ICC -2020 නවතම ශ්‍රේණිගත කිරීම්වලදී ‘ලංකාවට ඇපත් නෑ’

ICC -2020 නවතම ශ්‍රේණිගත කිරීම්වලදී ‘ලංකාවට ඇපත් නෑ’
Spread the love

ICC හෙවත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ලෝක ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් ඊයේ (04) ප්‍රකාශයට පත් කළා. ඒ අනුව ටේස්ට් කණ්ඩායම්, එක්දින කණ්ඩායම් සහ විස්සයි විස්ස කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වලට ඇතුළත් වෙනවා. ඒ අතර ක්‍රීකඩකිය්න ශ්‍රේණිගත කර තිබෙනවා.

පහත ඒ සම්බන්ධ සියලු විස්තර පළ වෙනවා.

ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්

ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව පළමු තැන ඔස්ට්‍රේලියාවට හිමිව ඇති අතර දෙවැනි තැන නවසීලන්තයත් තෙවැනි ස්ථානය ඉන්දියාවටත් හිමිව තිබෙනවා. සිව්වැනි තැන එංගලන්තයට හිමිව ඇති අතර ලංකාව පසුවන්නේ පස්වන ස්ථානයේයි.

එක් දින ශ්‍රේණිගත කිරීම්

2020 එක්දින ශ්‍රේණිගත කිරීම් අනුව ප්‍රථම ස්ථානයේ ලෝක ශූර එංගලන්තය පසුවන අතර දෙවැනි ස්ථානය ඉන්දියාව ද තෙවැනි ස්ථානය ලෝක අනුශූර නවසීලන්තය විසින් ද දිනාගෙන තිබෙනවා. ශ්‍රී ලංකාව පසුවන්නේ 08 වැනි ස්ථානයේයි.

T 20 ශ්‍රේණිගත කිරීම්

විස්සයි විස්න ශ්‍රේණිගත කිරීම් අනුව පළමු ස්ථානයට හිමිකම් කියන්නේ ඔස්ට්‍රේලියාවයි. දෙවැනි තැන එංලගන්තය හා තෙවන ස්ථානය ඉන්දියාව ද සිවුවැනි තැන පාකිස්ථානය ද දිනාගෙන තිබෙනවා. ශ්‍රී ලංකාව පසුවන්නේ 07 වැනි ස්ථානයේයි.

ටෙස්ට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්

ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම් අනුව පළමු ස්ථානයේ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ස්ටීව් ස්මිත් පසුවන අතර දෙවැනි තැන ඉන්දියානු නායක චිරාත් කෝලි විසින් දිනාගෙන තිබෙනවා. කිසිදු ශ්‍රී ලංකික ක්‍රීඩකයෙක් හොදම ටෙස්ට් පිතිකරුවන් 10 දෙනා අතර නොවීම විශේෂත්වයක්.

හොදම ටෙස්ට් පන්දු යවන්නන් අතර පළමු ස්ථානය දිනා ගැනීමට ද ඔස්ට්‍රේලියානු පන්දුවන්නෙකු වන Pat Cummins සමත් වී තිබෙනවා. දෙවැනි ස්ථානය ද ඔස්ට්‍රේලියානු පන්දු යවන්නකු විසින් දිනාගෙන ඇති අතර හොදම ටෙස්ට් පන්දු යවන්නන් 10 දෙනා අතරට ද මෙවර කිසිම ශ්‍රී ලංකික පන්දු යවන්නෙක් තේරී නැහැ.

හොදම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමේ Jason Holder පත්ව ඇති අතර ඒ හොදම තුන් ඉරියව් ටෙස්ට් ක්‍රීඩකයින් 10 දෙනා අතර කිසිදු ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙක් නැහැ.

එක්දින ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්

එක්දින ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් අනුව හොදම එක්දින පිතිකරු ලෙස ඉන්දීය කණ්ඩායමේ චිරාත් කෝලී නම්කර තිබෙනවා. එහි දෙවැනි ස්ථානය ඉන්දීය කණ්ඩායමේම රෝහිත් ෂර්මා විසින් ද තෙවැනි ස්ථානය පාකිස්ථානු කණ්ඩායමේ බබාර් අසාම් විසින් ද දිනාගෙන තිබෙනවා. හොදම එක්දින පිතිකරුවන් 10 දෙනා අතර කිසිදු ශ්‍රී ලාංකික පිතිකරුවෙක් නොවීම විශේෂත්වයක්.

හොදම එක්දින පන්දු යවන්නා ලෙස නවසීලන්ත කණ්ඩායමේ Trent Boult ද දෙවැනි ස්ථානයට ඉන්දීය කණ්ඩායමේ Jasprit Burmah ද නම්කර ඇති අතර හොදම එක්දින පන්දු යවන්න් 10 දෙනා අතරට ද කිසිම ශ්‍රී ලාංකික පන්දු යවන්නෙක් නම්කර නැහැ.

හොදම තුන් ඉරියම් එක්දින ක්‍රීඩකයා ලෙස නම්කර ඇත්තේ ඇෆ්ගනිස්ථාන එක්දින කණ්ඩායමේ මොහොමඩ් නාබියි.

T 20 ක්‍රීකඩ ශ්‍රේණිගත කිරීම්

විස්සයි විස්ස ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් අනුව හොදම විස්සයි විස්ස පිතිකරු ලෙස පාකිස්ථාන විස්සයි විස්ස කණ්ඩායමේ බබාර් අසාම් ද හොදම විස්සයි විස්ස පන්දු යවන්නා ලෙස ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ රෂීඩ් ඛාන් ද නම්කර ඇති අතර හොදම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ මොහොමඩ් නාබි නම්කර තිබෙනවා.

සටහන – තුෂාධවි – ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිල වෙබ් අඩවිය ඇසුරිණි.