IMF යන්න අවශ්‍යතාවක් නැති බව මහ බැංකු අධිපති කියයි

IMF යන්න අවශ්‍යතාවක් නැති බව මහ බැංකු අධිපති කියයි
Spread the love

වත්මන් විදේශ විනිමය අර්බුදයට මුහුණ දීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ කිසිදු ගනුදෙනුවක යෙදීමේ අවශ්‍යතාවයක් නැතැයි මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් දැඩිව අවධාරණය කර තිබෙනවා.

මහ බැංකු අධිපතිවරයා ඩේලි මිරර් සමග කියා ඇත්තේ ණය නොවන ගලා ඒම, අපනයන ආදායම සහ ප්‍රේෂණ නැවත මෙරටට ගෙන්වා ගැනීම සහතික කිරීම සඳහා යම් යම් ක්‍රියාමාර්ග ගෙන ඇති අතර වර්තමාන අවශ්‍යතා සමඟ කටයුතු කිරීමට ඒවා ප්‍රමාණවත් වනු ඇති බවයි.

මහ බැංකුව තවදුරටත් ආනයන සීමා කිරීමට යෝජනා කරන්නේ දැයි විමසූ විට ඔහු පැවසුවේ එවැනි යෝජනාවක් ඉදිරිපත් කර නොමැති බවයි.

“ඒක මුදල් අමාත්‍යාංශයේ අදහසක්. මහ බැංකුව එවැනි යෝජනාවක් කරලා නැහැ‘ ඔහු පවසා තිබෙනවා