පවත්වනවාට  අකමැත්ත ප්‍රකාශ  කිරිමත්  සමඟ තමන්ට  දෙමව්පියන් මෙවර  එම ස්‍ථානයේ පන්ති පවත්වනවාට අකමැත්ත ප්‍රකාශ කිරිමත් සමඟ තමන්ට  දෙම්පියන්ගේ හඬට  සවන් දීමට  සිදු වු බවත් මීට  පෙර පාසලේ සිටියේ ඉතා සීමිත ළමුන් ප්‍රමාණයක් බවත් ගුරුවරුන්ගේ  දක්ෂතා  නිසා  දරුවන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළ යාමත් සමඟ ගම්මානයේ  සියලුම දුවා දරුවන් පාසලට  ඇතුළත්  වීමෙන් ඉඩකඩ ප්‍රශ්න මතුවු  බවයි.

    ශිෂ්‍යත්ම විභාගයෙන් මෙන්ම විවිධ තරග විභාගවලින් භාෂා ත්‍රිත්වයෙන්ම දක්ෂ දරුවන් බිහි කිරිම නිසා  දෙමව්පියන් පාසලට  තම දරුවන්  ඇතුළත්  කිරිමට  පෙළඹී සිටින බවද ඇය වැඩිදුටත් සඳහන් කළාය.

    පවතින ගොඩනැගිලි  හිඟය පිළිබඳව තමන් අදාල බලධාරීන්ට දැනුවත්  කර  තිබෙන බවත්  ඉදිරියේ දී  ගොඩනැගිල්ල ලබාදීමට  පොරොන්දු  වී  තිබෙන බවත් ඇය කීවාය. 

    අලුතින්ම ඇතුළු වු පාසල් සිසු දරු දැරියන්ව තාවකාලිකව මඩුවේ  ඉගෙනීම් කටයුතු සිදු කරද්දී  කුහුඹුවන්  දෂ්ට  කරන ආකාරය අපට දැකගැනීමට  හැකිවිය. දෙමව්පියන්  කියා සිටියේ  කවුරුන් හෝ ඉදිරිපත්  ව තම පාසලට  කුඩාවට  හෝ පන්ති  කාමරය සකසා  දෙන ලෙස ඉල්ලීමක්  කරන බවය. 

  • යාපනයේ ඡන්ද රැස්වීමක කොටි ගීත

    යාපනයේ ඡන්ද රැස්වීමක කොටි ගීත

     

    මෙවර පළාත් පාලන මැතිවරණයේදී විමුක්‌ති කොටි වැනි වදන් යොදා නොගන්නා ලෙස මැතිවරණ කොමසාරිස්‌වරයා උපදෙස්‌ දී තිබියදී යාපනයේ ඡන්ද අපේක්‍ෂකයන් පිරිසක්‌ විසින් පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයකදී එල්.ටී.ටී.ඊ. ගීත කීපයක්‌ වාදනය කිරීමේ සිද්ධියක්‌ සම්බන්ධයෙන් මේ වන විට යාපනය පුරා දැඩි නොසන්සුන් තත්ත්වයක්‌ හටගෙන ඇති අතර එවැන් තත්ත්වයක්‌ ඇති වීම සම්බන්ධයෙන් යාපනයේ දේශපාලනඥයන් කීපදෙනෙකුම මැතිවරණ ප්‍රචණ්‌ඩ ක්‍රියා මධ්‍යස්‌ථාන වෙත පැමිණිලි කොට ඇත.

    මෙම රැස්‌වීම සඳහා පැමිණ සිටි තරුණයන්ගේ ජංගම දුරකථනවල ප්‍රභාකරන්ගේ ඡායාරූප තිබූ බවත්, එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ගීත වාදනය වන අවස්‌ථාවේදී එම තරුණයන් ජංගම දුරකථන ඔසවමින් සිටි බවත් සිද්ධිය සියෑසින් දුටුවෝ පවසන බැවින් මෙය හිතාමතාම  සැලසුම් සහගතව සිදුකරන ලද්දක්‌ බව යාපනයේ ජනතාව කියා සිටින අතර පොලිස්‌ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක්‌ විසින් මේ පිළිබඳව පරීක්‍ෂණ ආරම්භ කොට තිබේ.

     

     

  • මන්චි  බ්‍රෑන් ක්‍රැකර් බිස්කට් වල රබර් කෑලි…. ප්‍රමිති ආයතනය මර නින්දේ

    මන්චි බ්‍රෑන් ක්‍රැකර් බිස්කට් වල රබර් කෑලි…. ප්‍රමිති ආයතනය මර නින්දේ

    බොරැල්ල ලාෆ් සුපර් සෙන්ටර් එකෙන් ගත්ත බ්‍රෑන් ක්‍රැකර් බිස්කට් වල රබර් කෑලි හමුවී ඇති අතර ඒ පිළිබඳව මේ වන තුරු ප්‍රමිති ආයතනයේ අවධානය යොමුවී නැති බව වාර්ථා වේ.

    https://www.facebook.com/supirigossip1/videos/1559607377408196/

  • වික්ටර් සහ පුතුන්ගේ අරගලය නැවතත් කරලියට… රහසිගත ගිවිසුමක් ගැන තොරතුරක්…

    වික්ටර් සහ පුතුන්ගේ අරගලය නැවතත් කරලියට… රහසිගත ගිවිසුමක් ගැන තොරතුරක්…

    ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය වික්ටර් රත්නායකයන් සිය ගීත ගායනා කිරීම තහනම් කරමින් තමන්ගේ පුතුන් දෙදෙනාට නීතිඥයකුගේ මාර්ගයෙන් පසුගියදා ලිපියක් යවා තිබුනා. නමුත් එම ලිපි නිකුත් කිරීමෙන් පසු විකාශය වුනු රූපවාහිණී වැඩසටහනකදී  වික්ටර් රත්නායගේ පුතුනුවන් වන ජයන්ත රත්නායක සහ ලෙලුම් රත්නායක විසින් තම පියාගේ ගීත ගායනා කිරීමත් සමඟ වික්ටර් රත්නායකගේ ගීත ගායනා කළොත් ඔවුන් නීතිය ඉදිරියේ වරදකරුවන් වේවිද යන ප්‍රශ්නය බොහෝ දෙනාට ඇති වූ බවට කිසිඳු සැකයක් නැහැ.

    තමන්ගේ ගීත ගායනා කිරීම තහනම් කරමින් නීතිඥයකු මාර්ගයෙන් ලිපියක් නිකුත් කර තිබියදීත් මෙලෙස පියාගේ ගීත ගායනා කිරීම නීතිමය ගැටළුවක් නොවන්නේ්දැයි ජයන්ත රත්නායකගෙන් විමසූ අවස්ථාවේදී මෙතෙක් හෙලිනොවූ රහසක් හෙලි කරමින් ඔහු මෙලෙස ප්‍රකාශ කර තිබුණා.

    එවැනි කිසිම ප්‍රශ්නයක් ඇති නොවන බව දන්නා නිසයි මම  බය නැතුව තාත්තාගේ ගීත ගායනා කරන්නේ.  ඒ කිසිම හේතුවක් නිසා ‍නෙවෙයි. නීතිඥයකුගේ මාර්ගයෙන් එවලා තිබුණු ලිපියේ සඳහන් කරලා තිබුණේ මින් ඉදිරියට තාත්තාගේ ගීත ගායනා කරන්න එපා කියලා විතරයි. එහෙම ලිපියක් එව්වා කියලා තාත්තාගේ ගීත ගායනා කිරීම අපට තහනම් කරන්න ඔහුට අයිතියක් නැහැ. ඒ නිසා අපට විරුද්ධව තාත්තා නඩු දානතුරු තමයි  මමත් මේ බලාගෙන ඉන්නේ. 

    2013 වසරේදී තාත්තා ඔහුගේ ගීතවල කර්තෘ භාගය ලබාගැනීම ගීත පැවැරීම ඇතුළු සියලු අයිතීන් නීතිඥයෙක් ඉදිරියේ මට ලියා දුන්නා. ඒ නිසා අපට එවපු ලිපිය සම්බන්ධයෙන් මට බයවෙන්න කිසිම හේතුවක් නැහැ. ජීවිත භුක්තිය තියාගෙන ‍නෙවෙයි තාත්තා ඔහුගේ ගීතවල අයිතිය මා වෙත පැවැරුවේ. ඒ නිසා මින් ඉදිරියට ඔහු ගායනා කරන ගීතවල අයිතිය විතරක් ‍නෙවෙයි ඒවායේ කර්තෘ භාග පවා හරිනම් අයිති මටයි. 

    තාත්තා හොඳටම දන්නවා නඩු දැම්මොත් මොනවාද වෙන්නේ කියලා. ඔහු සමග දැන් සිටින කාන්තාවගේ බලපෑම නිසා තමයි තාත්තා අපට ඒ වගේ ලිපියක් එවලා තියෙන්නේ. මෙතෙක් කාලයක් මම තාත්තාගේ ගීත විතරක් වේදිකාවේ ගායනා කළේ නැහැ වෙනත් ප්‍රවීණ ගායකයන්ගේ පුත්තු තාත්තලාගේ ගීත ගායනා කරද්දී බොහෝ දෙනා අපෙන් විමසලා තියෙනවා ඇයි අපි තාත්තාගේ ගීත ගායනා කරන්නේ නැත්තේ කියලා. අනික මෙච්චර කාලයක් වෙනත් සමහරු තාත්තාගේ ගීත ගායනා කරද්දිත් මම නිහඬව හිටියා. තාත්තාගේ ගීත ඉදිරියට ගෙනියන්න මමයි මල්ලියි ඉන්න නිසා බයවෙන්න එපා කියලා තමයි මට දැන් රසිකයන්ට කියන්න තියෙන්නේ. 

     

    පැවරීමේ ගිවිසුම

    වර්ෂ දෙදහස් දහතුනක් (2013) වූ අගෝස්තු මස 17 වන දින කොළඹදී. මෙහි මින් මතු, පළමු පාර්ශ්වය) යනුවෙන් හඳුන්වනු ලබන අතුරුගිරිය ඔරුවල  එගොඩවත්ත අංක 25/ඛි2 හි පදිංචි රත්නායක ආරච්චිලාගේ දොන් වික්ටර් හෙවත් වික්ටර් රත්නායක (ජා.හැ. අංක 420492243ම)  එක් පක්ෂයකටද, මෙහි මින් මතු (දෙවන පාර්ශ්වය) යනුවෙන් හඳුන්වනු ලබන මාලඹේ මිහිඳු මාවතේ අංක 32/5 හි පදිංචි ජයන්ත රත්නායක (ජා.හැ. අංක 682210931ම) එක් පක්ෂයකටද බැඳී එම දෙපක්ෂය අතර හට ගන්නා ලද ගිවිසුමේ වගනම්. 

    එසේ හෙයින් සියලු දෙනාම මෙයින් දත යුතුයි 

    ඉහත කී පළමු පාර්ශ්වය තමා විසින් තනු නිර්මාණය කරන ලද සහ ගායනය කරන ලද සියලුම ගීත  ඕනෑම මාධ්‍යයක භාවිත කිරීම කර්තෘ භාගය එක්රැස් කිරීම සහ එකී නිර්මාණයන්හි නීත්‍යානුකූලව පැවැරුම් කිරීම සහ පාරිශ්‍රමිකයන් ලබා ගැනීම සම්බන්ධයෙන් පළමු පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටීමට හා සියලුම කටයුතු කිරීමේ බලය ඉහත කී දෙවන පාර්ශ්වය වෙත පැවැරීම සම්බන්ධයෙන් මෙම ගිවිසුම හට ගනී. 

    ගිවිසුමේ නියමයන් හා කොන්දේසි 

    මෙම ගිවිසුමට එළඹීමට ප්‍රථම ඉහත සඳහන් කරන ලද ගී නිර්මාණ වල සම්පූර්ණ  හිමිකාරත්වය තමා සතු බවට පළමු පක්ෂය සහතික වේ. 

    මෙම ගී නිර්මාණ වල අයිතිවාසිකම් බාහිර කිසිදු පුද්ගලයෙකුට පළමු පක්ෂය විසින් මෙම ගිවිසුමට පෙර පවරා නොමැති අතර මෙම ගිවිසුමෙන් අනතුරුව ඉදිරියේදී එසේ වෙනත් පුද්ගලයෙකුට එම කිසිදු අයිතිවාසිකමක් පැවැරීමට 

    පළමු පක්ෂය කටයුතු නොකරන බවට එකී පක්ෂය එකඟ වේ. 

    මෙම ගිවිසුම එළඹීමෙන් අනතුරුව, ඉහත සඳහන් කරන ලද පළමු පක්ෂයේ ගී නිර්මාණ සියලුම ශ්‍රව්‍ය, දෘශ්‍ය මාධ්‍යයෙන් ගුවන් විදුලිය, රූපවාහිනිය, සංයුක්ත තැටි (CD) වීඩියෝ තැටි (DVD) අන්තර්ජාලය දුරකථන ජාලයන්හි සෑම භාවිතයක්ම නාද මාලා (Ring tone) යනාදිය සඳහා පළමු පක්ෂය වෙනුවෙන් පැවැරීමට හා එකී පාරිශ්‍රමිකයන් එක්රැස් කරගැනීමට පළමු පක්ෂය වෙනුවෙන් සියලු කටයුතු කිරීමේ බලය දෙවන පක්ෂය වෙත පැවැරීමට පළමු පක්ෂය එකඟවේ. 

    තවද ඉහත සඳහන් ගිවිසුමේ නියම හා කොන්දේසි නිසි පරිදි කියවා තේරුම් ගැනීමෙන් අනතුරුව, ඒ සඳහා දෙපක්ෂය ඒ දෙපක්ෂය වෙනුවට සහ ඒ දෙපක්ෂයේ උරුමක්කාර, ‍පොල්මංකාර අද්මිනිස්ත්‍රාසිකාර, බලකාර, ලැබුම්කාරයන් වෙනුවටත් එකිනෙක පක්ෂය සමග මෙයින් වැඩිදුරටත් ‍පොරොන්දුව බැඳුනෝය. 

    ඊට සාක්ෂි පිණිස ඉහත කී පළමු පක්ෂය හා දෙවන පක්ෂය යන දෙපක්ෂය මෙයින් මෙම වාසගම සහ දිනත් දරන තවත් ලියවිල්ලකටත් වර්ෂ 2013 ක් වූ අගෝස්තු මස 17 වන දින කොළඹදී අත්සන් තැබුවෝය. 

    සාක්ෂි :

    මීට සාක්ෂිකාරයන් වන අප මෙහි අත්සන් කළ දෙපක්ෂය හොඳාකාර අඳුනන බවද ඒ දෙපක්ෂයේ නියම නම්, රක්ෂාවල් සහ පදිංචි ස්ථානත් නිසියාකාර දන්නා බවද මෙයින් සහතික කොට ප්‍රකාශ කරමු. 

    නීතිඥ අකලංක තරින්ද සේරසිංහ 

    අංක 30, පාසල් මාවත, 

    කළුබෝවිල,

    දෙහිවල  

    (ලක්බිම පුවත්පත ඇසුරින්)

     
  • මල සිරුරු මාරු වී මල ගෙවල් දෙකක මල ජරමර

    මල සිරුරු මාරු වී මල ගෙවල් දෙකක මල ජරමර

    පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කිරීමට අනුරාධපුර රෝහලේ දී හා තම්මැන්නාව රෝහලේ දී මියගිය 63 හැවිරිදි හා 90 හැවිරිදි ගොවියන් දෙදෙනකුගේ සිරුරු  අනුරාධපුර රෝහලේ පශ්චාත් මරණ ඒකකය වෙත ගෙන ඒමෙන් පසු මරන පරීක්ෂන සිදුකරීමෙන් අනතුරුව මෙම සිරුරු දෙක ඒ ඒ ඥාතීනට බාර දී ඇති අතර ඔවුන් එම සිරුරු ඒ ඒ මල්ශාලාවට රැගෙන ගොස් එම්බාම් කටයුතු සිදුකර නිවෙස්වලට රැගෙන ගොස් ඇත. එහිදි සිරුරු මාරුවී ඇති බව පෙනී යෑම නිසා නැවත එම සිරුරු අනුරාධපුර රෝහලට රැගෙන ආ අතර එහිදී එම වරද නිවැරැදී කිරීමට රෝහල් බලධාරීහු කටයුතු කළහ. සීප්පිකුලමේ සහ ශාස්තිපුර පදිංචි කරුවන් දෙදෙනකුගේ සිරුරු මෙසේ මාරු වී ඇත. 
     

  • ලංගමෙන් කොළඹට විදුලි බස් රථ 18ක්

    ලංගමෙන් කොළඹට විදුලි බස් රථ 18ක්

    ලංකාවට විදුලි බස් රථ හඳුන්වාදීමේ පළමු අදියර ලෙස කොළඔ නගරයේ මගි ප්‍රවාහනය සඳහා විදුලි බස් රථ 18ක් ධාවනයට එක් කිරීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සැලසුම්කර තිබේ.විදුලි බස් රථ වල අඩංගු විය යුතු ප්‍රමිතීන් ඇතුලත් ව්‍යාපෘති වාර්ථාවක් මණ්ඩලය විසින් සකස් කොට ප්‍රවාහන අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කොට ඇත.  ඒ අනුව ටෙන්ඩර් කැඳවා මෙම බස් රථ මිලදී ගන්නා බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමල් සිරිවර්ධන මහතා පැවසීය.

    ශ්‍රී ලංගමයට අලුතෙන් විදුලි බස් රථ 50ක් මිලදී ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් රුපියල් මිලියන 500ක මුදලක් භාණ්ඩාගාරයෙන් ලබා ගෙන ඇති අතර  එම මුදලෙන් පලමු  අදියර යටතේ විදුලි බස් රථ 18 ක් මිලදී ගන්නා අතර ඒවා මේ වසර ඇතුලත කොළඔ නගරයේ මගී ප්‍රවාහනයට යොදවන අතර ඉතිරි බස් රථ තදාසන්න ප්‍රදේශ වල ධාවනය සඳහා යෙදවීමට සැලසුම් කොට ඇති බවද සභාපතිවරයා පැවසීය.

  • නිධානයක් ගන්න ගිය 7කට වැඩ වරදී

    නිධානයක් ගන්න ගිය 7කට වැඩ වරදී

    නිධානයක් ගොඩ ගැනීමේ අරමුණින් පොළව හාරමින් සිටි පුද්ගලයින් 7 දෙනෙක්ව ආණමඩුව පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.ආණමඩුව – මහඋස්වැව ප්‍රදේශයේ ඉඩමක  කැණීම් කරමින් සිටියදී මෙසේ අත් අඩංගුවට ගත් මොවනු සතුව තිබූ විදුලි මෝටරයක්,කැණීම් උපකරණ සහ යාතිකා කටයුතු සඳහා යොදා ගන්නා භාණ්ඩ කීපයක්ද පොලිස් බාරයට ගෙන ඇත.මහඋස්වැව,මැරුංගොඩ සහ කොට්ටුකච්චිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන මොවුන්ව ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

     

     

  • මහියංගණය පොළොන්නරුව මාර්ගය අවහිර කර උත්ඝෝෂණයක්….පැය 4ක් ගමනාගමනයට ඇනහිටී

    මහියංගණය පොළොන්නරුව මාර්ගය අවහිර කර උත්ඝෝෂණයක්….පැය 4ක් ගමනාගමනයට ඇනහිටී

     

    වසර තිහක් තිස්සේ අලුත්වැඩියා නොකිරීම හේතුවෙන්  අබලන්වී  ඇති සඳුන්පුර -බඹරවාන මාර්ගය අළුත් වැඩියාකර දෙන ලෙස රජයට බල කරමින්  මෙම මාර්ගය භාවිතා කරන ජනතාව ඊයේ (11) මහියංගණය පොළොන්නරුව ප්‍රධාන මාර්ගය සඳුන්පුර ප්‍රදේශයෙන් අවහිර කරමින් උත්ඝෝෂණයක නිරත වූහ. විරෝධතාවය හේතුවෙන්  මහියංගණ පොළොන්නරුව ප්‍රධාන  මාර්ගයේ ගමනාගමනයට  පැය හතරක පමණ කාලයක් බාධා සිදුවිය.   

    දෙහිඅත්තකණ්ඩිය පොලිසිය විසින් ප්‍රධන මාර්ගයේ ධාවනය වූ රථවාහන විකල්ප මාර්ග වලට යොමු කරමින් විරෝධතාවය සමතයකට පත්කිරීමට  දැඩි වෙහෙසක් දැරූහ.

  • හොඳම පංති භේදය ඇත්තේ විශ්ව විද්‍යාල තුළයි, – මහාචාර්යවරයෙක් කියපු කතාව මෙන්න

    හොඳම පංති භේදය ඇත්තේ විශ්ව විද්‍යාල තුළයි, – මහාචාර්යවරයෙක් කියපු කතාව මෙන්න

    සමාජයේ පංති භේදය පිළිබදව විශ්වවිද්‍යාල පර්යේෂණ සිදු කළත් හොඳම පංති භේදය ඇත්තේ විශ්වවිද්‍යාල තුළ යැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා මහාචාර්ය මයුර සමරකෝන් මහතා පවසයි.

    ඔහු සිය ෆේස්බුක් පිටුවට එක්කළ සටහනක දැක්වෙන්නේ  මෙහි ඉහළම කුලය වෛද්‍ය පීඨය බවත් පහළම කුලය කලා පීඨය බවය.

    එම සටහන මෙලෙසය.

    ‘‘සමාජයේ පංති භේදයක් පිලිබදව විශ්වවිද්‍යාල පර්‍යේශන සිදුකලත් හොදම පංති භේදය ඇත්තේ විශ්වවිද්‍යාල තුලය.මෙය පංති භේදයකට එහා ගිය කුල භේදයක් තරමට පීඩිතය.මෙහි ඉහලම කුලය මෙඩිකල් ෆැකල්ටි වන අතර පහලම කුලය වනුයේ ආර්ට්ස් ෆැකල්ටිය.

    මෙඩිකල්,ඉංජිනේරු,සයන්ස්,ෆැකල්ට්‍ වල ශිෂ්‍යයකුට ආර්ට් ෆැකල්ටියකින් පෙම්වතියක් සොයා ගැනීම ඉතා පහසුය.එසේ තේරෙන යුවතියද ඉන් පසුව සිටින්නේ යම් කිසි ගැට්ටකිනි.නමුත් ආර්ට්ස් තරුනයෙකුට එම ෆැකල්ටියකින් පෙම්වතියක සොයා ගැනීමට ලැබෙන්නේනම් එය ඉතා අහම්බයකි.

    පසු ගිය සයිටම් සටනේදී පවා මේ තත්වය ප්‍රදර්ශනය විය.මෙඩ්කල් සිසුවියන් ක්ලිනිකල් ඇදුමෙන් සැරසුනේ මේ පංති මානසිකත්වය නිසාමය.එයටම සරිලන සේ GMOA මහත්තුරු පවා ටයිපටියකින් සැරසී ගිනිදවල් පෙලපාලියේ ගියේ මේ මානසිකත්වය නිසාමය.පොලීසිය පවා බැටන් පහර එල්ල කිරීමේදී ක්ලිනිකල් සූට් ඇදි යුවතියන්ට යම් කිසි ගරුත්වයක් දැක්වූ බව පැහැදිලිය.

    මෙය අදවන විට ආචාර්ය මංඩලයට පවා බලපා ඇත.ජපුර ආර්ට්ස් ෆැකල්ටි නම වෙනස් වන්නේද මෙහි ප්‍රතිපලයක් ලෙසය.තමං ආර්ටෙක් බව කීමට බොහෝ අය මැලිකමක් දැක්වීම අඩු කුලයේ අයෙක් නාමය සගවා ගැනීමට කරනු ලබන වෑයමක් වැනිය.මම ආටෙක් කියා අභිමානයෙන් කියන්නේ කීයෙන් කී දෙනෙක්ද?නමුත් සමස්ත සමාජය දන්නා කියන චරිත බිහිවන්නේ ආර්ට්ස් ෆැකල්ටියෙන් බව දන්නේ කීයෙන් කීදෙනාද ?ඒ වාගේම දැනට විශ්වවිද්‍යාල තුලට ආචා රදැක්වීම සදහා ගෙන ආ ශ්‍රේෂ්ඨයන්ගේ දේහ වැඩි ප්‍රමානයක අයිතිය ඇත්තේ ආර්ට්ස් ෆැකල්ටි වලට බව දන්නේ කී දෙනාද (මෙය දැනට සිදුකෙරෙන ගවේෂ්නයකට අදාල නිසා හරවත් කමෙන්ට් පමනක් පල කරනු ලැබේ.)‘‘

     

  • කාන්තාවන් සඳහා මතට තිබූ නීති ලිහිල් වෙයි

    කාන්තාවන් සඳහා මතට තිබූ නීති ලිහිල් වෙයි

    මත්පැන් අලෙවිසැල්වලින් මත් පැන් මිලදී ගැනීමට,මත්පැන් අලෙවිකිරීමට හා නිෂ්පාදනය කරන ස්ථානවල සේවයට කිරීම වලක්වමින් මෙතෙක් පැවති තහනම ඉවත් කර ඉවත් කර ඇතැයි මුදල් අමාත්‍යංශය පවසයි.