Category: සුපිරි Walks

  • කොළඹට හෙටත් පැය 18ක ජල කප්පාදුවක්…….

    කොළඹ ප‍්‍රදේශ කිහිපයකට හෙට දිනයේ පැය 18ක් ජල සැපයුම අත්හිටුවන බව අපට වාර්තා වේ. අඹතලේ ජල පවිත‍්‍රාගාරයේ සිට එළි හවුස් ජලාශයට ජලය සැපයෙන ප‍්‍රධාන ජල නළ පද්ධතියේ සිදු කෙරෙන නඩත්තු කටයුත්තක් ඊට හේතුව බව සදහන්.

    ඒ අනූව බේස්ලයින් පාරේ කැළණි පාලම අසල සිට දෙමටගොඩ හන්දිය සහ ඊට සම්බන්ධ සියලූ අතුරු මාර්ගවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති අතර කොස්ගස් හන්දිය, ග‍්‍රෑන්ඞ්පාස්, මහවත්ත සහ තොටලග යන ප‍්‍රදේශවලට ද ජල සැපයුම අත්හිටුවන බව සඳහන් කළේ.

    හෙට උදෑසන නවයේ සිට බදාදා අලූයම 03 දක්වා එම ප‍්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති.

  • ලංකා සිතියම වෙනස් වෙයි!

    ජාත්‍යන්තර මූල්‍ය නගරය හෙවත් කොළඹ වරාය නගරය ඉදි කිරීමත් සමඟ වසර සහ පරම්පරා ගණනාවකට පසුව ශ්‍රී ලංකා සිතියමේ වෙනසක් සිදුවීමට නියමිතය.

    ශ්‍රී ලංකාවේ නව සිතියමක් දැනට නිර්මාණය කර ඇති අතර රජයේ මිනුම්පතිවරයා නිර්මාණය කරන ලද නව සිතියම පහත වේ.

    [rns_reactions]

  • චතුරිකා-ගයාන්-රොෂාන්, තුන්කොන් ආදරය පිළිබඳව චතුරිකා මුල්වරට කී කථාව.

    පසුගිය මාස කිහිපය තුල චතුරිකා-ගයාන්-රොෂාන්, තුන්කොන් ආදර කතාව පිළිබඳව නොයෙක් කටකථා පතුරවන මොහොතක එම ක්‍රියාවලිය සාධාරනයකට ලක් කරමින්  ප්‍රථම වරට චතුරිකා සති අන්ත පුවත්පතකට තම අදහස් දක්වා තිබෙනවා.

    චතුරිකා ගයාන්ව දැන හඳුනා ගන්නෙ?

    මට පළමු වතාවට ගයාන්ව හමුවෙන්නෙ 2004 අවුරුද්දෙ. ඔහු ටෙලි නාට්‍යයක ප්‍රධාන චරිතයක්‌ රඟපාන ප්‍රථම අවස්‌ථාව එයයි.

    එහි ප්‍රධාන කාන්තා චරිතය රඟපෑවෙ මම. එදා මම දැක්‌ක ගයාන් දෙමවුපිය හෙවනින් ආපු බොහොම තැන්පත් තරුණයෙක්‌ .

    ඒ අවස්‌ථාවද ප්‍රේමයේ ඇරඹුම?

    නැහැ. ඒ වෙත්දි ගයාන් කියන්නෙ මාත් එක්‌ක රඟපාපු තවත් නළුවෙක්‌ විතරයි. එකට වැඩ කළ නිසා සුහදතාවක්‌ ගොඩනැගුණා එතනින් එහාට කිසිවක්‌ වුණේ නැහැ. අපි ආයෙ මුණගැහුණෙවත් කතා කළේවත් නැහැ.

    දෙවැනි වතාවට මට ආයෙමත් ගයාන් එක්‌ක වැඩ කරන්න ලැබෙන්නෙ අවුරුදු හතකට පස්‌සෙ ඒ කියන්නෙ 2011 අවුරුද්දෙ. ඒ වෙත්දි ගයාන් ක්‌ෂේත්‍රයෙ නමක්‌ දිනාගත්ත කෙනෙක්‌. නමුත් අර මම පළමු අවස්‌ථාවෙ දුටුව සන්සුන් තරුණයා නම් ඔහු අහලකවත් හිටියෙ නැහැ. ඒ වෙත්දි ගයාන්ව ප්‍රසිද්ධ වෙලා තිබුණෙ වැඩ කරන්න අපහසු ඉවසීමක්‌ නැති කේන්ති යන දඩබ්බර චරිතයක්‌ විදිහට.

    දඩබ්බර හිත ළඟද ආදර කතාව ඇරඹෙන්නෙ

    ඇත්තටම ඒ වෙත්දි ගයාන් ළඟ හිතුවක්‌කාර කේන්ති යන ලක්‌ෂණ තිබුණා. ඒ දවස්‌වල ගයාන් මෝටර් රථය පදවාගෙන යන වේගය නිසා අපි කතාවුණේ කොයි වෙලාවක හරි අනතුරක්‌ කරගනියි කියලා. ඒ තරමට නොසන්සුන්තාවයකින් ඉන්න කෙනෙක්‌ විදිහටයි මමත් ගයාන්ව දැක්‌කෙ. නමුත් ගයාන්ව හිතවතෙක්‌ විදිහට ආශ්‍රය කරත්දි ඒ ගයාන් කියන කෙනාගෙ ආවේණික ගතිගුණ නෙමෙයි කියල මට දැනුණ. දෙමවුපිය සහෝදර හෙවනින් වෙන්වෙලා කොළඹ ආපු ගයාන්ව කොළඹදී ඔහුට ළංවූ අය නිසා වියවුල් වූ ජීවිතයක ඒ වෙත්දි ගයාන් ගත කරමින් හිටියෙ.

    ඔබ දෙදෙනා වඩාත් ළං කළ හැඟීම වන්නෙ

    දෙවෙනි වතාවට අපි හමුවුණ කාලය වෙත්දි අපි දෙන්නම අපේ පුද්ගලික ජීවිතවල විශාල අර්බුද සමඟ ගෙවූ කාල වකවානුවක්‌. එයා හිටියෙ බිඳුන විවාහයක නටබුන් එක්‌ක මමත් මගේ ප්‍රේමය බිඳී ගිහින් තනිවෙලා හිටි කාලයක්‌ මුලින්ම අපි හිතවතුන් වුණා අපේ ප්‍රශ්න ගැන කතා කළා. ඒ අවස්‌ථාවෙ අපේ ජීවිතය කලින් හිටිය අය වගේම අප වටා හිටි අය බොහොම දරුණු විදිහට අපි දෙන්නට පහර දෙන්න පටන් ගත්ත. ඒ අවස්‌ථාවේ ගයාන් නොසැලී හිටිය මමත් ඒ දේවල්වලට සැලුනෙ නැහැ. අපි මේ ප්‍රශ්න ගැන කතා කරමින් විසඳුම් හොයන්න උත්සාහ කළා. අන්තිමට අපිටත් නොදැනීම අපි දෙන්න ආදරයෙන් බැඳුණා.

    එදා ඔබ දෙදෙනාගේ ආදරයට ඇතිවුණ බාධක ද ඔබලා වඩාත් ළං කළේ.

    ඒ ගැන හිතත්දි කනගාටුයි. මිනිස්‌සු අපිට හිතාගන්න බැරි තරම් නරක විදිහට ප්‍රශ්න ඇති කළා. නමුත් මම ගයාන්ට ආදරය කරන්න පටන් ගන්නකොට එයා හුදකලාව හිටි කෙනෙක්‌ කාගෙවත් හෙවනක හිටිය කෙනෙකුට මම පෙම් කළේ නැහැ. තමන්ගෙ කලින් පෙම්වතා හා පෙම්වතිය එම ප්‍රේමයෙන් මිදුනට පස්‌සෙ තවත් කෙනකුට ආදරය කරන අවස්‌ථාවෙ ඔහුට හෝ ඇයට පෙම්වතෙක්‌ හෝ පෙම්වතියක්‌ හමු නොවුණ නිසා තමන්ගෙ පෙර කාලයෙ පෙම් කළ අයට ඊර්ෂ්‍යා කරල ප්‍රශ්න ඇතිකරන එකේ ඵලක්‌ නැහැ. නමුත් ඔවුන් එහෙම කළා.

    මම හැමදාම හිතුවෙ කවදා හරි ඇත්ත ඉදිරියට එන බවයි. අපි කාට හෝ වැරැද්දක්‌ කළාම ඒක ලෝකෙට වසන් කරගෙන හිටියට තමන්ගෙ හිතට බොරු කරන්න බැහැ. මම මේ පුද්ගලයට මේ වගේ දෙයක්‌ කළා නෙ කියල තමන්ගෙ හිත තැවෙනව.

    දැන් ආදර ලෝකය සන්සුන්ද?

    ඇත්තටම මේ හැම දෙයක්‌ම කෙළවර අපි දෙන්න අතර තිබුණ ආදරය තවත් වැඩි වුණා. හැම ප්‍රශ්නයකටම කාලය විසඳුම් දීල තියෙනව. එළඹෙන මැයි මාසෙ අපේ විවාහය සිද්ධ වෙනව.

    චතුරිකා අතීතයෙ ඔබට හමුවුණ දඩබ්බර ගයාන්මද තවමත් ඔබ ළඟ ඉන්නෙ.

    නැහැ ඒ ගති දැන් ගොඩක්‌ අඩුයි. මම හැම වෙලාවෙම එයාට කියල දෙනව මේ ඔයාගෙ විදිහ නෙවෙයි ඔයාගෙ දෙමවුපියො සහෝදර සහෝදරියො එහෙම නෑ ඔයාට අයිති ගතිගුණ මේ නෙවෙයි කියල.

    මේ ආදර කතාවෙ චතුරිකාට ලද වටිනාම තිළිණය

    එයාගෙන් ලැබෙන ආදරය විශ්වාසය තමයි මට වැඩියෙන්ම වටින්නෙ. මොකද කිසිම මොහොතක ගයාන්ට මට වඩා සමීප තවත් කෙනෙක්‌ නැහැ කියන සිතිවිල්ලෙනුයි එයා වැඩ කරන්නෙ. එයාගෙ ලෝකෙ එකම පෙම්වතියත් හිතවතියත් මම විතරයි.
    භෞතික දේවල් ගත්තොත් මීට අවුරුදු දෙකකට කලින් එයා මට අරන් දුන්න අත් ඔරලෝසුව මම අදටත් පළඳින්නෙ හරිම ආදර හැඟීමෙන්.

    ධම්මිකා සුරංජි පතිරණ (Divaina)

     

    [rns_reactions]

  • ලකුණු දාගන්න බේගල් අදින අයට සරත් චන්ද්‍රගෙන් කණ පැලෙන පිළිතුරක්..

    මහත් ආන්දෝලනයට තුඩුදුන් අවුරුදු නැකත් පිලිබදව මතුව ඇති ප්‍රශ්නයට නැකත් සංගමයේ සාමාජිකයෙක් වන සරත් චන්ද්‍ර මහතා තම මුහුණු පොත් ඔස්සේ පිළිතුරක් ලබාදී ඇත..

    මෙම නැකත් නිරවද්‍ය බවත් ඇතැමුන් චරිත වීම උදෙසා මෝඩකම ප්‍රදර්ශනය කරමින් රංගනයක යෙදෙන බවත් ඔහු සදහන්  කර ඇත.

    [rns_reactions]

  • ශ්‍රී ලංකාවේ අට දෙනකුගෙන් එක්‌ අයෙකුට මානසික රෝගයක්…..

    ශ්‍රී ලංකාවේ සෑම පුද්ගලයන් අට දෙනකුගෙන්ම එක්‌ අයෙකු කුමන හෝ මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන බව අනාවරණය වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලයේ මානසික සෞඛ්‍ය නිලධාරි සුවීන් තිරපති මහතා පැවැසීය.

    මෙම මානසික රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන අයගෙන් සියයට 60 ක්‌ ම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු නොවන අතර ප්‍රතිකාර ලබාගනුයේ සියයට 40 ක්‌ පමණකැයි වෛද්‍ය තිරපති කීවේය.

    මෙරට වැඩි වශයෙන් ම පැතිර පවතින මානසික රෝගී තත්ත්වය වනුයේ විශාදය හෙවත් ඩිප්‍රෙෂන් වන අතර වාර්ෂිකව 80,000 ක්‌ පමණ දෙනා මෙරට විශාදය රෝග තත්ත්වයට ගොදුරු වන බවත් දැනට මෙරට 800,000 කට අධික පිරිසක්‌ විශාදයෙන් පෙළෙන බව හෙතෙම සඳහන් කළේය.

    මෙරට ජනගහනයෙන් සියයට 2 ක්‌ දරුණු ඝනයේ විශාදය ඇතුළු උග්‍ර මානසික රෝගවලට ගොදුරු වී සිටින බව අනාවරණය වී තිබේ.

    විශාදය පුද්ගලයකු දුබල බවට පත් කරන ලොව ප්‍රධානතම හේතුව බව අනාවරණය වී ඇති අතර ඕනෑම වයසක අයෙකුට එය වැළඳීමේ හැකියාව පවතින බව (29 දා) නාරාහේන්පිට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය සම්මන්ත්‍රණයක්‌ අමතමින් වෛද්‍ය තිරපති කීවේය.

    ශ්‍රී ලංකාවේ මෙන්ම ගෝලීය වශයෙන් ද විශාදය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව අනාවරණයවී ඇති අතර, පිරිමින්ට වඩා වැඩි වශයෙන් කාන්තාවන් මෙම රෝගයට ගොදුරු වන බව වෛද්‍ය මතය වී තිබේ.

    විශාදය සැදුණු අයෙකුට මුල් අවස්‌ථාවේදී බෙහෙත්වලින් තොරව රෝගය සුවපත් කළ හැකි අතර, රෝගයටද ප්‍රතිකාර පමා වීමෙන් වර්ධනය වූ විට චර්යාත්මක ප්‍රතිකාර ඇතුළු මානසික වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම ලබා දිය යුතු බව මානසික රෝග විශේෂඥ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා මෙහිදී කීවේය.

    රෝගය මුල් අවස්‌ථාවේ හඳුනාගෙන ප්‍රතිකාර කිරීම සෘන ආකල්ප ධනාත්මක ආකල්ප බවට පත් කිරීම, සිය හැඟීම් පවුලේ සාමාජිකයකුට සමීප මිතුරෙකුට පැවසීම, දිනපතා ව්‍යායාමයක නිරත වීම, ඵලදායී ක්‍රියාවක නිරත වීම හරහා ම විශාදය රෝගය සුපවත් කළ හැකි බව හෙතෙම සඳහන් කළේය.

  • තම ජීවිතයට වඩා O/L වටින නිසා මාරයා තුරුලට ගිය දරුවෝ…

    අ.පො.ස. (සාපෙළ) ප්‍රතිඵලත් ආවා. ඇතැම් සිසුන් සතුටු කඳුළු හෙළුවා. තවත් අය දුකට ඇඬුවා. ඒ දෙකම කරගන්න බැරි පස් හය දෙනෙක් දිවි නහගන්න උත්සාහ ගත්තා. දෙන්නෙක් දිවි නහගත්තා. මේ ගැන දැනගත් බොහෝ දෙනා දරුවන්ටත්, මවුපියන්ටත් පොදුවේ  කියන්න ගත්තා. කරුණු කාරණා කොහොම වුණත් සෑම වසරකම නිකුත් වන මෙවැනි විභාග ප්‍රතිඵලවලදී ඔය වගේ සිදුවීම් සිදුවෙනවා. මේ පළමු අවස්ථාව නම් නොවෙයි.
    කහතුඩුව පොලිස් වසමේ කිරිවත්තුඩුව, කිතුලවිල පාරෙහි පදිංචි චලනි ලක්ෂානි එලෙස දිවි නසාගත් සිසුවියක්. 28දා රාත්‍රියේ ඇය ගෙල වැලලාගෙන දිවි හානි කරගත්තේ නිවෙස පිටුපස තිබූ ඇඹරැල්ලා ගසක අත්තක එල්ලිලා. හේතුව ගණිතය විෂය අසමත් වීම. හෝමාගම ප්‍රදේශයේ පාසලක 12 වැනි වසරේ ඉගෙනුම ලබමින් සිටි චලනිගේ වයස අවුරුදු 17යි.

    ඇය කලින් වසරේදීත් සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය විෂයට පෙනී සිටියා. එහිදී ඇයට හිමිවුණේ සාමාන්‍ය සාමාර්ථයක්. ඒ හේතුව නිසාම චලනිට උසස් පෙළට වාණිජ විෂය ධාරාවන් හැදෑරීමට තිබූ ඉඩ ප්‍රස්තාව වැළකී ගියා. මේ නිසා ඇය දැඩි සිත් තැවුලකින් සිටි බවයි ආරංචි.

    චලනි ප්‍රථම වතාවට සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දී තිබෙන්නේ 2015දී. එදා ලද ප්‍රතිඵල අනුව ඇය කලා විෂය ධාරාවෙන් කලක් උසස් පෙළ හදාරා ඇති අතර එය ඇගේ සිහිනය නොවන බව වැටහීමත් සමඟ පාසල් බලධාරීන්ට ඇය පොරොන්දුවක් දුන්නා. ගණිතය විෂයට සාමාර්ථයක් හෝ ඊට වැඩි ප්‍රතිඵලයක් ලබාදෙන බවට අදාළ නිලධාරීන්ට පොරොන්දු වී ඇය වාණිජ විෂය ධාරාව හැදෑරීමට යොමු වුණේ කෙසේ හෝ පොරොන්දුව ඉටු කරනවාය යන අදිටන පෙරදැරි කරගනිමින්. ඒ අනුවයි චලනි 2016 දී ගණිතය විෂය විභාගයට මුහුණ දුන්නේ.

    අපේක්ෂා භංගත්වය එහෙමත් නැතිනම් බලාපොරොත්තු කඩවීම ඇයට දරාගත නොහැකි වුණා. ඉන් මිදීමට ඇය තෝරා ගත් එකම මාර්ගය මෙලොවින් යෑම පමණයි. වැඩිහිටියකුගේ උපදෙසක්වත්, යාළු මිත්‍රයකුගේ අදහසක්වත් ඇසීම නොඉවසූ අෑ නොඑන ගමන් ගියා.
    අනෙක් ඛේදජනක පුවත අපට අහන්න ලැබෙන්නේ අනුරාධපුරයෙන්. ඒ 29දා. අවුරුදු 18ක් වයසැති චමෝද් ලලන්තගේ පදිංචිය අනුරාධපුරයේ වුවත් ඔහු දුම්රියට බිලි වූයේ ජාඇළ කණුවන දුම්රිය මංසන්ධිය ආසන්නයේදී. ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරු මත එම ස්ථානයට ගිය පොලිස් නිලධාරීන්ට දැකගත හැකි වූයේ තුවාල සහිතව මියගොස් සිටි චමෝද්වයි.

    චමෝද්ට අයත් යැයි සැක කරන ජංගම දුරකතනයක්, මුදල් සහිත පසුම්බියක්, කර බෑගයක් හා ජාතික හැඳුනුම්පතද පොලිසියට සොයාගත හැකි වුණා. අදාළ ජංගම දුරකතන සිම්පත ඔස්සේ චමෝද්ගේ මිතුරකුට ලබා දුන් ඇමතුමින් දැනගත හැකිවූයේ චමෝද් මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් ගණිතය විෂය අසමත් වීම නිසා සිත්තැවුලෙන් සිටි බවයි. එසේ නම් චමෝද්ගේ දිවි නසා ගැනීමට එකම හේතුව එය වනු ඇති බවයි බොහෝ දෙනා විශ්වාස කරන්නේ.

    දුම්රිය මාර්ගයේ පීල්ලක් අසල සිසුවා මියගොස් සිටියත් අනතුරක් සිදුවීමේදී දුම්රිය එම ස්ථානයේ නැවැත්වීම සම්ප්‍රදාය වුවත් කිසිදු දුම්රියක් එම ස්ථානයේ නතර කර තිබී නැහැ.
    එමෙන්ම අනතුර සිදුවූ ස්ථානය අසල පදිංචි කාන්තාවක්ද චමෝද්ගේ මරණය පිළිබඳ කතා කළා. පාන්දර 3ට පමණ මාළු රැගෙන ඒමට තමන් යමින් සිටියදී මියගිය චමෝද් දුම්රිය හරස් මාර්ගය අසල රැඳී සිටින අයුරු දුටු බව ඇය පවසනවා. ඒ මොහොතේදී චමෝද් කිසිවකු හා දුරකතනය ඔස්සේ කතා කරමින් සිටි බවත් තමන්ට ඇසුණු බවයි එම කාන්තාව කියන්නේ.

    මීට අමතරව ගණිතය අසමත් වූ ගම්පොළ ප්‍රසිද්ධ පාසල් දෙකක සිසුවියන් තිදෙනකු අධික ලෙස ඔෟෂධ භාවිත කිරීමෙන් ගම්පොළ රෝහලට ඇතුළත් කළ ආරංචිය ආවෙත් මේ අතරෙමයි. එක් සිසුවියක් පැනඩෝල් පෙති 40ක් පමණ බී ඇති බවත් තවත් සිසුවියක් ඉන්හෙලර් සඳහා භාවිත කරන ඔෟෂධ කරල් අධික ලෙස පානය කර ඇති බවත් වාර්තා වෙනවා. විභාගය අසමත් වීම තමන්ට දරාගත නොහැකි වීම නිසා දිවි නසා ගැනීමේ අරමුණින් මෙලෙස ඔෟෂධ පානය කළ බවයි මෙම සිසුවියන් පවසා තිබුණේ.
    මේ සියලු කතා ඇතුළේ හිතන්න දේ ගොඩයි. දරුවන් මේ තරම් අපේක්ෂා භංගත්වයට පත්වන්නේ ඇයි? සියලු ගැටලුවලට විසඳුම දිවි නසා ගැනීම බව හිතන්නේ ඇයි? මේ තත්ත්වයෙන් අපි මිදෙන්න නම් මවුපියන්ගේ පැත්තෙන් ඇත්තේ සුළුපටු වගකීමක් නම් නොවෙයි. තමන්ගේ දරුවා සිටින්නේ කුමන මානසික තත්ත්වයකද යන දැනීම සෑම අම්මෙක් තාත්තෙක්ටම අවශ්‍යම දෙයක්. සමාජය තුළින් තම දරුවා තෙරපීමකට ලක්වන ඕනෑම අවස්ථාවක සහනදායී මානසික වටපිටාවක් දරුවා තුළ ඇති කිරීමට අම්මාට හෝ තාත්තාට හැර වෙන කිසිවකුටත් කළ නොහැකියි. ආදරණීය අම්මේ, තාත්තේ, හිතන්න. තවත් වරක් හිතන්න. ඒ පසුපස දරුවන් හඹා නොයවන්න. ඔහුට හෝ ඇයට තම ශක්ති පමණින් පමණක් නැඟී සිටින්නට ඉඩ හරින්න.

    චාමිණී ගම්මන්පිල
    ඒකල – ප්‍රසංග පාවුළුහේවා
    කොළඹ – එම්.සී. පෙරේරා

  • ජනපති නායකත්වය යටතේ සෞඛ්‍ය සේවාව තවදුරටත් සංවර්ධනය කිරීමට පියවර – ඇමති රාජිත

    දකුණ සහ  උතුරු පළාත ඇතුළු සියලු පලාත්වල සෞඛ්‍ය සේවාව තවදුරටත් සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
     
    උතුරු පළාතේ පවතින සෞඛ්‍ය ගැටළු පිළිබඳ සොයා බැලීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා ලබන 02දා සහ 03දා එම පළාත තුළ නිරීක්ෂණ සංචාරයක නිරතවීමට ද නියමිත බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළ අතර වව්නියාව දිස්ත්‍රික් මහ රෝහලේ රුධිර පාරවිලයන මධ්‍යස්ථානය, මාමඩුව වකුගඩු ප්‍රතිකාර මධ්‍යස්ථානය සහ මන්නාරම රෝහලේ වෛද්‍ය  නිල නිවාස  සංකීර්ණය  විවෘත කිරීම ද එහිදී රාජිත සේනාරත්න මහතා අතින් සිදු කිරීමට නියමිතය.
     
    මන්නාරම, යාපනය, කිලිනොච්චි, හා මුලතිව් යන දිස්ත්‍රික්කවල පවතින සෞඛ්‍ය ගැටළු සම්බන්ධයෙන්  රාජිත සේනාරත්න අමාත්‍යවරයා අදාළ පාර්ශව සමඟ සාකච්ඡා කිරීමට ද නියමිත බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.
  • ‘තිරසර ලංකා’ ජාතික මංගල්‍යයේ සමාරම්භය ජනපති ප‍්‍රධානත්වයෙන්….

    දේශපාලන බලාධිකාරය ලෙස අප කළ යුත්තේ විවේචන සහ චෝදනාවලට පිළිතුරු බදිමින් ඒවා පසුපස යාම නොව රටේ සහ ජාතියේ අනාගතය සදහා වූ පොදු ඉලක්ක සහ අරමුණු වෙනුවෙන් සාමුහිකව කටයුතු කිරීම බව ජනාධිපතිතුමා පවසයි. ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ,තිරසර ලංකා, ජාතික මංගල්‍යයේ සමාරම්භක උත්සවයට  පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී එක්වෙමිනි.

    ස්වඋත්සාහයෙන් නැගී සිටීම සංවර්ධනයේ මූලික පදනම බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා ලෝකයේ සෑම රටක්ම අද සංවර්ධන ඉලක්ක කරා ගමන් කර ඇත්තේ ස්ව උත්සාහයෙන් සහ ස්වඅභිමානයෙන් කටයුතු කිරීම තුළින් බවද කියා සිටියේය.අපටද රටක් ලෙස ද නැගී සිටීමට ආකල්පමය වෙනසක් අත්‍යාවශ්‍ය බව පෙන්වා දුන් ජනාධිපතිතුමා තිරසර සංවර්ධන ඉලක්ක සහ සහස‍්‍ර සංවර්ධන ඉලක්ක සපුරාගත් ප‍්‍රබුද්ධ රාජ්‍යයක් ලෙස අප ඉදිරියට යා යුතු බව ද කියා සිටියේය.ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් අනුව කි‍්‍රයාත්මක වන වස විස නැති රටක් තුන් අවුරුදු සැලැස්මට සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් තිරසර සංවර්ධනය සදහා ප‍්‍රකාශයට පත් කර ඇති තිරසර සංවර්ධන ඉලක්කවලට සමගාමීව ,තිරසර ලංකා, ජාතික මංගල්‍යය අද (31) සිට අපේ‍්‍රල් 04 දක්වා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේ දී පැවැත්වේ.

    2015 වසරේ සැප්තැම්බර් මාසයේ පැවති එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධනය පිළිබද මහා සමුළුවේදී ප‍්‍රකාශයට පත්කෙරුණු තිරසර සංවර්ධන ඉලක්ක ආමන්ත‍්‍රණය කෙරෙන දුප්පත්කම, ගොවිතැන, සෞඛ්‍ය, අධ්‍යාපනය, කාන්තාවන්ට සැලකීම, ජලය, බලශක්තිය, රැුකියා, කර්මාන්ත, ඇති නැති පරතරය, ජනාවාස, පරිභෝජනය, දේශගුණික විපර්යාසය, සාගර, ජෛව විවිධත්වය, සාමය සහ පොදු වැඩපිළිවෙළක් සැකසීම යන ක්ෂේත‍්‍ර ආවරණය වන පරිදි තිරසර ලංකා ජාතික මංගල්‍යය පැවැත් වේ. එක් එක් අමාත්‍යාංශ සහ විවිධ ආයතන විසින් ඉහත සදහන් ඉලක්ක සදහා වන සිය කි‍්‍රයාවලිය විදහා දැක්වෙන ආකාරයට ප‍්‍රදර්ශන කුටි සකසා තිබේ. එම ප‍්‍රදර්ශන කුටි ද මෙහිදී ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් විය.

    ‘තිරසර සංවර්ධන ඉලක්ක එක්ව ජය ගමු’ යන උපදේශනාත්මක කෘතිය කෘෂි පර්යේෂණ නිළධාරින් වෙත පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.’දැන ගොවිතැන’ තොරතුරු පත‍්‍රිකාව ද ගොවි සංවිධාන නියෝජිතයින් වෙත පිළිගැන්විණි.කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නියමයට අනුව කාබනික පොහොර නිෂ්පාදනය කළ ආයතන වෙනුවෙන් සහතික පිරිනැමීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

    ‘වස විස ත‍්‍රස්තවාදයට එරෙහිව දියත්කළ ගෝකන්න විල්පවයේ’ ජයග‍්‍රහණය පිළිබද සංදේශය ද ති‍්‍රකුණාමලය දිස්ති‍්‍රක් ජනාධිපති විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ පි‍්‍රයන්ත පතිරණ මහතා විසින් මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය. එමෙන්ම තරුණ කෘෂි ව්‍යවසායකයින් බිහිකිරීම සහ ගොවිපොළ යාන්තී‍්‍රකරණය අරමුණු කර ගනිමින් ගොයම්පැළ සිටුවීමේ යන්ත‍්‍ර 210 ක් හා ස්වයංකී‍්‍රය වල්නෙළන යන්ත‍්‍ර 1000 ක් බෙදාදීම සංකේතවත් කරමින් එම යන්ත‍්‍රවලට අදාළ ලියකියවිලි භාරදීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

  • ටොලමි ගහන පදේට පියුමි අහු වෙයිද?

    පියුමි බොතේජු මේ දවස්වල Hiru Mega Stars රියැලිටි තරගයේ සූර්යන්ස් කණ්ඩායම සමඟ තරග වදිනවා.ඇයව සුනෙත් විවාහකරගෙන සිටියට හිරු රියලිටි වේදිකාවෙ නටවන්නේ නම් ටොලමි කියලයි වාර්තා වෙන්නේ.

    මේ කියන්නෙ ලංකාව මුලින්ම සිතියම්ගත කළ ටොලමි එහෙම නෙවෙයි. මේ ටොලිමි කරන්නෙ වැඩසටහන් අධ්‍යක්ෂණය කිරීමයි.

    ටොලමි හොඳ බෙරවායෙක් නිසා පියුමිව වේදිකාවෙ පමණක් නොවෙයි වේදිකාව පිටුපස්සෙත් නටවනව කියල කේෂත්‍රය පුරාම කතාවක් පැතිරිලා තියෙනවා.

    ටොලමි අනුන්ගේ බිරියන් නැටවීමට තරමක් නම් දැරූ අයෙක්. මීට කලින් ටොලමිගේ පදයට නැටුවේ ඇමති මනූෂ නානායක්කාරගේ කලින් බිරිය රොෂානා ඔන්ඩච්චි බව වාර්තා වෙනවා.

    රොෂානාව ටොලමි කොයිතරම් නටවලා තිබුණද කියතොත් ඇය වරක් ABC (හිරු නාලිකාවේ ප්‍රධාන කාර්යාලය) එක තියෙන වර්ල්ට්‍රේඩ් සෙන්ටර් ගොඩනැගිල්ල ඉදිරිපිටට ඇවිල්ල ගිණිතියාගන්න ගියා කියලත් කියනවා.

    ටොලමිගේ පදේට නටල හම්බකරගන්න සොච්චමත් සුනෙත් උදුරගන්නව කියල පියුමි හැම තිස්සෙම එක එක්කෙනා එක්ක කියකිය අඬ අඬා යනව කියලත් අපිට වාර්තා වුණා.

  • ආනමඩුව තැපැල් කන්තෝරුවේ තාමත් ජනපති මහින්ද රාජපක්ෂ.(photos)

    මේ ආනමඩුව තැපැල් කාර්යාලය තුල රටේ ජනාධිපතිවරුන්ගේ ඡායාරූප ප්‍රදර්ශනය කර ඇති ආකාරයයි.

    මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනපති වී දැනට අවුරුදු දෙකක් ඉක්මවා ගොස් ඇති  නමුත් ආනමඩුව තැපැල් කාර්යාලය තුල මේ වන විටත් වර්තමාන ජනපතිගේ ඡායාරුපයක් ප්‍රදර්ශනය කර නැත. මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේ මෙවන් දෙයක් සිදු වුනානම් මේ වන විටත් තැපැල් ස්ථානාධිපතිවරයා ගෙදරට වී විවේක සුවයෙන් සිටිනු ඇත.

  • මතකද මේ සුන්දර සිනහව…

    එදා මාවිල් ආරු සොරොව්ව මූදාගැනීමේ මෙහෙයුමේ පටන් ජයග්‍රහණයේ අවසන් සටන දක්වා සටන් කරමින් දැනට අවුරුදු 18ක වැඩි සේවාකාලයක් සම්පූර්ණ කර ඇති මොහු නමින් කෝප්‍රල් රංජිත් වීරවර්ධන.

    ඉතින් මේ සටන් වලින් ස්නයිපර් වෙඩික්කරු නීරෝ ඇතුළු ගොඩක් වීරෝධාර රණවිරුවන් මොහු සමග අවසන් සටන තෙක් සටන් කරමින්, රට වෙනුවෙන් ජීවිතය පුදකර හමාරයි,

    ඇතැම් අවස්ථාවල මොහුද මියගිය බවට කටකතා පැතිරගියා, ඒදවස් වල පාරක් , පාරක් ගානේ, සෑම වාහනය කම වාගේ මේ චායාරූපය දැක්කම ඔයාටත් මටත් , අමුතුම ජවයක් ආවෙ නැතිනම් ඒක පුදුමයක්. .

    මොහුගේ බිරිදටත්, ආදරනීය දියණිය ටත් . නිදුක් නිරෝගී සුව පතනවා…. කැමතිනම් තව කෙනෙක් ට බලන්න ශෙයා කරන්න …..

    [rns_reactions]

    💕💕💕💕💞💞❤️
    උපුටා ගැනිමකි…

  • සුවසැරියෙදී තවත් දරු උපතක්..

    1990 ඉන්දියානු ගිලන්රථ සේවය ආරම්භ කරන කොට පාර්ශව රැසක් විරෝධය පළකර සිටියත් මේ වන විට එහි යහපත් ප්‍රතිචාර ලැබෙමින් තියෙනවා.

    මාර්තු 20 වැලිගම ප්‍රදේශයේ 23 හැවිරිදි මවක් සිය තෙවැනි දරුවා බිහිකරේ මෙම 1990 ගිලන් රථයක් තුලදී වන අතර 
    දරු ප්‍රසූතිය සදහා ගිලන් රථයේ කාර්යමණ්ඩලය අවශ්‍ය උපකාර කර තිබෙනවා.

    දැනට 1990 ගිලන්රථ සේවය ගර්භනි මවුවරුන් 4 දෙනෙකුගේ දරු ප්‍රසූතීන් සිදු කර තිබෙන බවත් වාර්තා වේ.

    පැය 24 පුරා ක්‍රියාත්මක මේ ගිලන්රථ සේවය ලබාගැනීම වෙනුවෙන් දුරකථන අංක 1990 සමඟ ඕනෑම දුරකථන ජාලයකින් සම්බන්ධ වීමෙන් නොමිලේ සේවය ලබාගැනීමට හැකියාව සලසා තිබෙනවා.

  • අතුරුදහන් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳට ට්‍රම්ප්ගේ බිරිඳ අතින් ජාත්‍යන්තර සම්මානයක්.(video)

    ඇමෙරිකා රාජ්‍ය ලේකම් දෙපාර්තමේන්තුව විසින් වාර්ෂිකව පිරිනමන 2017 වසරේ ජාත්‍යන්තර දිරිය කාන්තාවට හිමි සම්මානය ප‍්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ විසින් හිමි කර ගෙන තිබේ.

    ඇමෙරිකා ජනපති බිරිය මෙලානියා ට‍්‍රම්ප් අතින් ඊයේ(29) වොෂින්ටන් නුවර පැවති උත්සවයකදී සන්ධ්‍යා එක්නැලිගොඩට හිමි සම්මානය පිරි නමා ඇතැයි වාර්තා විණ.

    ශ්‍රී ලංකාවේ විවිධ ජනවාර්ගික හා ආගමික ප‍්‍රජාවන්ට අයත් පවුල්වල අතුරුදන් වූ අය වෙනුවෙන් වෙහෙස නොබලා ගත් උත්සාහයන් වෙනුවෙන් කළ මෙහෙය අගයමින් ඇමෙරිකා රාජ්‍ය දොපාර්තමේන්තුව විසින් ඇයට මෙම සම්මානය ලබා දී තිබිණ.

    ඇයට අමතරව ලොව පුරා තවත් කාන්තාවන් 13 දෙනකු ඒ සඳහා තෝරාගෙන සිටියහ.

  • ජල ගාස්තු වැඩිවෙයි!

    කුමණ ආකාරයේ බාධක පැමිණියද ඉදිරියේදී ජල ගාස්තු වැඩි කිරීමට සිදුවන බව ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් පවසනවා. ජලය පිරිපහදු කර ජනතාවට ලබාදීම සඳහා වැඩි මුදලක් වැය කිරීමට සිදුව ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

    ඉදිරියේදී ජල ගාස්තු ඉහළ නැංවීමට සිදුවුවහොත් ඊට එරෙහිව විරෝධතාවල නිරත නොවන ලෙස ද අමාත්‍යවරයා එහිදී මහජනතාවගෙන් ඉල්ලීමක් කළා.

     
     
  • කාමරයට රිංඟු වඳුරෙකුගෙන් බ්‍රිතාන්‍ය ජාතික තරුණියකට අතවර

    මෙරට පුහුණුවක් සඳහා පැමිණ අනුරාධපුර දිස්ත්‍රික්කයේ රැඳීසිටින 26 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික තරුණියකට ඇගේ නේවාසිකාගාර කාමරයට රිංඟු වඳුරෙකුගෙන් අතවරයක් සිදුව තිබේ.

    ජංගම දුරකථනය නේවාසිකාගාරයේ තබා තිබියදී එහි පැමිණි විශාල වඳුරෙකු විසින් එය පැහැර ගෙන ගිය බව පවසමින් බ්‍රිතාන්‍ය ජාතික හෙද ශිෂ්‍යාවක් වඳුරාට එරෙහිව අනුරාධපුර සංචාරක පොලිසියට පෙරේදා (28) පැමිණිල්ලක් ඉදිරිපත්කර තිබේ.

    විසිහය හැවරදි බ්‍රිතාන්‍ය ජාතික හෙද ශිෂ්‍යාව ඇතුළු විදේශ රටවල් කහිපයක තරුණියන් හෙද පාඨමාලාවන් හදරා ලංකාවට පැමිණ අනුරාධපුර ශික්ෂණ රෝහලේ හෙද නිලධාරිණියන් ලෙස පුහුණුව ලබන බව පොලිසිය කියයි.

    මෙම බ්‍රිතාන්‍ය ජාතික හෙද ශිෂ්‍යාව නවාතැන් ගෙන සිටින අනුරාධපුර ශික්ෂණ රෝහල ආසන්නයේ පිහිටි නේවාසිකාගාරයට හිටි හැටියේම කඩා වැදුන වඳුරන් රැළක් අතර සිටි එක් වඳුරෙකු කාමරයට ඇතුළුවී මේසය මත තිබු රුපියල් 50000ක් පමණ වටිනා නවින පන්නයේ ජංගම දුරකථනය රැගෙන පලා ගියබව සිදුකල පැමිණිල්ලේ සදහන් වෙයි. වදුරා බිය ගන්වා ජංගම දුරකථනය බේරා ගැනීමට උත්සහ කලත් එම උත්සාහය අසාර්ථක කරමින් වදුරා ගසින් ගසට පැන පළාගොස් ඇති බව පොලිසිය පවසයි.

    වදුරා පැහැරගත් ජංගම දුරකථනය නැවත තමාට ලබාදෙන ලෙස මෙම බ්‍රිතාන්‍ය ජාතික තරුණිය පොලිසියෙන් ඉල්ලා ඇතත් මෙතෙක් ඇගේ ජංගම දුරකථනය හෝ එය පැහැරගත් වදුරා හමු නොවු බව පොලිසිය පවසයි.

  • ගිරා ජෝඩු විකුණන අයට වැඩ වරදින හැටි

    මාලගිරා ජෝඩුවක් කූඩුවක දමා හිර කරගෙන අන්තර්ජාලය ඔස්සේ විකිණීමට ගිය අයකු පෙරේදා (28දා) නුවරඑළිය වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ගම්පොළ අධිකරණයට ඉදිරිපත් කළ පසු රුපියල් පනස් දහසක ශරීර ඇපමත නිදහස් කොට ඇත. එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙලම්බොඩ, ධර්මාපුර පදිංචි අයෙකි.

    එම ස්ථානයට උපක්‍රමශීලීව ගිය වනජීවී නිලධාරීන් රුපියල් 7000ක මිලකට අලෙවි කිරීමට සූදානම් කොට තිබූ ගිරා ජෝඩුව හා සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.

    අධිකරණ නියෝග මත ගිරා ජෝඩුව නුවරඑළිය ගැල්වේස් ජාතික වන උද්‍යානය වෙත මුදාහැරිණි. ගැල්වේස් ලෑන්ඩ් ජාතික වන උද්‍යානයේ උද්‍යාන භාරකරු එම්.ජී. විමලරත්න, වනසත්ත්ව නියාමක ලාල් රත්නායක, රාජිත, කේෂ්ත්‍ර සහායක සරත්, රියැදුරු චන්ද්‍රලාල් යන නිලධාරීහු වැටලිම සඳහා සහභාගි වූහ.