Category: සුපිරි Walks

  • සසර කලකිරුණු නව පරපුරේ යොවුන් ගායකයා පැවිදි දිවියට….

    තරුණ ගායකයකු වූ මොහාන් විකුමසුරිය ඉතා සුන්දර ගීත බොහොමයකම හිමිකරැවෙක් විය. ඔහු සේවය කළේ Srilankan Airline හි සේවය කළ මොහාන් අ‍ප හැමදෙනාගේම සිත් දිනාගත් නිරහංකාර හිතක් ඇත්තෙක් විය. මේ කඩවසම් තරුණයා ලෞකික ජීවිතයෙන් ඈත්වීමට ගත් තීරණය අනුව රත්නපුරේ චිත්තසති හිමියන් නමින් උතුම් පැවිදි ජීවිතයට ඇතුල්විය….

     

     

    [rns_reactions]

  • ජනාපතිට අපහාසකළ අන්තරේ සටහනක් වෛද්‍ය නිලධාරීන්ගේ ෆේස්බුක් පිටුවෙන් ඉවත් කරලා….

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ( GMOA) නිළ ෆේස්බුක් පිටුව  ජනාධිපතිවරයාගේ ගරුත්වයට හානි වන ලෙස පළ කර තිබූ  වීඩියෝවක් සහ සටහනක් පිළිබඳව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක සිය  විරෝධය පළ කර තිබුණා.

    නියෝජ්‍ය අමාත්‍යවරයාගේ විරෝධයත් සමග එම  සංගමයේ  ෆේස්බුක් පිටුවෙන් එය මේවන විට ඉවත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

    ඉවත් කරන ලද එම සටහන සහ පසුව ඉවත් කර තිබූ අයුරු පහතින් දැක්වෙනවා.

    [rns_reactions]

  • නාලන්දාවේ ජයත් සමගින් කොළඹ පාසල් රැසක විදුහල්පතිට එරෙහි සටන් කරලියට….

    කොළඹ නාලන්දා විදුහලේ විද්‍යාලාධිපතිවරයාව ධුරයෙන් ඉවත්කිරිමට ආදිශිෂ්‍ය සංගම් සහ දෙමාපියන් සමත්විමත් සමගින් එය මේ වනවිට කොළඹ සියලුම පාසල්වලට පැතිරගොස් ඇති බව අපට වාර්තා වේ.. කොළඹ සුප්‍රසිද්ධ පාසල් රැසකම මෙම සටන් දිගින් දිගටම ක්‍රියාත්මක වන එහි ආසන්නතම සිදුවිම වාර්තා වන්නේ බොරැල්ල කන්නන්ගර විදුහලෙනි.. පාසල අගාධයට ඇදදැමු හිටපු විදුහල්පතිවරයා පාසලින් නෙරපා දමමින් පාසලේම ආදි සිසුවෙක් එහි විදුහල්පති පුටුවට ගෙන ඒමට එහි ආදි සිසු සංගමය සහ ආදි දෙමව්පිය සංගමය සමත්කම් දක්වා ඇත…

    ඒ අතරවාරයේ බිදවැටුනු පාසල නගාසිටුවන්නට පැමිණි විදුහල්පතිවරයා නිසාවෙන් පාසලේ පරිපාලනය පවා බිදවැටිමකට ලක්ව ඇති බව පවසමින් ලිපි රැසක් අප මාධ්‍ය අංශයට ලැබි ඇත. ජනාධිපතිතුමාගේ සිට අධ්‍යාපණ ස්ථරයේ පහළම නිලධාරියා දක්වා යොමුකර ඇති මෙම ලිපි වලින් ඔවුන් ඉල්ලා සිටින්නේ බිද වැටි ඇති පරිපාලනය යලිත් ස්ථාපිත කිරිමට උපකාර ලබාදෙන ලෙසයි. කෙසේවෙතත් විදුහල්පතිවරයා මේ වනවිට ආදි සිසු සංගමයට අවශ්‍ය ආකාරයට පාසල පාලනය කරමින් සිටින බවද එම ලිපිවල සදහන්. 

    මේ තත්වය නිසාවෙන් පාසලේ විනය සහ පරිපාලන කටයුතු බිද වැටි ඇති අතර පාසලට ළමුන් පැමිණිම පවා අඩුවි ඇති අතර පාසල් දැරියන් එක්තරා අන්දමක අපචාර ක්‍රියාවන්ට ලක්විමේ ඉඩකඩක්ද නිර්මාණය වි ඇති නිසාවෙන් මේ තත්වය වැළැක්විමට පියවරක් ගන්නා ලෙස ඔවුන් බලධාරින්ගෙන් ඉල්ලා සිටියි.

    පාසලේ දැරියන් දෙදෙනෙක් සිටින අසභ්‍ය දර්ශණ ඇතුලත් විඩියෝවක් මේ වනවිට අන්තර්ජාලය පුරාවට ප්‍රචාරය වන බවත් ඒ පිළිබදව ආචාර්ය මණ්ඩලය කෙතරම් පැමිණිලි කලද විදුහල්පතිවරයා මේ පිළිබදව කිසිදු පියවරක් නොගන්නා බවද සදහන්…

    ප්‍රධාන ශිෂ්‍ය නායිකාව පත්කිරිමේ වැඩසටහනටද මේ වනවිට ආදි සිසුන්ගේ දැඩි බලපෑම් එල්ලවි ඇති බව එම ලිපියේ සදහන්.. දක්ෂතාවයට නොව තම පුද්ගලික උවමනාවන් ඉටුකරගැනිමේ අරමුණින් එක්තරා ශිෂ්‍යාවකට ප්‍රධාන ශිෂ්‍ය නායිකා තනතුර ලබාදිමේ සුදානමක් තිබෙන අතර චරිතය පිළිබදව විශාල ගැටළුවක් ඇති එම ශිෂ්‍යාවට එම තනතුර ලබාදුනහොත් එය පාසලේ විනය පද්ධතියට එල්ල වු විශාල තර්ජනයක් බව ඔවුනගේ අදහසයි…

    කෙසේවෙතත් එම ලිපිය යොමුකර ඇත්තේ කනන්න්ගර විදුහල මවමෙන් සුරකිමු එකමුතුව යනුවෙන් පිහිටුවාගත් සංවිධානයකින් වන අතර මෙහිදි අප මේ තත්වය පිළිබදව විමසිමට කන්නන්ගර විදුහලේ විදුහල්පතිවරයා සම්බන්ධකරගැනිමට උත්සහ කළද එයද ව්‍යර්ථ විය.

    [rns_reactions]

  • හිටපු ජනපති මහින්දගේ බාල සොයුරිය අභාවප්‍රාප්ත වෙයි

    හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සහතාගේ බාල සොයුරියක වන ගාන්ධිනී විචිත්‍රා රාජපක්ෂ රණවක මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවාෙ.

    ඇය කොළඹ පුද්ගලික රෝහලකදී මියගොස් ඇති අතර මියයන විට ඇය 58 වැනි වියේ පසුවිය.

    දේහය නුගේගොඩ-ඇඹුල්දෙනිය ප්‍රදේශයේ පිහිටි ඇයගේ නිවසේ තැන්පත් කෙරෙන අතර අවසන් කටයුතු හෙට දිනයේදී සිදුකිරීමට නියමිතයි.

    [rns_reactions]

  • මරණ දඬුවම ලැබූ සිරකරුවෝ කොළඹ කරන ලොකුම වැඩක්…

    මෙවර වෙසක් මංගල්‍යය නිමිත්තෙන් කොළඹ නගර සීමාව තුළ ඉදිකෙරෙන තොරණ අතරින් විශාලතම තොරණ මරණීය දණ්ඩනය ලත් සිරකරුවන්ගේ නිර්මාණශීලීත්වයෙන් යුතුව වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රය ඉදිරිපිට ඉදිකිරීමට කටයුතු යොදා ඇති බව වැලිකඩ බන්ධනාගාර අධිකාරි චන්දන ඒකනායක මහතා පවසයි.

    විදුලි බුබුළු පහළොස් දහසක් දැල්වෙන අඩි හැත්තෑ එකක උසින් යුතු මෙම තොරණ මෙම 10 දින සිට 15 වැනිදා දක්වා ප්‍රදර්ශනය කෙරෙන අතර රණමයුර ජාතක කතාව මෙම තොරණ මඟින් විදහා දැක්වෙයි.

    මෙම තොරණේ කතා වස්තුවට අදාළ රූප සටහන් ඇඳීම හා විදුලිය සැපයීමේ කටයුතු සියල්ල මරණීය දණ්ඩනය ලත් සිරකරුවන් විසින් සිදුකර තිබීම මෙහි විශේෂත්වයකි. එහි සෙසු ඉදිකිරීම් කටයුතු සඳහා ජිවිතාන්තය දක්වා සිර දඬුවම් විඳිමින් සිටින සිරකරුවන් ඇතුළු නිර්මාණශීලී හැකියාව තිබෙන සිරකරුවන් පිරිසක්ද සහාය ලබාදී තිබේ.

    බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මහතාගේ උපදෙස් මත හා වැලිකඩ බන්ධනාගාර අධිකාරි චන්දන ඒකනායක මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම තොරණ ඉදිකෙරෙන අතර මෙම තොරණ ප්‍රදර්ශනය කෙරෙන කාලසීමාව තුළ සිරකරුවන් සම්බන්ධ කරගෙන බත් දන්සලක්, සිසිල්බීම දන්සලක් හා දර්ශනීය කූඩු ඇතුළත් කිලෝමීටරයක පමණ ප්‍රදේශයක් ආවරණය වන පරිදි වෙසක් කලාපයක් පැවැත්වීමටද බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.

    [rns_reactions]

  • රෝද පුටුවක ජීවත්වෙන අනුෂා සොනාලිගේ කඳුළු කථාව…

    රුවින් හා රංගනයෙන් එදා ජන හද බැඳ ගත් අනූෂා සොනාලි අද දිවි ගෙවන්නේ රෝද පුටුවක බව කීවොත් ඔබ පුදුමයට පත්වෙන්නටත් පුළුවන්. අද අනූෂාගේ තනියට ඉන්නේ ඇගේ අම්මයි එකම පුතයි විතරයි. අනූෂාගේ අම්මත් ඉන්නේ රෝද පුටුවක. අනූෂාටයි අම්මටයි දෙන්නටම ඇප උපස්ථාන කරන්න වෙලා තියෙන්නේ අනූෂාගේ පුතාටයි. අනූෂාට යම් තරමට හෝ රැකවරණයක් වූ එකම මල්ලිත් හෘදයාබාධයකට ලක්වෙලා රෝහල් ගතවෙලා. අද වනවිට ආර්ථික අර්බුද රැසකට මැදිවෙලා ඉන්න අනූෂා හෙට දවසක් ගැන හිතන්න බැරි තරම් අසරණ වෙලා ඉන්නේ. 

    “දැන් මට ඊළඟට කරන්න තියෙන්නේ මගේ ජීවිතේ නැති කරගන්න එක විතරයි.”
    අද අනූෂාගේ මුවග නිතර රැඳිලා තියෙන්නේ ඒ වදන් වැල.

    මේ අවස්ථාවේ අනූෂා සොනාලි වෙනුවෙන් “රිද්ම” තුළින් ඉඩක් වෙන්කිරීමයි අපේ යුතුකම. ජීවිතයේ කිසිම දාක වැරැද්දක් නොකළ අයෙක්, ඒ වගේම කවදාවත් ජීවිතය වරද්දා නොගත් අයෙක් මේ ලෝකේ කොහෙවත් නෑ. ජීවිතය වරද්දාගත් තැන් අනුෂා සොනාලිටත් තියෙනවා. ඒත් ඇය නිළියක් බව, ගැහැනියක් බව, අප අමතක කළ යුතු නැහැ. 

    “සුමිත්‍රා පීරිස් මහත්මිය ‘ගැහැනු ළමයි‘ ටෙලි නාට්‍යයට මාව තෝරගන්නකොට මම සාමාන්‍ය පෙළ හදාරනවා. ඊට පස්සේ ‘ලොකු දුව‘ ‘විසි දැල’ ‘හඬන කිංකිනි’ ඇතුළු චිත්‍රපට කිහිපයකට මට ආරාධනා ලැබුණා. ටෙලි නාට්‍ය නම් ගොඩක් කළා. කලාව තුළ දිග ගමනක් යන්න ඒ කා‍ලේ මම බොහෝ හීන මැවුවා. පාසල් ජීවිතයටත් ආයුබෝවන් කියලා රංගනයටම එකතු වුණා. 1995 හොඳම නැගී එන නිළියට හිමි සම්මානය ලැබුණෙත් මටයි“ 

    අනූෂා සොනාලි අතීතය ආවර්ජනය කරමින් අපේ කතාබහට එකතු වුණා. බොහෝ අය තමන්ගේ ජීවිතයේ අඳුරු අහුමළු හෙළි කරන්න මැලිවෙනවා. ඒත් අනූෂා හෘදයාංගමව ජීවිතයේ හැමදේම අපට හෙළිදරව් කළා.

    “මම ගැන පසුගිය කා‍ලේ විවිධ කට කතා පැතිරුණා. ඒ හැම එකක්ම අභූත චෝදනා කියලා මම කියන්නේ නැහැ. ඒ අතරින් සමහර ඒවා ඇත්ත. ඒත් දැන් මගේ පුතාට අවුරුදු 19යි. ඒ හින්දා හැමදේම පත්තරේකට සඳහන් කරන්න බැහැ…” 
    අනූෂාගේ හඬේ තියෙන්නේ ආයාචනාත්මක ස්වරයක්.

    අනූෂාට ජීවිතයේ වැරදුනේ කොතැනදීද? 
    පිරිමි වැරදි කරන තාක් කල් ගෑනු වරදෙ බැඳෙනවා.

    අනූෂා එහෙම කියලා දිගු කතාවකට මුල පිරුවා. 

    නිළියක් විදියට මට හොඳ කාලයක් තිබුණා. මට චිත්‍රපට, ටෙලි නාට්‍යය ලැබුණා. ඒත් අපේ පෞද්ගලික ජීවිත අපි කරන වෘත්තියට බලපෑම් කරනවා. පෞද්ගලික ජීවිතේ ගොඩක් හැලහැප්පීම් වුණා. මම දෙවතාවක් විවාහ වුණත් ඒ දෙන්නා මගේ දේවල් ගත්තට මට ඒ අයගෙන් ලැබුණු දෙයක් නැහැ. 

    ඔය අතරේ බොහෝ ගැටුම්කාරී දේවල් ජීවිතයට එල්ල වුණා. ඒ විදියට ජීවිතේ හැල හැප්පීම් සිදුවෙනකොට ජීවිතේ වෙනමම පැත්තකට ගියා. ඒත් එක්කම කලා ජීවිතයත් ඈත් වුණා.

    අනූෂා සොනාලි ලෙඩ ඇඳට වැටුණේ කොහොමද? 

    මටයි අම්මටයි දෙන්නාටම තියෙන්නේ මාංශ පේශි අක්‍රියවීමේ රෝගය. අම්මට නම් ඇඳෙන් රෝද පුටුවට යන්නවත් බැහැ. කවුරුහරි උස්සලා තමයි රෝද පුටුවෙන් තියන්න ඕන. මට නම් අල්ලගෙන රෝද පුටුවට එන්න පුළුවනි. මීට අවුරුදු හතරකට විතර කලින් තමයි මට මූලික රෝග ලක්ෂණ පහල වුණේ. කකු‍ලේ මාංශ පේශී මුලින් අක්‍රිය වුණා. ඇවිදීමේ අපහසුව, වැටෙන්න යන එක තමයි මුලදි ඇතිවුණේ. ඔය අතරේ මම වැටුණා. වැටුණට පස්සේ කකු‍ලේ අස්ථියක් බිඳිලා ගියා. ඒකට ප්‍රතිකාර කළා. ඒත් දැන් මගේ ශරීරයේ තුනටියෙන් පහළ පණ නෑ. ගේ දොර කටයුතු උයන පිහන කටයුතු ඔක්කොම කරන්නේ රෝද පුටුවේ ඉඳගෙන…
    අද වන විට ආර්ථික ගැටලු ගොඩක් ඇති

    මම ඉන්නේ කුලී ගෙදරක. කුලිය ගෙවන්න බැරිව ගෙදරින් යන්න වුණොත් යන්න වෙන්නෙ මහ පාරටයි. පිට ඉඳන් බලන අය හිතන්නේ නළු නිළියෝ සුපිරි ජීවිත ගතකරනවා කියලා. ඒත් අපේ රටේ නළු නිළියන්ට ගෙවන්නේ කීයද කියලා දන්නේ අපියි. නිළියක් විදියට ඉහළ තැනක ඉන්න කාලෙවත් රඟපාලා ලොකු ගාණක් මට ලැබිලා නැහැ. ඉතුරු කරගත්තු දෙයකුත් නැහැ. කැළුම්, ප්‍රියන්ත, සනෝජා විනෝජා, සුනිල් ටී. සර්, ජයන්ත ධර්මදාස මහතා මට උදව් කරලා තියනවා. ගෙවල් කුලී ගෙවාගන්න විතරක් නමෛයි එදා වේල කන එකටත් අද අනිත් අයගෙන් උදව් ඉල්ලන්න වෙලා.

    ඔබේ පුතා? 

    මගේ පුතා රෙහාන් දීලක. ඉගෙන ගත්තේ සාන්ත තෝමස් විදුහ‍ලේ. සාමාන්‍ය පෙළ හොඳින්ම සමත්. ඒත් උසස් පෙළට යවන්න බැරි වුණේ ආර්ථික ප්‍රශ්න හින්දා. ඒවගේ පාසලක ඉගෙන ගත්තු දරුවෙක් ඕ ලෙවල් පාස්වෙලා ආර්ථික ප්‍රශ්න හින්දා ඇඩ්වාන්ස් ලෙවල් නොකර පාසල් ගමන නතර කරලා කිවුවොත් ඔයා වුණත් විශ්වාස කරන එකක් නැහැ. ඒත් ඒ තමයි අපේ ෙදෙවය. අද පුතාව රස්සාවකට යවන්න විදියක් නැත්තේ අම්මගෙයි මගෙයි කටයුතු හින්දා. අපි දෙන්නා මැරිල ගියා නම් පුතා එයාගේ අනාගතයත් ගොඩනගා ගනියි කියලා වෙලාවකට හිතෙනවා. පුතාට වයස 19යි. අඩි 5යි අඟල් 9ක් උසයි. මට ආසයි පුතා නළුවෙක් කරන්න. ඒත් ඉතින් මට දැන් කලා ක්‍ෂේත්‍රය එක්ක සම්බන්ධයක් නැහැනේ.

    මේ ප්‍රශ්නවලට අනූෂා කොහොමද විසඳුම් හොයන්නේ? 

    ජනාධිපතිතුමාටයි සජිත් ප්‍රේමදාස මැතිතුමාටයි ඉල්ලීම් කරලා තියෙන්නේ මට ගෙයක් ලබාදෙන්න කියලා. ලයිට් නැතත් කමක් නැහැ පහනක් පත්තු කරගෙන වැටිලා ඉන්න කාමර දෙකයි කුස්සියකුයි තියෙන ‍පොඩි ගෙයක් ලැබුණොත් ඇති. බඩගින්නේ හරි වැටිලා ඉන්න පුළුවන්නේ. ඉදිරිය කොයිවගේ වෙයිද කියලා දන්නේ නැහැ කරන්නට දෙයක් නැත්නම් ජීවිතේ නැතිකරගන්න එක තමයි දැන් මට කරන්න ඉතිරි වෙලා තියෙන්නේ.

    ආරියවංශ කුලතිලක

    (උපුටාගැනීම ලක්බිම ඉරිදා සංග්‍ර‍හයෙනි)

    [rns_reactions]

  • සේවක විරෝධය මුල්ලකට දමා ඇමති චම්පික වෙසක් කුඩුවකට ලක්ෂ 80ක් වෙන්කරයි.

    නාගරික සංවර්ධන අධිකාරිය භාර ඇමැති චම්පික රණවකගේ වුවමනාව මත වෝටර්ස් ඒජ් ආයතනය රුපියල් ලක්ෂ 80ක් වැය කොට වෙසක් ප්‍රදර්ශන කුටියක් ඉදි කරන බව දූෂණ විරෝධී හඬ කැඳවුම්කරු, ජවිපෙ වසන්ත සමරසිංහ අනාවරණය කරයි.

    නාගරික සංවර්ධන අධිකාරිය යටතේ පාලනය වන වෝටර්ස් ඒජ් ආයතනයේ රුපියල් කෝටියකට ආසන්න මුදලක් යොදවමින් මේ වෙසක් ප්‍රදර්ශන කුටිය ඉදිකිරීමට අවශ්‍ය සියල්ල සූදානම් කර ඇතැයි සමරසිංහ මහතා පෙන්වා දෙයි.

    ඔහු පවසන්නේ වෝටර්ස් ඒජ් ආයතනයේ සේවකයන් මීට මාස කිහිපයකට ඉහතදී ඔවුන්ගේ වාර්ෂික වැටුප් වර්ධන දීමනාවට සියයට 4ක් ඉල්ලා සිටි අවස්ථාවේ මුදල් නොමැති බව පැවැසූ පාලක මණ්ඩලය දින 3,4කට ලක්ෂ 80ක් වියදම් කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බවයි.

    වෝටර්ස් ඒජ් ආයතනයේ සභාපතිවරයා පත් කර ඇත්තේ ඇමැති චම්පික රණවක වන අතර එම සභාපතිවරයා නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයේද සිටින බවත් පෙන්වා දෙන ඒ මහතා විමසුවේ ඇමැතිවරුන්ගේ හා සභාපතිවරුන්ගේ හිතවත්කම් මත මෙලෙස සේවකයන්ට අයත් මුදල් කාබාසිනියා කිරීමට ඉඩ දිය යුතුද යන්නයි.
    සමරසිංහ මහතා වැඩිදුරටත් පැවැසුවේ එකී ආයතනයේ සේවකයන්ගේ දැඩි විරෝධය හමුවේ එම වෙසක් ප්‍රදර්ශන කුටිය බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයට යාබද නාගරික සංවර්ධන අධිකාරියට අයිති ඉඩමක ඉදිරි දින කිහිපයේදී ඉදිකිරීමට නියමිත බවයි.

    [rns_reactions]

  • වාර්තා තැබු ඉන්දියාවේ ටජ්මහල පරදා අපේ ශ්‍රි දළදා මාළිගාව පළමු තැනට….

    ජාත්‍යන්තර සංචාරක ශ්‍රේණිගත කිරීමේදී එකසිය හැත්තෑ තුන්වැනි ස්ථානයේ පැවැති ශ්‍රී දළදා මාලිගාව එම ශ්‍රේණිගත කිරීමේ ප්‍රථම ස්ථානයට මේ වන විට පත්ව ඇතැයි දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ප්‍රකාශ කරනවා.

    ශ්‍රේණිගත කිරීමෙන් ඉන්දියාවේ ටජ්මහල පවා අභිබවා යෑමට හැකියාව ලැබුණේ පරිපාලනය මෙන්ම තොරතුරු තාක්ෂණය භාවිතා කිරීම බවද ඒ මහතා ප්‍රකාශ කළා.

    මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ තොරතුරු තාක්ෂණික ව්‍යාපෘතිය සදහා ආධාර ලබාදීමේ වැඩසටහන ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනයේ සභාපති කුමාරසිංහ සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (03) ශ්‍රී දළදා මාලිගාවේ රන් ආයුධ මණ්ඩපයේදී සිදුවුණා.

    දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා වෙත රුපියල් මිලියන දහයකින් යුත් එහි මූල්‍ය අනුග්‍රාහක ගිවිසුම ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනයේ සභාපති කුමාරසිංහ සිරිසේන මහතා විසින් භාරදෙනු ලැබුවා.

    ශ්‍රී දළදා මාලිගාවට සිය නිල වෙබ් අඩවියේ හිමිකාරිත්වයක් නොතිබුණු යුගය වෙනුවට එවකට පැවැති ජනප්‍රිය වෙබ් අඩවි පරදා අද වැඩිම ප්‍රේක්ෂක සංඛ්‍යාවක් නරඹන වෙබ් අඩවිය බවට මෙය පත්ව ඇතැයි දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑළ මහතා පැවසුවා.

    තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ ධර්මය ප්‍රචාරය කිරීමේදී ශ්‍රී දළදා මාලිගාව වැඩි දායකත්වයක් උසුලන බවත්, එහිදී නව තාක්ෂණය වැඩිවශයෙන් උපකාර කරගන්නා බවද ඒ මහතා සදහන් කළා.

    [rns_reactions]

  • මංඩලේ කචල් එලියට – තේරිම් කමිටු සභාපති අරවින්ද ඉල්ලා අස්වි ගෙදර යයි…

    ශ්‍රී ලංකා ක්‍රිකට්  ආයතනයේ ක්‍රිකට්  කමිටුවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන බව අරවින්ද ද සිල්වා පවසනවා. 

    සිය ඉල්ලා අස්වීමේ ලිපිය  දැනටමත් ශ්‍රී ලංකා ක්‍රිකට්  ආයතනයට භාරදී තිඛෙන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ. 

    ඊට අදාළ වැඩිදුර හේතු දැක්වීමක් පසුව සිදුකරන බව ඔහු කියාසිටියා.

    [rns_reactions]

  • පාදෙණිය අද පුද්ගලික අංශයේ වැඩ – ඇමති රංජන් පාදෙනියේ රෙදි ගලවයි…

    සයිටම් ජනසතු කිරීම ඇතුළු ඉල්ලීම් තුනක්‌ ඉටු කරන ලෙස රජයට බලකරමින් ගුරුවරු, දුම්රිය නියාමකවරු සහ වෛද්‍යවරු අද (05දා) දවස පුරා වැඩ වර්ජනය කරති.

    මේ නිසා රෝහල්වල සැත්කම් කටයුතු මෙන්ම දුම්රිය ධාවනය සහ පාසල්වල ඉගැන්වීම් කටයුතු සියල්ල අද දවසේ නතර වන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා  ප්‍රකාශ කළේය.

    නමුත් වෛද්‍ය සංගමයේ ලොක්කා වන අනුරැද්ධ පාදෙනිය නම් වූ මේ ජනතා සේවකයා නැතහොත් රාජ්‍ය සේවකයා අසරණ මිනිසුන් රස්තියාදු කරමින් වෛද්‍ය වරැන් ගොනාට අන්දමින් අද සවස නවලොක රෝහලේ සේවය පැමිණෙන බව දක්වා ඇත.

    රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාගෙන් බෙහෙත් ගැනීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අද (5) දිනයේ වේලාවක් වෙන් කරගෙන තිබෙනවා.

    ඒ පුද්ගලික රෝහලකදී.

    ඒ සම්බන්ධ කරුණු ඇතුළත් රිසිට් පත පහතින් දැක්වෙනවා.

  • දේශපාලණ අරමුණු වෙනුවෙන් වැඩ වර්ජන කරන වෛද්‍යවරුන්ට සාරධර්ම නෑ…

    සයිටම් ආයතනයට විරුද්ධව වැඩවර්ජන කරමින් අහිංසක රෝගීන්ට මියයෑමට ඉඩහරින්නේ වෛද්‍යවරුන්ට සාරධර්ම නැති නිසාදැයි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමියෝ විමසති.

    වෛද්‍යවරුන් තවත් පිරිසක් එකතු කරගෙන සිකුරාදා (05දා) වැඩ වර්ජනයක නිරත වුවත් එදින ප්‍රතිකාර ගැනීමට පෞද්ගලික රෝහල් වෙත යෑම සඳහා රටේ බහුතර ජනතාවට මුදල් නොමැති බවද උන්වහන්සේ පැවැසූහ. සයිටම් ආයතනය තිබුණත් නැතත් තමන් වහන්සේට ප්‍රශ්නයක් නොමැති බවද උන්වහන්සේ පෙරේදා (03දා) මහවැලි කේන්ද්‍රයේදී පැවැති පලිඟු මැණිකේ තිරනාටකය පොතක් ලෙස එළිදැක්වීමේ සහ ධම්ම ජාගොඩ අනුස්මරණ උත්සවයට සහභාගි වෙමින් පැවැසූහ.

    [rns_reactions]

  • අද වාහනේ අරන් කොළඹ යන්නේ බලාගෙනයි!

    කොළඹ නගරයේ මංතීරු නීතිය කඩ කරන සහ මාර්ග නීති කඩකරන රියදුරන්ට නඩු පැවරීමේ විශේෂ රථවාහන මෙහෙයුමක් අද(04) දිනයේ දී සිදු කරන බව පොලිස් මූලස්ථානය සදහන් කරයි.

    සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් ආයතනය සහ කොළඹ රථවාහන මූලස්ථානයේ නිලධාරීන් එක්ව මෙම මෙහෙයුම දියත් කරනු ඇත.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා කියා සිටියේ සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් ආයතනය මේ සදහා පුද්ගලික වාහන 10ක් ලබා දෙන බවත් එම වාහනවල සිවිල් ඇදුමින් සැරසුනු පොලිස් නිලධාරීන් කොළඹ නගරය පුරා සංචාරය කරන බවය.

    එම සංචාරයේ දී මාර්ග නීති සහ මංතීරු නීති කඩකරන වාහන දුටුවහොත් ගමන් කථන මගින් කොළඹ පාලකස්ථානයට සහ ඉදිරියේ රථවාහන රාජකාරියේ යෙදී සිටින නිලධාරීන්ට දැනුම් දී රථවාහන නඩු ලබා ගැනීමට සැලසුම් කර ඇත.

    එම ලබාගැන්නා රථවාහන නඩුවේ සාක්ෂිකරුවන් ලෙස රථවාහන නඩු ලබා ගත් නිලධාරියා සහ මාර්ග නීති හෝ මංතීරු නීති කඩකරන බවට දුටු සිවිල් ඇදුමින් සැරසුනු පොලිස් නිලධාරියා නම් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා

    එසේම දඩපත් දීමට හැකි වරදවල් සදහා දඩපත් නිකුත් කිරීම සහ අනෙකුත් වැරදි සදහා අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කරනු ඇත.

    කොළඹ නගරයේ ක්‍රියාත්මක මෙම වැඩසටහන ඉදිරියේ දී දීපව්‍යාප්තව ක්‍රියාත්මක නිරීමට ද සැලසුම් කර තිබේ.

    [rns_reactions]

  • විදුහල්පති ඉදිරියේ නිරුවත පෙන්වන්න ගිය මවකට වෙච්චි දේ..

    පසුගිය සතියේ පාසලේ විදුහල්පතිවරයාගේ කාමරයට පැමිණි සිසුවකුගේ මවක්‌ ඇය ඇඳ සිටි ඇඳුමේ උඩුකයේ පිටුපස කොටස සම්පූර්ණයෙන් විවෘතව තිබීම සම්බන්ධයෙන් ඇයට දැඩි සේ අවවාද කළ විදුහල්පතිවරයා නැවත පාසලට පැමිණෙන්නේ නම් සංවරශීලී ඇඳුමින් පැමිණිය යුතු බව පැවසීය.

    තමන් අදහන ගරුකරන ආගමික ස්‌ථානයට යන සියලුම දෙනා සිතෙන් පමණක්‌ නොව ඇඳුමෙන් ද සංවරව සිටින බවත් දරුවන්ගේ දෙමාපියන් පාසලකට ඇතුළු වීමේදී ඇඳුමෙන් සංවර විය යුතු බව කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල මහා විද්‍යාලයේ විදුහල්පති ඩී. බී. සී. දෙනිපාගොඩ මහතා පැවසීය.

    රටට සමාජයට යහපත් පුරවැසියන්, උගතුන්, බුද්ධිමතුන් නිර්මාණය කරන පාසල සැබවින්ම පූජනීය ස්‌ථානයක්‌ බවත් පාසලේ ගරුත්වය ආරක්‌ෂාකර ගැනීම පාසලේ අධ්‍යාපනය ලබන දරුවන් පමණක්‌ නොව දෙමාපියන් නිරන්තරයෙන්ම සිතේ තබාගත යුතු බව විදුහල්පතිවරයා අවධාරණය කළේය.

    [rns_reactions]

  • කුණු කන්ද යලිත් ගිණි ගනි – කියවන්න දැනගන්න…..

    මඩකලපුව දිස්ත්‍රික්කයේ මාවඩිමුන්මාරි විඩුදික්කල්හි අපද්‍රව්‍ය බැහැර කරන ස්ථානයේ ගිනි ගැනීමක් සිදුව තිබෙනවා.

    ඊයේ (02)  පස්වරුවේ මෙම ගින්න ඇතිවූ බවයි වාර්තා වන්නේ.

    මෙම ගින්න මෙතෙක් පාලනය කර නොමැති බවයි එම වාර්තාවන් වැඩිදුරටත් පවසන්නේ

    [rns_reactions]

  • ජීවිතය රැකගන්න ප්‍රින්ස් විකුණන්න යන ගීත දෙක මෙන්න

    නිර්මාණකරුවකුට තම නිර්මාණ තම ජීවිතය මෙන්ම වටී. ගායන ශිල්පී ප්‍රින්ස් උදය ප්‍රියන්තටද තමා ගැයූ ගී සම්බන්ධයෙන් තිබෙන්නට ඇත්තේ එවැනිම අදහසක් බව නිසැකය. කලක පටන් රෝගී තත්වයෙන් පසුවන ප්‍රින්ස්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය මුදල් ලබාගැනීම දුෂ්කර වී ඇති බැවින් ඔහු විසින් ගායනා කරන ලද ගීත දෙකක් විකිණීමට පවුලේ ඥාතීන් කටයුතු කරන්නට සුදානම් වන බවට වාර්තා වන්නේ ඔහුගේ ජීවිතය සියල්ලට වඩා පවුලේ ඥාතීන්ට වටිනා බැවිනි.

    ”ඔබ මා හදින් සැඟවී නොයන්, ඔබ හා ගෙවූ අතීතේ සහ තවත් ගීත කිහිපයක් ගීත රචකයන්ගෙන් සහ සංගීතඥයින්ගේ අවසර ඇතිව මෙලෙසින් විකුණන බවයි ඔහුගේ ඥාතීන් පවසා තිබෙන්නේ.

    එමෙන්ම ඇතමුන් ප්‍රින්ස්ගේ ගීත, ප්‍රසංගවල ගායනා කර මුදල් උපයා ගන්නා බවත් ඔහුට මුදල් අවශ්‍යම අවස්ථාවේ එවැනි දේවල් සිදුකිරීම සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නට කටයුතු කරන බවද ඔවුන් වැඩිදුරටත් පවසනවා.

    [rns_reactions]
  • කොළඹ සහ මහනුවර පාරවල් රැසක් හෙට වසා දැමේ – රථවාහන සැලැස්ම මෙන්න

    හෙටට (01) යෙදෙන ජාත්‍යන්තර කම්කරු දින සැමරුම් හේතුවෙන් කොළඹ ඇතුළු තදාසන්න ප‍්‍රදේශ කිහිපයක සහ මහනුවර ගැටඹේ නගරය ආශ‍්‍රිතව විශේෂ රථ වාහන ධාවන සැලැස්මක් ක‍්‍රියාත්මක කෙරෙනවා.

    පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප‍්‍රියන්ත ජයකොඩි සඳහන් කළේ කොළඹ නගරයේ මාර්ග රැසක් හෙට පෙරවරුවේ සිට පස්වරුව දක්වාම වසා දැමෙන බවයි.

    ඇතැම් මාර්ග පැය කිහිපයක් සඳහා පමණක් වසා දැමෙන අතර තවත් මාර්ග කිහිපයක රථ වාහන ධාවනය එක් මංතීරුවකට පමණක් සීමා කෙරෙණු ඇති.

    එමෙන්ම පිට පළාත්වලින් මැයි දින පෙළපාලි සඳහා ජනතාව රැගෙන කොළඹ නගරයට පැමිණෙන බස් රථ සහ වාහන ගාල්කර තැබීම සඳහා ද කොළඹ නගරයේ ස්ථාන 11ක් වෙන්කර තිබෙනවා.

    මහනුවර නගරය කේන්ද්‍ර කර ගනිමින් ද එලෙස වාහන ගාල් කිරීම සඳහා ස්ථාන වෙන්කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

    මැයි දින පෙළපාලි පැවැත්වෙන විට ප‍්‍රධාන මාර්ග වසා දැමෙන අතර ඒ සඳහා විකල්ප මාර්ග නම්කර තිබෙනවා.

    (එලෙස වසා දැමෙන මාර්ග සහ ඊට අදාල සියලු විස්තර පහතින් දැක්වෙයි.)