Category: සුපිරි Walks

  • කළගුණ දන්නා ජනපති මෛත්‍රී පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේවයන්ගේ නිවසට

    හෙළයේ මහා ගාන්ධර්වයාණන් වූ ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේවයන් දැයෙන් සමුගෙන වසරක් සපිරෙන අතර ඒ නිමිත්තෙන් ඊයේ  (03) පෙරවරුවේ මහරගම පිහිටි අමරදේව මහතාගේ නිවසට ගිය ජනාධිපතිතුමා විමලා අමරදේව මහත්මිය හමු වී සුහද කථා බහක නිරත විය.

    අමරදේව මහතාගේ පුත් රන්ජන අමරදේව මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

    [rns_reactions]

  • මෛත්‍රී බෝසතුන් බුදුබව ලැබීමට විවරණ ලැබු ඉල් පුර පසළොස්වක පොහොය අදයි

    ඉල් පුර පසළොස්වක පොහොය අද (03)ට යෙදී තිබෙනවා. බෞද්ධ ඉතිහාසයේ වැදගත් සිදුවීම් කිහිපයක්ම මෙම පොහෝ දිනයේදී සිදු වී ඇති බවයි මහා සංඝරත්නය සිහිපත් කළේ. 

    මෛත්‍රී බෝසතුන් බුදුබව ලැබීමට විවරණ ලැබීම, ධර්ම ප්‍රචාරය සඳහා පළමු රහතන්වහන්සේලා සැට නම චාරිකාව ඇරඹිම, කඨින පූජෝත්සව පැවැත්වෙන අවසන් පොහොයද ඒ අතර වනවා.

    බෞද්ධ ඉතිහාසයේ මෙම වැදගත් සිදුවීම් ද සිහියට නගා ගනිමින් අද පිංකම්හි යෙදෙන්නැයි බෞද්ධ සැදහැවතුන්ගෙන් මෙහිදි ඉල්ලීමක් ද කෙරුණා. 

    [rns_reactions]

  • ජනපති මෛත්‍රීගේ සංකල්පය ක්‍රියාවට නංවමින් මෙවර අය-වැයෙන් පෞද්ගලික අංශයට විශ්‍රාම වැටුපක්?

    ජනපති මෛත්‍රීගේ උපදෙස් පරිදි පෞද්ගලික අංශයේ සේවකයන්ට විශ්‍රාම වැටුපක් ලබාදීම සඳහා වන යෝජනාව මෙවර අය – වැය ලේඛනයටත් ඉදිරිපත් කරනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. අය – වැය ලේඛනය සකස් කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය පසුගිය කාලය තුළ අදහස් ලබා ගැනීම සිදු කළ අතර එහිදී ඉදිරිපත් කර ඇති අදහස් හා යෝජනා අනුව ජනපති මෛත්‍රීගේ උපදෙස් පරිදි මෙලෙස පෞද්ගලික අංශ සේවකයන්ට විශ්‍රාම වැටුපක් ලබාදීම පිළිබඳව ආණ්ඩුවේ අවධානය යොමුව ඇති බව වාර්තා වෙයි.

    [rns_reactions]

  • ඕස්ටේ‍්‍රලියානු අගමැතිවරයාගේ සංචාරය හේතුවෙන් අද උදේ වහන කොළඹ පාරවල් මෙන්න..

    අද උදෑසන කොළඹ අවට මාර්ග කිහිපයක රථ වාහන ධාවනය සීමා කර තිබෙනවා.

    බේස්ලයින් පාර, හෝර්ටන් පෙදෙස, කොල්ලුපිටිය සහ ගාලුමුවදොර අවට මාර්ගවල මෙලෙස රථ වාහන ධාවනය සීම කෙරෙන බවයි පොලීසිය පැවසුවේ.

    උදෑසන 7.15 සිට උදෑසන 7.45 දක්වා කැළණි පාලම අසල සිට බේස්ලයින් පාර, බොරැල්ල ඩී. එස්. හන්දිය සහ එතැන් සිට හෝර්ටන් පෙදෙස, ආනන්ද කුමාරස්වාමි මාවත, ශාන්ත මයිකල් පාර, කොල්ලූපිටිය හංදියේ සිට ගාලුමුවදොර දක්වා රථ වාහන මෙලෙස ධාවනය සීමා කරනු ඇති.

    යළිත් එම මාර්ගවලම උදෑසන 9.15 සිට උදෑසන 9.45 දක්වා මෙම රථ වාහන ධාවන සැළැස්ම කි‍්‍රයාත්මකයි.

    ඕස්ටේ‍්‍රලියානු අගමැතිවරයාගේ සංචාරය හේතුවෙන් මෙම විශේෂ රථ වාහන සැළැස්ම ක්‍රියාත්මක කෙරෙනවා.

    [rns_reactions]

  • අබුද්ධස්ස කාලේ පෙම් පලහිලව්වකට සිසුවියන් හතර දෙනකු සිසුවකුට මරණ තර්ජන කරලා

    සබරගමුවේ ප්‍රකට බාලිකාවක ශිෂ්‍යාවන් හතර දෙනකු තම නිවෙසට පැමිණ තමාට පහරදී ඝාතනය කරන බවට තර්ජනය කළා යැයි ශිෂ්‍යයෙක් කෑගල්ල පොලිසියට පැමිණිල්ලක් කර තිබේ. මෙලෙස පැමිණිල්ලක් කර ඇත්තේ ප්‍රදේශයේ පිරිමි විදුහලක 11 වැනි ශේ‍ර්ණියේ අධ්‍යාපනය ලබන 16 හැවිරිදි ශිෂ්‍යයෙකි.

    ඔහු මාස කිහිපයක සිට බාලිකා විද්‍යාලයක 11 ශේ‍ර්ණියේ සිසුවියක් සමඟ ප්‍රේම සම්බන්ධතාවක් ගොඩනඟා ගෙන ඇත. එහෙත් මොහු මීට දින කිහිපයකට පෙර එම පාසල් ශිෂ්‍යාව සමඟ අමනාප වී ප්‍රේම සම්බන්ධතාවය අතහැර දමා තිබේ. සිත් වේදනාව නිසා එම ශිෂ්‍යාව දින කීපයක් පාසල් පැමිණ නැත. පසුව තම පන්තියේ හොඳම මිතුරියන් හතර දෙනාට මේ බව දන්වා ඇත. ඇගේ මිතුරියන් හතර දෙනා පසුගිය දිනක සිසුවාගේ නිවෙස සොයා ගෙන ගොස් තම යෙහෙළිය කනස්සල්ලෙන් සිටින බවත් නැවත ප්‍රේම සම්බන්ධතාව ගොඩනඟා ගන්නා ලෙසත් දන්වා තිබේ. නැවත ඇය සමඟ යහළු නොවුණොත් තරුණයන් පිරිසක් යොදවා පහර දී ඝාතනය කරන බවත් එම සිසුවියන් හතරදෙනා ඔහුට තර්ජනය කර ඇත.

    සිසුවා කළ පැමිණිල්ලෙන් පසු පෙරේදා (31දා) එම සිසුවාත් තර්ජනය කළ සිසුවියනුත් පොලිසියට ගෙන්වා සිද්ධිය සමථයකට පත් කර ඇත.

    [rns_reactions]

  • ”මගේ තාත්තා පොල් ලෙලි ගහලා තමයි මාව පාසල් යවන්නෙ”ඔයාලා ඇයි මට මෙහෙම කලේ..?

    2017 වසරේ දිවයිනේ පාසල් රැසක තරඟකරුවන් අභිබවා යමින් සිංහල භාෂාව හා සාහිත්‍ය තරඟාවලියකදී සමස්ථ ලංකා ප්‍රථම ස්ථානය හිමිකරගත් පුත්තලම කල්අඩිය විද්‍යාසාගර විද්‍යාලයේ කසුනි දේශානි නම් දියණියකගේ  රන් පදක්කම සහ ඇයගේ සියළු සහතික පසුගිය 29 වන දින කිසියම් පිරිසක් විසින් සොකම් කර තිබුනා. 

    පාසලට ඉමහත් ගෞරවයක් එක්කර දුන් මෙම සම්මාන සහ සහතික පත්‍ර පාසලේ ආරක්ෂක කැබිනට්ටුවක තිබියදී මෙම පිරිස විසින් සොරා ගෙන තිබෙන්නේ. පාසලට ඇතුලත් වූ මෙම කණ්ඩායම පාසලේ වහලයේ උළු ඉවත් කරමින් පසුව සිවිලමද කඩා පාසල් ප්‍රධාන කාර්‍යාලයට ඇතුලත් වී තිබෙනවා. එහිදී කාර්‍යාලයේ තිබූ සියළුම කබඩ්වල ඉබි යතුරු කඩා දමා මෙම පදක්කම් සහ පාසලේ තිබූ රුපියල් 4000 ක පමණ මුදලක්ද රැගෙන ගොස් ඇති බව පොලීසිය අනාවරණය කරගෙන තිබෙනවා.

    තම සහජ කුසලතාවයෙන් පාසලට විශාල ජයග්‍රහන තොගයක් අත්කර දුන් මෙම දැරියගේ කතාවනම් ටිකක් සංවේදියි. තමන්ට අහිමි වුන දේ ගැන ඇය කිවුවෙ මේ විදියට.

    මගේ තාත්තා පොල් ලෙලි ගහලා තමයි මාව පාසල් යවන්නෙ. එහෙම තත්වයක් තුල තමයි මම මේ ජයග්‍රහනය ලැබුවෙ. මේ ජයග්‍රහනය මටයි පාසලටයි ගොඩක් වැදගත්. කවුරු හරි කාත් එක්ක හරි තරහකට මේ දේ කරානම් අනේ ඔයාලට වැඩක් නැහැ. අනික ඒවා රත්තරං වලින් හදපු ඒවත් නෙමෙයි. ඒ හින්දා කරැණාකරලා මට ඒවා ගෙනත් දෙන්න නැත්තම් පාසලට ගෙනත් දාන්න.

    එසේම මේ සිදු වීම නිසා පාසලේ විදුහල්පතිතුමා ඇතුලු ගුරුමණ්ඩලයද දැඩි ලෙස කම්පාවට පත්ව සිටින අතර මෙම දැරියගේ මානසික මට්ටම යහපත් තත්වයේ තබා ගැනීම සඳහා ගුරුවරුන් දැඩි කැපවීමකින් ක්‍රියා කරන බවද සඳහන් වෙනවා.

    [rns_reactions]

  • කළුතර – අළුත්ගම බස්‌ රථවලදී කාර්යාල නිළධාරිනියන්,සිසුවියන් කතුන්ට ලිංගික හිංසා…!

    මාර්ග අංක 400 ඔස්‌සේ කළුතර සිට අළුත්ගම දක්‌වා ධාවනය වන බස්‌රථවල කාන්තාවන් අපහසුතාවට ලක්‌කරන විකෘති ලිංගික ආශාවන්ගෙන් පෙළෙන පුද්ගලයන් වැඩි වශයෙන් සිටින බවට එම බස්‌රථවල ගමන් ගන්නා මගීහු පවසති. දහවල් කාලයට වඩා සවස 5.00 න් පසු මෙම බස්‌රථවල මෙවැනි පුද්ගලයන් රංචු ලෙසින් ගමන් ගන්නා බවට තොරතුරු ලැබී තිබේ.
     
     කාර්යාල නිලධාරිනියන්, ඇඟලුම් ආයතනවල සේවිකාවන් මෙන්ම පෞද්ගලික උපකාරක පන්තිවලට සහභාගි වූ සිසුවියන් ඇතුළු විශාල කාන්තාවන් පිරිසක්‌ සවස්‌ කාලයේදී කළුතර බස්‌නැවතුම්පළින් අළුත්ගම දක්‌වා ධාවනය වන බස්‌රථවල ගමන් කරති. කෙසේ හෝ රෑබෝවීමට පෙර තම නිවෙස්‌ බලා යැමට බස්‌රථ තුළ සිටගෙන සිරවී ගමන් කරන ඕනෑම තරාතිරමක කාන්තාවන් හා තරුණියන් මෙම විකෘති ලිංගික ආශාවන් ඇති නොමිනිසුන්ගේ තාවකාලික වින්දනයන්ට ගොදුරු වේ.
     
     සෑම දිනකම සවස්‌ කාලයේදී කළුතර බස්‌නැවතුම්පළ තුළ නිකරුණේ රැඳී සිටිමින් දිනයේ අවසන් වරට ධාවනය වන බස්‌රථවලට ගොඩවී තම පහත් ආශාවන් සන්තර්පනය කරගැනීමට මෙම පුද්ගලයන් ලබා ඇත්තේ මනා පුහුණුවකි. බසයේ පිටුපස දොරටුවෙන් ඇතුළුවන මොවුන් බසයේ ඉදිරිපස දොරටුවට ළඟාවනතෙක්‌ කාන්තාවන් හා තරුණියන් කීප දෙනෙකුම තම බාල ආශාවන් සන්සිඳුවා ගැනීම සඳහා රහසේ ග්‍රහණයට ලක්‌කර ගන්නා බව පාසල් සිසුවියෝ පවසති.
     
     කළුතර – අළුත්ගම බස්‌රථවල ගමන් ගන්නා කාන්තාවන් අපහසුතාවට පත්කරන විකෘති ලිංගික ආශාවන් ඇති නොමිනිසුන් අත්අඩංගුවට ගන්නා ලෙස ප්‍රදේශ කීපයකම කාන්තාවෝ වගකිවයුතු ඉහළ පොලිස්‌ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

    [rns_reactions]

  • අධික ලාභය ජනතාවට හිමිකරදෙමින් පෙට්‍රල් හා ඩීසල් මිල අද හෙටම අඩුවන ලකුණු..!

    ඉදිරි දින කිහිපයේදී  තෙල් මිල අඩු කිරීම සඳහා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණයක් ගෙන ඇතැයි වාර්තා වේ.

    පසුගිය මාස කිහිපයේදී ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලබා ඇති ප්‍රගතිය සහ අයවැය ඉලක්ක කර මෙම තීරණය ගෙන ඇති බවද වාර්තා වේ. 

    ඊයේ (31දා) ඛනිජතෙල්  අමාත්‍යාංශයේදී තොග සමාලෝචන කමිටුව රැස්වී ඇති අතර, එහිදීද මේ බව සාකච්ඡා වී තිබේ.

    ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ලාභය අගෝස්තු මාසයේදී රුපියල් මිලියන 7,729ක්ද, සැප්තැම්බර් මාසයේදී රුපියල් මිලියන 9,630ක්ද වූ බව පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී අණාවරණය  විය.

    ඒ අනුව ඉදිරි දින කිහිපයේදී ඩීසල් සහ පෙට්‍රල් මිල සැලකිය යුතු මට්ටමින් අඩු කිරීමට තීරණය වී ඇති බව වාර්තාවෙයි.

    [rns_reactions]

  • සුපර් ස්ටාර් තුලින් මුළු රටේම ආදරය දිනාගත් ශිහාන් මිහිරංගගේ අද තත්වය මෙන්න..

    අපේ රටේ වර්තමාන සංගීත පරපුරේ ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම ගිය තරුවක් තමයි ශිහාන් මිහිරංග කියන්නෙ. යෞවනයේ සිහින කුමරා ලෙසින් හඳුන්වන ශිහාන්ගේ අලුත්ම තොරතුරු ඔහු පහුගිය දවසක මාධ්‍යට කියලා තිබුණා.
     
    ශිහාන් මිහිරංග කියන ගායකයා ජීවිතේ වැඩියෙන්ම සතුටක් ලබන්නේ මොනවගේ දේවල්වලින්ද කියලා මුලින්ම කියන්න?
    නිදහස තුළින්…. මේ හැමදේකින්ම නිදහස් වෙලා ගෙවන තත්පරය පවා මට ලොකු සතුටක්.
     
    එතකොට ඔබ වැඩියෙන්ම දුක් වෙන්නේ…?
    මම ජීවිතය ගොඩනගන විට බිංදුවට වැටුණු අවස්ථා තිබුණා. රැවටීම්වලට ලක්වූ අවස්ථා තිබුණා. වැරදුණු අවස්ථා තිබුණා. ඒවා කියන්න ගියොත් මේ රටේ ප්‍රසිද්ධ චරිත කීදෙනකුට එළියට එන්න වෙයිද දන්නෑ.
     
    ඔබට දුක් දුන්නේ ප්‍රසිද්ධ චරිතද?
    මම කතා කරන්නේ අවුරුදු 19 වෙනකල් ගෙවිලා ගිය සැහැල්ලු ජීවිතේ නමෛයි. කිසිදෙයක් දන්නේ නැති අවුරුදු 19ක පාසල් ශිෂ්‍යයකු විදියට ක්‍ෂේත්‍රයට ඇවිල්ලා මේ අවුරුදු 12 තුළ විඳි අනන්ත අප්‍රමාණ අත්දැකීම් හා ඊට දායක වූ අය ගැන.
     
    ඒවා ප්‍රසිද්ධියේ කියන්න ගියොත් ඇති වන අතුරු ප්‍රශ්න ශිහාන්ට තවත් දුකක් එකතු කරයි කියලා බයක් තියෙනවාද?
    කිසිම බයක් නැහැ. ඉදිරියේදී මම ‍පොතක් විදියට ඒ සිදුවීම්වලට සම්බන්ධ අයගේ නම් ගම් සහිතව ඒ හැමදේම ලියනවා. කලාවට එන අලුත් කොල්ලෙකුට මුහුණ දෙන්න සිදුවන සැබෑම කටුක අත්දැකීම් ඇතුළත් ඒ ‍පොත නිකුත් වුණාට පස්සේ මම ‍නෙවෙයි බොහෝ ප්‍රසිද්ධ, ප්‍රවීණ චරිත නම් බයවෙයි.
     
    කලාව හැරුණාම සමස්ත ජීවිතය තුළදීම විඳි සතුටුදායක හා දුක්බර අත්දැකීම් සිහිපත් කළොත් ?
    අවුරුදු 28 වෙද්දී මම තාත්තා කෙනෙක් වුණා. 30 වෙද්දී දරු දෙන්නෙකුගේ තාත්තා කෙනෙක් වුණා. ඒක තමයි සතුටුම අත්දැකීම. දුක්බර අත්දැකීම මගේ තාත්තාගේ අභාවය. ඇත්තටම තාත්තා නැතිවුණ දා දැනුණු දුකට වඩා දුකක් දැනෙන්නේ අද ජීවිතේ යම් ප්‍රශ්න ආවම “තාත්තා හිටියනම්” කියන හැඟීම හිතට එන වෙලාවටයි.
     
    අද තිස් දෙවැනි වියේ ඉඳන් සුපර් ස්ටාර් තුළින් ආපු 19 වැනි වියේ පසුවූ හුරුබුහුටි ගැටවරයා සිහිපත් කරන කොට දුකක් හිතට එනවාද?
    දුකක් එන්නෙත් නැහැ. සතුටක් එන්නෙත් නැහැ. ලොකු ලැජ්ජාවක් නම් එනවා. (මහ හඩින් සිනාසෙයි)
     
    ඇයි ඒ ?
    මට මතකයි ඒ දවස්වල ගෑනු ළමයිගෙන් මට ලොකු ආකර්ෂණයක් තිබ්බා. ඒවා දකින කොට සමහර කොල්ලෝ කියනවා. “ඇයි මූට මැරෙන්න හදන්නේ… මූට මොනවාද තියෙන්නේ” කියලා. වයස 19-20 මගේ පින්තූර, වීඩියෝ අද දකිද්දී මට පෙනෙන්නේ ඇට සැකිල්ලකට ඇඳුමක් අන්දලා වගේ පෙනුමක්. ඒ පින්තූර දකිද්දී මටත් අද හිතෙනවා “කෙල්ලෝ මූට මැරෙන්න හැදුවේ ඇයි… මූට මොනවද තියෙන්නේ” කියලා.
     
    ඒ කියන්නේ ශිහාන් වඩා සතුටු වන්නේ අද තියෙන පෙනුමට…?
    නෑ. හෙට දවසේ පෙනුමට. රැවුල ටිකක් සුදුවෙලා, කොණ්ඩෙ ලාවට සුදුවෙලා, මූණ ටිකක් වෙනස් වෙලා, ඇඟපතත් වෙනස් වෙලා වැඩිහිටි බවක්, පරිණත පෙනුමක් ලැබෙන තුරු මං ආශාවෙන් බලාගෙන ඉන්නවා.
     
    ශිහාන් තැනකට ගියාම ගෑනු ළමයි පිස්සු වැටිලා වටකර ගත්තු යුගය අද සිහිවන විට දැනෙන්නේ සතුටක්ද දුකක්ද? 
    සතුටකුත් නමෛයි, දුකකුත් නමෛයි. සාමාන්‍ය හැඟීමක්.
     
    ඔහොම කිව්වට විවාහයත් එක්ක කාන්තා ආකර්ෂණය අඩුවෙලා ගිය එක ගැන නම් පුංචි දුකකුත් හිතේ ඇති?
    (හිනැහී) අවිවාහක තරුණයන්ට ලැබෙන කාන්තා ආකර්ෂණය නම් විවාහයත් එක්ක නැතුව ගියා. හැබැයි ඉතින් විවාහක පිරිමින්ට ආකර්ෂණය වන කාන්තාවෝ පිරිසකුත් මේ රටේ ඉන්න බව ඔයා තවම දන්නේ නැතුව ඇති.
     
    මම ඕක ඔය විදියටම ලියන්නම්. හැබැයි ඔබේ බිරිඳ මේ පුවත්පත් ලිපිය කියවීමෙන් ඇතිවන ප්‍රතිඵල ඔබට ලොකු දුකක් ඇති කරන්න බැරි නැහැ.?
    මගේ බිරිඳට කලා ලෝකයේ ස්වභාවය ගැන හොඳ වැටහීමක් තියෙනවා. අදටත් මගේ කාමරේ බිත්ති පුරා ඉන්නේ කාජල්. ඒත් කාජල් බැඳලා ළමයිනුත් ඉන්නවා. මට අද කාජල්ව බඳින්න ලැබුණොත් මම මෙයාව බඳිනවා කියලා මම බිරිඳට දැනටත් කියන අවස්ථා තියෙනවා. අදත් ශිහාන් මිහිරංගට ආදරේ කරන කාන්තාවෝ ඉන්න බව බිරිඳ දන්නවා. ඒත් ඇය ඒ ගැන කලබල වෙන්නේ නැහැ.

    [rns_reactions]

  • ජනප්‍රියත්වයට හානියක් වේ යැයි සිතා දෙවනි ඉණිමේ අනුහස් කාටත් හොර රහසේම යුගදිවියට!

    මේ දිනවල දෙරණ නාළිකාවේ විකාශය වන දෙවන ඉණිම නාට්‍යයේ අනුහස් නම් ප්‍රධාන චරිතයට පණ පොවන රවීන් කණිෂ්ක පසුගියදා යුග දිවියට පිවිස තිබෙනවා. ඔහුගේ විවාහය අතිශය රහසිගතව සිදුව ඇත්තේ කළක් ඔහු සමඟින් ප්‍රේම සම්බන්ධතාවක් පැවැත්වූ පෙම්වතිය සමඟින්.

    රවීන්ගේ විවාහය සඳහා පවුලේ ළඟම ඥාතීන් පමණක් සහභාගී වී ඇති අතර ඔහු සමඟින් ක්ෂේත්‍රයේ එදිනෙදා වැඩකටයුතු කරගෙන යන සමීපතමයින් කිහිදෙනෙකුට විවාහය සඳහා ආරාධනා කර තිබෙනවා.

    රවීන්ගේ විවාහය සඳහා සහභාගී වූ පිරිසට ස්තූති පත්‍රිකාවක් හෝ ලබාදීම මෙහිදී සිදුකර නැති බවත් විවාහයේ මංගල ඡායාරූපය පවා ප්‍රින්ට් නොකොට තැබීමට ඔවුන් තීරණය කර තිබූ බවයි අපවෙත තොරතුරු වාර්තා වන්නේ.

    පසුගිය 26 වනදා වෝටර්ස් ඒජ් හිදී මෙම විවාහය සිදුව ඇති අතර එහි පැමිණ සිටි පිරිසගෙන් විශේෂ ඉල්ලීමක් සිදුකර රවීන් පවසා ඇත්තේ විවාහයේ කිසිදු ඡායාරූපයක් සමාජජාලවලට එක් නොකරන ලෙසටයි. එලෙසින් මෙම විවාහය රහසිගතව සිදුකර ඇත්තේ ඔහුගේ ජනප්‍රියත්වයට විවාහය ප්‍රසිද්ධ කිරීමෙන් යම් ආකාරයක බලපෑමක් වේයැයි සිතූ නිසා බවටයි ක්ෂේත්‍රයේ පිරිස් පවසා සිටින්නේ.

    මේ අතර පසුගියදා රවීන් හා නයනතාරා එක්ව මංගල ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට එක්කර තිබුණු අතර රවීන්ගේ සැබෑ ජීවිතයේ විවාහයට සමගාමීව එම ඡායාරූප ප්‍රසිද්ධයට පත්කර තිබුණේ එම විවාහය පිළිබඳව ඔහුගේ රසිකයින්ගෙන් සඟවා සිටින්නට බවටයි මේ වන විට තොරතුරු දැනගන්නට ලැබෙන්නේ.

    [rns_reactions]

     

  • ගවමස් කඩයේ අයිතිය ඥානරතන හිමිට” – සැපයුවේ නැත්නම් ටෙන්ඩරය අවලංගු කරනවා , ප්‍රාදේශීය සභාව..

    මතුගම නගරයේ ගව මස් වෙළදසැළේ  2018 වර්ෂය සඳහා ටෙන්ඩරය බෞද්ධ භික්ෂුන් වහන්සේ නමක් විසින් ලබාගෙන ඇති බවට වන පුවතක් වාර්තා වනවා. 

    මතුගම ප්‍රාදේශීය සභාවේ ගව මස් කඩය 2017 වර්ෂය සඳහා ටෙන්ඩර් මුදල රුපියල් 22,60,150ක් වූ අතර 2018 වර්ෂයේ අවම ටෙන්ඩර් මුදල රුපියල් 24,86,165ක් විය යුතු බව ප්‍රාදේශීය සභාව නිවේදනය කර තිබුනා. ඒ අනුව දැනට මස් කඩය පවත්වාගෙන යන මොහොමඩ් ෆාසී මොහොමඩ් පබ්ලිස් හා මාවිට ඥානරතන හිමි ගව මස් වෙළදසැළ සදහා ටෙන්ඩර් ඉදිරිපත් කර තිබුනා. පසුගිය 27දා ටෙන්ඩර් විවෘත කිරීමේදී මොහොමඩ් ෆාසී  27,16,000ක් ලංසු තබා තිබූ අතර මාවිට ඥානරතන හිමියන් රුපියල් 32,25,622ක මුදලකට ලංසු තබා ඇත. ටෙන්ඩර් පත් අනුව 2018 ජනවාරි සිට මතුගම ගව මස් කඩය ඉතිහාසයේ ප්‍රථම වරට බෞද්ධ භික්ෂුන් වහන්සේ නමකට හිමිව ඇත.

    ගව මස් කඩ ටෙන්ඩරය ලබාගත් මාවිට ඥානරතන හිමියෝ ප්‍රකාශ කරන්නේ මතුගම ගවමස් කඩය වසා දමන්නැයි 2015 වසරේදිත් ඊට පසුවත් කිහිප අවස්ථාවකදී ප්‍රාදේශීය සභාවෙන් ඉල්ලීම් කළත් නීතිමය ගැටලු නිසා එය ඉටුකළ නොහැකි බව ප්‍රාදේශීය සභාව ප්‍රකාශ කළ බවයි. ඒ අනුව 2018 වර්ෂයේ මස් කඩ ටෙන්ඩරය ලබාගෙන සභාවට බදු මුදල් ගෙවා මස් කඩය වසා දැමීමට පියවර ගන්නා බව මාවිට ඥානරතන හිමියෝ පවසනවා. දකුණු ආසියාවේ උසම හිටි පිළිමය පිහිටි මතුගම ඓතිහාසික පූජනීය නගරයක් බවත් සතිපොළ පැවැත්වෙන ඉරිදා හා බදාදා දිනවලදී දිනකට ගවයන් දෙදෙනකුගේ මස් අලෙවි කරන තත්ත්වයක් ඇති නිසා මෙම පියවර ගත් බවත් මේ සඳහා මහා සංඝරත්නයේත් බෞද්ධ ජනතාවගේත් විශාල ඉල්ලීමක් හා සහයෝගයක් ඇති බවත් ඥානරතන හිමියෝ මාධ්‍යයට පවසා තිබුනා.

    කෙසේ වෙතත් මේ පිළිබඳව  මතුගම ප්‍රාදේශීය සභාවේ ලේකම් අසෝක රණසිංහ පවසා සිටියේ වැඩිම ටෙන්ඩර් මුදලට මස් කඩය හිමිවන නමුත් ටෙන්ඩර්කරු ගිවිසුම් ප්‍රකාරව කටයුතු කළ යුතු බවයි. ඒ අනුව දින හතකට වඩා මස් කඩය වසා තැබිය නොහැකි බවත් ගිවිසුමේ නීති කඩකළහොත් අදාළ ටෙන්ඩරය අවලංගු වන බවත් අසෝක රණසිංහ වැඩි දුරටත් සදහන් කර තිබුනා.

    [rns_reactions]

  • සංවර්ධන ව්‍යාපෘතියක් නිසා පීඩා විදින අපේම ජනතාවක් ගැන ඇත්ත කතාවක්…

    මහාමාර්ග ප්‍රතිසංස්කරණයේදි ඇතිව තිබෙන දුර්වලතාවයක් නිසාවෙන් පිඩා විදින ජනතාවගේ ගැටළුව විසදීම සදහා නිසි බලධාරීන්ගේ අවධානය හැකි ඉක්මණින් යොමුවිය යුතු බව අප තරයේ විශ්වාස කරන්නෙමු..

    https://www.facebook.com/supirigossip1/videos/1485736164795318/

    [rns_reactions]

  • ‌ජීවිත උඩු යටිකුරු වෙන ලබන සතියේ සිකුරු මාරුවෙන් ඔබේ ලග්නයට වෙන බලපෑම .!

    ජ්‍යෝතිෂ්‍යය පිළිබදව උනන්දුවක් දක්වන සියලූම දෙනා එලබෙන නොවෙම්බර් මස තුන් වෙනිදා සිදුවන සිකුරු මාරුව පිළිබදව දැනටමත් දන්නවා විය යුතුය, සිකුරු මාරුව පිළිබදව සහ ඉන් සිදුවන බලපෑම පිළිබදව දැන ගැනීමටද බොහො දෙනා උනන්දුවක් දක්වයි. සිකුරු මාරුව පිළිබදව ජෝතීර්වේදී සම්පත් එස් කල්පගේ සැකසු පලාඵල සටහන පහතින්.

    ක්‍රි.ව. 2017 නොවැම්බර් 03 වැනි සිකුරාදා දින හරියටම මධ්‍යම රාත්‍රී 00.03 (12.03) ට බුධ හිමි කන්‍යා රාශියේ නීච ව සිට සිය මූලත්‍රිකෝණ වාසභවන වන සිකුරුටම අයත් තුලා රාශියට ශූක්‍ර පිවිසෙනු ඇත. 
     
    මෙම ග්‍රහ මාරුව හේතුකොට ගෙන මසකට ආසන්න ඉදිරි කාලසීමාව තුළ රට තුළ  වැසි තත්ත්වයේ වර්ධනයක්‌ වන අතර ගං වතුර හා කාලගුණ වෙනස්‌කම්ද බහුල වනු ඇත. විශේෂයෙන් නඵ නිළියන් හා ස්‌ත්‍රීන්ට මෙම කාලසීමාව ඉතාම සුබදායකය. එසේම තරුණ තරුණියන් අතර ප්‍රේම සම්බන්ධතා බහුලව ඇති වේ. විවාහ ආශ්‍රිත කටයුතු මෙන්ම රෙදිපිළි හා විසිතුරු භාණ්‌ඩ සම්බන්ධ කටයුතුවලට මෙම ග්‍රහ මාරුව ආශ්‍රිත කාලය ඉතාම සුබ දායක වනු ඇත. 
     
     පොදුවේ ලග්න වශයෙන් ගත් කළ සිකුරු තුලාවට පිවිසීම හේතුවෙන් පහත සඳහන් ප්‍රතිඵල උදාවනු ඇත. 
     
     මේෂ

    ඔබට මෙම සිකුරු මාරුව සමඟ සිකුරු මලවි යෝගය උදා කරමින් ඔබගේ ජන්ම පතේ 7 වැන්නට පිවිසෙනු ඇත. ඒ අනුව ඔබට විවාහ වාසනා උදාවනු ඇත. අලුතින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමටත් මෙම කාලය සුබයි. යාන වාහන මෙන්ම විසිතුරු දේවල් හිමි වන කාලයකි. එසේම බිරිඳගේ පාර්ශවයෙන් දායාද හිමි වනු ඇත. පපුවේ සෙම් අමාරු හා ලේ සම්බන්ධ රෝගාබාධ ඇතිවිය හැකිය. රෝහල්ගත වීමේ අවධානමකුත් තියෙනවා. සෙම් රෝග බහුල වන අතර යුගදිවි සමගියට සුබදායක වනු ඇත.
     
     වෘෂභ

    මෙම කාලයේ නෑයෙක්‌ හෝ හිතවතුන් සමඟ අමනාප වීමට ඉඩ ඇත. බලාපොරොත්තු වූ ණයක්‌ ලැබෙයි. කාර්ය බහුල කාලයකි. සහෝදරයන්ට අසුබ වෙයි. කෙටි ගමන් බිමන් නම් අධික වේවි. විමසිලිමත් වීම වැදගත්. අනතුරුවලට ලක්‌විය හැකිය. 
     
     මිථුන

    ඔබගේ ජන්ම පතේ 5 වැන්නට සිකුරු පිවිසීමත් සමඟින් ඔබට පින්වත් දරුවන් ලැබීමේ වාසනාව හිමිවනු ඇත. පවුලේ හෝ හිතවතෙකුට ඇතිවන අසනීප තත්ත්වයන් නිසා ඔබට බොහෝ කාලය ශ්‍රමය, ධනය ඒ වෙනුවෙන් ගත කිරීමට සිදුවනු ඇත. පසුගිය දිනවල පැවති බාධා යම් පමණක ඉවත් වෙයි. තනතුරු ලාභ ලැබෙයි. උසස්‌ අධ්‍යාපන කටයුතු සාර්ථක වන අතර අලුතින් අරඹන කටයුතු මේ කාලයේ සාර්ථක වේ. එසේම මේ කාලසීමාව තුළ ශරීර සෞඛ්‍ය පිරිහීමට හැකියාව පවතිනවා. සිතේ ඇතිවන මානසික අසහනය දුරු වෙයි. දරුවන්ගේ දියුණුවට කටයුතු යෙදේ.
     
     කටක

    ඔබගේ ජන්ම පතේ 4 වැන්නට සිකුරු පිවිසීමත් සමඟින් ඔබට මාලවි යෝගය උදා වීමත් සමඟින් ගේ දොර ඉඩකඩම් යාන වාහන මෙන්ම මැණික්‌ සම්පත් හිමි වනු ඇත. මෙම කාලසීමාව පින්වත් දරුවන් ලැබීමේ වාසනාව හිමි වනු ඇත. පසුගිය දිනවල පැවති බාධා යම් පමණක ඉවත් වෙයි. තනතුරු ලාභ ලැබෙයි. උසස්‌ අධ්‍යාපන කටයුතු සාර්ථක වන අතර අලුතින් අරඹන කටයුqතු මේ කාලයේ සාර්ථක වේ. එසේම මේ කාලසීමාව තුළ ශරීර සෞඛ්‍යය පිරිහීමට හැකියාව පවතිනවා. සිතේ ඇතිවන මානසික අසහනය දුරු වෙයි. දරුවන්ගේ දියුණුවට කටයුතු යෙදේ. පවුලේ හෝ හිතවතෙකුට ඇතිවන අසනීප තත්ත්වයන් නිසා ඔබට බොහෝ කාලය, ශ්‍රමය, ධනය ඒ වෙනුවෙන් ගත කිරීමට සිදුවනු ඇත. 
     
     සිංහ

    ලග්නයෙන් 3 වැන්නේ සිකුරු ගමන් කරන මෙම කාලසීමාව ඔබගේ සමාජ පිළිගැනීම, ප්‍රසිද්ධිය හා කීර්තිය ඉහළ යනු ඇත. විවාහ ජීවිතයේ පැවති කරදර හා බාධා මෙම කාලසීමාව තුළ පහව යනු ඇත. හදිසි ගමන් බිමන් යැමට නිතර අවස්‌ථාව සැලසෙන අතර වන්දනා ගමන් හා දුර ගමන්ද යෙදීමට ඉඩ ඇත. ශරීර සැප ලැබීම හා විවාහ වාසනා ඇතිවීමට ඉඩ ඇත. සහෝදරයෙකුට අපලතාවක්‌ පෙනේ. 
     
     කන්‍යා

    සිකුරු ඔබේ ලග්නයෙන් 2 වැන්නේ ගමන් කරන මෙම කාලය ධන සම්පත් ඉහළ යන කාලයකි. මෙතෙක්‌ කාලයක්‌ අඩාලව පැවති යම් යම් කාරණා ඉටුවන කාලයකි. විවාහ බාධා ඇතිවීමට ඉඩ ඇත. සහෝදරයෙකුට අපලතාවක්‌ පෙනේ. ලැබීම් නොසිතූ ලෙස ඉහළ යන කාලයකි. දේශපාලනයේ නිරත අයට සුබදායක වනු ඇත.
     
     තුලා

    ඔබගේ තුලා ලග්නයේ ලග්නාධිපති සිකුරු ලග්නයේ ගමන් කිරීම මත සතුරු කරදරයකින් ජයගත හැකිය. බලාපොරොත්තු වූ ණය මුදලක්‌ ලැබීමටද හැකියාව ඇත. මුත්‍රා අමාරු හෝ සෙම් රෝග ඇතිවීමට ඉඩ ඇත. ඔබට මෙම කාලය මිශ්‍රඵල දායක වේ. අසනීපවලින් යම් සුවයක්‌ අත්වේ. ගෘහ ජීවිතය තුළ අය පක්‌ෂය ඉහළ යනු ඇත. 
     
     වෘශ්චික

    හදිසි ගමන් බිමන් යැමට නිතර අවස්‌ථාව සැලසෙන අතර වන්දනා ගමන් හා දුර ගමන්ද යෙදීමට ඉඩ ඇත. ඇස්‌වහ කටවහ දෝෂ හටගැනීමේ ප්‍රවණතාවක්‌ ඇත. රෙදිපිළි හා වස්‌තු ලාභ ලැබෙන කාලයකි. ශරීරයේ අලංකාරයට අවශ්‍ය දේ මිලදී ගැනීමට අවස්‌ථාව ලැබෙන අතර නමුත් මෙම කාලයේදී ප්‍රනීත රසමුසු ආහාරද එතරම් නොලැබීමේ හැකියාව පවතී.
     
     ධනු

    ඔබගේ 11 වැන්නේ තැන්පත් සිකුරු ඔබගේ ආදායම් තත්ත්වය ඉහළට ගෙන යනු ඇත. ඇස්‌ රෝග හා මුත්‍රා අමාරු ඇතිවිය හැකිය. මේ කාලයේදී තම ශරීර සෞඛ්‍යය ගැන විමසිලිමත් වීම වැදගත්. විශේෂයෙන් අහුවෙන්නේ නැති ලෙඩ හැදෙන්න පුළුවන්. ඒ නිසා සුබ වගේම අසුබ ඵලත් ලැබෙනවා. මේ කාලසීමාව තුළ ශරීර සෞඛ්‍යය පිරීහීමට හැකියාව පවතිනවා. නමුත් ආදායම් තත්ත්වය යම් ප්‍රමාණයකට වර්ධනය වේවි. සමාජ සේවා පොදු කටයුතුවලින් ගෞරවය හා පිළිගැනීම ඔබට ලැබේවි. පරම්පරාගත දේපළ වාසි හිමිවේ. 
     
     මකර

    සිකුරු 10 වැන්නේ ගමන් කරන මෙම කාල සීමාව තුළ රැකියාවේ උසස්‌ වීම් වගේම වෙනස්‌වීම්ද බලාපොරොත්තු විය හැකිය. නීතියට එරෙහිව කටයුතු කිරීම නිසා මුදල් හෝ රැකියාවේ පාඩු සිදු විය හැකිය. සේවක ගැටළු හා ගෘහ නිර්මාණයකට සම්බන්ධව ගැටළු පැන නැඟීමට හැකිය. වා, පිත් සම්බන්ධ රෝගාබාධ හටගැනීමට අවස්‌ථා ඇත. ස්‌වයං රැකියාවල නිරත වන්නන්ට සුබදායකය. රෝගවලට හරියට ප්‍රතිකාර නොගත්තොත් ඒවායේ සුවය ප්‍රමාද වනු ඇත. ගෘහ ජීවිතය සතුටුදායකය.

    කුම්භ

    9 වැන්නේ සිකුරු ගමන් කරන මෙම කාලය සතුරු කරදර ඇති වන අතර රෝග පීඩා හා අස්‌ථාන බිය ඇති වනු ඇත. රැකියාවේ උසස්‌වීම් බලාපොරොත්තු විය හැකිය. පවුල් ජීවිතය යහපත් වන අතර ආදායම් තත්ත්වය ඉහළ යනු ඇත. අලුතින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමටත් මෙම කාලයේදී සිත යොමු වේ. තරග විභාගවලින් ජය හිමි වනු ඇත.
     
     මීන

    එදිනෙදා කටයුතුවලදී යම් ආවේගශීලි තත්ත්වයක්‌ දක්‌නට ලැබේ. උසස්‌ කෙනෙකු හෝ අසල්වාසීන් සමඟ අමනාප වීමට ඉඩ ඇත. දරුවන්ගේ කටයුතු වර්ධනය වන අතර රැකියාවේ අනාගතයට සාර්ථක අවස්‌ථා ඇතිවිය හැකිය. සමාජයේ පිළිගැනීම ඇතිවන අතර ඔබට අසල්වැසියන්ගෙන් නම් පොඩි පොඩි බාධාද ඇතිවිය හැකිය. 

     

    [rns_reactions]

  • රටම කතාවෙන සයිටම් ගැන රජයේ අවසාන තීරණය මෙන්න…

    සයිටම් ආයතනය භාරකාර මණ්ඩලයක් යටතේ පවතින අධ්‍යාපන ආයතනයකට පැවරීමට රජය තීරණය කර ඇති බව දේශපාලන ආරාංචි මාර්ග පවසනවා.

    සයිටම් ආයතනය සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා ජනාධිපතිවරයා විසින් ඉකුත්දා නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත් කළා.

    සයිටම් ආයතනය සම්බන්ධයෙන් ගතයුතු පියවර පිළිබඳ දින 10 ක් තුළ වාර්තාවක් ලබාදෙන ලෙසයි ජනාධිපතිවරයා එම කමිටුවට දැනුම් දී තිබුණේ.

    එම වාර්තාව මේ වනවිට ජනාධිපතිවරයා වෙත භාරදී ඇති අතර ඊට අනුව සයිටම් ආයතනය භාරකාර මණ්ඩලයක් යටතේ ඇති අධ්‍යාපන ආයතනයක් වෙත පැවරීමට යෝජනා කර තිබෙනවා.

    මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න උසස් අධ්‍යාපන අමාත්‍ය ලක‍ෂ්මන් කිරිඇල්ලනියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා හා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයා ඇතුළු පාර්ශව කිහිපයක් ඉකුත් 23 වනදා විශේෂ සාකච්ඡාවකද නිරත වී ඇති බවයි අපට  වෙත වාර්තා වුණේ.

    සයිටම් ආයතනය පිළිබඳ රජයේ අවසන් තීරණය මෙම සතිය තුළ ප්‍රකාශයට පත් කරන බව උසස් අධ්‍යාපන අමාත්‍යවරයා මීට පෙර කියා සිටියා.

    කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් නිල ප්‍රකාශයක් සිදු කර නැහැ.

    [rns_reactions]

  • වාහන වලින් යන්නවුන් බිළිගන්නා බව කියන ‘පල්ලමේ මනමාලි ‘

    මනමාලිගෙ පල්ලම’ අපට මේ නම අසන්නට ලැබුණේ පසුගිය දිනක බී 146 දරණ ඌරාපොළ – කිරිඳිවැල – හංවැල්ල මාර්ගය ඔස්සේ එමින් සිටියදී අතරමඟදී හමුවන රතඹලේ ප්‍රදේශයේ ගැමියෙකුගෙනි.

    “ඔය මනමාලිගෙ පල්ලම පහුකරලා ටික දුරක් ගිහම….” ඔහු අප විමසා සිටි ගමනාන්තය දක්වා සිටියේ එලෙසිනි.

    “මොකක්ද මනමාලිගෙ පල්ලම කියන්නේ?”

    විමසූ කාරිය පසෙක තිබිය දී මම ඔහුගෙන් අසා සිටියෙමි.

    “ඔතන මහපාරෙ මිනිස්සු බිලිගන්න තැනකට. අවුරුද්දකට පාරක් අඩුම ගාණෙ කවුරුහරි බිලිවෙනවාම තමයි. සමහර අවුරුදු වල දෙතුන් දෙනෙක් බිළිවෙන අවස්ථාත් තියෙනවා.” හෙතෙම කීය.

    “ඉතිං මොකද ඔතනට මනමාලිගෙ පල්ලම කියන්නේ?”

    “දැන් කාලෙකට ඉස්සර කසාද බැඳලා යන මනමාලියෙක් ඔය පල්ලමේ දී වාහනේ ඇක්සිඩන්ට් වෙලා මැරුණා. ඊට පස්සේ දිගින් දිගටම ඔතන ඇක්සිඩන්ට් වෙනවා. රෑ කාලෙ තමයි වැඩිපුරම ඇක්සිඩන්ට් වෙන්නේ. සමහරු කියන්නේ ඒ මැරිච්ච මනමාලිගෙ අවතාරෙ මහ රෑ එක සැරේටම පාරට පනිනවා. එතකොට ඩ්‍රයිවර්ලට කර කියා ගන්න දෙයක් නැතිව ඇක්සිඩන්ට් වෙනවා කියලයි. එහෙම තමයි ඔතන මිනිස්සු බිලිගන්නේ” හෙතෙම කීය.

    ඔහුගේ එම කීම මනඃකල්පිතයක් නොවන බව අපට එත්තු යන ලද්දේ ඉන් කිලෝමීටර් කිහිපයක් ඔබ්බෙන් පිහිටි කිරිඳිවැල ප්‍රදේශයේ අප ගිය නිවසේ හිතවතුන්ද එම ‘මනමාලිගේ පල්ලම’ පිළිබඳව බොහෝ දේ අසා තිබූ බැවිනි.

    “එකම තැනක මේ විදිහට අනතුරු සිද්ධ වෙන්න මොකක් හරි විශේෂ හේතුවක් තියෙනවා. ඒ වගේම මිනිස්සු තැති ගන්වන දෙයක් ඔතනදී දර්ශනය වෙනවා කියන එක අපිට ‍මුළුමනින්ම බැහැර කරන්නත් බැහැ.”

    අප හිතවත් පවුලේ සමාජිකයෙක් එසේ කීය.

    සාමාන්‍යයෙන් මහා මාර්ගයේ විවිධ ස්ථානයන්හි වැඩිපුර අනතුරු සිදුවීමේ සම්භාවිතාවක් ඇත. අප මෑතක දී කළ විමසුමකට අනුව කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ ජා ඇල පිවිසුමේ ද මෙබඳු අනතුරු බහුල ස්ථානයක් ඇත. වංගු ආදී කිසිවක් නොමැති හා සමතල මතුපිටකින් යුත් එම ප්‍රදේශයේ මේ දක්වා දස දෙනෙකු මරණයට පත්ව ඇති බැවින් ප්‍රවේශමෙන් රිය පදවන ලෙස ජා ඇල සිංහ සමාජය මගින් එහි නාම පුවරුවක්ද සවිකොට තිබේ.

    මෙලෙස හඳුනාගත නොහැකි හේතුවක් මත එකම ස්ථානයක අනතුරු බහුලව සිදුවන විට ඒ සඳහා ගුප්ත අර්ථකතනයක් ලබා දීම ලොව පුරාම සිදුවන්නකි. එම අර්ථකතන වලින් බහුලවම අසන්නට ලැබෙන පොදු අර්ථකතනයක් ද ඇත. එනම් මනාලියක හෝ හෝ සුදු ඇඳගත් කාන්තවක හිටි හැටියේ මහා මාර්ගය ඉදිරියෙන් මතුවීම නිසා බියපත් වන රියදුරන්ට රථය පාලනය කර ගත නොමැකිව මෙම අනතුරු සිදුවන බවකි. ජා ඇල අනතුරු සම්බන්ධයෙන් ඇත්තේද එබඳුම නිදාන කථාවකි.

    මෙසේ මිනිසුන් බිය ගන්වන කාන්තාව ලොව පුරා හැඳින්වෙනුයේ ‘සුදු නෝනාගේ අවතාරය’ (White Lady Ghost) යනුවෙනි.එහෙත් ඇය අත්භූත කාන්තාවක නොවේ.

    බොහෝ වේලාවක් අඛණ්ඩව ඉදිරිය බලා ගනිමින් රිය ධාවනය කරන විට රියදුරන් තුළ ස්වයං මෝහන තත්ත්වයක් ඇති විය හැකි අතර මෙය හැඳින්වෙනුයේ ‘මහාමාර්ග මෝහනය’ (Highway Hypnosis) යන නමිනි. මෙහිදී රියදුරා අර්ධ නිද්‍රාවකට පත් වන අතර රිය ධාවනයට අවශ්‍ය සංවේදීතාව අඛණ්ඩව පැවැතියද ඔහුගේ යටි සිතින් පැන නගින ‘මායා කාරී’ සිතුවිලිද තමන්ගේ නෙත ගැටෙන දර්ශන මෙන් හැඟීයා හැක. අඛණ්ඩව බොහෝ වේලාවක් රිය පදවන රියදුරන්ට තමන් පැමිණි ගමන් මගේ ඇතැම් අවස්ථා මතකයෙන් ගිලිහී යන්නේ මේ මහාමාර්ග මෝහනය නිසාද විය හැක.

    මහාමාර්ග වල ඇති සුදු කඩ ඉරි දෙස බලාත්වනම රිය පදවන විට දෙනෙත නිදි බර වීම නිසා ද මෙවැනි අර්ධ නිද්‍රාවත් සමඟ ස්වයං මෝහන තත්ත්වයක් හටගත හැක. එය හැඳින්වෙනුයේ සුදු ඉරි උණ (White Line Fever) යනුවෙනි.

    එහෙත් මේ මනමාලිගේ පල්ලමේ අනතුරු සිදුවීම සම්බන්ධයෙන් බලපවත්වන වෙනත් විද්‍යාත්මක හේතුවක් තිබේ දැයි අපි මාර්ග සංවර්ධන අධිකාරියේ විධායක ඉන්ජිනේරු (අවිස්සාවේල්ල) ඊ.ඒ.එන්.එස්. එදිරිසිංහ මහතාගෙන් අසා සිටියෙමු. එහිදී ඔහු ප්‍රකාශ කොට සිටියේ තමන්ගේ උපන්ගම සමීපයේ පිහිටි එම ස්ථානයේ සිදුවන අනතුරු සඳහා අධික වේගය සහ රියදුරාට නින්දයාම බොහෝ විට ඉවහල් විය හැකි බවයි.

    “ඔය මනමාලිගෙ පල්ලම කියන තැන ඌරාපොළ පැත්තෙ ඉඳලා එනකොට අංශක 100 ක විතර වමට වංගුවක් තියෙනවා; ඒ එක්කම පල්ලමක්. අධික වේගයකින් හෝ නිදිමතින් රිය ධාවනය කරන විට ඒ වංගුව හරි හැටි දර්ශනය වෙන්නේ නැහැ. ඒ නිසා වාහන ඒ වංගුවේ ඇති බැම්මේ ගැටීම ස්වභාවිකයි. සාමාන්‍යයෙන් මේ වගේ වංගුවල මතුපිට කිසියම් ආනතියකින් (Superelevation) සකස්කොට තිබෙනවා. එය රියදුරාට පහසුවෙන් රථය හසුරුවා ගැනීම සඳහා. නමුත් අධික වේගයකින් පැමි‍ණීමේ දී හෝ රියදුරාට නින්ද යාමක දී ඒ වාසිය බුක්ති විඳීමට රියදුරාට අවස්ථාව ලැබෙන්නේ නැහැ.

    නමුත් එක්තරා ස්ථානයක දිගින් දිගටම රිය අනතුරු වලින් මිනිසුන් මිය යන විට ඒ සඳහා ගුප්ත පුරාවෘත්තයක් මතුකරගන්නා අතර ඒ අනතුරු ‘බිළිගැනීම්’ වශයෙන් හඳුන්වන එක අපේ රටේ සාමාන්‍යයෙන් සිදුවන දෙයක්. නමුත් එම ස්ථානයට නොදුරින් වංගුවක් පෙන්නුම් කරන මාර්ග සංඥා අනුව රථයේ වේගය පාලනය කර ගත හොත් කිසිවිටකත් අනතුරක් සිදුවන්නේ නැහැ. ඒ වගේම තමන් අතින් සිදුවන වැරදි අඩුපාඩු නිසා සිදුවන අනතුරු මිය ගිය කාන්තාවකට බැර කිරීමකට සිදුවන්නෙත් නැහැ.” හෙතෙම කීය.

    [rns_reactions]

  • ‘‘මං කරපු වැඩ නිසා කෙල්ලට දොස් කියන්න එපා.‘‘ ගාල්ල මහින්දයේ සිසුවෙක් වෙඩි තබාගෙන දිවි නසාගනී

    ගාල්ල මහින්ද විදුහලේ 11 වැනි ශ්‍රේණියේ සිසුවකු පෙරේදා (10 වැනිදා) රාත්‍රී ලිපියක්‌ ලියා තබා පියාට අයත් බලපත්‍ර සහිත පතරොම් තුවක්‌කුවෙන් වෙඩි තබාගෙන සියදිවි හානිකර ගෙන තිබේ.
     
     මෙසේ දිවි නසාගෙන ඇත්තේ වටරැක නැගෙනහිර පදිංචිව සිටි කුමුදිත ආදිත්‍ය ලොකුකරවිට හෙට්‌ටිආරච්චි නමැති මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි 16 හැවිරිදි සිසුවෙකි.
     
     ඔහුගේ පියා ව්‍යාපාරිකයෙකු වන අතර මව ගුරුවරියකි. මියගිය සිසුවා පවුලේ දෙවැනි දරුවාය. ඔහු. පෙරේදා (10 වැනිදා) රාත්‍රී අටයයි දහයට පමණ නිවස පිටුපස ගසකට හේත්තුවී වෙඩිතබා ගෙන ඇති බවත් ඒ සමගම නිවැසියන් විසින් බරපතල තුවාල ලබාසිටි සිසුවා කරාපිටිය රෝහලට ගෙන ගොස්‌ ඇති අතර ඒ වනවිටත් ඔහු මියගොස්‌ සිටි බවත් පොලිසිය පවසයි.
     
     තමාගේ මරණයට කිසිවකු වගකිවයුතු නැති බවත් තමා කරන දේවල් නිසා පවුලේ අය ගොඩාක්‌ දුක්‌ වින්ද බවත් මෙම සිද්ධිය කෙල්ල නිසා කරගත් දෙයක්‌ කියලා නොකියන ලෙසත් එය මෙයට සම්බන්ධ නැති බවත් සාමාන්‍ය පෙළ ලිව්වත් මේ වගේ පීඩනයක්‌ යටතේ ලැබෙන ප්‍රතිඵලය දන්නා බවත් එම ලිපියේ සඳහන් වේ.
     
     මියගිය සිසුවාගේ මහෙස්‌ත්‍රාත් පරීක්‍ෂණය ඊයේ (11 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබූ අතර ගාල්ල පොලිස්‌ අධිකාරී වී. ඩබ්ලිව්. ගිනිගේ මහතාගේ උපදෙස්‌ පරිදි පෝද්දල පොලිසිය විසින් වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.


     




    [rns_reactions]