CID නිලධාරීන් ගැන පොලිස් ඇමැතිගේ නියෝගයෙන් විමර්ශනයක්

CID නිලධාරීන් ගැන පොලිස් ඇමැතිගේ නියෝගයෙන් විමර්ශනයක්
Spread the love

පුවත්පත් කතුවරුන් ඇතුළු මාධ්‍යෙවේදීන්ගෙන් ප්‍රශ්න නොකරන ලෙස දැනුම්දීමක් කර තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඊට අදාළව ක්‍රියා නොකිරීම සම්බන්ධව වහාම විමර්ශනයක් සිදුකරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා විසින් පොලිස්පතිවරයාට උපදෙස් දී ඇත.

තවද සුඳුලූණු සිද්ධිය සම්බන්ධව පෑලියගොඩ විශේෂ අපරාධ විමර්ශන ඒකකය මඟින් සිදුකෙරෙමින් පවතින පරීක්‍ෂණ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරා පුළුල් පරීක්‍ෂණයක් සිදු කරන මෙන් අමාත්‍යවරයා විසින් පොලිස්පති වරයාට උපදෙස් ලබා දී ඇත.