එංගලන්තයේ මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ (MCC) නව සභාපති ලෙස එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායිකාවක වන ක්ලෙයාර් කොනර් clare connor පත්ව ඇත. වසර 233ක් වන මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ පළමු කාන්තා සභාපතිනිය වන්නේ ද ඇයයි.
43 හැවිරිදි වියේ පසුවන කොනර් දැනට එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලයේ කාන්තා ක්‍රිකට් කළමණාකාර අධ්‍යක්ෂකවරිය ලෙස ද කටයුතු කරන අතර 2021 වසරේ ඔක්තෝබර් 01වනදා සිට ඇය සිය ධුරයේ රාජකාරි ආරම්භ කිරීමට නියමිතය.
තම නව තනතුර සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වූ කොනර් “එම්.සී.සී. හි මීළඟ සභාපති පත්වීමට ලැබීම මහත් ගෞරවයක්. ක්‍රිකට් ක්‍රීඩාව දැනටමත් මගේ ජීවිතය ඉතා ගැඹුරින් පොහොසත් කර ඇත. දැන් එය මට මෙම පුදුමාකාර වරප්‍රසාදය ලබා දෙයි.”යැයි කියා සිටියාය.
මේවන විට මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ සභාපති ලෙස හිටපු ශ්‍රී ලංකා නායක කුමාර් සංගක්කාර කටයුතු කරන අතර සංගක්කාරට දෙවන ධූර කාලය සඳහා මේවන විට ආරාධනා කර ඇති අතර ඔහුගේ සේවය 2021 සැප්තැම්බර් 30 වැනි දා දක්වා ක්‍රියාත්මකය.