කොලබ චැතම් විදිය පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ටාශය අවට දැඩි පොලිස් ආරක්ෂාවක් මේ වන විට යොදා ඇත.චැතම් විදියේ රථ වාහන ධාවනයද සීමාකර ඇති අතර පොලිසියේ විශාල පිරිසක් ඒ අවට ආරක්ෂාවට යොදවා ඇත.
විශ්වාසදායි ආරංචි මාර්ග වලින් සදහන් වන්නේ ඉකුත් ආණ්ඩුවේ ප්‍රභලයන් දෙදෙනෙකු අද අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති බවය.
තවද ඉකුත් සතියේදී පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමේ මහතාට විදේශ ගතවීම වළක්වාලමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කළේය. සතොස මුදල් අවභාවිත කිරීමේ සිදුවීමට අදාළව ඔහුට මෙසේ විදෙස්ගතවීම තහනම් කළේය.
එසේම පොලිස් මූල්‍ය අපරාධ ඒකකය විසින් තමාව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බවත් එය වළක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලමින් මහින්දානන්ද අලුත්ගමගේ මහතා පෙත්සමක් අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කළේය.
මේ අතර විශ්වාසභංග විවාදයේදී අමාත්‍ය ෆීල්ඩ්මාර්ෂල් ෆොන්සේකා විසින් දූෂණ වංචාවක් එල්ල වි ඇති මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා නුදුරේදීම අත් අඩංගුවට පත් වන බව හෙළි කරනු ලැබුවේය.
“හෙට මම කූඩුවේ දාන්න යන්නයි හදන්නේ මචෝ” කියල පසුපෙළ මන්ත්‍රීවරු එක්ක මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීතුමා අද කියල තියෙනව. එතුමටත් මිලියන 60ක නඩුවක් තියෙනව. කනගාටුයි එතුමාගැන. අපි කවුරුත් එක්ක හිතවත් තමයි.” ඔහු මහින්දා නන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් කනගාටුව පලකරමින් පැවසුවා.

