Category: සුපිරි Walks

  • අපි අපි ගැන තීරණ ගන්නට කාලයට ඉඩ දෙමු – නිලි උමාලි ජීවිතය ගැන කතා කරයි!

    පසුගිය සමයේ මහත් ආන්දෝලනයකට ලක්වූ සාරංගගේ සහ උමාලිගේ විවාහ ජීවිතය දෙදරා යාම සම්බන්ධයෙන් ලංකාදීප මාධ්‍යවේදී සදුන් ගමගේ විසින් උමාලිගෙන් විමසා තිබේ. එහිදී ඇය ලබාදුන් පිළිතුරු පහතින් දැක්වේ.

    ඔබගේ ජීවිතයට පහුගිය දිනවල මොකද වුණේ?

    ඇයි මොකද වුණේ?

    ඔබ සහ ඔබගේ සැමියා විරසක වුණාය ආදී වශයෙන් පළවූ බොහෝ දේ අහන්න දකින්න ලැබුණා. එහෙම නේද?

    සමාජයේ එක් එක් මට්ටම්වල ඉන්නේ. ඒ අය හිතන පතන දකින කරන කියන විදිහ වෙනස්. කලාකරුවන් ජනප්‍රිය වූ නිසාම ඔවුන්ගේ ජීවිත අලලා වගකීමකින් තොරව කවරෙකු හෝ පුවත් පළ කරනවනම් ඒක ඒ කලාකරුවන්ට කරන ලොකු අසාධාරණයක්. මට අදාළ නොවන කිසි දෙයක් මම භාර ගන්නේ නැහැ. ඒ නිසා තමයි ඔය කියන ඕපාදූප කතා අතරේ මම මිහඬව සිටියේ. මොකද ඒවා මට අදාලම නැති නිසා. පුවත් මැව්වා නම් ඒ මවපු අය වගේම විශ්වාස කල අයත් ඒවා භාර ගනීවි.

    ආදරේ කතන්දරේ
    රහසේ පිටුවක් පෙරලුණා..

    මේ සුන්දර ගීතය ඔබ දෙදෙනා ගැයුවේ විවාහ උත්සව දිනයේදීයි. අද කොහොමද එය දැනෙන්නේ?

    එය සුන්දර දවසක්. ඒ සුන්දර සිහිනයේ මතකය එහෙම්මමයි. ජපානයට ගිහින් ඉදලා මං මේ ආවේ මගේ සැමියා බලන්නයි. මාස ගණනක් අපි දෙන්නට හමුවෙන්න බැරි වුණා. මම ආවේ ඔහුව දැකගන්න. එහෙම නැතුව ගොසිප් වල ජීවත්වන මිනිස්සුන්ට උත්තර බඳින්න ආව ගමනක් නෙමෙයි මේ. කතාවට කියනවනේ බත්හැලිය ඉදෙනකම් විතරයි දෙන්න දෙමහල්ලොන්ගේ විරසකය කියලා. ජීවිතය එකම විදිහට ගලාගෙන යන්නේ නැහැනේ. අලුත බැදපු ජෝදුවක් පුංචි අමනාපයක් උනහම දෙන්නගෙ අම්මා තාත්තා ලගට යන අවස්ථා තියෙනවා. එවා හරි සාමාන්‍ය දේවල්. අපි කාලයට ඉඩදීලා බලා ඉමු.

    [rns_reactions]

  • සිසුන් පස් දෙනාගේ ඉස්කෝලේ – මේ දරු­වන්ට ඔබේ ආධාර ඕනෑ –

    කිරිඇල්ලේ සිට හාන්දුකන්ද ගමට යන අතරමඟදී හමුවන කොඩිතුවක්කු කන්ද ප්‍රාථමික පාසල පසුකර ඉදිරියට ගිය අපි එසැණින් යළිත් හැරි ආපස්සට ආවෙමු.
    “ඇයි?”

    ඡායාරූප ශිල්පී රුවන් මදෙස බැලුවේ ප්‍රශ්නයකිනි.

    “වෙනදට මේ ඉස්කෝලේ ළඟින් යන විට ළමයින්ගේ කෑගැසිල්ලෙ ඉවරයක් නැහැ. අද එහෙම නැහැනේ. ඉස්කෝලේ වහලද දන්නෑ.”

    අපි පාසල් භූමියට ඇතුළු වීමු.
    “කවුරුවත් නැද්ද මාමා”
    අපට ගේට්ටුව හැර දුන් වයෝවෘද්ධ පුද්ගලයාගෙන් විමසුවෙමු.
    “ලොකු නෝනා ඉන්නවා”
    “කවුද?”

    ගුරුවරියක් දොරකින් එබී ඇසුවාය.
    අපි කිසිත් නොකියා පාසල අවට බලන්නට වීමු. මීට වසර කිහිපයකට පෙර පාසලේ පන්ති කාමරවල බොහෝ දරුවෝ ඉගෙනුම ලැබූහ. දරුවන්ගේ කැකුළු සිනා හඬින් පළාතම පිබිදුණේය.
    “අහෝ! මෙදා පන්ති කාමරයේ සිටියේ සිසුන් හතර දෙනෙකු පමණි.
    “මෙච්චර ද ළමයි ඉන්නෙ”
    පාසලේ සිටි ගුරුවරියන් දෙදෙනාගෙන් අපි විමසුවෙමු.

    “නැහැ තව එක්කෙනෙක් ඉන්නවා. අද එයා ඇවිත් නැහැ. මේ අවුරුද්දේ බාලාංශ පන්තියට ළමයි ඇතුළත් වුණේ නැහැ.”
    තුනේ පන්තියේ ළමයි තුන්දෙනෙක් ඉන්නවා. දෙකේ පන්තියේ එක ළමයයි පහේ පන්තියේ එක ළමයයි ඉන්නේ. මම මේ පාසලේ අවුරුදු එකොළහක් තිස්සේ වැඩ කරනවා. මුළු පාසලටම ඉන්නේ ළමයි පස්දෙනයි. එයිනුත් ළමයි දෙන්නෙක් දෙමළ අය.”

    වැඩ බලන විදුහල්පතිනිය වන ලක්මාලි පවසන්නේ පාසලේ දරුවන් ගැන කනගාටුවෙනි. ඇය පවසන පරිදි මෙම දරුවන්ගෙන් ඇතැමෙක් දක්ෂය. මේ දරුවෝ කැලයේම පිපී කැලයේම පරව යන මල් බඳුය.

    දෙමළ දරුවන් දෙදෙනාට සිංහල ලිවීම අමාරුය. නමුදු අනෙක් දරුවන්ට එසේ නැත. කොඩිතුවක්කු කන්ද ප්‍රාථමික විද්‍යාලයේ කටකාර කෙලි පොඩිත්තිය අප එහි ගිය මොහොතේ සිට අප සිත සොරා ගත්තේය.

    “ඔයා මොනවට ද කැමැති?”
    ‘චිත්‍ර අඳින්න.’ දැරිය කඩිමුඩියේම චිත්‍ර පොත ගෙන පිට‍ුවෙන් පිටුව පෙරළා පෙන්වන්නට වූවාය. ඇගේ අකුරු පැහැදිලිය. රවුම් අකුරු ලියන්නීය. ‘අසා ලිවීම’ නිවැරැදිය.

    “මේ දරුවට හොඳට ඉගෙන ගන්න පුළුවන්. අපි ඇයට උගන්වනවා. මේ දැරියට වෙනත් පාසලකට යන්න පුළුවන් නම් මීට වඩා හොඳ ප්‍රතිඵල ලබන්න පුළුවන්. ඒත් ඇය බොහෝම ආර්ථික දුෂ්කරතා මැද්දේ ජීවත්වෙන්නෙ.” ගුරුවරිය දැරිය පිළිබඳ පවසන්නට වූවාය.

    “ඔයා කැමැති ද මේ ඉස්කෝලෙන් වෙන ඉස්කෝලෙකට යන්න.”
    “ඔව්”
    “ඇයි ඒ”
    “කන්ද නාය යනවා කියනවනේ. අපිට ඉස්කෝලේ ඉන්න බයයි. මගෙ සීයා උදේට මා ඉස්කෝලේ එක්කගෙන ආවාම හවසට ගෙදර යන්නෙ.” දැරිය සුරතල් හඬින් කියන්නීය.

    ‘කෝ ඔයාගේ සපත්තු’ සුදු ගවුම හැඳ ටයි පටිය විතරක් පැලඳ සිටින ඇයගෙන් ඇසීමි.
    “සපත්තු දෙක තෙමිලා. අපේ ගේ තෙමෙනවනේ. ඊයේ රෑ වැස්සට ඒක තෙමිලා”

    දැරිය ලැජ්ජාවෙන් පවසන්නට වූවාය.
    ‘අම්මා මොකද කරන්නෙ?’
    අම්මා මල්ලි බලා ගන්නවා. අප්පච්චි ගල් වළේ වැඩට යනවා… අපේ ගෙදර එනව ද? අම්මා තේ හදලා දෙයි. දැරිය හිස ඇල කරමින් සුරතල් හඬින් අසන්නීය.
    “අපි එන ගමන් එන්නම්”

    හාන්දු කන්ද ගමට යන අතරමඟදී අප කතා වූයේ කොඩිතුවක්කු කන්ද ප්‍රාථමික පාසලට අද උදාවී ඇති තත්ත්වය ගැනය. 1962 වසරේදී නැදුන් රජමහා විහාරයේ මූලිකත්වයෙන් ඇරැඹි පාසලෙන් ගමට විශාල සේවයක් සිදු විය. නමුදු අද වන විට පාසල වැසෙන තත්ත්වයට පත්වී ඇත්තේය. මුළු පාසලට ම ඇත්තේ එක් ගොඩනැඟිල්ලක් පමණි. යම් දිනෙක පාසල වසා දැමුවහොත් ආර්ථික දුෂ්කරතා නිසා වෙනත් පාසල්වලට යෑමට හැකියාවක් නැති මේ දරුවෝ අසරණ වෙති. එසේ වුවහොත් මේ දරුවන්ට කුමක් වන්නේ ද? පිළිතුරක් පෙනෙන මානයක නැත.
    හාන්දු කන්ද කබරගල අවට ගම්මානයේ සැරිසැරු අපට දවස ගෙ‍ෙවනවා නොදැනිණි. යළිත් කොළඹ බලා එන්නට අපි පිටත් වුණෙමු. වේලාව සවස තුන පසු වී තිබෙන්නට ඇත. කොඩිතුවක්කු කන්ද ප්‍රාථමික පාසල පසුකරන්න වූවා පමණි.
    ‘අන්න අර දරුවා දුවගෙන එනවා’
    රුවන් පෙන්වන්නට වූයේ වාහනය ඉදිරියට දිව එන අට හැවිරිදි දිල්මි නිම්සරා දැරියයි. දැරියට පිටුපසින් ඇගේ පොත් මල්ල ද උස්සාගෙන සීයා ද දිව එයි.

    “මං නැන්දලා එනතුරු බලන් හිටියේ. අපේ ගෙදර යමු.”

    දැන් ඉතිං කොළඹ එන ගමන තවත් පමා වනු ඇත.
    “වැන් එක හරවගන්න එක තමයි ප්‍රශ්නෙ…” රියැදුරා නෝක්කාඩු හඬින් පැවැසීය.

    “මෙතනින් තමයි ගෙදර යන්නෙ”
    දැරිය තේ ගස් අතරින් ඇති අඩි පාරක් පෙන්වමින් අපි සෙමෙන් ගල් නඟින අතර ඒ මගේ දිව ගියාය. බැරි අමාරුවෙන් ඒ මගේ ගිය අපි නිවෙස ඉදිරියේ නතර වීමු. සුසුමක් නැඟුණේ ඉබේටමය.

    වරිච්චි බිත්තියෙන් තැනු ඒ නිවෙස බිම වැටෙන්නට ඔන්න මෙන්නය. මොවුන්ගෙන් ඉතින් නම් කිසිවක් ඇසිය යුතු නොවේ.
    දැරියගේ මව තම කුඩා පුතු ද වඩාගෙන අප ඉදිරියට ආවේ සිනාසීගෙනය.
    දැරිය තම මවට ඉදිරියෙන් අපට මැදිව සිටගත්තේ වීර චාරිකාවක් පැමිණි ලෙසිනි.
    “දුව කිව්වා සිළුමිණ පත්තරෙන් ඇවිල්ලා කියලා” මව පැවසුවාය.

    “යමු… මගේ කාමරේ පෙන්වන්න…” දැරිය අප කැඳවූවාය.

    ගෙබිම තෙතබරිතය. නැත මුළු ගේ තුළම ඇත්තේ තෙතබරිත බවකි. මේ පුංචි පවුල කොහොම මේකේ ඉන්නවද මන්දා… ඇතුළට ගිය මට එසේ සිතිණි.
    දැරියගේ කාමරයේ අබලන් ඇඳකි. පොත් පාඩම් කිරීමට ඇත්තේ අබලන් පුටුවක් හා මේසයකි. ඇඳුම් දැමීමට ඇත්තේ අබලන් කාඩ්බෝඩ් පෙට්ටියකි. මුළුතැන්ගෙය ද අබලන්ය.

    “ගේ හදාගන්න කියලා බැරි අමාරුවෙන් අත්තිවාරම දැම්මා. ඒත් ගෙයක් කියන්නේ හීනයක්… මගෙ දුව ඉගෙන ගන්න දක්ෂයි. එයා ටවුමේ ඉස්කෝලෙකට දාගන්න අපිට බැහැ.” නිම්සරාගේ මව දිලිනි මධුරිකා දියණියගේ හිස අතගාමින් පවසන්නට වූවාය.

    “මං ආසයි ඉගෙන ගෙන හමුදාවට බැ‍ඳෙන්න. රට රැකගන්න. ලොකු ඉස්කෝලෙකට යන්න ආසයි…”
    දැරිය මා අතේ එල්ලී පවසන්නීය.
    ඒ පුංචි හිතේ තමන්ට කියා හීනයක් ඇත. ඒ තමන්ටම කියා නොතෙමෙන ගෙයක සිටින්නට ඇති ආශාවය.

    ඇතැම් දරුවන් ඕනැවටත් වඩා සම්පත් විඳින යුගයක මේ දැරියගේ ලෝකය ඊට හාත්පසින්ම වෙනස්ය. රූපවාහිනියෙන් හෝ වෙනත් සන්නිවේදනයන්ගෙන් දූෂණය නොවූ නිම්සරාගේ ළමා ලෝකය තවමත් සුන්දරය. ඇගේ අනාගතය මීටත් වඩා සුන්දර කිරීමට නිම්සරාලාට හිසට සෙවණක් ලබාදීමට යම් අයෙකුට ඉදිරිපත් විය හැකිනම් එය මහඟු පින්කමක් වනු ඇත.

    සිත්මල්යාය පාඨකයිනි, මේ කාරුණික ආරාධනය ඔබටයි… අමතන්න.
    0112429265.

    [rns_reactions]

  • පොදු දේපළට හානි කළොත් රජයේ රැකියා නැහැ – අලුත්ම පුවත මෙන්න…

    පොදු දේපොළවලට හානි සිදු කරන පුද්ගලයන් රජයේ රැකියා සඳහා බඳවා නොගැනීමේ ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමට රජය සූදානම් වන බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.

    විවිධ වර්ජන, කලකෝලාහල වැනි කඩාකප්පල්කාරී අවස්ථාවල බොහෝ පුද්ගලයන් රාජ්‍ය දේපොළවලට දැඩි ලෙස හානි කිරීමේ ප්‍රවණතාවක් පසුගිය කාලයේ දක්නට ලැබුණු බවත්, මේ නිසාම රජය සතු විශාල දේපොළ ප්‍රමාණයක් විනාශ වූ බවත් පැවසූ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරියකු සඳහන් කළේ මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ බවයි.

    වගකීමෙන් යුතුව රජයේ දේපළ පරිහරණය කළ නොහැකි පුද්ගලයන් රාජ්‍ය සේවයට සුදුස්සන් නොවීම මත මෙම තීරණයට එළැඹීමට නියමිතය. මේ අනුව රජයේ ප්‍රමුඛ සේවාවන් වන පරිපාලන සේවාව, කළමනාකරණ සේවාව, ගණකාධිකරණ සේවාව, වෛද්‍ය සේවාව වැනි සේවා සඳහා මෙවැනි පුද්ගලයන් බඳවා නොගැනීමට කටයුතු කෙරෙනු ඇත.

    මීට වසර ගණනාවකට පෙර රාජ්‍ය සේවයට බඳවාගැනීමේදී පොලිස් වාර්තා මෙන්ම අදාළ පුද්ගලයාගේ අතීත ක්‍රියාකලාපය ගැන දැඩි ලෙස විමසිලිමත් වූ අතර, එහිදී පොලිස් වාර්තා අනුව කටයුතු කෙරිණි. එම තත්ත්වය පසුගිය කාලයේදී ඇනහිට තිබූ අතර මේ අනුව යළිත් එය වඩාත් සක්‍රීය කිරීමට ක්‍රියා කෙරෙනු ඇත.

    [rns_reactions]

  • පරක්කු නම් කලින් යන්න කියපං පො#%$%$%‘‘ – නිර්භීත රියදුරෙක් VIP රථ පෙලකට කියයි..

    අන් අයට බාධා වෙමින් ගමන් කරන ප්‍ර‍භූ රථ පිළිබඳ පුවත් විටින් විට අපට අසන්නට දකින්නට ලැබෙනවා.

    මෙයද එවැනිම සිදූවමකි.

    පහත වීඩියෝවේ දැක්වෙන පරිදි BENZ 300 කාණ්ඩයට අයත් රථයක් සහ පොලිස් ආරක්ෂාව මධ්‍යයේ කොලඹ නගරයේදී අනෙක් රථ වලට බාධා වන අකාරයෙන් ගමන් කරනවා.

    මෙම බෙන්ස් රථයට ආරක්ෂාව සපයමින් ඒ පිටුපස ගමන් කරන පොලිස් නිලධාරින් දෙදෙනා අනෙක් රථ වලට ගමන් කිරීමට නොහැකි වන සේ මාර්ගයේ ගමන් කරන ආකාරයද දක්නට ලැබෙනවා.

    මෙහිදී එක අවස්ථාවකදී මෙම පොලිස් නිලධාරින් ගිලන් රථයක්ද නවත්වමින් මෙම බෙන්ස් රථයට මාර්ගයේ ගමන් කිරීමට ඉඩ ලබාදෙනවා.

    මෙම සිදුවීම දුටු පිටුපසින් පැමිණි රථයක රියදුරෙකු විසින් මෙම පොලිස් නිලධාරීන්ගේ මෙම ක්‍රියාව දැඩි ලෙස විවේචනය කරන අතර විටෙක එම රියදුරා “ඌට පරක්කු නම් කලින් නැගිටලා යන්න කියපිය,තොපි හැමදාම ඔහොමයි පාරේ යන්නේ යනුවෙන් ” එම පොලිස් නිලධාරීන්ට බැන වදිනවා.

    සමාජ ජාලා වෙබ් අඩවි තුළ මෙම වීඩියෝව හුවමාරු වෙමින් තිබෙන අතර, මෙසේ කළ පුද්ගලයාට ඔවුන්ගේ ප්‍ර‍ශංසාවද හිමිව තිබුණා.

    එම වීඩියෝව පහතින් නැරඹිය හැකියි..

     

     

    [rns_reactions]

  • මොරගහකන්ද ජලවිදුලි බලාගාරයේ විදුලිය උත්පාදනයට සියල්ල සූදානම්

    පහන් විජේසේකර, උපතිස්ස පෙරේරා

    ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 25ක විදුලිබල ධාරිතාවක් එක්කරන මොරගහකන්ද ජල විදුලි බලාගාරයේ සියලු පර්යේෂණ කටයුතු මේ වන විට සාර්ථකව අවසන් වී තිබේ.

    ඉදිරි වැසි සමයත් සමඟ ජලාශයේ ජල ධාරිතාව ඉහළ යෑමෙන් පසු එහි විදුලි උත්පාදන කටයුතු සාර්ථකව ආරම්භ කළ හැකි බව විදුලි ඉන්ජිනේරුවෝ පවසති.
    ලංකාවේ කෙටිම කාලයකින් ඉදිකෙරුණු විදුලි බලාගාරය වන්නේ මොරගහකන්ද ජලවිදුලි බලාගාරයයි.

    මොරගහකන්ද ජලාශයේ කොන්ක්‍රීට් ආස්ථරණය කරන ලද වේල්ලට යාබදව මෙම ජල විදුලි බලාගාරය ඉදිකර තිබෙන අතර ජලයේ අධි පීඩනය මත ක්‍රියාත්මක වන ටර්බයින් යන්ත්‍ර 4කින් විදුලිය නිපදවයි.

    මෙය මෙගාවොට් 7.5ක ටර්බයින් යන්ත්‍ර දෙකකින් ද මෙගාවොට් 5ක ටර්බයින් යන්ත්‍ර දෙකකින් ද සමන්විතය.

    මෙගාවොට් 7.5ක ටර්බයින් යන්ත්‍ර ක්‍රියාත්මක වීමෙන් පසු නිකුත් කරන ජල ධාරාව ඉහළ ඇළහැර ඇළ මාර්ගය ඔස්සේ මහකනදරාව ජලාශය දක්වා ගෙන යන අතර මෙගාවොට් 05ක ටර්බයින් යන්ත්‍ර ක්‍රියාත්මක වීමෙන් පසුව නිකුත් කරන ජල ධාරාව අඹන් ගඟට මුදාහැර ඉන්පසුව පැරණි ඇළහැර ඇළ ඔස්සේ ගිරිතලේ, මින්නේරිය, කවුඩුල්ල, කන්තලේ ජලාශවලට මුදාහැරේ.

    මොරගහකන්ද ජලාශය පිහිටා ඇත්තේ මුහුදු මට්ටමේ සිට මීටර් 132ක් උසකිනි. ජලාශයේ ජල ධාරිතාව මුහුදු මට්ටමේ සිට මීටර් 165 දක්වා ඉහළ ගිය විට ජලවිදුලි බලාගාරය ක්‍රියාත්මක වන අතර මුහුදු මට්ටමේ සිට මීටර් 185ක් දක්වා එනම් උපරිම මට්ටම දක්වා විදුලිය නිෂ්පාදනය කිරීමේ හැකියාව මෙය සතුව පවතී.

    [rns_reactions]

  • මහපාරේ දොස්තරගේ දිවිල්ල මෙන්න…

    දගලේවෙල ප්‍රදේශයේ හරි අපුරු සිද්ධියක් වාර්තා වුණා එක තමයි ප්‍රයිවට් චැනල් එකක ඉඳල අහුවුණු වෛද්‍යවරයෙක් තමන්ගේ සෙරෙප්පු දෙකවත් නැතුව මහපාරේ දුවපු සිදුවීමක්. සිදුවීම මෙසේයි…

    දඹුල්ල – ගලේවෙල රෝහල ඉදිරිපිට තියෙන පුද්ගලික චැනල් මධ්‍යස්ථානයක මෙම වෛද්‍යවරයා මුදලට රෝගීන්ට ප්‍රතිකාර කරමින් සිට තිබෙනවා ඒ ඔහුගේ රෝහල් රාජකාරි කාල සීමාව තුලදී. අද දින වෛද්‍යවරුන් වර්ජනයක නිරත වන අතර තුර මෙසේ රාජකාරි කාලය තුල මුදලට ප්‍රතිකාර කිරීම ප්‍රාදේශීය මාධ්‍ය වාර්තාකරුවකුට ආරංචි වීම නිසා ඔහු එය සොයා බැලීමට එම ප්‍රතිකාර කරන ස්ථානයට ගොස් තිබෙනවා. ඒ වෙලාවෙත් ප්‍රතිකාර කරමින් සිටි වෛද්‍යවරයා තම හොර වැඩේ හසු වූ බව දැනගත් විගස කලබල වී තිබෙනවා.

    ඔහුගේ කලබලය කොතරම්ද යත් තම පාවහන් දෙකවත් දමා ගැනීමට අමතකව පාවහන් නොමැතිව  දඹුල්ල- කුරුණෑගල මහා මාර්ගයේ දිව ගොස් ගලේවෙල රෝහලට ඇතුළු වි සැඟවී ගොස් තිබෙනවා.

    එම සියලු සිද්දිය මාධ්‍ය වේදියා පටිගත කර ඇති අතර එය පහතින් ඔබටත් නැරඹිය හැකියි.

    [rns_reactions]

  • සොහොයුරිය SLIIT යවලා සරසවි සිසුන් නොමග යවන ලහිරුගේ හෙළුව එලියට..

    ජවිපේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ බිරිඳගේ කලින් විවාහයේ දරුවා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය හෙවත් SLIIT පෞද්ගලික විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබූවෙකු බව මේ දිනවල සමාජජාල මාධ්‍ය වල දැඩි සේ කතා බහට ලක්වනවා.

    පෞද්ගලික අධ්‍යාපනයට එරෙහිව ප්‍රභල විරෝධතාවයක් දක්වන ජවිපේ සහ අන්තර් විශ්ව විද්‍යාල බලමණ්ඩලය වැනි දේශපාලන කල්ලි කණ්ඩායම් වල ප්‍රධානීන්ගේ දරුවන් සහෝදර සහෝදරයින් සහ සමීපතම ඥාතීන් බොහෝ දෙනෙකු ශ්‍රී ලංකාවේම සහ විදේශ රටවල පෞද්ගලික අධ්‍යාපන ආයතන වල අධ්‍යාපනය ලබන බව මේ වන විට අනාවරණය වෙමින් පවතිනවා.

    අප මේ හෙළිදරව් කරන්නේද එවන් එක් කරුණක් පිළිබඳවයි.

    ඊයේ අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර හැදින්වෙන්නේ පෞද්ගලික විශ්ව විද්‍යාල වලට එරෙහි සටනේ ප්‍රධාන නියමුවා ලෙසයි. කලින් කලට සයිටම් විරෝධී උද්ගෝෂණ වල ජායාරූප හරහා ඔහු දැවැන්ත චරිතයක් ලෙස හුවා දැක්වීමට අන්තරේ සාමාජික්යින් උත්සාහ කරනවා. එසේම ඔහුගේ නායකත්වයෙන් සිදුකල පෞද්ගලික විශ්ව විද්‍යාල විරෝධී සටන් වලින් අපේ රටට අහිමි වූ ධනය සහ මිනිස් පැය ගනන ඉතා විශාලයි.

    මෙසේ අරගල කරන ලහිරුගේ එක කුස උපන් සහෝදරිය වන තිලිණි වීරසේකර මහත්මිය ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය හෙවත් SLIIT පෞද්ගලික විශ්ව විද්‍යාලයේ 2010 කණ්ඩායමේ ඉගෙනුම ලැබූ තොරතුරු තාක්ෂණය පිළිබඳ විද්‍යාවේදී ගෞරව උපාධියක් ලබාගෙන ඇති බව අපට වාර්තා වී තිබේ.

    ඇයගේ උපාධි ප්‍රධානෝත්සවයට පවා ලහිරු වීරසේකර සහභාගී වූ බවට ඔවුන්ට සමීප ආරංචිමාර්ග අප වෙත ප්‍රකාශ කල බව සදහන් කල යුතුමය..

    ලහිරු වීරසේකරගේ සහෝදරිය පවා ඉගෙනගන්නා පෞද්ගලික විශ්ව විද්‍යාල තහනම් කරන ලෙසට ඉල්ලමින් ඒ අක්කාගේ මල්ලීම විශ්ව විද්‍යාල සිසුන් කුලප්පු කිරීම කෙතරම් විහිලුවක්ද?

    සිය පටු දේශපාලන අරමුණු වෙනුවෙන් සිසුන් කුලප්පු කරන දේශපාලන ව්‍යාපාර වල පාහර ජඩ නායකයින් සිය දරුවන් සහ පවුල් වල සාමාජිකයින්ට යෙහෙන් වැජඹීමට අවශ්‍ය පරිසරය සකසා දී තිබේ.

    තව වසර පහකින් ළහිරුගේ තනතුරට තවත් එක් නරියෙකු පත්වනු ඇත. ලහිරු සහ පවුලේ අය උගත් ධනවත් සමාජයේ වැජඹෙමින් අර නරියා පෙරටු කරගත් හරක් රැළ කෑගසන අයුරු දෙස බලා සිනා සෙනු ඇත.

    [rns_reactions]

  • ලහිරු සමග ඇතුලට ගිය ෆ්යිසාන් ලියු කවි පද කරලියට…

    මහා ගිරි වංක ගිරි තරණය කරන අපි
    දැක කුමට සැලෙමුද ඉපනැලිත් නැති වෙල් ගැටි
    එහෙම නොව නුබ කිව්වෙ අරගල කරන හැටි
    අමාරුම මොහොතෙදි දරාගෙන ඉන්න හැටි..’

    මේ කවිපද සටහන්වී ඇත්තේ මීට දින දෙකකට පෙර සරසවි සිසුවෙකුගේ ෆේස්බුක්  ගිණුමේයි.

    මේ වනවිට ඔහු සිටින්නේ වැලිකඩ බන්ධනාගාරයේ යකඩ කූරු අතරයි.

    අනතර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ලහිරු වීරසේකර සමගින් ඊයේ (23) අත්අඩංගුවට ගැනුණු ඔහු ෆයිසාන්  අහමඩ් නම් වනවා.

    ඔහු තබා ඇති සටහන පහතින් දැක්වෙනවා.

    [rns_reactions]

  • කුමන්ත්‍රණකරුවන් එලියට… ඊලග පියවර ගැන කතා කරන්න සියල්ලන් හමුවේ…

    ගාලු දිස්ත්‍රික් වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය සහ දකුණු පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී නලීන් හේවගේ මහතා අතර හමුවක් අද (23) ජනතා විමුක්ති පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලයේදී පවත්වා ඇත.

    එම හමුව සඳහා වෛද්‍ය පීඨ ශිෂ්‍යයන්ගේ දෙමව්පිය සංගමයේ නිලධාරීන් සහ වෛද්‍ය නිශාන්ත සමරවීර මහතාද සහභාගී වී තිබේ.

    සයිටම් අර්බුදයේ වත්මන් තත්වය සහ සයිටම් විරෝධී සටන ජයග්‍රහණයෙන් කෙලවර කරගැනීට අවශ්‍ය බව එහිදී සාකච්ඡා වී තිබේ.

    [rns_reactions]

  • අනේ අපට බෙහෙත් කෝ…

    විශ්වවිද්‍යාල සිසුන්ට පොලිසිය විසින් පහරදීමට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මගින් පෙරේදා (22 දා) දිනයේ ආරම්භ කරන ලද වැඩ වර්ජනය ඊයේ (23 දා දිනයේදී) ක්‍රියාත්මක කෙරිණ. මේ හේතුවෙන් රෝහල්වල බාහිර රෝගී අංශ ප්‍රතිකාර කටයුතු සාමාන්‍ය පරිදි සිදු නොවීය. මේ නිසා රෝගී ජනතාව ඊයේ (23 දා) දැඩි අසීරුතාවට පත් වූහ. අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ බාහිර රෝගී අංශය දිස්‌ වූ අයුරු ඡායාරූපයෙන් දැක්‌වෙයි.

    [rns_reactions]

  • ජල කළමනාකරණයේදී මතුවන බරපතල ගැටලූවක් ගැන ජනපති මෛත්‍රී සියල්ල හෙළිකරයි..

    රටේ ජල සම්පතට වගකියන තනි ආයතනයක් නොමැතිවීම ජල කළමනාකරණයේදී බරපතළ ගැටලූවක් බවට පත්ව ඇති බව ජනාධිපතිතුමා පවසයි.භෞතික වශයෙන් අපේ භූමියට ලැබෙන ජල ප‍්‍රමාණය, අපේ රට මෙන් දස ගුණයක භූමියකට ප‍්‍රමාණවත් වුවද එය නිසි කළමනාකරණයකට ලක් නොවීම හේතුවෙන් ජල ගැටලූවලට මුහුණදීමට සිදුව තිබෙන බව ද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ අද (23) පස්වරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගණයේ පැවති ‘සුපැන් ප‍්‍රජා අභිමානී සංසද සමුළුව’ අමතමිනි.

    ශී‍්‍ර ලාංකීය ග‍්‍රාමීය ජනතාවගේ පිපාසය සංසිදුවන ප‍්‍රජා මූල සංවිධාන බලසතු කොට නියාමන යාන්ත‍්‍රණය සැකසීම, ජනගත කිරීම හා ඇගයීම වෙනුවෙන් නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශය හා ජාතික ප‍්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.සමුළුව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ ජලයට තනි අයිතිකරුවෙක් නොමැතිවීම මෙන්ම සාමාන්‍ය ජනතාව සහ රාජ්‍ය නොවන ආයතන ජල කළමනාකරණය, සුරක්ෂිතතාවය සහ අරපිරිමැස්ම පිළිබද අඩු වගකීමකින් කටයුතු කිරීම ජල කළමනාකරණයේ මූලික ගැටලූ බවට පත්ව ඇති බවයි. ජලය අරපිරිමැස්මෙන් භාවිතා කිරීම, ජල සුරක්ෂිතතාවය සහ, පාරිසරික සංරක්ෂණය පිළිබද සියලූදෙනා සිය වගකීම් ඉටුකිරීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේය.

    ප‍්‍රජා ජල සංවිධාන විසින් විශේෂ සංදේශයක් ද ජනාධිපතිතුමා වෙත භාරදුන් අතර එහි ඇති කරුණු අමාත්‍ය මණ්ඩලයට යෝජනා කර අවශ්‍ය ආයතනවල සහයෝගය ලබා ගනිමින් ඒවා ඉටුකිරීමට කටයුතු කරන බව ජනාධිපතිතුමා සදහන් කළේය.
    පසුගියදා සිදුවූ ආපදා තත්ත්වයෙන් විපතට පත්වුවන්ට සහන සැලසීම සදහා කොලොන් ග්ලෝබල් කොරියන් ආයතනය මගින් රුපියල් මිලියන 02 ක චෙක්පතක් ජනාධිපතිතුමා වෙත නිල වශයෙන් භාරදීම ද මෙහිදී සිදු විය.

    වකුගඩු රෝගය පවතින දිස්ති‍්‍රක්ක සදහා ප‍්‍රතිආශ‍්‍රැත උපකරණ 70 ක් ලබාදීම, යුනිසෙෆ් ආධාර යටතේ ජල ටැංකි 100 කට අධික ප‍්‍රමාණයක් ප‍්‍රජා ජල සංවිධාන වෙත ලබාදීම, ලෝක ජල දිනය නිමිත්තෙන් පැවති තරගවලින් ජයග‍්‍රහණය කළ අය සදහා ත්‍යාග සහ සහතික පිරිනැමීම ඇතුළු වැඩසටහන් රැසක් මෙහිදී සිදු කෙරුණු අතර ජනාධිපතිතුමා සංකේතාත්මකව ඊට එක් විය.

    [rns_reactions]

  • නව ඇමතිගේ නියෝගය පසෙකලා හිටපු ලේක් හවුස් යන්න බෑ කියා නටන පිස්සුව එලියට..

    ලේක් හවුස් ආය්තනයේ සභාපති ඇමැති සාගල රත්නායකගේ සොහොයුරා වන කාවන්තිස්ස රත්නායක ඇතුළු එම අධ්‍යක්ෂ මණ්ඩලයට ඉල්ලා අස්වන ලෙස ජනමාධ්‍ය ඇමැතිවරයා දැනුම් දී තිබුණද ඔහු ඉන් ඉවත් නොවෙන්නට තීරණය කර ඇති බව දැන ගැනීමට තිබේ. ජනමාධය ඇමැතිවරයා ලෙස මංගල සමරවීර මහතා පත් වීමෙන් අනතුරුව රජයේ මාධ්‍ය ආයතන වල අධ්‍යක්ෂ මණ්ඩලවලට ඉල්ලා අස්වන ලෙස දැනුම් දී තිබු අතර ඒ අනුව එම ඉල්ලා අස්වීම් සිදුව තිබිණි.නමුත් රත්නායක මහතා ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කර ඇත.

    මේ හේතුව නිසා ලේක්හවුස් ආයත්නය තුල ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා අපේක්ෂා කරන වෙනස්කම් සිදු කිරීම හැකියාවක් නොමැති බව වාර්තා වේ. මංගල සමරවීර මහතා විසින් ලේක් හවුස් හී නව සභාපතිවරයා ලෙස ක්‍රිෂාන්ත කුරේ මහතා හා නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කිරීමට තීරණය කර තිබේ.

    විවිධ චෝදනාවන් කිහිපයකටම ලක්ව හා අකාර්යක්ෂමභාවය නිසා කාවන් රත්නායක මහතා හා එම අධ්‍යක්ෂ මණ්ඩලය සම්බන්ධයෙන් පසුගිය කාලයෙහි පැමිණිලි ගනනාවක් ජනාධිපතිවරයා වෙත යොමු කිරීමට එම ආයතන සේවක සේවිකාවන් කටයුතු කර තිබුණු බවත් වාර්තා වී තිබු අතර ජනාධිපතිවරයා විසින් මේ සම්බන්ධයෙන් සෙවීමට කමි‍ටුවක්ද පත් කර තිබිණි. එම කමි‍ටු වාර්තාවෙන්ද ආයතනයේ දෝෂ ගනනාවක් හඳුනාගෙන තිබිනි. ඒ අනුව සැක සහිත මුල්‍ය ගනු දෙනු කිහිපයක් සම්බන්ධයෙන් වෙනම විමර්ශනයක් කිරීමට ජනාධිපති විමර්ශන අංශය සුදානමක සිටින බවද වාර්තාවේ.

    කෙසේ නමුත් කාවන් රත්නායක ඇතුළු එම අධ්‍යක්ෂ මණ්ඩලය තුල වන ඇන කොටා ගැනිම් හේතුවෙන් ඔවුන් මාස ගනනාවකින් ‍රැස්වී නැති බවත් රත්නායක මහතා විසින් හිතු මතේ තීන්දු ගෙන කටයුතු කරමින් සිටින් බවත් ලෙක්හවුස් සේවකයන් පෙන්වා දෙයි.

    මේ වන විටත් කාවන් රත්නායක විසින් තමන්ට හිතවත් පුද්ගලයන් රැසකට ආයතනය තුල උසස් වීම් ප්‍රදානය කරමින් සිටින බවද එම සේවක සේවිකාවන් සඳහන් කරයි. එහෙත් එහිදී නිසි සුදුසුකම් රහිත පුද්ගලයන් කිහිප දෙනෙකුටම නව තනතුරු ලබා දී ඇති බවත් ඔවුන් පෙන්වා දෙයි.

    [rns_reactions]

  • රෝගීන් ප්‍රාණ ඇපයට තැබීමට එරෙහිව දැඩි පියවර – ඇමති රවිගෙන් ප්‍රකාශයක්…

    අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය වල්බුරු නිදහසක් ලෙස යොදා ගනිමින් නීති විරෝධී ක්‍රියාවල යෙදෙන කුමන පුද්ගලයකු හෝ කණ්ඩායමක් අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි.

    රජය අපහසුතාවයට පත් කරමින්, රට තුල අරාජික තත්ත්වයක් ඇති කිරීමට ක්‍රියාකරන කණ්ඩායම් නීතියේ රැහැනට නතු කර ගැනීමට පොලිසිය මීට වඩා වේගවත්ව කටයුතු කළ යුතු බව ද, විදේශ කටයුතු අමාත්‍යවරයා සදහන් කළා.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (23) පෙරවරුවේ, හිටපු මුදල් අමාත්‍යවරයකු වූ රොනී ද මෙල් මහතා හමු වී, ඒ මහතාගේ සුවදුක් විමසීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින්.

    වැඩිදුරත් අදහස් දැක්වූ අමාත්‍ය රවී කරුණානායක මහතා.

    ”ආණ්ඩුව දැන් ඕනෑවටත් වඩා ඉවසුවා දැන් ඒ සීමාව අවසන් වීගෙන යනවා ප්‍රජාන්ත්‍රවාදීව බලයට පත් වූ ආණ්ඩුවකට වගකීමක් තියෙනවා රටේ බහුතර ජනතාවගේ අයිතිවාසිකම් රැක දෙන්න. අද වෛද්‍යවරු වැඩවර්ජනය කරන්නේ කිසිදු පදනමකින් තොරවයි. රටක් මෙලෙස ඉදිරියට ගෙන යන්න පුලුවන්ද ? සයිටම් විරෝධී විශ්ව විද්‍යාල සිසුන් පසු ගියදා සෞඛ්‍ය අමාත්‍යංශයට කඩා පැන සිදු කළ රාජ්‍ය දේපල හානි කිරීම්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.

    රොනී ද මෙල් හිටපු මුදල් ඇමතිවරයා සමඟ සාකච්ඡා කළේ රට ඉදිරියට රැගෙන යාම සඳහා රජයේ වැඩ පිළිවෙළ ගැනයි. මා මුදල් ඇමති ලෙස කටයුතු කිරීමේදී රොනී ද මෙල් මැතිතුමාගේ උපදෙස් හා මඟ පෙන්වීම් විශාල ලෙස ප්‍රයෝජනයට ගත්තා. එතුමා හැම මොහොතකම ප්‍රකාශ කළේ මා ඉදිරි පත් කළ අය වැය යෝජනා දීර්ඝ කාලින දැක්මක් සහිත යෝජනා වූ බවයි. ආසියානු ෆැසිපික් කලාපයේ හොඳම මුදල් අමාත්‍යවරයා ලෙස සම්මානයට පාත්‍රාවීමට මගේ ආර්ථික දැක්ම වගේම, රොනී ද මෙල් මහතාගේ මඟ පෙන්වීම් ද බල පෑමක් වුනා” යැයිද අමාත්‍ය රවී කරුණානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

    [rns_reactions]

  • අන්තරේ පිටුපස ජනපති සිහිනය දකින ඇමති පාටලී… ඇග හිරිවට්ටන තිත්ත ඇත්ත මෙන්න..

    ඊයේ දින සෞඛ්‍ය අමාත්‍යාංශයයේ ගොඩනැගිලි සියතට ගනිමින් බාල් නැටූ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බළ මණ්ඩළය සහ අන්තර් භික්ෂු පෙරමුණ හුදෙක් රග දැක්වූ නාටකයේ තිර පිටපතේ රචකයා වෙන කිසිවෙකුත් නොව සෑමවිටම සිල් රෙද්දෙන් බෙල්ල කපන , නවගුණවැල ගණන් කරන රජයේ ප්‍රභල අමාත්‍යවරයෙකි. කැබිනට් මණ්ඩළයේ සියලු දෙනාටම වැදිබණ දෙසමින් 2020 නොපෙනෙන සිහිනයක් කරා පියමංකරන මොහු සමග අවසානයේ අන්තරේ ළහිරු වීරසේකර පවා තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයට නතුකරගත්තේ පෙරටුගාමීන්ගේ මහපුටු වලටද නොදැනීමය.

    ඉකුත් 13 වනිදා මෙකී අමාත්‍යවරයා විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය ප්‍රජාව සහ ඔවුන්ගේ දෙමව්පියන් සමග තමන්ගේ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැත්වූ රැස්වීමේදී ප්‍රකාශ කර සිටියේ තමන් කෙසේ හෝ සයිටම් ආයතනයට එරෙහි සටන සියතට ගන්නා බවයි.ඒ වෙනුවෙන් ශිෂ්‍යයන් කිහිපදෙනෙකු හෝ බිල්ලට දී තමන්ගේ අරමුණ කරා යෑමට තරම් පහත් මානසිකත්වයක් ඔහු තුල තිබුණි.ඔහුගේ එකම අරමුණ වන 2020 ජනපති වීමේ සිහිනය සැබෑ කරගැනීමට ඇති භාධක සියල්ල එකක් නෑර බිඳගෙන යෑමේ පුරුද්ද නිසාම සහෝදර කැබිනට් මණ්ඩළයේ පවා ජුගුප්සාවට ඔහු ලක්වී ඇත්තේ ඒ නිසාමය.

    ඇත්ත එලියට ඒවි යැයි සැක සිතුනු  නිසාදෝ එම සිදුවීම සම්බන්දව විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීමට ජාතික හෙළ උරුමය කටයුතුකල බව අපට දන ගන්නට ලැබුණා. චම්පික රණවක අමාත්‍යවරයාගේ මෙහෙයවීම අනුව ඉදිරිපත්කල මෙම මාධ්‍ය නිවේදනයේදී බලලා මල්ලෙන් එලියට පණ ඇති බව හොඳින් වැටහෙනවා.
    එහිදී  සයිටම් පිළිබඳව ඔවුන්ගේ මතය හා GMOA මෙන්ම අන්තරේ මතයද සමපාත වන බව පෙනී යනවා.
    හෙළ උරුමය ඉදිරිපත් කර මාධ්‍ය නිවේදනයද අප පහතින් දක්වා ඇති අතර අප ප්‍රකාශ කරන්නේ දේශපාලනයේ බන්කොලොත්බව වසා ගැනීමට බොර දියේ මාළු බෑමට සැරසෙන මෙවන් දේශපාලකයන් පිළිබඳව විමසිල්ලෙන් සිටින ලෙසයි!
    *************************************************************
    ඛේදවාචකයකින් අවසන් වීමට පෙර සයිටම් ගැටලූවට විසඳුමක් ලබා දෙමු..
     
    සයිටම් ආයතනය වහා අහෝසි කරන ලෙස ඉල්ලමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ගොඩනැගිල්ල තුළ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් විසින් ක‍්‍රියාත්මක කරන ලද උද්ඝෝෂණ ව්‍යාපාරයට එල්ල වූ පොලිස් ප‍්‍රහාරයෙන් තුවාල ලැබූ ශිෂ්‍යයන්ට සහ ඔවුන්ගේ පවුල්වල අයටත් එමෙන්ම එම සිදුවීමේදී තුවාල ලැබූ පොලිස් නිලධාරීන්ට සහ ඔවුන්ගේ පවුල්වල අයටත් ජාතික හෙළ උරුමයේ කනගාටුව පළ කිරීමට කැමැත්තෙමු.
     
    රජයේ අමාත්‍යාංශයක් තුළට ඇතුළු වී ශිෂ්‍යයන් විසින් උද්ඝෝෂණය කිරීම ජාතික හෙළ උරුමය අනුමත කරන්නේ නැත. එහෙත්, මෙවැනි උද්ඝෝෂණයන්ට පදනම් වූ හේතු කාරණා අවබෝධ කර ගැනීමට එය බාධාවක් කර නොගත යුතුය. සයිටම් ගැටලූව යනු තව දුරටත් අධිකරණය උපයෝගී කරගෙන හෝ විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍යන්ගෙන් දැන්වීම් පළ කරමින් විසඳා ගත හැකි ගැටළුවක් නොවේ. එය ප‍්‍රතිපත්තිමය සහ දේශපාලන ගැටලූවකි. එනම්, එක් අතකින් ශ‍්‍රී ලංකාවට ලාභ අපේක්ෂිත පුද්ගලික වෛද්‍ය විද්‍යාල අවශ්‍යද හෝ ඒවා මේ රටේ ආරම්භ කොට පවත්වාගෙන යාමේ වාතාවරණයක් පවතීද යන ප‍්‍රතිපත්තිමය ගැටලූව මුලින්ම විසඳා ගත යුතුය. දෙවනුව, සයිටම් ආයතනය ආරම්භයේ සිට ක‍්‍රියාත්මක වී ඇති ආකාරය, ශිෂ්‍යයන්ගෙන් සහ සෞඛ්‍ය සේවයට අදාළ වෘතිකයන්ගෙන් ඊට එල්ලවන විරෝධය සහ පුද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීම සම්බන්ධයෙන් මේ රටේ ඇති බියකරු අතීත අත්දැකීම යන කරුණු සළකා බලමින් සයිටම් ආයතනයේ පැවැත්ම පිළිබඳව දේශපාලන තීරණයක් ගත යුතුය. මේ තීරණ දෙකම රජය විසින් නොපමාව ගත යුතු තීරණයන්ය. අප යළි යළිත් පෙන්වා දෙන්නේ මේ ගැටලූව විසඳීම කාලයට බාර දී නිහඬව සිටීමට උත්සාහ කිරීම ඉතා බියකරු ඛේදවාචකයකට පාර කැපීමක් වනු ඇති බවයි.
     
    පෙර කී ප‍්‍රතිපත්තිමය සහ දේශපාලන ගැටළු දෙක සම්බන්ධයෙන් අප පක්ෂයේ ස්ථාවරය ඉතා විස්තරාත්මකව සහ තාර්කිකව අවස්ථා ගණනාවකදී පෙන්වා දී ඇත්තෙමු. මේ රටේ බහුතර ජනතාව පමණක් නොව දේශපාලන නායකයන් පවා, සයිටම් වර්ගයේ ලාභ අපේක්ෂිත පුද්ගලික වෛද්‍ය විද්‍යාල ලෝකයේ ඉතා සුලබව ඇති දෙයක් ලෙස කල්පනා කළත් අප විසින් දිගින් දිගටම පෙන්වා දී ඇති පරිදිම ඇත්ත තත්ත්වය වන්නේ ලෝකයේ දියුණු රටවල එබඳු පෞද්ගලික වෛද්‍ය විද්‍යාල කිසිසේත්ම නොමැති බවයි. ලෝකයේ දියුණු රටවල් සියල්ලම උසස් අධ්‍යාපනය සළකන්නේ සාමාජයීය වගකීමක් ලෙස විනා, ධනෝපායන මාර්ගයක් ලෙස නොවේ. එසේම පුද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කළ තුන්වන ලෝකයේ රටවල් ගණනාවක් මේ වන විට එම තීරණයේ අනිටු පළවිපාක අත් විඳිමින් සිටිති.
     
    ඒ අනුව, අප පක්ෂයේ ස්ථාවරය වන්නේ ශ‍්‍රී ලංකාව කිසිසේත්ම ලාභ අපේක්ෂිත පුද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ නොකළ යුතුය යන්නයි. දෙවනුව, සයිටම් ආයතනය මුල පටන්ම ක‍්‍රියාත්මක වී ඇති වංචනික ආකාරය නිසා වගකීම් සහගත රජයකට එවැන්නකට සහයෝගය දීමේ කිසිදු අවකාශයක් ඉතිරි වී නොමැත. එම නිසා, තවදුරටත් පමා නොවී, සයිටම් ආයතනය වහාම වසා දැමීමට ක‍්‍රියාත්මක වීම සුදුසුය යන්න අපගේ ස්ථාවරයයි. රජයේ අමාත්‍යංශයකට ශිෂ්‍යයන් ඇතුළු වූ විට ඔවුන්ව පොලිස් බලය යොදා ඉවත් කිරීමට සිදුවන බව අපිද පිළිගන්නෙමු.
     
    එහෙත්, විද්‍යුත් මාධ්‍යයන්ගෙන් විකාශනය වූ මෙම පහරදීමට අදාළ දර්ශන මගින් පෙනී යන්නේ පොලීසිය පමණ ඉක්මවා බලය යොදන බවකි. විශේෂයෙන්ම, පොලීසිය විසින් සිසුන්ව පලවා හරිනු වෙනුවට ඔවුන්ව කොටු කරගෙන පහරදෙන බවක් එකී දර්ශනයන්ගෙන් පෙනී ගියේය. සයිටම් ආයතනයට විරුද්ධ සිසුන් සම්බන්ධයෙන් එබඳු පරිමාණයකින් සහ ස්වභාවයකින් නීතිය ක‍්‍රියාත්මක වෙත්දීම, ගිනි අවි ආඥා පනත යටතේ ඇප දිය නොහැකි වරදක් කර ඇති සයිටම් වෛද්‍ය විද්‍යාලයේ විධායක නිලධාරි සමීර සේනාරත්න නැමැත්තාට එරෙහිව තවමත් කිසිදු ලෙසකින් හෝ නීතිය ක‍්‍රියාත්මක වී නැත. එසේම, සයිටම් ආයතනය විසින් බරපතල ලෙස නීතිය උල්ලංඝනය කර ඇති අවස්ථාවන් ගණනාවක් තිබෙතත් ඒවාට එරෙහිවද නීතිය ක‍්‍රියාත්මක වන බවක් නොපෙනේ. මෙසේ එක් පාර්ශ්වයකට එරෙහිව පමණක් නීතිය ක‍්‍රියාත්මක වීම කිසිසේත්ම පිළිගත හැකි තත්ත්වයක් නොවේ. එසේම සයිටම් ආයතනයට වාසි සහගත දැන්වීම් විශාල ප‍්‍රමාණයක් රජයේ වියදමින් ප‍්‍රචාරය කිරීමද යහපත් තත්ත්වයක් නොවන බව පෙන්වා දිය යුතුමය.
     
    ඒ අනුව, විනය ගරුකව සහ ඉවසීමෙන් යුතුව තම විරෝධතා ව්‍යාපාරය පවත්වාගෙන යන ලෙස ශිෂ්‍යයන්ගෙන් ඉල්ලා සිටින අතරම සයිටම් ආයතනය අහෝසි කිරීමට හැකි ඉක්මනින් කටයුතු කරන මෙන් රජයෙන් ඉල්ලා සිටීමට කැමැත්තෙමු.
     
    දර්ශනපති පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමි
    සභාපති
    ජාතික හෙල උරුමය

    [rns_reactions]

  • බෞද්ධයන් නැති ගමේ බුදු පිළිමය රකින ඉස්ලාම් බැතිමතා මෙන්න…

    මුතුර් නගරය සැලකෙන්නේ ඉස්ලාම් බහුතරයක් වෙසෙන ප්‍රදේශයක් ලෙසයි. එහි 59 වන කලාපයේ කිසිදු බෞද්ධයෙකු වාසය කරන්නේ නැහැ. එහෙත් කලකට පෙර හමුදාව විසින් එහි ඉදි කළ බුද්ධ මන්දිරයක් අද සත්කාර කරමින් පවත්වාගෙන යන්නේ ඉස්ලාම් බැතිමතකු විසින්. 

    [rns_reactions]

  • අපිව සත්තු කරගන්න එපා – GMOA රජයට තර්ජනය කරයි…

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ උදෑසන 8.00ට ආරම්භ කළ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මකයි.

    මේ හේතුවෙන් අද දිනයේ ද දිවයිනේ ප්‍රධාන රෝහල් වෙත පැමිණි රෝගීන් රැසක් දැඩි පීඩාවට පත් වුණා. 

    වෛද්‍යවරුන් මෙලෙස වර්ජනයේ නිරත වන්නේ මාලඹේ සයිටම් විද්‍යාලයට සහ සරසවි සිසුන්ට ඉකුත්දා එල්ල වූ ප්‍රහාරයට විරෝධය දක්වමින්. 

    වර්ජනය හේතුවෙන් ප්‍රාදේශීය රෝහල් රැසක කටයුතුවලට බාධා එල්ල වුණා. 

    මෙම වර්ජනය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද උදෑසන රැස් වුණා. 

    අනතුරුව මාධ්‍ය හමුවක් කැඳවමින් ඔවුන් සඳහන් කළේ වර්ජනයේ නිරත වෛද්‍යවරුන්ට එරෙහිව විනය පියවර ගැනීමට රජය කටයුතු කරන්නේ නම් වර්ජනය තවත් දැඩි කිරීමට සිදු වන බවයි. 

    මේ අතර සයිටම් අර්බුදය සම්බන්ධයෙන් කොළඹ ඊයේ පැවති සම්මන්ත්‍රණයේ දී වෛද්‍යවරයෙකු පහර කෑමකට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ද අදහස් පළ වුණා. 

    සයිටම් ගැටළුව විසදීමට අවශ්‍ය යෝජනා මාලාවක් වෛද්‍ය පීඨාධිපතිවරුන්, වෙද්‍ය පිඨ ආචාර්ය සංගමය හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පොදු එකඟතාවයෙන් යුතුව මේ වනවිට රජයට භාර දී ඇති බවද මෙහි දී ප්‍රකාශ කෙරුණා.   

         

    [rns_reactions]