Category: සුපිරි Walks

  • පැතිර යන අලුත් ඩෙංගු රෝගයේ රෝග ලක්ෂණ මෙන්න..

    මාරාන්තික ඩෙංගු රෝගය සම්පූර්ණ‍යෙන්ම වෙනස් වෙලා. දින තුනක් යනතුරු රෝග ලක්ෂණ කිසිවක් නැහැ. අලුත් ඩෙංගු ‍රෝගය තමන්ට වැළදිලාදැයි හදුනා ගන්නා අයුරු මෙන්න !.

    රට පුරාම සීග්‍රයෙන් පැතිර යන ඩෙංගු වසංගතය ජාතික ව්‍යසනයක් දක්වාම පැතිර ගොස් අවසන් . මේ වසරේ පැතිර යන ඩෙංගු රෝගය පෙර වසර වලට වඩා වෙනස් රෝග ලක්ෂණ වලින් යුක්ත බවට බොහො දෙනා පවසනවා. රෝගයේ පැතීරීමේ සිට රෝග ලක්ෂණ දක්වාම ඩෙංගු රෝගය වෙනස් ව ඇති බවයි සමාජ ජාලා මාධ්‍ය වල සදහන් වන්නේ.
    නාගරීක හා තදාසන්න ප්‍රදේශ වලට සීමා වී තිබු ඩෙංගු රෝගය මේවන විට ගම්බද ප්‍රදේශ දක්වාම පැතිරී අතර මිනිස් ක්‍රියාකාරකම් එයට හේතූව බව පැහැදිළියි. 

    වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පේරාදෙණිය ශික්‌ෂණ රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය උදය රළපනාව අලුත් ඩෙංගු රෝගය හා එහි රෝග ලක්ෂණ පිළිබදව දැක්වූ අදහස් පහතින්

    “මාරාන්තික ඩෙංගු රෝගය” මුලින්ම වැළඳෙන්නේ වෛරස්‌ උණ රෝගයක ස්‌වරූපයෙන්. ඇඟපත වේදනාව, හිසරදය, කැරකිල්ල, සමඟ හටගන්න උණ නිසා මෙවර කෑම අරුචිය තරමක්‌ දරුණු ලෙස ඇති වන බව සොයාගෙන තිබෙනවා. අස්‌ථි සහ මාංශපේශිවල වේදනාව සමඟ උගුරේ වේදනාව මෙවර ඩෙංගු රෝගීන් අතර වැඩි වශයෙන් දක්‌නට ලැබෙන රෝග ලක්‌ෂණයන්. කුද්දැටි ඉදිමීම සහ පාචන තත්ත්වය මෙයට පෙර ඩෙංගු රෝගීන් අතර දක්‌නට නොලැබුණත් මෙවර එම රෝග තත්ත්වයන්ද උණ වැළඳුණු පළමු දින කිහිපයේදීම රෝගීන් අතර දක්‌නට ලැබෙනවා. මේවා නව ඩෙංගු රෝග ලක්‌ෂණ ලෙස හඳුන්වන්න පුළුවන්.

    ඒ අතරේ තවදුරටත් සැලකිලිමත් විය යුතු ප්‍රධානතම කාරණයක්‌ තිබෙනවා. මෙතෙක්‌ කල් අප පුරුදු වී සිටියේ, උණ වැළඳීමෙන් පසු තෙවැනි දිනයේදී රුධිර පට්‌ටිකා පරීක්‌ෂාව හෙවත් ප්ලේට්‌ලට්‌  පරීක්‌ෂා කරවා ගැනීමටයි. නමුත් මෙවර ඩෙංගු රෝගීන්ගේ රුධිර පට්‌ටිකා මුල් අවස්‌ථාවලදී පහත නොයන තත්ත්වයක්‌ද දක්‌නට ලැබෙනවා. රුධිර පට්‌ටිකා සංඛ්‍යාත්මකව පහළ යන බවක්‌ දින තුනක්‌ හෝ හතරක්‌ යන තුරුත් නොපෙන්වා සිටියද දින හත ආසන්න වෙත්ම සීඝ්‍රලෙස රුධිර පට්‌ටිකා පහත යන අන්දමක්‌ දක්‌නට ලැබෙනවා. ඒ සමගම ඩෙංගු රක්‌තපාත තත්ත්වයට රෝගියා පත් වීම අවදානමට අත වැනීමක්‌. මේ හේතුව නිසාම උණ වැළඳී දින තුනකින් රුධිර පට්‌ටිකා පරීක්‌ෂාවකින් පමණක්‌ සෑහීමකට පත්ව නිහඩව සිටින්න එපා.

    දැන් ඩෙංගු හඳුනා ගැනීම සදහා හොඳම ක්‍රියාමාර්ගය ඩෙංගු ප්‍රතිදේහජනක පරීක්‌ෂා කරවා ගැනීමයි. මෙම රුධිර පරීක්‌ෂාව උණ වැළඳි පළමු දිනයේදීම සිදු කරවා ගත හැකියි. ඒ අනුව ඩෙංගු රෝගය වැළඳී ඇති බවට සනාථ වුවහොත් එතැන් සිට පැයෙන් පැය සිරුරේ ඇතිවන සංකූලතාවන් පිළිබඳව දත්ත රැස්‌ කිරීම සදහා රෝගියා නේවාසික ප්‍රතිකාර වෙත යොමු කළ හැකි වෙනවා. ඒ ඔස්‌සේ සෘජුවම රෝගියාට නිසි ප්‍රතිකාර ලබා දිය හැකි වන අතර අත්‍යවශ්‍ය විවේකයද නොඅඩුව ලබා දිය හැකියි. ඩෙංගු රෝගියෙකු වෛද්‍යවරයෙකුගේ සෘජු අධීක්‌ෂණය සහ හෙදියකගේ මනා හෙදකම යටතට ගත යුතු වන්නේ, කෑම බීම සහ දියර වර්ග ගණනයකට යටත්ව ආහාරයට ගැනීමටත් ඒවා එම ප්‍රමාණයන්ගෙන්ම සිරුරෙන් බැහැර වන්නේද යන්න නිශ්චිතව ගණනය කිරීම වැදගත් වන නිසයි. ඩෙංගු මූලික සංකූලතා පහළ වෙත්ම ප්‍රතිකාර ආරම්භ කොට මැනැවින් රෝගියා පාලනය කරන්නේ නම් ඩෙංගු මාරාන්තික හෝ දරුණු තත්ත්වයට ගෙන යැමෙන් වළක්‌වා ගත හැකියි.

    ඩෙංගු රෝගය වැළඳී ඇති රෝගියෙකු ගේ දියරමය ආහාර සඳහා සුප්, කැඳ, බාර්ලි, ජීවනී එක්‌ කිරීම අත්‍යවශ්‍යයි. රතු පැහැයට ආසන්න හෝ එම පැහැයෙන් යුතු කෑම හෝ බීම වර්ග ආහාරයට නොගත යුතුයි මේ අතර කාබනේට යෙදූ (ගෑස්‌ සහිත) බීම වර්ග ද නොගත යුතුයි.

    ගර්භනී කාන්තාවන් හෝ දිගුකාලීනව බෝ නොවන රෝග හෙවත් දියවැඩියාව අධික රුධිර පීඩනය හෘදරෝග ස්‌නායු රෝග වැනි රෝග ඇති විශේෂ අවදානම් සහිත පුද්ගලයින්ට උණ වැළඳි අවස්‌ථාවල කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වී නේවාසික ප්‍රතිකාර වෙතද යොමු විය යුතුමයි.

    මෙවර ද බාල තරුණ වැඩිහිටි මහලු ආදී සෑම වයස්‌ කාණ්‌ඩයකටම අයත් පුද්ගලයින් ඩෙංගු රෝගයට ගොදුරුව ඇතත් මේ අතුරින් විශේෂයෙන්ම වැඩිහිටි කාන්තාවන් ඩෙංගු රෝගයට වැඩි වශයෙන් ගොදුරුව ඇති සෙයක්‌ දක්‌නට ලැබෙනවා.

    ඩෙංගු මදුරු කීටයන් බෝ වීම වළක්‌වා ලීම ඩෙංගු රෝග ව්‍යාප්ත වීම අවම කිරීමට හොදම විසඳුම වුවද දැන් දැන් ඒ සඳහා ද කැපව කටයුතු නොකරන බවක්‌ දක්‌නට ලැබෙනවා. බෙහෙත් පෙති රඳවා තැබෙන ඊයම් පැහැති රදවනයේ වුවද ඩෙංගු මදුරු බිත්තර රඳවා තැබිය හැකියි. බිත්තරයක්‌ ජීවී තත්ත්වයෙන් අධික කාලයක්‌ පැවතිය හැකි බැවින් පවිත්‍රතා කටයුතු දින පහෙන් පහකට වතාවක්‌ වත් සිදුකළ යුතුවෙනවා. මදුරුවා මීටර් පන්සීයක දුරක්‌ පියඹා යන බැවින් අපගේ නිවස අවට පමණක්‌ පවිත්‍ර කොට තැබීමද සෑහෙන්නේ නැහැ. අන්‍යෙන්‍ය සුහදතාව වර්ධනය කර ගනිමින් සෙසු උදවියගේ නිවාස අවටත් පවිත්‍ර කර තැබීමට උනන්දු කරවා ගැනීම ඔබගේ නීරෝගීකමට හා ජීවිතය ආරක්‌ෂා කරගැනීමට හේතුවක්‌ වෙනු ඇති.

    [rns_reactions]

  • ආචාර්ය සමන් කැලේගම අභාවප්‍රාප්ත වෙයි

    ජාතික ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය සමන් කැලේගම මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

    තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පැවසුවේ තායිලන්ත සංචාරයක් අතරතුරදී ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇති බවයි.

    ආර්ථික විශේෂඥයෙකු, ප්‍රතිපත්ති සම්පාදකයෙකු ලෙසද කටයුතු කළ ඒ මහතා  කොළඹ රාජකීය විද්‍යාලයේ සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදි සිසුවෙකුවෙකි.

    එමෙන්ම ඒ මහතා රාජ්‍ය හා පෞද්ගලික ආයතන බොහෝමයක ඉහළ පෙළේ තනතුරු හොබවා ඇති අතර ඉන්දියානු තාක්ෂණික අධ්‍යාපන ආයතනයෙන් ශාස්ත්‍රපති උපාධිය ලබා ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ගෙන තිබේ.

    මියයන විට ආචාර්ය සමන් කැලේගම මහතා 58 වන වියේ පසු විය.

    [rns_reactions]

  • ජුලි පළමු වෙනිදා සිට සංශෝධිත බස් ගාස්තු මෙන්න

    වාර්ෂික බස් ගාස්තු සංශෝධනය යටතේ සියයට 6.28 කින් වැඩි වූ බස් ගාස්තු ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර තිබෙන බව වාර්තා වෙනවා. 

    ඒ අනුව අවම ගාස්තුව ලෙස පැවති රුපියන් 9, රුපියල් 10 දක්වා ඉහළ නැංවෙනු ඇති බවයි. 

    ඊට අමතරව රුපියල් 12ක්ව තිබූ බස් ගාස්තුව රුපියල් 13 දක්වාත්, රුපියල් 16 බස් ගාස්තුව රුපියල් 17 දක්වාත්, රුපියල් 20 බස් ගාස්තුව රුපියල් 21 දක්වාත් සහ අනෙකුත් බස් ගාස්තු ද සියයට 6.28කින් ඉහළ නංවා තිබෙනවා. 

    මීට අමතරව අධිවේගී මාර්ගවල බස් ගාස්තු ද ඉහළ නංවා තිබෙන බවයි පැවසෙන්නේ. 

    ඒ අනුව මහරගම – ගාල්ල රුපියල් 410ක්, මහරගම – මාතර 500ක්, කඩුවෙල  – මාතර 520ක්, කොළඹ – මාතර 530ක්, කඩුවෙල – ගාල්ල 430ක්, කඩවත – මාතර 540ක් සහ කඩවත – ගාල්ල රුපියල් 440ක් වෙනවා.

    බස් ගාස්තු සංශෝධනය පිළිබඳව සම්පුර්ණ තොරතුරු මෙතනින් 

    [rns_reactions]

  • අනවසරයෙන් විවාහ වීම හේතුවෙන් පත්වීම් අවලංගු වූ ආධුනික පොලිස් නිලධාරීන්ට සුබ මංගලම්…

    ආධුනික කාලය තුළ අනවසරයෙන් විවාහ වීම හේතුවෙන් පත්වීම් අවලංගුව සිටි ආධුනික පොලිස් නිලධාරීන් 149 දෙනෙකු නැවත සේවයට බදවා ගැනීමට තීරණය කර තිබෙනවා. 

    2009 වසරේ මැයි මස 18 වැනි දා සිට 2016 වසරේ දෙසැම්බර් 31 දක්වා ආධුනික කාලය තුළ දී පොලිසියේ නිසි අවසරයකින් තොරව ඔවුන් විවාහ වී ඇති බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ. 

    ඒ සඳහා කොන්දේසි 04ක් පැනවීමට ද තීරණය කර තිබෙනවා. 

    නවක නිලධාරියෙකු ලෙස නැවත සේවයට බඳවා ගැනීම, ධාරිතා සංවර්ධන පාඨමාලාවකට යොමු කිරීම, සේවයේ නොසිටි කාලයට අදාලව පසුබිම් වාර්තාවක් ලබා ගැනීම හා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කිරීම අදාල කොන්දේසි වනවා. 

    ඒවාට යටත්ව නැවත සේවයට එක්වීමට එකඟ වන බවට දිවුරුම් ප්‍රකාශයක් ලබන මස 25 වැනි දාට පෙර පොලිස් මූලස්ථානය වෙත ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ යුතු බවයි පොලිස් ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පැවසුවේ. 

    [rns_reactions]

  • මහ වැස්සක පෙර නිමිති! දින 04ක් එකදිගට මහ වැසි…

    අද සිට ප‍්‍රදේශ බොහෝමයකට යළිත් වැසි වැඩි විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කිරීමත් සමග ඇතිවිය හැකි ආපදා වළක්වා ගැනීම සඳහා යුහුසුළුව කටයුතු කරමින් සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද උදෑසන 10.30ට නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ලබන 27 වනදා තෙක් විශේෂයෙන්ම රටේ නිරිත දිග ප‍්‍රදේශවලට වැසි වැඩිවිය හැකි බවයි.

    බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ යන පළාත්වලට ද ගාල්ල සහ මාතර දිස්ත‍්‍රික්කවලට ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කෙරෙනවා. කෑගල්ල, රත්නපුර, කළුතර, ගම්පහ, කොළඹ සහ ගාල්ල යන දිස්ත‍්‍රික්කවලට මිලි මීටර් 100 දක්වා වූ තද වැසි ද ලැබිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

    [rns_reactions]

  • ‘‘අරගල කරන්න..බුදුන්ගෙන් ඉගෙන ගන්න‘‘ – අරගලකරුවන්ට බුකිය කියාදුන් පාඩම!

    සෞඛ්‍ය අමාත්‍යංශයට බලහත්කාරයෙන් කඩා වැදුනු සයිටම් විරෝධී විශ්ව විද්‍යාල සිසුන්ට ඊයේ එල්ල වූ ප්‍ර‍ාහාරය සහ ඔවුන්ගේ ප්‍ර‍ණ්ඩකාරි හැසිරීම පිළිබඳ මේ වන විට බොහෝ දෙනා කතා කරන මාතෘකාවක් බවට පත්ව තිබේ.අන්තර්ජාලයේ මෙන්ම සමාජ ජාලා වෙබ් අඩවි තුළද මේ පිළිබඳව බොහෝ අදහස් පළවී තිබුණි.එවන් පසුබිමක ෆේස්බුක් සමාජ ජාලයේ වේගයෙන් හුවමාරු වන සටහනක් අප ‘නෙත්‘ ගැටුණි මේ එම සටහනයි….

    ‘‘රජයේ ආයතනයක් ඇතුලට දාහක් එක්ක පැන්නට පැස්සෙ.ආ එන්න පුතාලා ඇතුලට කලින් කිව්වනං මරණාධාර සමිතියෙන් පුටු ගෙනල්ලා තියනවනෙ. ඉඩ තියන විදිහට වාඩි වෙන්නකො..කේකුයි බිස්කටුයි අල්ලලා ඇඹුල් කෙහෙල් ඇවරියක් ගෙනල්ලා කන්න පුතාලා ඔහෙන් වාඩිවෙලා..අපේ ජනේලෙ කැඩුවට කමක් නෑ සයිටම් වැහෙනවනෙ
    ලහිරු පුතා දැන් අක්කට එහෙම කොහොමද..??තාම slit එකේද.. දැං ඩිග්‍රිය එහෙම ගත්තද..??දුවලා ඔයාලා ඉඳගන්න.. කොල්ලො ටික නං ඔය කොහෙන් හරි ඉඳගනීනෙ..ගේට්ටුව ගලෝලා මහන්සිත් ඇතිනෙ බොමුද තේකක්.. මේකෙ bopf තියනවා..අනි මේවා වත්තෙ ඇඹුල් ලැජ්ජ වෙන්නැතුව කන්න දරුවො ‘‘ කියලා හිතලද උඹලා අමාත්‍යාංසෙ ඇතුලට කඩා පැන්නෙ..

    යකෝ පොඩ්ඩක් තොපෙ නායක බූරුවා ගැන හිතපිය..ඌ ගැන කියන්න තියෙන්නෙ කාරණා දෙකයි

    1. රාජ්‍ය ආයතනයක් ඇතුලට පැන්නම පොලීසිය ඇවිල්ලා ගහලා එලෝනවා කියලා ඌ දන්නෑ..

    ඒක ඇත්තනං ඒකවත් දන්නෙ නැති කැන්ද හැලපයෙක් නායකයා කරගෙනද යකෝ තොපි අරගල දිනනන්න හදන්නෙ..
    නොදකින් ඔය සංගමේ වහලා දාලා ගොටුකොල හිටවහන්

    2. ඌ උඹලට ගහනවා කියලා දන්නවා.. දැනගෙන තොපිව ගුටිකන්න ඇතුලට එක්කන් ගියා..

    නොදෝමකින් ඕයි.. නියම නායකයෙක් කියන්නෙ තමන්ගෙ සෙට් එකේ උන්ව බලෙන් ඉල්ලගෙන ගුටි කන්න දක්කන එකෙක්ටද..

    ඒක හින්දා දැන්වත් තේරුම් ගනින්.

    අරගල බැරිනං ගල අරගෙන හරි පලයන් අපිට පාන්ද..ප්‍රභාකරන් කිව්වෙත් ඌ කරන්නෙ අරගලයක් කියලා Isis උන් කියන්නෙත් උන් කරන්නෙ අරගලයක් කියලා කුලවාදෙට එරෙහිව බුදුන් කලෙත් අරගලයක්..දැන් අරුන් ත්‍රස්තවාදියො වෙලා බුදුන්ට තාම වඳින්නෙ ඇයි..

    අරගලේ කරන්න තෝරගත්ත පාර හින්දා..

    කිඹුල්වත් පුරේ සුද්ධෝදනගෙ මාලිගාවට හාන්දුරුවො එක්ක පැනලා කුල වාදෙ නවත්තපිය කියලා ජනෙල් දොරවල් කඩාදාලා මගුල් නැටුවද..නෑ ගහන්න බනින ඔක්කොම අහගෙන සාමකාමීව තමන්ගෙ අරගලේ කලා..ගාණ්ධි තමන්ගෙ සත්‍යග්‍රහ ව්‍යාපාරෙ එක වෙලාවක සම්පූර්ණයෙන් නවත්තනවා තමන්ගෙ කණ්ඩායමේ එකෙක් විරුද්ධ මතවාදියෙක්ට පහර දුන්නා කියලා..

    තොපි හිතන් ඉන්නවද සෞඛ්‍ය අමාත්‍යාංශය චතුර සේනාරත්න පිටසක්වලින් සල්ලි ගෙනල්ලා තාත්‍තට දීලා හදපු රාජිතගෙ බූදලයක් කියලා.අනේ යකුනේ තොපි ඊයෙ කුඩු කරලා තොවිල් නටපු දේපල වාහන ඔක්කොම මේ රටේ මිනිස්සුන්ගෙ බදු සල්ලි.. නිර්ධන පන්තියෙ ඉන්ගෙ දේපල වලටම කෙලෝලද තොපි එතකොට නිර්ධන පන්තියෙ අරගල දිනන්න හදන්නෙ..

    ඔව් ඔව් දැන් අර ඇමති බිලියනයක් හොරකන් කලා ඉතින් අපි පොඩ්ඩක් කැඩුවම මොකෝ කියලා දැන් කොමෙන්ට් ටයිප් කරන උන්ට කියන්න තියෙන්නෙ

    ඕලෙවල් වත් නැති කාලකන්නි කරන ඒවා කරන්නද මී හරකො තොපි කැම්පස් ගියේ. තොපි කරන්නෙත් උන් කරන ඒවා නං උන්ගෙයි තොපෙයි වෙනසක් තියනවද.. තව ටික දවසකින් තොපි මිනියක් මරලත් කියයි ප්‍රභාකරන් ලක්සයක් විතර මැරුවනෙ අපි එකෙක් මැරුවම මොකො කියලා.. ඌරා මඩ නානවනෙ. ඉතින් මං නාන්නැතුව හිටියම මොකො වගේ ගොං ලොජික් දාන අත උස්සලා කැම්පස් ගිය උන් ඉන්නවනං පාං ගෙඩියෙන් අපල දුරුවෙනවා කියලා හිතන් ඉන්න උන්ගෙ ලිස්ට් එකට පල..

    තොපි මොන බම්බු අරගලේ කරත් වැඩක් නෑ රටේ මිනිස්සු උඹලා එක්ක නැත්තං රටේ මිනිස්සු තොපි එක්ක හිටවගන්න ඕනෙ නං පිස්සො වගේ ත්‍රස්තවාදියො වගේ හැසිරෙන්නැතුව බුද්ධිමත් මිනිස්සු ශිස්‍යයො වගේ හැසිරියන්..

    තොපි එක්ක හිටගෙන ඉන්නෙ කවුද කියලා පොඩ්ඩක් බලපිය. නිර්ධන පන්තියෙ අයිතිවාසිකම් බම්බුවක් කියෙව්වට තොපි එක්ක ඉන්නෙ ළමයව රෝයල් දාන්න කාර් පර්මිට් ඉල්ලලා වැඩ වර්ජනේ කරලා ගෝටගෙ කීමට කොතලාවල වෛද්‍යපීටෙ හදනකොට හා සර් කියලා බඩ උලාගෙන හිටපු වෛද්‍ය සංගමෙයි.. සයිටම් එකට අත්සන් කරලා දැන් එපා කියනා ත්‍රීවිල් ඒකාබද්ධ විපක්සෙයි තමන්ගෙ උන්ව slit යවලා අනිත් උන්ගෙ දරුවො යන ඒවා ඇබොලිස් කරපන් කියන ජවිපෙයි පෝස්ටරයක් ගහගන්න එකෙක් නැති කුරුට්ටොයි විතරයි..

    ආයෙ හිතපන්

    ඔතන ඉන්න ගුටිකාපු බහුතරේ බලෙන් ඇදගෙන ආපු 1st ඉයර් උන්.. නෑ කියලා නටන්න එපා දැන්.. අවුරුදු 8 ක් තිස්සෙ සයිටම් අරගලේ වෙනවා..ඇයි සද්භාවයෙන් බොක්කෙන් අරගල කරනවනං කැම්පස් එකෙන් අවුට් උනාට පස්සෙ එකෙක්වත් පැත්ත පලාතක නොඑන්නෙ..

    පොඩ්ඩක් තේරුම් ගනින්

    තොපි ඔක්කොම දේසපාලන ඉත්තො ඡන්ද ලක්සයක් ගන්න බැරි බම්බු දේසපාලන ව්‍යාපාර වල කොන්ත්‍රාත් එකක් කරන්නෙ..
    අන්තරේ හිටපු කැඳවුම්කාරයො ටික දැන් ඉන්නෙ කොහෙද කියලා පොඩ්ඩක් බලපන්. උන්ට ඕනෙ අරගලේ දිනන්න නෙමෙයි.

    තොපි කාවහරි මරාගන්න

    ඒකයි ගහනවා කියලා දැනගෙන ලහිරු කියන බූරුවා තොපිවත් ඇදගෙන ඇතුලට යන්නෙ.. නියම නායකයා කවද්ද යකෝ තමන්ගෙ උන්ට ගුටි කන්න දෙන්නෙ.. තනියම ගිහින් කතා කරනව මිසක්..ඇරත් තොපි හිතන් හිටියනං මෝලමක් ගලහා පිළිඅරගෙන රාජිත මේං කියලා තොපිට සාකච්ඡාවක් දෙයි කියලා ආයෙ කියන්නෙ ඔය සංගමේ වහලා ගොටුකොළ හිටවහන්..ඒක හින්දා එක එක පරයන්ගෙ දේසපාලන ව්‍යාපාර වලට ඡන්ද ගන්න විකිණෙන මිනියක් වෙන්නෙපා..

    අන්තරේටයි උන්ව මෙහෙයවන දේසපාලන බඩකඩිත්තු වලටයි ඕනෙ තොපි එකෙක්ව මරාගෙන මිනී පෙට්ටිය අරගෙන අරගලේට දිවි පුදපු සිසු විරුවා කියලා කොළබ වටේ අරගෙන ගිහින් ඡන්ද එකතු කරගන්න..අරගලයක් ඉවර කරන්න ඕනෙ නෑ උන්ට.. උන් ජීවත් වෙන්නෙ ඔය අරගලෙන්.

    හිතපන් තොපි එකෙක් මැරිලා සයිටම් වැහුවා කියලා..ඊළඟට nsbm වහන්න අරගලයක් කරයි.. එතකොට තව එකෙක් මැරෙනවද..කොතනින්ද ඕක නවතින්නෙ..

    ගහමරාගෙන ප්‍රශ්න විසඳන්න බෑ..ගහගන්නෙ නොදියුනු ගෝත්‍රිකයෝ තොපි රටේ බුද්ධිමත් සෙට් එකනං බුද්ධිමත්ව ප්‍රශ්න විසඳන්න බලපන්..උඹලා ගැන කවි ලිව්වා ගුටි කෑවම ඕන තරන් මීට කලින්.. ඒ උඹලගෙ මතේට කැමති හින්දා නෙමෙයි.. මොනව උනත් මිනිස්සු හින්දා..

    හැබැයි තව ටික දවසකින් උඹලා ඔය වගේ පිස්සු නටද්දි මැරුවත් හොඳවැඩේ කියන තැනට රටේ මිනිස්සු පත් වෙනවා..ආණ්ඩුවටත් ඕනෙ ඒක..

    ඒ තැනට පත් වෙන්නෙපා..කවුරුහරි බූරුවෙක්ගෙ කීමකට යටවෙලා අනාගතේ කාලකන්නි නොකරගෙන ඉගෙනගෙන රටට වැඩ කරපන් ඔච්චර ආදරෙයිනං

    තොපි ඩෙඟා නටන තරමට ආණ්ඩුව කැමතියි..ආන්ඩුවෙ ඔක්කොම ප්‍රශ්න තොපේ පිටින් සතියක් දෙකක් යවාගන්න පුළුවන් හින්දා..අන්තිමට ආයෙත් කියන්න තියෙන්නෙ තොපි දේසපාලන ව්‍යාපාරෙක වහල්ලු.. තොපි ඔක්කොම ඡන්ද වෙනුවෙන් ගුටි කවන්න මරාගෙන මැරෙන්න යවන ඉත්තො.. ඒක තේරුම් ගනින්

    ලහිරු වීරසේකර ඔතනින් ගියාම ඌට පක්සෙන් පඩියක් එක්ක රස්සාවක් දෙනවා..තොපි කාලකන්නි වෙලා මැරිලා ගියාම ගෙදර උන්ට ඌ කන්න දෙන්නෙත් නෑ දිනන ලබ්බෙ අරගලේකුත් නෑ..

    උඹලගෙ අරගලේට මගෙ කිසිම විරුද්ධත්වයක් නෑඋද්ඝෝෂණ අරගල කරන එක මිනිස්සුන්ගෙ අයිතියක්.මම ඒකට හිස් මුදුනින් ගරු කරනවා..

    හැබැයි ඒක කරපන් මිනිස්සු වගේ..පිස්සො වගේ නොවී..මිනිස්සු උඹලා එක්ක හිටගන්නකන් උඹලා අරගල දිනන්නෙ නෑ..

    චමල් අකලංක පොල්වත්තගේ

  • අන්තරේ අමුතු ලොජික්.. STF බල්ලෝ – අද ඉදලා උන්ට බේත් නෑ.. නිරුවත කරලියට…

    පසුගියදා අනීතිකව සෞඛ්‍ය අමාත්‍යංශයට කඬා වැදුනු විශ්වවිද්‍යාල සිසුන් ඉවත් කිරීම සදහා විශේෂ කාර්යය බලකායට(STF) මැදිහත්වීමට සිදුවූ අතර එහිදී සිය අවම බලය භාවිතා කරමින් බැටන් පොලු ප්‍රහාරයක් එල්ල කිරීමටද ඔවුන්ට සිදුවිය.

    මෙම සිදුවීමෙන් පසුව විශේෂ කාර්යය බලකායේ සාමාජිකයින් ඉලක්ක කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ විශ්ව විද්‍යාල සිසුන් විසින් ඉතා පහත් පෙලේ වචන භාවිතා කරමින් ෆේස්බුක් සමාජජාලය තුල මතයක් ගෙනයමින් ඇති අතර එය කිසිසේත්ම උචිත තත්වයක් නොවේ.

    යුධ සමයේදී මෙරට ත්‍රස්ථවාදයෙන් මුදවා ගැනීම සඳහා මෙන්ම රටේ ආරක්ෂාව, සාමය සහ ස්ථායීතාවය පවත්වාගෙන යාම පිණිස විශේෂ කාර්යය බලකාය විසින් ලබාදී ඇති දායකත්වය ඉතා විශාලය.

    හම්බන්තොට මහ රෝහලේ වෛද්‍ය නිලධාරියෙකු වන දුමිදු කොඩිතුවක්කු විසින් මින් ඉදිරියට “පොලීසි සහ STF කාලකන්නීන්ගේ රෝගීන්ට මින් ඉදිරියට ප්‍රතිකාර කරනු නොලැබේ” යනුවෙන් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබූ අතර ගොඩනැගුනු මහජන විරෝධය හමුවේ එය ඔහුගේ ගිණුමෙන් ඉවත්කර තිබේ.

    සයිටම් සටනට සම්බන්ධ වී සිටින සනෝජ් වීජයසේකර නම් තැනැත්තා විසින් “STF පර බල්ලන් යනුවෙන් සඳහන් කරමින් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් පළ කර තිබේ.

    රාජ්‍ය දේපළ වලට අලාභහානි කරමින් ත්‍රස්තවාදීන් ලෙස හැසිරෙන අමනෝඥයින් රැලක් ඉවත් කල පමණින් රණවිරුවන්ට මෙලෙස පහත් ආකාරයෙන් පරිභව කිරීම කිසිසේත්ම අනුමත කල නොහැකි අතර මෙවන් ක්‍රියාමාර්ග වල නොයෙදෙන ලෙස අප වෛද්‍යවරුන්ගෙන් සහ විශ්ව විද්‍යාල සිසුන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

    [rns_reactions]

  • පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරෙන් ඉවත් වෙයි ?

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් මාධ්‍ය ප්‍රකාශක තනතුරෙන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.

    සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ. 

    මේ සම්බන්ධයෙන් nethnews.lk පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයෙන් කරුණු විමසා සිටි අතර එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් නිල තොරතුරු මෙතෙක් ලැබී නොමැති බවයි.

     

     

     

     

  • ‘‘පොලීසියේ සහ STF කාලකණ්නින්ට අද සිට ප්‍ර‍තිකාර නැහැ‘‘ – වෛද්‍යවරයෙක්?????? කියයි…

    සයිටම් විරොධී සිසුන්ට පහර දීම නිසා මින් ඉදිරියට පොලිසියේ හා පොලිස් විශේෂ කාර්ය බලකායේ සාමාජිකයන්ට මින් ඉදිරියට ප්‍රතිකාර නොකරන බව වෛද්‍යවරයෙකු කළ ප්‍ර‍කාශයක් මේ වන විට අන්තර්ජාලයේ කතාබහට ලක්වෙමින් තිබෙනවා 

    සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් පලකරමින් ඔහු කියා තිබුණේ ‘‘ පොලීසියේ හා stf කාලකණ්නින්ගේ රෝගීන්ට අද සිට ප්‍ර‍තිකාර කරනු නොලැබේ‘‘ යන්නයි.

    අදාළ වෛද්‍යවරයා හම්බන්තොට මහරෝහලේ සේවය කරන්නෙක්.

    මේ අතර කිසියම් රාජකාරී කටයුත්තක දී සිය නිලධාරීන්ට තුවාල සිදුවුවහොත් මින් ඉදිරියට ඔවුන් රජයේ රෝහල්වලට ඇතුළත් නොකිරීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ අවධානය යොමුව තිබෙනවා. ඒ අනූව තුවාල ලබන සිය නිලධාරීන් පොලිස් රෝහලට හෝ පෞද්ගලික රෝහලකට පමණක් ඇතුළත් කිරීමටයි ඔවුන් සූදානම් වන්නේ. 

    සරසවි සිසුන් පිරිසක් සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට පෙරේදා කළ උද්ඝෝෂණය විසුරුවා හැරීමට ගිය අවස්ථාවේ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් තුන් දෙනෙකු ද තුවාල ලැබුවා. ප‍්‍රතිකාර සදහා ඔවුන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණත් වෛද්‍යවරුන් ඔවුන්ට ප‍්‍රතිකාර කිරීමට ප‍්‍රමාණවත් උනන්දුවක් නොදැක්වූ බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය මීට පෙර ප‍්‍රකාශ කළා. කිසියම් රාජකාරි කටයුත්තක දී සිය නිලධාරීන්ට තුවාල සිදු වුවහොත් මින් ඉදිරියට ඔවුන් රජයේ රෝහල්වලට ඇතුළත් නොකිරීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ අවධානය යොමු වී ඇත්තේ ද ඒ අනූවයි.

     [rns_reactions]
  • හිටපු ලේකම්ගේ බලපෑමට වාරි ලේකම් එපා කියා එහෙයියන් වර්ජනයේ

    වාරිමාර්ග අමාත්‍යංශයේ ලේකම් ධුරය සඳහා පරිපාලන සේවයේ නිලධාරියෙකු පත් කිරීමට එරෙහිව යැයි පවසමින් හිටපු ලේකම්ට පක්ෂපාති එහෙයියන් කිහිපදෙනෙක් අද (23) රට පුරා සංකේත වැඩ වර්ජනයක නිරත වනවා. එහෙයියන්ගේ සංගමයේ ප්‍රකාශකයෙක් පැවසුවේ හිටපු ලේකම් ලබාදෙන තුරාවට තමන් වර්ජන ක්‍රියාමාර්ගයේ නිරත වන බවයි.. එය කිරීමට නොහැකි නම් ඉදිරියේ දී වඩාත් දැඩි වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගවලට අවතීරණ වන බවයි ඔහු කියා සිටියේ. 

    [rns_reactions]

  • අමාත්‍යංශයට අලාභ හානි කල චෝදනාවට ලහිරු අත්අඩංගුවට.. (Breaking News)

    රජයේ අමාත්‍යංශයකට කඩා වැදී රජයේ දේපල වලට අලාභ හානි සිදුකිරීමේ චෝදනාව මත අන්තර් විශ්ව විද්‍යාලයේ කැදවුම්කරු ලහිරු වීරසේකර මහතා ඇතුළු පිරිසක් මිට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන ඇත.

    [rns_reactions]

  • පිය මග යන පුතු දහම් දුන් පොරොන්දු ඉටුකරයි. දෙව්මිණි දැරියගේ නව නිවෙසට මුල් ගල තබයි..!

    පසුගියදා දිවයිනට බලපෑ අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව රුදුරු ගංවතුරෙන් තම නිවස අහිමි වූ ලබන වසරේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිත රත්නපුර අයගම පණ්ඩුකඳේ වත්ත ප්‍රදේශයේ පියාද අහිමිව දිවි ගෙවන දෙව්මිණි නම් අධ්‍යාපනයට දක්ෂ දරුවෙකුගේ දුක්බර පුවතක් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ අතර ඒ පිළිබඳව සොයා බැලීමට පසුගිය බ්‍රහස්පතින්දා (14) දහම් සිරිසේන මහතා එම ප්‍රදේශයට ගිය අතර, එහිදී පුංචි දෙව්මිණිගේ කඬාවැටුනු නිවස සහ සිදුවූ සිදුවීම නීරීක්ෂණය කර එහිදී දෙව්මිණි දැරියට සහ ඇගේ මවට සුදුසු ස්ථානයක නව නිවසක් කඩිනමින්ම ඉදිකර දෙන බවට පොරොන්දුවක් ලබා දුන්නේය.

    එම පොරොන්දුව ලබා දී සතියක් ගත වන අද දින (22) පුංචි දෙව්මිණි දැරියගේ අහිමි වූ නිවෙස වෙනුවට නව නිවෙසක් සෑදීම සඳහා මුල් ගල තැබීම අවට විහාරස්ථාන වල ස්වාමින් වහන්සේලාගේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ අද උදෑසන 10.15ට යෙදුන සුභ නැකතින් දහම් සිරිසේන මහතා අතින් සිදු විය.

    මෙම නව නිවෙස සඳහා අවශ්‍ය ඉඩම කිරිඇල්ල නැඳුන් රජමහා විහාරස්ථානය විසින් පරිත්‍යාග කල අතර නිවෙස ගොඩ නැගීමසඳහා රජයේ කිසිඳු ප්‍රතිපාදනයක් ලබා නොගෙන තම පෞද්ගලික දැන හැඳුනුම්කම් මත ආධාර උපකාර ලබාගෙන මාස 3ක් ඇතුලත ගොඩනැගීමටයි දහම් සිරිසේන මහතා සැලසුම් කර ඇත්තේ.

    ගංවතුරෙන් විපතට පත්වූ නැති බැරි අපේම ජනතාව වෙනුවෙන් මෙවැනිම වූ නව නිවාස කිහිපයක්ම රජයේ මැදිහත්වීමකින් තොරව ගොඩනගා විපතට පත්වූ ජනතාව වෙනුවෙන් ලබා දීමට තමා අදහස් කරගෙන සිටින බවත් ඒ සඳහා උපකාර කිරීමට කැමති අයට ආරාධනා කරන බවත් දහම් සිරිසේන මහතා එහිදී සඳහන් කර සිටියේය.

    [rns_reactions]