Category: සුපිරි Walks

  • ඡන්දය කල්දාන්නෙ පොහොට්ටුවයි… ෆොන්සේකා ආයෙත් නා ගනී (Video)

    ඡන්දෙ පහුවෙන්න පහු වෙන්න අවාසි වෙන්නේ යූ ඇන් පි යට බවත් එසේ ඡන්දය පහුකරන්නට පොහොට්ටුව උත්සාහ කරන බවත් ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා කැලණිය පිලපිටිය ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් පවසන ලදී…

    එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.

    “මැතිවරණ සම්බන්ධයෙන් පෙත්සම ඉදිරිපත් කරලා තියෙන්නේ අර පොහොට්ටුවේ කට්ටියනේ.දැන් ඒගොල්ලෝ තමයි රජයට දෝශාරෝපණය කර කර හිටියේ මැතිවරණය කල් දානවා අරවා මේවා කිය කිය.දැන් තියන්න ඔක්කොම ලෑස්තිවෙලා තියෙනකොට පේනවනේ කවුද බය වෙලා තියෙන්නේ කියලා. බය වෙච්ච අය තමයි මේ වෙලාවේ පෙත්සම් ගහන්නේ.ජනාධිපතිතුමා පොරොන්දුවක් දීලා තියෙනවා මේ මැතිවරණය මේ කාලේ ඇතුලෙදි පවත්වනවා කියලා. ඒක කල්දාන්න කිසිම හේතුවක් නෑ කියන එක එතුමා පිිලිඅරන් තියෙනවා. මුලු රජයම එක ස්ථාවරයක ඉන්නවා. අපිට පාඩුයි. අපි අපි කැමති නෑ. මේක කල් දාන්න.ඔක්කොම තියන්න තිබ්බෙ 2015 ජනවාරි 8 දිනපුවාම එක දිගට මැතිවරණ ටික තියන්න තිබ්බේ.මේවා කල් යන්න යන්න රජයටයි පාඩු.පහුවෙන්න පහුවෙන්න අපිට අවාසියි.මොකද අපේ තියෙන ජයග්‍රාහී මානසිකත්වය මේ රටේ ජනතාවට හිටපු ගමන් අමතක වෙලා යනවා.ඉතිහාසය අමතක වෙනවා. එහෙම ගතියක් තියෙනවානේ.”

     

  • මංගල බියර් අඩු කලේ සමලිංගකයින් පිනවන්නද ?

    ලංකාව තුල සමලිංගික විවාහ නීතිගත කිරීම සඳහා විශාල උත්සාහයක් මේ වන විට පවතින බව නොරහසකි.ඒ සඳහා දේශිය මැති ඇමැති වරු රාශියක් උත්සාහ කරනු පසුගිය දින වල පෙනෙන්නට තිබූ අතර මංගල සමරවීර ඇමති වරයා එහි මූලිකත්වය ගෙන කටයුතු කරන ලදී…

    පෙර ආණ්ඩු සමයවල් ලංකාව තුල වල සමලිංගක සේවනය ඉතා හොර රහසේ සිදු වූ අතර දැන් වන විට එය නොයෙක් සමලිංගික සමාජයන් නිර්මාණය කරගෙන ලංකාව පුරා පැතිර යන වෛරසයකි.මේ වන විට වෙනම සමලිංගික සාද , අවුරුදු උත්සව , අවුරුදු කුමාරි හා Miss Sri lanka(LGBT) තෝරන තරම් පැතිර ඇත.ඔවුන් සුපිරි හෝටල් වල මෙම සාද පවත්වන අතර අපේ පාර්ලිමේන්තුවේ මෛත්‍රී වරුන් පිරිසක්ද මෙම සාද වලට හොර රහසේම සහභාගී වන බවට ආරංචි ලැබී ඇත.

    හොර රහසේ සුපිරි හෝටල් වල පවත්වන මෙම සාද වලට අරක්කු විස්කි බ්‍රැන්ඩි ජින් ඇතිපදම් සපයන අතර වැඩි වශයෙන්ම මෙම සමලිංගිකයින් බීමට කැමැත්තක් දක්වන්නේ බියර්ය… එබැවින් මෙම සංමලිංගික සමාජයන් පවත්වාගෙන යන්නඋන් හට ඔවුන්ට NGO වලින් ලැබෙන මුදලෙන් වැඩි කොටසක් බියර් සඳහා වැයවේ…

    සමලිංගික පනත මෙරට ස්ථාපිත කිරීමට වැඩි පුරම වලි කන ඇමති මංගල විදේශ හා මුදල් ඇමති වීම ඔවුනට මහත් ඵල මහත් ආනිසන්ස ගෙනදෙන්නක් බව මෙවර අයවැයෙන් බියර් අසීමාන්තිකවම අඩුවීමෙන් සක්සුදක් සේ පැහැදිලිය….

     

     

  • අපේ සමහර දරුවන් හිතනවා ජීවිතේ තියෙන්නේ ජංගම දුරකතනය ඇතුළේ කියලා – ජනපති මෛත්‍රි

    අද සමහර දරුවන් සිතනවා තමාගේ ජීවිතය තියෙන්නේ ජංගම දුරකතනය ඇතුළේ කියලා. තමන්ගේ ජීවිතය තියෙන්නේ ජංගම දුරකතනය ඇතුළේ කියා සිතන සමහර දරුවන් තමන්ගේ අම්මට තාත්තට වඩා ජංගම දුරකතනයට ආදරේ කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මහනුවර දී පැවැසීය.
    මහනුවර පුෂ්පදාන විදුහලේ ත්‍යාග ප්‍රදානෝත්සවයට සහභාගි වෙමින් ජනාධිපතිවරයා මෙසේද සඳහන් කළේය.

    මසකට අවම වශයෙන් පාසල් 4කවත් උත්සවවලට මම සහභාගි වෙනවා. මගේ දිනපොත අනුව මම වැඩි දින ගණනක් සහ කාලයක් වෙන් කරගෙන තියෙන්නේ පාසල් සඳහායි. පාසල්වල උත්සවවලට යන්න මගේ විශේෂ කැමැත්තක් තිබෙනවා. එහිදී දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නඟාසිටුවීම සඳහා රජයක් ලෙස කරන මෙහෙවර කොතෙක් දුරට සාර්ථකද, අඩුපාඩුකම් මොනවාද, ඒවා නිවැරැදි කර ගැනීමට ඇති යෝජනා මොනවාද යන්න පිළිබඳව මට සොයා බැලීමට හැකි වෙනවා. පාසල්වල අප දකින යහපත් පැත්ත මෙන්ම දුෂ්කරතාවන් පිළිබඳවත් ඒ මඟින් මට දැගන්න හැකියාව ලැබෙනවා.

    මම දැන් දින කිහිපයකට පෙර කොළඹ අලුත් නිවාස යෝජනා ක්‍රමයක් විවෘත කරන්න ගියා. එහි නිවාස 450ක් පමණ තිබුණා. ඒ නිවාස හිමි වුණේ කොළඹ දුගී පැල්පත්වල වෙසෙන ජනතාවටයි. මම එහි මවුපියන් සමඟ මෙන්ම දරුවන් සමඟත් කතා කළා. මම එහි සිටි දරුවන්ගෙන් හා මවුපියන්ගෙන් විමසා සිටියා මේ දරුවන් පාසල් යන්නේ නැත්තේ ඇයි කියලා. පසුව උත්සව සභාවට පැමිණි නිලධාරීන් කීවා මේ ළමයින්ට පමණක් නොව පාසලක් නැති ළමයි බොහෝමයක් කොළඹ ඉන්නවා කියලා. කොළඹ නගරයේ ජනප්‍රිය පාසල් සඳහා කීර්තියක් තිබෙනවා. දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජීවත්වන වැඩිම ලකුණු ගන්නා දරුවන් කොළඹ පාසල්වලට ඇතුළත් වෙනවා. නමුත් කොළඹ ප්‍රදේශයේ පාසලක් නැති දරුවන් දහස් ගණනක් සිටිනවා. කොළඹ පාසල්වල අධ්‍යාපනය ලබන දරුවන්ගෙන් 60%ක් කොළඹ ප්‍රදේශයේ ජීවත් වන දරුවන් නෙවෙයි. අධ්‍යාපනය සඳහා පවතින තරගකාරීත්වය තුළ ඇතිවී ඇති මේ අවාසනාවන්ත තත්ත්වය මගේ ජීවිතයේ වසර 50ක දේශපාලන ඉතිහාසය තුළ මම දැනගෙන හිටියේ නැහැ. මම ඒ බව දැනගත්තේ එදා බව මම අවංකවම කියන්න ඕනේ. මම ඒ වෙලාවේ අධ්‍යාපන නිලධාරීන්ගෙන් විමසා සිටියා මේ ගැන කටයුතු නොකළේ ඇයි කියලා. ඔවුන් කීවා උතුරු කොළඹට, මැද කොළඹට අලුතින් පාසල් ඉදිකරන්න මීට පෙර පැවැති ආණ්ඩු කාලවලදිත් මේ ආණ්ඩුවෙනුත් ඉල්ලා තිබුණත් තවම ඒ සඳහා සූදානමක් නැහැ කියලා.

    මම අද කොළඹ සිට නුවරට එනවිට අද පත්තර බලමින් ආවේ. එක පත්තරේක මුල් පිටුවේ තිබූ කොටසක් මම අරගෙන ආවා. ඒ පත්තරේ මුල් පිටුවේ තියෙනවා දවස් තුනට අලුත බැඳපු යුවළක්, පාසල් දියණියක්, කපුවෙක්, වෙන්නප්පුවේ තුනක්, අතුරුගිරියේ කෝටිපතියෙක් ඇතුළු අට දෙනෙක් එල්ලී මිය යයි කියලා. එතැන අලුත බැඳපු යුවළ ගැන කියෙව්වේ නැහැ. පාසල් දියණියක් කියන එක කියෙව්වා. දරුවගේ වයස අවුරුදු 10යි. මේ මරණ සියල්ලම සියදිවි නසා ගැනීම්. අලුත බැඳපු යුවළ දින හයකින් හතකින් සියදිවි නසාගෙන. එයට හේතුව තවත් විවාහයක් කරගත් අයෙක් නැවත විවාහ වීම. මේ පාසල් දරුවාගේ වයස අවුරුදු 10යි. පත්තරේ තියෙනවා සියදිවි නසා ගත්තේ මේ දරුවා පාසලේ තවත් දරුවෙක් ළඟ තිබුණු ජංගම දුරකතනයක් සොරකම් කළ නිසා පන්ති භාර ගුරුතුමිය ටෙලිෆෝන් හොරා කීවා. ඉන් දරුවා ලැජ්ජාවට පත් වුණා. පාසලේ අනිත් ළමයි මේ ළමයට ටෙලිෆෝන් හොරා කියන නිසා පාසල් යන්න බැහැ කීවා. අවසානයේ මේ දරුවා සියදිවි නසාගෙන තිබෙනවා. වැඩිහිටියන් සැලකිලිමත් විය යුතුයි මෙවැනි කාරණාවලදී.

    [rns_reactions]

  • පුංචි අමායා සුවකරන්න උපකාර කරමු..! අවුරුදු 5 බර කිලෝ 80යි –

    මේ වන විට කිලෝග්‍රෑම් 80 ක් පමණ අසාමාන්‍යව වැඩී ඇති තම දියණියට ප්‍රතිකාර කිරීමට ‍හෝ නිසි පරිදි ආහාර පානවත් ලබාදීමට හරිහැටි රැකියාවක් නොමැති අමායාගේ පියාට නොහැකි තිබේ. තමන් පත්ව ඇති අපහසුතාව පිළිබඳ අදහස් දැක්වූ අමායා ෂාවින්දිගේ මව වන මධුකා කුමාරි මහත්මිය මෙසේ පවසා සිටියාය.

    අසාමාන්‍ය බර වැඩිවීමේ තත්ත්වයට පත්ව සිටින කඩුගන්නාව පදිංචි අමායා ෂාවින්දි තෙන්නකෝන් දියණියගේ ඉදිරි කටයුතු සිදු කර ගැනීමට ඇයගේ දෙමාපියෝ පරිත්‍යාගශීලීන්ගේ ආධාර උපකාර බලාපොරොත්තු වෙති.

    “ 2012-02-28 පේරාදෙණිය මහ රෝහලේදි තමා මගේ දුව ඉපදුනේ. දවස් දෙකෙන් ටිකට් කැපුවම අපි දරුවව අරගෙන සතුටින් ගෙදර ආවා. ඊට පස්සෙ දවස් 8 කින් දුවට උණ හැදුනා. ඊට පස්සෙ මාස 3ක් පේරාදෙණිය මහ රෝහලේ නැවතී බේත් ගත්ත. එහිදී වෛද්‍යවරු පරීක්ෂණ වගයක් කරල කිවුව දරුවට විෂබීජයක් ගිහිල්ල කියල. බෙහෙත් මාස 3ක් විතර විද්ද ඒත් අඩුවක් වුණේ නැහැ.

    මාස 6 ක් පහු වුණ ගමන් දුවගෙ බර වැඩි වෙන්න පටන් ගත්ත. දුව හම්බ වෙද්දි තිබ්බෙ බර කිලෝග්‍රෑම් 2.380 යි. ඉන් පස්සෙ මාසෙට කිලෝග්‍රෑම් 1 ගානෙ වැඩි වෙන්න පටන් ගත්තා.

    දැන් දරුවගෙ ඇස් දෙක පේන්නෙත් නැ.ඇවිදින්නත් බැහැ. දරුව ඉන්නෙ ඇඳේ විතරයි. මහත්තය නිවසේ ඉන්න වෙලාවට රෝද පුටුවට ගිහින් තියනව.

    වෛද්‍යවරු කියනව පලතුරු, එළවළු වැඩියෙන් දෙන්න කියල. නමුත් අපිට ඒකටවත් හරියට මුදලක් නැහැ.

    අපි අනුරාධපුරයෙ වෙද මහත්තයෙක්ගෙන් සිංහල වෙදකම් කළා. එතකොට බර අඩු වුණා. ඒ නිසා විශ්වාසයක් තියෙනව දරුවව අපිට හොඳ කරගන්න පුළුවන් කියල. ඒත් ඒකටත් අපිට මුදල් නැහැ.’’

    මෙම දැරියට උපකාරයක් කිරීමට කැමැති අය වෙතොත් කඩුගන්නාව මහජන බැංකුවේ මධුකා කුමාරි වන දරියගේ මවගේ නමින් ගිණුම් අංක 159-2-002-6-0036682 යටතේ විවෘත කර ඇති ගිණුමට ඒ සඳහා වන ආධාර පරිත්‍යාග කළ හැකිය.

     

     

  • නිල ඇඳුම් තෙමුනු නිසා පන්තියට නොගිය සිසුවියන් තිදෙනකුට පොලොන්නරුවේ විදුහල්පතිවරයෙක් කරපු දේ…!

    පොලොන්නරුව, ලංකාපුර අධ්‍යාපන කොට්‌ඨාසයට අයත් පාසලක ඉගෙනුම ලබන දැරියන් තිදෙනකුට එම විද්‍යාලයේ විදුහල්පතිවරයා විසින් කරන ලදැයි කියන පහරදීමක්‌ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක්‌ මත එම විදුහල්පතිවරයා පුලස්‌තිපුර පොලිසිය මගින් පෙරේදා (15 දා) අත්අඩංගුවට ගෙන ඇත.
     
    පහර කෑමට ලක්‌වූ බව කියන 15 හැවිරිදි සිසුවියන් තිදෙනාගෙන් එක්‌ ශිෂ්‍යාවක්‌ ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කර සිටී.
     
    පෙරේදා (15 දා) පාසල් වේලාව තුළදී මෙම ශිෂ්‍යාවන් තිදෙනාට විදුහල්පතිවරයාට පොල්ලකින් පහර දෙන ලදැයි පොලිසියට පැමිණිලි ලැබී තිබුණි.
     
    මෙම විද්‍යාලයේ පහළ ශ්‍රේණියක කුඩා සිසුන් පිරිසක්‌ අතින් පෙරේදා (15 දා) සවස ජල නලයක්‌ කැඩී ගොස්‌ ඇති බවත් එය නැවත සකස්‌ කිරීමට මෙම ශිෂ්‍යාවන් තිදෙනා උත්සාහ දරද්දී ඔවුන් හැඳසිටි නිල ඇඳුම් තෙමී යාම නිසා පන්තියට නොගොස්‌ පාසලේ වෙනත් තැනෙක රැඳී සිටි ඇත. 

    ගුරුවරයෙකු පන්ති කාමර උගන්වමින් සිටියදී පන්තියට නොයැම නිසා මෙම සිසුවියන් තිදෙනාට විදුහල්පතිවරයා දඬුවම් කර තිබෙන බව පොලිසිය සිදු කළ විමර්ශනවලදී හෙළිවී තිබේ. 
    දෙමාපියන්ගේ ඉල්ලීම මත විදුහල්පතිවරයා පොලිස්‌ ඇප මත මුදාහළ බවද විමර්ශන කටයුතු සිදු කරන පොලිස්‌ නිලධාරීහු පැවැසූහ.

    [rns_reactions]

  • ප්‍රින්සිපල්ගෙන් සංවර්ධන සමිතියේ ලේකම්ට ගුටි…(Video)

    වැල්ලවාය හඳපානාගල ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයාගේ පරක්කු වී සේවයට වාර්ථා කිරීම ඔහුගේ ජංගම දුරකතනයෙන් වීඩියෝ කරන්න ගිය සංවර්ධන සමිතියේ ලේකම් වරයාට කුපිත විදුහල් පති වරයා පහර දුන්නේ මෙහෙමයි….

  • ප්‍රභාකරන් යලි ඉපදේ.. උතුරු පළාත් අධ්‍යාපන ඇමති ජාතික කොඩිය එසවීම ප්‍රතික්ෂේප කරයි…(Video)

    උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය සර්වේස්වරම් අද වව්නියාව ඉරට්ටෙපෙරියකුලම් පැරකුම් මහ විද්‍යාලයේ පැවති උත්සවයකදී ජාතික කොඩිය එසවීම ප්‍රතික්ෂේප කොට ඇති අතර මෙහිදී උත්සවය සංවිධානය කල මංවිධායක මණ්ඩලය දැඩි අපහසුතාවයකට පත්ව ඇත.
    රටේ ජාතික කොඩිය එසවීම ප්‍රතික්ෂේප කරන මොහු වන් අය මේ ඉල්ලන්නේ ප්‍රභාකරන්ගේ නම් ඒ කෘර ත්‍රස්තවාදියාගේ දෙමල ඊලම නොවේද? එකම රටේ ජාතික ධජය පිළිගන්න බැරි මොවුන් මෙම රටෙන් පිටුවහල් කරන්න වටිනවා නේද?

  • පුංචි ඡන්දයට එරෙහිව ඉදිරිපත් කල පෙත්සමේ තීන්දුව 22 දා…

    පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඡන්ද කොට්ඨාශ සීමා නිර්ණය කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම අද(16) විභාගයට ගත් අතර එම ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ කැදවූ මෙම පෙත්සමේ එම ගැසට් පත්‍රය සඳහා පෙත්සම් කරුවන් ඉල්ලා ඇති අතුරු තහනම් නියෝගය පිළබඳ
    තීන්දුව ලබන 22 දා ලබාදෙන බව අභියාචනාධිකරණය ප්‍රකාශ කර ඇත.

    එහිදී මැදහත්කාර පාර්ශව ලෙස එක්සත් ජාතික පක්ෂය , ජනතා විමුක්ති පෙරමුණ , පොදුජන පෙරමුණ සහ පැෆරල් සංවිධානය මෙම පෙත්සම් වලට සිය විරුද්ධතාවය පලකරන ලදී. මෙම පෙත්සම් මගින් පළාත් පාලන මැතිවරණය අනවශ්‍ය ලෙස කල් තැබීමට මෙම පෙත්සම් මගින් උත්සාහ දරනවා යැයි එම පාර්ශව වලින් පෙනී සිටි නීතීඥවරු පැවසන ලදී.ඒ හේතුවෙන් ජනතාවගේ උත්තරීතර අයිතියක් වන ඡන්ද බලය උල්ලංඝනය වන බව ඔවුන් වැඩි දුරටත් පෙන්වා අතර මේ හේතුවෙන් නීතිපති වරයාද මෙම පෙත්සම සම්බන්දව මූලික විරෝධතා ගොණු කර ඇති බව අධිරකරණ ආරංචි මාර්ග සඳහන් කරයි.

    මෙම ගැසට් නිවේදනය මෙම වසරේ පෙබරවාරි 17 වනදා නිකුත් කර ඇති අතර මේ වන විට ඊට මාස නමයකට යැඩි කාලයක් ගත වී ඇති නිසා ඒ අනුව එයට එරෙහි වීමට කාලය ඉක්මවා ඇති බව නීතිපති වරයාගේ විරෝධතාවයේ දැක්වේ.මෙම පෙත්සම මැතිවරණ සම්බන්ධව බැවින් එය විමසීමට බලය ඇත්තේ අභියායචනාධිකරණයට නොව ශ්‍රේෂ්ඨාදිකරණයට බවත් නීතිපති වරයා ගොණු කල විරෝධතාවයේ සඳහන් බව අධිකරන ආරංචි මාර්ග වල වැඩිදුරටත් සඳහන් වේ.

  • බුදුරුවක් උරහිසේ පච්චකොටාගෙන ආ බ්‍රිතාන්‍ය කාන්තාවට රජයෙන් ලක්ෂ 7 ක වන්දියක් ගෙවන ලෙස ලංකාවේ උසාවියෙන් තීන්දු කරයි…

    ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ තම උරහිසේ බුදුන්ගේ රුව සහිත පච්චයක් කොටා තිබීම හේතුවෙන් ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ජාතික සංචාරක කාන්තාවක් විසින් ගොනු කොට තිබු මූලික අයිතිවාසකිම් පෙත්සමක් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඇයගේ නඩු ගාස්තු හා වන්දි වශයෙන් රුපියල් ලක්ෂ අටක මුදලක් ඇයට ගෙවන ලෙස නියෝග කෙළේය.

    කටුනායක පොලිසිය විසින් 2014 දී ඇය ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝගයක් ලබාගැනීමෙන් පසු පිටුවහල් කොට ඇත.ඒ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ජාතික නයෝමි කොල්මන් මහත්මිය ගොනුකළ පෙත්සම මගින් කටුනායක පොලිසියේ නිළධාරීන් දෙදෙනකු වගඋත්තර කරුවන් වශයෙන් නම්කොට තිබුණි.

    Image result for naomi coleman

     

    මෙම පෙත්සම විභාග කළ අනිල් ගුණරත්න, ඊවා වනසුන්දර සහ නලින් පෙරේරා යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම් කාරියගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බව තීරණය කොට රජය මගින් ඇයට රුපියල් ලක්ෂ 5ක වන්දියක් ද රුපියල් ලක්ෂ 2ක් වූ ඇයගේ නඩු ගාස්තු ද පොලිස් නිළධාරීන් දෙදෙනාගෙන් එක් අයෙකුගෙන් රුපියල් 50,000 බැගින් වන්දි මුදලක් ද පෙත්සම්කාරියට ගෙවන ලෙස නියෝග කෙළේය.

    Related image

     

    පෙත්සම්කාර නයෝමි කෝල්මන් මහත්මිය වෙනුවෙන් ජනාධිපති නිතීඥ ජේ.සී වැලිඅමුණ මහතා ද රජය වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ෆාරින්ද රණසිංහ මහතා ද පෙනී සිටියහ.

  • මහින්ද ඇතුළු ඒකාබද්දේ සියළු දෙනාගේම මන්ත්‍රී ධූර අහෝසි කරනවා… -සංධාන මහලේකම් ගර්ජනා කරයි

    ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත‍්‍රීවරුන් වෙනත් දේශපාලන පක්‍ෂයක් ප‍්‍රවාර්ධනය කිරිමට කටයුතු කලහොත් ඔවුනගේ මන්ත‍්‍රී ධුර ගැන තීරණයක් ගැනීමට සිදුවන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

    ඔවුනට වෙනත් පක්‍ෂයක් දිනවීමට අවශ්‍යනම් එයට කිසිම බාදාවක් නැති අතර පක්ෂයේ රැදී සිටිමින්  එසේ කිරීමට කිසිසේත්ම ඉඩ නොදෙන බවත් ඔවුන්ට අවශ්‍ය නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වී එසේ කිරීමට හැකියාව අති බව සදහන් කරන ලදී. ඒසේ නොමැතිව පක්ෂයේ සිටිමින් වෙනත් කුමන හෝ පක්ෂයක් දිනවීමට කටයුතු කරන්නේ නම් හිත මිත්‍ර කම් , තරාතිරම් නොබලා පක්ෂයෙන් ඉවත් කරන  බවත් ඔහු පැවසීය.

  • කිසිසේත්ම බියර් ආයි වැඩි කරන්නේ නෑ… මංගලගෙන් සහතිකයක්

    2018 අයවැය මගින් යෝජනා කර ඇති බියර් මිල අඩු කිරීමේ යෝජනාවේ කිසිම වෙනසක් සිදු නොකරන බව මුදල් ඇමති මංගල සමරවීර මහතා පවසයි.

    මත්පැන්වල ඇති මධ්‍යසාර ප්‍රතිශතයට අනුව බදු පැනවීමට ජාත්‍යන්තර ක්‍රමවේදයක් ඒක හැමෝම පිළිගන්න ඕන අපි ලෝකය සමග ඉදිරියට යන්න නම් ජාත්‍යන්තර ක්‍රමවේද අනුගමනය කරන්න ඕන.මේ වගේ ක්‍රමවේදයන් වලින්  රාජ්‍ය බදු ආදායමද ශක්තිමත් වන බව සදහන් කරයි.2018 අයවැය මගින් ඉදිරිපත් කර ඇති මෙම යෝජනාවට බොහෝ පාර්ශවයන්ගෙන් විරෝධය එල්ල වෙමින් ඇති අතර ජනාධිපතිවරයා මෙන්ම කැබිනට් ඇමතිවරුන් කිහිප දෙනෙකුම මීට විරුද්දව ප‍්‍රසිද්ධියේ අදහස් පල කර තිබේ.

  • මහින්ද අප්පච්චි වුණාම චන්ද්‍රිකා අම්මා වෙලා…

    ළබන මැතිවරණය සඳහා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපති තුමිය අත්තනගල්ලෙන් තරඟ වදිනවා යන්න මේ දින වල කරළියේ පවතින මාතෘකාවකි.ඒ හේතුවෙන් මේ දින වල Face Book සමාජ ජාලය තුල ඒ පිළිබද නොයෙක් නොයෙක් පිංතූර සංසරණය වනවා දුටුවෙමු…

    ඉන් කිහිපයක් පහත දක්වා ඇත…

     

  • නෙළුම් කුළුන ඉදිවෙන හැටි…(Video)

    මෙම ගොඩනැගිල්ලේ සැලසුම නෙළුම් මලක ආකාරයට සකස් වී ඇත. නෙළුම් මල්  
    නෙළුම් මල් ශ්‍රී ලාංකික සංස්කෘතිය තුළ පාරිශුද්ධ භාවය සංකේතවත් කරන අතර 
    රටේ දියුණුව වර්ධනය කිරීම සංකේතවත් කරයි. 
    කුළුණ 350 m (අඩි 1,150) උසින් යුක්ත වන අතර එහි වර්ග අඩි 32,600,000 (අඩි 329,000) 
    කට වැඩි ප්රමාණයක් ඇත. 
    
    නෙළුම් කුළුනේ ප්‍රධාන ආදායම් මාර්ග වන්නේ 
    1.සංචාරක කර්මාන්තය
    2.ඇන්ටනා ලීසිං- * රූපවාහිනී සේවාවන් 50 ක් , FM රේඩියෝ ස්ටේෂන් 20 ක් හා විදුලි සංදේශ 
                       සේවා සපයන්නන් 20 ක් සඳහා ගුවන් විදුලි සහ රූපවාහිනී විකාශන 
                       ඇන්ටෙනාවක් ISDB-T සහ යෝජිත DVB-T2 ආධාරක ව්යුහය ලෙස කටයුතු කරනු ඇත.
    
    මෙම කුලුනේ දොරටු හතරක් ඇති අතර ඉන් එකක් ප්‍රභූවරුන් (ප්රධාන ආරාධිත අමුත්තන් සහ රාජ්ය නායකයින්) 
    යන අයගේ ප්‍රවේෂයන් ලෙස භාවිතා කරනු ලැබේ. විදුලි සංදේශ කෞතුකාගාරය සහ ආපනශාලාව 
    බිම් මහලේ පිහිටා ඇත. කුලුනේ පීඨය මහල් 6 කින් සමන්විත වේ. වේදිකාවේ පළමු මහලේ 
    කෞතුකාගාරයක් සහ ප්‍රදර්ශන ශාලා දෙකක් ඇත. දෙවන මහල 500 කට වඩා වැඩි ආසන පහසුකම් 
    සහිත සම්මන්ත්රණ ශාලා කිහිපයක් සඳහා යොදා ගැනේ. අවන්හල්, සුපිරි වෙළඳසල් සහ ආහාර උසාවි 
    තුන්වන මහලේ පිහිටා ඇත. සිව්වන මහලේ දී 1000-ආසන ශ්රවණාගාරයක් පිහිටා ඇති අතර එය 
    බෝල්රාගාරයක් ලෙසද භාවිතා කරනු ඇත. පස්වන මහලට සුඛෝපභෝගී හෝටල් කාමර, විශාල නාන කාමර,
     සහ හත්වැනි මහලේ නිරීක්ෂණ පුස්තකාලය ලබා දෙනු ඇත. භූමි අලංකරණය විශාල ජල උද්යානයක් 
    ලෙස සැලසුම් කර ඇත.
    
    
  • අට වසරේ සිසුවා විරුද්ධ පද වලට ලියපු අමුතු උත්තරේ . අම්මා – තාත්තා. පන්තියම හොල්මන්

    පාසල්වල උගන්වන ගුරුවරුන්ට බොහෝ අවස්ථාවලදී අපූරු අත්දැකීම් වලට මුහුණ දෙන්නට සිදුවෙනවා. මේ කියන්න යන්නෙත් එවැනිම කාරණයක් ගැන. පසුගියදා වයඹ පලාතේ එක්තරා ග්‍රාමීය පාසකල සිදුවුන මෙම සිදුවීම නිසා ගුරුවරිය මෙන්ම පංතියේ සිසු සිසුවියන්ද සිනහව නවතාගෙන ඇත්තේ ඉතාමත් අපහසුවෙන්.

    මෙම සිදුවීම සිදුවන දින ගුරුවරිය විසින් 8 ශ්‍රේණියේ‍ෙ සිසු සිසුවියන්ට සිංහල විශයට අදාලව විරුද්ධාර්ථ පද පිළිබඳ උගන්වා තිබුනා. එහිදී ගුරුවරිය විසින් දරුවන්ට විරුද්ධ පද සඳහා උදාහර කිහිපයක් කියා දීමෙන් පසු දරුවන්ටද එවැනි විර්ධ පද කිහිපයක් ලියාගෙන හන ලෙස පවසා තිබුනා.

    සුළු මොහොතකට පසුව ගුරුවරිය විසින් දරුවන්ගේ පොත් පරීක්ෂා කර තිබුනා. එහිදී එක සිසුවෙකු උඩ-යට, අහස,පොළව – කළු – සුදු වැනි විරුද්ධ පද අතර අම්මා – තාත්තා යන වචන යුගලයද ලියා තිබුනා. පසුව ගුරුවරිය විසින් අම්මා සහ තාත්තා යන වචනය විරුද්ධ පද නොවන බවත් එය ස්ත්‍රී ලිංග,පුරුෂ ලිංග වචන බවත් දරුවාට පැහැදිලි කර තිබුනා.

    නමුත් මෙම සිසුවා ගුරුතුමිය දැක්වූ අදහස් ප්‍රතික්ෂේප කරමින්  “ නෑ මිස්, අම්මා, තාත්තා නියම විරුද්ධාර්ථ පද. හොඳටම වෙනස්. ඕන දේකට හැම තිස්සෙම ගහමරාගන්නවා. අද උදෙත් ඇර ගත්තා‘‘ යනුවෙන් පවසා තිබුනා.

    පසුව මෙම සිදුවීම පිළිබඳව පාසලේ ගුරු විවේකාගාරයතුලදී මෙම ගුරුතුමිය විසින් මේ පිළිබඳ අනෙත් ගුරුවරුන්ටත් කියා තිබුනා. එහිදී පාසලේ බුද්ධ ධර්මය විෂය උගන්වන ගුරුතුමිය මෙම තමන්ගේද ජීවන අත්දැකීම් ඇසුරින් නිවැරදි කලා කියලා තමයි අපට දැනගන්න ලැබෙන්නෙ

     

    [rns_reactions]

  • මම හොරකම් කළේ නෑ අම්මේ කවුරුහරි බෑග් එකට දාලා – බලංගොඩම හැඬවූ පුංචි දියණියගේ මරණයට හේතුව

    බළන්ගොඩ රන්දොලවත්ත ප්‍රදේශයේ හතර වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි පාසල් දැරියක්‌ පෙරේදා (13 දා) සිය නිවස තුළ ගෙල වැලලාගෙන මියගොස්‌ ඇත. මෙසේ මිය ගොස්‌ ඇත්තේ පාතිමා ක්‍රිෂ්ණා (10) නමැති කිරිමැටිතැන්න විදුහලේ ඉගෙනුම ලැබූ සිසු දැරියකි. මරණ පරීක්‍ෂණය ඊයේ (14 දා) බළන්ගොඩ මූලික රෝහලේදී පවත්වන ලදී.
     
    එහිදී සාක්‍ෂි දුන් මියගිය දැරියගේ මව මෙසේ ප්‍රකාශ කළාය.
     
    මෙසේ මියගොස්‌ සිටින්නේ මගේ වැඩිමහල් දියණියයි. ඇය 4 වැනි පංතියේ ඉගෙනුම ලබමින් සිටියා. සිද්ධිය වූ දිනයේ ඇය පාසල් ගියේ නැහැ. මම ඇයගෙන් පාසල් නොයන්නට හේතු විමසුවා. එහෙත් මෙහිදී ඇය “යන්න බැහැ. පසුදා යන්නම්” කීවා. මෙයට මාස තුනකට පමණ පෙර මෙම දියණියගේ පාසල් බෑගයේ ජංගම දුරකථනයක්‌ තිබී මට හසුවුණා. මම පසුව දියණිය ද සමග පාසලට ගොස්‌ ගුරුතුමියට එය භාර දුන්නා. 
     
    මම ෆෝන් එක සොරකම් කළේ නැහැ. එහෙත් පාසලේදී කවුරුන් හෝ මගේ බෑගයට ෆෝන් එක දමා තිබෙනවා කියා දුව කිව්වා. එය ගුරුතුමිය පිළිගත්තේ නැහැ. දුව පාසල් ගිය දිනවලදී මෙම ෆෝන් එක සොරා ගත්තා නේ දැයි කීප වරක්‌ම ගුරුවරිය චෝදනා කර තිබෙනවා. ඉන්පසු පාසලේ ළමුන් ද පාතිමා ෆෝන් හොරා යෑයි උසුළු විසුළු කර තිබෙනවා. මම දුවට කිව්වා ශිෂ්‍යත්ව විභාගය ලියන තුරු කොහොම හරි පාසල් යන්න කියා ඒ ගැන බල කළා. ඇතැම් අවස්‌ථාවල දඬුවම් ද කළා. මම කුලියට තේ දලු නෙළා ජීවත් වන්නේ. මගේ සැමියා මීට වසර තුනකට පමණ පෙර අපිව හැර දමා ගියා.
     
    කෙසේ හෝ ඉකුත් (13) දා අසල නිවසකට මම ගියා තේ දලු කැඩීමට වැඩ තිබේදැයි විමසා බලන්න. පැයකට පමණ පසු නිවසට එද්දී දුව ගෙල වැලලාගෙන නිවස තුළ මියගොස්‌ සිටියා. පසුව මේ සිද්ධිය අසල්වාසී අයට දැනුම් දී පොලිසියට දැනුම් දුන්නා.

    දැරියගේ මිත්තණිය මෙසේ ප්‍රකාශ කළාය.

    මෙයා පේන්න නැහැ.ඊටපස්සේ වටේම ගිහිල් මෙතන බලනකොට කෑගහුවේ ඊට පස්සේ තමයි අපි දුවගෙන ආවේ.ළමයින්ට වචනකින්වත් හිතරිදෙන ඒවා කරන්න එපා.වැරැද්දක් තියෙනවනම් දරුවන්ට දෙමාපියෝ ගෙන්නලා ඒක විසඳන්න.ළමයින්ගේ හිත රිද්දන්න එපා.උගන්වලා හොඳ තැනකට ගන්න මම සෑහෙන්න උත්සාහ ගත්තා.අන්තිමට මේ දේ වෙයි කියලා මම හිතුවේ නැහැ.

    [rns_reactions]

  • ඕස්ට්‍රේලියානු නිව්කාසල් කොළඹට

    ඕස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් නිව්කාසල් නෞකාව ඊයේ (නොවැම්බර් 14) සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු විය. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී.

    නිව්කාසල් නෞකාව දිගින් මීටර් 138.1 කින් යුක්ත වන අතර, පළලින් මීටර් 14.3 ක් වේ. ටොන් 4200 ක ධාරිතාවකින් යුක්ත නෞකාවේ 184 දෙනෙකුගෙන් යුත් කාර්යය මණ්ඩලයක් රාජකාරී කරනු ලබයි.

    සිව් දින නිල සංචාරයක් සඳහා පැමිණි නෞකා කාර්යය මණ්ඩලය දිවයිනේ රැදී සිටින කාල සීමාව තුළදී විවිධ වැඩසටහන් කිහිපයක් සඳහා ද සහභාගී වීමට නියමිතව ඇත. නිල සංචාරයෙන් අනතුරුව එළඹෙන නොවැම්බර් මස 17 වන දින නෞකාව ‍කොළඹ වරායෙන් පිටත් වීමට නියමිතය.