Category: සුපිරි Walks

  • බීඩියෙන් රැකෙන ජීවිතවල සැඟව ගිය කදුලු කතාව…

    මෑත කාලයේ සිගරට් මිල බොහෝ ඉහළ ගියේය. ඒ අනුව අද සිගරට්ටුවක් මිලදී ගැනීමට රු.55ක මුදලක් වැය කිරීමට සිදුව තිබේ. මීට අමතරව සිල්ලරට විකිණිය නොහැකි බවට නීතිමය රෙගුලාසි අඩංගු ගැසට් නිවේදනයක් සඳහා සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් අත්සන‍් තැබීමට නියමිතව තිබේ. මේ අයුරින් සිගරට්ටුව බිත්තියටම තබා තද කරන අවස්ථාවකදී දුම් පාලනයට ඇබ්බැහිවී සිටින පහල පාන්තිකයා පියවරක් පසුපසට ගෙන බීඩි පානය කිරීමට පෙළඹීමක් දක්නට ලැබේ. මේ පිළිබඳව සුරාබදු දෙපාර්තමේන්තුවේ නි. සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පළකරනු ලැබුවේ මෙවන් අදහසක්.


    “70 ගණන්වල සිගරට් කොම්පැණිය වහනවා කීවම මිනිස්සු පාරවල් වල එකතු වුණා. දැන් ඒක නෑ.  සෑහෙන දුරට ඵල දරලා තියෙනවා. සිගරට් කර්මාන්තයේ ලොකු බිඳ වැටීමක් තියෙනවා.

    සිගරට් මිනිසුන්ගේ ආදයමට හරිම සංවේදියි. ලංකාවේ 95%ටත් වඩා විකිණෙන්නේ සිල්ලර විදිහටයි. පැකට් පිටින් නෙවෙයි. බදු හඳුන්වා දෙන්න යනකොට එකින් එකට බෑ. පැකට් විදිහටයි කරන්න වෙන්නේ. ඒත් පැකට් එකෙන් සක්‍රීය බලපෑමක් කරන එක අඩුයි. සංඛ්‍යා ලේඛණාත්මක බැලූ විට පෙනෙන්නේ තිබෙන දේ ප්‍රතික්ෂේප කිරීමක් හෝ යොමුවීම අඩුවීමක් දකින්නට පුළුවන්. ඒත් මේ නිසා යම් පමණකට බීඩි හෝ වෙනත් ආදේශක කරා යම් පිරිසක් යොමුවෙලා තියෙනවා. අඩු ආදායම් ලබන කම්කරු ක්ෂේත්‍ර යේ අය සිගරට් වෙනුවට පහසුවෙන් බීඩියට එන්න පුළුවන්. අද ඒක අපට දකින්නට පුළුවන්.“

    මේ ආකාරයට දුම්වැටි වෙළඳපළ තුළ බීඩියට යම් ඉඩකඩක් නිර්මාණය වෙද්දී බීඩි එතීම ජීවනෝපාය ලෙස බාරගත් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් දිවයිනේ විවිධ ප්‍රදේශවල තම ජීවිකාව කරගෙන යන අයුරු අප විසින් අමතක කළ යුතු නොවේ. බීඩියට තැනක් ලැබුණත් ඔවුන්ගේ ජීවිතවලට නිසි තැනක් ලැබී ඇත්දැයි අප මෙහිදී සොයා බැලුවෙමු. මේ නෙළුන්දෙණිය ප්‍රදේශයේ හැත්තෑ තුන් හැවිරිදි හය දරු මවකි. ඇයගේ නම ඩබ්ලිව්. එන්සාය. මේ ඇයගේ වියපත් හඬයි.

    “ මට දැන් අවුරුදු හැත්තෑ තුනයි. මං යම්තම් දෙයක් දන්නා කියන කාලෙ ඉඳන් කෙරුවේ බීඩි එතිල්ල විතරයි. මං මගේ දරුවෝ හය දෙනෙක් හැදුවේ මේක උරුට්ටලා ගත්ත තුට්ටු දෙකෙන්. හැබැයි දරුවෝ මේ වැඩේ කරන්නේ නෑ. ඒ අය ඉහළටම නොවුණත් පුළු පුළුවන් තරමට ඉගෙන ගෙන වෙන වෙන වැඩවලට ගියා මං තාමත් මේ රස්සාව කරනවා“ ඇය කියා සිටියි.

    “කොහොමද ගෙවීම්? ප්‍රශ්නය අපෙන්.

    “බීඩි 1000ට රු.550 ක් හම්බ වෙනවා. වැඩි බීඩි 100ට රු.180ක් හම්බ වෙනවා. ඉස්සරට වඩා දැන් හොඳයි. මට දැන් වයසයි අසනීපයි හින්දා එක දිගටම මහන්සිවෙලා බීඩි ඔතන්න බෑ. ඒත් වැඩක් විදිහට ගෙදර දොරේ වැඩ ටිකත් කරන අතරේම බීඩි ඔතලා 10,000-12,000ක් වගේ ගාණක් මාසෙකට ගන්න පුළුවන්. ඒ ගාණ ගන්න අය ඉන්නවා.“

    ඇය කියන්නේ සත්‍යයකි. ඇය මෙන්ම නෙළුම්දෙණිය, මාහේන, උඩුකුඹුර, අඹේපුස්ස, දංඕවිට, නැව්ගල, ඇත්නාවල, දුම්මලදෙණිය, ඉහළගම, පහළගම, බෙලිගල, යට්ටෝගොඩ, වරකාපොළ ආදී අවට ප්‍රදේශ ගණනාවක බොහෝ දෙනා අද දවසේද ස්වයං රැකියාවක් ලෙස බීඩි එතීම සිදුකරයි. මසකට උපයාගත හැකි රු.10,000-12,000ක් වැනි මුදලකින් පවුලක් නඩත්තු කළ හැකිදැයි සැකයක් උපදිනා නමුදු තාමත් මුළුමනින්ම නාගරීකරණය නොවූ මෙම ප්‍රදේශවලට එය සත්‍යයකි. මෙහෙි බොහෝ දෙනා දර ළිපෙන් ආහාර පිසිති. කුඹුරෙන් වී ගෙන කොටා හාල් කර ගනිති. තම ගෙවත්තෙන් පිටියෙන් එළවළු, මිරිස්, පලා ආදි අඩුවැඩිය බොහෝ දේ එකතු කරගත ගනිති. එබැවින් එතෙන බීඩිය ඔවුන්ගේ ජීවිත නඟා සිටුවන බැව් සැබෑවකි. බොහෝවිට ඔවුන්ගේම අතින් එතෙන බීඩියට ඔවුන්ගේම ගම් පළාත්වලම කුඩා සිල්ලර කඩවල වැඩි ඉල්ලුමක් පවතී. නෙළුන්දෙණිය, ඉහළගම පී. නිමල් මහතා එවන් කුඩා වෙළඳසැලක හිමිකරුවෙකි.

    “දැන් බීඩියක් රුපියල් පහක් වෙනවා. සිගරට් ගණන් ගියාම පස්සේ බීඩි මිටි විස්සක් තිහක් විතර වැඩිපුර විකිණෙනවා. (බීඩි මිටියකට බීඩි 10 හා 20 බැගින් අයත්ය.) මුදලාලිලාට දෙන්න බැරි තේරිච්චි බීඩි (පළුදුවූ)එකක් රුපියල ගාණේ ගන්නවා. ඒවා එකක් දෙකයි පනහට විතර දෙන්න පුළුවන්. සමහර අය ඉතිං රුපියල් පහක් දීලා ලේබල් කරපු හොඳ බීඩියක් ගන්නවා වෙනුවට ඒ ගාණටම තේරිච්චි බීඩි දෙකක් ගන්නවා. දෙකෙන්ම එක වගේ දුම් එනවනෙ ඉතිං“ නිමල් හිනාවෙමින් කියයි. ඒ ගමේ මුදලාලිලාගේ හැටිය.

    බීඩි එතීම සඳහා සුළු පරිමාණ බීඩි ව්‍යාපාරිකයින් විසින් තම සේවකයින්ට බීඩි දහසකට බීඩි කොළ ග්‍රෑම් 450ක්ද, දුම්කොළ කුඩු ග්‍රෑම් 500 ක් ද ලබාදෙනු ලබයි. බිඩි කොළ ග්‍රෑම් 450න් බීඩි දහසක් එතීම සඳහා බීඩියේ ප්‍රමාණයට කුඩා කොළ දහසක් කපා ගැනීම කළ යුතුය. එය වෘත්තීය පළ පුරුද්දෙන් හා දක්ෂතාව මත පමණක් රැඳ ඇති කටයුත්තකි. එසේ වුවද ඇතැම් බීඩි කොළ ඉරි තැළුණු, අව පැහැගැන්වුණු, සිදුරුවුණු අවස්ථාවන් වලදී කෙතරම් දක්ෂ හා පලපුරුදු අයෙකුට වුවද බීඩි දහසක් එතීමේ ඉලක්කය සපුරා ගැනීමට කුඩා කොළ දහසකට කපා ගැනීම කළ නොහැකිය. එවන් අවස්ථාවන්වලදී බීඩි ව්‍යාපාරිකයින් එම පාඩුව දරා ගන්නට සූදානම් නැත. එහිදී ඔවුන් සිදුකරනු ලබන්නේ හිඟ බීඩි ප්‍රමාණයේ පාඩුව ගෙවිය යුතු මුදලින් අඩුකර ගැනීමය. මේ නෙළුම්දෙණියේ රෝහිණී ස්වර්ණලතාය.

    “කොළ දෙන්නෙත් , කුඩු දෙන්නෙත් මුදලාලිලා. ඒත් ඒ අය සවුත්තු වෙච්චි කොළ දුන්නට, ඒ කොළවලින් බීඩි දාහ ඔතා ගන්න බැරිවුණොත් දාහට ගෙවන ගාණෙන් අඩුකරගන්නවා. එහෙමත් කෙනෙක් තමයි හරියටම ගාණ ඔතලා ගාණ ගන්නේ. සුදු බීඩි ඔතද්දි නම් ඔය ප්‍රශ්නය නෑ.සුදු බීඩිය ඔතන්නේ කඩදාසියකනේ. ඒ කඩදාසිය බීඩියේ ගාණට මැෂිමෙන් කපලයි දෙන්නෙ. කොළ අපතෙ යාමක් නෑ. කුඩු ටිකක් හොඳටම සෑහෙනවා. අනික සම්පූර්ණයෙන්ම අතින්ම නෙවෙයි ඔතන්නේ. පුංචි අත් මැෂිමකුත් (අත් යන්ත්‍රයක්) දෙනවා. අතින් මේ බීඩි ඔතනවාට වඩා වැඩි ප්‍රමාණයක් සුදු බීඩි දවසකට ඔතන්න පුළුවන්. මේ බීඩිත් එක්ක බලද්දී දවසකට ඒ කාලේ රු. පනහක්ද කොහෙද වැඩිපුරත් ගෙවනවා. කොහොමත් මේ බීඩියට වඩා සුදු බීඩිය අපට වාසියි“ ඇය තවත් විස්තර ගොන්නක් අප හමුවේ තැබුවාය.

    “ඒවා තහනම් කරානෙ. දැන් මේ පැත්තෙ කවුරුත් සුදු බීඩි ඔතන්නෙ නෑ. ඔතපු අයත් හැමෝම ආයෙ සාමාන්‍ය බීඩිය ඔතන්න ගත්තා“ ඇය කියා සිටියාය. එහෙත් සුදු බීඩි තහනම් වූ වගක් හෝ එය සිදුවූයේ කෙසේද යන්න වගක් අප දැන සිටියේ නැත. නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ කියන්නේ මෙවැන්නකි.

    “ බීඩියක් වේවා සිගරට්ටුවක් වේවා ඕනෑම දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදනයක් නියමිත නීත්‍යනුකූල නිෂ්පාදකයෙකු විසින් නීත්‍යනුකූලව නියමිත බද්ද ගෙවීමෙන් පසු නීත්‍යනුකූලව වෙළඳ ප්‍රවාහයට එකතු කළ දුම්වැටි නිෂ්පාදනයක් නම් ගැටළුවක් වෙන්නේ නෑ.

    (නි.සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ)

    සමහරවිට ඒකම පාරක තිබුණත් , එකමතැනක හැදුවත් නීත්‍යනුකූලව බදු ගෙවලා නැත්නම් ඒකත් නීති විරෝධීයි. දුම්කොළ බද්ද දේශීය නිෂ්පාදන වලට අදාළයි. තීරු බද්ද විදේශයන්ගෙන් ගෙන්වන ඒවාට අදාළයි. “

    නියෝජ්‍ය සුරාබදු කොමසාරිස්වරයා කියන කතාව සෑම දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදනයකටම අදාළය. එහෙත් සුදු බීඩිය සම්බන්ධයෙන් කියන්නට පවත්නා කතාව ඊට තරමක් වෙනස්ය. සුදුබීඩි එතීම ස්වයං රැකියාවක් ලෙස කළ මේ ප්‍රදේශයේ හැමෝම පාහේ කියන්නෙ එකම කතාවකි. එනම් සුදු බීඩිය තහනම් කළ බැවින් බොහෝ දුක් ගැහැට විඳින්නට සිදුවූ බව හා මේවන විට එය කර්මාන්තයක් ලෙස සම්පූර්ණයෙන්ම බිඳ වැටීමකට ලක්ව ඇති බවයි. එවක “සුදු බීඩි නිපදවන්නන්ගේ සමූපකාර සමිතිය“ නියෝජනය කළ අද වනවිට එක ව්‍යාපාරයෙන් මුළුමනින්ම ඈත්වී සිටින පියල් කීර්ති රණසිංහ මහතා මෙසේ කියා සිටියේය.

    “ මං ළඟ සුදු බීඩි ඔතන, බණ්ඩල් කරන,වේළන, ප්‍රවාහනය කරන ආදී වශයෙන් මේ කර්මාන්තයත් එක්ක වැඩකරපු 6000ක් විතර හිටියා. අපට සුරාබදු දෙපාර්තමේන්තුවෙන්, පොලීසියෙන් දිගින් දිගට හිරිහැර කරද්දී මේකට සංවිධානාත්මකව මුහුණදෙන්න තමයි “සමස්ත ලංකා සුදු බීඩි නිපදවන්නන්ගේ සමූපකාර සමිතිය“පිහිටුවා ගත්තේ. අපේ සමිතිය නියෝජනය කරපු ඔක්කොම අය එක්ක වැඩ කරපු අය ගත්තොත් ලක්ෂ ගාණක්. අන්තිමට අපට වෙච්චි අසාධාරණය වෙනුවෙන් නඩු කීවා. 2006 අවුරුද්දෙ අපි නඩුවෙන් දිනුවා. ඒත් වැඩක් වුණේ නෑ. අන්තිමට ලක්ෂ ගාණක බීඩි බඩු පුච්චලා දැම්මා. සුදු බීඩි ඔතපු දහස් ගණනක අයගෙන් කොටසක් ආයෙම සාමාන්‍ය බීඩි ඔතන්න ගත්තා. තව ගොඩක් අය නන්නත්තාර වෙලා ගියා. දැන් සුදු බීඩි නෑ“

    [rns_reactions]

  • රාජ්‍ය සේවකයින්ගේ නිවාස සිහිනය සැබෑවේ..

    ගාල්ල – වැකුණගොඩ පිහිටි මෙම නිවාස ව්‍යාපෘතියෙන් නිවාස ඒකක 100 ක් ශ්‍රී ලංකා පොලීසියට ලබා ගැනීම සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද 2016.11.19 දිනැති අමාත්‍ය මණ්ඩල සංදේශය සඳහා ලැබී ඇති අමප 16/2451/748/037 දරණ 2016.12.21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව මෙම නිවාස ව්‍යාපෘතිය පිළිබඳ තොරතුරු සහ නිවාස මිලදී ගත හැකි ආකාරය පිළිබඳ සියළුම අමාත්‍යංශ ලේකම්වරුන් දැනුවත් කරන ලෙස දැනුම් දී ඇතැයි බව රාජ්‍ය පරිපාලන හා කළමණාකරණ අමාත්‍යාංශය පවසයි.

    මෙහි නියමු ව්‍යාපෘතිය වශයෙන් 2003 වර්ෂයේ දී ගාල්ල දිස්ත්‍රික්කයේ කඩවත් සතර සහ හබරාදුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ දෙකෙහි ආරම්භ කර ඇති වැකුණගොඩ හා හබරාදුව නිවාස යෝජනා ක්‍රම දෙක අතුරින් වැකුණගොඩ නිවාස සංකීර්ණයේ මේ වන විට අලෙවිකරණ කටයුතු අරඹා ඇත.

    රාජ්‍ය සේවකයින්ගේ නිවාස ප්‍රශ්නය විසඳීමේ අරමුණින් අමප 2/1956/131/026/ඊපීසී/80 දරණ 2003.12.10 දිනැති අමාත්‍ය මණ්ඩල අනුමැතිය යටතේ 1978 අංක 04 දරණ ආයෝජන මණ්ඩල පනතේ 17 වන වගන්තිය ප්‍රකාරව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල සහ වින්කොන් ඩිවලොප්මන්ට් (පුද්ගලික) සමාගම (වර්තමානයේ walkers CML සමාගම) යන පාර්ශවයන්ගෙන් යුත් ත්‍රෛපාර්ශවීය ගිවිසුමක් යටතේ නිල සෙවණ නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක විය.


    රාජ්‍ය සේවකයන්ගේම සුභසාධනය අරමුණු කර ගනිමින් අරඹා ඇති මෙම ව්‍යාපෘතියෙහි නිවාස රාජ්‍ය සේවකයන් වෙත අලෙවි කිරීමේ දී භූමියේ වටිනාකම ඇතුළත් කරනු නොලැබීම සුවිශේෂි කරුණක් වන අතර දැනට අලෙවිකරණ කටයුතු අරඹා ඇති නිවාස 512 කින් යුත් වැකුණගොඩ නිවාස, ඉහළ ආදායම් සහ මධ්‍යම ආදායම් වශයෙන් නිවාස වර්ග 02 කින් සමන්විත වේ. මෙම නිවාස රාජ්‍ය නිලධාරීන්හට පෞද්ගලිකව මෙන්ම නිල නිවාස පහසුකම් ලබා දීම සඳහා රාජ්‍ය ආයතන වලට මිලදී ගැනීමට අවකාශ පවතී.

    ඒ අනුව සියලුම අමාත්‍යංශයේ ඊට අනුබද්ධිත ආයතනයන්හි සේවයේ නිරත රාජ්‍ය නිලධාරීන් ස‍ඳහා ද ඉහත සඳහන් ගාල්ල-වැකුණගොඩ නිවාස ව්‍යාපෘතිය යටතේ නිවාස මිලදී ගැනීමේ හැකියාව පවතින  අමතන්න ප්‍රවීන් පීරිස් මහතා දු.ක – 077-6869899

    [rns_reactions]

  • මාළු පාන් කද්දී පැණි බීම බොද්දි බලාගෙන – ඔබ නොදන්නා රහසක් කරලියට..

    කොළඹ කොටුව කඩිගුලක් මෙනි. මිනිසුන් ඔවුනොවුන්ගේ අවශ්‍යතා සඳහා කඩිමුඩියේ පියමනිති. අද අපේ ගවේශණ ස්ථානය වූයේ කොළඹ පිටකොටුවේ මැනිං පොදු වෙළඳපළයි. පිරිසිදු බවභෝග ආහාරපාන ආදිය ගැන සිතන බොහෝ ජනතාව ඇදී එන්නේ මැනිං වෙළඳපොළටය. අතේ තිබෙන මුදලට හිතේ හැටියට අවශ්‍ය බඩු භාණ්ඩ ටික පාරිභෝගිකයාට ලබාගැනීමේ පහසුව තිබුණද පිරිසිදු ආහාරවර්ග කෙසේ වුවද වසවිස නොමැති  එම ද්‍රව්‍ය සෙවීම අද කළු නික සොයනවාටත් වඩා අමාරුය.
    අප බත බුලතින් සරුසාර රටක් වුවත් පිරිසිදු ආහාර වේලක් ගන්නේ කීයෙන් කීදෙනාද? ස්වභාවයෙන් හටගන්නා පලා මිටියටත්, උඩරට ගොවියාගේ කොරටුවෙන් නෙළාගන්නා අස්වැන්නත් අපට හමුවන්නේ විෂ පොවා බලෙන් නැවුම් කළ එළවළු සහ පලතුරු ලෙසය. එය නොරහසකි. හිතාමතාම වස විස කන අපි බොහෝ දේ දෑසින් දුටුවෙමු.
    අප සිටින්නේ කොළඹ පිටකොටුව මැනිං පොදු වෙළඳපොළ ඇතුළතය.
     කුණු එළවළු ගොඩකට යාබදව අලුත් එළවළු ගෝනි 2 කි. එළවළු ගෝනි මත වාඩිවීමට නීතියෙන් තහනම් වුවද ඔවුන්ට නීති අදාළම නැත. අසල තිබෙන කුණු එළවළු ගොඩ තරමක් විශාලය. තනිකරම ඇත්තේ පරිභෝජනයට නුසුදුසු එළවළුය. ඒ අසල පුද්ගලයෝ කිහිපදෙනෙකුමද කුණු එළවළු තෝරති. මෙය මෙහි සාමාන්‍ය දසුනකි. එහෙත් මෙම දසුනේ ඇතුළත කතාව නම් ඉතා ඛේදනීයය.
    කලිසම් කමිස ඇඳගත් දෙතුන්දෙනෙකු ගෝවා කොළ, කැරට් කෑලි, නෝකෝල් ගෙඩි, ලීක්ස් වැනි එළවළු තෝරමින් පෝර උරයකට දමන අතර එයට සහය දෙන තවත් අය වූහ. ඔවුන් සැරසෙන්නේ පරිභෝජනයට නුසුදුසු එළවළු අලුත්කර නැවත විකිණීමේ ව්‍යාපාරයටය. එය මේ මැනිං වෙළඳපළට නිතර යන එන ඕනෑම අයෙක් දන්නා ප්‍රසිද්ධ සිදුවීමකි. ඔවුන් ඇඳ සිටින ඇඳුම් ද ලිපේ දැම්මත් පලිස්සෙන්නේ නැති තරමට ජරා ජීර්ණය.
    ඔවුනට කිසිදු වගක් නැත. හිස පහළට හරවාගෙන දෙතුන්දෙනා සුපුරුදු රාජකාරියේ නියැළෙන දෙස අපි බොහෝ වෙලාවක් බලා සිටියෙමු. කුණුවී ඇති කැරට්, ලීක්ස් ගස් පිහියකින් කපා හොඳ ටික ලබාදෙන අනෙකා බෑගයට දමන්නේය. අල ගෙඩිද එසේමය. අපටද ඒ දසුනෙන් ඇස ඉවතට ගැනීමට අසීරු විය. ගත හැකි සෑම එළවළු කොටසක්ම ඔවුහු නැවත පිරිසිදු කර ගොඩවල් වෙන් වෙන් වශයෙන් තැබූහ.
    ගත වූයේ  ටික වේලාවකි. පෝර බෑගය එළවළු වලින් පිරී ගොස්ය. එතනින් එහාට සිදුවනුයේ කුමක්ද? මෙය විකුණන්නේ කාටද? යන්න විපරම් කර බැලීමට අපට සිත්විය. මැනිං වෙළඳපොළේ ඉදිරියට ඇදුන අපට තවත් බොහෝ දේ දැකගත හැකි විය. මැනිං වෙළඳපොළේ කුණු එළවළු කුණු පලතුරු ජාවාරම බොහෝදෙනෙකු දන්නා වුවද මෙය යන්නේ කොතනට දැයි බොහෝදෙනා නොදනිති. ඉදිරියට ඇදුන අපට කුණු එළවළු පලතුරු වල බඩ නලියන කුණු කතා කිහිපයක්ම දැනගන්නට ලැබිණි.
    ඒ අතර අපට පුද්ගලයකු මුණගැසුණි. ඔහුට අප ගැන කිසිදු විශ්වාසයක් නැත. අප කොහේද? තොරතුරු සොයන්නේ කුමකට දැයි ඔහුට කුතුහලයකි. එහෙත් ඔහු අප කරඇරියේ නැත.
    ● කොළඹට ඇවිත් කොච්චර කල්ද?
    මගේ ගම අම්පාරේ… පුංචි කාලේ එළවළු ලොරියක ඇවිල්ලා කොළඹ නතර වුණා. එදා ඉඳලා මම කරන්නේ නාට්ටාමි වැඩ. මම මැනිං වෙළඳපළේ වැඩ කරන්න පටන් අරන් අවුරුදු 30 කට වැඩියි.
    ● මොකද්ද අර කුණු ගොඬේ එළවළු එකතු කරලා කරන්නේ?
    ආ… මේවා එකතු කරල ගෙනියන්නේ අඩි සීයේ පාරට
    ● ඒ කොහෙද?
    අඩි සීයේ පාර තියෙන්නේ ගෑස් පහ හන්දිය පැත්තේ. උන් ඔක්කොම කුඩුකාරයෝ. ඔය නරක් වෙලා විසිකරන එළවළු පලතුරු ටික එකතු කරලා හෝදලා පෝර උර වලට දාලා අඩි සීයේ පාරට ගෙනිහින් විකුණනවා.
    ඕක අද ඊයේ ඉඳලා වෙන දෙයක් නෙමෙයි. දැන් කාලෙක ඉඳලම කෙරෙන වැඩක්. ඉස්සර හරියට ඔය බිස්නස් එක කළා. දැන් අඩුයි. පොලිසියෙන් දැක්කොත් ගහනවා. ගහලා එළවළු ටික විනාශ කරලා දානවා.
    ඉස්සර මිනිස්සු කාලා ඉතුරුවෙලා වීසි කරන බත් ටිකත් අහුලගෙන කන මිනිස්සු මේ කොටුවේ හිටියා. පිස්සෙක් ඇරෙන්න දැන් එහෙම කුණු කන අය මාර්කට් එකේ නැහැ. ඔහු මේ කතාවේ අතීතයද අපට විස්තර කළේ එලෙසින්.


    එදා වේලවත් සොයාගන්න බැරි මිනිස්සු කුණු එළවළු ගොඩෙන් තෝරගෙන යනවා. ඔය ගෑස්පහ පැත්තේ ගියා නම් බලාගන්න තිබුණා. ලොකු ලොකු නෝනා මහත්තුරුත් ඔය තෝරපු එළවළු අරගෙන යනවා මම දැකලා තියෙනවා. ගොඩවල් 20 ට, 30 ට විකුණන කොට මෝඩ මිනිස්සු අරගෙන යනවා. මේවා හොඳ නැද්ද, නරක් වෙලාද කියලා තෝරන්නේ ගෙදර ගිහින්. හැබැයි කවදාවත් මැනිං වෙළඳපොළේ වෙළෙන්දා මේ කුණු වැඬේ නම් කරන්නේ නැහැ. මේ රස්සාව කරන්නේ කුඩුකාරයෝ. උන් දවසට කොහොම හරි රුපියල් 2000 ක් 3000 සොයා ගන්නවා.
    කුණු ගොඩවල් අවුස්සන එක අපට නතර කරන්න බැහැනේ. ඒත් මැනිං වෙළෙඳපොළ ඇතුළේ නම් ජරා එළවළු විකුණගන්න දෙන්නේ නැහැ. ඕවා සල්ලි දීලා ගන්න කෑම කඩකාරයා, පලතුරු ටික ගන්න ජූස් බාර් එකේ මනුස්සයා යන්නේ ගෑස් පහට. මෙයාලා එකතු කරලා පෝර බෑග් ගෙනියන්නේ එතනට.
    ● එතකොට ඔය කුණු පලතුරුත් ගෙනියන්න කට්ටිය එනවද? කතාව යන අතරතුර මම තව පුංචි ප්‍රශ්නයක් මැද්දට දැම්මා.
    නැතුව නැතුව. ඔය හෝටල්වල ෆ්‍රෙෂ් ජූස් කියලා බෝඞ් ගහගෙන ඉන්න ගොඩදෙනෙක් මිනිස්සුන්ට හදලා දෙන්නේ මාර්කට් එකෙන් විසි කරන පලතුරු වලින්. එළවළු වගේ නෙමෙයි පලතුරු නරක් වුණාම පණුවෝ ගහනවා. කුඞ්ඩොන්ට ඕවා ගාණක් නැහැනේ. උන් ඕවා ගොඩවල් ගහලා කඩකාරයන්ට විකුණනවා. උන් කුණුකොල්ලෙට අරන් ගිහින් ජූස් එකක් රු. 100 ට විකුණනවා. ගොඩටම යන්නේ රු. 100 යි. පණුවොත් එක්කම ඔය පලතුරු බ්ලෙන්ඩර් කරලා දුන්නම අපේ මෝඩ මිනිස්සුත් රසකර කර බොනවා. ඊට පස්සේ දොස්තරලටත් සොයාගන්න බැරි ලෙඩ හැදෙනවා.
    ඔය දිවුල් එහෙම විකුණගන්න බැරිවුණාම අට්ටි ගහලා එහෙමම තියනවා. පණුවො ගැහුව කියලා දිවුල් ගඳ ගහන්නේ නැහැ. මගෙන් නම් අහන්න එපා ඔය ලොකු ලොකු බීම කම්පැනි වලිනුත් එනවා අඩුවට තියෙන පලතුරු ගෙනියන්න. ඒ මහත්තුරු මෙහේ කට්ටියව සම්බන්ධ කරගෙන ඉන්නේ. ඒවා අල්ලන්න හරි අමාරුයි.
    ● එතකොට එළවළු එහෙම අරන් යන්නේ ෂෝට්ඊට්ස් හදන්න විතරද?
    නැහැ. ඔය අල එහෙම නම් අරන් යන්නේ ෂෝට්ඊට්ස් හදන්න තමයි. ගෝවා, කැරට්, අරන් යන්නේ එළවළු බත් වලට දාන්න. හොඳට සුවඳට හදලා උණු උණුවේ මස් කෑල්ලක් එක්ක දුන්නම කන මිනිහා දන්නේ නැහැනේ මේ එළවළු නරක ඒවද හොඳ ඒවද කියලා. හදන කෑම ගින්දරෙන් හදන නිසා විස ටිකක් මැරෙනවත් ඇති. ඔය කෑම කඩකාරයෝ දවස් දෙක තුනකට වතාවක් මැනිං මාර්කට් එනවා එළවළු ගෙනියන්න. හොඳ එළවළු ගන්න අතර කුඞ්ඩටත් සංඥාව දෙනවා අර කුණු එළවළු ටික එළියට ගිහින් තියන්න ඕනෑ තැන.
    අනේ මේවා කිව්වා කියලා අපට ඇති සෙතක් නැහැ. නගර සභා වලින් පී.එච්.අයි. මහත්තුරු එහෙම ඇවිල්ලා වැටලුවා කියනවා. ඒ අය හරියට වටලනව නම් කොළඹ හෝටල් ඔක්කොම ගිනි තියන්න ඕනෑ. ඔය පී.එච්.අයි. මහත්තුරුත් වටලන්න එනකොට මෙහේ එක කඩකාරයෙකුට සංඥාව දෙනවා. ඌ ඉතින් අනිත් එවුන්ටත් කියනවා. බඩු හංගනවා. නැත්නම් මුන් කරන ජරා වැඩ වලට මෙලහට කොළඹ කඩ සීල් තියන්න එපැයි. සේරම දුවන්නෙ එක පීල්ලේ. අන්තිමට රැවටෙන්නේ අහිංසක මිනිස්සු.
    පොරක් ඉන්නවා. ඌ කුඞ්ඩෙක්. හැබැයි කතා කරයිද දන්නේ නැහැ. අපට තොරතුරු ලබාදීපු නාට්ටාමි ඔහුට අත්පුඩියකින් කතා කළා.
    දිරා ගිය ශරීර කූඩුව ඇවිදින කොට හරියට පාවෙනවා වගේ.
    “කුඩු ගහලම උන් දිරලා”
    “ආ… උඹලා මොකද අද මෙහේ” නාට්ටාමි ඇසීය.
    බඩු අද අඩුයි. පැපොල් තොගයක් නම් ලැබුණා. පටවගන්න ඕනෑ එහා පැත්තට.
    ● මේ එකතු කරන ඒවා කොහාටද දෙන්නේ?
    අම්මෝ බඩු තියෙනවා. මිස්ලා කෑම කඩයක් කරනවද? පිටකොටුවේ ගොඩක් කඩවලට එළවළු දෙන්නේ මම. අපි ඉතින් ඔය මොනවා හරි කරලා කීයක් හරි හොයාගන්න රස්සාවනේ. පොඞ්ඩක් රත්වුණේ නැත්නම් හවස් වෙනකොට ඇඟ වෙව්ලනවා නෝනා. හැබැයි මේ එකතු කරන කුණු ජරාව අපි ගෙවල් වල නම් ගෙනියන්නේ නැහැ. අපිනේ දන්නේ මේවා ගන්නේ සිරි සිරි ගාලා පණුවෝ ඉන්න කුණු ගොඩවල් වලින් කියලා. මේවා කඩෙට විකුණලා ගෙදර යනකොට හොඳ බඩු ටිකක් අරගෙන යනවා.
    අද මට ලැබුණා හොඳ පැපොල් පෝර බෑග් එකක්ම. අඹයි, අලි පේරයි එහෙමත් බෑග් එකක් එකතු කරගත්තම දවසේ ගාන ෂේප්. ඉස්සර නම් හෝටල් මුදලාලිම ඇවිත් අරගෙනම යනවා. කවුරුත් නැති වෙලාවක් බලලා අපි කෝල් එකක් දුන්නම මෑන් එනවා. උදේ 11.00 නැත්නම් ආයේ එන්නේ හවස් වෙලාවට තමයි.
    ● ඇයි දැන දැන මිනිසුන්ට ජරාව විකුණන්නේ?
    ඔහු මොහොතක් නිසොල්මනේ අප දෙස බලා සිටියේය.
    මම විතරක් මේක නතර කළා කියලා මේ රස්සාවම නවතින්නේ නැහැ. මේක එදත් වුනා අදත් වෙනවා. ඉස්සරහටත් වේවි. පොලිසියට අහුවුණොත් නම් බඩු ඉවරයි. අම්මෝ ගහලා අපිව එළවනවා. ඒත් රස්සාව නතර කරන්න බැහැ. අපිට මිනිස්සු රස්සාවල් දෙන්නේ නැහැ. ගෙදර දරුවන්ට කන්න දෙන්න විදිහක් නැහැ. බොරු කියන්න ඕනෑ නැහැ. මම හවසට කුඩු ගහනවා. මොනවා කරලා හරි සල්ලි හොයන්න ඕනෑනේ.. මිනිස්සු ගන්න නිසා තමයි අපි එකතු කරන්නේ.
    මේ එළවළු විතරක් නෙමෙයි එහා පැත්තේ මස්කඩ වලින් විසිකරන කටු, හම, බොකු හෝටල්වලට දෙන අයත් ඉන්නවා. හවසට ඔය කඩවල් වල හදන සුප් එකට ඔය කටු, බොකු, ඔක්කොම කලවම් කරනවා. ඔය මුදලාලිලා හිතන්නේ ලාභ ගන්න මගඩි කරන්නේ නැහැ කියලද? ඒ අයගේ මගඩි කාටවත් පේන්නේ නැහැ.
    මට පරක්කු වෙනවා. මම යනවා. නාට්ටාමිගේ පිටට තට්ටුවක් දාගෙනම ඔහු අපෙන් සමුගත්තා.
    එදා වේල සොයා ගැනීමට නොහැකි මිනිසුන් ජීවත්වෙන්නට කුණු එළවළු විකිණීම නොව ඊට එහා ජරා වැඩක් වුවද කරනු නිසැකය. ඔවුන්ව මේ කුණු ගොඩට තල්ලු කරනුයේ රටේ ආර්ථික ක්‍රමයේ අහේනියයි. රට දියුණු බව සැබෑය. එදා වේල කන්න නැති මිනිසුන් සිටියදී රටේ සංවර්ධනය ගැන කෙසේ සිතන්නද.
    කුණු කතාව අදත් හෙටත් එලෙසමය. දුප්පතා හැමදාමත් කුණුගොඬේය.

    [rns_reactions]

  • හැත්තෑ හත් වසරක් මාධ්‍යයේ සිටි එස්.පියසේන සමුගනී

    පුරා හැත්තෑ හත් වසරක ලේඛක සහ මාධ්‍යවේදී දිවියකට හිමිකම් කියූ ප්‍රවීණ මාධ්‍යවේදී එස්.පියසේන මහතා අද (05) අළුයම අභාවප්‍රාප්ත විය. 1940 වසරේ පුවත්පත් කලාවට සම්බන්ධ වූ ඔහු මිය යන තෙක්ම පුවත්පත් කලාව සහ ජනමාධ්‍යය සමග අඛණ්ඩ සම්බන්ධතාවයක් පවත්වා ඇති අතර 1951 දී ලංකා ගුවන් විදුලි සේවයට බැඳුණු ඔහු 1964 වසරේ සිට ඉන්දියාවේ ආකාශ්වාහිනී ගුවන් විදුලියේ සිංහල අංශයේ ප්‍රධානියා ලෙස වසර 11 ක් කටයුතු කර ඇත.

    ඉංග්‍රීසි සිංහල ‍භාෂා දෙකම ව්‍යක්ත ලෙස හැසිරවිය හැකි ඒ මහතා පාර්ලිමේන්තු කතා පරිවර්තකයකු ලෙසද කලක් සේවය කොට තිබේ.

    දිවංගත ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මහතාගේ සමීපතම හිතවතෙකු වූ පියසේන මහතා 1978 ජනාධිපති ප්‍රවෘත්ති ලේකම් පදවියටත් 1983 ඉන්දියාවේ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් (මදුරාසි) ලෙසද සේවය කොට ඇත. එහිදී ඔහු මදුරාසියේ ශ්‍රී ලංකා මහාබෝධි සමාගමේ කටයුතු වෙනුවෙන්ද වි‍ශිෂ්ඨ මෙහෙයක් කළ බව ප්‍රකට කරුණකි.

    අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.

    [rns_reactions]

     

  • අපවත්වී වදාළ දවුල්දෙණ ඤාණීස්සර මහානායක හිමිපාණන්ගේ ශී‍්‍ර දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි

    අපවත්වී වදාළ ශී‍්‍ර ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය දවුල්දෙණ ඤාණීස්සර මහානායක ස්වාමින් වහන්සේගේ ශී‍්‍ර දේහයට ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අවසන් ගෞරව දැක්වීය.

    උන්වහන්සේගේ ශී‍්‍ර දේහය තැන්පත් කර ඇති නුගේගොඩ, පාගොඩ ශ‍්‍රී විද්‍යා විජය විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා ශී‍්‍ර දේහයට අවසන් ගෞරව දැක්වූ අතර නිකායික භික්ෂූන් වහන්සේලා සහ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා වෙත සිය සාතිශය සංවේගය පළ කර සිටියේය.

    ශී‍්‍ර සම්බුද්ධ ශාසනය ද, ලාංකීය සංඝ සමාජය ද ස්වකීය අසහාය බුද්ධියෙන්, ධර්ම ශාස්තී‍්‍රය දැනුමෙන් සහ අසීමිත ප‍්‍රඥා මහිමයෙන් සෝබමාන කළා වූ මහා යතිවරයාණන් වහන්සේ නමක් වූ අතිපූජ්‍ය දවුල්දෙණ ඤාණීස්සර මහානායක ස්වාමින් වහන්සේගේ අපවත්වීම පිළිබඳව ජනාධිපතිතුමා මෙහිදී සිය දැඩි සංවේගය පළ කර සිටියේය.

    උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදු කිරීමටත්, අදාළ කටයුතු සඳහා වැය වන සියලු වියදම් රජය විසින් දැරීමටත් ජනාධිපතිතුමා විසින් මේ වන විට උපදෙස් ලබා දී තිබේ.

    [rns_reactions]

  • මෝඩකමට සීමාවක් නෑ – තරගයෙන් පසුව බුකිය උණුසුම් කල සිදුවීම මෙන්න..

    ඊයේ ප්‍රේමදාස පිටියේ සංචාරක බංගලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති තරඟයේදී වූ සිදුවීමක් පිළිබඳ මේ වන විට අන්තර්ජාලයේ දැඩි කතා බහක් ඇති වෙමින් පවතී.තරගය අතරතුර මොරටුව විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් එහිදී සයිටම් විරෝධී උද්ඝෝෂනයක් පවත්වන්නට කටයුතු කර තිබීම ඊට හේතුව වී තිබිණ.

    ක්‍රිකට් විස්තර විචාරක රෝෂාන් අබේසිංහද මේ පිළිබඳව සිය ටිවිටර් ගිණුම ඔස්සේ පණිවුඩයක් නිකුත් කරමින් කිය තිබුණේ ‘මෝඩකමට සීමාවක් නැත‘ යනුවෙනි.මේ අතර අන්තර්ජාලය ඔස්සේ මෙම ඡායාරූප නැරඹූ බොහෝ දෙනා සඳහන් කර තිබුණේ මෙවැනි ක්‍රියාවන් ක්‍රීඩාවෙන් ඈත්විය යුතු බවය.

    [rns_reactions]

  • ත්‍රීරෝධ රියේ එකවර සිසුන් 16ක්… උත්සහය ලෝක වාර්තාවකටද? රියදුරුට උසාවියෙන් දඩ..

    කුරුණෑගල ප්‍රදේශයේ පාසල් දරුවන් 16 දෙනකු එකම ත්‍රීරෝද රියේ නංවා ගෙන අනාරක්‍ෂිත ලෙස ධාවනය කළ රියදුරකුට උසාවියෙන් දඩ නියම කර තිබෙන අතර අතිරේක මහෙස්‌ත්‍රාත් චාමර වික්‍රමනායක දඩයක්‌ නියම කර ඔහුට දැඩි ලෙස අවවාද කරනු ලැබුවා.

    අනාරක්‍ෂිත හා අමානුෂික හා පීඩාකාරී ලෙස කුඩා පාසල් සිසුන් 16 දෙනකු ත්‍රිරෝද රථයේ පටවාගෙන ධාවනයේ යෙදෙමින් සිටියදී වැල්ලව පොලිසිය ඔහුව අත්අඩංගුවට ගෙන මෙලෙස අධිකරණයට ඉදිරිපත් කර තිබෙන අතර දරුවන් 16 දෙනකු එකම ත්‍රිරෝද රථයක පැටවූ බව දැනගැනීමෙන් පසුව විනිසුරුවරයා විමතිය පළ කළ අතර රිය පැදවූයේ කොහි සිටදැයි ප්‍රශ්න කර සිටියා.

    චූදිත රියදුරා උසාවියෙන් සමාව ඉල්ලා සිටි අතර ඉහත දඩ මුදල නියම කර නැවත එවැනි වරදකට අසුවුවහොත් සිර දඬුවම් නියම කර රියදුරු බලපත්‍රය ද අවලංගු කරන බව විනිසුරුවරයා සඳහන් කර තිබෙනවා.

    [rns_reactions]

  • උග්‍රවන උප සංස්කෘතියට එරෙහිව පිලියමක් ලෙස ත්‍රිරෝද රථ ගෙන්වීම නතර කිරීමට යයි..!

    මේවනවිට ලංකාවට ඔරොත්තු නොදෙන ප්‍රමාණයෙන් ත්‍රිරෝද රථ සංඛ්‍යාව වැඩිවී ඇති බැවින් ත්‍රිරෝද රථ ගෙන්වීම වහාම නතරකළ යුතු බවට රජයේ අවධානය යොමු වී ඇති බව අපට වාර්තා වේ. දේශපාලඥයන් සිය පක්ෂ, පාට මෙන්ම මැතිවරණ ජයග්‍රහණ අමතකකර තිරසර සංවර්ධනය වෙනුවෙන් දැඩි දේශපාලන තීන්දු ගතයුතු කාලය එළඹ ඇති බවද රජයේ ස්ථාවරය වී ඇත.

    ත්‍රීරෝධ රථ නිසා උද්ගතව ඇති තත්වය පිලිබදව ජනාධිපති විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ ප්‍රසන්න සෝලංගආරච්චි විසින් ජනාධිපතිතුමා වෙත යොමුකරන ලද වාර්තාවක් අධ්‍යයනය කිරීමෙන් පසුව රජය මෙම තීරණය ගෙන ඇති බව සදහන්.

    දුම්රිය භාවිතකරන මගීන් සංඛ්‍යාව 8% සිට 12% දක්වා වැඩිකරගැනීම රජයේ ඉලක්කය වී ඇති බවත්, ඒසඳහා සුවපහසු දුම්රිය පද්ධතියක් ඇතිකිරීමේ කටයුතු මේවනවිටත් ආරම්භකර ඇත.

    ලෝකයේ බොහෝ රටවල දුම් දමන කාර්,වෑන් වෙනුවට විදුලි වාහන ආදී පරිසර හිතකාමී වාහන භාවිතකිරීමේ ක්‍රමවේද ක්‍රියාත්මක වෙනවා. ඒසඳහා ශ්‍රීලංකාව නැඹුරු කළ යුතුයි.

    දවසකට කන්ටේනර් 94 ක් ත්‍රිකුණාමලයේ සිට පුත්තලමට ගල්අඟුරු ගෙනාවා. මුළු පරිසරයම දූෂණය වුණා. මේගැන කල්පනා කරලා දුම්රිය දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කරලා එය නැවැත්තුවා. ඒවෙනුවට දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රියක් ලබාදුන්නා. තිරසර සංවර්ධනයට මම එක දායකත්වයක් එලෙස ලබාදුන්නා. ඉන්ධන ප්‍රවාහනය දුම්රිය ඔස්සේ පමණක් සිදුකිරීමට බලාපොරොත්තු වෙනවා. මහා මාර්ග තදබදය අවම කිරීමට දුම්රියෙන් යන මගී සංඛ්‍යාව වන 8% තවදුරටත් 12% දක්වා වැඩිකරගැනීමේ ඉලක්කයක් තිබෙනවා. ඒසඳහා සුවපහසු දුම්රිය පද්ධතියක් සැකසීමේ වැඩකටයුතු අපි ආරම්භ කර තිබෙනවා.

    ලංකාවේ ත්‍රිරෝද රථ ප්‍රමාණය වැඩියි. ලංකාවේ ත්‍රීවිල් ප්‍රමාණය ඇති. ලංකාවට ත්‍රීවිල් ගෙන්වීම නවත්තන්නට අවශ්‍යයි. එවැනි දැඩි තීන්දු ගත්තෙ නැතිනම් තිරසර සංවර්ධනයකට යන්න ලැබෙන්නේ නැහැ. ලංකාවේ සිදුවන අනතුරු ප්‍රමාණය දෙස බලා අපි දඩ මුදල් වැඩිකළොත් පාර්ලිමේන්තුව වටලන්නට එයි. මහපාරට බහියි. කෝච්චිපාරවල්වල කෝච්චි යන්න බැරිවිදියේ වැඩ කරයි. එවැනි තත්ත්වයක් තුළ වුණත් අපි නිසි තීන්දු තීරණ ක්‍රියාත්මක කරලා මේ සමාජය වඩා නීතිගරුක සමාජයක් නොකළොත් තිරසර සංවර්ධනය ළඟා කරගන්න ලැබෙන්නේ නැහැ.

    [rns_reactions]

  • රටටම ආදර්ශයක් – මාතලේ දිසාපති වාහනය බාරදී බස් රථයෙන් ගෙදර යයි…

    දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාලයේ ලිපි ලේඛන ඇතුළු සියලු රාජකාරි කටයුතු අංශ ප්‍රධානීන් වෙත භාර දෙමින් සිය නිල වාහනය ද රථ වාහන අංශය වෙත භාර දී මාතලේ දිස්‌ත්‍රික්‌ ලේකම් ඩී. පී. ජී. කුමාරසිරි වසර 33 ක රාජ්‍ය පරිපාලන සේවය නිමාකරමින් පසුගිය දා විශ්‍රාම ලබා ගත්තා.

    මේ අතර ඔහු විශ්‍රාම ගැනීමෙන් පසුව පා ගමනින් බස්‌ නැවතුම වෙත ගොස්‌ බස්‌රියක නැගී සිය නිවෙස බලා පිටත්ව ගිය බවයි වාර්තා වන්නේ.

    ඩී. පී. ජී. කුමාරසිරි අනුරාධපුර හා නුවරඑළිය දිස්‌ත්‍රික්‌ ලේකම්වරයා ලෙස ද පසුගිය කාලයේ කටයුතු කරනු ලැබුවා.

    සිය විශ්‍රාම යැම නිමිතිකොට ගෙන ලේකම් කාර්යාලයේ පැවැති සුහද හමුවකට ද එක්‌වූ ඒ මහතා එහිදී ලේකම් කාර්යාලයේ සේවක සේවිකාවන්ගේ හා නිලධාරීන් ගෙන් ලද සහාය අගේ කොට සඳහන් කරමින් ඉදිරියටත් අවංක හා නොබියව කටයුතු කරන ලෙසට ඉල්ලා සිටියේය.

    [rns_reactions]

  • මිල වැඩිනම් ප්‍රමිතියක් නැත්නම් පැමිණිලි කියන්න අංකය මෙන්න….

    නව අවුරුදු සමයේ වෙළෙඳපොළ ගැටළු අවම කරමින් පාරිභෝගිකයා කූට වෙළෙඳුන්ගෙන් සහ වංචනික සේවා සපයන්නන්ගෙන් ආරක්ෂා කර ගැනීමට දීප ව්‍යාප්තව විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ.

    කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමති විසින් පාරිභෝගික අධිකාරියේ ඒ සම්බන්ධයෙන් සියලුම නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බව සදහන්. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් සහ අමාත්‍යවරයා අතර පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා විසින් අදාළ උපදෙස් ලබාදී තිබේ.

    එහිදී එම අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා පවසා ඇත්තේ මේ වන විටත් දිවයින පුරා ඇති සියලු වෙළෙඳසැල් වැටලීම් කටයුතු ආරම්භ කර ඇති බවයි.
    යම් සේවා සපයන ස්ථානයක පාරිභෝගික නීති උල්ලංඝණය කරන්නේ නම් ඒ පිළිබඳව තම අධිකාරියේ හදිසි ඇමතුම් අංකය වන 1977 දුරකතන අංකයට දැනුම්දීමට ද පාරිභෝගිකයින්ට හැකියාව පවතින බව සභාපතිවරයා එහිදී පවසා ඇත.

    [rns_reactions]

  • මුණේ ගාන්නේ බලාගෙනයි.. පිටකොටුවෙන් ලක්ෂ 11ක මුහුණු ආලේපන අල්ලයි…

    මුහුණ පැහැපත් වන බව පවසමින් මිල, නිෂ්පාදිත දිනය, කල්ඉකුත්වන දිනය හෝ කාණ්ඩ අංක සඳහන් කර නොතිබූ නීති විරෝධී ලෙස විකිණූ මුහුණු ආලේපන තොගයක් පිටකොටුවේ වෙළඳසැල් දෙකකින් අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා පාරිභෝගික අධිකාරිය පවසයි. මෙම ආලේපන තොගය රුපියල් ලක්ෂ 11 කට වැඩි වටිනාකමකින් යුත් බවත්, ඒවායේ බවත් පාරිභෝගික අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා පැවසීය.

    එම ආලේපන එකක් රුපියල් 300 බැගින් අලෙවි කර ඇති අතර එක් වෙඳසැලකින් ආලේපන සහිත බහාලූම් 2,500 ක් හා අනෙක් වෙළඳසැලෙන් 1,300 ක් සොයාගත් බව ද සදහන්.

  • මහින්ද සමයේ පැකර්ට විකිණු ඉඩම ගැන පරීක්ෂණයක්!

    පසුගිය පාලන සමයේ කොළඹ ඩී.ආර්. විජේවර්ධන මාවත හා චිත්තප්පලම් ඒ. ගාඩිනර් මාවත අතර පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩම පෞද්ගලික සමාගමකට විකිණීමේදී කිසියම් අක්‍රමිකතාවක් සිදුව ඇත්නම් ඒ පිළිබඳ සොයාබලන ලෙස ජනාධිපතිතුමා විසින් නියෝග කල බව අපට වාර්තා වේ. මෙම ඉඩම ලබාදීමේදී අක්‍රමිකතාවක් සිදුවී ඇති බවට විගණකාධිපති වාර්තාවක් මගින් දැනුම් දී ඇති බවද එහිදී කිසියම් වරදක් සිදුවී ඇත්නම් වගකිවයුත්තන්ට තරාතිරම නොබලා දඬුවම් දෙන බව ද සඳහන්.

    ජේම්ස් පැකර්ගේ කැසිනෝ ව්‍යාපාරය ආරම්භ කිරීමට ලබාදීම නිසා පසුගිය රජය සමයේ කතාබහට ලක්වූ මෙම ඉඩම දී තිබූ සමාගමටම පැවති රජය සමයේ මෙය ලබාදී ඇත්තේ රුපියල් මිලියන 2785 කට බව සදහන්.

    මෙම ඉඩම ලබාගත් සමාගම පසුගිය රජය සමයේ එයට රුපියල් මිලියන 577 ක් ගෙවා ඇති අතර එම මුදල සහ ඊට අදළා පොළියේ එකතුව ලෙස මිලියන 700 කි.

    [rns_reactions]

  • පාසැල් ළමුන්ගේ අප්‍රේල් අවුරුදු නිවාඩුව ගැන නිවේදනයක්.

    2017 වර්ෂයේ රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරය අපේ‍්‍රල් මස 05 වැනිදායින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

    දෙවන පාසල් වාරය අපේ‍්‍රල් මස 26 වැනිදා ආරම්භ වනු ඇති.

    මුස්ලිම් පාසල් සඳහා පළමු පාසල් වාරය අපේ‍්‍රල් මස 06 වැනිදායින් අවසන් වන අතර දෙවන පාසල් වාරය අප්‍රෙල් මස 17 වැනිදා ආරම්භ වන බවයි අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

    [rns_reactions]

  • JRගේ පුත් රවී ජවර්ධන මිය යයි.

    හිටපු ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතාගේ පුත් රවී ජයවර්ධන මහතා මියගොස් තිබෙනවා.

    හිටපු ජනාධිපතිවරයාගේ එකම පුත්‍ර‍යා වූ ඔහු රවීන්ද්‍ර‍ විමල් ජයවර්ධන නම් විය. විශේෂ කාර්ය බලකායේ නිර්මාතෘවරයා මෙන්ම ජනාධිපතිවරයාගේ ආරක්ෂක උපදේශකවරයාද වූ ඔහු, වෙඩි තැබීමේ ශූරයකුද වනවා.

    පිය උරුමයෙන් දේශපාලනයට පිවිසීමට හැකියාව තිබුණද ඔහු ක්‍රියාකාරී දේශපාලනයට කිසිදා පිවිසියේ නැත.

    [rns_reactions]

     

  • අමරපුර මහනායක හිමියෝ අපවත්වෙති… ආදාහන පුජෝත්සවය 06වැනිදා

    අමරපුර නිකායේ මහනායක අතිපූජ්‍ය, අග්ගමහා පණ්ඩිත දවුල්දෙන ඥානිස්සර හිමියන් අපවත්වී තිබෙන අතර භාෂා විශාරදයෙකු වන උන්වහන්සේගේ ඉමහත් ශාසනික සේවාව අගයා මේ වසර ආරම්භයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්නයෙන් උපහාර උළෙලක්ද පැවැත්විණි.

    ඥානිස්සර හිමියන් අපවත්වන විට 102 වන වියේ පසුවූ අතර ශ්‍රී දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන හය වැනිදා සිදු කෙරෙනවා.
    .
    ආදාහන පූජෝත්සවය පැවැත්වෙන ස්ථානය පිළිබඳ තීරණය කිරීමට විශේෂ සාකච්චාවක් අද…

    මේ අතර මහනාහිමියන්ගේ ශ‍්‍රී දේහය අද පස්වරු හතේ සිට පාගොඩ විද්‍යා විජයාරාමයේ තැන්පත් කර තැබෙනු ඇති.

    දෙස් විදෙස් ගිහි පැවිදි පිරිසගේ ගෞරවයට පාත‍්‍ර වූ උන්වහන්සේ අමරපුර මහනිකායේ මහා නායක පදවියට පත්වූයේ 2002 වසරේදීයි.

    [rns_reactions]

  • රට පුරාම උණක්…. විමසිලිමත් වන්නට සියල්ලන්ට උපදෙස්…

    මේ දිනවල දිවයින පුරාම ව්‍යප්තව ඇති උණ සහ සෙම්ප්‍ර‍තිශාව A H1N1 වෛරසය ඇතුළු රෝග කාරක කිහිපයක් හේතුවෙන්ම ඇති වන බව මේ වනවිට කරන ලද පර්යේෂණ වලින් සොයාගෙන ඇත. මේ දිනවල කිවිසුම් යෑම, සොටු දියර ගැලීම, උණ යන රෝග ලක්ෂණ පහල වන්නේ නම් සුදුසුකම් ලත් වෛද්‍යවරයකු හමුවන ලෙස පවසන විශේෂඥ වෛද්‍යවරු රෝගය බෝ වීම අවම කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග කිහිපයක් සිහිපත් කළා.

    නිතරම දෑත් හොඳින් සෝදා පිරිසිදුව තබා ගැනීම, ලේන්සු වෙනුවට ටිෂූ භාවිතය සහ එ්වා නිසිපරිදි ඉවත් කිරීම, කිවිසුම් යනවිට අත්ල නාසයට ළං කිරීම වෙනුවට වැලමිට පෙදෙසින් නාසය ආවරණය කර ගැනීම ඉන් ප්‍ර‍ධාන වනවා. කුඩා දරුවන් දිවා සුරැකුම් මධ්‍යස්ථාන සහ ළදරු පාසල් වැනි පොදු පරිසරයන්ට යොමු කිරීම හැකිතාක් අවම කරගන්නා ලෙසද උපදෙස් ලබාදී ඇත.

    එමෙන්ම වයස අවුරුදු 02ට අඩු දරුවන්, වයස අවුරුදු 60 ඉක්මවූ වැඩිහිටියන් සහ ගැබිණි මව්වරුන් මෙවැනි උණ රෝගී තත්වයකට ගොදුරුව ඇතිනම් ඒ සම්බන්ධයෙන් වඩාත්ම සැලකිළිමත්වන ලෙසයි පෙන්වා දෙන්නෙ.

    [rns_reactions]