Covid-19 ආසාදිත බිළිදුන් 150ක් ළමා රෝහලේ – රෝහල් අධ්‍යක්ෂ

Covid-19 ආසාදිත බිළිදුන් 150ක් ළමා රෝහලේ – රෝහල් අධ්‍යක්ෂ
Spread the love

දරුවෙකුට කොවිඩි-19 ආසාදිත වූ  විට රෝහල්ගත කිරීමට ප්‍රමාද වීම රෝගය උත්සන්න වීමට හේතුවක් වී ඇති බැවින් රෝග ලක්ෂණ මතු වූ වහාම බිළිඳු දරුවන් රෝහල්ගත කිරීමට පියවර ගන්නා ලෙස රෝහල් අධ්‍යක්ෂවරයා මාපියන් ගෙන් ඉල්ලා සිටිනවා.

කොරෝනා වයිරසය ආසාදනය වූ බිළිඳුන් 150  දෙනෙකු මේ දක්වා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් හඳුනාගෙන ඇතැයි එහි රෝහලේ අධ්‍යක්ෂ ජී. විජේසූරිය මහතා පවසූ බව ලංකාදීප ඊ පුවත්පත අද (03) දින වාර්තා කළා.

රෝහල් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ ෙඑම බිළිඳුන්ගේ මාපියන්  සිය දෙනකුට ද වයිරසය ආසාදනය වී තිබූ බවත් මෙසේ ආසාදිත බිළිදුන් අතරින් මාස 18ක බිළිඳෙකු ඉකුත් දා රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දී මිය ගිය අතර  එම බිළිදාගේ මාපියන්ට ද වයිරසය ආසාදනය වී තිබූ බවයි.