‘PBට කොවිඩ් ඉවර වුණාට සෞඛ්‍ය සේවයට කොවිඩ් ඉවර නෑ‘

‘PBට කොවිඩ් ඉවර වුණාට සෞඛ්‍ය සේවයට කොවිඩ් ඉවර නෑ‘
Spread the love

කොවිඩ් වසංගතය පාලනය කළ බව පෙන්වීම සදහා රජයේ ඇතැම් පාර්ශවයන්වල අවිද්‍යාත්මක හැසිරීම කොවිඩ් ව්‍යාප්තිය වැඩිවීමට හේතු වී ඇතැයි පරිපූරක වෛද්‍ය  වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියයි.

එහි සභාපති රවී කුමුදේශ් මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයේ සදහන් වන්නේ ‍ මීට සතියකට පමණ පෙර 40-50 අතර පැවති මරණ සංඛ්‍යාව අද වන විට 67 ක් වී ඇති බවයි.

එම නිවේදනයේ මෙසේද සදහන් වේ ‘‘රෝහල් වල නිවැරදි ප්‍රතිකාර නොමැතිව මිය යන සංඛ්‍යාව ගණනය කළොත්, මේ සංඛ්‍යාව දෙගුණ තෙගුණ වේවි. මෙම මරණ වල වලක්වා ගත හැකි මරණ විශාල ප්‍රමාණයක් තියනවා. රෝගීන් ප්‍රමාණය දිනපතා වැඩිවෙනවා. මේ වැඩි වෙන්නේ තමන් විසින්ම ලෙඩේ හොයාගෙන රෝහලට එන සංඛ්‍යාව මිස හඹාගෙන ගිහින් හොයන අය හෝ අහඹු පරීක්ෂණ මගින් හොයන ඒවා නොවේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය පරීක්ෂණ කරන විදිහට 80%කට වඩා ඉන්න රෝග ලක්ෂණ නොමැති ආසාදිතයන් හමුවෙන්නේ නැහැ. ඒ අනුව අපි වාර්තා කරන රෝගීන් ප්‍රමාණය වගේ හතර පස් ගුණයක් රෝගීන් සමාජය තුළ ඉන්නවා.

PB ජයසුන්දර මහත්තයාට කොවිඩ් ඉවර වුණාට, සෞඛ්‍ය සේවයට කොවිඩ් ඉවර නෑ. ඇදං ගාණට වඩා හැම වාට්ටුවකම රෝගීන් ඉන්නවා. ඒ අතර සෞඛ්‍ය කාර්‍ය මණ්ඩලය සේරම එකවර රාජකාරී කරවන්න චක්‍රලේඛ ගහන්නේ, සෞඛ්‍ය සේවාවම අඩපණ කරන්නද කියලත් සැක හිතෙනවා‘ යැයි ද කුමුදේශ් මහතා කියයි.