Category: සුපිරි Walks

  • “සෝවාන් වෙලා ලූ, ගත කරන්නේ සරල ජිවීතයක්ලූ” මුලු බුකියම කතා කරන කවුද මේ සඳ දෙවිඳු ?

    මේ දිනවල එක් සුවිශේෂිත පුද්ගලයෙකු ෆේස්බුක් සමාජ ජාලා වෙබ් අඩවියේ කතා බහට ලක්ව තිබෙනවා.

    ඒ සුදු පැහැති ඇදුමින් , වටාපතක්ද රැගෙන සිටින , ෆෙස්බුක් සමාජ ජාලා වෙබ් අඩවියේ සඳ දෙවිඳු නමින් පෙනි සිටිනා පුද්ගලයෙක්.

    මෙම පුද්ගලයා කවුරුන්ද , කුමන හේතුවක් මත මෙලෙස පෙනි සිටිනවා දැයි තවම හෙළිව නෑ.

    කෙසේ වෙතත් මෙම පුද්ගලයා පසුගිය දිනෙක , නිවෙසක් වෙත ගොස් සිටි අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක් සමාජ ජාලා ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.

    මේ පිළිබදව සමාජ ජාලා වෙබ් අඩවි ක්‍රියාකාරීකයන් විවිධ අදහස් දක්වා තිබෙන අයුරුද දැක ගත හැකියි.

    එම පුද්ගලයාගේ ඡායාරූප සහ ඒ පිළිබදව සමාජ ජාලා ක්‍රියාකාරිකයෙක් තැබු සටහනක් පහතින්,

     






    [rns_reactions]

  • මොහොමඩ් ෆාසී පරදා , මතුගම ගව මස් ටෙන්ඩරය දිනා ගත් ඥානරතන හිමිට කඩය වහන්න අවසර දෙනවාද ?

    මතුගම නගරයේ ගව මස් කඩය බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් විසින් දිනා ගත් පුවත අප මින් පෙර වාර්තා කළා. ඉන් පසුව එම සිදුවීම සමාජයේ අතිශය කතාබහට ලක් වීමද සිදු වුනා. 2018 වර්ෂය සදහා එලෙස මතුගම ගව මස් ටෙන්ඩරය දිනා ගත්තේ මතුගම මහකලූපහණේ සේලත්තලාරාම විහාරාධිකාරී මාවිට ඥානරතන හිමියන් විසින්.

    කෙසේ වෙතත් රුපියල් තිස් දෙලක්ෂ විසිපන්දාස් හයසිය විසි දෙකක මුදලකට මාවිට ඥණරතන හිමියන් මතුගම ගව මස් කඩය සදහා ටෙන්ඩරය ලබා ගත්‍තත් නියමිත දිනට උන්වහන්සේට ටෙන්ඩරය සදහා මුදල් ගෙවීමට නොහැකි වී තිබෙන බව වාර්තා වෙනවා.

    ඒ අනුව මෙම ටෙන්ඩරය සදහා රුපියල් ලක්ෂ 32ක මුදල ගෙවීමට මාවිට ඥණරතන හිමියන්ට ඊයේ (13 වැනිදා) සවස 3.00 ට පෙර කල් දී තිබූ අතර ඒ සඳහා තවත් දින තුනක්‌ කල් ලබාගැනීමට උන්වහන්සේ මතුගම ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයාගෙන් ඉල්ලීමක්‌ කර තිබෙන බව සදහන්.

    එම ඉල්ලීම සලකා බැලු මතුගම ප්‍රාදේශීය සභාවේ ලේකම් අශෝක රණසිංහ එම මුදල් තැන්පත් කිරීමට තවත් දින තුනක්‌ මාවිට ඥණරතන හිමියන්ට කල් ලබාදීමට කටයුතු කර තිබේ. නොවැළැක්‌විය හැකි හේතුවක්‌ මත මුදල් තැන්පත් කිරීමට මෙසේ දින තුනක කාලයක්‌ කල් ලබාගැනීමට සිදු වූ බව මාවිට ඥනරතන හිමියෝ මාධ්‍යයට කියා සිටියා.

    කෙසේ වෙතත් ටෙන්ඩරය දිනා ගන්නා පුද්ගලයා මෙම මස්‌ වෙළෙඳසැල ටෙන්ඩරයක්‌ මගින් ලබාගැනීමෙන් පසු එය විවෘත නොකර තබාගැනීම නීත්‍යානුකූල නොවන බව මතුගම ප්‍රාදේශීය සභාව පවසනවා. මාවිට ඥණරතන හිමියන් මින් පෙර පැවසුවේ කෙලෙස හෝ මුදල් සොයා ගෙන , ගව මස් කඩය වසා දමන බවටයි. මේ වනවිට මාවිට ඥාණරතන හිමියන් මස්‌ කඩය වසා දැමීමට අවසර ලබාදෙන ලෙස කළ ඉල්ලීම පළාත් පාලන කොමසාරිස්‌වරයා වෙත යොමුකර තිබෙන බවද සදහන්.

    එම තීන්දුව ලද පසු මේ පිළිබඳ ස්‌ථිර නිගමනයකට එළැඹෙන බව ප්‍රාදේශීය සභාවේ ලේකම් අශෝක රණසිංහ මේ පිළිබදව අදහස් දක්වමින් මාධ්‍යයට කියා සිටියා

    [rns_reactions]

     

  • මෙවර CATWALK මුල් කවරය ඕෂධීගෙන් හැඩ වෙයි…

    ඔබ අප කවුරුත් දන්නා හදුනන ඕෂධී හේවාමද්දුම මෙවර CATWALK සගරාවේ මුල් කවරය සරසලා කියල ආරංචි උනා ඉතිං අපි ඔබබ ඒ පිංතූරය පහලින් දක්වනවා… ඊට අමතරව ඇයගේ අලුත් නියපොතු විලාසිතාවත් ඇයට ආදරේ ප්‍රේක්ෂක ඔබට පහලින් බලාගත හැකි අතර ඔබ ආදරේ ඔබ ආස කලාකරුවන්ගේ සියළු විස්තර ඉදිරියේ ඔබට සැපයීමට බලාපොරොත්තු වන බව කාරුණිකව දන්වා දිටිමු.

  • පොඩි කාලේ ඉඳන්ම ළමයින්ට ලිංගික අධ්‍යාපනය දෙන්න ඕනි… – සුලේකා ජයවර්ධන

    රෙදි කඩේකදි ඇඳුම් මාරු කරන හැටි වෙළඳසැලේ හිටපු කෙනෙක් වීඩියෝ කරන්න ගිය සිද්ධිය ගැන සුලේඛා සති අන්ත පුවත්පතකට අදහස් දක්වලා තියෙන්නේ මේ විදියට.

    මොකක්ද එදා සිද්ධවුණේ?

    මෙම දෙහිවල ඇඳුම් කඩයකට ගියා ඇඳුම් ගන්න, හරියටම රාමසාන් උපවාස පටන්ගත්ත දවසේ, ඒක ප්‍රසිද්ධ කඩයක් නෙවෙයි, නමුත් ලස්සන ඇඳුම් තියෙනවා දැකපු නිසා මම ඒ කඩේ ඇතුලට ගියා, ගැලපෙනවා කියලා හිතෙන ඇඳුම් දෙක තුනක් අරන් මම ඇඳුම් මාරු කරන කාමරය ඇතුලට ගියා, විනාඩි 5ක් විතර මම කාමරේ ඇතුලේ ඇඳුම් මාරු කරකර හිටියා, ඒත් එක පාරටම දැක්කා මොබයිල් එකකින් මාව වීඩියෝ කරන බව,

    කොහොමද එහෙම දැක්කේ ?

    ඒ සාප්පුවේ ඇඳුම් මාරු කරන කාමරයේ දොර පොළවේ ඉඳලා අඟල් 15ක් විතර උසින් තමයි හයි කරලා තියෙන්නේ. මම ඉස්සරහා කණ්නාඩිය දිහා බලන් ඉන්නකොට ඒකෙන් දැක්කා දොර ලඟ මොකක් හරි තියෙනවා කියලා, ඒ තියෙන්නේ කැමරා ෆෝන් එකක් කියලා මම කණ්නාඩියෙන් අඳුන ගත්තා. ඒ වෙලාවේ මට හුඟක් බය හිතුනා.

    බයටම කෑ ගැහුණද ?

    ඔව් බයයි, දුකයි, තරහයි, මට කෑ ගැහුණා. ඇඳුමක් ඇඳගෙන මම එළියට එනකොට ඒ මනුස්සයා දොර යටින් ෆෝන් එක අරගෙන සාක්කුවේ දාගෙන හිටියා, මම එළිය ආපු ගමන් වීඩියෝ කරපු මිනිහව අතටම අල්ලා ගත්තා,

    දුරකථනයේ ඒ වීඩියෝව තිබුණද ?

    ඒ පොඩි ෆෝන් ඔපරේට් කරන හැටි මම දන්නෙවත් නෑ, මම ඒ ෆෝන් එකයි මිනිහාවයි දෙන්නම පොලිසියට භාර දුන්නා.

    ඒ වීඩියෝ කරපු කෙනා ඇඳුම් කඩේ වැඩ කරන කෙනෙක්ද ?

    ඔව් එයා කඩේ වැඩට ඇවිත් හරියටම මාසයයිලූ‍. පොඩි කොල්ලෙක්. වයස 20ක් වගේ ඇති. ගෑණු ළමයෙක් වෙලා ඉපදුනාම ප්‍රවේශම් වෙන්න ඕනි, දෙවියෝ විශ්වාස කරන නිසා දෙවියෝ මාව බේරගත්තා, පොඩි කාලේ ඉඳන්ම ළමයින්ට ලිංගික අධ්‍යාපනය දෙන්න ඕනි, විශේෂයෙන්ම පිරිමි ළමයින්ට, එතකොට මේ වගේ මානසික ලෙඩ්ඩු බිහිවෙන්නේ නෑ.

  • නිවාඩු ඉල්ලුවාම කණිෂ්ට සේවකයන්ට ජාතිය අමතන කො/මු/ප්‍රා/ස අරුම පුදුම රා/ක/ස නිලධාරිණිය මෙන්න..

    කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශිය සභාව යනු දේශපාලණික වශයෙන් පුවත් මැවු ප්‍රසිද්ධ ස්ථානයක් බව ඔබ සැවොම දන්නා කරුණකි. එහෙත් දේශපාලණය නොමැති පසුබිමක නිලධාරිවාදය තදින්ම හිස ඔසවා ඇති මර්මස්ථානයක් ලෙස වර්තමානයේ එම රජයේ ආයතනය හැදින්වුවාට කිසිදු වරදක් නැත. එහි සිටින්නේ රජයේ නිලධාරින් වුවත් ඇතැම් නිලධාරින් උපාධි සහ තනතුරු නිසා ඔලුව උදුම්මාගෙන තම සහෝදර සේවකයන්ට කරනා නොමනා ක්‍රියා පිළිබද අපට තොරතුරු රැසක් ලැබි ඇත.. මේ සියලු තොරතුරු අපට ලබාදුන්නේ බිම් මට්ටමේ සිටින සනිපාරක්ෂක සේවකයින් විමද සුවිශේෂි සිදුවිමකි. ලැබුනු පැමිනිලි මත අප ප්‍රදේශයේ සුප්‍රසිද්ධ පුවත්පත් මාධ්‍යවේදියෙක් සමගින් ඉහත චෝදනාවල ඇත්ත නැත්ත සෙවිමේ මෙහෙයුම ආරම්භ කළෙමු..

    ප්‍රාදේශිය සභාවේ මේ සියලුම චෝදනා එල්ල වන්නේ අන් කිසිවෙකුට නොව නිවාඩු විෂය සහ ණය ලබාදිමේ විෂය සිදුකරන ලිපිකාරිණිය වෙතය. තනතුර කළමණාකරන සහකාර වුවත් ඇය තම උපාධිය නිසාවෙන් දැඩි ලෙස හිස උදුම්මාගෙන සිටින බව සදහන්. ළගදි විවාපත් වු ඇය ඩෙංගු රෝගයටද ගොදුරු වි රෝහල් ගතව සිටි බවද තොරතුරු සෙවු අපට දැනගන්නට ලැබුණි.

    මෙම ලිපිකාරිණිය අමුතු පහේ චරිතයකි. කාර්යාලයේ ලේකම්ට පවා අවනත නොවි කටයුතු කිරිමට මැය බලවත් වි ඇත. ඒ ඇය පසුපස සිටින ප්‍රාදේශිය සභාවේ විපක්ෂනායකගේ බලය නිසා බව තතුදත්තෝ අපට පැවසිය. සෝලංග සභාපතිතුමා ඉන්නකම් ඔය ගෑනි කලේ හතුරුකම්. සභාපතිතුමා ඔෆිස් ආපු හැමදවසකම ඔය ගෑනි බැල්ලියෙක් වගේ බැනුම් අහනවා. ඒ කාලේ ඒකි කලේ සැලසුම් අංශයේ වැඩ. වැඩක් කරගන්න හරි අමාරුයි. ලොකු ගැස්.. සභාපතිතුමා මිනිස්සු වෙනුවෙන් මානුෂික පදනම යටතේ කරන්න එවන වැඩ මේකි තඹ සතේකට ගනන් ගත්තේ නෑ. පොඩ්ඩ ගැස්සිච්ච ගමන් ඇගට ගොඩවෙනවා. සභාපතිතුමාව විනාශ කලේ ඔය ගෑනි. හරි උගත් ගෑනි කියලා අලි ඔලුවෙන් හිටියේ.. ඒ ජනතාව මතක් කල ඇයගේ අතිතයයි.. කෙසේ හෝ අපේ වාසනාවට උප කාරයාලයෙන් එයා ගියා.. පුදුම සහනයක්. ඒ උප කාර්යාලයේ සේවකයෙක් අපට පැවසු දෙයකි..

    අනතුරුව නිවාඩු විෂයභාර ලිපිකරු ලෙස ඇයව ප්‍රධාන කාර්යාලයට කැදවා ඇත. නිවාඩු අනුමත කරගන්නට ඇය වෙත යන සුලු සේවකයන්ට ඇයගේ පඩත්තර රෙස්පෙක්ට් බලන්නට සිදුවි ඇත. 

    මහත්තයෝ දවසක් මම ටැක්ටරේ  වැඩකරලා ඉවරවෙලා අතපය හෝදගෙන ගිය ඔය ගෑනිව හම්බවෙන්න.. මගේ දුව ලොකු ළමයෙක් වෙලා හින්දා හෙට නිවාඩුවක් ඉල්ලගන්න ගියේ. මම එතැනට ගිහින් …. මිස් කියද්දිම මේකි එහා පැත්තේ හිටපු නෝනට කියනවා මාර ගදක් නේද? කුණු කන්ද මෙතනට ඇවිත් වගේ කියලා හයියෙන් හිනාවුනා.. මහත්තයෝ අපි කුණු එක්ක තමයි ඉන්නේ. කුණු ගදයි තමයි අපේ ළග. අපිට උන් වගේ 4.15ට ගෙදර දුවන්න බෑ. ඕකුන් අද ඔතන ඉන්නේ අපි හින්දා.මම ආයෙත් … මිස් කියලා කතාකලාම අද නෑවේ නැද්ද කියලා ඇහුවා.. මම එතනට යද්දි 2. මම කිවුවා මිස් මගේ ළමයා ලොකු ළමයෙක් වෙලා. මට හෙට නිවාඩුවක් ගන්න ආවේ කියලා.එහෙම නිවාඩු දෙන්න බෑ. මේකේ නිතියක් තියෙනවා. ඔයා කොහොමද එහෙම නිවාඩු ඉල්ලන්නේ? බෑ එහෙම දෙන්න බෑ.. මම දුවගේ උත්සවේට ගියේ නිවාඩු නොදමා මහත්තයෝ.. ඒකට නෝ පේ දාලා තිබුණා ඔය ගෑනි..

    තත්වය එසේ තිබියදි මැයට ඩෙංගු වැළදිම නිසා සති දෙකක් මැය නිවාඩු ලබාගෙන ඇත. ප්‍රථම සතිය නිවසේ ගතකර ඇති මැය විවාහය සදහාද දින ගණනාවක් තමනට සිත්සේ නිවාඩු ලබාගෙන ඇත. පුවත්පත් වාර්තාකරු අපට ඒ සියලු තොරතුරු ලබාදිමට උපායශිලිව කටයුතු කලේය..

    තමනට ගොට්ට අල්ලන අයට ඉතා හොදින් සැලකිමටද මැය කටයුතු කරයි. ව්‍යාපෘති සේවකයින් 4දෙනෙකුට ඔවුන් සේවයට පැමිනියත් නැතත් වැටුප් ලබාදිමට මැය කටයුතු කරයි. පසුගිය මාසයේද එය එලෙසම කර ඇත. තමනට හිමිවු ස්ථාන මාරුව විපක්ෂනායකගේ බලපුළුවන්කාරකම් මතින් අත්හිටුවාගත් මැය සමස්ථ ප්‍රාදේශිය සබාවටම විශාල හිසරදයක් බවට පත්වි ඇත.

    රජයේ සේවකයින්ට ලැබෙන පහසුකමක් වන මාස 10න් ගෙවිය යුතු ණය මුදල ලබාදිමේදි මැයගේ යක්ෂගති යලිත් ඉතා හොදින් දැකගත හැකිවිය. තම එහෙයියන්ට ඉක්මනින් එය ලබාදුන් ඇය තමන්ට එරෙහිව අදහස් පළකල අයගේ ලිපිගොනු අස්ථාන ගතකිරිමට පවා කටයුතු කර ඇත. තමන්‍ට දරුවා ලැබිමට ආසන්න වු අවස්තාවක මුල්‍ය අවශ්‍යතා පැණ නැගුණු සේවක පියෙක් එම ණය මුදල ඉල්ලා ඇති අතර මේ වනතුරු ඔහුට එය ලබාදිමට මේ යක්සණිය කටයුතු කර නැත. පුද්ගලික කෝන්තර පිරිමැසිමට තම බලය පාවිච්චි කරනා මෙවැනි යක්ෂනියන්ව සමස්ත රාජ්‍ය සේවයෙන්ම පළවාහැරිය යුතු බව අපේ විශ්වාසයයි..

    වගකිවයුතු බලධාරින් නිසි පියවර නොගතහොත් නුදුරේදිම මැයට එරෙහිව ප්‍රාදේශිය සභාවේ සුළු සේවකයින් සියල්ල වැඩවර්ජනයකට පවා සුදානමින් සිටින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සනාථ කර ඇත. සිදුවිය යුත්තේ අපට තොරතුරු ලබාදුන් සේවකයින්ව සෙවිම නොව අදාළ කළමණාකරන සහකාර තනතුරේ සිටින යක්ෂණියව හැකි ඉක්මණින් ප්‍රාදේශිය සභාවෙන් පමනක් නොව සමස්ත රාජ්‍ය සේවයෙන්ම පළවාහැරිම බව අප නිසි බලධාරින් හට අවධාරණය කරන්නෙමු.

    [rns_reactions]

  • වැදගත් ගමනක් යන විට පාර හරහා කළු බළලෙක් පැන්නොත්

    ගමනක් බිමනක් යාම සඳහා උදයේ නිවසින් පිටවන විට මුලින්ම නෙත ගැටෙන පුද්ගලයා සතා හෝ වස්තුව කෙරෙහි ඔබ කොතෙක් සංවේදීද? මම මේ පැනය සමාජයේ විවිධ තරාතිරම්වලට අයත් බොහෝ දෙනෙකුගෙන් වරින් වර අසා ඇත්තෙමි. එවිට උදයේ ගමනක් යන විට මුලින්ම හමුවන පුද්ගලයා සතා හෝ ද්‍රව්‍ය පිළිබඳව කිසිදු සංවේදීතාවයක් නොදක්වන බව පවසා සිටියේ ඉතා සුළු පිරිසකි. මගේ නිගමනය අනුව එය සියයට දහයකටත් අඩු ප්‍රතිශතයකි.
    සෙසු පිරිස එවන් පෙරමග නිමිති පිළිබඳව කිනම් හෝ සංවේදීතාවයක් කරන බව කී අතර එය කරුණු දෙකක් මත පදනම් වන බවක් පැහැදිලි විය.

    එනම් තමන් යන ගමනේ වැදගත්කම පුද්ගලයා සතා හෝ වස්තුවේ සුවිශේෂී බව නිදසුනක් ලෙස සම්මුඛ පරීක්ෂණයක්, විභාගයක් නඩු විභාගයක් මුදල් ගනුදෙනුවක් දේපළ මිලදී ගැනීමක් විවාහ කටයුත්තක් ආදී විශේෂිත කරුණුවලටද බොහෝ දෙනකු පෙරමග නිමිතිවල සම්බන්ධයක් සංවේදී වන බව මෙහිදී අනාවරණය විණි. මීට අමතරව ගමනේ දුර ප්‍රමාණය හා අවදානම අනුවද මෙම සංවේදීතාව ඉහළ නංවන අයුරක් නිරීක්ෂණය කළ හැකි විය.

    ඊට අමතරව මෙම පෙර මග නිමිත්ත වශයෙන් හඳුන්වාගත හැකි පුද්ගලයා සතා හෝ වස්තුවෙහි ඇති සුවිශේෂත්වය මතද සමහරුන් සංවේදී වන බව අනාවරණය විය. නිදසුනක් ලෙස කිසියම් ගමනක් යාමට මගට බසින විට ඉදිරියට අවමංගල්‍ය රථයක් හමුවීම අසුබ නිමිත්තක් සේ යමකුට හැඟී යා හැක. ආබාධ සහිත යාචකයකු ඉදිරියට මුණගැසීමද එවන් අසුබ සංඥාවක් සේ සැලකේ.

    මෙලෙස පෙරමග නිමිතිවලින් යන ගමනේ සුබ අසුබ නිශ්චය කළ හැකිය යන විශ්වාසය එක් රටකට සංස්කෘතියකට හෝ ජන සමාජයකට සීමා වූවක් නොවේ. කිසිදු ආගමකට අයත් නොවූවද ආගමික විශ්වාසයන්ගෙන් බැහැරව ලොව පුරා බොහෝ දෙනකු අදහනු ලබන මේවා සමාජ විද්‍යාවේදී හැඳින්වෙනුයේ අධි විශ්වාසය යනුවෙනි. මෙම අධි විශ්වාස ආගමික සංස්කෘතික පදනමක් තිබිය හැකි අතර එසේ නොවන ලොවටම ‍පොදු පෙරමග නිමිතිද තිබේ.
    රථයකින් ගමනක් යාම අරඹන විටම කළු බළලකු පාර හරහා පැනීම ඒකාන්ත වශයෙන්ම අසුබ පලයක් ගෙන දෙන බවට ලොව පුරා පැතිර යන අධි විශ්වාසයක් තිබේ. ඇතැම් ජන සමාජයන්හි මෙම විශ්වාසය කොතෙක් බරපතළ ලෙස මුල් බැස තිබේද යත් එලෙස පාර හරහා මාරු වන කළු බළලකු වාහනයකට හසු වුවහොත් එම වාහනය යළි භාවිතයට නොගෙන කීයකට හෝ විකුණා දමන්නෝද අප රටේද සිටිති.

    එක් එක් ජන සමාජයන්හි පෙරමග නිමිතිවල සුබ අසුබ බව තීරණය කෙරෙන ආකාරයන්ද එකිනෙකට වෙනස්ය. එමෙන්ම ඇතැම් විට ඒවා ආර්ථික බවින්ද තොරය. පැරණි භාරතීය පෙරමග නිමිත ශාස්ත්‍රයට අනුව පෙරමග හමුවන ශ්‍රමිකයා අසුබ නිමිත්තකි. ගණිකාව සුබ නිමිත්තකි. ඒ කෙසේ හෝ පෙරඅපර දෙදිග පෙරමග නිමිති ශාස්ත්‍රයන් හි ඇති විෂමතාවයන් සේම පෙරදිග පෙරමග නිමිති ශාස්ත්‍රය තුළද මෙවන් නොයෙකුත් විෂමතා සහ පරස්පරතා දක්නට ලැබේ.

    බල පෙරමග නිමිති සුබ නැකතටත් වැඩි කෝට්ටේ යුගයේ තොටගමුවේ ශ්‍රී රාහුල හිමිපාණන් විසින් රචනා කරන ලද සැලලිහිණි සංදේශ කාව්‍යයේ එන එම කවිපදය අදටත් අප ජන සමාජයේ මුවින් මුව නිරතුරුවම රැව් පිලිරැව් දෙන්නකි. එහිදී කතුවරයා සංදේශ කාරක සැලලිහිණියාට උපදෙස් දෙනුයේ නැකත් බැලීමටත් වඩා පෙරමග නිමිති බැලීමට උත්සුක වන ලෙසය. එවක තත්ත්වය එසේ වුවද නුතන සමාජය නැකත් බැලීමට දක්වන උනන්දුව පෙරමග නිමිත කෙරෙහි නොදක්වන බව නම් අතිශයින් පැහැදිලිය. මක් නිසාද යත් රාජ රාජමහා මාත්‍යවරුන්ගේ සිට සාමාන්‍ය ජනතාව දක්වා අද ‍ජ්‍යොතිෂයට වහ වැටී හිඳින බැවිනි. පෙර දිග හින්දු ආභාෂයෙන් අපට හිමිව ඇති නැකත් සේම පෙරමග නිමිති ආදිය කෙරෙහි විශ්වාසය තැබිම මූලික බුදුදහමට ඉඳුරාම පටහැනිය. එහෙත් මහනුවර යුගයේ රජ කළ කීර්ති ශ්‍රී රාජසිංහ රාජ්‍ය කාලයේ සිට එතුමන්ගේ මනාපය පරිදි මෙවන් අන්‍යාගමික විශ්වාස බුදු දහම පදනම් කරගනිමින් අප විසින්ම තනාගත් ‘බුද්ධාගමට’ බරපතළ ලෙස ඇතුළු වී තිබේ. එහෙත් මෙබඳු විශ්වාස දරන්නවුන් උපාසක චණ්ඩාලයන් උපාසක දීනයන් ලෙස බුදුන් වහන්සේ විසින් හඳුන්වා ඇති අන්දම අංගුත්තර නිකායේ පංචම නිපාතයේ් එන උපාසක චණ්ඩාල සූත්‍රය කියැවීමෙන් මනාව වටහා ගත හැක.

    දැන් අපි මේ සියලු පෙරමග නිමිති නියෝජනය වන පරිදි කළු බළල් පෙරමග නිමිත්ත වෙත නැවත යොමු වෙමු.
    ගමනක් යන පෙරමගට පළමුව කළු බළලකු පිවිසිය හොත් විපතක් සිදු වන්නේය යන කරුණෙහි සම්භාවිතාවක් තිබේ. එහෙත් එය සැබැවින්ම අර්ථකථනය කළ යුත්තේ එපරිද්දෙන් නොවේ. ගමනක් යන පෙරමගට කළුබළලකු පිවිසීම මගතොට විපත් වලින් අත්මිදීමට හේතුවක් නොවන බව සනාථ කරවීමෙනි. මෙය වඩාත් පැහැදිලි ලෙස මෙලෙස දැක්විය හැක.

    1. පෙරමගට කළු බළලකු පිවිස මඟතොට විපතක් සිදුවීම
    2. පෙරමගට කළු බළලකු පිවිස මගතොට විපතක් සිදු නොවීම
    3. පෙරමගට කළු බළලකු නොපිවිස මගතොට විපතක් සිදුවීම.

    පසු සිදුවීම පෙර සිදුවීමේ ප්‍රතිඵලයක්ය යන්න මිථ්‍යා තර්කයකි. ඒ අනුව බොහෝ විට මෙම කළු බළල් මග පෙර නිමිත්ත විමසා බැලෙනුයේ රිය අනතුරක් වැනි මගතොට විපතක් මුල් කොට ආපසු කරුණු විමසා බැලීමේදී එවන් අනතුරක් හෝ මගතොට විපතක් මුල් කොට යළි කරුණු විමසීමේදී ඇතැම් විට ඒ කරුණු අතර තිබි කළු බළල් සාධකයක් හමුවීමට පුලුවන. එවිට ඒ අනතුර, විපත, පිළිබඳව කතා කරන සැම විටෙකම ඒ කළු බළල් සාධකයද ඉදිරිපත් වීම නිසා එම මිථ්‍යා තර්කය සමාජය පුරා ශීඝ්‍රයෙන් පැතිර යයි. නමුදු එසේ කවර හෝ වැදගත් ගමනක් යන විටෙක කළුබළලකු පෙරමග හමුවී එම ගමන නිරුපද්‍රිතව සාර්ථක ලෙස අවසන් කළ හැකි වුවහොත් ඉහත සඳහන් කළු බළල් සාධකයද නිරායාසයෙන්ම යටපත් වනු ඇත. එවිට කිසිවෙක් ඒ පිළිබඳව කතා නොකරති.

    ඒ අනුව මෙම පෙරමග නිමිති සම්බන්ධයෙන් කීමට ඇත්තේ එම නිමිති මුල් කොට ප්‍රතිඵලය විමසීමක් නොව ප්‍රතිඵලය මුල් කොට එම පෙරමග නිමිත විමසීමක් පමණක් බව කිව යුතුය. එය මුලුමනින්ම අවිද්‍යාත්මක පර්යේෂණ ක්‍රමවේදයකි. ඒ කෙසේ හෝ පෙරමග නිමිති ඇතුළු මෙවන් ගුප්ත විශ්වාස දැඩිව සිත දරා හිඳින්නවුන් යථාර්ථවාදී ලෙස සිතන්නවුන්ට වඩා මානසික කම්පන ගැටුම් අර්බුදවලට මුහුණ දෙන බව ලොව පුරා සිදු කරනු ලැබු විවිධ සමීක්ෂණවලින් අනාවරණය වී තිබේ. ඒ අනුව මෙම කළු බළල් පෙරමග නිමිත්තක් දැක තමන්ට කිනම් හෝ අනතුරක් සිදුවේය යන විශ්වාසයේ දැඩිව එල්බගැනීම මත හදිසි අවස්ථාවකදී ආත්ම විශ්වාසය ගිලිහී ගොස් අනතුරකට මං පාදන්නක් වීමටද බැරි කමක් නැත. එවිට සිදුවනුයේ ඒ හේතුව නිසාම එම කළු බළල් වැනි පෙරමග නිමිති මිථ්‍යාවන් සමාජය පුරා තවදුරටත් පැතිර යාම පමණි. 

    [rns_reactions]

  • තොටළග බෝම්බයෙන් දැඩි ලෙස ආබාධිත වූ ශරත් බන්ධුසේන ජිවන සටන ජයගන්නට එජාපයෙන් උදවු ඉල්ලයි…

    වර්ෂ 1994 අවසන් භාගයයි. ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ හදිසි අභාවයෙන් පසු තුන්වැනි විධායක ජනාධිපතිවරණය සඳහා එජාපයෙන් ඉදිරිපත් වූයේ ගාමිණී දිසානායක මහතා ය.

    ජනාධිපතිවරණය සඳහා දින නියම විය. ඒ සමඟම එජාපයේ ආසන සංවිධායකවරු සහ පාක්‍ෂිකයෝ රට පුරාම ප්‍රචාරක රැලි සංවිධානය කළහ. එහෙත් රට තුළ පැවතුණේ සාමකාමී වාතාවරණයක්‌ නොවේ. ඒ වන විටත් කුරිරු කොටි ත්‍රස්‌තවාදීන් මෙරට ප්‍රබලම දේශපාලන නායකයන් රැසක්‌ ඝාතනය කර තිබුණි. එලෙස බිහිසුණු තත්ත්වයක්‌ රට තුළ තිබියදී පවා විපක්‌ෂ නායක ගාමිණී දිසානායක මහතා එම ප්‍රචාරක රැස්‌වීම් සියල්ලටම පාහේ සහභාගි විය.

    එම වකවානුවේ එජාපයේ උතුරු කොළඹ ආසන සංවිධායක ලෙස කටයුතු කළේ පළාත් සභා අමාත්‍ය ක්‍රිස්‌ටි පෙරේරා මහතා ය. ඔහුද ජනාධිපතිවරණය වෙනුවෙන් ප්‍රචාරක රැස්‌වීමක්‌ සංවිධානය කළේය. එය පැවැත්වීමට නියමිතව තිබුණේ ඔක්‌තෝබර් 23 වැනිදා කොළඹ තොටළඟදීය.

    ශරත් බන්ධුසේන කොළඹ ආනන්ද විදුහලේ ආදි ශිෂ්‍යයෙකි. ඔහු එකල පැවැති එක්‌සත් සමාජවාදී ශිෂ්‍ය පෙරමුණේද ක්‍රියාකාරී සාමාජිකයෙකි. එයින් දේශපාලනය පිළිබඳ පන්නරය ලැබූ ඔහු අගමැති ඩඩ්ලි සේනානායක මහතාගේ කාලයේ සිටම එජාපයේ ප්‍රබල සාමාජිකයකු විය.

    වෘත්තියෙන් ශරත් බන්ධුසේන ග්‍රාමසේවක වරයෙකි. එයට අමතරව ඔහු නිවේදකයකු ලෙසද කටයුතු කළේය. එකල ජාතික රූපවාහිනී සේවයේ අනුමත නිවේදකයකු ලෙසද ඔහු කටයුතු කළේය. කොළඹ ප්‍රදේශයේ පැවැති බොහෝ එජාප රැස්‌වීම්වල නිවේදන කටයුතු සිදු කළේ ඔහු විසින්ය.

    පළාත් සභා අමාත්‍ය ක්‍රිස්‌ටි පෙරේරා මහතා විසින් සංවිධානය කරනු ලැබූ තොටළඟ

    රැස්‌වීමේද නිවේදන කටයුතු සිදු කිරීමට ශරත් බන්ධුසේනට ආරාධනා ලැබී තිබුණි. රැස්‌වීම පැවැත්වීමට නියමිතව තිබුණේ 1994 ඔක්‌තෝබර් 23 වැනිදාය. එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වීමට නියමිතව හිටියේ ජනාධිපති අපේක්‍ෂක එජාපයේ විපක්‌ෂ නායක ගාමිණී දිසානායක මහතා ය.

    elowa1නියමිත දිනය උදාවිය. ශරත් බන්ධුසේන රැස්‌වීම ආරම්භ වීමට පැය කිහිපයකට පෙර එම ස්‌ථානයට ගියේය. ඒ නිවේදන කටයුතුවලට අමතරව එම රැස්‌වීමේ සංවිධාන කටයුතුවලටද සහභාගි වීමට ඔහුට ඇරැයුම් ලැබ තිබුණු නිසාය. ගාමිණී දිසානායක මහතාට අමතරව රනිල් වික්‍රමසිංහ, ජී. එම්. ප්‍රේමචන්ද්‍ර සහ වීරසිංහ මල්ලිමාරච්චි වැනි එජාපයේ ප්‍රබලයෝ රැසක්‌ එම රැස්‌වීමට සහභාගි වීමට නියමිතව තිබිණි.

    චාරිත්‍රානුකූලව පොල්තෙල් පහන දැල්වීමෙන් පසු සවස හතරට පමණ රැස්‌වීම ආරම්භ විය. ඒ වන විටත් රනිල් වික්‍රමසිංහ ඇතුළු එජාපයේ ප්‍රබලයෝ රැසක්‌ එම වේදිකාවේ ඉදිරිපෙළ අසුන්ගෙන සිටියහ. සහභාගි වූ මැති ඇමැතිවරුන් තමන්ගේ වාරය පැමිණි පසු පැමිණ සිටි ජනතාව ඇමතූහ. ඒ අතර සුපුරුදු පරිදි ශරත් බන්ධුසේන නිවේදන කටයුතු සිදු කරමින් රැස්‌වීම මෙහෙයවූවේය.

    ජනාධිපති අපේක්‍ෂක ගාමිණී දිසානායක මහතා රැස්‌වීම පැවැත්වෙන එම ස්‌ථානයට පැමිණීමට නියමිතව තිබුණේ රාත්‍රී අටට පමණය. එහෙත් කාර්යබහුලත්වය නිසා ඔහු එම ස්‌ථානයට පැමිණියේ රාත්‍රී දහයට පමණය. ඒ වන විටත් විශාල ජනකායක්‌ එම ස්‌ථානයේ රැඳී සිටියහ.

    ගාමිණී දිසානායක මහතා වේදිකාවට පැමිණීමත් සමඟ ජනතාව ඔල්වරසන් හඬ දෙමින් ඉතාමත් ලෙන්ගතු ආකාරයකින් ඔහුව පිළිගත්හ. ඒ සමඟම වැඩි වේලා නොගෙන සුපුරුදු පරිදි ඔහුටම ආවේනික වූ කතා ශෛලියෙන් ජනතාව ඇමතූහ. එදින ඔහුට ඉතා කාර්යබහුල දිනයක්‌ විය. උදෑසන සිටම ඔහු රැස්‌වීම් සහ ප්‍රචාරක රැලි කිහිපයකටම සහභාගි වී තිබුණි. එහෙත් ඒ මහන්සි නොතකා ඔහු ජනතාව ඇමතුවේය.

    එම මොහොතේ නිවේදක ශරත් බන්ධුසේන වේදිකාවේ පසෙකට වී ගාමිණී දිසානායක මහතාගේ කතාවට සවන් දෙමින් සිටියේය. ඒ මහතාගේ කතාව අවසන් වූ පසු ජාතික ගීතය ගායනා කරමින් උත්සවයේ වැඩ කටයුතු අවසන් කිරීමටද සැලසුම් කර තිබුණි.

    වේලාව රාත්‍රී දොළහ පසුවී තිබුණි. ගාමිණී දිසානායක මහතා සිය කතාව අවසන් කරමින් දෙඅත් ඔසවා පැමිණ සිටි ජනතාවට සුබ උදෑසනක්‌ කියා පැවසුවා පමණි. එක්‌වරම ප්‍රදේශය දෙවනත් වන සේ විශාල ශබ්දයක්‌ ඇසුණි. ඒ සමඟම සමහරු කපා හෙලූ කෙසෙල් කඳන් මෙන් බිම ඇද වැටුණහ. තවත් සමහරු විලාප තබමින් හිස්‌ ලූ ලූ අත දිව්වෝය.

    ඒ ජනාධිපති අපේක්‍ෂක ගාමිණී දිසානායක මහතාට එල්ල වූ බෝම්බ ප්‍රහාරයයි. එය එල්ල කර තිබුණේ මරාගෙන මැරෙන කොටි කාන්තාවක්‌ විසින්ය. එම බෝම්බ ප්‍රහාරයෙන් ගාමිණී දිසානායක, වීරසිංහ මල්ලිමාරච්චි, ජී. එම්. ප්‍රේමචන්ද්‍ර සහ ක්‍රිස්‌ටි පෙරේරා ආදී එජාපයේ ප්‍රබලයෝ රැසක්‌ ජීවිතක්‍ෂයට පත්වූහ. එයට අමතරව රැස්‌වීමට සහභාගි වී සිටි සිවිල් ජනතාව හැටකට අධික ප්‍රමාණයක්‌ මරණයට පත්වූහ.

    බෝම්බය පුපුරණ අවස්‌ථාවේ ශරත් බන්ධුසේන සිට ඇත්තේ ගාමිණී දිසානායක මහතා ආසන්නයේය. ඔහුට මතක විශාල ශබ්දයක්‌ සමඟින් තමන්ව උඩින් ඈතට වීසි වී යන අයුරු පමණි. තත්ත්පර කිහිපයක්‌ ඇතුළත ඔහුට පියවි සිහිය පැමිණ තිබේ. එවිට ඔහුගේ ශරීරයේ විවිධ ස්‌ථානවලින් ලේ ගලමින් තිබූ අතර අධික වේදනාවකින්ද පෙළෙමින් සිට ඇත.

    එම ස්‌ථානයෙන් නැගිටීමට උත්සාහ කළත් ඔහුට එය කර ගැනීමට නොහැකි විය. ඔහුගේ දෙපස නිල ඇඳුම් ඇඳගත් දෙදෙනකුගේ මළසිරුරය. සිහියත් අසිහියත් අතර දෙලොවක සිරවී සිටි ඔහුට මිනිසුන් විලාප තබන අයුරු යාන්තමට ඇසී තිබුණි.

    මාරාන්තික තුවාල ලබා වේදනාව ඉවසා ගැනීමට නොහැකිව සිටි ශරත් බන්ධුසේන ඉතා අමාරුවෙන් නැඟීසිට පියවර කිහිපයක්‌ ඉදිරියට පා තැබුවේය. ඒ ඔහුගේ ජීවිතය බේරා ගැනීම සඳහා ය. ඇසකටද තුවාල සිදුවී තිබූ නිසා අවට පරිසරය පවා ඔහුට හරියාකාරව නොපෙනුණි. තවත් පියවර කිහිපයක්‌ ඉදිරියට තැබූ ඔහු යළි බිම පතිත විය. ඒ සමඟම එම ස්‌ථානයට පැමිණි ඔහුගේ යහළුවන් දෙදෙනෙක්‌ ශරත් බන්ධුසේනව ඔසවාගෙන ගියහ. ඒ රෝහල්ගත කිරීම සඳහාය.

    ජීප් රථයක දමා තමාව රැගෙන යන අයුරු යන්තම් ඔහුට මතකය. ඒ සමඟම ඔහුගේ සිහිය සම්පූර්ණයෙන්ම නැතිවී තිබුණි. ඉන් පසු ශරත් බන්ධුසේනට දැනී ඇත්තේ තමා වෙනම ලෝකයක සිටින බවයි. ඒ අත්දැකීම ඔහු විස්‌තර කරන්නේ මෙලෙසින්ය.

    “එක පාරටම තේරුණා මම ඉන්නේ ලා නිල් පාටින් පිරුණ ඉතාමත් ලස්‌සන වෙනම ලෝකයක කියලා. මම සිටියේ ඉතාමත් සියුම් මල්වලින් පිරුණ යහනාවක්‌ මත. එහි සියුම් ගතිය මාගේ ශරීරයට දැනෙන්න ගත්තා. වටපිටාවේ කවුරුත් පේන්න සිටියේ නැහැ. ඒ වුණාට වටපිටාවේ තිබුණ අසිරිය සුන්දරත්වය මම වින්දා…”

    “මාගේ මනසට ජීවිතයේ කවදාවත් දැනිලා නැති ලොකු සැහැල්ලුවක්‌ දැනුණා. මම මගේ ශරීරය දෙස බලන්න උත්සහ කළා. ඒත් මට පෙණුනේ නැහැ. හැබැයි මට සියලුම දේවල් හොඳින් දැනුණා. ශරීරයේ කොටස්‌ නොපෙණුනත් මට දැනුණේ ඒවා සියල්ල තියෙනවා කියල. එහෙම ඉතා සැහැල්ලුවෙන් සහ හුඟාක්‌ ආසාවෙන් තමයි මම හිටියේ.”

    “ඒ සමඟම එක්‌වරම මට ඇහුණා කාන්තාවෝ රැසක්‌ විලාප තියනවා. ඒ මාව බේරා ගනියෝ… මගේ අත රිදෙනවා, කකුල රිදෙනවා ආදිය කියමින්. මම ඒවට ඇහුම්කන් දීගෙන සිටින විට එක්‌වරම මට දැනුණා බෝම්බයකට අහුවෙලා නේද මම ඉන්නේ කියලා. ඒ සමඟම මම ජීප් රථයේ සිටි අයුක්‌ ඛාන් කියන ආරක්‌ෂක නිලධාරියාත් කකුල අත ගාලා තියෙනවා. එතකොට තමයි යළි මට සිහිය ඇවිල්ලා තියෙන්නේ…”

    “එතැන් සිට රෝහල් ගතකරන තෙක්‌ සිදුවුණ සියල්ල මට මතකයි. ඒත් තවමත් මට හොඳට මතකයි විනාඩි ගණනක්‌ වෙනම සුන්දර ස්‌ථානයක මම හිටියා කියලා. ඒ වාගේ තැනක්‌ මේ ලෝකයේ කිසිම තැනක තියෙනවා දැකලා නැහැ තවමත්.”

    සරත් බන්ධුසේන පවසන අයුරින් බෝම්බය වැදී මරණාසන්න තුවාල ලබා රෝහලට ගෙන යන අතරතුරදී විනාඩි කිහිපයක්‌ ඔහු තමාගේ සිරුරෙන් මිදී වෙනම භවයක ජීවත් වී ඇත. ඒ අනුව ඔහු එලොව ගිහින් මෙලොව ආපු පුද්ගලයකු ලෙස හැඳින්විය හැකිය.

    එම බෝම්බ ප්‍රහාරයෙන් ලද තුවාල නිසා ඔහුගේ දකුණු ඇසක පෙනුම සම්පූර්ණයෙන්ම අහිමි වී තිබේ. වම් ඇසද හරියාකාරව නොපෙනේ. දහවල් කාලයේදී ඔහුට එළියට බැසීමට පවා නොහැකිය. ඒ හිරුඑළියෙන් එන කිරණ ඔහුගේ යම්තම් පෙනෙන වම් ඇසට දරාගත නොහැකිවීම නිසාය.

    තවද ඔහුගේ ශරීරයේ විවිධ ස්‌ථානවල බෝම්බ කැබලි තවමත් ඇත. එලෙසම ඔහුගේ දෙපාවලටද විටින් විට ප්‍රතිකාර කිරීමට සිදු වේ. බෝම්බයෙන් ලද තුවාල නිසා හිසරදය ආදී තවත් රෝග රැසකින් විටින් විට පීඩා විඳීමට ඔහුට සිදුවේ. ඒ සඳහා විශාල මුදලක්‌ වැය කිරීමට ඔහුට සිදුවේ.

    සරත් බන්ධුසේන යනු දැන් ජීවිතයේ සැඳෑ සමය ගතකරමින් සිටින පුද්ගලයෙකි. දශක ගණනක්‌ නොකඩවා එක්‌සත් ජාතික පක්‍ෂයේ ක්‍රියාකාරි සාමාජිකයකු වූ ඔහු ඒ කාලයේ සිටම පක්‍ෂය වෙනුවෙන් අපමණ සේවයක්‌ ඉටුකර තිබේ. එලෙසම ඔහු ආබාධිතයකු බවටද පත්වූයේ එක්‌සත් ජාතික පක්‍ෂයේ රැස්‌වීමක නිවේදකයකු සහ සංවිධායකවරයකු වශයෙන් කටයුතු කරමින් සිටියදීය.

    එක්‌සත් ජාතික පක්‍ෂය වෙනුවෙන් තම ජීවිත කාලය කැපකළ, ආර්ථික අපහසුකම් රැසක්‌ මැද සැඳෑ සමය ගතකරන ඔහු එජාපයේ වගකිව යුත්තතන්ගෙන් ඉල්ලා සිටින්නේ මාසිකව තමාගේ බෙහෙත්වලට යන මුදලවත් ලබාදීමට වැඩපිළිවෙළක්‌ සකසා දෙන ලෙසයි.

    [rns_reactions]

  • කොළ කෑලි ගහගෙන යනවා වාගේ කට්ටියම වතුරෙ ගියා – ඇටන්වල තෙලිගමු ඔය කඳුළු ගඟක් කළ ඛේදවාචකය

    පාන්දර ගමන පිටත් වෙද්දිම ගෙවල් ළඟ දේවාලයේ පොල් ගෙඩියක් ගැහුවා… බිඳෙන්නෙ නැතුව ගෙඩිය විසිවුණා… දෙවැනි වතාවට ගහලා තමයි බිඳුණේ… ඒ බාධාව මෙච්චර විනාශයක් කරයි කියලා නම් කවුරුත් හිතුවේ නෑ…”

    ඇටන්වල තෙලිගමු ඔය කඳුළු ගඟක් කළ ඛේදවාචකය සිදුවන්නට දිනකට මත්තෙන් ගමන පිටත් වූ මොහොතේ සිදු වූ අසුබ සලකුණ ගැන ගමනට එක් වූ රියැදුරු අජිත් ගාමිණී පැවසුවේ සංවේගයෙනි.

    තෙලිගමු ඔයේ සුන්දර දියදහර එක් නිමේෂයකින් මහා දිය කඳක් වී අපේම ආදරණීයන් අට දෙනකු ජල රකුසාට බිලිගත් අවාසනාවන්ත සිදුවීමේ මළගම සොයාගිය අප නාත්තණ්ඩිය මාරවිල දේවාල පාරේ පිහිටි නිවෙස් සොයා ගියෙමු.

    මාරවිල නගරය දෙපස ශෝකය ප්‍රකාශිත සුදු කොඩි වලින් පිරී ගොසිනි. සුදු වතින් සැරසුණු පාසල් දරු දැරියන්, අසල්වැසි හිතවතුන් කිසිදු භේදයකින් තොරව රැස්කමින් ඇදෙන්නේ නොඑන ගමන් යන්නට සූදානම් හිතවතුන්ට අවසන් ගෞරව දැක්වීමටය. ප්‍රධාන මාර්ගයට පෙනෙන දුරින් දේවාල පාරේ පිහිටි සුවිසල් තෙමහල් මන්දිරය එකම හිස් ගොඩකි. නිවසේ තාප්පය වසාගෙන ඇත්තේ විවිධාකාර ශෝක ප්‍රකාශ වලිනි. සුවිසල් නිවහනේ සාලය එකම අඳෝනාවකි. ඒ අවසන් බුහුමන් දක්වන හිතවතුන්ගේය. කෝටිපති ව්‍යාපාරික රවීන්ද්‍ර ලසන්ත (38), සිය බිරිය රුවනි දිල්රුක්ෂි (30,) මැදිකරගත් වගීෂා (12) සහ විමාෂි (7) ආදරණීය දියණියන් ඇතුළු සිව්දෙනාගේ නිසල දේහයන් එකපෙළට සාලයේ නිසොල්මන්ව සිටිති. අනාගතය වෙනුවෙන් හරිහම්බ කළ සියලු සේසත අතරමඟදී හැරදමා උඩුබැලි අතට මිනීපෙට්ටියේ වැතිර සිටින ආදරණීය අම්මා, තාත්තා සහ අක්කලා දෙන්නා යළිත් පිබිදෙන්නේ නැති බව එදා ඛේදවාචකයෙන් දිවිගලවාගත් පුංචි පුතා අදිත මෙත්සර දන්නේ නැත. කටේ කිරි සුවඳ පිරුණු හය හතර නොදන්නා පුංචි පුත්‍රයා සිය මව පියා හා සොයුරියන් දෙදෙනාගේ දේහයන් ඉදිරිපිට නවීන රිමෝට් කාරයක් පදවමින් සෙල්ලමේය. රත්තරන් පවුලක මල් කැකුළු වන් පුංචි දියණියන් ඇතුළු සිව්දෙනාගේ මළසිරුරු වලින් මිදුණු ඇස් ක්ෂණයකින් යොමුවන්නේ මේ අහිංසක පුංචි පුතා වෙතය. “අනේ අපොයි දරුපැටියා…” යැයි නොකී කෙනෙක් හෝ ඇහෙන් කඳුළක් නොවැටුණු කෙනෙක් එතැන නොවීය.

    අහිංසක පවුල් දෙකක පුද්ගලයන් අට දෙනකුගේ ජීවිත මරුතුරුලට ගනිමින් වාර්තා වූ අවාසනාවන්ත සිදුවීමේ එක් මළගමකින් පිටත් වන පිරිස් මොහොතක් ගෙමිදුලේ රැඳී සිටිති. ඔවුන්ට උන්හිටිතැන් මතක නැති ගාණය. එතැන කෙනකුගේ සිහිගැන්වීම පරිදි බිම බලාගත් වතම ගමන් කරන්නේ මඳක් ඈතින් පිහිටි අසල්වැසි පවුලේ මළගම වෙතය.
    මරණ ගෙවල් දෙක අතර දුර මීටර් සියයකට අඩුය. නවීන දෙමහල් නිවස ඉදිරිපිට පෙර කී නිවෙසට වෙනස් නැත. පාරේ සිට නිවස තුළට එකම හිස් ගොඩකි. විවිධාකාර ශෝක ප්‍රකාශ සහිත බැනර් හා සුදු කොඩි අවට වසාගෙනය. ගෙමිදුලේ තෙරපෙන ජනතාව එකිනෙකා පසුපසින් නිවෙසට ඇතුළු වෙති. සුවිසල් සාලයේ මැද එකපෙළට තැන්පත් කළ දේහයන් හතරකි. ප්‍රකට ව්‍යාපාරිකයකු වූ කිංස්ලි රත්නායක (42) ඔහුගේ ආදරණීය දියණියන් දෙදෙනා වන විනුකි මන්දිනා (12), හිරුණි දින්හාරා (4) සහ ඔවුනගේ මිත්තණිය චන්ද්‍රකාන්ති (59) මහත්මියගේ මළසිරුරු එහි තබා තිබුණේ හුරතල් දියණියන් දෙදෙනාගේ දේහයන් මැදිවන පරිදිය. සිය දෑස මානයේම ජල රකුසා උදුරාගත් දරුපැටවුන් දෙදෙනා, සෙනෙහෙබර සැමියා හා ආදරණීය මෑණියන්ගේ නිසල දේහයන් ඉදිරියේ වැළපෙන දුලීකාගේ හඬ පිටවන්නේ නැත. ජීවිතයේ සෙනෙහෙබර වස්තූන් සියල්ල අහිමිව වරින් වර සිහි විසංඥවන ඇය දෙනෙත් ඉදිරියේ පෙනී සිටිනා වර්තමාන කිසාගෝතමියක් වැනිය.

    කිංස්ලි රත්නායක මහතා ධනවත් ව්‍යාපාරිකයෙකි. කිංස්ජෝයි අයිස් ක්‍රීම් ව්‍යාපාරය ඔහුගේය. පරිසරයට මෙන්ම සංචාරයට ඇළුම් කළ ඔහු දුම්බර කඳුවැටියේ ඇටන්වල ප්‍රදේශයේ ඉඩමක් මිලට ගෙන තිබුණි. එහි හෝටලයක් නිර්මාණය කිරීමට බලාපොරොත්තුවෙන් සිටි කිංස්ලි එහි අවශ්‍යතාවක් සඳහා යාමට අසල්වැසි මිත්‍රයා වූ රවීන්ද්‍ර ඇතුළු පවුලේ උදවියට ආරාධනා කළේය. ඉල් පෝය යෙදෙන සිකුරාදා දිනය සහිත දීර්ඝ සති අන්තයක් වූයෙන් රවීන්ද්‍ර ඇතුළු පවුලේ අය සිය මිතුරාගේ ආරාධනයට එකපයින් කැමති වූහ.

    බිත්තර, කුකුළු පැටව් සහ කුකුළු කෑම අලෙවි ව්‍යාපාරයක් පවත්වාගෙන යමින් වතුහිමියකු වශයෙන් කටයුතු කළ රවීන්ද්‍ර සිය බිරිය, දියණියන් දෙදෙනා සහ එකම පුතු සමඟ ගමනට සූදානම් වෙද්දී කිංස්ලි සිය බිරිය, දියණියන් දෙදෙනා හා බිරියගේ මව පියා සමඟින් ගමනට එක් වූවෝය. ගමනේ නිදහස උපරිමයෙන් විඳින්නට සිතූ ව්‍යාපාරික දෙපළ සිය මෝටර් රථ දෙකේ රියැදුරන් දෙදෙනා ද ගමනට සම්බන්ධ කරගෙන තිබුණි. රැස් වූ පිරිස ගතවූ පසළොස්වක පෝය දා අලුයම ගමන පිටත් වූයේ රාජපක්ෂ වත්ත දේවාලයේ පොල් ගෙඩියක් ගසා ආශිර්වාද ලබාගනිමිනි.

    මෙතැන් සිට කතාවේ සියලු විස්තර කියන්න දන්නේ ව්‍යාපාරික රවීන්ද්‍ර මහතාගේ රියැදුරු අජිත් ගාමිණී මහතාය.
    “උදේ 5.30ට විතර පිටත් වුණු අපි ඇටැන්වලට යද්දි 11.30ට ඇති. කාලා බීලා තෙලිගමු ඔයට ගිහින් නාලා දවස ගෙවුණා. දෙවැනි දවසෙ හෝටලයේ වැඩ කටයුතු හොයලා බැලුවා. දවල් වෙද්දි ඈත කන්දෙ දිය ඇල්ලක් පෙනෙන්න තිබුණා. කට්ටියම ඒක බලන්න යන්න ලෑස්ති වුණා. ඒ තෙල්ගමු ඔයේම ඉහළ තැනක්. එතැනට ගිහින් ඇවිත් කලින් දවසෙ නාපු තැනට ටිකක් පහළින් නාන්න ගියා. එතැන බඹ දෙක තුනක් ඈතින් තැන් තුනකදී විතර අඩි තුන හතරක් පහළට වතුර කඩා වැටෙනවා. මීටර් 25 ක් විතර ඈතින් දිය ඇල්ලක් වගේ ගැඹුරට වතුර කඩාගෙන වැටෙනවා. 
    මුලින් කට්ටිය වතුරට බහිද්දි දණවටක් වතුර තිබුණෙ නෑ. මමයි කිංස්ලි මහත්තයාගේ මාමයි ගොඩ හිටියේ. එයා වතුරට බහින්නෙ නැතුව හිටියෙ සෙරෙප්පු දෙක ගේනකම්. ඒත් දුලීකා නෝනා “තාත්තෙ එන්න වතුරට. මෙතන ප්‍රශ්නයක් නෑ” කියලත් කිව්වා. මේ වෙද්දි කිංස්ලි මහත්තයාගේ නෝනා ඉවුර අයිනෙ. දුවලා දෙන්නයි නැන්දම්මයි රවීන්ද්‍ර මහත්තයාගේ නෝනයි දරුවො තුන්දෙනයි ඔය මැද” අජිත් ගාමිණී කීවේ එසේය.

    දරු පිරිස ඔයට බැස තත්ත්පර ගණනාවක් ගතවන්නට ඇත. ඔයේ ඉවුරට වී උන් කිංස්ලිගේ පියා “ඔන්න දරුවෝ වතුර පාර වැඩිවෙනවා… පරෙස්සමට… පරෙස්සමට” යැයි කියමින් කෑගැසුවේය. ඊට බිය වූ පිරිස අතර දැරියන් සිව්දෙනා රවීන්ද්‍රගේ බිරිය හා කිංස්ලිගේ නැන්දණිය එක පොදියට එක් වී දෑත් පටලාගෙන සිටියෝය. එසැණින් රවීන්ද්‍ර “අජිත්… ඉක්මනට පුතා ගන්න” කී සැණින් දිවගොස් දරුවා ඔසවාගත් අජිත් ගාමිණී දරුපැටියා මාමා අතට දී යළිත් ඔය දෙසට හැරුණේය.

    “වතුර වැඩිවෙනවා කියලා මිනිත්තු තුන හතරක් යන්න ඇති. කට්ටියගේ දණවටක් තිබුණු වතුර දුලීකා නෝනගෙ පපුව මට්ටමට පිරුණා. නෝනා වෙලාවට ගොඩට ආවා. කිංස්ලි මහත්තයයි රවීන්ද්‍ර මහත්තයයි ඔයේ ඉහළට හැරිලා දරුවෝ ටිකයි නෝනයි නැන්දයි අල්ලාගෙන හිටියා. එන්න එන්නම වතුරෙ සැර වැඩිවුණා. එකපාරටම රවීන්ද්‍ර මහත්තයාගේ කකුල් දෙක උඩ ගිහින් හිටපු තැනින් ගහගෙන ගියා. ඒත් එක්කම නැන්දයි රවීන්ද්‍ර මහත්තයාගේ නෝනයි කිංස්ලි මහත්තයයි ගසාගෙන ගියා. දරුවෝ හතරදෙනා වතුර යටින්මයි ගියේ. පේන්නවත් හිටියෙ නෑ. රවීන්ද්‍ර මහත්තයා පහළින් තිබුණු ගලක් ළඟ නැවතුණා.

    එයා කට්ටිය අල්ලන්න උත්සාහ ගත්තට වැඩක් වුණේ නෑ. කොළ කෑලි ගහගෙන යනවා වගේ කට්ටිය පහළට ගසාගෙන ගියා. කට්ටියගේ කෑගැහිල්ලට උඩින් නාන්න ආපු තරුණ පිරිසක් දුවගෙන ආවා. රවීන්ද්‍ර මහත්තයා බේරගන්න එතැන තිබුණු බටයක් දැම්මා. ඒත් එක්කම රවීන්ද්‍ර මහත්තයා ගසාගෙන ගියා. හිටපු තැනවත් හොයාගන්න බැරි වුණා.”

    කිංස්ලි මහතාගේ බිරිය සහ පියා නඟන විලාපය කෙනකුට අසන්නට බැරිය. හොවාගත් දරුපැටියා සමඟින් පෙර කී දෙදෙනා වත්තන් කොට රථයට නංවාගෙන හෝටල් කාමරය වෙත ආවේ පුදුම වේගයකිනි. නවාතැන බලාගන්නා මහතුන්ගේ උපදෙස් මත පිරිස වහාම පිටත් වූයේ ඔයේ පහළ ස්ථානයකටය. එතැන පිරිසක් දියකෙළියේ නිරතවෙමින් සිටියෝය.

    “ගොඩට එන්න ගොඩට එන්න… උඩින් වතුරක් එනවා. අපේ කට්ටියක් ගසාගෙන එනවා” කියනවාත් සමඟ පිරිස ගොඩවූවෝය. මොහොතක් ගතවූයේ නැත. මහා ජල කඳක් ඔය උතුරා ගලා ගියේය.

    එහෙත් ඥාතීන් කිසිවකු වතුරේ ගසාගෙන යනවා දකින්නට නොවීය. නැවත රථය පණගන්වාගත් අජිත් ඇටන්වල පිරිස අතුරුදන් වූ ස්ථානය වෙත ගියේය. ඒ වනවිටත් ගම්මුන් විශාල පිරිසක් හා පොලීසියේ නිලධාරීන් රැසක් එතැනට රැස් වී පිරිස සෙවීමේ මෙහෙයුමක නිරතව සිටියෝය.

    මියගිය කිංස්ලි මහතාට අයත් ඉදිකරමින් තිබූ හෝටලය බලාගෙන සිටි මහතුන් මැදිහත් වීමෙන් සිද්ධිය ලග්ගල පොලීසියට දන්වා තිබුණි. එහි නිලධාරීන් ගම්වාසීන් හා එක්ව දියේ ගිලුණු පුද්ගලයන් සොයන්නට මෙහෙයුම් අරඹා සිටියදී පොලීසියේ දැනුම්වත් කිරීම මත යුද හමුදාවේ භට පිරිසක්, නාවික භට කණ්ඩායමක් මෙහෙයුම සඳහා දායක කරන්නට පියවර ගෙන තිබුණි. මෙහෙයුමෙන් පැය කීපයකට පසුව දියේ ගිලී මරණයට පත් වූ සිරුරු එකිනෙක සොයාගැනුණු අතර එදින රාත්‍රිය වන විට සිරුරු 7 ක් සොයාගැනීමට හැකි වී තිබිණි. පසුගිය 4 වැනිදා සවස් යාමයේ වූ ඛේදවාචකයෙන් අතුරුදන්ව සිටි දියණියකගේ සිරුර සොයාගැනීමට හැකි වූයේ පසුදින (5) සිද්ධිය වූ ස්ථානයෙන් කිලෝමීටර් දෙකක් පමණ පහළින් රැඳී තිබියදීය.

    හිතවත් පවුල් දෙකේ සාමාජිකයන් 11 දෙනකු කැටුව ගිය විනෝද චාරිකාව අතරමඟදී දිය රකුසු වෙසින් ආ මාරයා බිලිගත් ජීවිත සංඛ්‍යාව 8 කි. නාත්තණ්ඩිය මළගමක් කළ තෙලිගමු ඔය තවමත් ගලායද්දී කිංස්ලිගේ පවුලේ මියගිය පිරිස පසුගිය 7 වැනිදාත් ඊට පසුදින රවීන්ද්‍රගේ පවුලේ මියගිය පිරිසත් එකම භූමියක දී මිහිදන් කෙරුණි.

    [rns_reactions]

  • පිරිත් කියන්න, ආසයි පැවිදි කරන්න කියා නිතර ඇවිටිලා කරලා මාලිගාවත්තේ මුස්ලිම් දරුවෙක් පැවිදි වෙයි

    මාලිගාවත්තේ මුස්ලිම් දරුවෙක් පැවිදි වෙයි – පිරිත් කියන්න, පිං දෙන්න ආසයි පැවිදි කරන්න කියා නිතර ඇවිටිලා කරලා
    November 12, 2017

    අරණායක විහාරස්ථානයකට පැමිණ පිරිවෙන් අධ්‍යාපනයට යොමු වූ වයස අවුරුදු 10 ක් වයසැති කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේ ඉස්ලාම් දරුවකු සසුන් ගත විමේ පුවත් පසුගිය දිනක අරණායකින් වාර්තා විය.

    මොරාගම්මන ශ්‍රි මයුරපාද රජමහ විහාරස්ථානයේදී පැවිදි දිවියට ඇතුළු වූ ගිහි කල මොහොමඩ් ඉසඩ්. සමීර් සුවෙර් නම් වූ මේ හිමි නම දැන් හදුන්වන්නේ මාලිගාවත්ත චන්දකිත්ති යන නාමයෙනි.

    මුන්වහන්සේගේ මව චිත්‍රා ශ්‍රිමති චලිවර් (36) වන අතර පියා මොහොමඩ් ඉසඩ් සුවෙර් (33) නම් ඉස්ලාම් භක්තියකයන් වේ.

    මොරාගම්මන ශ්‍රි මයුරපාද රජමහා විහාරාධිපති පුවක් මොටේ ධම්ම රතන නාහිමියන් මෙම පැවිද්ද පිළිබඳව මෙසේ අදහස් දැක්වීය.

    “මේ පැවිදි වෙලා ඉන්න හිමියන් ළමෙයෙක් විදිහට කැඳවාගෙන ආවේ මගේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ නමක් වන ජඹුරේවල චන්ද්‍රරතන හිමියන්.

    උන්වහන්සේ දවසක් මගෙන් ඇහුවා අසරණ දරුවෙක් ඉන්නවා අපේ හාමුදුරුවන්ට පුළුවන්ද මම ගෙනත් දුන්නොත් අධ්‍යාපනය ලබා දෙන්නට කියලා.

    මට මතක විදිහට 2017 ජුනි මාස දරුවා එක්කගෙන ඇවිත් අරණායක පොල්අඹේගොඩ පිරිවෙන් අධ්‍යාපනයට යොමු කළා.

    දරුවා පිරිවෙන් ගිහින් ආපු මුල් දවස් වල පටන්ම මහන වෙන්න ඕන කිව්වා.

    ඉස්ලාම් දරුවෙකු නිසාත් මේ සඳහා මවුපියන්ගේ අවසරයක් ලැබෙන්නේ නැති නිසාත් මහණ වීමට අවශ්‍ය නැති බව අපි මේ දරුවට කොතරම් කිව්වත් ඔහු නිතරම මහන වෙන්න ඕන කිව්වා.

    “මට ලොකු හාමුදුරුවෝ වාගේ සිවුරු පොරවාගෙන ඉන්න ඔනෑ. පිරිවෙනේ පොඩි හාමුදුරුවෝ දැක්කාමත් මට මහණ වෙන්න හිතෙනවා. මට බණ කියන්න ඔනෑ, දානේ පන්සලට ගෙනත් දෙන අයට පිං වාක්‍යය කියන්න ඕනෑ, මට පිරිත් කියන්න ඔනෑ ඒ නිසා මාව පැවැදි කරවන්න. “

    කියලා නිතර මට ඇවිටිලා කළා.

    මේ කැමැත්ත නිසාම අවසානයේ දරුවා පැවැදි කරන්නට තීරණය කළා.

    දරුවාගේ මවුපියන් දරුවා මහන වෙනවාට අකමැති වුණා ඔවුන් දරුවාට මහණ වෙන්න එපා කිව්වා. නමුත් දරුවාගේ අදහස වෙනස් වුණේ නෑ.

    ඒ අනුව පහුගිය ඔක්තොම්බර් 27 වැනිදා උදේ 6.24 ට කෑගලූ දිසාවේ ප්‍රධාන සංඝනායක වරාපිටියේ රතනසාර හිමිපාණන් ඇතුළු ශාස්ත්‍රපති පණ්ඩිත පුවක් මොටේ ධම්මාරාම උපාධියන්වහන්සේගේ අනුශාසකත්වයෙන් ප්‍රදේශයේ මහා සංඝරත්නය හා දායක සභාවේ සියලු දෙනාගේ සහභාගිත්වයෙන් අපේ විහාරස්ථානයේ දී දරුවාව මහන කළා.

    මේ මහණ පිංකමට පොඩි හාමුදුරුවන්ගේ මව ආවට පියා ආවේ නෑ. ඒ දින වල ඔහු අසණිප තත්වයේ හිටියා කියලා දැන ගන්න ලැබුණා. ඒ වගේම මේ පිංකමට පොඩි හාමුදුරුවන්ගේ කිසිම ඥාතියෙක් සහභාගි වුනේත් නෑ.

    මට හිතෙනවා මෙ පොඩි නම හොඳට ඉගෙන ගනියි කියලා. මොකද හරි උනන්දුවක් තියෙනවා.

    පන්සලට එනකොට අකුරු ලියන්න බැහැ. කියවන්න බැහැ. නමුත් දැන් හොඳට ඒ සියල්ල කරන්න පුළුවන්. 
    පිරිත් කියන්න පුදුම විදිහේ කැමැත්තක් තියෙනවා. අපි ජය පිරිත කියනවා අහගෙනම ඉදලා දැන් පොඩි හාමුදුරුවෝ ජය පිරිත කට පාඩමෙන් කියනවා. මෙ දවස් වල වැඩිපුරම මට පොඩි හාමුදුරුවන්ගෙන් තියෙන කරදරය තමයි පිං වාක්‍ය කියලා උපාසක උපාසිකාවන්ට පිං දෙන්න ඔනෑ කියන එක”

    විහාරාධිපතියන්ගේ අදහස් දැක් වීමෙන් අනතුරුව අපි විහාරස්ථානයට ගියෙමු. එවිට පොත් පත් කියවමින්, ජය පිරිත් පොතක්ද පසකින් තබා ගෙන සිය අධ්‍යාපන කටයුතු වල නිරතව සිටි පොඩි නම අපට මුණ ගැසුණි.

    උන්වහන්සේ සිය අලුත් ජීවිතය ගැන අප හා මෙසේ පැවැසීය.

    “මම ගොඩාක් කැමැතියි පන්සලේ ඉන්න. පිරිවෙන් යන්න. මම කොළඹට වඩා මේ පන්සලේ ඉන්න කැමැතියි.

    ඒ දවස් වල මාගේ යාළුවෝ තමයි චමිදු, මල්දු, ටිකිරි, සුරේෂ්, කවිත ඒ අය එක්ක මම හවසට සෙල්ලම් කරනවා. ඉතින් මම සෙල්ලම් කරන්න ගියාම සමහර දවස් වල ගෙදර තාත්තාගෙන් ගුටි කනවා. වැඩිපුරම මම ගුටි කන්නේ අපේ අම්මාගෙන්. මට හිතෙනවා එහෙම ගුටි කකා ඉන්නවාට වඩා මේ පන්සලේ ඇවිත් මහණ වුන එක හොඳයි කියලා. 

    මම මහණ වෙන්න ගොඩාක් කැමැතියි. සිවුරු දාගෙන ඉන්න හාමුදුරුවරු දැක්කාට පස්සේ මටත් මහණ වෙන්න හිතුනා. මම පිරිත් කියන්න බණ කියන්න වාගේම පිරිවෙනේ උගන්වන්නත් කැමැතියි.”

    මෙම පොඩි හාමුදුරුවන් කියන විදිහට උන්වහන්සේට වැඩිමහල් තවත් පිරිමි සහෝදරයකු ඇත. ඔහු පියාගේ සහෝදරියකට හදා ගැනිමට කුඩා කාලයේදිම භාර කර ඇත.

    නාගරික සමාජයක් වූ උන්වහන්සේ ගිහිකල ජීවත් වූ කොළඹ පරිසරයේ බොහෝ දෙනෙකු මත්පැන් මත්පානයට හා නොයෙක් සමාජ විරෝධී ක්‍රියාවන් සඳහා යොමු වුවන් බවත් උන්වහන්සේගේ සමහර කරුණු දැක්වීම් වලින් අපට දැන ගැනිමට හැකි වූ අතර උන්වහන්සේ ඒ සමාජය ගැන හා උන්වහන්සේගේ ගිහි කාලය ගැන කථා කරන්නේ පහත් ස්වරයකිනි.

    [rns_reactions]

  • පොලිතීන් පිළිස්සීම ලෙඩ ගොඩක්

    “අපේ අම්මලා උදේ පාන්දරම නැඟිටලා පොලිතීන් ප්ලාස්ටික් ටිකක් ලිපට දාලා තමයි දරවලින් උයන්නේ. දර ඉක්මනට ඇවිලෙන්න තමා පොලිතීන් දමන්නේ. ඔවුන් දරුවන්ට හොඳට කන්න දෙන්න එහෙම ඉව්වත් නොදැනුවත්වම දරුවන් ජීවත් වන පිරිසුදු වාතය දූෂණය කරනවා. එය ජීවත් වන දරුවන්ට පමණක් නොවෙයි, මව්කුසේ ඉන්න දරුවන්ට පවා විශාල හානියක් වෙනවා.”

    එලෙස පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රජා සෞඛ්‍ය උපදේශිකා වෛද්‍ය ඉනෝකා සුරවීරයි. ඒ පොලිතීන් හා ප්ලාස්ටික් පිළිස්සීමෙන් වන හානි පැහැදිලි කරමිනි.

    පසුගිය සැප්තැම්බර් 1 දා සිට පොලිතීන් තහනම පැනවුවද එය තවමත් දැඩි සේ ක්‍රියාත්මක නොකෙරේ. ඒ සමඟම ගෙවත්තේ හා එළිමහනේ පොලිතීන් ප්ලාස්ටික් පිළිස්සීම ද දඬුවම් ලැබිය හැකි වරදක් බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි. ඒ ජාතික පාරිසරික පනත හා 2017 ජුලි 11 අනුමත කළ කැබිනට් පත්‍රිකාව අනුවය. තම ගෙවත්තේ පොලිතීන් පුළුස්සන අයට එරෙහිව ජාතික පාරිසරික පන්‍ත අනුව නඩු පැවරීමට පුළුවන. එහෙත් රටේ බහුතරයක් එවැනි නීතියක් තිබෙනවාද කියාවත් දන්නේ නැත.

    වෛද්‍ය ඉනෝකා සුරවීර පවසන්නේ පොලිතීන් පිළිස්සීමෙන් නිකුත් වන වායු ආශ්වාසය නිසා පිළිකා, ශ්වසන ආබාධ, මළදරු උපත්, අන්ධභාවය, ඇසේ සුද, දියවැඩියාව හා හෘද ආඝාත ආදී ප්‍රතිවිපාක රාශියක් හටගන්නා බවය.

    බොහෝ දෙනෙක් කරන්නේ නිවසේ එකතු වන පොලිතීන් ගිනිකූරක් ගසා පිළිස්සීමයි. එය තම නිවසේ සාමාජිකයන් පමණක් නොව අසල්වැසි නිවෙස්වල වෙසෙන්නන් ද අවදානමට ලක් කරන්නකි. පොලිතීන් අඩු උෂ්ණත්වයේ දී දහනය නිසා ඩයොක්සීන්, ෆියුරාන්, අවලම්බිත අංශු හා ෆෝමැල්ඩිහයිඩ් වැනි පිළිකාකාරක හා ශ්වසන ආබාධ ඇති කරන විෂ සංඝටක වායුගෝලයට නිකුත් කෙරේ. පොලිතින් හානියක් නොවන ලෙස පිළිස්සෙන්නේ සෙන්ටිග්‍රේට් අංශක 400ට වඩා ඉහළ උෂ්ණත්වයේදීය.

    මිනිසාගේ ජීවන රටාව පහසු කරවන අමුද්‍රව්‍යයක් ලෙස පොලිතීන් භාවිතය ආරම්භ වූයේ 1970 න් පසුවය. ඊට පසු 1980 වන විට ෂොපිං බෑග් (පොලිප්‍රොපලීන්) භාවිතය ඇරඹිණි. නමුත් මිනිසාගේ ජීවිතය පහසු කිරීමට පැමිණි මේ අමුද්‍රව්‍යයම දැන් මාරකයක් බවට පත්ව අවසානය. පොලිතීන් පිළිස්සීම හානිකර බව 1980 ගණන්වලදී සොයාගනු ලැබිණි.

    මේ පිළිබඳව අදහස් දක්වන මධ්‍යම පරිසර අධිකාරියේ අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ අජිත් වීරසුන්දර මෙසේ සඳහන් කර සිටී.

    “අද ප්ලාස්ටික් හා පොලිතීන් ආශ්‍රිත නිෂ්පාදන භාවිතය සමාජයේ අත්‍යවශ්‍ය අංගයක් වෙලා. ප්ලාස්ටික් හා පොලිතීන් ආශ්‍රිත නිෂ්පාදන අනිසි ලෙස භාවිතය බැහැර කිරීම හා පිළිස්සීම අද බහුලව දැකගත හැකියි. එය සමාජීය, පාරිසරික හා සෞඛ්‍යමය ගැටලු රාශියක් ඇති කරවනවා. දිනකට ආහාර දවටන මිලියන 2ක්ද, ෂොපින් බෑග් වැනි සැහැල්ලු පොලිතින් මළු මිලියන 1.5ක් පමණ ද භාවිත කෙරෙනවා. අප රටේ ජනනය වන අපද්‍රව්‍යවලින් 7-15% ක ප්‍රමාණයක් පොලිතින් හා ප්ලාස්ටික්.”

    අපගේ නිවෙස් තුළ සිදුවන වායු දූෂණයට පොලිතීන් පිළිස්සීම ද ඇතුළත්ය. ලෝකය පුරා අභ්‍යන්තර වායු දූෂණයෙන් වාර්ෂිකව මියයන සංඛ්‍යාව මිලියන 4.3 කි. එය දකුණු ආසියානු කලාපයේ පමණක් මිලියන 1.69 කි.

    ප්ලාස්ටික් පිළිස්සීම නිසා පිටවන ඩයොක්සීන් උග්‍ර විසකි. එම විස දුම ආඝ්‍රානය නිසා ප්‍රජනක පද්ධතිය හා දරුවන්ගේ වර්ධනයට සම්බන්ධ ගැටලු ඇති වේ. එම විස හෝමෝන පද්ධතියට හානි කිරීමෙන් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ද දුර්වල කරයි.

    පොලිතීන් තහනම පිළිබඳව ජනතාව බොහෝ දුරට දැනුවත්ව ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය විසින් කළ සමීක්ෂණ අනුව හෙළි වී ඇත. එහෙත් පොලිතීන් පිළිස්සීමෙන් වන හානිය ගැන නම් ජනතාව දැනුවත් වී ඇති බවක් අපට නොපෙනේ.

    එකතු වන පොලිතීන් නැවත ප්‍රතිචක්‍රීයකරණය සඳහා බාරදීමට ද වැඩි දෙනෙක් උනන්දු වන බවක් නොපෙනේ. බොහෝ විට ප්‍රධාන මාර්ගවලින් බැහැර ගම්බද අතුරු මාර්ගවල ජීවත් වන ජනතාව අතර එම පුරුද්ද වැඩි වශයෙන් දැකගත හැකිය. එයට හේතුව කසළ එකතු කරන රථ අතුරු මාර්ගවල නොපැමිණීමයි. කෙතරම් නීති රීති තිබුණත් ජනතාවට ද තම වටපිටාව පවිත්‍රව තබාගැනීමට කැපවීමේ අවශ්‍යතාවය තිබේ නම් මෙම විනාශයෙන් ගැලවීමට පුළුවන.
    නිවෙස්වල එකතු වන ප්ලාස්ටික් හා පොලිතීන් ආදිය වෙනම ගබඩා කර තබාගෙන ප්‍රතිචක්‍රීයකරණ ආයතනවලට ලබාදුන් විට යම්කිසි මුදලක් ද හිමි වේ. නමුත් අද සමාජයේ වැඩි දෙනා එම කැපවීම කිරීමට කම්මැලිය. එමෙන්ම සමහර පළාත් පාලන ආයතනවලද කලකට පෙර පොලිතීන් ප්ලාස්ටික් එකතු කරන මධ්‍යස්ථාන ඇරඹුවද ඒවා ටික දිනකින්ම අහෝසි වී ගියේය. මේ නිසා ජනතාවට පහසුවෙන් පොලිතීන් අපද්‍රව්‍ය ඉවත් කිරීමට පහසුව සලසන මධ්‍යස්ථාන පිහිටුවීමට පළාත් පාලන ආයතන මැදිහත් වීම ද අවශ්‍ය වේ.

    [rns_reactions]

  • තෙල් අර්බුදයෙන් සංස්ථාව ගොඩ – කෝටි හතරක අධි ලාභයක්!

    තෙල් හිඟයක් සමඟ ඇති වූ ඉල්ලූම නිසා ලංකා ඛනිජ තෙල් සංස්ථාවට දින හතරක් තුළ රුපියල් ලක්ෂ හාරසිය විසි දෙකක අධික ලාභයක් ඇති බව වාර්තාවේ.

    සාමාන්‍යයෙන් රටේ සමස්ත පෙට‍්‍රල් අලෙවිය මෙට්ටි‍්‍රක් ටොන් ලක්ෂ 37ක් වන අතර ඉන් ලක්ෂ 32 අලෙවි කරනු ලබන්නේ ලංකා ඛනිජ තෙල් සංස්ථාවයි. ඉතිරි ලක්ෂ හත අලෙවි කරනු ලබන්නේ ඉන්දියන් තෙල් සමාගමයි.

    පෙට‍්‍ර‍්‍රල් හිඟය ඇති වූ පසුගිය 03 වෙනි දා සංස්ථාවෙන් පෙට‍්‍රල් නිකුත් නොකළ අතර 04 වෙනිදා පෙට‍්‍රල් ලීටර් හතළිස් හතර ලක්ෂයක් ද, 05 වෙනිදා ලීටර් ලක්ෂ 10ක් ද 6 වෙනිදා ලක්ෂ 38ක් ද 07 වෙනිදා ලක්ෂ 39 වශයෙන් නිකුත් කර ඇත.

    එම දින හතර තුළ සාමාන්‍ය දිනවල නිකුත් කරන පෙට‍්‍රල් ප‍්‍රමාණයට වඩා ලීටර් ලක්ෂ 26ක් වැඩි පුර අලෙවි කර තිබේ.

    සංස්ථාව අලෙවි කරනු ලබන පෙට‍්‍රල් ලීටරයකින් රුපියල් 16ක ලාබයක් ලබන අතර වැඩිපුර අලෙවි කරන ලද ලීටර ලක්ෂ 26න් රුපියල් ලක්ෂ 422ක අධි ලාබයක් සංස්ථාවට ලැබී ඇත.

    කෙසේ වෙතත් මින් ඉදිරියට ඉන්ධන අර්බුදයක් මතු නොවීම සඳහා මාස තුනකට අවශ්‍ය තොග පවත්වාගෙන යෑමට තෙල් සංස්ථාවේ අවධානය යොමුව තියෙනවා.

    [rns_reactions]

  • අවුරුදු පහළොවේ දුවත් මහ පාරේ විකුණයි – ශුද්ධ භූමිය පෙනෙන මානයේ කියන්න කැත ගණිකා ඡාවාරම

    දරිද්‍රතාව මහමඟට ඇඳ දැමූ කාන්තාවන්ගේ, දැරියන්ගේ ඛේදවාචකය… – අනුරපුරයට මෙවැනි කතා අමුතු දේවල් නොවේ…

    ඕනෑම සමාජයකදී වැරැදි සිදු වේ. දැන හෝ නොදැන කරන වැරැදි අතර සමාව දිය හැකි වැරැදි තිබේ. එහෙත් මවක්‌ විසින් තම කුඩා දියණියක්‌ සලෙලුන්ට විකිණීම වැනි මතෘත්වයට නිග්‍රහ කරන අශ්ලීල ක්‍රියාවකට කිසිදු සමාජයකදී සමාවක්‌ දිය නොහැකිය. එවැනි කාලකණ්‌ණි ගනුදෙනුවක්‌ අනුරාධපුර අලුත් බස්‌ නැවතුම්පළ ඉදිරිපිට ලයිට්‌ කණුවක්‌ යටදී සිදු වේ.

    අනුරාධපුර නගරයේ බහුතරය මේ හිරිකිත ගනුදෙනුව ගැන දැනුවත්ය. අනුරාධපුර නගරයම ආවරණය වන පරිදි රහස්‌ කැමරා පද්ධතියකින් සමන්විත නගරයේ ප්‍රධාන බස්‌ නැවතුම්පළ ඉදිරිපිට කෙරෙන කාලකණ්‌ණි ගනුදෙනුව ගැන පොලිසිය නොදැනුවත්ව සිටී නම් එය ද ගැටලුවකි. නීතියේ

    දෙනෙත්හි නොරැදුණු, දැක අහක බලාගෙන සිටින්නේ ද මේ පහත් නීච ක්‍රියාව දැනුදු කළුවර හැන්දෑවට ප්‍රසිද්ධියේ අනුරාධපුර අලුත් බස්‌ නැවතුම්පළ ඉදිරිපිටදී සිදු වේ. සිද්ධිය ගුජුප්සාජනකය. සිරිමා බෝධීන් වහන්සේගේ පහස ලබන උතුම් නගරයේදී මෙවැනි හිරිකිත, අප්‍රසන්න ක්‍රියාවකට ඉඩදීම බෞද්ධ සමාජයට කරන අගෞරවයකි. එහෙයින් අපේ වෑයම ඒ අප්‍රසන්න කතාවත් සමඟ නීතියේ වැට පනින අනුරාධපුර ගණිකා ව්‍යාපාරයේ අලුත් විත්ති ගැන රට්‌ටු දැනුවත් කිරීමය.

    n1 1තම දියණිය සලෙලුන්ට විකුණන මේ කාන්තාව අනුරාධපුරයේ පදිංචිකාරියක්‌ නොවේ. ඇය දඹුල්ල ප්‍රදේශයේ සිට අනුරාධපුර නගරයට පැමිණ ඇත්තේ මුදලට ඇඟ විකිණීම වෘත්තිය කරගෙනය. අනුරාධපුරයට පැමිණෙන විට ද ඇය විවාහක එක්‌දරු මවකි. ඇයගේ සැමියාට ස්‌ථිර රැකියාවක්‌ නැති කුලිකරුවෙකි. පසුව ඇය අනුරාධපුර නගරයේ ‘චරිතයක්‌’ වන විට තම සැමියා සහ දියණියව ද අනුරාධපුරයට කැඳවාගෙනැවිත් නුවර වැව් කණ්‌ඩිය ආසන්නයේ පැලක්‌ අටවාගෙන ජීවත් වූහ.

    කාලය ගෙවී යන විට ආරවුලකට මැදි වූ ඇයගේ සැමියා ආබාධිතයෙක්‌ විය. අනතුරුව නගරයේ රස්‌තියාදු වූ තවත් අපතයෙක්‌ ඒ ගුබ්බෑයමට රිංගන්නට පටන් ගත්තේය. ඒ අතර කාලයේදී ඇයට තවත් දරුවන් දෙදෙනෙක්‌ ලැබිණි. ඔවුන් දෙදෙනාම පිරිමි දරුවන් විය. කාලයත් සමඟ ඇයගේ කය වැහැරිණි. ඇයට තිබූ ඉල්ලුම හීන විය. අවසානයේ වෘත්තියේ රසය දන්නා ඇය තම වැඩිමහල් සහ එකම දියණිය පාරට දකකාගෙනැවිත් සලෙලුන්ගේ කෙළි භාණ්‌ඩයක්‌ කළාය. තවමත් ඇඟ පත හෝ නොවැඩුණු පුංචි දැරිවියට සලෙලුන්ගේ ඉල්ලුම ඉහළය. අවලම් අම්මණ්‌ඩිය දියණිය හරහා අසහනකාරයනව තම ගුබ්බෑයම තුළට ගෙන්න ගන්නීය. ඇඟේ වස්‌ත්‍ර ගලවන අසහනකාරයා අවසානයේ ගුබ්බෑයමෙන් එළියට යන්නේ යට ඇඳුම පිටිනි. ඉතිරි සේසතම ඒ සල්ලාල කාන්තාව, හොර මිනිහා සහ දුව විසින් කොල්ලකා ගන්නාහ. එම ගුබ්බෑයම අවට වැසියන්ට මේ අවලම් කොල්ලකෑම් සාමාන්‍ය දෙයකි. දරුවන් තිදෙනාගෙන් කිසිවකු අකුරක්‌ ඉගැනීමට පාසලකට නොයන ගෝත්‍රිකකමින් නොමිදුණු මේ පවුල අනුරාධපුර නගරයට මහා පිළලයක්‌ වී අවසානය.

    ඒ කාලකණ්‌ණි කතාව අවසාන වන විට අනුරාධපුරය කළුවර වෙලාය. ඉදිකටු වැස්‌සක්‌වත් නොවැටෙන අනුරාධපුර නගර මධ්‍යයේ මල් කුඩ ඉහළා ගත් රෑ මනමාලියන් එහා මෙහා යති. හැන්දෑවට අනුරාධපුර නගරයේ මෙවැනි දසුන් සාමාන්‍යයි. එමෙන්ම අනුරාධපුර නගරය රාත්‍රියට විසූක දස්‌සනවලින් පිරුණු නගරයක්‌ බව මෙරට ප්‍රසිද්ධය. නගරයට එන ඕනෑම කෙනෙකුට පසුම්බියේ ප්‍රමාණයට සම්බාහනය වෙන්න ඕනෑතරම් ‘තැල්මට්‌’ කඩ තිබේ. මධු විතෙන් සප්පායම් වී ගෑනු පරාණයක්‌ තුරුලු කරගෙන නැටුම් නටා, සතුටේ අනන්තයට යැමට අවැසි නම් සුපිරි රාත්‍රි සමාජශාලාවක්‌ තිබේ. එහෙත් දවස තිස්‌සේ හේන් තඩි ගහන ගොවියෙක්‌ට, වන්දනාවේ පැමිණි ගමේ සිරිසේන කෙනෙකුට සහ ඩියුටි මාරුවන හමුදා සොල්දාදුවකුට ඒ ලොවේ සරන්නට පසුම්බිය බර මදි නම් වැව් පිටියකට, ලඳු කැලෑවකට වහං වී තම ලිංගික අවශ්‍යතා ඉටුකරගැනීමට අවශ්‍ය වීදි ගණිකාවන් ද අනුරාධපුර නගරය පුරා බුරුතුපිටින් සිටිති. ඒ අතර හිරිමල් ගැටිස්‌සියන්, විසේකාර තරුණියන්, මැදිවියේ අම්මණ්‌ඩිලා, සම හැළෙන, සුදු කෙස්‌ සඟවාගත් ආච්චි අම්මලාද සිටින්නාහ. අනුරාධපුර අලුත් බස්‌ නැවතුම්පළ ඉදිරිපිට මවක්‌ කුඩා දියණිය විකුණන්නේ විවිධාකාර වූ මේ නගර සෝබනියන් අතරය.

    අනුරාධපුර නගරය ගණිකාවන්ගේ තිප්පොළක්‌ බවට පත්වන්නේ ත්‍රස්‌තවාදී යුද්ධයේ ආරම්භයත් සමඟය. එනම් උතුර, නැගෙනහිර ප්‍රදේශවලට ගමන් කරන මාර්ග වැසී යැමත් සමඟ එම ප්‍රදේශවල ක්‍රියාන්විත රාජකාරිවල නියෑළුණු හමුදා සාමාජිකයන් ප්‍රවාහනය කරනු ලැබුවේ ගුවන් සහ මුහුදු මාර්ග ඔස්‌සේය. එකල බොහෝදුරට උතුරු, නැගෙනහිර ප්‍රදේශවලට ගුවන් ගමන් ආරම්භ කරනු ලැබුවේ අනුරාධපුරයේ සිටය. රාජකාරියට යන සහ නිවාඩු එන හමුදා සාමාජිකයන්ගේ අවසාන නවාතැන්පොළ වූයේ අනුරාධපුර අතරමැදි කඳවුරය. රාජකාරියට යන හමුදා සාමාජිකයන් ගුවන් ගමන් ප්‍රමාද වීම නිසා දවස්‌ ගණන් අනුරාධපුරයේ රැඳුණු අවස්‌ථා තිබිණි. නිවාඩු එන සෙබළු අනුරාධපුරයෙන් ගොඩ බහින්නේ මාස ගණන් කැලේ දුක්‌විඳ හාමතේය. ඔවුහු නිවසට යැමට පෙර අනුරාධපුර නගරයේදීම හාමත් වූ සිතට, ගතට යුතුකම් ඉටු කිරීමට පසුබට නොවූහ. නිවාඩු නිමා කොට නැවත ක්‍රියාන්විතයට යන හමුදා සාමාජිකයෝ ද කල්තියා අනුරාධපුරයට ගොස්‌ මාස ගණනකට සෑහෙන්න සතුටු වී යැමට පුරුදු වී සිටියහ. එවැනි සෙබළුන්ට බඩ පුරා කෑමට කෑම කඩ, සිත විකල්වන තරමට මත්වීමට අරක්‌කු තැබෑරුම් සහ ලිංගික අසහනය නිවෙන තුරු සන්තර්පනය වීමට මුදලට විකිණෙන කාන්තාවන් ද ඕනෑතරමට සිටියහ. එසේ කාලයක්‌ ගත වන විට අනුරාධපුර නගරය මෙරට අංක එකේ ගණිකා තිප්පොළ බවට පරිවර්තනය විය. අනුරාධපුර නගරයට යාබද ප්‍රදේශවල කාන්තාවන් මෙන්ම ගාල්ල, මාතර, නුවර, කොළඹ විවිධ ජාති ආගම්වල කාන්තාවන් රෑ මනමාලියන් ලෙස අනුරාධපුර නගරයේ වීදිවල සරන්නට වූහ.

    දැන් අප අසල සිටින වියපත් කාන්තාවද වසර තිහකට වැඩි කාලයක සිට අනුරාධපුර නගරයේ ලොව පැරැණිම වෘත්තියේ යෙදුණු රෑ මනමාලියකි. ඇයට අපි සීතා යෑයි කියමු. පදිංචිය නුවරය. අනුරාධපුර නගරයේදී දැනහැඳින ගත් ත්‍රිරෝද රථ රියෑදුරෙකු මාර්ගයෙන් අපට මුණුගැසුණු සීතා ප්‍රථමයෙන් අප සමඟ වෘත්තීය ජීවිතය ගැන කතා කිරීමට මැලි විය. එහෙත් අපගේ පෙරැත්ත කිරීම මත ක්‍රමයෙන් ඇයගේ මුව විවර විය.

    ”මම කසාද බැන්දේ අවුරුදු දාසයෙන්. අවුරුදු විස්‌ස වෙනකොට මට දරුවෙකුත් හිටියා. මිනිහත් දාලා ගියා. මම ඉගෙනගෙනත් නෑ. ජීවත් වෙන්න විදිහක්‌ නැති වුණා. පස්‌සේ දුව අම්මට භාර දීලා මම නුවර තේ කඩේක වැඩට ගියා. ඒකෙන් ලැබෙන පඩිය අපිට ජීවත් වෙන්න ප්‍රමාණවත් වුණේ නෑ. පස්‌සේ දැන හඳුනගත්ත අයියා කෙනෙක්‌ මාර්ගයෙන් අනුරාධපුරය නගරයේ තේ කඩේක වැඩට ආවා. ඒ කඩේ රෑටත් ඇරලා. රෑට නගරයේ ඇවිදින ගෑනු වැඩිපුරම කන්න, බොන්න ආවේ අපේ කඩේට. ඒ ආපු අය කියන දේවල් එක්‌ක මටත් මේ ජොබ් එකට බහින්න හිතුණා. මට ආරක්‍ෂා කරගන්න දේකුත් නෑ. මාව ආරක්‍ෂා කරන්න කෙනෙකුත් නෑ. මම කැමැත්තෙන් මේ රැකියාවට බැස්‌සා…”

    ”පොත්ත රතු නොවුණාට මටත් හොඳට විසේ තිබුණා. පාරට බැස්‌ස අලුත හොඳට බිස්‌නස්‌ තිබුණා. ඒ කාලේ අනුරාධපුර නගරය හමුදා කෑම්ප් එකක්‌ වගෙයි. දහයක්‌ කතා කළොත් අටක්‌ ආමි එකේ. නිවාඩු ඉඳලා එන කොල්ලො බැස්‌ස ගමන් දුවන්නේ ටවුන් එකේ බැංකුව ළඟට. සල්ලි අතට ගත්තා. ත්‍රිරෝද රථකාරයෙක්‌ එක්‌ක චැට්‌ එකක්‌ දාලා ඊළඟට යන්නේ ගෑනියෙක්‌ ළඟට. සමහර ගෑනු කැලේ දුක්‌විඳලා එන කොල්ලන්ගේ සබ්බසකලමනාවම සුද්ද කරගෙන ගෙදර යන්න සතේ නැති කරනවා. ඒ කාලේ එහෙම දේවල් කරපු ගෑනුන්ට කොහෙන්හරි රිටන් එකත් ලැබුණා. හිටි ගමන් සමහර ගෑනුන්ගේ රහ සඟ, බෙලි කපලා ගිය අවස්‌ථා ඕන තරම් තිබුණා. රවට්‌ටගෙන ගිහින් කොල්ලො හතර, පස්‌දෙනා දවස්‌ ගණන් තියාගෙන බාගෙට මරලා පාර අයින්වල දාලා ගිය අවස්‌ථා තිබුණා. හමුදා කොල්ලො එක්‌ක ගනුදෙනු කරනකොට පරිස්‌සම් වෙන්න ඕනා. කැලේ ඉඳලා එන කොල්ලො වනසත්තු වගෙයි. මම නම් ජීවිතේට කාගෙන්වත් රුපියලක්‌ කඩා වඩාගෙන නෑ. මා ළඟට එන ආමි කොල්ලන්ව උපරිමයෙන් සතුටු කරලා ඇරියා මිසක්‌ රුපියලක්‌වත් වැඩිපුර අරගෙන නෑ. හැබැයි ආමි කොල්ලො අපි කියන ගානට වඩා කීයක්‌ හරි වැඩිපුර දීලා යන්නේ. හිත හොඳ කොල්ලො. සමහර ආමි කොල්ලො එක්‌ක මම සති ගණන් ඉඳලා තියෙනවා. තේ කඩේ මාසේම වැඩ කරලා ගන්න පඩිය දවස්‌ දෙකෙන් හෙව්ව අවස්‌ථා තියෙනවා…”

    ”අපි ජීවත් වෙච්ච කටු මැටි ගේ පුංචියට සිමෙන්ති ගඩොලෙන් හදාගත්තා. දරුවා ඉල්ලන දේ අරගෙන දුන්නා. උගන්වන්න උත්සාහ කළා, ඒත් ඉගෙනගත්තේ නෑ. දැන් එයත් කසාඳ බැඳලා ගියා. අම්මත් නැති වුණා. මම ගෙදර තනි වුණා. ජීවත් වෙන්න මම තවම මේ රස්‌සාව කරනවා. තරුණ කාලේ වගේ දැන් රෑට ඉන්නේ නෑ. උදේට නුවර ඉඳලා අනුරාධපුරයට එන බස්‌ එකේ ඇවිත් හවස අන්තිම බස්‌ එකේ ගෙදර යනවා. දැන් ඉස්‌සර වගේ අපිට බිස්‌නස්‌ නෑ. අපි පරණයි. පොෂ් නෑ. මූණේ තවරගෙන ඉන්න ලාටු ටික ඉවත් කළාට පස්‌සේ ගන්න දෙයක්‌ නෑ. තව ටික දවසක්‌ ගිහිල්ලා ආයෙමත් මම තේ කඩේක වැඩට යනවා. නැති නම් මේ නගරයේ මුල්ලකට වෙලා බුලත්විට ටිකක්‌ විකුණනවා. ඉස්‌සර මේ නගරේ වන, වන ගිය හුඟ දෙනෙක්‌ දැන් පැත්තකට වෙලා බුලත්විට විකුණනවා…”

    ”ඒ කාලේ වගේ නෙමෙයි දැන් බිස්‌නස්‌ අඩුයි. උතුරට, නැගෙනහිරට යන ආමි එකේ දැන් කොල්ලො අනුරාපුරයේ බහින්නේ කලාතුරකින්. අපේ වෘත්තියේ යෙදෙන ගෑනුත් දැන් අඩුයි. දැන් ඉන්න සමහර අම්මණ්‌ඩිලා මහා රෑ වෙනකොට රුපියල් සීය, දෙසීයටත් යනවා. ඒ යන්නෙත් කාමරයකට නෙමෙයි, වැවක්‌ අයිනකට, ලඳු කැලෑ රොදකට. ඔය රුපියලට, දෙකට නිදාගන්න උන් තමයි මේ වෘත්තියත් නන්නත්තාර කරලා තියෙන්නේ. ඒ කාලෙත් කොල්ලො පස්‌හය දෙනා එක්‌ක කැලෑ පඳුරුවලට ගිය උන් හිටියා. හැබැයි උන් එළියට එනකොට දාහ පහළොස්‌දාහක්‌ ගෙවනවා…”

    ”මේ අවලම් රස්‌සාව වඳ වෙලාම යන්න ඕනා. ගොඩක්‌ අය හිතන්නේ අපි මේ රස්‌සාව කැමැත්තෙන් කරනවා කියලා. නෑ… මේක කිසිම තෘප්තියක්‌ නැති රස්‌සාවක්‌. මම කියනවා බොරු ද බලන්න මහත්තෙලා ඔය නගරයේ ඉන්න තව ගෑනු දෙතුන් දෙනෙක්‌ එක්‌ක කතා කරලා බලන්න.. ‘කරන්න දෙයක්‌ නැතිකමට කරනවා’ කියලා නොකිව්වොත් මට ඇවිත් බැණලා යන්න…” ආයාසයෙන් එළියට ගත්ත කතාවේ අවසානයට මහත් වේගයක්‌ තිබිණි. වැඩ කරන වේලාව නිකරුණේ ගත වුවද ඒ පිළිබඳ ඇය නොතැවිණි. ජීවිතයේ අගහිඟකම්වලින් මිදෙන්නට සහ නරක පූර්වාදර්ශයන් මත වීදියට වැටුණු සීතාට නැවත ගොඩ ඒමට නොහැකි විය. ඇය තවම නරකාදියේය.

    සීතා රැකියාවේ යෙදෙන අනුරාධපුර පොදු වෙළෙඳපොළ තුළ තවත් ගණිකාවන් රැසකි. ඒ ආසන්නයෙන් යනෙන පිරිමින්ට ඇතැම් ගණිකාවන් විසිල් කර කතා කරන්නට, ළඟින් යන විට නිරුවත් කකුල් දමා මග අහුරන තරමට ඔවුහු පොදු වෙළෙඳපොළ තම ආධිපත්‍යයට ගෙන ඇති අයුරු ද අපි දුටුවෙමු. එමෙන්ම අනුරාධපුර නව නගරය, පැරැණි බස්‌ ටෑන්ඩ් එක ගණිකාවන්ගේ රාජධානි බවට පත්ව ඇත. නුවර වෑවේ වෑකන්ද, මෛත්‍රිපාල සේනානායක මාවතේ සියලු අතුරු මාර්ග රාත්‍රි කාලයට ගණිකාවන්a සහ සල්ලාලයන් එකතුවන එළිමහන් නාඩගම් පිටි බවට පත්ව ඇත. එකී ප්‍රදේශවලදී ලයිට්‌ එළි වදින විට අඩනිරුවත් සිරුරු ක්‍ෂණයෙන් ලඳු කැලෑවලට වහං වීම සුලබ දර්ශනයකි. මේ ගණිකා ආදිපත්‍යයට අනුරාධපුර නගරයේ බොහෝ ත්‍රිරෝදකරුවන්, ව්‍යාපාරිකයන් විරුද්ධය. එහෙත් බුද්ධි අංශ නිලධාරීන් නිරන්තරයෙන් ගැවසෙන සහ නීතිගරුක අනුරාධපුර පොලිසිය ගණිකාවන් අත්අඩංගුවට නොගැනීම නගරවාසීන්ට මහත් ගැටලුවකි. එමෙන්ම රාත්‍රි මුර සංචාරයේ යෙදෙන පොලිස්‌ නිලධාරීන් රෑ මනමාලියන් සමඟ සතුටු සාමීචියේ යෙදෙන අවස්‌ථා ද අනුරාධපුර නගරයේ සුලබ දර්ශනයක්‌ බව වාර්තා වේ. පොලිස්‌ නිලධාරීන් විසින් ඉඳහිට වීදි දිගේ ඇවිදින ගණිකාවන් කුදලාගෙන ගියද අධිකරණයේ ඇප පිට නැවත ඔවුහු පාරට එති. එම කාන්තාවන්ට ඇප තැබීමට ඕනෑතරම් අය සිටිති. එමෙන්ම කාන්තාවන් ගණිකා වෘත්තියේ යොදවන ඇතැම් පුද්ගලයන් සහ කණ්‌ඩායම් ද අනුරාධපුරයේ එමටය. ඒ කාන්තාවට ඇති ආදරයට හෝ හිතවත්කමට නොවේ. මුදල් ඉපැයීමට ඔවුන්ව ඉත්තන් කරගැනීමටය. එහෙත් එම පිම්පියන්ගේ කාරුණාව පහළ වන්නේ ද පොත්ත රතු, සහ ඉඟ සුඟ හැඩ වැඩ ගැටිස්‌සියන්ට සහ රූපත් කාන්තාවන්ට පමණි.

    සීතා වැනි සම හැළෙන, හකුඇට ඉලිප්පුණු, කෙස්‌ පැසුණු කාන්තාවන්ට පිම්පි කරුණාව ද පහළ නොවේ. ගණිකා වෘත්තියේදී වයසට යැම යනු අවලංගු කාසියක්‌ වැනිය. තරු හෝටල්වල සුපිරි මිලට විකිණෙන කාන්තාවන්, සමාජශාලාවල නළඟනන් මෙන්ම දූවිලි වීදියේ සොච්චම් මුදලට විකිණෙන ඕනෑම කාන්තාවකගේ සම රැලි වැටී, රූපය විරූපී වන විට අත්වන ඉරණම සීතාගේ වීදි ජීවිතයට සමානය. එහෙත් සල්ලි කොළවලින් අන්ද වී සිටින කාන්තාවන්ට ලොව පැරැණිම වෘත්තියේ අනන්තය නොපෙනේ. පෙනෙන විට ආපසු හැරෙන්නට කාලයක්‌ ඉතිරි වී නැත. දැන, දැනම තම දියණියන් ද ඒ අපායටම ඇද දමන අවලම් හැතිරියන්ට නීතියේ දෑස්‌වලින් සැඟ වී සිටියද එලොවදී නම් කිසිදු ගැලවීමක්‌ නැත.

    එමෙන්ම නීතියේ වැට කඩුළු ශක්‌තිමත් නම් මුදලට, සිතුවිලිවලට වැට මායිම් එහා මෙහා නොවෙන්න මේ රටේ අම්මලා තම දියණියන්ව අසහනකාරී අපතයන්ට විකුණන්නේ නැත. මහ මඟ විකිණෙන නගර සෝබනියන්ද අඩුවේ. ඒ හැරෙන්නට මේ කාලකණ්‌ණි රැකියාව සමාජයෙන් අතුගා දැමීමට නොහැකිය. සම්පූර්ණයෙන් අතු ගා දැමීමට කතා කිරීම ද විහිළුවකි.

    [rns_reactions]

  • රනිල්ගේ ආශිර්වාදයෙන් සෙවනගල යළිත් දයා ගමගේට

    මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සම්මත කරගන්නා ලද 2011 අංක 43 දරණ ඌන ක්‍රියාකාරී ව්‍යවසායකයන් හෝ ඌන උපයෝජිත වත්කම් පුනරුදය කිරීමේ පනත අහෝසි කිරීමට අය වැයෙන් යෝජනාකර තිබේ.

    ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතාට එවකට අයත්ව තිබූ සීමාසහිත සෙවනගල සීනි සමාගම එම පනත යටතේ පවරා ගනු ලැබූ අතර පනත අහෝසි වීමෙන් පසුව නැවත එම කෝටි ගණනක් වටිනා දේපොළ දයා සමූහ ව්‍යාපාරයට අයත්වනු ඇතැයි පැවසේ.

    [rns_reactions]

  • හෝටල් කාමර ඇතුළේ ජවනිකා පෙන්වා මුදල් ගරන නරුමයෝ – යතුරු හිලේ අභිරහස එලියට…

    හුදකලාව ප්‍රේමවන්තයන්ගේ එකම රජදහනය. ඔවුන් හැමවිටම උත්සහ ගන්නේ සමාජය ඉදිරියෙන් හුදෙකලා වන්නටය. මේ නිසාම මල් උයනේ පඳුරු අසල සිට හෝටලයක කාමරයක් දක්වා ඒ හුදෙකලාව ඔවුහු විඳගැනීමට උත්සාහ කරති. එසේ උත්සාහ කිරීම ද වරදක් නැත. එහෙත් ඊට වයස සහ සීමාව හඳුනාගෙන ක්‍රියාකිරීම ප්‍රධාන වශයෙන් වැදගත් කරුණක් බව අප ප්‍රථමයෙන්ම කිව යුතුය.

    කෙසේ වෙතත් මේ කියන්නට යන්නේ ප්‍රේම කරන ආකාරය ගැන නොවේය. ප්‍රේම කරන හැටිද නොවේය. මේ කියන්නට යන්නේ ලාංකීය ප්‍රේමවන්තයන් (විවාහක ප්‍රේමවන්තයන් ඇතුළත්ව) මුහුණ දෙන අභියෝග සහ ලාංකීය ප්‍රේමවන්තයාගේ ජීවිත අවදානම ගැනය.

    මේ කතාව ලියුම්කරුගේ අත්දැකීමකින් ආරම්භ කිරීමට කැමතිය. දිනක් ලියුම්කරු තවත් පිරිසක් ද කැටුව මහනුවර ප්‍රදේශයේ සංචාරයකට ගිය අවස්ථාවක දහවල් ආහාරය ගැනීම සඳහා මහනුවර නගරයේ පිහිටි එක්තරා උද්‍යානයක් වෙත ගියේය. ඒ උද්‍යානයට ඇතුළු වු තැන සිට කෙළවර තෙක් සිටින්නේ පෙම්වතුන්ය. පිටින් එන කිසිවකුට එහි ගත කිරීම සඳහා කිසිදු ඉඩක් නැත. සිමෙන්ති බංකු පමණක් නොව ගස් ගල්, පඩිපෙළවල් මත පවා පෙම්වතුන් පෙම් සුව විඳිති. එතන අපට ඉඩක් නොමැති නිසා අපි නැවත හැරී එන්නට වීමු. එසේ එන විට තැන් කිහිපයක තරමක් වැඩිමල් පිරිමි පුද්ගලයන් වාඩිවී සිටින අයුරු දැකගත හැකිවිය. ඔවුන් එක එකා තනිව සිටි අතර ඔවුන්ගේ ඇස් එල්ලවී තිබුණේ නිදහස් පෙම්වතුන්ගේ හැසිරීම් දෙසය. එය දුටු සැණින් සැකයක් උපදවන්නට විය. පසුව ලියුම්කරු ඇතුළු පිරිස එළියට පැමිණ ත්‍රීවිල් කිහිපයක නැගී මහනුවර නගරයට එමින් සිටියහ. එසේ එන අතරතුර ත්‍රීරෝද රථ රියදුරු සමඟ ලියුම්කරැ කතාවට වැටුණේය. මෙහිදී ලියුම්කරු ඔහුගෙන් ප්‍රශ්න කිහිපයක් ඇසීය .එකක් මෙතරම් පෙම්වතුන් එහි සිටින්නේ ඇයිද කියාය. දෙවැනි කාරණය හුදකලා වූ පිරිමින් එහි කුමක් කරන්නේ ද යන්නය. ඔහු දුන් පිළිතුර ඔහුගේම වචනයෙන් මෙසේ සටහන් කරමි.

    “ඔය ළමයි පහුගිය කාලේ හිටියේ වැව රවුමේ. එළියේ. ඊට පස්සේ කවුරු හරි ගොනෙක් කියලා තිබ්බා මේ පූජා භූමිය අවට ඉන්න දෙන්න එපා කියලා. ඊට පස්සේ වැව රවුමේ ඉන්න ඔක්කොම එළෙව්වා ඔය ගුබ්බෑයමට. ඉස්සර ඔතන පොඩි ළමයි හිටියේ. දැන් ඔන්චිල්ලාවල පවා කපල්. එන්න එන්න දවසට කපල් වැඩි වෙනවා. ඊට පස්සේ ඔතන ටිකට් කඩන්න හිටිය තරුණ පහේ උන්ව එළවලා නාකි උන්දෙන්නෙක් ගෙනත් දැම්මා. උන් දෙන්නා පට්ට හොරු. පරණ ටිකට් එකක් දීලා සල්ලි ගහනවා. ඒ විතරක් නම් කමක් නෑ සමහර අසහනකාරයෝ ඉන්නවනේ මහත්ත‍යා බලලා සැනසෙන උන්. ඔය උන් පෝලිමේ ඕකට රිංගනවා. නිල වශයෙන් ටිකට් එකක් ගන්නවා නම් රුපියල් 30යි. ඒත් උන්ගෙන් ගන්නවා 150 – 200 වගේ ගාණක්. ටිකට් දෙන්නේ නෑ. උන් ඇතුළට ගිහින් වාඩිවෙලා අර ළමයි කරන දේවල් බලාගෙන ඉන්නවා. සමහර උන් වීඩියෝ කරනවා. ගොඩක් එන්නේ අවුරුදු 40 ට වැඩි උන්. ඒ ළමයිනුත් ඉන්නේ වෙනමම ලෝකයකනේ. ඒ අය කරන දේවල් අරුං බලාගෙන ස්වයං වින්දනයේ යෙදෙනවා. සමහර උන් වීඩියෝ කරනවා. අනික ඔය ළමයි අර වැව රවුමේ හිටියා නම් ඔයිට වැඩිය විනීතව හැසිරෙනවා.”

    මෙතනින් එහාට මේ ගැන කියන්නට දෙයක් නැත. එවැනි අසහනකාරීන් වෙසෙන රටක පෙම්වතුන්ගේ ආරක්ෂාව ගැන කුමන කතාදැයි අපට ඇසීමට ඇත. ඒ කතාව එසේ තබා අප දෙවැනි කතාවට එන්නෙමු.

    පසුගිය සතියේ දිනෙක මාධ්‍ය තුළ කතාබහට ලක්වන පුවතක් ප්‍රචාරය විය. ඒ කුලියාපිටිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයකදී විවාහක යුවලක් මුහුණ දුන් සිද්ධියක්ය. ඔවුන් මධුසමය සඳහා තෝරාගෙන තිබුණේ කුලියාපිටිය ප්‍රදේශයේ හෝටලයකි. මධුසමය ගතකර ඊට පසුදින එන්නට සූදානම් වෙද්දී ඔවුන්ට දැක ගැනීමට හැකිවුයේ එම කාමරයේ දොරෙහි සිදුරු දෙකකි. ඇහැ තබා බැලිය හැකි එම සිදුරු එල්ල වී තිබුණේ ඔවුන්ගේ සයනය දෙසටය. මේ නිසා කැළඹීමට පත් යුවළ පොලීසියට දැනුම් දුන්නේ කවුරුන් හෝ අයකු ඔවුන්ගේ මධුසමය වීඩියෝ ගතකර ඇති බවට චෝදනා කරමිනි. ඒ අනුව පොලීසිය පැමිණ අදාළ හෝටලයේ පරීක්ෂණ පැවැත්වූ අතර එවැනිම සිදුරු දොරක් සහිත කාමරයක් ඊට යාබද දුරින් පිහිටා තිබුණේය. එම කාමරයේ ද සිදුරු අතරින් බැලූ පසු දිස් වූයේ එහි සයනයයි. කෙසේ වෙතත් මේ පිළිබඳව හෝටලයට චෝදනා එල්ලවූ අතර හෝටලයේ පිරිස් නව යුවළට චෝදනා කළේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන බව පවසමිනි. එහෙත් හෝටලයට එම වැරැද්දෙන් ගැලවෙන්නට නොහැක. ඒ කාරණා කිහිපයක් නිසාය.

    එසේ නොවේනම් එවැනි සිදුරු සහිත දොරවල් තබාගන්නේ ඇයි? එවැනි සිදුරු සහිත දොරක් ඇති කාමරයක් මේ නව යුවළට දුන්නේ ඇයි? එම සිදුරු සයනය වෙතම එල්ලවී තිබුණේ කෙසේ ද යන්නය. ඒ නිසා මේ සිදුවීම් එකක්වත් අහඹුවා විය නොහැක. එය හිතා මත කළ දෙයක් නොවේ නම් එසේ අවදානම් සහිත කාමර පවත්වාගෙන ගියේ ඇයි ද යන්න හෝටලය වගකීම බාරගත යුතුව ඇත. ඒ නිසා කවුරැ හරිද කවුරු වැරදිද යන්න ඉදිරියේ බලාගත හැක.

    එම කතාවද පැත්තකින් තබා පොදු කතාවකට දැන් එළඹෙමු.

    අවුරුදු 18කට වැඩි ඕනෑම කෙනකුට ඕනෑම අයුරකින් පෙම්සුව විඳීමට නීතියෙන් බාධාවක් නැත. ඒ නිසා ඔවුන්ට ඔවුන්ගේම කියා තීරණ ගත හැක. එසේ තීරණ ගන්නා වුන් ඇතැම් විට නවතින්නේ හෝටල් කාමරයක් තුළය. එය නීතියෙන් වරදක් නැත. එහෙත් සංස්කෘතියෙන් දැඩි දෝෂදර්ශනයට ලක්වන වරදකි. එසේම එය සදාචාරයට පිටින් ගිය ක්‍රියාවක් ලෙස ද සමාජය හඳුන්වති.

    එසේ කාමර තුළ පෙම්සුව විඳින බොහෝමයක් දෙනා කෝටිපතියෝ නොවෙති. ඒ නිසාම ඔවුන් තෝරාගන්නේ අඩුම මිල ගණන් සහිත තැන්ය. විශේෂයෙන් සමාජයට නිරාවරණය නොවු තැන්ය. මේ තත්වය තේරුම් ගන්නා ඇතැම් තක්කඩි ව්‍යාපාරිකයෝ ලෑලි කාමර සාදා හෝ ඉතා අඩු මුදලට පෙම්වතුන්ට විකුණති. ඒ බව හලාවත සිට ගාල්ල තෙක් මුහුදු සීමාව තුළත්, එසේම ගම්පහ, කළුතර, නුගේගොඩ, කුරුණෑගල ආදී ප්‍රධාන වශයෙන් ටියුෂන් පන්ති පැවැත්වෙන ස්ථානයන් තුළත් හොඳ හැටි දැක ගත හැක. අවම පැයකට රුපියල් 500 සිට උපරිමය රුපියල් 1500 දක්වා මිල ගණන් එම කාමර වලට නියම කර ඇත. කිසිඳු ආරක්ෂාවක් නොමැති අවදානමක්ම පමණක් ඇති කාමර ඇති තරම් මෙහි වෙති. කිසිදු පහසුකමක් නොමැති එම කාමර බොහෝ විට ලබාදෙන්නේම දෙවැනි ව්‍යාපාර කටයුත්තක් සඳහාය. විශේෂයෙන් ඇතැම් ජාවාරම්කාර ව්‍යාපාරිකයන් එම කාමර තුළ ඉතා සූක්ෂම ලෙස රහස් කැමරා සවිකර තිබූ අවස්ථා අනන්ත අප්‍රමාණ ඇත. විශේෂයෙන් පොලීසියට කොටුවූ අවස්ථා ද ඇත.

    කාමරයේ විදුලි සැපයුම් ලබා දෙන ස්ථාන (ප්ලග්) තුළ, විදුලි පංකා අසල, නැත්නම් විශේෂයෙන් එළියට නොපෙනෙන ස්ථාන තුළ මෙවැනි කැමරා සවිකරනු ඇත. එසේ සවිකරණ කැමරා යොදා ගනිමින් සුක්ෂම ලෙස කාමරය තුළ සිදුවන දේවල් නිරීක්ෂණය කළ හැක. විශේෂයෙන් ඇතැම් ජාවාරම්කාර ව්‍යාපාරිකයන් එවැනි සිද්ධි බැලීම සඳහා ද තවත් පුද්ගලයන්ගෙන් මුදල් ලබාගෙන අවස්ථාව දුන් සිද්ධි මෙරට ආරක්ෂක අංශ වලට පවා දැන ගන්නට හැක. බලා සැනසෙන ඔවුන් බොහෝ විට එම අවස්ථාව උදාකරගන්නේ වැඩි මුදල් ලබාදෙමින්ය. එහෙත් ඒ බව පෙම්වතුන් දන්නේ නැත. එය වීඩියෝ ගත නොකර පෙන්වා පමණක් වැඩේ අවසන් කිරීමට මෙම පිරිස් පුරුදුව සිටිති. මෙවැනි දෑ විශේෂයෙන් මුහුදු ආසන්නයේ පිහිටි කාමර කෑලි තුළ බහුලව සිදුවෙයි.

    එසේම කබානා මොඩලයට ලබාදෙන ස්ථාන ද එවැනිම දේ කරති. කුඩා ඉඩ ප්‍රමාණයක ඇඳක් දමා ඇති අතර එය ආවරණය කොට ඇති ලෑලි අතරින් ඕනෑම අයකුට ඇතුළත, සිදුවන දෑ දැක බලාගත හැක. මෙය ලිංගික අසහනයෙන් පෙළෙන බොහෝ දෙනාගේ සෙල්ලමක් වී ඇත. මේ නිසා ඔවුන්ගෙන් වැඩි මුදලක් ගෙන පෙම්වතුන්ගේ හැසිරීම් පෙන්වීම අලුත් ව්‍යාපාරයක් බවට පත්ව ඇත. එහෙත් මේ බව නොදත් පෙම්වතුන් රිසිසේ නිදහසේ හැසිරෙති. ඇතැම් අවස්ථාවල එසේ ලබාගන්නා වීඩියෝ පට විදෙස් රටවල ඇති අසභ්‍ය වෙබ් අඩවි වලට පවා විකිණීමට අවස්ථාව උදාවනු ඇත. එයට ඩොලර් වලින් මුදල් ලැබෙනු ඇත.

    විශේෂයෙන් මේ කාමර සිදුරු තුළින් පෙන්නීමේ ජාවාරමේදි වැඩි ලෙස විදේශිකයන්ට ද අවස්ථාව ලබාදෙන බවට ආරක්ෂ අංශ වෙත තොරතුරු ලැබී ඇත. මෙවැනි සිදුවීම් නිසා බොහොමයක් පෙම්වතුන් අන්ත අසරණ වී ඇත. ඒ බව පොලීසියට හෝ පැමිණිල්ලකින් ඉදිරිපත් කිරීමට නොහැකිව ලත වෙති. ඒ සමාජයෙන් එන ගැරහුම් නිසාය. එසේ නම් මෙරට පෙම්වතුන්ට ඇති නිදහස කුමක්ද? වීදියක නතර වී කතා කිරීමට නොහැකි නම්, ප්‍රසිද්ධ ස්ථානයන් වල සිටියදී බැණ එළවීමටත්, උද්‍යානයකට ගිය පසු එහි ආරක්ෂක අංශ විසිල් ගසා ඔවුන්ව ඈත් කරන්නත් එසේම ඔවුන්ගේ පෞද්ගලිකත්වය වෙනත් අයකුට මුදලට විකුණන විටත්, කාමරයකට ගිය පසු ඔවුන් වටකොට කැමරා කාච යොමු කරන්නත් ඇති නම් ඔවුන්ගේ ආදරයට ඇති අවදානම ගැන කවර කතාද. ඒ නිසා ඔවුන්ව එළවා දමනවා සේම ඔවුන්ට පෙම්සුව විඳින්නට අයිතියක් රජය තුළින් සකසා දියයුතුව ඇත. ඔවුන් පමණක් නොව විවාහක යුවලකට පවා නිදහසේ අවදානමක් ඇත්නම් ආදරවන්තයන් යායුත්තේ හඳටදැයි අපට ඇසීමට ඇති ප්‍රශ්නයකි.

    [rns_reactions]

  • කෝච්චියේදී සුද්දය දාන ප්‍රේම කුරුල්ලෝ

    ලංකාවේ බොහෝ දෙනෙක් වැඩට යන්න එන්නේ පොදු මගී ප්‍රවාහන සේවයේය. එයද බස් සහ දුම්රිය ලෙස බෙදෙන අතර එයිනුත් දුම්රිය හරහා වැඩට යන එන අය බොහෝය. එසේ යන එන ඔබත් මමත් මේ කෝච්චිය තුළ විඳ ඇති අත්දැකීම් බොහෝය. ඉන් වැඩිපුරම සොරකම්ය. මේ සොරකම් නිසා කෝච්චිය තුළ අපහසුතාවයට ලක්වූවෝ බොහෝ වෙති.

    මේ කතාව පටන් ගන්නට යන්නේ ලියුම්කරුට දුම්රියේදීම හමුවූ අයකු විසින් කී කතාවක් හරහාය. මේ කතාව අසන ඔබට යම් ආකාරයක සැකයක් ඇති විය හැක. ඒ සත්‍යද අසත්‍යද කියාය. ලියුම්කරුටද එය පළමු අවස්ථාවේ සිතිනි. එහෙත් මෙය සොයා බැලූ පසුව දැනගන්නට හැකිවූයේ එය සත්‍ය සිද්ධියක් කියාය.

    මේ සිද්ධියේ කතානායකයා නුවර ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි. ඔහු කොළඹ ප්‍රදේශයේ රැකියාව සිදුකළ අතර නැවතී සිටියේ කොළඹට නුදුරු ප්‍රදේශයකය. සතියට සැරයක් එනම් සිකුරාදා සවස ඔහු ගම රට බලා පිටත් වන්නේය.

    ඒ අනුව එක් දිනක් ඔහු සවස නුවර කෝච්චියට ගොඩවුණේ ගමේ යාම සඳහාය. ඔහු කොළඹ දුම්රියපොළෙන් නැග අසුන්ගත් අතර ඒ අසල තරුණියක්ද සිටියාය. දුම්රිය ක්‍රම ක්‍රමයෙන් නුවර බලා ඇදෙන්නට විය. මඳදුරක් යමින් සිටියදී අසල සිටි තරුණිය ඉංග්‍රීසි මුසු සිංහලෙන් තරුණයාව ඇමතුවේය. “අයියා මේ ට්‍රේන් එක ලේට්ද” තරුණයා නැත යනුවෙන් පිළිතුරු දුන්නේය. තවත් මඳ දුරක් ගියපසු එම තරුණිය “අයියා මේ ට්‍රේන් එක යනකොට ගොඩක් රෑ වෙනවද?” එම තරුණියගේ හැසිරීම තේරුම් ගත් තරුණයා විමසුවේ “මීට කලින් මේ කෝච්චියේ ගොස් නැති”දැයි විමසුවේය. තරුණිය ඔන්න කතාව කියන්නට පටන් ගත්තාය. “නෑ අයියා. මම නුවර යන්නේ තනියම පළවෙනි වතාව. අපේ ලොකු අම්මලගේ ගෙදර. අයියා එනවා කිව්වා ස්ටේෂමට. මට ටිකක් බයයි. දන්නෙත් නෑනේ. කළුවරත් එක්ක. ඒකයි අයියගෙන් ඇහුවේ…”

    ඈ එලෙස කතා කරනවිටත් හැඟුම්බරවී සිටියේය. මේ කතාව අසා සිටි තරුණයා කීවේ තමනුත් නුවර යන නිසා බය නොවී සිටින ලෙසය. මඳදුරක් ගිය පසු තරුණයා රාත්‍රී ආහාරයට ගත් බනිස් ගෙඩියක්ද ඇයට දුන්නේය. ඇය බෑ බෑ කියමින් එය අතට ගෙන කෑවේය. තැනින් තැන නවත්වමින් යන කෝච්චිය මේ දෙදෙනා තව තවත් ළං කරන්නට සමත් විය. කඩුගන්නාව කන්ද නගින විට දෙදෙනා ඇමතුවේ දෙදෙනාගේ නම් වලිනි. ඒ තරම් සමීප වී සිටියේය. එපමණක් නොව නැවත හමුවීමටද දෙදෙනා තීරණය කළෝය. පේරාදෙණිය ළං වනවිට තරමක ආදරයක්ද තරුණයාට තරුණිය කෙරෙහි හටගෙන තිබුණේය.

    නුවරට ළං වනවිට ඇගෙන් දුරකථන අංකයද ඉල්ලා ගත් තරුණයා ඈ කෙරෙහි විශ්වාසය තබා ගත්තේය. දෙදෙනාම නුවරින් බැසගත් අතර දුම්රියපොළ ඉදිරිපිටට පැමිණි පසු තරුණිය තරුණයාගෙන් ඇසුවේ අයියා එනතෙක් සිටිනවාද යන්නය. ඊට එකඟවුණු තරුණයා ඈත් සමඟ එහි රැඳී සිටියේය.

    මඳ වෙලාවක් ගිය පසු තරුණිය අයියාට කියා ඇමතුමක් ලබාගත් අතර ඈ දුරකථනය කනේ තබා ගනිමින්ම තව පැයක් යනවද කියා ඇසුවේය. ඒ තරුණයා දෙස බලාය. අවසානයේ පැයක් සිටින්නට සිදුවන නිසා තරුණයාට ඒ බැව් දැන්වීය. මේ අතර තරුණිය විසින් අපි වැව රවුමට යමුදැයි ඇසුවාය. තරුණයා එයට එකඟ වූ අතර ඒත් සමඟ ඔවුන් අසල නවතා තිබූ ත්‍රීරෝද රථයක් කැඳවා එයට තරුණිය හදිසියේ ගොඩ විය. මඳ දුරක් යනවාත් සමඟ තරැණිය බෑගය ඇද්දේය. එහි තිබූ වතුර බෝතලය දැක “අයියෝ මට අමතක වුණානේ අම්මා හදලා දුන්න දෙහි එක බොන්න” යැයි ඇය කීවාය.

    එසේ කියමින් ඈ එහි මූඩිය ඇර “ආ ඔයා බොන්න” යැයි කියා දිගු කළේය. ඇයට බෑ කීමට නොහැකි නිසා ඔහු උගුරු දෙකක් කටේ හලා ගත්තේය. ඉන්පසුව ඈ බෝතලේ ගෙන “ඉන්න මම අයියට කියන්නම් නුවර වැව ගාවට එන්න කියලා” යැයි කියමින් ඈ ඇමතුම ගනිමින් බෝතලේ මූඩිය වසා දැමුවේය. ඒ වනවිටත් වැව රවුම අසලට පැමිණි සිටි දෙදෙනා ත්‍රීරෝද රථයෙන් බැස ගත්තේය. ඔවුන් ඇවිද ගොස් සිමෙන්ති බංකුවක වාඩිවිය. එහෙත් තරුණයට විනාඩි කිහිපයක් යනවිට කරකැවිල්ලක් එන්නට විය. ඔහු එම තරුණියට ඒ බව කියනවා මතක තිබුණේය.

    ඇඟේ තෙහෙට්ටුවක් සමඟ තරුණයා ඇස් අරින විට සිටියේ රෝහලක සයනයේය. ඔහු සමීපයේ සිටි තරුණියද නැත. ඒ වෙනුවට වෙනත් අයෙක් ඇත. බියවූ තරුණයා මේ ගැන විමසුවේය. එවිට එහි සිටි පුද්ගලයා කීවේ මඟ වැටී සිට දැක රැගෙන ආ බවය. කෙසේ වෙතත් මේ සිද්ධිය පුදුම සහගත බව තරුණයාට සිතුණේය. එහෙත් කරුමය නම් ඒ වනවිටත් ඔහු අතේ වූ බ්‍රේස්ලට් එක, පවුම් තුනක රත්තරන් මාලය, මුද්දක් හා මුදල් පසුම්බිය නැති වී තිබීමය. හැමතැනම බැලුවත් ඒ කිසිවක් තිබුණේ නැත. ඒ අනුව මඟ හමූවී හඳුනාගත් තරුණිය මෙය සිදුකර ඇති බව ඔහු දැන ගත්තේය.

    අවසානයේ තරුණයා පොලීසියට පැමිණිල්ලක් දැමූ අතර පොලීසිද කීවේ අපූරු දෙයකි. එනම් මෙවැනි පැමිණිලි නිතර ලැබෙන බවය. මෙය සංවිධානාත්මක කල්ලියක් විසින් සිදුකරන බවද කියවිණි. කෙසේ වෙතත් මෙවැනි සිද්ධි නිතර දුම්රිය තුළ සිදුවන බවත් එහෙත් ඒ සැමදේම පොලීසියට වාර්තා නොවන බවත් සඳහන් වේ. හේතුව ඇතැම් අවස්ථාවල කාන්තාවන් තරුණයන් රැගෙන කාමරවලට ගොස් සිදුකළ කොල්ලකෑම් නිසාය. ඒ නිසා එවැනි සිදුවීම් පොලීසියට වාර්තා වෙන්නේ ඇත. මේ අතර පිරිමින්ද කාන්තාවන් රවටා කොල්ලකෑම් සිදුකරන බව සඳහන් වේ. හොඳට ඇඳ පැළඳ එන ඔවුන් රටේ ඉහළ තැන්වල රැකියා කරන බවත් නිවාඩුවට ගමේ යන බවත් පවසා මිතුරු වී දුරකථන අංක ලබා ගනිමින් කාන්තාවන් කොල්ලකෑම් සිදුකරන බව වාර්තා වේ.

    කෙසේ වෙතත් දැනට ලැබී තිබෙන තොරතුරු අනුව මොවුන් වැඩිපුරම සැරිසරන්නේ දුර ගමන් සේවා දුම්රිය තුළය. ඒ අදාළ පුද්ගලයන් ගැට ගසා ගැනීම සඳහා කාලය ලබා ගැනීමටය. එසේම ඔවුන් එලෙස දුම්රියේ යනවිට ඔවුන්ගේ ආරක්ෂාව සඳහා කණ්ඩායමේ තවත් දෙදෙනකු එම කෝච්චි පෙට්ටියේ ගමන් කරන බව සඳහන්ය. ඒ උන්ගේ ආරක්ෂව සඳහාය. ඇතැම් අවස්ථාවල අදාළ කොල්ලය සැලසුම පරිදි සිදු නොවුණහොත් පිහියක් පෙන්නා හෝ එය සිදුකිරීමට ඔවුන් පෙළඹී සිටිති. එයට හේතු වී ඇත්තේ මෙහි ඉන්නා පුද්ගලයන් බොහෝදෙනා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම නිසාය. මේ නිසා කෙසේ හෝ මුදල් සොයා ගැනීම ඔවුන්ගේ අරමුණ වී ඇත. ඒ නිසාම අතේ පයේ දේ සූරගෙන යාමට ඔවුන් පෙළඹී ඇත.

    කෙසේ වෙතත් හැමෝටම සිහි නැතිවෙන්න බොන්න දෙන්නේ නැත. ඇතැම් අය ආහාරයකට දමා දෙති. ඒ නිසා විවිධ ක්‍රම භාවිතාකොට සිහි නැතිකිරීම ඔවුන්ගේ අරමුණ වී ඇත.

    පොකට් ගසන උන්, චේන් කඩන උන්ට වඩා ඉතා සූක්ෂමව සිදුකෙරෙන මෙම කොල්ල කෑම් නිසා බොහෝ දෙනෙක් අසරණ වෙති. නීතියේ පිහිට පැතීම අත්හරිති. ඒ ලජ්ජාව නිසාය. මේ හේතුවෙන් හොරුන් සදාකල් දිනනු ඇත. ඒ නිසා දුම්රියේ ගමන් ගන්නා මගීන් ලෙස මීට වඩා අවධානයෙන් සැලකිලිමත් ලෙස හැසිරිය යුතු බව සිහි කිරීමට කැමැත්තෙමු. පොලීසියටවත් පැමිණිලි නැති මේ අපරාධකරැවන් අත්අඩංගුවට ගැනීම අසීරුවන්නේ වෙන කිසිදෙයක් නිසා නොව ඔබේ අඩුපාඩු නිසාය. ඒ නිසා දුම්රියේ හමුවන ප්‍රේමකුරුල්ලන් කිරිල්ලියන් ඔබේ දේපලට අත තබනා තවත් වෙනස් ආකාරයේ මංකොල්ලකරැවන් පිරිසක් බව අමතක නොකරන්න.

    [rns_reactions]