Delta variant ‘තර්ජිත‘ පුද්ගලයින් ගැන ආචාර්ය ජීවන්දරගෙන් හෙළිදරව්වක්

Delta variant ‘තර්ජිත‘ පුද්ගලයින් ගැන ආචාර්ය ජීවන්දරගෙන් හෙළිදරව්වක්
Spread the love

වඩාත්ම සම්ප්‍රේෂණය කළ හැකි කොරෝනා වෛරස් ප්‍රභේදය වන ‘ඩෙල්ටා ප්‍රභේදය‘ (Delta variant) එන්නත් ලබා ගෙන නැති හෝ එක් එන්නත් මාත්‍රාවක් පමණක් ලබා ඇති පුද්ගලයින්ට විශාල තර්ජනයක් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්තිකරණ හා සෛල ජීව විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පැවසීය.

ට්වීටර් පණිවුඩයක් නිකුත් කරමින් ජීවන්දර මහතා අවධාරණය කළේ ‘‘සැලකිය යුතු ප්‍රතිශතයක් සම්පූර්ණයෙන්ම එන්නත ලබා ගන්නා තෙක් පූර්ණ සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් අනුගමනය කිරීම අතිෂයින් වැදගත්‘‘ බවයි.

“ශ්‍රී ලංකාව තවමත් කැලෑවෙන් පිටත නැත. මේ අනුව, සෞඛ්‍ය මාර්ගෝපදේශ හා පිළිවෙත් දැඩි ලෙස අනුගමනය කිරීම වැදගත් ය. තර්ජනය තවම අවසන් නැත, ”ඔහු පැවසීය.