Crudia Zeylanica ශාක සෙවීමට ජනතා සහය පතයි

Crudia Zeylanica ශාක සෙවීමට ජනතා සහය පතයි
Spread the love

පණු කරඳ (Crudia Zeylanica) අනතුරට පත්ව ඇති (Critically endangered) ශ්‍රී ලංකාවේ පමණක් ඇති (endemic), රනිල කුලයට අයත් ශාකයකි.

‘පණු කරඳ’ විනාශ වී ඇතැයි සිතා සිටි ශාකයකි. නමුත් මේ වන විට පණු කරඳ ශාක කිහිපයක් ගම්පහ ප්‍රදේශයෙන් නැවත සොයා ගෙන ඇත. එහෙත් මෙම පණු කරඳ ශාක ලංකාවේ විවිධ පෙදෙස් වල ඇති බැව් ආරංචි වෙමින් පවතී.

ඔබ සිටින ප්‍රදේශයක හෝ ඔබ දන්නා ප්‍රදේශයක මෙම ශාකයක් හෝ ශාක කිහිපයක් ඇත්නම් වහාම පහත ලිපිනයට හෝ දුරකථන අංකයට දැනුම් දීමෙන් ගස සංරක්ෂණය කිරීමට දායක වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. ගස් හඳුනා ගැනීම සඳහා මේ සමඟ ඇති පිංතූර බලන ලෙසද කාරුණිකව දන්වමි.

හඳුනාගත් ශාකය

කෲඩියා සිලනිකා (Crudia zeylanica) යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන මෙම ශාකය 1868දී මුලින් ම සොයාගෙන ඇති අතර එම ශාකයේ නියැදියක් යළිත් 1911 වසරේදී හමුවී ඇතැයි පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන පවසයි.

කෲඩියා සිලනිකා

කෙසේ වෙතත්, මෙම ශාක විශේෂය 1998 වසරේ සිට යළි හමුවී නැතැයි, වඳ වීමේ තර්ජනයට ලක්ව ඇති ශාක සම්බන්ධ දත්ත ඇතුළත් ලෝක රතු දත්ත නාමාවලියේ සඳහන් වේ.

ඒ අනුව, එම ශාකය ලෝකයෙන් වඳ වී ගිය (Extinct) ශාකයක් ලෙස එහි හඳුන්වා තිබේ.

එම ශාකය තෙත් කලාපයේ පහත් බිම්වල විශාලව වැඩෙන ශාකයක් ලෙස එහි විස්තර කර ඇත.

එම ශාක විශේෂය 2006 ජාත්‍යන්තර රතු දත්ත නාමාවලියේ (Red Data List) ලොවින් වඳ වී ගිය (Extinct) ශාක විශේෂයක් ලෙස දක්වා ඇති අතර, 2012 ජාතික රතු දත්ත නාමාවලිය ද (National Red Data list) මෙය වඳ වී ගිය ශාකයක් ලෙස (Extinct) දක්වා තිබේ.

කෲඩියා සිලනිකා