සටහන – ගජබා නාගහවත්ත
අපෝ මෙයාගෙන් තමයි බේරිල්ලක් තිබ්බෙම නැත්තේ තනිවම ඉල්ලමු කියලා. අපි තීන්දුව ගන්නත් ඉස්සර මෙයා තීන්දුව අරගෙන මිනිස්සුන්ට කියලත් ඉවරයි. අන්තිමට අපිට ගන්න වෙන්නේ මෙයාට ඕනේ තීන්දුව” බැසිල් කීවේ සිනාසෙමිනි.
මාධ්‍යවේදී ධනුෂ්ක ගොඩකුඹුර විසින් රචනා කරන ලද “ප්‍රසන්න – පොදුජන අරගලයේ නොකී කතාව ග්‍රන්ථය පසුගිය බදාදා එළිදැක්වුණේ බැසිල්ගේ ප්‍රධානත්වයෙනි. 2015-2019 කාල පරිච්ඡේදය තුළ විපක්ෂයේ සිටිමින් මහින්ද රාජපක්ෂ මහතා නැවත බලයට ගෙන ඒම සඳහා ප්‍රසන්න රණතුංග දැක් වූ දායකත්වය ඇසුරෙන් සකස් කර ඇති මෙම ග්‍රන්ථය එළිදැක්වීමේ උළෙල මිනුවන්ගොඩ, නයිවල ජයසිංහ සිටි සෙන්ටර්හි දි පැවැත්විණි.
මෙම උළෙල පැවැත්වීමට අදහස් කර තිබුණේ අගමැති මහින්දගේ ප්‍රධානත්වයෙනි. එහෙත් එදින විශේෂ සාකච්ඡා කිහිපයක් නිසා මහින්දට උත්සවයට සහභාගී වන්නට නොහැකි බව කලින් දැනුම් දී තිබුණේය. අගමැති මහින්ද සහ දිස්ත්‍රික් නායකයන් නාමයෝජනා පත්‍රයට අත්සන් තැබීමේ උත්සවයේ දී ප්‍රසන්නට මහින්ද මුණගැසුණේය. මහින්ද ප්‍රසන්නගේ වැඩේ ගැන එහිදී මතක් කළේය.
“ප්‍රසන්නගේ වැඩෙත් අද නේද? බලන්නකෝ ප්‍රසන්න නාමයෝජනා ගැන සාකච්ඡා වගයක් නිසා අද හවස් වරුවම කොළඹ ඉන්න වෙලානේ” මහින්ද පැවසීය.
“මම දන්නවා සර්. පොතේ වැඩේට නාවට කමක් නැහැ සර් කොළඹ ඉඳලා ඔය වැඩ ටික කරගන්නකෝ” ප්‍රසන්න කීවේය.
“ඒ වුණාට ප්‍රසන්නගේ වැඩකට මම නොගිහින් ඉඳලම නැහැ. මම තාමත් කල්පනා කරනවා මොකද කරන්නේ කියලා” මහින්ද පැවසීය.
“ආයෙත් ඒ ගැන කල්පනා කරන්න දෙයක් නැහැ සර්. ඔබතුමා වැඩ ටික කරගන්න. බැසිල් මහත්තයා ආවම ඇති මගේ වැඩේට” ප්‍රසන්න යළි කීවේය.
“බැසිල් නම් කොහොමත් එයි. ප්‍රසන්නගේ වැඩක් කිව්වම අපි කාටත් මගහරින්න බැහැ. ප්රසන්නත් අපේ සටනේ පෙරමුණේ රාළ කෙනෙක්නේ” මහින්ද සිනාසෙමින් පැවසසීය.
බැසිල් කීවේ තමන් යම්කිසි තීන්දුවක් ගැනීමට පෙර ප්‍රසන්නගේ ඉරියව් දෙස විමසිල්ලෙන් බන බවය. ජනතාව සමග සිටින ප්‍රායෝගික නායකයකු වශයෙන් ප්‍රසන්න නිතරම නිවැරැදි තීන්දු ගන්නා බව පැවසූ බැසිල් තමා තීන්දුවක් ගැනීමට පෙර ප්‍රසන්න දෙස බලනුයේ ඒ නිසා බවත් පැවසීය. තනිව තරග කිරීමේ තීන්දුව මෙන්ම පොහොට්ටුවෙන් තරග කිරීමේ තීන්දුත් ප්‍රසන්නගේ ඉරියව් මත තීරණය වූ ඒවා බවත් බැසිල් පැවසීය
පොදු ජන අරගලයේ නොකී කතාව අතර අපූරු දේශපාලන කතා
එදින සවස පහට ප්‍රසන්න – පොදු ජන අරගලයේ නොකී කතාව එළිදැක්වීමේ උළෙල ආරම්භ කෙරිණි. බැසිල් සමඟ උදය සහ වාසු ද මෙම උත්සවයට එක්ව සිටියහ. උළෙලේ ප්‍රධාන දේශනය පවත්වනු ලැබුවේ මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් විසිනි. උන්වහන්සේ සිය දේශනයේ දී කීවේ රට පාලනයට උගතුන් අවශ්‍ය යැයි නියමයක් නැති බවය. දේශපාලනයේ දී අවශ්‍ය මූලික සුදුසුකම උගත්කම නොව රටට ඇති ආදරය බවත් උන්වහන්සේ පෙන්වා දුන්හ.
බැසිල් කීවේ තමන් යම්කිසි තීන්දුවක් ගැනීමට පෙර ප්‍රසන්නගේ ඉරියව් දෙස විමසිල්ලෙන් බන බවය. ජනතාව සමග සිටින ප්‍රායෝගික නායකයකු වශයෙන් ප්‍රසන්න නිතරම නිවැරැදි තීන්දු ගන්නා බව පැවසූ බැසිල් තමා තීන්දුවක් ගැනීමට පෙර ප්‍රසන්න දෙස බලනුයේ ඒ නිසා බවත් පැවසීය. තනිව තරග කිරීමේ තීන්දුව මෙන්ම පොහොට්ටුවෙන් තරග කිරීමේ තීන්දුත් ප්‍රසන්නගේ ඉරියව් මත තීරණය වූ ඒවා බවත් බැසිල් පැවසීය.
තමා පළමු වතාවට පළාත් සභාවට තේරී පත් වූ විට සෑම මන්ත්‍රීවරයකුම තමා දෙස බැලුවේ ගෙට ඇතුළු වී ගේ විනාශ කිරීමට ආ රකුසකු දෙස බලන ආකාරයෙන් බව ගම්මන්පිල මෙහිදී කීවේය. ඊට හේතු වී තිබුණේ තමා දැඩිව පළාත් සභා ක්‍රමයට විරෝධය පළ කළ නිසා යැයි කී ගම්මන්පිල ඒ සියල්ල නොසලකා මන්ත්‍රීවරුන් සමඟ මුහු වීමට අවස්ථාව උදා කර දුන්නේ ප්‍රසන්න බවත් කීවේය. එසේම සියලු මන්ත්‍රීවරුන් කී පරිද්දෙන් තමා උඩුගම්පොළ උපාධිය සමත් වූ බවත් ගම්මන්පිල කීවේ සිනාසෙමිනි
රස කතාවලින් හෙබි උත්සව සභාවේ ග්‍රන්ථය එළිදැක්වීමේ අවස්ථාවේ දී මුල්ම පිටපත ධනුෂ්ක ගොඩකුඹුර විසින් ප්‍රසන්න පිළිගැන්වීමටත් අනතුරුව ප්‍රසන්න අනෙක් පිටපත් මැති ඇමැතිවරුන්ට පිළිගැන්වීමටත් නියමිතව තිබුණේය. එහෙත් පළමු පිටපත ධනුෂ්කගේ අතින් ගත් ප්‍රසන්න අනෙක් ආරාධිතයන්ට පිටපත් පිළිගැන්වීමේ කටයුත්තත් ධනුෂ්කටම පැවරුවේය.
කෝ තාම මටත් බලන්න බැරි වුණානේ. අද ගිහින් තමයි බලන්න ඕනේ. අපේ කාර්ය මණ්ඩලයේ අය මේ පොත රත්තරන් වගේ පරිස්සම් කළා පොත එළිදක්වනකම්. අඩු ගාණේ මටවත් බලන්න දුන්නේ නැහැ” ප්‍රසන්න
මටවත් මගේ පොත බලන්න දුන්නෑ – ප්‍රසන්න
උත්සවය අවසන් වීමෙන් අනතුරුව බැසිල් ඇතුළු පිරිස සමඟ ප්‍රසන්න රාත්‍රි ආහාරය ගැනීමට ගියේ අසළ තිබුණු හෝටලයකටය. එහිදී විපක්ෂයේ සිටි වසර පහේ දී මුහුණපෑ රස කතා රාශියක්ම මැති ඇමැතිවරුන්ගෙන් කියැවිණි. බැසිල් කීවේ තනිව තරග කරමු, පොහොට්ටුව විතරයි කියමින් ප්‍රසන්න දිවා රෑ තම්නට වද දුන් හැටිය.
“අපෝ මෙයාගෙන් තමයි බේරිල්ලක් තිබ්බෙම නැත්තේ තනිවම ඉල්ලමු කියලා. අපි තීන්දුව ගන්නත් ඉස්සර මෙයා තීන්දුව අරගෙන මිනිස්සුන්ට කියලත් ඉවරයි. අන්තිමට අපිට ගන්න වෙන්නේ මෙයාට ඕනේ තීන්දුව” බැසිල් කීවේ සිනාසෙමිනි.
“ඒ කතා ටිකත් මේ පොතේ ඇති නේද? ඩුලිප් ඇසුවේය.
“කෝ තාම මටත් බලන්න බැරි වුණානේ. අද ගිහින් තමයි බලන්න ඕනේ. අපේ කාර්ය මණ්ඩලයේ අය මේ පොත රත්තරන් වගේ පරිස්සම් කළා පොත එළිදක්වනකම්. අඩු ගාණේ මටවත් බලන්න දුන්නේ නැහැ” ප්‍රසන්න කීවේ සිනාසෙමිනි.