Category: සුපිරි Walks

  • වෙසක් සමයේ අමුතු දන්සල් රැසක් – අලින්ට කෑම බල්ලන්ට ෆ්‍රයිඩ්රයිස්….

    බෙදාහදාගෙන කන්නට හුරු වූ ජාතියක් වන ශ්‍රී ලාංකිකයන් තමන් හරි හම්බකරගත් දෙයින් යම් කොටසක් අන් අය වෙනුවෙන් වෙන් කරන්නේ එයින් ලබන්නා වූ අප්‍රමාණ චිත්තප්‍රීතිය නිසාය. විශේෂයෙන්ම වෙසක් පොසොන් වැනි පොහොය දිනයන්හි පාරක් පාරක් ගානේ පවත්වනු ලබන දන්සල්වලින් මෙම කරුණ තවදුරටත් ඔප්පු වන අතර මේ ආකාරයට නොමිලේ ආහාරපාන ලබාදීම අපේ රටටම පමණක් අනන්‍ය වූවක් බවද සැලකිය හැකිය.

    දන්සල් සංස්කෘතිය කවදා කොතැනකදී ආරම්භ වූවාදැයි නිශ්චිතවම කිව නොහැකි වුවද එය අද වන විට වෙසක්, පොසොන් වැනි පොහොය දිනයන්හි පවත්වනු ලබන චාරිත්‍රයක් බවටම පත් වී ඇත. බහුතරයක් නොවූවද ඇතැම් පුද්ගලයන් විශේෂයෙන්ම මෙවැනි පොහොය දිනයන්හි එළිපෙහෙළියට බසින්නේද පන්සල් යාමට නොව දන්සල් වැඳීමටය. දන්සල්වලද මූලික පරමාර්ථය ආහාරපාන ලබාදීම වුවද අද වන විට එම සංස්කෘතියද වෙනස් වී ඇත. ඒ අනුව බත්, පාන්, නුඩ්ල්ස්, කිරිකෝපි, ඔසුපැන්, මඤ්ඤොක්කා, පොල් රොටි ආදිය ලබාදීම වෙනුවට කොණ්ඩා හා රැවුල් කැපීම් දන්සල්, භූමිතෙල් දන්සල්, පෙට්‍රල් දන්සල්, හාල්, පරිප්පු, පොල් ඇතුළු වියළි ආහාර ලබාදීමේ දන්සල්, නොමිලේ ප්‍රවාහන කටයුතු සිදුකිරීමේ දන්සල්, බුදු පිළිම ලබාදීමේ දන්සල්, වයිෆයි දන්සල්, නොමිලේ සිම් කාඩ් ලබාදීමේ දන්සල්, සිනමා දන්සල් පාරැ දන්සල් ආදී අමුතු ආකාරයේ දන්සල් පැවැත්වීමටද ඇතැම් දෙනා දැන් දැන් කටයුතු කරති.

    ඒ අනුව මෙවර වෙසක් උත්සවයට සමගාමීව ප්‍රදේශ ගණනාවකම මේ ආකාරයෙන් වෙනස්ම මුහුණුවරක් ගත් දන්සල් පැවති අතර මහනුවර මැණික්හින්න ප්‍රදේශයේ පැවති කොණ්ඩා කැපීමේ දන්සල ඉන් එකකි. මෙම දන්සල් සඳහා ඇරැයුම් ලැබූ ප්‍රධාන ආරාධිත අමුත්තා වන කෙහෙළිය රඹුක්වැල්ල හිටපු අමාත්‍යවරයාගේ කොණ්ඩය කැපීමෙන් දන්සල ආරම්භ වූ අතර නොමිලේ කොණ්ඩය කපාගැනීම සඳහා විශාල පිරිසක් දන්සලට එක්රැස් වී සිටියහ.

    බුදු පිළිම නොමිලේ ලබාදීමද මෙවන් අපූර්ව ආකාරයේ දන්සල් ක්‍රමයක් වන අතර මෙවර වෙසක් පොහොය නිමිති කරගනිමින් මෙවැනි දන්සල් ද රටෙහි විවිධ ප්‍රදේශයන්හි පැවැත්විණි. මේ අනුව කුරුණෑගල ප්‍රදේශයේ එක් පුද්ගලයකු විසින් බුදු පිළිම 1000ක් මිනිසුන් අතර බෙදා දී ඇති අතර මෙයට පෙර අවස්ථාවකදී ගාල්ලේ ගල්වාඩුගොඩ ප්‍රදේශයේදී තිරුවානා කුඩුවලින් නිමවූ අඟල් හයක් උසැති බුදු පිළිම 250 ක් පමණ එක් ව්‍යාපාර මහතකු විසින් බෙදාහැර තිබිණි.
    මිනිසුන්ට අමතරව සතුන්ටද දන්සල් ලබාදීම මෙකල ජනප්‍රිය වී ඇති අතර මෙවර වෙසක් පොහොය නිමිත්තෙන් පින්නවල අලි අනාථාගාරයේ අලින් හටද ආහාර ලබාදීමේ දන්සලක් පැවැත්විණි. මෙම දන්සල සඳහා අලින් මහත් සංයමයකින් සහභාගි වූ අතර මීට අමතරව කඩුවෙල ප්‍රදේශයේ සුනඛයන් වෙනුවෙන් ෆ්‍රයිඩ් රයිස් දන්සලක් ද පැවැත්විණි.

    මෙම දන්සල්වලට අමතරව නොමිලේ උණ බට ලබාදීම, බයිසිකල් සඳහා හුළං ගැසීම, වෙසක් කූඩු දන්සල්, මල් දන්සල්, මෝටර් සයිකල් සඳහා නොමිලේ ස්ටිකර් ගැසීම, අච්චාරු දන්සල් ආදී විවිධ ආකාරයේ දන්සල් පැවති අතර ඒවා සඳහා ඉහළ ජනතා ප්‍රතිචාරයක්ද ලැබී තිබුණි.

    පාරැවෙන් එගොඩ කිරීම හා බස් සේවාවන් හරහා නොමිලේ ප්‍රවාහන පහසුකම් ලබාදීමද මෙවර වෙසක් පෝයට සමගාමීව සිදුකෙරුණු අතර අනුරාධපුර නෙළුම්කුලම ප්‍රදේශයේ බස් රථ හිමියකු තමා සතු බස් රථ කිහිපයක් වෙසක් පොහොය දිනයේ, එනම් පසුගිය 10 වැනිදා කිසිදු ගාස්තුවක් අය නොකර ධාවනය කරන්නට සැලැස්වීය.
    අනුරාධපුර සිට නෙළුම්කුලම දක්වා හා අනුරාධපුර සිට ගුවන්තොටුපොළ හරහා යහලේගම දක්වා දිවෙන බස් රථ කිහිපයක්ම පොහොය දිනය පුරාම මෙලෙස ධාවනය කිරීම නිසා අනුරාධපුර නගරයට පැමිණි ජනතාවට හා පූජා නගරයට පැමිණි බැතිමතුන් හට නොමිලේ ගමන් පහසුකම් ලබාගැනීමට අවස්ථාව උදාවිය. මෙය බොහෝ පිරිසකගේ පැසසුමට ලක්වූ ක්‍රියාවක් වන අතර මෙසේ නොමිලේ ප්‍රවාහන පහසුකම් ලබාගත් එක් පුද්ගලයකු පවසා ඇත්තේ තමන් මේ ආකාරයට නොමිලේ බස් රියක ගමන් කළේ ජීවිතේ ප්‍රථම වතාවට බවය.

    මහනුවර ප්‍රදේශයද දන්සල් ලබාදීම සඳහා ප්‍රසිද්ධියක් උසුලන අතර ගෙවීගිය වෙසක් පොහොයට පසුදින මහනුවර මහියංගණ මාර්ගයේ තෙල්දෙණිය ගඟසිරිගම ප්‍රදේශයේදී මුරුක්කු දන්සලක් පැවැත්විණි. මෙම දන්සල පැවැත්වූ දෙවැනි වතාව මෙය වන අතර මෙහිදී ලබාදුන් මුරුක්කු පැකට් ලෙස සකස් කර තිබුණි. එය පැවැත්වූයේ එම ප්‍රදේශයේ නිවැසියන් පිරිසක් විසිනි. එසේම මහියංගණය කුරුවීතැන්න ප්‍රදේශයේ දී භූමිතෙල් දන්සලක්ද නොච්චියාගම මුස්ලිම් ප්‍රජාවගේ සහභාගීත්වයෙන් පැවැත්වූ කොළ කැඳ හා මාළුපාන් දන්සල ද විෙශ්ෂිත වූ ඒවාය.

    සියලු ලෝක සත්ත්වයන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් කිරුළපන ප්‍රදේශයේ වෙළෙඳ ආයතනයක් විසින් මෙවර වෙසක් උළෙල සඳහා පැණි කොමඩු හා අන්නාසි දන්සලක් දෙනු ලැබූයේ ප්‍රථම වතාවටය. දන්සල් කලාවට අලුත් මුහුණුවරක් එක්කරමින් පැවැත්වූ මෙම දන්සල සඳහා විශාල පිරිසක් සහභාගි වී සිටිය අතර එම අායතනයේ ප්‍රධානී රංග දිසානායක මහතා පැවසූයේ රාගයෙන් ද්වේශයෙන් ෙමා්හයෙන් තොර ධාර්මික රටක් බිහිකර ගැනීමේ අරමුණෙන් මෙම කර්තව්‍යයේ නියැළෙන බවයි.

    දන්සලක දී පළතුරැ ලබාදීම දුලභ කටයුත්තක් වන අතර මේ ආකාරයෙන් පළතුරු ලබාදෙන්නට සිතුවේ ඇයිදැයි අප ඇසූ පැනයට ඔහු ලබාදුන්නේ මෙවන් පිළිතුරකි.
    පළතුරු කියන්නේ දෙවියන්ගේ ආහාරයක්. අපේ ශාසනය භාරව ඉන්න විෂ්ණු දෙවියන්ට අපි මේ පළතුරු පූජා කරලා ඉල්ලා සිටිනවා මේ රටේ ජීවත් වන මිනිස්සුන්ට ශ්‍රී සද්ධර්මය අසන්නට ලැබිලා මොක්සුව උදාකරගන්නට අවස්ථාව සලසා දෙන්න කියලා. ඒක තමයි අපේ ප්‍රාර්ථනාව.

    මේ ආකාරයෙන් වෙසක් උළෙලේ නිමාව සටහන් වෙද්දී අගනගරයේද දන්සල් විශාල ප්‍රමාණයක් පැවැත්විණි. කොළඹ නගර සභාව පවසන ආකාරයට කොළඹ නගරය තුළ දන්සල් 200ක් පමණ ලියාපදිංචි වී ඇති අතර ඒ අතරින්ද වැඩි දන්සල් ප්‍රමාණයක් දක්නට ලැබුණේ ගාලු පාරේය. ෆ්‍රයිඩ් රයිස්, බත්, සීනි සම්බල් පාන්, මඤ්ඤොක්කා, එළවලු සුප්, කිරිකෝපි, තැම්බූ කඩල, අයිස්ක්‍රීම් ඇතුළු දන්සල් විශාල ප්‍රමාණයක් මේ අතර විය.
    ජාතික රූපවාහිනී පරිශ්‍රය තුළදී සූපවේදීන් විශාල සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් පැවැත්වූ දන්සල හා පාර්ලිමේන්තු ක්‍රීඩාංගණය ඉදිරිපිට දියවන්නා වෙසක් කලාපයට සමගාමීව පැවැත්වූ දහස් ගණනක පිරිසකට සහභාගි විය හැකි මහා බත් දන්සල ද මෙවර අගනුවර දන්සල් අතර කැපී පෙනුණි.

    [rns_reactions]

  • අරන් හදාගත්ත දුවගේ බහට බෝසත් පියාව මරාගත් හැඳල නොමිනිස් දරු පවුල

    මව සහ දරුවා අබිරහස් ලෙස කපාකොටා සිය නිවෙස තුළදීම මරා දැමීම, සැමියා විසින් බිරියට පහරදී මරා දැමීම, බිරිය විසින් කර ආකාරයේ සැලසුමකට සැමියා ඝාතනය කිරීම, අනියම් බිරිය පහරදී මරා දමා සිය බිරියගේ මළ සිරුර ලොරියක තබාගෙන ගෙන යාම ආදී සිත්කම්පා කරවන ගෘහආශ්‍රිත ඝාතන රැසක් ගෙවී ගිය සතිය තුළදී දිවයින පුරා ප්‍රදේශ රැසකින් වාර්තා විය. එමෙන්ම ඉකුත් සතියේ ඝාතන අතර පාතාලයට සම්බන්ධ ඝාතනද විය. මේ ඝාතන රැල්ල අතර වත්තල හැඳල ඝාතනය දැඩි කතාබහකට ලක්වූ ඝාතනයක් විය. බිරිය හදාගත් දියණිය සහ ඇගේ සැමියා බව කියන පුරුෂයා සමඟ එක්ව කුමන්ත්‍රණය කොට සැමියා ඝාතනයට ලක්කළ ආන්දෝලනාත්මක ඝාතනය වත්තල කෙරවළ පිටියම දෙදරුම් කවන්නට සමත්විය.

    කොළඹ වරායේ බර යන්ත්‍ර උපකරණ ක්‍රියාකරුවකු වශයෙන් කටයුතු කළ හෙට්ටිතන්ත්‍රිගේ වෝල්ටර් (65) මහතා වරාය අධිකාරියේ සේවයෙන් විශ්‍රාම ලබන විට දොඹකර ක්‍රියාකරුවෙක් වශයෙන් කටයුතු කරමින් සිටියේය. සැපවත් දිවියක් ගතකරන්නට තරම් යහපත් ආර්ථික මට්ටමක් ගොඩගාගෙන සිටි වෝල්ටර් මහතා වත්තල කෙරවළපිටිය සමගි මාවතේ අංක 128/1 දරන ලිපිනයේ පදිංචිව සිටියේය.

    සහෝදරියන් දෙදෙනකු සහ සහෝදරයන් දෙදෙනකු ඇතුළු පවුලේ වැඩිමලා වූ වෝල්ටර්ගේ බාල සොහොයුරකු කලකට ඉහතදී මිය ගියද සොහොයුරියන් දෙදෙනා අසල්වැසි නිවෙස්වල පදිංචිව සිටිති. එක් සොහොයුරෙක් දෙල්ගොඩ ප්‍රදේශයේ කල් ගෙවයි. අර්ධ නාගරීකරණයට ලක්ව ඇති කෙරවළ පිටියේ ඉඩම් හිඟ නිසාම වෝල්ටර්ගේ නිවෙසේ භූමිය පර්චස් 20කට සීමා විය. නමුත් ආසන්නයේ පිහිටි කුඩා නිවස හා ඉඩම සිය මෑණියන් වෙනුවෙන් වෙන්කර තබන්නටත් ඇයට එහි නිදහසේ කල් ගෙවන්නටත් පහසුකම් සලසා තිබුණි.

    කලකට ඉහතදී වෝලටර් විවාහ ගිවිස ගත්තද මිල මුදල් ආදී සියලු සැප සම්පත් නොඅඩුව ලැබුණද තමන්ට දාව දරුවෙකුගේ සුරතල් බල්නනට තරම් වාසනාවන්ත වූයේ නැත. මේ හේතුවෙන් වෝල්ටර් මෙන්ම සිය බිරියත් කල්ගෙවුයේ සිත් තැවුලෙනි. එම කරුණ මුල්කොටගෙන වාද විවාද ඇති වුවද කිසි විටෙකවත් ඒවා පිටස්තරයන්ට දැනගන්න ඉඩ නොතබන්නට වෝල්ටර් වග බලා ගත්තේය. මෙසේ කල් ගෙවෙද්දී වෝල්ටර් මහතාට වයස අවුරුදු 40 පමණ කාලයේදී එම යුවළගේ තීරණයෙන් තම දරුවකු මෙන් ඇති දැඩි කරගන්නා බවට සපත වෙමින් කුඩා දැරියක සිය නිවෙසට කැඳවාගෙන ආවේය. එදා එසේ නිස ලෙයින් උපන් දැරියක සේ නිවෙසට ගෙන ආ ඩිස්නා දිල්රුක්ෂි නම් වූ ඇය දැන් අවුරුදු 25ක තරුණියකි. නන්නාඳුනන දැරිවියකට මව් පිය සෙනෙහස ලබාදෙමින් ආදරය කරුණාව පමණක් නොව ඇවැසි සියලු පහසුකම් නොඅඩුව ලබාදෙන්නට වෝල්ටර් උත්සාහ ගත්තේය. දියණිය හදාගැනීමට කැටුව ආ බව දැනෙන්නට කිසි විටෙකත් වෝල්ටර් ඉඩ තැබුවේ නැත. මේ බව දරුවා දැන ගනීවිදෝ සැකයට ඇයට අවශ්‍ය සැප පහසුකම් සපයා කොළඹ නගරයේ ප්‍රධාන පාසලකින් අධ්‍යාපනය ලබාදෙන්නට පියවර ගෙන තිබුණි.

    අසල්වැසියන් අප හා පැවසූ පරිදි එකා යකායැයි කියන්නා සේ ආදරයේ නාමයෙන් හදාගත් ඒ දියණිය මුරණ්ඩුය. හිතූ මනාපෙට හැසිරුණේ කිසිදු අවවාදයක් මායිම් නොකරය. මේ නිසා තරුණ දියණිය විවිධ තරුණයන් හා ගොඩනගා ගත් ප්‍රේම සම්බන්ධතා රැසක් පැවැත්වූ බව අසල්වැසියෝ අප හා පැවසූහ. ඒ එකක් හෝ තමන්ට තියා පවුලටවත් නොගැළපෙන ඒවා වූ බවද ඔවුහු කියති. රැකියාවට මූලිකත්වය දෙමින් රැකියා ස්ථානයත් නිවසත් අතර ගත කළ වෝල්ටර් මහතාට සියල්ල නොවුණත් තරමක තොරතුරු දියණිය පිළිබඳව ආරංචි වී තිබිණි. ඒ සම්බන්ධයෙන් කළ අවවාද වලින් පලක් නොවුයෙන් වෝල්ටර් මහතා කනගාටුවෙන් පසුතැවිලි විය. මේ අතරතුර හාද වූ තරුණයෙක් හා ඩිස්නා දිල්රුක්ෂි විවාහ ගිවිසගෙන තිබුණේ හදාගත් පියාට හොර රහසේය. එහෙත් එම විවාහය එතරම් කලක් පැවතියේ නැත. පළමු විවාහය කැඩී ගිය ඇය වැඩි දිනක් නොයා යළි සබඳතාවයක් ගොඩනගා ගත්තාය. මෙසේ ඇසුරු කරන තරුණයන් රාශියක් අතර වීරප්පන් ඇන්ටනී විනෝ ප්‍රකාශ් දිල්රුක්ෂිට වඩාත් ළං වූවේය. ඔහු ත්‍රිකුණාමලය ප්‍රදේශයේ උපන් අයෙක් වුවද වෝල්ටර් මහතා පදිංචි සමගි මාවතට නුදුරු කොළණිය නමින් හදුන්වන ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි. අල්ලපු ගමේ ජීවත්වන ඔහු කැලණිය ප්‍රදේශයේ තේ ඇසුරුම් කම්හලක සේවකයෙකි. ඩිස්නා දිල්රුක්ෂි ඔහු සමඟ විවාහ ගිවිසගෙන තිබුණේ මීට මාස කීපයකට ඉහතදි වෝල්ටර් මහතාට රහසෙනි. නමුත් ඔහුගේ බිරිය මේ බව දැනගෙන සිටි අතර ඇගේ ආශිර්වාදයද ලැබී තිබිණ. විවාහ ගිවිසගෙන තිබුණත් ඩිස්නා සිය නිවසේ කල් ගෙවූ අතර වෝල්ටර් මහතා නොමැති අවස්ථාවලදී ඇන්ටනී විනෝ ප්‍රකාශ් එම නිවසට පැමිණ යාමට පුරුදු විය.

    මේ බව වටින් ගොඩින් වෝල්ටර් මහතාට ආරංචි වී තිබුණු අතර ටික කලකින් ඒ මහතා රැකියාවෙන් විශ්‍රාම ලැබීය. තමාට හොර රහසේ සිදුවන මේ ක්‍රියා පිළිබඳව කනගාටුවෙන් පසු වූ වෝල්ටර් මහතා දියණිය වන දිල්රුක්ෂිගේ නිදහසට බාධාවක් බව ඇය හැඳින සිටියාය. ගමේ කා සමගත් හිතවත් චරිතයක් වූ වෝල්ටර් නොදන්නා කෙනෙක් කෙරවල පිටිය ප්‍රදේශයේ නොවීය. එතරම් ඔහු සමාජශීලීය. එහෙත් සිය බිරිය හා දියණිය මිනිසුන් හා ආශ්‍රයක් නොමැති තරමය. කල් ගෙවූයේ දැඩි උද්දච්ච ස්වරූපයකටය. වෝල්ටර් මහතා ඔහුගේ ඥාති හිතවතුන් හා ආශ්‍රය වළකන්නට පෙරැත්ත කළේද ඔහු හදාගත් දියණිය විසින්ය. වෝල්ටර් මහතා ගම්වාසීන් හා කොතෙකුත් හිතවත් වුවද මෑතකදී ඔහුගේ විශ්‍රාම යාමත් සමඟ හිමි වූ ලක්ෂ 90ක පමණ මුදලත් සමඟ දියණියගේ හැසිරීම තව තවත් මුරණ්ඩු බව පෙන්වමින් තිබිණ. නමුත් සියල්ල ඉවසනවා හැරෙන්නට කළ හැකි යමක් හෝ සිය අදහස් ප්‍රකාශ කරන්නට කෙනෙක් නොවීය.

    මෙසේ කල් ගෙවෙමින් තිබියදී දින ගණනක් තිස්සේ වෝල්ටර් මහතා පෙනෙන්නට නොවීය. ඥාති ගම්මුන්ට හිතවත් වෝල්ටර් අයියා රූපය දකින්නට නොලැබෙන නිසාම ඔවුහු තැන තැන වෝල්ටර් අයියා පිළිබඳ කතිකා කළෝය. මේ අතර වෝල්ටර් මහතාගේ නැගණියගේ ඥාති පුත්‍රයකුත් ඒ මහතාගේ ජංගම දුරකථනයට ඇමතුම් ලබාගත්තද ප්‍රතිචාර දක්වා තිබුණේ ඔහුගේ බිරිය විසිනි.

    වෝල්ටර් ඕස්ට්‍රේලියාවේ ගියා යනුවෙන් ඔවුන් දෙදෙනාටම පවසා තිබුණද තමුන්ට නොදන්වා අයියා රට නොයන බව නැගණිය තරයේ විශ්වාස කළාය. මේ අතර වෝල්ටර් අයියාගේ හදිසි අතුරුදන්වීම පිළිබඳ සැක සිතූ අය අතර සිටි මෙරිල් ඇතුළු කීප දෙනෙක් සිදුවීම වත්තල පොලීසිය වෙත දන්වා සිටියහ.

    ඒ සම්බන්ධයෙන් සොයාබලන ලෙස දන්වා ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එරික් පෙරේරා මහතා නිලධාරියෙක් පිටත් කර හැරීය. එම නිලධාරියා නිවැසියන්ගෙන් ප්‍රශ්න කළත් වෝල්ටර් රට ගිය කතාව කියා මඟ හැරියේය. ඒ වචනවල ගැබ් වූ සැකය හේතුවෙන් වෝල්ටර් මහතාගේ ජාතික හැඳුනුම්පත් අංකය ඉල්ලන්නට පොලිස් නිලධාරියා ක්‍රියාකළද දියණිය පවසා තිබුණේ ඔහුගේ ලිපිගොනු නිවසේ නොමැති බවත් තමා විසින්ම පියා ගුවන්තොටුපොළ වෙත ගොස් ඇරලූ බවත්ය. මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ එරික් පෙරේරා මහතා වෙනත් පොලිස් නිලධාරියෙකු කෙරවළපිටිය ග්‍රාමසේවක මහතා හමුවට යවා වෝල්ටර් මහතාගේ හැඳුනුම්පත්‍ර අංකය මෙන්ම අවශ්‍ය තොරතුරු රාශියක් ලබාගත්තේය. පසුව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ඔස්සේ සිදුකළ විමර්ශනයේදී අනාවරණය වූයේ හෙට්ටිතන්ත්‍රිගේ වෝල්ටර් නැමැත්තකු විදෙස් ගත වී නොමැති බවය. මේ බව රහසක් සේ රඳවා තබාගත් පොලීසිය උපක්‍රමශීලි විය.

    මේ අතර නිවසේ සිටි දියණිය සහ මව පල්ලියේ මංගල්‍යට සහභාගි වී සුපුරුදු පරිදි සිටියද නැවත පොලිස් නිලධාරින් නිවසට යන විට ඔවුහු අතුරුදන්ව සිටියහ. මේ නිසා අධිකරණ නියෝග මත දොර විවෘත කරන්නට පොලීසිය පියවර ගත්තේය. එහිදී හුරතලයට ඇති කළ සුනඛයෙක් නිවෙසේ පෙනෙන්නට විය. නිවෙසේ කාමරය තුළ ලේ පැල්ලම් බවට සැක කළ හැකි සළකුණු කීපයක් පෙනෙන්නට විය. ඒ සියල්ල බිත්ති ආශ්‍රිතවය. ගෙමිදුල පිරික්සීමේදී නිවෙස පසුපස ගිනි ඇවිලුණු බවට තරමක සාධක විය. මේ වන විටත් නිවෙස තුළ ඝාතනයක් සිදුවන්නට ඇති බවට සැකකළ පොලීසිය එලා තිබූ සූෂ්ම දැලට අනුව වෝල්ටර් මහතා හදාගත් දියණියගේ ස්වාමිපුරුෂයා බව කියන තරැණයා වත්තල එඬේරමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය. එය සිදු කළේද ඔහුගේ මිතුරකු මාර්ගයෙන් දුරකථන ඇමතුමක් ලබාදීමෙන් පසුවය. ඔහුගේ තොරතුරු මත ඔහුගේ බිරිය බව කියන ඩිස්නා දිල්රැක්ෂි සහ මව රෙජිනා නැමැත්තිය මට්ටක්කුලිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබූහ.

    එහිදී අනාවරණය වූයේ මෙවැන්නකි. වෝල්ටර් මහතා සුපුරුදු පරිදි නිවසේ කල් ගෙවූ අවසන් දිනය ඉකුත් 23 වැනි ඉරිදාය. ඉතා සැහැල්ලුවෙන් කල් ගෙවමින් සිටි වෝල්ටර් සවස් යාමයේ නින්දට වැටී සිටියේ තමාගේම කාමරයේ ඇඳ මතය. මේ නිසා සිදුවන කිසිදු දෙයක් වෝල්ටර් දන්නේ නැත. මේ වන විටත් සැලසුම් කරගත් පරිදි ඩිස්නාගේ ස්වාමිපුරුෂයා වූ ඇන්ටනී මේ නිවසට පැමිණ හමාරය. කතා කොට ගත්තාටත් වඩා වැඩේ පහසුයැයි හැඟුනේ වෝල්ටර් නින්දට වැටී සිටින නිසාය. ඇන්ටනී රැගෙන ආ උල්පිහිය ඇසිපිය හෙලන සැණෙන් නිදියහනේ සිටි වොල්ටර්ගේ ගෙල පපුව හා උදරය පසාරු කරගෙන ගියේ කල්ප කාලයක පැවති වෛරයක් පිරිමසන පරිද්දෙනි. පහර කෑමෙන් බේරෙන්නට වෝල්ටර් දඟලද්දී පිහි පහර කිහිපයක් ඇදේ මෙට්ටටද එල්ල විය. මරණීය තුවාල හමුවේ වේදනාවෙන් කෑගසන්නට හදන වෝල්ටර්ගේ මුවගට රෙදි කැබැල්ලක් තබා ශබ්දය පිටවීම වැලකුවේ ඔහු හදාගත් දියණිය වූ දිල්රුක්ෂිය.

    බරපතළ තුවාල හමුවේ මියගිය වෝල්ටර්ගේ ගෙල, පපුව සහ උදරය ප්‍රදේශයට එල්ල වූ ගැඹුරැ තුවාල 7කි. ඝාතනය කළ වෝල්ටර් සැඟවීම ඔවුන්ගේ ඊළඟ පියවරය. ඒ සඳහා වෝල්ටර්ගේ විවාහක බිරියද උපකාර වූවාය. ඇය රුගෙන ආවේ විශාල ඇඳුම් බෑගයකි. වෝල්ටර්ගේම සරම් දෙකක් ගෙන එතූ සිරැර දෙකට නවා සූට්කේසයේ රඳවා පසෙක තැබු ඔවුහු නිවෙස පුරා ගැලූ ලේ දහර වතුර දමා සෝදා හැරියහ. බියෙන් සැකයෙන් තොරව 24, 25 දෙදින දියණියගේ සැමියා වූ ඇන්ටනී එම නිවසේ සිට රුකියාවටද ගියේය.

    පැය 72ට ආසන්න කාලයෙක් වෝල්ටර්ගේ මළ සිරුර සූට්කේසය තුළය. ඇන්ටනීගේ අදහස වූයේ එය නිවෙස පිටුපස මිදුලේ වළ දැමිය යුතු බවය. 25 වැනි අඟහරුවාදා සවස් යාමයේ ඔහු ගෙමිදුලේ වළක් හාරන්නට විය. ඔහු බිරියත් මවත් සමඟ එක්ව වෝල්ටර්ගේ සිරුර වලට දමා කිසිවක් නොවූ විලස පස්වලින් වසා දැමුවේය. අනතුරුව සූට්කේසය, වෝල්ටර් නිදාගත් මෙට්ටය සහ ලේ තැවුරුණු ඇඳුම් රාශියක් එතැනම බිම දමා ගිනි දැල්වූහ. තිදෙනාම සිතුවේ දැන් අපි නිදහස්… යන්නය.

    සියල්ල එකිනෙක හෙළිකර ගත් පොලීසිය සැකකරුවන් තිදෙනා කැටුව 9 වැනිදා පෙරවරුවේ එම නිවසට පැමිණියේ වෝල්ටර් වළදමා ඇතැයි කී ස්ථානයෙන් ගොඩනැගීමටය. මේ අතරට වත්තල මහේස්ත්‍රාත් පූර්ණිමා ගමගේ මහත්මිය, රාගම අධිකරණ වෛද්‍යවරයා මෙන්ම අධිකරණ වෛද්‍ය සිසුහුද සහභාගි වී සිටියාය. ගොඩ ගත් දේහය පශ්චාත් මරණ පරික්ෂණය සඳහා රාගම රෝහල වෙත රුගෙන යනු ලැබීය.

    මේ අවස්ථාවේ විරෝධතා දැක්වූ ප්‍රදේශවාසීහු කපා මරා වල දැමූ තොපිට සතුටුද දැන්, ඕස්ට්‍රේලියාවේ ගැඹුර අඩි තුනද?, වෝල්ටර් ඔබ රත්තරන් මිනිසෙක් යන පුවරු අත දරා සිටියහ.

    වෝල්ටර් මගේ අයියා… ගෑනියි හදාගත්ත ළමයයි නිසා අයියා අපිත් එක්ක වැඩි සම්බන්ධයක් තිබුණෙ නෑ. නමුත් හිතවත්. අයියා දවස් ගණනක් පේන්න හිටියෙ නෑ. මම කතා කරලා ඇහුවම ඕස්ට්‍රේලියාවේ ගියා කීවා. මුං මගේ අයියා මරා දාලා… මම ඉන්නෙ එහා පැත්තේ ගෙදර. 25 හවස පස් කපන ශබ්දයක් ඇහුණා. රෑ වෙලා ලොකු ගිනිගොඩක් තිබුණා. වෙනදත් එයාලා එතන රොඩු පුච්චනවා. මුං එදා පුච්චලා තියෙන්න් අයියාගේ මිනී වල උඩ තියලා එයාගෙ රෙදි ටික. දැන් අයියට බොරු චෝදනාවක් කරනවා ඒ හදාගත්ත ළමයට අයියා ශාරිරික පීඩා කරා කියලා. ඒවා දැන් නිදහස් වෙන්න කියන පට්ටපල් බොරු කතා. අයියා එහෙම කෙනෙක් නෙවේ. නමුත් ඒ ගෑනු ළමයගේ චරිතය නරකයි කියලා මේ වටේ මිනිස්සු ඔක්කොම දන්නවා. යැයි වෝල්ටර් මහතාගේ නැගණියක් වූ මේරි ඇසෙන්ටා මහත්මිය පැවසුවාය.

    මේ අතර අදහස් දැක්වූ ගම්වාසී ශ්‍රියානි මහත්මිය මෙසේ කීවාය. වෝල්ටර් කියන්නෙ කාටත් හිතවත්. මගේ පුතාගෙ මගුල් ගෙදරට ආරාධනා කරලා තිබුණෙ ගිය ඉරිදා පල්ලියට අවේ අම්මයි දුවයි විතරයි. මම ඇහුවා වෝල්ටර් අයියා කෝ කියලා. මළ ගෙදරක ගියා කියලයි මට කීවේ. නමුත් මුං එකතු වෙලා වෝල්ටර් අයියා මරලා යැයි ඒ මහත්මිය පැවසූවාය.

    අප සමඟ අදහස් දැක්වූ නසාලියන් මහත්මිය මෙසේ කීවාය. වෝල්ටර් අයියා කාටත් එක වගේ උදවු කරන හිත හොඳ මිනිහෙක්. නොදන්නා කෙනෙක් නෑ. ඔය ළමයා අරගෙන හදාගත්තු කෙනෙක්. පුංචි වයසේදී මෙහෙට ගෙනත් තියෙන්නේ. එයාගේ චරිතය නම් අන්තිමයි. පිරිමි ළමයි ගාණක් එක්ක යාළු වෙලා හිටියා. කසාද දෙකක් කරගෙන තියෙනවා. සමහර පිරිමි ගෙදරට ගෙන්න ගත්තා. ඔය ළමයා රෑට රෑට ගෙදර තාප්පෙන් පැනලා යනවා අපි දැකලා තියෙනවා. ගේට්ටුවෙන් යන්නේ නෑ. හොරෙන් පැනලා යනවා වගේ තමයි. මේ ළඟදි කුඩු ගහන මිනිහෙක් එක්ක විවාහ වුණාලු. එයා මේ ළමයාට වඩා බාලයි කියනවා. ඒ මිනිහයි අම්මයි දුවයි එකතු වෙලා තමා වෝල්ටර් මරලා තියෙන්නේ.

    මේ කාන්තාවන් ඇතුළු ප්‍රදේශවාසීන් රාශියක් මරණය සිදුවු නිවෙස ඉදිරිපිට පොලිස් ආරක්ෂාවද නොතකා එම නිවැසියන්ට විරෝධතාවය පෑමට විවිධ වැකි සඳහන් පුවරු රැගෙන සිටි අතර සැකකරුවන් සිරුර ගොඩගන්නා මොහොතකට රැගෙන ඒමේදී සහ නැවත රැගෙන යාමේදී හූ හඬ නංවමින්ද විරෝධතාව පෑහ.

    මේ අතර සිද්ධිය පිළිබඳව පාපොච්චාරණය කළ සැකකාර දියණිය පොලීසිය හමුවේ මෙසේ පැවසුවාය.

    මම යාළුවෙලා හිටියේ ඇන්ටනී එක්ක. තාත්තා මේකට විරුද්ධයි. අපි නොකියා විවාහ වුණා. අම්මා දන්නවා එයා කැමතියි. තාත්තාගෙන් මට විටින් විට කරදර වුණා. අම්මත් දන්නවා. මම ඇන්ටනීට මේවා සේරම කීවා. එයා කීවා මරමු කියලා. 23 වැනිදා පිහියෙන් ඇනලා මරැවා දවස් 2කට පස්සේ වළදැම්මා

    ඝාතනය සම්බන්ධයෙන් පාපොච්චාරණය කළ ඇන්ටනී නැමැත්තා පොලීසිය හමුවේ මෙසේ පැවසීය.

    මේ මරණයේ වගකීම මම බාර ගන්නවා. ඩිස්නාට ගමේ අයගෙනුත් කරදරයි කියලා තියෙනවා. මම ඒ අයගෙනුත් පළි ගන්නවා. අපි මේකෙන් පස්සේ ඉන්දියාවට යන්න හිතාගෙන හිටියේ. මරන්න ගත්ත පිහිය යන ගමන් මෝදර පාලමෙන් කැලණි ගගට දැම්මා

    කැලණිය සහකාර පොලිස් අධිකාරි එම්.පී. ජයලත් මහතාගේ උපදෙස් මත වත්තල පොලීසියේ නිලධාරින් වැඩිදුර විමර්ශන සිදුකරති.

    [rns_reactions]

  • සමන්තභද්‍ර හිමි PART 2 කැළණි විහාරයට එයි!

    තමන් බුදු වූ කෙනෙකු බව කියමින්, සුදු පැහැති ඇඳුමින් සැරසී, ඊයේ මධ්‍යම රාත්‍රී 12ට පමණ කැළණිය විහාරයේ වෛත්‍ය රාජයාණන් අභියස සිටි පුදුගලයෙකු පිළිබඳ සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ තොරතුරු හුවමාරු වෙමින් තිබෙනවා.

    ඊයේ රාත්‍රියේ කැළණියට වැසි සහිත කාලගුණයක් පැවති අතර එසේ වැසි වැස්සවූයේ තමන් බවද, තමන්ට වැඳ නමස්කාර කරන සියලු දෙනාම බුදු වන බවටද ඔහු රැස්ව සිටි අයට ප්‍රකාශ කර තිබෙනවා.

    ඒ මොහොතේ කැළණිය වැඳපුදා ගැනීමට පැමිණි අය අදාළ පුද්ගලයා විසින් පිරිත් පැන් ලබාදීමේදී ඔහුට වැඳ නමස්කාර කර තිබෙනවා.

    කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් තවමත් නිශ්චිත තොරතුරක් ලැබී නොමැති අතර මේ පුද්ගලයා අලුයම් කාලයේදී අතුරුදන්ව ඇති බවත් වාර්තා වනවා.

    අදාළ පුද්ගලයා බව කියමින් සමාජ ජාල තුළ හුවමාරු වන ඡායාරූප මෙන්න..

    [rns_reactions]

  • වික්ටර් රත්නායක පරණ මතක අලුත් කරයි..! නොදත් කතාව මෙන්න…

    පසුගියදා ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී අමිත්ත වීරසිංහ ලියු නවතම කෘතිය වන සංග්‍රාමයේ යාත්‍රිකයා කෘතිය ජනගත කළා. එම අවස්ථාවට පැමිණ සිටි වික්ටර් රත්නායක මහතා බොහෝ කලකට පසුව සිය අතීතයේ කතාවක් ගැන පැමිණ සිටි අය සමඟින් බෙදාගත්තා. එම වීඩියෝව පහතින් බලන්න.

    [rns_reactions]

  • විමල්ගේ කීමට කළු කොඩි දැම්මනම් මොදිගෙන් අපට මේ ප්‍රතිලාභ ලැබෙයිද?

    බස්නාහිර සහ දකුණු පළාත්වල පමණක් දැනට කි‍්‍රයාත්මක සුව සැරිය 19 90 ගිලන් රථ සේවාව අනෙකුත් පළාත්වලටත් ලබාදෙන බව ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසනවා.

    ඔහු මේ අදහස් පළ කළේ නෝර්වුඞ් කී‍්‍රඩාංගණයේදී වතුකරයේ ජනතාව අද අමතමින්. මෙම ජනහමුවට එක්වීමට පෙර ඉන්දිය අග‍්‍රාමාත්‍යවරයා දික්ඔය රෝහල ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවටද එක් වුණා. වතුකරයේ ජනතාව අමතමින් ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සදහන් කළේ ඉන්දීය රජයේ මූලිකත්වයෙන් වතුකරයේ ඉදිවන නිවාස හාරදහසකට අමතරව තවත් නිවාස දස දහසක් ලබාදීමට කටයුතු කරන බවයි. 

    ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නෝර්වුඞ් කී‍්‍රඩාංගණයේ පැවති ජනහමුවෙන් පසු දළදා වහන්සේ වැදපුදා ගැනීම සදහා මහනුවරට පැමිණියා. 
     [rns_reactions]

  • මෙට්ටයක් උඩ දිගාවී ප්‍රින්ස් කියන මේ සින්දුව ඇහුවොත් නෙතට කදුලක් උනනවා සත්තයි….

    ජනප්‍රිය ගායක ප්‍රින්ස් උදය ප්‍රියන්ත ගැන ඔබට අමුතුවෙන් යමක් කිවයුතුව නැත.

    සැවොම  ඔහුට ඉක්මන් සුව පතමු. මෙට්ටයක් උඩ දිගාවී ප්‍රින්ස් කියන මේ සින්දුව ඇහුවොත් නෙතට කදුලක් උනනවා සත්තයි….

    [rns_reactions]

  • ගංගාරාම වෙසක් කලාපය මෝදි අතින් විවෘත කෙරේ.

    ගංගාරාම වෙසක් කලාපය අද (11) පස්වරුවේ ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී  නරේන්ද්‍ර මෝදි මැතිතුමා අතින් විවෘත කෙරිණි.

    වෙසක් කලාපය වෙත පැමිණි ශ්‍රී නරේන්ද්‍ර මෝදි මැතිතුමා, විහාරාධිපති  පූජ්‍ය ගලබොඩ ඥානීස්සර නාහිමිපාණන් සහ  ගංගාරාම දායක සභාවේ සභාපති රංජිත් විජේවර්ධන මහතා විසින් හරසරින් යුතුව පිළිගනු ලැබිණි.

    ගංගාරාම සීමා මාලකයේදී විදුලි පහන් ආලෝකය දල්වා වෙසක් කලාපය විවෘත කළ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එය නැරඹිමට ද එක් විය.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමග මෙම වෙසත් සැමරුමට සහභාගීවිය.

    [rns_reactions]

     

     

  • පුවත් මවන රංජන් දරු සුරතල් බලයි

    නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා සිය ෆේස්බුක් ගිණුමෙහි දරු සුරතල් බලන ඡායාරූප කිහිපයක් එක් කර තිබෙනවා.

    කලක් තම ආරක්‍ෂක අංශයේ සේවය කළ සාමාජිකයෙකුගේ අලුත උපන් පුතණුවන් සමග ගත් ඡායාරූප කිහිපයකුයි මෙලෙස එක්කර ඇත්තේ.

    [rns_reactions]

  • පාදෙනිය පිලේ අයිටම් විරෝධී වෙසක් සැරසිල්ලට හතර දෙසින් දැඩි ප්‍රහාර…

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයෙකු වන වෛද්‍ය රුවන් සමරරත්න නම් තැනැත්තා විසින් වෙසක් පහන් කූඩුවක No PMC – Abolish SAITM  යනුවෙන් සටහන් කර එය සිය ෆේස්බුක් ගිණුමේ පළකර තිබේ.

    වෙසක් සැරසිලි යනු බුදුරජානන් වහන්සේගේ තෙමඟුල සමරමින් සිදුකරනු ලබන ආමිස පූජාවක් වන අතර එය කිසිසේත්ම දේශපාලනික කාර්යයක් නොවේ.

    එවන් තත්වයක් යටතේ වෙසක් සැරසිල්ලක් සිය ප්ටු දේශපාලනික අරමුණු වෙනුවෙන් විරෝධතා දැක්විය හැකි මාධ්‍යක් ලෙස භාවිත කිරීම පිළිබඳව බෞද්ධයන්ගේ දැඩි විරෝධයක් එල්ල වී තිබේ.

    එම වෛද්‍යවරයා විසින් පළ කර තිබූ ජායාරූපය පහතින් දැක්වේ.

    [rns_reactions]

  • සුඛෝපභෝගී ඩිෆෙන්ඩරයකින් කුඩු ඇද්ද කුඩු ලොක්කා කරලියට…..

    හෙරෝයින් කිලෝ ග්‍රෑම් 198 ක් සමග සැකකරුවෙකුව පුත්තලම නියෝජ්‍යය පොලිස්පති කාර්යාලයේ බුද්ධි අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    11 වැනිදා අළුයම හලාවත – මුතුපන්තිය දූපතේදී මෙම වැටලීම සිදු කර ඇත.

    අත්අඩංගුවට ගෙන ඇති සැකකරු කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හදුනා ගෙන ඇත.

    මුහුදු මාර්ගය ඔස්සේ මුතුපන්තිය දූපතට ගෙනවිත් එතැන් සිට සුඛෝපභෝගී ඩිපෙන්ඩර් වර්ගයේ රථයකින් කොළඹ දක්වා මෙම හෙරෝයින් මත් කුඩු තොගය ප්‍රවාහනය කරමින් සිට ඇති බව වැටලීම කළ නිලධාරීන් සදහන් කරයි.

    සැකකරු සහ හෙරෝයින් මත්කුඩු තොගයද,ඩිෆෙන්ඩර් රථයක හලාවත පොලීසියට බාර දී ඇත.

    පුත්තලම නියෝජ්‍යය පොලිස්පති චම්පික සිරිවර්ධන මහතාගේ උපදෙස් මත මෙම වැටලීම සිදු කර ඇත.

    [rns_reactions]

  • දීර්ග කාලයක් ගම්මු බියගැන්වූ තඩි පිබුරා කොටු වෙයි.(video)

    මොරගහකන්ද ප්‍රදේශයේ කොන්ගාවෙල ග්‍රාමයේ ප්‍රදේශවාසීන් බියටපත්කල අඩි 16 ක් පමණ දිග විශාල පිඹුරෙකු ඇලහැර අඩවිය වනජීවී කාර්යාලයට ලැබුණු දුරකථන ඇමතුමකට අනුව අල්ලා ගෙන තිබෙනවා.

    මෙම පිඹුරා අල්ලා ගන්නා අවස්ථාවේ නරියෙකු ගොදුරක් කරගෙන සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

    මේ පිඹුරා වසර කිහිපයක සිට ප්‍රදේශයේ සැරිසරමින් කුකුලන්, එළුවන් වැනි සතුන් ගොදුරු කරගනිමින් ප්‍රදේශවාසීන්ද බිය වද්දමින් සිටි බවයි ඔවුන් පවසන්නේ.

    ඇලහැර අඩවිය කාර්යාලයේ කේ. රංජිත් මහතා ඇතුළු කණ්ඩායමක් මෙම මෙහෙයුම සිදු කරනු ලැබුවා.

    පිඹුරා අල්ලා ගන්නා අවස්ථාවේ ගොදුරක් වී සිටි නරියා මිය ගොස් සිටි අතර වනජීවී නිලධාරීන් විසින් පිඹුරා ඇලහැර රක්ෂිතයට මුදා හැරියා.

    [rns_reactions]

  • මෝදිගේ හෙලිකොප්ටර් දෙකක් හැටන් නගරයේ වහලවල් ගුවනට එක් කරයි.(photos)

    ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ කඳුරට සංචාරය වෙනුවෙන් ඉන්දීය ගුවන් හමුදාවට අයත් එම්.අයි. 17 හෙලිකොප්ටර් යානා දෙකක් හැටන් ඩන්බාර් ක්‍රීඩාංගණය අවට ඊයේ (09දා) සිදුකළ පෙර පුහුණුවීම්වලදී ක්‍රීඩාංගණය අසල වූ හැටන් සමනලගම ප්‍රදේශයේ නිවාස පහක වහල සෙවිලි තහඩු සහ ඇස්බස්ටස් ෂීට් ගැලවී ගිය බව එම නිවැසියන් විසින් හැටන් පොලිසියට පැමිණිලි කර තිබේ.

    ඊයේ (09දා) දහවල් 12.00ට පමණ මේ පෙර පුහුණුවීම් සිදුකර ඇත. 

    මේ සම්බන්ධයෙන් හැටන් පොලිසියේ නිලධාරියකුගෙන් කළ විමසුමකදී ඔහු පවසා සිටියේ එම හෙලිකොප්ටර් යානා වල ගුවන් නියමුවන් විසින් ඩන්බාර් ක්‍රීඩාංගණය අසල නිවාස කිහිපයක වහලවල් මතට වැලි කොට්ට තබන ලෙසට නිවෙස් හිමියන්ට උපදෙස් දෙන ලෙස පොලිසියට පැවැසූ බවයි. 

    මෙවැනි පෙරහුරුවක් ඉදිරි දින දෙකේදී සිදු කිරීමට නියමිතය.

    /’///////////””””””””””””’








    [rns_reactions]

  • එදා ලොව ලොකුම නත්තල් ගහ… අද ලොව පළමු ලේසර් වෙසක් තොරණ.

    ලොව ප්‍ර‍ථම ලේසර් තාක්ෂණික වෙසක් තොරණ මහජන ප්‍ර‍දර්ශනය සඳහා විවෘත කිරීම (10) එනම් වෙසක් පුන්පොහෝ දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් සිදු කෙරේ.

    කොළඹ ගාලු මුවදොර පිටියේ ඉඳි කෙරෙන මෙම තොරණ විවෘත කෙරෙන්නේ එදින සවස 7ටය. එම තොරණ 14වැනිදා දක්වා මහජන ප්‍ර‍දර්ශනයට විවෘතව පවතී. ඒ කොළොම්තොට වෙසක් කලාපයට සමගාමීව වේ.

    කොළොම්තොට වෙසක් කලාපය, වරාය සහ නාවික අමාත්‍යාංශය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ වරාය බෞද්ධ සංගමය එක්ව සංවිධානය කරයි. මෙවර එය පැවැත්වෙන්නේ සිව්වැනි වරටය. කොළඹ ගාලු මුවදොර පිටිය සහ වරාය පරිශ්‍ර‍ය කේන්ද්‍ර කරගනිමින් එම කලාපය විහිද පවතී. එහි ප්‍ර‍ධානතම අංගය වන්නේ ගාලු මුවදොර පිටියේ ඉදිවෙන ලොව ප්‍රථම ලේසර් තාක්ෂණික වෙසක් තොරණ වේ. එහි උස අඩි 60 කි. පළල අඩි 40ක් වේ. දීපංකර බුදුන්ගෙන් නියත විවරණ ,ලබා ගැනීමේ සිට බුද්ධ පරිනිර්වාණය දක්වා වූ බුද්ධ චරිතය මෙම ලේසර් කිරණ තොරණේ කථා වස්තුවට පාදක වේ. ජර්මන් තාක්ෂණය උපයෝගී කරගනිමින් නිර්මාණය කෙරෙන එම තොරණේ නිර්මාතෘ ආචාර්ය ප්‍ර‍භාත් චන්දිම උක්වත්ත මහතාය. පසුබිම් සංගීතය විමලජීව දොඹවත්ත මහතාද, කතා වස්තුව දිමුතු චින්තක මහතාද ඉදිරිපත් කරයි. රාත්‍රී කාලයේ අහසේ සිතුවම් වන මෙම තොරණ දෙස් විදෙස් බැතිමතුන්ගේ සුවිශේෂී අවධානයට යොමු වනු ඇතැයි ආචාර්ය ආචාර්ය ප්‍ර‍භාත් චන්දිම උක්වත්ත මහතා පවසයි.

    “ලේසර්වල තියෙනවා විවිධ තාක්ෂණ ක්‍ර‍ම. වෛද්‍ය විද්‍යාවේ ලේසර් භාවිත කරනවා. ඒ වගේම යුධ කටයුතු සඳහාත්, මැනීම් කටයුතු හා ඉංජිනේරු විද්‍යාවටත් ලේසර් තාක්ෂණය පාවිච්චි කරනවා. ඒවගේම විශාල වශයෙන් විනෝදාස්වාදය සඳහාත් යොදාගන්නවා. එහිදී අපි භාවිත කරන්නේ විනෝදාත්මකව යොදාගන්නා ලේසර් කිරණ වර්ගයක්. එහි කිසිම ශරීර හානියක් නැහැ. මේ නිර්මාණය කරන්න අපිට තිබුණ ලොකුම අභියෝගය තමයි විනෝදාස්වාදය සඳහා යොදාගන්න ලේසර් කිරණ නැතහොත් ලේසර් කලාව බුද්ධ චරිතය සම්බන්ධ කරමින් ශ්‍ර‍ද්ධාව ඇතිකිරීම සඳහා යොදාගැනීම. නමුත් අපි ඒ අභියෝගය ජයගත්තා කියලා මම හිතනවා…..” යැයිද ආචාර්ය ප්‍ර‍භාත් චන්දිම උක්වත්ත මහතා කියා සිටී.

    [rns_reactions]

     

  • රුධිරය ලබාගෙන එච්.අයි.වී වෛරසය ව්‍යාප්ත කරන්න නිවසට පැමිණෙන පිරිසගේ සත්‍ය කතාව මෙන්න..

    රාත‍්‍රී කාලයේ රුධිරය ලබා ගැනීමට පැමිණෙන නිලධාරීන්ගේ මුවාවෙන් යම් පිරිසක් එච්.අයි.වී වෛරසය ව්‍යාප්ත කරන බවට ඇතැම් සමාජ වෙබ් අඩවි මගින් පතුරවන අසත්‍ය තොරතුර සම්බන්ධයෙන් විමර්ශනයක් ආරමිභ කර තිබේ.

    ඒ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කල ඉල්ලීමකට අනුවයි.

    අදාළ ඉල්ලීම සිදු කර ඇත්තේ බරවා රෝග මර්දන වැඩසටහන විසින්. 

    බරවා රෝගය නැවත හිස එසවීම වැළැක්වීම සඳහා රුධිර සාම්පල පරීක්ෂා කිරීමේ කටයුතු ඇතැම් ප‍්‍රදේශවල ක‍්‍රියාත්මක කෙරෙයි.

    ඒ සදහා මහජන සෞඛ්‍ය කේෂ්ත‍්‍ර නිලධාරීන් විසින් රුධිර සාම්පල ලබා ගැණෙන්නේ රාත‍්‍රී කාලයේදීයි. 

    නිවැසියන්ගේ ආරක්ෂාව සඳහා මෙම නිලධාරීන් සිය නිල ඇඳුමින් සැරසී හැදුනුම්පත ද පැළඳ සිටින බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ. 

    කිසියම් පිරිසක් මෙම සිද්ධිය පාදක කර ගනිමින් සමාජ මාධ්‍ය හරහා අසත්‍ය ප‍්‍රචාර පතුරවා හරින බැවින් ඒ පිළිබඳ විමර්ශනයක් කරන ලෙසයි සෞඛ්‍ය අමාත්‍යංශය ඉල්ලා සිටින්නේ. 

    [rns_reactions]

  • වසර 06ක් කොටින්ගේ බිම්බෝම්බ සෙවූ 'ශීරා' යළි ඇමරිකාවට යයි…

    පුරා වසර 06 ක කාලයක්‌ ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ බිම් බෝම්බ හඳුනාගැනීමේ කණ්‌ඩායම සමඟ එක්‌ව කටයුතු කළ “ශීරා-යෑන්කි” නමැති ජර්මන් ෂෙපර්ඩ් වර්ගයේ සුනඛයා සොඳුරු සමුගැනීමකින් පසුව පසුගියදා යළි ඇමරිකා එක්‌සත් ජනපදය බලා පිටත්ව ගිය ගියේය.

    මෙරට ගත කළ කාලය තුළ ශීරා උතුරු ප්‍රදේශයේ අධික ලෙස බිම් බෝම්බ අතුරා තිබු වර්ග මිටර් 62,680 ක භුමි ප්‍රදේශයක්‌ ආරක්‍ෂිත තත්ත්වයට පත්කිරීමට දායකත්වය ලබාදෙනු ලැබීය.

    “ශීරා-යෑන්කි” සහ එම සුනඛයාගේ හසුරවන්නා වු ඉංජිනේරු රෙජිමේන්තුවේ කෝප්‍රල් ටී.කේ.ඩී. රාජපක්‌ෂ විසින් මන්විල්, අනන්තපුරම්, වෙල්ලමුල්ලිවයික්‌කාල්, මහාමිල්ලම්කුලම්, කුඹුරුමුල්ල සහ කොමන්තුරෙයි යන ප්‍රදේශයන්හි බිම් බෝම්බ සෙවීමේ රජකාරීන්හි නිරත වු අතර එහිදී පුද්ගල නාශක බෝම්බ 16 ක්‌, අත් බෝම්බයක්‌, පුපුරා නොගිය වෙඩි ද්‍රව්‍ය 01 ක්‌ සහ ආර්පීජී බෝම්බ 03 ක්‌ සොයාගෙන ඇත.

    මත්තේගොඩ පිහිටි ප්‍රධාන ක්‌ෂේත්‍ර ඉංජිනේරු කාර්යාලයේ පැවති හමුවකදී ශ්‍රී්‍ර ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ විසින් මෙම සුනඛයා ඇමරිකා එක්‌සත් ජනපදයේ ස්‌ථානගත මාර්ෂල් ලිගර්සි ආයතනයේ කිම්බර්ලි මැක්‌කස්‌ලන්ඩ් මහත්මිය වෙත නිල වශයෙන් භාරදුන් අතර එම අවස්‌ථාව සඳහා සුනඛයාගේ හසුරවන්නා වූ කෝප්‍රල් රාජපක්‌ෂ ද එක්‌විය.

    2009 ජුනි මස 05 වන දා උපත ලද මෙම සුනඛයා 2011 ජුනි මස 24 වන දින ශ්‍රී ලංකාවට රැගෙන ආ අතර 2011 දෙසැම්බර් 12 දින තෙක්‌ පැවති පුහුණුවකින් අනතුරුව යුද්ධ හමුදා බෝම්බ නිෂ්ක්‍රීය අංශය වෙත අනුයුක්‌ත කරන ලැබීය.

    මෙහිදී මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ විසින් මාර්ෂල් ලිගර්සි ආයතනය විසින් බෝම්බ නිෂ්ක්‍රීය කාර්යන් සඳහා ඉතා උසස්‌ මට්‌ටමේ සුනඛයන් ශ්‍රී ලංකාව වෙත ලබාදීම සැබැඳිව එම ආයතනය වෙත සිය ප්‍රසංශාව පළ කළ අතර මෙම අවස්‌ථාවට එක්‌වු ප්‍රධාන ක්‌ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරාල් ධනංජිත් කරුණාරත්න සහ ඉංජිනේරු බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් එස්‌.ඡේ.එම්.ඒ.ආර්. සෙනවිරත්න විසින් මෙම සුනඛයා ශ්‍රී ලංකා යුද හමුදාවට ලබාදුන් දායකත්වය ඇගයීමට ද ලක්‌ කළේය.

    [rns_reactions]

  • රෑට එන්නේ බරවා තියෙනවාද බලන්න – සැක නම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියාගෙන් අහන්න

    බරවා රෝගය හඳුනාගැනීම සඳහා රුධිර පටල ලබාගැනීමට රාත්‍රි කාලයේ නිවෙස්වලට පැමිණෙන නිල ඇඳුමෙන් සැරසුණු සෞඛ්‍ය නිලධාරීන් ගැන සැක නම් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගෙන් තොරතුරු විමසා දැනගන්නැයි සෞඛ්‍ය සේවා අමාත්‍ය ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර පවසයි.

    රාත්‍රි කාලයේ රුධිරය ලබාගැනීමට පැමිණෙන නිලධාරීන්ගේ මුවාවෙන් යම් පිරිසක් එච්.අයි.වී. ඒඩ්ස් ආසාදනය කරවන බවට සමහර වෙබ් අඩවි සාවද්‍ය තොරතුරු පතුරුවන බැවින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා එසේ ජනතාව දැනුවත් කරයි.

    ශ්‍රී ලංකාවෙන් බරවා රෝගය අවම කර ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සහතික කර ඇතත් එම රෝගය නැවත හිස එසවීම වැළැක්වීම හා සහමුලින්ම තුරන් කිරීමේ අරමුණින් දුෂ්කර තත්ත්ව යටතේ රාත්‍රි කාලයේ නිවෙස්වලට පැමිණෙන්නේ මහජන සෞඛ්‍ය ක්‍ෂේත්‍ර නිලධාරීන් බව හෙතෙම පවසයි.

    බරවා ක්ෂුද්‍ර පණුවා රුධිරය තුළට පැමිණෙන්නේ රාත්‍රි කාලයට බැවින් රුධිර පරීක්ෂාවද රාත්‍රියේ සිදු කිරීමට අවශ්‍ය බවද හෙතෙම පෙන්වා දෙයි.

    ඒ සඳහා පැමිණෙන නිලධාරීන් නිවැසියන්ගේ මෙන්ම තමන්ගේද ආරක්ෂාව සඳහා නිල ඇඳුමෙන් සැරසී හැඳුනුම්පත පැලඳ සිටින බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා කියයි.

    රසායනාගාරයේදී රුධිර පටල පරීක්ෂා කර හඳුනා ගන්නා රෝගීන්ට නිවෙසටම පැමිණ ප්‍රතිකාරද ලබා දෙනු ඇතැයි පැවැසූ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර සාවද්‍ය තොරතුරුවලට නොරැවටී එම සෞඛ්‍ය ක්‍ෂේත්‍ර නිලධාරීන් නොමිලේ සපයන සේවාවෙන් උපරිම ප්‍රයෝජනය ලබා ගැනීමට සහයෝගය දෙන්නැයි හෙතෙම මහජනතාවගෙන් ඉල්ලයි.

    සාවද්‍ය තොරතුරු පළ කළ වෙබ් අඩවි ගැන සයිබර් අපරාධ පිළිබඳ මධ්‍යස්ථානයට පැමිණිලි කර ඇතැයිද සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි. මෙය හිතාමතා කරන කඩාකප්පල්කාරී ක්‍රියාවකැයි ද සෞඛ්‍ය අමාත්‍යාංශය තවදුරටත් පවසයි.

    [rns_reactions]