Mrs. World 2021 තරඟය ලංකාවට අහිමි වෙයි

Mrs. World 2021 තරඟය ලංකාවට අහිමි වෙයි
Spread the love

මෙම වසරේ දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ Mrs. World 2021 තරඟය මෙරට COVID-19 තත්ත්වය හේතුවෙන් ලාස් වේගාස් වෙත මාරු කළ බව උත්සව සංවිධායක චන්දිමාල් ජයසිංහ මහතා පවසනවා.

චන්දිමාල් ජයසිංහ මහතා කියා සිටියේ සෞඛ්‍ය අවදානම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ උත්සව සහ රැස්වීම් තහනම් කර තිබූ හෙයින් Mrs. World 2021 තරඟය සඳහා වූ උත්සව ප්‍රවර්‍ධනයන් ආරම්භ කිරීමට නොහැකි වූ බවයි. කෙසේ වෙතත්, 2022 දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ තරඟය පැවැත්වීමට බලාපොරොත්තු වන බව ද ඔහු පැවසුවා.