ICC Awards of the Decade සඳහා ‘ශ්‍රී ලංකාවෙන්’ නම් 04ක්

ICC Awards of the Decade සඳහා ‘ශ්‍රී ලංකාවෙන්’ නම් 04ක්
Spread the love

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරන “ICC Awards of the Decade” සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින් සිවුදෙනකු යෝජනාවී ඇතැයි වාර්තා වෙනවා.

ඒ අනුව මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, ලසිත් මාලිංග සහ රංගන හේරත් ගේ නම් විවිධ අංශ යටතේ යෝජනාවී තිබෙන බවයි එම වාර්තාවල සදහන් වන්නේ.

දශකයක් තුළ ක්‍රීඩකයින් සහ ක්‍රීඩිකාවන් දක්වා ඇති දක්ෂතා අනුව ඡන්ද විමසීමකින් විවිධ අංශ ඔස්සේ “ICC Awards of the Decade” හි ජයග්‍රාහකයින් තෝරා ගැනීමට නියමිත අතර ඒ ඒ අංශවල හොඳම ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව තෝරාගැනීම සඳහා 10%ක් ක්‍රිකට් ලෝලීන්ගේ ඡන්දය ද ඉතිරි 90% විශේෂඥ කමිටු සාමාජිකයින් විසින් ලබාදෙන ඡන්දය ද භාවිත කිරීමට නියමිත අතර “ICC Spirit of Cricket Award of the Decade” ජයග්‍රාහකයා තෝරාගැනීම සඳහා 100%ක්ම භාවිත කරනුයේ ක්‍රිකට් ලෝලීන්ගේ ඡන්දයයි.

2011 සිට තෝරා ගැනුණු ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතුරින් එහි ජයග්‍රාහකයා තෝරා ගැනීමට නියමිතව තිබෙනවා