PCR පරීක්ෂණ කරන්න තවත් පුද්ගලික රෝහල් 05කට අනුමැතිය

PCR පරීක්ෂණ කරන්න තවත් පුද්ගලික රෝහල් 05කට අනුමැතිය
Spread the love

රජයේ රෝහල් පහක් සහ පෞද්ගලික රෝහල් පහක් ඇතුළු රෝහල් 10කට පී.සී.ආර් පරීක්ෂණ කිරීම සදහා අනුමැතිය ලබා දී තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ  පර්යේෂණ හා පුහුණු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය සමන් රත්නායක මහතා පවසයි.  

මෙහි අරමුණ වන්නේ මේ වන විට සිදුකරන PCR පරීක්ෂණ ප්‍රමාණය වැඩි කිරීම බවයි රත්නායක මහතා සදහන් කළේ.

මේ වන විට දෛනික PCR පරීක්ෂණ ධාරිතාවය 13,000- 14,000 වන අතර ඉදිරියේදී එය 20,000 සීමාවට ගෙන ඒමට සැලසුම් කර ඇති බවත් ඒ සදහා නව තීන්දුව හේතු වන බවත් රත්නායක මහතා වැඩි දුරටත් සදහන් කළේය.

‘පී.සී.ආර් පරීක්ෂණ කිරීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අලුතින් අනුමැතිය ලබා දුන් රෝහල් 10 ද ඉදිරියේදී එම පරීක්ෂණ සඳහා එක් වූ විට අපේ ඉලක්කය කරා යාමට හැකි වේවි.  ඒ වගේම රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කිට් 100,000ක් පමණ රෝහල් අතර බෙදා දී තිබෙනවා. එම පරීක්ෂණය කෙනෙකුට සිදුකරනවාද ? නැද්ද? යන්න තීරණය කරනු ලබන්නේ රෝහල් බලධාරීන් විසිනුයි‘

මෙහිදී විශේෂඥ වෛද්‍ය සමන් රත්නායක මහතා කියා සිටියේ   රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කිට් දෙවන තොගයද ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ මත ලැබී ඇති අතර එයත් ඉදිරියේදී රෝහල් අතර බෙදා දෙන බවයි.