Delta ආසාදිතයින්ගේ වාර්තාවට දිස්ත්‍රික්ක 4කින් තවත් 14ක් !

Delta ආසාදිතයින්ගේ වාර්තාවට දිස්ත්‍රික්ක 4කින් තවත් 14ක් !
Spread the love

කොළඹ, ගාල්ල, මාතර සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවලින් ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ තවත් පුද්ගලයන් 14 දෙනෙකු සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ වාර්තාවල සදහන් වේ.

මෙම ආසාදිතයන් 14 දෙනා හමුවී ඇත්තේ දිවයින පුරා කොරෝනා රෝගීන්ගෙන් අහඹු ලෙස ලබා ගත් ජෛව පටල සාම්පල එකසිය 142ක් පරික්ෂා කිරීමේදීය. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති වේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ඇතුළු පර්යේෂක කණ්ඩායමක් විසින් මේ පිළිබඳව පරීක්ෂණ පවත්වන ලදී .

කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ නගර සභා ප්‍රදේශය, කොළොන්නාව සහ අංගොඩ යන ප්‍රදේශවලින් ආසාදිතයන් මෙලෙස හමුවී ඇති බවයි වාර්තා වන්නේ.