පසුගිය ජනාධිපතිවරණයේදී ට්රම්ප්ට වාසි ගෙනදෙන අයුරින් රුසියානු අතපෙවීමක් සිදුව ඇති බවට කෙරෙන චෝදනාව මැතිවරණය අවස්ථාවේදී පවා පැවතුණු අතර ඩිමොක්රටික් පක්ෂයෙන් එම චෝදනාව දැඩිව නැගුණි.එම ඡෝදනා වලට පිළිතුරු වශයෙන් හා වත්මන් තත්වයන් හේතුවෙන් 2016 ඇමෙරිකානු ජනාධිපතිවරණය සමයේ සිදුවූයේ යැයි කියන රුසියානු අතපෙවීම සම්බන්ධයෙන් FBI ආයතනය සිදුකරන පරීක්ෂණයේදී තමන් ඔවුන්ගේ ප්රශ්න කිරීම්වලට මුහුණදීමට සූදානමින් සිටින බව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්රම්ප් පවසයි.